Category: සුපිරි Politics

  • හමුදාවයි – කොටියි දෙකම පාවිච්චි කරමින් රාජපක්ෂලා ඡන්ද ගරනවා – ටිල්වින් සිල්වා

    හමුදාවයි – කොටියි දෙකම පාවිච්චි කරමින් රාජපක්ෂලා ඡන්ද ගරනවා – ටිල්වින් සිල්වා

    දේශපාලන පළිගැනීම් පිළිබඳ ජනාධිපති කොමිෂන් සභාවට නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ද වගඋත්තරකරුවන් ලෙස කැඳවනු ලැබ තිබෙනවා. ඇවන්ට්ගාඞ් පිළිබඳ මහාධිකරණයේ විභාග වන නඩුවේදී නීතිපතිවරයා හා රජයේ නීතීඥයින් පෙනී සිටින්නේ පැමිණිලි පාර්ශ්වය ලෙසයි. එහෙත් මෙම ජනාධිපති කොමිසමේදී ඔවුන් සියලු දෙනා විත්තිකරුවන් බවට පත් වෙනවා.

    ජාතික ජන බලවේගයේ මාධ්‍ය හමුවක් අද (22) ජවිපෙ ප්‍රධාන කාර්යාලයේදී පැවැත් වුණා. එහිදී අවධානය යොමු වුණේ ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මහතා දේශපාලන පලිගැනීම් පිළිබඳ ජනාධිපති කොමිෂන් සභාව වෙත කැඳවා තිබීම පිළිබඳ ස්ථාවරය පැහැදිලි කිරීම සදහායි. මෙම මාධ්‍ය හමුව සදහා ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා ද සහභාගී වුණා.

    මෙම මාධ්‍ය හමුවේදී අනුර කුමාර දිසානායක මහතා සහ ටිල්වින් සිල්වා මහතා ඉදිරිපත් කළ සම්පූර්ණ කතාව මෙහි පළ වෙනවා.

    ජනාධිපති කොමිසමත් දූෂිතයින් හෙළිදරව් කිරීමේ අරගලයේ කොටසක් ලෙස පාවිච්චි කරනවා

    This image has an empty alt attribute; its file name is anura-kumara-ljka.jpg

    මෙම මාධ්‍ය හමුව කැඳවනු ලැබුවේ දේශපාලන පලිගැනීම් පිළිබඳ ජනාධිපති කොමිෂන් සභාව වෙත කැඳවා තිබීම පිළිබඳ ස්ථාවරය පැහැදිලි කිරීම වෙනුවෙනුයි. හෙට (23) දිනයේ පෙරවරු 11.30ට මට කොමිසම හමුවේ පෙනී සිටින ලෙස අපේ පක්ෂයේ කාර්යාලය වෙත දන්වා තිබුණා. එය මා අතට ලැබී තිබෙනවා. ඒ අනුව හෙට දිනයේ මා එහි පෙනී සිටිනවා.

    අපේ රටේ මහජන ධනය විශාල වශයෙන් දූෂිත දේශපාලන කණ්ඩායමක්, ඔවුන්ගෙන් යැපෙන චෞර ව්‍යාපාරික කණ්ඩායමක් හා රාජ්‍ය සේවයේ දූෂිත අතළොස්සක් නිලධාරී කණ්ඩායමක් විසින් සොරකම් කිරීමට කටයුතු කර තිබෙනවා. හිටපු විගණකාධිපතිතු විසින් අපේ රටේ සමස්ත ණය බර ටි්‍රලියන 11ක් වන විට ඉන් ගොඩනැගී ඇති වත්කම් ටි්‍රලියන 1.8ක් පමණක් බව ප්‍රකාශ කළා. එසේනම් පෙනී යන්නේ මිලියන 9.2ක මුදලක් වතුරේ ගසා ගෙන ගොස් ඇති බවයි.

    එහෙත් ඇත්තටම මේ ධනයට මොකද වුණේ. මේ ධනය වතුරේ ගසාගෙන ගොස් නැහැ. මෙම ධනය අප කලින් කී දූෂිත පිරිස අතට පත් වී ඇති බවට අපට තොරතුරු ලැබී තිබෙනවා.

    අප රට ණය වී ලබාගත් ධනය දූෂිත අතළොස්සක් අතට පත්වී තිබෙනවා. අපි මෙම වංචාවට, සොරකමට එරෙහිව අනවරත අරගලයක යෙදී සිටිනවා. ඒ, මේ ධනය අපේ නිවසට ගෙනයාමේ අරමුණින් නෙමෙයි; මේ සොරකම නතර කිරීමේ අරමුණිනුයි. අපේ වසන්ත සමරසිංහ සහෝදරයා, සුනිල් හඳුන්නෙත්ති සහෝදරයා මේ සොරකම්වලට එරෙහිව අපේ පක්ෂය තුළ ප්‍රමුඛ වැඩකොටසක් කළා.

    අපි මෙම සොරකම්වලට එරෙහිව ක්‍රියාත්මක විය හැකි සෑම ආයතනයකටම අදාළ පැමිණිලි කරමින් ක්‍රියාත්මක වුණා. මේ අපරාධ සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ වංචා විමර්ශන කොමිෂන් සභාව, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, බරපතළ මූල්‍ය අපරාධ පරීක්ෂණ දොපාර්තමේන්තු (එෆ්.සී.අයිඩී.) වැනි ආයතනවලට පැමිණි කිරීමට අප කටයුතු කළා. එම ආයතනවලට පැමිණිලි කිරීමට පමණක් නෙමෙයි, අපරාධවලට එරෙහිව නිතීය ක්‍රියාත්මක කරවා ගැනීමට අපි මැදිහත් වුණා. අපි රනිල්, කිරිඇල්ල, මහින්දානන්ද, මහින්ද රාජපක්ෂට එරෙහිව චෝදනා ඉදිරිපත් කළේ පාර්ලිමේන්තුවේ ඔවුන් ඉදිරිපිටදීමයි. 

    එසේම වංචා දූෂණවලට එරෙහි අපේ අරගලය හුදු පාර්ලිමේන්තුවට පමණක් සීමා වුණේ නැහැ. අපි පාර්ලිමේන්තුවෙන් පිටත වංචා දූෂණවලට එරෙහිව උද්ඝෝෂණ, අරගල කළා. දැන් අපට දේශපාලන පලිගැනීම් පිළිබඳ ජනාධිපති කොමිෂන් සභාවට පැමිණෙන ලෙසට කැඳවනු ලැබ තිබෙනවා. අප කැමතියි, එම ජනාධිපති කොමිෂන් සභාවත් වංචාවට, දූෂණයට, නාස්තියට එරෙහි අරගලයේ කොටසක් බවට පත් කරගන්න. 

    තමන්ට අයිති දේපළ මේ රටේ ජනතාව දැනගත යුතුයි. මේ සොරකම් කරනු ලැබ තිබෙන්නේ පාසල් ළමුන්ට වැසිකිළි පහසුකමක්, වතුර පොදක් ලබාගැනීමට තිබෙන ධනයයි. රෝහලට බොහෙත් ගැනීමට තිබෙන ධනයයි. ගොවි ජනතාවට පොහොර ලබාදීමට තිබෙන ධනයයි. රටේ ජනතාවගේ සුභසිද්ධිය වෙනුවෙන් වැය කළ යුතු ධනයයි.

    මෙම ධනය කුඩා කණ්ඩායමක් අත සංකේන්ද්‍රණය වී තිබෙනවානම් පොදු අරගලය විය යුතුව තිබෙන්නේ  මෙම වංචනිකයින්ට දඬුවම් ලබාදීම සහ එම සොරාගත් ධනය නැවත රටට අත්පත් කරගැනීමයි.

    2015 ජනවරම තුළ තිබුණු ප්‍රධානම කරුණ වූයේ වංචනිකයින්ට හා දූෂිතයින්ට දඬුවම් ලබාදීමයි. එම මැතිවරණ වේදිකාවේ කතාබහට ලක්වූ ප්‍රධානම කරුණ වූයේ එයයි. නමුත් එම ආණ්ඩුව එම ජනවරමට මුළුමනින්ම පිටුපාමින් යළි දූෂණයේ හා නාස්තියේ පාරටම පැමිණි බව නිදසුන් බොහෝ තිබෙනවා. එම ආණ්ඩුවේ බොහොදෙනා වංචාවේ යෙදෙන්නටත් වංචනිකයින් රකින්නටත් කටයුතු කළා.

    එහෙත් පෙර ආණ්ඩුව කාලයේදීත් මෙම ආණ්ඩු කාලයේත් අප කටයුතු කර තිබෙන්නේ මේ මහජන ධනය සොරාගත් වංචනිකයින් හෙළිදරව් කරගැනීමටයි.  ඒ අරගලයේ අප නිරත වී සිටිනවා. එයින් මඟහැරයාමට හෝ පලායාමට අපි සූදානම් නැහැ. මෙම වගකීම අපත් අත්හැරියහොත් එය කරන්නේ කවුරුන්ද? එය අපේ දෙවුර මත පැටවී තිබෙනවා.

    පෙර ආණ්ඩුව දූෂිතයින්ට හා වංචනිකයින්ට එරෙහිව ගන්නා ලද ක්‍රියාමාර්ග කිසිසේත් ප්‍රමාණවත් නොවන බව සෑම පුරවැසියෙක්ම පිළිගන්නවා. අද සැබැවින්ම අපේ රටට කොමිසමක් අවශ්‍යයි. මහජන විනිශ්චය කොමිෂන් සභාවක් අවශ්‍යයි. පළාත් පාලන ආයතනයේ සිට ඉහළම ආයතනය දක්වා සිදුවී ඇති වංචා හා දූෂණ පිළිබඳ තමන් දන්නා තොරතුරු එම ආයතවලට අදාළ නිලධාරින් හා පොදු ජනතාව විසින් එම සභාවට සාක්ෂි ලෙස ඉදිරිපත් කරාවි. සැබැවින්ම වංචනිකයින් දූෂිතයින් අත මෙතරම් ධනය රැස්වී තිබෙන්නේ කෙසේද යන්නත් ඔවුන් නිදැල්ලේ සිටින්නේ කෙසේද යන්නත් සොයාබැලිය යුතුයි. 

    දේශපාලන පළිගැනීම් පිළිබඳ ජනාධිපති කොමිෂන් සභාවට නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ද වගඋත්තරකරුවන් ලෙස කැඳවනු ලැබ තිබෙනවා. ඇවන්ට්ගාඞ් පිළිබඳ මහාධිකරණයේ විභාග වන නඩුවේදී නීතිපතිවරයා හා රජයේ නීතීඥයින් පෙනී සිටින්නේ පැමිණිලි පාර්ශ්වය ලෙසයි. එහෙත් මෙම ජනාධිපති කොමිසමේදී ඔවුන් සියලු දෙනා විත්තිකරුවන් බවට පත් වෙනවා. මොකද එහි පැමිණිලිකරු වන්නේ ඇවන්ගාඞ් ආයතනය වන නිසයි. ජනතාවට මෙහි පවතින තත්වය දැනගැනීමට මෙම කරුණම ප්‍රමාණවත්.

    මේ තත්වය අනුව හෙට දිනයේ කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ සම්න්ත්‍රණ ශාලාවේ පවත්ගෙන යනු ලබන ජනාධිපති කොමිෂන් සභාවට ඉදිරිපත් වී මේ රටේ දූෂණයට වංචාවට එරෙහිව අප විසින් ගෙන යන ලබන අරගලයේම අවස්ථාවක් ලෙස එය පාවිච්චි කරගැනීමට අප බලාපොරොත්තු වෙනවා.  

    අපි කියන්න ඕනෑ මේ වගේ පොඩි පොඩි දේවල් කරලා, කොමිසම්වලට කැඳවලා ජවිපෙ හෝ අනුර දිසානායක සහෝදරයා බය කරන්න පුළුවන් කියලා ඒක නම් වැරදි අදහසක්. මොකද අපි දේශපාලනයට ඇවිත් තිබෙන්නේ සටන් කරන්න. අපිට නැතිවෙන්න දෙයක් නැහැ.

    This image has an empty alt attribute; its file name is tilvin-silwa-as.jpg

    කොමිෂන්වලට කැඳවලා ජවිපෙ බය කරන්න පුළුවන් කියලා ආණ්ඩුව හිතනවානම් එය වැරදි අදහසක් – ටිල්වින් සිල්වා

    ආණ්ඩුවේ වුවමනාව අපිට ඉතාම පැහැදිළියි. ඒ නිසා අපි අඳුරේ අතපත ගාන්නේ නැහැ. ජනතා විමුක්ති පෙරමුණ පසුගිය කාලේ රාජපක්ෂලා කරපු වංචා දූෂණ පිළිබඳව කරුණු විශාල ප්‍රමාණයක් හෙළිදරව් කළා. ඒවා සියල්ල තහවුරු කරන්න පුළුවන් දේවල්. අපි පක්ෂයක් ලෙස හෝ අනුර දිසානායක සහෝදරයා කවදාවත් ඔප්පු කරන්න බැරි දේවල් ඉදිරිපත් කරන්නේ නැහැ. ඇවන්ගාඞ් සිදුවීමත් එහෙමයි. ඇවන්ගාඞ් සිදුවීම ගැන ආණ්ඩුවට හිතේ අමාරුවක් ඇති.

    ගෝටාභය මහත්තයට හිතේ අමාරුවක් ඇති. මොකද තමන්ගේ හිතවතාට හදලා දුන්න ව්‍යාපාරය නැවත නාවික හමුදාව යටතට පත්කරන්න සිදුවුනාට. ඒ ලාභය ඇවන්ගාඞ් සමාගමට නැති වුන හිතේ අමාරුවට වංචා දූෂණ හෙළිදරව් කරපු අය බය කරන්න, ඔවුන්ට රිදවන්න බලාගෙන මේ වගේ දේවල් කරනවා කියලා අපිට හිතෙනවා.

    අපි කියන්න ඕනෑ මේ වගේ පොඩි පොඩි දේවල් කරලා, කොමිසම්වලට කැඳවලා ජවිපෙ හෝ අනුර දිසානායක සහෝදරයා බය කරන්න පුළුවන් කියලා ඒක නම් වැරදි අදහසක්. මොකද අපි දේශපාලනයට ඇවිත් තිබෙන්නේ සටන් කරන්න. අපිට නැතිවෙන්න දෙයක් නැහැ. එයාලට නැතිවෙන්න හොයාගත්ත ධනය තියෙනවා, ජනාධිපතිකම් තියෙනවා, අගමැතිකම් තියෙනවා, විවිධ ව්‍යාපාර තිබෙනවා. නමුත් ජනතාවට යුක්තිය ඉෂ්ඨ කරන්න එක අපේ වගකීමක්. මේ රටට ඇත්තට අපි ආදරෙයි. ජනතාවගේ ධනය කවුරුහරි හොරකම් කරනවානම් අපි ඒ ධනය නැවත ලබාගන්න ඕනෑ. ඒක තමයි පහුගිය කාලේ අපේ පක්ෂය, අනුර දිසානායක සහෝදරයා කළේ. අපි බය කරන්න හදනවානම්, අපිව දුර්මුඛ කරන්න හදනවානම් ඒක කවදාවත් වෙන්නේ නැහැ. හෙටත් අපි මේ වැඬේ කරනවා. 

    අපි මේක භාරගන්නේ පක්ෂයක් හැටියට. අපි මේකට මුහුණ දෙන්නේ පක්ෂයක් ලෙස. අපි වෙන පක්ෂ වගේ නෙවෙයි. අපි අනුර දිසානායක සහෝදරයාට වෙනම ආපු දෙයක් ලෙස නෙවෙයි මේක සලකන්නේ. තනි තනි කෙනා හුදකලා කරලා සෙල්ලං කරන්න හදන්න එපා කියලා අපි ආණ්ඩුවට කියනවා. ඒ වගේම අපි ආණ්ඩුවෙන් ඉල්ලනවා කොමිසමේදී කියන්න තියෙන දේ කියන්න අපිට සාධාරණ කාලයක් ලබාදෙන්න කියලා. අපිට කොමිසමත් එක්ක ගැටලුවක් නැහැ. ඒ අවස්ථාව ලැබෙනවානම් අපි කියපු කරුණු තහවුරු කරලා පෙන්වනවා. අපිව බය කරන්න ලෑස්ති වෙන්න එපා කියලා අපි ආණ්ඩුවට නැවතත් කියනවා.

    මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට අනුර දිසානායක පිළිතුරු ලබාදෙමින්

    ජනාධිපති කොමිසන් වාර්තාවලට මොකද වෙන්නේ…ජනාධිපති විමර්ශන කොමිසන් සභා පත්කරන්නේ ජනපතිට තිබෙන බලතල අනුව. මෛත්‍රීපාල සිරිසේන මහතා බරපතල මූල්‍ය අපරාධ පිළිබඳ ජනාධිපති විමර්ශන කොමිසන් සභාවක් පත් කළා. එහිදී ආසන්න වශයෙන් වංචාවන් 33ක් පමණ විමර්ශනය කරලා වාර්තාවක් ඉදිරිපත් කළා. ඇවන්ගාඞ් පිළිබඳවත් එහි සඳහන්. ඔවුන්ට එරෙහිව ක්‍රියාමාර්ග ගැනීම ජනාධිපති ලෙස මෛත්‍රීපාල මහත්තයට බලතල තිබුණත් ඔහු ඒක සිදුකළේ නැහැ.

    ඉන්පසු බැඳුම්කර පිළිබඳව ජනාධිපති කොමිසමක් පත්කළා. ඒ අතර මන්ත්‍රීවරු 118ක් ඇලෝසියස්ගෙන් මුදල් ගත් බව ප්‍රකාශ වුනා. මන්ත්‍රීවරු දෙදෙනෙක් එය පිළිගත්තා. ඒ වගේම ජනාධිපති කොමිසන් වාර්තාවේ පිටු 106ක් සඟවලා තියෙනවා කිව්වා. එහි තමයි පෙර කී මන්ත්‍රීවරුන් 118ගේ නම් සඳහන් වෙලා තිබෙනවා කියන්නේ. එනිසා ජනාධිපති කොමිසන් සභාවලින් අවශ්‍ය දේ සිදුවුනේ නැහැ. එනිසා මේ කොමිසන් සභාවලට මුදල් කොයිතරම් නාස්තිකරලා තිබෙනවද කියලා වෙනම හොයන්න ඕනෑ. නමුත් දැන් ගෝටාභය රාජපක්ෂ මහත්තයා තවත් කොමිසමක් පත් කරලා තිබෙනවා. අපි බලමු මේ කොමිසන් සභා වාර්තාවට මොකද වෙන්නේ කියලා. 

    ජනතාවට රු.5000ක් ලබාදීම හෝ රු.20,000ක් ලබාදීම ගැන

    ජනතාවට සහන දීම සඳහා රටකට අතිරේඛ සංචිතයක් තිබිය යුතුයි කියලා අපි විශ්වාස කරනවා. මේ රටේ මහජන මුදල් හොරා නොකා තිබුණානම් අපේ රටට එවැනි අතිරේඛ මුදල් සංචිතයක් ඉතිරි කර ගන්න තිබුණා. මේ ආණ්ඩු අවුරුදු 72ක් රට පාලනය කරලා මෙවැනි අර්බුදයකට යොදා ගන්න මුදල් සංචිතයක් රට සතුව නැහැ. අපේ ආර්ථිකය තිබෙන්නේ එදාවේල ටුවර්ස් ආර්ථිකයක්. රට මාස දෙකක් අඩාල වෙනවා කොරෝනා නිසා. නමුත් ජන ජීවිතය බිඳ නොවැටී තබාගන්න ආර්ථික සංචිතයක් නැහැ. 

    මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට ජවිපෙ ලේකම් ටිල්වින් සිල්වා පිළිතුරු ලබාදෙමින්


    කරුණා අම්මාන්ගේ ප්‍රකාශය රටේ ජනතාව බරපතල ලෙස ගත යුතුයි. අපේ රටේ වසර තිහක යුද්ධයක් පැවතුනා. එහිදී මිනිස් ඝාතනයන් සිදුවුනා. හමුදාවේ අය එල්ටීටී අය ගොඩක් ඝාතනය වුනා. එය අවසන් වූ සිදුවීමක්. සමාජයට කම්පනයක් තිබෙනවා එම ඝාතන පිළිබඳව. කරුණා අම්මාන් එල්ටීටීයට නායකත්වය දුන් කෙනෙක්.

    පසු කාලයකදී මහින්ද රාජපක්ෂ ආණ්ඩුවටත් සම්බන්ධ වුනා. මහින්ද රාජපක්ෂ මහත්තයලා ඔහු ශ්‍රීලනිපයේ උප සභාපති කෙනෙක් බවටත් පත් කරගත්තා. ඔවුන් කිව්වේ දැන් කරුණා හොඳ පුරවැසියෙක් කියලා. නමුත් දැන් මොකද වෙලා තියෙන්නේ. කරුණා දැන් නැගෙනහිර පළාතේ ඡන්දය ඉල්ලනවා ආණ්ඩුවට යන්න බලාගෙන. ඔහු දැන් තමන් කළ ඝාතන වීරත්වයට නගනවා. එහෙම කෙනෙක් මහින්ද රාජපක්ෂලා තමන්ගේ සන්ධානයේ තබාගෙන ඉන්නවා. 

    රාජපක්ෂ කණ්ඩායම මැතිවරණ දිනීම සඳහා ඕනෑම කැත වැඩක්, ඕනෑම දේශපාලන කුපාඩිකමක්, සමාජයට හානිකර ඕනෑම දෙයක් කරනවා. කොටි ඝාතනය කරන්න දායක වුනා කියලා සරත් වීරසේකර කොළඹින් ඡන්දය ඉල්ලනවා. හමුදාව ඝාතනය කරන්න තමන් දායක වුනා කියමින් නැගෙනහිරින් කරුණා ඡන්දය ඉල්ලනවා. ඒ ඡන්ද ඔක්කොම ගන්නේ එකම තැනකට. ඒක කොහොමද යුක්තිසහගත වෙන්නේ.

    රාජපක්ෂ කණ්ඩායම ඉන්නේ අන්ත බලලෝභයක. එනිසා ඔවුක් ජාතිවාදය, ආගම්වාදය අවුස්සනවා. ආගම් සහ ජන කණ්ඩායම් කොටවනවා. දේශපාලන මට්ටමේ දෙබිඩිකමක්. දේශපාලන තක්කඩිකමක්. ඊනියා දේශප්‍රේමීන්ගෙන් සහ ආණ්ඩුවෙන් අපි අහනවා මේ ගැන තමන්ගේ ස්ථාවරය මොකක්ද කියලා. ආණ්ඩුව අනියමින් කරුණා අම්මාන් ආරක්ෂා කරනවා. ජනතාවට අපි කියනවා ආණ්ඩුවේ මේ ප්‍රතිවිරෝධය, තක්කඩිකම තේරුම් ගන්න කියලා.

  • මංගල ‘ෆොන්සේකාගේ රෙදි ගළවා ගුණමකුකමද පෙන්වා දෙයි’

    මංගල ‘ෆොන්සේකාගේ රෙදි ගළවා ගුණමකුකමද පෙන්වා දෙයි’

    සරත් ෆොන්සේකා වැනි යුදපිටියේ සිටිය යතු අය නොදන්නා දේශපාලනයකට පැමිණීම තමන් දේශපාලනයෙන් සමු ගැනීමට එක් හේතුවක් යයි හිටලු ඇමති මංගල සමරවීර මහතා පවසයි.

    මංගල සමරවීර මහතා මැතිවරණ ව්‍යාපාරයෙන් ඉවත් වීම සමගි ජන බලවේගයට විශාල වාසියක් යයි සරත් ෆොන්සේකා මහතා විසින් කරන ලද ප‍්‍රකාශයක් ප‍්‍රතිචාර දක්වමින් ඔහු මේ බව සදහන් කර ඇත.

    තම සමාජාල ගිණුමේ සටහන් කර ඇති අදාල සම්පූර්ණ සහන මෙසේය.

    හිතවත් සරත්,

    ඔබගේ දේශපාලන පාරාජිකභාවය මගේ නමට බැර කිරීමට දරණ උත්සාහය පිළිබඳ පළමුව කණගාටු වෙමි.

    ඔබගේ දේශපාලන විවේචනය සාධාරණ නම්, ඔබගේ නායකත්වයෙන් යුතු ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ 2015 වර්ෂයේ මහ මැතිවරණයට තරඟ කර කොළඹ දිස්ත්‍රික්කයෙන් ඡන්ද 5,238 (0.43%)ක් ද මුළු ලංකාවෙන්ම ඡන්ද 28,587 (0.26%) ලබා අන්ත පරාජයට පත් වූයේ ද මාගේ දේශපාලන භාවිතාව නිසා දැයි දැන ගැනීමට කැමැත්තෙමි.

    අනෙක පසුගිය ජනාධිපතිවරණයේ දී ඔබ නායකත්වය ලබාදුන් කැළණිය ආසනයෙන් සජිත් ප්‍රේමදාස මහතා ඡන්ද 16,147කින් පරාජය වූයේ ඔබගේ දේශපාලන පාරිශුද්ධකම නිසා දැයි නොදනිමි.

    වැඩිදුරටත් ඔබගේ දැනගැනීම පිණිස මෙසේ ද සටහන් කරමි.

    මා 1989 සිට මේ දක්වා පැවැති සියලු මැතිවරණ සඳහා තරඟ කර ඇති අතර ඒ සෑම අවස්ථාවක දීම මාගේ ප්‍රතිපත්ති හා මාගේ දේශපාලන විශ්වාසයන් ඍජුව ප්‍රකාශ කරමින්, මා ජයග්‍රහණය කළා පමණක් නොව මා නියෝජනය කළ දේශපාලන පක්ෂය ද ජයග්‍රහණය කරවා ඇත.

    රනිල්ට පින් සිදුවෙන්න පාර්ලිමේන්තුවට ආ හැටි…

    ”අද ඔබ තැන තැන වේදිකාවල ගරහමින් සිටින්නේද එදා පරාජිත ඔබ පාර්ලිමේන්තුවට කැඳවා ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයක් ලබාදුන් එම නායකයාටම බව අමතක නොකරන ලෙස ද ඉල්ලා සිටිමි.”

    නමුත් 2015 පරාජිත ඔබට ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයක් හිමි වූයේ ද එම්.කේ.ඩී.එස්. ගුණවර්ධන මහතාගේ අභාවය නිසා මන්ත්‍රීධූරයක් පුරප්පාඩු වූ විට එක්සත් ජාතික පක්ෂයේ නායක ගරු රනිල් වික්‍රමසිංහ මහතාගේ අනුකම්පාවේ පිහිටෙන් බව මතක් කර දෙමි.

    අද ඔබ තැන තැන වේදිකාවල ගරහමින් සිටින්නේද එදා පරාජිත ඔබ පාර්ලිමේන්තුවට කැඳවා ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයක් ලබාදුන් එම නායකයාටම බව අමතක නොකරන ලෙස ද ඉල්ලා සිටිමි.

    ඒ වගේම මා පාර්ලිමේන්තු දේශපාලනයෙන් සමුගැනීමට හේතු වූ කරුණු අතර ඔබ වැනි යුධපිටියේ සිටිය යුතු යුද විරුවන් නොදන්නා දේශාපාලනයක් සඳහා පාර්ලිමේන්තුවට කැඳවීම ද එක් කරුණක් බව සිහිපත් කරමි.”

    – මංගල සමරවීර

  • සජිත්ගේ සමගි ජන බලවේගයට ආගමික නායකයින් පේන්න බෑ – ප්‍රසන්න

    සජිත්ගේ සමගි ජන බලවේගයට ආගමික නායකයින් පේන්න බෑ – ප්‍රසන්න

    19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්මත කර ගැනීමෙන් රටට කිසිදු සෙතක් අත් නොවූ බවත් යහපාලන ආණ්ඩුව රට විනාශ කළේ 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට මුවා වී බවත් කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

    එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දියාරු කරමින් සිටින බවට චෝදනා නැගීම සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින් ඇමතිවරයා මේ බව සදහන් කළේ ය.

    මීරිගම ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණු කාර්යාලයේ අද (22) පැවති රැස්වීමෙන් අනතුරු ව මාධ්‍යවේදීන් නැගු පැනයකට පිළිතුරු දෙමින් ඇමතිවරයා මේ බව සදහන් කළේය.

    මෙහිදි ඇමති ප්‍රසන්න රණතුංග මහතා මෙසේ ද කීවේය.

    “ 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගෙනාවේ රනිල් – මෛත්‍රී යහපාලන ආණ්ඩුවේ දේශපාලන උවමනාව ඉටු කරගන්න. ස්වාධීන කොමිෂන් සභා පිහිටුවීමට වඩා ඒකේ යම් අරමුණක් තිබුණා.  ඒ තමයි රාජපක්ෂ පවුල දේශපාලන වශයෙන් විනාශ කිරීම. මේ කොමිෂන් සභා එකක්වත් ස්වාධීන නෑ. 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හොද නෑ කියලා මුලින් ම විචේඡනය කළේ ඒ ව්‍යවස්ථාය ගේන්න මැදිහත් වුණු මෛත්‍රී ජනාධිපතිවරයාය. මේ අංගවිකල 19 වන ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කරලා රටට වග කියන ව්‍යවස්ථාවක් ගෙන ඒමට අපි කටයුතු කරනවා.

    හිටපු ඇමති හරීන් ප්‍රනාන්දු මහතා අගරදගුරුතුමන් සම්බන්ධයෙන් කළ ප්‍රකාශය අපි තරයේ හෙළා දකිනවා. හරීන්ම තමයි කිව්වේ පාස්කු ප්‍රහාරය ගැන තමන්ට අනතුරු ඇගෙව්වේ තාත්තා කියලා. ඒ නිසා තමන්ගේ ජීවිතේ බේරුණා කියපු හරීන් අද අදරදගුරුතුමන්ට පහර ගහනවා. සජිත් ප්‍රේමදාසගේ සමගි ජන බලවේගයට මේ රටේ ආගමික නායකයන් පෙන්නන්න බෑ. මුලින් මහා සංඝරත්නය විවේඡනය කළා. දැන් අගරදගුරුතුමාව විවේඡනය කරනවා. ජනතාව 05 වෙනිදාට මේ ප්‍රකාශ වලට උත්තර දේවි.”

  • නව වැනි පාර්ලිමේන්තුවේ කාරක සභා රැස්වීම් ‘ඩිජිටල් තාක්ෂණය’ ඔස්සේ පැවැත්වීමට අවධානය

    නව වැනි පාර්ලිමේන්තුවේ කාරක සභා රැස්වීම් ‘ඩිජිටල් තාක්ෂණය’ ඔස්සේ පැවැත්වීමට අවධානය

    කොවිඩ් – 19 වසංගත තත්ත්වය හේතුවෙන් සමාජ දුරස්ථභාවයට අදාල රෙගුලාසි තවදුරටත් ක්‍රියාත්මක වුවහොත් නව වැනි පාර්ලිමේන්තුවේ  කාරක සභා රැස්වීම්  ඩිජිටල් තාක්ෂණය ඔස්සේ ඔන්ලයින් ක්‍රමයට සිදු කිරීමට මේ වන විට සැලසුම් කරමින් තිබේ.

    මේ අනුව ඒ සදහා ඇති හැකියාවන් සහ තාක්ෂණික අඩුලුහුඬුකම් හදුනා ගැනීමේ  පෙරහුරුවක් පාර්ලිමේන්තුවේ කාරක සභා ශාලාවකදී පැවැත්විණ. පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක, නියෝජ්‍ය මහ ලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී නීල් ඉද්දවෙල යන මහත්වරු ඇතුළු ඉහළ නිළධාරීහු පිරිසක් මෙම පෙරහුරුව සදහා එක්ව සිටියහ.

    කාරක සභා නියෝජනය කරන මන්ත්‍රීවරුන්ට, රාජ්‍ය නිලධාරීන්ට සහ සිවිල් ජනතාවට  පාර්ලිමේන්තුවට  පැමිණීමෙන් තොරව ඩිජිටල් තාක්ෂණය ඔස්සේ ඔන්ලයින් ක්‍රමයට කාරක සභා රැස්වීම්වලට සහභාගිවීමට මෙමගින් අවස්ථාව හිමිවේ.පාර්ලිමේන්තු රැස්වීම් නොපැවැත්වෙන දිනයන්හිදී පවා  පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ද පාර්ලිමේන්තුවට පැමිණීමෙන් තොරව ඩිජිටල් තාක්ෂණය ඔස්සේ ඔන්ලයින් ක්‍රමයට කාරක සභා රැස්වීම්වලට සම්බන්ධ වීමට හැකිවන පරිදි තාක්ෂණික කටයුතු සකස් කිරීමට සැලසුම් කරමින් තිබේ.

    මේ වන විටත් කමිටු රැස්වීම් ශාලා කිහිපයක  සජීවි පටිගත කිරීම් සදහා අවශ්‍ය කැමරා උපකරණ සවිකර ඇති බැවින් ඔන්ලයින් තාක්ෂණය ඔස්සේ කමිටු රැස්වීමට ඇති හැකියාව සාර්ථකව අත්හදා බැලූ   බව    මහලේකම් ධම්මික දසනායක මහතා පැවසීය. මතුවු සුළු අඩුලුහුඩුකම් නිවැරදි කරගනිමින් ඉදිරියට යාමට අපේක්ෂා කරන බව ද හෙතෙම අවධාරණය කළේය.

    තවද පාර්ලිමේන්තුව සතුව මේවන විට කාරක සභා කාමර 8ක් පමණක් ඇති බැවින් පාර්ලිමේන්තු දිනයන්හිදී  ඇතිවන ඉඩකඩ ගැටලුව සදහා  ඇතිවන  තදබදය මෙන්ම කාලය සහ වියදම අවම කරගැනීමට ඇති හැකියාව හේතුවෙන් කොවිඩ් වසංගත කාලයට සීමා නොවී ඉදිරියටත් මෙම ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීම සුදුසු බව ද මහලේකම්වරයා පෙන්වා දුන්නේය.

    මේ අනුව නව  වැනි පාර්ලිමේන්තුව ආරම්භ වූ විට මේ සම්බන්ධව යෝජනා කිරීමට බලාපොරෝත්තු වන බවද මහලේකම් ධම්මික දසනායක මහතා වැඩිදුරටත් පැවසීය.

  • අපෙන් පළිගන්න ගෙනා 19 වැනි සංශෝධනය අද විහිළුවක් වෙලා – මහින්ද

    අපෙන් පළිගන්න ගෙනා 19 වැනි සංශෝධනය අද විහිළුවක් වෙලා – මහින්ද

    අපි දැක්කා පහුගිය ආණ්ඩුවේ ජනාධිපතිවරයා එක පක්ෂෙක ඉන්නකොට අගමැතිවරයා අනෙක් පක්ශයේ ඉන්නකොට ඇති වුණු තත්වය. ජනාධිපති කියනදේ අගමැති කරන්නේ නැහැ . අගමැති කියනදේ ජනාධිපතිවරයා කරන්නේ නැහැ. ඒ නිසා ඒ තත්වය නැවත ඇතිකරන්න පුළුවන් කමක් නැහැ

    “අපෙන් පෞද්ගලිකව පළිගැනීම සදහා ගෙන ආ 19  වැනි සංශෝධනය අද විහිලු ව්‍යවස්ථාවක් බවට පත්වෙලා තියෙනවා. ඒ නිසා මේ ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට  මැතිවරණය ඉතා ඉහලින් ජයග්‍රහණය කරවා තුනෙන් දෙකක බලයක් ලබාදීමට ජනතාවට තියෙනවා‘ යැයි අද  (21) දහවල් වාරියපොල දී පැවති ජනහමුවකදී අග්‍රමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

    එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ අගමැති මහින්ද රාජපක්ෂ මහතා මෙසේද ප්‍රකාශ කළේය.

    “අපෙන් පෞද්ගලිකව පළිගැනීම සදහා ගෙන ආ 19  වැනි සංශෝධනය අද විහිළු ව්‍යවස්ථාවක් බවට පත්වෙලා තියෙනවා. ඒ නිසා මේ ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට  මැතිවරණය ඉතා ඉහළින් ජයග්‍රහණය කරවා තුනෙන් දෙකක බලයක් ලබාදීමට ජනතාවට තියෙනවා.

    දැන් මේවා ලියපු ඉදිරිපත් කරපු අයම කියනවා මේ ව්‍යවස්ථාව වෙනස් කරන්න ඕනෙ කියලා. අද තමුන්ණාන්සේලා මට වඩා හොදට දේශපාලනය දන්නවා. එදා වගේ නෙමෙයි හැමදෙනෙක්ම ඉතා සංවේදීව හොද අවබෝධයකින් ඉන්නවා.

    තමුන්ණාන්සේලා දන්නවා 2015 දී අපි පැරදුනායින් පස්සේ මේ රටේ ඇතිවූ තත්වය. ඒ අවුරුදු පහ තුළ රටේ සංවර්ධනය සම්පූර්ණයෙන්ම අඩපණ වෙලා ගියා. අපි ගෙනාපු සංවර්ධනය ශක්තිමත් ආර්ථිකය කඩා වැටුනා. අපිට ආපහු බාරදුන්නේ කැඩිලා වැටිච්ච ණය වෙච්චි ආර්ථිකයක්. ඒ නිසා මේ තත්වයේ වෙනසක් ඇති කරන්න අපි දැන් සූදානම් වෙලා තියෙනවා. ඒ යුගයේදී ආර්ථිකය කඩාවැටීම නිසා විරැකියාව වැඩිවුණා.

    රටේ හැම අංශයකම දුර්වලතාවයක් පෙන්නුවේ පසුගිය වසර පහ තුළ. පාරවල් ටික, වැව් අමුණු හදන එක විතරක් නෙමෙයි සම්පූර්ණ සංවර්ධනයම නැවතුනා. ඔවුන්ට ඒ සදහා විසදුම් තිබුණේ නැහැ. අඩුම වශයෙන් වන අලි ගැටලුව විසදීමටවත් ඔවුන් කටයුතු කළේ නැහැ. ඒ අලිමිනිස් ගැටුම නැවැත්වීමට පියවර ගන්න ඔවුන්ට ශක්තියක් තිබුණේ නැහැ . මේ තත්වය යටතේ තමයි අපි මේ පාර්ලිමේන්තු මැතිවරණය පවත්වන්නේ.

    ජනාධිපතිවරණය අවසන් වුණත් පාර්ලිමේන්තුවට වසර හතර හමාරක් යනතුරු විසුරුවන්න පුළුවන් කමක් තිබුණේ නැහැ. අපි ආණ්ඩුවක් පිහිටෙව්වත් ඉදිරියට යන්න පුළුවන් කමක් තිබුණේ නැහැ. විපක්ෂයට වැඩියි. අපි මුදල් පනතක් ගේන්න උත්සාහ කල හැම වෙලාවකම විපක්ෂය ඒක පරාජය කරන්න බලනකොට අපිට පසුබහින්න සිදුවුණා.

    අපි දැක්කා පහුගිය ආණ්ඩුවේ ජනාධිපතිවරයා එක පක්ෂෙක ඉන්නකොට අගමැතිවරයා අනෙක් පක්ශයේ ඉන්නකොට ඇති වුණු තත්වය. ජනාධිපති කියනදේ අගමැති කරන්නේ නැහැ . අගමැති කියනදේ ජනාධිපතිවරයා කරන්නේ නැහැ. ඒ නිසා ඒ තත්වය නැවත ඇතිකරන්න පුළුවන් කමක් නැහැ. ජනාධිපතිවරයාට නිදහසේ වැඩකටයුතු කරගෙන යා හැකි ජනාධිපතිවරයා නියෝජනය කරන පක්ශයේ සහයෝගය දක්වන ආණ්ඩුවක් පිහිටුවිය යුතුයි. එහෙම නැත්නම් මේ හේතුවෙන් බැටකන්නේ අවසානයේ ජනතාව. ඒක තමයි ඇත්ත කතාව.

    අපි අද සූදානම් වෙලා තියෙනවා මේ කටයුත්ත කරන්න. අපි දන්නවා මේ ඩී.බී. හේරත් ඇමතිතුමා ප්‍රදේශයේ අගලක් පාසා දන්නවා. අපි හැම අවස්ථාවකදීම අපේක්ෂකයින් තෝරාගත්තේ ආසනය ගැන විතරක් බලලා නෙමෙයි, තමන්ගේ දිස්ත්‍රික්කය පිලිබඳවත් හොද අවබෝධයක් තිබෙන උදවිය. දිස්ත්‍රික්කයේ හා ආසනයේ සංවර්ධන කටයුතු පිලිබඳව අවබෝධයක් තිබෙන අය. ඒ විතරක් නෙමෙයි. රටේ ආර්ථිකය ගැන, ලෝකය ගැන, දියුණු වන රටවල් ගැන අවබෝධයක් තියෙන අය අපි තෝරාගත්තා.

  • මේ පාර යහපාලන නඩය සම්පූර්ණයෙන් ම කුජීත වෙනවා – ඇමති ප්‍රසන්න

    මේ පාර යහපාලන නඩය සම්පූර්ණයෙන් ම කුජීත වෙනවා – ඇමති ප්‍රසන්න

    යහපාලන ආණ්ඩුව ගෙන ආ රටට අහිතකර අණපණත් සියල්ල ඉදිරියේ දී පිහිටුවන නව රජය යටතේ අහෝසි කරන බවට කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන , සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා සහතික වෙයි. ඔහු අවධාරණය කරන්නේ ඒ සදහා තුනෙන් දෙකක බලයක් සහිත ආණ්ඩුවක් පිහිටුවිය යුතු බවයි.

    තුනෙන් දෙකක බහුතර බලය සහිත ආණ්ඩුවක් පිහිටුව ද එහි විශ්වාසවන්ත පුද්ගලයන් සිටීම අත්‍යවශ්‍යය බව පැවසු ඇමති රණතුංග මහතා ඒ නිසා මෙවර පාර්ලිමේන්තුවට පත් කළ යුත්තේ මහින්ද හැර නොයන විශ්වාසවන්ත පුද්ගලයන් පමණක් බව ද කීවේය. මේ නිසා මහින්ද මහත්තයා දාලා නොයන කොන්ද කෙළින් තියෙන මිනිසුන් පාර්ලිමේන්තුවට එවන්නැ‘යි ජනතාවගෙන් ඉල්ලා සිටින බව ද ඇමතිවරයා සදහන් කළේය.

    අද (21) පැවති මිනුවන්ගොඩ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු ආසන බල මණ්ඩල රැස්වීම අමතමින් ඇමතිවරයා මේ බව සදහන් කළේය. රැස්විම නයිවල සිටි සෙන්ටර් ශාලාවේ දී පැවැත්විණ.

    මෙහිදි වැඩි දුරටත් අදහස් දැක් වු ඇමතිවරයා මෙසේ ද කීවේය.

    “ මහින්ද රටේ නායකත්වයට පත් කිරීම සදහා එදා අපි ආරම්භ කරපු සටනේ අවසන් මෙහෙයුම තමයි මේ මැතිවරණය. අවුරුදු තුනක්, හතරහමාරක් මම මේ වෙනුවෙන් දුක් වින්දා. මේ රටට ආදරය කරන මිනිසුන් දුක් වින්දා. අපිව හැමදාම FCID  ගෙනිච්චා. අපි වැරදි කරලා නැති නිසා අපි බය වුණේ නෑ. මම හැමදාම හෘද සාක්ෂියට එකගව වැඩ කරපු මිනිහෙක්. අපිට තනතුරු වරප්‍රසාද දෙන්න අඩගැහුවා. ඒත් අපි මහින්ද මහත්තයාව දාලා ගියේ නෑ.

    මහින්ද මහත්තයාව අගමැති කරලා අපි හදන්න හදන්නේ නීතිගරුක රටක්. සැමට එක සමාන රටක්. එක නීතියක්.  ඒකට නායකත්වය දෙන්නේ ගෝඨාභය ජනාධිපතිතුමා සමග මහින්ද අගමැතිතුමා. වසර තිහක යුද්ධය අවසන් කරලා රට ගොඩනගන වැඩ පිළිවෙලක් සකස් කළා. ඒ වැඩ පිළිවෙල 2015 දී අතරමග දී නතර කෙරුණා. ඒ සංවර්ධනය නැවත රට තුළ ඇති කරන්නයි අපි ආණ්ඩුවක් පිහිටුවන්න බලය ඉල්ලන්නේ. සමහරු අහනවා ගෝඨාභය ජනාධිපති වෙලා මාස 08යි. මොනාද කළේ කියලා. ගෝඨාභය මහත්තයා බලයට පත්වෙලා මාස 08 ක් වුණත් පළවෙනි මාස 03 එජාප බහුතර බලයක් සමගයි අපිට ආණ්ඩුව ගෙනියන්න වුණේ. එජාපය කළේ ඒ කාලයේ ආණ්ඩුවේ කකුලෙන් ඇදීමයි. ඊට පස්සේ පහුගිය කාලය කුළ කොරෝනා වසංගතය නිසා රටේ ජනතාව රැක බලාගන්න කාලය ගත වුණා. බැරිවෙලාවත් රනිල් – මෛත්‍රී ජෝඩුව කොරෝනා කාලේ බලයේ හිටියානම් මේ රටේ හැම ගෙදරකටම සුදු කොඩි දාන්න වෙනවා. රටේ මිනී කදු ගොඩ ගැහෙනවා. රට තුල සමූහ මිනීවල වල් හැදෙනවා.

    කොරෝනා වසංගතයෙන් මේ රට මුදා ගත්ත එක තමයි ගෝඨාභය මහත්තයා ජනාධිපති වෙලා රටට කරපු ලොකුම සේවය. ඒක පිළිගන්න බැරි පාට කණ්ණාඩි දාලා බලන උදවියට විතරයි. පාස්කු ප්‍රහාරය ගැන සියලු තොරතුරු දීලා ඒක නවත්ගන්න බැරි වුණ යහපාලනය කොරෝනා එනකොට හිටියා නම් මේ රටට දෙවියන්ගේ ම පිහිට තමයි. ගෝඨාභය මහත්තයාගෙන් රට ඉල්ලන වෙනස කරන්න නම් අපි ස්ථාවර ආණ්ඩුවක් හදන්න ඕනේ. තුනෙන් දෙකක බලයක් සහිත ආණ්ඩුවක් හදන්න ඕනේ.

    පහුගිය යහපාලන ආණ්ඩුව තුනෙන දෙකක බලයක් තියාගෙන කටයුතු කළේ රටට හිතකර අණපණත් ගෙනෙන්න නෙමෙයි ඔවුන් කටයුතු කළේ අන්තවාදී දෙමළ හා මුස්ලිම් නායකයන්ගේ අවශ්‍යතා ඉටු කරන්නයි. ඔවුන්ට අවශ්‍ය පරිදි රටේ නීති සම්පාදනය කරන්නයි. ව්‍යවස්ථා සංශෝධනය ගේන්න හැදුවේ ඒකටයි. යහපාලන ආණ්ඩුවට තිබුණ ලොකුම වුවමනාව තමයි සමලිංගික පණත සම්මත කිරීම. ඒ වගේ ම බෞද්ධ ආගමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් දීලා තිබුණ අවස්ථා අහිමි කරන එක. රටේ ජනතාවගේ වාසනාවට තමයි පහුගිය ජනාධිපතිවරණයේ දී මේ යහපාලන නාඩගම ඉවර වුණේ. දැන් ආපහු වතාවක් මේ නාඩගම රගදක්වන්න ලෑස්ති වෙනවා. මේ පාර මහ මැතිවරණයෙන් මේ යහපාලන නඩය සම්පූර්ණයෙන් ම කුජීත වෙනවා.

    පහුගිය යහපාලන ආණ්ඩුව කාලයේ ගෙනාපු රට වනසන අණපණත් සියල්ල අගෝස්තු 05 වෙනිදා පත් වන අපේ ආණ්ඩුව විසින් අහෝසි කරනවා. රටටත්, ජනතාවටත් අහිතකර මේ අණපණත් තවදුරටත් පවත්වාගෙන යන්න අපිට අවශ්‍ය නෑ.

     මේ අණපණත් අහෝසි කරන්න අපට තුනෙන් දෙකක බහුතර බලය සහිත ආණ්ඩුවක් අවශ්‍යයි. ඒ ආණ්ඩුවට පත් කළ යුත්තේ මහින්ද අතහැර නොයන මහින්ද වෙනුවෙන් පෙනී සිටින විශ්වාසවන්ත පුද්ගලයන් පමණයි. ඒ නිසා මෙවර මැතිවරණයේ දී මහින්ද හැර නොයන අය පාර්ලිමේන්තුවට පත් කරන්න. මතකනේ මෛත්‍රී කිවුවා උකුසු කථාවක්. මෛත්‍රී උකුස්සා ලෑස්ති වෙන්නේ මොකාට ද කියලා අපි හොද අවධානයෙන් ඉන්නේ.

    උකුස්සන්ට අල්ලගන්න අපි මාලු දෙන්න ලෑස්ති නෑ. මෛත්‍රීපාල හිටපු ජනාධිපතිවරයාට නැවත උකුසු සෙල්ලම් දාන්න ඉඩ නොදෙන පිරිසක් පාර්ලිමේන්තුවට යැවීම අපේ වගකීම. ඒ වගකීම ඉටු කරන්න අපි සුදානම්. ඒ නිසා පොහොට්ටුව අතහැර නොගිය පිරිසක් පාර්ලිමේන්තුවට යවන්න. වසර හතරක්, පහක් දුක් විදපු අපිට නැවත වළේ වැටෙන්න බෑ”.

    මිනුන්ගොඩ ප්‍රාදේශීය සභාවේ සභාපති කුමාර අරංගල්ල, උප සභාපති සුජීව සම්පත් යන මහත්වරුන් ද මෙහි දී කථා කළහ.

  • JVP Press : ජනපති – නිශ්ශංක සේනාධිපති – නීතිපති සහ නීතියේ ආධිපත්‍ය

    JVP Press : ජනපති – නිශ්ශංක සේනාධිපති – නීතිපති සහ නීතියේ ආධිපත්‍ය

    කොමිෂන් සභාවකට කළ හැක්කේ ජනාධිපතිතුමාට නිර්දේශයක් ලබාදීමයි. ඒ නිර්දේශය අනුව නිශ්ශංක සේනාධිපතිට තියෙන චෝදනාව අයින් කරගන්න කියලා නීතිපතිවරයාට කියන්න අයිතියක් කොමිසමට තියෙනවාද? එහෙම බලයක් කොමිසමට පැවරුවහොත් අපේ රටේ නීතියේ ආධිපත්‍යයට වෙන්නේ මොකක්ද?

    ‘ජාතික ජන බලවේගයේ නීතිඥයෝ‘ මාධ්‍ය හමුව අද (21) පිටකෝට්ටේ සෝලිස් උත්සව ශාලාවේදී පැවැත් වුණා. මෙහිදී ප්‍රධාන අවධානය යොමු වුණේ ඇවන්ගාඩ් අධිපති නිශ්ශංක සේනාධිපති මහතා ‘දේශපාලන පළිගැනීම් පිළිබඳ සොයා බලන ජනාධිපති කොමිෂන් සභාවට කැඳවා තිබීම සම්බන්ධයෙනුයි‘ එහිදී ජාතික ජනබලවේගයේ නීතියෝ විසින් දැක්වූ සම්පූර්ණ අදහස් සංස්කරණය කිරීමකින් තොරව පළ කිරීමට අපි තීරණය කළා.

    ජාතික ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක නීතිඥ සුනිල් වටගල 

    නීතියේ ආධිපත්‍යයට අදාළ කරුණුවලදී අපි මීට ප්‍රථමත් ජාතික ජන බලවේගයේ නීතිඥවරුන් ලෙස ඊට අදාළ සක්‍රීය දායකත්වය ලබාදී තිබෙනවා. මේ වෙලාවේ මහත් ආන්දෝලනයකට තුඩු දෙමින් පවතින ඇවන්ගාඞ් ගනුදෙනුවට අදාළව සිටින නිශ්ශංක සේනාධිපති දේශපාලන පළිගැනීම් පිළිබඳ සොයා බලන ජනාධිපති කොමිෂන් සභාවට කැඳවා තිබීම සම්බන්ධයෙන් කරුණු පැහැදිළි කිරීම මූලික අරමුණක්.

    ඒ කොමිෂන් සභාවේ ක්‍රියාකාරිත්වය නෙවෙයි මේ දිග හැරෙමින් තිබෙන දේශපාලන පසුබිම පැහැදිළි කරන්න ඕනෑ. නීතිපතිවරයා විසින් අධිචෝදනා ගොණුකර තිබුණු ඇවන්ගාඞ් අධිපති නිශ්ශංක සේනාධිපති මහත්තයාව දේශපාලන පළිගැනීම් පිළිබඳ කොමිෂන් සභාවට සාක්‍ෂිකරුවන් ගණනාවක් කැඳවා කටයුතු කරගෙන යනවා. 

    නීතිඥ උපුල් කුමරප්පෙරුම – ජාතික ජන බලවේගයේ ජාතික ලැයිස්තු අපේක්ෂක

    දේශපාලන පළිගැනීම් විමර්ශනය කිරීම සඳහා වූ ජනාධිපති කොමිෂන් සභාවේ කාර්යභාරය මම මුලින්ම පැහැදිලි කරන්නම්. 2020 ජනවාරි 09වැනි දින අංක 2157/44 ගැසට් පත්‍රය මගින් පත්කරනවා. කොමිෂන් සභාවේ සභාපතිවරයා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයේ හිටපු විනිසුරු උපාලි අබේරත්න මහතාත් ඊට අමතරව හිටපු අභියාචනාධිකරණ විනිසුරු චන්ද්‍රසිරි ජයතිලක මහත්මයාත් හිටපු පොලිස්පති චන්ද්‍රා ප්‍රානන්දු මහත්මයත් නම්කර තිබෙනවා.

    ගැසට් පත්‍රය අනුව ජනාධිපතිවරයා පවරා තිබෙන කාර්යභාරය 2015 ජනවාරි මාසයේදී සහ අගෝස්තු මාසයේදී පැවැති ජනාධිපතිවරණයට පෙර හෝ මහ මැතිවරණයට පෙර නිලතල දැරූ නිලධාරීන් රාජ්‍ය සංස්ථාවල සේවකයන් සන්නද්ධ හමුදාවල මෙන්ම පොලිස් සේවයේ සාමාජිකයන් සම්බන්ධයෙන් 2019 නොවැම්බර් මස 16න් අවසන්වූ කාලපරිච්ඡේදය තුළ දේශපාලනමය වශයෙන් පළිගැනීමට ලක්කර තිබේ යැයි වාර්තා කිරීමය.

    මේ ගැසට් පත්‍රය අනුව අදාල කරුණු සෙවිය යුතු ආයතන වශයෙන් අල්ලස් හෝ දූෂණ වැලැක්වීමේ කොමිසම, පොලිස් විශේෂ විමර්ශන ඒකකය, එෆ්.සී.අයි.ඩී. එක සහ පසුව ගැසට් පත්‍රය සංශෝධණය කරමින් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවත් ඇතුළත්කර තිබෙනවා. 
    රාජ්‍ය නිලධාරීන්, රාජ්‍ය සංස්ථාවල සේවකයන් එහෙම නැත්නම් පොලීසියේ හෝ හමුදාවල සේවකයන් සම්බන්ධයෙන් කටයුතු කරන බව නිශ්චිතව සඳහන් වෙනවා.

    මේ අයට විරුද්ධව පොලිස් විශේෂ විමර්ශන ඒකකය, අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව, එෆ්.සී.අයි.ඩී. එක හෝ අල්ලස් හෝ දූෂණ කොමිෂන් සභාව තමන්ට විරුද්ධව පරීක්‍ෂණයක් දේශපාලන පක්‍ෂග්‍රාහීව සිදුකර ඒ නිර්දේශ මත තමන්ට විරුද්ධව චෝදනාවක් අධිකරණයක හෝ වෙනත් ස්ථානයක විභාගවෙමින් තිබෙනවා නම් මේ කොමිසම ඉදිරියේ කරුණු හෙළි කිරීමේ හැකියාව ලබාදී තිබෙනවා.

    ඇවන්ගාඞ් ආයතනයේ සභාපතිවරයාගේ පැමිණිල්ලකට අනුව අනුර දිසානායක මහත්මයාටත් කොමිසම හමුවට කැඳවා තිබෙනවා. මේ පැමිණිල්ල සහ අනුර දිසානායක මහත්මයා වගඋත්තරකරුවෙකු ලෙස නම්කර තිබීම මේ ගැසට් පත්‍රයට සාරානුකූලද කියලා අපි සලකා බලන්න ඕනෑ. 

    නීතිඥ හර්ෂණ නානායක්කාර – ජාතික ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක

    අපි අද මේ මාධ්‍ය හමුව පවත්වන්නේ දේශපාලන අරමුණකට නෙවෙයි. නීතිඥවරුන් වශයෙන් අපේ ස්ථාවරයන් පැහැදිලි කිරීම සඳහා. අනුර දිසානායක මහත්මයා මේ වන විටත් කියා තිබෙනවා, ඉතාමත්ම කැමැත්තෙන් කොමිසම ඉස්සරහට යන බව. කොමිසම මේ අවස්ථාව අනුර දිසානායක මහත්මයට ලබාදීම ගැන අපි ස්තුතිවන්ත වෙන්න ඕනෑ.

    හැබැයි මේ රටේ නීතිය ක්‍රියාත්මක වෙන ආකාරය ගැන මම පැහැදිලි කරන්නම්. අපේ රටේ නීතිපති දෙපාර්තමේන්තුව කියන්නේ අවුරුදු 200ක් පැරණි ආයතනයක්. රජයේ කුමන දෙපාර්තමේන්තුවකට හෝ පුද්ගලයන්ට මේ දක්වා දූෂණ වංචා පිළිබඳව චෝදනා තිබුණත් අපි නීතිඥවරු වශයෙන් ගරු නීතිපතිතුමාට විරුද්ධව කිසිම වචනයක් කියලා නැහැ. ඔවුන් අවුරුදු 200ක සම්ප්‍රදායන් රකින වැදගත් වෘත්තීයවේදීන් පිරිසක්. ඔවුන්ගේ කැපවීම අතිමහත්. මේ කොමිසම පවත්වන්නේ පෙරකී ආයතන හරහා දේශපාලන පළිගැනීම් වුනාද කියලා බැලීමයි.

    නීතිපතිවරයාගේ කාර්යභාරය ස්වාධීනව සාක්‍ෂි සලකා බලනවා. ඒ අනුව සී.අයි.ඩී. එකෙන් පවා එන සමහර ෆයිල් සලකා බලා තවදුරටත් කටයුතු කරන්න එපා කියලා මුදා හරින අවස්ථා රාශියක් තිබෙනවා. යම් ලිපිගොණුවක නඩුවක් පැවරිය හැකි බවට බැලූ බැල්මට සාක්‍ෂි තිබෙනවා නම් ඒ ලිපි ගොනුව එන්නෙත් කිහිප දෙනෙකු සලකා බලලා. අදාල ජ්‍යෙෂ්ඨ නිලධාරියා, ඊට වඩා ඉහළ නිලධාරියෙක් ඒ සාක්‍ෂි අධීක්‍ෂණය කරනවා. මේ ක්‍රියාවලියෙන් සෑහීමකට පත් වෙනවා නම් අධිචෝදනා පත්‍රයක් ඉදිරිපත් කරනවා. 

    නිශ්ශංක සේනාධිපති මහත්මයා කියන්නේ ඇවන්ගාඞ් නඩුව සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් සාක්‍ෂි තුළනාත්මකව සලකා බලා පවරපු අධි චෝදනාවක චූදිතයෙක්. කොමිෂන් සභාවේ ඉන්න සාමාජිකයන් පිළිබඳව අපිට ගැටලුවක් නැහැ. නමුත් නිශ්ශංක සේනාධිපතිට නඩු පවරලා තියෙන්නේ දේශපාලන පලිගැනීමකින් යනවග යම් හෙයකින් කොමිසම තීරණය කළහොත් ඒකෙන් කියවෙන අනික් පැත්ත මොකක්ද?

    ඒ කියන්නේ නීතිපතිවරයාත් මේකට සම්බන්ධද? එතකොට ගරු නීතිපතිතුමා සාක්‍ෂි තිබෙන බවට බොරු කියලාද? එෆ්.සී.අයි.ඩී., සී.අයි.ඩී. ආදී වශයෙන් කවුරු විමර්ශන ලිපිගොණු එව්වත් සාක්‍ෂි නැත්නම් නීතිපතිවරයා නඩු පවරන්නේ නැහැ. නමුත් කොමිෂන් සභාවෙන් අර ආකාරයේ තීන්දුවක් ආවොත් ගතහැකි ක්‍රියාමාර්ගය මොකක්ද?

    කොමිෂන් සභාවකට කළ හැක්කේ ජනාධිපතිතුමාට නිර්දේශයක් ලබාදීමයි. ඒ නිර්දේශය අනුව නිශ්ශංක සේනාධිපතිට තියෙන චෝදනාව අයින් කරගන්න කියලා නීතිපතිවරයාට කියන්න අයිතියක් කොමිසමට තියෙනවාද? එහෙම බලයක් කොමිසමට පැවරුවහොත් අපේ රටේ නීතියේ ආධිපත්‍යයට වෙන්නේ මොකක්ද?

    ඉදිරියේදී මතුවන තත්වයන් ගැන අපි සැලකිල්ලෙන් බලාගෙන ඉන්නවා. අපි මීට කලින් අත්විඳපු නැති නීති ඉතිහාසයේ, දේශපාලන ඉතිහාසයේ අලුත්ම දේවල් මේ සිද්ධ වෙන්නේ. මෙවැනි කොමිසමක් මගින්ම එක අවස්ථාවකදී අලි සම්බන්ධ නඩු යද්දී ෆයිල් එක කොමිසමට කැඳවලා තිබුණා. මේ අවස්ථාවේදී කොමිසම ඒ ෆයිල් කැඳවලා නඩුව හිර කරන්නේ කොහොමද කියලා ප්‍රශ්න කර තිබුණා. 

    මොනවා හරි දේශපාලන උවමනාවන් මත අපේ නීතියේ ආධිපත්‍යය පසිඳලන ආකාරයට ප්‍රශ්න ඇතිවුණොත් නීතිපති දෙපාර්තමේන්තුවේ ඇතිවන තත්වය කුමක්ද? ඔවුන් ඉගෙන ගන්න අත්පොත් තබන අය නොවෙයි. අපි සංවේදී සහ සංකීර්ණ නීති ප්‍රශ්න රාශියකට ඉදිරියේදී මුහුණ දිය හැකියි. මේ සම්බන්ධයෙන් අවදියෙන් ඉඳලා ජනතාව දැනුවත් කරනවා. මාධ්‍යවේදීන් මහත්ම මහත්මීන්ගෙන් විශේෂ ඉල්ලීමක් කරන්න ඒ සම්බන්ධ අවදියෙන් ඉඳලා ජනතාව දැනුවත් කරන්නයි. 

    නීතිඥ ජගත් අබේනායක – ජාතික ජන බලවේගයේ නීතිඥයෝ

    මේ වෙනකොට කොමිසම විසින් ජ්‍යෙෂ්ඨ රජයේ අධිනීතිඥවරයෙක් වගඋත්තකරුවෙක් කරලා, සිතාසි නිකුත් කරලා. රජයේ හෝ රජයෙන් පරිභාහිර නීතිඥවරයෙක් වුණත් ඔහුගේ කාර්යභාරය කුමක්ද? අපරාධ නඩුවක් ගත්තොත් ඒ නීතිඥවරයා අපරාධය සිදුවන ස්ථානයේ ඉඥලා නැහැ.

    අදාල වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටීමයි නීතිඥවරුන් කරන්නේ. අධිකරණයේ සිදුකරන කාර්යයේදී එක පැත්තකින් නීතිඥවරුන් අධිකරණයට සහාය දෙනවා. පෞද්ගලික නීතිඥයෙක් වුණත් රජයේ නීතිඥයෙක් වුණත් සැලකෙන්නේ අධිකරණ නිලධාරියෙක් විදිහට.

    අධිකරණයට සහාය වන අතර ඔහු නියෝජනය කරන පාර්ශ්වයෙන් ඔහුට ඉදිරිපත් කරලා තියෙන කරුණු ඔහු දන්නා ඉහළම හැකියාවෙන් අධිකරණයට ඉදිරිපත් කිරීම වෘත්තීය වගකීමයි. ඔහුට ඒක පැහැර හරින්න බැහැ. රජයේ අධිනීතිඥවරයෙක්ගේ කාර්යභාරයත් ඒක. යම් නීතිඥවරයෙකුට නඩුවක කරුණු සම්බන්ධයෙන් පුද්ගලික බැඳීම් තිබෙනවා නම් ඒ බව ප්‍රකාශ කරලා ඉවත් වෙනවා.

    රජයේ අධිනීතිඥවරයෙක් කියන්නේ රජයේ සේවකයෙක්. ඔහුට පැවරී තිබෙන රාජකාරියෙන් ඉවත් වෙන්න බැහැ. යම් නීතිවරයෙකුගේ කාර්යභාරය සම්බන්ධයෙන් ප්‍රතිවිරුද්ධ පාර්ශ්වයේ නඩු කියන්නන් චෝදනා කරනවා නම් ඒ නීතිඥයා යටි අරමුණකින් කටයුතු කළ බව මෙවැනි තත්වයක් නවතින්න පුළුවන් කොහෙන්ද? මේ රටේ නීතිය ක්‍රියාත්මක වන ක්‍රමය බිඳ දැමීමේ උත්සාහයක්. ඒ නීතිඥයන්ට ස්වාධීනව තම වෘත්තිය ඉදිරියට කරගෙන යාමේ අවස්ථාව අහිමි කිරීමේ පොටක්. මේ කාරණය අපි හැමෝම සැලකිල්ලට ගන්න ඕනෑ කියලා මම හිතනවා.

    විමර්ශනය කළහැකි පුද්ගලයන් වගේම විමර්ශනය කළ හැකි ආයතන සම්බන්ධයෙනුත් බලතල මේ කොමිෂන් සභාවට තිබෙනවා. මේ ගැසට්පත්‍රයට අනුව නීතිපති දෙපාර්තමේන්තුව ඒ ආයතන අතර නැහැ. රජයේ අධි නීතිඥවරයා වගඋත්තරකරුවෙක් කර සිතාසි යැවීම රටක නීතිය ක්‍රියාත්මකවීමේ ක්‍රමය බැරෑරුම් අර්බුයකට යැවීමක්. ඒක සමස්ත ක්‍රමයේම පිළිබිඹුවක් කියලා මම හිතනවා. 

    නීතිඥ චරිත් ගල්හේන – ජාතික ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක

    අධිකරණමය ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් වාර්තා කිරීමේ මාධ්‍ය සතු වගකීම ගැන ප්‍රශ්න තියෙනවා. යම් පුද්ගලයෙකුට, මාධ්‍යවේදියෙකුට, මාධ්‍ය ආයතනයකට චෝදනාවක් එල්ල කළහොත් ඊට උත්තරදීමේ හැකියාව තිබෙනවා. නමුත් අධිකරණයට චෝදනාවක් එල්ල කළහොත් ඊට උත්තරදීමේ හැකියාවක් විනිශ්චයකාරවරුන්ට නැහැ.

    නීතියේ අන පනත් සහ ක්‍රියාමාර්ග තියෙනවා. සාක්‍ෂි විධිවිධාන, නඩුවක් ඇහීමේ විධිවිධාන තියෙනවා. යම් චෝදනාවක් සම්බන්ධයෙන් දෙපැත්තක් තියෙනවා. අධිකරණය කරන්නේ මේ දෙපැත්ත සම්බන්ධයෙන් සාක්‍ෂි විධිවිධාන අනුව කටයුතු කිරීමයි. විනිශ්චයකාරවරු හැම අවස්ථාවකදීම සාක්‍ෂි විධිවිධාන අනුව කටයුතු කරනවා. පැහැදිලි කිරීම් තියෙනවා. හැබැයි මාධ්‍ය නඩු තීන්දුවක් මිනිස්සු අතරට ගෙනියන්නේ පැහැදිලි කිරීම් එක්ක නෙවෙයි.

    යම් නඩු තීන්දුවක් වැරදි යැයි සිතෙනවා නම් අභියාචනා අවස්ථා දෙකක් ලංකාවේ තියෙනවා. අභියාචනා අවස්ථා තිබීම චූදිතයකුගේ අයිතිවාසිකමක්. ඒක ලෝකයේ සම්මුතියක් වශයෙන් පිළිගත් අයිතියක්. 

    ජනාධිපති සමාව සහ ජනාධිපති කොමිෂන් කියන බලතල දෙකම ජනාධිපතිවරයාගේ බලතල සම්බන්ධයෙන් අවුරුදු 40ක් පමණ තිබෙන විවේචනවලින් දෙකක්. සමාව කියන එක නීති පද්ධතියට අවශ්‍ය දෙයක්. නමුත් ලෝකයේ වෙනත් රටවල්වල සමාව ක්‍රියාත්මක වන කාර්ය පටිපාටියක් තියෙනවා. සිරකරුවන්ගේ හැසිරීම් අධ්‍යයනය කරනවා.

    සමහර දියුණු රටවල නඩු තීන්දුවේදීම අදාල දණ්ඩණය සමාවට යටත්ද නැද්ද යන්නත් සඳහන් වෙනවා. එළියට දාන්න පුලුවන් පුද්ගලයෙක් වැරදිකරුවෙකු වී ඉන්නවා නම් අර අධ්‍යයනය කිරීම් මගින් නිර්දේශ කෙරෙනවා. සමහර චෝදනාවලට සමාවක් ඇත්තේම නැහැ. දඬුවමකින් පුද්ගලයා පීඩාවට පත් කිරීමේ අදහසට වඩා ඔහු නිවැරදිකරුවෙකු කර ගැනීමේ උවමනාව තිබෙනවා. දඬුවමක පුනරුත්ථාපනය කිරීමේ අදහස අන්තර්ගත වෙනවා. 

    මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින්

    නීතිඥ ජගත් අබේනායක – ජනාධිපති කොමිෂන් සභාවක් කියන්නෙ අධිකරණ ව්‍යූහයක්. ඒ කොමිෂන් සභාවක් ගැන විශ්වාසයන්, අවිශ්වාසයන් තියෙන්න පුළුවන්. හීනෙන් දැකලා බය වෙන හැම කාරණයක් සම්බන්ධයෙන්ම අධිකරණ ව්‍යූහයකට චෝදනා කරන්න හැකියාවක් නැහැ. මේ ජනාධිපති කොමිෂන් සභාව නීත්‍යානුකූලව පිහිටුවා තිබෙනවා. එහි කටයුතු නිසියාකාරව කෙරෙයි කියන අපේක්‍ෂාව අපිට තියෙනවා. 

    නීතිඥ හර්ෂණ නානායක්කාර – බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් ජනාධිපති කොමිෂන් සභාවේ පිටු 106ක් නැතිවුණේ නැහැ. පැවතුණු රජය විසින් ඒ පිටු 106 එළියට නිකුත් කළේ නැහැ. මහජනතාවට දැන ගැනීම පිණිස ඒ පිටු 106 නිකුත් කරන්න මේ රජයට සම්පූර්ණ හැකියාව තිබෙනවා. ඒක අධිකරණ ක්‍රියාවලියක් හෝ කිසිදු විනිශ්චයකාරයෙක් කළ දෙයක් නෙවෙයි. නමුත් වර්තමාන දේශපාලන අධිකාරිය වගේම කලින් හිටිය දේශපාලන අධිකාරියේ උවමනාව මත ඒ පිටු 106 එළියට එන්නේ නැහැ. ඒකට කොමිසම වගකියන්න ඕනෑ නැහැ. 

    මමත් ඔබ වගේම කොමිෂන් සභාව විශ්වාස කරනවා. අපි මෙහිදී මතු කරන්නේ මතුවී තිබෙන අලුත් තත්වය. නීතිපතිවරයා විසින් නඩුව පවරන්නේ ප්‍රමාණවත් සාක්‍ෂි තියෙන නිසා. කොමිසම සාධාරණ පිළිතුරක් දෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. මම මතු කරන්නේ යම් හෙයකින් කොමිසම ඇවන්ගාඞ් සම්බන්ධයෙන් චෝදනාවක් නැහැයි කියලා කිව්වොත් නීතිපතිවරයාගේ ක්‍රියාමාර්ගවලට මොකද වෙන්නෙ කියලා.

    නීතිපතිවරයා නඩු ඉවත්කර ගන්නේ අලුත් තත්වයන් මතුවීම සහ මතුකර තිබෙන සාක්‍ෂියක දුර්වලකමක් නිසා කියලා අපිට නිල වශයෙන් නිගමනයකට එන්න පුළුවන්. අනික් පැත්තෙන් අපි නොදන්නා යම් යම් දේශපාලන අතපෙවීම් තිබුණාද කියලා අපි දන්නේ නැහැ. නීතිඥවරුන් වශයෙන් අධිකරණයේ ස්වාධීනත්වය රැකගන්න කටයුතු කරන්න ඕනෑ බවයි අපි පෙන්වා දෙන්නෙ. නීතිපති දෙපාර්තමේන්තුවෙන් ඉවත් කරගන්නා නඩු සම්බන්ධයෙන් ජනතාවට යම් සැකයක් මතු වෙනවා නම් දේශපාලන අතපෙවීම් සම්බන්ධයෙන් ඒ අයිතිය මහජනතාවට තිබෙනවා. 

    අධිකරණයේ යම් තීන්දුවක් සම්බන්ධයෙන් අභියාචනා ඉදිරිපත්  කිරීමේ අයිතියක් තිබෙනවා. නීතිඥවරයෙකු වශයෙන් අපිට කරන්න තියෙන්නේ අධිකරණය ඉදිරියේ දේශපාලනික කාරණයක් නෙවෙයි. ඇවන්ගාඞ් නඩුවේදීත් නිශ්ශංක සේනාධිපති මහත්මයාට නීතිපතිවරයාට විරුද්ධව රිට් ආඥාවක් ගන්න පුළුවන්. ඒ වගේම මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කරන්නත් පුළුවන්. අපිට කරන්න තියෙන ඉල්ලීම මොන ආණ්ඩුව ආවත් අධිකරණයේ කටයුතුවලට අත පොවන්න එපා කියලයි. 

    ඇප පිට ඉන්න නිශ්ශංක සේනාධිපති මහත්මයා මාධ්‍යයට ගෙන්වාගෙන ප්‍රකාශ දෙන්න බාධාවක් නැහැ. ඔහු තවම වැරදිකාරයෙක් වෙලා නැති බව ඇත්ත නමුත් ඔහු සැකකාරයෙක්. ඇප පිට එළියේ ඉන්න පුද්ගලයෙක් මාධ්‍යයට ගෙන්වනවාද නැද්ද කියන සදාචාරය ඒ මාධ්‍යවලට තියෙන්න ඕනෑ.

    අපි ඇත්ත කතා කළොත් ගරු ජනාධිපතිතුමාට විරුද්ධව තියෙන නඩුව අහන්නේ නැත්තේ ඔහුට තියෙන මුක්තිය මත. නැත්නම් ඔහුත් ඇප පිට එළියේ ඉන්න සැකකාරයෙක් තමයි. ලක්‍ෂ 69ක් ඡන්දය දී පත්වී තිබුණත් ඔහුට අදාල නීත්‍යානුකූල තත්වයත් ඒකම තමයි. මේ සදාචාරාත්මක ප්‍රශ්නය ආමන්ත්‍රණය කරන්න ඕනෑ කොහොමද කියලා මාධ්‍ය හා ජනතාව තීරණය කළ යුතු දෙයක්. නිශ්ශංක සේනාධිපතිත් ගෝඨාභය රාජපක්‍ෂ මහත්තයත් නීතිය ඉදිරියේ තාමත් වැරදිකාරයෝ නොවෙයි ඔවුන් සැකකාරයෝ.

    නීතිඥ උපුල් කුමරප්පෙරුම– ඇවන්ගාඞ් එකට ප්‍රශ්න විසඳාගන්න හොඳම ක්‍රමය ඔය නඩුවට මුහුණ දීලා නිවැරදිකරුවන් වීම. දේශපාලන අගතියක් වෙලා තිබෙනවා නම් මේ කොමිසම නිර්දේශ කරාවි. යම් පුද්ගලයෙක් යමක් කී පමණින්ම එක් නිවැරදි වෙන්නෙත් නැහැ. කොමිසම තියෙන්නේ ඒ ගැන හොයලා බලන්න.

    කොමිසම ඒ රාජකාරිය කිරීම සම්බන්ධයෙන් විරෝධතාවයක් නැහැ, කැමැත්තක් තිබෙන්නේ. අනුර දිසාානායක සහෝදරයා ලේඛන සහිතව කොමිසම ඉදිරියේ සාක්‍ෂි දෙන්න බොහොම කැමැත්තෙන්ම ඉන්නේ. නීතිපතිවරයා විසින් ඉවත් කරගත් නඩු ගොඩක් තියෙනවා. චන්දන කත්‍රිආරච්චිට විරුද්ධව තිබූ නාම්පමුණුව මිනීමැරුම් නඩුව ඇතුලු විශාල ප්‍රමාණයක් විවිධ හේතූන් මත ඉවත්කරගෙන තිබෙනවා.

    නීතිපතිවරයා නඩු ඉවත්කරගැනීම සඳහා අධිකරණය ඉදිරියේ නඩුවක් විභාග කර තීන්දුවක් දීම කියන්නේ කාරණා දෙකක්. අධිකරණයක් ඉදිරියට නඩුවක් එන්නේ ක්‍රියාවලියක් තුළින්. මුලින්ම පැමිණිල්ලක් තිබිය යුතුයි. විමර්ශනය කළ යුතුයි. විමර්ශනයේදී සාක්‍ෂි අනාවරණය වෙනවා. සාක්‍ෂි ලේඛණය නීතිපතිවරයාගේ සලකා බැලීම සඳහා යොමුකළ යුතුයි. ඒ සලකා බැලීමට පස්සේ නඩු පැවරිය යුතු බවට නීතිපතිවරයා තීරණය කරනවා නම් නඩු පැවරීමේ හැකියාව තිබෙනවා. 
    ඊට පසු උසාවියේදී පැමිණිල්ල මෙහෙයවන්නේ නීතිපතිවරයා. නඩුව අහන්නේ විනිශ්චයකාරවරයා. නඩුවට සාක්‍ෂිකාරයෝ ඉදිරිපත් කරන්නේ නීතිපතිවරයා. විනිසුරුවරයෙක් ඉස්සරහ ඉදිරිපත් කරන සාක්‍ෂිවල නිරවද්‍යතාවය ඇගයීමෙන් පස්සේ තීරණයක් ලබා දෙනවා.

    මේ ක්‍රියාවලියට මැදිහත්වීමක් කරනවා කියන්නේ දේශපාලන මැදිහත්වීමක්. දේශපාලන මැදිහත්වීමට නතුවන ආයතනය හෝ විනිශ්චයකාරවරයා හෝ ඒ ගැන වගකීම බාරගන්න ඕනෑ. ලංකාවේ අපරාධ නඩුවල වැරදිකරුවෙකු වීමේ සම්භාවිතාව සාමාන්‍යයෙන් 10%ක් විතර. අපරාධ නඩුවක තීන්දු-තීරණ දෙන්නේ ඉතා පරිස්සමෙන්. සැකයේ වාසිය යුක්තියට දෙන්න ඕනෑ. කිසිම සාක්‍ෂියක් නැතිව උසාවියක නඩුවක් පවරා ගෙනයන්න බැහැ. නඩුවක් උසාවියට එනකොට විනිශ්චයකාරවරුන් සෑහීමකට පත්වන සාක්‍ෂි ප්‍රමාණයක් තියෙන්න ඕනෑ. එහෙම නැතිව නඩුපවරලා මේ ආයතන විහිළුවකට ලක් කරන්න පුලුවන්කමක් නැහැ. 

    නීතිඥ හර්ෂණ නානායක්කාර– අධිකරණ තීන්දුවක් ඉවත්කරගන්න බැහැ. ජනාධිපති සමාවක් දෙන්න පුළුවන්. ඒ පුද්ගලයා නිවැරදිකාරයා වුණා කියලා ඒකෙන් අදහස් වෙන්නේ නැහැ. යම් පුද්ගලයෙක් දඬුවමකින් මුදා හරින බලයක් ව්‍යවස්ථාවෙන් ජනාධිපතිවරයාට ලැබී තිබෙනවා. ඒ පුද්ගලයා නිවැරදිකාරයෙක් කියලා එයින් අදහස් වෙන්නේ නැහැ.

    ජනාධිපතිවරයා සමාව දීමකදී වින්දිතයාට නැවත නඩු පවරන්න බැහැ. අධිකරණයෙන් චූදිතයා වැරදිකරුවෙක් කර තිබෙන නිසා. මේ කාරණයේදී යම් යම් අඩුපාඩුකම් තිබෙන බව පිළිගන්න වෙනවා. අධිකරණය හෝ පොලීසිය කියන්නේ අපරාධකරුවෙකු පසුපස හඹාගෙන ගිහිල්ලා දඩයම් කරන ආයතන නෙවෙයි.

    වැරදිකරුවෙකු නිදහස් කිරීමේ බලතල ජනාධිපතිවරයාට තිබුණත් ඒ සඳහා නිර්ණායකයන් ලබාදී නැහැ. ඒක ලොකු අඩුවක්. ජනාධිපති අභිමතයටම යටත් වෙනවා. ජනතා විමුක්ති පෙරමුණ 20වැනි ආණ්ඩුක්‍රම කෙටුම්පතක් ඉදිරිපත් කර තිබෙන්නේ මේ අගතිය නිසාමයි. ජනාධිපති සමාව තුළ වෙන්නේ නීතිමය අසාධාරණයක් නෙවෙයි. සමාජමය අසාධාරණයක්. ලංකාවේ ජනාධිපති සමාව දීම ගැන ගැටලු රැසක් තිබෙනවා.

  • Hot Plate: ප්‍රසන්නගේ ඉල්ලීමට ජනපතිගෙන් යහපත් ප්‍රතිචාර

    Hot Plate: ප්‍රසන්නගේ ඉල්ලීමට ජනපතිගෙන් යහපත් ප්‍රතිචාර

    සටහන – ගජබා නාගහවත්ත

    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂගේ පසුගිය සෙනසුරාදා ඇමති ප්‍රසන්න රණතුංගට හදිසි දුරකථන ඇමතුමක් ලැබුණේය.

    ” ප්‍රසන්න හෙට මොකද කරන්නනේ ?  ” බැසිල් ඇසුවේය.

    ” ඇයි සර්, මොකක්ද කරන්න ඕනේ ” ප්‍රසන්න පෙරළා ඇසුවේය.

    ” ප්‍රසන්නට ලොකු වැඩක් නැත්නම් හෙට කුරුණෑගලට ගිහින් එනවද? අපේ පළාත් පාලන මන්ත්‍රීවරුන් දැනුවත් කිරීමේ රැස්වීම් වගයක් තියෙනවා. ඒ අය කැමතියි ප්‍රසන්න එනවට “. බැසිල් පැහැදිලි කළේය.

    ” මමත් කැමැත්තෙන් හිටියේ කුරුණෑගල රැස්වීමකට දෙකකට යන්න. මම අනිවාර්යෙන්ම යන්නම් සර්. මට මහින්ද මහත්තයා වෙනුවෙන් කුරුණෑගල දිස්ත්‍රික්කයේ මිනිස්සුන්ට කතා කරන්න කැමැත්තෙන් හිටියේ. ” ප්‍රසන්න කීවේය.

    ප්‍රසන්නගෙන් ජෝන්ස්ටන්ට දැවැන්ත අභියෝගයක්

    පසුගිය ඉරිදා සවස ඇමති ප්‍රසන්න කුලියාපිටියට ගියේ ඒ අනුවයි. රැස්වීමට ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇමතිතුමා ද පැමිණ සිටියේය. ප්‍රසන්න සිය කතාවේදී මෙවර මහ මැතිවරණයේදී මහින්ද අතහැර නොයන අයට ඡන්දය දෙන්නැ‘යි කීවේය. මෛත්‍රීට ඡන්දය නොදෙන ලෙස ඉල්ලන්න තමන් පොළොන්නරුවට යාමට සූදානම් බවද ඔහු කීවේය. ප්‍රසන්නගේ කතාවට ලැබුණේ ඉහළ ප්‍රතිචාරයකි.

    කථාව අවසන් කළ ප්‍රසන්න නැවත සිය අසුනට පැමිණි විට ජොන්ස්ටන් ප්‍රසන්නගෙන් ඇසුවේ ” ඇත්තටම ඔයා පොළොන්නරු යනවද ? ”  කියාය.

    ” නැතුව මම අනිවාර්යෙන් යනවා. ගිහින් කියනවා මෛත්‍රීට ඡන්දය දෙන්න එපා කියලා. මෛත්‍රී මොකාට ද එන්නේ කියලා මම නම් හොඳ අවධානයෙන් ඉන්නේ. ආපහු උකුසු සෙල්ලම් දාන්න එයාට ඉඩදෙන්න බෑනේ. ” ප්‍රසන්න කීවේ සියලුදෙනා සිනා ගන්වමිනි.

    ” හැබැයි ඇමතිතුමා ගම්පහ මිනිස්සු ඔබතුමා එක්ක නම් තරහයි. ” ප්‍රසන්න ජොනීට කීවේය.

    ”  ඒ මොකද ? ” ප්‍රසන්න ඇසුවේය.

    ” නෑ ඉතිං මේ පාර අගමැති බිහිකරන්න ගම්පහට තිබුණු චාන්ස් එක ඔබතුමා උදුරගත්ත නේ” ප්‍රසන්න කීවේ මහින්ද මෙවර මහමැතිවරණයේදී ගම්පහින් තරඟ කළ යුතු  බවට තිබුණු ඉල්ලීම මතක් කරමිනි .

    ” අපිට අගමැති කෙනෙක් පත් කරගන්න තියෙන චාන්ස් එක මොකට ද වෙන දිස්ත්‍රික්කයට දෙන්න. ” ජොනී සිනාසෙමින් කීවේය .

    ” මහින්ද මහත්තයා කැමති වු‍ණෙත් නෑ කුරුණෑගල දාලා එන්න. මම ගම්පහින් තරඟ කරමු සර් කියලා කිව්වාම මහින්ද මහත්තයා කිව්වා මම පැරදුනු වෙලාවේ අවස්ථාව දුන්න කුරුණෑගල මිනිස්සු දාලා ගම්පහට එන්න බැහැ කියලා ” ප්‍රසන්න කිවේය.

    ” ඕකනේ ඇමතිතුමා රටේ මිනිස්සු මහින්ද මහත්තයාට ආදරේ. ඒ අය කවදාවත් මිනිස්සු අමතක කරන්නේ නෑ. ” ජොන්ස්ටන් කීවේය.

    “ හැබැයි ඇමතිතුමා අපි තමයි මේ පාරත් තීරණාත්මක වැඩි ඡන්ද ටික ගන්නේ. ගියපාර අපි තුන්ලක්ෂ හැටපන්දහසක් ගත්තා. ඒක නොතිබුනානම් ගෝඨාභය සර් 51% ඡන්ද ගන්නෙත් නෑ. මේ පාරත් වැඩිම ඡන්ද ගන්නේ ගම්පහින්. පුළුවන් නම් කුරුණෑගලින් අරන් පෙන්වන්න. ප්‍රසන්න ජොනීට අභියෝග කරමින් කීවේය.

    ” මම දන්නවා ඔයා කිව්වොත් කිව්වා කියලා. අපි බලමුකෝ. ” ජොනී සිනාසෙමින් කීවේය.

    ප්‍රසන්නගේ ඉල්ලීමට ජනපතිගෙන් යහපත් ප්‍රතිචාර

    කැබිනට් මණ්ඩලය පසුගිය බදාදා රැස්වූයේ ජනපති ගෝඨාභයගේ ප්‍රධානත්වයෙනි. කැබිනට් රැස්වීම අතරතුර ඇමති ප්‍රසන්න රණතුංග ජනාධිපතිවරයාගෙන් විශේෂ ඉල්ලීමක් කළේය.

    “ සර්, යක්කල වික්‍රමාරච්චි ආයුර්වේදය කැළණියේ ෆැකල්ටියක්. ඒක විශ්ව විද්‍යාල තත්ත්වයට උසස් කරන්න කියලා ඉල්ලීමක් තියෙනවා. ඕක පසුගිය යහපාලනය කල් මර මර හිටියේ. ඒක කරන්න පුළුවන් නම් ලොකු දෙයක්”. ප්‍රසන්න කීවේය.

    “අපි ඒ ගැන සාකච්ඡා කරමින් යනවා”. බන්දුල කීවේය.

    “අපේ තාත්තා තමයි වික්‍රමාරච්චි එක පීඨයක් කරන්න ළමයි කරපු ෆයිට් එකට සපෝට් කළේ. මමත් එතන හිටියා. මේක යු.එන්.පි ආණ්ඩුව හැමදාම කල් දැම්මා”. ප්‍රසන්න කීවේය.

    මට මතකයි. මමත් ඕකට සපෝට් කළා”. මහින්ද කීවේය.

    “අපි මේ වැඩේ එහෙනම් ඉක්මණින් කරමු. උසස් අධ්‍යාපන ඇමතිතුමා ඉක්මණින් ඒක කරන්න”. ජනපති ගෝඨාභය බන්දුලට කීවේය.

    ජනපතිගේ මහ බැංකු කතාවට ප්‍රසන්නගෙන් තල්ලුවක්

    කැබිනට් මණ්ඩලයේ අනතුරුව සතුටු සාමිච්චියේ යෙදී සිටි ඇමතිවරුන්ගේ ප්‍රධාන මාතෘකාවක් වුණේ ජනාධිපතිවරයා ඊට පෙර මහ බැංකුවට කළ අනතුරු ඇගවීම ගැනය.

    “ජනාධිපතිතුමා ඒ කරපු කථාව හොදයි. ලීසිං කොම්පැණි, බැංකු පහුගිය කාලයේ ආණ්ඩුව දීපු සහන දුන්නේ නෑ. පුළුවන් තරම් මිනිස්සු රස්තියාදු කළා”. ප්‍රසන්න කීවේය.

    “ඒක ඇත්ත. මටත් හරියට කම්ප්ලේන් ආවා”. රමේෂ් කීවේය.

    “දැන් මිනිස්සුන්ට තේරේනවා මේ අය පිටිපස්සේ හිටියේ කවුද කියලා. මහ බැංකුව මෙච්චරකල් නිදාගෙනයි ඉදලා තියෙන්නේ”. ප්‍රසන්න කීවේය.

    සටහන – ගජබා නාගහවත්ත

  • Hot Plate: එජාපය රටපුරා ෆයිට් කරන අයුරු රනිල් හෙළි කරයි !

    Hot Plate: එජාපය රටපුරා ෆයිට් කරන අයුරු රනිල් හෙළි කරයි !

    සටහන – ගජබා නාගහවත්ත

    එ.ජා.ප ඡන්ද සටන බිම් මට්ටමේ ක්‍රියාත්මක වීම ඇරඹූවේ නායකයා ගේ පන්සල් වන්දනාව සමගිනි. මුස්ලිම් නායකයින් බහුතරයක් සජිත් පිල හා එකතුවීම හේතුවෙන් බොහෝ පන්සල්  හා නාහිමිවරුන් එ.ජා.ප ය සමග අත්වැල් බැද ගැනීමේ දැඩි ප්‍රවණතාවක් පවතී. එ.ජා.ප මැතිවරණ සටන මෙහෙයවීමට සාගල, අස්මිතා අෂිම්, ශමල් සෙනරත් ඇතුළු ඒකකයක් පත් කොට තිබේ. මහ පොලොවේ සැලසුම් සදහා එක් කණ්ඩායමක් ද, ජනමාධ්‍ය සහ සමාජ මාධ්‍ය ඇතුළු සෙසු කටයුතු සදහා තවත් කණ්ඩායමක් වශයෙන් වර්ග කිරිමක් ද සිදුකොට තිබේ.

    බ්‍රහස්පතින්දා පෙරවරුවේ එ.ජා.ප නායකයාගේ නිවසට පැමිණි පිරිස් සමග කතා බහ කරන විට මහනුවර දිසාවට තරඟ වදින මාධ්‍යවේදි මහේෂ් සේනානායක විමසූවේ “අකිල මහලේකම්තුමා මේ මෙහෙයුමට සම්බන්ධ වෙන්නේ කොහොමද” කියායි.

    රැස්විම් තිබ්බොත් ගෙන්න ගන්න පුළුවන් වන සිය දෙනා යු.එන්.පි අය. එයාලට නෙවෙයි කතා කරන්න ඕනෑ. ඒකයි අලුත් උපක්‍රම පාවිච්චි වෙන්න ඕනේ.” එ.ජා.ප නයකයා කීවේය.

    රටපුරා ෆයිට් කරන හැටි එජාප නායකයා පැහැදිලි කරයි

    “අකිලට කුරුණෑගල වැඩි ආසන ගාණක් දිනාගන්න සටනක් තියෙනවා. මෙතනදි ඔහුගේ වැඩි බර ඒකට දාන්න ඕනේ. ගම්පහ රුවන් විජයවර්ධන, අර්ජුන, කිත්සිරි මංචනායක, වරුණ ලා ලොකු ෆයිට් එකක් දෙනවා. කොළඹ මම රවි, දයා ලා ඇතුළු කණ්ඩායම වෙනමම බැහැලා කරනවා. අනිත් හැම දිස්ත්‍රික්කයකම අපේ කටයුතු ඉතා හොදින් ශක්තිමත්ව කෙරෙනවා.” එ.ජා.ප නායකයා කීවේය.

    “සජිත් මේ පාර රැස්විම් දාහකට යනවා කියලා කියන්නේ. තව දින හතලිස් ගානයි තියෙන්නේ. එහෙම නම් දවසකට රැස්විම් විසි පහකට වඩා යන්න වෙනවා. දවසට පැය 24 යි නේ තියෙන්නේ රැස්විම් කොහොම ද එච්චර කරන්නේ. ජනාධිපතිවරණයේත් අවුල් කර ගත්තේ කට නිසා කියලා රංගේ බණ්ඩාර කිව්ව කතාව ඇත්ත.” රවි කරුණානායක කීවේ උපහාසාත්මකව ය.

    “ජ.වි.පෙ, පොහොට්ටු කැම්පේන් තාම හරියට නෑ. අපට ජනතාවට දෙන්න පණිවිඩයක් තියෙනවා. ඒකට විවිධ උපක්‍රම පාවිච්චි කරනවා. රැස්විම් තිබ්බොත් ගෙන්න ගන්න පුළුවන් වන සිය දෙනා යු.එන්.පි අය. එයාලට නෙවෙයි කතා කරන්න ඕනෑ. ඒකයි අලුත් උපක්‍රම පාවිච්චි වෙන්න ඕනේ.” එ.ජා.ප නයකයා කීවේය.

    “බොහෝ ජනමාධ්‍ය එක පැත්තකටයි දැන් තියෙන්නේ. මැතිවරණ කොමිසමත් එක්ක මේ ගැන කතා කළේ නැද්ද?” මහේෂ් සේනානායක විමසුවේය.

    “ජනමාධ්‍යයේ කාටත් සමබර ඉඩක් ලබාදීමට මැදිහත්විම කොමිසමේ වගකීමයි. අපි ඒක ඉල්ලලා තියෙනවා.” නායකයා පිළිතුරු දුන්නේය.

    89 ය භීෂණ කාලෙත් එ.ජා.ප ය ඡන්ද කලා. ගමේ ඇතැම් දූෂිත අය වෙනුවට අලුත් තරුණ පරම්පරාවක් පත්වෙලා නිසා ඒ අය ගම හොදට බැලන්ස් කරනවා.” නවීන් දිසානායක කිවේය

    “89 ය භීෂණ කාලෙත් එ.ජා.ප ය ඡන්ද කලා. ගමේ ඇතැම් දූෂිත අය වෙනුවට අලුත් තරුණ පරම්පරාවක් පත්වෙලා නිසා ඒ අය ගම හොදට බැලන්ස් කරනවා.” නවීන් දිසානායක කිවේය.

    “කාටත් දැන් තියෙන ප්‍රශ්නය කොවිඩ්  නැතුව ජිවත් විමයි. වැටුප් හා රැකියා නැතුව ජිවත්වීමේ ප්‍රශ්නයයි. ප්‍රජාතන්ත්‍රවාදය ගැන ප්‍රශ්නයත් මතු වෙනවා. අපට මිනිස්සු ළගට යන්න වෙලා තියෙන්නේ ඒ වගේ දුෂ්කර පරිසරයකයි.” දයා ගමගේ ගේ අදහස සියළු දෙනා අනුමත කළහ.

    “කොවිඩ් වලින් ගොඩ ආපු බොහෝ රටවල දෙවෙනි ව්‍යාප්තිය ඇති වෙලා. ලංකාවේත් එහෙම අභියෝගයක් ආවොත් ඒකට මුහුණ දීමත් අපට ලොකු ප්‍රශ්නයක් වෙනවා.” වජිර අබේවර්ධන ගේ අදහසට ද කාගේත් අවධානය යොමුවිය.

    ජනපති මහ බැංකු සහ මහජන බැංකු නිලධාරින් මුදල් ඇමති නොමැතිව කැදවා දැඩි දෝෂාරෝපණයක් සිදු කිරිම ගැන ද එහිදි අවධානය යොමු විය.

    “මාස 8 ක් ආර්ථික පැත්තේ මුකුත් කර ගන්න බැරුව මේ ආණ්ඩුව අසරණ වෙලා ඉන්නේ. විනයක් නැතුව කෝටි 600 ක් බදු සහන ලෙස යාළුවන් ට ලබා දීමත් ආණ්ඩුවේ මූල්‍ය විනය හා කළමනාකරණය නොමැතිවීමත් මේ ගැටළුවට මුලයි. අපේ කාලේ ඩොලර් බිලියන 10 ක සංචිත අපි රදවා ගත්තා. ඒත් දැන් ඒක ඩො. බි. 5 – 6 ට බැහැලා. ඒකෙනුත් ඩො. බිලියනයක් මේ වසරේ ණය සහ පොලී ගෙවන්න වෙනවා. මේ රටේ මිනිස්සුන්ට මහා අභාග්‍යමත් කාලයක් මේ ආණ්ඩුව දිනුවොතින් ඇති වේවි.” එ.ජා.ප නායකයා කළ විග්‍රහය එසේය.

    පාස්කු ප්‍රහාරය ගැන මට හෝ අගමැතිට අදාල අය දැන්නුවේ නැති නිසා අපි දෙන්නටම ඒ ගැන වගකිමක් පවරන්න එපා කියලා හිටපු ජනපති මෛත්‍රි බි.බි.සි එකට කිව්වා.” අකිල විරාජ් කීවේය.

    “පාස්කු ප්‍රහාරය ගැන මට හෝ අගමැතිට අදාල අය දැන්නුවේ නැති නිසා අපි දෙන්නටම ඒ ගැන වගකිමක් පවරන්න එපා කියලා හිටපු ජනපති මෛත්‍රි බි.බි.සි එකට කිව්වා.” අකිල විරාජ් කීවේය.

    “මටවත් මගේ සිකියුරිටි එකටවත් කව්රුවත් දැන්නුවේ නැහැ. හැබැයි හිටපු ජනාධිපතිතුමාට වගේම හිටපු විපක්ෂ නායක මහින්දලට නම් දැන්නුවා කියලා තමයි අදාල කට්ටිය කියන්නේ.” එ.ජා.ප නායකයා එසේ කියා ඉවත බලා ගත්තේය.

    “ආණ්ඩුවේ ආර්ථික සැලැස්ම මොකක්ද කියලා ආණ්ඩුවවත් දන්නේ නැති හැඩයි. ඡන්දෙන් පස්සේ ඇමරිකන් එම්.සි.සි ගිවිසුම් අත්සන් කරනවා කියලා ඇමරිකන් තානාපතිනිය පැහැදිලිවම දැන් කියනවා.” රවි කරුණානායක පැවසීය.

    “ඡන්දය නිසා ආපහු බැදුම්කරෙයි, අර්ජුන් මහේන්ද්‍රනුයි ආණ්ඩුව වලෙන් ගොඩදාගෙන දගලනවා. මෛත්‍රි ජනාධිපතිවත්, මේ ආණ්ඩුවත් බැදුම්කරයට අදාළව නඩු දාන්නේ නැහැ. ඒ ඇයි? පොලිසියේ කටයුතු හමාරයි නිතිපති එකේ දැන් ලියවිලි තියෙන්නේ. ඡන්දය අල්ලලා බොරු මඩ ප්‍රචාර නොදා නඩු දාන්න කියලායි අපි කියන්නේ.” චම්පිකා ප්‍රේමදාස කිවේ සිනා මැදය.

    සමගි ජන බලවේගයේ නායකයෝ පන්සල් වන්දනාවේ

    සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙන් සමගි ජන බලවේගය ද සිය මැතිවරණ සටන ආරම්භ කළේ විහාර රාශියක් වන්දනා මාන කරමිනි. පසුගිය දා ඔහු සහ පාඨලි චම්පික රණවක පන්නිපිටියේ විහාරස්ථානයකට ද පැමිණියහ.

    එහිදි එම ගම්වාසීන් සහ භික්ෂූන් වහන්සේලා ඇතුළු අති විශාල පිරිසකගේ දැඩි ප්‍රතිචාර සජිත් සහ චම්පිකට හිමිවිය.

    “ඡන්දය අගෝස්තු 05 දායි. චම්පික ඇමතිතුමාගේ උපන් දිනය කලින් දිනයේ නේද? ආණ්ඩු හදලා උපන් දිනය සමරන්න උත්සාහ කරන්න.” රොඩ්නි ප්‍රෙෂර් කීවේය.

    සමගි බලවේගයේ කාන්තා සහ තරුණ සම්මේලන පිහිටුවීම ද පසුගිය දා උත්කර්ෂවත් ලෙස සිදුවු අතර සජිත් තම මැතිවරණ කටයුතු ඇරඹුවේ ගම්පහ සහ ගාල්ල දිස්ත්‍රික්ක වලිනි.

    2001 දි හා 2015 දි අපි එ.ජා.ප යට ආණ්ඩු අරන් දුන්නා. ඒත් ඒවා රැක ගන්න ඒ නායකයන්ට බැරිවුනා. ඒකෙන් අසාධාරණය වුනේ පාක්ෂිකයන්ටයි.

    ඒ අතරේ මහනුවර දිසාවේ දුරකතනයට නායකත්වය දෙන ලක්ෂ්මන් කිරිඇල්ල ඇතුළු කණ්ඩායමද ඉතා ප්‍රබල මැතිවරණ ව්‍යාපාරයක් දියත් කොට තිබේ.

    “2001 දි හා 2015 දි අපි එ.ජා.ප යට ආණ්ඩු අරන් දුන්නා. ඒත් ඒවා රැක ගන්න ඒ නායකයන්ට බැරිවුනා. ඒකෙන් අසාධාරණය වුනේ පාක්ෂිකයන්ටයි. ඒ වගේම මේ ආණ්ඩුව කියන කොරෝනා සංඛ්‍යා ලේඛන අපට සැකයි. මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමයත් මේ සැකය මතු කළා. ආණ්ඩුවට මේ ඡන්දයෙන් 113 ගන්න බෑ. අපි සජිත්ගේ නායකත්වයෙන් ආණ්ඩුව හදලා මේ ආණ්ඩුව තම නොහැකියාව නිසා වැනසු ආර්ථිකය විදිමත් කරලා බඩු මිලත් අඩු කරලා ජනතාවට උපරිම සහන දෙනවා.” ලක්ෂ්මන් කිරිඇල්ල ජනතාවට ලබාදෙන පණිවුඩයේ මූලික හරය එය විය.

    දැක්කද හර්ෂණ, අපි කියන කතාව තමයි හැම තැනම කියන්නේ. මෙදා පාර රනිල්ගේ දේශපාලන පරිණතභාවය, කපටිකම් ඒවා සේරම කොළඹදී හේදිලා යනවා‘ ජෝර්ජ් පෙරේරා කීවේය.

    මේ අතර සමගි බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් අපේක්ෂකයෝ එකාවන්ව සහයෝගයෙන් කටයුතු කරන ආකාරයක් පැහැදිලිව දැකිය හැකිය. සමගි බලවේගයෙන් ගම්පහ දිස්ත්‍රික්කයට ඉදිරිපත්ව සිටින ජනතාව විසින් ‘ලෙන්ගතු මිනිසා‘ ලෙස හදුන්වන ජනප්‍රිය නායකයෙකු වන යූ. ජෝර්ජ් පෙරේරා මේ අතර ඉදිරියෙන්ම සිටී. ජෝර්ජ් තම බල ප්‍රදේශය මහරදී නිරෝෂා අතුකෝරාළ සමග ද දොම්පේ ආසනයේදී තරුණ නායකයෙකු වන හර්ෂණ රාජකරුණා සමග ද මනා සහයෝගයෙන් කටයුතු කරන අතර ඔවුන් අතර මනාප පොරය වෙනුවට ඇත්තේ අනෝන්‍ය සහයෝගයයි.

    මේ අතර දොම්පේ පැවැති ජනහමුවකදී හර්ෂණ සහ ජෝර්ජ් සුපුරුදු ලෙස වත්මන් දේශපාලන ප්‍රවණතා ගැන කතා කරමින් සිටි විට දොම්පේ ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රීවරයෙක් ජෝර්ජ්ගෙන් ප්‍රශ්නයක් ඇසුවේය.

    ‘සර්, රනිල් මහත්තයයි අපේ නායකයා සජිත් මහත්තයි දෙන්නම තරග කරන්නේ කොළඹ දිස්ත්‍රික්කයෙන්. ඉස්සර මේ දෙන්නා හිටියේ දිස්ත්‍රික්ක දෙකක නිසා අපිට ඇත්ත ශක්තිය දැක ගන්න බැරි වුණා. මේ පාර මොකක් වෙයිද ?‘

    හර්ෂණ සහ ජෝර්ජ් එකිනෙකාගේ මුහුණ බලාගෙන මොහොතක් කල්පනා කළ අතර කිසියම් එකගතාවකට පැමිණි අයුරින් ජෝර්ජ් ප්‍රශ්නය යොමු කළ තරුණ මන්ත්‍රීවරයා දෙස බලා සිටියේය.

    ‘හොදයි, මල්ලිම කියන්නකෝ මොකද වෙන්නේ කියලා. මොකද ඔයාලා තමයි බිම් මට්ටමේ ජනමතය හරියට දන්නේ ‘ ජෝර්ජ් කීවේය.

    ‘මොනවා කියන්නද සර්, අපේ සජිත් මහත්තයා එක්ක හැරෙන්න රනිල් මහත්තයට බෑ. මං හිතන්නේ සජිත් මහත්තයා ගන්න මනාපවලින් භාගයක් වත් රනිල් මහත්තයට ගන්න බැහැ. ඇත්ත තත්ත්වේ ඒකයි‘ තරුණ මන්ත්‍රීවරයා කීවේය.

    ‘මල්ලී හිතන විදිහට හේතුව මොක්කද ?‘ ජෝර්ජ් යළි විමසුවේය.

    ‘වෙන මොකවත් නෙමෙයි රනිල් මහත්තයා කියන්නේ ජනතාවට, පාක්ෂිකයින්ට කිසිම සමීප බවක් නැති නායකයෙක්. පොඩි මිනිස්සු ගැන මෙලෝ හසරක් නොදන්න නායකයෙක්. එයාට කළේ එයාගේ පන්තියේ යාළුවන්ටයි තවත් අයටයි විතරයි. පාක්ෂිකයෝ වෙනුවෙන් අබමල් රේණුවක දෙයක් එයා කළේ නැහැ‘ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා දීර්ඝ පැහැදිලි කිරීමක් කළේය.

    ‘දැක්කද හර්ෂණ, අපි කියන කතාව තමයි හැම තැනම කියන්නේ. මෙදා පාර රනිල්ගේ දේශපාලන පරිණතභාවය, කපටිකම් ඒවා සේරම කොළඹදී හේදිලා යනවා‘ ජෝර්ජ් පෙරේරා කීවේය.

    සටහන ගජබා නාගහවත්ත

  • ලංකාව ද ඇතුළුව ලොව පුරා දස දෙසින් ඇසෙන ‘අධිකාරිවාදයේ අසුබවාදී ඇඟවීම්’

    ලංකාව ද ඇතුළුව ලොව පුරා දස දෙසින් ඇසෙන ‘අධිකාරිවාදයේ අසුබවාදී ඇඟවීම්’

    පසුගියදා පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ සාමකාමී උද්ඝෝෂණයකට එල්ල වූ පොලිස් ප්‍රහාරයෙන් සංකේතවත් වූයේ අප බොහෝ විට ඉදිරි මහා මැතිවරණයෙන් පසුව ඇතුල් වන්නට යන නව යුගයේ පෙර මග ලකුණු විය හැකිය. 

    අන්තෝනියෝ ග්‍රාම්ස්චිගේ (Antonio Gramsci) සුප්‍රසිද්ධ යෙදුමක් නම් “බුද්ධියේ සර්ව-අසුබවාදය සහ අධිෂ්ඨානයේ සර්ව-සුබවාදය” යන්නයි. ඔහු එසේ පැවසුවේ ෆැසිස්ට්වාදය හිස ඔසවමින් පැවති ඉතාලියානු දේශපාලනයේ අවිනිශ්චිත මොහොත තුළ සක්‍රීය දේශපාලනයෙහි නිරත වන අතරමය.

    Antonio Gramsci

    පවත්නා තත්ත්වය පිළිබඳ සංයුක්ත පැහැදිලි කර ගැනීමකදී අප කොතරම් අකමැති වුවත් දේවල්වල යථා ස්වභාවය අපට පිළිගන්නට සිදු වේය යන්න ඔහුගේ අවධාරණය විය. අපගේ අභිලාෂයන් සහ ප්‍රාර්ථනාවන් අනුව අප පවත්නා තත්ත්වය රෝස පැහැයෙන් පින්තාරු නොකළ යුතුය. අප දේශපාලන විශ්ලේෂණයේ යෙදෙන විට දේවල් රෝස පැහැයෙන් දැකීමේ අපගේ නොතිත් ආශාවට අපගේ බුද්ධිමය දෘඪතරභාවය යටපත් කරන්නට ඉඩ නොදිය යුතුය. 

    ග්‍රාම්ස්චිගේ බුද්ධිමය සර්ව-අසුබවාදය ඔහුගේ යුගයේ අධිපතිව පැවති ගතානුගතික මාක්ස්වාදයෙන් ඔහුව වෙන් කරන ප්‍රවාදයක්ද වේය යන්න මගේ අදහසයි. මන්ද යත්, විශේෂයෙන්ම දෙවන ජාත්‍යන්තරය තුළ ප්‍රචලිතව පැවති මාක්ස්වාදී අදහස්වලින් කියැවුණේ සමාජවාදී සමාජ පරිවර්තනය නම් අත්‍යවශ්‍ය සංසිද්ධිය දෙසට ඉතිහාසය ගමන් කරමින් තිබූ බවය.

    එම විශ්වාසයට පටහැණි වන සියල්ලම (ෆැසිස්ට්වාදයද ඇතුළුව) දක්නා ලද්දේ ඓතිහාසික අහම්බයන් ලෙසටය. නැතහොත්, ඉතිහාසයේ අත්‍යවශ්‍ය වර්ධනයේ තාවකාලික අපගමනයන් ලෙසටය. ඒ අනුව, බුද්ධිය (එනම් මේ කාරණයේදී ගතානුගතික මාක්ස්වාදය) විසින් ප්‍රදානය කරනු ලැබ තිබුණේ සර්ව-සුබවාදී පර්යාලෝකයකි. ග්‍රාම්ස්චි ප්‍රතික්ෂේප කළේ එයයි. 

    ඔහු පිළිගත්තේ “සංයුක්ත තත්ත්වය පිළිබඳ සංයුක්ත විශ්ලේෂණයක්” යන ලෙනින්ගේ ප්‍රවාදයයි. එකල ඉතාලියේ පැවති සංයුක්ත තත්ත්වය කිසිසේත් සුබවාදී එකක් නොවීය. දේවල් සැබවින්ම පෙළ ගැසෙමින් තිබුණේ අසුබවාදී දිශාවකටය. ග්‍රාම්ස්චි පෙන්වා දුන්නේ එසේ සැබවින්ම පැවති අසුබවාදී තත්ත්වයේ අඳුරු වර්ණය සමාජවාදී පරිවර්තනයේ අත්‍යවශ්‍යතාව පිළිබඳ රෝස පැහැති (අවශ්‍ය නම් රත් පැහැති) විශ්වාසයෙන්  වසා නොදැමිය යුතු බවයි.

    ඉතිහාසය අවශ්‍යයෙන්ම ප්‍රගතිය කරා දිශානත වී නොමැත. නමුත්, තවමත් ඉතිහාසය වෙනස් කළ හැකිය. “අධිෂ්ඨානයේ සර්ව-සුබවාදයක්” අවශ්‍ය වන්නේ එනිසාය. අධිෂ්ඨානයේ සුබවාදයකින් තොරව කිසිදු දේශපාලනයක නියැළිය හැකිද? 

    එම අධිකාරීවාදයේ අනතුර පෙර දකින්නට සමත් වූයේ අතලොස්සකි. ඇතැම්හු මේ බිහිවන්නට යන්නේ “මෘදු අධිකාරීවාදයක්” යැයි සිතා සිත සනසා ගනිමින් සිටියහ; එනයින්, දේශපාලන විශ්ලේෂණය යනු බරපතල බුද්ධිමය කටයුත්තක්ය යන්න නොතකා හරිමින් සිටියහ.

    ලාංකීය මේ මොහොත

    ලාංකීය දේශපාලනය තුළ අධිකාරීවාදී ප්‍රවණතා මෙන්ම ව්‍යුහයන්ද කලක පටන්ම පවතින බවට සැකයක් නොමැත. නමුත්, මෙරට යම් තරමකට හෝ ඉතිරිව තිබෙන ප්‍රජාතාන්ත්‍රික නිදහස අන් කවරදාකවත් නොවූ විරූ තරමේ අනතුරකට පත් කෙරෙන ආකාරයෙන් අධිකාරීවාදය දෙසට වූ තියුණු හැරීමක් මෑතකාලීනව සලකුණු විය. ඒ පසුගිය ජනාධිපතිවරණයේදීය.

    එම අධිකාරීවාදයේ අනතුර පෙර දකින්නට සමත් වූයේ අතලොස්සකි. ඇතැම්හු මේ බිහිවන්නට යන්නේ “මෘදු අධිකාරීවාදයක්” යැයි සිතා සිත සනසා ගනිමින් සිටියහ; එනයින්, දේශපාලන විශ්ලේෂණය යනු බරපතල බුද්ධිමය කටයුත්තක්ය යන්න නොතකා හරිමින් සිටියහ.

    අනෙක් අතට, බොහෝ වාම-ලිබරල් බුද්ධිමතුන් 2015 නව-ලිබරල් යහපාලන ව්‍යාපෘතියට සක්‍රීයව සහාය දැක්වීමෙන් තම දෑත් පුළුස්සාගෙන සිටි බැවින් සැබවින්ම අධිකාරීවාදයේ අනතුර මතු වූ 2019 වන විට සිටියේ කණමැදිරි එළියට පවා බියට පත් වෙමිනි.

    යළිත් වරක් තම දේශපාලන තක්සේරු කිරීම් වැරදී ගොස් තමන් රැවටීමට ලක් වනු ඇතැයි සාධාරණ බියක් ඔවුන් තුළ තිබුණා විය යුතුය. නමුත්, 2019 දී මතු වූයේ කිසිසේත්ම 2015 සමග සැසඳිය නොහැකි තරමින් ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ බරපතල අනතුරකි. 

    පසුගිය ජනාධිපතිවරණය නිමා වූ සතියේ මා “රාවය” පුවත්පතට ලියූ ලිපිය ආරම්භ කළේ පහත වාක්‍යයෙනි: “අප දැන් සිටින්නේ නව දේශපාලන පොළෝ තලයක් මතය.” එය නව පොළෝ තලයක් වන්නේ හුදෙක් යම් යම් අධිකාරීමය ප්‍රවණතා කලින්ට වඩා ඉස්මත්තට පැමිණීමේ අරුතින්ම නොවේ. ඊට වඩා ගුණාත්මක යැයි කිව හැකි ආකාරයේ පරිවර්තනයක් එයින් ගම්‍ය වූ බැවිනි.

    එනම්, සාමාන්‍යයෙන් “අධිකාරීමය ධනවාදය” නැතහොත් “නැගෙනහිර ආසියාතික ධනවාදය” යනුවෙන් හැඳින්වෙන සංවර්ධන මොඩලය කරා ගමන් කිරීමේ දේශපාලන අධිෂ්ඨානයෙන් මෙහෙයවන ලද කණ්ඩායමක් විසින් දේශපාලන නායකත්වය අත්පත් කර ගනු ලැබීමයි. එසේම එම පරිවර්තනය පිටුපස පැහැදිලිවම නව පංති බල-හවුලක අභිලාෂයන් ප්‍රකාශයට පත් විය. එම බල හවුල සමන්විත වූයේ නව සිංහල ධනේශ්වර කොටස්, මිලිටරි නිළධාරී තන්ත්‍රයේ කොටස්, අන්ත-ජාතිකවාදී දෘෂ්ටිවාදී බලකායන්, කළමනාකරණ සහ වෘත්තීයමය ප්‍රභූ ශ්‍රේණීන් සහ ග්‍රාමීය තලය දක්වා විහිඳුණු පුළුල් අනුග්‍රාහක-සේවාදායක සබඳතා ජාලයන්ගෙනි. සමකාලීන දේශපාලන අධිකාරීවාදය වනාහී මෙම නව පංති බල ව්‍යාපෘතියේ අවශ්‍යතාවකි. මෙය පැහැදිලිවම 2015 පැවති තත්ත්වය හා සැසඳූ කල ගුණාත්මක වෙනසකි.

    තවද ඉහත කී පරිවර්තනය වටහා ගත යුතුව තිබුණේ සමකාලීන ගෝලීය දේශපාලන-ආර්ථිකයේ සහ දේශපාලනයේ සිදුවෙමින් පැවති වෙනස්කම්ද සැලකිල්ලට ගනිමින්ය. (මා පසුගිය ජනාධිපතිවරණයට පෙර ලියූ ලිපි ගණනාවකින් මේ කාරණය පැහැදිලි කොට ඇත). විශේෂයෙන්ම 2016 දී එක්සත් ජනපදයේ ඩොනල්ඩ් ට්‍රම්ප් බලයට පත් වීමෙන් සංකේතවත් වූ අන්ත-දක්ෂිණාංශික ජාතිකවාදයේ නැගීම ඒ අතුරින් ප්‍රමුඛය.

    ට්‍රම්ප්ගෙන් පසුව එක්සත් ජනපදයේ ගෝලීය නායකත්වය බරපතල අර්බුදයකට පත් විය. ඒ අතරම යුරෝපාකරයේ අන්ත-දක්ෂිණාංශයේ නැගීම හමුවේ සමස්ත යුරෝපා සංගම් ව්‍යාපෘතියම අර්බුදයට පත් විය. මේ තත්ත්වයන් යටතේ එක්සත් ජනපද සහ යුරෝපීය හෙජමොනිය තුළ ගොඩ නැගුණු “ලිබරල් ජාත්‍යන්තර පර්යාය” අර්බුදයට පත් විය.

    ශ්‍රී ලංකාවේ ප්‍රජාතාන්ත්‍රික සිවිල් සමාජ ව්‍යාපාරවල ශක්තිය කෙරෙහි ලිබරල් ජාත්‍යන්තර පර්යායේ අර්බුදය බරපතල ලෙස බලපාන බව අමුතුවෙන් කිව යුතු නැත. 2019 සංධිස්ථානමය මොහොත 2015 න් වෙනස් වන්නේ හුදෙක් ජාතික දේශපාලනයේ තත්ත්වයන් පමණක් නොව ඉහත කී ගෝලීය දේශපාලන ආර්ථිකමය මෙන්ම දේශපාලනික තත්ත්වයන්ද හේතු කොටගෙනය.

    මේ අනුව, පසුගිය ජනාධිපතිවරණය පවත්වන ලද්දේ කුමන අරුතකින් ගත්තද අධිකාරීවාදී දේශපාලනයක ආධිපත්‍ය තහවුරු වීමට උචිත ව්‍යුහාත්මක කොන්දේසි දේශීයව මෙන්ම ජාත්‍යන්තරිකවද සැකසෙමින් පැවති වාතාවරණයක් තුළය. 

    වසංගතයට මුහුණ දීම සඳහා රට ලොක් ඩවුන් කළ යුතුය යන ඉල්ලීම මතු වූයේ මෙරට ලිබරල් සිවිල් සමාජ කණ්ඩායම් තුළින්මය. එහිදී ලොක් ඩවුන් කිරීමක් කරන්නේ නම් ඒ සමගම ප්‍රජා සහභාගීත්වය සහිත ශක්තිමත් සමාජ ආරක්ෂණ වැඩ පිළිවෙලක්ද ඉදිරිපත් කළ යුතුය යන යෝජනාව ප්‍රබලව ඉදිරිපත් කරන්නට ඔවුන් අසමත් විය.

    කොරෝනා අර්බුදය 

    යම් දේශපාලන හැරවුමකට උචිත තත්ත්වයන් සැකසීමත් එම හැරවුමට අවශ්‍ය ජවය සැපයෙන ආසන්න සිද්ධියක් නිර්මාණය වීමත් අතර වෙනසක් පවතී. කොරෝනා වෛරස් වසංගතය මගින් සැපිරුණේ ඉහත කී දෙවන අවශ්‍යතාවයි. ඒ සඳහා අනියමින් මෙරට ලිබරල් සමාජ කොටස්ද දායක වී තිබේ.

    වසංගතයට මුහුණ දීම සඳහා රට ලොක් ඩවුන් කළ යුතුය යන ඉල්ලීම මතු වූයේ මෙරට ලිබරල් සිවිල් සමාජ කණ්ඩායම් තුළින්මය. එහිදී ලොක් ඩවුන් කිරීමක් කරන්නේ නම් ඒ සමගම ප්‍රජා සහභාගීත්වය සහිත ශක්තිමත් සමාජ ආරක්ෂණ වැඩ පිළිවෙලක්ද ඉදිරිපත් කළ යුතුය යන යෝජනාව ප්‍රබලව ඉදිරිපත් කරන්නට ඔවුන් අසමත් විය.

    සැබවින්ම ලොක් ඩවුන් කිරීමෙන් පසුව නොවැලැක්විය හැකි ලෙසම ආර්ථිකමය සහ සමාජමය අර්බුද මාලාවකට මුහුණ දීමට පාලනාධිකාරයට සිදු විය. එම අර්බුදයට පාලකයින් ප්‍රතිචාර දක්වන ලද්දේ තම අනුග්‍රාහක දේශපාලන ජාලයන් ප්‍රවර්ධනය කර ගැනීමේ අවස්ථාවක් බවට එය පරිවර්තනය කර ගැනීමෙනි. ප්‍රජා සහභාගීත්වය සහිතව ක්‍රියාත්මක කෙරෙන සමාජ ආරක්ෂණ වැඩ පිළිවෙලක් වෙනුවට දේශපාලන අනුග්‍රාහක සබඳතා ඔස්සේ සෘජුව ක්‍රියාත්මක කෙරෙන ඉහළ සිට මෙහෙයවෙන වැඩ පිළිවෙලක් ආදේශ විය. 

    ඇඳිරි නීතියේ ආවරණය යටතේ පවතින ලොක් ඩවුන් කිරීමක් සමග පාර්ලිමේන්තු මැතිවරණය කල් දැමීමද එක් වූ විට විධායක බලයේ ශක්තිය වර්ධනය වීමට අවශ්‍ය ස්වර්ණමය තත්ත්වයක් ගොඩ නැගෙන බව අමුතුවෙන් කිව යුතු නොවේ. පවත්නා සංයුක්ත තත්ත්වය තියුණු ලෙස විශ්ලේෂණය කරමින් සිටි මහාචාර්ය ජයදේව උයන්ගොඩ ඒ මොහොතේදී මහා මැතිවරණය කල් නොදැමිය යුතු යැයි පවා කියන්නට පෙළඹුණේ සිදුවෙමින් පැවති පරිවර්තනය මෙරට ප්‍රජාතාන්ත්‍රික දේශපාලනයේ අනාගතය කෙරෙහි ඇති කළ හැකි නිශේධනීය බලපෑම් ගැන කල්පනා කිරීම නිසා විය යුතුය. ඒ දිනවල මම  “රාවය” පුවත්පතට මෙසේ ලීවෙමි. 

    “පාර්ලිමේන්තුව නොකැඳවා, මැතිවරණය කල් දැමූ වාතාවරණයක් තුළ “ලොක් ඩවුන්” කිරීමක්ද  කළ හොත් එයින් උද්ගත විය හැකි දේශපාලන පල විපාක කවරාකාර වනු ඇත්ද? කොහොමටත් ඊළඟ මැතිවරණය පැවැත්වෙන තුරු පවතින්නේ භාරකාර ආණ්ඩුවකි. මෙම කාල පරිච්ජේදය තුළ ව්‍යවස්ථාදායකය සහ විධායකය අතර බල තුලනය පවතින්නේ විධායකයට වාසි සහගතවය. හදිසි ආපදා තත්ත්වය තුළ විධායකය තවදුරටත් බලවත් වීම අපේක්ෂා කළ යුතුය. දැනටමත් කොරෝනා වෛරසය සමග කරන සටනේ ප්‍රධාන ඒජන්තයා බවට සන්නද්ධ හමුදාව පත්වී අවසන්ය. මෙම  සිදුවෙමින් පවතින ක්‍රියාවලිය තියුණු ලෙස විශ්ලේෂණය කොටගෙන එකී පුළුල් චිත්‍රය දකින්නට අපට බාධා කරන්නේ කොරෝනාව ආශ්‍රිත භීතිකා කර්මාන්තයයි.” (“රාවය”, 22/03/2020).

    පසුගියදා පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ සාමකාමී උද්ඝෝෂණයකට එල්ල වූ පොලිස් ප්‍රහාරයෙන් සංකේතවත් වූයේ අප බොහෝ විට ඉදිරි මහා මැතිවරණයෙන් පසුව ඇතුල් වන්නට යන නව යුගයේ පෙර මග ලකුණු විය හැකිය. 

    නව යුගයේ පෙර මග ලකුණු

    එහිදී මා අවධාරණය කළේ ලොක් ඩවුන් කිරීමේ ඉල්ලීම සමග සමාජ ආරක්ෂණයේ ඉල්ලීමද මැතිවරණය කල් දැමීමේ ඉල්ලීම සමග පාර්ලිමේන්තුව නැවත කැඳවීමේ ඉල්ලීමද සම්බන්ධ කළ යුතු බවය. තවත් බොහොමයක් දෙනා එසේ කීවද, අප වැන්නන් පවසන දේ කව්රු නම් ගණන් ගනීද? දැන් ඒ සියල්ල අතීතයයි.

    පසුගිය මාස කිහිපය මුළුල්ලේ අප දක්නා ලද්දේ ක්‍රම ක්‍රමයෙන් නිරෝධායන නීතින් සමාජ පාලනයේ මාධ්‍යයක් ලෙස භාවිත වන අයුරුත් වසංගත පාලනය අධිකාරීවාදී පාලනාධිකාරයක් හැඩ ගැස්වීම සඳහා භාවිත වන අයුරුත්ය.

    අප වැනි රටවල දේශපාලන විද්‍යා විශ්ලේෂණයේදී අපගේ තියුණු ඇසට හසු විය යුත්තේ විධිමත් සහ නෛතික ආණ්ඩු බලයක්  තැනෙන අයුරු පමණක් නොව එම විධිමත් ව්‍යුහයන්ට පිටතින් පාලනාධිකාරයක් ගොඩ නැගෙන ආකාරයයි.

    පසුගියදා පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ සාමකාමී උද්ඝෝෂණයකට එල්ල වූ පොලිස් ප්‍රහාරයෙන් සංකේතවත් වූයේ අප බොහෝ විට ඉදිරි මහා මැතිවරණයෙන් පසුව ඇතුල් වන්නට යන නව යුගයේ පෙර මග ලකුණු විය හැකිය. 

    සුමිත් චාමින්ද        

  • මෛත්‍රී රටට කරපු හානිය පොළොන්නරුවේ මිනිස්සුන්ට අමතක නෑ – ඇමති ප්‍රසන්න

    මෛත්‍රී රටට කරපු හානිය පොළොන්නරුවේ මිනිස්සුන්ට අමතක නෑ – ඇමති ප්‍රසන්න

    88-89 භීෂණ කාලයේදී සිය පියාගේ ආණ්ඩුව මෙරට තරුණ තරුණයින්ව 60,000 ක් මරා දමන විට ඒ පිළිබඳව කිසිවක් නොකියූ සජිත් ප්‍රේමදාස මහතා තමන් බලයට පත්වූ විට තරුණ ප්‍රඥප්තියක් ගෙන එන බවට ප්‍රකාශ කිරීම තරම් විහිළුවක් නැතැයි කාර්මික අපනයන ආයෝජන ප්‍රවර්ධන සංචාරක හා ගුවන්සේවා අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි. ඔහු පෙන්වා දෙන්නේ සජිත්ගේ තරුණ ප්‍රඥප්තිය මේ සියවසේ ලොකුම විහිළුව බවයි.

    කටුනායක සිවිල් ගුවන්සේවා අධිකාරියේ නිරීක්ෂණ චාරිකාවකින් අනතුරුව මාධ්‍යවේදීන් නැඟු ප්‍රශ්න වලට පිළිතුරු සපයමින් ඇමතිවරයා මේ බව සඳහන් කළේය . එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමති ප්‍රසන්න රණතුංග මහතා මෙසේ ද කීවේය.

    “පහුගිය යහපාලන ආණ්ඩුව කාලයේ තරුණයන්ට ලක්ෂ 10ක් රස්සාවල් දෙනවා කියලා කිව්වා. එහෙම බොරු කියලා තමයි යහපාලන ආණ්ඩුව බලයට පත්වුණේ. හැබැයි යහපාලන ආණ්ඩුව තරුණ තරුණයින්ට කරපු දෙයක් නෑ. එදා සජිත් ප්‍රේමදාස යහපාලන ආණ්ඩුවේ කැබිනට් ඇමති. පක්ෂයේ නියෝජ්‍ය නායකයා. ඔහු කළේ උස අයට සිකියුරිටි කම්, මිටි අයට කම්කරු රස්සා දෙන්න කටයුතු කරපු එකයි. මුහුදු වෙරළක කොට කලිසමකුත් ගහගෙන සජිත් තරුණ ප්‍රඥප්තිය හදන විධිහ ඔය අන්තර්ජාලයේ තවමත් තියෙනවා. උස අයට සිකියුරිටි රස්සාවයි, මිටි අයට කම්කරු රස්සාවයි දෙන්න කතා කරපු මනුස්සයා මේ රටේ තරුණ ප්‍රඥප්තියක් ගැන කතා කරන එක විහිළුවක්.

    එයාගේ තාත්තා තමයි 88-89 මේ රටේ තරුණයන්ව මැරුවේ. ඒ තරුණයන්ගේ දෙමාපියන්ට, පවුල් වලට සාධාරණයක් ඉටු කරන්න කතා නොකරන සජිත් මේ කරන්නේ තරුණයන් රැවටීමක්. තරුණ ප්‍රඥප්තියක් හදන්න ඉස්සසෙල්ලා 88-89 තමන්ගේ තාත්තා කරවපු තරුණ ඝාතන ගැන ජාතියෙන් සමාව ගත යුතුයි.

    සජිත් දන්නවා එතුමාට ජීවිතේට අගමැතිකමවත්, ආණ්ඩුවක්වත් ගන්න බැරි බව. එහෙම වුණාම ඕන තරම් බොරු පොරොන්දු දෙන්න පුළුවන්, ආකර්ෂණීය පොරොන්දු දෙන්න පුළුවන්. සජිත් ජනාධිපතිවරණයට කියපු දේවල් මිනිස්සුන්ට අමතක නෑ. මම නම් කියන්නේ නියත පරාජය හමුවී සජිත්ලා මරු කියවන බවයි.

    ප්‍රශ්නය – කොහොමද මෛත්‍රී සිරිසේන ජනාධිපතිතුමත් එක්ක ඔබතුමාට තියෙන සම්බන්ධතාවය ?

    උත්තරය – එයත් එක්ක මොන සම්බන්ධතාද ?

    ප්‍රශ්නය – ඔබතුමා එයත් එක්ක තරහයිද ?

    උත්තරය – මට එයත් එක්ක පෞද්ගලික තරහක් නෑ. හැබැයි එයා රටත් කෑවා, පක්ෂයත් කෑවා. රනිල් එක්ක එකතු වෙලා රට විනාශ කළා. ඒකට මම තරහයි. දැන් එයා පොහොට්ටුවත් එක්ක තරඟ කරනවා.

    ප්‍රශ්නය – සහයෝගය ලැබෙයිද ?

    උත්තරය – මොන සහයෝගයක්ද ? පොළොන්නරුව මිනිස්සු පොහොට්ටුවට ඡන්ද දුන්නට මෛත්‍රීට ඡන්ද දෙන එකක් නෑ. මොකද මෛත්‍රී රටට කරපු හානිය පොළොන්නරුව මිනිස්සුන්ට අමතක නෑ.

  • මැතිවරණ කොමිසම රෙද්ද ගලවාගත් “නොමේරූ උපදෙස් FB පෝස්ට් එක”

    මැතිවරණ කොමිසම රෙද්ද ගලවාගත් “නොමේරූ උපදෙස් FB පෝස්ට් එක”

    FB සටහනක් ‘රී – පොස්ට් කිරීම‘ සම්බන්ධයෙන් දකුණේ පළාත් පාලන කොමසාරිස් සේනක පල්ලියගුරුගෙන් නිදහසට කරුණු විමසන ලෙස, ම.කො. උපදෙස් පරිදි මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක ‘ රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම්ට ලිපියක් යොමු කර ඇත. මැ.කො. ට ‘අගෞරවයට, අපහසුතාවට, අප්‍රසාදයට පත් වන අයුරින් හා මහජන විශ්වාසය බිද වැටෙන ආකාරයෙන් ලිපි මගින් හා ෆේස්බුක් සටහන් මගින් කටයුතු කර ඇති නිසා‘ මෙසේ විනය පරීක්ෂණයක් පැවැත්විය යුතු යැයි කොමසාරිස් ජනරාල් සමන් ලියා ඇත.

    නිදහස්, ස්වාධීන යැයි ලේබල් ගසා ගෙන ඇති මැ.කො. තම අමන තකතීරු, බල රහිත සහ හිතුවක්කාරී තීරණ පෙරළා ප්‍රශ්න කළ පෝස්ට් එකක් ෂෙයා කිරීමට කුපිත වී ඇත.

    සැබවින්ම, මැ.කො. කෝප වී ඇත්තේ පෝස්ට් එක ෂෙයා කළ මිනිස්සු එක්ක නොව, එය ලියූ ගාමිණී ගුණසේකර Gamini Gunasekara සමග ය. වචනයකින් හෝ තමන් ප්‍රශ්න කරන සමස්ත රාජ්‍ය සේවයට පාඩමක් ඉගැන්වීමට මැතිවරණ කොමිසම දරන්නේ කැත-ලැජ්ජාසහගත – නින්දිත උත්සාහයකි. කළු වලාවේ දිරී රේඛාව, ප.පා. සභිකයින්ගේ නිවාඩු ප්‍රශ්නයේ දී මැ.කො. කොතරම් ‘නොමේරූ, උපදෙස්‘ ක්‍රම විරෝධී හා උද්දච්ච අයුරකින් වැඩ කරන්නේ ද යන්න ලෝකයට හෙළිවීමය.

    පළාත් පාලන නීතිය අනුව පළාත් පාලන කොමසාරිස්වරයෙකුට පළාත් පාලන ආයතනයක සභිකයෙකු සම්බන්ධයෙන් නිවාඩු ගැන්වීමට, බලපෑම් කිරීමට කිසිදු නෛතික හැකියාවක් නැත. මහා මැතිවරණයට නාම යෝජනා බාර දී ඇති පළාත් පාලන ආයතන සභාපති, උපසභාපතිවරුන් කිහිප දෙනෙකු සම්බන්ධයෙන් කටයුතු කිරීම සදහා මැ.කො. කිසිදු වගකීමක් නැති ලිපි ගණනාවක් උපදෙස් ලෙස යොමු කර ඇත.
    පළාත් පාලන කොමසාරිස්වරු සිටින්නේ ස්වාධීන පලාත් පාලන ආයතන පාලනය කිරීමට නොව ‘අධීක්ෂණය, සම්බන්ධීකරණය, මගපෙන්වීම හා සහයා ලබාදීමට‘ ය.

    දකුණ, බස්නාහිර, ඌව ඇතුළු පළාත් ගණනාවක පළාත් පාලන කොමසාරිවරුන් හරහා ‘කොස්ඇට බාවන්නට‘ මැතිවරණ කොමිසන් සභාව දැරූ උත්සාහයට කිසිදු නෛතික පදනමක් නැත. මහා නගර සභා ආඥා පනතේ 13(2), නගර සභා ආඥා පනතේ 12(2) හා ප්‍රාදේශිය සභා පනතේ 7 යන වගන්තිවලට පිටින් පලාත් පාලන ආයතන ප්‍රධානීන් හා සභිකයින් නිවාඩු ගැනීමට හැකිද? මහ නගර සභා පනත අනුව, ප.පා.කො. ට වාර්ෂික වාර්තාවක් සකස් කරවා ගැනීමට වැඩි බලයක් නැත. එසේ තිබියදී, මැ.කො. පලාත් පාලන කොමසාරිස්ට නිවාඩු ගැන නොමේරූ උපදෙස් ලිපි ලිවීමේ තේරුම කුමක් ද?

    මේ ප්‍රශ්නය මතු වූ විට පළාත් පාලන කේෂ්ත්‍රෙය් කිහිප දෙනෙක් ඒ ගැන කතා කළේය. ප්‍රශ්නය අවුල් ජාලාවක් වන විට, ගුණසේකර මේ ගැන මෙහි පළමුවන කොමෙන්ට් එක ලෙස දැක්වෙන ෆෙස් බුක් සටහනක් තැබීය. මේ ප්‍රශ්නයෙන් පීඩාවට පත් ව සිටි සේනක පල්ලියගුරුගේ එය ශෙයා කර ඇත. මැතිවරණ කොමිෂන් සභාව ‘අගෞරවයට, අපහසුතාවට, අප්‍රසාදයට පත් වන අයුරින් හා මහජන විහ්වාසය බිද වැටෙන ආකාරයෙන් ලිපි මගින් හා ෆේස්බුක් සටහන් මගින් කටයුතු කර ඇතැයි‘ මහින්ද දේශප්‍රිය, රත්නජීවන් හූල්, අබේසේකර යන කෙසේ ගසේ සිට නියපොත්ත දක්වා ප්‍රජාතන්ත්‍රවාදය වැගිරෙන කොමිෂන් සභාවේ සමාජිකයින්ට හැගී ගොස් ඇත්තේ මෙයයි. (ඡායාරූපය බලන්න) අපි එහි වගන්තියෙන් වගන්තිය බලමු.

    1. ගාමිණී ගේ සරළ නෛතික පැහැදිලි කිරීම තම වෝල් එකේ පළ කරන බව සේනක කියයි. කරුණු වශයෙන් ගාමිණී කියන්නේ ඇත්තය! මැතිවරණ කොමිසම පලාත් පාලන කොමසාරිස්ට පළාත් පාලන ආයතනයක සභාපති සම්බන්ධයෙන් ඇති බලය මෙහි කියා ඇත. ගාමිණී ගේ මැදිහත්වීම, මැ.කො. කලිසම ගැලවී ඇතැයි කොමිසමටත්, කොමසාරිස් ජනරාල් ටත් හැගී යාම අප තේරුම් ගත යුත්තේ ‘ගාමිණි ගේ තර්කය නිවැරදි බව ඕනෑම පළාත් පාලන ආයතනයක ලේකම්වරයෙකු වුවත් හොදින්ම දන්නා බැවිනි.

    2. දෙවැනි ඡේදයෙන් සේනක මැ.කො. ගැන මෙසේ කියයි. (අ) ‘නෛතික වපසරිය ඉක්මවා‘ – ඔව්. මේ මහා මැතිවරණයට ඉදිරිපත් වන 60 කට වැඩි පිරිසක් අතුරින් තෝරාගත් පිරිසකට පමණක් නිවාඩු ගැන බලපෑම් කිරීමට ‘පලාත් පාලන කොමසාරිස්ට බල කිරීම‘ නෛතික පරිසරය ඉක්මවා යාමකි. (උදාහරණ සමග පසුව සාකච්ඡා කරමු) (ආ) නොමේරූ උපදෙස් – සත්තකින්ම, කොමිසම දී ඇත්තේ නොමේරු උපදෙසකි. තක්කඩි, බාලාංශ පන්තියේ උපදෙසකි. ඒ බව පළාත් පාලන කොමාසාරිස්වරු සිව් දෙනෙකු මැ.කො. ට ලිඛිතව දක්වා ඇත. ඒ එකක් ගැන වත් තැකීමක් කරන්න මැ.කෝ. ට සිහි බුද්ධියක් තිබී නැත. මැ.කො. අඩුම ගානේ මහා මැතිවරණයට ඉදිරිපත්වන සියලු පලාත් පාලන ආයතන නියෝජිතයින්ට එක ලෙස සලකන්නේ නැත. නිවාඩු ගන්නට කියා ජූනි 17 සවස 6 දක්වාම ලිඛිත උපදෙසක් දී නැත. පිටිසර අහිංසක මහියංගනයේ සබාපතිට සලකන ආකාරයට මොරටුවේ, ජයවර්ධනපුර නගරාධිපතිවරුන්ට සලකන්නේ ද නැත. (එකිනෙක ඉදිරියේ දී කථා කරමු) (ඇ) – ‘පරිපාලනය අවුල්වීමට හේතුවක් වන බව‘ සේනක කියයි. මහියංගනය, මොරටුව, මහරගම ගැන ගත් කළ එය සත්‍යයකි. (ජා ඇළ, මොරටුව, මහියංගනය ගැන සවිස්තරව පසුව කථා කරමු)

    3. තෙවන ඡේදයෙන් සේනක, මුල් ලේඛකයා ලියූ වැකිය ‘බළලුන් ලවා කොස් ඇට බෑවීම‘ නැවත උපුටා ඇති අතර, ‘එපා වාහේට හොදි බෙදන්නා වාගේ‘ යැයි කියයි. මැ.කො. ප.පා.කො.වරු මීයන් ලෙස සලකා මරණයට පෙර සෙල්ලම් කරන විට, ඒ උපහැරනය ලාචෝරු වැඩිය.

    දේශප්‍රිය, හූල් ප්‍රමුඛ මැ.කො. රටට පෙන්වන්නේ තමන් ප්‍රජාතන්ත්‍රවාදයේ මුරදේවතාවුන් ලෙසය. නිවාඩු ප්‍රශ්නයේ දී, ඔවුන්ගේ සැබෑ ස්වරූපය, එක එක පුද්ගලයාට වෙන් වෙන්ව සැලකීම හොදින්ම හෙළිදරව් වී ඇත. අද මැ.කො. ට අවශ්‍යව ඇත්තේ තමන්ට එරෙහිව වචනයක් හෝ කියන රාජ්‍ය සේවකයින් සියළු දෙනා නිහඩ කොට ඔවුන්ගෙන් වහළුන්ගෙන් මෙන් වැඩ ගැනීමටය. ඒ සදහා, තමන්ට නැති බලයක්, ආරෝපනය කර ගනී. මේ රටේ ‘ස්වාධීන කොමිෂන් සභා‘ පිහිටවනු ලැබූවේ රාජ්‍ය සේවකයින් තලා පෙළමින් මෙවැනි මරි මෝඩ වැඩ කිරීම නම් නොවේ. පළාත් පාලන ආයතන වල සභිකයින්ගේ නිවාඩු ප්‍රශ්නය විසදිය යුත්තේ මැ.කො. මිස පලාත් පාලන කොමසාරිස්වරු නොවේ. මැ.කො. නොහැකියාවට රාජ්‍ය පරිපාලන චක්‍ර ලේඛන වල එල්ලීම ලැජ්ජා නැති වැඩකි.

    අතීත කථාවකි කියමි. 2008 නැගෙනහිර පළාත් සභා මැතිවරණ ලංකාවේ දුෂිතම මැතිවරණයකි. එදා මම කැලණිය විශ්වවිද්‍යාලයේ සේවය කරමින් සිට ‘ඒ බව කීවෙමි. මගේ වැඩ තහනම් කොට විනය පරීක්ෂණයක් පැවැත්වුණි. ලංකාවේ අන්ත දුෂිත නැගෙනහිර මැතිවරණයට ‘දුෂිත යැයි‘ නොකීම තරම් අපහාසයක් තවත් නැත! පළාත් පාලන සභිකයින්ගේ නිවාඩු ප්‍රශ්නය විසදා ගත නොහැකිව දගලන මැ.කො. අදටත් මොරටුව, ජයවර්ධනපුර නිවාඩු ප්‍රශ්නය විසදා නැත. මැ.කො. ට හත්පොළේ ගා ගැනීම හොදය. ගාමිණී ඒ බව පෝස්ට් එකකින් කීමත්, සේනක එය ශෙයා කිරීමත් විනය විරෝධීය! බම්බුව තමයි!!

    කෝවිඩ් තත්වය, හේතුවෙන් මැතිවරණයට ගැටළු ඇති වූ විට එය නිර්මාණාත්මව කලමනාකරණය කර ගැනීම වෙනුවට මැ.කෝ. දැවැන්ත මාධ්‍ය සංදර්ශනයකට එළැඹියේය. ජනාධිපතිවරයාගේ අතට බලය ලැබීම වලක්වා ගැනීමට දින දමා ගැසට් ගැහුවේය. දැන් ‘රාජා හෙළුවෙන්‘ යැයි ලියූ ගාමිණී ගේ ලිපියේ එල්ලී සිටී. “ඕව් රජා හෙළුවෙන්‘ තමා යැයි කියූ සේනකට විනය පරීක්ෂණ යෝජනා කොට ඇත. කැතයි – ලැජ්ජයි – නින්දිතයි!සේනක ලියූ සටහනින්, ‘‘මැතිවරණ කොමිෂන් සභාවට ‘අගෞරවයට, අපහසුතාවට, අප්‍රසාදයට සිදු වන්නට, මහජන විශ්වාසය බිද වැටෙන්නට, සරණ පාරේ ඇත්තේ බිත්තර කටු කොමිසමක් ද?

    ජනාධිපතිවරණයක දී බලයේ සිටින ජනාධිපතිවරයා සිය ධූරයේ කටයුතු කරමින් ඡන්දය කරයි. අගමැති, කැබිනට් මණ්ඩලය එසේම කරයි. නමුත්, පළාත් පාලන ආයතනයක සභිකයෙකුට නිවාඩු ලබා, මහජන දේපල අයථා පරිහරණයකින් තොරව මහා මැතිවරණයකට ඉදිරිපත්වීමේ ක්‍රමයක් නීත්‍යානුකූලව සකසන්නට මැ.කො. ට හැකිව නැත. ඒ නොහැකියාවට පලාත් පාලන කොමසාරිස්වරු පළි නැත. එබැවින්, මැ.කො. රාජ්‍ය පරිපාලන ලේකම්ට ලියා ඇති ‘විනය පරීක්ෂණ යෝජනාව‘ ඉවත් කර ගත යුතුය.

    සේනක ගේ ඡේද තුනේන් ‘අගෞරවයට, අපහසුතාවට, අප්‍රසාදයට පත් වන අයුරින් හා මහජන විශ්වාසය බිද වැටෙන‘ වා යැයි තවදුරටත් මැ.කො. සභාව සිතන්නේ නම්, එහි තේමා පාඨය විය යුත්තේ නම් ‘නමට ප්‍රජාතන්ත්‍රවාදය – ශෙයා කළොත් විනය පරීක්ෂණ‘ යි.

    රජිත් කීර්ති තෙන්නකෝන්

  • මැතිවරණ කොමිෂම ජනපතිගෙන් විශේෂ ඉල්ලීම් දෙකක් කරයි

    මැතිවරණ කොමිෂම ජනපතිගෙන් විශේෂ ඉල්ලීම් දෙකක් කරයි

    මැතිවරණයට අදාළ මූලික සැකසුම් සකසා ඇති බවත්, නිලධාරීන් ආරක්ෂක අංශ ඇතුළු සෙසු සියලු පාර්ශ්ව ඊට දායක කර ගන්නා බවත් මැතිවරණ කොමසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා සඳහන් කළේය.

    අද (17) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී මැතිවරණ කොමිසමේ සභාපති සහ සාමාජිකයන් ජනාධිපතිවරයා හමුවූ අවස්ථාවේ මැතිවරණ කොමිෂමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා මේ බව සදහන් කළේය. 

    මැතිවරණ රාජකාරි සඳහා නිලධාරීන්ගේ අනිවාර්යය සහභාගීත්වය තහවුරු කිරීමට නෛතික පදනමක් සැකසීමේ වැදගත්කම සභාපතිවරයා පෙන්වා දුන්නේය. එකී නියමයන් ආයතන සංග්‍රහයට ඇතුළත් කළ යුතුව ඇතැයි ද දේශප්‍රිය මහතා පැවසීය. මහජන රැළිවලට සහභාගීවිය හැකි සංඛ්‍යාව සහ නිවෙස් වෙත ගොස් කරන  ප්‍රචාරණයේදී සෞඛ්‍යාරක්ෂාව පිළිබඳව සියලු පාර්ශ්ව වගකීමෙන් ක්‍රියා කිරීම මැතිවරණය සාර්ථක කර ගැනීමට උපකාර වන  බව මහින්ද දේශප්‍රිය මහතා කීය.

    මැතිවරණ කාලසීමාව තුළ ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිත කොවිඩ් 19 මර්දන නිර්දේශ ගැසට් පත්‍රයක් මගින් ප්‍රකාශයට පත් කිරීමේ අවශ්‍යතාව ද සභාපතිවරයා පෙන්වා දුන්නේය. සෞඛ්‍ය රෙගුලාසිවලට අනුව ඡන්ද මධ්‍යස්ථානවල ඉඩ පහසුකම් ගැටලුවක් ඇතිවුවහොත් අවශ්‍ය  සහාය ලබාදීමට ද ජනාධිපතිතුමාගේ එකඟතාව පළ විය. ජුලි මස 31 වැනිදා සිට ගම්බිම් බලා පිටත්වන සහ මැතිවරණයෙන් පසු නැවත පැමිණෙන ජනතාව වෙනුවෙන් ප්‍රවාහන පහසුකම් සැලසීම ගැන ද දේශප්‍රිය මහතා අවධානය යොමු කළේය. 

    මැතිවරණ කොමිසමේ සෙසු සාමාජිකයන් වන මහාචාර්ය රත්නජීවන් හූල් සහ එන්.ජේ අබේසේකර, මැතිවරණ කොමිසමේ ලේකම් එච්.එම්.ටි.ඩී. හේරත්, ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර, මුදල් අමාත්‍යාංශයේ ලේකම් එස්.ආර්. ආටිගල, රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ලේකම් ජේ.රත්නසිරි,  සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් විශේෂඥ වෛද්‍ය සංජීව මුණසිංහ යන මහත්වරු ද සාකච්ඡාවට එක්ව සිටියහ.

  • මහ මැතිවරණය සම්බන්ධයෙන් ජනපතිගෙන් ‘මැතිවරණ කොමිසමට’ සහතිකයක්

    මහ මැතිවරණය සම්බන්ධයෙන් ජනපතිගෙන් ‘මැතිවරණ කොමිසමට’ සහතිකයක්

    සෞඛ්‍යාරක්ෂාවට ප්‍රමුඛත්වය දෙමින් නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීම සඳහා අවශ්‍ය වාතාවරණය සකසා දෙන බවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහතික වෙයි.

    කොවිඩ් 19 වසංගතය හමුවේ මැතිවරණය පැවැත්වීම සඳහා වූ නිර්දේශ සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ඉදිරිපත් කර තිබේ. මෙරට ඉතිහාසයේ මෙවැනි පසුබිමක පැවැත්වෙන පළමු මැතිවරණය මෙයයි. එහෙයින් සෞඛ්‍යාරක්ෂාවට ප්‍රමුඛත්වය දෙමින් මැතිවරණ ක්‍රියාවලිය සාර්ථක කර ගැනීමට රජයේ පූර්ණ සහාය මැතිවරණ කොමිසමට ලැබෙන බව ජනාධිපතිවරයා කියා සිටී.

    සෞඛ්‍යාරක්ෂිත නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීම ගැන සාකච්ඡා කරනු පිණිස  අද (17) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී මැතිවරණ කොමිසමේ සභාපති සහ සාමාජිකයන් ජනාධිපතිවරයා හමුවූ අවස්ථාවේ  මේ බව සඳහන් කෙරිණ.

    කොවිඩ් 19 මර්දනයට රජය සැලසුම් සහිතව මාස කිහිපයක් ඉතා කැපවීමෙන් ක්‍රියා කළේය. එය මැතිවරණය අපේක්ෂාවෙන් නොව ජනතාවත්, රටත් මාරාන්තික වසංගතයෙන් බේරා ගැනීමට කළ  මෙහෙයුමක් බව ජනපතිවරයා කීය. මාස කිහිපයක් අනුගමනය කළ සෞඛ්‍ය ක්‍රියාදාමය අඛණ්ඩව ඉදිරියට ගෙන යන බව රාජපක්ෂ මහතා පැවසීය.

    මේ තත්වය පිළිබඳව ජනතාව අවබෝධයෙන් සිටීමෙන් කිසිදු සෞඛ්‍ය ගැටළුවකින් තොරව මැතිවරණයට මුහුණදිය හැකි බව ද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

    මැතිවරණයට අදාළ මූලික සැකසුම් සකසා ඇති බවත්, නිලධාරීන් ආරක්ෂක අංශ ඇතුළු සෙසු සියලු පාර්ශ්ව ඊට දායක කර ගන්නා බවත් මැතිවරණ කොමසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා සඳහන් කළේය.

    මැතිවරණ රාජකාරි සඳහා නිලධාරීන්ගේ අනිවාර්යය සහභාගීත්වය තහවුරු කිරීමට නෛතික පදනමක් සැකසීමේ වැදගත්කම සභාපතිවරයා පෙන්වා දුන්නේය. එකී නියමයන් ආයතන සංග්‍රහයට ඇතුළත් කළ යුතුව ඇතැයි ද දේශප්‍රිය මහතා පැවසීය. මහජන රැළිවලට සහභාගීවිය හැකි සංඛ්‍යාව සහ නිවෙස් වෙත ගොස් කරන  ප්‍රචාරණයේදී සෞඛ්‍යාරක්ෂාව පිළිබඳව සියලු පාර්ශ්ව වගකීමෙන් ක්‍රියා කිරීම මැතිවරණය සාර්ථක කර ගැනීමට උපකාර වන  බව මහින්ද දේශප්‍රිය මහතා කීය.

    මැතිවරණ කාලසීමාව තුළ ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිත කොවිඩ් 19 මර්දන නිර්දේශ ගැසට් පත්‍රයක් මගින් ප්‍රකාශයට පත් කිරීමේ අවශ්‍යතාව ද සභාපතිවරයා පෙන්වා දුන්නේය. සෞඛ්‍ය රෙගුලාසිවලට අනුව ඡන්ද මධ්‍යස්ථානවල ඉඩ පහසුකම් ගැටලුවක් ඇතිවුවහොත් අවශ්‍ය  සහාය ලබාදීමට ද ජනාධිපතිතුමාගේ එකඟතාව පළ විය. ජුලි මස 31 වැනිදා සිට ගම්බිම් බලා පිටත්වන සහ මැතිවරණයෙන් පසු නැවත පැමිණෙන ජනතාව වෙනුවෙන් ප්‍රවාහන පහසුකම් සැලසීම ගැන ද දේශප්‍රිය මහතා අවධානය යොමු කළේය. 

    මැතිවරණ කොමිසමේ සෙසු සාමාජිකයන් වන මහාචාර්ය රත්නජීවන් හූල් සහ එන්.ජේ අබේසේකර, මැතිවරණ කොමිසමේ ලේකම් එච්.එම්.ටි.ඩී. හේරත්, ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර, මුදල් අමාත්‍යාංශයේ ලේකම් එස්.ආර්. ආටිගල, රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ලේකම් ජේ.රත්නසිරි,  සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් විශේෂඥ වෛද්‍ය සංජීව මුණසිංහ යන මහත්වරු ද සාකච්ඡාවට එක්ව සිටියහ.

  • රජය දුන් සහන ජනතාවට ලබා දීම මූල්‍ය ආයතන මගින් කඩාකප්පල් කරනවා –  ඇමති ප්‍රසන්න

    රජය දුන් සහන ජනතාවට ලබා දීම මූල්‍ය ආයතන මගින් කඩාකප්පල් කරනවා – ඇමති ප්‍රසන්න

    කොවිඩ් 19 වසංගතය හේතුවෙන් රජය ජනතාවට ලබා දුන් සහන ලබාදීම මූල්‍ය ආයතන මගින් කඩාකප්පල් කරන බවත් එවැනි මූල්‍ය ආයතන වලට එරෙහි ව වහා පියවර ගත යුතු බවත් කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා අවධාරණය කරයි.

    රටට, ජනතාවට වැඩක් කරන්න නොදෙන පුද්ගලයන්ව එම තනතුරු වලින් ඉවත් කර හෝ ජනතාවට මෙම සහන ලබා දිය යුතු පැවසූ ඇමති ප්‍රසන්න රණතුංග මහතා මහ බැංකුව ඇතුළු මූල්‍ය ආයතන කටයුතු කරන ආකාරය පිළිබදව ජනතාව ආණ්ඩුවට චෝදනා කරන බව ද කීවේය.

    අද (17) කොළඹ පැවති මාධ්‍ය සාකච්ඡාවක දී ඇමතිවරයා මේ බව සදහන් කළේය. මෙහි දී වැඩිදුරටත් අදහස් දැක් වූ ඇමති ප්‍රසන්න රණතුංග මහතා මෙසේ ද කීවේය.

    ජනපතිතුමාගේ වැඩපිළිවෙල ශක්තිමත් කරවන්න පුළුවන් වෙන්නේ මේ මහ මැතිවරණයේ ජනාධිපතිතුමාට වැඩ කළ හැකි ආණ්ඩුවක් නිර්මාණය කිරීමෙන් පමණයි. ඒ සදහා ස්ථාවර ආණ්ඩුවක් අවශ්‍යයි. තුනෙන් දෙකක බලයක් සහිත ආණ්ඩුවක් හැදුවොත් ගෝඨාභය මහත්තයාට වැඩ කරන්න පුළුවන්.

    එක්සත් ජාතික පක්ෂය අද දෙකඩ කැඩිලා. ඒ අය පහුගිය මැතිවරණයේ දී ගත්ත ඡන්ද 54 ලක්ෂයෙන් ලක්ෂ 10 කට වඩා මෙවර අඩුවෙනවා. සාමාන්‍යයෙන් ජනාධිපතිවරණය පැරදුණු පක්ෂයකට මහ මැතිවරණයේ දී තවත් ඡන්ද අඩුවෙනවා. 2015 මහ මැතිවරණ ප්‍රතිඵල බැලුවාම ඒක පැහැදිලි වෙනවා. අපි 2015 දී 58 ලක්ෂයක් ගත්තත් ඒක 48 ලක්ෂයකට බැස්සා. මෙතන එජාපයේ 53 ලක්ෂය 43 ලක්ෂයකට බහිනවා විතරක් නෙමෙයි ඒක දෙකටත් කැඩෙනවා. ඒ කියන්නේ එජාපයට හෝ එජාපයෙන් කැඩී ගිය ආණ්ඩුව තියා විපක්ෂයවත් බේරගන්න පුළුවන් ද සැක සහිතයි.

    යු.එන්.පී එකේ දෙකඩ වීමත් සමග ඔවුන්ට රටේ දේශපාලන බලයක් ගොඩ නැගිය නොහැකි බවට ජනතාව තුළ විශ්වාසයක් ගොඩ නැගී අවසන්. අස්ථාවර ආණ්ඩුවක් බිහි වුණොත් රට තව තවත් ආගාධයට යනවා. මේ නිසා එජාප පාක්ෂිකයන්, ජවිපෙ පාක්ෂිකයන් වගේ ම මධ්‍යස්ථාන ඡන්ද දායකයන් මේ පාර ඡන්දය දෙන්නේ ගෝඨාභය මහතාටයි.

    අපි ජනතාවට සහතිකයක් දෙනවා අපි කිසිසේත් දූෂිතයන් හා අන්තවාදීන් එකතු වී ආණ්ඩු හදන්නේ නෑ. අපිට එහෙම දූෂිතයන් හෝ අන්තවාදීන් සමග එක් ව ආණ්ඩු සෑදීමට සිදු වන්නේත් නෑ. මොකද මේ රටේ ජනතාව අප ගැන විශ්වාසය තබලා තිබෙන නිසා.

    යහපාලන පිළ්ලි තවමත් මේ ආණ්ඩුවේ කකුලෙන් අදිනවා. ඊයේ ජනාධිපතිතුමා කිව්වෙත් ඒකයි. රටේ ආර්ථිකය ශක්තිමත් කරන්න. මේ වසංගතයෙන් පස්සේ ජනතාවට සහන සලසන්න අපි කටයුතු කරමින් තියෙන්නේ. ඒවා ක්‍රියාත්මක නොකරන නිළධාරීන් හදන්නේ ආණ්ඩුව අපහසුතාවයට පත් කරන්න. ඊට ඉඩ දිය නොහැකියි.

    සංචාරකයන් රටට එනවා නම් සංචාරක කර්මාන්තයේ යටිතල පහසුකම් සංවර්ධනය කළ යුතුයි. ආණ්ඩුව ඒකට අවශ්‍ය පියවර ගත්තාම මහ බැංකුව ලියුම් ලියනවා මිසක් ඒ වැඩ කටයුතු ක්‍රියාත්මක කරන්න කටයුතු කරන්නේ නෑ. එහෙම මහ බැංකු නිළධාරින් රටකට මොකට ද? රජයේ පෞද්ගලික බැංකු මූල්‍ය ආයතන කොරෝනා වසංගතයෙන් පසු ජනතාවට දුන් සහන කඩාකප්පල් කරන්න කටයුතු කළා.

    පහුගිය කාලේ සමහර මූල්‍ය ආයතන මේ රටට එන ආයෝජකයන් හූරගෙන කෑවා. හැබැයි උදව්වක් කරන්න කියපුවාම උදව්වක් කරන්නේ නෑ. මේ මහ බැංකුව ඇතුළු මූල්‍ය ආයතන ක්‍රියා කරන ආකාරය ගැන ජනතාව අපට චෝදනා කරනවා. ජනාධිපතිතුමාගේ ප්‍රකාශය ඉතා අවාජ්‍ය ප්‍රකාශයක්. බැංකු හා මූල්‍ය ආයතන වහා ම රජය මගින් නියාමනයකට ලක් කළ යුතුයි. රටට, ජනතාවට වැඩ කරන්න දෙන්නේ නැති පුද්ගලයින් ඉවත් කරලා රටට වැඩක් කරන අය ඒ තැන් වලට පත් කළ යුතුයි.

    මහ බැංකු මහ දවාලේ මංකොල්ල කාපු මහ මොළකරුවන්ට අපි දඩුවම් දෙනවා. සමහරු අහනවා ඇයි අපි තවම ඒ අයට විරුද්ධව පියවර නොගන්නේ කියලා. අපි මේ වන විට ඊට අදාළ පරීක්ෂණ විධිමත් කරලා තියෙනවා.

  • ජාතික ජන බලවේගයේ නීතිඥයෝ ‘ලීසිං නීතිය’ ගැන පූර්ණ විග්‍රහයක

    ජාතික ජන බලවේගයේ නීතිඥයෝ ‘ලීසිං නීතිය’ ගැන පූර්ණ විග්‍රහයක

    ත්‍රීරෝද රථ සංගමයේ සුනිල් ජයවර්ධන මහතාගේ මරණය සම්බන්ධයෙන් ත්‍රීරෝද රථ රියදුරන් සුදු කොඩියක් දාලා ශෝකය ප්‍රකාශ නොකළේ ඇයි කියන ප්‍රශ්නය මතුවෙනවා. කළු කොඩියක් දාලා විරෝධය පාන්න නොපෙළඹුනේ ඇයි කියන ප්‍රශ්නයත් මතුවෙනවා. හේතුව තමන්ට නොවන ප්‍රශ්නයක් ගැන ඉදිරිපත් නොවීමයි.

    ‘ජාතික ජන බලවේගයේ නීතිඥයෝ’ – මාධ්‍ය හමුව අද (14) ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී පැවැත් වුණා. එහිදී විශේෂ අවධානය යොමු වුණේ ලීසිං සමාගම් විසින් ජනතාව සූරාකෑම සහ රජය විසින් ඒ සම්බන්ධයෙන් දක්වන නිහැඩියාව ගැනයි. පොදු ජනතාව විෂයෙහි අතිෂයින් වැදගත් ලීසිං ගිවිසුම් පිළිබද නෛතික කරුණු රැසක් මෙහිදී හෙළි වුණා. එම නිසා අදාළ මාධ්‍ය හමුව සම්පූර්ණයෙන්ම පළ කිරීමට අප පියවර ගත්තා.

    ආණ්ඩුව පත්වෙලා මාස හයෙන් නීතියේ ආධිපත්‍ය බිඳවැටිලා – ජාතික ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් අපේක්‍ෂක, නීතිඥ සුනිල් වටගල

    වර්තමාන ආණ්ඩුව බලයට පත්වෙලා මාස හයක් ඉක්මවා යන අවස්ථාවේ රටේ නීතිය හා ආධිපත්‍යයට අදාලව බරපතළ බිඳවැටීම් ගණනාවක්ම තියෙනවා. ඊට සෘජුවම හෝ අනියම්ව ආණ්ඩුව වගකිව යුතුයි කියන ස්ථාවරයේ අපි සිටිනවා.

    පහුගිය දවස්වල ඇතිවූ සිද්ධීන්වලට විධායකය සෘජුව හෝ අනියම්ව වගකිව යුතුයි. මිනී මැරුම්, අපරාධ සියල්ලටම වගකිව යුතු ආණ්ඩුවක් ලෙස නීතිය ක්‍රියාත්මක කිරීමට අදාළව ලීසිං සමාගමකට අදාළව නිසි ක්‍රියාමාර්ග ගත්තේ නැහැ. ලීසිං සමාගම්වලට අදාළව ඇතිවී තිබෙන ප්‍රශ්න කතාකරන්න ගිය සංවිධානයක සභාපතිවරයෙක් ඝාතනය කළා.

    ලීසිං අරන් තිබෙන අය බොහෝ දෙනක් අසරණ වෙලා. ලීසිං පනත මගින් යැයි කියමින් සංවිධානාත්මක මංකොල්ල කල්ලි වාහන පැහැරගෙන යනවා. ලීසිං සමාගම් පනත යටතේ එවැනි ආකාරයෙන් වාහන පැහැර ගෙන යන්න කිසිම නීතිමය හැකියාවක් නැහැ.

    පොලිස්ථානයක් වෙත පැමිණිල්ලක් කරලා වාහනයක් රැගෙන යන්න හැකි බවට නීතියේ සඳහන් යැයි අනියමින් ඇඟවීම් කර පැහැර ගෙන යාමට කිසිසේත්ම හැකියාවක් නැහැ. එවැනි පැමිණිල්ලක් පොලීසියට කිරීමෙන් පසු පොලිස් නිලධාරීන් නිසි ලෙස අදාල පරීක්‍ෂණ පවත්වා නීතිමය ක්‍රියාදාමයකට යටත්කර අදාල වාහනය සමාගම වෙත ලබාගැනීමයි නිසි ක්‍රමවේදය. නමුත් පොලීසියේ පැමිණිල්ලක් දාලා වාහනයක් රැගෙන යන කල්ලි බිහිවී තිබීම නීතිමය තත්වයක් නෙවෙයි. 

    අද ඒ ප්‍රශ්න සම්බන්ධයෙන් කතා කරන්න ගිය සංවිධානයක නායකයෙක් ඝාතනයට ලක්වෙන තැනට වර්ධනය වෙලා. මේක තනිකරම නීතිය වල් වැදුනු තත්වයක්. ඒ වගේම වින්දිතයන් ආරක්‍ෂා කිරීමේ පනතට අදාළව ඊට අදාළ අධිකාරිය වත්මන් ආණ්ඩුව යටතේ බලාත්මක කර නැහැ. එහි අධ්‍යක්‍ෂ මණ්ඩලය පත්කර නැහැ. මේ නිසා වින්දිතයන් ආරක්‍ෂා කිරීමට අදාල පනත තිබුණාට එහි ක්‍රියාකාරිත්වයක් නැහැ.

    මේ නිසා පැමිණිලිකරුවන්ට සහ සාක්‍ෂිකරුවන්ට බරපතළ තර්ජනයක් ඇතිවෙලා. ඒ නිසා වින්දිතයන් ආරක්‍ෂා කිරීමේ පනතට අදාළ ක්‍රියාමාර්ග වහාම බලාත්මක කරන්න කියලා අපි ආණ්ඩුවට බල කරනවා. අද වනවිට සමාජයේ අපරාධ ක්‍රියාවන් දවසෙන් දවස වර්ධනය වීම නිසා මේ සම්බන්ධ අවශ්‍යතාවය වඩාත් වැඩියෙන් ඇතිවී තිබෙනවා.

    මැරයෝ වගේ පහර දෙන්න පොලීසියට අධිකරණ නියෝගයක් දීලා නැහැ – නීතිඥ ජගත් අබේනායක

    අද රටතුළ ප්‍රසිද්ධියේ අපරාධ සිදුවෙනවා. ඒ සම්බන්බධයෙන් හැමදේකටම දේශපාලන ඇඟිල්ල දිගු කරන්න බැහැ. නමුත් පවතින දේශපාලන තත්වය වක්‍ර ලෙස අපරාධ සිදුවීමට උත්තේජනයක් වී තිබෙනවා. උදාහරණයක් විදිහට රටේ පාර්ලිමේන්තුවක් නැති නිසා මේ ගැන කතා වෙන්න තැනක් නැහැ. මේ නිසා මේ වෙලාවේ ඕනෑ දෙයක් වෙන්න පුළුවන්.

    ජාතික ආරක්‍ෂාව අංක එකට තියාගෙන ආපු රජයක් මේ තියෙන්නේ. උද්ඝෝෂකයන්ට විතරක් නෙවෙයි තමන්ගේ වෘත්තීයමය ප්‍රශ්නයක් සම්බන්ධයෙන් සාකච්ඡා කරන්න යන පුද්ගලයෙකුට පවා ප්‍රසිද්ධියේ පහර දෙන මට්ටමට තත්වයන් වර්ධනය වෙලා. මේ ගැන කතා කරන්න වේදිකාවක් නැති වුණාම විශාල පීඩනයක් ජනතාවට දැනෙනවා.

    මෑතකදී සිදුවුණු උද්ඝෝෂණ සම්බන්ධයෙන් පොලීසිය හැසිරුණු ආකාරය විසංවාදී අදහස් ඉවසාගන්න බැරිවුණාම පාලකයන් මර්දන යාන්ත්‍රණය මුදාහරිනවා. මම මේ සම්බන්ධයෙන් දකින්නේ ඒකාධිපතිත්වය දිහාට අඩියක් තැබීමක් ලෙසයි.

    මිනිස්සුන්ට දේශපාලන අදහස් ඕනෑ තරම් තියෙන්න පුළුවන්. ඒ අදහස්වලට කැමති වෙන්නත් පුළුවන්. අකැමැති වෙන්නත් පුළුවන්. නමුත් ඒ අදහස් මේ විදිහට මර්දනය කරන්න කටයුතු කිරීම නරක පෙර නිම්ත්තක්. උද්ඝෝෂණ ස්ථානයට ගිය නීතිඥවරුන්ට පවා බලපෑම් කරන තත්වයක් තියෙන්නේ. 

    මේක කිසිසේත්ම ඉවසාගෙන බලා ඉන්න හොඳ කාරණයක් නෙවෙයි. පළමු අවස්ථාවේදීම විරෝධය දැක්වූයේ නැත්නම් මර්දනයේ ගල්රෝල ඉස්සරහට තල්ලු වෙන එක නවත්වන්න බැහැ. විනයක් හදන්න නම් ඉස්සෙල්ලාම විනය තියෙන්න ඕනෑ රටේ පාලකයන් මෙහෙයවන පොලීසියට. දේශපාලන වේදිකාවේ තොරොම්බල් කරපු දෙයක් විතරයි විනය ගොඩනගනවා කියන එක. මර්දනයට විනයක් නැහැ.

    මේ සිදුවීමෙන් පේන්න තියෙන්නේ ඒක. කාන්තාවක් උස්සලා වීසිකළාම අපරාධ නීතිය යටතේ ගැනෙන  විශාල අපරාධයක්. පොලීසිය රාජකාරියක් කළා කියලා මේ අපරාධය නැතිවෙන්නේ නැහැ. පොලීසිය පාලනය කරන නීතිරීති තියෙන්නේ මේ වැඩවලට නෙවෙයි. මේ අපරාධ ගැන සමාජයට කොයි තරම් අවබෝධයක් වෙලාද කියන එක ප්‍රශ්නයක්. පොලීසිය තියෙන්නේ අපේ අතේ කියලා හිතන කෙනෙක් මිනී මරන්න පැකිළෙන්නේ නැහැ. පුද්ගලයාගේ ආරක්‍ෂාව නැති වෙනවා කියන්නේ සමාජයේ ආරක්‍ෂාව තහවුරු කරගන්න තියෙන යාන්ත්‍රණය ක්‍රියාත්මක වෙන්නේ නැහැ කියන එක.

    පොලීසිය කියන්නේ සාමාන්‍ය ජන ජීවිතය රැක දෙන්න ඕනෑ පිරිසක්. නමුත් දැන් පොලීසිය නාම පුවරුවක් බවට පත්වෙලා තියෙන්නේ. අධිකරණ නියෝගයක් කඩ කළාය කියලා නිදහසට කරුණු කියන්න බැහැ. මැරයෝ වගේ ගිහිල්ලා මිනිස්සුන්ට පහරදෙන්න අධිකරණය නියෝගයක් දීලා නැහැ. හදන්න ආපු විනය කෝ? ඉස්සෙල්ලා විනයවත් වෙන්න ඕනෑ ආරක්‍ෂක අංශ සහ පොලීසිය. ඒකට නැති විනයක් රටේ හදන්න බැහැ. රටේ අපරාධ ඉතිහාසයක් තියෙන පුද්ගලයන් නීති සම්පාදනය කරන පාර්ලිමේන්තුවට පත්කර නොයවා ජාතික ජන බලවේගය ඉදිරිපත් කරන තිබෙන අපේක්‍ෂකයන් පාර්ලිමේන්තුවට යවන්න ජනතාව පෙළ ගැහෙන්න කියලා ඉල්ලා සිටිනවා.

    බහුතරය හැම වෙලාවේම නිවැරදි නැහැ – නීතිඥ නිරූපා සේරසිංහ

    ශිෂ්ඨසම්පන් සමාජයක විරෝධතා දැක්වීමත් විරෝධතා බාරගැනීමත් නිවැරදි දෙයක්. යම් පාර්ශ්වයක් මේ තත්වය කඩනවා නම් ඒක ශිෂ්ඨ සම්පන්න සමාජයක් වෙන්නේ නැහැ. පාලක පක්‍ෂය විසින් පසුගියදා ඔප්පු කළේ විරෝධතාවයන් බාරගැනීම ප්‍රතික්‍ෂේප කරන බවයි. ඒක ඉතාම බරපතල තත්වයක්. මුළු ලෝකයම ඇමරිකාවේ සිදුකළ ඝාතනය ගැන කතා කරනවා.

    නමුත් අපේ රට ඇතුළේ කාන්තාවක් උස්සලා වාහනයක් ඇතුළට විසිකිරීම සම්බන්ධයෙන් තිබෙන විරෝධය ඉතාමත් අඩුයි. රටක් විදිහට ඉතාමත් ලැජ්ජා වෙන්න ඕනෑ. විරෝධතාවලට පහර දෙනවා වගේම අපරාධ රැල්ල මර්දනය කිරීම ඉස්සරහට දාලා. වර්තමාන පාලකයන්ම මීට කලින් බලයේ සිටි අවස්ථාවේදී ක්‍රියා කළ හැටි අපි දැක්කා.

    අවුරුදු 72ක් පුරා මේ අය කරගෙන ආපු දේවල් තව දුරටත් ඔළුව නමාගෙන, කට වහගෙන, දරාගෙන ඉඳියි කියලා පාලකයින් විශ්වාස කරනවා. නමුත් බහුතරය හැම තිස්සෙම නිවැරදි නැහැ. සුළුතරය වන අපි ප්‍රගතිශීලීත්වයෙන්, දැනුමෙන්, ආකල්පවලින් ඉස්සරහින් ඉන්නවා. ඔවුන්ගේ බලය යොදලා දිගටම මර්දනය පවත්වාගෙන යන්න පාලක පක්‍ෂය හිතනවා නම් ඒකට වැඩි ආයුෂ නැහැ. ප්‍රගතිශීලී මිනිසුන් මේ රටේ තාමත් ඉන්නවා. ඒ කඳවුර නියෝජනය කරන්න අපි සූදානම්. ඒ නිසා මේ දේවල් මේ විදිහට බලාගෙන ඉඳීමෙන් රටක් විදිහට තව දුරටත් ඉස්සරහට යන්න බැහැ. 

    පෙරටුගාමී පක්‍ෂය විසින් පැවැත්වූ විරෝධතාවයට පහරදීම මෑත කාලයේ වෙච්ච සිද්ධිත් එක්ක ගත්තහම ප්‍රභූවරුන්ගේ මළ ගෙවල්වලට එක නීතියකුත් විරෝධතාවයට තව නීතියකුත් ක්‍රියාත්මකවීමක්. ඔය විරෝධතාවයම රතු කොඩිය නැතිව කඳුකරයේ ආණ්ඩුවට හිතවත් වෘත්තීය සංගමයක් දැක්වූවා නම් ප්‍රතිචාරය මීට වඩා වෙනස් වෙනවා. ජාතික ජන බලවේගයේ අපි නීතිය වෙනස්ව ක්‍රියාත්මක කිරීම හෙළාදකිනවා.

    ආණ්ඩුවට ජනතාවගේ ප්‍රශ්න පුරෝකථනය කිරීමේ හැකියාව තිබිය යුතුයි – නීතිඥ චරිත් ගල්හේන

    අපේ මේ හමුව පහුගිය දවස්වල වාර්තා වුණු මළ මිණී කර තියාගෙන යන්න නෙවෙයි. දේශපාලනය අපේ න්‍යාය පත්‍රය නෙවෙයි කියන එක අවධාරණය කරනවා. 1994 ඉඳලා මේ දක්වා බලයට පත්වුණු කිසිම ආණ්ඩුවක් මළමිනී කරතියාගෙන ගිහින් සාධාරණයක් ඉෂ්ඨකර නැහැ. අපි උත්සාහ කරන්නේ මේ සිද්ධිදාමය විසින් මතු කරන සමාජයීය අර්බුදය සාකච්ඡා කරන්න. 

    රටේ සමස්ත ආර්ථිකය මාස 3ක පමණ කාලයක් වැහිලා තියෙනකොට ඇතිවන ප්‍රශ්න ගැන පුරෝකථනය කළ යුතු සහ පුරෝකථනය කළ හැකියි. නමුත් පුරෝකථනය කළ හැකි දේවල් පවා පුරෝකථනය නොකිරීම නිසා ඇතිවන බරපතළ ප්‍රශ්න අපි දැන් දකිනවා. රජයක මූලික වගකීම පැහැර හැරලා. රට වහලා තිබෙන කාලයේදී හමුදාව යොදවලා රට ගෙනියන්න පුළුවන් වගේ මතයක් සමාජ මාධ්‍ය ජාලා හරහා හදලා තිබුණා.

    රට සාමාන්‍ය තත්වයට පත්වෙමින් තිබෙන අවස්ථාවක හමුදාවට කරන්න පුළුවන් කාරණා සීමිතයි. නිරෝධායන පනත යටතේ අතිවිශාල බලතල ප්‍රමාණයක් සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට පැවරී තිබෙනවා. රට වහලා තිබුණු කාලය ඇතුළතදී ඊට අදාළ ආයතන විසින් විශාල කාර්යභාරයක් ඉටු කළා. නමුත් රට තිබෙන්නේ පුළුල් පරාසයක තිබෙන ප්‍රශ්නවලට විසඳුම් ඉදිරිපත් කළ යුතු වටපිටාවක. ලීසිං පහසුකම් ගත්ත මිනිස්සුන්ට ප්‍රශ්න ඇති වෙනවා කියන එක, ලීසිං සමාගම්වලට ලීසිං වාරික අහිමි වෙනවා කියන එක ආණ්ඩුවට පුරෝකථනය කළ හැකියි.

    ඇඳිරි නීිතිය යටතේ  අත් අඩංගුවට ගන්නේ ලීසිං වාරික ගෙවමින් තිබෙන වාහන බව ආණ්ඩුව පුරෝකථනය කළ යුතුයි. වාහනයෙන් උපයන ආදායම මත ලීසිං වාරික ගෙවන මිනිස්සුන්ගේ ජීවිත ගැන ආණ්ඩුව පුරෝකථනය කළ යුතුයි. 225ම එපා කියලා පහුගිය කාලයේ මිනිස්සු කීවාට රටේ පාර්ලිමේන්තුවක් තියෙන්න ඕනෑ මේ වගේ තත්වයන්ට මුහුණ දෙන්න.

    රටේ විවිධ ප්‍රදේශවල ඉන්න මිනිස්සුන්ගේ ප්‍රශ්න, විවිධ වෘත්තීන්වල නියැලී ඉන්න අයගේ ප්‍රශ්න එකිනෙකාගෙන් වෙනස්. ඒ හැමෝම නියෝජනය කරන්නයි පාර්ලිමේන්තුව තියෙන්නේ. ගැසට් නිවේදනයක් නිකුත් කරලා මේ සියලුම ප්‍රශ්න එක් මනුස්සයෙකුට විසඳන්න බැහැ කියන එක සමාජය තේරුම් ගන්න ඕනෑ. මළමිනී විකුණමින් රට පාලනය කරන්න බැහැ කියන සාකච්ඡාව ඇතිවෙන්න ඕනෑ.

    පාර්ලිමේන්තුව විසුරුවා හැරලා තියෙන අවස්ථාවකදී පවා හදිසි තත්වයක් තුළ පාර්ලිමේන්තුව රැස්කිරීමේ බලයත් ජනාධිපතිවරයාට තියෙන බව ජනතා විමුක්ති පෙරමුණත් ජාතික ජන බලවේගයත් පහුගිය කාලයේ අවධාරණය කළා. හදිසි තත්වය වෙනුවෙන් අවශ්‍ය නීති සම්පාදනය කරන්න යළි පාර්ලිමේන්තුව රැස් කරන්න පුළුවන්. එහෙනම් ජනාධිපතිවරයා කරන්න තිබුණේ රට විවෘත කරන අවස්ථාවේදී පාර්ලිමේන්තුව කැඳවා හෝ අධිකරණයේ මතය විමසලා රටට අවශ්‍ය නීති හදාගන්න එකයි.

    ලිසිං ප්‍රශ්න වෙනුවෙන්, බැංකු ණය වගේ ප්‍රශ්න වෙනුවෙන් වගේම ජනතාවගේ අනෙක් ප්‍රශ්න වෙනුවෙන් උත්තර හොයන්න නීති හදාගන්න පුළුවන්. ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂට දේශපාලන කර්තව්‍යයක් කරන්න තියෙනවා. ඒ කර්තව්‍යය හමුදාව හෝ පොලීසිය හෝ තමන් නියෝජනය කරන පොදු ජන පෙරමුණ නියෝජනය කිරීම නෙවෙයි රටේ සමස්ත ජනතාව නියෝජනය කිරීමයි.

    අවුරුදු 5කට බලයදී තිබෙන ජනාධිපතිවරයාට ශක්තිමත් පාර්ලිමේන්තුවක් අවශ්‍යයි. ශක්තිමත් පාර්ලිමේන්තුවක් කියන්නේ 2/3වත්, 5/6ක්වත් ලබාගැනීම නෙවෙයි. 5/6ක පාර්ලිමේන්තුව තමයි මේ රටේ උතුරේ යුද්ධය ඇතුලු සියලුම සිවිල් යුද්ධයන් නිර්මාණය කළේ. ඒ වගේම ඉන්දියාව ඇතුලු විදේශීය රාජ්‍යයන්ට මෙරටට අත තැබීමේ බලය නිර්මාණය කළෙත් ඒ පාර්ලිමේන්තුව. අපි යෝජනා කරන්නේ ඒ වැනි ශක්තිමත් පාර්ලිමේන්තුවක් නෙවෙයි.

    ජනතාවගේ මතය ශක්තිමත්ව සාකච්ඡා කිරීමේ පාර්ලිමේන්තුවක්. පොලීසිය තමන්ගේ බලය ඉක්මවා ගිහිල්ලා කටයුතු කරන අවස්ථාවක ප්‍රශ්න කිරීමේ බලයත් ඕනෑම සාමාන්‍ය මිනිසෙකුටත් තිබෙනවා. ජාතික ජන බලවේගයේ නීතිඥයෝ මේ සම්බන්ධයෙන් විශේෂ අවධානය යොමු කරලා ජනතාවගේ අයිතීන් රකින්න කටයුතු කරනවා.

    මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින්

    නීතිඥ සුනිල් වටගල

    ලීසිං සම්බන්ධ ගිවිසුම්වල කිසිදු ලියවිල්ලක් සිංහලෙන් නැහැ. ඉංග්‍රීසි භාෂාවෙන් තියෙන්නේ. එවැනි තත්වයක් තුළ “තේරුම් කර දුන්නා” යැයි කියන පදනමින් අත්සන් විශාල සංඛ්‍යාවක් ලබා ගන්නවා. ඒක ඇත්තටම ප්‍රශ්නයක්. නමුත් මූලික ගැටලුව ලීසිං ඇරියස් වුණු වාහනයක් ගන්න පොලීසියේ පැමිණිල්ලක් කළා යැයි කියන පදනමින් කිසි කෙනෙකුට වාහනයක් පැහැර ගන්න බැහැ.

    ඒ තැනකදී අපරාධමය අයිතිවාසිකම් සහ සිවිල් අයිතිවාසිකම් කඩ වෙනවා. වාහනයක් ගන්න යනකොට ලීසිං සමාගමක් පොලිසියේ පැමිණිල්ලක් දාලා නඩු භාණ්ඩයක් විදිහට ඒ අදාල වාහනය අධිකරණයට ගෙන යා යුතුයි. ඒ හැර පොලීසියේ පැමිණිල්ලක් දාලා කොල්ලකාරයෙකුට ඇවිල්ලා වාහනයක් අරන් යන්න කිසිම පදනමක් නැහැ. නමුත් සමාජගතවෙලා තියෙන්නේ පොලීසියේ පැමිණිල්ලක් කරලා වාහනයක් අරන් යන්න පුළුවන් කියලයි. ඒක බරපතල වැරදි තත්වයක්. වගකිව යුතු සංගමයක් හැටියට මෙවැනි දේවල් ගැන සමාජය දැනුවත් කරන්න අපි ඉදිරියේදී ක්‍රියා කරනවා. 

    නීතිඥ උපුල් කුමරප්පෙරුම මහතා – එක්සත් ජාතීන්ගේ සිවිල් සහ සමාජීය අයිතිවාසිකම් පිළිබඳ ප්‍රකාශනයන්වලදී දේපළක් දැරීමේ අයිතිවාසකම් ජනතාවට තියෙනවා. ලීසිං කියන්නේ අපි මාසිකව කුලියක් ගෙවලා ආයතනයකින් වාහනයක් ගැනීම වගේ සරල දෙයක්. අපි කුලී ගෙවන්නැත්නම් ආයතනයෙන් ඇවිත් වාහනය අරන් යනවා.

    වාහනයක් කවදා හරි අයිතිකර ගැනීමේ ක්‍රියාවලියේ කොටසක් හැටියට වාරික වශයෙන් අදාල කොම්පැණියට අපි කුලිය ගෙවාගෙන යනවා. නමුත් ලීසිං නීතිය සම්පූර්ණයෙන්ම සැකසිලා තියෙන්නේ සමාගම්වලට වාසිදායක තත්වයකින්. මේක පුරවැසියන්ට වාසිදායක විදිහට අනිවාර්යයෙන්ම සංශෝධනය කරන්න ඕනෑ. ලීසිං කොම්පැණිවලට සීසර්ලා දාලා වාහන උස්සන්න අයිතිය ලැබිලා තියෙන්නේ මේ සංශෝධනය නැති නිසයි. ඒ වගේම ඒ සමාගම්වලට එන පාරිභෝගිකයන්ගෙන් විවිධ අත්සන් අරගෙන පස්සේ නීතිමය තර්ක ඇතිකරන්නේ මේ වගේ තත්වයක් නිසයි. 

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව මේ රටේ රාජ්‍ය භාෂාව සිංහල සහ දෙමළ. ඉංග්‍රීසි කියන්නෙ සම්බන්ධීකරණ භාෂාව. ලීසිං සම්බන්ධයෙන් සිදුවූ ඝාතනයත් එක්ක ලීසිං කොම්පැණිවලින් ඉංග්‍රීසි භාෂාවෙන් දෙන ලියවිල්ලම සිංහල දෙමළ භාෂාවෙන් දෙන ලියවිලි බවට පත්කර ගැනීමට ජනතාව දැනුවත් කිරීමේ වගකීමක් මාධ්‍යයටත් තියෙනවා.

    ලීසිං ගෙවන්න බැරිවෙලා උසාවි එන්නේ ලොකු මුදලාලිලා නෙවෙයි. ත්‍රීවීල් එකක් ගත්ත අය, බස් එකක් ගත්ත අය වගේ ජීවනෝපාය ආදායම් සම්බන්ධ කරගත්ත අය. ඒ අයගේ අසරණකම නිසා ඕනෑම ලියවිල්ලකට අත්සන් කරලා ඊට පස්සේ තමයි අධිකරණ මැදිහත්වීම්වලදී ඇත්ත තත්වය තේරුම් යන්නේ. අධිකරණයට ගෙන එන නඩු භාණ්ඩයක් සම්බන්ධයෙන් පාර්ශ්ව කිහිපයක් හිමිකම් කියනවා නම් ලබාදිය යුත්තේ කාටද කියලා අධිකරණය තීරණයක් ගන්නවා. 

    නීිතිඥ මංජුල බාලසූරිය

    ලීසිං සම්බන්ධයෙන් අපේ රටේ බලපැවැත්වෙන්නේ 2000 අංක 56 දරන පනත. මේ යටතේ ඇතිවෙන්නේ ගිවිසුමක්. ගිවිසුමකදී ඉන්න පාර්ශ්ව දෙක සමාන තත්වයන් යටතේ ඉන්න බව පිළිගන්නවා. නමුත් ලීසිංවලදී එක පාර්ශ්වයක් ඉහළින් සහ අනෙක් පාර්ශ්වය පහළින්. ගිවිසුම් තියෙන්නේ  ඉංග්‍රීසියෙන්. මේ නිසා පටන් ගැනීමේදීම සමාන පාර්ශ්වයන් කියන කොන්දේසිය ගිළිහිලා.

    ලීසිං ක්‍රියාවලියේ මුදල් නොගෙවීමකදී ක්‍රියාකළ හැකි මූලික ආකාර දෙකක් තියෙනවා. උසාවි මාර්ගයෙන් වාහනයේ සන්තකය අත්කර ගැනීම සහ හිඟ මුදල් ගැන අදාල ගිවිසුම්කරුට දන්වා ඉන් සතියකට පසු ගිවිසුම අවලංගු කර වාහනය අත්කර ගැනීම යන ක්‍රම දෙකයි. දෙවැනි අවස්ථාව ක්‍රියාත්ක කිරීමේදී පොලීසියේ පැමිණිලි කර පොලිස් නිලධාරී මහත්මයෙකුගේ සහයෝගය ලබාගන්න ඕනෑ. එහෙම ලබාගෙනත් අදාල සිද්ධිය නිසා සාමය කඩ වෙනවා නම් කොහොමවත්ම වාහනය ලබාගන්න බැහැ. 

    මේ ආයතන නියාමනය කරන්න රජය මැදිහත් වෙන්න ඕනෑ මේ වගේ තත්වයන් නිසයි. ත්‍රීරෝද රථ සංගමයේ සුනිල් ජයවර්ධන මහතාගේ මරණය සම්බන්ධයෙන් ත්‍රීරෝද රථ රියදුරන් සුදු කොඩියක් දාලා ශෝකය ප්‍රකාශ නොකළේ ඇයි කියන ප්‍රශ්නය මතුවෙනවා. කළු කොඩියක් දාලා විරෝධය පාන්න නොපෙළඹුනේ ඇයි කියන ප්‍රශ්නයත් මතුවෙනවා. හේතුව තමන්ට නොවන ප්‍රශ්නයක් ගැන ඉදිරිපත් නොවීමයි.

    අවුරුදු 70ක් මේ රට පාලනය කරලා තියෙන්නේ මේ ක්‍රමයටමයි. කෞටිල්‍යගේ අර්ථ සාස්ත්‍රය අනුව රට භේද කරලා රට පාලනය කිරීමයි අද දක්වාව සිදුවෙන්නේ. ඊට අමතරව දණ්ඩණය තියෙනවා. මේ භේද කිරීම නිසා අනෙක් කෙනාගේ ප්‍රශ්නයක් වෙනුවෙන් තව කෙනෙක් නැගී හිටින්නේ නැහැ.

    ජාතික ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් අපේක්‍ෂක, නීතිඥ හර්ෂණ නානායක්කාර

    පාර්ලිමේන්තුවේ ප්‍රධාන වගකීම මොකක්ද කියලා ජනතාව දන්නේ නැහැ. ජන ජීවිතවලට බලපාන ප්‍රධාන අන පනත් නිසි ලෙස සම්පාදනය කිරීම, ඒ වගේම මහජනතාවගෙන් ලබාගන්නා බදු මුදල් නිසි ලෙස වියදම් කරනවාද කියන කාරණාව පිළිබඳ වගකීමත් පාර්ලිමේන්තුවට තියෙනවා. නමුත් ජනතාව දන්නේ පාලම් බෝක්කු විවෘත කිරීම විතරයි.

    මේ තත්වය වෙනස් කරන්න ජාතික ජන බලවේගයේ අපේක්‍ෂකයන් සියලු දෙනාම පෙළ ගැහී ඉන්නවා. පාර්ලිමේන්තු කාර්යභාරය මොකක්ද කියන අවබෝධය සහිත කොටසක් පාර්ලිමේන්තුවට යැවීම වගේම මානවවාදීන් පිරිසක් යැවීමේ හැකියාවත් අපිට තිබෙනවා. ඒ සම්බන්ධයෙන් තීන්දුව ජනතාව ගත යුතුයි. 

    සාමකාමී උද්ඝෝෂන අපේ ව්‍යවස්ථාවෙන් ලබාදී තිබෙන අයිතියක්. ඒ නිසා කිසිදු අධිකරණයකට, කිසිදු ගැසට් පත්‍රයකට හෝ කිසිදු රජයේ නිලධාරියෙකුට සාමකාමී උද්ඝෝෂණ තහනම් කරන්න කියලා නියෝගයක් නිකුත් කරන්න බැහැ. අධිකරණයත් එහෙම කරන්නෙත් නැහැ.

    උද්ඝෝෂණය කිරීම හරහා රටේ නීතියක් කඩවෙනවා නම් එවැනි අවස්ථාවක ඒ පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමේ හැකියාව තිබෙනවා. ඇමරිකානු තානාපති කාර්යාලය ඉස්සරහා නිරෝධායන නීති කඩවූ බවයි ප්‍රකාශ කර තිබුණේ. නමුත් පසුව හෙළි වුණේ ඒ නීති කඩ නොකළ බව. වැඩි දෙනෙක් අත්අඩංගුවට ගත්තේ ටවුන් හෝල් එකේදී. විනයගරුක රටක් හදන්න නම් ගෝඨාභය රාජපක්‍ෂ මහත්තයට අපි කියන්නේ තමන්ගේ පොලීසිය හදාගන්න කියලා. 

    ජාතික ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක සුසන්ත දොඩාවත්ත

    ඝාතනයට මුල් වුණේ ලීසිං සමාගමක් නෙවෙයි. ණය දෙන ආයතනයක්. අපේ රටේ මහජනතාව අත්සන් කරන ගිවිසුම ගැන අවබෝධයකින් තොරවයි අත්සන් ගන්නේ. මේ තත්වය වෙනස් කිරීම ගැන සමාජය තුළ වෙනම කතිකාවක් ඇතිවෙන්න ඕනෑ.

    සුනිල් මහත්මයා ඝාතනය වුණේ පුද්ගලිකව ඔහුගේ ප්‍රශ්නයක් සම්බන්ධයෙන් නෙවෙයි. ඒ නිසා සමස්ත ජනතාවම හෙළා දැකිය යුතු සමස්ත ත්‍රී රෝද රථ දරන්නන්ගේ ප්‍රශ්නයක්. ඒක දේශපාලන ප්‍රශ්නයක් නෙවෙයි. අපේ රටේ ජනතාවට ලීසිං පහසුකමක් ලබාගන්න ගියාම අදාල සමාගම්වල නීත්‍යානුකූලබව ගැන අවබෝධයක් නැහැ.

    ව්‍යවහාරයේම තියෙනවා “ගොඩ ලීසිං” කියලා. ඒව නිකම්ම නිකං මූල්‍ය සමාගම්. මේවා නීති විරෝධියි. ඒ සම්බන්ධයෙන් මැදිහත්වීම පවතින රජයේ වගකීමක්. රජයෙන් මේ වගකීම ඉටු නොවන නිසා මහජනතාව දැනුවත් කරන්න මාධ්‍යයට විශාල වගකීමක් තියෙනවා. තමන්ගේ අයිතිවාසිකම් සම්බන්දයෙන් ජනතාව දැනුවත් වෙලා ඉන්නවා නම් මේ සම්බන්ධ ප්‍රශ්න අවම වෙනවා. 

    වර්තමානයේ ඇතිවී තිබෙන්නේ ලියාපදිංචිවී තිබෙන ලීසිං සමාගම් පවා බංකොළොත් වීමයි. මහබැංකුව තමන්ගේ වගකීම ඉෂ්ඨ කරනවා නම් මේ විදිහට බංකොළොත් වෙනවාද? මහබැංකුව කරලා තියෙන්නේ මේ සමාගම් ලයිස්තුගත කිරීම විතරයි. ඊට එහා වගකීමක් දරපු බව මහ බැංකුවෙන් පෙනෙන්නේ නැහැ. මිනිසුන් ලියාපදිංචි කළ සමාගම්වලිනුත් අසරණ වෙලා. ලියාපදිංචි නොකාළ සමාගම්වලිනුත් අසරණවෙලා. එනිසා මේ සම්බන්ධයෙන් පැහැදිලිවම වගකිවයුතු ආයතන මෙහෙයවන ආණ්ඩුව වගකියන්න ඕනෑ. 

    නීතිඥ නිමලා සිරිවර්ධන – ශ්‍රී ලංකා මහබැංකුවේ බැංකු නොවන මූල්‍ය ආයතන අධීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අතිරේඛ අධ්‍යක්ෂ

    සාමාන්‍ය ව්‍යවහාරයේ කල් බදු කියලා කියන ණය පහසුකමට අදාලව කොටස් දෙකක් තියෙනවා. කුලී සින්නකර ගිවිසුම සහ කල් බදු ගිවිසුම කියලා. හුඟක් වෙලාවට කල්බදු ගිවිසුමකට එන්නේ අලුත් වාහනයක් සම්බන්ධයෙන් පමණයි. නමුත් තවත් කෙනෙකුගෙන් ලබාගන්න වාහනයක් සම්බන්ධයෙන් හුඟක් වෙලාවට කරන්නේ කුලී සින්නකර ගිවිසුමක් මත ලබාගැනීමයි.

    මේ ගිවිසුමකදී තියෙන්නේ ලබාගන්නා පුද්ගලයා මාසිකව අදාල මුදලින් 75%ක් ගෙවලා තියෙනවා නම් ඊට පස්සේ ඔහුට ඒ වාහනය සම්බන්ධයෙන් ලබාගැනීමේ අයිතිය තිබෙනවා. මේ වගේ අවස්ථාවක මූල්‍ය සමාගමට වාහනයක් උස්සාගෙන යන්න බැහැ. ඒ සම්බන්ධ පැමිණිලි කරන්න වෙන්නේ පාරිභෝගික අධිකාරියට.

    නමුත් කල්බදු ලීසිං සම්බන්ධයෙන් 2000 අංක 56 පනත මගින් ලබාදී තිබෙන්නේ ඒ සමාගම් මහබැංකුව යටතේ නියාමනය කිරීමයි. ඒ වෙනුවෙන් මහබැංකුවේ ලියාපදිංචි වෙන්න ඕනෑ. ඒ ලියාපදිංචි වෙනකොට අනිවාර්යයෙන් තියෙන කොන්දේසියක් පාරිභෝගිකයන් වන ගිවිසුම් භාෂා 3න්ම ඉදිරිපත් කිරීම. හැබැයි මේ ආයතන ගිවිසුම් අත්සන් කරන්නේ ඉංග්‍රීසියෙන් පමණයි. සමහර ආයතන මූලික කරුණු සම්බන්ධයෙන් විතරක් සිංහල පිටපතක් දෙනවා. නමුත් මේ හැම දේම සම්බන්ධයෙන් සෙයා බැලීමේ මූලික වගකීමක් රජයට තියෙනවා.