Category: සුපිරි Politics

  • අනුර කුමාර හොට බිම ඇනගත් කථාවක්! (Video)

    ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පසුගියදා පාර්ලිමේන්තුවේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී මලිත් ජයතිලක මහතා නොමැති අවස්ථාවක ඒ මහතාට දරුණු කුමන්ත්‍රණ චෝදනාවක් එල්ල කරන ලදී. එහිදී ඔහු සුපුරුදු දැඩි විලාශයෙන් යුතුව ගෙන හැර දැක්වීමට උත්සහ කරන ලද්දේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට සමීප මන්ත්‍රීවරයෙකු වන මලිත් ජයතිලක මහතා තම බලය යොදාගනිමින් අපරාධ කරුවකු බේරාගැනීමට උත්සහගන්නා බවත්, සිදුකෙරෙමින් පවතින පරීක්ෂණ වෙනතකට යොමුකිරීමට බලපෑම් කරන බවත්ය.

    එහෙත් සිදුව ඇත්තේ අපුරු සිදුවීමකි. එනම් අරලිය ගහ මන්දිරයේ ශානි පුමුඛ කල්ලියක උවමනාව මත ගිලින ලද ඇමයක ප්‍රතිථලයක් ලෙස ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මහා කුමන්ත්‍රණයක් විලාසයෙන් ලෙස එලිදක්වන ලද කථා වස්තුව පැය 24ක් ගතවීමටත් මත්තෙන් පාළු ගෙයි වළං බින්ද ගොනා සේ ශ්‍රීලනිප මන්ත්‍රී මලිත් ජයතිලකගේ පිළිතුරු කථාවත් සමඟ නිහඬව නෑ සුනා සේ සිටීමටයි.

    පොට පටලවා ගත් අනුර කියූ අන්දරය

    පසුගිය රාජපක්ෂ පාලන සමයේ නාවික හමුදාපතිවරයා වූ වසන්ත කරන්නාගොඩගේ පුද්ගලික ආරක්ෂකයෙකු වූ සම්පත් මුණසිංහ හෙවත් නේවි සම්පත් විසින් කප්පම් ගැනීම සඳහා පැහැරගෙන ගොස් ඝාතනය කළ තරුණයින් පස්දෙනාගේ පරීක්ෂණ යටපත් කිරීම සඳහා ශ්‍රීලනිප මන්ත්‍රී මලිත් ජයතිලක විසින් පොලිස්පතිවරයාටත් එම පරීක්ෂණ භාරව කටයුතු කරන නිලධාරීයාටත් බලපෑම් කළ බවයි.

    පැය 24ක් යෑමටත් මත්තෙන් අනුරගේ අන්දරය අතේ රෝලක් වුණු හැටි

    තමා පාර්ලිමේන්තුවේ නොමැති අවස්ථාවකදී ආචාරධර්ම පයියකටත් මායිම් නොකරමින් අනුර කුමාර දිසානායක සිදුකළ කථාවට ඊට පසුදාම පිළිතුරු දීමට ශ්‍රීලනිප මන්ත්‍රී මලිත් ජයතිලක පැමිණියේය.

    ඔහු ජවිපෙ නායක අනුර කුමාර පොට පටලවමින් ගැසූ අන්දරයේ නියම කථා වස්තුව නම් ගම් සහිතව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී. එහිදී පා.ම. මලිත් ජයතිලක විසින් එවක නාවික හමුදාපතිගේ පුද්ගලික ආරක්ෂකයා වූ නේවි සම්පත්ගේ මෙහෙයවීමෙන් කප්පම් ගැනීම සඳහා ඝාතනය කරන ලද තරුණයින්ගේ පරීක්ෂණවලින් කුප්‍රකට මිනීමරුවකු වන නේවි සම්පත්ව මුදාගැනීම සඳහා ඔහුට එල්ල වී ඇති එම ඝාතන චෝදනා නාවික බුද්ධි අංශ නිලධාරීයෙකු වන ලුතිනන් කමාන්ඩර් ධම්මික අනිල් මාපාගේ පිට පැටවීමට යන සැලැස්ම පිටුපස වූ බිහිසුණු කුමන්ත්‍රණය පිළිබඳව සාක්ෂි සහිතව පාර්ලිමේන්තුව හමුවේ කරුණු ඉදිරිපත් කරන ලදී. (වීඩියෝ පටය බලන්න )

    ඒත් සමඟම අතේ පත්තු වුණු අනුරගේ අන්දරය හමුවේ අනුර කුමාර ‘හ්ම්..’ ශබ්දයක් පිට කිරීමට ගියේ නැත. ඔහුට ඉතිරි වූයේ පා.ම. මලිත් ජයතිලකගේ හැන්සාඩ් එක දෙස බලා කෙකර ගෑමටය.

    ජනපති මෛත්‍රීට එරෙහි අරලියමන්දිරයේ කුමන්ත්‍රණය

    මේ වන විට එජාපයට අරක්ගත් අරලිය ගහ මන්දිරයේ කල්ලියට ඇති ප්‍රධානම හිසරදය සහ බාධාව ජනපති මෛත්‍රීට අතිශයින් හිතවත්, ඔහුට අවංකවම ආදරය කරන පිරිස්ය. ඒ ඔහුන්ට අවශ්‍ය පරිදි කුප්‍රකට කොල්ලකෑම්(මහ බැංකු බැඳුම්කරය වැනි), ජාතික සම්පත් කුණුකොල්ලයට හොරෙන් විකුණාගැනීම් (හම්බන්තොට වරාය වැනි )දේ සඳහා මෙම පිරිස් නිසාවෙන් ඉල්ලවන පීඩනයත්, දේශපාලන බුද්ධි අංශයක් ලෙස ක්‍රියාත්මක වෙමින් සියලු දේ ජනාධිපතිවරයාට වාර්තා කිරීමත් නිසාවෙනි. මේ නිසාවෙන්ම අරලිය ගහ මන්දිරයේ කල්ලියේ ප්‍රධානම කර්තෘවය වී ඇත්තේ ජනාධිපතිවරයා වටා සිටින මෙම ප්‍රධාන කණ්ඩායමේ චරිත ඝාතනයත් ඔවුන්ට එහිදී කුමන්ත්‍රණ නිර්මාණය කොට ඒවා විවිධ පැතිකඩ ඔස්සේ විකාශනය කිරීමත්ය.

    එහෙත් සැබැවින්ම බොහෝ දෙනෙකුට එකවර විශ්වාස කළ නොහැකි ඒත් අවාසනාවට ඇත්ත කථාව නම් මෙම කොන්ත්‍රාත්තුවට කරගසා සිටින්නේ ජ.වි.පෙ. නායක අනුර කුමාර දිසානායක වන බව ඔහු විසින්ම දිනෙන් දින ඔප්පු කරමින් සිටීමයි.

  • මාමයි බෑනයි නිසා ඊපීඑෆ් පාඩුව කොටි 950යි.

    සේවක අර්ථසාධක අරමුදලේ ප්‍රශ්නගත භාණ්‌ඩාගාර බැඳුම්කර ගනුදෙනුවලින් සේවක අර්ථසාධක අරමුදලට රු. කෝටි 950 ක පමණ අතිවිශාල අලාභයක්‌ සිදුව ඇතැයි මහ බැංකුව විසින් සිදුකළ අභ්‍යන්තර පරීක්‍ෂණයක්‌ මගින් හෙළිදරව් කරගෙන ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්‌ඩල ආරංචි මාර්ග පවසයි.

    ඉකුත් මාර්තු 23 දින පැවැති මුදල් මණ්‌ඩල රැස්‌වීමට අදාළ අභ්‍යන්තර පරීක්‍ෂණ වාර්තාව ඉදිරිපත්ව ඇති අතර එම වාර්තාව මගින් එම අර්ථසාධක අරමුදලේ බැඳුම්කර ගනුදෙනුවලින් රු. කෝටි 950 ක පමණ අලාභයක්‌ සිදුව ඇතැයි මුදල් මණ්‌ඩලයට නිල වශයෙන් දැනුම් දී ඇතැයි ද වාර්තා වේ.

    මහ බැංකුවේ සහකාර අධිපති කුමුදුනී සරවනමුත්තු මහත්මියගේ නායකත්වයෙන් යුතුව මෙම විශේෂ අභ්‍යන්තර පරීක්‍ෂණය සිදුකෙරුණු අතර එමගින් 2015 සහ 2016 යන වසර දෙකේ රජයේ සුරැකුම්පත්වල අර්ථසාධක අරමුදල විසින් සිදුකළ ගනුදෙනු පිළිබඳව පරීක්‍ෂණ සිදුකරන ලදී.

    මෙම අභ්‍යන්තර පරීක්‍ෂණයේදී මෙම ගනුදෙනුවලට මහ බැංකුවේ ප්‍රධාන නිලධාරීන් දෙදෙනකු සම්බන්ධ වී ඇති බව හඳුනාගෙන ඇති අතර ඔවුන් දෙදෙනොගේ නම් ද අදාළ අභ්‍යන්තර පරීක්‍ෂණ වාර්තාව මගින් මුදල් මණ්‌ඩලය වෙත වාර්තා කර තිබේ. එම නිලධාරීන් දෙදෙනාගෙන් එක්‌ අයකු මහ බැංකුවේ සහකාර අධිපතිවරයකු වන අතර අනිත් නිලධාරියා මහ බැංකුවේ අර්ථසාධක අරමුදල් දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකි.

    මේ නිලධාරීන් දෙදෙනා එක්‌තරා ප්‍රාථමික නියෝජිත ආයතනයක්‌ සමඟ අර්ථසාධක අරමුදලේ බැඳුම්කර ගනුදෙනු සිදුකිරීමට සෘජුවම සම්බන්ධ වී ඇති බවත් එම ගනුදෙනුවලින් සේවක අර්ථ සාධක අරමුදලට විශාල අලාභ සිදුව ඇති බවත් මහ බැංකුවේ අභ්‍යන්තර පරීක්‍ෂණ වාර්තාව මගින් මහ බැංකුවේ මුදල් මණ්‌ඩලයට දැනුම් දී තිබෙන බව ද දැනගන්නට ඇත.

    මෙම වාර්තාව මගින් හෙළිකර ඇති අර්ථසාධක අරමුදලේ දැවැන්ත අලාභයට සෘජුවම වගකිවයුතු බවට නිලධාරීන් දෙදෙනකු හඳුනාගෙන ඇති බැවින් වහාම එම නිලධාරීන් දෙදෙනාගේ වැඩ තහනම් කොට විනය ක්‍රියාමාර්ග ගත යුතු බවට ඉකුත් බ්‍රහස්‌පතින්දා (23 දා) මුදල් මණ්‌ඩල රැස්‌වීමේදී නිහාල් ෆොන්සේකා සහ ක්‍රිෂාන්ත පෙරේරා යන මුදල් මණ්‌ඩල සාමාජිකයන් ඉල්ලීම් කර තිබුණත් මුදල් අමාත්‍යාංශ ලේකම් ආචාර්ය ආර්. එච්. එස්‌. සමරතුංග මහතා සහ එම්. රාමනාදන් මහත්මිය මේ සම්බන්ධයෙන් නිහඬ පිළිවෙතක්‌ අනුගමනය කර ඇති බව ද මුදල් මණ්‌ඩල ආරංචි මාර්ගවලින් පැවසේ. අවසානයේ රටේ සේවක ප්‍රජාවගේ විශාලතම අරමුදලට සිදුකළ දැවැන්ත අලාභයක්‌ හමුවේ පවා මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්‌වාමි මහතා අදාළ නිලධාරීන් සම්බන්ධයෙන් සැහැල්ලු පිළිවෙතක්‌ අනුගමනය කිරීමට තීරණය කර ඇතැයි ද ඒ අනුව අදාළ සහකාර අධිපතිවරයාගේ සහ අර්ථසාධක අරමුදලේ නිලධාරියාගේ වැඩ තහනම් නොකර ඔවුන් එම තනතුරුවලම තබාගෙන ඔවුන්ගෙන් නිදහසට කරුණු විමසීමට තීරණය කර ඇතැයි ද වාර්තා වේ.

    මෙතරම් විශාල මූල්‍ය අක්‍රමිකතාවකට සම්බන්ධ බවට මහ බැංකුවේම අභ්‍යන්තර පරීක්‍ෂණ වාර්තාවකින් පැහැදිලිව චෝදනා එල්ල වී තිබියදීත් වත්මන් මහ බැංකු අධිපතිවරයා මෙවැනි පිළිවෙතක්‌ අනුගමනය කිරීම මහ බැංකුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ ඉමහත් විමතියට හේතු වී ඇති බව ද මහ බැංකුවේ අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් ‘දිවයින’ ට වාර්තා වේ.

  • ජනාධිපතිවරණ සමයේ රත්නපුර වේදිකා මිනීමැරුම් නඩුවේ සාක්කි විභාගය හෙට සිට

    2015 ජනපතිවරණ සමයේ මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ ප‍්‍රචාරක රැළියකට කඩාවැද සැරසිලි කඩා දමා වෙඩි තබා පුදගලයෙකු ඝාතනය කිරීම සම්බන්ධව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ වත්මන් රත්නපුර දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී ප්‍රේමලාල් ජයසේකර, සබරගමු පළාත් සභාවේ වත්මන් මන්ත‍්‍රී අරුණ නිලන්ත ජයසිංහ ඇතුළු විත්තිකරුවන් හත් දෙනෙකුට එරෙහි මීනීමැරුම් නඩුවේ සාක්කි විභාගය හෙට (27 වැනිදා) සිට ඉදිරියට රත්නපුර මහාධිකරණයේ දී පැවැත්වීමට නියමිතය.

    ඒ අනුව මාර්තු 27, 28 සහ 29 යන දින තුනේදී නඩු විභාගය පැවැත්වීමට නියමිතය.

  • ජනපති හදිසියේම මහඇමතිවරු කොළඹට කැඳවයි.

    එක්සත් ජනතා නිදහස් සන්දානයට බලය හිමි පළාත් සභා 7හි මහඇමතිවරුන් හදිසියේම කොළඹට කැදවීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කටයුතු කර ඇත.

    ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් කොළඹ ජනාධිපති නිල නිවසේදී අද රාත්‍රී 7 ට පැවැත්වෙන විශේෂ සාකච්ජාවක් සඳහා මෙම මහ ඇමතිවරුන් කැඳවා ඇතැයි වාර්තා වේ.

    ඉදිරි මැතිවරණ කටයුතු සහ පලාත් සංවර්ධන කටයුතු පිළිබඳ විශේෂ කරුණු කිහිපයක් මෙහිදි සාකච්ජා කිරීමට නියමිතව ඇති බවට තොරතුරු අනාවරණය වී ඇත.

  • තම පක්ෂය පිළිබඳව මර්වින් මොනවද කිව්වේ..(video)

    නව පෙනුමකින් පැමිණි මර්වින් සිල්වා මහතා තමා ගොඩනැගීමට බලාපොරොත්තු වන නව පක්ෂය පිළිබඳව අදහස් දැක්වුවා. එහිදී ඔහු සඳහන් කලේ බැසිල් රාජපක්ෂ තම දේශපාලන ජීවිතය විනාස කල බවත්, එක්සත් ජාතික පක්ෂය හැරයාම පිළිබඳව තමා කණගාටු වන බවත්ය

  • කඩුවක් සොයා මහින්ද සිදුකල අජුත වැඩවල ඔබ නොදත් ඇත්ත මෙන්න…..

    පසුගිය මහින්ද පාලන සමය තුල දුටුගැමුණු රජතුමාගේ කඩුව සොයමින් මහින්ද ප්‍රමුඛ රෙජීමය සිදුකල අකටයුතුකම් රාශියක් මේ වනවිට අනාවරණය වෙමින් පවතී. මේ කතාව යලිත් කරලියට පැමිණෙන්නේ රුසියානු සංචාරයක නිරත ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට රුසියාවෙන් ඉපැරණි කඩුවක් තිලිණයක් වශයෙන් ලබාදීමත් සමගය.

    මේ තිළිණයක් සමගින් මහින්ද බොහෝසේ කලබල වී ඇත. එම කඩුවේ ඡායාරූප පරික්ෂාකරමින් සිටින මහින්දට ඇති ගැටලුව අන් කිසිවක් නොව මෙය තමා සෙවූ කඩුවද යන්නය. කෝට්ටේ පන්සලක ස්වාමින් වහන්සේ නමක් කපාකොට ඝාතනය කර පන්සලේ නිධන් වස්තු සොරගැනීමේ රුවන්වැලි මහා සෑය අසල භුමිය කැනීම් කිරීමට තැත්කිරීම මුල්ලේරියාවේ ඉතිහාසගත වෙල්යාය ඩෝසර් කිරීමට තැත්කිරීම යනාදී සිදුවීම් ජන අප්‍රසාදයට පත්වූ මහින්ද මෙවර කරකියාගන්නට නොහැකිව බලාසිටින්නේ යම්හෙයකින් රුසියාවෙන් ලැබූ එම කඩුව දුටුගැමුණු රජුගේ කඩුව වුවහොත් අතිගරු ජනාධිපතිතුමා ලංකාවේ රජු බවට පත්වන නිසාවෙනි.

    ලංකාවේ ඉතිහාසය තැන්පත් කර තිබු කෞතුකාගාරය කඩා බිද දමා නිදන් වස්තු සෙවීමට තරම් මහින්ද සැහැසි විය. රජ පිස්සුව ඔලුවේ දමාගෙන පුතුන් එක්ක පිස්සු කෙලපු මහින්ද ජනවාරි 08 ලත් පරාජය සමස්ත ජාතියේම ජයග්‍රහණයකි.

  • විමල් වෙනුවෙන් මහින්ද පෙනී නොසිටි..(video)

    කෝටි නවයකට ආසන්න මුදලක් වංචා කිරීම හේතුවෙන්  රක්ෂිත බන්දනාගාර ගත කර ඇති විමල් විරවංශ මහතා මේ වන විට මාරාන්තික උපවාසයක නිරත වේ. මිට පෙර අවස්ථාවකදීත් ලේමන්පෆ් කකා උපවාස කල විමල් විරවංශ මහතා බැලීමට ගිය මහින්ද රාජපක්ෂ මහතා තැබිලි වතුර පොවා එම මාරාන්තික උපවාසයෙන් බේරා ගත් බව අප ඔබ කවුරුත් හොදින් දන්නා කාරණයකි. 

    නමුත් මෙම අවස්ථාවේදී නම් එසේ නොකරන බව  මහින්ද රාජපක්ෂ මහතා අද දින ප්‍රකාශ කලා.එතුමන් කියා සිටියේ “දැන් වෙන කට්ටිය ඉන්නවනේ එතුමව නැගිට්ටවන්න” යනුවෙනි  

    එමෙන්ම තම ප්‍රචාරණ කටයුතු සඳහා  රුපවාහිනී සංස්ථාව වෙත රුපියල් ලක්ෂ 1600ක මුදලක් ගෙවීම පැහැර හැර  සිටීම සම්බන්දයෙන් එතුමා කියා සිටියේ ඒ සම්බන්දව තමන්ට කිසිදු වගකීමක් නැතැයි  යනුවෙනි.

  • හොරු ඇල්ලුනද..?? අපි ඇන්දුනද..?? මන්දා නේද..

    77 වන පාකිස්තාන ජාතික දිනය වෙනුවෙන් සැමරුම් උත්සවයක් ඊයේ කොළඹ කිංස්බරි හෝටලයේදී පැවැත්විණි. රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය, එජාප මහලේකම් කබීර් හෂිම් මහතා එහි ප්‍රධාන ආරාධිතයා වශයෙන් සහභාගී වු අතර හිටපු ජනාධිපති සහ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂද ඊට සහභාගී සිටියහ.

    එහිදී හිටපු ජනාධිපතිවරයාව දුටු එජාප මහලේකම් කබීර් හෂිම් මහතා දරා ගත නොහැකි තරමේ සතුටකින් යුතුව මහින්ද රාජපක්ෂ මහතා පිළිගත් අයුරු අමාත්‍ය කබීර් හසීම් මහතාගේම ෆේස්බුක් පිටුවේ මෙසේ පළකර තිබිණ.

    මෙය දුටු අපට මතක් වූයේ පසුගිය මැතිවරණයේ එජාපයේ ප්‍රධාන මාතෘකාව වූ රාජපක්ෂ පක්ෂ රෙජීමයේ හොරු අල්ලනවා කියූ කතාවයි.

    එනිසා මෙය දකින්න යහපාලනයට ඡන්දය දුන් ඡන්ද දායකයින්ට ඔවුන්ගෙන්ම අසාගැනීමට ඇත්තේ “හොරු ඇල්ලුනද..? නැත්නම් අපි ඇන්දුනද..?” කියාය.

  • ලෙමන් පෆ් විමලේ බන්ධනාගාරය තුල අමුතු සෙල්ලමක – ඇතුලාන්තය මෙන්න…

    රජයේ වාහන අව්භාවිතා කිරීමේ චෝදනාවට වරදකරු වෙමින් බන්ධනාගාර ගත කල විමල් වීරවංස මේ වනවිට බන්ධනාගාරය තුල අමුතු මාදිලියේ සෙල්ලමක් ආරම්භ කර ඇති බව අපට වාර්තා වේ.

    ජලය ප්‍රතික්ෂේප කරන විමලේ තැබිලි වතුර පානය කිරීමට දැඩි රුචිකත්වයක් දක්වන බව අපට වාර්තා වේ.තැබිලි වතුර වලට ග්ලුකෝස් මිශ්‍ර කරමින් විටින් විට පානය කරන මොහු මාධ්‍ය පැමිණි විට තම දුර්වලතාවය පෙන්වීම සදහා නිදිපෙතිද පානය කරන බව වාර්තා වේ.

    කෙසේවෙතත් මාධ්‍ය හමුවේ විමල්ගේ නෑයන් සිදුකරන රංගනය නිසාවෙන් ජනතාවට විමල්ව වඩාත් අප්‍රසාදයට පත්ව ඇත. පසුගිය දිනක ප්‍රසිද්ධ රුපවාහිනි නාලිකාවක් විමල්ගේ උපවාසය පිලිබදව ජනතාවගෙන් සිදුකල අදහස් විමසීමකදී ලබාදුන් ජනතා ප්‍රතිචාර මගින් මෙම තත්වය වඩාත් පැහැදිලි වී ඇත.

  • සෝවියට් දේශයට සපැමිණි ජනපති මෛත්‍රීට සුවිශේෂී පිළිගැනීමක්…..

    දශක හතරකට පසුව ශී‍්‍ර ලංකා ජනාධිපතිවරයෙකුට රුසියාවේ නිල සංචාරයක් සඳහා ආරාධනා ලැබුණු පළමු අවස්ථාව සනිටුහන් කරමින් රුසියාවේ තෙදින නිල සංචාරයක නිරත ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා සහ රුසියානු ජනාධිපති ව්ලැඩ්මීර් පුටින් මහතා අතර නිල හමුව (23) පස්වරුවේ සිදු විය.

    රුසියානු ජනාධිපතිවරයාගේ නිල මන්දිරය වන ක්‍රෙම්ලින් මන්දිරය වෙත පැමිණි ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාව රුසියානු ජනාධිපති ව්ලැඩ්මීර් පුටින් මහතා විසින් ඉතා උණුසුම් ලෙස පිළිගනු ලැබීය.

    උණුසුම් පිළිගැනීමකින් අනතුරුව දර්ශනීය පෙරහැරකින් ව්ලැඩ්මීර් පුටින් මහතා විසින් ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාව ක්‍රෙම්ලින් මන්දිරය වෙත කැඳවාගෙන යනු ලැබීය.‍

    රාජ්‍ය නායක දෙපළ අතර පැවති සුහද කථා බහෙන් අනතුරුව ද්වි පාර්ශ්වික සාකච්ඡා ආරම්භ කෙරිණි.

    ශ‍්‍රී ලංකා-රුසියානු ද්වි පාර්ශ්වික සබඳතාවලට 60 වසරක් සපිරෙන මෙම අවස්ථාවේ සිදුවූ මෙම හමුව පිළිබඳ මෙහිදී සිය සතුට පළ කළ රුසියානු ජනාධිපති ව්ලැඩ්මීර් පුටින් මහතා දෙරටේ ආර්ථික, වෙළෙඳ මෙන්ම දේශපාලන සබඳතා තවදුරටත් ශක්තිමත්ව ඉදිරියට ගෙන යාමට කටයුතු කරන බව ප‍්‍රකාශ කළේය. එමෙන්ම ශී‍්‍ර ලංකාවට ලබාදිය හැකි සෑම සහයක්ම ලබාදීමට කටයුතු කරන බව ද පැවසීය.
    තම ආරාධනය පිළිගෙන රුසියාවේ නිල සංචාරයක නිරතවීම පිළිබඳව ව්ලැඩ්මීර් පුටින් මහතා මෙහිදී ජනාධිපතිතුමා වෙත සිය ස්තූතිය පළ කළේය.

    ගෝවා සමුළුවේදී කෙටි වේලාවක් තුළ ගොඩනැගුණු මිත‍්‍රත්වය මත මෙවන් නිල ආරාධනයක් සිදු කිරීම පිළිබඳ මෙහිදී රුසියානු ජනාධිපතිවරයා වෙත තම ස්තූතිය පළ කළ ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා ලොව බලවත් නායකයෙකුගෙන් හිමි වූ මෙම කුළුපඟ මිත‍්‍රශීලීත්වය පිළිබඳ තමා ඉතා ආඩම්බරවන බවත්, මෙම ආරාධනය දෙරටේ සබඳතා ශක්තිමත් කර ගැනීමට ලැබුණු අනර්ඝතම අවස්ථාවක් ලෙස සලකන බවත් කියා සිටියේය.

    ශී‍්‍ර ලංකා-රුසියා සබඳතා ආරම්භ වූයේ තම පක්ෂයේ නිර්මාතෘ එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක මැතිතුමාගේ මූලිකත්වයෙන් වන අතර එම සබඳතා තවදුරටත් ශක්තිමත් කරගනිමින් ඉදිරියට ගෙන යාම තම වගකීමක් ද වන බව ජනාධිපතිතුමා මෙහිදී සඳහන් කළේය. මීට දශක 04 කට පෙර තමා රුසියාවට පැමිණි අවස්ථාව ද මෙහිදී ජනාධිපතිතුමා ගෞරවයෙන් යුතුව සිහිපත් කළේය.

    ශී‍්‍ර ලංකාව සහ රුසියාව අතර ද්වි පාර්ශ්වික සබඳතා සවිමත් කෙරෙන අවබෝධතා ගිවිසුම් 04 කට ද අද රාජ්‍ය නායකයින් ඉදිරියේ අත්සන් තැබේ. රුසියාව සහ ශී‍්‍ර ලංකාව අතර ධීවර සහයෝගීතාවය ඉහළ නංවා ගැනීම පිළිබඳ අවබෝධතා ගිවිසුමකට, තාක්ෂණික සහයෝගිතා අවබෝධතා ගිවිසුමකට, සංස්කෘතික කටයුතු පිළිබඳ අවබෝධතා ගිවිසුමකට සහ සංචාරක කටයුතු පිළිබඳ අවබෝධතා ගිවිසුමකට මේ අනුව අත්සන් තැබෙනු ඇත.

  • ජනපති පුටින්ගෙන් ශ්‍රී ලංකා ජනපතිට සුවිශේෂී ඓතිහාසික තිළිණයක් (photos)

    රුසියාවේ තෙදින නිල සංචාරයක නිරත ජනාධිපති මෛත්‍රීපාල  සිරිසේන මහතා සහ රුසියානු ජනාධිපති ව්ලැඩ්මීර් පුටින් මහතා අතර නිල හමුව අද (23) පස්වරුවේ සිදු වූ අතර එම හමුවේ විශේෂ මතක සැමරුමක් ලෙස ව්ලැඩ්මිර් පුටින් මහතාගෙන් ජනාධිපති මෛත්‍රීපාල  සිරිසේන මහතා වෙත සුවිශේෂී තිළිණයක් පිරිනැමිණි.
     
    19 වන සියවසට අයත් මහනුවර යුගයේ රාජකීය කස්තානයක් මෙලෙස ව්ලැඩ්මිර් පුටින් මහතා විසින් ජනාධිපතිතුමා වෙත පිළිගැන්වූ අතර 1906 දී පමණ එංගලන්තය වෙත රැගෙන ගොස් ඇති මෙම කස්තානය එංගලන්තයේ පැවති Sotheby නම් කෞතුක භාණ්ඩ වෙන්දේසියේදී රුසියාව මිලදී ගෙන තිබේ. 
     
    දෙරට අතර සමීප සබදතාවය සංකේතවත් කරමින් එම ඓතිහාසික කස්තානය ජනාධිපති වැල්ඩිමිර් පුටින් මහතා විසින් ශ්‍රී ලංකා ජනාධිපතිතුමා වෙත මෙලෙස පිළිගන්වනු ලැබීය.

  • විමල්ට සහ දරුවන්ට අසාධ්‍යයි

    උපවාසයේ නිරත පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ ජලය පානය කිරීම ද මේ වන විට ප‍්‍රතික්ෂේප කර ඇති බව බන්ධනාගාර ආරංචි මාර්ග පවසයි. ඒ අනුව ඔහු අද උදෑසන ආහාරය ද නොගෙන ඇති අතර මන්ත‍්‍රීවරයාගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව බන්ධනාගාරයේ වෛද්‍යවරුන් නිරන්තර විමසිල්ලෙන් පසුව බව ද සදහන්.

    බන්ධනාගාරයේ වෛද්‍යවරුන් සඳහන් කරන්නේ ඊයේ උදෑසන සිට ආරම්භ කළ මෙම උපවාසය අඛණ්ඩව සිදු කලහොත් මන්ත‍්‍රීවරයාගේ සෞඛ්‍යට බලපෑමක් වනු ඇති බවයි. 

    තම පියා මෙලෙස  උපවාසයේ යෙදෙන බැවින්  විමල් වීරවංශගේ පුතු සහ දියණියද ආහාරපාන නොගෙන රෝගී  තත්වයට පත්ව තිබෙනවා. එම නිසා  තම දරුවන් දෙපල රාගම ශික්ෂණ රෝහලට ඇතුලත් කර ඇති බව ශෂී විරවංශ මහත්මිය පැවසුවේ. විමල් වීරවංශගේ පුතු ටිකට් කපා රෝහලෙන් පිටව ගොස් ඇති අතර දියණිය වැඩිදුර ප්‍රතිකාර සඳහා බොරැල්ල රිජ්වේ ආර්යා ළමා රෝහල වෙත මාරු කර යවා ඇති බව ද  ඇය සඳහන් කලා..

    තමන්ට ඇප ලබානොදීමට විරෝධය පළ කරමින් විමල් වීරවංශ මන්ත‍්‍රීවරයා මෙලෙස උපවාසයේ නිරතව සිටියි.

  • මහින්දට බාලගිරි දෝෂයක්…

    මහින්ද රාජපක්ෂ මහතා  ශ්‍රී ලංකා රුපවාහිනී සංස්ථාව වෙත  ගෙවිය යුතු මුදල් නොගෙවිම  සම්බන්දයෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා හෙට(24) ජනාධිපති කොමිසම වෙත පෙනී සිටීමට නියමිතව ඇත.

    2015 පසුගිය ජනාධිපතිවරණ වෙනුවෙන් තමන්ව ඕනවට වඩා වර්ණා කර ගැනීම වෙනුවෙන් මහින්ද රාජපක්ෂ මහතා ජනතා මුදල් තමාගේ යැයි සිතා එම මුදල්  අත දිග හැර වියදම් කර තිබේ. ඒ අතර ජාතික රුපවාහිනී සංස්ථාව වෙනුවෙන් ගෙවිය යුතු මුදල රුපියල් ලක්ෂ 1600ක් වනවා..

    මේ සම්බන්දව ප්‍රකාශයක් ලබා ගැනීමට පසුගිය16 වන දින කොමිසම හමුවේ පෙනී සිටිය යුතු බව දන්වා තිබුනද මහින්ද රාජපක්ෂ මහතා ‍නීතිඥයකු මගින් දන්වා ඒවා තිබුනේ තමන්ට අත්‍යවශ්‍ය කාරණාවක් ඇති බැවින් කොමිසම හමුවේ පෙනීසිටිමට  නොහැකි බවයි.

    හෙට දිනයෙත්  මහින්දට බාලගිරි දෝෂයක් වේවිද?

     

  • සුනඛයන් අයාලේ යවන අයට රුපියල් 25,000ක දඩයක්!

    සුනඛයන් අයාලේ යවන අයට රුපියල් 25,000ක දඩයක් නියම කිරීමට අදාළ කැබිනට් පත්‍රිකාවට කැබිනට් මණ්ඩල අනුමැතිය පළ වී තිබෙනවා. ඒ අනුව සුනඛයන් අයාලේ යවන පුද්ගලයන්ට එරෙහිව අධිකරණය මගින් නියම කරන දඩ මුදලට අමතරව වසර දෙකක සිර දඩුවමකට යටත් කළ හැකි පරිදි සුනඛ පනත සංශෝධනය කිරීමට අනුමැතිය ලැබී ඇත.

    1901 අංක 25 දරණ සුනඛයන් ලියාපදිංචි කිරීමේ ආඥා පනතට අනුව පවතින නීති ප්‍රතිපාදන ප්‍රමාණවත් නොවන නිසා අයාලේ යන සුනඛයන්ගෙන් ජනතාවට වන විවිධ දුෂ්කරතා මග හැරීමට අදාළව මෙම කැබිනට් පත්‍රිකාව ගෙනවිත් තිබෙනවා.

    ඒ අනුව සුනඛයන් ලියාපදිංචි කිරීමේ ආඥාපනත සහ ජල භීතිකා ආඥාපනත සංශෝධනය කර නව පනතක් හරහා රුපියල් 25,000ක දඩ මුදල් හා වසර දෙකක සිරදඩුවමකට නීති ගෙන ඒමට යෝජනා වී ඇත.

    පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා මෙම පත්‍රිකාව කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කර තිබෙනවා.

  • ලේමන්පෆ් නාටකය වෙනුවෙන් විරවංශ කතානායකට දුන් ටෙලි පිටපත මෙන්න

    කෝටි 9ක මහජන දේපල අවභාවිතා කරමින්  ජනවාරි මස 10 වන දින සිට රක්‍ෂිත බන්ධනාගාර ගත සිටින මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා විසින් ඔහු රදවා සිටින සිර කුටිය තුල උපවාසයක් ආරම්භ කිරීම සම්බන්ධයෙන් කතානායකවරයා ලිඛිතව දැනුවත් කිරීමට කටයුතු කර තිබේ.

    එම ලිපිය මේ වනවිට  සියලු මාධ්‍ය වෙත මුදාහැර ඇත.

    [pdfviewer width=”640px” height=”849px” beta=”true/false”]http://supirigossip.com/wp-content/uploads/2017/03/111.pdf[/pdfviewer]

  • සංශෝධිත නව ඇමති මණ්ඩලය මෙන්න!

    පසුගිය සමය තුල නව අමාත්‍ය මණ්ඩලයක් පත්වීමට නියමිත බව නොයෙක් ආරංචි පැතිර ගියා. ඒ අනුව  කැබිනට් සංශෝධනයේ ඇමති ධුර වෙනස් වන ආකාර යයි පැවසෙන ලියවිල්ලක් සමාජ ජාලා හා වෙබ් අඩවි ඔස්සේ ප‍්‍රසිද්ද වී තිබෙනවා.

    නමුත් මේ සඳහා කිසිදු බලධාරියකුගේ අත්සනක් දකින්නට ලැබෙන්නේ නැහැ…