Category: සුපිරි Politics

  • සජිත් පොරොන්දු ඉටු කළ නොහැකි පොරොන්දු දෙන්නේ ‘අගමැතිකම නොලැබෙන නිසයි’

    සජිත් පොරොන්දු ඉටු කළ නොහැකි පොරොන්දු දෙන්නේ ‘අගමැතිකම නොලැබෙන නිසයි’

    අලි දෙන්නම් කොටි දෙන්නම් කියන සජිත්ලාගේ පොරොන්දු දේශපාලනයට තවත් දුරටත් රට තුළ ඉඩක් නැතැයි කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි. ඔහු පෙන්වා දෙන්නේ මහින්ද – ගෝඨාභය සුසංයෝගය පොරොන්දු දේශපාලනයට තිත තබා ප්‍රතිපත්තිමය දේශපාලනයකට නිරත වෙන  බවයි.

    සජිත් රනිල් අතර ඇත්තේ විපක්ෂනායක ධූරයට ඇති රණ්ඩුවක් මිස අගමැතිධූරය හෝ ආණ්ඩුවක් ලබා ගැනීම පිළිබද තරගයක් නොවන බවත් මෙපමණ දවසක් වාග් සංග්‍රාමයක යෙදුණු එම පක්ෂ දෙක දැන් ගුටිකෙළ ගැනීමට පටන් ගෙන ඇති බවත් පවසන ඇමති ප්‍රසන්න රණතුංග මහතා අවධාරණය කරන්නේ හොද හොද සෙල්ලම් එළිවෙන ජාමෙට බවයි.

    කටුනායක දහඅටේ කණුව ප්‍රදේශයේ පහුගිය දා පැවති (19) මැතිවරණය ප්‍රචාරක රැස්වීමකට එක්වෙමින් ඇමතිවරයා මේ බව සදහන් කළේය.

    මෙහි දී වැඩිදුරටත් අදහස් දැක් වු ප්‍රසන්න රණතුංග මහතා මෙසේ ද කීවේය.

     මේ මැතිවරණයේ දී ගෝඨාභය රාජපක්ෂ මහතා බලාපොරොත්තු වෙන්නේ තුනෙන් දෙකේ බලයක් සහිත පොහොට්ටුවේ ආණ්ඩුවක් රට තුළ ස්ථාපිත කිරීමටයි. පහුගිය යහපාලන ආණ්ඩුව තුනෙන් දෙකේ බලයක් තියාගෙන පාර්ලිමේන්තුව තුළ රටට අහිතකර අණ පණත් රැසක් සම්මත කර ගත්තා. ඒ රටට අහිතකර අණ පණත් අහෝසි කරන්න අපිට තුනෙන් දෙකක බහුතර බලයක් අවශ්‍යයි. ඒකටයි අපි තුනෙන් දෙකක බලයක් ඉල්ලන්නේ. යහපාලනය ගේන්න උදව් කරපු කොටි ඩයස් පෝරාවේ උවමනාවටයි පහුගිය ආණ්ඩුව මේ රටට අහිතකර අණපණත් ගෙනාවේ. යහපාලන ආණ්ඩුව ගෙනාපු රටට අහිතකර අණපණත් තව දුරටත් පැවතුණොත් මේ රටේ අනාගතය ඉතා අවධානම් තත්ත්වයකට පත්වෙනවා. ගෝඨාභය රාපක්ෂ මහතාගේ දැක්ම ක්‍රියාත්මක කරන්න නෛතික පදනමක් අවශ්‍යයි. ඒ නිසයි අපි තුනෙන් දෙකක බලයක් ඉල්ලන්නේ. අපිට ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයකට පවා යන්න වෙයි. එතකොට තුනෙන් දෙකක බහුතර බලයක් අවශයයි.

    අද එක්සත් ජාතික පක්ෂය දෙකඩ කැඩිලා. මේ වෙනකොට රනිල් – සජිත් රණ්ඩුව අතින් පයින් ගුටි කෙළ ගන්න තත්ත්වයකට පත්වෙලා. තංගල්ලේ දී එහෙම සිද්ධියක් සිදු වුණා. මේ ගොල්ලෝ මුලින් ලකුණට රණ්ඩු වුණා. ඊටපස්සේ සිරිකොතට රණ්ඩු වුණා. පාටට රණ්ඩු වුණා. මහබැංකු හොරු ඉන්නේ රනිල් ගාව. මහබැංකු හොරකම සාධාරණීයකරණය කරන්න ගේම් ගහපු ෆුට්නෝට් කල්ලිය ඉන්නේ සජිත් ගාව. පාස්කු ප්‍රහාරයට චෝදනා ලබපු අන්තවාදි මුස්ලිම් නායකයන් ඉන්නේ සජිත්ගේ වේදිකාවේ.

    සජිත් දෙන බොරු පොරොන්දු වලට අත්පොළසන් දෙමින් ඉන්නවා. ඒ අය පොරකන්නේ ඒ අය ගහගන්නේ තමන්ගේ ගොඩ වැඩි කරගන්න මිස රට හදන්න නෙමෙයි. සජිත් – රනිල් අතර තියෙන්නේ විපක්ෂනායකකමට රණ්ඩුවක් මිසක් අගමැතිකමට තරගයක් නෙමෙයි. රට හදන වැඩපිළිවෙල තියෙන්නේ මහින්ද – ගෝඨාභය සුසංයෝගයට විතරයි.

    පොරොන්දු දේශපාලනය අද මේ රටේ ජනතාව ප්‍රතික්ෂේප කරනවා. 2015 යහපාලන ආණ්ඩුව බලයට ආවේ පොරොන්දු මල්ලක් අරගෙන. ඒ ඔක්කොම පොරොන්දු වසර හතර හමාරේ දී කඩ කළා. පොරොන්දු දීලා බලයට ඇවිත් රට විනාශ කරපු යහපාලන නඩය අද මැතිවරණයට තරග කරන්නේ අලුතින් ඉපදිලා වගෙයි. සජිත් ප්‍රේමදාස මහත්තයා පැයෙන් පැයට බොරු පොරොන්දු දෙනවා. උදේ නිවුස් වලට එක පොරොන්දුවක් දෙනවා. දවල් නිවුස් වලට තව පොරොන්දුවක් දෙනවා. රෑ නිවුස් වලට තව පොරොන්දුවක් දෙනවා. ආපහු පහුවදා උදේට තව එකක්.

    දැන් අපිටත් කියන්න පුළුවන් මේ මැතිවරණයේ දී ඉරහද ගෙනත් රටට දෙනවා කියලා. නැත්තම් නොමිලේ හාල් ගෙනත් රටට දෙනවා කියලා. ජීවිතේ ට අගමැති වෙන්නේ  නැති බව දන්න  සජිත් එක පිට එක පිට බොරු පොරොන්දු දෙනවා. අපි පොරොන්දු දේශපාලනයට තිත තැබුවා. අපි කරන්නේ ප්‍රතිපත්ති දේශපාලනයක්. කියව කියව ඉන්න දේශපාලනයක් නෙමෙයි වැඩ කරන දේශපාලනයක්. අලි දෙන්නම්, කොටි දෙන්නම් කියන සජිත්ලාගේ පොරොන්දු දේශපාලනයට තවදුරටත් මේ රටේ ඉඩක් නෑ…

  • ‘සැලා සහ ITN’ මැතිවරණ ඉතිහාසයේ ‘නින්දිතම’ ප්‍රචාරක ව්‍යාපාරය අරඹලා

    ‘සැලා සහ ITN’ මැතිවරණ ඉතිහාසයේ ‘නින්දිතම’ ප්‍රචාරක ව්‍යාපාරය අරඹලා

    ලංකා මැතිවරණ ඉතිහාසයේ නින්දිතම ප්‍රචාරක ව්‍යාපාරයට ‘ජාතික රූපවාහිනිය‘ හා ‘ස්වාධීන රූපවාහිනිය‘ ප්‍රවිෂ්ඨවී තිබේ.  පොදුජන පෙරමුණේ හොරණෑව බවට පත්වීම පමණක් නොව එක්සත් ජාතික පක්ෂයේ මැතිවරණ ව්‍යාපාරයේ නිල නාලිකා ලෙස කටයුතු කරන්නේ ජාතික, ස්වාධීන රූපවාහිනී නාලිකා දෙක යැයි හිටපු ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් මහතා පවසයි.

    සෑම මැතිවරණයක දීම මාධ්‍ය හැසිරීම පිළිබඳ නිරීක්ෂණ වාර්තා සකස් කෙරෙනවා.  මම 1999 ජනාධිපතිවරණයේ සිට අද දක්වා සෑම මැතිවරණයක දී ම රාජ්‍ය මාධ්‍ය යේ හැසිරීම පිළිබඳ නිරීක්ෂණ වාර්තා සකස් කොට හෝ පරිශිලනය හෝ කර තිබෙනවා. ඉතිහාසයේ කිසිම දවසක මෙවැනි නින්දිත ප්‍රචාරක ව්‍යාපාරයක් ජාතික රූපවාහිනිය හෝ ස්වාධීන රූපවාහිනිය නිරත වී නෑ. යැයි හිටපු ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් මහතා පැවසීය.

    රාජගිරිය, සමගි ජනබලවේගය කාර්යාලයේ පැවති පුවත්පත් සාකච්ඡාවක දී කරුණු දැක්වූ තෙන්නකෝන් මහතා, ජාතික රූපවාහිනියේ ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල යටතේ පොදුජන පෙරමුණට තත්පර 3340 ක් දෙන විට, මේ මැතිවරණයේ ප්‍රධානතම විපක්ෂයට හිමිවන්නේ තත්පර 275 ක් පමණයි. ජනතා විමුක්ති පෙරමුණට තත්පර 100 යි.  හැබැයි එජාපය ට තත්පර 1250 ක් හිමිවෙනවා.   ස්වාධීන රූපවාහිනියේ පොදුජන පෙරමුණට තත්පර 1850 ක් දෙන විට, එජාපයට තත්පර 550 කුත්, සමගි ජනබලවේගයට තත්පර 510 කුත් දෙනවා. අපේ පක්ෂය පසුගිය පාර්ලිමේන්තුවේ හිටපු මන්ත්‍රීවරුන් 80 ක්, ආණ්ඩුකාරවරු දෙදෙනෙක්, හිටපු මන්ත්‍රීවරු 14 ක්, පළාත් සභා මන්ත්‍රීවරු 69 ක් තරඟ කරනවා.  හැබැයි පළාත් පාලන ආයතනවලට තරඟ කරලා පැරදුණ අපේක්ෂකයෝ ඉන්න එජාපයට සමගි ජන බලවේගයට වැඩි වෙළාවක් දෙනවා.  මේක නින්දිත ප්‍රචාරක උපක්‍රමයක්.  ජනතාවගේ සල්ලිවලින් පඩි ගෙවන ජාතික රූපවාහිනිය මේ විදිහට තුට්ටු දෙකට වැටීම ගැන

    එජාපයේ හිටපු ඩීල් කාරායෝ ටිකගේ ඉලෙක්ෂන් කැම්පෙන් කරන්නේ ජාතික රූපවාහිනිය.

    මැතිවරණ කොමිසම සාමාන්‍යයෙන්, හැමමැතිවරණයක දී ම මාධ්‍ය නිරීක්ෂණ කරනවා.  රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවෙන් මාධ්‍ය නිරීක්ෂණ වාර්තා ලබාගන්නවා.  හැබැයි මේ මැතිවරණයේ ඒ මොනවාවත් නෑ.  අඩුම ගානේ මේ වැඩේ වැරදියි කියලා ලියුමක් යවන්නේ නෑ.  ෆෙස් බුක් එකේ දාන් පෝස්ට් එකක් ගැන පරීක්ෂණ තියෙන මැතිවරණ කොමිසමට මේවා පැමිණිලි කලා.  මේවාට ප්‍රතිකර්ම යොදන්න ඡන්දේ ඉවරවෙනකල් ඉන්නවාද දන්නේ නෑ.

    ජනාධිපතිවරණයේ දී, මැතිවරණ කොමිසම ජාතික රූපවාහිනියට කඩා වැදුණා.  ස්වාධීන රූපවාහිනියට ලියුම් ලිව්වා.  හැබැයි දැන්  පොදු පෙරමුණට තත්පර 3340 ක් දීලා, සමගි ජන බලවේගයට තත්පර 275 ක් දෙන කොට මැතිවරණ ඇස් – කන් වහගෙන ඉන්නවා.

    මාධ්‍යවේදියෙක් – හැබැයි මහින්ද දේශප්‍රිය මැතිවරණ කොමිසමේ සභාපතිතුමා පසුගිය දවසක ජාතික රූපවාහිනියට පැමිණිලි නෑ කියලා චරිත සහතිකයක් දුන්නා නේද?

    කීර්ති තෙන්නකෝන් – එහෙම සහතිකයක් දුන්නා නම්, මැතිවරණ කොමිසම ඇස් – කන් පේන්නේ නෑ. ඇහෙන්නේ නැති ලෙඩක් හැදිලා!  යැයි ද පැවසීය.

  • ප්‍රසන්න වෙනුවෙන් පොදුජන නීතිඥ සංගමය පෙරට

    ප්‍රසන්න වෙනුවෙන් පොදුජන නීතිඥ සංගමය පෙරට

    ඇමති ප්‍රසන්න රණතුංග මහතා වෙනුවෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නීතිඥවරුන් අධිකරණයේදී මුණ ගැසීමට සූදානම් බව ගම්පහ දිස්ත්‍රික් ශ්‍රී ලංකා පොදුජන නීතිඥ සංවිධානය අවධාරණය කරයි. ප්‍රසන්න රණතුංග මහතාට එරෙහිව නඩු දමන බවට ශ්‍රී ලංකා නිදහස් නීතිඥ සංගමය කළ ප්‍රකාශය කිසිදු නීතිමය පදනමක් නොමැති ප්‍රකාශයක් බවත් එය තනිකරම දේශපාලන තර්ජනයක් බවත් එම සංගමය පෙන්වා දෙයි.

    මෛත්‍රීපාල සිරිසේන මහතා සම්බන්ධයෙන් කරනු ලබන ප්‍රකාශ සම්බන්ධයෙන් නඩු දමන බවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නීතිඥ සංගමය පසුගිය දා කළ ප්‍රකාශයකට ප්‍රතිචාර දක්වමින් ශ්‍රී ලංකා පොදුජන නීතිඥ සංගමයේ ගම්පහ දිසාවේ නීතිඥවරු මේ බව අවධාරණය කළහ.

    එහි දි එම නීතිඥවරු මෙසේ ද කීහ.

    ගම්පහ දිස්ත්‍රික් ශ්‍රී ලංකා පොදුජන නිතිඥ සංගමයේ සභාපති නීතිඥ සරල කරුණාරත්න මහතා

    සාපරාධි අපරධ නීතිය දැනට  ලංකාවේ වලංගු නීතියක් නොවෙයි. යම් කෙනෙක් අපහාසයක්  කළොත් ඒ සම්බන්ධයෙන් අගතියට පත් වන පාර්ශවයට වන්දියක් ඉල්ලන්න පුළුවන්. සාධාරණ නඩු නිමිත්තක් තියනවා කියලා හිතනවානම් මේ අය කරන්න ඕනෑ එන්තරවාසියක් එවන එක මිසක් නඩු දානවා යැයි තර්ජනය කරන එක නෙමෙයි. එන්තරවාසියක් ලිඛිතව එවනවානම් ඒකට උත්තර බදින්න ලෑස්තියි. ඒ වගේම ඔය කියන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නීතිඥවරුන්ව අධිකරණයේදී මුණ ගැසීමට අපි කැමැත්තෙන් ඉන්නවා.

    ගම්පහ දිස්ත්‍රික් නායක ප්‍රසන්න රණතුංග මහතා වෙනුවෙන් අපි ශ්‍රී ලංකා පොදුජන නීතිඥවරුන්ගේ සංගමයේ ඕනෑම නීතිමය කටයුත්තකදී පෙරට එන්න ලෑස්තියි. ප්‍රසන්න රණතුංග ඇමතිතුමාට එරෙහිව නඩු පැවරීම කිසිසේත් සදාචාරාත්මක නෑ. ඒ වගේම නීත්‍යානුකූල නෑ.

    හිටපු ජනාධිපතිවරයාව එක්සත් ජාතික පක්ෂය, සමගි ජනබලවේගය මොනතරම් විවේචනය කරනවාද? ඊයේ පෙරේදා රවුෆ් හකීම්, සිරිසේන හිටපු ජනාධිපතිවරයාට නිර්දය ප්‍රහාරයක් එල්ල කළා. ඒ ප්‍රකාශ සම්බන්ධයෙන් මුණිවත රකින ශ්‍රීලනිප නීතීඥ සංගමය ප්‍රසන්න රණතුංගට එරෙහිව නඩු පවරන බවට තර්ජනය කිරීම දේශපාලන වුවමනාව මත සිදුවන්නක් මිස නීතිමය පසුබිමක් ඇතිව සිදු කරන්නක් නොවේ. ප්‍රසන්න රණතුංග ඇමතිතුමා කියන දේ ඇත්ත. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඔවුන්ගේ විරුද්ධවාදීන් ලෙස සලකන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ බවයි මෙහිදී පැහැදිලි වන්නේ.

    ජනාධිපති නීතීඥ ඩි.ඒ.පි.වීරත්න මහතා

    ප්‍රසන්න රණතුංග මහතාගේ ප්‍රකාශ මගින් සන්ධානයේ ගිවිසුම් උල්ලංගණය බවට කරන ප්‍රකාශ පදනම් විරහිතයි. ඔහුගේ ප්‍රකාශ වලින් මැතිවරණ නීතිය උල්ලංගණය කිරීමක් වන්නේ නෑ. අද තියෙන්නේ මනාප ක්‍රමයක්. එතකොට මනාප ඉල්ලීම පක්ෂයකට ඡන්දය දෙන්න කියන එකත් වැරදීනේ. මේ මැතිවරණ ක්‍රමය, මනාප ක්‍රමය යටතේ ඡන්දය දෙන්න කියන එක වරදක් නෙමේ.

    ප්‍රසන්න රණතුංග කියන්නේ ගම්පහ නායකයා. ගම්පහ තමයි හැම මැතිවරණයකදීම රටේම ප්‍රතිඵලය උස්සලා තියෙන්නේ. ප්‍රසන්න රණතුංගට ගහනවා කියන්නේ මේ ප්‍රතිඵලයට ගහනවා කියන එකයි. මේක මිත්‍ර පාර්ශවයේ සිටින සතුරන්ගේ වැඩක් ලෙසයි අපිට පෙනෙන්නේ. මේ ගහන්නේ ප්‍රසන්න රණතුංගට. ඒකේ අරමුණ ගම්පහ දිස්ත්‍රික්කය අඩාල කිරීම. උසාවියේ දී හම්බවෙන්න කිව්වා. මම උසාවි එනකොට ඔය නීතීඥ මහත්වරු ඉපදිලාවත් නැතිව ඇති. උසාවියට නඩු නිමිත්තක් නැත්නම් ඒ නඩුව විසි කරනවා. ඒ ගාස්තුවට යටත්ව  මේ අය ප්‍රසන්න රණතුංගට එරෙහිව නඩු දැම්මොත් වෙන්නේ ඕකයි. අපි කියන්නේ නෑ අහවල් පක්ෂයට දෙන්න එපා කියලා අහවලාට ගෑවුනු එකෙකුටවත් දෙන්න එපා කියලයි කියන්නේ. තොප්පිය හරිනම් දාගත්තට  අපිට කමක් නෑ. 

  • කුඩු ජාවාරමට සම්බන්ධ නාකොටික් නිලධාරීන්ට ‘යහපාලන ආණ්ඩුව’ ජනාධිපති සම්මාන දුන්නා – ඇමති ප්‍රසන්න

    කුඩු ජාවාරමට සම්බන්ධ නාකොටික් නිලධාරීන්ට ‘යහපාලන ආණ්ඩුව’ ජනාධිපති සම්මාන දුන්නා – ඇමති ප්‍රසන්න

    කුඩු ජාවාරමට සම්බන්ධ නාකොටික් නිළධාරීන්ට  පසුගිය යහපාලන ආණ්ඩුව කාලයේ ජනාධිපති සම්මාන පවා ලබා දුන් බවත් පාතාලය හා කුඩු ජාවාරම මර්දනයට සහාය දෙන තමන්ට පාතාලයට හා කුඩු ජාවරමට සම්බන්ධ වූවන් මඩ ගැසීමට පටන් ගෙන ඇති බවත් කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි. 

    අහසින් පාත් වුණු ඇතැමුන් ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුවේ අයිතිකරුවන් ලෙස පෙනී සිටන බව පැවසු ඇමතිවරයා පොහොට්ටුව විනාශ කිරීමට කිසිවෙකුට ඉඩ නොතබන බව ද අවධාරණය කරයි.

    ජා-ඇල ප්‍රදේශයේ පහුගිය දා (17) පැවති රැස්වීමක දී ඇමතිවරයා මේ බව කීවේය.

    මෙහි දී වැඩිදුරටත් අදහස් දැක්වූ ප්‍රසන්න රණතුංග මහතා මෙසේ ද කීවේය.

    “ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා භාරගත් දේශපාලන ආර්ථික හා සමාජීය වශයෙන් කඩා වැටුණු රටක්. ඒ රට ගොඩගැනීමේ වගකීම පැවරිලා තියෙන්නේ ගෝඨාභය මහත්තයාට. 2005 දී මහින්ද මහත්තයා භාර ගන්නකොට තිබුණෙත් මේ වගේම තත්ත්වයක්. එතකොට තිබුණේ ඍණ ආර්ථිකයක්. සුනාමියෙන් විනාශ වුණ රටක්. ලෝක ආහාර අර්බුදය නිසා රටේ ආහාර හිගයක් ඇතිවිමේ අවධානමක් තිබුණා. 30 වසරක යුද්ධය අවසන් කරලා මහින්ද මහත්තයා මේ රට සංවර්ධන ක්‍රියාවලිය වේගවත් කළා. සුද්දගෙන් පස්සේ මේ රටේ වරායවල්, ගුවන් තොටුපළවල් ආදී අධිවේගී මාර්ග ඉදි කරලා රට සංවර්ධනය කිරීමේ මෙහෙයුම ඇරඹුවේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා. 2015 මැතිවරණයේ මේ රටේ ජනතාව යහපාලන බොරු වලට රැවටෙනවා. 2015 දී යහපාලන ආණ්ඩුවට අපි භාරදුන්නේ වැඩබිමක්. නමුත් යහපාලන ආණ්ඩුව මේ රට පහුගිය වසර හතරාමාර තුළ මුඩුබිමක් බවට පත් කළා. යහපාලන ආණ්ඩුවට කිසිම වැඩ පිළිවෙලක් තිබුණේ නෑ රට ගොඩගන්න. යහපාලන කාලය තුළ රට සමාජ, ආර්ථික හා දේශපාලනික වශයෙන් පිරීහීමකට ලක් වුණා.

    අපි පොහොට්ටුව හැදුවේ තර්ජන මැද්දේ. අද දකුණු ආසියාවේ ශක්තිමත් ම දේශපාලන පක්ෂයක් බවට පොහොට්ටුව පත් වෙලා ඉවරයි. අපි දෙවැනි වන්නේ චීනයේ කොමියුනිස්ට් පක්ෂයට විතරයි. ඒ නිසා පොහොට්ටුව විනාශ කරන්නේ කිසිවෙකුට ඉඩ දෙන්න බෑ. ඒකට හුගදෙනෙක් උත්සාහ කරමින් ඉන්නවා. මිතුරු වෙසින් එන සතුරන්  පොහොට්ටුව විනාශ කරන්න හදනවා. පොහොට්ටුව රැකගන්න අපි ඕනෑම කැපකීරීමක් කරන්න ලෑස්තියි.

    මේ දවස්වල අහසින් පාත් වෙච්ච මිනිස්සු එනවා ඔබේ ඡන්දය ඉල්ලගෙන. පසුගිය පළාත් පාළන මැතිවරණයේ දී, පසුගිය ජනාධිපතිවරණයේ දි අපි ඒ අයව දැක්කේ නෑ. මේ අය පෙනී ඉන්නේ ගෝඨාභය මහත්තයාගේ අයිතිකාරයෝ වගේ. මගේ වගකීම පළාත් පාලන මැතිවරණය, ජනාධිපතිවරණය ජයග්‍රහණය කරන්න පහුගිය වසර හතර හමාරේ දුක් විදපු අය වෙනුවෙන් පෙනී සිටීම. මම ඒක ඊයෙත් කළා. අදත් කරනවා, හෙටත් කරනවා. පොහොට්ටුවෙන් ඉල්ලන හැමෝම පොහොට්ටුවේ නෙමෙයි. ඒක බැසිල් ඇමතිතුමාත් කිව්වා.

    මම මෙහෙම කථා කරනකොට සමහර අය කැමති නෑ. සමාජ මාධ්‍ය භාවිතා කරලා මට මඩ ගහන්න පටන් අරන්. ඵල ඇති රුකටනේ ගල් ගහන්නේ. මම කට අරිනවාට යහපාලන නඩය බයයි. මට මඩ ගහන්න පටන් අරන් තියෙන්නේ මහබැංකු හොරුන්ගෙන් සල්ලි ගත්ත යහපාලන කටු සූප්පු කරන අයයි, බැක්සයිඩ් රන්ජනුයි. මේ දෙගොල්ලොම එකම කාණ්ඩේ. යහපාලන සෙට් එකට තියෙන අභියෝගය ප්‍රසන්න රණතුංග. මට නම් මේ අය අභියෝගයක් නෙමෙයි. මට ගහන්න ඉස්සෙල්ලා ගෑවුණු මඩ සෝදගෙන එන්නයි මම ඔවුන්ට කියනවා.

    පසුගිය දවස්වල මිනුවන්ගොඩ කුඩු ජාවාරමත් ඇල්ලුවා. මේක යහපාලන ආණ්ඩුව කාලේ ඉදලා කෙරුණ එකක්. යහපාලන ආණ්ඩුව මේ ගැන කිසිම පියවරක් අරන් තිබුණේ නෑ. අපි පත්වුණාට පස්සේ ගමේ පන්සලේ රැස්වීමක් තියලා පොලිසීයත් ගෙනල්ලා පොලිස්පතිතුමාටත් කියලා මේ කුඩු ජාවාරම මැඩලන්න කීව්වා. ඒ අනුව තමයි ඔය නාකොටික් ජාවාරම හෙළි වුණේ.  පහුගිය යහපාලන කාලේ මහා පරිමාණයෙන් පාතාලය හා කුඩු ජාවාරම ගම්පහ දිස්ත්‍රික්ක පුරා ව්‍යාප්ත වුණා. ඒවා අල්ලන්න කවුරුත් කටයුතු කළේ නෑ. යහපාලන ආණ්ඩුව කළේ මේ කුඩු ජාවාරමට සම්බන්ධ නාකොටික් අයට ජනාධිපති සම්මාන ලබා දීමයි. පහුගිය කාලේ සතොස ලාංඡනය ගහගෙන කුඩු ජාවාරම කෙරුණා. නැව් පිටින් රටට ආපු කුඩු ඇල්ලුවා කිව්වා. හැබැයි ඒවාට මොකද වුණේ. අපි කුඩු අල්ලන්න සහාය දෙනකොට, පාතාලය මර්දනයට කටයුතු කරනකොට  අපිට මඩ ගහන්නේ ඔය කුඩු වලට පාතාලයට සම්බන්ධ අයයි. ඔහොම නෙමෙයි ඔළුවෙන් හිටගෙන මඩ ගැහුවත් අපි ඉදිරියට තැබු පය ආපස්සට ගන්නේ නෑ. මේ රට පාතාලයෙන් කුඩු වලින් තොර රටක් බවට පත් කිරීමට අපි දිවිහිමියෙන් කැප වෙනවා.”

  • ජනපතිගේ කෑගල්ල දිස්ත්‍රික් සංචාරයෙන් ජනතා ගැටලුවලට විසදුම්

    ජනපතිගේ කෑගල්ල දිස්ත්‍රික් සංචාරයෙන් ජනතා ගැටලුවලට විසදුම්

    කෑගල්ල දිස්ත්‍රික්කයේ සිදුවන නිරන්තර නාය යාම් පාලනය කොට ඉන් පීඩාවට පත්වන ජනතාවගේ ගැටළු විසඳීමට විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා දිස්ත්‍රික්කයේ ජනතාවට කියා සිටී.

    අද (18) පස්වරුවේ කෑගල්ල දිස්ත්‍රික්කයේ පැවති ජන හමු කිහිපයකට එක් වූ ජනාධිපතිතුමා ජනතාව ඉදිරිපත් කළ ගැටලු  විමර්ශනය කොට මේ බව පැවසීය.

    බුලත්කොහුපිටිය, ලෑවන පොළ භූමියේ දී පොදුජන පෙරමුණේ අපේක්ෂිකා රාජිකා වික්‍රමසිංහ මහත්මිය සහ අරණායක දිප්පිටිය රෝහල හන්දියේ දී අපේක්ෂක ඩබ්. ජයරත්න මහතා සංවිධාන කර තිබූ ජන හමුවලට ජනාධිපතිතුමා අද පස්වරුවේ එක් විය.

    රැස්ව සිටී ජනතාව ජනාධිපතිතුමා මහත් හරසරින් පිළිගත් අතර මහා සංඝරත්නය සෙත් පිරිත් සජ්ජායනා කර සෙත් ප්‍රාර්ථනා  කළහ.

    සුළු අපනයන බෝග ආනයනය දැන් නතර කර ඇති බැවින් මෙරට බෝග සඳහා ඉදිරියේ දී ඉහළ මිලක් ලැබෙනු ඇති බව ගොවීන් ඉදිරිපත් කළ ගැටළුවලට පිළිතුරු දෙමින් ජනාධිපතිතුමා කීය.

    බුලත්කොහුපිටිය – යටියන්තොට මාර්ගය කාපට් අතුරා සංවර්ධනය කර දෙන ලෙස කළ ඉල්ලීම ඉටු කිරීමට ද ජනාධිපතිතුමා උපදෙස් දුන්නේය.

    නීතිවිරෝධි මත්ද්‍රව්‍ය ජාවාරමෙන් ප්‍රදේශයේ තරුණයන් බේරාදෙන්නැයි කළ ඉල්ලීම ද ජනාධිපතිතුමාගේ විශේෂ අවධානයට යොමු විය.

    අපේක්ෂක ඉදුනිල් ශාන්ත ගුණසේකර මහතා මාවනැල්ල, මයුරපාද විද්‍යාලයීය ක්‍රීඩාංගණයේ සංවිධාන කර තිබූ ජන හමුවට ද ජනාධිපතිතුමා සහභාගී විය.

    එහිදී ද ජනතාවගේ තොරතුරු විමසූ ජනාධිපතිතුමා ඔවුන් සමග සුහද කථා බහක යෙදිණි.

    සෞඛ්‍ය සේවකයන්ගේ ගැටළු ජනාධිපතිතුමා වෙත ඉදිරිපත් කෙරුණු අතර සමුපකාර ව්‍යාපාරයේ උන්නතිය වෙනුවෙන් යල් පැණ ගිය නීති සංශෝධනය කිරීමේ අවශ්‍යතාව ද  ජනතාව ජනාධිපතිතුමා සමඟ සාකච්ඡා කළහ.

    මාවනැල්ල නගරයට අඩුවක්ව පවතින බස් නැවතුම්පොළක් ඉදිකර දෙන ලෙස හා  දනාගම වේල්ල ප්‍රතිසංස්කරණය කර දෙන ලෙස ද  ජනතාව ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටියහ. මේ පිළිබඳ අධ්‍යයනය කොට සැලසුම් සම්පාදනය කරන්නැයි ජනාධිපතිතුමා නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

    මයුරපාද ජාතික පාසලේ අඩුපාඩු පිළිබඳව ද ජනාධිපතිතුමා දැනුවත් කෙරිණි.

    හිටපු රාජ්‍ය අමාත්‍යවරුන් වන තාරක බාලසූරිය සහ කනක හේරත් යන මහත්වරු ද මේ අවස්ථාවට එක්ව සිටියහ.

    හිටපු නියෝජ්‍ය අමාත්‍ය සාරති දුෂ්මන්ත මිත්‍රපාල මහතා මාවනැල්ල නගරයේ දී සහ කනක හේරත් මහතා රඹුක්කන දුම්රියපොළ ඉදිරිපිට සංවිධාන කර තිබූ ජන හමුවලට ද ජනාධිපතිතුමා සහභාගී විය.

    රට ගොඩනැගීමට ජනාධිපතිතුමා ගෙන යන වැඩපිළිවෙළට ඉහළ ජනතා ප්‍රසාදයක් පළ වූ අතර එම වැඩපිළිවෙළ තවදුරටත් ශක්තිමත් කිරීමට මෙවර මහා මැතිවරණයේ දී වත්මන් රජයට 2/3 ක පාර්ලිමේන්තු බලයක් ලබාදීමට තමන් කැපවී සිටින බව ඔව්හු අවධාරණය කළහ.

    ‘කෑගල්ලත් හදමු’ ප්‍රතිපත්ති ප්‍රකාශය කනක හේරත් මහතා සහ දිස්ත්‍රික් ඉංජිනේරු සංසදය විසින් ජනාධිපතිතුමා වෙත පිළිගන්වනු ලැබීය.

    ලිගමුව ෂාන් හෝටලය
    වරකාපොළ සතිපොළ භූමියේ

    අපේක්ෂක තාරක බාලසූරිය මහතා කෑගල්ල පොදු වෙළඳ සංකීර්ණයේ වාහන අංගනයේ, අපේක්ෂක සමන් ජයසිංහ මහතා ගලිගමුව ෂාන් හෝටලය ඉදිරිපිට රථ ගාලේ, හිටපු අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා ගලිගමුව, කෝට්ටපොල ගම්මැද්ද පාර අසල නිදහස් භූමියේ සහ අපේක්ෂක උදයකාන්ත ගුණතිලක මහතා  වරකාපොළ සතිපොළ භූමියේ සංවිධාන කර තිබූ ජනහමුවලට ද සහභාගී වූ ජනාධිපතිතුමාට ඉහළ ජනතා පිළිගැනීමක් හිමි විය.

    අවසන් රැළි කිහිපයේ දී මහ වැසි ඇඳ වැටෙන්නට පටන් ගත් අතර වැසි නොතකා ජනතාව අතරට ගිය ජනාධිපතිතුමා ඔවුන් සමග කථා බහක නිරත විය.

  • මැතිවරණයට අදාළව මාර්ගෝපදේශ 03කට නීතිපති අනුමැතිය

    මැතිවරණයට අදාළව මාර්ගෝපදේශ 03කට නීතිපති අනුමැතිය

    සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා විසින් මහ මැතිවරණයට අදාළව ඉදිරිපත් කරන ලද මාර්ගෝපදේශවලින් මැතිවරණ රැස්වීම්, මැතිවරණ ප්‍රචාරක කටයුතු හා මැතිවරණ කාර්යාල සම්බන්ධයෙන් පමණක් නීතිපතිවරයාගේ අනුමැතිය හිමි වූ බව නීතිපතිගේ සම්බන්ධීකරණ නිලධාරිනි රජයේ අධි නීතීඥ නිශාරා ජයරත්න මෙනවිය සදහන් කළාය.

    කොවිඩ් 19 තත්ත්වය යමතේ මහ මැතිවරණය පැවැත්වීමට අදාළව  සෞඛ්‍යමය මාර්ගෝපදේශ සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් සකස් කර එය රෙගුලාසි බවට පත් කිරීම සදහා රජයේ ගැසට් පත්‍රයේ පළ කළ යුතු බවත් මේ සදහා නීතිපති අනුමැතිය ලබාගැනීම වෙනුවෙන් සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා විසින් අදාළ මාර්ගෝපදේශ නීතිපති දෙපාර්තුමේන්තුවට යොමු කර ඇති බවත් ඇය වැඩි දුරටත් සදහන් කළා.

  • ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් සෑම පියවරක්ම ගන්නවා – අගමැති මහින්ද

    ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් සෑම පියවරක්ම ගන්නවා – අගමැති මහින්ද

    රටේ ඇතිවී තිබෙන සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව රජය දැඩි අවධානයෙන් සිට ජනතාව ආරක්ෂා කිරීම වෙනුවෙන් කටයුතු කරන බව අගමැති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය.

    මේ දිනවල නැවතත් කොරෝනා රෝගීන් වාර්තා වෙමින් තිබුණ ද පළමු අවස්ථාවේ දී මෙන්ම එම වසංගතය පාලනය කර ජනතාවගේ උපරිම ආරක්ෂාව වෙනුවෙන් ගත යුතු සෑම පියවරක්ම ගන්නා බවත් අගමැතිවරයා පැවසීය.

    අගමැති මහින්ද රාජපක්ෂ මහතා මේ බව ප්‍රකාශ කළේ මාධ්‍ය ආයතන ප්‍රධානීන් සමඟ අරලියගහ මන්දිරයේ දී ඊයේ (16) සාකච්ඡාවකට එක්වෙමිනි.

    අගමැතිවරයා එහිදී මෙසේද ප්‍රකාශ කළේය.

    කොවිඩ් වසංගතය මුලින්ම ආපු වෙලාවේ ඒක පාලනය කරන්න පුළුවන් වුණා. කොරෝනා මර්දන ජනාධිපති කාර්ය සාධක බළකාය, අත්‍යවශ්‍ය සේවා ජනාධිපති කාර්ය සාධක බළකාය, රාජ්‍ය අංශය, සෞඛ්‍ය අංශ, යුද හමුදාව ඇතුළු ත්‍රිවිධ හමුදාව, පොලීසිය කැපවීමෙන් කටයුතු කළා. විශේෂයෙන්ම බුද්ධි අංශ සහ සෞඛ්‍ය අංශ කරපු කැප කිරීම මෙහිදී මතක් කරන්න ඕනෑ.

    මේ දවස්වල කොරෝනා වැලඳුණු අය හමුවෙමින් පවතිනවා. ඒ සම්බන්ධව ඔබට මෙතැනින් විශේෂඥයන් පැහැදිලි කරාවි. අපි සැමවිටම ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් කටයුතු කරපු උදවිය. ඇති වී තිබෙන තත්ත්වය පිළිබඳවත් අපි දැඩි අවධානයෙන් ඉන්නේ. ඒ නිසා ඉදිරියේ දී ජනතාව ආරක්ෂා කිරීම වෙනුවෙන් අපි කටයුතු කරනවා.

    මැතිවරණ කාලයක් නිසා දෙවැනි රැල්ලක් ඇවිත් කියලා ප්‍රචාරය කරන්න මැතිවරණ වේදිකාව භාවිතා කරමින් තිබෙනවා. ජනතාව බිය වැද්දීම අනවශ්‍ය බියක් ඇති නොකර කටයුතු කිරීම අපේ වගකීමක්.

    එහිදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න සහ ඒවාට ලැබුණු පිළිතුරු මෙසේය.

    මාධ්‍ය – සෞඛ්‍ය මාර්ග උපදේශන ගැසට් නොකිරීම මැතිවරණයට බාධාවක් වෙන්න පුළුවන් කියලා මැතිවරණ කොමසාරිස්වරයා කියනවා.

    අගමැති – ඇත්තටම ඒ ගැසට් එක නිකුත් කරන්න සූදානම් වෙමින් තිබෙනවා.

    සෞඛ්‍ය ඇමැතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය – මැතිවරණයට අදාළ මාර්ගෝපදේශ ගැසට් කරන්න සූදානම්. හෙට හෝ අනිද්දා වන විට ගැසට් පත්‍රය නිකුත් වෙයි.

    මාධ්‍ය – මැතිවරණට අදාළ සෞඛ්‍ය උපදෙස් විතරයිද ගැසට් කරන්නේ?

    සෞඛ්‍ය ඇමැතිනිය – මැතිවරණ කොමිසම මූලික උපදේශන ගැසට් කරන්න කියලා ඉල්ලීමක් කර තියනවා. මැතිවරණ කොමිසම ඉල්ලීම් කර තියෙන මැතිවරණයට අදාළ මාර්ගෝපදේශනවලට මූලිකත්වය දීලා ඒ ගැසට්පත්‍රය නිකුත් කිරීමෙන් පස්සේ අවශ්‍ය සෞඛ්‍ය උපදේශන සියල්ලක්ම ගැසට් කරන්න පියවර ගන්නවා. මැතිවරණ කොමිසම ලිඛිතව ඉල්ලා තිබෙන මාර්ගෝපදේශන නීතිපතිවරයාගේ උපදෙස් පරිදි ගැසට් කරන්න පියවර ගන්න කියා ජනාධිපති ලේකම්වරයාත් දැනුම් දී තියෙනවා. ඒ නිසා ඒකට අපි මූලිකත්වය දීලා තියෙනවා.

    මාධ්‍ය – ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මැතිවරණ රැලි පැවැත්වීම නතර කළත් කොරෝනා තත්ත්වයත් එක්ක මැතිවරණ රැලි පැවැත්වීම භයානකයි නේද?

    අගමැති – සමාජයේ කොරෝනා වයිරසය සම්බන්ධයෙන් ඇතිවුණු යම් යම් මතවාද එක්ක ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මැතිවරණ රැලි පැවැත්වීම දින තුනකට නතර කළා. සෞඛ්‍ය නීතිරීති පිළිපදිමින් අපි අද සිට නැවතත් මැතිවරණ රැලි පැවැත්වීම ආරම්භ කරනවා.

    මාධ්‍ය – යම් යම් පළාත් වසා දමන්න අවශ්‍ය වුණත් මහාමැතිවරණය නිසා ඒ ප්‍රදේශවල වසා දමන්නේ නැතිව සිටිනවා කියලා චෝදනාවක් රජයට එල්ල වෙමින් තිබෙනවා?

    අගමැති – රටේ එවැනි අවශ්‍යතාවක් නැහැ.

    සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අනිල් ජයසිංහ මහතා – රෝගීන් හැම දිස්ත්‍රික්කයකම පැතිරිලා කියලා කටකතාවක් යනවා. එවැනි තත්ත්වයක් නැහැ. විසි පස්දෙනෙක් විතරයි බාහිරින් හඳුනාගෙන තියෙන්නේ. ඒ අතරට කුණ්ඩසාලේ නිලධාරියාගේ පවුලේ උදවියත් අයත් වෙනවා. සාමාන්‍යයෙන් එක් පුද්ගලයකුගෙන් ස්පර්ශකයන් 20ක් කියලා ගණන් තියලා. ඒ සියලුදෙනාම නිරෝධායනයට ගෙනයාම තමයි සිද්ධවෙන්නේ. ඒ විදිහට නිරෝධායනයට යම් යම් පිරිස් ගෙනයාම නිසා මෙවැනි ප්‍රචාර සිදුවෙනවා ඇති. නිරෝධායනය සඳහා ගෙන යනවා කියන්නේ ඔවුන් කොවිඩ් ආසාධිතයන් කියන එක නෙමෙයි. ඒ අයව කොවිඩ් වයිරසය ආසාදනය විය හැකියි කියලා අනුමාන කර නිරෝධායනය කරන එකයි සිද්ධ වෙන්නේ. සමහර අවස්ථාවල නිරෝධායනයේ සිටින අතරේ ඔවුන් ආසාධිතයන් බව තහවුරු වුණු අවස්ථා තිබෙනවා. කිසියම් තැනක වයිරස පැතිරීමක් සිද්ධ වෙනවා නම් අපි ඒ පැතිරීම වළක්වා ගන්න තමයි ප්‍රදේශයක් ලොක් කරන්නේ. සමාජ මාධ්‍ය මගින් තමයි බොහෝ වැරැදි ප්‍රචාර සිද්ධ වෙන්නේ.

    මාධ්‍ය – රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පී.සී.ආර් පරීක්ෂණ සිදුකිරීම ප්‍රමාණවත් නැති බව කියනවා?

    සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ – මේ වෙන කොට පී.සී.ආර් පරීක්ෂණ එක් ලක්ෂ තිස්දාහක් සිදුකර තියෙනවා. මාර්තු මාසේ දිනක් ඇතුළත පරික්ෂණ අසූ දෙකක් සිදුකළා. අප්‍රේල් මාසයේ දිනකට 682ක් සිදුකළා. මැයි මාසය වන විට දිනකදී පරීක්ෂණ 1393 කළා. ජුනි මාසයේදී පී. සී. ආර් පරීක්ෂණ 1422 සිදුකළා. ජුලි මාසය වන විට අපි දැන් පී. සී. ආර් පරීක්ෂණ 1466 ක් සිදුකරනවා. අපි පරීක්ෂණ කිරීමේ වේගය වැඩිකර තියෙන ආකාරය එයින් පේනවා.

    ඒ වගේම අපිට පළමුවෙනි පී.සී.ආර් පරීක්ෂණ ලක්ෂය කරන්න අපිට දින 95ක් ගත වුණා. දෙවෙනි පරීක්ෂණ ලක්ෂය කරන්න ගතවුණේ දින 24යි. ඒකෙනුත් පැහැදිලි වෙන්නේ අපේ පී.සී.ආර් පරීක්ෂණ කිරීමේ වේගය ඉහළ ගිහින් තියන බවයි.

    ඒ වගේම දකුණු කොරියාවත් එක්ක ශ්‍රී ලංකාවේ සමාන කරන්න එපා. දකුණු කොරියාවට මහජන සෞඛ්‍ය වැඩපිළිවෙළක් නැහැ. රෝහල් තියෙනවා විතරයි. ශ්‍රී ලංකාවට මහජන සෞඛ්‍ය වැඩපිළිවෙළක් තියෙනවා. මහජන සෞඛ්‍යය පරීක්ෂණ සේවය සම්පූර්ණයෙන්ම කොවිඩ් පාලනය කරන්න මැදිහත්වෙලා සිටිනවා.

    මාධ්‍ය – රජය පැවති නිලධාරීන්ගේ සංඛ්‍යාව කියන්නේ දවසකට පන්දාහක් කරන්න ඕනෑ කියලා

    සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ – අපි කවදාවත් සංඛ්‍යාත්මක දේවල් ගැන විශ්වාසය තිබ්බේ නැහැ. මේ වෙනකොට අවශ්‍ය නම් පරීක්ෂණය හාරදහසක් සිදුකිරීමේ තත්ත්වයක් අපිට තිබෙනවා.

    මාධ්‍ය – ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය පී.සී.ආර් පරීක්ෂණ නැවැත්වීම ගැන මේ දිනවල කතා වෙනවා?

    සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා – මේක ඉතාම හොඳ ප්‍රශ්නයක්. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය පහුගිය කාලේ කොරෝනා වසංගතය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන අවස්ථාවේ සෑහෙන උදව් කරපු ආයතනයක්. අපි කරන්නේ රටට වගකියන වැඩපිළිවෙළක්. ඒ වැඩපිළිවෙළේදී අපිට හැමෝවම සතුටු කරන්න ලැබෙන්නේ නැහැ.

    කාලයක් රෝගීන් වාර්තා නොවන තත්ත්වයක් තිබුණා. ඒ අවස්ථාවේ යම් පුද්ගලයෙක් රෝගියෙක් කියන්න කලින් අපේ දෙවරක් සිතා බලනවා. මේ සම්බන්ධයෙන් ඇති වූ යම් ප්‍රශ්නයක් නිසා හේතුවෙන් ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය පරීක්ෂණ පැවැත්වීමෙන් ඉවත් වෙන්න තීරණය කරලා තියනවා.

    ඇමැති බන්දුල ගුණවර්ධන මහතා – ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය පරීක්ෂණය පහුගිය කාලයේ පරීක්ෂණ 12000 ට වඩා කළා. අපි ඒ සම්බන්ධයෙන් විශ්වවිද්‍යාලයට අපේ ස්තූතිය පළ කරනවා.

    සෞඛ්‍ය ඇමැතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය – ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය තමන්ගේ ජීවිතය ගැන අවදානමක් අරගෙන පහුගිය කාලයේ දිගින් දිගටම පරීක්ෂණ කරන්න දායකත්වයක් ලබා දුන්නා. අපි ඒක අගය කරනවා.

    අගමැති – රෝගීන් නොවන පුද්ගලයෙක් රෝගියෙක් කියලා ප්‍රකාශ කරන එක ඇත්තටම පුද්ගලයකුට කරන හානියක්.

    මාධ්‍ය – නිරෝධායන මධ්‍යස්ථානයක සිටින අය සමාජගතවීමක් නේද පහුගිය දවස්වල සිද්ධ වෙලා තියෙන්නේ? මේ චෝදනාවත් එක්ක රෝහල්වල නිරෝධායන මධ්‍යස්ථානවල වැඩකරන අය සම්බන්ධයෙන් ජනතාවට බියක් ඇති වෙනවා.

    හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා – නිරෝධායන මධ්‍යස්ථානවල නිරෝධායන කටයුත්ත නිවැරැදිව සිදු වෙලා නැහැ කියා ඔබතුමා කියනවානම් ඒ කතාව පිළිගන්න බැහැ. නිරෝධායන මධ්‍යස්ථානයකින් පිටත්වුණු. පුද්ගලයන් අතරෙන් රෝගීන් වාර්තාවීමක් වෙලා නැහැ. පුනරුත්ථාපන මධ්‍යස්ථානයකින් එළියට ගිය අය අතරින් යම් බෝවීමක් තමයි සිද්ධවෙලා තියෙන්නේ.

    ප්‍රථම වතාවට කන්දකාඩු ප්‍රතිකාර හා පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් රෝගින් වාර්තා වුණේ. ඒකෙන් තමයි අපි දැනගන්නේ මූලාශ්‍රය කන්දකාඩු බව. උපදේශන සඳහා පිටතින් පැමිණ ගෙවල්වලට යන අයත් ඒ අතර හිටියා. පළමු පුද්ගලයා වාර්තාවීමත් සමඟ අපි සියලු දෙනා නිරෝධායනයට අරන් පවුල්වල අයත් නිරෝධායනයට යොමු කළා. පසුව ඔවුන් සම්බන්ධයෙන් පී.සී.ආර් පරීක්ෂණ කර ඒ අය අතර කොරෝනා වයිරස ආසාධිතයන් සිටිනවාද කියා තහවුරු කරගන්නවා. දින කීපයක් ඇතුළත අපි තත්ත්වය සම්පූර්ණයෙන්ම අපේ පාලනයට අරගෙන තියෙනවා.

    සෞඛ්‍ය ඇමැතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය – දින දාහතරක් ඇතුළත රෝග ලක්ෂණ මතු වෙනවා කියන එකයි සාමාන්‍යයෙන් විශේෂඥ වෛද්‍යවරුන්ගේ මතය. උපදේශකයන් සමාජයට ගිහින් දින 14 ක කාලය මේ වන විට පසු වෙමින් තිබෙනවා. ඒ අයගෙන් රෝගය සමාජයට බෝවුණානම් මේ වන විට රෝගීන් වාර්තාවීම ආරම්භ වෙලා තියෙන්න ඕනෑ.

    මාධ්‍ය – පුනරුත්ථාපන කඳවුරේ එකවර මෙවැනි සිදුවීමක් වුණේ කොහොමද?

    හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා – බොරැල්ල සහ කොළඹ ආසාදිතයන් හා සම්බන්ධ පිරිස් අපි නිරෝධායනය කළේ ස්ථාන දෙකක. කන්දකාඩු ගල්කන්ද සහ මුලතිව් කියන ස්ථානවල. ඒ අය නිරෝධායනයෙන් පස්සේ සමාජගත කරනවා ද හොඳ පුරවැසියන් බවට පත් කරන්න කටයුතු කරනවා ද කියන තර්කය මතු වුණා. මත්ද්‍රව්‍යයට උපරිමයෙන් ඇබ්බැහි වූ අයයි එතැන හිටියේ. ඒ අනුව නැවත අධිකරණ තීන්දුවක් අරන් ඔවුන් මේ කඳවුරට යොමු කළා. බොහෝ දුරට මේ අය අතරින් පසුකාලීනව රෝග ලක්ෂණ මතුවීමෙන් මේ මතුවීම සිදුවුණා වෙන්න පුළුවන්.

    මාධ්‍ය – පුනරුත්ථාපන කඳවුර ආශ්‍රිතව නිරෝධායන මධ්‍යස්ථානයක් තියෙනවා නේද?

    හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා – ඔව්. ඒ නිරෝධායන මධ්‍යස්ථානයයි මේ පුනරුත්ථාපන කඳවුරයි අතර සම්බන්ධයක් නැහැ. මේ කඳවුරුවලට ආරක්ෂාව යොදවලා තියෙන්නේ. කිසිසේත්ම කඳවුරු අතර සම්බන්ධතාවක් ඇති වෙන්නේ නැහැ.

    මාධ්‍ය – මේ මොහොතේ, මේ සම්බන්ධයෙන් අලුත්ම තත්ත්වය කොහොමද?

    සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා – වයිරස ආසාදිත රෝගීන් සංඛ්‍යාව 2673ක්. මේ අවස්ථාවේ රෝගීන් 650ක් ප්‍රතිකාර ලබමින් සිටිනවා. රෝගීන් සංඛ්‍යාව 150ක් පමණ වන අවස්ථාවක තමයි අපි මේ තත්ත්වයට නැවත මුහුණ දුන්නේ.කන්දකාඩු පොකුරේ රෝගීන් 553ක් ඉන්නවා. ඒ කඳවුරේම ප්‍රතිකාර කිරීම් ආරම්භ කර තියෙනවා. ඔවුන් ඉතා හොඳ ශාරීරික මානසික තත්ත්වයකින් සිටින බව වෛද්‍යවරුන් දැනුම් දී තියෙනවා. ඒ කඳවුරට අලුතෙන්ම වෛද්‍යවරුන් හෙදියන් සේවයට යොදවා තියෙනවා. කිසියම් ස්වසන අපහසුතාවක් තියෙනවානම් වහාම වැලිකන්ද රෝහලට යොමු කරන්න අවශ්‍ය කටයුතු, ප්‍රවාහන පහසුකම් සලස්වා තියෙන්නේ.

    ඒ සමඟම විශේෂයෙන් කිවයුතු දෙයක් තියෙනවා. පසුගිය දින කිහිපයේ කන්දකාඩු පොකුර ආශ්‍රීතවත් පී. සී. ආර් පරීක්ෂණ හාරදාහක් කර තියෙනවා. අපි දෛනිකව නියැදි අරගෙන පී.සී.ආර් පරීක්ෂණ සිදුකරමින් තිබෙනවා. රජයේ සහ පෞද්ගලික අංශවල සේවකයන් විශාල සංඛ්‍යාවක් සිටිනවා. සමහර ආයතනවල සේවකයින් පන්සීයකට වඩා වැඩි පිරිසක් සිටින අවස්ථා තිබෙනවා. දුරස්ථභාවය ස්වසන පුරුදු පවත්වාගෙන යාම ආයතන ප්‍රධානීන්ගේ මැදිහත්වීමෙන් සිදුකරන්න කියලා අපි දැඩි ලෙස ඉල්ලා සිටිනවා. සමාජ සම්ප්‍රේෂණයක් අද සිදුනොවුණුත් ඉදිරියේදී එවැනි තත්ත්වයක් ඇති වීම වළක්වා ගන්නයි මේ පියවර අනුගමනය කළ යුතු වෙන්නේ. වයිරසය අපේ වටේ තිබුණත් අපි ආරක්ෂාකාරී නම් ඒ වයිරසය ආසාදනය වෙන්නේ නැහැ. එක් එක් ආයතනවල මුදල්, ආයතන ආදී වශයෙන් අංශ කිහිපයක් සේවය කරනවා. ඒ අංශ වෙන් වෙන් වශයෙන් කටයුතු කරනවා නම් වඩාත් සුදුසුයි. වයිරසය කොහෙන් හෝ බෝවීමක් සිදුවෙලා කෙනෙකුට හැදුණොත් පාලනය කර ගැනීමේ හැකියාව ලැබෙන්නේ ඒ විදියට කටයුතු කළොත් විතරයි.

    මාධ්‍ය – මේ සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ අදහස මොන වගේද ?

    විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය – මේක නිවාරණ සෞඛ්‍ය ක්ෂේත්‍රය සම්බන්ධයෙන් හදිසි තත්ත්වයක්. අපි රෝගින් කළමනාකරණය කරගන්න ඕනෑ. දේශපාලන නායකත්වය, සෞඛ්‍ය ධාරිතාව කළමනාකරණය හා මහජනතා දායකත්වය කියන දේවල් වයිරසය පාලනය කිරීමට වැදගත් වෙනවා. විශේෂයෙන් කියන්න ඕනෑ මේ රෝගය සම්බන්ධයෙන් මියගිය අයගෙන් සියයට 96. 2 ක්ම බෝ නොවන රෝග වැළදී සිටි අය. ඒ කියන්නේ බෝ නොවන රෝග තමයි බෝවන රෝගවලට පසුබිම් වෙන්නේ.

    අගමැති – මෙවැනි අවස්ථාවක දේශපාලනයට වඩා ජනතාවට සංවේදීව කටයුතු කරන්න කියා ඉල්ලා සිටිනවා. ජනතාව බියවෙන ආකාරයට කැළඹීම් ඇතිවන ආකාරයට කටයුතු කරන්න සුදුසු තත්ත්වයක් නොවෙයි මේක.

    මාධ්‍ය – වයිරස තත්ත්වය සම්බන්ධයෙන් දේශපාලන පක්ෂ නායකයන් ගෙන්වලා දැනුවත් කිරීමක් කරන්න බැරිද ?

    අගමැති – මේ අවස්ථාවේ මැතිවරණයක් තියෙනවා. ඒ නිසා ආරාධනා කළත් එන්නේ නැහැ. අපි ඉල්ලා සිටිමු කොවිඩ් වයිරසය මැතිවරණ වේදිකාවේ දේශපාලන මාතෘකාවක් කරගන්න එපා කියලා.

    මාධ්‍ය – මහත් අභියෝග මැද මෙවර මහ මැතිවරණයෙන් තුනෙන් දෙකක බලයක් ඔබ ඉල්ලා සිටිනවා?

    අගමැති – මේ පාර අපි බලාපොරොත්තු වෙන්නේ තුනෙන් දෙකක බලයක් තමයි.

    මාධ්‍ය – මැතිවරණ ප්‍රතිඵලය ගණන් කිරීමේ වෙනසක් සිදු වෙලා තියෙනවා?

    අගමැති – ඔව්. වෙනදා වගේ නෙමෙයි මේ පාර. මැතිවරණ ප්‍රතිඵල ගණන් කරන්නේ. මැතිවරණ කොමිසම තමයි නිසි බලධාරියා. දවස් දෙකක් ප්‍රමාදවෙලා ගණන් කරමු කිව්වත් අපට බලන් ඉන්න සිද්ධ වෙනවා.

  • නුවරඑළියේ දූෂිත ‘රාජපක්ෂ හිතවාදී ප‍්‍රභූ පවුල් පාලනය’ අවසන් කරනවා – නීතිඥ හිරණ්‍ය හේරත්

    නුවරඑළියේ දූෂිත ‘රාජපක්ෂ හිතවාදී ප‍්‍රභූ පවුල් පාලනය’ අවසන් කරනවා – නීතිඥ හිරණ්‍ය හේරත්

    නුවරඑළිය කියන්නේ පුංචි එංගලන්තය වුණාට, සංචාරක ආකර්ෂණය දිනාගත් ප‍්‍රදේශයක් වුණාට ඔබලා දන්නවා ඔබලා මුහුණ දෙන සමාජ-ආර්ථික ගැටලූවල නිමක් නැහැ. ඒක අපේ වතුකරයේ මිත‍්‍රයින් වගේම ගම්මානවල ජීවත්වන, නගරයේ ජීවත් වන සියලූ දෙනාම පොදුවේ මුහුණ දෙන අවාසනාවන්ත තත්ත්වයක්.

    නුවරඑළියට වැටෙන වැස්ස මහවැලි ගග දිගේ පහළට ගලා ගෙන යනවා වාගේ නුවරඑළියේ සම්පත්වලින් ඵල ප‍්‍රයෝජන ගන්නේ නුවරඑළියේ ජනතාව නෙමෙයි. තේ වගාවේ ආදායමෙන් වතු කම්කරුවන්ට සෙතක් නැතිවා සේම, ගොවියන් ඇතුළු සියළු ජනයාට මෙම ආදායමෙන් කොටසක් නොලැබීමෙන් අද අපගේ ජනතාව අන්ත අසරණ තත්ත්වයට පත්ව ඇති බව නුවරඑළිය දිස්ත්‍රික්කය වෙනුවෙන් මෙවර මහා මැතිවරණය ඉදිරිපත්ව ඇති සමගි ජනබලවේගයේ නීතිඥ හිරණ්‍ය හේරත් මහත්මිය වලපනේ පැවැති සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති ජන රැළියකදි පැවසුවාය.

    මෙම රැළියේදී ඇය වැඩිදුරටත් පවසා සිටියේ,

    අද අපිට, නුවරඑළිය දිස්ත‍්‍රික්කයේ ජනතාවට සුවිශේෂ දවසක්. ලබන අගෝස්තු 05 වැනිදා පැවැත්වෙන මහ මැතිවරණයෙන් සමගි ජන බලවේගය ලබන නියත ජයග‍්‍රහණය විජයග්‍රහණයක් බවට පත්කරන ජයග‍්‍රාහී රැලිය තමයි මේ පැවැත්වෙන්නේ. ඒ නිසා මේ අවස්ථාවට පැමිණ සිටින ඔබ සියලූ දෙනා ඒ විජයග‍්‍රහණයේ හිමිකරුවන් පමණක් නොව සාක්ෂිකාරකයින් බවට ද පත් වෙනවා. මොකද නුවරඑළියෙන් හැමදාම ලැබූ වාර්තාගත ඡන්ද ප‍්‍රමාණය තමයි මෙවරත් සමගි ජන බලවේගයේ ජයග‍්‍රහණය විජයග‍්‍රහණය කරන්නේ.

    අපේ නායකතුමා, ගරු සජිත් පේ‍්‍රමදාස මැතිතුමා අද අපේ බලකොටුව නුවරඑළියට පැමිණීම අප සැමටම අභිමානයක් වගේම ශක්තියක්. ඒ වගේම මම එය සලකන්නේ මා ලද පුද්ගලික ජයග‍්‍රහණයක්, වටිනාකමක් විදියටයි. ඊට හේතු කිහිපයක් තිබෙනවා. ඒ අතර වැදගත්ම කරුණ වන්නේ මගේ ආදරණීය මෑණියන්, ගරු රේණුකා හේරත් මැතිනිය, අපේ නායකතුමාගේ, සජිත් පේ‍්‍රමදාස මැතිතුමාගේ පියාණන් වූ රණසිංහ පේ‍්‍රමදාස මැතිතුමාගේ රජයේ සෞඛ්‍ය අමාත්‍යවරිය වශයෙන් කටයුතු කළා. එතුමන් ඒ ගැන මියයන මොහොත දක්වාම කතා කළා. ඒ වගේම එතුමිය තවත් වැදගත් දෙයක් ගැන නිතර නිතර කණස්සල්ලෙන් කතා කළා. ඒ තමයි පේ‍්‍රමදාස මැතිතුමාට ආණ්ඩුව කරගෙන යාමට ඉඩ නොදී කකුලෙන් ඇද්ද ප‍්‍රබලයින් ගැන. අවසානයේ එතුමාට දෝෂාභියෝගයක් ගෙනත් පක්ෂය විනාශ කළ ප‍්‍රබලයින් ගැන.

    මා මෙහිදී, සමගි ජන බලවේගය බිහි වූ හැටි, එහි කාර්යභාරය, ජාතික වගකීම ගැන කියන්න යන්නේ නැහැ. එය ඔබලා සැමදෙනාම හොදාකාරවම දන්නවා. ඒත් මම එක් වැදගත් කරුණක් ගැන කියන්න අවසර ඉල්ලා සිටිනවා.

    ඔබලා හොඳින්ම දන්නවා නුවරඑළියට හැමදාම කැබිනට් ඇමැතිකම් කිහිපයක් හිමි වුණා. ලංකා කම්කරු කොන්ග‍්‍රස ආණ්ඩුවට එක් වූ විට ප‍්‍රබලතම කැබිනට් ඇමැතිකම් හිමි වුණා. ඒ වගේම නුවරඑළියේ පවුල් පාලනයේ කේන්ද්‍රස්ථානයක් වන දිසානායක පවුලත් හැමදාම කැබිනට් ඇමැතිකම් දැරුවා. එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් නොතිබුණත්, පක්ෂය කඩාගෙන ගිහින්, පාක්ෂිකයින් පවා දෙමින් ඇමැතිකම් ලබාගත්ත නුවරඑළියේ ප‍්‍රබලයෝ හිටියා. වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයට නුවරඑළියට ලියලා දීලා වගෙයි තිබුණේ.

    ඒත් ඔබ හොඳින් දන්නවා මේ කිසිම ඇමැතිකමකින් නුවරඑළිය පොදුජනතාවට ලැබුණ සෙතක් නැහැ. ඒවා ප‍්‍රභූ පවුල්වල පුත්තුන්ට, ඥාතී මිත‍්‍රාදීන්ට සැප ගන්න, කම්සැප ගන්න, ධන නිධාන වෙලා තිබුණේ. මේ අමාත්‍යාංශ හරහා එක රැකියාවක් නුවරඑළියේ තරුණ – තරුණියන්ට ලැබුණේ නැහැ. එම රැකියාවල් වෙනත් දිස්ත්‍රික්ක වල අයටත්, මුදල් වලට විකුණු බවට හා ලිංගික අල්ලස් වලට ලබාදී ඇති බව ආරංචි ලැබෙමින් පවතිනවා.

    නුවරඑළිය කියන්නේ පුංචි එංගලන්තය වුණාට, සංචාරක ආකර්ෂණය දිනාගත් ප‍්‍රදේශයක් වුණාට ඔබලා දන්නවා ඔබලා මුහුණ දෙන සමාජ-ආර්ථික ගැටලූවල නිමක් නැහැ. ඒක අපේ වතුකරයේ මිත‍්‍රයින් වගේම ගම්මානවල ජීවත්වන, නගරයේ ජීවත් වන සියලූ දෙනාම පොදුවේ මුහුණ දෙන අවාසනාවන්ත තත්ත්වයක්.

    නුවරඑළියට වැටෙන වැස්ස මහවැලි ගග දිගේ පහළට ගලා ගෙන යනවා වාගේ නුවරඑළියේ සම්පත්වලින් ඵල ප‍්‍රයෝජන ගන්නේ නුවරඑළියේ ජනතාව නෙමෙයි. ලංකාවේ වැඩියෙන්ම එළවළු වගා කරන්නේ නුවරඑළියේ ගොවීන් වුණාට ඒවායේ මිල තීරණය කරන්නේ, ලාභය ගන්නේ ඔවුන් නෙමෙයි. ඔවුන්ට වගාවට අවශ්‍ය භූමියේ සිට, බීජ ටික දක්වා ගැටලූ තිබෙනවා. අස්වැන්නට නිසි මිලක් නැතිකම, මූල්‍ය ගැටලූ තිබෙනවා. ඒ වගේම අස්වැන්න ගබඩා කිරීමට නියමිත තැනක් නැතිවීම වගේ ගැටලූ තිබෙනවා. ඔවුන් දැඩි සූරා කෑමකට ලක්ව සිටිනවා. නුවරඑළියේ එළවළු ගොවීන්ගේ දැඩි සූරාකෑමකට ලක්ව සිටිනවා.

    මේ තත්ත්වය දැන්වත් වෙනස් විය යුතුයි. දේශගුණ විපර්යාසවල බලපෑම නිසා නුවරඑළියේ වර්ෂාපතනය අඩුවෙලා තිබෙනවා. උෂ්ණත්වය ඉහළ ගොස් තිබෙනවා. මේවා ඍජුවම එළවළු වගාවට, වැවිලි කර්මාන්තයට, මල් වගාවට බලපානවා. ඒ නිසා මේ දේශගුණ විපර්යාසවලට මුහුණදීමට නම් නවීන කෘෂිකාර්මික දැනුමින් අපේ ගොවිජනතාව ශක්තිමත් කළ යුතුයි. ඔවුන්ට ඒ දැනුම සමග ඒවා ලබා ගැනීමට අවශ්‍ය මූල පහසුකම් ද සලසා දිය යුතුයි. මේ අභියෝගය ජය ගැනීමේ හැකියාව මට තිබෙනවා. අපේ නායකතුමාට තිබෙනවා. සමගි ජන බලවේගයට තිබෙනවා.

    ඒ වගේම තමයි නුවරඑළියේ අති බහුතරය වන වතුකරයේ අපේ සහහෝදර සහෝදරියන් මුහුණ දෙන ගැටලූවල නිමක් නැහැ. වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය නුවරඑළියේ හාමුලාට සින්න වුණාට සින්නදොරේලාට ලැබුණ සහනයක් නැහැ. සිද්ධ වුණේ ඔවුන් තව තවත් දුප්පත්වීම, අසරණ වීම පමණයි.

    ඔවුන්ගේ තරුණ පරම්පරාවේ ඉඩම් ගැටලූ, රැකියා ගැටලූවට වහාම විසඳුම් සෙවිය යුතුයි. වතුකරයේ තරුණ – තරුණියන් රජයේ රැකියාවක් ලබාගැනීම සිහිනයක් බවට පත්ව තිබෙනවා. ඔවුන්ට වතුකරයේම, නුවරඑළියේම අභිමානවත් පුරවැසියන් වශයෙන් ජීවත් වීමට අවශ්‍ය පරිසරය නිර්මාණය කළ යුතුයි. ඒ සඳහා රැකියා අවස්ථා වගේම, ව්‍යාපාරික අවස්ථා, වෘත්තීය අවස්ථා පුළුල් කළ යුතුයි.

    නුවරඑළියේ කාන්තාවන් ගැන අපි වඩාත් අවධානය යොමුකළ යුතුයි. ඔවුන් සියවස් ගණනාවක් තිස්සේ දැඩි සූරාකෑමට ලක් වෙමින් තිබෙනවා. ඔවුන්ට දෙපයින් නැගී සිටමට අවශ්‍ය ශක්තිය ලබාදිය යුතුයි. සූරාකෑම නතර කළ යුතුයි.

    ඔබලා හොඳින්ම දන්නවා වතුරයේ කාන්තා හිංසනය, ළමා අපයෝජන ඉහළටම ගිහින්. ඒකට හේතුව දුප්පත්කම සහ මත්වතුර භාවිතයයි. වතුකරයේ ලොකුම ශාපය බවට මත්ද්‍රව්‍ය හා මත්වතුර බවට පත්ව තිබෙනවා. අපි ඒවා තුරන් කර අපේ කාන්තාවන්ගේ, ළමුන්ගේ ජීවිත සුරක්ෂිත කළ යුතුයි. මත් රකුසාගෙන් වතුකරය මුදාගත යුතුයි. එය කළ හැකි වන්නේ ශක්තිමත් දැක්මක් ඇති පාලනයකට පමණයි.

    ලංකාවේ කාන්තාවන් අති බහුතරයක් මුහුණ දී සිටින මහා ව්‍යසනයක් වන ක්ෂුද්‍ර මූල්‍ය මාෆියාව අද වතුකරයේ, නුවරඑළියේ කාන්තාව බිළිගනිමින් සිටිනවා. දුප්පත්මක, ආර්ථික අවස්ථා අහිමි වීම නිසා තමයි අපේ කාන්තාවන්, කුඩා ව්‍යාපාරිකයින් මේ උඟුලට වැටිලා තිබෙන්නේ. ඒ නිසා කාන්තාවන්ගේ ආර්ථික ශක්තිය වර්ධනය කිරීම තුළින් මේ ගැටලූවට විසඳුම් සොයන්න අපි බලාපොරොත්තු වෙනවා.

    මෙහිදී තවත් වැදගත් කරුණක් ගැන කතා කළ යුතුයි. අපේ කාන්තාවන්, ළමුන් දැවැන්ත සෞඛ්‍ය ගැටලූවලට මුහුණ දෙමින් සිටිනවා. ඊට ප‍්‍රධාන හේතුව ඔවුන්ගේ දුප්පත්කම සහ ආර්ථික අවස්ථා අහිමි වීමයි. ඒ වගේම පසුගිය කාලය පුරාම නුවරඑළියේ සෞඛ්‍ය සේවා පහසුකම් දියුණු වෙලා නැහැ. අද ලංකාවේ ජනගහනයට සාපේක්ෂව අඩුම වෛද්‍යවරුන් සංඛ්‍යාවක් සිටින්නේ නුවරඑළිය දිස්ත‍්‍රික්කයෙයි. ලංකාවේ ඒ අනුපාතය 1:750ක් වෙන කොට නුවරඑළියේ අනුපාතය 1:3000ක් පමණ වෙනවා. ඔබට ඒකෙන්ම හිතා ගන්න පුළුවන් නුවරඑළියේ සෞඛ්‍ය ගැටලූවල තත්ත්වය.

    අධ්‍යාපන අතින් බැලූවත් තත්ත්වයේ වෙනසක් නැහැ. නුවරඑළියේ ප‍්‍රමාණවත් තරම් ගුරුවරුන් නැහැ. පාසල්වල පහසුකම් නැහැ.

    මේකට ප‍්‍රධානතම හේතුව රාජ්‍ය නිලධාරීන්, වෘත්තිකයින් නුවරඑළියට ඒමට අකමැති වීමයි. ඒකට හේතුව ඔවුන්ට අවශ්‍ය පහසුකම්, නිල නිවාස ආදිය නැකිතමයි. ඒ නිසා ඔවුන් නුවරඑළිය සලකන්නේ දුෂ්කර ප‍්‍රදේශයක් විදිහටයි.

    අපේ සැලසුම වන්නේ වසරකට වරක් සැප ගන්න එන රාජ්‍ය නිලධාරීන්, වෘත්තිකයින් වැඩකරන්න එන තැනක් බවට නුවරඑළිය පත් කිරීමයි. ඒ සඳහා අවශ්‍ය සියලූ සැලසුම් අප සතුව තිබෙනවා. අපි නුවරඑළිය සැප ගන්න තැනක් වගේම – වැඩ කරන තැනක් බවටත් පත් කරනවා.

    ගරු නායකතුමනි, මගේ කතාව අවසන් කිරීමට පෙර අනාවැකියක් කිරීමට මම ඔබතුමාගෙන් අවසර ඉල්ලා සිටිනවා. ඒ අනාවැකිය තමයි සමගි ජන බලවේගය මේ මහා මැතිවරණයෙන් ලබන ජයග‍්‍රහණය විජයග‍්‍රහණයක් බවට පත් කරන්නේ මේ නුවරඑළියේ ජනතාවයි.

    ඒ වගේම අපි මෙම මහ මැතිවරණයෙන් පසුව නුවරඑළියේ දූෂිත රාජපක්ෂ හිතවාදී ප‍්‍රභූ පවුල් පාලනය අවසන් කරනවා. ඔබතුමා රාජපක්ෂ පවුල් පාලනය අවසන් කරන විට අපි නුවරඑළියේ ප‍්‍රභූ පවුල් පාලනය අවසන් කර ඔබතුමාගේ නායකත්වය යටතේ පොදුජන යුගයක් බිහි කරනවා.

    අවසන් වශයෙන් මා මෙතැනට පැමිණි, නොපැමිණි සියලූම අයගෙන් ඉල්ලීමක් කරන්න කැමතියි. අපි ඔබ ප‍්‍රාර්ථනා කළ නායකයා අපගේ අනාගතය භාර ගෙන තිබෙනවා. අපි සමග දූෂිතයෝ නැහැ, ඝාතකයෝ, ප‍්‍රජා පීඩකයෝ නැහැ. ඒ නිසා නොබියව අප සමග එක්වන්න. අගෝස්තු 05 වැනිදාට ඡන්දපොළට යන්න. දුරකථනය ඉදිරියේ ඔබේ වටිනා ඡන්දය ප‍්‍රකාශ කරන්න. සජිත් පේ‍්‍රමදාස මහතාගේ නායකත්වයෙන් බිහිවන නව පොදුජන යුගයේ හවුල්කාරයින්, සාක්ෂිකාරයින් වන්න කියලා මම ඔබගෙන් ඉල්ලා සිටිනවා.

  • ජනපතිගෙන් අම්පාරේ ගොවි සහ පොදුජන ගැටලුවලට කඩිනම් විසදුම්

    ජනපතිගෙන් අම්පාරේ ගොවි සහ පොදුජන ගැටලුවලට කඩිනම් විසදුම්

    පොදුජන පෙරමුණෙන් මෙවර මහ මැතිවරණයට තරගවදින අපේක්ෂකයන්ගේ ජයග්‍රහණය තහවුරු කරනු පිණිස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (17) අම්පාර දිස්ත්‍රික්කයේ චාරිකාවක නිරතව සිටී.

    චාරිකාව අරඹමින් පදියතලාවට පැමිණි ජනාධිපතිතුමාගෙන් ප්‍රදේශවාසීන් කළ ඉල්ලීම අනුව පදියතලාව නගර මධ්‍යයේ මාර්ගය මංතීරු 04ක් ලෙස පුළුල් කරන්නැයි ජනාධිපතිවරයා මාර්ග සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම්වරයාට උපදෙස් දුන්නේය.

    කිරමාන, සේරංකඩ සහ මරංගල ගම්මානවල ජල හිඟයට විසඳුම් පිණිස අඹකැන්ඔය ව්‍යාපෘතියෙන් ජලය සැපයීමට කඩිනම් පියවර ගන්නා බව ජනාධිපතිවරයා දුන් නියෝගයට පිළිතුරු දෙමින් ජල සම්පාදන අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය ප්‍රියත් බන්දු වික්‍රම මහතා පැවසීය.

    සේනා දළඹුවාගෙන් වගාවන්ට වූ හානි සඳහා වන්දි ගෙවීමට පියවර ගන්නැයි ජනාධිපතිවරයා හිටපු රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක මහතාට  උපදෙස් දුන්නේය.

    මහවැලි ඉඩම් සම්බන්ධයෙන් ජනතාව ඉදිරිපත් කළ ගැටළු විසඳීමට කමිටුවක් පත් කිරීමට ද තීරණය කෙරිණ. ප්‍රදේශයේ වැව් සහ සුළු වාර්මාර්ග ප්‍රතිසංස්කරණයට සහ වන අලි ගම්වැදීමේ ගැටළුවට  විසඳුම් දීම පිළිබඳව ද සාකච්ඡා විය.

    රැකියා විරහිතභාවය ගැන ජනතාව ඉදිරිපත් කළ අදහස්වලට පිළිතුරු දුන් ජනාධිපතිවරයා සෞභග්‍යයේ දැක්ම  ප්‍රකාශනයේ සඳහන් පරිදි මැතිවරණයෙන් පසු රැකියා ලක්ෂයක් ලබාදීමට සැලසුම් කර ඇතැයි පැවසීය. පුහුණු ශ්‍රමය වර්ධනය කිරීමේ වැදගත්කම ජනාධිපතිවරයා රැස්ව සිටී පිරිසට පැහැදිළි කළේය.

    දෙහි සහ ධාන්‍ය වගා ඇතුළු සිය අස්වැන්න අළෙවි කිරීමට ආර්ථික මධ්‍යස්ථානයක් ස්ථාපනය කරන ලෙස කළ ඉල්ලීමට ද ජනාධිපතිගේ ප්‍රතිචාරය පළ විය.

    ග්‍රාමීය ප්‍රදේශවල තාක්ෂණික පාඨමාලා නොතිබීම නිසා තරුණ පිරිස මුහුණපාන ගැටළු සම්බන්ධයෙන් ද ජනාධිපතිවරයා දැනුවත් කෙරිණ. ඊට විසඳුම් සැලසුම් කරන්නැයි ජනාධිපතිවරයා අදාළ නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

    පාසල් නැවත ආරම්භ කරන ලෙස රැස්ව සිටි සිසුන් කළ ඉල්ලීම අධ්‍යාපන අමාත්‍යවරයා වෙත යොමු කරන බව ජනාධිපතිවරයා කීය.

    වෛද්‍ය තිලක් රාජපක්ෂ මහතා ද මේ අවස්ථාවට එක් විය.

    කීර්ති ශ්‍රී වීරසිංහ මහතා මහඔය, 69 හංදියේ සංවිධාන කළ ජන හමුවට පැමිණි ජනාධිපතිවරයා රැස්ව සිටී ගම්වාසීන් සමග සුහද කථා බහක නිරත විය.

    පාරම්පරිකව සහ රක්ෂිත ආශ්‍රිතව වගාව සඳහා භාවිත බලපත්‍ර නැති ඉඩම්වලට බලපත්‍ර නිකුත් කරන බව ජනාධිපතිවරයා ඔවුන් සමග පැවසීය. ප්‍රදේශයේ ජනතාව මුහුණ දී සිටින පානීය ජල ගැටළුව ද ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කෙරිණ.

    මහඔය සතිපොළ භූමියේ සංවිධාන කර තිබූ ජන හමුවට පැමිණි ජනාධිපතිවරයාට මහා සංඝරත්නය ආශිර්වාද  කළහ. කොවිඩ් වෛරසය පාලනය කරමින් ජනතාව ආරක්ෂා කිරීමට ජනාධිපතිතුමා ගෙන ගිය වැඩපිළිවෙළ උන්වහන්සේ අගය කළහ.

    කීර්ති ශ්‍රී වීරසිංහ මහතා සංවිධාන කළ හමුවට ආදිවාසී පිරිසක් ද සහභාගි වී සිටියහ.

    විමලවීර දිසානායක මහතා උහන, ප්‍රාදේශීය සභාව ඉදිරිපිට සංවිධාන කර තිබු ජන හමුවට ද රාජපක්ෂ මැතිතුමා සහභාගී විය.

    ප්‍රදේශයේ පුරන්ව ඇති අක්කර 300කට අධික වගාබිම් නැවත අස්වැද්දිමට ජලය සැපයීමටත්, වන ජීවි දෙපාර්තමේන්තුවට පවරාගෙන ඇති ඉඩම් ජනතාවට පැවරීමටත් සැලසුම්කර ඇතැයි ජනාධිපතිතුමා රැස්ව සිටී පිරිස සමග පැවසීය. ප්‍රදේශ රැසක ජනතාව පීඩාවට පත්කරන  පානීය සහ වගා ජල ගැටළුව අදාළ ආයතන සමග සාකච්ඡා කර කඩිනමින් විසඳීම රජයේ ප්‍රමුඛතාවක් බව ජනාධිපතිතුමා සඳහන් කළේය.

    වී අස්වැන්න සහතික මිලට මිස අළෙවි නොකරන්නැයි ජනාධිපතිතුමා ගොවීන්ට උපදෙස් දුන්නේය.

    ප්‍රදේශ ගණනාවක පෙර පාසල් ගුරුවරු මුහුණ පා සිටින ගැටළු විසඳීමට දැනටමත් උපදෙස් දී ඇතැයි හිටපු රාජ්‍ය ඇමතිණි ශ්‍රියාණි විජේවික්‍රම මහත්මිය නාමල්ඔය, සල්ගස් හංදිය සතිපොළ භූමියේ සංවිධාන කළ ජන හමුවට සහභාගීවෙමින් ජනාධිපතිතුමා ප්‍රකාශ කළේය.

    ප්‍රදේශයේ රැකියා විරහිත කාන්තාවනට  ස්වයං රැකියා වෙත යොමුවීමට ක්‍රමයක් සලසා දෙන ලෙස ද රැස්ව සිටී පිරිස ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටියහ.

    අම්පාර, නාමල්ඔය වැව ප්‍රතිසංස්කරණය කිරීමේ අවශ්‍යතාව ජනතාව පෙන්වා දුන්හ. 

    විමලවීර දිසානායක මහතා අම්පාර නගර සභා හරිත උද්‍යානයේ සහ ඩබ්.ඩී. වීරසිංහ මහතා හිඟුරාන සතිපොළ භූමියේ සංවිධාන කර තිබූ ජන හමුවලට ද ජනාධිපතිතුමා සහභාගී විය.

    සේනා දළඹුවාගෙන් වගාවන්ට වූ හානි සඳහා වන්දි දීමටත්, අනවසරයෙන් එතනෝල් ආනයනයට තිත තැබීමටත් පියවර ගන්නා බව  ජනාධිපතිතුමා රැස්ව සිටී පිරිස සමග පැවසීය.

    හිඟුරාන සීනි කර්මාන්ත ශාලාව යළි ඇරඹීම පිළිබඳව ජනතාව  ජනාධිපතිතුමා වෙත ප්‍රසාදය පුද කළහ.

  • සෞඛ්‍ය රෙගුලාසි අනුගමනය කළේ නැතිනම් ඡන්දය තියන්න බෑ – මැකො

    සෞඛ්‍ය රෙගුලාසි අනුගමනය කළේ නැතිනම් ඡන්දය තියන්න බෑ – මැකො

    සෞඛ්‍ය රෙගුලාසි අනුගමනය නොකළහොත් ඡන්දය පැවැත්වීමට නොහැකි බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය බ්‍රහස්පතින්දා (ජූලි 16) යළි අවධාරණය කළේය.

    ඔහු පෙන්වා දෙන්නේ රටේ ජනතාව නීතියක් නොමැතිව රීති අනුගමනය නොකරන බවය.

    තැපැල් ඡන්දය පැවැත්වීමේදී ලද අත්දැකීමක් උදාහරණයක් ලෙස ගනිමින් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා මෙලෙස කියා සිටියේය.

    ”වයඹ පළාතේ දිස්ත්‍රික්කයක කෘෂිකර්මයට සම්බන්ධ කාර්යාලයක නිලධාරීන් සහකාර තේරීම්භාර නිලධාරියාගේ උපදෙස් පවා නොතකා එකට පොරකමින් ඡන්දය දීමට පැමිණියා. නිලධාරිවත් බැරිනම් අපිට පාලනය කර ගන්න සාමාන්‍ය ජනතාව කොයි විදියට පැමිණෙයිද ? ඒක වළක්වන්න, පාලනය කර ගන්න මේ නීතිය අවශ්‍යයි. මේ ගැසට් පත්‍රය නොමැතිවීම අපේ කටයුතුවලට බරපතල බාධාවක්.” යනුවෙන් ඔහු පැවසුවේය.

    අදාළ සෞඛ්‍ය මාර්ගෝපදේශ රෙගුලාසි ලෙස නීතිමය වටිනාකමක් ලබා දී නොමැති නිසා තමන් දැඩි අපහසුතාවකට පත්වන බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු ද ජූලි 15 වැනිදා මැතිවරණ කොමිෂන් සභාව දැනුවත් කළහ.

    අගෝස්තු 05 වැනිදා ඡන්දය විමසීම වෙනුවෙන් උපරිම උත්සාහය ගන්නා බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

    එම කොමිෂන් සභාව ජූලි 21 යළි රැස්වීමට නියමිත අතර එදිනට රටේ පවතින තත්ත්වය සමාලෝචනය කිරීමට අපේක්ෂා කෙරේ.

    මේ අතර සෞඛ්‍ය මාර්ගෝපදේශ ඇතුළත් ගැසට් නිවේදනය ඉදිරි දින දෙක තුළ නිකුත් කරන බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි බ්‍රහස්පතින්දා (ජුලි 16) අරලියගහ මන්දිරයේ පැවති සාකච්ඡාවකදී ප්‍රකාශ කළාය.

    PMD

    අසත්‍ය තොරතුරු ගැන සොයන්න CID නිලධාරීන් 26ක්.

    කන්දකාඩු හා සේනපුර යන පුනරුත්ථාපන මධ්‍යස්ථාන කේන්ද්‍ර කරගෙන ‘අලුත් පොකුරක්’ නිර්මාණය වීම සම්බන්ධයෙන් නොයෙකුත් වාර්තා සමාජ මාධ්‍ය තුළ පළවේ. ඒ පිළිබඳව ජනතාව භීතියට පත් කරන, අසත්‍ය තොරතුරු ප්‍රචාරය කරන අය පිළිබඳ සෙවීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් 26 දෙනෙක් යොදවා ඇති බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ බීබීසී සිංහල සේවයට කියා සිටියේය. එම නිලධාරීන් කණ්ඩායම් තුනකට වෙන්ව ක්‍රියාත්මක වෙති.

    මහනුවර සිදුවීමක් සම්බන්ධයෙන් පුවත්පතක අසත්‍ය වාර්තාවක් පළ කිරීම, රෝගීන් හඳුනාගත් ප්‍රදේශ ලෙස සමාජ මාධ්‍ය ඔස්සේ වැරදි සිතියමක් පළ කිරීම සහ කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයට රැදවියන් බැලීමට පැමිණි අයගේ නම් ප්‍රසිද්ධ කිරීම යන සිදුවීම් තුන සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් දැනටමත් පරීක්ෂණ ආරම්භ කර ඇත.

    ”යම් අසත්‍ය ආරංචියක් පතුරලා ජනතාව අතර අසන්තෝෂය ඇති කිරීම දණ්ඩ නීති සංග්‍රහයේ 120 වගන්තිය යටතේ වරදක්. අවුරුදු දෙකක කාලයක් බන්ධනාගාර ගත කිරීමක් හෝ දඩයකට යටත් කරන්න පුළුවන්. ඒ වගේම පොලිස් ආඥා පනතේ 98 වගන්තිය යටතේ මාස හයක සිර දඬුවම් දෙන්න පුළුවන්. ඒ වගේම නිරෝධායන නීති යටතේත් අපි කටයුතු කරනවා” යනුවෙන් නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කළේය.

    කන්දකාඩු අලුත් පොකුරත් සමග සියලු රෝගීන් වාර්තා වී ඇති පොකුරු ගණන 32කි.

    ජූලි 16 වැනිදා පෙරවරු 10.00 වන විට ශ්‍රී ලංකාව තුළ තහවුරු කළ කොරෝනා රෝගීන් සංඛ්‍යාව 2674කි. ඉන් 656 දෙනෙක් රෝහල්ගතව ප්‍රතිකාර ලබති.

    මෙම සම්පූර්ණ ලිපිය බී.බී.සී සන්දේශය වෙතින් උපුටා ගන්නා ලද්දකි – ප්‍රධාන සංස්කාරක

  • 2020 මනාප සටනේ විමල්, රනිල්, සජිත්, සියඹලාපිටිය, තුසිතා, සන්දිත්, ප්‍රසන්න, රන්ජා, අර්ජුන පෙරමුණේ..

    2020 මනාප සටනේ විමල්, රනිල්, සජිත්, සියඹලාපිටිය, තුසිතා, සන්දිත්, ප්‍රසන්න, රන්ජා, අර්ජුන පෙරමුණේ..

    2020 පාර්ලිමේන්තු මහ මැතිවරණයට තව ඇත්තේ දින 20කටත් වඩා අඩු කාලයකි. මේ වන විට තැපැල් ඡන්ද ප්‍රකාශ වෙමින් පවතින අතර අන්තර්ජාල සහ සමාජජාල මාධ්‍ය ඔස්සේද මහ මැතිවරණයෙන් ජයගන්නා සහ මේ වන විට පෙරමුණේ සිටින අපේක්ෂකයින් සම්බන්ධයෙන් සමීක්ෂණ වාර්තා සිදුකෙරෙමින් පවතී.

    ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කයෙන් මෙවර ශ්‍රී පොදුජන පෙරමුණ නියෝජනය කරමින් විමල් වීරවංශ, සමගි ජන බලවේගය නියෝජනය කරන සජිත් ප්‍රේමදාස සහ එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන් පෙරමුණේ සිටිති.

    එසේම ගම්පහ දිස්ත්‍රික්කයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන ප්‍රසන්න රණතුංග, සමගි බලවේගය නියෝජනය කරන රන්ජන් රාමනායක සහ එක්සත් ජාතික පක්ෂය නියෝජන කරන අර්ජුන රණතුංග යන මහත්වරුන් මනාප සටනේ පෙරමුණේ සිටිති.

    එම සමීක්ෂණ වාර්තාවන්ට අනුව මෙවර කෑගල්ල දිස්ත්‍රික්කයේ මැතිවරණ සටන ඉතා තියුණු මුහුණුවරක් ගෙන ඇති අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මැතිවරණ සටන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්වන කනක හේරත් මහතා, තාරක බාලසූරිය මහතා හා රංජිත් සියඹලාපිටිය මහතා අතර දෝලනය වෙමින් පවතින අතර රංජිත් සියඹලාපිටිය මහතා ඉන් ඉදිරියෙන් සිටී.

    සමගි ජන බලවේගය නියෝජනය කරමින් ඉදිරිපත් වී සිටින එකම කාන්තා අපේක්ෂිකාව මෙන්ම හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක් වන වෛද්‍ය තුසිතා විජේමාන්න මහත්මිය පෙරමුණට පැමිණ ඇති අතර, කබීර් හෂීම්, සුජිත් පෙරේරා හා ලලිත් දිසානායක යන මහත්වරුන් අතර දෙවෙන තුන්වෙන ස්ථාන දෝලනය වෙමින් පවතී.

    එක්සත් ජාතික පක්ෂයෙන් තරග කරන හිටපු මන්ත්‍රී සන්දිත් සමරසිංහ මහතා එම පක්ෂයෙන් පෙරමුණ ගෙන සිටී.


  • සජිත් හිතාගෙන ඉන්නේ ‘මේ රටේ ජනතාව’ බබ්බු කියලා – ඇමති ප්‍රසන්න

    සජිත් හිතාගෙන ඉන්නේ ‘මේ රටේ ජනතාව’ බබ්බු කියලා – ඇමති ප්‍රසන්න

    සියළු තොරතුරු තිබිය දී පාස්කු ප්‍රහාරය නවත්වා ගැනීමට නොහැකි වු යහපාලන නඩය තමන් බලයේ සිටියේ නම් කොවිඩ් 19 පාලනය කරන බවට කරන ප්‍රකාශය තරම් විහිළුවක් තවත් නැතැයි කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි. ඔහු අවධාරණය කරන්නේ කොවිඩ් 19 වසංගතය මෙරට පැතිරෙන විට යහපාලන ආණ්ඩුව බලයේ සිටියේ නම් ඇමෙරිකාව, ඉතාලියටත් වඩා ඛේදජනක තත්ත්වයකට රට පත්වන බවයි.

    කොරෝනා නිසා මැතිවරණය කල් දමන්නැ‘යි විපක්ෂය ඉල්ලා සිටින්නේ මැතිවරණයට මුහුණ දීමට ඇති බය නිසා බවත් මැතිවරණය කල් දැමීම හෝ නොදැමීම සෞඛ්‍ය අංශ නිර්දේශ මත සිදුවිය යුත්තක් මිස දේශපාලඥයන්ට අවශ්‍ය පරිදි සිදු විය යුත්තක් නොවන බවත් ඇමති ප්‍රසන්න රණතුංග මහතා වැඩිදුරටත් පෙන්වා දෙයි. ආණ්ඩුව හැමවිටම කටයුතු කරන්නේ ඒ ඒ ක්ෂේත්‍රයන් වල විශේෂඥ උපදෙස් මත බව ද ඔහු අවධාරණය කරයි.

    මිනුවන්ගොඩ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ශාඛා කාන්තා සංවිධාන නියෝජිතයන් සමග අද (15) පැවති සාකච්ඡාවක දී ඇමතිවරයා මෙම අදහස් පළ කළේය.

    මෙහි දී වැඩිදුරටත් අදහස් දැක් වූ ඇමති ප්‍රසන්න රණතුංග මහතා මෙසේ ද කීවේය.

    “මම දැක්කා රනිල් – සජිත් ජෝඩුව කිය කියා යනවා ඒ අය බලයේ හිටියානම් කොරොනා ආපහු පැතිරෙන එක වළක්වනවා කියලා. පාස්කු ප්‍රහාරය වෙලාවේ බලයේ හිටියේ ඔය කට්ටිය. ගහන තැන වෙලාව, දවස, ගහන්න එන ත්‍රස්තවාදීන්ගේ නම් ගම්, අයිඩෙන්ටි කාඩ් අංක පවා දීලත් පාස්කු ප්‍රහාරය නවත්තගන්න බැරි වුණ යහපාලන නඩය දැන් කියනවා කොවිඩ් 19 මර්දනය කරන්න පුළුවන් එයාලටලු. මොන විහිළු කථා ද ඔව්වා. කොවිඩ් එනකොට යහපාලන නඩය බලයේ හිටියා නම් අද ලංකාව ඇමෙරිකාවටත්, ඉතාලියටත් වඩා අන්ත තත්ත්වයකට පත් වෙනවා. ඒක ස්ථිරයි. බුද්ධි අංශ සියලු තොරතුරු දීලත් පාස්කු ප්‍රහාරය වළක්වාගෙන මිනිස්සුන්ගේ ජිවිත බේරගන්න බැරිවුණ යහපාලන නඩය අද කට මැත දොඩවනවා. යහපාලන නඩය මේ රටට කරපු කෙන්ගෙඩියක් නෑ.

    කොරෝනා පාලනය කරන්න අපි ක්‍රියාකළේ සෞඛ්‍ය උපදෙස් අනුවයි. සෞඛ්‍ය උපදෙස් අනුව තමයි මාස දෙකාමාරකට ආසන්න කාලයක් ඇදිරිනීතිය පනවලා තිබුණේ. එහෙම බුද්ධි අංශ යොදවලා අපි කොරෝනා පාලනය කරන්න අවශ්‍ය තොරතුරු එකතු කළා. කොරෝනා මර්දනයට බුද්ධි අංශ සහාය යොදාගත් ලෝකයේ එකම රට ශ්‍රී ලංකාව. ඒ වගේම ඇදිරිනීතිය පවතින කාලයේ රටේ ජනතාවට අත්‍යාවශය භාණ්ඩ ගෙවල් ලගට ලැබෙන්න සලස්වපු ආණ්ඩුවක් කොහේද තිබුණේ. ලෝකයේ ප්‍රධාන රටවල් තමන්ගෙ ජනතාව මැරෙන්න දාලා අහක බලාගද්දී අපි අපේ රටේ ජනතාව ආරක්ෂා කරන්න ගත හැකි, ගත යුතු සියලු ක්‍රියාමාර්ග ගත්තා.

    දැන් රනිල් – සජිත් තරගෙට කියාගෙන යනවා අලුත් තත්ත්වයත් එක්ක මැතිවරණය කල් දාන්න කියලා. ජවිපෙ එකත් ඒකට සයිට් සපෝට් එකක් දෙනවා. රටේ ඇතිවෙලා තියෙන අලුත් තත්ත්වය අඩන්න බලාගෙන ඉන්න මිනිහගේ ඇහැට ඇගිල්ලෙන් ඇන්න වගේ තමන්ගේ වාසියට හරවගන්නයි මේ යහපාලන නඩය හදන්නේ. සෞඛ්‍ය අංශ ඉතා පැහැදිලිව කියනවා මේ තත්ත්වය මැතිවරණයට බාධාවක් නෙමෙයි කියලා. රනිල්ලා – සජිත්ලා දන්නවා අගෝස්තු 05 වෙනිදා මැතිවරණයෙන් මේ අය කුජීත වෙනවා කියලා. ඒ නිසා තමයි දැන් කොරෝනා පිට දාලා මේ මැතිවරණය නැවත කල් දාගන්න ට්‍රයි කරන්නේ. ඒක දේශපාලන පක්ෂ වල උවමනාවට සිදුවිය යුත්තක් නෙමෙයි. රනිල්ලා – සජිත්ලා – අනුරලා බයේ කෑ ගැහුවට ඡන්දය කල් දාන්න බෑ. ඒක සෞඛ්‍ය අංශවල නිර්දේශ අනුව මැතිවරණ කොමසාරිස්වරයා ගත යුතු තීරණයයි.

    අද රනිල් – සජිත් කථා කරන්නේ හදෙන් බැස්සා වගෙයි. මේ අය කියන දේවල් ඇහුවාම අපිට හිතෙනවා පසුගිය අවුරුදු හතරාමාරේ ආණ්ඩු කළේ අපි ද කියලා. ඒ අය පහුගිය කාලේ විපක්ෂයේ හිටියා වගේ තමයි කථා කරන්නේ. රනිල් – සජිත් හිතාගෙන ඉන්නේ මේ රටේ ජනතාව බබ්බු කියලා. රනිල්ලාගේ සජිත්ලාගේ කථා වලට ජනතාව රැවටුණු කාලේ ඉවරයි.

  • මැතිවරණ දේශපාලනයේ ‘බුද්ධිමහතුන්’

    මැතිවරණ දේශපාලනයේ ‘බුද්ධිමහතුන්’

    මෙවර ලිපිය බුද්ධිමතුන්ගේ මැතිවරණ අපේක්ෂක දේශපාලනය පිළිබඳව ය. මෙරට දේශපාලනය ගැන කලකිරුණු ජනයා විසින් කලක සිට ප්‍රතික්ෂේප කිරීමක් සහ යෝජනාවක් සමාජ ගත කළේය. ‘දෙසිය විසි පහම එපා’ යනු ඒ ප්‍රතික්ෂේප කිරීමය. ‘බුද්ධිමතුන් පාර්ලිමේන්තුවට යවමු’  යනු  ඒ යෝජනාවය.

    මේ මොහොතේ මේ දෙකම ප්‍රබලය. දීර්ඝ කාලයක් වාර කීපයක් පාර්ලිමේන්තුවේ සිටි අය අර ‘බුද්ධිමතුන් පාර්ලිමේන්තුවට යවමු’ යන යෝජනාව ඉදිරිපත් වූ මොහොතේ සිට මේ දක්වා ප්‍රබල ප්‍රහාර එල්ල කිරීම ඊට උදාහරණයකි.

    හැබැයි දේශපාලන පක්ෂ ඊට වඩා උපායික විය. සැරසිලි ලෙස සහතිකපත්‍ර බුද්ධිමතුන් තම පක්ෂවල අපේක්ෂක ලැයිස්තුවලට එකතු කළේ ඒ නිසා ය. දැන් හැම පක්ෂයකට ම ඒ ආකාරයේ බුද්ධිමතුන් ඇත. නමුත් මේ බුද්ධිමතුන් වනාහි ජනතාව අර එපා කියූ දෙසිය විසිපහට අයිති අයගේ බුද්ධියෙන් අනුමැතිය ලැබූ අය ය. එසේම ඒ දෙසිය විසිපහට අවනත අය ය. ඒ අනුව බුද්ධිමත්භාවය යනු ධුර-ලාභ අපේක්ෂාවෙන් අවනත වීමේ ගුණයක් විය යුතුය?.

    ඒ අතර, අසරණ ජනයා කෙරෙහි  වූ හෘදසාක්ෂියක් සහිත අය ද කීපදෙනෙක් ද සිටින බව සඳහන් කළ යුතුය. නමුත් එවැන්නන්ට පවා තමන්ලාට අපේක්ෂකත්වය ලැබුණු පක්ෂයේ ගතිලක්ෂණ සහ චරියාව නම් වෙනස් කළ නොහැකිය. බොහෝවිට ඔවුන් එවැනි උත්සාහ ගන්නේද නැත. මන්ද ඒවා සිදුවුණේ හතළිහ පනහ හැට දශකවලය. බුද්ධිමතුන්ට ද ආසන කීපයක් වෙන්කර තිබුනාට ඉන් පලක් නොවන්නේ ඒ නිසාය. මන්ද ඇන් ඇම් ලා, කොල්වින්  ලා, එස්ඒලා, කන්නගර ලා, මුත්තෙට්ටුවේගම ලා එස්ඩබ්ලිව්ආර් ලා නැවත ඒ ආසනවලට එන්නේ නැති නිසා ය. සමහර විට ලෝක තත්ත්වයද මේ ආකාර විය හැකිය.   

    ඒ අතරම ඇතැම් ‘බුද්ධිමතුන්’ තමන්ලාට අපේක්ෂක වරම් නොලැබීම ගැන තවමත් කණස්සල්ලෙන් පසුවෙති. ඇතමුන් ස්වාධීනව ඉල්ලති. දිස්ත්‍රික් නායකයෝ තම ලැයිස්තුවල ඉන්නා බුද්ධිමතුන්ට එරෙහිව වාචික සහ සැඟවුණු සටන්වල නිරත වෙති. බුද්ධිමතුන් ද දවල් මිගෙල් රෑ දනියෙල් චරිත රඟපාති. එනම් එළිපිට දෙසිය විසිපහම වර්ණනා කරමින් ඒ අය හරහා මනාපයක් ලබා ගැනීමට කටයුතු කරන අතර රහසේ තමාව පමණක් ප්‍රවර්ධනය/ ප්‍රමෝට් කර ගනිති. මෙය අපූරු නාටකයකි.

    හුදු බුද්ධිමතුන් පක්ෂවලින් ඉල්ලුවාට ඒ අය අතුරින් කීපදෙනෙකු තේරීපත් වූවාට පක්ෂ, සහ පාර්ලිමේන්තුව බුද්ධිමතුන්ගේ පාලනයට නතු වන්නේ නැත. නතු වුණා යැයි සිතමු. එහෙත් ඒ බුද්ධිමතුන්ට ජනයා කෙරෙහි වූ ප්‍රගතිශීලී හෘද සාක්ෂියක් නැත්නම් ඔවුන්ගෙන් ඔවුන්ටම මිස ජනසමාජයට සිදුවන සෙතක් නැත.

    අද බොහෝ අයට ඇත්තේ ‘බුද්ධිය’ පමණය. එය උත්තරාරෝපිත බුද්ධියකි. එහෙත් මනුෂ්‍යයෙකුගේ මනුෂ්‍යත්වය පරිපුර්ණ වීම සඳහා  අවශ්‍ය වන අංග සතරකි. එය මනා අයුරින් ‘ප්‍රත්‍යශතකයේ’ සඳහන් වන්නේ මෙසේය. එහි සංස්කෘත ශ්ලෝකයේ සරල තේරුමට අනුව නරයාට (මනුස්සයාට) ආභරණය රූපයයි, රූපයට ආභරණය ගුණයයි, ගුණයට ආභරණය ඥානයයි, ඥානයට ආභරණය ඉවසීමයි.

    දැන් ගැටළුව වන්නේ ගුණය, ඥානය සහ ඉවසීම නොමැති එහෙත් රූපයෙන් පමණක් ‘බුද්ධිමහතුන්’ බුද්ධිමතුන් ලෙස පෙනී සිටීමයි. මහ බැංකු සිද්ධිය එවැනි බුද්ධිමහතුන්ගේ ප්‍රහාරයක් ලෙස තේරුම් ගත්තොත් මා කියන දෙය ඔබට යසට පැහැදිළි වනු ඇත. අප බුද්ධිමතුන්ගෙන් අපේක්ෂා කළ යුත්තේ රූපය නොව ගුණය, ඥානය, ඉවසීම සහ පොදුජන සමාජය වෙනුවෙන් වූ හෘදසාක්ෂිය ය. 

    දාර්ශනික බුද්ධිමත් පාලකයින් පිලිබඳ යුරෝපීය අදහස ඉතාම විධිමත්ව මුලින්ම ඉදිරිපත් කළේ ප්ලේටෝ විසිණි. ඒ අපේ (ඉන්දියාවේ ) ප්‍රත්‍යශතකකරුවාට, බුදුහාමුදුරුවන්ට, චානක්‍ය කෞටිල්‍යයට සියවස් තුන හතරකට පමණ පසුව ය.

    ඔහු කියූ ආකාරයට දාර්ශනිකයෝ පාලකයින් විය යුතුය, නැතහොත් පාලකයින් දාර්ශනිකයින් විය යුතුය. දෙවැන්න ඉටුකර ගැනීම ඉතා අපහසු නිසා දාර්ශනික පාලකයින් නිර්මාණය කරගැනීම පිණිස වූ අධ්‍යාපන ක්‍රමයක් ද හෙතෙම ඉදිරිපත් කළේය. දාර්ශනික පාලකයින් ගේ පාලනයකින් තොරව මානව වර්ගයාට දුක් කම්කටොලුවලින් නම් ගැලවීමක් නොමැති බව පහදා දුන්නේ ප්ලේටෝය.

    මේ අදහසින් පෙනී යන්නේ පාලකයින් හුදු බුද්ධිමතුන් වීම පමණක් නොව ඔවුන් මානව වර්ගයාගේ යහපත සලසන්නන් විය යුතු බවය. එසේ නැතුව තම තම නැණ පමණින් තමන්ගේ පමණක් යහපත් සලසා ගන්නන්ගේ බුද්ධියෙන් පොදු ජනයාට පලක් නැත. 

    ‘ව්‍යවස්ථාවක් තිබේනම් යක්ෂ ජාතියකට වුවත් රාජ්‍යයක් සැදිය හැකිය’ යනුවෙන් කීවේ එම්මානුවෙල් කාන්ට් ය. එහි සරළ අදහස වන්නේ රටක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව රාජ්‍යයක් ගොඩ නැගීමේ කාර්යයේ දී තීරණාත්මක සහ උත්තරීතර වන බවය. එපමණක් නොව රටක් විධිමත් රාජ්‍යයක් බවට පරිවර්තනය කිරීමේ දී තීරනාත්මක සාධකයෝ වන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ එය අනුව යන ව්‍යවස්ථානුකූලවාදය ය. ව්‍යවස්ථානුකූලවාදය යනු ව්‍යවස්ථාවට අනුකූලව සියලු දෙනා ක්‍රියාකිරීමය. එනම් එය පිළිපැදීම ය. රාජ්‍යයක සමාජ-දේශපාලන-ආර්ථික ගමනට අදාළ මාර්ග සිතියම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ය.

    කවරෙකුට වුවද ව්‍යවස්ථාවට උඩින් යා නොහැක, එය යටපත් කළ නොහැක. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යනු රටක සියලු ජනයාගේ සම්මුතිය, ගිවිසුම, සහ එකඟතාවය වීම ඊට හේතුව ය. ඒ නිසාම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් යනු නෛතික ලියවිල්ලක් පමණක් නොවේ.

    එසේම ව්‍යවස්ථා සම්පාදනය යනු හුදු නීතිවේදීන්ගේ සහ නීතිඥයින්ගේ වැඩක් පමණක් ද නොවේ. 1972 දී සමස්ත පාර්ලිමේන්තුවම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයක් ලෙස කටයුතු කළේ  ඒ නිසාය. සහ පාර්ලිමේන්තුව හරහා සමස්ථ ජන සමාජයම නියෝජනය වනවාය යන මූලධර්මය මත පිහිටා ය.

    මා මෙතැනට ව්‍යවස්ථා කතාව ගෙන ආවේ හේතුවක් මතය. එනම් බුද්ධිමතුන්ගේ වැඩ සහ අවැඩ ගැන යමක් කීමට ය. අපේ රටේ ව්‍යවස්ථා සම්පාදනය සහ සංශෝධන ඉතිහාසය දිහා බලනවිට පෙනීයන්නේ පක්ෂ, කණ්ඩායම් සහ පුද්ගලයින්ගේ පක්ෂග්‍රාහී බල අරමුණු විසින් එකී ක්‍රියාවලිය අපවිත්‍ර වී ඇති බවය. ඒ අපවිත්‍රතාවට ඒ පාර්ලිමේන්තුවල සිටි බුද්ධිමතුනුත් වගකිව යුතුය. ඉන් පෙනී යන්නේ බුද්ධිය තිබුනාට එවැනි අකටයුතුකම් වලින් දේශපාලනය වැලක්වීමට ඔවුන්ට හැකියාවක් නොතිබුණු බවය.

    මෙරට බුද්ධිමහතුන් 1972 ව්‍යවස්ථාවට නගන ප්‍රධාන චෝදනා දෙකින් එකක් වන්නේ බුද්ධාගමට මුල් තැන දීම සහ පරිපාලන, සහ අධිකරණ සේවා කොමිෂන් අහෝසි කිරීම පිලිබඳවය. එක්සත් ජනපද ඩොලර්වල මුද්‍රණයකොට ඇති ‘දෙවියන් වහන්සේ විශ්වාස කරන්න’ යන්න නොපෙනෙන සහ ‘තේරීපත්වන ආණ්ඩුවට නීත්‍යානුකූල ලෙස රාජ්‍ය සේවය පක්ෂපාතී විය යුතුය’ යන බ්‍රිතාන්‍ය සම්ප්‍රදාය දෙස නොබලන අයගේ 72 ගැන චෝදනා කෙසේ වෙතත් නිදහසින් පසු මා දකින හොඳම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව එය ය. එම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයේ සභාපති ආචාර්ය කොල්වින් ආර් ද සිල්වාය.

    තවත් ගැටළුවක් වන්නේ ජනහිතකාමී බුද්ධිමතුන් තේරීමට ජනතාව බුද්ධිමත් ද යන්නය. ඊයේ උදෑසන පහයි පනස් අටට රේඩියෝ නාලිකාවකින් ඇසුණු උදා ගීතය වුණේ ‘ඔබ ඇස්පිය නොසොලා බැලුවා මගෙ දෑස් දිහා’ යන්න වූ අතර ඊට පසුව ඇසුණේ ‘පනන් අටින් මට වැඩිකර දුන්න හැකිවුනත් බත් මිටක් දරුවට කවන්න’ යන ගීතය ය. මේ ගීත දෙකට මමත් කැමතිය. ඒත් උදෑසන පහට හයට ඇසීමට නම් නොවේ.

    රේඩියෝ සහ ටෙලිවිෂන් චැනල විසින් වසර තිහකට ආසන්න කාලයක් තිස්සේ සිදුකර ඇති සංස්කෘතික සංහාරය විසින් පාන්දර, උදෑසන, දහවල, මධ්‍යහනය, හැන්දෑව සහ රාත්‍රිය යන කාලසීමා අතුරුදහන් කොට ඇත. ඒ සංස්කෘතික සංහාරයට ගොදුරුව බොල් වී ඇති සමාජයෙන් මනාපය ලැබෙන්නේ බුද්ධිමතුන්ට නොව අර සංස්කෘතික සංහාරයට දායකවන සහ අනුග්‍රහය දක්වන අයට ය. ඒ අනුව බුද්ධිමතුන්ටත් කලියුග කාලේ සංස්කෘතික සංහාරකයින්ගේ සරණ සහ පිහිට මිස වෙන පිහිටක් හෝ සරණක් නොමැත.

    මේ පසුබිම තුළ බුද්ධිමතුන් පාර්ලිමේන්තුවට යවන්න කියා මනාප දුන්නාට යැවෙන්නේ ‘බුද්ධිමහතුන්’   ය. ඒ බුද්ධිමහතුන් ට කටයුතු කරන්නට සිදුවන්නේ ස්වකීය බුද්ධියට අනුව නොව තමන්ලාට අපේක්ෂක වරම දුන් පක්ෂවලට අවනතවය, කීකරුව ය. ඇත්තටම බුද්ධිමහතුන්ට එය ගැටළුවක් නොවන්නේ මුල සිටම ඔවුන් එයට සුදානම් නිසා ය. එසේ වනබව ඔවුන් දන්නා නිසාය. ඔවුන්ට අවශ්‍ය මැතිකම, ඇමතිකම මිස පොදු ජනයාට වැඩකිරීමේ ඉඩකඩ නොවේය. ඒ නිසා ‘බුද්ධිමතෙකි’  යන හැඳුනුම් පත්‍රය යොදාගෙන ක්‍රමයේ දැත්තක් වීමේ ඉඩකඩ සලසා ගන්නවා මිස ක්‍රමයක් තැනීමේ යන්ත්‍රයක් වීමට මොවුන් උත්සාහ නොකරනු ඇත. 

    එසේ නොවන බුද්ධිමතුන්ගේ වගකීම වන්නේ බුද්ධිමහතෙකු නොවී පක්ෂයක කණ්ඩායමක දාසයෙකු හෝ ප්‍රවේණි දාසයෙකු නොවී ලද මැතිකම හෝ ඇමතිකම රටේ ජනයා වෙනුවෙන් රැඩිකල් ලෙස භාවිතාවේ යෙදවීමය. එවිට ඒ බුද්ධිමතා වටා එළියේ සිටින බුද්ධිමතුන් රැස්වනු ඇත. පාර්ලිමේන්තුවට යාමට සැරසෙන මගේ බුද්ධිමත් මිතුරන්ගෙන් ඉල්ලා සිටින්නේ බුද්ධිමහතෙකු වීමේ රෝගයට දැන්ම සිට ප්‍රතිකාර ගන්නා ලෙසය.

    ධම්ම දිසානායක

  • මහින්ද දේශප්‍රිය ‘ගීතා කුමාරසිංහට ඇඹරූ ගුලියම’ සජිත්ගේ පක්ෂයටත් අඹරලා – සාක්ෂි මෙන්න !

    මහින්ද දේශප්‍රිය ‘ගීතා කුමාරසිංහට ඇඹරූ ගුලියම’ සජිත්ගේ පක්ෂයටත් අඹරලා – සාක්ෂි මෙන්න !

    මහ මැතිවරණය අවසන් වීමෙන් පසු සමගි ජන බලවේගය යටතේ තරග කළ අපේක්ෂකයින්ට එරෙහිව අධිකරණමය ක‍්‍රියාමාර්ග ගැනීමට සිවිල් සමාජ කණ්ඩායම් කිහිපයක් මේ වන විට සැලසුම් කරමින් සිටින බව Colombo Telegraph අනාවරණය කරයි.

    මේ අතර කොළඹ දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ අපේක්ෂක ඔෂල හේරත් කියා සිටින්නේ එළඹෙන මහ මැතිවරණය මෙතෙක් ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිත දූෂිතම මැතිවරණය වනු ඇති බවයි.

    මේ කාරණය යළිත් අවධාරණය කරමින් කොළඹ ටෙලිග්‍රාෆ් සමඟ අදහස් දැක්වූ ඕෂල හේරත් මැතිවරණ කොමසාරිස්වරයා සමග කළ දුරකථන සංවාද හතරක් ඉදිරිපත් කළ අතර ඔහු කියා සිටියේ මැතිවරණ කොමිෂමේ සභාපති මහින්ද දේශප‍්‍රිය මහතා ශ්‍රී ලංකාවේ මහ මැතිවරණයක් පැවැත්වීමට තරම් දක්ෂතම දූෂිත නිලධාරියා (Most corrupt official) බව ඔප්පු කළ හැකි බවයි.

    හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුත් එක්සත් ජාතික පක්ෂයෙන් වෙන්ව ගිය කණ්ඩායම සමගි ජන බලවේගය යටතේ තරඟ කිරීම නීති විරෝධී බවත් එය මහ මැතිවරණ පනත සහ පක්ෂ ව්‍යවස්ථාව (sjb) ඍජුව උල්ලංඝනය කිරීමක් බවත් ඒ බව මැතිවරණ කොමිෂමේ සභාපතිවරයා පැහැදිලිව දන්නා බවත් කී හේරත් මහතා මෙම සියලූ පටිගත කිරීම් තමා විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකළ පෙත්සම තුළ අන්තර්ගත කළ බවත් පැවසීය.

    මැතිවරණ කොමිෂන් සභාව විසින් මෙම ක්‍රියාවලිය සම්බන්ධයෙන් අක්‍රමිකතා සිදු කර ඇති බවත්, ලේඛන නීතිවිරෝධී ලෙස යල් පැන ගිය ආකාරය, ශ්‍රේෂ්ඨාධිකරණයේ තොරතුරු යටපත් කිරීමට පෙත්සම්කරුට බලපෑම් කිරීම සහ පෙත්සම්කරුට සහ වගඋත්තරකරුවන්ට තොරතුරු කාන්දු වීම පිළිබඳව මෙම පටිගත කිරීම් තුළ පැහැදිලි සාක්ෂි අන්තර්ගත වෙයි.

    Colombo Telegraph වෙත තවදුරටත් අදහස් දක්වමින් ඔෂල හේරත් ප්‍රකාශ කළේ, ‘මහ මැතිවරණයට ඉදිරිපත් වූ අනෙක් වගඋත්තරකරුවන් තමන්ගේ පක්ෂයේ ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක් බව මහින්ද දේශප්‍රිය දැන සිටියා. ඔවුන්ගේ ව්‍යවස්ථාවේ සඳහන් වන්නේ ඔවුන් දැනට වෙනත් දේශපාලන පක්ෂයක සාමාජිකයෙකු නම් කිසිවෙකු සාමාජිකයෙකු කළ නොහැකි බවත්, පක්ෂයට බැඳී පළමු මාස ​​තුන තුළ කිසිදු නව සාමාජිකයෙකුට ධුරය දැරීමට නොහැකි බවත්, සභාපතිවරයෙකු හා ලේකම්වරයෙකු පත් කිරීම කමිටුවක් විසින් සිදු කරන බවත්ය. ඒ සඳහා කිසිදු බලයක් නොමැති අතර ඔවුන්ගේ පක්ෂයේ ව්‍යවස්ථාවේ යම් සංශෝධනයක් දින 30 ක් ඇතුළත මැතිවරණ කොමිසමට ගොනු කළ යුතුය. මැතිවරණ කොමිෂමේ සභාපතිවරයා මේ සියලූ අඩුපාඩුකම් හොඳින් දැන සිටියා. ඔහු ඇත්ත වශයෙන්ම හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සෙනසිංහ සහ පළාත් සභා නීතිඥ ෆර්මන් කැසිම් යන අයව මැතිවරණ කොමිෂන් සභාවේ කාර්යාලයේදී මා හමුවීමට පැමිණියා. රැස්වීම පැය දෙකහමාරකට වැඩි කාලයක් පැවති අතර එම සම්පූර්ණ පටිගත කිරීම ද මා සතුව තිබෙනවා. ඒ සියල්ල සැලසුම් කර තිබුණේ මැතිවරණ කොමිෂමේ සභාපතිවරයා විසිනුයි. පසුව ඔහු ඔවුන්ට උපදෙස් දුන්නේ ශ්‍රේෂ්ඨාධිකරණයට යාමට පෙර මා මුණගැසී ගැටලූව විසඳා ගන්නා ලෙසයි. මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා වශයෙන් ඔහු ස්වාධීනව සිටිය යුතු අතර ඒ සඳහා මැදිහත් නොවිය යුතුයි. ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ගොනු කිරීමට යන බව මා ඔහුට දන්වා තිබුණා. ඒ නිසා මෙය පැහැදිලිව අනිසි මැදිහත්වීමක්. පසුව මැතිවරණ කොමිෂමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා වගඋත්තරකරුවන්ගේ නීතිඥ කණ්ඩායම භාවිතා කිරීමට යන්නේ කුමකට හා උපාය මාර්ගයක් දැයි මට දන්වා සිටියා. සාක්ෂි යටපත් කරන ලෙසත් දුරකථන පටිගත කිරීම් ඉදිරිපත් නොකරන ලෙසත් ඔහු මගෙන් ඉල්ලා සිටියා. ශ්‍රව්‍ය පටි වලට සවන් දෙන්න. එය සියල්ලම පැහැදිලිව වටහා ගත හැකියි.

    එක් පටිගත කිරීමක දී මහින්ද දේශප්‍රිය විසින්ම ඔෂල හේරත්ට දන්වා ඇත්තේ, වගඋත්තරකරුවන්ගේ නීති කණ්ඩායම උසාවියේදී කතාවක් ගොතන ලද බවයි. ඒ සමගි ජන බලවේගය පක්ෂය ඇත්ත වශයෙන්ම එම ලිපිය මැතිවරණ කොමිසමට ඉදිරිපත් කර ඇති නමුත් එම ලිපිය දැන් අස්ථානගත වී ඇති බව සඳහන් කරමිනි. මෙය ඔවුන්ගේ පක්ෂයේ ව්‍යවස්ථාවේ යම් වෙනසක් සිදු කර දින 30 ක් ඇතුළත සමගි ජන බලවේගය විසින් ගොනු කිරීමට නියමිතව තිබූ ලිපියට අදාළවය.

    එළඹෙන මහ මැතිවරණයට තරඟ වැදීමට මැතිවරණ කොමිෂමේ සභාපතිවරයා විසින් සජිත් ප්‍රේමදාස සහ ඔහුගේ කණ්ඩායමට අවසර දීම ඇත්ත වශයෙන්ම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සඳහා උත්තේජනයක් සැපයීමේ උපායක් බව දේශපාලන ක්‍රියාකාරීන් විශ්වාස කරති.

    මහ මැතිවරණය අවසන් වූ පසු ඔවුන් මෙම කාරණය ද අධිකරණයේ දී සලකා බලනු ඇති බව වාර්තා වේ.

    Colombo Telegraph සමග අදහස් දක්වමින් දේශපාලන ක්‍රියාකාරිනියක් පැවසුවේ ‘මෙය 2015 දී ගීතා කුමාරසිංහ සමඟ ද සිදු වූ බව අපි දුටුවෙමු. ඇය වෙනත් රටක පුරවැසියෙකු වුවද, ද්විත්ව පුරවැසිභාවය ලබා සිටියද මැතිවරණ කොමිසම ඇගේ නාමයෝජනා පත්‍ර භාර ගත්තේය. ඇය මහජන ඡුන්දයෙන් පාර්ලිමේන්තුවට තේරී පත් වුව ද පසුව ඇයව අධිකරණයම ක‍්‍රියාවලියක් හරහා පාර්ලිමේන්තු මන්ත‍්‍රී ධුරයෙන් ඉවත් කළා‘

    මැතිවරණය අවසන් වූ පසු ඒ හා සමාන දෙයක් සිදුවිය නොවිය හැකි බවට සමගි ජන බලවේගයේ ඡන්දදායකයින්ට ඇති සහතිකය කුමක්ද ? සජිත් ප්‍රේමදාස සහ ඔහුගේ කැඩී ගිය එක්සත් ජාතික පක්ෂ කණ්ඩායම මෙම මහ මැතිවරණයට නීතිවිරෝධී ලෙස තරඟ කළ බව පහසුවෙන් ඔප්පු කළ හැකිය. එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මේ සමස්ත කාරණය ගැන සන්සුන්ව පසු වන්නේ එබැවිනි. හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතා ද අවසන් මොහොතේ සජිත් ප්‍රේමදාසගේ කණ්ඩායම සමඟ තරඟ කිරීමට සිත වෙනස් කර හදිසියේම විශ‍්‍රාම යාමට තීරණය කළේ මේ නිසාය.

    මේ අතර, හිටපු ඇමති සහ කොළඹ අපේක්ෂක එක්සත් ජාතීන්ගේ අපේක්ෂක රවී කරුනානායක මහතා ද මෑත සම්මුඛ සාකච්ඡාවකදී විශ්වාසයෙන් කියා සිටියේ පක්ෂයෙන් ඉවත් වූ අය ඉතා ඉක්මනින් දේශපාලනයෙන් ඉවත් වන බවයි. එය පවසන විට ඔහු ඉතා විශ්වාසයෙන් පෙනී සිටියේය.

    ‘කිසියම් දිස්ත්‍රික්කයක මහ මැතිවරණයකින් පසුව, යම් පක්ෂයක නාමයෝජනා පත්‍රය ප්‍රතික්ෂේප කළ යුතුව තිබූ බව අධිකරණය විසින් තීරණය කරනු ලැබුවහොත් එම පක්ෂයට ලැබුණු ඡන්දය සැලකිල්ලට නොගෙන එම දිස්ත්‍රික්කයේ ප‍්‍රතිඵලය නැවත ගණනය කළ යුතුය. සංශෝධිත ප්‍රතිඵල ප‍්‍රකාශයට පත් කළ යුතුයි’ මේ තත්ත්වය පැහැදිලි කරමින් ව්‍යවස්ථා විශේෂඥයෙක් වන ජනාධිපති නීතිඥයෙක් අප සමග පැවසීය.

    මීට පෙර 2020 ජුනි මස 9 වන දින ශ්‍රේෂ්ඨාධිකරණ එක්සත් ජාතික පක්ෂ අපේක්ෂක ඕෂල හේරත් විසින් ගොනු කරන ලද රිට් අයදුම්පතක් විභාග කිරීම සඳහා නිවාඩු ලබා දී නොමැත.

    ‘ශ්‍රේෂ්ඨාධිකරණය බොහෝ විට සමගි ජන බලවේගය තරඟකරුවන්ට තරඟ කිරීමට දිනය ඉතිරි කර තිබේ‘ යැයි නීති විශාරදයෙක් පැවසීය.

    Colombo Telegraph වෙත අදහස් දක්වමින් ඕෂල හේරත් මහතා කියා සිටියේ, ‘ගොනු කරන ලද පෙත්සම සහ රිට් අයදුම්පත නිෂ්ප්‍රභ කිරීම නිසා අපගේ සොයාගැනීම් ඉදිරිපත් කිරීමට අපට ඉඩ ලැබුණේ නැහැ. මෙම හඬ පටිගත කිරීම් ඉදිරිපත් කළේ නම් විනිසුරු මඬුල්ලේ තීන්දුව වෙනස් විය හැකියි. මෙම හෙළිදරව්වෙන් පසුව අධිකරණ පද්ධතියට පවා, ගොනු කර ඇති පෙත්සම් නිෂ්ප්‍රභ කරන්නේ කෙසේද යන්න පිළිබඳ ඔවුන්ගේ වර්තමාන නියමිත ක්‍රියාදාමය ගැන නැවත සිතා බැලිය යුතුයි. මෙය පැහැදිලිවම නීති පද්ධතියේ ඇති අඩුපාඩුවක් හෙළි කරනවා’

    ඔෂාල හේරත් මහතා විසින් ගොනු කරන ලද පෙත්සමෙහි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය, මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයින් වන, ජනාධිපති නීතිඥ නලින් අබේසේකර, මහාචාර්ය එස්. රත්නජීවන් හූල්, වගඋත්තරකරුවන් ලෙස සමගි ජන බලවේගය නායක සජිත් ප්‍රේමදාස, එහි මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර, අපේ ජාතික පෙරමුණේ පක්ෂයේ සභාපති සේනක ද සිල්වා සහ ලේකම් ඩයනා ගමගේ වගඋත්තරකරුවන් ලෙස නම්කර ඇත.

    Chairman EC Mahinda Deshapriya states Senaka’s back dating of the letter and the ploy Sajith Premadasa’s team of lawyers are going to use at the Supreme Court”
    Chairman EC Mahinda Deshapriya informs Herath that he informed Senaka to meet Oshala and settle the matter
    Chairman EC Mahinda Deshapriya gives out details stating irregularities committed by the Elections Commission
    Chairman EC Mahinda Deshapriya gives out details stating irregularities committed by the Elections Commission

    by – Colombo Telegraph

  • රනිල් – සජිත් වාගේ කයිවාරුකාරයින්ට රට ගොඩනගන්න බැහැ – ඇමැති ප‍්‍රසන්න

    රනිල් – සජිත් වාගේ කයිවාරුකාරයින්ට රට ගොඩනගන්න බැහැ – ඇමැති ප‍්‍රසන්න

    කොරෝනා රෝගීන් හමුවෙද්දී වැඩිපුරම සතුටු වන්නේ විපක්ෂය බව කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි. ඔහු පෙන්වා දෙන්නේ විපක්ෂය එමගින් කාළකණ්ණි සතුටක් ලබන බවයි.

    බියගම ප්‍රදේශයේ ඊයේ (12) පැවති රැස්වීමකට එක්වෙමින් ඇමතිවරයා  මේ බව සදහන් කළේය. මෙහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමති ප්‍රසන්න රණතුංග මහතා මෙසේ ද කීවේය.

    “විපක්ෂයට දැන් හරි ම සංතෝෂයි. කොරෝනා රෝගීන් රටේ වැඩිපුර හම්බෙනකොට ඒ ගැන වැඩියෙන්ම සතුටු වෙන්නේ මේ රටේ විපක්ෂය. විපක්ෂය දන්නවා මේ මැතිවරණයේ දී යන එන මං නැතිව යනවා කියලා. පරාද වෙන බව දන්න නිසා මේ අයට ඕන කොක්කෙන් හරි කෙක්කෙන් හරි මැතිවරණය කල් දාගන්න. ඒ නිස තමයි කොරෝනා වසංගතය පැතිරෙනකොට විපක්ෂය සතුටු වෙනවා.

    මම දැක්කා කබීර් හෂිම් කියනවා ආණ්ඩුව අසාර්ථකයි කියලා. ශ්‍රී ලංකා ඉතිහාසයේ අසාර්ථකම ආණ්ඩුව පහුගිය යහපාලන ආණ්ඩුවයි. ඒ ආණ්ඩුවේ ඇමති කෙනෙක් තමයි කියන්නේ මේ ආණ්ඩුව අසාර්ථකයි කියලා. මේ අය කථා කරන්නේ තොත්ත බබාලා වගේ. මොකුත් දන්නේ නෑ. මේ ආණ්ඩුව අවුරුදු හතරාමාරක් කළේ අපි වගේ තමයි කථා කරන්නේ.

    රටේ මිනිස්සුන්ට ජීවත් වෙන්න බැරි තරමට මේ රට විනාශ කරපු යහපාලන ආණ්ඩුවේ ඇමතිවරු තමයි කියන්නේ මේ ආණ්ඩුව අසාර්ථකයි කියලා. කොවිඩ් 19 වසංගතය පැතිරයාම අපේ රටේ ආර්ථිකයට මරු පහරක්. ඒත් ගෝඨාභය – මහින්ද සුසංයෝගයට කඩා වැටී ඇති ආර්ථිකය ගොඩ නැගීමට නිසි වැඩ පිළිවෙලක් තිබෙනවා. සජිත්ටත් – රනිල්ටත් එහෙම දැක්මක් හෝ උවමනාවක් නෑ. මේ රට ගොඩ නගන්න ඔවුන්ගේ කයිවාරුව විතරයි.

    සජිත් සංස්කෘතික අරමුදලේ මුදල් පාවිච්චි කළේ තමන්ගේ ප්‍රතිරූපය හදාගන්න. නිවාස හැදුවා කිව්වට නිවාස ව්‍යාපෘතිය සම්පූර්ණයෙන් ම අසාර්ථකයි. සජිත්ලා දැන් කථා කරන්නේ හඳෙන් ආවා වගෙයි. හැබැයි රට අද පත් ව තිබෙන අවාසනාවන්ත තත්ත්වයට සජිත්ලා වග කිව යුතුයි. 2015 කරපු බොරුවට ජනතාව නැවත රැවටෙන්නේ නෑ.

    පාස්කු ප්‍රහාරයට චෝදනා ලත් සියලුම දෙනා ඉන්නේ සජිත්ගේ වේදිකාවේ. මහබැංකු හොරකමේ ප්‍රධානියා ඉන්නේ රනිල්ගේ වේදිකාවේ. මේ දෙගොල්ලෝ දැන් ගහගන්නවා. හොරු හොරු ගහගන්නකොට බඩු මාට්ටු වගේ. රනිල්ලා – සජිත්ලා කරපු සෙල්ලම් දැන් ඔවුන්ගේම කටවල් වලින් එළියට එමින් තිබෙනවා. ඒවාට ජනතාව අගෝස්තු 05 වෙනිදාට ප්‍රතිචාර දක්වන බව සිකුරුයි.

    අපි තුනෙන් දෙකේ බහුතර බලයක් අපි ඉල්ලන්නේ යහපාලනය ගෙන ආ රටට අහිතකර අණපණත් අහෝසි කරන්නයි. ඒ පණත් අහෝසි කර ගැනිමට තිබෙන එකම ක්‍රමය තමයි අපි. තුනේ දෙකක බලයක් ලබා ගැනීමට.

    සජිත් ප්‍රේමදාස කියනවා පහුගිය කාලේ රාජ්‍ය සේවකයන්ගේ කපා දැමු දීමනා පරිපුරකයක් ගෙනත් ගෙවනවා කියලා. එදා රාජ්‍ය සේවකයන්ගේ බඩට ගැසු යහපාලන නඩය අද නැවත රාජ්‍ය සේවකයන්ට දුන්නු දීමනා කප්පාදු කළේ. මහින්ද මහත්තයා තමයි රටේ ශක්තිමත් රාජ්‍ය සේවාවක් හැදුවේ. එදා යුද්ධය දිනද්දිත් මෙදා කොවිඩ් පාලනය කරද්දීත් රාජ්‍ය සේවකයන් තමයි පෙරමුණ ගත්තේ. ඒ නිසා පහුගිය යහපාලනය රාජ්‍ය සේවය විනාශ කිරීමට ගෙන ආ අණපණත් හා චක්‍ර ලේඛ ගෝඨාභය – මහින්ද සුසංයෝගයෙන් යුත් ආණ්ඩුවක් මගින් වහා අහෝසි කරනවා. රාජ්‍ය සේවය ආණ්ඩුවේ රජ කාලේ ඉදන් රාජ්‍ය සේවය බාල්දු කරන්න අප කිසිවෙකුටවත් ඉඩ තියන්නේ නෑ.”

  • 2015දී කළ වැරැද්ද යළි කරන්න එපා ? – ප්‍රසන්න රාජ්‍ය සේවකයින්ගෙන් ඉල්ලයි

    2015දී කළ වැරැද්ද යළි කරන්න එපා ? – ප්‍රසන්න රාජ්‍ය සේවකයින්ගෙන් ඉල්ලයි

    රනිල් මෛත්‍රී යහපාලන ආණ්ඩුව තරම් රාජ්‍ය සේවය හෑල්ලුවට ලක් කළ ආණ්ඩුවක් මෙරට ඉතිහාසයේ නොතිබු බව කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා අවධාරණය කරයි. එලෙස රාජ්‍ය සේවය හෑල්ලුවට ලක්කල යහපාලන නඩය නැවතත් රජයේ සේවකයන් රැවටීම සදහා කිඹුල් කදුළු හෙළමින් සිටින බව ද ඔහු පෙන්වා දෙයි.

    එජාපය, ජවිපෙ හා සජිත්ගේ අටමගලය කුජීත වි ඇති බව පවසන ඇමති ප්‍රසන්න රණතුංග මහතා රට විනාශ කළ යහපාලන කැදහැළිය නැවත බලයට ගෙන ඒමට මෙරට ජනතාව සුදානම් නැතැයි ද කියා සිටී. හැකිනම් පාර්ලිමේන්තු මැතිවරණයේ දී රනිල් සමග එකතු වී හෝ  තුනෙන් එකක්වත් ගෙන පෙන්වන්නැ‘යි ඇමතිවරයා සජිත් ප්‍රේමදාස මහතාට අභියෝග කරයි.

    මීරිගම පනාවල ප්‍රදේශයේ ඊයේ (11) පැවති රැස්වීමකට එක් වෙමින් ඇමති ප්‍රසන්න රණතුංග මහතා මේ බව සදහන් කළේය.

    මෙහි දී වැඩිදුරටත් අදහස් දැක් වූ ප්‍රසන්න රණතුංග මහතා මෙසේ ද කීවේය.

    “සජිත්ගේ කට්ටිය කියනවා ආණ්ඩුවට තුනෙන් දෙක නෙමෙයි සරල බහුතරයවත් ගන්න බෑ කියලා. අපි තුනෙන් දෙක අරන් පෙන්නනම්. පුළුවන් නම් මේ දෙගොල්ලෝම එකතුවෙලා තුනෙන් එකක් අරන් පෙන්නන්න කියලා මම අභියොග කරනවා. අද එජාප යයි, ජවිපෙයි සජිත්ගේ ඔය අටමගලෙයි කුජීත වෙලා ඉවරයි. පසුගිය යහපාලනයේ හිටපු අලි කොටි නරි ඔක්කොම ඉන්නේ සජිත් ගාව. සජිත් ගාව නැත්තේ කවුද? පාස්කු ප්‍රහාරයට සම්බන්ධව එවුන් ඉන්නවා.

    මහ බැංකු හොරු ඉන්නවා. පාස්කු ප්‍රහාරයට දාපු කොමිසමේ සාමාජිකයෝ ඉන්නවා. මේ ඉන්නේ පසුගිය කාලයේ මේ රට විනාශ කරපු රට කාබාසනිය කරපු නඩය. මේ නඩයට රැවටුනොත් රට සුං. රට විනාශ කරපු යහපාලන කැදහැළිය ආයේ ගේන්න ජනතාව කැමති නෑ. රට පුරාම මම යනකොට පොහොට්ටුවේ අපේ රැස්විම් වලට එන මිනිස්සු කියන්නේ මහින්දගේ ආණ්ඩුවක් ඉක්මණට හදන්න කියලා.

    2015 දි වෙච්ච වැරැද්ද නැවත කරගන්න එපා කියලා මම ජනතාවගෙන් ඉල්ලනවා. සජිත් කියන තරමක් කියන්නේ බොරු. කරන තරමක් කරන්නේ විහිළු. මම දැක්කා සජිත් කියනවා එයා අගමැති වුණොත් රුපියල් 20,000 ගාණේ දෙනවා කියලා. හෝමාගම ක්‍රිකට් ක්‍රීඩාංගණය, ගල්කිස්සේ වෙරළ තීරය ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතිය නතර කරලා මේ වැඩේ කරනවා කියලයි සජිත් කියන්නේ. අඩුම තරමේ මූල්‍ය ප්‍රතිපත්ති ගැන අවබෝධයක් නැති සජිත් මේ හදන්නේ ජනතාව රවට්ටන්නයි.

    සජිත් රනිල් කියන්නේ දැක්මක් නැති නායකයෝ දෙන්නෙක්. හිටපු උන්නැහෙත් එහෙම තමයි. කිසිම දැක්මක් තිබ්බේ නෑ. රනිල් මෛත්‍රී යහපාලන ආණ්ඩුව තරම් රාජ්‍ය සේවය හෑල්ලුවට ලක් කළ ආණ්ඩුවක් මෙරට ඉතිහාසයේ තිබුණේ නෑ. රනිල් මෛත්‍රී ආණ්ඩුව මේ රටේ රාජ්‍ය සේවය කප්පාදු කලා. අග්‍රහාර රක්ෂණය නතර කලා. විශ්‍රාම වැටුප අහෝසි කරන්න හැදුවා. මේ රටේ රාජ්‍ය සේවය ස්වාභාවික මරණයට ලක්කරන්නයි ඔවුන් හැදුවේ. රජයේ සේවකයන්ව විවිධ පරීක්ෂණ කොමිෂන් හරහා හිර කරන්න පිඹුරුපත් සැකසුවා. රජයේ රැකියා ලබා දෙන්න ඇමතිවරු වෙරළ තීරවල සම්මුඛ පරීක්ෂණ කරපු හැටි අපි දැක්කා. පියාණෝගේ පුතාණෝ උස නම් සිකියුරිටි – මිටි නම් කම්කරු තනතුරු දුන්නේ කොහොමද කියලා අපි දන්නවා. දැන් සජිත්ලා රනිල්ලා රාජ්‍ය සේවය වෙනුවෙන් කිඹුල් කඳුලු හෙළනවා. සංස්කෘතික අරමුදලේ සල්ලි හොරකම් කරලා තමන්ගේ ප්‍රතිරූපය ගොඩනගාගන්න කටයුතු කරපු ඇමතිවරු තමයි ඒ කලේ හිටියේ .

    මේ රටේ රාජ්‍ය සේවය ශක්තිමත් කරපු එකම ආණ්ඩුව මහින්ද රාජපක්ෂ ආණ්ඩුවයි. ඒ කලේ උපාධිධාරින් රජයේ රැකියා වලට බදවා ගත්තා. රාජ්‍ය සේවය ගෞරවණීය සේවාවක් බවට පත් කළා. අග්‍රහාර රක්ෂණය, විශ්‍රාම වැටුප විධිමත් කළා. 2001 දි බලයට පත්වුණ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව රාජ්‍ය සේවය ලක්ෂ 07 කට බැස්සුවා. මහින්ද මහත්තයා තමයි ඒක ලක්ෂ 15 දක්වා වැඩි කළේ. පහුගිය යහපාලන ආණ්ඩුව නැවත එය ලක්ෂ 11 දක්වා අඩු කළා. රාජ්‍ය සේවය කප්පාදු කරපු රජයේ සේවකයන් හිරේ දාපු යහපාලන නඩය අද රජයේ සේවකයන්ගේ සහාය ඉල්ලනවා. මේක තරම් විහිළුවක් කොහෙවත් තියෙනවාද? අද රටේ නායකයා කීර්තිමත් රාජ්‍ය සේවකයෙක්. ඔහු නිවැරිදි රාජ්‍ය සේවයක් සදහා කැප වූ අයෙක්. ගෝඨාභය – මහින්ද සුසංයෝගයෙන් යුතු පොහොට්ටු රජයක් යටතේ අපි මෙරට රාජ්‍ය සේවාව වඩා කාර්යක්ශම හා ශක්තිමත් රාජ්‍ය සේවාවක් බවට පත් කරනවා. ඒ සදහා අවශ්‍ය සැලසුම් දැනටමත් සකස් කර අවසන්. ”

    අපේක්ෂිකා කෝකිලා හර්ෂණි ගුණවර්ධන මහත්මිය ද මෙහි දී කථා කළාය.