Category: සුපිරි Politics

  • ආතල් ගන්න කලින් බඩු බනිස් වෙයි.. රන්ජගේ ඇපෙන් ගෝඨාගේ ආණ්ඩුවේ රෙදි ගැලවෙයි.. දැන් Voice Cut උස්සන් දඟලයි

    ආතල් ගන්න කලින් බඩු බනිස් වෙයි.. රන්ජගේ ඇපෙන් ගෝඨාගේ ආණ්ඩුවේ රෙදි ගැලවෙයි.. දැන් Voice Cut උස්සන් දඟලයි

    රට වැසියන්ගේ අතමිට සරු රටක්, විනය ගරුක රටක්, සුරක්ෂිත සංවර්ධිත දේශයක් හදන බවට වැල් බයිලා ගසමින් බලයට පැමිණි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මේ වන විට සිදුකරමින් සිටින්නේ තමාට එරෙහිව එදා දේශපාලන වේදිකාවේ සටන් කළ දේශපාලඥයින් සහ මාධ්‍යවේදීන් දඩයම් කිරීම බව මේ වන විට ගෝඨාට ඡන්දය දුන් සහ නොදුන් ජනතාවට ඔහුගේ ක්‍රියාකලාපය තුලින්ම ඔහු ඇස් පනා පිට ඔප්පු කරමින් සිටින බව පෙනීයයි.

    දේශපාලනිකව පළිගැනීමේ අභිලාෂයෙන් අවසන් කළ නඩු යළි කැඳවමින්, වැල කතා, බඩු කතා ඇති සීඩී පට සොයමින්, මාධ්‍ය හමුවක් කිරීමට අවශ්‍ය අයට ඉඩ පහසුකම් සැපයීම වරදක් බව පෙන්වමින් චෝදනා නැති කමට පිදුරු ගසෙත් එල්ලී අත් අඩංගුවට ගෙන නඩු දමන ගෝඨා ප්‍රමුඛ ආණ්ඩුවේ දඩයම් නාටකය මේ වන විට විකට නාටකයක් බවට පත්ව ඇත. එය සක්සුදක් සේ පැහැදිලි වූයේ කිසිඳු අල්ලස්, දූෂණ චෝදනාවක් අහලකවත් නැති රන්ජන් වැන්නෙකුට රජයෙන්ම ලබාදුන් නීත්‍යානුකූල ගිනි අවියේ බලපත්‍රය කල් ඉකුත් වී ඇතැයි පවසමින් සිදුකළ අත් අඩංගුවට ගැනීමත් සමඟය. කෙසේ වෙතත් අධිකරණයට ඉදිරිපත් කළ ඔහුට පැය 24ක් යන්නත් මත්තෙන් ඇප නියම විය.

    ජනාධිපතිවරණය පෙර වැඩ කරන විරුවා යැයි පැවසූ ගෝඨාභය මේ වන විට දඩයම් කරන විරුවෙකු බවට පත්වෙමින් සිටී. තමාට එරෙහි රටේ ප්‍රබලතම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අත් අඩංගුවට පත්වෙද්දී ජනාධිපතිවරයා වශයෙන් ඒවා ඔහුගේ අනුදැනුමකින් තොරව වූවා යැ’යි පවසමින් කෙසේ නම් අත්මිදෙන්නද..?

    ගෙවී ගිය දින 50 තුළ ගෝඨාගේ දඩයම් ආණ්ඩුව කිසිඳු සැලකිය යුතු සංවර්ධන ව්‍යාපෘතියක් ආරම්භ නොකළ අතර සිදුකළේ දේශපාලන දඩයම් වලින් මාධ්‍යවල ශීර්ෂපාඨ පිරවීම පමණක් වන අතර මේ වන විට එම නාටකවලට හඬපටද එක් කිරීමට පටන් ගෙන ඇත.

  • වැඩ කරන රටකට බයිලා ගසමින් පැමිණි ගෝඨා පෙරටුව ගෝඨාගේ සහචරයින් සහ කහකඩයින් දේශපාලන දඩයමේ.. අලුත්ම ගොඳුර රන්ජා..

    වැඩ කරන රටකට බයිලා ගසමින් පැමිණි ගෝඨා පෙරටුව ගෝඨාගේ සහචරයින් සහ කහකඩයින් දේශපාලන දඩයමේ.. අලුත්ම ගොඳුර රන්ජා..

    රට වැසියන්ගේ අතමිට සරු රටක්, විනය ගරුක රටක්, සුරක්ෂිත සංවර්ධිත දේශයක් හදන බවට වැල් බයිලා ගසමින් බලයට පැමිණි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මේ වන විට සිදුකරමින් සිටින්නේ තමාට එරෙහිව එදා දේශපාලන වේදිකාවේ සටන් කළ දේශපාලඥයින් සහ මාධ්‍යවේදීන් දඩයම් කිරීම බව මේ වන විට ගෝඨාට ඡන්දය දුන් සහ නොදුන් ජනතාවට ඔහුගේ ක්‍රියාකලාපය තුලින්ම ඔහු ඇස් පනා පිට ඔප්පු කරමින් සිටින බවක් පෙනීයයි. අද(04) එහි වාර්තාවන අලුත්ම ගොඳුර එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායකය.

    මේ සම්බන්ධයෙන් වන තොරතුරුවල සදහන් වන්නේ මාදිවෙල පිහිටි මන්ත්‍රී නිල නිවස පොලීසිය විසින් සෝදිසි කළ අවස්ථාවේ එහි තිබූ බලපත්‍ර නොමැති නයින් එම්ගඑම්ග වර්ගයේ පිස්තෝලයක්, එම උණ්ඩ 118ක් සහ රජයට අපහාස කිරීමේ ප්‍රකාශ ඇතුළත් CD හා DVD තැටි කීපයක් හමුවී ඇති බවයි.

    මෙම පිස්තෝලය රංජන් රාමනායක මහතා වෙත රජයෙන් නිකුත් කර තිබූ එකක් වුවද 2016 වර්ෂයේදී එහි බලපත්‍ර අහෝසි වී ඇතැයි පොලීසිය සදහන් කළා.

    බලපත්‍රයක් නොමැතිව එම ගිනිඅවිය හා උණ්ඩ ළඟ තබාගැනීම සම්බන්ධයෙන් ඒවා පොලිස් අත්අඩංගුවට ගත් බවත් පොලිසිය සදහන් කරනවා.

    සැකපිට අත්අඩංගුවට ගත් රන්ජන් රාමනායක මහතා කොළඹ දකුණ අපරාධ කොට්ඨාශයට රැුගෙන ගොස් ඇති බවත් ඔහු හෙට නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන බවත් පොලිස් ආරංචි මාර්ග සදහන් කරනවා.

    මේ අතර නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබාගත් සෝදිසි වරෙන්තුවකට අනුව අද පෙරවරුවේදී රන්ජන් රාමනායක මන්ත්‍රීවරය‍ාගේ මන්ත‍්‍රී නිල නිවස පරීක්ෂා කළ බව පොලිසිය කියනවා. රජය අපහසුතාවයට පත්වන අන්දමේ ප්‍රකාශ, දුරකතන සංවාද හා ඡායාරූප ඇතුළත් දෘඩ තැටියක් හමුවීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මෙම සෝදිසි කිරීම් කරන ලද බවයි පොලිසිය සදහන් කළේ.

    මීට පෙර 2016 දී සිදු වූ රිය අනතුරක් සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය චම්පික රණවක මහතා ද ‘සුදුවෑන්’ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ද අත්අඩංගුවට ගත්තා.

  • බැඳුම්කර හොරු හෙළිකරන වෝහාරික විගණන වාර්තාව රටට හෙලි කරන්න – හිටපු ඇමති රවී පාර්ලිමේන්තුවේ මංගල සැසියේදීම ඉල්ලයි (වීඩියෝ)

    බැඳුම්කර හොරු හෙළිකරන වෝහාරික විගණන වාර්තාව රටට හෙලි කරන්න – හිටපු ඇමති රවී පාර්ලිමේන්තුවේ මංගල සැසියේදීම ඉල්ලයි (වීඩියෝ)

    රට තුල සිදුව ඇති දූෂණ වංචා පිලිබඳව කෝප් කමිටුව විසින් සකස් කරන ලද වෝහාරික විගණන වාර්තාවෙහි ඇති තොරතුරු රටට හෙලි කරන ලෙස එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා අද පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කලා. වැඩිදුරටත් අදහස් දැක් වූ ඒ මහතා මෙසේ පවසා සිටියා.

    “කෝප් කමිටුව විසින් නිකුත් කරන ලද වෝහාරික විගණන වාර්තවේ ඇති කරුණු හැකි ඉක්මනින් රටට හෙලිකරන්න ඕන. බැඳුම්කර සිද්ධිය සම්බන්දයෙන් චූදිතයන් කවුරුන්ද යන්න එමගින් දැනගන්න හැකියාවක් ලැබේවි. ඒ වගේම කෝප් කමිටු සභාපති ධූරයට ජවිපෙ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා නැවත පත් කරන්න කියල මම ඉල්ලා සිටිනවා. ඔහු කෝප් කමිටුව තුල ස්වාධීනව පරීක්ෂණ කටයුතු මෙහෙයවන්න ඔහු විශාල දායකත්වයක් දැක්වූවා.

    පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා මේ අදහස් පලකලේ අද අට වන පාර්ලිමේන්තුවේ මංගල සැසිවාරය අමතමිනි.

    https://www.facebook.com/NewsfirstSL/videos/1254332058101020/
  • බුදු ස’ ඇති ඔය.. උදා වූ වසන්තේ සදාකල් රැඳේවා!!

    බුදු ස’ ඇති ඔය.. උදා වූ වසන්තේ සදාකල් රැඳේවා!!

    අමු ගොබ්බ වැඩ.බුදු ස’ ඇති ඔය..?

    සිස්ටම් හදන්නලු.
    එන අයට නම්බර් එකක් දෙන්නලු.
    වෙලාවක් දෙන්නලු. වෙලාව එනකම් ඒ මිනිස්සු කොලඹ ඇවිදල වටයක් ගහල එයිලු.
    හුම්…

    ස,

    ඇයි ඔයා ඔහොම? කෘතීම බුද්ධියෙන්, ඔඅරක්ල් ඩේටා බේස් එකෙන් රට කරනව කියල නේ ආවෙ.

    ඕක කරන්න ඕන ස මෙහෙමයි,

    හැම ප්‍රා.ලේ එකකම තියෙනවා රථවාහන අංශයක්.
    ආන්න ඒක දියුනු කරන්න.

    යාපනේ කන්දප්පන්,කරුපයියගෙ ඉදල දකුනෙ කිරින්දෙ අප්පුහාමිත්,උඩටට මැනිකෙල,නිලමෙල හැම එකාම ඔතනට එන්න ඕන වැඩක් කරගන්න ඕන උනාම.

    යාපනේ මිනිස්සු ඊට කලින් දවසෙ ඇවිල්ල කොලඹ කාමරයක් අරන් නැවතිල,පහුදා ඔය කාර්‍යාලයට එන්නෙ වැඩක් කරගන්න. උන් යුද්ධ ප්‍රකාශ නොකර හිටීද?

    හැම ප්‍රාලේ එකකම තියෙන රථවාහන අංශ network කරන්න. VPN එකක් හදල සේර්ම data ශනිකව HO එකේ තියෙන ස ඉගෙන ගත්ත oracle database එකක store වෙන විදියට system එක හදන්න.
    එතකොට මිනිස්සු ඔතනට ඇව්ල්ල රස්තියයාදු ගහන්නෙ නෑ. ප්‍රා.ලේ එකෙන් වැඩ ටික කරන් ගෙදර යන්න පුලුවන්.

    වියත් මගේ උන්ට බැරිනම් අපිට කියන්න. අපි වැඩේ කරල දෙන්නම්.
    මේ වගේ ගොබ්බ වැඩ කරන්න එපා. ස’ ට අවුලක් නැති උනාට වියත්අග ගැන ,ස ගේ පරිඝනක හැකියාව ගැන පාරම් බාබු අපේ පොහොට්ටු මිතුරන්ට අවුල්.
    -චතුර නිලංගගේ ෆේස්බුක් පිටුවෙන්-

    ඉස්මාට් ගව රන්ස් 🧠🧠🧠

    හාල් ගණන් ගියාම ගබඩාවලට නොයා මාකට් යනවා. ලයිසන් පරක්කුවට සිස්ටම් එක හදන්න කොමසාරිස්ට කතා නොකර ලයිසන් ඉෂු කරන කවුන්ටරේට කියනවා..!

    උදා වූ වසන්තේ සදාකල් රැඳේවා!!

    -සඳුන් ප්‍රියංකරගේ ෆේස්බුක් පිටුවෙන්-

    https://youtu.be/nRRBJomjl1Y?t=5
  • එළවළුත් ගණන් කාලේ කන බොන එක අමතක වෙන්නත් එක්ක රාජිත සමඟ අපි හැංඟි මුත්තන් සෙල්ලම් කරමු ද..?(ස්මාට් ගව රන්ස් වීඩියෝ)

    එළවළුත් ගණන් කාලේ කන බොන එක අමතක වෙන්නත් එක්ක රාජිත සමඟ අපි හැංඟි මුත්තන් සෙල්ලම් කරමු ද..?(ස්මාට් ගව රන්ස් වීඩියෝ)

    ඉතිහාසයේ පෙර නොවූ විරූ ලෙස හාල්, එළවළු ඇතුළු අත්‍යාවශ්‍ය ආහාර සහ භාණ්ඩ මිල අහස උසට නැඟ ඇති සමයක ජනතාවගේ මේ දිනවල මාධ්‍යවල ප්‍රධාන මාතෘකාව බවට පත්කර ඇත්තේ හිටපු සෞඛ්‍යය අමාත්‍ය රාජිත සේනාරත්න සෙවීමේ සහ අත් අඩංගුවට ගැනීම සඳහා වන නාටකයයි.

    දින දෙකක් පුරා රාජිතව සෙවූ ආරක්ෂක අංශවලට ඊයේ (26) රාත්‍රියේ යාන්තම් කොළඹ අර්ධ රාජ්‍ය රෝහලකදී රාජිතව සොයා ගැනීමට හැකිව තිබේ.

    පැවති රජය පසුගියද අප්‍රේල් 21වනදා සිදු වූ පාස්කු ප්‍රහාරය වළකා ගැනීමට අසමත් වුවත්, ප්‍රහාරය සිදුකළ කණ්ඩායම් පැය 12ක් යෑමටත් මත්තෙන් සොයා ගැනීමට සමත් වූහ.

  • තාත්තාගේ ඇප ඇපීල් එක පිට රිජෙට් වෙද්දී ලෝක-නාථ-අනාථ උපදේශක රාජිතගේම පුත් චතුරට මාධ්‍යවේදීන් කෝචොක් කරයි.. මල පැන්න පාර ඉඟිලයයි.. (වීඩියෝ)

    තාත්තාගේ ඇප ඇපීල් එක පිට රිජෙට් වෙද්දී ලෝක-නාථ-අනාථ උපදේශක රාජිතගේම පුත් චතුරට මාධ්‍යවේදීන් කෝචොක් කරයි.. මල පැන්න පාර ඉඟිලයයි.. (වීඩියෝ)

    ශ්‍රී ලංකා ඉතිහාසයේ එදා මෙදා තුර පහළ වූ දැවැන්ත නායකයින්ට උපදෙස් දුන්නා යැයි කියා ගන්නා ලෝක-නාථ-අනාථ උපදේශක රාජිත සේනාරත්නගේම පුත් චතුර සේනාරත්නගෙන් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අසලදී ඊයේ(23) අපූරු ප්‍රශ්නයක් ඇසීය.

    එනම් ඔහුගේම පියා වන හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ අපේක්ෂිත ඇප අයදුම්පත් ඔහුගේ නීතිඥයින්ගේ වරදින් ප්‍රතික්ෂේප වෙද්දී, එදා මෙදා තුරා රටේ විශාල නායකයින් ප්‍රමාණයකට උපදෙස් දුන්නා යැයි කියන චතුර සේනාරත්න තම පියාට හරියට පූර්ව ඇප අයදුම්පතක් ඉදිරිපත් කිරීමට අවශ්‍ය උපදේශ ලබානොදුන්නේ දැ’යි යන ප්‍රශ්නය මාධ්‍යවේදීයෙකු ඔහුගෙන් විමසා සිටියේය.

    ඉන් කිපුණු මන්ත‍්‍රීවරයා පිලිතුරු දීම පසෙකලා වාහනයේ නැගී ඉඟිල ගියේය.චතුර සේනාරත්න මහතා සමාජ ජාලවල නිරන්තරයෙන් උපහාසයට ලක්වන්නේ ලෝකය ආරම්බයේ පටන් සිදුව ඇති වැදගත් සංසිද්ධීන්වලට උපදෙස් දුන්නෙක් ලෙසයි.

  • System change, Smart governance දෙන්න ආ ගෝඨා අවසානයේ සතියක් ගානේ පොලේ ගාටයි… (Photos)

    System change, Smart governance දෙන්න ආ ගෝඨා අවසානයේ සතියක් ගානේ පොලේ ගාටයි… (Photos)

    System change, Smart governance තුළින් විප්ලවීය සංවර්ධිත රටක් කරන බවට පවසමින් බලයට පැමිණි වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මේ වන විට සතියක් ගානේ රට රටේ පොළවල් වල ඇවිදිමින් සිටින බව නම් පෙනීයයි.

    මේ අතර ඔහුව ජනාධිපති කිරීමට ඡන්දය දුන් කෝඩුකාර නව යොවුන් තරුණයින් පිරිසක් රට වටේ තාප්ප පුරා චිත්‍ර කතා අඳිමින් සිටිති.

    ගිය සතියේ (18th Dec) පොලේ ගිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා,

    මේ සතියේ (23rd Dec) පොලේ ගිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා,

  • පාඨලී බලන්න ගිය SF කියූ මෙතෙක් නොඇසූ කතාව (වීඩියෝ)

    පාඨලී බලන්න ගිය SF කියූ මෙතෙක් නොඇසූ කතාව (වීඩියෝ)

    පාර්ලිමේන්තු මන්ත්‍රී චම්පික රණවක රක්ෂිත බන්ධනාගාර ගතකර ඇත්තේ දේශපාලන පළිගැනීමක් ලෙස බවත්, අදාළ අනතුර සිදුව ඇත්තේ ජීප් රථය පසුපස යතුරුපැදිය වැදීමෙන් බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා සඳහන් කරයි.

    ඔහු මේ බව කියා සිටියේ වැලිකඩ බන්ධනාගාරයට සුව දුක් බැලීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් පළ කරමිනි.

    ඒ මොහොතේ යතුරුපැදිය පැමිණියේ පැයට කිලෝමීටර් 170 ක පමණ වේගයෙන් බවද, එම යතුරු පැදිය අධික එන්ජින් ධාරිතාවකින් යුතු යතුරු පැදියක් බවක් නීතිය ක‍්‍රියාත්මක කල යුත්තේ යතුරුපැදිය පැදවූ පුද්ගලයාට බවද ඔහු තව දුරටත් පැවසීය.

  • දේශපාලනය තුළින් ලඳ බොලඳ වැඩ නොකර, රට ඉලක්ක කරගනිමින් සෘජුව කටයුතු කළ යුතුයි (වීඩියෝ)

    දේශපාලනය තුළින් ලඳ බොලඳ වැඩ නොකර, රට ඉලක්ක කරගනිමින් සෘජුව කටයුතු කළ යුතුයි (වීඩියෝ)

    “ඡන්ද කාලේ කියන දේවල් සහ ඒ කියන දේවල් ප්‍රායෝගිකව ඉටු කරද්දි තිබෙන වෙනස අපට දැන් පැහැදිළිව පේන්න තිබෙනවා. ජනතාවගේ දෛනික අවශ්‍යතා ඉටුකරගැනීමේදී භාණ්ඩ මිල ඉහළ යාම නිසා අද ඔවුන් මූල්‍යමය වශයෙන් දුෂ්කරතාවන්ට මුහුණ දෙනවා. ඡන්ද කාලේ කියපු සුරංගනා කතා මේ වනවිට ඉටුකරගන්න නොහැකිවෙලා කියල ඒ තුළින් අපට පැහැදිළිව පේනවා. ජන ජීවිතය පහසුකරමින්, ජනතාවගේ ජීවනබර අඩුකරන්න අපි මේ අවස්ථාවේදී අපේ පූර්ණ සහයෝගය ලබාදෙනවා. මේ කෙටි කාලය තුළ ඒ දේවල් යතා තත්ත්වයට පත්කරගන්නට නොහැකි වුණොත්, ලබන වසරේ අප්‍රේල් මාසය වෙද්දි ඒ වෙනුවෙන් නිසි ක්‍රියාමාර්ග ගන්න අපි කටයුතු කරනවා. රට ඉලක්ක කරගනිමින්, ජනතා සුබසිද්ධිය වෙනුවෙන් කටයුතු කිරීමේ කාලය දැන් එළඹිලා තිබෙන්නේ. ඒ වෙනුවෙන් සියලු බේද ඉවතදාලා, එක්සිත්ව එක්සත්ව කටයුතු කලයුතුයි. ඒ වෙනුවෙන් ඉදිරියේදී ජනතාව තුළින් ජනතා වරමක් ලබාගෙන කටයුතු කරන්න එක්සත් ජාතික පක්ෂය සූදානමින් සිටිනවා. ඒ තුළින් එදා ඩී.එස්. සේනානායක බිහි කරපු, මෙතෙක් කාලයක් නොයෙක් නායකත්ව යටතේ ඉදිරියට ගෙනාව එක්සත් ජාතික පක්ෂය, තවදුරටත් ජයග්‍රහණයේ මාවත කරා ගෙනයන්න අපි කටයුතු කරනවා “යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා පවසයි.

    ඒ මහතා මෙම අදහස් පළකළේ, ඊයේ (21) පස්වරුවේ මට්ටක්කුලිය, විස්ට්වයික් ක්‍රීඩාංගනයේ පැවති, එළඹෙන නව වසර වෙනුවෙන් අඩුආදායම්ලාභී පවුල්වල දරුදැරියන් වෙනුවෙන් අභ්‍යාස පොත්, පාසල් උපකරණ ආදිය ලබාදීමේ අවස්ථාවකට සහභාගි වෙමිනි.

    මෙම උත්සවය අවසානයේදී මාධ්‍ය විසින් නැගූ ප්‍රශ්න වලට පිළිතුරු දුන් කරුණානායක මහතා,

    “එක්සත් ජාතික පක්ෂය කියන්නේ එක්සත් පක්ෂයක්. ඒ නිසා අපි එළඹෙන මැතිවරණයටත් අත්වැල් බැදගෙන එකට කටයුතු කරන්න සූදානමින් සිටිනවා. 2020 වනවිට අපේ පක්ෂය නිරන්තරයෙන් සුවිශාල ජයග්‍රහණයක් හිමිකර ගන්නවා. ඒ සම්බන්ධයෙන් මේ දිනවල අපි සාකච්ඡා පවත්වමින් සිටිනවා.

    ආණ්ඩු වෙනස්වන විට නොයෙක් නොයෙක් දේවල් සිද්ධ වෙනවා. එහි ප්‍රථිපලයක් වශයෙන් තමයි, අපේ පක්ෂයේ මන්ත්‍රීවරු මේ වනවිට අත්අඩංගුවට පවා පත්වී සිටින්නේ. ඒවා සාමාන්‍ය දෙවල්. නමුත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් සම්බන්ධයෙන් මෙවැනි අවස්ථා වලදී ප්‍රජාතන්ත්‍රවාදය සුරකිමින්, යම් ක්‍රමවේදයක්, නීතියක්, පොලීසියට උසාවියට ගරු කිරීමක් අනුව කටයුතු කළ යුතුයි. වසර 5 ක් තිස්සේ අපි කටයුතු කළෙත් ඒ අන්දමින්. මොනදේ සිද්ධ වුණත්, ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා වනවරිදි කටයුතු කල යුතුයි. මෙවැනි ප්‍රශ්න ඇතිකිරීම තුළින් එක්සත් ජාතික පක්ෂයේ එකමුතුභාවය හෝ මේ පක්ෂය කෙරෙහි ජනතාව තුළ තිබෙන විශ්වාසය නැති කරන්න හැකිවෙන්නේ නැහැ. අපේ පක්ෂය තුළ නිසිම ගැටළුවක් කඹ ඇදිල්ලක් නැහැ. අවශ්‍ය වෙලාවට අවශ්‍ය පරිදි අවශ්‍ය දේ අපි කරනවා.

    රටට කරන්න පුළුවන් හොදම දේ කරන්න අපි සැමවිටම සහයෝගය දෙනවා. හම්බන්තොට වරාය සම්බන්ධයෙන් රජය ගන්නා යහපත් තීරණ වලට අපි සහයෝගය ලබාදෙනවා. නැව් එන්නේ නැති වරායක් පවත්වාගෙන යමින්, නිකරු‍ණේ අහිංසක ජනතාවගෙන් බදු මුදල් අය කරනවාට වඩා, එහි අයිතිය ලංකාවට තබාගෙන සුදුසු ක්‍රියාමාර්ගයක් ගන්න එක හොදයි. ජනාධිපතිතුමා මේ සම්බන්ධයෙන් මේ වනවිට යම් ස්ථාවරයකට පැමිණ ප්‍රකාශයක් කරලා තිබෙනවා. ඒ කරලා තිබෙන්නේ ආණ්ඩුවක් වශයෙන් රටට කළ යුතු යෝග්‍යම දේ තමයි. ආණ්ඩුවක් වෙනස් වුණා කියලා හැම දෙයක්ම වෙනස් වියයුතු නැහැ.

    19 වන සංශෝධනය තුළින් ජනතා සුබසාධනයට කිසිම දෙයක් සිදුවන්නේ නැහැ. බදු අඩු කරන්න, ජීවන වියදම අඩු කරන්න පොහොර සහනාධාරය දෙන්න, නිවාස ලබාදෙන්න වගේ ජනතා සුබසිද්ධිය වෙනුවෙන් ගනු ලබන ඕනෑම තීරණයකට අපි 2/3 සහයෝගය ලබාදෙනවා. නමුත් 19 ව්‍යවස්ථා සංශෝධනය තුළින් ජනතාවට, ජක ජීවිතය පහසු කරගන්න කිසිම සහයෝගයක් ලැබෙන්නේ නැහැ. අපි එදත් කිව්වා එම්සීසී ගිවිසුමෙන් රටට අහිතක් වෙන්නේ නැහැ කියලා. මේ වනවිට ඔවුනුත් එය පිළිගෙන තිබෙනවා. එදා කිසිම කොන්දේසියක් නැතිව රටට ලබාගන්න තිබුණ දේ ලබාගන්න ඔවුන් ඉඩ දුන්නේ නැහැ. නමුත් දැන් ඒක ලබාගන්න වෙහෙසෙනවා. ඔවුන්ට එකපාරට උදේ රෑ වෙලා, රෑ උදේ වෙලා. දේශපාලනය තුළින් මේ වගේ ලාබාල වැඩ නොකර, රට ඉලක්ක කරගනිමින් සෘජුව කටයුතු කළ යුතුයි” යැයි පැවසීය.

  • අතන මෙතන ගිය රතන දැන් ගෝඨාගේ සාක්කුවෙන් හිස්බුල්ලාගේ ජොකා අස්සට බැහැලා..

    අතන මෙතන ගිය රතන දැන් ගෝඨාගේ සාක්කුවෙන් හිස්බුල්ලාගේ ජොකා අස්සට බැහැලා..

    නැගෙනහිර පළාතේ, මුස්ලිම් ෂාරියා නීතිය උගන්වන විශ්වවිද්‍යාලයක් ආරම්භ කිරීමට හිස්බුල්ලා මහතා කටයුතු කරන බවට එදා චෝදනා කළ පිරිස සිටින ගෝඨාභය රාජපක්ෂ මහතාගේ වේදිකාවේට අද හිස්බුල්ලා මහතාත් ගොඩවී ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පවසයි. 

    එදා හිස්බුල්ලා මහතා ආණ්ඩුකාර ධුරයෙන් ඉවත් කිරීම සඳහා මාරාන්තික උපවාසයක් සිදුකළ අතුරලියේ රතන හිමිද හිස්බුල්ලා සමග එකට වේදිකාවේ සිටින බව පෙන්වා දෙන ටිල්වින් සිල්වා මහතා විමසා සිටින්නේ අද වනවිට ෂාරියා විශ්වවිද්‍යාලය පිරිවෙනක් බවට පත්වී හෝ තිබෙන්නේද යනුවෙනි.

    ගෝඨාභය රාජපක්ෂ මහතාගේ වේදිකාවෙ සිටින පුද්ගලයන් තමන්ට ඕනෑ වූ විට ජාතිවාදය පතුරුවන බවත්, ඉන්පසු නැවතත් එකිනෙකාට චෝදනා කරගත් පිරිසම එකට වේදිකාවේ හිඳගෙන සිටින බවත් ජවිපෙ ලේකම්වරයා පෙන්වා දෙයි. මෙම පුද්ගලයන් දේශපාලනය වෙනුවෙන් දෙබිඩි චරිත රඟපාමින් සිටින බවයි ඔහු අවධාරණය කරන්නේ.

    පාස්කු ප්‍රහාරය එල්ලවීමෙන් පසුව රාජපක්ෂලා සහ ඔවුන්ගේ පාක්ෂිකයන් රටපුරා මුස්ලිම් විරෝධී ව්‍යාපාරයක් ගෙනගිය බවත් එම මුස්ලිම් විරෝධය හරහා සිංහල බහුතරය දිනා ගැනීමට කටයුතු කළ බවත් ටිල්වින් සිල්වා මහතා පෙන්වා දෙනවා. එම ප්‍රහාරය මුස්ලිම් අන්තවාදීන් සුළුතරයකගේ ක්‍රියාවක් මිස එය බහුතර මුස්ලිම් ජනතාව වගකිව යුතු සිදුවීමක් නොවන බවත් ඔහු පවසනවා.

    නාවලපිටිය ප්‍රදේශයේ පැවති ජාතික ජනබල ව්‍යාපාරයේ ජනාධිපතිවරණ රැළියක් අමතමින් ජවිපෙ ලේකම්වරයා මේ බව සඳහන් කළේය.

  • රට වටේත්, රටට ආපු පිටරට ගෑනු පස්සෙත් පන්න පන්නා දූෂණ කළ මැදමූලන රාජපක්ෂ ජාතකයේ අපතයින් ගැනූන්ට දුක් හැර වෙනයමක් දෙයිද..?

    රට වටේත්, රටට ආපු පිටරට ගෑනු පස්සෙත් පන්න පන්නා දූෂණ කළ මැදමූලන රාජපක්ෂ ජාතකයේ අපතයින් ගැනූන්ට දුක් හැර වෙනයමක් දෙයිද..?

    මැදමූලන රාජපක්ෂ ජාතකයේ මහ එකා වූ පර්සි මහින්දගේ පටන් ඔහු ගම වටේත් රට වටේත් කොටා ගෙන ගොස් ජාතක වූ ඒ ලේ ඇති අපතයින් තම පියානෝගේ කාලයේ රට වටේ ගැහැනු ළමයින් ප්‍රසිද්ධියේ දූෂණය කලා පමණක් නොව මෙරටට පැමිණි විදේශීක කාන්තාවන් පවා බලහත්කාරයෙන් දූෂණය කරමින් කළු ලේ පැල්ලම් වලින් වාර්තා පිට වාර්තා තැබීය.

    එහෙව් අපත ජාතකයකට උරුම කම් කියන රාජපක්ෂ ජාතකයේ වුන්ට කාන්තාවන් දැඩි වේදනාවක් සහ මානසික පීඩනයකට ලක්වන මාස්ශුද්ධියේ වේදනාව තුනීකර ගැනීම වෙනුවෙන් “සනීපාරක්ෂක තුවා” ලබාදෙන බවට කළ ප්‍රකාශයේ මේ වන විට රාජපක්ෂවරුන්ගේ වහලුන් විසින් උපහාසයට ලක්කරමින් සිටින්නේ තමා වැඳූ මවටද නිඟා දෙමිනි.

    එදා රාජපක්ෂලාගේ සහචරයින් වූ සාරුවාගේ සුනිල් වැනි අපතයින් කුඩා ගැහැණු දැරිවියන් දූෂණ කරමින් එම වාර්තා 100, 200, 300 වෙනුවෙන් වෙන වෙනම සාද පවා පැවැත්වූහ.


  • ගෙඹි වස්සා යළි පිම්මකට සැරසෙයි; ගොන් ගෙඹි වස්සා වැට පනින්න පෙර පක්ෂයෙන් පන්නා දමයි

    ගෙඹි වස්සා යළි පිම්මකට සැරසෙයි; ගොන් ගෙඹි වස්සා වැට පනින්න පෙර පක්ෂයෙන් පන්නා දමයි

    සේනානායක පරපුරේ ලේ වලට අහඹු ලෙස කවලම් වූ විකෘති ජානයකින් නිර්මාණය වූ වර්තමානයේ “ගෙඹි වස්සා” කුප්‍රකට වස්සන්ත සේනානායක යළි මුදලට වැට පැනීමට ප්‍රථම එක්සත් ජාතික පක්ෂයෙන් පන්නා දැමීමට එම පක්ෂයේ මහලේකම් අඛිල විරාජ් කාරියවසම් මහතා ඊයේ(30) නියෝග කළේය.

    කොතරම් හොඳ පෙළපතක වුවද ඇතැම් පුද්ගලයින් ජාතක වීමේදී විකෘති ජාන සෛල නිර්මාණය විම ඉඩකඩ පවතින අතර එසේ නිර්මාණය වී ඉහළ පෙළපත් වලින් මෙලොව බිහිවී එම පෙළපතම විනාශ කළ “ගෙඹි වස්සා” වැනි චරිත මෙරට පමණක් නොව පිටරටවලද සිටී.

    මේ වන විට මේ “ගොන් ගෙඹි වස්සා” පක්ෂයේ ඇතුලේම සිට පක්ෂයේ අපේක්ෂකයා පරාජයට පත්කිරීමට රාජපක්ෂලාගේ කුමන්ත්‍රණයට දායක වෙමින් සිටින අතර මේ හේතුවෙන් එජාපය මෙම “ගොන් ගෙඹි වස්සා” පක්ෂයෙන් සහ අමාත්‍ය ධුරයෙන් නෙරපා දැමීමට තීරණය කොට ඇත.

    එසේම මේ ගොන් වස්සා තමා සේනානායක පරපුරේ යැයි කීවද අප ඇත්තටම උගේ පියා සේනානායක කෙනෙක්දැයි දන්නේ නම් නැත.

  • ජනවාරි 08 විප්ලවය සහ එ.ජා.ප දිය උල්පත අපිරිසිදු කළ විජේදාස නොහොත් ඩීල්දාස නම් අසූචි පිඩ

    ජනවාරි 08 විප්ලවය සහ එ.ජා.ප දිය උල්පත අපිරිසිදු කළ විජේදාස නොහොත් ඩීල්දාස නම් අසූචි පිඩ

    හැට දෙලක්ෂක ප්‍රගතිශීලී ජනයා 2015 ජන 8 සිදු කලේ විප්ලවයකි. දේශප්‍රේමී සිංහ හම පොරවාගෙන රටේ සාරය උරා බොමින් සිටි රාජපක්ෂ කල්ලිය  පන්නා දැමීමට ජනයා  සමත් විය. නීතිය අතට ගෙන  ගෙන මහ පාරේ  මිනී මැරූ , සාහසික ලෙස මහජන දේපල කොල්ල කෑ රාජපක්ෂලා හිරගෙයි තපිනු දැකීම සුවහසක් ජනයාගේ බලාපොරොත්තුව විය. නමුත් 62 දෙලක්ෂයක ජනයා ජයග්‍රාහීව අවසන් කල විප්ලවය දෙදෙනෙකු විසින් පාවා දුන්හ. එකෙකු සිරිසේනය , අනෙකා විජේදාසය.

    ජනවාරි 08 ජනතා අපේක්ෂා පාවාදුන්නේ විජේදාස නැමති ද්‍රෝහියාය

    මෙකී ද්‍රෝහීන් දෙදෙනා රාජපක්ෂලා සමහ එක්ව ජනතා ආන්ඩුව පෙරලීමට දඟ දැමූහ. මොවුන් විප්ලවයේදී වාටියේ සිටි නමුත්  විප්ලවය ආපසු හරවන ප්‍රතිවිප්ලවයේදී පෙරමුණේ විය . මෙය කවර නම් පාවාදීමක්ද ? සරලව කිවහොත්,  ‘‘ කුකුළු කො‍ටුවට හොරෙන් පනිමින් කුකුළන් කාදමන නරියෙකු විය. මහත් පරිශ්‍රමයකින් නරියා අල්ලා ගස් බැන්දේය. නමුත් සිදුවූයේ අනෙකකි. කුකුළු ‍රැහෙන්ම මතුවූ දෙදෙනෙකු ගස් බැදි නරියා නිදහස් කළේය’’. රාජපක්ෂ නැමති දේශප්‍රේමී සිංහ හම පොරවාගත් නරියා නිදහස් කලේ විජේදාස සහ සිරිසේනය.

    විජේදාසයා, රාජපක්ෂලාට එරෙහි පරීක්ෂණ අඩාල කළ හැටි

    යහපාලන ආන්ඩුවේ අධිකරණ ඇමති වූයේ විජේදාසය. එය සිරිසේනගේ අත්තනෝමතික පත්කිරීමකි. ජාතික ආන්ඩුවක සාමූහිකත්වය වෙනුවෙන් එ.ජා.ප එය ඉවසා සිටියේය .අධිකරණ ඇමතිවූ විජේදාස, රාජපක්ෂලාට එරෙහි පරීක්ෂණ දිගින් දිගටම අඩාල කලේය. අවසානයේ  විජේදාසට තීරනාත්මක අයුරින් විරෝධය පෑමට එ.ජා.ප තීරණය කලේය. 2017 වසරේදී විජේදාස  අධිකරණ ඇමති ධූරයෙන් ඉවත් කිරීමට සිරිසේනට සිදුවිය. අපරාධ පරීක්ෂණයක  සාක්ෂි දම්වැලක ස්වරූපය ගනියි. එකි එක් පුරුකක් නිෂ්ක්‍රීය වුවහොත් සමස්ථ සාක්ෂියෙන් වැඩක් නැත. විජේදාසයා ඉවත් කරන විට රාජපක්ලාට එරෙහි පරීක්ෂණ බොහොමයක් අල කොට හමාරය.

    සජිත්,   විජේදාස නම් අසූචි තැම්බ ඉවත් කොට  දිය උල්පත පවිත්‍ර කළේය

    විජේදාස නැමති දෝහියාගේ ඉවත් වීම සරළ උදාහරනයකින් කිව හැක. එක්සත් ජාතික පක්ෂ චින්තනය දිය උල්පතකි. එකී දිය උල්පත ඉස්මත්තේ විජේදාස නැමති අසුචි තලියක් විය. සජිත් ප්‍රේමදාස විසින් එකී අසූචි තලිය ඉවත් කළේය. දැන් එජාප දිය දහර පිරිසුදුය . සජිත් විසින් පවිත්‍ර කළ එජාප දිය දහර ජනයා  දෝතින්ම වැළඳගෙන ඇත. එජාපය දිය පහර  පීඩිත ජනයාගේ පවස නිවන මහා ගංගාවක් බවට පත්ව ඇත. විජේදාස නැමති අසූචි තැම්බ රාජපක්ෂ නම් වැසිකිලියට එක් වී ඇත  . 

    තුෂාරා වන්නිආරච්චි

  • සන්ධානයේ පිරිසක් සජිත්ගේ සහයට එක්වෙති..

    සන්ධානයේ පිරිසක් සජිත්ගේ සහයට එක්වෙති..

    එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපෙක්ෂක අමාත්‍යය සජිත් ප්‍රේමදාස මහතාගේ ජයග්‍රහණය තහවුරු කිරිම සදහා නාවලපිටිය ප්‍රදේශයේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ප්‍රබල සමාජිකයන් කිහිප දෙනෙකු එක්සත් ජාතික පක්ෂය සමග එක් වුණා.

    එක්සත් ජාතික පක්ෂයේ නාවලපිටිය ආසන බල මණ්ඩලය රැස්විම මහනුවර දිස්ත්‍රික් එජාප සංවිධායක , ව්‍යවසාය සංවර්ධන සහ කන්ද උඩරට උරුමයන් පිලිබද අමාත්‍යය ලක්ෂ්මන් කිරිඇල්ල මහතාගේ ප්‍රධානත්වයෙන් නාවලපිටිය උත්සව ශාලාවක පැවැත්විණ.

    එම රැස්විමේදි එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ප්‍රබල සමාජිකයන් පිරිස එක්සත් ජාතික පක්ෂය සමග එක් විණ.

    එක්සත් ජාතික පක්ෂයේ ආසන බල මණ්ඩල රැස්විම නාවලපිටිය නගර සභාවේ සභාපති සසංක සම්පත් සංජිය මහතා විසින් සංවිධානය කර තිබුණි.

    මෙම ආසන බල මණ්ඩල රැස්විමේදි අමාත්‍යය ලක්ෂ්මන් කිරිඇල්ල , මහනුවර දිස්ත්‍රික් එජාප ප.මවරුන් වන මයන්ත දිසානායක , වේලු කුමාර් යන මහතුන්ද අදහස් දැක්විණ.

  • ශ්‍රීලනිපයේ සහය ගෝඨාට අහිමිවන ලකුණු

    ශ්‍රීලනිපයේ සහය ගෝඨාට අහිමිවන ලකුණු

    ඉදිරි ජනාධිපතිවරණය සඳහා පොදුජන පෙරමුණ සමඟ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සන්ධානගත වන්නේ පොදු ලකුණකින් ජනාධිපතිවරණයට ඉදිරිපත්විය යුතු බවට වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ යෝජනාවට එකඟවන්නේ නම් පමණක් බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසයි.

    ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රතිපත්තියට දර්ශනයට හානිවන හෝ පාක්ෂිකයන්ට අනාගතයක් අහිමිවන කිසිදු වැඩපිළිවෙළකට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එළැඹීමට සූදානම් නොමැති බව ජනාධිපතිවවරයා අවධාරණය කළේ ඊයේ(29) පස්වරුවේ පැවති කුරුණෑගල දිස්ත්‍රික් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සම්මේලනය අමතමිනි.

    මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිවරයා කියා සිටියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉතිහාසයේ ද නොයෙක් අවස්ථාවල පසුබෑමට ලක්වුව ද පක්ෂය කිසිදා මිය නොගියේ එහි ජනතාවාදී වැඩපිළිවෙළ නිසා බවයි.

    ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අද දුර්වල වී ඇති බවට කවුරුන් කෙසේ කීව ද ඉදිරි ජනාධිපතිවරයා ලෙස පත්වීමට කුමන අපේක්ෂකයකුට වුව ද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහය අවශ්‍ය බව පැවසූ ජනාධිපතිතුමා ඊළග ජනාධිපතිවරයා පත් වන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තීරණය අනුව බව කිසිවකු අමතක නොකළ යුතු බව ද අවධාරණය කළේය.

    මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිතුමා වැඩිදුරටත් අවධාරණය කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉලක්කය වන්නේ අද තිබෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ ඉදිරියේ දී බලතල නැති ජනාධිපතිවරයෙක් පත් කර ගැනීමට වඩා බලතල ඇති ආණ්ඩුවක් පත් කර ගැනීම සඳහා 2020 දී පාර්ලිමේන්තුවේ බලය ඇල්ලීම බවයි.

    තනිව නොව පෙරමුණු ආණ්ඩුවක් තුළ එම ඉලක්කය ජය ගැනීමට සැලසුම්සහගතව කටයුතු කරන බව අවධාරණය කළ ජනාධිපතිතුමා දූෂිත ප්‍රභූ පංතියේ එකතුව විසින් විනාශ කර දමා තිබෙන මාතෘ භූමිය නව මගකට යොමු කරමින් දුෂණයෙන් වංචාවෙන් තොර ප්‍රජාතන්ත්‍රවාදී නිදහස් සමාජයක් සහ කිසිදු විදේශ බලවේගයකට ගැති නොවන රටක් ගොඩනැඟීමට නව ආණ්ඩුවෙන් කටයුතු කරන බව ද කියා සිටියේ ය.

    වත්මන් ආණ්ඩුව තුළ අද පවතින ගැටුම අග්‍රාමාත්‍යවරයා හා තමා අතර පවතින පුද්ගලික ගැටුමක් නොව දූෂණයට සහ වංචාවට විරුද්ධව තිබෙන ගැටුමක් මෙන්ම අන්ත දූෂිත නව ලිබරල්වාදී දේශපාලන ප්‍රතිපත්තියක් සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බණ්ඩාරනායක ශ්‍රීමතාණන්ගේ ජනතාවාදී දේශපාලන ප්‍රතිපත්තිය අතර තිබෙන ගැටුමක් බව ද ජනාධිපතිතුමා පෙන්වා දුන්නේ ය.

    අග්‍රාමාත්‍යවරයා එම ධූරයෙන් ඉවත් කර මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය ධූරයට පත් කිරීමට තමා කටයුතු කළ ද, ඔවුන් භාරගත් කාර්යය නිසි ලෙස ඉටුකර ගැනීමට ඔවුන්ට නොහැකිවීම තමාගේ ගැටලුවක් නොවන බව ප්‍රකාශ කළ ජනාධිපතිතුමා අද මහින්ද රාජපක්ෂ මහතා විපක්ෂ නායක ධූරයේ කටයුතු කරන්නේ ද, පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරු පාර්ලිමේන්තුවේ රැදී සිටින්නේ ද එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම්වරයා කථානායකවරයා වෙත ලබාදී ඇති ලිපියෙන් බව ද සිහිපත් කර සිටියේය.

    අශිලාචාර දේශපාලන චෝදනාවකට ලක් නොවු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉදිරියේ දී පක්ෂයේ අනන්‍යතාවය, ගෞරවය සහ අභිමානය රැක ගනිමින් රටත් ජනතාවත් වෙනුවෙන් වූ සේවයට කැපවන බව ද ජනාධිපතිතුමා සම්මේලනය අමතමින් වැඩිදුරටත් අවධාරණය කළේය.

    ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දීප ව්‍යාප්තව පවත්වන දිස්ත්‍රික් සමුළු මාලාවේ කුරුණෑගල දිස්ත්‍රික් සමුළුව පාක්ෂිකයන් විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් (29) පස්වරුවේ හෙට්ටිපොළ මහජන පොළ භූමියේ දී පැවැත්විණි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති නිමල් සිරිපාල ද සිල්වා, මහ ලේකම් දයාසිරි ජයසේකර, එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් මහින්ද අමරවීර, ජාතික සංවිධායක දුමින්ද දිසානායක, ලසන්ත අලගියවන්න යන මහත්වරුන් ද වයඹ පළාත් ආණ්ඩුකාර පේෂල ජයරත්න මහතා ඇතුළු ආණ්ඩුකාවරුන් ප්‍රමුඛ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයෝ රැසක් මීට එක්ව සිටියහ.

  • කොන්දේසි ගණනාවකට ගිවිසුම් ගතව යටත්ව සජිත්ට නමට අපේක්ෂකත්වය දෙන්න සූදානම්..! පැරදුනොත් සජිත්, කල්ලිය පිටින් ගෙදර..

    කොන්දේසි ගණනාවකට ගිවිසුම් ගතව යටත්ව සජිත්ට නමට අපේක්ෂකත්වය දෙන්න සූදානම්..! පැරදුනොත් සජිත්, කල්ලිය පිටින් ගෙදර..

    කොන්දේසි කිහිපයකට ගිවිසුම් ගතව යටත්ව එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස නමට එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා පත් කිරිමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එකඟතාව පල කර තිබේ.

    ඊයේ(24) රාත්‍රි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයින්ගේ හමුවකදී මෙම එකඟතාව පල කර ඇති බවයි අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා සඳහන් කළේය.

    අරලියගහ මන්දීරයේ පැවැති එම සාකච්ඡාව සදහා ලක්ෂ්මන් කිරිඇල්ල අමාත්‍යවරයාට අමතරව කබීර් හෂිම්, රවී කරුණානායක, නවීන් දිසානායක, රංජිත් මද්දුමබණ්ඩාර, මලික් සමරවික්‍රම යන අමාත්‍යවරුන් ද සහභාගී වී සිට ඇති බව සඳහන්ය.

    කෙසේවෙතත් සජිත් ප්‍රේමදාස මහතාට ජනාධිපති ධුර අපේක්ෂකත්වය ලබාදීමේදී කොන්දේසි කිහිපයක් ඉදිරිපත් කර ඇති බවත්, ඒවාට ගිවිසුම් ගත විය යුතුබවටත් වාර්තා වෙයි.

    විධායක ජනාධිපති ධුරය අහෝසි කිරිම, අග්‍රාමාත්‍යධුරය අපේක්ෂකයා රනිල් වික්‍රමසිංහ මහතා වීම ඇතුළු කොන්දේසි කිහිපයක් ඊට ඇතුළත් බව එක්සත් ජාතික පක්ෂ ආරංචි මාර්ග සඳහන් කළේය.

    මේ අතර එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩලය හෙට පෙරවරු 10.00ට සිරිකොත පක්ෂ මූලස්ථානයේදී රැස්විමට නියමිතයි.

    මෙහිදී එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති ධුර අපේක්ෂකයා සදහා කෘත්‍යාධිකාරි මණ්ඩලයේ අනුමැතිය ලබා ගැනිමට නියමිත බවයි එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයෙකු සඳහන් කළේ.

    එසේම සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති අපේක්ෂකයා ලෙස තරඟකොට ජනාධිපතිවරණයෙන් පරාජයට පත්වුවහොත් දැනට තිබෙන ඔහුගේ නියෝජ්‍ය නායකධුරයද අහිමිවී යන අතර යළි කිසිඳු ලෙසකින් පක්ෂයේ නායකත්වය සඳහා තරඟ කිරීමේ අවස්ථාවද අහිමි වේ. තවද සජිත් කල්ලියේ සාමාජිකයින් පරාජයෙන් පසු එම පරාජය පිළිගෙන පසුපෙළ නියෝජනය කිරීමද අනිවාර්යය බව දන්වා ඇති අතර සජිත් ඊට එකඟ වී ඇති බවටද වාර්තාවේ.

    තවද යම් හෙයකින් සජිත් ප්‍රේමදාස මෙම යෝජනාවලට එකඟව ජනාධිපති අපේක්ෂකත්වය භාර ගත හොත් ඔහුට මේ දක්වා සහයෝගය සහ ඉදිරිය සැලසුම් කළ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට වැලේ වැල් නැති වනු ඇති බව දේශපාලන විචාරකයෝ පවසති.