Category: සුපිරි Politics

  • පුතාණෝ වගේ විහිළුකාරයන්ට ‘නැවත මේ රටේ ජනතාව’ රැවටෙන්නේ නෑ – ඇමති ප්‍රසන්න

    පුතාණෝ වගේ විහිළුකාරයන්ට ‘නැවත මේ රටේ ජනතාව’ රැවටෙන්නේ නෑ – ඇමති ප්‍රසන්න

    එක්සත් ජාතික පක්ෂය හෝ සමගි ජන බලවේගය සමග පොහොට්ටුවට කිසිදු තරගයක් නොමැති බවත් අගෝස්තු 05 වෙනිදාට පොහොට්ටුව නියත ලෙසම පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර බලයක් සහිත ආණ්ඩුවක් පිහිටුවන බව කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා අවධාරණය කරයි.

    පිරිසිදු ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන් ඉන්නේ පොහොට්ටුව සමග බව පෙන්වා දෙන ඇමති ප්‍රසන්න රණතුංග මහතා යහපාලනය සමග සිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයන් පිළිබදව කිසිදු විශ්වාසයක් ජනතාවට නැතැයි අවධාරණය කළේය.

    අද (10) මහර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු ප්‍රධාන කාර්යාලය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් ඇමතිවරයා මේ බව සදහන් කළේය. මෙහි දී වැඩිදුරටත් අදහස් දැක් වු ඇමති ප්‍රසන්න රණතුංග මහතා මෙසේ ද කීවේය.

    “ අපිට එජාපය හෝ සමගි ජන බලවේගය සමග කිසිම තරගයක් නෑ. මොකද එජාපය මුලින් රණ්ඩු වුණා ලකුණට. අලියා කාගේ ද කියලා. පස්සේ රණ්ඩු වුනා සිරිකොතට. දැන් රණ්ඩු වෙනවා පාටට. ඒ අයට මේ රට ගොඩනගන්න වැඩපිළිවෙලක් නෑ. රනිල් ඉදලා හිටලා රට ගොඩගන්න හැටි කිවුවට ජනතාව දන්නවා ඒවා සම්ප්ප්‍රලාප විතරයි කියලා.

    පසුගිය අවුරුදු හතරාමාරේ කරන්න බැරි වුණ දේවල් රනිල් – සජිත් කරන්නේ කොහොමද? රටක් දේශපාලන වශයෙන් ස්ථාවර වුණොත් තමයි රට සංවර්ධනය වෙන්නේ. ඒක නායකයන්ගේ චින්තනය අනුව වෙනස් වෙනවා. යුද්ධය තියෙන කාලේ පුතාණෝගේ පියාත් කටයුතු කළේ කොහොමද කියලා රටම දන්නවා.

    තාත්තා 88 – 89 භීෂණය කළේ රටේ තරුණ තරුණියෝ දහස් ගාණක් මරනකොට ඒක බලන් හිටපු කෙනෙක් තමයි සජිත්. පුතාණෝගේ පියාණන්. තමයි කොටින්ට යුද්ධ කරන්න ආයුධ, සල්ලි, සිමෙන්ති දුන්නේ. එහෙම කරපු පියාණෝගේ පුතාණෝ තමයි අද මේ රට වෙනුවෙන් රෑට රෑට ගෙවල් වලට එනවා කියලා කියන්නේ. මේ වගේ විහිළුකාරයන්ට නැවත මේ රටේ ජනතාව රැවටෙන්නේ නෑ.

    රටක අනාගතය පවතින්නේ රටේ නායකත්වය ගනු ලබන තීරණ මතයි. ඒ නිසා රටට ස්ථාවර ආණ්ඩුවක් පත් කර ගත යුතුයි. ගෝඨාභය මහත්තයාගේ වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යා හැකි ආණ්ඩුවක් පිහිටුවා ගත යුතුයි. දෙපැත්තට අදින ආණ්ඩු පත් කර ගත්තොත් රටම විනාශයි. පසුගිය ජනාධිපතිවරණයේ දී ගෝඨාභය රාජපක්ෂ මහතා ජයග්‍රහණය කළ නිසා යහපාලනය රටට කරන විනාශය නතර කර ගන්න අපිට හැකියාව ලැබුණා. දැන් තියෙන්නේ ගෝඨාභය මහත්තයාගේ වැඩපිළිවෙල ක්‍රියාත්මක  කළ හැකි ආණ්ඩුවත් බලයට පත් කර ගැනීමයි.

    මම දැක්කා සජිත් පුතාණෝ කියලා තියෙනවා එයා තමයි අගමැති කියලා. ඕන කෙනෙකුට හීන දකින්න පුළුවන්. එයා අගෝස්තු සිහින අගමැති වෙද්දි මේ රටේ ජනතාවගේ කැමැත්තෙන් රටේ අගමැතිවරයා ලෙස නියත වශයෙන් ම පත් වෙන්නේ මහින්ද රාජපක්ෂ මහතාය. ගෝඨාභය – මහින්ද සුසංයෝගය හැර මේ රට ගොඩනැගිය හැකි වෙනත් කිසිවෙකු නෑ.

    මනාප තෝරගන්න කොට පරිස්සම් වෙන්න. මනාප තෝරන හැමෝම පොහොට්ටුව නෙමෙයි. ඒ නිසා තමයි මම කියන්නේ නියම පොහොට්ටුකාරයන් පමණක් දිනවන්න කියලා.

    එදා මෛත්‍රී කළේ වෛරක්කාරී දේශපාලනයක්. රාජපක්ෂලා හිරේ දැම්මා. මහින්ද මහත්තයා එක්ක ඉන්න බොහෝ දෙනෙක් බොරු චෝදනා කරලා හිරේ දැම්මා. එහෙම වෛරයකින් වැඩ කරපු කෙනා එක පාරටම මොකද මේ පොහොට්ටුවෙන් තරග කරන්න ආවේ. අපි හදන ඊළග ආණ්ඩුව තුළට ඇවිත් අපේ එක එක්කෙනා බිලී බාගෙන අතරමැද දී අපේ කණ්ඩායමත් කඩාගෙන වෙන පැත්තකට යන්න පුළුවන්. මම අනාගත අවධානමක් ගැනයි කිව්වේ.

    මම කිසිම තැනක කිව්වේ නෑ ශ්‍රිලනිපයට ගෑවුණු කිසිම කෙනෙකුට ඡන්දය දෙන්න එපා කියලා. මමත් හොද ශ්‍රී ලංකාකාරයෙක්. අපි ශ්‍රිලනිපය රැක්ක මිනිස්සු. අපි කවදාවත් පාවා දුන්නේ නෑ. මෛත්‍රී පක්ෂයේ සභාපති වුණ ගමන්  ශ්‍රිලනිපය අලියගේ නැට්ටේ ගැටගැහුවා. මිනිසුන්ට යන්න තැනක් නැති නිසයි අපි පොහොට්ටුව හැදුවේ. පොහොට්ටුවට නියම ශ්‍රීලනිප පාක්ෂිකයන් එකතු වූ නිසයි අද පොහොට්ටුව ශක්තිමත් වී තිබෙන්නේ. පැන පැන ගිය අය තමයි අනිත් පැත්තේ ඉන්නේ.  පිරිසිදු ශ්‍රී ලංකාකාරයෝ ඉන්නේ මහින්ද මහත්තයත් එක්කයි.

    පළාත් පාලන මැතිවරණයේ තනියම තරග කරන්න ඕනේ කියන ස්ථාවරයේ අපි හිටියා. අපේ ජයග්‍රහණයේ ආරම්භය පළාත් පාලන මැතිවරණයයි.  ජන බලය ගොඩනැගෙන්නේ පොහොට්ටුව වටායි. එජාපයට, ජවිපෙට අද යන එනමං නෑ.”

  • නුවරඑළියට සාපයක් වූ තොණ්ඩමන් – දිසානායක දූෂිත යුගය අවසන් කරනවා – හිරන්‍යා හේරත්

    නුවරඑළියට සාපයක් වූ තොණ්ඩමන් – දිසානායක දූෂිත යුගය අවසන් කරනවා – හිරන්‍යා හේරත්

    නුවරඑළිය දිස්ත‍්‍රික්කයේ පොදු ජනතාවට සාපයක් වූ තොණ්ඩමන් – දිසානායක දූෂිත පාලනය මෙම මහ මැතිවරණයෙන් අතුගා දමන බව සමගි ජන බලවේගයේ නුවරඑළිය දිස්ත‍්‍රික් අපේක්ෂිකා නීතිඥ හිරන්‍යා හේරත් මහත්මිය පැවසුවාය.

    නුවරඑළිය, ලබුකැලේ ප්‍රදේශයේ පැවැති  ජනහමුවකදී ඇය මේ බව පැවසුවාය.

    දශක කිහිපයක් පුරා තොණ්ඩමන් ආධිපත්‍යය යටතේ තිබූ නුවරඑළිය දිස්ත‍්‍රික්කයේ වතු ජනතාවට කිසිදු සෙතක් නැතැයි කී හිරන්‍යා හේරත් මහත්මිය තම පවුලේ හා හිතමිතුරන් සමග වතු කම්කරුවන්ගේ මුදල්  හිතූ මතේ වියදම් කරමින් වතු කම්කරු ජනතාව වෙනුවෙන් කිසිඳු සේවයක් නොකළ බවට චෝදනා කළාය.

    එහිදී ඇය වැඩි දුරටත් කියා සිටියේ නවීන් දිසානායක මහතා ඇමැතිකම් දරලා නුවරඑළියට ගෙන ආ සංවර්ධනය කුමක්ද ? ඔවුන් මේ නුවරඑළියේ තරුණ – තරුණියන් කී දෙනකුට රැකියා දීලා තියෙනවා ද ? ඔවුන්ගේ අනාගත දියුණුව වෙනුවෙන් පාසල්, වෘත්තීය පුහුණු ආයතන ආරම්භ කරලා තියෙනවාද ? කිසිවක්ම නැහැ. ඒ වෙනුවට ඔවුන් කළේ කොළඹට වෙලා සුරසැප විඳින එක පමණයි.

    එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ හේරත් මහත්මිය පැවසූවේ, අගෝස්තු මාසසේ 05 වැනිදාට ඡන්ද පොළට ගිහින් දුරකථනය ඉදිරියෙන් කතිරය ගසා ඔබට යුක්තිය ඉටුකරවා ගත හැකි ජනතාවාදී ආණ්ඩුවක් පත්කර ගැනීම සඳහා මෙම රාජපක්ෂ – රනිල් – තොන්ඩමන් හවුල් පෙරළා දමන ලෙසය.

    දැන් රනිල්ලා, රවීලා නෑ. වජිර අබේවර්ධනලා නෑ. සාගල රත්නායකලා නෑ. ඔබට ආත්මාභිමානයක් ඇතිව ඡන්ද පොළට යාමට දැන් හැකියාව තිබෙනවා. දැන් ඔබගෙන් බලය ඉල්ලන්නේ දශක ගණනාවක් ඔබ බලා සිටි සජිත් පේ‍්‍රමදාස කියන තරුණ පොදුජන නායකයා. වතු ජනතාවට, පොදු ජනතාවට දැවැන්තම සේවය කළ ආර්. පේ‍්‍රමදාස මහතාගේ සුජාත පුත‍්‍රයා.

    ඒ නිසා ඒ පොදුජන නායකයා වෙනුවෙන් සේම ඔබ වෙනුවෙනුත් යුක්තිය ඉටුවිය යුතුයි. ඒ සඳහා අවසන් අවස්ථාව තමයි මේ

  • Hot Plate: ප‍්‍රසන්න ගැන මහින්දගෙන් ‘විශේෂ හෙළිදරව්වක්’

    Hot Plate: ප‍්‍රසන්න ගැන මහින්දගෙන් ‘විශේෂ හෙළිදරව්වක්’

    මම මේ කථා කරන්නේ ප්‍රතිපත්තියක් ගැන. මට මෛත්‍රී එක්කවත්, දයාසිරි එක්කවත් පුද්ගලික තරහක් නෑ. මට තියෙන්නේ බයක්. මම ඒ අවධානම රටට කිව්වා. නායකයන්ට කිව්වා. දැන් රට දැනුවත්. නායකයන් දැනුවත්. මම මගේ යුතුකම කළා. දැන් ඉතිං තීන්දුව තියෙන්නේ ජනතාව අතේ”. ප්‍රසන්න කීවේය

    සටහන – ගජබා නාගහවත්ත

    ඇමති ප්‍රසන්න පසුගිය සතියේ  සිකුරාදා උදෑසන ම තංගල්ල කාල්ටන් නිවස බලා ගියේය. ඒ අගමැති මහින්දගේ විශේෂ ඉල්ලීමකට අනුවය. ‘හම්බන්තොට ඇවිත් රැස්වීම් කීපයක කථා කරලා යන්න’ මහින්ද ප්‍රසන්නගෙන් ඉල්ලා තිබිණි. මහින්දගේ ඉල්ලීම පිළිගත් ප්‍රසන්න ද රැස්වීම් සංවිධායකවරුන්ට කථා කර ඉල්ලීමක් කළේය.

    “ මට මහින්ද මහත්තයා එන්න ඉස්සෙල්ලා රැස්වීම් වල කථා කරන්න ඕනේ. මොක ද මහින්ද මහත්තයා වේදිකාවේ ඉන්නකොට මට කියන්න ඕන ඒවා කියන්න බෑ. ඒ හින්දා මහින්ද මහත්තයා නැති වෙලාවට මට කථා කරන්න දෙන්න”. ප්‍රසන්න කිවේය.

    ඊට සංවිධායකවරු එකගතාවය පළ කළහ.

    උදෑසන කාල්ටන් නිවසට ප්‍රසන්න යන විට එහි විශාල පිරිසක් රැදී සිටියහ. අගමැති මහින්ද ඒ වන විට වරාය වෘත්තිය සමිති සමග සාකච්ඡාවක නිරතව සිටියේ ය. ඒ නිසා ප්‍රසන්න මහින්ද සිටි කාමරයට ගියේ නැත.

    ප්‍රසන්න දුටු බොහෝ දෙනෙකු ඔහු ළගට ගොස් ඔහුට සුබ පැතුවේය. සුබ පතන අතර “අර කථාව නම් මරේ මරු සර්…” යැයි කිවේය. ඒ මේ දිනවල මෛත්‍රීට එරෙහිව ප්‍රසන්න කරන කථාව ගැනය.

    ඔයාගේ විග්‍රහය හරියට ම හරි. මම දැක්කා ඔයා කියලා තියෙනවා මන්ත්‍රීධූර 10 ක් මෛත්‍රීගේ කට්ටිය ගත්තොත් ඒ අය මොන මොන කොන්දේසි දායි ද දන්නේ නෑ කියලා. ඒක හරියටම හරි කථාවක්.

    ප්‍රසන්න දුටු ජි.එල් ද ඔහු ළගට ආවේ “ ඔබතුමාගේ ඇටෑක් එක නම් හරියටම හරි”. කියමිනි.

    “ මම කියන්නේ බොරු නෙමෙයිනේ සර්. මට නම් මෛත්‍රීව ෂුවර් නෑ”. ප්‍රසන්න කීවේය.

    “නෑ. නෑ. ඔයාගේ විග්‍රහය හරියට ම හරි. මම දැක්කා ඔයා කියලා තියෙනවා මන්ත්‍රීධූර 10 ක් මෛත්‍රීගේ කට්ටිය ගත්තොත් ඒ අය මොන මොන කොන්දේසි දායි ද දන්නේ නෑ කියලා. ඒක හරියටම හරි කථාවක්….” ජි.එල් කිවේය.

    පක්ෂයට විතරක් මොක ද? අපිට නම් ආරංචි මේ පාර ඔයත් මනාප වලින් රෙකෝඩ් එකක් තියනවා කියලයි. මනාප වලින් ලොකු ගැප් එකක් තියලා ඔයා දිනනවා කියලයි රිපෝට්ස් වල තියෙන්නේ ”. මහින්ද කීවේය.

    වෘත්තීය සමිති සාකච්ඡාව අවසන් වීමෙන් පසු නිළ කාමරයෙන් එළියට පැමිණි මහින්ද ප්‍රසන්න දුටුවේය.

    “ආ… මේ ඉන්නේ මේ දවස්වල වේදිකාවේ වීරයා….” මහින්ද ප්‍රසන්න ව පිළිගත්තේ එලෙස කියමිනි.

    “අපිට ආරංචියි ගම්පහ ඡන්ද  වැඩේ හොදටම යනවා කියලා…” මහින්ද කීවේය.

    “කරගෙන යනවා සර්…..මිනිස්සු උනන්දුයි ඡන්දෙට…” ප්‍රසන්න කීවේය.

    “ඔව්. ඔව්. අපිට ආරංචියි ප්‍රසන්න මේ පාරත් රෙකෝඩ් එකකට ලෑස්තියි කියලා…” මහින්ද කීවේ සිනාසෙමිනි.

    “මම ඉතිං මගේ වැඩේ කරනවා. පක්ෂයට  නම් ලක්ෂ 05ක වැඩි ඡන්ද අරන් දෙනවා. ඒක ෂුවර්”. ප්‍රසන්න කීවේය.

    “පක්ෂයට විතරක් මොක ද? අපිට නම් ආරංචි මේ පාර ඔයත් මනාප වලින් රෙකෝඩ් එකක් තියනවා කියලයි. මනාප වලින් ලොකු ගැප් එකක් තියලා ඔයා දිනනවා කියලයි රිපෝට්ස් වල තියෙන්නේ ”. මහින්ද කීවේය.

    “යමු රැස්වීම් වලට මාත් එක්ක”. මහින්ද ප්‍රසන්නට ආරාධනා කළේය.

    “සර්..ඇමතිතුමා එනකොට ම ආවේ සර්ට කලින් රැස්වීම් වල කථා කරන්නම් කියලා. සර් වේදිකාවේ ඉන්නකොට මෙතුමාට කියන්න තියෙන දේවල් කියන්න බැරිලු….” මහින්දගේ ළගසිටි අයෙකු කීවේය.

    “එහෙනම් සැරට දෙන්න වගේ හදන්නේ. ඔයැයිට මිනිස්සු ආදරේ ඕක තමයි. කියන දේ කෙළින් කියන නිසා….” මහින්ද කීවේ සිනාසෙමින් ප්‍රසන්නගේ පිටට තට්ටුවක් ද දමිමිනි.

    ප්‍රසන්න සහභාගි වූ පළමු රැස්වීම පැවැත්වුණේ බෙලිඅත්තෙදී ය. මහින්දට පෙර එතනට ගිය ප්‍රසන්න සුපුරුදු පිරිස මෛත්‍රීට ගෑවුණු එකෙකුටවත් ඡන්දය දෙන්න එපා යැයි කීවේය. “මෙහෙත් ඉන්නවා එක්කෙනෙක් පොහොට්ටුවේ පාට ඇන්දාට පොහොට්ටුවේ ලකුණ ගැහුවට එයාලා පොහොට්ටුවේ නෙමෙයි මෛත්‍රීගේ. මෛත්‍රී මොකාට එනවාද ෂුවර් නෑ. ඒ නිසා මෛත්‍රීට ගෑවුණු එකෙකුටවත් ඡන්දය දෙන්න එපා” ප්‍රසන්න කීවේය.

    ප්‍රසන්න හම්බන්තොට ජනතාවට ප්‍රතිඥාවක් දුන්නේය. ඒ නාමල්ට ඇමතිකමක් ලබා දීම වෙනුවෙන් මැදිහත් වන බවටය. “හම්බන්තොට කැබිනට් ඇමතිධූර දෙකක් තියෙනවා. අපි මේ පාරත් ඉල්ලීමක් කළා නාමල් මල්ලීට ඇමතිකමක් දෙන්න කියලා. නාමල් මල්ලී තමයි බෑ කිව්වේ. එයා කිව්වා මහ මැතිවරණයෙන් පස්සේ බලමු කියලා. අපි මේ පාර නම් ඒ වෙනුවෙන් පෙනී ඉන්නවා”. ප්‍රසන්න කීවේය.

    රැස්වීමේ දී ප්‍රසන්න තවත් කථාවක් කීවේය. ඒ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා පොහොට්ටුව අතර ඇති සන්ධානය ගැනය. ඔහු කීවේ පොහොට්ටුවත් ශ්‍රිලනිපයත් සමග තව දුරටත් සන්ධානයක් නැති බවය. “ඒක ගැහුවේ ජනාධිපතිවරණයට ඒක ඉවරයි. මහ මැතිවරණයට අපි සන්ධාන ගැහුවේ නෑ”. ප්‍රසන්න කීවේ ය.

    රැස්වීම අවසන් කර ප්‍රසන්න ඩි.වි. චානක මන්ත්‍රිවරයා සමග දිවා ආහාරය ගනිමින් සිටින විට හදිසි දුරකථන ඇමතුමක් ආවේය. ඒ ඇමති මහින්ද අමරවීරගෙනි.

    මම බොරු කිව්වේ නෑනේ ඇමතිතුමා. මම කිව්වේ ඇත්තනේ.  මම කිව්වේ මෛත්‍රීට ගෑවුණු එකෙකුටවත් ඡන්දය දෙන්න එපා කියලනේ. එහෙම ගෑවිලා නැති අයට ප්‍රශ්නයක් නෑනේ…” ප්‍රසන්න ඇඟට පතට නොදැනී කීවේය.

    “මොනවද ඇමතිතුමා. ඔබතුමා අපේ ගමට ඇවිත් ඔහොම ගහනකොට කොහොමද අපි දේශපාලනය කරන්නේ”. අමරවීර ප්‍රසන්නගෙන් ඇසුවේය.

    “මම බොරු කිව්වේ නෑනේ ඇමතිතුමා. මම කිව්වේ ඇත්තනේ.  මම කිව්වේ මෛත්‍රීට ගෑවුණු එකෙකුටවත් ඡන්දය දෙන්න එපා කියලනේ. එහෙම ගෑවිලා නැති අයට ප්‍රශ්නයක් නෑනේ…” ප්‍රසන්න ඇඟට පතට නොදැනී කීවේය.

    “ඒ වුණාට එහෙම කරන එක හොද නෑනේ. මම මහින්ද මහත්තයාටයි, ගෝඨාභය මහත්තයාටයි කරපු දේවල්. ඒ දෙන්නම දන්නවා. ඒ අය නම් ඔහොම කියන්නේ නෑ.. “ අමරවීර කීවේය.

    දුරකථන ඇමතුම අවසන් වීමෙන් පසු ප්‍රසන්නට ඩී.වී ට කථා කළේ කවුදැයි කීවේය. “මහින්ද මහත්තයටයි, ගෝඨාභය මහත්තයටයි එයා හුගක් උදව් කළාලු. ඒක ඒගොල්ගෝ දන්නවා කියලා කිව්වේ”. ප්‍රසන්න ඩී.වි ට කීවේය.

    “මමත් දන්නවා එයා මහින්ද මහත්තයාට උදව් කරපු හැටි. ඕනනම් මටත් සාක්ෂිත් එක්කම දෙන්න පුළුවන්”. ඩි.වී ඊට උත්තර දෙමින් කීවේය.

    ප්‍රසන්න දිගින් දිගටම මෛත්‍රීට ගෑවුණු එකෙකුට ඡන්දය දෙන්න එපා යැයි කියන එක ගැන දයාසිරි සිටියේ දැඩි කේන්තියකිනි.  දයාසිරි පහුගිය සිකුරාදා කුරුණෑගල දි ප්‍රසන්නට උත්තර දුන්නේ ඒ නිසාය.

    “කද බඩ මහත මොළේ නැති ගම්පහ රණතුංග කියනවා මෛත්‍රීට ගෑවුණු එකෙකුටවත් ඡන්දය දෙන්න එපා කියලා. ඔය කරන්නේ ඩීල් එකක්. ප්‍රසන්න රණතුංග මොනවද දන්නේ?.. “ දයාසිරි කීවේය.

    දයාසිරිගේ මේ කථාවට පසුදා ප්‍රසන්න අත්තනගල්ල පොදුජන පෙරමුණු බල මණ්ඩලයට ගියේය. ඒ ඩෙනිමක් සහ ටී ෂර්ට් එකක් ඇඳගෙනය.

    “2015 ජනාධිපතිවරණයේ දී මෛත්‍රීට සිරා සිරා කියපු කුරුණෑගල සිරි ඊට පස්සේ පොළොන්නරුවේ සිරි ගාව දණ ගැහුවා. මගේ කද බඩ මහතයි කියලා එයා ඊයේ කිවුවා. ඒ හින්දා අද මම ඩෙනිමක් ඇඳගෙන ටි ෂර්ට් එක්ක ඇඳගෙන ආවා කොල්ලෙක් වගේ”. ප්‍රසන්න රැස් ව සිටි පිරිස සිනාගන්වමින් කීවේය.

    ප්‍රසන්න මෙහි දී දයාසිරිට අභියෝගයක් ද කළේය. ඒ දයාසිරි කුරුණෑගලින් ගන්නා ඡන්දවලට වඩා එක් ඡන්දයක් හෝ තමන් ගම්පහින් ගන්නා බව කියමිනි. “හැකිනම් තමන්ට වඩා එක් ඡන්දයක් හෝ කුරුණෑගලින් ගෙන පෙන්නන්නැයි” ප්‍රසන්න දයාසිරිට මෙහි දී අභියෝග කළේය.

    මේ අභියෝගය මාධ්‍ය ඔස්සේ පළ වුයේ එදිනම රාත්‍රියේ ය. පසුදින උදෑසන ම ඇමති ජොන්ස්ටන් ප්‍රසන්නට කථා කළේය.

    “ මම දැක්කා ඊයේ ඔබතුමා දයාසිරිට සැරටම ගහනවා. මේ පාර මිනිහට බෝඩ් වෙන්නත් බැරිවෙයි වගේ”. ජොනී කීවේය.

    “ඔබතුමාට පොඩි වැඩක් කරන්න බැරි ද? ” ජොනි ඇසුවේය.

    “මොකක්ද ඇමතිතුමා? ” ප්‍රසන්න පෙරළා ඇසුවේය.

    “ පොඩ්ඩකට කුරුණෑගලට ඇවිත් රැස්වීම් දෙක තුනක කථා කරලා යන්න. එතකොට ඔය සිරිට තියෙන ටිකත් නැති වෙයි. “ ජොනී ප්‍රසන්නට කීවේය.  

    ප්‍රසන්නගේ මේ ප්‍රහාරය ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රධානීන්ට ඇල්ලුවේ ම නැත. ඔවුන් එක් පැත්තකින් ප්‍රසන්නට පහර දෙන අතර ප්‍රසන්නගේ හඬ නිහඬ කරන්නට වෙනම සංවිධානාත්මක මෙහෙයුමක් ඇරඹුවේය. ඒ අනුව ජනාධිපති ගෝඨාභය අපේක්ෂකයන්ගේ ජයග්‍රහණය වෙනුවෙන් යන රැස්වීම් වල දී මෛත්‍රීට බනින්නට එපා යැයි කියන්නට වෙන ම කණ්ඩායමක් දැමුවේය. පොළොන්නරුවේ මෛත්‍රීගේ රැස්වීමේදීත් අරුන්දිකගේ පුත්තලමේ රැස්වීමේදීත් මේ ඉල්ලීම් ඉදිරිපත් වුයේ ඒ අනුවය.

    මේ අතර ප්‍රසන්නගේ හා දයාසිරිගේ වාදය දිගින් දිගමට ඇදෙමින් තිබුණි. දයාසිරි ප්‍රසන්නව දැඩිලෙස විවේචනය කරද්දී නාලක ගොඩහේවා, සරත් කුමාර ගුණරත්න වැනි අය ද දයාසිරිට වාසි වෙන අන්දමේ ප්‍රකාශ කරනු දක්නට ලැබුණි. ප්‍රසන්නගේ සහායට ආවේ ෂෙහාන් සේමසිංහ, එස්.එම්.චන්ද්‍ර සේන වැනි ඇමතිවරුන්ය. ෂෙහාන්ලා, චන්ද්‍රසේනලා කොහොමත් මහින්ද වෙනුවෙන් දිගින් දිගටම ප්‍රසන්න සමග එක් ව සටන් කළ අය වූහ.

    පසුගිය බදාදා කැබිනට් මණ්ඩලයේත් ප්‍රසන්න – දයාසිරි වාදය පිළිබද මැති ඇමතිවරු අතර කථාබහක් ඇති වූයේ ඒ තරමට මේ වාදය උණුසුම් වූ නිසාය.

    ඇමතිතුමාගේ කටේ මසුරන් දාන්න වටිනවා ඒ කියපු කථාවට” එස්.එම් කිවේය

    “ඇමතිතුමාගේ කටේ මසුරන් දාන්න වටිනවා ඒ කියපු කථාවට” එස්.එම් කිවේය.

    “මම කිව්වේ ඇත්තනේ. බොරු නෙමේ. මට නම් ලොකු අවධානමක් දැනෙනවා. නිකමට හිතන්නකෝ අපිට මන්ත්‍රීධූර හම්බවෙන්නේ 120 කියලා. ඒ 120 ඇතුළේ 10 ක් මෛත්‍රී ගේ අය ආවොත් ඒ අය අපිට ආණ්ඩුවක් හදන්න  එක එක කොන්දේසි දායි. අගමැතිකම වුණත් ඉල්ලන්න බැරිකමක් නෑනේ”. ප්‍රසන්න කීවේය.

    “ඔව්. ඔව්. ඒකනම් ඇත්ත තමයි”. කීවේ ගාමිණි ලොකුගේ ය.

    “තව එකක් මේ මොහොතේ  ඒ අය අපි එක්ක ආණ්ඩුව හැදුවා කියලා හිතන්නකෝ. අවුරුද්දක් දෙකක් යනකොට තමයි ආණ්ඩුවට විරුද්ධ රටේ මතවාද හැදෙන්නේ. ඕනම ආණ්ඩුවකට එහෙමයි. ඒ වගේ වෙලාවක විපක්ෂය ප්‍රබල වෙලා නැවත අවිනිශ්චිත තත්ත්වයක් ආවොත් මේ ශ්‍රී ලංකා එකෙන් එන අය විපක්ෂයට සහාය නොදෙයි කියන්න අපිට තියෙන සහතිකේ මොකක්ද? ” ප්‍රසන්න ප්‍රශ්න කළේය.

    “ඒ කථාව ඇත්ත තමයි”. එස්.එම්. කීවේය.

    “මම මේ කථා කරන්නේ ප්‍රතිපත්තියක් ගැන. මට මෛත්‍රී එක්කවත්, දයාසිරි එක්කවත් පුද්ගලික තරහක් නෑ. මට තියෙන්නේ බයක්. මම ඒ අවධානම රටට කිව්වා. නායකයන්ට කිව්වා. දැන් රට දැනුවත්. නායකයන් දැනුවත්. මම මගේ යුතුකම කළා. දැන් ඉතිං තීන්දුව තියෙන්නේ ජනතාව අතේ”. ප්‍රසන්න කීවේය.

    සටහන – ගජබා නාගහවත්ත

  • රට ගොඩනැගීමට මට ශක්තිමත් පාර්ලිමේන්තුවක් දෙන්න – ජනපති

    රට ගොඩනැගීමට මට ශක්තිමත් පාර්ලිමේන්තුවක් දෙන්න – ජනපති

    පැල්පත් ජීවිතයෙන් පීඩා විඳිමින් සිටි තමන්ට මහල් නිවාස දුන්නා සේ මත් උවදුර රටින් අතුගා දමා දරුවන්ගේ අනාගතය බේරාදෙන ලෙස ජනතාව ජනපතිගෙන් ඉල්ලති.

     මත්ද්‍රව්‍ය ව්‍යාප්තිය නිසා පාසල් දරුවාගේ සිට වැඩිමහලා දක්වා ජිවිත විශාල සංඛ්‍යාවක් විනාශ වී තිබේ. මෙය  තමන් මුහුණපා ඇති බරපතළ ගැටළුවක් බව මට්ටක්කුලිය ප්‍රදේශවාසීහූ පවසති. එය තුරන් කළ හැකි නායකයා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා කෙරෙහි තමන් දැඩි විශ්වාසයෙන් පසුවන බව ඔව්හු කියා සිටිති.

    පොදුජන පෙරමුණෙන් මහමැතිවරණයට තරගවදින අපේක්ෂකයන්ගේ ජයග්‍රහණය තහවුරු කරනු පිණිස අද (09) පස්වරුවේ කොළඹ දිස්ත්‍රික්කයේ චාරිකාවක නිරත වූ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මට්ටක්කුලිය කාක දූපතේ පැවති ජන හමුවට එක් වු අවස්ථාවේදී  ජනතාව එසේ ප්‍රකාශ කළහ. අනුර ප්‍රනාන්දු මහතා විසින් හමුව සංවිධාන කර තිබිණ.

    ඉතිරිව ඇති පැල්පත් ද ඉවත් කොට නිවාස ඉදිකර දෙන්නැයි ජනතාව ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියහ. 2015 දී නතර වූ සංවර්ධනය යළි ඇරඹීමට ශක්තිමත් රජයක් ලබාදෙන ලෙස රජපක්ෂ මහතා ජනතාවගෙන් ඉල්ලීමක් කළේය. අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ද මේ අවස්ථාවට එක්ව සිටියේය.

    ප්‍රේමනාත් සී. දොලවත්ත මහතා කොළඹ, හයිඩ්පිටියේ සහ හිටපු රජ්‍ය අමාත්‍ය තිලංග සුමතිපාල මහතා විහාරමහා දේවි උද්‍යානයේ  සංවිධාන කර තිබූ ජන හමුවලට ද ජනාධිපතිවරයා සහභාගී විය. පසුබෑමට ලක්ව ඇති රට සංවර්ධනය කරා ගෙන යමින් දැයේ දරුවන්ට සුරක්ෂිත රටක් ගොඩනගා දෙන්නැයි ජනතාව ජනාධිපතිවරයාට කියා සිටියහ.

    රට ගොඩනැගීමට ශක්තිමත් පාර්ලිමේන්තුවක් තමාට දෙන්නැයි හිටපු අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා නාරාහේන්පිට දාඹරේ මාවතේ සහ සරත් වීරසේකර මහතා දෙමටගොඩ ප්‍රදේශයේ සංවිධාන කර තිබූ ජනහමුවලට එක්වූ ජනාධිපතිවරයා රැස්ව සිටි ජනතාවට පැවසීය.

    කොළාන්නාව ප්‍රදේශයට දීර්ඝ කාලයක සිට අඩුවක්ව පවතින ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය සේවා කාර්යාලයක් ලබාදෙන ලෙස කළ ඉල්ලීමට ජනාධිපතිවරයාගෙන් ධනාත්මක ප්‍රතිචාරය පළ විය. අජිත් සුබසිංහ මහතා කොළොන්නාව ප්‍රදේශයේ සංවිධාන කර තිබූ ජන හමුවට ජනාධිපතිවරයා සහභාගී වූ අවස්ථාවේ මේ ඉල්ලීම ඉදිරිපත් කෙරිණ.

    ජනාධිපතිවරයා සමග ඡායාරූපයක් ගැනීමට අවස්ථාව දෙන්නැයි  පිළිකා රෝගයෙන් පීඩා විඳින කුඩා දැරියක් කළ ඉල්ලීම ද ජනාධිපතිවරයා විසින් ඉටු කරනු ලැබීය. ඇය සමග ඡායාරූපයකට පෙනී සිටී ජනාධිපතිවරයා දැරියට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කළේය.

    උදය ගම්මන්පිල මහතා බත්තරමුල්ල, දියත උයන ඉදිරිපිට සහ හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා බුද්ධදාස ක්‍රීඩාංගණයේ සංවිධාන කර තිබූ ජන හමුවලට ද සහභාගී වූ ජනාධිපතිතුමාට රැස්ව සිටී ජනතාවගෙන් උණුසුම් පිළිගැනීමක් හිමි විය.

    මහා සංඝරත්නය සහ සෙසු ආගමික පූජකවරුන් ද ජන හමුවලට එක්ව සිටියහ.

  • පාලිත තෙවරප්පෙරුම ඉල්ලා අස්වීමේ ලිපිය මැතිවරණ කොමිෂමට භාර දෙයි

    පාලිත තෙවරප්පෙරුම ඉල්ලා අස්වීමේ ලිපිය මැතිවරණ කොමිෂමට භාර දෙයි

    එක්සත් ජාතික පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී පාලිත තෙවරප්පෙරුම මහතා විසින් මහ මැතිවරණයට තරග කිරීම සඳහා වන අපේක්ෂකත්වයෙන් ඉල්ලා අස්වීමට අදාළ ලිපිය මැතිවරණ කොමිසමට භාර දුන්නත් එය භාර ගැනීම මැතිවරණ කොමිෂමේ සභාපතිවරයා විසින් ප‍්‍රතික්ෂේප කර තිබෙනවා.

    අදාළ ඉල්ලා අස්වීමේ ලිපිය භාර ගැනීම ප‍්‍රතික්ෂේප කිරීමට හේතු වශයෙන් මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා සඳහන් කර ඇත්තේ පවතින නීතිය අනුව අපේක්ෂකත්වය ලබා ඇති අයෙකුට ඉන් ඉල්ලා අස් වීමට නොහැකි බවයි.

    තම ඉල්ලා අස්වීමේ ලිපිය භාර ගැනීම මැතිවරණ කොමිෂමේ සභාපතිවරයා විසින් ප‍්‍රතික්ෂේප කිරීමෙන් පසු මාධ්‍ය හමුවේ කරුණු දැක්වූ පාලිත තෙවරප්පෙරුම මහතා කියා සිටියේ තමන්ට අපේක්‍ෂකත්වයෙන් ඉල්ලා අස්වීමට නොහැකි නිසා පෙරටත් වඩා වැඩි උනන්දුවකින් මැතිවරණ සටනට මුහුණ දී එය ජයග්‍රහණය කිරීමට නැවත තීරණය කළ බවයි. පාලිත තෙවරප්පෙරුම මහතාගේ මේ ක‍්‍රියාව සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය තුළ මිශ‍්‍ර ප‍්‍රතිචාර පළ වෙනවා. මීට සති කිහිපයකට පෙර සමගි ජන බලවේගයේ ප‍්‍රබලයෙකු වන හිටපු ඇමැති මංගල සමරවීර මහතා ද මැතිවරණ ක‍්‍රියාවලියෙන් ඉවත් වුණා.

  • පළාත් පාලන ආයතනවල රාජ්‍ය දේපොළ ‘අයුතු පරිහරණය’ ගැන මැ.කො යළි අවවාද කරයි

    පළාත් පාලන ආයතනවල රාජ්‍ය දේපොළ ‘අයුතු පරිහරණය’ ගැන මැ.කො යළි අවවාද කරයි

    පළාත් පාලන ආයතනවල රාජ්‍ය දේපොළ අයුතු ලෙස පරිහරණය කිරීම වැළැක්වීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව විසින් සියලුම පළාත් පාලන ආයතන ප්‍රධානීන් වෙත දැනුම් දීමක් කර තිබෙනවා.

    මැතිවරණ කොමිෂමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතාගේ අත්සනින් අද (8) නිකුත් කර ඇති මෙම නිවේදනය සම්පූර්ණයෙන් මෙසේයි.

  • සමගි ජන බලවේගයට ‘කොළපාට’ අහිමි වෙයි !

    සමගි ජන බලවේගයට ‘කොළපාට’ අහිමි වෙයි !

    සජිත් ප්‍රේමදාස මහතා විසින් නායකත්වය දෙන සමගි ජන බලවේගය පක්ෂය විසින් එක්සත් ජාතික පාක්ෂිකයින් නොමග යැවීම සදහා හිතාමතා සැලසුම් සහගතව ‘කොළ‘ වර්ණය භාවිතා කරන බවට එජාප මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා විසින් මැතිවරණ කොමිෂමට ලිඛිත පැමිණිල්ලක් කර තිබෙනවා.

    මැතිවරණ කොමිෂමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතාට ලිපියක් යොමු කරමින් එජාප මහ ලේකම්වරයා ඉල්ලා ඇත්තේ සමගි ජනබලවේගය පක්ෂයේ මේ ක්‍රියාව  එක්සත් ජාතික පක්ෂයේ මැතිවරණ ප්‍රචාරණ කටයුතුවලට බරපතළ අගතියක් සිදු වන බවත් එම නිසා ඒ පිළිබඳව කඩිනම් අවධානය යොමු කර එක්සත් ජාතික පක්ෂයේ වර්ණය සමගි ජන බලවේගය භාවිත කිරීම වැළැක්වීමට පියවර ගන්නා ලෙසයි.

    මෙහිදී එජාප හා සමගි ජන බලවේගය ව්‍යවස්ථාව උපුටා දක්වමින් එජාප මහ ලේකම්වරයා පෙන්වා දී ඇත්තේ එක්සත් ජාතික පක්ෂ ව්‍යවස්ථාව අනුව පක්ෂයේ වර්ණය ‘කොළ‘ පාට වන බවත් සමගි ජන බලවේගය පක්ෂයේ ව්‍යවස්ථාව අනුව එම පක්ෂයේ වර්ණය නිල් පාට වන බවයි.

  • පර්ලිමේන්තුවට තෝරාපත් කළ යුත්තේ උගතුන් නොව ‘ජනතාවගේ දුක හඳුනන’ නායකයින් – සංඝරක්ඛිත නායක හිමි

    පර්ලිමේන්තුවට තෝරාපත් කළ යුත්තේ උගතුන් නොව ‘ජනතාවගේ දුක හඳුනන’ නායකයින් – සංඝරක්ඛිත නායක හිමි

    පාර්ලිමේන්තුවට කෙනෙකු තෝරා ගැනීමේදී උගත්කමත් දක්ෂකමත් ප්‍රමාණවත් නොවන බවත් මහජන සම්බන්ධතාවයක් ඇති ජනතාවගේ දුක හදුනන අයෙකු ඒ සඳහා තෝරා ගත යුතු බවත් කැළණිය රජමහා විහාරාධිපති අති පූජ්‍ය කොල්ලුපිටියේ සංඝරක්ඛිත නායක හිමියෝ අවධාරණය කරති.

    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දිස්ත්‍රික් නායක ප්‍රසන්න රණතුංග මහතා ඇතුලු අපේක්ෂකයන්ට ආශිර්වාද කිරීම සඳහා අද ( 08 ) පැවැති විශේෂ ආගමික වැඩසටහනකදී උන්වහන්සේ මේ බව අවධාරණය කලහ. කැළණිය රජමහා විහාරස්ථානයේදී මෙම ආශිවාර්ද පූජාව පැවැත්විණ.

    මෙහිදී වැඩිදුරටත් සිය අනුශාසනාව කල සංඝරක්ඛිත නායක හිමිපාණන් වහන්සේ මෙසේද කීහ.

    ” ප්‍රසන්න රණතුංග ඇමතිතුමා වගේම මෙවර පොදුජන පෙරමුණෙන් ඉදිරිපත් වන අපේක්ෂකයන් බොහෝදෙනෙක් කැළණිය පුදබිමට නිරන්තරයෙන් පැමිණ ආශිර්වාද ලබාගන්න අයයි. දේශපාලනික අරමුණු වලින් තොරව අධ්‍යාත්මික ජීවිතයේ දියුණුව උදෙසා පුද පූජා පවත්වන අය බෞද්ධයෝ හැටියට කැළණිය පුදබිමෙන් ලැබෙන ආශිර්වාදය පිළිබඳව අපට දැඩි විශ්වාසයක් තිබෙනවා. අද මේ පිංකම කරන්නෙත් ඒ අරමුණු පෙරදැරිවයි.

    ගම්පහ දිස්ත්‍රික්කය මේ ලංකාවේ දිස්ත්‍රික්ක අතර තිරණාත්මක දිස්ත්‍රික්කයක්. මේ දිස්ත්‍රික්කය නියෝජනය කරන පිරිස එක්සිත්ව සමගියෙන් සාමදානයෙන් රටට වැඩදායි මෙහෙවරක් කරන බව අපිට විශ්වාසයි. ගම්පහ ඔබට ලංකාවේ අනෙකුත් දිස්ත්‍රික්ක වලට ඕන කරන මගපෙන්වීම කලහැකි බව අප දන්නවා. කවදාවත් මේ දිස්ත්‍රික්කයේ දියුණුව සඳහා ප්‍රසන්න රණතුංග ඇමතිතුමා කල මෙහෙවර මා කෘතවේදීව සිහිපත් කරනවා. දිස්ත්‍රික්කයේ අද දියුණුවක් සිදුවුනානම් ඒ සිදුවුනේ ඔබතුමාන්ලාගේ කැපවීම නිසයි.

    උගත්කමත් දක්ෂකමත් විතරක් කෙනෙකු තෝරාගැනීමේදී ප්‍රමාණවත් වන්නේ නෑ. උගතුන් ඉන්නවා. දක්ෂ අය ඉන්නවා. නමුත් මහජන සම්බන්ධතාවය නැතිනම් ඒ අය ජනතාව නියෝජනය කරන්න සුදුසු අය ලෙස මා දකින්නේ නෑ. ජනතාවගේ දුක තේරෙන කෙනෙක් තමයි මන්ත්‍රණ සභාවට යන්න ඕනෑ. දුක තේරෙන කෙනෙකුට පමණයි ඒ දුකින් ඒ අය ගලවා ගත හැක්කේ. ඒ වගේ කෙනෙකුට පමණයි ඒ ඕනෑකම තියෙන්නේ.

    අපි බොහොම භාග්‍යවතන්තයි ප්‍රසන්න රණතුංග වැනි අය අපේ දිස්ත්‍රික්කයේ ඉදිරිපත් විම නිසා. ඔබට ප්‍රදේශයට ජනතාවට යමක් කරන්න ඕනෑකම තියෙන අපේකම රැකගන්න හැකියාව තිබෙනවා. අලුත් රටක් නිර්මාණය කරන්න අලුත් ගමනක් යන්නට ඒ වගේම ලෝකයේ අනිකුත් ජාතීන් අතර ගරුත්වය ආරක්ෂා කරන ජාතියක් ගොඩනැගීමේ උසස් මෙහෙවරක නියලී සිටින ජනාධිපතිතුමා ඇතුලු ඔබ සැමදෙනාගේ කැපවීම නවදේශයක ආරම්භයක් බව අපගේ විශ්වාසයයි. ජනාධිපතිතුමාගේ නායකත්වය යටතේ මේ රට නව මාර්ගයකට ගෙන යාමට සියලුදෙනාට හැකිවේවා යැයි ප්‍රාර්ථනා කරනවා. “

  • සියවසක් ඉදිරියෙන් සිටින නූතන යුගයේ මිනිසා..

    සියවසක් ඉදිරියෙන් සිටින නූතන යුගයේ මිනිසා..

    කොවිඩ්-19 වසංගය විසින් ලෝකය වෙනස් කර ඇතිවා පමණක් නොව අලුතින් සිතීමට ද පොළඹවා තිබේ. තව දුරටත් පරණ මාර්ගයේ ගමන් කළ නොහැකි බව ‘පශ්චාත් කොරෝනා සමය“ අපට කියා දෙන පාඩමයි.

    පශ්චාත් කොරෝනා සමය හුදු සාම්ප්‍රදායික දැනුමින් යල්පැනගිය චින්තයෙන් ජය ගත නොහැකිය. ඒ සදහා ‘අනාගතය දකින‘ තුන්කල් දැක්මක් තිබිය යුතුය. කළමනාකරණය, පරිපාලනය මෙන්ම අනාගතය දැක්මක් සහිත තීන්දු ගැනීමට හැකියාව තිබිය යුතුය.

    සරල අර්ථයෙන් දැක්වුවහොත් පශ්චාත් කොරෝනා යුගය යන ‘නූතන මිනිසුන් විසින් පමණක් නායකත්වය දිය යුතු යුගයකි.

    දේශපාලනයේ පමණක් නොව කළමනාකරණ ක්ෂේත්‍රයේ ද තිලංග සුමතිපාල යනු ‘සන්නම් නායමකි‘ – ‘සියවසක් ඉදිරියෙන් සිටින නූතන දැක්මක් සහිත කළමනාකරුවෙකි. පරිපාලකයෙකි.

    ඒ තිලංග තරම් නවෝත්පදනය, අනාගතය දැකීම සහ මනා කළමනාකරණය යන විෂයන්හි දක්ෂතා දැක්වූ දේශපාලනඥයෙකු මෑත කාලීන දේශපාලන හා ව්‍යාපාරික ලෝකයේ නොමැත.

    ලංකාවේ යල්පැන ගිය, පාඨකයින් ඉවත් වෙමින් සිටි, රූපවාහිනිය විසින් අභියෝග කරමින් සිටි පුවත්පත් කලාවට තිලංග නව මානයක් හදුන්වා දුන්නේය. ඒ සුමති පුවත්පත් සමාගම යටතේ ‘ඉරිදා ලක්බිම‘ පුවත්පත බිහිකිරීම සමගිනි.

    පවුලේ පවුත්පතක් ලෙස ලක්බිම ඉරිදා සංග්‍රහය විසින් ප්‍රථම වරට හදුන්වා දුන් ‘රිද්ම‘ අතිරේකය තවත් මොහොතකින් සියලු පුවත්පත් විසින් කොපි කළ අතර කඩා වැටෙමින් පැවැති පුවත්පත් කර්මාන්තයට ජීවිය දුන්නේ එදා තිලංග විසින් නව ආරක් සහිතව නිර්මාණය කළ ඉරිදා ලක්බිම පුවත්පත් ආකෘතියයි.

    ශ්‍රී ලංකාවේ සන්නිවේදනයේ ප්‍රමුඛ ආයතනය වූ ටෙලිකොම් ආයතනය තිලංගගේ නායකත්වය යටතේ ලංකාවේ ප්‍රමුඛම සන්නිවේදන ආයතනය බවට පත් වුණා පමණක් නොව ජපානයට අලෙවි කිරීමට ගිය මොබිටෙල් ආයතනය‘ ටෙලිකොම් සමාගම යටතේම කළමනාකරණයට ලක් කිරීමට එදා ටෙලිකොම් සභාපතිවරයා ලෙස තිලංග ගත් ඒ ඓතිහාසික තීන්දුව අද ටෙලිකොම් – මොබිටෙල් ජාතික සම්පත් බවට පත්ව තිබීමෙන් පැහැදිලි වේ.

    එදා තිලංග ටෙලිකොමි – මොබිටෙල් ආයතන තුළ නූතන කළමනාකරණ ක්‍රමවේදයන් අනුගමනය කරමින් දැවැන්ත කළමනාකරණ හා තාක්ෂණ විප්ලවයක් නොකළා නම් අද ලංකාවේ සන්න්වේදන පද්ධතියටම විදේශිකයින් අතට පත්ව අවසන්ය.

    ක්‍රිකට් ක්‍රීඩාව හා ක්‍රීඩා පරිපාලනය තිලංගගේ ජානගත දෙයකි. නාලන්දයෙන් බිහි වූ ක්‍රිකට් තරුවක් වන තිලංග ක්‍රීඩකයෙක් වශයෙන් මෙන්ම ක්‍රිකට් පරිපාලකයෙක් වශයෙන් ද අසාමාන්‍ය හා අනාගතවාදී කුසලතා දැක්වීමට සමත් විය. විශේෂයෙන් දඹුල්ල ක්‍රිකට් ක්‍රීඩාංගණය තිලංගගේ කාර්යක්ෂම කළමනාකරණය, වේගය සහ තුන්කල් දැක්ම මනාව ප්‍රකට කරන තැනකි.

    ශ්‍රී ලාංකීය ටෙලි කලාවට ශක්තියක්, අභිමානයක් එක් කළ ‘සුමති ටෙලි සම්මාන උළෙල‘ තිලංගගේ තුන් කල් දැක්ම පමණක් නොව කළමනාකරණ හැකියාව, සංවිධාන ශක්තිය මනාව පැහැදිලි කරන කැඩපතකි.

    පශ්චාත් කොරෝනා අභියෝග

    කොරෝනා වසංගතය විසින් නිර්මාණය කර ඇති ආර්ථික, දේශපාලන, සමාජයීය හා ජාත්‍යන්තර අභියෝග ජයග්‍රහණය කළ හැකි වන්නේ අනාගතවාදී දැක්මක් සහිත, ප්‍රායෝගික නූතනවාදී මිනිසෙකුට පමණකි.

    පශ්චාත් කොරෝනා යුගයේ ජනමාධ්‍ය, අලෙවිකරණය, මහජන සම්බන්ධතාව පමණක් නොව, අධ්‍යාපනය, සෞඛ්‍ය, කෘෂිකර්මය ආදි සියලු ක්ෂේත්‍ර ‘ඩිජිටල්කරණය‘ වී ඇති අතර දේශපාලනය පවා ඩිජිටල්කරණය වී ඇත.

    ඩිජිටල්කරණය විසින් මෙහෙයවනු ලබන, ප්‍රමුඛත්වය ගනු ලබන ලෝකයකට නායකත්වය ලබාදීමට තිලංග තරම් ප්‍රාමාණිකයෙක් ලංකාවේ දේශපාලන කරළිය තුළ ඇතැයි සිතිය නොහැකිය. ලක්බිම, ටෙලිකොම්- මොබිටෙල්, ක්‍රිකට් පාලක මණ්ඩල සභාපති ධුරය දරමින් ඉටුකළ අතිවිශිෂ්ඨ අනාගතවාදී දැක්ම හා කළමනාකරණ හැකියාව, නූතනකරණය විසින් තිලංග තම දැක්ම හා හැකියාව මනාව පැහැදිලි කර ඇත.

    එනිසා මෙම මහ මැතිවරණයට ඉදිරිපත්ව සිටින තිලංග සම්බන්ධයෙන් ‘තීන්දුවක්‘ ගැනීම පුරවැසියන්ට ඉතාම පහසුය. ඒ තිලංග නම් නූතනවාදී මිනිසා විසින් මීට බොහෝ කලකට පෙර වත්මන් අභියෝගවලට සාර්ථකව මුහුණ දිය හැකි ආකාරය මනාව ප්‍රකට කර ඇති නිසාය.

    අතීතයට සහ වර්තමානයට ජයග්‍රහණ රාශියක් උරුමකරදුන් තිලංග ලෝකයක් දණ ගැස්සව වූ වසංගතයක් ඉදිරියේ පශ්චාත් කොරෝනා අභියෝගයෙන් ශ්‍රී ලංකාව යළි ඔසවා තබන්නට අනාගතය වෙනුවෙන් ඔහු දකින, ඔහු ඉදිරිපත් කරන “මාස්ක් වාදය” හැකි වෙත්දැයි අපි බලා සිටිමු.


  • රාජ්‍ය ආයතන තුළ ‘මැතිවරණ ප්‍රචාරණයේ’ යෙදුණොත් වැඩ වරදී

    රාජ්‍ය ආයතන තුළ ‘මැතිවරණ ප්‍රචාරණයේ’ යෙදුණොත් වැඩ වරදී

    රජයේ ආයතන හෝ කාර්යාල තුළ ඡන්ද ආයාචනා කිරීම හෝ අත් පත්‍රිකා බෙදීම ඇතුළු කටයුතු සම්පූර්ණයෙන් තහනම් කරමින් මැතිවරණ කොමිෂන් සභාව විසින් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එය සම්පූර්ණයෙන්ම පහත පළ වෙනවා.

  • ජවිපෙන් තැපැල් ඡන්දදායකයින්ට විශේෂ පණිවුඩයක් !

    ජවිපෙන් තැපැල් ඡන්දදායකයින්ට විශේෂ පණිවුඩයක් !

    ජාතික ජන බලවේගය විසින් කැදවූ විශේෂ මාධ්‍ය හමුවක් අද (7) ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී පැවැත් වුණා. එහිදී රාජ්‍ය සේවක වැටුප් ගැන සහ ජීවන වියදම ඉහළ යාම ගැන සාකච්ඡාවට ලක් වුණා. මෙම මාධ්‍ය හමුවේ සම්පූර්ණම කතාව පහත පළ වෙනවා.

    ජාතික ජන බලවේගයේ අපේක්‍ෂකයින් වැඩි පිරිසක් පාර්ලිමේන්තුවට යවන්න

    ලාල් කාන්ත – ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ සභාපති

    අගෝස්තු 05වැනිදා ඡන්දය තිබ්බට ඊට කලින් ඡන්දය දෙන ජනතාවක් මේ රටේ ඉන්නවා. ඒ තමයි රාජ්‍ය සේවකයෝ. ඒ තැපැල් ඡන්දය දෙන රාජ්‍ය අංශයේ සේවකයන්ට පණිවුඩයක් දෙන්න එක්ක තමයි ජාතික ජන බලවේගය හැටියට අද අපි මේ මාධ්‍ය සාකච්ඡාව තියන්නේ. 

    අවසාන වරට රාජ්‍ය සේවකයන්ට වැටුප් වැඩිවීමක් සිද්ධ වුණේ 2016 ජනවාරිවල. අපි ඊට කලින් සිට රු. 10,000ක වැටුප් වැඩිවීමක් ඉල්ලලා අරගලයක් කළා. එතැනදී අපේ සටන් පාඨ වුණේ, ජීවන වියදමට සරිලන වැටුප් වැඩිවීමක්, දීමනා සියල්ල මූලික වැටුපට එකතු කිරීමත් යන්නයි. එදා අපි කළ අරගලයේ බලපෑම නිසා රාජපක්‍ෂ ආණ්ඩුවට සිද්ධ වුණා 2015 ජනාධිපතිවරණයට කලින් රු. 3,000ක් රාජ්‍ය සේවකයන්ට ලබා දෙන්න.  ඊළඟට බලයට ආ එජාප ආණ්ඩුවට අර 10,000 ඉතිරිය කොටස් වශයෙන් දෙන්න සිද්ධ වුණා. මේවා අපේ අරගලයේ බලපෑම මත සිදුවූ දේවල්. එදා සිට මේ දක්වා කිසිදු වැටුප් වැඩිවීමක් වෙලා නැහැ. මේක බරපතළ ප්‍රශ්නයක්.

    ගෝඨාභයලාගේ භාරකාර ආණ්ඩුව අත්‍යවශ්‍ය බඩු 26කට දැන් බදු ගහලා. මේ බදු නිසා ජීවන වියදම වැඩිවෙනවා. ඒක තදින්ම බලපාන්නේ මේ රටේ ස්ථාවර වැටුපක් ගන්න වැඩ කරන ජනතාවට. ජීවන වියදම වැඩිවීමට සරිලන ලෙස කිසි දිනක ඔවුන්ට වැටුප් වැඩිවීමක් සිදුවී නැහැ. 

    2018දී වැඩ කරන ජනතාව දියත් කළ වැටුප් සටන්වල ප්‍රතිඵලයක් ලෙස රනුක්ගේ කමිටුව පත්කළා. ඒ කමිටුව 2020 ජනවාරියේ සිට රාජ්‍ය සේවක වැටුප් වැඩිකිරීම සඳහා නිර්දේශ ඉදිරිපත් කළා. කැබිනට් එක එය  අනුමත කළා. භාණ්ඩාගාරයත් එය අනුමත කළා. ගෝඨාභයලා බලයට ආපු ගමන් එය අත්හිටෙව්වා. මේක රාජ්‍ය සේවකයාට බරපතළ ලෙස බලපාන දෙයක්. ඒනිසා අපි දැන් වැඩ කරන පංතියට කියනවා, මේ කප්පාදුවට එරෙහිව අරගල භූමියට ඒම අත්‍යවශ්‍යයි කියලා.  ඒ වගේම මේ ආණ්ඩුව කොරෝනා පිට දාලා හෙද විදුහල් ශිෂ්‍යයන්ට එතෙක් ලබාදුන් දීමනාව අත්හිටෙව්වා. දැන් මාස තුනක් තිස්සේ එය ලැබෙන්නේ නැහැ. 

    විදුලි බිල කලින් කිව්වා පෙබරවාරි බිල මාර්තුවලට ගෙවන්න කියලා. ඡන්දය වරින් වර කල් ගිය නිසා මෙය අවුල් වෙලා දැන් පාරිභෝගිකයාට දරාගන්න බැරි තරමේ විදුලි බිලක් එන්න පටන් අරන්. විදුලි බිල් ගෙවන කාර්යාලවල හැමදාම ජනතාව පෝලිම්වල  පොරකකා රණ්ඩු කරනවා, ඒව නිවැරදි කර ගන්න. මේ විදිහට මේ ආණ්ඩුව හැම තැනම නිර්මාණය කරලා තියෙන්නේ අවුල්ම තමයි. කිව්වේ නම් ගෝඨාභයගේ වැඩ නීට්, වැඬේ හරියට කරයි, රට ටොප් එකට නග්ගල ගනියි කියලා. දැන් පේනව නේ ගෝඨාභයලාගේ ‘ටොප්’ වැඩවල තරම.

    2020 සිට විශ්‍රාමිකයන්ට ලැබිය යුතු විශ්‍රාම වැටුප් වැඩිවීමත් මේ ආණ්ඩුව අත්හිටුවලා. මේ සියලු කප්පාදු අස්සේ 2/3ක බලයකුත් ඉල්ලනවා. වැඩ කරන ජනතාවට වීදි බැහැලා අරගල කරන්න තරම් සෞඛ්‍යාරක්‍ෂිත තත්වයක් තවම රටේ නැහැ. ඒ නිසා වැඩ කරන ජනතාව තම ඡන්දය හරහා මෙවර සටනක් දිය යුතුයි. ඡන්දය ඒ සඳහා යොදාගත යුතුයි. ඊට අවශ්‍ය මැදිහත්වීම හැකි උපරිමයෙන් කරන්න කියන ඉල්ලීම අපි කරන ගමන් ජාතික ජන බලවේගයේ අපේක්‍ෂකයෝ හැකි තරම් පාර්ලිමේන්තුවට යවා වැඩ කරන ජනතා සටන තව තවත් ශක්තිමත් කරන ලෙස මෙම ඡන්දයේදී අපි ඔවුන්ගෙන් ඉල්ලා සිටිනවා.

    අර්බුදයෙන් ගොඩ ඒමට නම් කම්කරුවන් නව මාවතක් තෝරා ගත යුතුමයි

    මහින්ද  රත්නායක – ලංකා කම්කරු සම්මේලනය

    කොරෝනා වසංගතය අස්සේ කම්කරු අමාත්‍යාංශය වෘත්තීය සමිති සාකච්ඡාවක් කැඳෙව්වා. ඒකේදී අවධාරණය කළේ කම්කරුවන්ට වැටුප් ගෙවන්න තියෙන අසීරුතාවය. ඊට පස්සේ ඒකට උත්තර හොයන්න කාර්ය සාධක බලකායක් හැදුවා. සමිති හතරක් පමණයි ඒකට තෝරා ගත්තේ. එතැනදී කම්කරුවන්ට විශේෂයෙන් පෞද්ගලික අංශයේ කම්කරුවන්ට මූලික වැටුපෙන් 50%ක් ගෙවන්න තීන්දු කළා. ඒකට අපේ සංගමයත් අන්තර් සමාගම් සේවක සංගමයත් ලංකා බැංකු සේවක සංගමයත් විරුද්ධ වුණා. අනෙක් සමිති කැමති වුණා. දැන් මාස හතරක් තිස්සේ ඒ කම්කරුවන්ට ගෙවන්නේ පඩි බාගයයි. කාර්යසාධක බලකායත් දැන් අක්‍රීයයි. ඒ කම්කරුවෝ දැන් ඉන්නේ දැඩි අසීරුතාවයේ.

    කම්කරුවන්ගේ වැටුප් කපන්න නීතියක් නැහැ. එහෙම කරන්න බැහැ. ඇත්තටම ගත්තාම කොරෝනා වසංගතය වෙනුවෙන් කම්කරුවන්ගේ පැත්තෙන් කැපකිරීම කරලා හමාරයි.
    පෞද්ගලික අංශය තමයි විශාල සේවක සංඛ්‍යාවක් ඉන්නේ. රටක වැඩ කරන ජනතාවගේ ආර්ථික තත්වය  උසස් නොකර ඒ සඳහා ක්‍රියාමාර්ග නොගෙන වැටිච්ච ආර්ථිකයක් ගොඩගන්න බැහැ. 

    අර කාර්යසාධක බලකාය හැදුවේ 98%ක් පමණ පෞද්ගලික අංශයේ සේවකයෝ නියෝජනය කරන සමිති රාශියක් අත්හැරලා ආණ්ඩුවට කරදරයක් නොකරන සමිති හතරක් එකතු කරගෙන. ඒක අපිට ප්‍රශ්නයක්. 

    දැන් සේවකයෝ අයින් කරන්න ක්‍රියාමාර්ග අරගෙන. දැන් ඔවුන්ට පඩියත් නැහැ, රැකියාවත් නැහැ. වෙන රටවල නම් මේ කාලයේ ඒ රටවල ආණ්ඩු මැදිහත් වෙලා සේවක වැටුප් ගෙවනවා. ආයතනය යථා තත්වයට පත්වූ පසු නැවත ගෙවීමේ කොන්දේසිය යටතේ. ඒ මුදල් ගෙවිය යුත්තේ ආයතනය විසිනුයි.

    බැංකුවලට ගිහිල්ලා තග දැම්ම පලියට ආර්ථිකය ශක්තිමත් වෙන්නේ නැහැ. ජාවාරම්කාරයෝ වටකරගෙන ජාතික ආර්ථිකය ගොඩගන්න බැහැ. මේ වන විට මැද පෙරදිග සේවය කළ අපේ රටේ සේවකයන් ලක්‍ෂ 5කය රැකියා අහිමි වෙලා. වෙළඳ කලාපයේ ලක්‍ෂ 3කට රැකියා අහිමි වෙලා. සියල්ල පවතින්නේ ගරා වැටෙන තත්වයක. මෙයින් ගොඩ ඒමට නම් කම්කරුවන් නව මාවතක් තෝරා ගත යුතුමයි. ඒ සඳහා තියෙන එකම මාවත මාලිමාව යටතේ තරඟ වදින ජාතික ජන බලවේගය බව අපි දැඩිව ප්‍රකාශ කර සිටිනවා. 

    වෙළඳ කලාප සේවිකාවන් ඡන්දය දීමේදී නිවැරදි තීන්දුවක් ගත යුතුයි

    චමිලා තුෂාරි – ඩා බිඳු සාමූහිකය සංවිධානය, ජාතික ජන බලවේගයේ ජාතික ලැයිස්තු අපේක්ෂිකා

    තේ කර්මාන්තයේ, නිදහස් වෙළඳ කලාපයේ, මැද පෙරදිග මේ හැම තැනම ආර්ථිකයේ වැඩි කොටසකට දායකත්වය දෙන්නේ කාන්තාවෝ. මාර්තු 20වැනිදා වනකම් මේ රටේ පෞද්ගලික අංශය සේවකයන්ගෙත් බලෙන් වැඩ ගත්තා. කොරෝනා වසංගතය අස්සෙම. ඒ නිසා ඔවුන්ට ගමට යන්න බැරි වුණා. අපි මැදිහත් වෙලා තමයි ඔවුන්ට යන්න සැලැසුවේ.

    නිදහස් වෙළඳ කලාපවල කම්කරු කාන්තාවන් ඇතුළු සේවකයින් දැන් බුරුතු පිටින් දොට්ට දානවා. නිදහස් වෙළඳ කලාපවල සේවකයින් ඡන්දය දාන්න නම් ගමට යන්න ඕනෑ. ඒ සඳහා පාලකයෝ විවිධ කොන්දේසි දානවා. නැවත වැඩට එන්න ප්‍රමාද වුණොත් වැටුප් කපනවා. ඒ වගේම මෑන් පවර් සේවකයන්ට දැන් මාස හතරක් තිස්සේ වැටුප් නැහැ. අඩුම තරමේ ඔවුන්ට රජයෙන් ලබාදුන් රු. 5,000වත් දෙන්න කියලා අපි ආණ්ඩුවට බල කරනවා. 

    කලාප සේවක සේවිකාවන්ට බරපතළ සෞඛ්‍ය ගැටලුවලට මුහුණ දෙන්න සිද්ධ වෙලා. ඔය කියන සමාජ දුරස්ථභාවයෙන් ඔවුන්ට වැඩ කරන්න වාතාවරණයක් නැහැ. එකම පයිප්පයේ එකම ළිඳෙන් වෙළඳ කලාප සේවක සේවිකාවන් බුරුතු පිටින් නානවා. කලාප සේවිකාවන් අතර ගෘහස්ථ ප්‍රචණ්ඩත්වයද වැඩි වෙලා. මේවා කළමනාකරණය කරන්න මේ ආණ්ඩුවටත් කිසිම වැඩපිළිවෙළක් නැහැ. ඒනිසා මේ මැතිවරණයේදී ඔවුන් ඡන්දය දිය යුත්තේ කාටද කියලා නිවැරදි තීන්දුවක් ගත යුතුයි.

    වැඩ කරන ජනතාව මේ ආණ්ඩුවට තවත් ඡන්දය දිය යුතුද?

    මහින්ද ජයසිංහ – ලංකා ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම්, ජාතික ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් අපේක්‍ෂක

    මේ ආණ්ඩුව කොරෝනා එන්නත් කලින් විශ්‍රාමික සේවකයන්ගේ විශ්‍රාම වැටුප් වැඩිවීම නතර කළා. බලය ගන්න ඉස්සෙල්ලා කිව්වේ සෞභාග්‍යයේ දැක්ම හරහා විශ්‍රමිකයන්ට සම්භාවනීය පැවැත්මක් තහවුරු කරනවා කියලා. ඒ වෙනුවට දැන් ජ්‍යෙෂ්ඨ පුරවැසි ස්ථාවර තැන්පතුවල පොලිය 15% සිට 8% දක්වා පහළ දමලා. බන්දුල ඇමතිවරයා මාධ්‍ය සාකච්ඡාවකදී ඒක පිළිගත්තා. මේකෙන් විශ්‍රාමිකයෝ විශාල ප්‍රශ්නයකට මුහුණ දෙනවා කියලා සහ එය නිවැරදි කරනවා කියලත් ඔහු කිවුවා. නමුත් එදාම මහින්ද රාජපක්‍ෂ අගමැති කියනවා එහෙම පොලී පහල දැමීමක් කරලා නැහැ, ඒක මාධ්‍ය විසින් පතුරුවන බොරුවක් කියලා. ඇත්ත තත්වය අපි හොයලා බැලුවා. ඇත්තටම පොලිය කපලා.

    මාර්තු 01වැනිදා සිට වතු කම්කරුවන්ට රු. 1,000ක දෛනික වැටුපක් දෙවා කියලා මේ ආණ්ඩුව කිව්වා. ඡන්දෙට කලින් ගෝඨාභය මහත්තයා දුන්න පොරොන්දුවක් ඒක. දැන් ඒක දෙනවද? 
    රාජ්‍ය, අර්ධ රාජ්‍ය, පෞද්ගලික, වතු මේ සියලු ක්‍ෂෙත්‍රවල වැඩ කරන ජනයා දැන් ඉන්නේ විශාල අර්බුදයක. දැන් පාසැල් විවෘත කරගෙන යනවා. ඒකට කිසිම විධිමත් සැලැස්මක් නැහැ. සෞඛ්‍ය නිර්දේශ පැත්තකට දාලා. මේ ආණ්ඩුවත් අධ්‍යාපන බලධාරීනුත් මොනවද මේ කරන්නේ කියලා ගුරුවරුන්ටත් දෙමව්පියන්ටත් විශාල ප්‍රශ්නයක්.

    මේ ආණ්ඩුව රාජ්‍ය සේවක වැටුප් කොරෝනා පිට දාලා බලෙන් කැපුවා. නැගෙනහිර, සබරගමු ගුරුවරුන්ගේ වැටුප් බලෙන් කැපුවා. අපේ මැදිහත්වීම නිසා ඉතිරි ප්‍රදේශවල ඒක නවත්ත ගත්තා. අපි මේ රටේ රාජ්‍ය සේවකයන් ඇතුළු වැඩ කරන ජනතාවගෙන් අහනවා, මේ ආණ්ඩුවට තවත් ඡන්දය දියු යුතුද කියලා.

    ජාතික ජන බලවේගයේ අපේක්‍ෂකත්වය හරහා ප්‍රබල වෘත්තීය සමිති නායකයින්, කම්කරු සංගම් නායකයින් විශාල පිරිසක් මෙවර තරඟ වදිනවා. අපි මේ රටේ ජනතාවට එකක් පැහැදිලි කරනවා. එනම් ඔබේ සටන පාර්ලිමේන්තුවේ කිසිදු පාවා නොදීමකින් කිරීමට නම් ජාතික ජන  බලවේගයේ නියෝජිතයෝ හැකි තාක් පාර්ලිමේන්තුවට යවන්න කියලා.

    මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින්

    ප්‍රශ්නය:- දැනට තිබෙන ජීවන වියදමට සාපේක්‍ෂව කොපමණ ප්‍රමාණයකින් වැටුප් වැඩිවිය යුතුද?

    රු. 3,000- 24,000 දක්වා වැටුප් වැඩිවිය යුතු බව රනුක්ගේ කමිටුවේ නිර්දේශයයි.

    ප්‍රශ්නය:- ආර්ථිකය මෙච්චර වැටිලා තියෙද්දී ඔය විදිහට වැටුප් වැඩිකළ හැකිද?
    ආණ්ඩුව පාර්ලිමේන්තුවේ මැති ඇමතියන්ගේ වැටුප්, දීමනා සහ අනෙකුත් වරප්‍රසාද දිගින් දිගටම වැඩි කර ගන්නවා නම් රාජ්‍ය සේවක වැටුප් වැඩි කළ නොහැක්කේ ඇයි? අනෙකුත් සේවක වැටුප් වැඩිකළ නොහැක්කේ ඇයි? 

    මද්‍රසා පාසල් ගැන රතන හිමිගේ මැදිහත්වීම ගැන ?

    මේ මැතිවරණයේදීත් ආණ්ඩුවට ජාතිවාදය නැතිව බැරිවෙලා තිබෙනවා. රාජපක්‍ෂලාට ඒක නැති පවතින්න බැහැ. කරුණා හරහා තමයි මෙවර ඒක මතු කරන්නේ. දකුණේ පොහොට්ටුවේ කට්ටිය කියනවා කොටි මරපු නිසා ඒ ගොල්ලන්ට ඡන්දය දෙන්න කියලා. කරුණා කියනවා, හමුදාව මරපු නිසා දෙමළ ජනතාවගේ ඡන්දය දෙන්න කියලා. එහෙම කියපු කරුණාම ආපහු කියනවා, අපි නැවත සැරයක් මහින්දලා සමග එකතු වෙනවා කියලා. 

    මද්‍රසා පාසැල් ගැන රතන හාමුදුරුවෝ කාලෙක ඉඳලා කතා කරනවා. නමුත් හාමුදුරුවන්ට හරි රාජපක්‍ෂලට හරි වෙන කාට හරි ඕන ඕන විදිහට මේ රටේ ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තිය හදන්න බැහැ. මේ සියල්ල කරන්නේ ජනතාව ගොනාට අන්දලා ඡන්දය ගැනීම සඳහායි. 

    ආණ්ඩුව මේ ඡන්දෙදී මන්ත්‍රීවරු 125ක් දිනා ගන්නවා කියලා කියනවා එහෙම පුළුවන්ද?

    යුද්ධය ඉවර වුණේ 2009. 2010 මැතිවරණය තිබ්බා. ඒ වනවිට රාජපක්‍ෂලා උපරිමයෙන් ජනප්‍රිය වෙලයි හිටියේ. ඒත් 2/3ක ප්‍රතිශයක් ඔවුන්ට ලැබුණේ නැහැ. මේ ගෙවුණු මාස අටෙන් රාජපක්‍ෂවරුන්ගේ ආණ්ඩුවේ අසමත්කම ගත්තම ඔය සූත්තර කොච්චර දැම්මත් 2/3ක ගන්න බැහැ. ඕවා ජනතාවගේ මොරාල් එක හදන්න කියන චූන් කතා. ජනතාවට මොනම හරි දෙයක් ලැබුණා නම් ලැබුණේ පාලකයන්ගේ පාර්ලිමේන්තු බලය දුර්වල වූ මොහොතවල්වල. මෙම මැතිවරණයේදී ජනතාවට වාසි වන බල තුලනයක් හැදීම සඳහා ඡන්දය දීම තමයි ඔවුන්ගේ වගකීම වන්නේ.

  • මහින්දගේ සුරතලාගේ පොරටෝක් නිසා අනාථවුන ගාල්ලේ පොහොට්ටුවෝ

    මහින්දගේ සුරතලාගේ පොරටෝක් නිසා අනාථවුන ගාල්ලේ පොහොට්ටුවෝ

    මහ ඇමතිකම ගන්න මහින්දගේ පස්සෙන් ගිය ගාල්ලේ දුරකතන ඩයල් එක මෙවර මහ මැතිවරණයේ තැන තැන ලබාදෙන පොරටෝක් හේතුවෙන් ගාල්ලේ පොහොට්ටු අපේකෂකයින් ගණනාවක් කලකිරීමට පත්ව ඇති බව අනාවරණය වෙයි.

    මහින්ද මහත්තයා තමන්ට වැඩිය ගයන්තට ලෙංගතු බව පවසා ඇති මොවුන් ගෝඨාභය ජනාධිපතිතුමාගේ රට ගොඩනගන වැඩ පිලිවෙලට මෙවැනි දෙපිටකාට්ටුවන්ගෙන් වැඩක් නොමැති බව අවධාරණය කරයි.

    එක්සත් ජාතික පක්ෂයේ කැබිනට් ඇමතිකම් දැරැවත් ගාල්ලට කිසි වැඩක් කර නැති අවම තරමේ කක්කුස්සියක්වත් තනා නැති මොහු අද මැතිවරණයට ඉදිරිපත්ව ඇත්තේ කිලී මහරාජාගේ අල්ලේ නැටවෙන පුතාණෝගේ පක්ෂයෙනි. 2001 – 2004 කාලසීමාවේ එජාප රජයට කොරියාවෙන් ලැබුනු තරැණයින් සඳහා වන රැකියා අවස්ථාහී ගාල්ලට ලැබුණු සියලුම රැකියාවන් කොළඹ ජාවාරම්කාර සමාගමක් සමග එක්ව මුදලට විකුණා තම මඩිය තරකර ගත් අයෙකි. එක රැකියාවක් ලබාදීම සදහා රැපියල් ලක්ෂ දහයක පමණ මුදලක් ලබාගෙන ඇති බවට වාර්තාවේ. මුදල් ලබාදුන්නද රැකියාවට යාමට නොහැකිව අතරමංවුන තරැණ තරැණියන් ගණනාවක් අදටත් බෙන්තර ඇල්පිටිය අසරණව සිටින්නේ මොහුට ඇති ජඩ දේශපාලන හයියට බියවීම නිසාය.

    රැකියා ජාවාරමට අමතරව මොහු විසින් කරගෙන යන තවත් ජාවාරමක් වන්නේ ළමුන් පාසැල්වලට ඇතුලු කිරීමයි. කොළඹ රාජකීය විදුහල සදහා එක් ළමයෙකු නීති විරෝධී ලෙස ඇතුලත් කර ගැනීමට මොහු රැපියල් ලක්ෂ 20ක් දක්වා මුදල් ලබාගන්නා බවටද වාර්තාවේ. මොහුට එරෙහිව රාජකීය විදුහල් ආදිසිසු සංගමය කිහිප අවස්ථාවකම කීර්තිමත් රාජකීය ආදි සිසුවකුවු එජාප නායක රනිල් වික්ර්මසිංහ මහතාටද පැමිණිලි කර ඇත. නායකතුමා ඒ හැම අවස්ථාවකදීම මොහුව කැදවා ඉගෙන ගත්ත පාසැලට අවනම්බු නොකරන්නැයි අවවාද කර ඇත.

    මොහුගේ හදිසි පක්ෂ මාරැවට හේතුව වන්නේද පක්ෂ නායකත්වය මේ චෝදනා සම්බන්ධව පක්ෂය තුල විනය පරීක්ෂණයක් ආරම්භ කිරීමට ගත් තීරණය බවද දැනගන්නට ඇත. ගාලු දිසාවේ පොහොට්ටුවේ නායකයින් ජනපති ගොඨාභයට ශක්තියක් වන්නට කොතෙක් මහන්සි වුවත් මහින්ද සලකන්නේ මොහුට වීමද ඔවුනගේ කලකිරීමට හේතුවී ඇත. මෙයට ආසන්නම හේතුව ලෙස ඔවුන් අවධාරණය කරන්නේ විජේරාම පිහිටි මන්තරී නිල නිවාසය විශේෂ කැබිනට් ප්‍රතිකාවක් දමා මහින්ද විසින් මොහුට අත්පත්කරදීමට කටයුතු කිරීමයි.

    මෙවැනි තත්වයක් යටතේ මොහු දේශපාලනයෙන් ඉවත් කලයුතු බව ගාල්ල පොහොට්ටු අපේක්ෂකයින්ගේ අරමුණවී ඇති අතර මොහුගේ හා අගමැති මහින්දගේ සබඳතා ගැන ජනපති ගෝඨාව දැනුවත් කිරීමටද ගාල්ල තරැණ අපේකෂකයින් කටයුතු කරමින් සිටී. තම කාර්යාලයේ කාමරයට ඉදිරියෙන්ද ඇගිලි සලකුණ මැෂින් හයිකර ගනිමින් මොහුකල කාන්තා ඇසුරන් පිලිබදවද තොරතුරැ ඉදිරියේදී අප සාක්ෂි සහිතව අනාවරණය කරන්නට බලාපොරොත්තු වන්නෙමු. ගාල්ලට කිසිදු කරැණාවක් නොදැක්වු මේ තිලකයිගේ සුදු පිරැවට එදාට අනිවාර්යෙන් ලිහී යනු ඇත.

  • සහල් හිඟයක් ඇතිකරන්න ඉඩ දෙන්න එපා  – පොළොන්නරුව ගොවීහු ජනපතිගෙන් ඉල්ලති

    සහල් හිඟයක් ඇතිකරන්න ඉඩ දෙන්න එපා – පොළොන්නරුව ගොවීහු ජනපතිගෙන් ඉල්ලති

    සහල් හිඟයක් ඇති කිරීමට අතරමැදියන්ට ඉඩ නොදෙන ලෙස පොළොන්නරුව ගොවීහු ජනාධිපතිගෙන් ඉල්ලා සිටිති. පසුගිය කන්නවලදි ඉහළ අස්වැන්නක් ලැබිණ. එහෙත් සහල් හිඟයක් මවා පෑමට දරණ උත්සාහයට ඉඩ දිය යුතු නැතැයි ගොවීහු පවසති.

    පොදුජන පෙරමුණෙන් මෙවර මහ මැතිවරණයට තරග වඳින අපේක්ෂකයන්ගේ ජයග්‍රහණය තහවුරු කරනු පිණිස ඊයේ (05) පෙරවරුවේ පොළොන්නරුව සිරිපුර ප්‍රාදේශීය සභා ක්‍රීඩාංගණයේ පැවති ජන හමුවට එක් වූ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ගොවීහු මේ ඉල්ලීම කළහ.

    විනාශ වෙමින් පැවති සහල් ගබඩා රජය පත්වීමෙන් පසු ප්‍රතිසංස්කරණයට සහ වී මිලදී ගැනීමට විධිමත් ක්‍රමවේදයක් සකස් කළ බව ජනාධිපතිවරයා ගොවීන් සමග කියා සිටියේය. ඉදිරියේ දී වී ගොවියාද රැක ගනිමින් ගැටළුවක් ඇති නොවන ආකාරයෙන් ක්‍රියා කිරීමට රජය සැලසුම් කර ඇති බව රාජපක්ෂ මහතා පැවසීය.

    මහ බැංකු බැදුම්කර වංචාවට වගකිවයුත්තන් නීතිය හමුවට පමුණුවන ලෙස ද පොළොන්නරුව ප්‍රදේශවාසීහු ජනාධිපතිගෙන් ඉල්ලා සිටියහ. රැකියා ප්‍රශ්න මෙන්ම වන අලි තර්ජනය ද පොළොන්නරුව දිස්ත්‍රික්කයේ බොහෝ ප්‍රදේශවල ජනතාව මුහුණපා ඇති ගැටළුවකි. ඊට විසඳුම් දීමට පියවර ගන්නා ලෙස ද ප්‍රදේශවාසීහු ජනාධිපතිගෙන් ඉල්ලා සිටියහ.

    පොදුජන පෙරමුණෙන් මැතිවරණයට ඉදිරිපත්ව සිටින හිටපු රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ, හිටපු නියෝජ්‍ය අමාත්‍ය සිරිපාල ගම්ලත් සහ අපේක්ෂක ජගත් සමරවික්‍රම මහත්වරු ද මේ අවස්ථාවට එක්ව සිටියහ.

    පොදුජන පෙරමුණේ අපේක්ෂක ජයසිංහ බණ්ඩා මහතා මහියංගනය, පොළොන්නරුව මාර්ගයේ කලුකැලේ ප්‍රදේශයේ  සංවිධාන කර තිබූ ජන හමුවට ද ජනාධිපතිවරයා සහභාගී විය.

    මනම්පිටිය ප්‍රතිභා ශාලාවේ පැවති ජන හමුවට එක් වූ ජනාධිපතිතුමාට ප්‍රදේශයේ මහා සංඝරත්නය යෝජනාවලියක් භාර දුන්හ. ජනාධිපතිවරයා වෙත ආශිර්වාද කරමින් සෙත් පිරිත් සජ්ජායනාවක් ද සිදු කෙරිණ. ප්‍රතිභා ශාලාව ඉදිරිපිටට රැස්ව සිටී ගුරුවරු පිරිසක්  ජනාධිපතිවරයා හමු වූ අතර ඔවුහු ද යෝජනාවලියක් භාර දුන්හ. හිටපු රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා ද මේ අවස්ථාවට එක්ව සිටියේය.

    හිටපු ප්‍රධාන අමාත්‍ය පේෂල ජයරත්න මහතා කදුරුවෙල ප්‍රදේශයේ සංවිධාන කර තිබූ ජන හමුවට ජනාධිපතිවරයා සහභාගී විය. ප්‍රදේශයේ ඇති වැව් පිළිසකර කර දෙන ලෙස රැස්ව සිටී ජනතාව ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියහ. බිත්තර වී සහ පොහොර ගැටළුව පිළිබඳව ද ඔව්හු ජනාධිපතිවරයාගේ අවධානය යොමු කළහ.

    ගල්වල හන්දිය, තඹාල ප්‍රදේශයේ සංවිධාන කර තිබූ ජන හමුවට එක්ව සිටී ජනතාව සමග ද ජනාධිපතිවරයා කතා බහක නිරත විය.

    හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සංවිධාන කළ ජනහමුවක් පොළොන්නරුව දීප උයන ඉදිරිපිට ඊයේ (5) දහවල් පැවැත්විණ. එම අවස්ථාවට ද එක් වූ ජනාධිපතිවරයා රැස්ව සීටී ජනතාව සමග සුහද පිළිසඳරක නිරත වෙමින් තොරතුරු විමසා සිටියේය.

  • ධාන්‍ය වැඩිපුර වගා කිරීමට උනන්දු වන්න – ජනාධිපති ගොවි ජනතාවගෙන් ඉල්ලයි

    ධාන්‍ය වැඩිපුර වගා කිරීමට උනන්දු වන්න – ජනාධිපති ගොවි ජනතාවගෙන් ඉල්ලයි

    රජය ධාන්‍ය ආනයනය නතර කර ඇති හෙයින්, ධාන්‍ය වර්ග ඉහළ මිලකට දේශීය සහ විදේශීය වෙළෙඳපොළට සැපයීමේ අවස්ථාව  ගොවී ජනතාවට දැන් උදා වී ඇතැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

    එබැවින් බඩඉරිගු, උඳු, මුං, කවුපී, කුරක්කන් වැඩිපුර වගා කිරීමට උනන්දු වන්නැයි ජනාධිපතිවරයා ගොවි ජනතාවගෙන් ඉල්ලා සිටී.

    මහමැතිවරණයට තරඟ වැදී සිටින  ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකයන්ගේ ජයග්‍රහණය තහවුරු කරනු පිණිස ජනාධිපතිතුමා අනුරාධපුර දිස්ත්‍රික්කයේ  පසුගිය දා කළ චාරිකාවේ දී මේ බව සඳහන් කළේය.

    හිටපු රාජ්‍ය අමාත්‍ය වීරකුමාර දිසානායක මහතා කහටගස්දිගිලිය ප්‍රදේශයේ සංවිධාන කර තිබූ ජන හමුවට සහභාගීවෙමින් ජනාධිපතිවරයා ප්‍රදේශවාසීන් සමග කතා බහක නිරත විය.  නිසි කලට පොහොර සහ ජලය ලැබෙන්නේ නම් බාධාවකින් තොරව වගාවේ නිරත විය හැකි බව ගොවීහු ජනාධිපතිතුමා සමග කීහ. කාබනික පොහොර භාවිතයට වැඩි වශයෙන් යොමුවීමේ වැදගත්කම ද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

    එස්.සී. මුතුකුමාරණ මහතා හොරොව්පොතාන පොළ භූමියේ සංවිධාන කළ ජන හමුවට සහභාගී වූ ජනාධිපතිතුමා  වැඩබලන විදුහල්පතිවරු මුහුණ පා ඇති ගැටළු විසඳීමට පියවර ගන්නැයි නිලධාරීන්ට දැනුම් දුන්නේය. ප්‍රදේශයේ දරුවන්ගේ අධ්‍යාපන කටයුතුවල ප්‍රගතිය පිළිබඳව ද ජනාධිපතිවරයා විදුහල්පතිවරුන්ගෙන් විමසීය.

    හිටපු අමාත්‍ය තිස්ස කරලියද්ද මහතා කැබිතිගොල්ලෑව, නාගරික උද්‍යානය අසළ සංවිධාන කර තිබූ ජන හමුවකට ද ජනාධිපතිතුමා එක් විය. කොන්ත්‍රාත් ක්‍රමයේ ඇති ගැටලු හේතුවෙන් සංවර්ධන ක්‍රියාදාමය ප්‍රමාදවී ඇතැයි ගම්වාසීහු පැවසූහ. කෝමාරිකා, වී සහ බඩ ඉරිඟු වගාව තම ප්‍රදේශය තුළ සාර්ථකව සිදුවන බව ද ඔවුහු සඳහන් කළහ.  වකුගඩු රෝග ව්‍යාප්තිය පාලනයට ගෙන ඇති පියවර සහ ගොවි ජනතාව මුහුණ පා සිටින ගබඩා පහසුකම් පිළිබඳ ගැටලුව කෙරෙහි ද ජනාධිපතිවරයාගේ අවධානය යොමු විය.

    අලි මිනිස් ගැටුම සහ ගොවි ණය සම්බන්ධයෙන් මැදවච්චිය ප්‍රදේශයේ ජනතාව මුහුණ පා සිටින ගැටලු ජනාධිපතිතුමා වෙත යොමු කළහ. එච්. නන්දසේන මහතා මැදවච්චිය සේනානායක ළමා උද්‍යානය අසළ සංවිධාන කළ ජන හමුවට සහභාගී වූ ජනාධිපතිතුමාට ජනතාව මේ බව පෙන්වා දුන්හ. අලි තර්ජනය හේතුවෙන් වගාවන්ට වන හානිය ද මෙහිදී සාකච්ඡාවට ලක් විය.

    සරත් කුමාරසිරි මහතා අනුරාධපුර බස්නාහිර, තොලුවිල, පුරාවිද්‍යා රක්ෂිතය අසළ සහ මහාචාර්ය චන්න ජයසුමන මහතා නැගෙනහිර අනුරාධපුර බැංකු හන්දිය අසළ සංවිධාන කර තිබූ ජන හමුවලට ද ජනාධිපතිවරයා සහභාගී විය.

    උද්දික ප්‍රේමරත්න මහතා අනුරාධපුර කඩ පනහ අසළ සහ හිටපු රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා කූඹිච්චන්කුලම වැව අසළ සංවිධාන කර තිබූ ජන හමුවලට සහභාගී වූ ජනාධිපතිවරයා රටේ කෘෂි ආර්ථිකය නගා සිටුවීමට අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගොවි ජනතාව දක්වන සහාය ඉතා ප්‍රශංසනීය බව පැවසීය.

    අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන සහ හිටපු ප්‍රධාන අමාත්‍ය එස්.එම්. රංජිත් මහත්වරු ද මේ අවස්ථාවන්ට එක්ව සිටියහ.

  • ඡන්ද විමසීමේ කාලය පැයකින් දීර්ඝ කිරීමට පියවර

    ඡන්ද විමසීමේ කාලය පැයකින් දීර්ඝ කිරීමට පියවර

    2020 අගෝස්තු මස 05 වැනි දින පෙරවරු 07.00 සිට පස්වරු 04.00 දක්වා කාලය තුළ පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මැතිවරණයේ ඡන්ද විමසීමේ කාලය පස්වරු 05.00 දක්වා දීර්ඝ කිරීමට මැතිවරණය කොමිෂන් සභාව තීරණය කර තිබෙනවා. මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා විසින් අද (06) දින නිකුත් කළ විශේෂ මාධ්‍ය නිවේදනයක මේ බව සදහන් වෙනවා.

  • රනිල් – සජිත් මෛත්‍රීට හොරකම් කරන්න සහාය දුන්නා – ඇමති ප්‍රසන්න

    රනිල් – සජිත් මෛත්‍රීට හොරකම් කරන්න සහාය දුන්නා – ඇමති ප්‍රසන්න

    මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයාගේ වංචා හා දූෂණ ලගදීම රටට හෙළිකරන බව කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන්සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා අවධාරණය කරයි. ඔහු පෙන්වා දෙන්නේ මෛත්‍රී- රනිල්- සජිත් යනු එකම අච්චුවේ බඩු තුනක් බවයි.

    යහපාලන ආණ්ඩුව කටයුතු කලේ බටහිර න්‍යාය පත්‍රයට අනුව බවත් ඒ නිසා රටත් ජනතාවත් පාවා දී ආණ්ඩුව රැක ගැනීමට ඔවුන් කටයුතු කල බවත් පැවසූ ඇමතිවරයා ජනාධිපතිවරයාගේ ගමන් මග ශක්තිමත් කිරීමට නම් මෙවර මහමැතිවරණයේ දී මහින්ද හැර නොයන පිරිසක් පාර්ලිමේන්තුවට යැවිය යුතු යැයි පෙන්වා දුන්නේය.

    කොටුගොඩ ප්‍රදේශයේ පැවැති ජනහමුවකට ඊයේ ( 05 ) එක්වෙමින් ඇමතිවරයා මේ බව සඳහන් කලේය.

    මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමති ප්‍රසන්න රණතුංග මහතා මෙසේද කිවේය.

    ” 2015 මම මහින්ද මහත්තයත් එක්ක එළියට බහින්න ගත්ත තීන්දුව ගත්තේ අභියෝග ගොඩක් මැද්දේ. මම මහින්ද මහත්තයා නැවත දේශපාලනයට ගේන්න හදනකොට මට විරුද්ධ බොරු නඩු පැටලෙව්වා යහපාලන ආණ්ඩුව. එදා මම ගත්ත දේශපාලන තීන්දුව නිසා මගේ නෝනගෙන්, දරුවන්ගෙන් පවා පලිගත්තා. යහපාලන ආණ්ඩුව පසුගිය කාලයේ රට කලේ බොරුවෙන්. යහපාලන ආණ්ඩුව වැඩ කලේ ජනතාවගේ පොදු යහපත වෙනුවෙන් නෙමේ. ඔවුන් මහින්දට ගෑවුනු ගෑවුන අයගෙන් පලිගත්තා. ඔවුන්ට ඕන වූනේ බටහිර න්‍යාය පත්‍රය ක්‍රියාත්මක කරන්න. ඔවුන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගේන්න හැදුවේ මේ රටේ සිංහල දෙමළ මුස්ලිම් මිනිස්සුන්ට එකට ජීවත් වෙන්න පුළුවන් නෛතික බලයක් දෙන්න නෙමේ. රට ෆෙඩරල් කරලා රට බෙදලා බටහිරට ඕන දේ කරන්න.

    මෛත්‍රීව සත පහකට විශ්වාස කරන්න හොඳ නෑ. මෛත්‍රී කරපුවා කියන්න පුළුවන් ලොරි ගාණක්. ඒ වගේ හොරෙක් වංචාකාරයෙක් මගේ ජීවිතේට දැකලා නැහැ. මෛත්‍රී කරපු දූෂණ ළගදීම රටට හෙළි කරනවා. මෛත්‍රී කියන්නේ තමන්ගේ පෞද්ගලික උවමනාව වෙනුවෙන් ඕනෑම ජරා වැඩක් කරන කෙනෙක්. අපි චෝදනා එළි කලාම එදාට ඔහු ගැන තීරණයක් ගැනීම රටේ ජනතාවට භාරයි. මෛත්‍රීට දෙවනි නෑ රනිලුයි සජිතුයි. රනිල් මෛත්‍රීට හොරකම් කරන්න සහය දුන්නා. සජිත්ලා කලෙත් ඒකමයි. මෛත්‍රී – රනිල් – සජිත් කියන්නේ එකම  අච්චුවේ බඩු.

    විහිළුකාරයන්ට අවුරුදු හතර හමාරක් රට භාර දීලා අපි කලේ මහ පාපයක්. මහින්ද මහත්තයාව පරද්දන්න රිද්දන්න 2015 දී ඡන්දය දුන්නා. හැබැයි රිදුනේ පැරදුනේ අපි. අපේ දුවා දරුවන්ගේ අනාගතය තමයි අවුරුදු හතර හමාරක් නැතිවුනේ. ඒ නිසා මේ අවස්ථාව තමයි අපට ලැබෙන අවසාන අවස්ථාව. රට වෙනුවෙන් ඡන්දය දෙන්න. පොහොට්ටුවට ඡන්දය දෙන්න. තාත්තා කිව්වා බල්ලො මරලා හරි සල්ලි හොයන්න පුළුවන්. හැබැයි මිනිස්සු හම්බකරන්න බැහැ කියන එක. මම දේශපාලනයෙන් සල්ලි හම්බකරල නෑ. මම හම්බ කරල තියන්නේ මිනිස්සු විතරයි. අපි මේ මැතිවරණය දිනනවා. අපි ගම්පහ වැඩි ඡන්ද ලක්ෂ පහකට වඩා වැඩි ඡන්ද ගණනකින් දිනනවා. ඒක ස්ථිරයි. හැබැයි මනාප ගහනකොට පොහොට්ටුව රැකපු, මහින්ද රැකපු අයට ඡන්දය දෙන්න. ”

    මිනුවන්ගොඩ ප්‍රාදේශීය සභාවේ සභාපති කුමාර අරංගල්ල, උප සභාපති සුජීව සම්පත් යන මහත්වරු ද කථා කළහ.