Category: සුපිරි Politics

  • කොරෝනා පාලනය කරලා ජනපති ජනතාවට අභය දානය දුන්නා – ප්‍රසන්න

    කොරෝනා පාලනය කරලා ජනපති ජනතාවට අභය දානය දුන්නා – ප්‍රසන්න

    පොහොට්ටුව සන්ධාන ගත වුණේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් සමග මිස මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයා සමග නොවන බවත් ඔහු රටට කළ විනාශයට කිසිසේත් සමාව නොදෙන බවත් කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා අවධාරණය කරයි.

    රට ඉදිරියට ගෙන යා හැක්කේ ඉදිරි මහ මැතිවරණයේ දී ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාට වැඩ කළ හැකි ස්ථාවර ආණ්ඩුවක් පිහිටුවා ගැනීමෙන් පමණක් බවත් එය අද රට හමුවේ ඇති වගකීම බවත් ඇමතිවරයා පෙන්වා දෙයි.

    ඇමති ප්‍රසන්න රණතුංග මහතා මේ බව සදහන් කළේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ  මගින් රටපුරා පවත්වන “ගම දැනුවත් කරමු, අපි යලිත් නැගිටිමු “ රැස්වීම් මාලාවේ නැගෙනහිර කොළඹ ආසනයේ දැනුවත් කිරීමේ රැස්වීමට සහභාගී විමෙනි. රැස්වීමේ ඊයේ (6) නාරාහේන්පිට දාබරේ මාවත ප්‍රජාශාලාවේදී පැවැත්විණ.

    මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ප්‍රසන්න රණතුංග ඇමතිවරයා මෙසේද කීවේය.

    “ පසුගිය ජනාධිපතිවරණයේදී රටේ ජනතාව තුළ විශ්වාසයක් තිබුනා රට ගොඩනැගිය හැකි නායකයා ගෝඨාභය රාජපක්ෂ මහතා කියලා. ඒ නිසයි ජනතාව අපට ඡන්දය දුන්නේ. නමුත් එතුමා ජනාධිපති වුනේ වර්තමාන විපක්ෂයට බලය තියෙන පාර්ලිමේන්තුවක.

    ජනාධිපතිවරයා නව අගමැතිවරයෙක්, ආණ්ඩුවක් පත් කලාට පාර්ලිමේන්තුවේ බහුතර බලය අපිට තිබුණේ නෑ. ඒ අය කලේ කකුලෙන් අදින එකයි. පණතක් සම්මත කරගන්න දුන්නේ නෑ. ගේන්න හදන පරිපූරකයට මොකද කලේ කියලා මේ රටේ ජනතාව දන්නවා. මේ සියල්ල නිසා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාට වැඩ කරන්න පුළුවන් ආණ්ඩුවක් හදන්න මහ මැතිවරණය කැඳවුවත් කෝරෝනා වසංගතය නිසා එය කල් ගියා.

    අද ඇමරිකාව, යුරෝපය, එංගලන්තය වැනි රටවල් මේ කොරෝනා වසංගතයට මුහුණදෙන්න බැරිව අසරණ වි තිබෙනවා. මිනිස්සු දහස් ගාණක් මැරෙනවා. පාලනයක් නොකිරීම හා අවධානයක් නොතිබීම තමයි ඒකට හේතුව. ඒත් අපේ ජනාධිපතිතුමා පලවෙනි සතියේම ගුවන්තොටුපල වහලා ඇඳිරි නීතිය පනවලා රටම ලොක්ඩවුන් කරලා රටත්, ජනතාවත් සුරක්ෂිත කරන්න පියවර ගත්තා. එහෙම නොවුනා නම් අපේ රටේ ජනගහණයෙන් භාගයක් කොරෝනා නිසා මිය යනවා. එදා යුද්ධය දිනලා මහින්ද මහත්තයා මේ ර‍ටේ ජනතාවට අභයදානය දුන්නා වගේ ම මෙදා කොරෝනා වසංගතය පාලනය කරලා රටේ ජනතාවට ගෝඨාභය මහත්තයා අභයදානය දුන්නා. ගෝඨාභය මහත්තයා ජනාධිපතිවරණයේ දී යෝජනා මාලාවක් ඉදිරිපත් කළා.

    සෞභාග්‍යයේ දැක්ම කියලා. ඒ ප්‍රතිපත්තිමය වැඩ පිළිවෙල ක්‍රියාත්මක කරන්න පුළුවන් පාර්ලිමේන්තුවක් පත් කර ගත යුතුයි. සදුදා වෙනකොට මැතිවරණ කොමිසම දින නියම කරනවා. සෞඛ්‍ය අංශ වල මාර්ගෝපදේශ අනුව මැතිවරණය කඩිනමින් පවත්වා රට ස්ථාවර කළයුතුයි. මහා බැංකු හොරකම රටේ දූෂණ කරලා රටේ ආර්ථිකය යහපාලන ආණ්ඩුව කාබසිනියා කරලා දාලා තියෙන්නේ. දේශපාලන ස්ථාවරත්වයත් රට තුළ ඇති නොකර අපිට මේ අර්බුදයෙන් ගොඩ එන්න බෑ.

    දේශපාලනය ස්ථාවරභාවය ඇති කරන්න පුළුවන් පොහොට්ටුවට තුනෙන් දෙකේ බහුතර බලය සහිත පාර්ලිමේන්තුවක් පත් කිරීමෙන් පමණයි. උතුරු නැගෙනහිර එල්.ටී.ටී.ඊ හිතවාදින් සහාය දෙන්නේ සජිත්ට. ඒ මන්ත්‍රීවරුන් 10ක් 15 ක් පාර්ලිමේන්තු එනවා. ඒ නිසා දකුණෙන් අපි ඒකට උත්තර හදන්න ඕනේ. ගම්පහින් අපි මන්ත්‍රීවරුන් 12 ක්, 13 ක් පාර්ලිමේන්තුවට එවනවා. අපේ ම අය කොළඹත් ඒ වගේ පිරිසක් අපිට දිනවගන්න පුළුවන් වුණොත් උතුරු නැගෙනහිර කොටි හිතවාදීන් පාර්ලිමේන්තුවට ඇවිත් සජිත්ට සහාය දුන්නාට වැඩත් වෙන්නේ නෑ.

    මහින්ද මහත්තයා අගමැති වෙන්න තිබුණේ 2015 දී. නමුත් මෛත්‍රී ඒක වැළැක්වුවා. මහින්ද මහත්තයා දින්නත් අගමැතිකම දෙන්නේ නෑ කිව්වා. ඊළගට අනුර යාපා ඇමතිතුමාවයි, බැසිල් ඇමතිතුමාවයි ලේකම් තනතුරු වලින් එළෙව්වා. ඒ නිසා ද අපිට ඒ වෙලාවේ දිනන්න බැරි වුණා. ඒක තේරුම් ගත්ත නිසයි අපි පො‍හොට්ටු පක්ෂය හැදුවේ.

    අපි පක්ෂයක් හදන්න යනවා කියලා ආරංචි වෙලා මෛත්‍රී කිව්වා අපි ව පාරක් පාරක් ගාණේ ඇවිද්දවනවායි කියලා. ඒත් අපි සටන අතහැරියේ නෑ. එදා අපි මේ පක්ෂය පිහිටෙව්වේ රනිල් – මෛත්‍රී ආණ්ඩුවේ තර්ජන මැද. එදා අපි පොහොට්ටු පක්ෂය හැදුවේ නැත්නම් අද ගෝඨාභය මහත්තයා ජනාධිපති වෙන්නෙත් නෑ. දැන් මගෙන් අහයි මොකටද මෛත්‍රීව සන්ධානයේ සභාපති කළේ කියලා.  ඔහුව නම් කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය

    . අපි සන්ධාන ගත වුණේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග මිසක් මෛත්‍රී එක්ක නෙමෙයි. අපි සන්ධානය ගැහුවේ එකතුවෙලා රටට වින කරපු හතුරෝ එළවන්න මෛත්‍රී මේ රටට කරපු විනාශයට මටනම් ඔහුට කවදාවත් සමාව දෙන්න බෑ. ඒ නිසා මා ඔහුට එදත්, අදත්, හෙටත් විරුද්ධයි. ජනතා විමුක්ති පෙරමුණ දන්නේ ටොයිලට් වල සල්ලි ගන්න විතරයි.

    දැන් ඒ පක්ෂය මෙලෝරහක් නැති පක්ෂයක්. මුලින් කියනවා රට වැහුවේ නැති නිසා තමයි කොරෝනා ආවේ කියලා. ඊට පස්සේ කියනවා රට විවෘත කරන්න පිටරට ඉන්න අයට එන්න කියලා. කිසිම ප්‍රතිපත්තියක් නෑ. සමගි ජන බලවේගයටත් එච්චරයි. සමගි ජන බලවේගය, එජාපය, ජවිපෙ කිසිම ප්‍රතිපත්තියක්, වැඩපිළිවෙලක් තියෙන දේශපාලන පක්ෂ නෙමෙයි. මේ අයට මේ පාර ඇපත් නැති වෙනවා.  

    අපේ ආණ්ඩුවක් ඇවිල්ලත් පහුගිය යහපාලන කාලයේ වෙච්ච දේවල් වලට විරුද්ධව පියවර ගන්න බැරිවෙලා තියෙන්නේ වෙන මුකුත් නිසා නෙමෙයි අපිට පාර්ලිමේන්තුවේ බලයක් නැති නිසා. රටට ගැලපෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හදලා, රටේ ප්‍රජාතත්ත්‍රවාදය තහවුරු කරන්න බලය සහිත ආණ්ඩුවක් ඕනේ.

    යහපාලන කාලයේ වෙච්ච මහා බැංකු කොල්ලය ඇතුළු හැටහුටහමාරක් වංචා, දූෂණ වලට සම්බන්ධ අයට එරෙහිව පියවර ගන්න අපි ස්ථාවර ආණ්ඩුවක් හදන්න ඕනේ. අපේ ජනාධිපතිතුමාට ඕනේ විනයගරුක රටක් හදන්න. ඒක කරන්න පුළුවන් ගෝඨාභය මහත්තයට වැඩ කරන්න පුළුවන් ආණ්ඩුවක් හැදුවොත් විතරයි.

  • ‘කොටින්ගේ සැගවුණු මහ මොළය’ කියන්නේ රත්නජීවන් හූල්ටයි – ඇමති ප්‍රසන්න

    ‘කොටින්ගේ සැගවුණු මහ මොළය’ කියන්නේ රත්නජීවන් හූල්ටයි – ඇමති ප්‍රසන්න

    එක්සත් ජාතික පක්ෂයට කඩේ යන මැතිවරණ කොමිසමේ සාමාජික රත්නජීවන් හූල් කොටි පිල්ළියක් බව කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා අවධාරණය කරයි. ඔහු පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට ඡන්දය ලබා නොදෙන ලෙස ඔහු ප්‍රසිද්ධියේ කළ ප්‍රකාශයෙන් මැතිවරණ කොමිසම පිළිබද විශ්වාසය තවදුරටත් කඩ වන බවයි.

    නාරාහේන්පිට දාබරේ මාවතේ ප්‍රජාශාලාවේ ඊයේ (06) පැවති “ ගම දැනුවත් කරමු – අපි යළිත් නැගිටිමු” රැස්වීම් මාලාවේ පළමුවැන්නාට සහාභාගීවීමෙන් පසු මාධ්‍යවේදීන් මතුකළ ප්‍රශ්න වලට පිළිතුරු දෙමින් ඇමතිවරයා මේ බව සදහන් කළේය.

    මෙහි දී වැඩිදුරටත් අචහස් දැක්වූ ඇමතිවරයා මෙසේ ද කීවේය.

    “ මැතිවරණ කොමිසමේ සාමාජිකයෙකු ලෙස රත්නජීවන් හූල් පොදුජන පෙරමුණට ඡන්දය දෙන්න එපා යැයි  ප්‍රසිද්ධියේ කියන්න කිසිදු අයිතියක් නෑ. හූල් කොහොමත් කොටි හිතවාදියෙක්. බෙදුම්වාදියෙක්. ඔහුගේ පැටිකිරිය බලපුවාම ඒක පැහැදිලියි. ඔහු 1980 නයිජීරියාවේ දී කොටින්ට අරමුදල් එකතු කළා කියලා චෝදනා තියෙන අයෙක්.  කොටින්ගේ සැගවුණු මහ මොළය ලෙස සමහරු හදුන්වන රත්නජීවන් හූල් මැතිවරණ කොමිසමට පත් කරන්නේ රනිල් වික්‍රමසිංහ හිටපු අගමැතිවරයායි.

    මෙවැනි පුද්ගලයෙකු ස්වාධින මැතිවරණ කොමිසමට පත් කළේ මොකට ද? කාගේ වුවමනාවටදැ‘යි දැන් පැහැදිලියි. රත්නජීවන් හූල් කොමිසම තුළ මේ ක්‍රියාත්මක කරන්නේ කාගේ වුවමනාව ද? කොටින්ගේ, එක්සත් ජාතික පක්ෂයේ වුවමනාව මිස  වෙන කිසිවක් නෙමෙයි. යහපාලන ආණ්ඩුව පත් කරපු ස්වාධීන කොමිසම නමට විතරක් ස්වාධින බව හූල්ගේ මේ ප්‍රකාශයෙන් ම තහවුරු වෙනවා. ඒකයි අපි කියන්නේ මේ වගේ කොටි පිල්ලි ඉන්න මැතිවරණ කොමිසමෙන් අපි ස්වාධීනත්වය බලාපොරොත්තුවෙන එක හරියට ඉබ්බන්ගෙන් පිහාටු හොයනවා වගේ වැඩක්.

    හූල් වැනි කොටි පිල්ලිවල ග්‍රහණයට ලක්වෙලා තියෙන මැතිවරණ කොමිසම වැනි ස්වාධීන කොමිෂන්  සභා කොහොමද අපි ඇත්තටම ස්වාධීන කරන්නේ කියලා යළි සලකා බලන්න වෙනවා. ඉදිරි මහ මැතිවරණයෙන් තුනෙන් දෙකක බහුතර බලයක් ලබා ගෙන මේ සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගත යුතුයි. හූල් වහා ම තමන් දරණ කොමිසමේ සාමාජික තනතුරෙන් ඉල්ලා අස්විය යුතුයි. ඉල්ලා අස්වෙලා ඔහුට පුළුවන් තමන් කැමති එජාපයට කඩේ යන්න. කොමිසමේ සාමාජිකත්වයේ ඉදගෙන තවදුරටත් කොටින්ට, එක්සත් ජාතික පක්ෂයට කඩේ යන්න ඉඩ දෙන්න බෑ.

    කටුනායක ගුවන් තොටුපළේ පි.සි.ආර් පරීක්ෂණ වලට පෙනී සිටිම ඇමෙරිකානු තානාපති කාර්යාල නිළධාරියෙකු ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධයෙන් අදහස් දැක් වූ ඇමති ප්‍රසන්න රණතුංග මහතා පෙන්වා දුන්නේ ඔහු රාජත්‍රාන්ත්‍රික වරප්‍රසාද වලට මුවා වී මෙය සිදු කර ඇති බවයි. ඒ පිළිබදව ඇමෙරිකානු තානාපති කාර්යාලය සම්පූර්ණයෙන් ම වගකීම භාරගත යුතු බව ද ඇමතිවරයා කීවේය. කෙසේ වෙතත් රාජත්‍රාන්ත්‍රික නිළධාරීයා එම ඇමෙරිකානු තානාපති කාර්යාලයේ මගින් නිරෝධායනයට ලක්කරණ බව පවසා ඇති බවත් ඒ පිළිබදව සෞඛ්‍ය අංශ දැඩි ලෙස අවධානය යොමු කර ඇති බවත් ප්‍රසන්න රණතුංග මහතා මේ සම්බන්ධයෙන් රජය ඉදිරි පියවර ගනිමින් සිටින බව ද අවධාරණය කළේය.

  • දියවන්නා කතා – මහින්ද උදෑසනම ප්‍රසන්න අමතා කිව්ව කතාව කුමක්ද ?

    දියවන්නා කතා – මහින්ද උදෑසනම ප්‍රසන්න අමතා කිව්ව කතාව කුමක්ද ?

    පහුගිය ඉරිදා 31 වැනි දා  ඇමති  ප්‍රසන්න රණතුංග උඩුගම්පළ සිය නිවසේ විශේෂ කටයුත්තක යෙදී සිටියේ ය. ඒ එදිනට යෙදී තිබුණු සිය පියාගේ 12 වන ගුණ සමරුව වෙනුවෙන් පැවැත්වෙන පිංකම සංවිධානය කරමිනි. මොන ප්‍රශ්න තිබුණත් ප්‍රසන්න සිය පියා වූ රෙජී රණතුංගගේ උපන්දින සැමරුම හා ගුණ සැමරුම නොවරදවාම සිදු කරනු ලබයි.

    පිංකමෙන් එකක් අගමැති මහින්ද ගෙන්වා සිදු කිරීම ප්‍රසන්න පුරුද්දක් ලෙස කරගෙන ගියේ ය. එහෙත් මෙවර කොවිඩ් ප්‍රශ්නය නිසා අප්‍රේල් 22 වන දිනට යෙදී තිබුණ රෙජීගේ උපන්දින සැමරුම හෝ 31 වන දිනට යෙදී තිබුණ ගුණ සැමරුම ඔහු කිසිවෙකුට මතක් කළේ නැත.

    සිය පවුලේ අය සමග පිංකමේ කටයුතු සංවිධානය කරමින් සිටි ප්‍රසන්නට උදෑසන දුරකථන ඇමතුමක් ලැබුණේ අගමැති මහින්දගෙනි.

    “ ප්‍රසන්න අද තාත්තාගේ පිංකම නේද? “මහින්ද ඇසුවේය.

    “ ඔව් සර්. අද කර්ෆිව් නිසා අපි පවුලේ අය විතරක් එකතු වෙලා කරනවා. සර්ට මතක් කළේ නැත්තේ ඒකයි.”

    “ ඒකට කමක් නෑ ප්‍රසන්න. මට මතක් වෙලයි කථා කළේ. රෙජීව කොහොම අමතක කරන්නද? ඒකයි මම කථා කළේ… “ මහින්ද කිවේය.

    ප්‍රසන්න එදින පවුලේ උදවිය සමග සිය පියා සිහිපත් කරමින් ඔහුගේ ස්මාරකයට පුෂ්පෝපහාර දැක්වූයේ ය. මහා සංඝරත්නය විෂයෙහි සංඝගත දක්ෂිණාවක් ද පැවැත්විණ. ඊට සහභාගී වු ඉදුරාගාරේ ධම්මරතන හිමියෝ අනුශාසනාවක් කළහ.

    අද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත්තයාට වෙලා තියෙන්නේ මේ රට මෙහෙයවන්න නෙමෙයි. තල්ලු කරගෙන යන්න – ඉදුරාගාරේ හිමියෝ

    “ අද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත්තයාට වෙලා තියෙන්නේ මේ රට මෙහෙයවන්න නෙමෙයි. තල්ලු කරගෙන යන්න. පාර්ලමේන්තුව කියන්නේ ප්‍රතිපත්ති හදන තැනක් මිසක් බලය පෙන්වන තැනක් නෙමෙයි. ඒක මේ ඉන්න සමහරුන්ට නොතේරෙන එකතමයි ප්‍රශ්නේ.” ඉදුරාගාරේ හිමියෝ අනුශාසනා කරමින් කීහ.

    මහ මැතිවරණය කල් දමන ලෙස ඉල්ලමින් සමගිජන බලවේගය ඇතුළු කණ්ඩායම් කීපයක් ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරිපත් කර තිබු පෙත්සම් විභාගයට ගන්නේ ද නැද්ද යන්න පිළිබද ව තීන්දුවක් ප්‍රකාශයට පත් කෙරුණේ පහුගිය අගහරුවාදාය. අගහරුවාදා සවස 03.00 ට පමණ ඇමති ප්‍රසන්න එහි ගියේ තීන්දුව දැනගැනීමටය. ඔහු සමග නිමල් ලාන්සා හිටපු රාජ්‍ය ඇමතිවරයා ද වුයේය. ඇමති සුසිල් ද එහි විය. ශ්‍රේෂ්ඨාධිකරණ නඩු තීන්දුව ප්‍රකාශයට පත් කරමින් මහ මැතිවරණය කල් දමන ලෙස ඉල්ලා තිබු පෙත්සම් 07 ම විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කිරීමට තීරණය කළේ ය.

    තීන්දුව ප්‍රකාශයට පත් කීරීමෙන් පසු ව ශ්‍රේෂ්ඨාධිකරණයේ විදුලි සෝපානය අසළ දී ප්‍රසන්නලාට සමගි ජනබල වේගයේ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර හමුවිය.

    “ ලේකම්තුමා…. දැන් මොකද කරන්නේ ඡන්දයට ලෑස්ති ද? “ . ඇසුවේ නිමල් ලාන්සා ය.

    “ ඔව් ඉතිං වෙන මොනවා කරන්න ද? දැන් ඡන්දය ලෑස්ති වෙන්න එපෑයැ…අපි නම් ලෑස්තියි”. මද්දුමබණ්ඩාර කීවේය.

    “ මොකද තීන්දුව ගැන හිතන්නේ..?”’. ප්‍රසන්න කථාවට මැදිහත් වුයේ ය.

    “ මේක අපිට ඕන වුණේ ජුනි 20 ඡන්ද තියන එක කල් දාගන්න. මොකද කොරෝනා අස්සේ ඡන්දය කරන්න බැරි නිසා. එහෙම ගත්තාම මේත අපේ ජයග්‍රහණයක්…” කියු මද්දුමබණ්ඩාර කඩිනමින් එතනින් ඉවත් වූයේය.

    අධිකරණයෙන් එළියට පැමිණ මද්දුමබණ්ඩාර මාධ්‍ය වෙත කීවේ ද මේ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව ඔවුන්ගේ ජයග්‍රහණයක් බවයි.

    “ මේක මාර කථාවක්නේ… ඡන්දේ කල් දාන්න කියලා පෙත්සම් ඉදිරිපත් කරලා ඒක ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කරපුවාම කියනවා ඒක ඒ ගොල්ලන්ගේ ජයග්‍රහණයක්ලු… මොන හතර බීරී කථාවක් ද ඒක..” ලාන්සා කීවේ ළග සිටි ප්‍රසන්නටය.

    මෙයාලට ඕන වුණේ ඡන්දය කල්දාන්න. අනෙක් වුවමනාව දෙගොල්ලෝ එකතු වෙන එක. ඒකට තමයි මේ ගේම ගැහුවේ. නැතුව ජනතාවට ආදරයට නෙමෙයි – ප්‍රසන්න

    මේ ගේම ගැහුවේ ජනතාවට ආදරයට නෙමෙයි

    “ මේක මේ රටේ මිනිස්සු ගැන හිතලා සද්භාවයෙන් කරපු වැඩක් නෙමෙයි.” ප්‍රසන්න පැහැදිලි කළේය.

    “ මෙයාලට ඕන වුණේ ඡන්දය කල්දාන්න. අනෙක් වුවමනාව දෙගොල්ලෝ එකතු වෙන එක. ඒකට තමයි මේ ගේම ගැහුවේ. නැතුව ජනතාවට ආදරයට නෙමෙයි.” ප්‍රසන්න කීවේය.

    ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව ප්‍රකාශයට පත් කළ දින සවස ප්‍රසන්න ගම්පහ පළාත් පාලන ආයතන ප්‍රධානීන් කැදවූයේ ඉදිරි කටයුතු පිළිබද සාකච්ඡා කිරීමටය. දිස්ත්‍රික්කයේ ආයතන 19 යේ ම පොහොට්ටු ප්‍රධානී හු ඊට එක් ව සිටියහ. ප්‍රසන්න එහි දී ඔවුන්ට ඉලක්කයක් දුන්නේය.

    මේ මැතිවරණයේ දී මට වැඩ 02ක් වෙන්න ඕනේ. එකක් පොහොට්ටුවට ඡන්ද ලක්ෂ 10 ක් වැටෙන්න ඔනේ. අනික මහින්ද අතෑරලා යන්නේ නැති මන්ත්‍රීවරු 13 ක් පාර්ලිමේන්තු යවන්න ඕනේ. අද ඉදලා හැමෝම ඔය ඉලක්කයට වැඩ කරන්න”. ප්‍රසන්න කීවේය.

    මහින්ද අතහැර නොයන 13ක් ගම්පහින් දියවන්නා යවන්න ප්‍රසන්න සැලසුම් කරයි

    “ පහුගිය ජනාධිපතිවරණයේ දී අපි ගම්පහ ඉහළින් ම දිනෙව්වා. ගම්පහ ජයග්‍රහණය සමස්ථ ප්‍රතිඵලයට ලොකු බලපෑමක් වුණා. මේ මැතිවරණයේ දී මට වැඩ 02ක් වෙන්න ඕනේ. එකක් පොහොට්ටුවට ඡන්ද ලක්ෂ 10 ක් වැටෙන්න ඔනේ. අනික මහින්ද අතෑරලා යන්නේ නැති මන්ත්‍රීවරු 13 ක් පාර්ලිමේන්තු යවන්න ඕනේ. අද ඉදලා හැමෝම ඔය ඉලක්කයට වැඩ කරන්න”. ප්‍රසන්න කීවේය.

    පහුගිය සතියේ ප්‍රසන්න රණතුංග ඇමතිවරයා හමු වූ ගම්පහ විදුහල්පතිවරු, ගුරුවරු හා උපකාරක පංති ගුරුවරුන් විශේෂ ඉල්ලීමක් කළහ. පාසල් හා උපකාරක පංති ඉක්මණින් ආරම්භ කිරීම එම ඉල්ලීමයි.

    ඇමති ප්‍රසන්න ඒ මොහොතේම දුරකථනයෙන් අධ්‍යාපන ඇමති ඩලස්ට මේ ඉල්ලීම ගැන කීවේය.

    “ අපි මේ ගැන කටයුතු කරගෙන යනවා මල්ලී. ඉක්මණින් පාසල් පටන් ගන්න අපිත් කැමතියි. ඒත් අපි ඉස්කෝල පටන් ගන්නේ එන හැම ළමයෙකුගේ ම ආරක්ෂාව ගැන සහතිකයක් ලැබුණට  පස්සේයි. ඉස්කෝල පටන් ගත්තාට පස්සේ වියුෂන් පංති පටන් ගන්න පුළුවන්.” ඩලස් කීවේය.

    “මම ඉන්නෙත් ඔය මතේම තමයි. සෞඛ්‍ය ඇමතිතුමිය එක්කත් මම කථා කළා. හැබැයි හැමෝම කියන්නේ ඉස්කෝල පුද්ගලික පංති ඉක්මණට පටන් ගත්තොක් හොදයි කියලායි.” ප්‍රසන්න කීවේය.

    මේ අතර පහුගිය බදාදා ප්‍රසන්න අගමැති මහින්දට ද පාසල් හා පුද්ගලික පංති ආරම්භ කරන ලෙස ඇති ඉල්ලීම ගැන කීවේය. මේ පිළිබද ව ඉක්මණින් පියවරක් ගන්නා බවට මහින්ද ද ප්‍රසන්නට  සහතික වුයේය.

    සටහන – ගජබා නාගහවත්ත

  • 2178/18 ගැසට් පත‍්‍රයෙන් රාජ්‍ය සේවය හමුදා පාලනය යටතට

    2178/18 ගැසට් පත‍්‍රයෙන් රාජ්‍ය සේවය හමුදා පාලනය යටතට

    අංක 2178/18 දරණ ගැසට් පත‍්‍රය මගින් ස්වාධීන රාජ්‍ය සේවය හමුදා පාලනය යටතට පත්කොට ඇතැයි හිටපු පාර්ලිමේන්තු මන්ති‍්‍ර අධිනීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසීය.

    කොළඹදි මාධ්‍ය හමුවක් කැඳවමින් ඒ මහතා වැඩිදුරටත් ප‍්‍රකාශ කරසිටියේ මැතිවරණය දිනය පිළිබද තීන්දුව ලබාදෙන දවසේ රාති‍්‍රයේ මෙම ගැසට් පත‍්‍රය නිකුත් කොට ඇතිබවයි.

    රාජ්‍ය සේවයේ ජ්‍යෙෂ්ඨත්වය අනුව අමාත්‍යාංශ ලේකම්වරුන් ති‍්‍රවිධ හමුදාපතිවරුන්ට වඩා ඉහළ මට්ටමක සිටි බවත් මෙම ගැසට් පත‍්‍රය හරහා අමාත්‍යාංශ ලේකම්වරු ඇතු`එ රාජ්‍ය නිලධාරින් හමුදාපතිවරු යටතට පත්කොට ඇති බවත් පැහැදිලිවම මෙමගින් රාජ්‍ය සේවය මිලිටරිකරණයට පත්කොට ඇතැයි ඒ මහතා ප‍්‍රකාශ කළේය.

    මාධ්‍ය හමුව අමතමින් වැඩිදුරටත් අදහස් දැක්වූ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා මෙසේද පැවසීය.

    අංක 2178/18 ගැසට් පත‍්‍රයක් මගින් 12 දෙනෙකුගෙන් සමන්විත ජනාධිපති කාර්ය සාධක බලකායක් පත්කරලා තිබෙනවා. ඒ දොලොස් දෙනාම හමුදා නිලධාරින්. මේකේ භයානකකම තමයි අපේ කීර්තිමත් රාජ්‍ය සේවය මේ කාර්ය සාධක බලකාය යටතට පත්කරලා තිබෙනවා. ති‍්‍රවිධ හමුදාවේ උසස් නිලධාරින් දොලොස් දෙනෙක් සිටිනවා. මේ ගැසට් පත‍්‍රය අනුව අපේ රාජ්‍ය සේවයේ නිලධාරින් සිය`එ දෙනාම කාර්ය සාධක බලකායෙන් ලබාදෙන නියෝග කි‍්‍රයාත්මක කරන්න ඕන. මේක අපේ ව්‍යවස්ථාවට පටහැනියි. මොකද රාජ්‍ය සේවය ස්වාධීන ආයතනයක්. අපේ රටේ ව්‍යවස්ථාවට අනුව රාජ්‍ය සේවය පාලනය වෙන්නේ රාජ්‍ය සේවා කොමිසමෙන්. ඒ වගේම රාජ්‍ය සේවයේ ජේ්‍යෂ්ඨත්වය අනුව අමාත්‍යාංශ ලේකම්වරයා සිටින්නේ ති‍්‍රවිධ හමුදාපතිවරුන්ට වඩා ඉහළින්. නමුත් මේ මේක කණපිට පෙරළලා. සිය`එ රාජ්‍ය සේවකයන් මේ කාර්ය සාධක බලකාය යටතට ගෙනත් තිබෙනවා. ඔවුන් දෙන නියෝග කි‍්‍රයාත්මක කළේ නැත්නම් ජනාධිපතිට මේ බව ලිඛිතව දැනුම් දෙන්නත් මේ අයට බලය දීලා තිබෙනවා. ඉතින් මේක භයානක තත්වයක්. රට මිලිටරිකරණයට ක‍්‍රමක‍්‍රමයෙන් රැගෙන යන වැඩපිළිවෙලක් වශයෙන් හදුන්වන්න පු`එවන්.

    මේ කාර්ය සාධක බලකායේ සිටිනවා මේජර් ජෙනරල් කමල් ගුණරත්න, ලූතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා, වයිස් අද්මිරල් පියල් ද සිල්වා, එයාර් මාර්ෂල් සුමංගල ඩයස්, වැඩබලන පොලිස්පති සී.ඞී. වික‍්‍රමරත්න, මේජර් ජෙනරල් විජිත රවිප‍්‍රිය, මේජර් ජෙනරල් ජගත් අල්විස්, මේජර් ජෙනරල් සුරේෂ් සාලිය, මේජර් ජෙනරල් ඒ.එස්. හේවාවිතාරණ, කපිතාන් එස්.ජේ කුමාර, එයාර් කොමදෝරු එම්.ඞී.කේ. වාසගේ, නියෝජ්‍ය පොලිස්පති ටී.සී. ඒ. ධනපාල, නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර වශයෙන් 13දෙනෙකු යටතට රාජ්‍ය සේවය යටත් කරලා තිබෙනවා. මේ අය දෙන නියෝග රාජ්‍ය සේවය කි‍්‍රයාත්මක කරන්න ඕන. එසේ කි‍්‍රයාත්මක නොකළහොත් අතිගරු ජනාධිපතිතුමාට ඒ බව දැනුම්දෙන්නත් බලය දීලා තිබෙනවා.

    මම රාජ්‍ය සේවයෙන් අහනවා මෙම නියෝග පිළිගන්න ඔබ සූදානම්ද ? ඒ වගේම කාර්ය සාධන බලකායට වගකීම් පවරලා තිබෙනවා. මත්ද්‍රව්‍ය ජාවාරම් වැටලීමට එය වරදක් නැහැ. ඒ වගේම සිරගෙවල් තුළ ඇතිවන යම් යම් සිද්ධීන් පිළිබදව සොයාබැලීමට, භයානකම දේ තමයි සමාජ කණ්ඩායම්වල සමාජ විරෝධී කටයුතු ගැන හොයන්න බලයක් දීලා තිිබෙනවා. මොකක්ද මේ සමාජ කණ්ඩායම්වල සමාජ විරෝධි වැඩ කියන්නේ ? ඒ ගැන පැහැදිලි අර්ථනිරූපණයක් දීලා නැහැ.

    මේකෙන් පළමුව ඉලක්ක කරන්නේ මාධ්‍ය. සිවිල් සමාජය. ඒ වගේම ආගමික නායකයන් සහ ප‍්‍රකාශන සමාගම්. ඉතින් මේක අතිභයානක තත්වයක්. මේ ගැසට් පත‍්‍රය නිකුත් කරමින් රාජ්‍ය සේවය හමුදා පාලනයට යටත් කළේ ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුව දුන්න දවසේ රාති‍්‍රයේ. මේක අපේ රටේ ව්‍යවස්ථාව කණපිට පෙරළීමක්.

    තමුන්නාන්සේලාට මතක ඇති පසුගිය කාලයේ මේ අය සටන් පාඨයක් හැදුවා. විශේෂයෙන් වියත්මගේ අය සම්බන්ධ වෙලා එකම රටක් එකම නීතියක් කියලා. ඒක දැන් රටේ තියෙනවද ? දැන් තිබෙන්නේ එකම රටක් නීති දෙකක්. පසුගිය කාලයේ සිදුවු සිද්ධි දෙස බැලූවාම නිරෝධායන නීති අමුඅමුවේ උල්ලංඝණය වුණා. එදායින් පසුව කොරෝනා නැති කරන්න පත්කරපු කාර්ය සාධන බලකායේ කිසිවෙක් දැක්කේ නැහැ ඒ අය හැංගිලා. අපේ රටේ අහිංසක පුරවැසියන් පනස්දහසක් පමණ අත්තඩංගුවට ගත්තා නිරෝධායන නීති කැඩුවා කියා. නමුත් අපි දුටුවා පසුගිය දවස් වල දහස් ගණන් ජනතාව හා රජයේ ඇමතිවරුන් නිරෝධායන නීති උල්ලංඝණය කරනවා. ඉතිං එකම රටක් එකම නීතියක් තියෙනවාද කියන ප‍්‍රශ්ණය මතුවෙනවා. පාලකයාට එක නීතියක් සාමාන්‍ය ජනතාවට තව නීතියක් තමා අද දකින්න තියෙන්නේ.

    මෙහිදි පැමිණ සිටි මාධ්‍යවේදින් නැගූ ප‍්‍රශ්ණ හා පිළිතුරු මෙසේය.

    ප‍්‍රශ්ණය – මැතිවරණය සම්බන්ධයෙන් අධිකරණය ලබාදුන් තීන්දුව පිලිබද ඔබතුමාගේ අදහස ?

    පිළිතුර – අධිකරණ තීන්දුව අපි පිළිගන්නවා. විශේෂයෙන් අපි අධිකරණයට ගියේ ජුනි 20 මැතිවරණය පැවැත්වීම සම්බන්ධව. අනෙක් කාරණා අපි අධිකරණයට ගිය නිසා ඉල්ලූවා. නමුත් අදටත් මගේ පෞද්ගලික විස්වාසය රටකට මාස 06ක් පාර්ලිමේන්තුව නැතුව යන්න පු`එවන්ද ? ඒකයි මම අහන්නේ.

    ප‍්‍රශ්ණය – විපක්ෂය විසින් ති‍්‍රවිධ හමුදාව, සෞඛ්‍ය අංශ ඇතු`එ රාජ්‍ය යාන්ත‍්‍රණය දේශපාලන අවුලකට ඇදදමනවා යැයි චෝදනාවක් තිබෙනවා.

    පිළිතුර – අපිද ආණ්ඩුව කරන්නේ ? එහෙම අවුලක් තිබෙනවා නම් ආණ්ඩුව වගකියන්න ඕන. විපක්ෂයේ කාර්යභාරය ගැන තේරුම්ගන්න ඕන. විපක්ෂය කියන්නේ ආණ්ඩුව නෙමෙයි. අඩුපාඩුකම් පෙන්වීම තමයි අපේ වගකීම. ඔබතුමාලම කියන්නකෝ දැන් පසුගිය කාලයේ නිරෝධායන නීති අමඅමුවේ උල්ලංඝනය කළා. ඒක හරිද ? ඒ සිය`එදෙනාටම නීතිය කි‍්‍රයාත්මක කරන්න ඕන. මම දැක්කා යුරෝපීය රටක අගමැතිවරයෙකුට දඩ නියම කළා සිපවැළද ගැනීමක් සම්බන්ධයෙන්. රණවිරුවෙක් අසනීප වෙලා මියගියාම එක දවසින් අවසන් කටයුතු කළා. මේ වගේ දවස් 05ක් තියාගන්න පු`එවන්ද ? ඒකයි අපි කියන්නේ එකම රටක් එක නීතියක් තියෙනවද ? මාධ්‍යයේ වගකීම තමයි හරි දේට හරි කියන්නත් වැරදි දේට වැරදි කියන්නත්. ඒත් ඔය අය වැරදි දේට හරි කියා අහගන්න තමයි අපෙන් ප‍්‍රශ්ණ අහන්නෙත් උත්තර බලාපොරොත්තු වන්නෙත්.

    ප‍්‍රශ්ණය – හිරගෙවල්වල අක‍්‍රමිකතා සෙවීම ගැනද මෙහි සඳහන් වන්නේ ?

    පිළිතුර – වගකීම් ගණනාවක් දීලා තිබෙනවා. එකක් තමයි මත්ද්‍රව්‍ය ගැන හොයන්න. ඒකේ වරදක් නැහැ. හිරගෙවල් වල ඇතුලත හා පිටත දේවල් හොයන්න කාර්ය සාධන බලකායක් අවශ්‍ය නැහැ. එක කාලයක හිරගෙදර සියයක් විතර මැරුවනේ. ඒක නීතිපති ඉදිරියේ තියෙන්නේ. මේ විකාර. පළමුව ඒක හොයන්නයි ඕන.

    ප‍්‍රශ්ණය – ඔබතුමාලා මෙයට විරුද්ධව පියවරක් ගන්න බලාපොරොත්තු වෙනවාද ?

    පිළිතුර – අපි නීතිමය පියවර ගැන කල්පනා කරනවා. මාධ්‍යවේදීන් වශයෙන් ඔබතුමාලා මෙය අනුමත කරනවාද ? එහෙම වෙන්න බැහැ. රාජ්‍ය සේවය ස්වාධීනයි.

    – Media unit

  • රවීට ගැසූ මඩ ගැසූ මඩකරියන් ප්‍රසිද්ධියේ සමාව අයැදී.. සත්‍යය ජය ගනී..

    රවීට ගැසූ මඩ ගැසූ මඩකරියන් ප්‍රසිද්ධියේ සමාව අයැදී.. සත්‍යය ජය ගනී..

    ප්‍රධාන ධාරවේ මාධ්‍යයක් දේශපාලනඥයකු සම්බන්ධ ලිපියක් ගැන කණගාටුව පළකර නිවැරැදි කිරීමක් පළකරන්නේ කළාතුරකින්ය.

    ලිපියක් සම්බන්ධව කෙසේ වුවත් පුවතක් සම්බන්ධව නම් කොහෙත්ම අතර මැද සමාදාන තියාගන්න මධ්‍ය ආයතන කටයුතු කරන්නේ නැත.

    ඒ එවැන්නක් නිසා අදාළ පුවත සම්පාදනය කළ මාධ්‍යවේදියා මෙන්ම අදාළ මාධ්‍ය ආයතනයත් දැඩි දුෂ්කරතාවකට මුහුණ දෙන නිසාය. විශ්වසනීයභාවයේ සිට කරුණු කාරනා රැසක් එතැන ඇති බව අමුතුවෙන් කිවයුතු නැත. එසේම මීඩියා උණ සම්බන්ධ හීනමාන ද ඒ තුළ අඩු නැතුව පවතී.

    පසුබිම එසේ නිසා බැරිම, ගැලවීමක් නැතිම තැන මිස කණගාටුව පළකර සටහනක් තැබීම ඉතා කළාතුරකින් සිදුවන්නකි. විශේෂයෙන් විපක්ෂයේ දේශපාලනඥයකුට අදාළව කොහෙත්ම අපේක්ෂා කළ නොහැකි තත්ත්වයකි.

    නමුත් සිදුවූ වරදක් ගැන කණගාටුව ප්‍රකාශ කිරීම මාධ්‍ය ආචාර ධර්ම අනූව උසස් ක්‍රියාවක් බවත් මාධ්‍ය මහත්වරුන්ට මිස මහත්හොරුන්ට එසේ කිරීමට නොහැකි බවත් මෙහිදී අවධාරණය කළ යුතුව ඇත.

    කෙසේ වුවත් මේ සිදුව ඇත්තේ එවැන්නකි. ලංකාවේ ප්‍රධාන ධාරවේ මාධ්‍යක් හිටපු අමාත්‍ය රවී කරුණානායක වෙත තම පුවත සම්බන්ධව කණගාටුවට පළකර ඇත. පුවත පළවී ඇත්තේ 2020 පෙබරවාරි 28 ය. වඩාත් වැදගත් කරුණ වන්නේ පුවතට අදාළ සිදුවීමය. එය 2015 පෙබරවාරි මහ බැංකු බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධවය. එහිද ලංකාවේ සිටි අපකීර්තිමත් ජනාධිපති සිරිසේන පත්කළ ජනාධිපති කොමිසමේ වාර්තාව පදනම් කර ගනිමින් ය.

    රවීට ගහන්නේ ඇයි ?

    රවී කරුණානායක කියන්නේ ලේසි පහසු දේශපාලනඥයෙක් නොවේය. පසුගිය දශක දෙකක පමණ කාලය තුළ එජාපය ගේමක් ගැහුවා නම් ඒ පසුපස අනිවාර්යයෙන් රවී සිටියේය.

    සැබවින්ම රවී කියන්නේ ලලිත් – ගාමිණි සුසංයෝගය ආභාෂයෙන් හැදුණු වත්මන් ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන‍‍‍‍‍‍යේ ඔස්තාර් කෙනෙකි. ආර්ථිකය ගැන ඕලාරික කතා කියන පිස්සු ආචාරියන්ට වඩා කාටත් තේරෙන සරල බසින් ආර්ථික කරුණු පැහැදිලි කිරීමේ නිපුනයෙකි. ප්‍රායෝගික දේශපාලන ජීවිතය සහ ජනතාව සංවේදී ආර්ථික පැතිතල ගැන රවී කරුණානායක සමග හැරෙන්නත් අමාරුය. එපමණක් නොව බොහෝ දේශපාලනඥයින්ට නැති , අහිමිකරගත් දෙයක් රවී සතුව සුරක්ෂිත ලෙස ඇත. ඒ ආදරණීය පවුල් ජීවිතයක් ය.

    කවුරුත් නොදන්නවාට රවීගේ දේශපාලන හතුරන් දරාගත නොහැකි ඊර්ෂ්‍යාවකින් පෙළෙන්නේ ඒ ගැනය. මඩේ ඔබා ගලේ ගසා මැඩිය නොහැකි ප්‍රායෝගික දේශපාලනඥයෙක්, ආර්ථිකය සම්බන්ධව ප්‍රාමාණිකයෙක්, ආදරණීය සැමියෙක්, දරුවන්ට කට හැර තාත්තේ කිව හැකි චරිතවත් පියෙක්..ගැන පිසාචයන්, පිංපියන්, බඩගෝස්තරවාදීන්, බඩුකාරයන් අවුල්වීම සාධාරණය. මෙහි අසාධාරණයත් රවීට ය. ඒ ඔහු දෙස බලා අවුල් වූ අය අවුලේ සැබෑව සඟවා බොරු කෝටි ගනන් පැවසීමය.

    කොළඹ රවී !

    අනෙක් අතට රවී කරුණානායක දේශපාලනය කරන්නේ කොළඹය. කොළඹ දේශපාලනය කරන අති බහුතරයට පාතාලය නැතුව බැරිය. නමුත් රවීට කොළඹ දේශපාලනය කරන්න පාතාලය අවශ්‍ය නැත. ඒ රවී සතු අද්භූත බලයක් නිසා නොව ඔහුගේ ඇති මනුෂ්‍යත්වය නිසාය. කොටින්ම රවීගේ PR එක සමග හැරෙන්න හැකි දේශපාලනඥයකු වර්තමානයේ නැත. අන්න ඒ නිසා රවීට පාතාල අනවශ්‍ය අතර කොළඹ ඕන වැඩකට ඕන තරම් මිනිස්සු රවීට ඇත.

    රවී සද්ද නැතුව වැඩ !

    ඊට ආසන්න සාක්ෂිය කොවිඩ් 19 ඇඳිරි නීතිය අවස්ථාවේ රවී කළ නිහඬ සේවයය. ඇත්තටම කොළඹට පමණක් නොව දිස්ත්‍රික්ක ගණනාවක දුප්පත් ජනතාව වෙත වියළි සලාක සහ එළවළු මළු කීයක් බෙදුවාද රවී දන්නෙත් නැත. මේ බෙදන්නේ දියනියන් තිදෙනකු වෙත උරුම කරන්න ඇති දේපොළ බව රවී හිතන්නෙත් නැත. රවීට අවශ්‍ය අවස්ථාවේ හැටියට නැති කෙනාට හිත පිරෙන්න සැලකීමය. එහෙම බෙදුවා කියා රවී හිඳෙන්නේද නැත. ඒ “දෙන්නාට වැඩි වැඩියෙන් ලැබෙන” ලෝක නියාමය අනුවය. එහෙම රවීට පාතාලන් මොකටද ? ‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍රවීගේ ඒ කැරැක්ටර් එක පැහැදිලිය. කිළුටු නැත. කොටින්ම රවී කොළඹ වතු ජනතාවගේ දුප්පත්කම දඩමීමා කරගෙන සොත්ථි උපාලිලා හදලා නැත. පාතාලයන් , මැරයන් අවශ්‍ය මිනිස්සු හම්බු නොකළ අයටය.

    කොළඹ දේශපාලනය කරන බහුතරයක් දේශපාලනඥයින් රවී සමග උඩින් මෙන්ම යටින් ඔරොප්පු සහ ඊර්ෂ්‍යාව ඒ නිසා බව දතයුතුය.

    රවීගේ සල්ලි !

    යමෙකුට මෙය රවීගේ සල්ලි කියා හිත හදාගන්න පුළුවන. නමුත් එය සියයට සියයක් නිවැරැදි නැත. රවී කියන්නේ ව්‍යාපාර කිහිපයක හිමිකරුවකු සහ වෘත්තීය ගණකාධිකාරිවරයෙකුය. ඒ හරහා රවී ඇති වෙන්න සල්ලි හම්බකර ඇත. ඒවා නීත්‍යානුකූල ඉපයීම් ය. ඒ හරහා ඇතිවෙන්න මුදල් හම්බකළ රවීට දේශපාලනයෙන් සල්ලි හොයන්න අවශ්‍ය නැත. එහෙත් රවීට අද ගහන්නේ දේශපාලනයෙන් සල්ලි හෙව්වා කියාය.

    එහෙත් ඇත්ත එය නොවේය. එය ඉතා පැහැදිලිව රවීගේ දේශපාලන ජීවිතය නැති කරන්න ගහපු මාස්ටර් ගේමක්ය. කෙටියෙන් කිවහොත් දේශපාලනඥයින් කරළියෙන් ඉවත් කරන වැඩ කිහිපයක් ඇත. එයින් ප්‍රධාන ශාරීරිකව ඉවත් කිරීම සහ ප්‍රතිරූපය විනාශ කිරීමය. මෙයින් රවීට එල්ලවූයේ සහ අදටත් එල්ලවෙමින් ඇත්තේ ප්‍රතිරූපය නැසීමය. ඒ බව සාක්ෂි සමග ඔප්පු කරන්න හැකි අතර ඒ ගැන වෙනම ලිවිය යුතුව ඇත.

    සිරිසේන සහ පුත්‍රයෝ !

    සැබවින්ම අතිබහුතරයක් දේශපාලනඥයින් පොහොසත් වන්නේ දේශපාලන බලය උපයෝගි කරගෙනය. එහෙත් රවී සල්ලි හම්බකළේ ව්‍යාපාර හරහා ය. සැබවින්ම රවී දේශපාලනයෙන් සල්ලි හම්බකරා නම් සිරිසේන පාලන සමයේ ඔහු බන්ධනාගාරයේ ය.

    ඒ තරමට හිටපු ජනාධිපති සිරිසේන රවී ගැන සෙව්වේය. ඔත්තු නිලධාරීන් යෙදවීය. අවස්ථා කිහිපයකම අත්අඩංගුවට ගැනීමට කුරුමානම් ඇල්ලීය. කොටින්ම කියනවා නම් 2015 දී ප්‍රජාතන්ත්‍රවාදයේ වීරයකු ලෙස පැමිණි හිටපු ජනාධිපති සිරිසේන අවසානයේ දැක්කත් හිනායන, අඩියක් තිබ්බත් අතක් ඉස්සුවත් උපහාසයට ලක්වෙන තරම් පිස්සෙක් මෙන් වූයේ රනිල්, රවී සහ කිහිපදෙනකුගේ ප්‍රායෝගික දේශපාලනයේ රහස හොයන්න ගිහින්ය.

    සැබවින්ම 2015 ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන කඳවුර 2019 ජනාධිපතිවරණය හමුවේ බිඳ වැටුණු ආකාරය ගැන විමසන සූක්ෂම විමර්ශනයකදී මේ කියන සියල්ල සත්‍ය බව තහවුරු වනු ඇත.

    එක් පසෙකින් රනිල්ලා, රවීලා කන බොන හඳින පළඳින කතා කරන ආකාරය දිරවා ගන්න හිටපු ජනාධිපති සිරිසේන ගේ උග්‍ර සහ අන්ත ග්‍රාම්‍ය හීනමානය ඉඩ දුන්නේ නැත. අනෙක් පසින් සිරිසේන වටේ සිටි සිරිකොතට ගල් ගැසූ පව්කාරයන්ගේ එජාප එරියස් එකය. සැබෑවට සිදුවූයේ උග්‍ර හීනමානයක් ඇති සිරිසේනගේ බලය ඉතා සූක්ෂම ලෙස එජාප බලය ඇල්ලීම වෙනුවෙන් සිරිකොතට ගල් ගැසූ පව්කාරයන් භාවිතා කිරීමය. ඒ තුළ රවීගේ දේශපාලන ප්‍රතිරූපය නැසීම පක්ෂ නායක රනිල් දේශපාලනයෙන් ඉවත් කිරීම තරම්ම එකට සිදුවිය යුතු බව ඉලක්ක වූ බව පැහැදිලිය.

    පට්ට කෙබර නිව්ස් වුණේ ඒ අනූවය. රවී කරුණානායක ගැන ගැසූ කෙබර නිව්ස් තරමට නඩු ගියා නම් තව ගොඩක් අයට Sorry කියන්න වෙන ඉඩ වැඩිය.

    එහෙත් අදටත් රවී මඩකරියන්ගේ ඉලක්කයක් වී ඇතුවා නොවේද ? විශේෂයෙන් අන් කවරදාකටත් වඩා එජාප පාක්ෂික හෘද සාක්ෂිය අවධි කළයුතු මොහොතක් ලෙස මේ මොහොත හඳුනාගෙන කටයුතු කළ යුතුව ඇත.

    රවී විශේෂ වන්නේ ඇයි?

    අපි සරල ප්‍රශ්නයක් අහන්නම්. රෙද්දේ තුත්තිරි පිරිච්ච දේශපාලන පත්තිනි අම්මලා රවීට කියන කතා , කරන චෝදනා පසෙක තියන්න. පාක්ෂික ඔබ ඉල්ලා සිටි මොන වැඩේද රවී නොකළේ කියන්න ? බලය ඇති කළ ඇමැති කෙනෙක් හමුවෙන්න කොච්චර අමාරුද ? ඒත් රවී ඇමතිතුමා හමුවෙන්න අමාරු වුණේ නෑ නේද ? දහසක් බාධා මැද රස්සාවක් දෙන විට ආසනය හෙව්වේ නෑ නේද ? කැරැක්ටර් එකට ගහලා වට්ටන්න යන්නේ එහෙම PR එකක් තියෙන , බලය ඇති විට වගේම නැති විටත් පාක්ෂිකයන්ට සමීපව සිටින මනුස්සයට නේද ? පක්ෂය, නායකයා සහ පාක්ෂිකයන් දුෂ්කරතාවකට මුහුණදී සිටින සෑම අවස්ථාවකම එයින් ගොඩයන උපාය උපක්‍රම සැකසූ ඒ වෙනුවෙන් වෙහෙසුනු රවී රැකගැනීම පවක් ද ? නැත්නම් පව වන්නේ පක්ෂයත් පාක්ෂිකයත් නන්නත්තාර කරමින් බාහිර පිල්ළි හරහා පක්ෂය නටවන තැනට වැඩ කිරීමද ?


  • විපක්ෂයට තිබූ අවසන් අවස්ථාවත් ඉවරයි – ඇමැති ප්‍රසන්න

    විපක්ෂයට තිබූ අවසන් අවස්ථාවත් ඉවරයි – ඇමැති ප්‍රසන්න

    මහ මැතිවරණය පැවැත්වීමට එරෙහිව විපක්ෂය විසින් ඉදිරිපත් කළ පෙත්සම විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය ගත් තීරණය මෙරට ජනතා පරමාධිපත්‍ය සුරැකීමක් බව කාර්මික අපනයන ආයෝජන ප්‍රවර්ධන සංචාරක හා ගුවන්සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

    ප්‍රසන්න රණතුංග ඇමැතිවරයා අවධාරණය කරන්නේ මෙමගින් මෙරට බහුතර ජනතාවගේ අපේක්ෂාවන් ඉටුවූ බවයි. විපක්ෂය විසින් මැතිවරණය කල් දමන ලෙස ඉල්ලමින් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරපත් කර තිබු පෙත්සම් සලකා විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කිරිමෙන් අනතුරුව ශ්‍රේෂ්ඨාධිකරණ භුමියේ දි මාධ්‍යවේදීන් අමතමින් ඇමති ප්‍රසන්න රණතුංග මහතා මේ බව සදහන් කළේය.

    එහිදි වැඩිදුරටත් අදහස් දැක්වු ඇමතිවරයා මෙසේද කිවේය.

    ‘‘මං හිතනවා මේ රටේ ජනතාවගේ පරමාධිපත්‍ය අයිතිය රකින තීන්දුවක් තමයි අද දුන්නේ. අපි ඒ පිළිබද ව පක්ෂයක් හැටියට සංතෝෂ වෙනවා. මොකද පහුගිය කාල සීමාවේදී මේ විපක්ෂය හැමදාම ඡන්දය ඉල්ලන්න ඕන කණ්ඩායම ඡන්දය කල් දාන්න නොයෙකුත් උපක්‍රම, උප්පරවැට්ටි පාවිච්චි කළා. කොරෝනා එක පාවිච්චි කරලා ජනතාවගේ ආරක්ෂාව නැති බව කියන්න පටන් ගත්තා.

    නමුත් මැතිවරණය පිළිබදව අපි පැහැදිලිව කියන්න ඕනේ ඒ අයට ඕන වුණේ ඒ ගොල්ලන්ගේ බෙදීම තුළ, පක්ෂ බෙදීම තුළ ඒ අය දන්නවා මැතිවරණයේ අන්ත පරාජයක් ලබනවා. ඒක වහගන්න මැතිවරණ කොමිසම පාවිච්චි කරලා ඒ ගොල්ලෝ නඩුදාලා උසාවිය හරහා ඒ ගොල්ලන්ගේ තීන්දුව ගන්න හැදුවා. නමුත් මම අද විශ්වාස කරනවා අද විපක්ෂයටම  තීන්දුව ලැබිලා තියෙනවා.

    මැතිවරණ කොමිසමේ වගකීම තමයි ඒ අයට මේ වෙලාවේ බලය පවරලා තියෙන්නේ මැතිවරණයක් තියන්න. නැතුව මැතිවරණ කල් දාන්න නෙමේ. ඒ නිසා ඉතා ඉක්මණින් කෙටි කාලයක් තුළ මේ රටේ ජනතාවගේ අයිතිය සුරකින්න ඕනේ. ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය රකින්න ඕනේ. ස්ථාවර රජයක් පිහිටවන්න ඕනේ. රටේ දේශපාලන ස්ථාවරය ගොඩනගන්න ඕනේ. එතකොට තමයි රටක් හැටියට අපිට නැගිටින්න පුළුවන් වෙන්නේ. මේ ව්‍යසනයෙන් ගොඩ එන්න මේක ඉතාම වැදගත් වෙනවා.“

  • මැතිවරණයට එරෙහි පෙත්සම් විභාගයට ගන්නේද? නැද්ද?- තීන්දුව හෙට සවස 03ට

    මැතිවරණයට එරෙහි පෙත්සම් විභාගයට ගන්නේද? නැද්ද?- තීන්දුව හෙට සවස 03ට

    පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සහ මැතිවරණයට දින නියම කිරීම අභියෝගයට ලක්කරමින් ඉදිරිපත් වී ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් 07 විභාගයට ගන්නේද නැද්ද යන්න සම්බන්ධයෙන් වන තීන්දුව හෙට (02)  පස්වරු 03.00 ට ප්‍රකාශයට පත්කරන බව අදාළ මූලික අයිතිවාසිකම් පෙත්සම් අද (01) දස වැනි දිනටත් සලකා බැලූ අවස්ථාවේදි අගවිනිසුරු ජයන්ත ජයසුරිය මහතා ප්‍රකාශ ක‍‍ළේය. 

    අගවිනිසුරු ජයන්ත ජයසූරිය, බුවනෙක අලුවිහාරේ, සිසිර ද ආබෘෘ , ප්‍රියන්ත ජයවර්ධන සහ විජිත් මලල්ගොඩ යන මහත්වරුන්ගෙන් සමන්විත පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ පෙත්සම් සලකා බැලීම සිදු විය.

  • ලෝකයේ වැඩිම අත්සන් ප්‍රමාණයක් ගැසූ ‘ගිනිස් වාර්තාව’ හිටපු ජනපති සිරිසේනට ?

    ලෝකයේ වැඩිම අත්සන් ප්‍රමාණයක් ගැසූ ‘ගිනිස් වාර්තාව’ හිටපු ජනපති සිරිසේනට ?

    මහ බැංකු බැදුම්කර වංචාවේ ප්‍රධාන සැකකරු වන හිටපු මහබැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මෙරටට ගෙන්වා ගැනීම වෙනුවෙන් ඉදිරිපත් කළ ලිපිලේඛන සඳහා අත්සන් 25,000ක් පමණ යෙදීමට තමන්ට සිදු වූ බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන  පොළොන්නරුවේ පැවැති මාධ්‍ය හමුවකදී හෙළි කළේය.

    පසුගියදා පුවත්පතක පළ වු පුවතක් සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින් හිටපු ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.

    එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් හිටපු ජනාධිපතිවරයා  මෙසේද  පැවසීය.

    “වෝහාරික විගණනය ජනතාව දැනගත්තේ මං පත් කළ කොමිසමේ වාර්තාවෙන්. මෙම වාර්තාව තුළ ප්‍රධාන වගඋත්තරකරු අර්ජුන් මහේන්ද්‍රන්. මම 2019 දි සිංගප්පුරු අගමැතිව පෞද්ගලිකව හම්බවුණා. එහිදී මම කිව්වා සියලු ලිපි ලේඛන එවලා තියෙනවා, අර්ජුන් මහේන්ද්‍රන්ව ලංකාවට භාරදෙන්න කියලා ඉල්ලීමක් කළා. මහේන්ද්‍රන් ගෙන්වා ගන්න නීතිපති දෙපාර්තමේන්තුව හදපු ලිපිවලට මට අත්සන් 25,000ක් ගහන්න වුණා. ඒ නිසා අත්සන් කළ තුන්වැනි දවසේදි අතේ දියපට්ට ආවා. ජනාධිපති විදිහට මම අර්ජුන මහේන්ද්‍රන් ගෙන්වාගන්න අත්සන් ගැහුවා..ඒ විදිහේ වැඩ කොටසක් මම කළා.”

    හිටපු ජනපතිවරයාගේ මේ ප්‍රකාශයට ප්‍රතිකාර දක්වමින් බොහෝ දෙනකු ප්‍රකාශ කළේ මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනපතිවරයාගේ මේ අත්සන් 25,000 කතාව ගිනිස් වාර්තා පොතට යන අත්සන් ගැසීමක් බවයි.

    ‘ඔහු කළ බොහෝ වැඩ ගිනිස් වාර්තා තමයි. හැට දෙලක්ෂයක් ඡන්ද අරන් ඒ ඡන්ද දායකයින්ට පිටුපෑවා. තමන්ගේ පරම දේශපාලන හතුරා ලෙස සලකපු මහින්ද රාජපක්ෂ මහතාව අගමැති කළා. තමන් බලයට ගෙන පක්ෂ නායකයාට කළ හැකි සෑම අපහසයක්ම කළා. ව්‍යවස්ථාව අමු අමුවේ උල්ලංඝණය කළා. පොළොන්නරුවට බිලියන දහස් ගාණක් වැය කළා. අවසානයේ ලංකාවේ පැරණිම හා ප්‍රබලතම පක්ෂය වූ ශ්‍රීලනිපය විනාශ කළා. දැන් නැවත පාර්ලිමේන්තුවට එන්න සිහින දකිනවා. මේ සේරම එකතු කළ විට සිරිසේන මහතාගේ නම ඉදිරියේ ලෝක වාර්තා එකක් නෙමෙයි සීයක් විතර ලියවෙනවා‘ අප කළ විමසීමකට පිළිතුරු දෙමින් බොහෝ දෙනකු කළ ප්‍රකාශවල පොදු හරය විය.

  • පාර්ලිමේන්තුව ප්‍රතිපත්ති හදන තැනක් මිස බලය පෙන්වන තැනක් නොවේ

    පාර්ලිමේන්තුව ප්‍රතිපත්ති හදන තැනක් මිස බලය පෙන්වන තැනක් නොවේ

    වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට සිදු ව ඇත්තේ රට ඉදිරියට මෙහෙයවීමට වඩා රට ඉදිරියට තල්ලු කරගෙන යාමට බව කැළණිය විශ්ව විද්‍යාලයේ සංස්කෘතික අධ්‍යනය අංශයේ මහාචාර්ය අතිපූජ්‍ය ඉදුරාගාරේ ධම්මරතන හිමියෝ පෙන්වා දෙති. උන්වහන්සේ අවධාරණය කරන්නේ පාර්ලිමේන්තුව යනු නීතිරීති සම්පාදනය කරන තැනක් මිස දේශපාලන බලය ‍පෙන්වන තැනක් නොවන බවයි.

    හිටපු ඇමතිවරයෙකු, ආණ්ඩුකාරවරයෙකු වූ දිවංගත රෙජී රණතුංග මහතාගේ 12 වන ගුණ සමරුව නිමිත්තෙන් උඩුගම්පළ ඇමති ප්‍රසන්න රණතුංග මහතාගේ නිවසේ අද (31) පැවති දානමය පුණ්‍ය කර්මයේ දී අනුශාසනාව කරමින් ධම්මරතන හිමියෝ මේ බව සදහන් කළහ.

    සෞඛ්‍ය මාර්ගෝපදේශ වලට අනුව අද (31) උදෑසන දිවංගත රෙජී රණතුංග මහතාගේ ස්මාරකයට පුෂ්පෝපහාර කිරීම ද සිදු විය. ඒ සදහා ඇමති ප්‍රසන්න රණතුංග මහතා හා පවුලේ සැවොම එක් වූහ. ගම්පහ දිස්ත්‍රික්කයේ රෝහල්වල දැඩි සත්කාර ඒකකවල  භාවිතාව සදහා සෞඛ්‍ය උපකරණ, විශ්ව විද්‍යාල සිසු සිසුවියන් 05 කු සදහා ශිෂ්‍යාධාර පිරිනැමීම ද මීට සමගාමීව සිදු විය.

    මෙහි දී තවදුරටත් සිය අනුශාසනාව කළ ඉදුරාගාරේ ධම්මරතන හිමියෝ මෙසේ ද කීහ..

    ‘සමහරු හිතාගෙන ඉන්නේ දේශපාලකයන් කියන්නේ රටකට ප්‍රශ්නයක් වුණ වෙලාවට ජනතාවට කොස් කඩලා, පොල් කඩලා කන්න බොන්න දෙන කෙනෙක් කියලා. දේශපාලකයා කියන්නේ කොරෝනා වෙලාවට කිරි පැකට්, බත් පැකට් හා හාල් පාර්සල් බෙදන කෙනෙක් කියලා සමහරු හිතාගෙන ඉන්නවා. දේශපාලකයා කියන්නේ එහෙම කෙනෙක් නෙමෙයි. දේශපාලඥයාට කාර්යයභාර දෙකයි තියෙන්නේ. එකක් සුභ සාධන වැඩසටහන් කරන එක. ඒ කියන්නේ දුප්පත් මිනිස්සුන්ට හරි නැති බැරි මිනිස්සුන්ට හරි වැඩ කරන එක නෙමෙයි. සුබසාධනවාදී මතයක් සහිත මිනිසුන් සිටින රටකයි දේශපාලඥයා සුබ සාධන වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක කළ යුත්තේ. දේශපාලඥයන් සිටින්නේ  ප්‍රතිපත්ති සැදීමටයි. පාර්ලිමේන්තුව කියන්නේ වෙන එකක් කරන එකක් නෙමෙයි. නීති රීති ප්‍රතිපත්ති සම්පාදනය කරන තැනක්. රටක ජනාධිපතිවරයෙක් පත් වන්නේ රට ඉදිරියට මෙහෙයවන්නයි. ඒත් අද අපේ රටේ ජනාධිපතිවරයාට වෙලා තියෙන්නේ රට මෙහෙයවන්න නෙමෙයි තල්ලු කරගෙන යන්නයි.

    අපේ අවාසනාවට අපේ රටේ බහුතරයක් හිතාගෙන ඉන්නේ මේ රට පහළ වුණේ හෝ මේ රට තියෙන්නේ ඩී.එස්. සේනානායක මහත්තයාගෙන් පස්සේ කියලා. එහෙම නෑ. මේ රට වෙනස් කරන්න බැරි විදිහට වෙනස් කළේ සුද්දෝ. සුද්දෝ ඉන්නකොට එන සතපනහක බේත් පෙත්තක් රටට ගෙන්නුවේ නෑ. එක හාල් ඇටයක්වත් ඉන්දියාවෙන්වත්, පාකිස්ථානයෙන්වත් ගෙනාවේ නෑ. හැම මාසයකට චීනයට කන්න හාල් යවාපු රටක් මේක. මේක දැන් පරපෝෂිත රටක්. මේ යන්නේ පල්ලමකට. මේක රිවස් එකට ගන්න බෑ. හරවලා වෙනත් පාරකට දාගත්තොත් කන්ද නැගිය හැකියි.

    හෙට දවසේ දේශපාලනය ගැන හිතලා අද දවසේ දේශපාලනය කළ යුතුයි. තාත්තාලාට සාධාරණය ඉටු නොකළ දේශපාලකයන් අද දේශපාලනයෙන් අතු ගෑවිලා ගිහින්. ගම්පහින් ඕනේනම් ඒවාට උදාහරණ සපයා ගත හැකියි. රෙජී රණතුංග දිවංගත ඇමතිතුමා ඒ අතින් වාසනාවන්තයි. මොකද එතුමා මිය ගිය දවසේ ඉදන් අද දක්වා අපේ ප්‍රසන්න රණතුංග ඇමතිතුමා වාර්ෂිකව රෙජී රණතුංග ඇමතිතුමාගේ උපන්දිනය සමරනවා. මිය ගිය දවසේ දානමය පුණ්‍යකර්මයක් කරනවා. මාසික දානමය වැඩසටහනක් කරනවා. රෙජී රණතුංග මැතිතුමාගේ අඩීපාරේ යමින් ජනතාවට සේවය කරනවා.  රෙජී මහත්තයා දෙවියෙක් ලෙස සලකන මිනිස්සුන් මේ ගම්පහ ඉන්නේ. ගම්පහට විතරක් නෙමෙයි මුළු රටටම රෙජී රණතුංග වැනි දේශපාලනඥවන් අවශ්‍යයි. 

    හිටපු ඇමතිවරයෙකු, ආණ්ඩුකාරවරයෙකු වු දිවංගත රෙජී රණතුංග මහතාගේ 12 වන ගුණ සමරුව අද (31) ට යෙදි තිබිණි. ඒ වෙනුවෙන් උඩුගම්පළ ඇවිදින මංතීරුව අසල පිහිටි රෙජී රණතුංග සමරු ස්මාරකයට පුෂ්පෝපහාරය දැක්වීම අද පෙරවරුවේ සිදුවිය. කාර්මික අපනයන ආයෝජන ප්‍රවර්ධන සංචාරක හා ගුවන්සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා සහ එම මහත්මිය රෙජී රණතුංග සමරු ස්මාරකයට පුෂ්පෝපහාරය දැක්වූ අයුරු රෙජී රණතුංග මහතාගේ සොහොයුරු ඩැනී රණතුංග මහතාද ඡායාරුපයේ වේ.

  • විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් අතර නොසන්සුන්කාරී තත්ත්වයක් ඇති කිරීමේ සැලසුමක්

    විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් අතර නොසන්සුන්කාරී තත්ත්වයක් ඇති කිරීමේ සැලසුමක්

    විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් අතර නොසන්සුන්කාරී තත්ත්වයක් ඇති කිරීමේ සංවිධානාත්මක වැඩපිළිවෙළක් දියත් වෙමින් තිබෙන බවත් පවතින තත්ත්වය තුළ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හා ආණ්ඩුව අපහසුතාවයට පත් කර පටු දේශපාලන වාසියක් ලබා ගැනීම මේ උසි ගැන්වීම් වල යටි අරමුණ බවත්  කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා විශේෂ ප්‍රවෘත්ති නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කරයි.

    අමාත්‍යවරයා විසින් නිකුත් කළ ප්‍රවෘත්ති නිවේදනය සම්පූර්ණයෙන් පහත පළ වේ.

    කොවිඩ් 19 හෙවත් කොරෝනා වසංගතය හේතුවෙන් තවමත් මෙරටට පැමිණීමට නොහැකි වු විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් අතර නොසන්සුන්කාරී තත්ත්වයක් ඇති කිරීමේ සංවිධානාත්මක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වන බව පෙනේ. විපක්ෂයට සම්බන්ධ ඇතැමුන් මේ පිළිබද ව විවිධ බොරු මත පතුරවන බව පැහැදිලි ය. ඔවුන් උත්සාහ දරන්නේ බොරදියේ මාළු බෑමටය.

    පවතින තත්ත්වය තුළ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හා ආණ්ඩුව අපහසුතාවයට පත් කර පටු දේශපාලන වාසියක් ලබා ගැනීම මේ උසි ගැන්වීම් වල යටි අරමුණ බව අවධාරණය කරමි.

    විදේශගත ශ්‍රී ලාන්කික ශ්‍රමිකයන් හෙවත් රට විරුවන් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා පත් කර ගැනීම සදහා කළ කැපවීම අප කිසිසේත් අවතක්සේරු කර නොමැත. ඔවුන් මෙරටට විදේශ විනිමය රැගෙන එන ප්‍රධාන පාර්ශවයක් වන අතරම මාතෘ භූමියේ අනාගතය පිළිබද විශේෂ දැක්මක් ඇති පිරිසකි.

    පසුගිය දිනෙක කුවේට් රාජ්‍යයෙන් මෙරටට පැමිණි රටවිරුවන් සම්බන්ධයෙන් හිටපු ඇමති මහින්දානන්ද අලුත්ගමගේ මහතා කළ ප්‍රකාශය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ හෝ අපේ ආණ්ඩුවේ මතය නොවේ. එය මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ පෞද්ගලික මතයකි. ඊට ජනාධිපතිවරයා, අගමැතිවරයා හෝ අපේ ආණ්ඩුව එකග නැත. අපට මේ විදේශගත ශ්‍රමිකයන් එදත් අදත් හෙටත් රට විරුවන් ය. එහි වෙනසක් නැත.  

    කොවිඩ් 19 හෙවත් කොරෝනා වසංගතය හේතුවෙන් රටවල් 143 ක විදේශගත ශ්‍රී ලාංකිකයන් 38,983 කට වැඩි පිරිසක් පැමිණීමට අපේක්ෂාවෙන් සිටියහ. විදේශ කටයුතු අමාත්‍යාංශ වාර්තා අනුව සිසු සිසුවියන් 3078 ක් කෙටි කාලීන වීසා බලපත්‍රලාභීන් 4040 ක් සංක්‍රමණික ශ්‍රමිකයන් 27,854 , යැපෙන්නන් 3527 ක්, ද්විත්ව පුරවැසියන් 484 දෙනෙක් හා වෙනත් අය මීට ඇතුළත් ය.

    පහුගිය මාර්තු 19 වන දින ගුවන් තොටුපළ වසා දැමීමෙන් පසු මේ දක්වා රටවල් 21 ක සිර වී සිටි ශ්‍රී ලාංකිකයන් 10,000 කට ආසන්න පිරිසක් දිවයිනට ගෙන්වා ඇති අතර ඔවුන් නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කර ඇත. විදේශ විශ්ව විද්‍යාල වල අධ්‍යාපනය හැදෑරු සිසු සිසුවියන් පුහුණුව සදහා ගිය රජයේ නිළධාරීන් රට විරුවන් හා ඔවුන්ගේ යැපෙන්නන් මේ අතර වෙයි.

    මේ වන විටත් දිවයිනට පැමිණීමට අපේක්ෂාවෙන් මැද පෙරදිග ඇතුළු සියලු රටවල සිටින විදේශගත ශ්‍රමිකයන් දිවයිනට ගෙන්වා ගැනීමේ වැඩසටහන කිසිසේත් අතහැර දැමීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ හෝ රජයේ සුදානමක් නැත.

    විදේශ කටයුතු අමාත්‍යාංශය මේ පිළිබද ව නිරන්තරයෙන් ම ඇමති මණ්ඩලය දැනුවත් කරන අතර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, අගමැති මහින්ද රාජපක්ෂ ඇතුළු ආණ්ඩුවේ ස්ථාවරය වී ඇත්තේ කොවිඩ් 19 වසංගතය හේතුවෙන් මෙරටට පැමීණීමට අපේක්ෂාවෙන් සිටින අවසන් ශ්‍රී ලාංකිකයා දක්වා කුමන තත්ත්වයක් යටතේ වුවද දිවයිනට ගෙන්වා ගැනීමට කටයුතු කළ යුතු බවයි.

    එහෙත් ඒ සදහා කටයුතු කිරීමේ දී රට තුළ සිටින ජනතාව අනතුරේ දමා ඉතාලිය, ඇමෙරිකාව වැනි තත්ත්වයන් රටතුළ නිර්මාණය වීමට ද කිසිසේත් ඉඩ තැබීමට ද ආණ්ඩුවට නොහැකි ය. එවැනි තත්වයක් මතුවුවහෝත් අනතුරට පත්වන්නේ මෙරට සිටින ඔබේ මව පියා ස්වාමිපුරුෂයා හෝ බිරිද නැතහොත් දරු දැරියන්ය. ඒ නිසා මේ සම්බන්ධයෙන් ආණ්ඩුවට කටයුතු කිරීමට සිදු ව ඇත්තේ ඉතා පරිස්සමෙන් බව අප සියලු දෙනා වටහාගත යුතුව තිබේ. රටතුළ සිටින්නේ ද විදේශගත ශ්‍රමිකයන්ගේ ම සමීපතමයන්ය.

    විදේශගත ව පීඩාවට පත්ව සිටින්නේ ද – අනතුරුදායක තත්ත්වයේ සිටින්නේ ද අපේ ම පුරවැසියෝ ය. මේ නිසා පවතින තත්වය පිලිබදව ඉවසීමෙන් සිතා බලන ලෙස අපි මේ මොහෝතේ සියළු රට විරුවන්ගෙන් ඉල්ලා සිටිමු ඔබ මෙන්ම මෙරට සියළු දෙනා ආරක්ෂා කර ගැනීම රජයක් ලෙස අපගේ යුතුකම හා වගකීමයි. ඒ යුතුකම හා වගකීම ජනාධිපතිවරයා හා අගමැතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව කිසිසේත් පැහැර හරින්නේ නැත.

    ඒ නිසා කොවිඩ් 19 වසංගතය හේතුවෙන් පීඩාවට පත් ව සිටින විදේශගත ශ්‍රී ලාංකික රටවිරුවන්ගෙනුත් ඔවුන්ගේ ඥාතීන්ගෙනුත් අප ඉල්ලා සිටින්නේ පටු දේශපාලන ඕනෑ එපාකම් වලට හසු නොවී ඉවසීමෙන් කටයුතු කරන ලෙසයි. ඔබ අපේ මතෘභූමියට කළ සේවය හෝ ඔබේ වටිනාකම අප කිසිසේත් අමතක කර නොමැති බව අවධාරණය කරමි.

  • Hot Plate: අපි ඉක්මනටම ජනතාව වෙනුවෙන් නැගි සිටින්න ඕනේ – රවි

    Hot Plate: අපි ඉක්මනටම ජනතාව වෙනුවෙන් නැගි සිටින්න ඕනේ – රවි

    සටහන – ගජබා නාගහවත්ත

    කොරෝනා වසංගතය ලෝක ආර්ථිකය ගිලගනිද්දි එහි අනිටු ඵල විපාක විදීමට දියුණු වෙමින් පවතින අප වැනි රටවලට ද සිදුව ඇත. ජිවත්වීම, ආර්ථිකය හා සෞඛ්‍ය යන ප්‍රශ්නවල ජනතාව සිරව සිටියදි මැතිවරණයක අවශ්‍යතාවය ද දේශපාලනයේ කරණම් ගසමින් සිටිනා මාතෘකාවකි.

    දින 66 කට පසුව කොළඹ ඇතුළු රටම විවෘත වුවද තවමත් ජනජීවිතය යතාවත් වී නොමැත. ඒ අතර දෙකට වෙන්ව ගිය එක්සත් ජාතික පක්ෂයේ කොටස් යළිත් එක්වීමේ කොළ එළි දැල්වෙද්දි පක්ෂයේ මන්ත්‍රීවරු ඇතුළු ක්‍රියාකාරීන් නායකයාගේ කොල්ලුපිටියේ නිවසට එක් වූවේ පවතින ආර්ථික හා දේශපාලන කරුණු ගැන සාකච්ඡා කිරිමටය.

    “නායකතුමා රටේ පවතින ආර්ථික තත්ත්වය ගැනත් ඉන් ගැලවීමේ මාර්ගය ගැනත් හොද විග්‍රහයක් කළා. රටේ ජනතාව ඉතාම අසීරු ආර්ථික වටපිටාවක ඉන්නේ.” රවි කරුණානායක කතාවට මුල පිරීය.

    “ලෝක ආර්ථික දත්ත අනුව අපි ලොකු මුල්‍ය අර්බුදයක ඉන්නේ. මෙහෙම ඉස්සරහට යන්න අමාරුයි. අපි ලොකු ණය කන්දක හිරි වෙලා. ඒකයි මම කිව්වේ ඇත්ත තත්ත්වය රටට හෙළි කරන්න කියලා. රටක් හැටියට සැලසුමක් නැතුව ඉස්සරහට යන්න බැහැ. සංචාරක ක්ෂේත්‍රය, ඇගළුම් ක්ෂේත්‍රය ගැන දැන්ම විශ්වාසයක් තියා ගන්න බැහැ. ඒ නිසා අපි අලුත් අවස්ථා හොයන්න ඕනේ විදේශ විනිමය ගෙන්න ගන්න. ඒ වෙනුවෙන් හොද විදේශ ප්‍රතිපත්තියකුත් අවශ්‍යයි.” නායකයා පැහැදිලි කළේය.

    “ඩඩිලි සිරිසේනගේ හාල් මෝලට පැනලා ලොකු මාධ්‍ය සංදර්ශනයක් පසුගිය දවසක දැම්මා. මොකක්ද මේ ගැටුම.” චම්පිකා ප්‍රේමදාස තවත් කතාවක් මතු කළේය.

    කටකතාවලින් – සමාජ මාධ්‍යවලින් රටක් ...

    “ඕක එහෙම පිටින්ම බොරුවක්නේ. ඕක ශ්‍රීලනීපයේ හා පොහොට්ටුවේ ගැටුමක්. වැඩි මිලට බඩු වික්කා කියලා ඔය පාරිභෝගික අධිකාරියේ විශ්‍රමික මේජර් ජනරාල්වරයා මැනින් මාකට් එකට ගිහිල්ලා අහිංසක වෙළෙන්දෙක්ට කන පැලෙන්න ගහනවා කියා තර්ජනය කරනවා අපි දැක්කොනේ. හැබැයි ඩඩ්ලි සිරිසේන ගාවට ගිහිල්ලා අත් දෙක එකතු කරලා වැදලා කියනවා වැඩි මිලට හාල් විකුණන්න එපා කියලා. මේවා දකිනකොට මතක් වෙන්නේ ටිබෙට් ජාතික එස්. මහින්ද හිමියන්ගේ කවියක්. උස් තැන් දැක හැකිලෙන්නේ මිටි තැන් දැක පුප්පන්නේ කියලා උන්වහන්සේ ලස්සනට කවියෙන් කියලා තියෙනවා.” නවීන් දිසානායක කී දේ සැවොම හිස සලා අනුමත කළහ.

    “මහ මැතිවරණය අගෝස්තු 15 දා පවත්වන්න යනවා කියලාත් ආරංචි පැතිරෙනවා. ආණ්ඩුව ඉක්මනට ඡන්දය තියන්න කියලා මැතිවරණ කොමිසමට දිගින් දිගටම ප්‍රහාර එල්ල කරනවා. මේක ලොකු ප්‍රශ්නයක්.” වජිර අබේවර්ධන කීවේය.

    “ඔව් අගෝස්තු 15 ත් සැප්තැම්බර් 15 ත් අතර ඡන්දය තියන්න වෙන තත්ත්වයක් තමයි තියෙන්නේ. මොකද අධිකරණ තීන්දුව අනුව තමයි මැතිවරණ කොමිසමට කටයුතු කරන්න වෙන්නේ. එහෙම ගත්තත් දින 70 ක් එයාලා ඕන කියලා අධිකරණයට කියලා තියනවා. මමත් කියන්නේ කොමිසම පැත්තේ අපි හැමෝම හිට ගන්න ඕනේ කියලායි. මේක පක්ෂ විපක්ෂ හැමෝටම බලපාන දෙයක්. කොමිසම රැක්කොත් තමයි ප්‍රජාතන්ත්‍රවාදය රැකෙන්නේ. අද කොමිසමට විරුද්ධව කෑ ගහන අයට වුනත් එයාලා විපක්ෂයට ගිය දවසට මෙවැනි කොමිසමක අගය තේරෙයි. මැතිවරණ කොමිසම ඉන්න ඕනේ ජනතාවගේ පැත්තේ. එහෙම නොවුනොත් අද කෑ ගහන අයත් අමාරුවේ වැටෙනවා. අපි ජනතාවගේ අයිතිය වෙනුවෙන් දිගින් දිගටම පෙනී සිටිනවා. මමත් මේ ගැන කතා කරනවා. පක්ෂයක් ලෙස අපි ස්වාධීන මැතිවරණ කොමිසම රැක ගන්න ඕනේ. මේ හදන්නේ ස්වාධීන මැතිවරණ කොමිසම නැති කරලා දාන්නයි. මොකද 17 වෙනි සංශෝධනයෙන් පවා මැතිවරණ කොමිසම ස්ථාපිත කළාට, ඒක බලසහිත කළේ නැහැ. නමුත් 19 යෙන් තමයි ඒක බලාත්මක කළේ.” නායකයා දීර්ඝ පැහැදිලි කිරිමක් කළේය.

    “ඡන්දය කල් දාන්න ඉල්ලපු පෙත්සම් දැන් විභාග කරනවා. ඒවායේ තීන්දුව ඉදිරියේදි දේවි. ඉන් පස්සේ මොකද වෙන්නේ.” කේ.කේ පියදාස විමසා සිටියේය.

    “නිතිපතියි මැතිවරණ කොමිසමයි දෙපැත්තට බෝලේ පාස් කර ගන්නවා. කොහොමවුනත් මෙතනදි බලය තියෙන්නේ මැතිවරණ කොමිසමට. ඒක නිසා තමයි මැතිවරණ කොමිසමේ ස්වාධීනත්වය නැති කරන්න හදන්නේ. දයා ගමගේ කීය.

    “අපිත් නඩුවක් දාලා තියෙනවා මැතිවරණය කැදවිමේ ජනාධිපතිවරයාගේ ගැසට් නිවේදනය ජුනි 02 දායින් පසුව බලරහිත වෙනවා කියලා. අධිකරණය එය පිළිගත්තොත් මොකද වෙන්නේ.” කේ.කේ පියදාස යළිත් හඩ අවදි කළේය.

    “නීතිපති කියන්නේ ගැසට් නිවේදනය අවලංගු වෙන්නේ නැහැ කියලායි. හැබැයි ව්‍යවස්ථානුකූලව ජනාධිපතිවරයාගේ මැතිවරණය කැදවිමේ ප්‍රකාශය ලබන 02 දායින් අවසන් වෙනවා. මොකද ජනාධිපතිවරයාගේ ගැසට් නිවේදනයට බලය තියෙන්නේ මාස 03 කට පමණයි. එතනදි කථානායකට බලය එනවා පාර්ලිමේන්තුව කැදවන්න. නමුත් මෙතන ගැටුමක් තිබෙන නිසා ඒ සම්බන්ධයෙන් අධිකරණ තීන්දුව වැදගත් වෙනවා. අපි අධිකරණයෙන් ගන්න බලන්නේ පාර්ලිමේන්තුව යළි කැදවීමේ බලය කතානායකට තිබෙන බවට නියෝගයක්.” මහලේකම් අකිල සදහන් කළේ පක්ෂය වෙනුවෙන් නඩුව ගොනු කළ පෙත්සම්කරුගේ භූමිකාව ඉටු කරමිනි.

    “ඉන් පසුව ජනාධිපතිවරයාට පුළුවන් පාර්ලිමේන්තුව යළි විසුරුවනවාද කියලා තීන්දුවක් ගන්න. එහෙම නැතිනම් අගෝස්තු මාසයෙන් පස්සේ පාර්ලිමේන්තුවේ නිල කාලය අවසන් වෙන නිසා මැතිවරණ කොමිසමට බලය එනවා මැතිවරණය තියන්න. පාර්ලිමේන්තුව කැදවිමේ දිනය ඒ අනුව ජනාධිපතිවරයාට ප්‍රකාශ කරන්න පුළුවන්.” නායකයාද කතාවට අලගු තැබීය.

    “සජිත්ගේ කණ්ඩායමට ගිය පිරිසක් නායකතුමා එක්ක කතා කර කර හිටියා. දැන් ඒ අය එන්න ලැහැස්තිද? පත්තරවල ගිහින් තිබුණා 12 ක් ආයේ පක්ෂයට එනවා කියලා. චම්පිකා ප්‍රේමදාස යළිත් කතාවට හවුල් වුවේ මාතෘකාව වෙනතකට හරවමිනි.

    “ඔව් අපිත් එක්ක පිරිසක් කතා කරමින් ඉන්නේ. පක්ෂය දැනට ගිය අයගේ පක්ෂ සාමාජිකත්වය තාවකාලිකව අත්හිටුවලා තියෙනවා. මේ ගැන අපි ලබන සිකුරාදා කෘත්‍යාධිකාරි මණ්ඩලය රැස් කරලා කතා කරමු. මම නම් හිතන්නේ මේ අයගෙන් එන්න කැමති කණ්ඩායම ගත්තාට කමක් නැහැ කියලායි. නමුත් අපි බහුතර මතයට අනුව කටයුතු කරන පක්ෂයක් නිසා කෘත්‍යාධිකාරි මණ්ඩලයේ තීන්දුව අනුව කටයුතු කරමු.” නායකයා කීවේය.

    “කෘත්‍යාධිකාරි මණ්ඩලය රැස් කලාම තවත් පරිපාලන තීන්දු රැසක් ගන්න තියෙනවා. මැතිවරණයට මුහුණ දෙන්නත් අවශ්‍ය කටයුතු මෙතනදි කතා කරලා අවසන් කරන්න පුළුවන්.” මහලේකම්වරයා තවත් කොටසක් එකතු කළේය.

    “රාජ්‍ය සේවකයන්ගේ වැටුප් කපනවා. ව්‍යපාරිකයන්ට සහන නෑ. සුව විරුවෝ කියපු හෙදියන්ගේ අතිකාල කපනවා. ඔවුන්ට රැකියාවට එන්න විදියක් නැහැ. මේ අය අද පාරට බැහැලා. වරායේ නැගෙනහිර ජැටිය ඉන්දියාවට දෙන්න හදනවා. රටේ එක බිම් අගලක් දෙන්නේ නැහැ කියලා ආපු අය දැන් සද්ද නැතුව වරායත් ඉන්දියාවට දෙනවා. හාල් පොල් තුනපහ ඔක්කොම ගණන් ගිහිල්ලා ආණ්ඩුව බදු වැඩි කරපු නිසා. වෙළෙද පොලේ හාල් නැහැ. විදේශ රටවලට, සංවිධානවලට, යටත් වෙන්නේ නැහැ කියපු ආණ්ඩුව දැන් ආයෙත් අයි.එම්.එෆ් එකෙන් ණය ඉල්ලලා. යු.එන්.පී ය අයි.එම්.එෆ් එකේ කොන්දේසිවලට යටවෙලා කියපු අය දැන් යස අගේට සියළු කොන්දේසි පිළිගන්නම් ණය දෙන්න කියලා එතන වැද වැටෙනවා. අපි ඉක්මනටම ජනතාව වෙනුවෙන් නැගි සිටින්න ඕනේ.” රවි කරුණානායක ආණ්ඩුවට දැඩි ප්‍රහරයක් එල්ල කළේය.

    “ජනතාවට දැන් තියෙන්නේ ජිවත්වීමේ ගැටළුවයි. ව්‍යාපාරිකයන්ට ආදායම් නැහැ. ජිවිතයයි. ආර්ථිකයයි. සෞඛ්‍යයි කියන ත්‍රිකෝණය ඇතුලේ රට හිරවෙලා. අපි මේ මැතිවරණයේදි ජනවරම ඉල්ලන්න ඕනේ මේ ගැටළුවෙන් රට හා ජනතාව මුදා ගන්නා බව පෙන්වා දීලයි. ඒ නිසා මේ සම්බන්ධයෙන් අපි සාකච්ඡා කොට විදිමත් වැඩපිළිවෙලක් හදමු.” නායකයා සිය සැලසුම් පසුවට කල් තැබීය.

    Daily Mirror - Anomaly in allocating duty free vehicle permits to PCs

    “විදේශ ශ්‍රමිකයෝ විශාල පිරිසක් ඒ රටවලින් මෙරටට එනවා. තවත් පිරිසක් එන්න බැරිව හිර වෙලා. මේ සියළු ප්‍රශ්න ඇති වෙලා තියෙන්නේ නිසි සැලසුමක් නැති නිසයි. සීෂෙල්ස් ඉදලා ලංකාවට රෝගීන් ගේනවා. අනිත් පැත්තෙන් විදේශ ශ්‍රමිකයෝ ගේන එක නවත්වනවා. නායකතුමා කිව්වා වගේ රට අරාජික වෙමින් යන්නේ.” වජිර අබේවර්ධන තවත් ආර්ථික කරුණු කිහිපයක් ඉදිරිපත් කළේය.

    “මැතිවරණය වෙනුවෙන් අපි දැන්ම වැඩපිළිවෙලක් ඉදිරිපත් කරන්න ඕනේ. කොහොමවුනත් අපි එකට හිටියා නම් ආණ්ඩුව පෙරලන්නත් තිබුණා. අපේ අයනේ කකුලෙන් ඇද්දේ. පක්ෂ ක්‍රියාකාරිකයෙක් මේ අතර සිය මතය ඉදිරිපත් කළේය.

    “අපිට බලය තිබුණත්, පාර්ලිමේන්තුව රැස් වෙලා තිබුණත් මේ වෙලාව බලය ගැන හිතන්න ඕන වෙලාවක් නොවෙයි. අපි හිතන්න ඕනේ රට ගැනයි. අනෙක අපි ජනාධිපතිවරයාට ආණ්ඩුව කරගෙන යන්න අවස්ථාව දුන්නා නම් එයාලට ඒක කරගෙන යන්න ඉඩ දෙන්න ඕනේ. මොකද බහුතරය හිටියා කියලා කකුලෙන් අදින්න හොද නැහැ. ආණ්ඩුව හරියට වැඩ නොකරනවා නම් ඒ ගැන තීන්දුවක් ගන්න අපි ජනතාවට බාර දෙන්න ඕනේ. අනෙක ඡන්දයටත් දැන්ම දුවලා වැඩක් නැහැ. ජනතාවට ඊට වඩා ප්‍රශ්න තියෙනවා. වේගයෙන් දුවන කෙනාට ඉක්මනට හති වැටෙනවා. තාක්ෂණයට අනුව දුවන කෙනාට දිනුම ගන්න පුළුවන්. ඒ නිසා අවශ්‍ය අවස්ථාවේදි අපි වේගය වැඩි කරමු. මැතිවරණ කොමිසම දිනය කිව්වාට පස්සේ අපි ඡන්ද වැඩ පටන් ගනිමු.” නායකයා කී දේ සැවොම අනුමත කළහ.

    ඉන් අනතුරුව සියළු දෙනාගේ අවධානය යොමුවූවේ ලංකා කම්කරු කොංග්‍රසයේ නායක ආරුමුගන් තොන්ඩමන්ගේ හදිසි අභාවය ගැනය. නායකයා ප්‍රමුඛ සියළු දෙනා ඔහු ගැන කණගාටුවෙන් කතා කළේ එකට සිටි පාර්ලිමේන්තු සගයෙකුගේ නික්මයාම ගැන සොව පළ කරමිනි.

    මේ අතර සමගි ජනබලවේගයේ පිරිස් ද ආණ්ඩුවට එරෙහි ව්‍යාපාරයේ සැලසුම් සාකච්ඡා කළ අතර එහිදි පිරිසකට බලතල බෙදා දුන්නේ අමාත්‍යාංශ සම්බන්ධයෙන් කතා කළයුතු දෑ ගැන තීරණය කිරිමට කමිටු පත් කරමිනි.

    එහිදි කළුතර දිස්ත්‍රික් අපේක්ෂක ජගත් විතාන විමසා සිටියේ ඡන්ද දිනය පිළිබදව අධිකරණය ඉදිරියේ ගොනු කර ඇති පෙත්සම්වල ප්‍රගතිය ගැනය.

    ඊට පිළිතුරු දුන් මහනුවර දිස්ත්‍රික් අපේක්ෂක අධිනිතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මේ වන විට අධිකරණයේ පවතින නඩුවල වත්මන් තත්ත්වය විස්තර කළ අතර මහ මැතිවරණය ජුනි 20 දා නොපවත්වන බවට මැතිවරණ කොමිසම අධිකරණයට කළ කරුණු දැක්වීමම ජයග්‍රහණයක් බව පෙන්වා දුන්නේය. ජුනි 02 දා වන විට ජනාධිපතිවරයාගේ මැතිවරණය කැදවීමේ ගැසට් නිවේදනයද අවලංගු වන බව ඔහු වැඩි දුරටත් කීවේ ඊට සුදානම් විය යුතු බව කියමිනි. ඔහුගේ අදහස පැමිණ සිටි සැවොම පිළිගත්හ.

    සටහන – ගජබා නාගහවත්ත

  • ඡන්ද කාලෙට රට විරුවන් දැන් මිනිස් බෝම්බ වුණ හේතුව JVP පහදා දෙයි

    ඡන්ද කාලෙට රට විරුවන් දැන් මිනිස් බෝම්බ වුණ හේතුව JVP පහදා දෙයි

    එතෙර අපි සංවිධානයේ විශේෂ මාධ්‍ය සාකච්ඡාවක් අද (29) ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී පැවැති වුණා. එහිදී එම සංවිධානයේ සභාපති හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හදුන්නෙත්ති මහතා විසින් දක්වන ලද සියලු අදහස් කිසිදු වාරණයකින් තොරව අපි පළ කරනවා.

    මීට මාස දෙකකට කලින් කොරෝනා තත්වය වර්ධනය වන විට විදේශගත ශ්‍රී ලාංකිකයින් මුහුණ දෙන ගැටලු ගැන අපි ආණ්ඩුවේ අවධානය යොමු කළා. විශේෂයෙන්ම ලංකාවට එන්න කැමති අය ගෙන්වා ගැනීමත් එම රටවලදීම ඔවුන් මුහුණදී ඇති ගැටලුවලට විසදුම් ලබාදිය යුතු බවත් අපි අවධාරණය කළා. ආණ්ඩුව ඈලිමෑලි ස්වභාවයෙන් තමයි කටයුතු කළේ. ලංකාවට ගෙන්වා ගැනීම සිදුකළෙත් දේශපාලකයින්ගේ හිතවත්කම අනුවයි. අදාල රට තීරණය කෙළෙත් දේශපාලකයින්ගේ නෑදෑයන් ඉන්න රටවල් අනුවයි.

    අලුත්ම තත්වය වුනේ පසුගිය 19වෙනිදා කුවේට් සිට ගෙනා පිරිස සම්බන්ධවයි. එම පරිස අතර වැඩි ප්‍රමාණයක් කොරෝනා රෝගීන් වාර්තාවීමත් සමග මෙය ආන්දෝලනයක් වුනා. කැබිනට් අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ අමාත්‍යවරයා බරපතල ප්‍රකාශයක් කළා කුවේට් රටෙන් මිනිස් බෝම්බ ලෙස ආසාධිතයින් මෙරටට එවලා තියෙනවා කියලා.

    කුවේට් රාජ්‍යයෙන් හිතාමතා රෝගීන් තෝරාගෙන මෙරටට එව්වා කියලා හිතාමතා ප්‍රකාශයක් සිදුකොට තිබෙනවා. එම බරපතල ප්‍රකාශය එතෙර අපි සංවිධානය ලෙස දැඩි පිළිකුලෙන් යුතුව හෙලා දකිනවා. ඒ වගේම එය ශ්‍රී ලාංකික ජනතාවට කළ අපහාසයක්. ඒ වගේම රාජතාන්ත්‍රික වශයෙන් අනාගතයේදී ගැටලු ඇතිකරන ප්‍රකාශයක්. අපි මේ ගැන විදේශ කටයුතු ඇමතිවරයාට දැනුම් දුන්නා. 

    කොරෝනා රෝගය කිසිවෙක් කැමැත්තෙන් ඇඟට ගන්නේ නැහැ. ආසාධනය වන්නේ නොදැනුවත්ව. ඒ වගේම කිසිම රෝගියෙක් රෝහල්වලින් ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. ලෙඬේ හදාගත්ත බෝම්බ හැටියට දැක්කේ නැහැ. එනිසා තමයි ඇමතිවරයාගේ ප්‍රකාශය බරපතල වන්නේ. එතෙර සිටින ශ්‍රී ලාංකිකයින් ඩොලර් කෝටි 700ක් විතර විදේශ විණිමයක් රටට ගේනකොට ඔවුන් රට විරුවෝ. නමුත් ලෙඩක් හැදිලා කරදරයකට පත්ව ආවොත් ඔවුන් මිනිස් බෝම්බ වෙනවා.

    ආණ්ඩුවට දැන් අවශ්‍ය වෙලා තිබෙන්නේ ලංකාවේ මේ රෝගය නැහැ කියලා පෙන්වන්න. ඒ ඡන්ද ව්‍යාපාරය වෙනුවෙන්. පිටරටක ඉඳන් කෙනෙක් ආවත් සතුරෙක් ලෙස පේන්නේ ඒ නිසයි. ඡන්දය තිබිය යුතු බව ඇත්ත නමුත් ශ්‍රී ලාංකිකයින් කුමන රටක සිටියත් කොරෝනා තත්වයෙන් පීඩාවට පත්ව සිටිනවානම් ඔවුන් රැකබලාගන්න එක ආරක්ෂා කරන එක ආණ්ඩුවේ වගකීමක්. එය මනුෂ්‍යත්වයේ කටයුත්තක්. එනිසා තමයි එතෙර අපි සංවිධානය මුල සිටම විදේශගත ශ්‍රී ලාංකිකයින් වෙනුවෙන් මැදිහත් වුණේ. 

    කුවේට් රජය පොදු සමාකාලයක් ලබාදෙන්න කටයුතු සම්පාදනය කරන විට එතෙර අපි කුවේට් ශාඛාව ලිඛිතව තානාපතිවරයාට දැනුම් දුන්නා ආහාරපාන, රැකියා සහ නවාතැන් ප්‍රශ්න, වීසා ප්‍රශ්න තිබෙන අය ඉන්නවා පොදු සමා කාලය තුල ගැටලු සහිත පුද්ගලයින් ලංකාවට ගෙන්වාගැනීමට සහය දෙන්න කියලා. අපි ඒබව දැනුවත් කළේ අප්‍රේල් 12වෙනිදා.

    කුවේට් රජය අවශ්‍ය ලියකියවිලි සකස් කරලා දීලා, ටිකට් හදල දීලා කුවෙට් රජයේ වියදමෙන් ලාංකිකයින් මෙරටට එවන්න යෝජනා කළා. ඒ වගේම අපි කිව්වා පොදු සමාකාලය දීර්ඝ කරගන්න සාකච්ඡා කරන්න කියලා. එහි ප්‍රතිඵලයක් ලෙස එම කාලය මැයි 31 දක්වා දීර්ඝ කළා. අපි තානාපති කාර්යාලය සමඟ සහයෝගයෙන් වැඩ කළා. ලියාපදිංචි කටයුතුවලට අපි සහය දුන්නා. පොදු සමා කාලය ආරම්භ වෙනකොට අප්‍රේල් 21දා වන විට ලියාපදිංචි වෙලා සිටියේ 466දෙනයි. ඒ වෙනකොට කුවේට් රටේ හිටපු රෝගීන් ගණන 1995දෙනයි. 

    එවිට ශ්‍රී ලාංකිකයින්ට රෝගය වැළදිලා කියලා වාර්තා වෙලා තිබුණේ නෑ. එදා ලියාපදිංචි අය ගෙන්වා ගත්තා නම් ලංකාවට එන්නේ නිරෝගී මිනිස්සු. එදා අවධානමක් නැති අවස්ථාවක්. නමුත් මැයි 19දින ගෙන්වන විට කුවේට්හි රෝගීන් 16784ක් වාර්තා වෙලා තිබුණා. රෝගීන් විශාල ප්‍රමාණයකට වර්ධනය වූ පසු තමයි ලංකාවේ අය ගෙන්වා ගන්න ආණ්ඩුව කටයුතු කළේ. එතෙක් කල් අපේ රටේ ජනතාව හිටපු ස්ථානවල විශාල ගැටලු තිබුණා. වෙනත් රටවල අයත් එක්ක එකට රඳවා තිබුණා. කලින් ගත යුතු තීරණය ආණ්ඩුව ගත්තේ නැහැ.

    මැයි 19 කුවේට් පිරිස ලංකාවට ගෙන්වා ගන්න තීරණය කළේ කුවේට රජය නෙවෙයි. ශ්‍රී ලංකාවේ තානාපතිතුමාගේ සම්පූර්ණ අධීක්ෂණය යටතේ පිරිස තෝරගත්තා. එම පිරිස ගුවන්යානයට ගොඩවෙන තුරු තානාපති නිලධාරීන් සිටියා. අපිට වාර්තා වෙන විදියට අවශ්‍ය වෛද්‍ය පරීක්ෂණවලින් අනතුරුව තමයි මේ පිරිස ගුවන්යානයට ගොඩවෙන්නේ.  කිසිවෙක් රෝගීන් බවට හඳුනාගෙන තිබුණේ නැහැ.

    ඒ වගේම කුවේට් රජය අවසරය ලබාදී තිබුණා ඕනෑම රටකට තමන්ගේ වෛද්‍ය කණ්ඩායම් යවලා අවශ්‍ය පරීක්ෂණ කරලා තමන්ගේ රටේ ජනතාව රැගෙන එන්න. නමුත් අපේ රට මැදිහත් වුනේ නැහැ. ඒ නිසා රෝගීන් මේ රටට එවලා තියෙනවා කියලා ආණ්ඩුව හදන බොරු මතය අපි බැහැර කරනවා.

    අනෙක් කාරණය තමයි ඔවුන් කුමන තත්වයෙන් ආවත් අපේ රටේ ජනතාව. ඔවුන් අපි භාරගත යුතුයි. ආණ්ඩුව දැන් පැහැදිලි කළ යුතුයි මෙම ජනතාවට රෝගී තත්වය වැළඳුනේ කුමන තත්වයක් යටතේද කියලා. මහින්දානන්ද ඇමතිවරයා කරන ආකාරයේ වැරදි මතයක් ජනගත කරමින් නොව පිළිගත හැකි සාක්ෂි සහ විද්‍යාත්මක පදනමක් සහිතව ආණ්ඩුව වගකීම්සහගතව කරුණු ඉදිපත් කළ යුතුයි. මෙම ප්‍රකාශයේ බරපතල කම ගැන විදේශ කටයුතු ඇමතිවරයාට ලිඛිතව දැනුම් දුන්නා.

    ආණ්ඩුව දැන් මෙම කුවේට් ප්‍රශ්නය යොදා ගනිමින් විදේශ රටවල සිටින ලාංකිකයින් ගෙන්වා ගැනීම නවතා දැමීමට උත්සහ කරමින් ඉන්නවා. රටවල් විශාල ගණනක අපේ රටේ ජනතාව ගැටලුවලට මුහුණ දෙමින් සිටිනවා. බොහෝ පිරිසක් අසරණ වෙලා. කෑම, වතුර නවාතැන් ප්‍රශ්න නිසා පීඩාවට ලක්වෙලා තිබෙනවා. එසේ පීඩාවට පත්වෙලා ඉන්න බොහෝ පිරිසක් අපිට කතා කරනවා. විඩියෝ ඡායාරූප එවලා තිබෙනවා. ඒ අයගේ සත්‍ය තත්වය එම විඩියෝපටවලින් අවබෝධ කරගන්න පුළුවන්.

    ආණ්ඩුවට යෝජනා කිහිපයක්…

    විදේශගත ශ්‍රී ලාංකිකයින් ලංකාවට කැඳවීම පටු විදියට සලකන්න එපා. ලංකාවේ ජනතාව පිටරටවල්වලට ගිහින් දුක්මහන්සි වෙලා මුදල් උපයලා ලංකාවට එවන්නේ ඔවුන්ගේ දරු පවුල් වෙනුවෙන් පමණක් නෙවෙයි. ලංකාවේ භාණ්ඩාගාරයට ඔවුන් සල්ලි එවලා විශාල දායකත්වයක් දක්වලා තිබෙනවා. අද ඔවුන් විවිධ රටවල්වල කොරෝනා තත්වය නිසා අපහසුතාවයට පත් වෙලා ඉන්නවා. ඔවුන් ලංකාවට කැඳවිය යුතුයි.

    එතෙර අපි සංවිධානය අපි සූදානම් කඩිනම් ඒකාබද්ධ යාන්ත්‍රණයක් හදලා එය ක්‍රියාත්මක කරන්න ආණ්ඩුවට සහය දෙන්න. එතෙර අපි සංවිධානයේ ශාඛා තිබෙන හැම රටකදීම අපි එම රටවලදී මේ ක්‍රියාවලියට සහය දෙන්න සූදානම්. ලංකාවට ගෙන්වා ගැනීමෙන් පසු ඔවුන්ට ලංකාව තුලදී අවශ්‍ය කටයුතු සම්පාදනය කරන්න සහය දෙන්න අපි සූදානම්. 

    මුදල් පිළිබඳ ප්‍රශ්නයක් තිබෙනවා නම් අපි යෝජනා කරනවා 1991දී කුවේට් යුද්ධය වෙලාවේදී වන්දි ගෙවපු වන්දි අරමුදල තිබෙනවා එය යොදා ගන්න පුළුවන්. කෝටි 400ක පමණ මුදලක් එහි තිබෙනවා. ලංකාවේ ජනතාවගෙන් ඉල්ලීමක් කළොත් ජනතාව උදව් කරන්න කැමතියි. ඒ වගේම ලාංකිකයින් සිටින විවිධ රටවල පුද්ගලික ආයතන ඔවුන් මෙරටට ගෙන්වා ගැනීමට සහය දෙන්න සූදානමින් ඉන්නවා. එවැනි උදාහරණ අපි හඳුනාගෙන තිබෙනවා. ඇතැම් අය මුදල් හොයාගෙන තිබෙනවා. ඒ වගේම ලංකාව තුළ නිරෝධායන මධ්‍යස්ථාන හොයාගන්න අපිට උදව් කරන්න පුළුවන්.

    ඇතැම් විගාමික මධ්‍යස්ථාන නිරෝධායන මධ්‍යස්ථාන ලෙස භාවිතා කරන්න පුළුවන්. අවශ්‍යතාවය අනුව සොයාබලා දැනට පාවිච්චි නොකරන හෝටල් භාවිතා කරන්න පුළුවන්. ඇතැම් අය දැනටත් වෙනත් රටවල ඉන්නේ තමන්ගේ මුදල් වියදම් කරලා. ඒ යම් මුදලක් වියදම් කරන්න සූදානම් නිරෝධායනය වෙන්න. ඒ වගේම එතෙර අපි ඩුබායි ශාඛාව සූදානමින් ඉන්නවා එරට සුරක්ෂාගාරයක් සඳහා කුලියට නිවාස සංකීරණයක් ලබාගන්න. ආණ්ඩුවට උනත් එවැනි නිවාස කුලියට ගන්න පුළුවන්. ලංකාවට ගෙන්වන තුරු නවාතැන් පහසුකම් ලබාදෙන්න එම මධ්‍යස්ථානවලදී පුළුවන්.

    ඒ වගේම ආහාර සහ ජලය පහසුකම් නොමැති විශාල පිරිසක් වාර්තා වෙනවා. ඔවුන්ට සුභසාධන පහසුකම් ලබාදිය යුතුයි. ඇතැම් තානාපති කාර්යාල අපහසුතාවයට පත්වෙලා මුදල් නොමැති කමින්. ඒ නිසා තමයි අපි යෝජනා කරන්නේ කඩිනම් ඒකාබද්ධ යාන්ත්‍රණයක් අවශ්‍යයි කියලා. ඒ වගේම වෛද්‍ය කණ්ඩායම්වල අවශ්‍යතාවය තිබෙනවා. විවිධ ලෙඩ රෝගවලට ලක්වෙලා වෛද්‍ය පහසුකම් නොමැති නිසා අපහසුතාවයට පත්වෙලා ඉන්නවා. ඒ සඳහා ස්වේච්ඡා කණ්ඩායම් අවශ්‍යයි. 

    ඒ වගේම මේ අය ලංකාවට ගෙන්වීමේ කාලසටහනක් සකස් කළ යුතුයි. එවිට ලංකාවට එන්න බලාපොරොත්තුවෙන් ඉන්න අයට බලාපොරොත්තුවක් හැදෙනවා. ඒ වගේම ප්‍රමුඛතා ලැයිස්තුවක් සකස් කරන්න කියලා අපි යෝජනා කරනවා. අපේ ආර්ථිකය ශක්තිමත් කරපු මේ ජනතාව නිසා අපි ජීවත් වෙලා තිබෙනවා. රටේ යම් යම් සංවර්ධන කටයුතුවලට ඔවුන් දායක වෙලා තිබෙනවා. මේ අය අපේ රටේ පුරවැසියන්. අපේ රටේ ජනතාවගෙන් ඉල්ලනවා අපේ මනුෂ්‍යත්වයේ දෑත් ඔවුන්ට දිගු කරමු කියලා.

  • සජිත් ඇතුළු 99කට එජාපයේ දොර වැසේ – සජිත්ගේ සියලු තනතුරුත් අහෝසියි

    සජිත් ඇතුළු 99කට එජාපයේ දොර වැසේ – සජිත්ගේ සියලු තනතුරුත් අහෝසියි

    එජාප නියෝජ්‍ය නායක ධුරය දරමින් සමගි ජන බලවේගයෙන් මහ මැතිවරණයට නාම යෝජනා ලබා දුන් සජිත් ප්‍රේමදාස මහතා එජාපය තුළ දැරූ සියලු තනතුරු සහ ආසන සංවිධායක ධුරය සහ වගකීම් ඉවත් කිරීමට එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් අද (29) සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවැති කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී තීරණය කළා.

    මේ සමග සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුත් සමගි ජන බලවේගය සමග එක්ව මහ මැතිවරණය සදහා තරග වැදීමට නාමයෝජනා අස්සන් කළ එක්සත් ජාතික පක්ෂ සාමාජිකයන් 99 දෙනකුගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමට පියවර ගනු ඇති බව සදහන්.

    එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා විසින් අදාළ යෝජනාව ඉදිරිපත් කර ඇති අතර කෘත්‍යාධිකාරි මණ්ඩලය එය අනුමත කළා.

    මීට අමතරව එජාපය නියෝජනය කරන සියලුම පළාත් පාලන මන්ත්‍රිවරුන්ට ඉදිරි මහ මැතිවරණයේදී එජාපය ජයග්‍රහණය කරවීම සදහා වැඩ කටයුතු කරන ලෙස දැනුම් දීමටත්, එම සෑම නියෝජිතයකුගේම නිවෙසේ එජාප කාර්යාලයක් විවෘත කරන ලෙස දැනුම් දීමටත් අද පැවැති එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී තීරණය කළා.

    මේ අතර එක්සත් ජාතික පක්ෂ මැතිවරණ ප්‍රචාරක කාර්යාලයක් සිය නිවෙසේ විවෘත නොකරන පළාත් පාලන මන්ත්‍රිවරුන් සම්බන්ධයෙන් විනය ක්‍රියාමාර්ග ගැනීමටත් මෙහිදී තීන්දු කර තිබෙනවා.

  • සජිත් පිළෙන් දියවන්නා යන්න හදන එජාපයේ 102කට වැඩ වරදී !

    සජිත් පිළෙන් දියවන්නා යන්න හදන එජාපයේ 102කට වැඩ වරදී !

    එක්සත් ජාතික  පක්ෂ ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් සමගි ජන බලවේගයේ නාමයෝජනා ලබා ගෙන ඇති සාමාජිකයින් 102 දෙනෙකුගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කළ බව එක්සත් ජාතික පක්ෂ මහලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා විසින් (27) මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරනවා.

    “පක්ෂ ව්‍යවස්ථාව උල්ලංඝනය කර ඇති සාමාජිකයින්ගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීම පිළිබඳවයි” යන්න මාතෘකාව යටතේ නිකුත් කර ඇති අදාළ මාධ්‍ය නිවේදනයේ සදහන් වන්නේෙ පළාත් පාලන නියෝජිතයින්, හිටපු පළාත් සභා මන්ත්‍රීවරු සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ඇතුළු 102 දෙනකුගේ පක්ෂ සාමාජිකත්වය මේ අනුව අත්හිටුවන බවයි.

    එම නිවේදන පහත දැක්වෙනවා.

  • රනිල්ගෙන් ආණ්ඩුවට අවවාදයක් සමග අනතුරු ඇගයීමක්

    රනිල්ගෙන් ආණ්ඩුවට අවවාදයක් සමග අනතුරු ඇගයීමක්

    ණය ගෙවීමට බැරි වී බංකොලොත් තුළ ඊළඟ රටවල් පහ 5 අතරට ශ්‍රී ලංකාව අයත් විය හැකි බව ලෝක මූල්‍ය දර්ශක පුරෝකථනය කර ඇති බවත් හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසයි.

    රටේ ආර්ථික තත්ත්වය පිළිබදව සැබෑ තොරතුරු ජනතාවට හෙළිදරව් කරන ලෙසත්, එසේ නොකොට නිහඩව සිටීමෙන් රට වැටී ඇති අනතුරුදායක තත්ත්වයෙන් ගොඩ නොඑන බවත්  හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අද (25) සමාජ මාධ්‍ය ඔස්සේ විශේෂ ප්‍රකාශයක් කරමින් පැවසුවා.

    හිටපු අගමැතිවරයා නිකුත් කළ සම්පූර්ණ ප්‍රකාශය පහත පළවෙනවා.

  • පරණ පාර්ලිමේන්තුව කැදවා විපක්ෂයේ නාඩගම්වලට ඉඩ දිය නොහැකියි – ඇමති ප්‍රසන්න

    පරණ පාර්ලිමේන්තුව කැදවා විපක්ෂයේ නාඩගම්වලට ඉඩ දිය නොහැකියි – ඇමති ප්‍රසන්න

    සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරමින් හෝ මහා මැතිවරණය පැවැත්විය නොහැකි බවට විපක්ෂය විලාප නගන්නේ ජනතාව ඉදිරියට යාමට ඇති බය නිසා බව කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි. ඔහු පෙන්වා දෙන්නේ විපක්ෂයේ උවමනාව මහා මැතිවරණය හැකිතාක් කල් දමා ගැනීම බවයි.

    මිනුවන්ගොඩ ප්‍රාදේශීය සභා හා නගර සභාවේ මන්ත්‍රීවරුන් සමග අද (25) උඩුගම්පළ දී පැවති සාකච්ඡාවක දී ඇමතිවරයා මේ බව සදහන් කළේය. උඩුගම්පළ ශ්‍රී ලංකා පොදුජන කාර්යාලයේ දී මෙම සාකච්ඡාව පැවැත්විණ.

    මෙහි දී වැඩිදුරටත් අදහස් දැක්වු ඇමති ප්‍රසන්න රණතුංග මහතා මෙසේ ද කීවේය.

    ” මම දැක්කා එක්සත් ජාතික පක්ෂය හා ජාතික සමගි බලවේගයේ උදවිය මාධ්‍යවල කියනවා මීටරයක දුර ආරක්ෂා කර ගනිමින් කොහොමද ඡන්දය දෙන්නේ කියලා. ඒ නිසා ඡන්දය කල් දාන්න ඕනේ කියලා. මේක මහා විහිළුවක්. ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරනවානම් අපි බලන්න ඕනේ මේ වෙලාවේ සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරමින් කොහොමද ඡන්දය තියන්නේ කියන එක මිසක් කොහොමද ඡන්දය නොතියා ඉන්න කියන එක නෙමෙයි.

    මේ වෙනකොට සෞඛ්‍ය බළධාරීන්  පවා කියලා තියෙනවා ඡන්දය තියන්න පුළුවන් කියලා. එතකොට කොමිසමත් අහලා තියෙනවා සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරමින් ඡන්දය පැවැත්වීම ගැන දේශපාලන පක්ෂ වල අදහස. කොහොමත් ඡන්ද මධ්‍යස්ථානයකට ඇතුළුවිය හැක්කේ වරකට එක් අයෙකුට පමණයි. ඒ නිසා ඡන්දය මධ්‍යස්ථානවල දී මීටරයක දුර ආරක්ෂා කිරීම ගැටළුවක් නෙමෙයි. එක්සත් ජාතික පක්ෂය, සමගි ජන බලවේගය, ජේ.වි.පි, දෙමළ ජාතික සන්ධානය කියන මේ රටට සතුරු බල වේගවලට අවශ්‍ය ඡන්දය කල් දාගන්න. මොකද මේ අයට ජනතාව ඉදිරියට යන්න බැරි නිසා. ඒ නිසා මේ උදවිය බලන්නේ කොක්කෙන් හරි කෙක්කෙන් හරි ඡන්දය කල් දාගන්නයි. යහපාලන ආණ්ඩුව බලය ඉන්නකම්ම බැලුවේ ඡන්ද කල් දාගන්න. එක්සත් ජාතික පක්ෂයට ජනතා විමුක්ති පෙරමුණට වගේ ම සජිත් මහත්තයා අටව ගත්ත සමගි ජන බලවේගය ට තියෙන්නෙත් මැතිවරණ භීතිකාවක්.

    සෞඛ්‍ය අංශ කියන පිළිවෙලකට මහා ඡන්දය පවත්වලා ගෝඨාභය ජනාධිපතිතුමාට වැඩ කරන්න පුළුවන් ආණ්ඩුවක් බලයට ගෙන ආ යුතුයි. පරණ පාර්ලිමේන්තුවේ බලය තියෙන්නේ එජාපයට, දෙමළ ජාතික සන්ධානයට ජවිපෙත් ඩීල් දාගෙන ඒ අයත් එක්ක ඉන්නවා. පරණ පාර්ලිමේන්තුව නැවත කැදවුහොත් ගෝඨාභය රාජපක්ෂ – මහින්ද රාජපක්ෂ මහත්වරුන් ප්‍රමුඛ වත්මන් ආණ්ඩුව ගෙන යන මේ ජනතාවාදී වැඩ පිළිවෙලට විපක්ෂය අකුල් හෙළනවාමයි. ඒක ඉරහද වගේ විශ්වාසයි. ඒ නිසා විපක්ෂයේ නාඩගම්වලට ඉඩ දිය නොහැකියි.

    කොරෝනා වසංගතය පාලනය කරගන්න අපිට හැකිවුණේ එක මතයක් දරපු ආණ්ඩුවක් රට තුළ සිටිය නිසයි. පහුගිය ආණ්ඩුවේ වගේ ජනාධිපතියි – අගමැතියි දෙපසට නොඇද්ද නිසයි. අපේ ජනාධිපතිතුමත් – අගමැතිතුමත් ආණ්ඩුවත් එක ස්ථානයක හිටියා කොරෝනා වසංගතය පරාජය කිරීම ගැන. ඒ නිසා රජයක් විදිහට අපට තීන්දු තීරණ ගන්න ලේසි වුණා. එක්සත් ජාතික පාක්ෂිකයෝම කියනවා ඔවුන්ගේ ආණ්ඩුව තිබුණා නම් අද මැරුණ තැන්වල ගසුත් පැළවෙලා කියලා. ඒ නිසා මේ රට ගොඩ ගන්නනම් ජනාධිපති – අගමැති දෙපසට අදින්නේ නැති එක ස්ථානයක පිහිටා කටයුතු කරන ආණ්ඩුවක් රටේ තිබිය යුතුයි. අප ඉදිරි මහා මැතිවරණයේ පත් කර ගත යුත්තේ එවැනි ආණ්ඩුවක්. ඒක මේ රටේ ජනතාව මේ වන විට හොදින් වටහාගෙන ඉන්නවා.  ”

    මෙම අවස්ථාවේ දී මිනුවන්ගොඩ ප්‍රාදේශීය සභාවේ සභාපති කුමාර අරංගල්ල හා උප සභාපති සුජිව සම්පත යන මහත්වරුන් ද අදහස් දැක්වූහ.