Category: සුපිරි Politics

  • කුරුණෑගල මහින්ද ගෙදර යයි. නායකත්වය අනුරට..

    ජනපති මහින්ද රාජපක්ෂ මහතා ද පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයට තරග කල  කුරුණෑගල දිස්ත්‍රික්කයට  නිදහස් පක්ෂයේ සභාපති ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින්  නව සංවිධායකවරු පත්කර තිබෙනවා..

    ජනාධිපතිවරයා ආසන හතක් සඳහා නව ආසන සංවිධායකවරුන් 7 දෙනෙකු හා දිස්ත්‍රික් සංවිධායකවරු 4 දෙනෙක් පත්කොට තිබෙන අතර දිස්ත්‍රික් නායක ලෙස අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා පත්කොට ඇති අතර ඔහු කටුගම්පල ආසන සංවිධායකවරයායි.

    යාපහුව ආසනයේ සංවිධායක ලෙස ටී.බී. ඒකානයක, දඹදෙණි ආසනයේ සංවිධායක ලෙස ශාන්ත බණ්ඩාර ,කුලියාපිටිය ආසනයේ සංවිධායක ලෙස අතුල විජේසිංහ ,ගල්ගමුව ආසනයේ සංවිධායක ලෙස තාරානාත් බස්නායක දොඩම්ගස්ලන්ද ආසනයේ සංවිධායක ලෙස නිමල් විජේසිංහ
    සහ මාවතගම ආසනයේ සංවිධායක ලෙස ඩබ්ලිව්. උපුල් ප්‍රියන්ත පත්කර තිබෙනවා.

    [rns_reactions]

  • පොලිස්පති පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට කන පැලෙන්න ගහයි!

    පාර්ලිමේන්තුවේදී බන්දුල ගුණවර්ධන මහතා පොලිස්පතිතුමා  පිළිබඳව අපුරු කතාවක් කළා.

    ඒ පොලිස් රජයක් යටතේ පොලිස්පති අනාගතයේ දවසක පාර්ලිමේන්තු මන්ත්‍රී වරුන්ගේ කනට පවා ගැසීමට ඉඩ තිබෙන බවයි.

    නමුත් බන්දුල ගුණවර්ධන මහතාගේ කතා පිළිබඳව ඔබ අපට කෙතරම් දුරකට විස්වාස තැබිය හැකිද යන්න නම් ගැටළු සහගත තත්වයකි. මොකද ඔහු ජනතාවට විහිලු සහගත දේශපාලනඥකු ලෙස  මෑත ඉතිහාසයේ පාර්ලිමේන්තුව තුල සහ ඉන් පරිභාහිරවත් කරන කියන ලද අමුලික බොරු එලි පිටම හෙළි වීමයි.

    ඔහු කරන ලද  ප්‍රකාශය පහතින්…..
    [rns_reactions]

  • අගමැතිට රතු එළියක්!

    යහපාලන ආණ්ඩුව නිවැරදි මාවතට ගෙන යාම සඳහා ජනාධිපතිවරයා දැඩි තීරණ ගත යුතු බව රාජ්‍ය අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා පවසනවා.

    එහිදී අග‍්‍රාමාත්‍යවරයා සම්බන්ධයෙන් වුවද ජනාධීපතිවරයා ඍජුව කටයුතු කළ යුතුව ඇති බවයි බදුල්ලේ පැවති උත්සවයකට එක්වෙමින් ඔහු කියා සිටියේ.

    අමාත්‍යවරයා සඳහන් කළේ අගමැතිවරයාට වුවද රෙඩ් කාඩ් පෙන්විය යුතු බවයි.

    වංචාකරුවන් ආරක්ෂා කිරීමට ජනාධිපතිවරයා ඉඩ නොතැබිය යුතු බවද රාජ්‍ය අමාත්‍යවරයා මෙහිිදී සඳහන් කළා.

    [rns_reactions]

  • විමල්, මහින්දගේ දිනේෂ්ගේ සහ වාසුගේ රෙදි ගලවයි.

    පසු ගිය දිනක මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු ඒකාබද්ද විපක්ෂයේ ඇතැම් සාමාජිකයන් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා හමුවී විමල් විරවංශ මහතා පිළිබඳව කතා කල බව ඒකාබද්ද විපක්ෂය විසින් කියා සිටියා. 

    නමුත් විරවංශ මහතා  ඒකාබද්ද සාමාජිකයන්ගේ හැසිරීම පිළිබඳව  නොසතුටකින් සිටි බවට ඊයේ(07) ඇප ලැබීමෙන් පසුව ඔහු  මාධ්‍යට අදහස් දැක්වීමේදී පෙනී ගියා.

    විරවංශ මහතා කියා සිටියේ “අධිකරණයෙන් ලැබුණු ඇප, ඒකේ ලකුණු දාගන්න කවුරු හරි බොරු ෂෝ දානවනම් මං හිතන්නේ ඒක පහත පෙලේ උත්සහයක්  බවයි” යනුවෙනි.
    [rns_reactions]

  • ජනපති පොරොන්දු වූ භාරය ඔප්පු කිරීම හෙට(09)…

    රටට වැසි ලැබී සෞභාග්‍යය උදාවේවායි ප්‍රාර්ථනය කරමින් පසුගිය වසරේ දෙසැම්බර් මාසයේදී සිදු කළ බාර හාර ඔප්පු කිරීමේ මහා මංගල්‍යයක්‌ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් මේ මස 09 වැනිදා ඉරිදා දිඹුලාගල, සොරිවිල ශ්‍රී මුත්තුමාරි අම්මාන් කෝවිලේ දී පැවැත්වීමට කටයුතු යොදා ඇත.

    එම අවස්‌ථාවට උතුරු මැද මහ ඇමැති පේෂල ජයරත්න, වාරිමාර්ග හා ජල කළමනාකරණ රාජ්‍ය ඇමැති වසන්ත සේනානායක යන මහත්වරුන් ඇතුළු පොලොන්නරුව දිස්‌ත්‍රික්‌කයේ පාර්ලිමේන්තු, පළාත් සභා මැති ඇමැතිවරුන් සහ පොලොන්නරුව දිස්‌ත්‍රික්‌ ලේකම් රංජිත් ආරියරත්න මහතා ප්‍රමුඛ රාජ්‍ය නිලධාරීහු රැසක්‌ ද සහභාගි වෙති.

    ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ පූර්ණ දායකත්වය ඇතිව පොලොන්නරු දිස්‌ත්‍රික්‌ ලේකම් කාර්යාලය මෙම පින්කම සංවිධානය කරයි.

    [rns_reactions]

  • පළාත් පාලන මැතිවරණය මෙම වසරේ පැවැත්වීමට නියමිතයි!

    නව පළාත් පාලන ඡන්ද ක‍්‍රමය ක‍්‍රියාවට නංවමින් පළාත් පාලන මැතිවරණය මෙම වසරේ පැවැත්විමට හැකිවනු ඇතැයි තමන් දැඩි ලෙස විශ්වාස කරන බව ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා පවසනවා.

     පිරිසිදු දේශපාලනයක් උදෙසා ආරම්භ කෙරුනු මාර්තු 12 ව්‍යාපාරය ඡන්ද දායකයින් දැනුවත් කිරීම සදහා දීප ව්‍යාප්තව ආරම්භ කරන ලද දැනුවත් කිරීමේ වැඩසටහනේ සමාප්ති උත්සවයට ඊයේ එක් වෙමින් ජනාධිපතිවරයා මේ බව කියා සිටියා.

     කොට්ඨාශ නීර්ණය කිරීමේ කමිටුවේ වගකීම නිසි ලෙස ඉටු නොවීම පළාත් පාලන මැතිවරණය කල් යාමට හේතු වූ බවද ජනපතිවරයා සඳහන් කළේය.

    [rns_reactions]

  • නාහිමිගේ අපවත්වීම විකුණා දේශපාලන වාසි ගත්ත පරාජිතයෙක්ගේ කතාව මෙන්න..

    අපවත් වී වදාල ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ උත්තරීතර මහා නායක අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය දවුල්දෙණ ඤාණිස්සර මහා නාහිමිපාණන් වහන්සේගේ ආදාහනෝත්සවය ඊයේ සවස පූර්ණ රාජ්‍ය ගෞරව සහිතව පැවැත්වූ නමුත් එහිදී මෙතෙක් ලංකා ඉතිහාසයේ කෙදිනකවත් දකින්නට නොලැබුණු ඉතාමත් අශෝබන අශීලාචාර ප්‍රදර්ශණයක් දකින්නට ලැබිණ.

    එනම් ලෝක බෞද්ධ ප්‍රජාවගේ පවා ගෞරවාදරයට පාත්‍ර වූ මහා නායක හිමි නමකගේ අපවත්වීම තමාගේ දේශපාලනයට ලකුණු දමා ගැනීමට අවස්ථාවක් කරගනිමින් මහින්ද රාජපක්ෂ විසින් පෝස්ටරයක් ප්‍රදර්ශනය කිරීමයි.

    මහානායක හිමියන්ට නිවන් සුව ලැබේවායි කියමින් මහින්ද රාජපක්ෂ නා හිමියන්ට වැඳ සිටින අයුරු විශාලව දක්වා පමණක් නොව මහා නායක හිමියන්ට පිදූ පිරිකරෙහි සේයාරුවක් පවා පසෙකින් විශාලව දක්වා මෙම අශීලාචාර පෝස්ටරය නිර්මාණය කර තිබෙනු දුටු බෞද්ධ ජනතාව ‘අනේ අපොයි‘ කීහ.

    මහා යතිවරයෙකුගේ අපවත්වීමකින් ලකුණු දමා ගැනීමට තමන් පිදූ පිරිකරද ප්‍රදර්ශනය කරමින් තමා විසින්ම පෝස්ටර් ගසා ගත් මහින්ද රාජපක්ෂ යනු වසලයෙකැයි බුදුන් වහන්සේ වදාළේ මෙසේය.

    “යමෙක් ඉතා හීනමානයෙන් යුක්තව තමා විසින් තමාව හුවා දක්වා ගනීද ඔහු වසලයෙකි..“

    (-බුදුන් වහන්සේ – සූත්‍ර පිටකය, බුද්දක නිකාය, සුත්ත නිපාතය, උරග වග්ගය, වසල සූත්‍රය, අංක 132

     

    [rns_reactions]

  • දියණිය උකසට තැබු විමල්ට ඇප – අනෙක් රැදවියනුත් ඇප ලබාගැනිමේ සුදානමක…

    දිගින දිගටම සිය දියණියගේ සෙෘඛ්‍ය තත්වය උකස් කරමින්  ඇප ඉල්ලු  විමල් වීරවංශ මීට නොබෝ වේලාවකට පෙර ඇප මත මුදා හැරුනු බව අපට වාර්තා වන අතර ඒ, කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්නගේ නියෝගයකට අනුව බව සදහන්.

    රුපියල් පනස් දහසක මුදල් ඇපයක් හා රුපියල් ලක්ෂ පහ බැගින් වූ ශරීර ඇප දෙකක් මත මන්ත්‍රීවරයා මුදා හැරීමටයි නියෝග කෙරුණේ.  ඊට අමතරව විදේශ ගමන් තහනමක් ද පණවා ඇත. 

    දියණියගේ සෞඛ්‍ය තත්වය සැලකිල්ලට ගෙන ඇප ලබාදීම සිදු කරන බවයි මහේස්ත්‍රාත්වරිය වැඩිදුරටත් කියා සිටියේ.

    [rns_reactions]

  • ආදර්ශවත් ශ්‍රේෂ්ඨ පඬිරුවනක් වූ ගෞරවනීය දවුල්දෙණ ඤාණීස්සර මහානායක හිමිපාණන්ගේ අපවත්වීම දැරිය නොහැකි පාඩුවක් බව ජනපති පවසයි

    මුළු මහත් බෞද්ධ සමාජයටම ආදර්ශවත් ශ්‍රේෂ්ඨ පඬිරුවනක් වූ ගෞරවනීය දවුල්දෙණ ඤාණීස්සර මහානායක ස්වාමින් වහන්සේගේ අපවත්වීම මෙරට භික්ෂු සමාජයට පමණක් නොව සමස්ත ලෝක බෞද්ධ සමාජයටම සිදුවූ දැරිය නොහැකි පාඩුවක් බවත්, උන්වහන්සේගේ අපවත්වීමෙන් සිදුවූ හිදැස පිරවීමට නොහැකි බවත් ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා පැවසීය.

    අපවත්වී වදාළ ශී‍්‍ර ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහානායක අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය දවුල්දෙණ ඤාණීස්සර මහානායක ස්වාමින් වහන්සේගේ ආදාහන පූජෝත්සවය රාජ්‍ය ගෞරව සහිතව අද (06) පස්වරුවේ කොළඹ නිදහස් චතුරස්‍රයේදී පැවැත්වුණු අතර එම ආදාහන පූජෝත්සවය අමතමින් ජනාධිපතිතුමා මේ බව ප‍්‍රකාශ කළේය.

    ගත වූ සියවසේ ශී‍්‍ර ලංකාවේ බිහි වූ අග‍්‍රගණ්‍ය සංස්කෘත භාෂා විශාරදයෙකු මෙන්ම පරමාදර්ශී සංඝ පීතෘවරයෙකු වන අප නාහිමිපාණෝ මුළු මහත් මානව සමාජය වෙත කරුණාව, මෛතී‍්‍රය, දයාව දැක්වූ ධර්මධර, විනයධර මහා යතිවරයාණන් වහන්සේ නමක් බව ද ජනාධිපතිතුමා සඳහන් කළේය.

    උන්වහන්සේගේ සිල්වත්භාවය, ඥානාන්විත භාවය, ගුණවත් භාවය මෙන්ම ධර්ම ශාස්ත‍්‍රීය ඥානයත්, පාණ්ඩිත්‍යයත් හේතුවෙන් ෂඩ්භාෂා පරමේෂ්වර, දෛවිභාෂා විශාරද, ශාසන කීර්ති වැනි මහා ගෞරවනීය සම්මාන රාශියකින් උන්වහන්සේ පිදුම් ලැබූ බව ද ජනාධිපතිතුමා සඳහන් කළේය.

    මෑත කාලය තුළ උන්වහන්සේ සමීපව ඇසුරු කිරීමට තමාට අවස්ථාව ලැබුණු බව ද සිහිපත් කළ ජනාධිපතිතුමා සියවසක් ඉක්මවමින්, අපවත්වන තුරුම මනා සිහිනුවණින් යුතුව සම්බුද්ධ ශාසනයත්, මුළු මහත් මානව සමාජයත් වෙනුවෙන් උන්වහන්සේ සිදු කළ කැපවීම අපරිමිත බව ද කියා සිටියේය.

    ත්‍රෛනිකායික මහා නායක ස්වාමීන් වහන්සේලා, අනුනායක ස්වාමින් වහන්සේලා ප‍්‍රමුඛ වන්දනීය මහා සංඝරත්නය ද, අන්‍යාගමික පූජකවරුන් ද, අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ, කථානායක කරූ ජයසූරිය, බුද්ධශාසන අමාත්‍ය විජයදාස රාජපක්ෂ, ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන යන මහත්වරුන් ඇතුළු මැති ඇමතිවරු, පළාත් ආණ්ඩුකාරවරු, ප‍්‍රධාන අමාත්‍යවරුන් ද, විදේශීය තානාපතිවරු, රාජ්‍ය නිලධාරින් ඇතුළු විශාල පිරිසක් ආදාහන පූජෝත්සවයට එක්ව සිටියහ.

    අපවත්වී වදාළ ශී‍්‍ර ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහා නායක අතිපූජ්‍ය දවුල්දෙණ ඥානීස්සර මහානායක ස්වාමින්ද්‍රයාණන් වහන්සේගේ ආදාහන පූජෝත්සවය අමතා ජනාධිපතිතුමා පැවැත්වූ කතාව (2017-04-06)

    අපේ රටේ මෑත භාගයේ ශී‍්‍ර සම්බුද්ධ ශාසනයට, සමස්ත මානව සමාජයට අපිරිමිත වූ උතුම් ශාසනික මෙන්ම සමාජයීය සේවාවක් ඉටුකළ ශී‍්‍ර ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහා නායක අතිපූජ්‍ය දවුල්දෙණ ඥානීස්සර මහානායක ස්වාමින්ද්‍රයාණන් වහන්සේගේ අපවත්වීම පිළිබඳ ශී‍්‍ර ලංකාවාසී ජනතාවත්, ශී‍්‍ර ලංකා ජන රජයත්, ඒ වගේම විදේශ රටවල සිටින ශී‍්‍ර ලාංකිකයින් මෙන්ම ලෝක බෞද්ධ ජනතාවත්, උන්වහන්සේ පිළිබඳ පැහැදීමක් හැඳිනීමක් ඇති සමස්ත ජනතාවගේ දැඩි සංවේගය සහ ශෝකය පළ කෙරෙන අවස්ථාවක් මේ අවස්ථාව.

    අපේ රටේ මහා සංඝ පීතෘවරුන් පිළිබඳ ඉතිහාසයේ තිබෙන මතක සටහන් සමග මේ වසර දහස් ගණනක කීර්තිමත් ඉතිහාසයේ ශ්‍රේෂ්ඨත්වය සහ විශිෂ්ටත්වය ගොඩනැගු, රාජ්‍ය රාජ මහාමාත්‍යවරුන්ගේ මෙන්ම එදවස, මෙදවස සෑම ක්ෂේත‍්‍රයකම නායකයින්ට, විද්වතුන්ට, උගතුන්ට, බුද්ධිමතුන්ට සෑම විටම උපදෙස් දුන්නේ අනුශාසනා ලබා දුන්නේ මග පෙන්වූයේ ගෞරවනීය මහා සංඝරත්නයයි.

    මෑත භාගයේ අපේ වන්දනීය, පූජනීය මහා සංඝරත්නයට මහා ශක්තියක් වෙමින්, ධෛර්යයක් වෙමින් මුළු මහත් ලෝක ජනතාවට මහා ආදර්ශවත් ශ්‍රේෂ්ඨ පඬිරුවනක් වූ ගෞරවනීය දවුල්දෙණ ඥානීස්සර මහානායක ස්වාමින් වහන්සේගේ චරිතය පිළිබඳව අපට බොහෝ දේ කථා කරන්න පුළුවන්කම තිබෙනවා.

    උන්වහන්සේගේ සිල්වත් භාවය, ඥානාන්විත භාවය, ගුණවත් භාවය, උන්වහන්සේගේ ධර්ම ශාස්ත‍්‍රීය ඥානය, උන්වහන්සේගේ මහා කරුණාව, උන්වහන්සේගේ පාණ්ඩිත්වය, පරිණතභාවය තුළින් උන්වහන්සේ ෂඞ් භාෂා පරමේශ්වර, භාෂා විශාරද, සාහිත්‍ය කීර්ති මෙවැනි මහා ගෞරවනීය සම්මාන රාශියකින් පුුද ලැබුවා.

    උන්වහන්සේගේ චරිතය තුළ තිබූ මහා ආදර්ශය අපේ බෞද්ධ ජනතාවට පමණක් නොව සමස්ත ලෝකයාටම මහා ආදර්ශයක්.

    මෑත දශක කිහිපය තුළ මා ඉතාමත් ළඟින් ඇසුරු කළ උන්වහන්සේ තුළ තිබූ ශාසනික, සමාජයීය කැපවීම සහ මුළු මහත් මානව සමාජය වෙනුවෙන් තිබූ කැපවීම අද මේ සිටින පූජනීය, වන්දනීය මහා සංඝරත්නය ප‍්‍රමුඛ අපි සෑම කෙනෙක්ම දැන හඳුනාගෙන තිබෙනවා.

    උන්වහන්සේ තුළ තිබූ මහා ධර්ම ඥානය, පාණ්ඩිත්‍ය ඒ වගේම වසර සීයක් ඉක්මවුව ද සෑම අංශයක් පිළිබඳවම උන්වහන්සේ තුළ තිබූ මතකය අපට උන්වහන්සේ පිළිබඳ කථා කරන විට, ගුණ ගයන විට අමතක කරන්න පුළුවන්කමක් නැහැ.

    දවුල්දෙණ ඥානීස්සර මහානායක ස්වාමින් වහන්සේගේ අපවත්වීම අපේ රටේ භික්ෂු සමාජයට මෙන්ම ලෝකයේ බෞද්ධ සමාජයට ඇතිවූ පුරප්පාඩුව, ඒ හිදැස පිරවීමට පුළුවන්කමක් ඇතැයි කියා මා විශ්වාස කරන්නේ නැහැ.

    උන්වහන්සේ අපවත්වන ඒ දවස, ඒ අවස්ථාව වන තෙක්ම උන්වහන්සේට උත්සවයක්, පිංකමක්, සමාජමය කටයුත්තක් සඳහා කෙනෙක් ආරාධනා කළහොත් උන්වහන්සේ දුර නොබලා, දුෂ්කරතාවය නොබලා, උන්වහන්සේගේ ශරීර සෞඛ්‍ය පිළිබඳ නොසලකා ඒ සෑම තැනකටම වැඩම කළා.

    උන්වහන්සේගේ මහා කාරුණික වූ හඬින් අනුශාසනා කරනු ලැබුවා. උන්වහන්සේගේ මහා සෙනෙහස, දයාව, කරුණාව, ආදරය මුළු මහත් සමාජයට දායාද කරනු ලැබුවා. ඒ නිසා අද වගේ දවසක උන්වහන්සේගේ අපවත්වීම පිළිබඳව එක් පැත්තකින් බෞද්ධයින් විදියට තවත් පැත්තකින් මුළු මහත් ලක්වැසි ජනතාව විදියටත් ඒ වගේම විදේශයන්හි සිටින උන්වහන්සේ දැන හඳුනන බෞද්ධ සහ බෞද්ධ නොවන සියලු ජනතාව අද දැඩි ලෙස ශෝකයට සහ සංවේගයට පත්ව සිටිනවා.

    මේ අවස්ථාවේ මම ශ‍්‍රී ලංකා ජනරජය වෙනුවෙනුත් සමස්ත ජනතාව වෙනුවෙනුත් උන්වහන්සේ අපවත්වීම පිළිබඳ දැඩි ශෝකය, සංවේගය ප‍්‍රකාශ කරමින් උන් වහන්සේට නිවන් සුව අත්පත් වේවායි ප‍්‍රාර්ථනා කරමින් කෙටි ගුණ කථනය අවසන් කරනවා.

    [rns_reactions]

  • විමල්ට ඇප ලැබෙයි.

    රජයේ වාහන අවභාවිතා කළැයි චෝදනා ලැබ සිටි  පාර්ලිමේන්තු මන්ත්‍රි  විමල් විරවංස මහතාට  ඇප දීමට  කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය නියෝග කළාය. රුපියල් පනස්දහස බැගින් මුදල් ඇපයක් ද ලක්ෂ පහ බැගින් ශරිර  ඇප දෙකක් මත ඔහු මුදා හැරිණි.

    විමල් විරවංශ මහතා අද පෙරවරුවේ පෙර ගිලන් රථයෙන් කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට රැගෙන එනු ලැබීය.

  • එකාබද්ධයේ කචල් නිසා මැතිසභය හෙට දක්වා කල්යයි..

    ලියාපදිංචි පක්ෂයක් නොව ඒකාබද්ධ විපක්ෂයට පාර්ලිමේන්තුවේ කාලය ලබාදීම සම්බන්ධයෙන් ඇතිවූ උණුසුම් වචන හුවමාරු හා නොසන්සුන්කාරී තත්ත්වය හමුවේ පාර්ලිමේන්තුවට හෙට දිනට කල් තබා තිබෙන බව අපට වාර්තා වේ.

    ඒකාබද්ධ විපක්ෂයේ කණ්ඩායම් නායක ලෙස හදුන්වාගන්නා පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා විසින් ජිනීවා මානව හිමිකම් යෝජනාව සම්බන්ධයෙන් අදහස් දැක්වීමට විනාඩි 30ක කාලයක් කථානායකවරයා විසින් ලබාදී තිබුණු අතර කතාකිරිමට තරම් අවශ්‍ය සාක්ෂි හෝ පදනමක් ඔහුුට නොතිබු බැවින් එම කාලය ප්‍රමාණවත් නොවන බව පවසමින් ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් කලහකාරී ලෙස හැසිරුණු අතර ඒ අනුව කථානායකවරයා විසින් පාර්ලිමේන්තුව හෙට දිනයට කල්තැබීමට තීරණය කළ බව සදහන්.

  • ජනපති නියමයෙන් නියඟයෙන් විපතට පත් ගොවීන්ට සිංහල අවුරුද්දට පෙර රු.10,000ක්

    ජනාධිපතිතුමාගේ නියෝගයකට අනුව මෙවර මහ කන්නයේ නියගය නිසා විපතට පත් ගොවිපවුල් සඳහා, එක් පවුලකට රු.10,000ක් බැගින් ‍විශේෂ මුල්‍ය සහනාධාරයක් 2017 අප්‍රේල් මාසය සඳහා ගෙවීමටත් සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර එම මුදල ලබා දීමටත් රජය තීරණය කොට තිබේ.

    මේ අනුව 2016/2017 මහ කන්නයේ වී වගා කොට නියගය නිසා වගා හානි වූ ගොවීන්ට ද නියගය නිසා වගා හානි වූ අනිකුත් බෝග වගා කළ ගොවීන්ට ද නියඟය නිසා වී වගා නොකල ගොවීන්ට ද මෙම මුදල ලැබෙනු ඇත.

    මෙම මුල්‍ය සහනාධාරය සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර එම ගොවි පවුල් වලට ලබා දීම සඳහා කඩිනමින් පිය‍වර ගන්නැයි ‍ජනපතිතුමන්ගේ උපදෙස් පරිදි කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක මහතා අදාළ අංශවලට උපදෙස් දී තිබේ.

    [rns_reactions]

  • වරද පිළිගත් දුමින්දට තවත් දඩුවමක්..

    වසර තුනකට අදාළ වත්කම් බැරකම් ඉදිරිපත් නොකිරිමේ චෝදනාවට අදාළ නඩුව අද කැදවු අවස්ථාවේ භාරත ලක්ෂ්මණ් ප්‍රේමචන්ද්‍ර ඝාතන නඩුවෙන් මරණ දඩුවම නියමවි සිටින දුමින්ද සිල්වා හට තවත් දඩුවමක් නියම කර ඇති බව අපට වාර්තා වේ.

    ඒ අනුව එම චෝදනාවට වරද පිළිගත් ඔහුට ලංකා මුදලින් තුන් දහසක දඩ මුදලක් නියම කර ඇති බව සදහන්.

     

    [rns_reactions]

  • ජනාධිපති බලතල රටට අවශ්‍යයයි – මහ නාහිමිවරු ජනපතිට ලියති…

    දැනට අර්බුදයක් නිර්මාණය වි අැති උතුරු නැගෙනහිරට දේශපාලන විසඳුමක් සෙවීමට නම් ජනාධිපති බලතල තවදුරටත් ආරක්ෂා විය යුතු යැයි සියම් නිකායේ මල්වතු අස්ගිරි දෙපාර්ශ්වය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට ලිඛිතව දන්වා තිබේ. 

    උභය මහාවිහාරයන්හි ලේඛකාධිකාරී ස්වාමින් වහන්සේලාගේ අස්සනින් යුතුව සැකැසූ මෙම ලියැවිල්ල ඉදිරිපත් කර ඇත්තේ ජනාධිපතිවරයා හදිසියේම අද පෙරවරුවේ මහනුවරට පැමිණ ජනාධිපති නිල නිවෙසේදී ජ්‍යෙෂ්ඨ කාරක සංඝ සභික හිමිවරුන් හමු වූ අවස්ථාවේදීය. 

    මල්වතු අස්ගිරි මහා නාහිමිවරුන්ගේ උපදෙස් පරිදි ආචාර්ය මැදගම ශ්‍රී ධම්මානන්ද අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ ලේඛකාධිකාරි හිමියන්ගේ හා ආචාර්ය පහමුණේ ශ්‍රී සුමංගල අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ වැඩබලන ලේඛකාධිකාරී හිමියන්ගේ අස්සන් යුතුව නිකුත් කර ඇති මේ ලියැවිල්ල රටේ පවතින සමාජ, ආර්ථික හා දේශපාලනික වශයෙන් වැදගත් කරුණු 21 කට අදාළව යෝජනාවලියක් ලෙස සකස් කර ඇත.

    [rns_reactions]

  • ජාත්‍යන්තර වෙසක් උළෙලට සමගාමීව විහාරස්ථාන සඳහා පූජා ඔප්පු ලබාදීමේ වැඩසටහනක්..

    මෙම මැයි මාසයේ ශී‍්‍ර ලංකාවේදී අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්වීමට නියමිත 2017 ජාත්‍යන්තර වෙසක් උළෙලට සමගාමීව දිස්ති‍්‍රක්ක 16 ක විහාරස්ථාන 60 ක් සඳහා පූජා ඔප්පු ලබාදීමේ වැඩසටහනක් ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන්  ජනාධිපති කාර්යාලයේ දී සිදු විය.

    රජයේ ඉඩම්වල පිිහිටා ඇති විහාරස්ථානවල අයිතිය සුරක්ෂිත කිරීම උදෙසා එම විහාරස්ථානවල විහාරාධිපති ස්වාමින් වහන්සේලා සහ ශිෂ්‍ය භික්ෂුන් වහන්සේලා වෙත විහාරස්ථානවල නිරවුල් අයිතිය ලබාදෙමින් රජයේ ඉඩම් ආඥාපනත යටතේ සකස් කරන ලද පූජා ඔප්පු මේ අනුව සඟ සතු කොට පූජා කිරීම සිදු විය.

    ගරු ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි බුද්ධශාසන අමාත්‍යාංශයේ සහ බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවේ සහයෝගයෙන් ඉඩම් අමාත්‍යාංශය හා ඉඩම් කොමසාරිස් ජනරාල් දෙපාර්තමේන්තුවේ මෙහෙයවීමෙන් වැඩසටහන සංවිධානය කර තිබුණි.

    කෝට්ටේ ශී‍්‍ර කල්‍යාණි සාමගි‍්‍ර සංඝ සභාවේ මහානායක ආචාර්ය පූජ්‍ය ඉත්තෑපානේ ධම්මාලංකාර නායක ස්වාමින් වහන්සේ ප‍්‍රමුඛ මහා සංඝරත්නය ද, ඉඩම් අමාත්‍යාංශයේ ලේකම් අයි.එච්.කේ. මහානාම, ඉඩම් කොමසාරිස් ජනරාල් ආර්.එම්. චන්ද්‍රා හේරත් යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    [rns_reactions]

  • මැතිසභයේ කිරිඇල්ලගේ කාර්යාල නඩත්තුවට ලක්ෂ 363ක් – දෙයියෝ සාක්කි..

    එජාප රජයේ  මැතිසභයේ ලක්ෂ්මන් කිරිඇල්ලලේ සභානායක කාර්යාලයේ නඩත්තුව සදහා පමණක් ලක්ෂ 363ක් වැයවන බව අපට වාර්තා වේ. පුද්ගලික පඩිනඩි සදහා 25 900 000ක් වැයකර ඇති අතර ඔහුගේ කාර්ය මණ්ඩලයේ ප්‍රමාණය 28ක් බව වාර්තා වේ.. මෙම වාර්තාවන් මාධ්‍යයට පැමිණිමත් සමග ඇමති කිරිඇල්ල මහත් කලබලයට පත්ව ඇති අතර ජනතා මුදල් මෙලෙස නාස්ති කරමින් එජාප ඇමතින් විසින් සිදුකරනු ලබන ක්‍රියාවන් ජනතාවගේ  අප්‍රසාදයට ලක්ව ඇත.

    [rns_reactions]