Category: සුපිරි Politics

  • ගම්මිරිස් ගොවීන් වෙනුවෙන් ‘කිඹුල් කදුළු හෙළුව කල්ලිය’ අද නිහඬ ඇයි ? නීතිඥ හිරන්‍යා හේරත්

    ගම්මිරිස් ගොවීන් වෙනුවෙන් ‘කිඹුල් කදුළු හෙළුව කල්ලිය’ අද නිහඬ ඇයි ? නීතිඥ හිරන්‍යා හේරත්

    නුවරඑළිය ඇතුළු ගම්මිරිස් වගා කළ දිස්ත්‍රික්කවල ගම්මිරිස් වගාකරුවන් කබලෙන් ලිපිට වැටී යනඑන මං නැතිව අන්ත අසරණ තත්ත්වයට පත්ව ඇති බවත් පසුගිය ජනපතිවරණ සමයේ වේදිකාවක් වේදිකාවක් ගානේ ගම්මිරිස් වගාකරුවන් වෙනුවෙන් කිඹුල් කදුළු හෙළි වත්මන් ජනපතිවරයා ප්‍රමුඛ නායකයින් අද ගම්මිරිස් වගාකරුවන් දෙස ඇසැක් ඇර නොබලන බවත් සමගි ජන බලවේගය නුවරඑළිය දිස්ත්‍රික් අපේක්ෂිකා නීතිඥ හිරන්‍ය හේරත් මහත්මිය පැවසුවාය.

    අද (27) නුවරඑළියේ පැවැති ජනහමුවකදී මේ බව සදහන් කළ හිරන්‍යා හේරත් මහත්මිය සදහන් කළේ ගම්මිරිස් ගොවීන් පමණක් නොව එළවළු ගොවීන් ද වත්මන් ආණ්ඩුව යටතේ අන්ත අසරණ වී ඇති බවයි.

    මෙහිදී වට්ටක්කා ගොවීන් සම්බන්ධයෙන් බැසිල් රාජපක්ෂ මහතා පසුගිය දා සිදුකළ ප්‍රකාශය දැඩිව හෙළා දුටු හිරන්‍යා හේරත් මහත්මිය බැසිල් රාජපක්ෂ ආදී නායකයින්ගෙන් ඊට වඩා දෙයක් බලාපොරොත්තු වීම හාස්‍යජනක බව ද කීවාය.

    මෙහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ හිරන්‍යා හේරත් මහත්මිය, ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධුරයට පත් වුණේම බොරු පොරොන්දු දීලා. එදා නුවරඑළිය ඇතුළු ගම්මිරිස් වගාකරුවන් සිටින දිස්ත්‍රික්කවලට පැමිණි ගෝඨාභය රාජපක්ෂ දස අතේ දිවුරමින් කියා සිටියේ ගම්මිරිස් වගාකරුවන්ට හොද මිලක් ලබා දෙන බවයි. ඒ කාලේ ගම්මිරිස්වලට රුපියල් 700-800ක් ලැබුණත් ගම්මිරිස් වගාකරුවන් ගෝඨාභය රාජපක්ෂගේ බොරුවලට මුලා වෙලා ගම්මිරිස් ගෝනි පිටින් ගිනි තිබ්බා. එහෙම කළේ ඔහුගේ පාලනයක් යටතේ ගම්මිරිස් සදහා හොද මිලක් ලබා ගන්න.

    ඒත් අද අමු ගම්මිරිස් කිලෝවක් රුපියල් 150-175යි, වියළි ගම්මිරිස් කිලෝවක් රුපියල් 300-400යි. ගම්මිරිස් වගාකරුවෝ කබලෙන් ලිපට වැටිලා. ඒත් ජනාධිපතිවරයා ඔවුන් දිහා ඇහැක් ඇරලා බලන්නේ නැහැ. නිලධාරීන් ගෙනත් වටමේස සාකච්ඡා කරන එක තමයි කරන එකම දේ. ජනාධිපතිවරයා බලයට පත් වූ දා සිට වටමේස සාකච්ඡා තියලා ගත්ත තීරණ – තීන්දු ක්‍රියාත්මක වුණා නම් අද ලංකාව සුර පුරයක්. ගොවීන් සිටුවරු වෙලා.

    ඒත් ජනාධිපතිවරයා දුන්න කිසිම පොරොන්දුවක් ඉටු නොකළ නිසා අද ගම්මිරිස් ගොවීන්, එළවළු ගොවීන් අන්ත අසරණ වෙලා. ඒ ගොවීන්ට තමයි බැසිල් රාජපක්ෂ සරදම් කරන්නේ.

    එදා බොරුවට රැවටිලා ජනාධිපතිවරණයේ දී ගත්ත තීන්දුව අද යළි හරවන්න ඕනෑ. ඒකට හොදටම කාලය තිබෙනවා. ජනතාවට වගකියන, විශ්වාසය තැබිය හැකි, වැඩක් කළ නායකයෙක් බලයට පත් කළ යුතුයි. ඒ තමයි සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස.

    ඒ නිසා මම විශේෂයෙන් නුවරඑළියේ ගම්මිරිස් වගාකරුවන්ගෙන් ඉල්ලා සිටිනවා මෙවර පැහැදිලි හා නිවැරදී තීන්දුවක් ගන්න. දුරකථනය ඉදිරියෙන් කතිරය ගසා පසුගිය ජනාධිපතිවරණයේ සිදු වුණ අතපසු වීම, වැරැද්ද නිවැරදි කර ගන්න ‘‘

  • පනින අය නම් පාර්ලිමේන්තුවට එවන්න එපා – බැසිල් ජනතාවගෙන් ඉල්ලයි

    පනින අය නම් පාර්ලිමේන්තුවට එවන්න එපා – බැසිල් ජනතාවගෙන් ඉල්ලයි

    පනින අයනම් පාර්ලිමේන්තුවට එවන්න එපා යැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ හා ජාතික සංවිධායක හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ජනතාවගෙන් ඉල්ලයි. කෙළින් වැඩ කරන කෙලින් තීන්දු ගන්න අය පමණක් පාර්ලිමේන්තු එවන්නැයි ඔහු ඉල්ලා සිටි.

    මීගමුවේ ඊයේ (25) පැවති කාන්තා රැස්වීමකට සහභාගි වෙමින් බැසිල් රාජපක්ෂ මහතා මේ බව කියා සිටියේය.

    මෙහි දි වැඩිදුරටත් අදහස් දැක් වූ බැසිල් රාජපක්ෂ මහතා මෙසේ ද කීවේය.

    “ පළාත් පාලන ඡන්දය දින්නේ ශ්‍රි ලංකා පොදුජන පෙරමුණයි. ප්‍රධාන පක්ෂ සියල්ලම පරද්දලා තමයි පොහොට්ටුව දින්නේ. ජනාධිපතිවරණයේ දි ජනාධිපති ඉදිරිපත් වුණෙත් පොහොට්ටු පක්ෂයෙන්. පක්ෂය පිහිටුවලා කෙටි කාලයකින් අපි ජාතික මැතිවරණ දෙකක් දින්නා. අපිට දැන් ජනාධිපති කෙනෙකුත් ඉන්නවා. ඒ වගේ ම අගෝස්තු 05 වෙනිදාට පොහොට්ටුව නැවත වාරයක් ජාතික මැතිවරණ තුනක් දිනන එකම පක්ෂය බවට පත්වෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන සංවිධායක බැසිල් රාජපක්ෂ මැතිතුමා පැවසීය.

    අපි එදා මහින්ද ජනාධිපතිතුමාගේ කාලේ හැදුවේ දිවිනැගුම තුළින් ගෘහස්ථ ආර්ථිකය නගා සිටුවීමට. මේ රටේ දරිද්‍රතාවයෙන් පෙළෙන පවුල් ලක්ෂ 10 කට නැත්නම් මිලියනයකට වැඩි පිරිසක් ඉන්නවා. මේ පවුල් අනිවාර්යෙන්ම දරිද්‍රතාවයෙන් මුදවාගන්න ඕනේ. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ ආණ්ඩුව, මහින්ද රාජපක්ෂ අගමැතිතුමාගේ ආණ්ඩුවේ, කැබිනට් මණ්ඩලයේ අනිවාර්යෙන්ම ඊලග ප්‍රධානම කර්තව්‍ය වන්නේ මේ රටේ දරිද්‍රතාවයෙන් පෙළෙන හැම පවුලක්ම එයින් මුදවාගෙන ශක්තිමත් ආර්ථිකයක් ගොඩනගන්න. අපි පවුලක් ගොඩනගනවා නම් මුලින්ම ගොඩනගන්න ඕනේ කාන්තාව. කාන්තාව පවුලේ ඉන්නේ මවක්, බිරිදක් විදිහට. යම් විදියකින් ආර්ථිකයක් වශයෙන් ශක්තිමත් කළොත් අනිවාර්යෙන්ම ඒ පවුල ආර්ථික වශයෙන් ශක්තිමත් වෙනවා. මැදපෙරදිග රටවල යන්නේ නැතුව තමුන්ගේ ඒ අපේක්ෂාවන් ඉටුකරගැනීමට, ගෘහස්ථ ආර්ථිකය නගා සිටුවීමට දිවිනැගුම යන සංකල්පය ගෙනාවේ. කාන්තාවන් මැදපෙරදිගට යන්නේ තමන්ගේ දරුවන්ට උගන්වන්න. නැතිනම් හිසට වහලක් හදාගන්න, හොද ගෙයක් දොරක් හදාගන්න යන පරමාර්ථයෙන්. අපි අද කනගාටු වෙනවා ඔවුන්ව අපට මේ රටට ගෙන්වා ගැනීමට නොහැකි වීම ගැන.

    ඉදිරි කාලයේදී රජය වෙනුවෙන් අපි සහතික වෙනවා සියළුම දෙනාව ඉක්මනින්ම මේ රටට ගෙනත් දෙන බවට. මේ කොරෝනා වෛරසය හරිම අමුතු වෛරසයක්. අපි දැකලත් නෑ. දකින්නෙත් නෑ. අදුරගන්නත් බෑ. අපි වගේ රටවල් නෙමෙයි. ඕන දෙයකට වියදම් කරන්න පුළුවන් රටවල්,බලවත්ම රටවල්, ඒ වගේම තමයි ජනතාව විශාල වශයෙන් ජීවත් වෙන රටවල. අද මොකද වෙලා තියෙන්නේ. අසල්වාසී ඉන්දියාව, එංගලන්තය, ඕස්ට්‍රෙලියාව වැනි හොදයි කියපු රටවලුත් වහලා.

    මට මතක් වෙනවා කැබිතිගොල්ලෑව සමූහ ඝාතනය ගැන. මුළු රටම ආරක්ෂක අංශ එපා කියද්දි අපේ මහින්ද ජනාධිපතිතුමා එතනට ගියා. එදා ජනතාවට පොරොන්දු වුනා මම ඊළග පාරේ මේ ත්‍රස්ථවාදය සියල්ලම නැති කරනවා කියලා. සම්පූර්ණයෙන්ම මේ රට නිදහස් කරගන්නවා. ජනතාවට බියක් සැකයක් නැතුව ජීවත් වෙන්න ඉඩසලසනවා කියලා තමයි එතුමා එදා සදහන් කළේ. අන්න එදා ඒක කළා. අද අපේ ජනාධිපතිතුමා අපේ රටේ ජනතාව කොරෝනා වෛරසයෙන් විතරද බේරගත්තේ. නැහැ. එතුමා මේ රටේ ජනතාවගේ ජීවිත බේරගන්න අතරතුරම ජනතාවගේ ජීවනෝපාය බේරගත් බව අපි ආඩම්බරයෙන් කියනවා. අද හැම කෙනෙකුගේම ජීවනෝපාය කරන්න අවස්ථාව දුන්නා. මුලින්ම කෘෂිකර්මයට, ඊටපස්සේ වැලි කේෂ්ත්‍රයට, ඊටත් පස්සේ ධීවර කේෂ්ත්‍රයට ඉඩ දුන්නා. කර්මාන්ත ක්‍රමයෙන් ඇරියා, දැන් හෝටලුත් එක එක ඇරෙනවා. පෙරපාසල, දිවා සුරැකුම් මධ්‍යස්ථානත් අරින්න අවස්ථාව දීලා තියෙනවා.

    ජනාධිපතිතුමා පැහැදිලිව සහතිකයක් දීලා තියෙනවා අපිට බලය දුන්නොත් මේ රටේ සියළු ජනතාවගේ ජීවනෝපාය ගොවියෙක්, ධීවරයෙක්, කාර්මිකයෙක්, කම්කරුවෙක් යන හැම කෙනෙකුගේම ජීවනෝපාය ස්ථිරව ඉහළට ගෙන යන හොද ආදායම් මාර්ගයක් ලබාදෙනවා යැයි කියන එක.

    යුද්ධය අවසන් කළාට පස්සෙත් 2010-2015 වෙන තෙක් මහින්ද ජනාධිපතිතුමා මේ මුළු රටම මහාමාර්ග පද්ධතිය වැලදගන්න විදිහට හරිගස්සගෙන ගියා. අධිවේගී මාර්ග හැදුවා. පළාත් මාර්ග හැදුවා. ඒ වගේම තමයි මුළු රටටම ජල යෝජනා ක්‍රම වගයක් සූදානම් කළා. අපි කියනවා ඊලග පාර්ලිමේන්තු ජනාධිපතිවරණ මැතිවරණ වලට එන්නේ මේ රටේ ජනතාවට පානීය පිරිසිදු ජලය ලබා දීමෙන් පස්සේ. අනිවාර්යෙන්ම අපි පරිසරය රැකගන්න ඕනේ. මේ රට නැවත මහ පොළොව සරු පොළවක් බවට පත්කරනවා. මේ දේවල් කරන්නේ ඔබ වෙනුවෙන්ම පමණක් නෙමෙයි. ඔබේ දරුවන් හා දරුවන්ගේ දරුවන් වෙනුවෙන්. ඒ කාර්යන් කරන්න අතිගරු ජනාධිපතිතුමාවයි,  අගමැතිතුමාවයි,ඇමති කාර්ය මණ්ඩලයට ඒ ශක්තිය සදහා සුදුසු කාර්යශූර,අවංක පුද්ගලයින්ව පාර්ලිමේන්තුවට එවන්න. නැතුව හදිසියක් වුනාම පනින කට්ටියව නම් එවන්න එපා. මොකද එහෙම වුනොත් ලෙඩක් වෙනවා. කෙළින්  කට්ටියව එවන්න පාර්ලිමේන්තුවට”

  • “සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශනයෙන් දුන් පොරොන්දු නොපිරිහෙළා ඉටුකරනවා – ජනපති

    “සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශනයෙන් දුන් පොරොන්දු නොපිරිහෙළා ඉටුකරනවා – ජනපති

    “සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශනයෙන් දුන් පොරොන්දු නොපිරිහෙළා ඉටුකරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අවධාරණය කරයි. ඒ සඳහා අවශ්‍ය පාර්ලිමේන්තු බලය සහ වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීමට සහය දෙන්නැයි ජනාධිපතිතුමා ජනතාවගෙන් ඉල්ලා සිටී. 

    පොදුජන පෙරමුණෙන් මහ මැතිවරණයට තරග වදින අපේක්ෂකයන්ගේ ජය තහවුරු කිරීමට අද (26) කුරුණෑගල  දිස්ත්‍රික්කයේ චාරිකාවක නිරත ජනාධිපතිතුමා නිකවැරටිය පොළ භූමියේ පැවති ජන හමුවට සහභාගී වූ අවස්ථාවේ එසේ ප්‍රකාශ කළේය.  අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා විසින් එය සංවිධාන කර තිබිණ.

    ජනහමුවට වැඩම කර සිටී මහ සංඝරත්නය ජනාධිපතිතුමා ගෙන යන වැඩපිළිවෙළ අගය කරමින් එතුමාට සෙත් ප්‍රාර්ථනා කළහ.

    පෙර පාසල් පද්ධතිය අමාත්‍යාංශයක් යටතට පත් කිරීමට ජනාධිපතිතුමා ගත් තීරණය ඉහළින් අගය කළ පෙර පාසල් ගුරුවරියෝ පිරිසක් එය දරුවන්ගේ මුල් ළමා විය සංවර්ධනයට ගත් දැවැන්ත පියවරක් බව පැවසූහ.

    නිකවැරටිය ජයන්ති මධ්‍ය මහා විද්‍යාලයේ ක්‍රීඩාංගණය ප්‍රතිසංස්කරණය කර දෙන්නැයි  සිසුන් පිරිසක් කළ ඉල්ලීම වහා ඉටුකරන මෙන් ජනාධිපතිතුමා යුද හමුදාපතිවරයාට දැන්වීය.

    අපේක්ෂක ටී.බී. ඒකනායක මහතා මහව සති පොළ භූමියේ සංවිධාන කළ ජන හමුවට සහභාගී වූ ජනාධිපතිතුමා ප්‍රදේශයේ ජනතාව මුහුණ පාන ප්‍රධාන ගැටළුවක් වන වන අලි තර්ජනයට ස්ථිර විසදුමක් දීමේ අවශ්‍යතාව අවධාරණය කළේය. මහව මංසන්ධියේ ඉදිකිරීමට යෝජිත ගුවන් පාලම, සංස්කෘතික චතුරශ්‍රයේ ඉදිකිරීම්, ඉඩම් සහ ජල ප්‍රශ්න පිළිබඳව ජනතාව ජනාධිපතිතුමා දැනුවත් කළහ.

    පාසල් දරුවෙක් කොවිඩ් අරමුදලට පරිත්‍යාග ලෙස  මුදල් කැටයක් ජනාධිපතිතුමා වෙත පිළිගැන්වීය.

    අපේක්ෂක තාරානාත් බස්නායක මහතා ගල්ගමුව යූ.බී. වන්නිනායක ක්‍රීඩාංගණයේ සංවිධාන කර තිබූ ජන  හමුවට ද ජනාධිපතිතුමා සහභාගී විය. වන අලි තර්ජනය, ගල්ගමුව රෝහලේ අඩු පාඩු සහ බස් රථ හිඟය ආදි ගැටළු නිසා ගම්මාන කිහිපයක ජනතාව මුහුණ දෙන දුෂ්කරතා පිළිබදව ජනතාව ජනාධිපතිතුමා දැනුවත් කළහ.

    ගල්ගමුව සිට මීගලෑවට යන අතරමග දෙපස රැස්ව සිටී ජනතාව සමග ද ජනාධිපතිතුමා සුහද කථා බහක නිරත විය.

    අපේක්ෂක අංසක නවරත්න මහතා මීගලෑව ජාතික ක්‍රීඩාංගණයේ සංවිධාන කළ ජනහමුවට සහභාගී වූ ජනාධිපතිතුමාට රැස්ව සිටී ජනතාව මහත් හරසර පුද කළහ.

    ප්‍රදේශයේ මාර්ග සහ වැව් පද්ධතිය ප්‍රතිසංස්කරණය කර දෙන්නැයි ඔවුහු ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටියහ.

    අසු හැවිරිදි කිරිබණ්ඩා මහතා තමා එකතු කරගත් රුපියල් 5,000ක මුදලක් කොවිඩි අරමුදල සඳහා ජනාධිපතිතුමා වෙත පිළිගැන්වීය.

    අපේක්ෂක ඩී.බී. හේරත් මහතා වාරියපොළ වැව ගෙදර ඉඩමේ සංවිධාන කළ ජන හමුවට සහභාගි වූ ජනාධිපතිතුමා රැස්ව සිටී ජනතාව සමග සුහද කතා බහක නිරත විය.

    අපේක්ෂක ගුණපාල රත්නසේකර මහතා ජනාධිපතිවරණයේ දී ඉදිරිපත් කළ “පඩුවස්නුවර සංවර්ධන සැලැස්ම” ක්‍රියාත්මක කිරීමට සහය දෙන බව හෙට්ටිපොළ සතිපොළ භූමියේ සංවිධාන කර තිබූ ජන හමුවට සහභාගීවෙමින් ජනාධිපතිතුමා පැවසීය.

    ඉඩම් පැවරීමේ දී නිසි ලෙස මැණුම් සිදු නොකිරීම සහ ඔප්පු නොලැබීම පිළිබඳව ගම්මාන  රැසකදී ජනතාව ජනාධිපතිතුමා දැනුවත් කළහ. විධිමත් විමර්ශනයක් සඳහා කමිටුවක් පත් කර ඊට විසඳුම් දෙන බව රාජපක්ෂ මැතිතුමා සඳහන් කළේය. 

    ගොවි ජනතාවගේ පහසුව උදෙසා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සහ වාරිමාර්ග දෙපාර්තමේන්තුව ඒකාබද්ධ කරන්නැයි ජනතාව ජනාධිපතිතුමාගෙන් ඉල්ලීමක් කළහ.

    අපේක්ෂක දයාසිරි ජයසේකර මහතා හෙට්ටිපොළ මහජන ක්‍රීඩාංගණයේ සංවිධාන කළ ජන හමුවට ද ජනාධිපතිතුමා සහභාගි විය.

    නිලධාරීන්ගේ නොසැළකිල්ල නිසා අස්වැද්දීමට නොහැකිව ඇති කටුපොත, හේනේගම  අක්කර 400ක පමණ කුඹුරු වගාවට යොදා ගැනිමට අවස්ථාව සලසන්නැයි ජනතාව ජනාධිපතිතුමාට කියා සිටියහ. 

    අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා මේ අවස්ථාවන්ට සහභාගී විය.

  • කුරුණෑගලට පූර්ණ සංවර්ධනයක් – අගමැති අපේක්ෂාවට ජනපති සහය

    කුරුණෑගලට පූර්ණ සංවර්ධනයක් – අගමැති අපේක්ෂාවට ජනපති සහය

    ශ්‍රී ලංකාවේ සිව්වැනි රාජධානිය ලෙස සැලකෙන කුරුණෑගල දිස්ත්‍රික්කයේ සශ්‍රිකත්වය මත පදනම් වූ  පූර්ණ සංවර්ධනයක් සඳහා වන අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ සැලැස්මට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සිය පූර්ණ සහය පළ කර සිටී.

    අතීතයේදී ඇතුගල්පුර නමින් ප්‍රකට කුරුණෑගලට ආවේණික වූ කෘෂිකර්මාන්තයේ උන්නතිය උදෙසා දිස්ත්‍රික්කයේ සියලු වැව් සහ වාරිමාර්ග ප්‍රතිසංස්කරණය කරන බව එතුමා ප්‍රකාශ කරයි.

    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් මහ මැතිවරණයට තරග වදින අපේක්ෂකයන්ගේ ජය තහවුරු කිරීමට අද (26) කුරුණෑගල  දිස්ත්‍රික්කයේ චාරිකාවක නිරතවෙමින් හිරියාල, මැල්සිරිපුර නගර මධ්‍යයේ පැවති ජන හමුවේදී ජනාධිපති රාජපක්ෂ මැතිතුමා එසේ පැවසීය.

    අපේක්ෂක යූ.කේ. සුමිත් මහතා හමුව සංවිධාන කර තිබූ අතර හිරියාල සංවර්ධන ඉදිරි දැක්ම ජනාධිපතිතුමා වෙත පිළිගැන්වීම ද මෙහිදි සිදු කෙරිණ.

    නාමල්අංග විද්‍යාලයත් ක්‍රීඩාංගණයත් යා කරමින් ගුවන් පාලමක් සහ  හිරියාලට ආයුර්වේද රෝහලක් ඉදිකර දෙන ලෙස කළ ඉල්ලීම ජනාධිපතිතුමාගේ අවධානයට ලක් විය.  ඒ පිළිබඳ අධ්‍යයනය කොට වාර්තා කරන්නැයි නිලධාරින්ට දැනුම් දෙනු ලැබීය.

    අපේක්ෂක ජයරත්න හේරත් මහතා සත්‍යවාදී පිටියේ සංවිධාන කර තිබූ ජන හමුවට ද ජනාධිපතිතුමා සහභාගි විය. කුරුණෑගල නගරයට අංග සම්පූර්ණ ගෘහස්ත දැල් පන්දු ක්‍රීඩාංගණයක  අවශ්‍යතාව හමුවට පැමිණ සිටි ක්‍රීඩිකාවෝ පිරිසක් විසින් ජනාධිපතිතුමාට දැනුම් දුන්හ.

    මේ අවස්ථාවට එක්ව සිටී ලොව උසම දැල් පන්දු ක්‍රීඩිකාව ලෙස සැලකෙන ශ්‍රී ලංකා  කණ්ඩායමේ හිටපු නායිකා  තර්ජිනී සිවලිංගම් මෙනවිය සමග ජනාධිපතිතුමා සුහද කතා බහ නිරත විය.

    ප්‍රදේශයේ  පානීය ජල ගැටලු ද ජනාධිපතිතුමා වෙත ඉදිරිපත් කෙරිණ. උපාධිලාභී රැකියා පත්වීම් මැතිවරණයෙන් පසු සිදු කෙරෙන බව පැණයකට පිළිතුරු ලෙස ජනාධිපතිතුමා කීය.

    අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ද මේ අවස්ථාවන්ට එක් විය.

  • ශ්‍රීපාලි වීරක්කොඩි ක්‍රිකට් පිටියට සමුදෙයි

    ශ්‍රීපාලි වීරක්කොඩි ක්‍රිකට් පිටියට සමුදෙයි

    ශ්‍රී ලංකා කාන්තා පිල නියෝජනය කරන දක්ෂ ක්‍රීඩිකාවක් වන ශ්‍රීපාලි වීරක්කොඩි සිය අන්තර්ජාතික ක්‍රිකට් පිටියෙන් සමුගැනීම ප්‍රකාශයට පත් කර තිබේ. ඒ පිළිබඳව ශ්‍රීපාලි විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයවෙත නිල වශයෙන් දැනුම් දී ඇත.

    වේග පන්දු යවන තුන් ඉරියව් ක්‍රීඩිකාවක් වන ශ්‍රීපාලි ක්‍රීඩාවෙන් විශ්‍රාම යන විට 34 හැවිරිදි වියේ පසුවන්නීය. මේ වන විට ශ්‍රී ලංකාව වෙනුවෙන් එක්දින ජාත්‍යන්තර තරග 89 කට සහ විස්සයි-20 ජාත්‍යන්තර තරග 58 කට ඇය සහභාගිවී තිබේ.

    “මෙය මා කවදාක හෝ ගත යුතු තීරණයක්. ඒ නිසා මම හිතන්නේ මෙය තමයි ඒ සඳහා හොඳම වෙලාව” යැයි ශ්‍රීපාලි පැවැසීය. සිය සමුගැනීමේ තීරණය පිළිබඳව වැඩිදුරටත් අදහස් දක්වා සිටි ශ්‍රීපාලි මෙය තමන්ගේ පෞද්ගලික තීරණයක් මත ගත් එකක් බව සඳහන් කර සිටියාය.

  • පශ්චාත් Covid යුගයේ රට මෙහෙයවීමට ශක්තිමත් විධායකයක් අවශ්‍යයි – මිලින්දගෙන් යෝජනාවක්

    පශ්චාත් Covid යුගයේ රට මෙහෙයවීමට ශක්තිමත් විධායකයක් අවශ්‍යයි – මිලින්දගෙන් යෝජනාවක්

    විධායක ජනාධිපති ක‍්‍රමය හදුන්වා දී වසර හතලිස් දෙකක් ගත වී ඇති අතර එය අහෝසි කරන බවට ගෙන යන විවාදය අසමත් වී ඇත. 2015 වසරේ දී ලැබුණ අවස්ථාවේ දී පවා අහෝසි කරන පියවර ගත්තේ නැත. උදා වී ඇති කාලපරිච්ෙඡ්දය නිදහසට පසු රටට මුහුණ දෙන්නට සිදුවී ඇති බරපතලම අභියෝග සහිත වකවානුවකි. විධායක බලයකින් හැර, මෙම මොහොතේ දී රටට ගැලවීමක් නැති බව ද මෙහි සදහන්ය.

    පශ්චාත් කොවිඞ් යුගයේ දී එල්ලවිය හැකි සමාජ, ආර්ථික හා ජාත්‍යන්තර අභියෝග වලට ඉක්මන් විසදුම් අවශ්‍යවනු ඇති අතර ඉක්මනින් ඵලදායී තද තීරණ ගැනීමට ශක්තිමත් විධායකයක් රටට අවශ්‍ය බව පාත්ෆයින්ඩර් පදනමේ නිර්මාතෘ හිටපු අමාත්‍ය මිලින්ද මොරගොඩ මහතා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

    කොවිඞ්-19 වසංගතය පැතිරුණ වකවානුවේ ඉක්මනින් තීරණ ගෙන පාලනය කළ හැකි වූ හා සමානව ක‍්‍රියා කිරීම අවශ්‍ය අතර ප‍්‍රධාන දේශපාලන පක්ෂ ඉදිරියේ දී අනුගමනය කරන ව්‍යුහය හෝ ව්‍යවස්ථා සංශෝධන සම්බන්ධයෙන් ඔවුන්ගේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශන වල පැහැදිලි ස්ථාවරයක් ඉදිරිපත් කර නැති බව ද කියා සිටී. මනාප ක‍්‍රමය අහෝසි කර ආසන මටට්ම නැවත ඇති කළ යුතු අතර පලාත් සභා පලක් නැති බව ද මෙහි දැක්වෙයි.

    දහ නම වැනි ව්‍යවස්ථා සංශෝධනය අනුව, විධායකය හා ව්‍යවස්ථාදායකය අතර බලය සම්බන්ධයෙන් පවතින දුර්වලතා හේතුවෙන් ක‍්‍රියාකාරීත්වය අඩාල විය හැකිය. සමහර අංශ අක‍්‍රිය විය හැකි බව ද මොරගොඩ මහතා පෙන්වා දෙයි. පාර්ලිමේන්තුවට වගකියන ශක්තිමත් විධායක ජනාධිපති ධුරයක් ඇති කරන ව්‍යවස්ථා සංශෝධනයක් ගැන කල්පනා කළ යුතුය. කන්කසන්තුරයේ සිට දෙවිනුවර දක්වා පුරවැසියන් ගේ ඡුන්දයෙන් බලයට පත් වන සහ සමස්ථ ජනතාවට වගකියන එකම පුද්ගලයා බවට පත්වන බව ද හෙතෙම අවධාරණය කරයි.

    ව්‍යවස්ථා සංශෝධනයේ දී බලතුලනය ගැන අවධානය යොමු කළ යුතු අතර, පාර්ලිමේන්තුවට මහජන නියෝජිතයන් තෝරා ගැනීමේ දී වැඩි කොටසක් කෙලින්ම ජනතාව පත්කරන ආසන මටට්මට යා යුතුය. අවශ්‍යනම් සුළු කොටසක් සමානුපාතික ක‍්‍රමයකට විය හැකිය. කෙසේ වෙතත් මනාප ක‍්‍රමය සහමුලින්ම අහෝසි කළ යුතු බව ද මිලින්ද මොරගොඩ මහතා කියා සිටී. පලාත් සභා ක‍්‍රමය අවශ්‍ය නැති අතර ජනතාවගේ එදිනෙදා ගැටළු විසදන පලාත් පාලන ආයතන ව්‍යුහය ශක්තිමක් කළ හැකිය. සුළු ජන කොටස් හා ප‍්‍රාදේශීය නියෝජනය සලකා සෙනෙට් මණ්ඩලයක් පත් කළ හැකි බව ද මෙම නිවේදනයෙහි දැක්වෙයි.

    විධායක ජනාධිපති ක‍්‍රමය හදුන්වා දී වසර හතලිස් දෙකක් ගත වී ඇති අතර එය අහෝසි කරන බවට ගෙන යන විවාදය අසමත් වී ඇත. 2015 වසරේ දී ලැබුණ අවස්ථාවේ දී පවා අහෝසි කරන පියවර ගත්තේ නැත. උදා වී ඇති කාලපරිච්ෙඡ්දය නිදහසට පසු රටට මුහුණ දෙන්නට සිදුවී ඇති බරපතලම අභියෝග සහිත වකවානුවකි. විධායක බලයකින් හැර, මෙම මොහොතේ දී රටට ගැලවීමක් නැති බව ද මෙහි සදහන්ය.

    බි‍්‍රතාන්‍යයෙන් නිදහස ලැබූ ඇමරිකාව ශක්තිමත් විධායකයෙකු සහිත ජනාධිපති ධුරයක් ඇති කළේය. එය නිර්මාණය කිරීමේ දී තිබුණ විවාදයේ දී,  දුර්වල විධායක ධුරයකින් දුර්වල ආණ්ඩු හැදෙන සහ දුර්වල ආණ්ඩුවකින් රාජ්‍ය පාලනය අසාර්ථක වන අතර දුක්වි`දින්නේ ජනතාව බව අවධාරණය වූ බව මතක් කර දෙන මිලින්ද මොරගොඩ මහතා අද අපට අවශ්‍ය ජනතාවගේ උවමනා එපාකම් සාක්ෂාත් කළ හැකි ශක්තිමත් ආණ්ඩුවක් බව ද අවධාරණය කරයි.  

  • එජාපය දෙකඩ වුණේ සජිත්ගේ දෙපිටකාට්ටු වැඩ නිසයි – මහින්ද

    එජාපය දෙකඩ වුණේ සජිත්ගේ දෙපිටකාට්ටු වැඩ නිසයි – මහින්ද

    සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා උතුරේදී සිදු කරන ප්‍රකාශයන්ට වඩා හාත්පසින්ම වෙනස් කතාවක් දකුණේදී ප්‍රකාශ කරන බවත් තමන් උතුරට එකක් දකුණට එකක් කියන නායකයෙක් නොවන බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

    ඊ‍යේ (22) පස්වරුවේ හෝමාගම ප්‍රදේශයේ පැවති හමුවක් අමතමින් අමාත්‍යවරයා මේ බව සදහන් ප්‍රකාශ කළේය.

    මෙහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා මෙසේද කීවේය.

    ‘ පසුගිය දා උතුරු ප්‍රදේශයේ පැවති ජන හමුවකදී සජිත් ප්‍රේමදාස මහතා කියනවා දහතුන්වැනි සංශෝධනය වෙනසක් නොමැතිව ආරක්ෂා කරමින් දෙමළ ජනතාවට සමාන අයිතීන් සමග විසඳුම් දීමට තමන් සූදානම් බව. උතුරු නැගෙනහිර ඒකාබද්ධ කොට විසඳුමක් ලබා දෙන බවත් සජිත් ප්‍රේමදාස මහතා කියනවා. නමුත් සජිත් ප්‍රේමදාස මහතා දකුණේ ජනතාවට කියන්නේ මේ කතාවේ අනික් පැත්ත. ඔහු තමන්ගේ ඇත්ත ප්‍රතිපත්තිය වසන් කරමින් සිටිනවා.

    මෙවැනි දෙබිඩි ප්‍රතිපත්තියක් සහිත පුද්ගලයින් කිසිසේත්ම විශ්වාස කළ නොහැකියි. මේ වාගේ දෙබඩි ප්‍රතිපත්තිය නිසා තමයි එක්සත් ජාතික පක්ෂය දෙකට කැඩිලා ගියේ.

    එදා රණවිරුවන් කළ කැපකිරීම නොවන්නට අද අපට මෙවැනි මැතිවරණයක් පැවැත්වීමට හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඒ සා විශාල කැප කිරීමක් සිදු කළ ජාතියක් වශයෙන් මෙවැනි දෙබිඩි ප්‍රකාශ සිදු කිරීම හෙළා දැකිය යුතුයි.

    අද සමහරු කියනවා ගෝඨාභය රාජපක්ෂ මහතා සමග වැඩ කිරීමට හැකි බව. ඒක මහ විහිළු කතාවක්. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ වැඩපිළිවෙළ ජනතාව අතරට ගෙන ගිය නායකයෝ එම වැඩපිළිවෙළ ක්‍රියාවට නැංවීමට සුදුසුම පිරිසයි. ඒකට තවත් අය අවශ්‍ය නැහැ‘‘

    මෙම අවස්ථාවට බන්දුල ගුණවර්ධන, දිනේෂ් ගුණවර්ධන, ගාමිණි ලොකුගේ යන අමාත්‍යවරුන් ඇතුළු පිරිසක් සහභාගි වූහ.

  • බැසිල්ගෙන් ‘මෛත‍්‍රීට’ ටොක්කක්

    බැසිල්ගෙන් ‘මෛත‍්‍රීට’ ටොක්කක්

    ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් බිඳි ගොස් අලූත් දේශපාලන පක්ෂයක් පිහිටුවීමට කටයුතු කළහොත් ඔවුන්ව පාරේ ඇවිද්දවන බවට තර්ජනය කළ කෙනත් මෙම මහ මැතිවරණයේදී පොහොට්ටුවෙන් තරඟ කරන බව ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා කියයි.
    අද ගාල්ලේ පැවති ජනහමුවකදී බැසිල් රාජපක්ෂ මහතා මේ බව සඳහන් කළේය.

    මෙහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ බැසිල් රාජපක්ෂ මහතා, ‘අපි ජනාධිපතිවරණය ජය ගත්තේ බොහොම අමාරුවෙන්. අපි දැන් පාර්ලිමේන්තු මැතිවරණයට මුහුණදී සිටිනවා. අපි පක්ෂයක් පිහිටෙව්වොත් අපිව පාරේ ඇවිද්දවනවා කියලා කිව්ව කෙනත් දැන් අපේ පොහොට්ටුවෙන් ඉල්ලනවා. අපි ඔහුව ඉතාම ආදරයෙන් පිළිගත්තා.

  • පාර්ලිමේන්තු මැතිවරණ ඉතිහාසයේ පෙරළියකට දකුණේ ජනතාව  සූදානම්

    පාර්ලිමේන්තු මැතිවරණ ඉතිහාසයේ පෙරළියකට දකුණේ ජනතාව සූදානම්

    ආර්ථික හා සෞඛ්‍ය අර්බුද ඇතුළු දැවැන්ත අභියෝග රැසක් හමුවේ ජනාධිපතිතුමා ගෙන යන වැඩපිළිවෙළ ශක්තිමත් කරමින් පාර්ලිමේන්තු මැතිවරණ ඉතිහාසයේ පෙරළියකට දකුණ සූදානම් බවට ගාල්ල දිස්ත්‍රික්කයේ ජනතාව සහතික වෙති.  

    ගතවූ පස් වසරක පරිහානිය තමන් මනාව තේරුම්ගෙන ඇතැයි පවසන ඕවුහු අනාගත පරපුර වෙනුවෙන් යුතුකම් කොටස ඉටුකිරීමට සියලු පුරවැසියන්ට මෙවර මැතිවරණය තීරණාත්මක බව පෙන්වා දෙති.

    පොදුජන පෙරමුණෙන් මහ මැතිවරණයට තරග වැද සිටින අපේක්ෂකයන්ගේ ජයග්‍රහණය තහවුරු කරනු පිණිස අද (23) ගාල්ල දිස්‍ත්‍රික්කයේ චාරිකාවක නිරතව සිටින ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා හමුවේ ජනතාව එසේ ප්‍රකාශ කළහ.

    ගාල්ල හිනිදුම ආසනයෙන් සිය චාරිකාව ආරම්භ කළ ජනාධිපතිතුමා අපේක්ෂක සම්පත් අතුකෝරළ මහතා නෙළුව මහජන ක්‍රීඩාංගණයේ සංවිධානය කර තිබූ ජන හමුවට සහභාගී විය.

    නෙළුව ජාතික පාසල වෙත ගිය ජනාධිපතිතුමා එහි අඩුපාඩු පිළිබඳව විමසා බැලීය. ප්‍රයෝජනයට ගෙන නැති ඉඩම් ලබාදෙන්නේ නම් ජනාධිපතිතුමා අපේක්ෂා කරන ඉලක්කය සපුරන බව සුළු අපනයනය භෝග වගාකරුවෝ පිරිසක් තමන්ට ඇති ගැටළු ඉදිරිපත් කරමින් කියා සිටියහ.

    සුරාබදු නිලධාරීන්ගේ වැටලීම් නිසා ඇණහිට ඇති කිතුල් කර්මාන්තය යළි පණ ගැන්වීමට පසුබිම සකසන බව ජනාධිපතිතුමා කීය.

    ප්‍රදේශයේ ගංවතුර පාලනයට විධිමත් වැඩපිළිවෙලක් සැකසීමේ අවශ්‍යතාව ද සාකච්ඡාවට ලක් කෙරිණ. පෙර පාසල් ගුරුවරියන් ප්‍රදේශ රැසකදී ඉදිරිපත් කළ ගැටළු සැලකිල්ලට ගත් ජනාධිපතිතුමා මාසික දීමනාවක් ලබාදීමට අවධානය යොමුවී ඇතැයි පැවසීය.

    නව හැවිරිදි කුඩා දරුවකු තම මුදල් කැටය කොවිඩ් අරමුදල වෙනුවෙන් ජනාධිපතිතුමා වෙත පිරිනැමීමද මෙහිදී සිදුකෙරිණ.

    අපේක්ෂක ඉසුරු දොඩංගොඩ මහතා වඳුරඹ මහජන ක්‍රීඩාංගණයේ සංවිධාන කර තිබූ ජන හමුවේදී තේ ගොවීන්ගේ ගැටළු පිළිබඳව ජනාධිපතිතුමා දැනුවත් කරනු ලැබීය.

    දහම් පාසල් විෂය නිර්දේශයේ කොටස් පාසල් විෂය නිර්දේශයට ඇතුළත් කිරීමෙන් දරුවන් දහම් පාසල් වෙත යොමුකළ හැකි බව හමුවට වැඩම කළ සිටි මහා සංඝරත්නය ජනාධිපතිතුමා සමග පැවසූහ. ධර්මාචාර්ය විභාගය සමත්ව සිටීම දහම් පාසල් ගුරුවරුනට අනිවාර්යය කළයුතු බව ද උන්වහන්සේ සඳහන් කළහ.

    පාතාල කල්ලි සහ මත්ද්‍රව්‍ය උවදුර මර්දනයට කාර්ය සාධක බලකායක් පත්කර තිබේ. ග්‍රාමීය ප්‍රදේශවල එවැනි ක්‍රියාකාරකම් නිර්නාමිකව බලකායට දැනුම් දීමෙන් ජනතාව අපේක්ෂා කරන ඉලක්කය කඩිනමින් සපුරා ගත හැකි බව ජනාධිපතිතුමා කීය.

    උඩුගම මූලික රෝහලේ දැඩි සත්කාර ඒකකය සහ ශල්‍යාගාරය මෙන්ම මාර්ග කිලෝමීටර් ලක්ෂයේ මාර්ග වැඩසටහන යටතේ ගාල්ල දිස්ත්‍රික්කයේ සියලු මාර්ග සංවර්ධනය කරන බව ජනාධිපතිතුමා පැවසීය.

    පූජ්‍ය බද්දේගම සමිත හිමි සහ අමාත්‍ය රමේෂ් පතිරණ මහතා ජන හමුවලට එක්ව සිටියහ.

    පෙරට වැඩි උනන්දුවකින් ඡන්දය ප්‍රකාශ කිරීමට ජනතාව පෙළඹවිය යුතු බව අපේක්ෂිකා ගීතා කුමාරසිංහ මහත්මිය බෙන්තර ඇල්පිටිය ගෝනගල සතිපොළ භූමියේ සංවිධාන කර තිබූ ජන හමුවට සහභාගී වෙමින් ජනාධිපතිතුමා සඳහන් කළේය.

    ඉඳුරුව ප්‍රදේශයේ නිවාස 40 කට පමණ මෙතෙක් පානීය ජලය නොලැබීමෙන් ජනතාව මුහුණ දී ඇති ගැටළු පිළිබඳව ද ජනාධිපතිතුමාගේ අවධානය යොමු විය. අපේක්ෂක සම්පත් අතුකෝරළ මහතා ද මේ අවස්ථාවට එක්ව සිටියෝය.

  • රවී ‘සජිත්ගේ’ රෙදි ගළවයි ! හම්බන්තොට තරුණයින් 4500ක් අනාථ කළ බවත් කියයි

    රවී ‘සජිත්ගේ’ රෙදි ගළවයි ! හම්බන්තොට තරුණයින් 4500ක් අනාථ කළ බවත් කියයි

    සමගි ජන බලවේගය නායක සජිත් ප්‍රේමදාස මහතා අමාත්‍යධුරය දරන සමයේ හම්බන්තොටින් 4500ක් කොළඹට රැගෙනවිත් ඔවුන්ගේ රැකියා ස්ථිර නොකර පින්පඩි දුන් බවත් අද එම තරුණයින් අනාථ වී සිටින බවත් හිටපු අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි.

    මෙහිදී රවී කරුණානායක මහතා කියා සිටියේ යම් අයෙක් එක්සත් ජාතික පක්ෂයට අභියෝග කිරිම අලියාගේ ඇගට මැස්සෙක් වැහුවා මෙන් දැනෙන්නේ නැති බවයි.

    රවි කරුණානායක මහතා එ බැව් කියා සිටියේ (22) දින හැටන් නගරයේ පැවති නුවරඑලිය දිස්ත්‍රික්ක එක්සත් ජාතික පක්ෂ අපෙක්ෂකයින්ගේ ජය තහවුරු කිරිම සදහා පැවති රැස්විමක් අමතමිණි. මෙම රැස්විමේදි අදහස් දැක් වු රවි කරුණානායක මහතා මෙසේද සදහන් කළේය.

    ‘එක්සත් ජාතික පක්ෂය කියන්නේ සියළු ජාතින් එකතු කරන පක්ෂයක්. තව එකතු කරන පක්ෂයක් ලංකාවේ කොහේවත් නැ. අනිත් පක්ෂ ජාති ආගම් මුල්කරගත් පක්ෂ වෙන්න පුළුවන්. ජාතික සමගිය එකතු කරන්න පුළුවන් එක්සත් ජාතික පක්ෂයට පමණයි.

    පසුගිය අවුරුදු පහේ අපි සිඝ්‍ර සංවර්ධනයක් සිදු කරා , හම්බන්තොට දිස්ත්‍රික්කයට සිමා වෙලා තිබුණු සංවර්ධනය අපි රට පුරාවටම සිදු කලා. සමහර අය හිතනවා එක්සත් ජාතික පක්ෂය තුලට ඇවිල්ලා අලියා කුලියට අරන් තරග කරලා දිනන්න.

    සමහර අය කියනවා වතු කම්කරුවන් වතු හිමියන් කරනවා කියලා , එතකොට වතු හිමියන් වතු කම්කරුවන් වෙනවද? එ වාගේ ලාබාල ප්‍රකාශ නොකර, කරන්න පුළුවන් ප්‍රකාශ පමණයි එක්සත් ජාතික පක්ෂය කරන්නේ.

    හැම පවුලකටම රුපියල් විසිදහසක් දෙනවලු. හැම පවුලකටම රු විසිදහස ගානේ දෙන්න මාසෙක රු කොටි දොලොස්දහස් පන්සියයි. එහෙම දුන්නම කවුද රාජ්‍යය සේවකයාගේ වැටුප ගෙවන්නේ? ණය ගෙවන්නේ ? මේ වගේ ප්‍රකාශ මොන්ටිසොරි ළමයෙක්වත් කරන්නේ නැ.

    සජිත් ප්‍රේමදාස අපේ ආණ්ඩු කාලේ අමාත්‍යංශයේ ඉන්නකොට හම්බන්තොටින් හාරදහස් පන්සියක් කොළඹ ගෙනල්ලා රැකියා දිලා ස්ථිර කරන්නේ නැතුව පින් පඩි දුන්නා. අද එ අය ගෙදර ඉන්නේ.

    පසුගිය ජනාධිපතිවරණයෙන් පරාජය විම තුලි අපිට එක්සත් ජාතික පක්ෂය අලුත් වෙලා තියෙනවා, නව මුහුණු එලියට ඇවිල්ලා තියෙනවා, අපිට තිබුණු වැරදි හරි ගස්සගන්න අවස්තාව ඇවිල්ලා තියෙනවා. යම් අය එක්සත් ජාතික පක්ෂයට අභියෝග කරාට ඒක නිකම් අලියාගේ ඇගට මැස්සෙක් වැහුවා වගේ දැනෙන්නේ නැ‘

  • මත්උවදුර තුරන් කරන බවට ජනපතිගෙන් සහතිකයක්

    මත්උවදුර තුරන් කරන බවට ජනපතිගෙන් සහතිකයක්

    මත් උවදුර තුරන් කළ රටක් අනාගත දරු පරපුරට දායාද කරන බවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සහතික වෙයි.

    විවිධ මාර්ග ඔස්සේ රට තුළට මත්ද්‍රව්‍ය ගෙන ඒම සහ බෙදාහැරීම නතර කිරීමට පියවර රැසක් ගෙන තිබේ. ත්‍රස්තවාදයෙන් රට මුදාගත්තා සේම මත් උවදුරෙන් ද රට බේරාදෙන බව ජනාධිපතිතුමා අවධාරණය කරයි.

    පොදුජන පෙරමුණෙන් මෙවර මහ මැතිවරණයට තරග වැද සිටින අපේක්ෂකයන්ගේ ජයග්‍රහණය තහවුරු කරනු පිණිස අද (22) ගම්පහ දිස්ත්‍රික්කයේ චාරිකාවක නිරත ජනාධිපතිතුමා කිරිබත්ගොඩ පොදු වෙළෙඳ සංකීර්ණය ඉදිරිපිට සංවිධාන කර තිබූ ජන හමුවට සහභාගීවෙමින් මේ බව පැවසීය.

    අපේක්ෂක ප්‍රසන්න රණවීර මහතා විසින් හමුව සංවිධාන කර තිබිණ. ජන හමුවට සහභාගී වූ මහචාර්ය පූජ්‍ය කුඹුරුගමුවේ වජිර හිමි ඇතුළු මහා සංඝරත්නය ජනාධිපතිතුමාට සෙත් ප්‍රාර්ථනා කළහ.

    ගංවතුරට ගොදුරුවන පෑලියගොඩ ප්‍රදේශවාසීන් වෙනුවෙන් මහල් නිවාස සංකීර්ණයක් සහ පෙතියාගොඩ පොම්පාගාරය ඉදිකරන ලෙස ජනතාව කළ ඉල්ලීමට ජනාධිපතිතුමාගේ අවධානය යොමු විය. කිරිබත්ගොඩ රෝහලේ වත්මන් තත්ත්වය සහ ඉඩම් ගැටළු පිළිබඳව ද ජනතාව ජනාධිපතිතුමා දැනුවත් කළහ. පාස්කු ප්‍රහාරය පිළිබඳ පරීක්ෂණ නතර නොකරන ලෙස ද ඔව්හු ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටියහ.

    අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා  සහ  අපේක්ෂක සිසිර ජයකොඩි මහතා මේ අවස්ථාවට එක්ව සිටියහ.

    නිසි නඩත්තුවක් නොමැතිවීමෙන් විනාශයට පත්ව ඇති සියඹලාපේ හන්දිය අසළ ව්‍යායාම මංතීරුව ජනාධිපතිතුමාගේ නිරීක්ෂණයට ලක් විය. එය කඩිනමින් ප්‍රතිසංස්කරණ කර දියත උයන සංකල්පයට සමානව ස්වයං රැකියා මධ්‍යස්ථානයක් ලෙස සංවර්ධනය කරන්නැයි ජනතාව ජනාධිපතිතුමාගෙන් ඉල්ලීමක් කළහ.

    බියගම වඩුවේගම සහ කොට්ටුන්න වැව් ප්‍රතිසංස්කරණය කිරීමෙන් අක්කර 400කට අධික කුඹුරු අස්වැද්දිය හැකි බව අපේක්ෂක ඩුලීප් විජේසේකර මහතා බියගම සියඹලාපේ හංදියේ සංවිධාන කර තිබූ ජන හමුවට සහභාගී වූ ජනාධිපතිතුමා සමග ජනතාව පැවසූහ. දීර්ඝ කාලයක සිට ගමනාගමන මණ්ඩල බස් රථ ප්‍රමාණවත් තරම් ධාවනය නොකිරීමෙන් සවස් කාලයේ මුහුණදීමට සිදුව ඇති දුෂ්කරතා පිළිබඳව ද ඔව්හු ජනාධිපතිතුමා දැනුවත් කළහ.

    හිටපු රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා දළුපිටිය පාරේ උප තැපැල් කාර්යාලය අසළ සංවිධාන කර තිබූ ජන හමුවට ද ජනාධිපතිතුමා සහභාගී විය. එහිදි ද ජනතාවගෙන් ජනාධිපතිතුමාට මහත් හරසර හිමි වූ අතර මත්ද්‍රව්‍ය උවදුර පිටුදැකීමට එතුමා ගෙන යන වැඩපිළිවෙළට ඔවුහු සිය ප්‍රසාදය පළ කළහ.

    අපේක්ෂක සහන් ප්‍රදීප් මහතා කඩවත පෞද්ගලික බස් නැවතුම්පොළ අසළ සංවිධාන කර තිබූ ජනහමුවට ද ජනාධිපතිතුමා සහභාගී විය. මහර කඩවත ක්‍රීඩා සංකීර්ණයක් ඉදිකර දෙන ලෙසත්, අබලන් මාර්ග ප්‍රතිසංස්කරණය කර දෙන ලෙසත් රැස්ව සිටී ජනතාව ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටියහ.

    ඉටු කිරීමට කල්ගතවන ජනතා ඉල්ලීම් පසුව විමර්ශනය කොට අවශ්‍ය පියවර ගනු ලැබේ.

  • සමගි ජන බලවේගය ‘ප‍්‍රජාතන්ත‍්‍රවාදී අරගලයක’ ප‍්‍රතිඵලයක් – නීතිඥ හිරණ්‍යා හේරත්

    සමගි ජන බලවේගය ‘ප‍්‍රජාතන්ත‍්‍රවාදී අරගලයක’ ප‍්‍රතිඵලයක් – නීතිඥ හිරණ්‍යා හේරත්

    සමගි ජන බලවේගය ප‍්‍රජාතන්ත‍්‍රවාදී අරගලයක ප‍්‍රතිඵලයක් බවත් පොදුජන පෙරමුණ සහ සමගි ජන බලවේගය අතර දැවැන්ත දේශපාලන පරතරයක් ඇති බවත් සමගි ජන බලවේගයේ නුවරඑළිය දිස්ත‍්‍රික් අපේක්ෂිකා නීතිඥ හිරණ්‍යා හේරත් මහත්මිය පැවසුවාය.

    නුවරඑළිය සමගි ජන බලවේගයේ, නුවරඑළිය දිස්ත්‍රික් තරුණ නියෝජිත සමුළුව අමතා මේ බව සඳහන් කළ හිරණ්‍යා හේරත් මහත්මිය වැඩිදුරටත් කියා සිටියේ නුවරඑළිය දිස්ත‍්‍රික්කයේ ජනතාව මුහුණ දෙන ගැටලූ විසඳා ගතහැකි වන්නේ නුවරඑළිය ජනතාවට ආදරය කරන, එහි ගැටලූ විසඳීමට කැපවීමක් කළහැකි දේශපාලන නායකත්වයකින් පමණක් බවයි. මෙහිදී නීතිඥ හිරන්‍යා හේරත් මහත්මිය මෙසේද පැවසුවාය.    

    ‘අපි අද සාක්ෂි දරන මේ සිදුවීම ලංකාවේ හැමදාම සිදුවෙන දෙයක් නොවේ. අපි නොදැනුවත් වුණත් අපි මේ කරන කර්තව්‍ය ඉතිහාස පොතේ ලියවෙනවා. 1946 ලංකා ජාතික කොන්ග්‍රසය සහ සිංහල මහා සභාව එක්ව එක්සත් ජාතික පක්ෂය බිහිවුණා. 1951දී එක්සත් ජාතික පක්ෂයෙන් වෙන්වී ගිය බණ්ඩාරනායක මහත්මයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බිහි කළා. ඉන්පසු  සියලු රජයන් බිහි වුණේ මේ පක්ෂ දෙකෙන් එකක නායකත්වයෙන්.

    ඒ වගේම ලංකාවේ දේශපාලන කරළියේ තවත් වෙනසක් ඇති කරමින්  2016දී  නිදහස් පක්ෂයෙන් වෙන්ව ගිය ප‍්‍රබලයින් පිරිසකගේ නායකත්වයෙන් පොදුජන පෙරමුණ බිහිවුණා. මේ සියලූ දේශපාලන බෙදීම් සහ නව පක්ෂ බිහිවීම් අතර සුවිශේෂම, ඒ වගේම ඓතිහාසික අවස්ථාව වන්නේ සජිත් පේ‍්‍රමදාස මහතාගේ නායකත්වවෙන් සමගි ජන බලවේගය බිහිවීමයි.

    එය ප‍්‍ර‍්‍රතිපත්තිමය දේශපාලනයේ සුවිශේෂ අවස්ථාවක්. ජනතාවගේ දීර්ඝ කාලීන අපේක්ෂා මල්ඵල ගැන්වීමක්. අපි අද සාක්ෂි දරන්නේ ශ්‍රී ලංකා දේශපාලන වංශ කතාවේ ඒ සුවිශේෂී ජයග‍්‍රහණය වෙනුවෙනුයි.   දේශපාලන විචාරකයින් කියන ආකාරයට මේ තමයි ශ‍්‍රී ලංකාවේ දේශපාලන පක්ෂවල දෙවන යුගය. ලංකාවේ දේශපාලන පක්ෂ වල  දෙවන පරපුරේ ආරම්යභ තුළයි අපි දැන් ඉන්නේ.

    නව තත්ත්වය තුළ තව දුරටත් එක්සත් ජාතික පක්ෂයට හෝ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයට බලය ලබා ගැනීමේ හැකියාවක් නැහැ. ඒවා දැන් අතීතයට එක්වෙලා ඉවරයි. ශ්‍රී ලංකාවේ අනාගතය තිබෙන්නේ දුරකථනයත් පොහොට්ටුවත් අතරයි. මොකද ජනතාව  අද ඉන්නේ මේ කණ්ඩායම් දෙකත් සමගයි.

    ඒත්  දුරකතනයයි – පොහොට්ටුවයි අතර ලොකු වෙනසක් තියනවා.. පොහොට්ටුව කියන්නේ රාජපක්ෂ පවුලේ නිර්මාණයක්. රාජපක්ෂ පවුල් බලය ආරක්ෂා කර ගැනීමට අටවා ගත් පක්ෂයක්. ඒත්  සමගි ජන බලවේගය  කියන්නේ ප්‍රජාවාදී අරගලයක ප්‍රතිපලයක්.

    අපි පක්ෂය හදන්න අරගල කළා, පක්ෂය නවීකරණය කරන්න අරගලය කළා, අපි ප්‍රජාතන්ත්‍රවාදී වීමට අරගලය කළා, දුරකථනය කියන්නේ ඒ අරගලයේ ප්‍රතිපලයක්. දුරකථනය කියන්නේ ප්‍රජාන්තවාදී දේශපාලන දර්ශනයක එක සාධකයක්. එය පවුල්වාදී පක්ෂයක් හෝ දර්ශනයක් නොවෙයි. එක පවුලක බූදලයක් වූ පක්ෂයක් නොවෙයි.

    අනාගතයේදී අපේ අපේක්ෂකයින් තෝරන්නේ  පක්ෂයේ සංවිධායක නෙමෙයි. පක්ෂ නායකයාගේ පුද්ගලික අභිමතය පරිදි නොවෙයි. එය සියය සියයක් ප‍්‍රජාතන්ත‍්‍රවාදීවයි සිදුවන්නේ.
    මම අද ඔබ සියලු දෙනාට ලොකු වගකීමක් පවරනවා. මම විශ්වාස කරනවා ඒ වගකීම ඔබ සියලුදෙනාට බාරගන්න පුළුවන් එකක් කියලා.

    ඔබ අද ගමට ගියාම කරන්න පොඩි වැඩක්  මම බාර දෙනවා. ඒ  මං  වෙනුවෙන්වත්, දුරකථනය වෙනුවෙන්වත් නෙවෙයි, ඒ වගකීම අපේ ප්‍රජාව වෙනුවෙන්, අපේ අනාගතය වෙනුවෙන්, නූපං පරම්පරාව වෙනුවෙන්, අපේ රට වෙනුවෙන් කරන ඉල්ලීමක්.

    ඔබ අද ගමට ගියාම, තරුණ සමගි බලවේගයේ ශාකාවක්  පිහිටුවන්න. දෙන්නෙක්ගෙන් හරි පටන්ගන්න. එය ප්‍රමාණවත්. වර්ධන කරන්න. එකතු කරන්න, පිරිස රැස් කරන්න.

    ඔබ පිහිටවන ශාකව හරහා ගමට සේවය කරන්න. ප්‍රශ්නවලට විසදුම් හොයන්න. රජය විසඳනකම් බලා ඉන්න එපා. ඔබේ ගමේ නායකත්වය ඔබ බාරගන්න.

    ඔබේ වගකීම ඔබේ ගමට සේවය කරන එක. ප්‍රශ්න විසඳන එක. නැති යට උදවු කරන එක. ශ්‍රමදාන කරන්න. පරිසරය පිරිසිදුව තියන්න. ව්‍යාපාර කරන්න. වෙළදාම කරන්න,  රැකියා නිපදවන්න. හැමදේම රජය දෙනකන් බලන් ඉන්න අපිට කාලය නෑ.

    මම මතක් කරන්න කැමතියි, අපි මේ ජීවත්වෙන සුන්දර නුවරඑලිය දිස්ත්‍රික්කය තමයි මුළු ලංකාවටම වතුර දෙන්නේ. ලෝකයටම තේ සපයන්නේ, මුළු රටම නිවාඩුව ගතකරන්න, සුන්දර සිරි නරබන්න එන්නේ. රටටම එළවලු දෙන්නේ. ඒත්  අපිට පිටින් ලැබුණු දෙයක් තියෙනවද ? අපි වෙනුවෙන් පිට කෙනෙක් කරපු දෙයක් තියෙනවද ?

    අපේ දිස්ත්‍රික්කය අපි දියුණු කරමු. රාජ්‍ය බලය තිබුණත් නැතත් අපි හැමෝටම මේ රට වෙනුවෙන් කරන්න පුළුවන් දේවල් තියෙනවා. සල්ලි තිබුණත් නැතත් අපිට තව කෙනෙකුට දෙන්න දේවල් තියෙනවා. දුරකථනයේ අයිතිය ඔබ බාරගන්න. රට හදන වගකීම ඔබ බාරගන්න. අදම වැඩ පටන්ගන්න. දුරකථනය දිනවන්න. අපේ රට දිනවන්න වැඩ කරන්න.
    කතා කරා ඇති. දැන් අපි වැඩ කරමු.

    මෙම සමුලුව සඳහා සමගි තරුණ බලවේගයේ චමින්ද ගුරුසිංහ, ඉන්සාෆ් බාකීර් මාකර්, ජෙසීමා මෙනවියා හා දිනුක් කිරිඇල්ල මහත්මහත්මින් අමතනු ලැබීය.

  • එළවළුවලට නිසි මිලක් : ගොවියාට සුරක්ෂිත අනාගතයක් – ජනපති නුවරඑළියේ දී කියයි

    එළවළුවලට නිසි මිලක් : ගොවියාට සුරක්ෂිත අනාගතයක් – ජනපති නුවරඑළියේ දී කියයි

    එළවළු ගොවීන්ට සුරක්ෂිත අනාගතයක් උදාවන අයුරින්  සිය අස්වැන්න සඳහා නිසි මිලක් ලබාගත හැකි ක්‍රමවේදයක් සකසන බව  ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පවසයි. එළවළු, පළතුරු සහ සෙසු භෝග දිවයින පුරා බෙදාහැරීම ගොවියා සහ පාරිභෝගිකයා යන දෙදෙනාම ආරක්ෂාවන අයුරින් විය යුතු බව ද ජනාධිපතිතුමා සඳහන් කරයි.

    පොදුජන පෙරමුණෙන් මෙවර මහ මැතිවරණයට තරග වැද සිටින අපේක්ෂකයන්ගේ ජයග්‍රහණය තහවුර කරනු පිණිස අද (21) නුවරඑළිය දිස්ත්‍රික්කයේ චාරිකාවක නිරතව සිටින ජනාධිපතිතුමා වලපනේ නගරයේ සතිපොළ භූමියේ සංවිධාන කර තිබූ ජන හමුවට සහභාගී වෙමින් මේ බව පැවසීය. හිටපු රාජ්‍ය අමාත්‍ය සී.බී. රත්නායක සහ නිමල් පියතිස්ස මහත්වරු විසින් හමුව සංවිධාන කර තිබිණ.

    රාජ්‍ය බැංකු ණය සම්පාදනය  තමන්ට සහනයක් සැලසෙන පරිදි ඉටු නොවන බව ද ගොවිහූ ජනාධිපතිතුමා සමග කීහ.  නුවරඑළිය දිස්ත්‍රික්කයේ රාජ්‍ය ආයතනවල පුරප්පාඩු රැසක් පවතී. ඒවාට පත්ව එන පිරිස් කෙටි කලකින් මාරුවීම් ගෙන වෙනත් පළාත්වලට යති. මේ නිසා ප්‍රදේශයේ ජනතාවට සිය අවශ්‍යතාව ඉටුකර ගැනීමේ දී මහත් ගැටළුවක්ව ඇතැයි ඔව්හු ජනාධිපතිතුමා දැනුවත් කළහ.

    පොරමඩුල්ල මධ්‍ය මහා විද්‍යාලයීය ක්‍රීඩාංගණය සංවර්ධනය  කර, එය පාසල සමග යා කරමින් පාලමක් ඉදිකර දෙන ලෙස   සිසුන් කළ ඉල්ලීම ජනාධිපතිතුමා යුද හමුදාපතිවරයා වෙත යොමු කළේය. හෙටම ඒ ගැන  සොයා බැලීමටත්, කඩිනමින් ඉල්ලීම ඉටුකරදීමටත් පියවර ගන්නැයි ජනාධිපතිතුමා උපදෙස් දුන්නේය. ප්‍රදේශයේ ජනතාව ඉදිරිපත් කළ ගැටළු කඩිනමින් විසඳීමට ද ජනාධිපතිතුමා විසින් නිලධාරීන්ට දැනුම් දෙනු ලැබීය.

    හිටපු අමාත්‍ය එස්.බී. දිසානායක මහතා රිකිල්ගස්කඩ ප්‍රාදේශිය සභා ක්‍රීඩාංගණයේ සංවිධාන කර තිබූ ජන හමුවට සහභාගී වූ ජනාධිපතිතුමාට මහා සංඝරත්නය සෙත් පිරිත් සජ්ජායනා කර ආශිර්වාද කළහ.

    වලපනේ රෝහලට භික්ෂු වාට්ටුවක් ඉදිකර දෙන්නැයි සංඝරත්නය කළ ඉල්ලීම ගැන විමර්ශනය කොට වාර්තා කරන්නැයි ජනාධිපතිතුමා නිලධාරීන්ට නියම කළේය.

    අපේක්ෂක සතාසිවම් සුප්පයියා මහතා කඳපොළ පොළ භූමියේ සංවිධාන කර තිබූ ජන හමුවට ද ජනාධිපතිතුමා සහභාගී විය. රැස්ව සිටී ප්‍රදේශවාසී දෙමළ ජනතාව ජනාධිපතිතුමා මහත් හරසරින් පිළිගත්හ. ජනාධිපතිතුමාට ආශිර්වාද කරමින් සර්ව ආගමික වතාවත් ද සිදු විය.

    ගුණාත්මක බවෙන් යුත් බීජ අර්තාපල් හිඟයට විසඳුමක් දෙන ලෙස ද ගොවීහු එතුමාගෙන් ඉල්ලා සිටියහ.

    කඳපොළ සිට නුවරඑළිය දක්වා යන අතරතුර ජනාධිපතිතුමා මාර්ගය දෙපස රැස්ව සිටි ජනතාව සමග ද සුහද පිළිසඳරක නිරත විය.

    අවට කඳු පංතියේ සුන්දරත්වයට හානි නොවන අයුරින් නුවරඑළිය දිස්ත්‍රික්කයේ පරිසරය රැක දෙන ලෙස නුවරඑළිය ග්‍රෙගරි වැව අසළ සංවිධාන කර තිබූ ජන රැළියට සහභාගී වූ ජනාධිපතිතුමාගෙන් ජනතාව ඉල්ලා සිටියහ. ස්වයං රැකියාවක් ලෙස කාන්තාවන් පිරිසක් එක්ව පවත්වාගෙන යන “බජ්ට් පැක්” එළවළු සහ පළතුරු ව්‍යාපෘතිය ජනාධිපතිතුමාගේ ඇගයීමට ලක් විය. බිඳ වැටී ඇති සංචාරක ව්‍යාපාරය සහ ඉඩම් ඔප්පු නොතිබීමෙන් පැන නැගී ඇති ගැටළු ද ජනාධිපතිතුමා වෙත ඉදිරිපත් කෙරිණ.

    හිටපු රාජ්‍ය අමාත්‍ය සී.බී. රත්නායක සහ එස්.බී. දිසානායක  මහතා ද මේ අවස්ථාවන්ට එක්ව සිටියහ.

  • පොහොට්ටුවේ සාමාජිකයන්ට පමණක් ඡන්දය දෙන්න –  ඇමති ප්‍රසන්න

    පොහොට්ටුවේ සාමාජිකයන්ට පමණක් ඡන්දය දෙන්න – ඇමති ප්‍රසන්න

    එක්සත් ජාතික පක්ෂය, ජාතික සමගි ජනබලවේගය හෝ මුස්ලිම්, දෙමළ අන්තවාදී දේශපාලන පක්ෂය සමග පොහොට්ටුව කිසිසේත් ජාතික ආණ්ඩු හදන්නේ නැතැයි කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි. පොහොට්ටුවේම මන්ත්‍රීධූර 150 ක් ලබා ගෙන තුනෙන් දෙකක බලය සහිත පොහොට්ටු ආණ්ඩුවක් හැදීම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂාව බවත් මේ සටන ඒ සදහා බවත් ඇමතිවරයා පෙන්වා දෙයි.

    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිට්ටඹූව කොට්ඨාශ බල මණ්ඩලය ඊයේ (20) අමතමින් ඇමතිවරයා මේ බව සදහන් කළේය. නිට්ටඹුව සන්ඩේල් උත්සව ශාලාවේ දී රැස්වීම පැවැත්විණ.

    මෙහි දි වැඩිදුරටත් අදහස් දැක් වූ ඇමති ප්‍රසන්න රණතුංග මහතා මෙසේ ද කීවේය.

    “සමහර අය උත්සාහ කරනවා මාධ්‍ය වල කියන්න අපි මේ එක එක්කෙනාත් එක්ක එකතු වෙලා පූට්ටු ආණ්ඩු ගහන්න උත්සාහ කරනවා කියලා. අපිට පූට්ටු ආණ්ඩු හදන්න කිසිදු අවශ්‍යතාවයක් නෑ. අපි පූට්ටු ආණ්ඩු හදන්න ලෑස්තිත් නෑ. කවුරු කොහොම කිවුවත් එජාපය, සජබ හෝ මුස්ලිම් දෙමළ අන්තවාදී දේශපාලන පක්ෂ එක්ක ජාතික ආණ්ඩු හදන්න අපි ලෑස්ති නෑ. අපිට එහෙම ඕනකමක් නෑ.

    අපිට මේ රටේ ජනතාව විශ්වාසයි. ඔවුන් අපිට තුනෙන් දෙකක බහුතර බලයක් ලබාදෙන අය අපිට ඉරහද වගේ විශ්වාසයි. එතකොටයි අපිට කොන්ද කෙළින් තියගෙන රට සංවර්ධනය කරන්න හැකි වන්නේ. මම හැමතැනම උගුර ලේ රහ වෙනකම්ම කියන්නේ ඒකයි. පොහොට්ටුවෙන්  ඉල්ලන සියලු දෙනා පොහොට්ටුවේ නෙමෙයි. ඒ නිසා ඔබේ වටිනා ඡන්දය දෙනකොට පොහොට්ටුවේ සාමාජිකයන්ට පමණක් ඡන්දය දෙන්න.

    සමහරු බලාගෙන ඉන්නේ උකුසු ගේම් ගහන්න. දියකාවා මාළුවා අල්ලගෙන ගියාම උකුස්සා පැනලා ඒක ඩැහැ ගන්නවා කියලා එදා හිටපු යහපාලන ලොක්කා කිවුවනේ. ඒක අපිට හොද පාඩමක්. අපේ ඡන්ද වලින් ඇතුළට ඇවිත් ඇතුළේ කල්ලියක් ගහලා ඒ ඡන්ද ටික පෙන්න පෙන්න රිමෝට් එක අතේ තියාගෙන අපිව නට වන්න හදන්නේ. ඒ නිසයි අපි කියන්නේ පොහොට්ටු සාමාජිකයන් දිනවන්න කියලා.

    පොහොට්ටුවේ ඉන්නේ කවුද? අහසින් වැටුණු මිනිස්සු  පොහොට්ටුවේ නෑ. පොහොට්ටුව හැදුවේ ශ්‍රී ලංකාකාරයෝ. ඇත්ත ශ්‍රිලනිපය තියෙන්නේ මෙතන.   බණ්ඩාරනායක ප්‍රතිපත්ති පංච මහා බලවේගය අද ඉන්නේ අපි එක්ක. පක්ෂයේ හිටපු ලේකම් පක්ෂය අලියාගේ නැට්ටේ ගැටගහනකොට අපි ඒකට විරුද්ධවයි එළියට බැස්සේ. අපිව පක්ෂයෙන් අයින් කළා. අපි වගේ නන්නත්තාර වෙලා හිටපු ශ්‍රී ලංකාකාරයෝ වෙනුවෙන් තමයි පොහොට්ටුව හැදුවේ.

    ඡන්දෙන් පස්සේ ශ්‍රිලනිපයේ පක්ෂ සභාපතිකම භාරගන්නයි ශ්‍රිලනිපයේ කෙනෙක් ඊයේ පෙරේදා ආරාධනය කරලා තිබුණා. ඕක තමයි අලුත්ම ලණුව. එතනදීත් මහින්ද මහත්තයා කියලා තිබුණේ තමන් හදපු පොහොට්ටුව දාලා යන්නේ නෑ කියලයි. අද එක එක ගුණ්ඩු දාලා බලනවා පොහොට්ටුව නැති කරන්න.

    මහින්ද මහත්තයාව දාලා ගිය අය අපේ වේදිකාවේ ඉන්නවට මහින්ද මහත්තයට ආදරේ කරන මිනිස්සු කැමති නෑ. මොණරාගල දී වුණේ ඒකයි. රටේ මිනිස්සු මෝඩ නෑ. රටේ මිනිස්සු අවබෝධයෙන් ඉන්නේ. රට පාවාදීපු කණ්ඩායමකට අපේ අතරට ඇවිත් අපිව හසුරවන්න ඉඩ දෙන්න බෑ.

    ගෝඨාභය මහත්තයාගේ සෞභාග්‍යයේ දැක්ම යථාර්තයක් කරන්න පුළුවන් වෙන්නේ පොහොට්ටුවේ සාමාජිකත්වය අරගත්ත අයව දිනෙව්වොත් විතරයි. මහින්ද මහත්තයා පැරදුණු දවසේ ඉදලා අපිත් එක්ක මේ අරගලයේ හිටපු අය ඉන්නවා විමල්ලාගේ, ගම්මන්පිළලාගේ පක්ෂවල. ඒ අය ගැන නෙමෙයි මම කියන්නේ. එදා යහපාලනය රැකලා යහපාලනය වෙනුවෙන් කඩේ ගිය අද පොහොට්ටුවෙන් ඡන්දය ඉල්ලන අය ගැනයි මම කියන්නේ.

    පාර්ලිමේන්තුවට අපි යවන අය ප්‍රතිපත්තිගරුක වෙන්න ඕන. ජනතාවගේ හදවත තේරුම් ගන්න පුළුවන් කෙනෙක් වෙන්න ඕන. අත්දැකීම් තියෙන්න ඕනේ. එහෙම නැතිව ප්‍රතිපත්ති පාවා දුන්න, තනතුරු වරප්‍රසාද වරදාන වලට සියලු දේ පාවා දෙන අය පාර්ලිමේන්තු යවන්න එපා.

    අපි දොස්තර කෙනෙක් ගාවට යනකොට ඒ දොස්තර හොදද නරක ද බලනවා. බේත් ගත්ත අය සනීප වෙලාද බලනවා. ගෙයක් දොරක් හදනකොට හොදම බාස් කෙනෙක් තමයි හොයන්නේ. ඒ වගේ දේශපාලනයේ දීත් අත්දැකීම් තියෙන අය පාර්ලිමේන්තුවට යවන්න. අහසින් පාත් වුණු සීත කාමරවල ඉන්න උදවියට රැවටෙන්න එපා.”

    අපේක්ෂකයන් වන ප්‍රියන්ත පුෂ්පකුමාර, උපුල් මහේන්ද්‍ර රාජපක්ෂ යන මහත්වරු ද මෙහි දී කථා කළහ.

  • මිනුවන්ගොඩ පොදුජන පෙරමුණු කාර්යාල 12 කට මැර ප්‍රහාරයක්

    මිනුවන්ගොඩ පොදුජන පෙරමුණු කාර්යාල 12 කට මැර ප්‍රහාරයක්

    ඉදිරි මහ මැතිවරණය වෙනුවෙන් මිනුවන්ගොඩ ආසනයේ ඉදිකර තිබු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු කාර්යාල 12 කට මැර ප්‍රහාරයක් එල්ල විය. අද (20) අලුයම කිසියම් පිරිසක් මෙම කාර්යාල කඩා බිද දමා ගිණිබත් කර විනාශ කර ඇතැයි ගම්පහ පොලිසිය කියයි. මේ පිළිබද ව පුළුල් විමර්ශනයක් පොලීසිය දැනටමත් ආරම්භ කර තිබේ.

    මෙලෙස කඩා බිද දමා විනාශ කර ඇත්තේ කෙහෙල්බද්දර, වීදියවත්ත, නැදගමුව, අස්ගිරිවල්පොළ, උඩුගම්පළ වැනි ප්‍රදේශ වල ඉදි කර තිබු පොදුජන පෙරමුණු  කාර්යාල වේ.

    මේ සම්බන්ධයෙන් අදහස් දැක් වූ කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා සදහන් කළේ මෙය පරාජය පෙනි පෙනී වියරු වැටී සිටින පිරිසකගේ බියගුලු නිවට ක්‍රියාවක් බවයි. මෙවැනි ක්‍රියා වලින් පොදුජන පෙරමුණු ගමන නතර කළ හැකි යැයි කිසිවෙකු හිතන්නේ නම්  එය විහිළුවක් බව පැවසූ ඇමතිවරයා පරාජිත දේශපාලනඥයින් මේ සිද්ධිය පිටුපස සිටින බවට සැක පළ කළේය.

    පසුගිය දිනෙක අත්තනගල්ල ප්‍ර දේශයේ ද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කාර්යාල වලට පිරිසකගේ මැර ප්‍රහාරයක් එල්ල වූ බව පැවසූ ඇමතිවරයා මෙවැනි කඩාකප්පාල්කාරී ක්‍රියාවන්ට එරෙහිව පොලීසිය නීතිය ක්‍රියාත්මක කරනු ඇතැයි අපේක්ෂා කරන බව ද කීවේය.

    සිද්ධිය සම්බන්ධයෙන් ඇමතිවරයා මැතිවරණ කොමසාරිස් කාර්යාල වලට ද පැමිණිලි කර තිබේ.

    ඡායාරූපයෙන් –

    මිනුවන්ගොඩ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කාර්යාල 12 ක් ඊයේ අලුයම (20) කිසියම් පිරිසක් විනාශ කර දමා තිබිණි. දිස්ත්‍රික් නායක ඇමති ප්‍රසන්න රණතුංග මහතා එම කාර්යාල නිරීක්ෂණය කළ අයුරු ඡායාරූපයෙන් දැක්වේ.

  • විජිතපුරේ සිදු වුණ පුරාවිද්‍යා සංහාරය අද සජිත් ප්‍රේමදාසට අමතකයි – මහින්ද

    විජිතපුරේ සිදු වුණ පුරාවිද්‍යා සංහාරය අද සජිත් ප්‍රේමදාසට අමතකයි – මහින්ද

    බලයේ රැඳී සිටින විට පුරාවිද්‍යා ස්ථානයක් හෝ නිධන් තැන්පත් කොට ඇති ස්ථානයක් ඉතුරු කළේ නැති ඇතැම් පිරිස් අද පුරාවිද්‍යා ස්මාරක සම්බන්ධයෙන් මට මඩ ගැසීමට උත්සාහ කරනවා ඒත් මගේ රජයක් පැවැති හැම අවස්ථාවකම පුරාවිද්‍යා ස්ථාන ආරක්ෂා කිරීමට මම පියවර ගත්තා‘ යැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.

    මොණරාගල බඩල්කුඹුර ප්‍රදේශයේ පැවති හමුවක් අමතමින් අග්‍රාමාත්‍යවරයා මේ බව සදහන් කළේය.

    කුරුණෑගල පුරාවිද්‍යා ස්මාරකය කඩා බිඳ දැමීම සම්බන්ධයෙන් පරීක්ෂණ වාර්තාවක් සකස් කිරීමට උපදෙස් දී ඇති බවත් ඊට අදාළ නීතිමය කටයුතු කඩිනමින් සිදු කිරීමට පියවර ගන්නා බවත් වරදක් සිදුකර ඇත්නම් ඊට සම්බන්ධ අයට දඬුවම් කිරීමට තමා කිසිසේත්ම පසුබට නොවන බවත් අග්‍රාමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේ ය.

    මෙහිදී වැඩි දුරටත් අදහස් දැක් වූ අග්‍රාමාත්‍යවරයා මෙසේ ද සදහන් කළේය.

    ‘බලයේ රැඳී සිටින විට පුරාවිද්‍යා ස්ථානයක් හෝ නිධන් තැන්පත් කොට ඇති ස්ථානයක් ඉතුරු කළේ නැති ඇතැම් පිරිස් අද පුරාවිද්‍යා ස්මාරක සම්බන්ධයෙන් මට මඩ ගැසීමට උත්සාහ කරනවා ඒත් මගේ රජයක් පැවැති හැම අවස්ථාවකම පුරාවිද්‍යා ස්ථාන ආරක්ෂා කිරීමට මම පියවර ගත්තා.

    විජිතපුර පුරාවිද්‍යා ස්ථානය ඩෝසර් කරන විට සංස්කෘතික අමාත්‍ය ධුරයේ සිටියේ අද කුරුණෑගල ගැන කෑගහන සජිත් ප්‍රේමදාස මහතායි. ඔහු එදා විජිතපුර විනාශය සිදුවන විට ඊට නිහඬ පිළිවෙතක් අනුගමනය කළා.

    ඉතිහාසගත පුරාවිද්‍යා ස්ථාන ආරක්ෂා කර ගැනීම රජයක වගකීමක්.  එම වගකීම ඉටු කරමින් පුරාවිද්‍යා ස්ථාන රැක ගැනීම සඳහා  වත්මන් රජය සෑම පියවරක්ම ගන්නවා. මුහුදු මහා විහාරය රැක ගැනීම ඊට හොඳම උදාහරණයක්. මගේ පාලන සමය තුළ පුරාවස්තු ආරක්ෂා කිරීමට පියවර ගත්තා. ඒත් එක්සත් ජාතික පක්ෂය බලයේ සිටි සෑම අවස්ථාවකම ඒවා විනාශ කළා. ලංකාවේ අස්සක් මුල්ලක් නෑර තිබුණ නිධන් අතුරුදන් වුණ යුගය අපි කාටවත් අමතක නැහැ. අද මේ කෑගහන්නේ ඒ වාගේ ඉතිහාසයක් ඇති පුද්ගයින් තමයි‘