Category: සුපිරි Politics

  • ගෝඨාගේ ආර්ථිකය ගැන ‘රවී ගෙන් ප‍්‍රබල හෙළිදරව්වක්’

    ගෝඨාගේ ආර්ථිකය ගැන ‘රවී ගෙන් ප‍්‍රබල හෙළිදරව්වක්’

    අද විදුලිය නිපදවිම ඉතාම අවදානම් තත්ත්වයක තිබෙන්නේ. අපි ආණ්ඩුවෙන් විපක්ෂයට යන අවස්ථාවේ මම විදුලිබල අමාත්‍ය මහින්ද අමරවීර දැනුවත් කළා, විදුලිබල ක්ෂේත්‍රයේ ඉදිරි තත්ත්වය ඉතාමත් උග්‍රයි කියලා. නමුත් ඒ දේට ඇහුම්කන් නොදී, නිසි සැලසුම් සකස් නොකර, නැවතත් හදිසි විදුලිය මිලදී ගැනීමක් තමයි කරන්න යන්නේ. මේක ඉතාමත් භයානක තතත්වයක්.

    රටේ වර්තමාන තතත්වය පිළිබදව මාධ්‍ය වෙත අදහස් දක්වමින් පසුගියදා පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මෙම අදහස් පළකළේය. මාධ්‍ය වෙත වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා එහිදී වැඩිදුරටත් මෙසේද පැවසීය.

    මම විදුලිබල අමාත්‍යතුමාට කිව්වා මේවාට රැවටෙන්නෙපා කියලා. නමුත් තවමත් එහි ප්‍රථිපලයක් දකින්න නැහැ. මාස දෙකක් තුනක් ඇතුළත නව ජනන සැලැස්මක් ඇති නොකළහොත්, වසර ගණනාවක්ම අපේ අහිංසක ජනතාවට තමයි එහි පාපය ගෙවන්න වෙන්නේ. 

    මට පේන විදියට විදුලි ක්ෂේත්‍රය පමණක් නොවේ සමස්ත රටේ ආර්ථිකයම දැන් භයානක වාතාවරණයක් ඔස්සේ තමයි ගමන් කරන්නේ. ආණ්ඩුව ද , විපක්ෂය ද කියලා ‍නොසිතා, නිවැරදි දේට ඇහුම්කන් දීලා කටයුතු කරනවානම්, මේ භයානක තත්ත්වයෙන් ගැලවෙන්න පුළුවන් වේවි. රටක් හැටියට ආර්ථික යුද්ධය දිනූවොත් තමයි අනිත් සෑම දෙයින්ම ජය ගන්න හැකි වන්නේ” යැයි  පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක අවධාරණය කරයි.

    “මේ වනවිට අප රටේ ආර්ථිකය සහ ජන ජීවිතය අඩාලවෙලා. ලෝක තෙල් මිල අඩුවෙලා තිබෙනවා. නමුත් එහි වාසිය අදටවත් අපේ රටේ ජනතාවට ලබාදිලා නැහැ. ඒ කියන්නේ බඩු මිල අඩුවීමේ ප්‍රථිලාභය මේ වනවිටත් ජනතාවට ලබාදෙන්න නව රජයට හැකිවෙලා නැහැ.

    අපි ආණ්ඩුවෙන් ඉල්ලා සිටින්නේ කරුණාකරලා ජනතාවට ලබාදිය හැකි සහන ලබා දෙන්න කියලයි. 

    ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මොනව කිව්වත්, ලෝක බැංකුව මොනවා කිව්වත්, අපේ අහිංසක ජනතාවට සහන සලසන්න රජයක් හැටියට අපි දැනගන්න ඕන. ජනතාව වෙනුවෙන් සටන් කළයුතු යුගයක් දැන් එළඹිලා තිබෙන්නේ. මේවා ඡන්ද කාලෙට පමණක් කියන දේවල් නොවෙයි, ඡන්දයකින් පසුවත් කිවයුතු, ඒ වගේම ක්‍රියාවට නැංවියයුතු දේවල් කියලා මම කියන්න කැමතියි”.

  • දැන් ඉතිං UNP එක මොන සෙල්ලම් දැම්මත් වැඩක් නෑ – ඇමති ප‍්‍රසන්න රණතුංග

    දැන් ඉතිං UNP එක මොන සෙල්ලම් දැම්මත් වැඩක් නෑ – ඇමති ප‍්‍රසන්න රණතුංග

    වත්මන් ආණ්ඩුව මේ කරගසා ඇත්තේ යහපාලන ආණ්ඩුවේ  පව් වලට බවත් කඩිනමින් පාර්ලිමේන්තු මැතිවරණයක් පවත්වා පොහොට්ටුවේ ආණ්ඩුවක් බිහිකරගෙන ජනතා ප්‍රශ්න විසදීමට සුදානම් බවත් කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා අවධාරණය කරයි.

    පාර්ලිමේන්තුවේ සුළුතර බලයක් සහිත වත්මන් ආණ්ඩුව වෙනුවට තුනෙන් දෙකක බහුතර බලයක් සහිත නව ආණ්ඩුවක් පිහිටුවා ගැනීමෙන් රට නැවත ගොඩ ගැනීමට හැකි වන බව ද ඇමති ප්‍රසන්න රණතුංග මහතා පෙන්වා දෙයි.

    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් කුවේට් ප්‍රධාන ශාඛාව විසින් කුවේට් සල්මියා අල් තජාන්  උත්සව ශාලාවේ දී පැවති රැස්වීමක දී ඇමතිවරයා මේ බව සදහන් කළේය. මෙරට නිදහස් දිනය සැමරුම වෙනුවෙන් මෙම උත්සවය සංවිධානය කර තිබුණි.

    මෙහි දී වැඩිදුරටත් අදහස් දැක් වූ ප්‍රසන්න රණතුංග මහතා මෙසේ ද කීවේය.

    ” අපි පසුගිය ජනාධිපතිවරණය ජයග්‍රහණය කරපුවාම මේ රටේ ජනතාව ලොකු වෙනසක් බලාපොරොත්තු වුණා. ඒ වෙනස අපි ටික ටික කරගෙන ගියත් ඒ වෙනස වේගවත් කිරීමට හැකියාවක් නැත්තේ අපි මේ ඇදගෙන යන්නේ 2015 පත් වූ පාර්ලිමේන්තුවම නිසයි.මේ ආණ්ඩුව බහුතරය සහිත ආණ්ඩුවක් නෙමේ. සුළුතර ආණ්ඩුවක්. මේ සුළුතර ආණ්ඩුවට සිද්ධවෙලා තියෙන්නේ යහපාලන ආණ්ඩුවේ පව් වලට කරගහන්නයි. පහුගිය දෙසතිය තුළ විතර කොලඹ උද්ඝෝෂණ 60 ක් තිබුණ කියලා පොලීසිය කියලා තිබුණා. මේ උද්ඝෝෂණකරුවන්ගේ උද්ඝෝෂණ වලට හේතුව පහුගිය යහපාලන ආණ්ඩුවේ අවිධිමත් ක්‍රියා කලාපයයි. ඇතැම් අමාත්‍යාංශවල බදවා ගැනීමේ පටිපාටිය උල්ලංඝණය කරමින් රැකියා වලට බදවා ගෙන. තවත් සමහර ඒවායේ වැටුප් විෂමතා. මේ අය දැන් ආණ්ඩුවෙන් සාධාරණය බලාපොරොත්තු වෙනවා. ඒකයි මම කිව්වේ අපිට කර ගහන්න වෙලා තියෙන්නේ පහුගිය ආණ්ඩුවේ පව් වලට කියලා.

    අපිට පුළුවන් විදිහට අපි මේ ජනතා ඉල්ලීම් ඉටු කරන්න කටයුතු කරගෙන යනවා. ඒත් ඇතැම් අණ පණත් අපිට ඒකට බාධාවක්. ඒ බාධා ඉවත් කරගන්න අපිට පාර්ලිමේන්තුවේ බහුතර බලය නැහැ. අපි මේ පාර්ලිමේන්තුව ඉක්මණින්ම විසුරුවා හැරලා පොහොට්ටුවේ ආණ්ඩුවක් පිහිටුවාගෙන මේ ජනතා ප්‍රශ්න වලට ස්ථිර සාර විසදුම් ලබා දෙනවා. 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව නිසයි ගෝඨාභය මහත්තයා ජනාධිපති වු වහා ම පාර්ලිමේන්තුව විසුරුවා අරින්න බැරි වුණේ. නමුත් මාර්තු 01 වෙනි දා මධ්‍යම රාත්‍රියෙන් පස්සේ පාර්ලිමේන්තු විසුරුවා හැරීමේ බලය ජනාධිපතිතුමාට ලැබෙනවා. දැන් ඉතිං UNP එක මොන සෙල්ලම් දැම්මත් වැඩක් නෑ. මොකද දැන් ඔවුන්ට අප සමග මහ මැතිවරණයට තරග කරන්නම වෙනවා. ඔවුන් ව්‍යවස්ථාවට මුවා වෙලා මේ  පාර්ලිමේන්තුව රැකගෙන හිටියා. මාර්තු 01 වෙනිදාට ඒක ඉවරයි. සජිත්ටයි, රනිල්ටයි දෙන්නටම සිද්ධ වෙනවා එදාට එළිපිට නටන්න.

    එක්සත් ජාතික පක්ෂය අද ලකුණක් හොයාගන්න බැරි තරම්  බංකොළොත් වෙලා ඉවරයි. පක්ෂයේ අර්බුධ නිසා අද ගම්වල එක්සත් ජාතික පාක්ෂිකයෝ ඉන්නේ කළ කිරිලා. අලියාගෙන් ආවත්, හංසයාගෙන් ආවත් ඒ දෙකම නැතුව හදවතින් ආවත් එක්සත් ජාතික පක්ෂයේ පරාජය ස්ථිරයි. මේ පාර තමයි එක්සත් ජාතික පක්ෂය මතක හිටින පාඩමක් ඉගෙන ගන්නේ. අපේ අපේක්ෂාව මේ පාර මහින්ද මහත්තයාව ඉතිහාසයේ වැඩිම ඡන්ද ප්‍රමාණයකින් දිනවන්නයි. අපේ රටේ ජනතාව ඒකට ලෑස්තියි.

    පසුගිය ජනාධිපතිවරණයේ දී විදේශ ගත ශ්‍රමිකයෝ නිවාඩු දාලා ගෙදර ආවා ගෝඨාභය මහත්තයට ඡන්දය දෙන්න. ඒ වෙන මොනවත් නිසා නෙමෙයි තමන්ගේ මව්රටට තියෙන ආදරය නිසා. තමන්ගේ මව්රට රැකගන්න තියෙන උවමනාව නිසා. මෙවරත් අපි ඔබේ සහාය අපේක්ෂා කරනවා. එදා වගේ අපි හැමෝම එකතු වෙලා මාතෘභූමිය රැක ගනිමු”.

  • බටහිර අනුකාරක ජාතිකවාදයද? බහුත්වවාදී දේශප්‍රේමය පිළිබඳ ඉන්දීය ආදර්ශයද?

    බටහිර අනුකාරක ජාතිකවාදයද? බහුත්වවාදී දේශප්‍රේමය පිළිබඳ ඉන්දීය ආදර්ශයද?

     සුමිත් චාමින්ද

    සිංහල බෞද්ධ ජාතිකවාදය විසින් ඉදිරිපත් කෙරෙන ප්‍රවාදය ඉතාම සරලය; පැහැදිළිය. ශ්‍රී ලංකාව සිංහල බෞද්ධ රාජ්‍යයකි; නොඑසේනම්, එය සිංහල බෞද්ධ රාජ්‍යයක් විය යුතුය. මේ ප්‍රවාදය පදනම්ව ඇත්තේ බහුතර ජන වර්ගයේ භාෂාව සහ ආගම, ජාතිය ගොඩ නැගීමේ ප්‍රධාන සංරචක විය යුතුය යන පිළිගැනීම මතය.

    එම ජාතිය තුළ වෙසෙන සෙසු භාෂා කතා කරන සහ සෙසු ආගම් අදහන ජනයා මේ යථාර්ථය පිළි ගත යුතුය. නොඑසේනම්, ඔවුනට එය පිළි ගැන්වීමට සිදුවේ. මේ 18 වන සහ 19 වන සියවස් තුළ බටහිර යුරෝපයේ ඉදිරිපත් වූ ජාතිය සහ ජාතික රාජ්‍යය පිළිබඳ අධිපති අදහසමය. 

    මා පසුගිය ලිපියේදී පෙන්වා දුන් පරිදි යුරෝපයේ නූතන ජාතික රාජ්‍යයන් ගොඩ නැගුණේ භාෂාමය සහ ආගමික අනන්‍යතා පදනම් කරගෙනය. නිදසුනක් ලෙස, මහාචාර්ය නලින් ද සිල්වා නිවැරදිව පෙන්වා දෙන පරිදි එක්සත් රාජධානියේ ඉංග්‍රීසි ආධිපත්‍ය තහවුරු වූයේ ස්කොටිෂ්, වෙල්ෂ්  සහ අයිරිෂ් අනන්‍යතා යටපත් කර දැමීම මගිනි.

    1707 වසරේදී මහා බ්‍රිතාන්‍ය රාජධානිය පිහිටුවීමෙන් පසුව 19 වන සියවස පුරාම එම රාජ්‍යයේ ආර්ථික සහ සමාජ ප්‍රතිපත්ති ක්‍රියාත්මක වූයේ අයිරිෂ් ජනයා ආන්තිකකරණයට ලක් වන ආකාරයෙනි. එසේම, ප්‍රොතෙස්තන්ත ක්‍රිස්තියානිය ප්‍රධාන ආගම බවට පත් කෙරිණ. එක්සත් ජනපදයේ ස්පාඤ්ඤ භාෂාව කතා කළ ජනයා මත ඉංග්‍රීසි ආධිපත්‍ය බලහත්කාරයෙන් ස්ථාපිත කරනු ලැබිණ.

    විවිධ ප්‍රාදේශීය භාෂාවන් රැසක් කතා කළ ප්‍රංශයේ ප්‍රංශ භාෂාවේ ආධිපත්‍ය ස්ථාපිත කරනු ලැබිණ. කතෝලික ආගම ප්‍රමුඛත්වයටත් සෙසු ආගම් ද්විතීයික තැනටත් පත් කෙරිණ. මීට අමතරව ජාතික රාජ්‍යයන්ගේ පැවැත්ම සඳහා පොදු සතුරන්ද වුවමනා විය. නූතන යුගයේ යුද්ධ වනාහී රාජවංශ අතර හෝ අධිරාජ්‍යයන් අතර සිදුවන යුද්ධ නොව ජාතික රාජ්‍යයන් අතර ඇති වන යුද්ධ වේ. එබැවින්, නූතන ජාත්‍යන්තර සබඳතා ක්‍රමය ගොඩ නැගුණේම වෙනස් ජාතික රාජ්‍යයන් අතර ගැටුම් නිරාකරණය කිරීමේ අරමුණ ඇතිවය.   

    ජාතිය ගොඩ නැගිය හැක්කේ මෙම යුරෝපීය සහ උතුරු ඇමෙරිකානු ආදර්ශය අනුගමනය කරමින් පමණක් යැයි කල්පනා කිරීම නලින් ද සිල්වාගේම වචනයෙන් කිව හොත් “බටහිර අනුකාරකවාදයක්” ලෙස හැඳින්විය හැකිය. ඒ අනුව, සිංහල බෞද්ධ ජාතික චින්තනවාදීන් දැන් කලක පටන් මෙරට ජාතිය ගොඩ නැගීම සම්බන්ධයෙන් ඉදිරිපත් කරමින් සිටින්නේ බටහිර අනුකාරකවාදී අදහසකි. 

    ගාන්ධියානු ආදර්ශය

    නමුත්, බටහිර අනුකාරකවාදී නොවන ආකාරයෙන් ජාතිය ගොඩ නැගීමේ ප්‍රයත්නයක් දැරූ චින්තකයෙකු සහ ක්‍රියාධරයෙකු ලෝකයේ අප ජීවත් වන කලාපයේම විසීය. ඔහු මෝහන්දාස් කරම්චාන්ද් ගාන්ධිය. රාමචන්ද්‍ර ගුහා පෙන්වා දෙන පරිදි ගාන්ධි හට නූතන ඉන්දියාව ගොඩ නැගීමට අවශ්‍ය වූයේ හින්දි භාෂාව හෝ හින්දු ආගම පදනම් කොටගෙන නොවේ.

    පළමු කොටම “බ්‍රිටිෂ් රාජ් ඉන්දියාව” භාෂාමය, ජන වාර්ගිකමය සහ ආගමික අනන්‍යතා රාශියකින් යුක්ත වූවක් බැව් ගාන්ධි දැන සිටියේය. එම බහු-විධත්වය කරණ කොටගෙන නිදහසින් පසු ඉන්දියාව කැබලිවලට කැඩී යනු ඇතැයි ඇතැම් යටත් විජිත පාලකයින් පවා කල්පනා කළ බව ගුහා පෙන්වා දෙයි. නමුත්, යටත් විජිත ආණ්ඩුවේම අනු දැනුම ඇතිව 1947 දී බටහිර පාකිස්ථානය සහ නැගෙනහිර පාකිස්ථානය (1971 න් පසු බංගලාදේශය) කැඩී වෙන්ව යාම හැරුණු කොට නිදහස් ඉන්දියාව කැබලි වී ගියේ නැත. ඒ මන්ද? තනි භාෂාවක් සහ තනි ආගමික අනන්‍යතාවක් මත නූතන ජාතිය ගොඩ නැගීමේ බටහිර අනුකාරකවාදී මාර්ගය ගාන්ධි හෝ ඉන්දීය කොංග්‍රසය පිළි නොගත් බැවිනි. 


    ගාන්ධි “ස්වරාජ් ඉන්දියාව” පදනම් විය යුතු කුළුණු සතරක් හඳුනා ගත් අතර ඉන් එකක් වූයේ හින්දු-මුස්ලිම් සමගියයි (අනෙක්වා වූයේ අවිහිංසාව, කුළ ක්‍රමය අහෝසි කිරීම සහ ස්වයං-පෝෂිත ආර්ථිකයයි). නමුත්, මොහමඩ් අලි ජින්නා පෙනී සිටියේ ඉස්ලාම් ආගම සහ උර්දු භාෂාව පදනම් කරගත් වෙනම රාජ්‍යයක් ගොඩ නැගීමේ අරමුණ වෙනුවෙනි.

    නිදහස දිනා ගැනීමට ආසන්නව තිබියදී ජින්නාව මුණ ගැසුණු ගාන්ධි ඔහුට නිදහස් ඉන්දියාවේ අග්‍රාමාත්‍ය පදවිය වුවත් ලබා දීමට සූදානම් වූ බව කියැවේ. නමුත්, එය අසාර්ථක වී හින්දු-මුස්ලිම් ගැටුම්වලින් මහා ලේ වැගිරීමක් සිදු වන්නට පටන් ගත් විට ගාන්ධිගේ සමස්ත අවසන් ශක්ති බිඳ වැය කරන ලද්දේ ඇවිලෙන ජනවාර්ගික හිංසනය නිවා දැමීම සඳහාය. ඔහුගේ අවසන් උපවාසය කැප වූයේ ඒ වෙනුවෙනි. ගාන්ධිව ඝාතනයට ලක් වූයේ හින්දු අන්තවාදියෙකු අතිනි.

    ගාන්ධිගේ මරණය නිවේදනය කරමින් නේරු කළ කතාව ඇරඹුණේ මේ වචනවලිනි; “අපගේ ජීවිතවල ආලෝකය නිවී ගියේය; දැන් සෑම තැනකම අඳුරය.” ඒ සමගම ඔහු මෙසේ කීමටද අමතක නොකළේය; “අප කිසිදු ප්‍රචණ්ඩ ක්‍රියාවක යෙදෙනු දකින්නට අප දෙස කොහේ හෝ සිට බලා සිටින ඔහුගේ ආත්මය ප්‍රිය නොකරනු ඇත.” 

    ගාන්ධි දකින්නට ආශා කළ ඉන්දියාව වූයේ සෙසු ආගමික ප්‍රජාවන් හින්දු ආධිපත්‍යයට යටත්ව ජීවත් වන ඉන්දියාවක් නොවේ. ඔහුගේ දැක්ම අනුයමින් 1976 දී ක්‍රියාවට නැගුණු ඉන්දීය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 42 වන සංශෝධනය තුළ ඉතාම පැහැදිළිව කියැවෙන පරිදි ඉන්දියාව නිරාගමික රාජ්‍යයකි (secular state). (හරියටම ඊට වසර හතරකට පෙර සම්මත කෙරුණු ශ්‍රී ලංකාවේ ප්‍රථම ජනරජ ව්‍යවස්ථාව තුළ බෞද්ධාගමට රාජ්‍යයේ ප්‍රමුඛ තැනක් හිමි වන සඳහන් කෙරුණු බවත්, ඊට දෙවසරකට පසුව සම්මත කෙරුණු දෙවන ජනරජ ව්‍යවස්ථාව තුළ එම නීතිය නැවත වරක් සහතික කෙරුණු බවත් සිහි තබා ගන්න). 

    එලෙසම සෙසු භාෂා කතා කරන ජනයා හින්දි භාෂාවේ ආධිපත්‍යයට යටත් වී ජීවත් වන ඉන්දියාවක් දකින්නටද ගාන්ධි ප්‍රිය නොකළේය. ඔහු 1904 දී දකුණු අප්‍රිකාවේ විසූ ඉන්දීය ජාතිකයන් වෙනුවෙන් පළ කළ පුවත්පත ඉංග්‍රීසි, හින්දි, දෙමළ සහ ගුජරාට් යන භාෂා සතරකින් මුද්‍රණය කෙරිණ. භාෂාමය බහු-විධත්වය ඉන්දීය නිදහස් අරගලය පුරාම අඛණ්ඩව පවත්වාගෙන ආ ප්‍රතිපත්තියක් විය.

    රබීන්ද්‍රනාත් තාගෝර් විසින් බෙංගාලි බසින් ලියන ලද “ජන ගන මන” ගීතය නිදහස් ඉන්දියාවේ ජාතික ගීය ලෙස පිළිගැනිණ. මෑතකදී ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍යතුමා ඉන්දියාවේ සංචාරයක නිරත වී සිටියදී ඉන්දීය ජන මාධ්‍යවේදිනියක ඔහුගෙන් විමසුවේ ශ්‍රී ලංකාවේ ජාතික ගීය දෙමළ බසින් ගායනා කිරීමට අවසර නොදෙන්නේ මන්ද යන්නයි. ඔහු එයට දුන් පිළිතුර වූයේ ඉන්දියාවේ පවා ජාතික ගීය ලියැවී ඇත්තේ එක් භාෂාවකින් බවයි. නමුත්, සැබවින්ම ඒ සුළුතරයේ භාෂාවක් බව පෙන්වා දෙන්නට ඉන්දීය මාධ්‍යවේදිනියට අමතක විය. ශ්‍රී ලංකාවේ සුළුතරයේ භාෂාවකින් (නිදසුනක් ලෙස දෙමළ බසින්) ජාතික ගීය රචනා වීමක් ගැන සිතන්නට පවා හැකිද? එම විය නොහැකියාව ප්‍රභවය ලබන්නේ දේශපාලන ඉතිහාසයෙනි. 

    නිදහස් ඉන්දියාවේ 1956 වසරේදී සම්මත කෙරුණු ප්‍රාන්ත රාජ්‍ය ප්‍රති-සංවිධාන පණත මගින් භාෂාමය අනන්‍යතා පදනම් කොටගෙන ප්‍රාන්ත දේශ සීමා ලකුණු කෙරුණු බැව් සත්‍යයකි. නමුත්, එහිදී ප්‍රාන්ත රාජ්‍යයන්ට එම ප්‍රදේශවල බහුතර ජනයා ව්‍යවහාර කරන භාෂාවන් නිල වශයෙන් භාවිත කරන්නට ඉඩ සැලසිණ. ඒ අතරම ප්‍රාන්ත රාජ්‍යයන් තුළ සුළුතර භාෂාවන් කතා කරන ජනයාගේ අයිතීන් සුරකින්නටද පියවර ගැනිණ. යම් ජන කණ්ඩායමක් භාවිත කරන භාෂාව කරණ කොටගෙන ඔවුන් සුවිශේෂී පීඩනයකට ලක් නොවිය යුතුය යන ගාන්ධියානු පිළිගැනීම එලෙසින් ක්‍රියාවට නැගිණ. (මෙලෙස ඉන්දියාවේ භාෂාමය බහු-විධත්වය ව්‍යවස්ථාමය ලෙස ස්ථාපිත කෙරුණු 1956 වසරේදීම ශ්‍රී ලංකාවේ සිංහල පමණක් පණත සම්මත කෙරුණු බවද සිහි තබා ගන්න).

    නිරාගමිකවාදය සහ අනාගමිකත්වය 

    මේ ලිපිය අවසන් කිරීමට පෙර වැදගත් සංකල්පීය සහ දේශපාලනික කාරණා දෙකක් කෙටියෙන් පැහැදිළි කළ යුතුව තිබේ. පළමුවැන්න ගාන්ධියානු නිරාගමික ප්‍රතිපත්තිය යුරෝපීය නිරාගමිකවාදයෙන් වෙනස් වන්නේ කෙසේද යන්නයි. දෙවැන්න ජාතිකවාදය සහ දේශප්‍රේමය අතර පවත්නා වෙනස සම්බන්ධයෙනි. 

    යුරෝපීය නිරාගමිකවාදය ප්‍රභවය ලැබුවේ සුවිශේෂී ඓතිහාසික තත්ත්වයක් තුළය. එනම්, පල්ලිය සහ රාජ්‍යය අතර ගැටුමයි. එම ගැටුමේ ආරම්භයේදී පල්ලියේ ආධිපත්‍ය බිඳ හෙළීමට අවශ්‍ය වූයේ රාජාණ්ඩුවලටය; නමුත්, පසුව දේශපාලනිකව සංවිධානය වී හිස ඔසවමින් සිටි ධනේශ්වර පංතියටද එසේ කරන්නට වුවමනා විය. නමුත්, ඉන්දියාව තුළ (හෝ ශ්‍රී ලංකාව තුළ) ආගමික සංස්ථා සහ ලෞකික රාජ්‍යය අතර එවන් ගැටුමක් ගොඩ නැගී පරිණාමය වී නොතිබිණ. එවන් වාතාවරණයක් තුළ බටහිර සම්භවය ලැබූ නිරාගමිකවාදය ඉන්දීය දේශපාලන ක්‍රමයට උඩින් ආරෝපණය කිරීමේ වුවමනාවක් ගාන්ධි හට නොතිබිණ. 

    නමුත්, වෙනස් සංධර්භයක් තුළ වෙනස් ආකාරයක නිරාගමික රාජ්‍යයක් ගොඩ නැගීම අපට ඉන්දියාව තුළ නිරීක්ෂණය කළ හැකිය. කෙටියෙන් කිවහොත්, රට පුරා පැතිරෙමින් තිබූ කුරිරු ආගමික ගැටුම් සමනය කිරීම සඳහාත් ස්වරාජ් ඉන්දියාවේ ස්ථාවරත්වය සඳහාත් ආගම සහ රාජ්‍යය එකිනෙකින් වෙන් කළ යුතු බැව් ඉන්දීය නිදහස් අරගලයේ නායකයන් අවබෝධ කර ගත්හ. නමුත්, මෙම නිරාගමික ප්‍රතිපත්තිය කිසිදු ආගමක් නොඅදහා සිටීමේ ප්‍රතිපත්තියක් නොවේ.

    ගාන්ධි නිතර කී පරිදි ඔහු හින්දු බැතිමතෙකි. ඔහුගේ අහිංසා ප්‍රතිපත්ති හින්දු ආගමේ පරමාදර්ශ තුළින් ගලා එන්නක් බැව් ඔහු විශ්වාස කළේය. එසේම දේශපාලනය සහ ආගමිකත්වය එකිනෙකින් වෙන් නොවිය යුතු බැව් ඔහු අවධාරණය කළේය. අපගේ සියලුම ක්‍රියාකාරීත්වයන් තුළ ආගමිකත්වය ගැබ් විය යුතුය යන්න ගාන්ධියානු ඉගැන්වීමයි. ඒ අතරම සෑම ආගමකම ඉගැන්වීම්වලට විවෘත වීම සහ ඒවාට ඉඩ දීම සැබෑ ආගමිකත්වය වන්නේය. 

    ගාන්ධිගේ මෙම ඉගැන්වීම් සම්බන්ධයෙන් කොතෙකුත් විවේචන තිබිය හැකි වුවද, එය නිරාගමික නොවන සමාජයක් තුළ යෝජනා කළ හැකි වඩාත්ම අනුභූතිකවාදී නිරාගමික ප්‍රතිපත්තියක් බැව් පිළි ගත හැකිය. ඇතැම් ඉන්දීය දේශපාලන විද්‍යාඥයින් යෝජනා කරන්නේ ඉන්දීය නිරාගමික ප්‍රතිපත්තිය අනුව රාජ්‍යය ආගමෙන් මුළුමනින්ම වෙන්ව නොසිටින බවත් ඒ වෙනුවට සියළු ආගම්වලට අනුග්‍රහය දක්වන බවත්ය. දැනට එම විවාදාත්මක ගැටළුව පසෙකින් තබමු. 

                           ජාතිකවාදය සහ දේශප්‍රේමය

    මෙම සාකච්ජාව පුරාම විශේෂයෙන්ම ලිබරල්වාදී සහ මාක්ස්වාදී පසුබිමක් සහිත පාඨකයින් හට පැන නගින ගැටළුවක් විය හැක්කේ මෙය වෙනත් වටයකින් ජාතිකවාදය වෙත ගමන් කිරීමේ න්‍යායික උප්පරවැට්ටියක්ද යන්නයි. විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ දේශපාලන ඓතිහාසිකත්වයේ ප්‍රතිඵලයක් ලෙස නිරාගමික ප්‍රතිපත්තීන් ගැනත් ලිබරල් නිදහස සහ බහු-විධත්වය ගැනත් කරන කවර සාකච්ජාවක් වුවත් ස්ථානගත වන්නේ ජාතියට නොහොත් දේශයට පසමිතුරු වූවක් ලෙසිනි.

    නමුත්, මා මින් පෙර පෙන්වා දී ඇති පරිදි එය ලොව සෑම තැනකම පවත්නා තත්ත්වයක් නොවේ. නිදසුනක් ලෙස ඉන්දියාවේ මෑතකදී සංශෝධිත පුරවැසි පණතට එරෙහිව පැන නැගුණු සිසු-ජන ව්‍යාපාරය එක්වරම නිරාගමික, බහු-විධවාදී සහ දේශප්‍රේමී වූවක් වෙයි. අර්නෙස්ටෝ ලැක්ලාව් පවසන පරිදි ජාතිකවාදය යනාදී දෘෂ්ටිවාදී සංඝටකවලට නිශ්චිත පංතිමය අරුත් නොමැත. ඒවා අර්ථවත් වන්නේ ඒවා යම් කතිකාවක් තුළට සුසම්බන්ධ කෙරෙන ආකාරය අනුවය.

    නිදසුනක් ලෙස 1871 දී නූතන ජර්මනිය ගොඩ නැගීමේදී යුන්කර්-ප්‍රභූ අර්ථයක් හිමි කරගත් “ජාතිය” යන්න 1789 ප්‍රංශ විප්ලවයේදී ධනේශ්වර අරුතකුත් 1949 චීන විප්ලවයේදී අධිරාජ්‍ය විරෝධී අරුතකුත් හිමි කර ගත්තේය. වත්මන් ශ්‍රී ලංකාවේ එය සුළුතර ජනවර්ග සහ ආගමික ප්‍රජාවන්ට එරෙහි අධිකාරීවාදී අරුතක් දනවයි. කෙසේ වුවත්, වත්මනෙහි පොදුවේ ගත් කල ජාතිය සහ ජාතිකවාදය සමාජ විමුක්ති දේශපාලනයට සාපේක්ෂව නිශේධනීය අරුත් දනවයි. එබැවින් ජාතිකවාදය පිළිබඳව එල්ල වන ලිබරල් සහ වාමාංශික විරෝධය යුක්ති සහගතය. 

    නමුත්, සාමාන්‍යයෙන් දේශපාලන විද්‍යා පාරිභාෂිකය තුළ ජාතිකවාදය සහ දේශප්‍රේමය යනු එකක් නොව දෙකකි. ජාතිකවාදය බොහෝ විට ජනවර්ග කේන්ද්‍රීය අදහසක් වුවද, දේශප්‍රේමය ප්‍රාදේශීය බැඳීම මුල් කරගත් අදහසකි. දේශප්‍රේමය යන්නද අතිශය පීඩාකාරී සහ ආධිපත්‍යකාරී අරුත් දනවන ආකාරයෙන් ප්‍රතිගාමී අර්ථ කථනයන්ට ලක්ව තිබේ. නිදසුනක් ලෙස, ශ්‍රී ලංකාවේ විශේෂයෙන්ම 1980 දශකයේ සිට ජනතා විමුක්ති පෙරමුණ විසින් ගොඩ නගන ලද දේශප්‍රේමය පිළිබඳ අදහස සුළු ජනවර්ග සහ වාමාංශික කණ්ඩායම් මත අතිශය දුෂ්ට මර්දනයක් දියත් කිරීමට දායක විය.

    මගේ අදහස නම් ජවිපෙ අරගලය හැඳින්වීමට වඩා ගැලපෙන්නේ දේශප්‍රේමී යන යෙදුම නොව සිංහල ජාතිකවාදය යන යෙදුම බවයි. මන්ද යත්, ඔවුනගේ අරගලය දෙමළ ජනයාට බලය බෙදා හැරීමේ දේශපාලන විසඳුමකට එරෙහි වූවක් බැවිනි. මීට පරස්පරව ඉන්දීය දේශප්‍රේමය අර්ථවත් වන්නේ සුළුතර ජනවර්ගවල පුරවැසි අයිතීන් පිළිගන්නා ධාරාවක් ලෙසිනි. අනෙක් අතින්, පොදු බස් රථ සහ විදුලි ට්‍රාන්ස්ෆෝමර් පුපුරවා හැරීම වැනි දේ ලොව බොහෝ තැන්වල දේශප්‍රේමීන් අතින් සිදු විය හැකි දේ නොවේ. නමුත්, අප රටේ දේශප්‍රේමය අර්ථකථනය වී ඇත්තේ එලෙසිනි. (පවත්නා අධිපති අර්ථකථන වෙනස් කිරීම දේශපාලන අරගලයකි).  

    මේ අනුව, පෙනී යන්නේ දේශප්‍රේමය යන්නද ගත යුත්තේ සන්ධර්භීයව මිස හුදෙකලාව නොවන බවයි. නිශ්චිතවම, මා මෙම ලිපි පෙළ තුළ සැළකිල්ලට ගත්තේ දේශප්‍රේමය පිළිබඳ ඉන්දීය නිදහස් අරගලයේ සංධර්භය තුළ ගාන්ධි විසින් ඉදිරිපත් කරන ලද තේරුම් කිරීම පමණි. ගාන්ධියානු දේශප්‍රේමය ගොඩ නැගුණේ 1920 දශකයේදීම පැන නැගුණු ප්‍රබල හින්දු රාෂ්ට්‍ර ව්‍යාපාරයටද එරෙහිව බව මෙහිදී සිහි තබා ගත යුතුය.

    හින්දු රාජ්‍යයක් ගැන සිතීම පවා දේශද්‍රෝහී වීමකැයි ගාන්ධි 1924 දී ලිවීය. එසේම ගාන්ධියානු දේශප්‍රේමය යනු තලයන් ගණනාවක් සහිත වූවකි. එය කෙනෙකු උපන් ගමට හෝ නගරයට ආදරය කිරීමේ පටන්, ප්‍රාන්ත රාජ්‍යයට ආදරය කිරීම ඔස්සේ සමස්ත ඉන්දියාවට ආදරය කිරීම දක්වා දුරට විහිඳෙයි. එය සමස්ත ලෝකයටම ආදරය කරන “පෘථිවිමය දේශප්‍රේමයක්” දක්වා වර්ධනය කිරීම ගාන්ධියානු දර්ශනය සමඟ කිසිසේත්ම පරස්පර වන්නේ නැත. විශේෂයෙන්ම පාරිසරික විනාශය මගින් සමස්ත මිනිස් වර්ගයා ඇතුළු ජෛව ගෝලයම අනතුරට හෙළා ඇති අද වන් යුගයක අපට අවශ්‍ය වන්නේ ජාත්‍යන්තරවාදයකට ඔබ්බෙන් ගිය එවන් පෘථිවිමය දේශප්‍රේමයක් විය නොහැකිද?

    සුමිත් චාමින්ද       

  • කරු ජයසුරියට මඤ්ඤංද?

    කරු ජයසුරියට මඤ්ඤංද?

    UNPඅර්බුදයට බලි ශාන්තියක් කිරීමට සූදානම් වේ. බලියේ නම ‘නායකත්ව මණ්ඩල අඩව්වය’. ඒ සඳහා කරු ජයසුරිය වෙස් බඳින බවක් අඟහරුවාදා සවස ලංකා ඊ ප්‍රෙස් වාර්තා කළේය. කරු ජයසුරිය යනු දින 51 තුච්ඡ පාවාදීමට අයෝමය ශක්තියෙන් මුහුණ දුන් චරිතය පමණක් නොවේ. සුප්‍රකට නායකත්ව මණ්ඩලය හරහා, 2013 එජාපය ජයග්‍රාහී මානසිකත්වට ළං කළ ක්‍රියාධරයා වේ. ඔහු නායකත්ව මණ්ඩලයේ ප්‍රධානියා වූ නිසාවෙන්  ඌව පළාත් මැතිවරණය කරුගේ හිස මත තැබිණ. එකී මැතිවරණය අවසන් වීම සමග රනිල්  සජිත් එක්ව නායකත්ව මණ්ඩලය විසුරුවා හැරියේ කරුටද නොදන්වා ය.

    එජාපයේ සදාචාරය හැදිච්චකම රනිල් වික්‍රමසිංහට තිබුණා නම් යහ පාලන ආණ්ඩුවේ අගමැති බැංකුව කොල්ලය බලා සිටින්නේ නැත.  විරවංශලා, ශීරන්තිලා නීතියෙන් බේරන්නේ නැත.   ඔක්තෝබර් කුමන්ත්‍රණ කාලයේ   සජිත්ලා, මංගල සමරවීරලා, ක්‍රිෂාන්ත කුරේලා හිටියේ සිටියේ ජුදාස් හෙවත් සිරිසේන සමගය. රනිල් හිටියේ බලයට මහින් බලයට ආවත් කමක් නෑ කියන තැනය. 17ක් අරන් පැන්නා කියන  කරු ජයසුරිය නොවන්නට ඔක්තෝබර් සිද්ධිය එසේ අවසන් වන්නේ නැත.

    කරු ජයසුරිය  නැවත නායකත්ව මණ්ඩලයකට එකග වේ නම් එය රනිල්ගේ අමුඩයෙන් තම මුහුණ වසා ගැනීමකි.  කරු එදා ආණ්ුඩවට එකතු වුණේ මලික් සිරිසේන අත්සන් කළ ගිවිසුමක අවබෝධයෙනි. ආපසු ආවේ විභාගය සමත්ව ග්‍රාම නිලධාරි පත්විම් වලට තේරුණ එජාප තරුණයන්ගේ නම් කැපීම නිසාය.

    අද නැවත රනිල් කරුගේ ආරක්‍ෂාව අපේක්‍ෂා කරයි. 2019 ජනාධිපති අපේක්‍ෂකත්වයට කරුට දෙන ලෙස ඉල්ලීම් ගලා එන විට,  රනිල් කීවේ කරු යනු 17ක් අරන් පැන්න එකා කියාය. 1994 ජනාධිපති මැතිවරණයේ එජාප අපේක්‍ෂක ගාමිණි දිසානායකට එරෙහිව ක්‍රියා කළ රනිල්ට ඒ චෝදනාව 2010දීත් 2019දීද නැවත නැවත මතු විය.

    අද වන විට එක්සත් ජාතික පක්‍ෂය නාම මාත්‍රයකි. එය කෙළෙසා විනාස කර අවසානය. භාවිත සිංහලයෙහි  ‘ගැරඬියා කෑවා’ කියන්නේ ආයේ වැඩක් නැත වැනි අරුත් ගැන්වූ යෙදුමකි.

    වර්තමාන එජාපය ගැරඩියන් දෙදෙනෙකුගේ හපා කෑමෙන් නිචවූ පක්‍ෂයකි. ඒ  ආර්.ප්‍රේමදාස සහ රනිල් වික්‍රමසිංහ මිස රනිල් සහ සජිත් නොවේ. සජිත් ප්‍රේමදාස සමහරුන්ට මහෞෂධය වී ඇත්තේ රනිල් වික්‍රමසිංහට සාපේක්‍ෂවය.

    2015  මහින්දලාගේ උවමනාවට හොර ගිවිසුමක් පෙන්නා 2015 මහින්ද ජනාධපති කිරිමට අංචි ඇද්ද, රෝහිණි විජේරත්න දැක දැක චන්ද්‍රානි බණ්ඩාර මාධ්‍ය සාකච්ඡාවලට තෝරන තිස්ස අත්තනායක අද සජිත්ගේ ද මාධ්‍ය ප්‍රකාශකයා ය. කරු ජයසූරියට 17 අරන් ගියා කියන්නෝ තිස්සගේ බෙල්ලේ එල්ලන්නේ මොකක්ද?  

    2015  මහින්දලාගේ උවමනාවට හොර ගිවිසුමක් පෙන්නා 2015 මහින්ද ජනාධපති කිරිමට අංචි ඇද්ද, රෝහිණි විජේරත්න දැක දැක චන්ද්‍රානි බණ්ඩාර මාධ්‍ය සාකච්ඡාවලට තෝරන තිස්ස අත්තනායක අද සජිත්ගේ ද මාධ්‍ය ප්‍රකාශකයා ය. කරු ජයසූරියට 17 අරන් ගියා කියන්නෝ තිස්සගේ බෙල්ලේ එල්ලන්නේ මොකක්ද?  

    නායකත්වය පිණිස ඩඞ්ලිට ජේ.ආර්. වින කෙටූ ආර්.ප්‍රේමදාස අන්තිමේ වීදියකදි සමුගත්තේ එජාපයේ ආත්මීය  සාපයෙනි.  තිස්ස, හොර ගිවිසුම් ද, ශිරාල් ලක්තිලකලා සිරිකොතට ගල් ගැසීමද, ප්‍රේමදාස ක්‍රමයේ සාප ලත් ක්‍රියා වෙති. ඔවුන් සමග එජාපය දිනන්නේ නැත. සජිත්, තිස්ස, ශිරාල් තිදෙනාම කලක් රනිල්ගේ නායකත්වයට ජැක් ගැසුවෝ වෙති. ඒ ඉතිහාසය මතක නම් කරු ජයසුරිය රනිල්ට ජැක් ගැසිය යුතු නැත.  

    තිස්සලා පිරිවරා සිටින  සජිත්ට එජාපය එක් කළ නොහැකිය.  එළඹෙන මහ මැතිවරණයේදී රනිල් සජිත් දෙදෙනාගෙන් කවුරු එජාප නායකත්වය දැරුවත් එජාප මන්ත්‍රින් විස්සක් තිහක් රාජපක්‍ෂලාට විකිණෙනවාය. එය කෙසේද යත්. ඔක්තෝබර් කුමන්ත්‍රණයේදී සජිත් සිරිසේන සමග සිටියා වාගේය.

    එජාපය අද වනවිට පක්‍ෂයක් නොවේ. මතකයක් පමණකි. ඒ මතකය දරාගත් මිනිසුන් සිටින තාක් එජාප මතය කිසිවෙකුට පරාජය කළ නො හැකි ය. එය ශ්‍රී  ලාංකාවේ සාම්ප්‍රදායික චින්තනය ගොනු කළ මහෞෂධය වේ. බණ්ඩාරනායක ඩී.ඒ.රාජපක්‍ෂ දෙදෙනාටම දිය ලණු බැන්දේ එජාපයේ සේනානායකලා විසිනි.  

    1988දී ප්‍රේමදාස යනු එජාප නාම යෝජනාව උදුරාගෙන කාගෙක් හයියෙන් ජනාධිපති වි සකල පක්‍ෂයම විනාස කළ හපනා පාරේ මැරුම් කෑ දවසේ රටේ මිනිස්සු කැවුම් කිරිබත් කෑවේ ඒ සාපය නිසාය. ඒ සාප ලත් ප්‍රේමදාස, ගාමිණි ලලිත් දෙදෙනා පන්නා එජාපයේ මුල් පුටුවට රනිල් වික්‍රමසිංහ ආසන්න කිරිමෙන් අදත් එජාපය හතර හන්දි බිඳී අඩපනව ඇත. එජාපය ලක්‍ෂ විසි අටට බැස්සුවේද පනස් ලක්‍ෂයට ඉස්සුවේද ඒ මතකය මිස රනිල් සජිත් හයියට නොවේ.


    එහෙත් ලංකා ඉතිහාසයේ එජාපය තරම් විශිෂ්ඨ දේශපාලන පදාර්ථයක් තවත් නැත.  ඒ විශිෂ්ඨ පදාර්ථය තුළ සේනානායකලාගේ මාන්නය, වන්නිනායකලාගේ ඇම්.ඩී.බණ්ඩලාගේ හැදිච්චකම,  ගාමිණි දිසානායකගේ තාරුණ්‍යය සහ උදාරත්වය මෙන්ම  ලලිත් ඇතුලත්මුදලිගේ  බුද්ධිමත් භාවය ගැබ්ව තිබිණ. සේනානායකලා වන්නිනායකලා ඇම්.ඩී.බණ්ඩාලා ජීවත්වන තෙක්ම පක්‍ෂය ආරක්‍ෂා කළහ.

    කාලය විසින් නිර්මානය කළ ගාමිණිලා ලලිත්ලා පක්‍ෂයෙන් නෙරපූ ප්‍රේමදාස රනිල් වික්‍රමසිංහ උස්සා තැබුවේ කොන්දේසි විරහිතව නොවන බව හේමා ප්‍රේමදාස  සම්මේලන වේදිකාවට රනිල් කැඳවූ විලාසයෙන් තහවුරු නොවේද?

    කාලය විසින් නිර්මානය කළ ගාමිණිලා ලලිත්ලා පක්‍ෂයෙන් නෙරපූ ප්‍රේමදාස රනිල් වික්‍රමසිංහ උස්සා තැබුවේ කොන්දේසි විරහිතව නොවන බව හේමා ප්‍රේමදාස  සම්මේලන වේදිකාවට රනිල් කැඳවූ විලාසයෙන් තහවුරු නොවේද? ලංකාවේ ආර්යාව යන පදාර්ථය විනාස කළ හේමා ප්‍රේමදාසගේ පුතාත් විජේවර්ධනලා නිර්මානය කළ ලේක් හවුසිය විනාස කළ එස්මන්ඞ් වික්‍රමසිංහගේ පුතාත් ඉහතින් කී එජාපයේ විශිෂ්ඨ පදාර්ථයට  එකතු කළේ පරාජය සහ අපකීර්තිය සහ පාක්‍ෂිකයන් අතර වෛරය පමණකි.මේවා කරු ජයසුරිය දත යුතු වේ.

    සේනානායකලා , වන්නිනායකලා ඇම්.ඩී.බණ්ඩාලා ජීවත්වන තෙක්ම පක්‍ෂය ආරක්‍ෂා කළහ. 50 හැවිරිදි ගාමිණි දිසානායකද 56 හැවිරිදි ලලිත් ඇතුලත්මුදලිද  එජාපයෙන් පන්නා දැමු ආර්.ප්‍රේමදාස  73 හැවිරිදි ඩි.බි.විජේතුංග අගමැති කළේ එජාපය ගැන සිතා නොවේ. තමන් තුල පැවති වෛරය නිසාය. ඒ වෛරය ආපසු කැරකී බිලි ගත්තේ ප්‍රේමදාසලා පමණක් නොවේ. එජාපයද ඊට බිලි විය. ඒ  විශිෂ්ඨ පක්‍ෂය මත පැහැරූ ප්‍රේමදාසලා රනිල්ලා අද තම ගණුදෙනු බේරාගනු බැරිව මරා ගනිති.

    එන මහ මැතිවරණයේදී රාජපක්‍ෂලාට එරෙහි සටන මෙහෙයවන්නේ මේ දෙදෙනාගෙන් කෙනෙකු ද? ගෝඨාභය ජනාධිපති වී සතියක් තුල ලක්‍ෂමන් කිරිඇල්ල 19 සංශෝධනයට එජාප සහාය දෙන බවට කළ ප්‍රකාශයත්, ජනාධිපති වූ රෑම සිරිසේන ගෝඨාභය හමුවීමක්  එකකි. කිරිඇල්ලලා ගැන මහනුවර අය දන්නා සේම සජිත් ගැන හම්බන්තොට අය දනිති.  

    මේ යෝධ පක්‍ෂය කෙලින් කිරිමට පල් හොරුන්ට බැරිය.  2015 තෙක් එජාපයට හොරකම් දූෂණ වංචා චෝදනා නො තිබිණ. එහෙත් මහ බැංකු මංකොල්ලයෙන් රාජපක්‍ෂලාගේ හොරකම් යට ගැසීමෙන් පිරිහුණ, රනිල්ලා රාජපක්‍ෂලා එකම හොරකමේ දෙපැත්ත බව රට දනිති. රනිල් මහින්ද එකම කාසියේ දෙපැත්තය. මේ යුගයේ කරු ජයසුරිය සිටියේ කතානායක පුටුවේය. සියථ තක්කඩිකම් සිදු කළ කැබිනට් එකේ සිටි සජිත් ප්‍රේමදාසද සිටියේය.  

    එජාපයට අවශ්‍ය අලුත් කණ්ඩායමකි.  රනිල් සජිත් පුම්බන වාචාලයන්ගේ වහසි බස් තුළ, බංකොලොත් අමන රැළක් මිස, ශක්තිමත් ආණ්ඩුවකට අභියෝග කළ හැකි කිසිවෙකු දැකිය නොහැකිය. රනිල් වාදින්ට වජිර වීරයෙකි. සිල් රෙදි බෙදූ මහින්දගේ අනුෂ පැල්පිට අතිරේක ලේකම් කළ වජිර……? කබිර් හසිම් සජිත් වාදින්ට විරයෙකි. කබිර් හසිම් ගැන කෑගල්ලේ සෝමදාසගේ චෝදනාව…….? වජිරලා කබීර්ලා මෙන්ම පුට්නෝට් අජිත්ලා සුජීවලා සිරිකොත බලි අබාලා මිස අලි බබාලා නොවෙති. කරු ජයසුරිය මේ සිල්ලර අතරට වැටිය යුතු නැත.

    අප 1994 සිට 2018 තෙක් 24 වසරක එජාප මැතිවරණ වාර්තා  විමසා බලමු. 1994  එජාප ඡන්ද පදනම 34,98,370 කි. එය 44.04%කි. 2000දී  එය, 34,77,770 ක් හෙවත්  40.22%කි.   2001දී  එය 40,86,026ක් හෙවත්   45.62%කි.    2004දී  එජාප ඡන්ද පදනම 35,04,200 ක් හෙවත්  37.83% කි. 2010දී එජාප ඡන්ද පදනම 23,57,057 ක් හෙවත්   29.34%කි.   2015දී එජාප ඡන්ද පදනම 50,98,927 ක් හෙවත්   45.66%කි. (සුවිශාල වර්ධනයකි.) 2018 අවසන් ඡන්ද ප්‍රතිපලය අනුව, වර්තමාන එජාප ඡන්ද පදනම  36,40,620කි. හෙවත්  29.42%  එජාපය ආයෙත් 2010ට ඇද වැටී ඇත.

    මේ 24 වසරින් 18 වසරක් සජිත් ප්‍රේමදාසත් එජාපය නියෝජනය කළා නොවේද? 2015 ජනාධිපති මැතිවරණයේදි පවා සජිත් රාජපක්‍ෂලා වෙනුවෙන් සටන මග හැරියේය. පිරිහුණ එජාපය අවදි කිරිමට අලියා පරණ වැඩිය. උවමනා ඇතෙකි. අද එජාල පොකුණේ අලි ඇතුන් නැත. අලි බෙටි පාවෙති. කරු ජයසුරිය තවත් අලි බෙට්ටක් නොවී සමු ගැනීම යහපත් වේ.

    එජාපය තනිව එයි නම් 2019 ලැබූ   41  ලක්‍ෂය 60  ලක්‍ෂයක් කරන්නේ කෙසේද? එජාපයේ  සුථ ජාතික ඡන්ද අතර පාවෙන හකීම්ලාට මනෝ ගනේසන්ලාට අඅමතුවෙන් කළ හැක්කේ කුමක්ද?   1988න් මෙපිට එජාපයට රටෙන් 51%ක් ලැබිලාම නැත. එජාපට තනිව බැහැ කියන්නට තවත් තර්ක අවශ්‍යද?

    ගම සජිත්ට කීවාට 2018මෙන්ම 2019දීත් ගම සිටියේ මහින්ද සමගය. සජිත් ප්‍රේමදාස යනු එජාපයේ දියැවෙන තවත් ඉටි පන්දමකි. හිස් කළයක් මිස පුන් කලසක් නොවේ. 51%ක ඡන්ද ඉලක්කය අද ප්‍රධාන පක්‍ෂ දෙකටම ළඟා විය නොහැකි අභියෝගයකි. 2018 පෙරබවාරිදී  අපි දිනුවා කී පොහොට්ටුවට ලැබූණේ 44.65%ක ඡන්ද ප්‍රමාණයකි. රාජපක්‍ෂලාට එරෙහිව 2018 පෙරබවාරියේ ප්‍රකාශිත ඡන්ද ප්‍රමාණය 40.47%කි. සංධානගත නොවී කිසිවෙකුට හෙල්ලෙන්න බැරිය. මෙම විග්‍රහය අනුව 51%ක් දක්වා ප්‍රධාන පක්‍ෂ දෙකටම සංධානගත නොවි තනිව යා නො හැකිය.

    එජාපයේ මේ ආරවුල තේරුම් ගත් සමහර එජාප හිතවතුන් ජවිපෙය දෙසට හැරෙමින් සිටිති. ලාල් කාන්ත සමග පෙළ ගැසෙන මහනුවර එජාප ක්‍රියාධරයන් ඊට නිදසුනකි. ඔවුන් තර්ක කරන්නේ රනිල් සජිත් භේදය නිසා පත් වන එජාප මන්ත්‍රීන් රාජපක්‍ෂලාට එක්වන බවය. එය යථාර්ථයකි. විකල්පය ජනතා විමුක්ති පෙරමුණ ද?  ජනතා ඡන්දයෙන් පත්වන ජවිපෙ මන්ත්‍රීන් ආණ්ඩුවට යන්නේ නැත. එහෙත් ඔවුන් පාලනය කරන්නේ දෙහිවලට රැස්වන පොලිට් බියුරෝව විසිනි. සුනාමි සහන මණ්ඩල ආරවුල නිසා ආණ්ඩුවෙන් යන්න ජවිපෙය ගත් තීන්දුවේ ප්‍රතිපල අදත් ඔවුන් භුක්ති විඳිති. පුද්ගලික වෛද්‍ය විද්‍යාල අවශ්‍යය කියන මැදහත් මිනිසුන්  ජවිපෙයට කැමති වේද?  

    2005න් පසුව එජාපයට ජනාධිපති අපේක්‍ෂකයෙකු හෝ සොයාගත නොහැකිය. මේ යෝධ පක්‍ෂයට පැවති යෝධ හයිය හත්තිය වැර වීරිය දැන් නැති නිසාය. 2015 තෙක් එජාපයට හොරකම් දූෂණ වංචා චෝදනා නො තිබිණ. එහෙත් මහ බැංකු මංකොල්ලයෙන් රාජපක්‍ෂලාගේ හොරකම් යට ගැසීමෙන් පිරිහුණ, එජාපය රාජපක්‍ෂලා විසිවුණ කුණු බක්කියට වැටී හමාරය. විවිධ හේතු නිසා එජාප ඡන්ද පදනම දෙදරා ගොස්  ය. 2019 ප්‍රතිපල කියන්නටත් පළමුව සජිත් ප්‍රේමදාසගේ කකුල් පන නැති විය.

    රනිල්ද…? සජිත්ද…..?  එය සිරිකොතට  මිස  රටට අදාල ප්‍රශ්නයක්  නොවේ. එජාපය මේ ප්‍රශ්නය ගන්නා තාක් මේ රට රාජපක්‍ෂලාගේ නින්දගමක් වනු නිසැකය. රාජපක්‍ෂලාගෙන් රට බේරා ගැනීම හෝ  රාජපක්‍ෂලාගෙන් ගෝඨාභය බේරා ගැනීම එළඹෙන යුගයේ විපක්‍ෂ කාර්ය භාරය වන්නාහ. ඒ සඳහා අවශ්‍ය අලි ඔලු නොවේ. ජන ශක්තියකි. ඒ ශක්තිය ඒකරාශීවන තැනකට කරු ජයසුරියට ආසන්න විය නොහැකිද? රනිල් මෙන්ම සජිත්ද ශක්තිමත් මිනිසුන් සමග වැඩ කිරිමට බියෙන් පසුවෙති. ඒවා ජානගත දුර්වලකම්ය. නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න විසිනි.

    නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න විසිනි

  • එජාපෙ ‘ලකුණේ අවුල’ විසදා ගන්න 5/5 කමිටුවක්

    එජාපෙ ‘ලකුණේ අවුල’ විසදා ගන්න 5/5 කමිටුවක්

    එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා සහ විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා අතර ඊයේ (12) රාත‍්‍රියේ විශේෂ හමුවක් සිදු වූ බවත් ඒ අනුව ඉදිරි මහ මැතිවරණය සඳහා ඉදිරිපත්වන එක්සත් ජාතික පෙරමුණු සන්ධානයේ ලකුණ ඇතුළු මුලික ගැටළු විසඳා ගැනීම සඳහා එජාපයේ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරුන් 10 දෙනෙකුගෙන් සමන්විත කමිටුවක් පත්කර ඇති බව එජාප ජ්‍යේෂ්ඨයෙක් පැවසුවේය.

    මේ සම්බන්ධයෙන් වැඩි දුරටත් අදහස් දක්වමින් එජාප ජ්‍යේෂ්ඨයා සදහන් කළේ මෙම කමිටුව සඳහා රනිල් පාර්ශ්වයෙන් පස් දෙනකු සහ සජිත් පාර්ශවයෙන් පස් දෙනකු නම්කර ඇති බවයි.

    ඒ අනුව, රනිල් පාර්ශ්වයෙන් විරාජ් කාරියවසම්, රවී කරුණානායක, ලක්ෂ්මන් කිරිඇල්ල, නවීන් දිසානායක සහ ජෝන් අමරතුංග ද සජිත් පාර්ශ්වයෙන්, සජිත් පේ‍්‍රමදාස, රංජිත් මද්දුම බණ්ඩාර, මංගල සමරවීර, කබීර් හෂීම් හා මලික් සමරවික්‍රම යන අයගෙන් එම කමිටුව සමන්විත වන බවයි ඔහු සදහන් කළේ.

    මෙම කමිටුවේ අවසන් තීරණය ලබන සිකුරාදා (14* ගැනීමට ද එකඟ වූ බවත් ඒ අනුව එදින පැවැත්වීමට නියමිතව තිබුණු පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම කල්දමා ඇති බවත් එජාප ජ්‍යේෂ්ඨයා සදහන් කළේය.

  • පිලපිටිය ගැන වරෙන්තු ගන්න සූදානමක් නෑ

    පිලපිටිය ගැන වරෙන්තු ගන්න සූදානමක් නෑ

    එජාප පාර්ලිමේන්තු මන්ත‍්‍රී, හිටපු රාජ්‍ය ඇමැති රන්ජන් රාමනායක මහතා සමඟ දුරකතන සංවාදයක නියැලුනු බව කියන ඇඹිලිපිටිය මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටිය මහතා සම්බන්ධයෙන් වරෙන්තුවක් ලබාගැනීමට සූදානමක් නැතැයි කොළඹ අපරාධ කොට්ඨාසය අද (13) නුගේගොඩ මහේස්ත්‍රාත් යූ.කේ. පැල්පොල මහතා වෙත දැනුම් දුන්නේය.

    ගිහාන් පිලපිටිය මහතා සම්බන්ධයෙන් ඔහු සැකකාරයෙකු කර අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් පසු වරෙන්තුවක් ලබාගැනීම සම්බන්ධයෙන් තමන් වෙත කිසිදු උපදෙසක් ලැබී නොමැති බැවින් වරෙන්තු ලබාගැනීමේ සූදානමක් නැති බවද අපරාධ කොට්ඨාසය දැනුම් දී ඇත.

  • සජිත් තම ජනපති සිහිනයට රැකියා නැති තරුණයින් බිලි දුන් බවට චෝදනා

    සජිත් තම ජනපති සිහිනයට රැකියා නැති තරුණයින් බිලි දුන් බවට චෝදනා

    හිටපු නිවාස අමාත්‍යවරයා පසුගිය කාලයේ වගකීම් විරහිතව කටයුතු කල බවත්, තමන්ගේ ජනාධිපති සිහිනය පෙන්වමින් දරුවන්ට තාවකාලික පදනම මත කොන්ත්‍රාත් පත්වීම් ලබාදුන් බවත් නිවාස පහසුකම් රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා පැවසීය.

    අමාත්‍යවරයා මේ බව කියා සිටියේ සහාධිපත්‍ය කළමනාකරණ අධිකාරියේ නව සභාපතිවරයා ලෙස නීතීඥ සරණ කරුණාරත්න මහතා වැඩ භාර ගැනීමේ  උත්සවයට අද (13) දින සහභාගී වෙමිණි. මෙම උත්සවය  කොළඹ පිහිටි සහාධිපත්‍ය කළමනාකරණ අධිකාරියේ  ශ්‍රවණාගාරයේදී පැවැත්විණි. 

    පසුගිය රජය රාජ්‍ය නිලධාරීන් පැත්තකට දමා, පරිසරය ගැන නොසිතා රජයට අවශ්‍ය විදියට කටයුතු කල බවත්, රාජ්‍ය නිලධාරීන්ට ඇහුම්කන් දී ජනතාවත්, පරිසරයත් ආරක්ෂා කර ගනිමින් කටයුතු කිරීම වත්මන් රජයේ දැක්ම බවත්, නිවාස පහසුකම් ගරු රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා පැවසීය.

    පක්ෂයකට හොද කශේරුකාවක් තිබිය යුතු අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට එය ඇති බවත්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයටද කලින් හොද කශේරුකාවක් තිබූ බවත් පැවසූ අමාත්‍යවරයා, එම නිසා පක්ෂ දෙකම වෙනම කරග කර එකතු වීම තුළින් විශාල බලවේගයක් ගොඩනැගිය හැකි බවත් සදහන් කරයි.

    හිටපු නිවාස අමාත්‍යවරයාපසුගිය කාලයේ වගකීම් විරහිතව කටයුතු කල බවත්, තමන්ගේ ජනාධිපති සිහිනය පෙන්වමින් දරුවන්ට තාවකාලික පදනම මත කොන්ත්‍රාත් පත්වීම් ලබාදුන් බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

  • රන්ජන්ට ඇප දෙන්න නි.සො.ජ. දිලීප පීරිස් විරුද්ධ වුණේ ඇයි ?

    රන්ජන්ට ඇප දෙන්න නි.සො.ජ. දිලීප පීරිස් විරුද්ධ වුණේ ඇයි ?

    ‘වැඳලා කියන්නම් අපේ ආණ්ඩුව බේරලා දෙන්න’ යැයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී රන්ජන් රාමනායක මහතා මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටිය මහතාට දුරකථන ඇමතුමක් ලබා දෙමින් ඉල්ලා ඇතැයි රජයේ රජ පරීක්ෂකවරයා විසින් එවන ලද වාර්තාවක් සහ සිද්ධියට අදාළ වැඩිදුර වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරමින් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා අධිකරණයට දැනුම් දුන්නේය.

    රන්ජන් රාමනායක මහතාගේ හඬපට සම්බන්ධ නඩුව ඊයේ (12) යළි විභාගයට ගත් අවස්ථාවේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා මේ බව සඳහන් කළේය.

    සිද්ධි­යට අදා­ළව දුර­ක­ථන සමා­ග­ම්ව­ලින් ලබා­ගත් තොර­තුරු ඔස්සේ දුර­ක­තන හඩ පට­ව­ලට අදා­ළව ඒවා අව­ස්ථා­නු­කූ­ලව ගල­ප­මින් පුළුල් විම­ර්ශ­න­යක් ආරම්භ කර ඇති බවත් සැක­ක­රුට ඇප ලබා­දු­න­හොත් සාක්ෂි­ව­ලට සහ සාක්ෂි­ක­රු­වන්ට බල­පෑම් එල්ල විය හැකි බවත් අධි­ක­ර­ණ­යට දැනුම් දුන් දිලීප පීරිස් මහතා සැක­ක­රුට ඇප ලබා දීමට විරෝ­ධය ප්‍රකාශ කරන බව අධි­ක­ර­ණය හමුවේ දීර්ඝ කරුණු දැක්වී­මක් සිදු කර­මින් කියා සිටි­යේය.   

    සිද්ධිය සම්බ­න්ධ­යෙන් රජයේ රස පරී­ක්ෂ­ක­ව­රයා විසින් එවන ලද සන්දේ­ශ­යක් සහ සිද්ධි­යට අදාළ වැඩි­දුර වාර්තා­වක් ඉදි­රි­පත් කර­මින් දිලීප පිරිස් මහතා මෙම කරුණු අධි­ක­ර­ණය හමුවේ කියා සිටි­යේය.   

    අධිකරණය ඉදිරියේ වැඩි දුරටත් කරුණු දැක්වූ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා,

    ”කට­හඩ පරී­ක්ෂාව සිදු කිරීම ඉකුත් පෙබ­ර­වාරි මස 7 වනදා රජයේ රස පරී­ක්ෂ­ක­ව­රයා වෙත සැක­කරු ඉදි­රි­පත් කළා. දුර­ක­තන සමා­ග­ම්ව­ලින් ලද තොර­තු­රු­ව­ලට අනුව විම­ර්ශන සිදු කර­මින් පව­ති­නවා. මෙම සිද්ධි­යට සම්බන්ධ විනි­සු­රු­ව­රුන් තිදෙනා වන විශ්‍රා­ම­ලත් මහා­ධි­ක­රණ විනි­සු­රු­ව­රි­යක වන පද්මිණී රණ­වක, වැඩ තහ­න­මට ලක්ව සිටින මහා­ධි­ක­රණ විනි­සුරු ගිහාන් පිල­පි­ටිය, මහේ­ස්ත්‍රාත් ධම්මික හේම­පාල යන මහ­ත්ව­රුන් සහ සැක­කාර රන්ජන් රාම­නා­යක මහතා අතර 2015 සිට 2019 දක්වා දුර­ක­තන සංවාද 63 පවත්වා තිබෙ­නවා. එම දුර­ක­තන පව­තින නඩු කෘත­ව්‍ය­යන් සම්බ­න්ධ­යෙන් සාකච්ඡා කර තිබෙ­නවා.

    රන්ජන් රාම­නා­යක මහතා ‘මම වැඳලා කිය­න්නම් අපේ ආණ්ඩුව බේරලා දෙන්න‘ යනු­වෙන් මහා­ධි­ක­රණ විනි­සුරු පිල­පි­ටිය මහ­තාට දුර­ක­ථ­න­යෙන් දැනුම් දුන් අව­ස්ථාවේ ඊට විනි­සු­රු­ව­රයා පිළි­තුරු දෙන හඩ­පට මාධ්‍ය­ය­න්වල පළ වුණා. දුර­ක­තන සංවාද ආකාර දෙකක් ඔස්සේ විශ්ලේ­ෂ­ණය කර­නවා.

    දුර­ක­තන සමා­ග­ම්ව­ලින් ලද තොර­තුරු වාර ප්‍රමා­ණ­යන් හඩ­පට සමඟ සංස­න්ද­නා­ත්ම­කව සලකා බැලෙ­නවා. 2008 වසරේ සිට අස්වා­භා­වික දුර­ක­තන සංවාද පටි­ගත කරීම් සැක­කාර මන්ත්‍රි­ව­රයා සිදු කර තිබෙ­නවා. සන්නි­වේ­දන ආය­ත­න­යක් දුර­ක­ථන සමා­ග­මක් වගෙයි දුර­ක­තන පටා­ගත කිරීම් ඔහු කර තිබෙන්නේ. ක්ලෝන කිරීම සිදු කර වාර්තා­වක් එවන ලෙස රජයේ රස පරී­ක්ෂ­ක­ව­ර­යාට දැනුම් දෙන්න. මැලේ­ෂි­යා­වෙන් හොංකොං රාජ්‍ය­යෙන් අදාළ දෘඩ තැටි ගෙන්වී­මට සිදූ වුණා. මේ හා සැදි නඩු­වට රාජ්‍ය ආර­ක්ෂක අමා­ත්‍යාං­ශ­යෙන් වාර්තා­වක් කැඳවා තිබෙ­නවා. ඇම­තුම් 10 ක් පමණ වීඩියෝ පටි­ගත කිරීම් ඇති බවට සැක කර­නවා.

    විනි­සු­රු­ව­රුන් තිදෙනා සහ හිටපු අල්ලස් කොම­සා­රි­ස්ව­රිය දුර­ක­තන සංවාද සම්බ­න්ධ­යෙන් පුළුල් විම­ර්ශන සිදු කර­නවා. මෙම විනි­ස­රු­ව­රුන් සමග දීර්ඝ සංවා­ද­යන් පවත්වා ඇති බවට විම­ර්ශන අනා­ව­ර­ණය කර තිබෙ­නවා. ගිහාන් පිල­පි­ටිය මහතා සමග යෙදී ඇති දුර­ක­තන සංවාද සම්බ­න්ධ­යෙන් විම­ර්ශන සිදු කළ ආකා­ර­යෙන්ම අනෙ­කුත් විනි­සු­රු­ව­රුන් සම්බ­න්ධ­යෙන් ද පව­තින පර්වේ­ශ­නීය සාක්ෂි මත විම­ර්ශන සිදු කර­නවා.

    රන්ජන් රාම­නා­යක මහතා සැක­ක­රු­වකූ ලෙස සිටි­මින් මාධ්‍ය සංද­ර්ශන පව­ත්ව­නවා. ඔහු මන්ත්‍රි­ව­ර­යෙක් වුනත් මේ වන­විට සැක­ක­රු­වෙක්. බන්ධ­නා­ගාර නිල­ධා­රින් ඉදි­රියේ මාධ්‍ය දුටු පම­ණින් බස් රථ­යෙන් ඔලුව පිට­තට දම­මින් අද­හස් පළ කර­නවා. මේ වර­ප්‍ර­සාද කාටද තිබෙන්නේ. හෙට වන­විට පාතාල නායක මාක­දුරේ මතක් කංජි­පානි ඉම්රාන් පවා මෙහෙම අද­හස් පළ කරාවී. මෙය අති­ශය සංකීර්ණ විම­ර්ශ­න­යක්. දුර­ක­තන සිම්පත් ඉල්ලා සිටි­නවා.

    නව සිම්පත් නිකුත් කළ පම­ණින් පැරණි සිම්පත අක්‍රිය වෙනවා. සිම්පත පර්වේ­ශ­නීය සාක්ෂි­යක්. ඔහු මේ වන­වි­ටත් මුහුණු පොත වූ ටියුබ් එකේ සැරි­ස­ර­නවා. එහි වීර­යෙකු වීමට උත්සාහ ගනි­මින් සිටි­නවා. මොහුගේ ක්‍රියා­ක­ලා­පය සාක්ෂි­ක­රු­වන් පසු­බැ­ස්ස­වී­මට සිදු­වෙ­නවා ඔවුන්ට තර්ජ­න­යක් බල­පෑ­මක් වෙනවා. මේ තත්ත්වය නොදැක්කා සේ සිටී­මට බැහැ. ඔහු අප­රා­ධ­මය වර­දක් සිදු කර ඇති අයෙක්. ඔහුට ඇප ලබා දීමෙන් විම­ර්ශන අඩාළ විය හැකියි.  රන්ජන් රාම­නා­යක මහතා එම හඬ ඔහුගේ නොවන බවට මුල් දිනයේ අධි­ක­ර­ණ­යට කියා සිටියා.   

    විම­ර්ශ­න­යට අදාළ වැඩි­දුර වාර්තා ඉදි­රි­පත් කර­නවා. ආණ්ඩු­ක්‍රම ව්‍යව­ස්ථාව ප්‍රකා­රව සාක්ෂි­ක­රු­වන්ට හා සාක්ෂි­ව­ලට බල­පෑම් කිරී­මට විත්ති­කරු ඇප ලබා දුන­හොත් කට­යුතු කරාවි. එම නිසා ඇප ලබා දීමට විරෝ­ධය ප්‍රකාශ කර­නවා”  

    විත්ති­කරු වෙනු­වෙන් කරුණු දැක්වූ ජනා­ධි­පති නිතිඥ නෙවිල් අබේ­රත්න මහතා,

    ”මෙම සිද්ධි­යට රන්ජන් රාම­නා­යක මහතා වර­ද­ක­රු­වකු වුව­හොත් නීතිය ප්‍රකා­රව දඩු­වම වන්නේ වස­රක සිර­ගත කිරී­මක් සහ දඩ මුද­ලක් නියම කිරී­මයි. මේ වන­වි­ටත් ඔහු දඩු­ව­මෙන් දොල­හෙන් එකක් දින 30 රක්ෂිත භාරයේ සිටියා. මෙම වරද ඇප ලබා දිය හැකි වර­දක්. මහා­චාර්ය ජී එල් පීරිස් මහතා පාර්ලි­මේ­න්තු­වට ඇප පනත ඉදි­රි­පත් කළේ ඇප කොන්දේසි ලිහිල් කිරී­ම­ටයි. ඕනෑම කොන්දේ­සි­යක් මත හෝ සැක­ක­රුට ඇප ලබා දෙන ලෙස ඉල්ලා සිටි­නවා.   

    රජයේ අති­රේක සොලි­සි­ටර් ජෙන­රාල් දිලීප පීරිස් මහතා –   

    ”ජනා­ධි­පති නීති­ඥ­ව­රයා ඉදි­රි­පත් කළ නීති­මය කරුණු හා හබ කරන්නේ නැහැ. ආණ්ඩු­ක්‍රම ව්‍යව­ස්ථාවේ 111-1 වග­න්තිය අධි­ක­ර­ණය කොයි­ත­රම් උත්ත­රී­ත­රද පූජ­නී­යද කියා සද­හන් වෙනවා. මෙය අධි­ක­ර­ණයේ උත්ත­රී­ත­ර­භා­වය ආරක්ෂා කිරීම පිළි­බද ප්‍රශ්න­යක්. වර­දක් කළ අයකු මන්ත්‍රි­ව­ර­යකු හෝ වෙනත් අයකු ලවා ආරක්ෂා වීමක් සිදු වන බව සමා­ජ­යට යාම සුදුසු නැහැ. නිද­හස් අධි­ක­ර­ණ­යක් තිබිය යුතුයි. එවි­ටයි අධි­ක­ර­ණයේ ගෞර­වය රැකෙන්නේ.

    ඇප පනතේ බ්ලැන්කට් එකක් දාලා ඕනෑම කෙනෙක් ආවාම ඇප දෙන්න කියා දන්වා නැහැ. සාක්­ෂි­ක­රු­වන්ට සාක්ෂි­ව­ලට යුක්තිය ඉෂ්ට වීමේදී බාධා සිදු විය හැකියි. මගේ ළග හඩ­පට තිබෙ­නවා, ඒවා එළි­යට දානවා කියා සාක්ෂි කරු­වන්ට බල­පෑම් කරාවී. මම ඔහු කළ ප්‍රකා­ශ­යක් දුටුවා. මේක ලැජ්ජා සහ­ගත වේද­නා­ත්මක සිදු­වී­මක්. අධි­ක­ර­ණයේ ගෞර­වය ආරක්ෂා කරන්න නිල­ධා­රීන් ලෙස අපි බැඳී සිටි­නවා. අධි­ක­ර­ණයේ ස්වාධී­න­ත්වය, ගෞර­වය ආරක්ෂා කරන්න බර­ප­තළ ලෙස සිතා කට­යුතු කළ යුතුයි”

    සැක­කාර මන්ත්‍රී­ව­ර­යාට ඇප ලබා දෙන ලෙස ජනා­ධි­පති නීතිඥ නෙවිල් අබේ­රත්න මහතා ප්‍රමුඛ නීතිඥ මඩුල්ල දීර්ඝ කරුණු දැක්වී­මක් සිදු කර­මින් ඕනෑම කොන්දේ­සි­යක් මත ඇප ලබා දෙන ලෙස අධි­ක­ර­ණ­යෙන් ඉල්ලා සිටි අතර එම ඉල්ලීම ප්‍රති­ක්ෂේප කළ නුගේ­ගොඩ අති­රේක මහේ­ස්ත්‍රාත් එච් යූ කේ පැල්පොල මහතා සැක­කාර මන්ත්‍රී­ව­රයා ලබන පෙබ­ර­වාරි මස 26 වනදා දක්වා රක්ෂිත බන්ධ­නා­ගාර ගත කරන ලෙස නියෝග කළේය. 

    පැමි­ණිල්ල වෙනු­වෙන් රජයේ අති­රේක සොලි­සි­ටර් ජෙන­රාල් දිලීප පීරිස් මහතා, රජයේ ජ්‍යෙෂ්ඨ අධි­නී­තිඥ ජනක බණ්ඩාර මහතා, කොළඹ අප­රාධ කොට්ඨා­සයේ ස්ථානා­ධි­පති නෙවිල් ද සිල්වා යන මහ­ත්ව­රුන් අධි­ක­ර­ණයේ පෙනී සිටි­යේය.   

    විත්ති­කරු වෙනු­වෙන් ජනා­ධි­පති නීතිඥ නෙවිල් අබේ­රත්න, ජ්‍යෂ්ඨ නීතිඥ වසන්ත රණ­සිංහ, ආශා කහ­වත්ත උදුල් ප්‍රේම­රත්න යන මහත්ම මහ­ත්මීන් ඇතුළු නිතිඥ මඩු­ල්ලක් අධි­ක­ර­ණයේ පෙනී සිටි­යහ.    

  • චම්පිකගේ ගැටයට හසු වූ සජිත් එජාපය දෙකඩ කරයි

    චම්පිකගේ ගැටයට හසු වූ සජිත් එජාපය දෙකඩ කරයි

    අතිපූජ්‍ය ගංගොඩවිල සෝම හිමියන්ගේ දැක්ම සහ නිසල දේහය විකුණන් කමින් ජාතික හෙළ උරුමය හරහා පාර්ලිමේන්තුවට රිංගා ගත් පා.ච.රණවක නොහොත් චම්පික වසර කිහිපයක් තුළ සඟ සතු පාර්ලිමේන්තු ආසන ප්‍රමාණය කොල්ල කමින් එම පක්ෂයද විනාශ කොට තම පුද්ගලික බූදලයක් බවට පත් කරගත්තේය. එහෙව් අමන ගති ඇත්තෙකු වන පච රණවක මේ වන විට එජාපයේ පරාජිත ජනාධිපති අපේක්ෂයා වූ සජිත් ප්‍රේමදාසවද ගොනාට අන්දවමින් එක්සත් ජාතික පක්ෂය දෙකඩ කොට එජාපයට සියතට ගැනීමට සැලසුම් සකස් කොට ඇත.

    විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ නායකත්වයෙන් බිහිකරන ‘පුළුල් ජනතා සන්ධානයට’ පූර්ණ සහාය ලබා දෙන බව පක්ෂ 03ක් විසින් ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

    මෙම නිවේදනය නිකුත් කර ඇත්තේ, ජාතික හෙළ උරුමය වෙනුවෙන් පාඨලී චම්පික රණවක, දමිළ ප්‍රගතිශීලී සන්ධානය වෙනුවෙන් මනෝ ගනේෂන් සහ ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසය වෙනුවෙන් රවුෆ් හකීම් යන පක්ෂ නායකයින් විසිනි.

    ‘විජයග්‍රහණයක නව ඇරඹුමකට සන්ධානගත වීම’යන ශීර්ෂයෙන් නිකුත්කර ඇති එම සම්පූර්ණ නිවේදනය පහත දැක්වෙයි.

    ‘විජයග්‍රහණයක නව ඇරඹුමකට සන්ධානගත වීම’

    ඉතා නුදුරේදී තීරණාත්මක පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වෙන අතර ඒ සඳහා අවශ්‍ය වටපිටාව මේ වනවිට නිර්මාණය වී තිබේග වත්මන් ආණ්ඩුව මේ වනවිටත් ජනතා අපේක්ෂාවන් සියල්ලම පාහේ බිද දමා ඇති අතර දේශපාලන පලි ගැනීම් සහ ආර්ථික අවපාතයක් වෙතට රට තල්ලුකොට තිබේ.

    දහසකුත් එකක් ජනතා බලාපොරොත්තුවලට සහමුලින්ම ප්‍රතිවිරුද්ධ ගමනක යෙදෙන වත්මන් ආණ්ඩුවට එරෙහිව පුළුල්තම ජනතා බලවේගය නිර්මාණය කිරීමේ භාරධූර වගකීම අප වෙත පැවරී තිබේ.

    ඒ අනුවල මෑත කාලීනව අප එක්සත් ජාතික පක්ෂය හා එක්ව දේශපාලනික කටයුතුවල යෙදුණු අතර ඒ තුලින් ජනතා ජයග්‍රහණ රැසක් අත්පත් කර දීමටද අපට හැකි විය.

    එළැඹෙන මහ මැතිවරණය උදෙසා නව සන්ධානයක් බිහි කිරීමට එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය අනුමැතිය ලබා දී ඇති අතර එලෙස පිහිටුවන සන්ධානයේ නායකත්වය, සන්ධාන මහලේකම් පත්කිරීම, අගමැති අපේක්ෂකත්වය මෙන්ම නාමයෝජනා කමිටුවේ ප්‍රධානත්වයද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට පැවරීමටද එකී කෘත්‍යධිකාරී මණ්ඩලය තීන්දුකොට තිබේ.

    ඉහත කාරණා කෙරෙහි අපගේ දැඩි අවධානය යොමුකොට සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් බිහිකරනිපුළුල් ජනතා සන්ධානයට’ අපගේ පක්ෂද එක්ව ජනතා අපේක්ෂාවන් සහතික කරන ආණ්ඩුවක් බිහි කිරීමේ උදාර මෙහෙවරට දායක වන බව නිවේදනය කරමු.

    ඒ අනුව ජාතික හෙළ උරුමය, දමිළ ප්‍රගතිශීලී සන්ධානය, ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසය යන දේශපාලන බලවේගද නව සන්ධානය සමඟ අත්වැල් බැඳගනු ඇත.

    ව්‍යාජය සහ ප්‍රලාප තුලින් බලය ලබාගෙන මේ වනවිට ව්‍යාකූල රටක් නිර්මාණය කොට ඇති වත්මන් ආණ්ඩුව පරාජය කොට ශක්තිමත්ල ප්‍රගතිශීලී සහ ජවසම්පන්න ආණ්ඩුවක් බිහි කිරීම උදෙසා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් බිහිකරන සමගි ජන බලවේගයේ ජයග්‍රහණය වෙනුවෙන් අප ඇප කැපවෙන බවද නිවේදනය කරමු.


  • ‘සෝෆා’ සහ  MCC ගැන කෙහෙළියගෙන් ඉගියක්

    ‘සෝෆා’ සහ MCC ගැන කෙහෙළියගෙන් ඉගියක්

    ‘සෝෆා ගිවිසුම’ අත්සන් කිරීමට රජය තීරණයක් ගෙන නැතැයි ආණ්ඩුවේ මාධ්‍ය ප‍්‍රකාශක හා ආයෝජන ප‍්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පැවසුවා.

    අග‍්‍රාමාත්‍ය ලේකම් කාර්යාලයේ අද (12) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවැසුවා.

    එහිදී ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතා කියා සිටියේ ‘මෙවැනි ගිවිසුම් අත්සන් කිරීමට පෙර ගිවිසුම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතුයි. ඒ වගේම එම ගිවිසුමට නීතිපති දෙපාර්තමේන්තුවේ අනුමැතිව හිමිවිය යුතුයි. එවැනි අනුමැතියකින් තොරව වත්මන් රජය කිසිදු ගිවිසුමක් අත්සන් කරන්නේ නැහැ. සොෆා ගිවිසුම පමණක් නොවෙයි රටට අහිතකර කිසිදු ගිවිසුමකට රජය අත්සන් කරන්නෑ.

  • රාජපක්ෂලා ‘ගෙදර යවන හොදම ක‍්‍රමය’ මනූෂ කියයි

    රාජපක්ෂලා ‘ගෙදර යවන හොදම ක‍්‍රමය’ මනූෂ කියයි

    සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුත් සමගි ජන බලවේගය (එස්.ජේ.බී) යටතේ ඉදිරි මැතිවරණයට තරග කරන බවත්, මෙම සන්ධානයේ ඡන්ද ලකුණ ලෙස අලියා ලකුණ ලබාදෙන ලෙස ඉල්ලා ඇති බවත් ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මනුෂ නානායක්කාර මහතා පැවසුවේය.

    සියලුම පක්ෂවල එකගතාවයෙන් රාජපක්ෂවරු පරාජය කිරීම සදහා සමගි ජන බලවේගය නායකත්වය ලබාදෙන බවත්, ආණ්ඩුව සමග ඩීල් නොමැති සියලු දෙනාටම මේ සමග එක්විය හැකි බවත් මන්ත්‍රීවරයා කොළඹදී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී සදහන් කළේය.

    වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා මෙසේද පැවසුවේය

    එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ ආශිර්වාදයෙන් අලුත් දේශපාලන සන්ධානයක් නිර්මාණය කිරීමටත්, එම සන්ධානයේ නායකත්වය සජිත් ප්‍රේමදාස මහතාට ලබාදීමටත් තීරණය කර තිබෙනවා. ඒ වගේම මෙම සන්ධානයේ මහ ලේකම්වරයා විදියට රංජිත් මද්දුමබණ්ඩාර මහතාගේ නමත් කෘත්‍යාධීකාරී මණ්ඩලය අනුමැතිය ලබාදුන්නා. ඒ අනුව අපි සමගි ජන බලවේගය යටතේ ඉදිරි මහ මැතිවරණයට තරග කරනවා.

    මේ සමගි ජන බලවේගය සම්බන්ධයෙන් නොයෙක් මතවාද පළ කර තිබෙනවා. මෙහි ලාංඡනය සම්බන්ධයෙන් විවිධ අදහස් විවිධ අය දක්වා තිබෙනවා. එක්සත් ජාතික පක්ෂය මෙතෙක් කල් තරග කළ අලියා ලකුණින් තරග කිරීමට අපි කැමැතියි. සමගි ජන බලවේගය සදහා අලියා ලකුණ ලබාදෙන්න කියලා අපි ඉල්ලීම් කර තිබෙනවා.

    සමගි ජන බලවේගය පක්ෂය මීට පෙර අපේ ජාතික පෙරමුණ නමින් තිබුණේ. අපේ ජාතික පෙරමුණේ නායකයා ලෙස රනිල් වික්‍රමසිංහ මහත්තයාත්, රාජිත සේනාරත්න මහත්තයා මහ ලේකම්වරයා විදියටත් නම් කරලා පසුගිය අවුරුද්දේ සැප්තැම්බර් මාසයේදී ලියාපදිංචියට අවශ්‍ය කටයුතු කරලා තිබුණා.  මේ පක්ෂය තමයි අලුත් සන්ධානය හදන්න ගත්තේ. මේ පක්ෂයේ ඉංග්‍රීසි අක්ෂරවලින් කියවෙන දේ එක්සත් ජාතික පක්ෂයට සමාන බව කියලා නීතීඥයෙක් මැතිවරණ කොමසාරිස්වරයා ලිපියක් යවා තිබෙනවා.  නමුත් ඒ නීතීඥයා යවපු කාරණයේ කිසිදු සත්‍යතාවයක් නැහැ. . එස්.ජේ.බී. යන නමින් තමයි අපි කටයුතු කරන්නේ.

    සියලු දෙනාගේම සහයෝගයෙන්, සියලු පක්ෂවල එකගතාවයෙන්, රාජපක්ෂවරු ගෙදර යවන්න, පීඩාවට පත් වෙලා සිටින ජනතාව ආරක්ෂා කරගැනීමට, පාක්ෂිකයින් ආරක්ෂා කරගැනීමට, ආණ්ඩුව සමග ඩීල් නැතිව කටයුතු කිරීමට අපි සමගි ජන බලවේගය ශක්තිමත්ව ඉදිරියට රැගෙන යනවා. 

  • ‘ජනතාව සතුටු විය යුතු හේතුව’ නිවාස රාජ්‍ය ඇමැති ඉන්දිය හෙළි කරයි

    ‘ජනතාව සතුටු විය යුතු හේතුව’ නිවාස රාජ්‍ය ඇමැති ඉන්දිය හෙළි කරයි

    රට තුළ අද ශක්තිමත් විපක්ෂයක් නොමැති බවත්, විපක්ෂය රනිල් පිල හා සජිත් පිල ලෙස පිල් දෙකකට බෙදී ඇති බවත් නිවාස පහසුකම් රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා පැවසීය.   ආණ්ඩුවට ඇගිලි දිගුකර පෙන්වීමට තරම් චෝදනාවක් අද විපක්ෂයට සොයාගත නොහැකි බවද අමාත්‍යවරයා පැවසීය.  

    අමාත්‍යවරයා මේ බව කියා සිටියේ දේශීය උළු කර්මාන්ත හිමියන් සමග පැවති විශේෂ හමුවකට  සහභාගී වෙමිණි. මෙම හමුව පුත්තලම දිස්ත්‍රික්කයේ වයික්කාල, රිවෝරිච් හෝටලයේදී පැවැත්විණි.      

    මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,

     “අපේ ඉලක්කය මෙරට නිවාස නොමැති ජනතාව වෙනුවෙන් නිවාස අමාත්‍යංශය හරහා නිවසක් ලබා දීමයි. විෂය භාර ඇමතිවරයා ලෙස අගමැතිතුමාටත්, රාජ්‍ය ඇමතිවරයා ලෙස මටත් පැවරුනු වගකීම වූයේ අතිගරු ජනාධිපතිතුමාගේ ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව නිවාස ඉදිකිරීම සදහා අමාත්‍යංශය මෙහෙය වීමයි. ඒ සදහා කෙටිකාලීන හා දිගුකාලීන සැලසුම් සකස් කරන විට අපේ පළමු සැලැස්ම වූයේ නිවාස නොමැති අසරණ දුගී දුප්පත් ජනතාව සදහා ‘ගමට ගෙයක්’ ලබා දීමේ වැඩසටහන ක්‍රියාත්මක කිරීමයි.

    මේ හරහා ග්‍රාමසේවා වසමකට එක් නිවසක් වශයෙන් මුළු රටේම නිවාස 14,022 ක් ඉදිකරනවා. මේ සදහා අගමැතිතුමා විසින් ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාව අනුමත වීමෙන් පසුව මෙම වැඩසටහන පිළිබදව උපදෙස් ලබා ගැනීමට මා එතුමාව හමු වුණා. ‘අගමැතිතුමනි, උතුරු නැගෙනහිර නිවාසවලට නම් උළු සෙවිලි කරන්න වෙනවා. නමුත් ගාණ ටිකක් සැරයි’ කියා මා එහිදී අගමැතිතුමාට පැවසුවා. එවිට අගමැතිතුමා ප්‍රකාශ කළේ ‘කොච්චර මුදල් ගියත් කමක් නැහැ. නිවාස සියල්ලටම උළු සෙවිලි කිරීමට කටයුතු කරන්න’ කියායි. අගමැතිතුමාට කර්මාන්ත පිළිබදව මනා දැනුමක් තිබෙනවා. එම නිසා දේශීය උළු කර්මාන්තයට අතහිත දීමක් ලෙස අප ඉදිකරන නිවාසවලට උළු සෙවිලි කිරීමට අවස්ථාව උදා වුණා.  

    අද තියෙන්නේ මනා දැක්මක් සහ දර්ශනයක් සහතිව වැඩ කරන ආණ්ඩුවක්. පසුගිය ආණ්ඩුවේ අපි එය දුටුවේ නැහැ. අපි එදා උළු කර්මාන්ත හිමියන් මුහුණ දෙන ගැටළු සම්බන්ධයෙන් හිටපු නිවාස ඇමතිවරයාගේ අවධානයට යොමු කළා. රජයේ නිවාස වැඩසටහනට දේශීය උළු හිමියන්ගෙන් උළු ලබා ගන්නා වැඩපිළිවෙලක් සකස් කරන්න කියා එදා අපි එතුමාගෙන් ඉල්ලා සිටියා. එහිදී එතුමා පැවසුවේ, නිවාසවලට උළු සෙවිලි කරනවාට වඩා සීට් සෙවිලි කළාම පරිසරය ආරක්ෂා වනවා කියායි. වත්මන් විපක්ෂ නායකයාට තියෙන්නේ මෙවැනි දැක්මක්.

    අපි ආණ්ඩුව ලබා ගත්තට වඩා එතුමාගෙන් රට ගලවා ගැනීම ගැන සතුටු වෙන්නට ඕන. කිසිම කළමනාකාරීත්වයක් නැති නායකයෙක්. ආණ්ඩුවක් පත් වුණාම තිබෙන ලොකුම තර්ජනය විපක්ෂයයි. පසුගිය ආණ්ඩුව බලයට පත්වූ දින සිටම අපි විපක්ෂය ලෙස රටේ ප්‍රශ්නවලට අරගල කළා. එදා අරගල කරන්න අපට හේතු තිබුණා. මහ බැංකු කොල්ලයේ සිට රාජ්‍ය සම්පත් විකිණීම දක්වා පෙන්වීමට විවිධ චෝදනා ඇති තරම් තිබුණා. එම නිසා එදා විපක්ෂය බලවත් වුණා. අද විපක්ෂය බලවත් වී ඇත්තේ පිල් දෙකකට පමණයි. ඒ රනිල් පිල සහ සජිත් පිල ලෙසයි. අද සිරිකොතට වෙලා ගහගන්නවා ඇරෙන්න රටේ වැඩපිළිවෙලට යෝජනාවක් දෙන්න විපක්ෂය අසමත් වෙලා. මේ ආණ්ඩුවට ඇගිල්ල දිගු කර පෙන්වන්නට තරම් චෝදනාවක් අද නැහැ.  

    ජනාධිපතිතුමා අද නව දේශපාලන සංස්කෘතියක් නිර්මාණය කර තිබෙනවා. තාප්පයක් ගානේ පෝස්ටර් ගහනවා වෙනුවට තරුණයින් චිත්‍ර අදිමින් රට ලස්සන කරනවා. අද තරුණයෝ තම උත්සහයෙන් පුරන් වුනු කුඹුරු අස්වද්දන්න පටන් ගෙන තිබෙනවා. ජනාධිපතිතුමාගේ පරිවාර රථ සහ කාර්ය මණ්ඩලය අඩු කරමින් රටට ආදර්ශයක් ලබා දී තිබෙනවා. මුදල් විශාල වශයෙන් ඉතිරි කර තිබෙනවා. මෙවර නිදහස් උත්සවයත් පැවැත්වුණේ චාම් ආකාරයටයි.

    පසුගිය ආණ්ඩුව එදා නිදහස් උත්සවයේදී තරුණ ළමයි ගෙන්වා ලැප්ටොප් දර්ශනයක් දැම්මා. ඒ සදහා ලැප්ටොප් වෙනමම මිලදී ගත්තා. පසුගිය ආණ්ඩුවේ තිබුණු නාස්තිය එයයි.  ප්‍රතිරූපය නංවනවා කියා 2015 ට පෙර පැවති රජය ගෙදර යවපු අය ඊට දෙගුණයකට, තෙගුණයකට එහා ගොස් තමන්ගේ ප්‍රතිරූපය නංවා ගන්න කටයුතු කළා. මහින්ද මහත්තයට අප්පච්චි කියා කිව්වා. නමුත් 2005 ට කලින් අසූ ගණන්වල ජනාධිපති උත්මාණන් හිටියේ. එදා ඵලකයක් විවෘත කරන විට එහි සදහන් කළේ රණසිංහ ප්‍රේමදාස උතුමාණන් කියායි.

    අද රටට අවශ්‍ය දේශපාලන සංස්කෘතියක් නිර්මාණය වී තිබෙනවා. අද ජනාධිපතිතුමාව බොහෝ අය අගය කරනවා. සජිත් මහත්තයා කියනවා ජනාධිපතිතුමා යටතේ එයාට අගමැතිකම කරන්න පුළුවන් කියා. සජිත් මහත්තයා මැතිවරණ සමයේ වේදිකාවලදී මොනවා කිව්වුත්, ජනාධිපතිතුමාගේ වැඩපිලිවෙල හොදයි කියා අද එතුමත් ප්‍රකාශ කරනවා. රජයේ නිවාස වැඩසටහනට උසස් ප්‍රමිතියෙන් යුතු උළු ලබා දෙමින් උළු හිමියන්වන ඔබගේ සහය අපට ලබා දෙන්න කියා මා ඉල්ලා සිටිනවා. එක නිවසකට උළු කැට 1,200 ක පමණ ප්‍රමාණයක් අව්‍යශ වනවා. නිවාස 14,022 ටම එම ප්‍රමාණය අවශ්‍යයි. ඉදිරි අයවැය තුළින් දේශීය උළුමෝල් හිමියන් සදහා සහනදායි පොලී ණය මුදලක් ලබා දෙන්න කටයුතු කරන්නට කියා මා ජනාධිපතිතුමාට යෝජනා කරනවා” යනුවෙන්ද පැවසීය.

  • මනූෂ නානාක්කාර ‘ජොන්ස්ටන්ට’ මුල මතක් කරලා දෙයි

    මනූෂ නානාක්කාර ‘ජොන්ස්ටන්ට’ මුල මතක් කරලා දෙයි

    මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති ධුරය දැරූ 2005 – 2015 දක්වා සමයේදී ජනපතිවරයාගේ සංචිතයට රුපියල් කෝටි 300ක වාහන මිලදී ගෙන ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රි මනූෂ නානායක්කාර මහතා පැවැසීය.

    අද (11) පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවැසීය.

    නානායක්කාර මහතා මෙසේ ද පැවසීය. ‘අපි නම් පුද්ගලිකව වාහනයක් අරගෙන නෑ. පසුගිය කාලයේදී ගෙන්වූ වාහන දැන් ඉන්න ඇමැතිවරු පදින්නේ. ආණ්ඩුවත් එක්ක ඩිල් දාගෙන ඉන්න අය නම් මේ වාහන තවම පදිනවා ඇති. එහෙම නැතිව විපක්ෂයේ ඉන්න කිසිම කෙනෙක් මේ වාහන පදින්නේ නෑ. මේ වාහන සියල්ලම පදින්නේ දැන් ඉන්න ඇමැතිවරු තමයි.

    2005 -2015 ඉදලා මහින්ද රාජපක්ෂ ජනපතිවරයාගේ සංචිතයට විතරක් රුපියල් කෝටි තුන්සීයක වාහන අරගෙන තිබෙනවා. ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇමැතිවරයාට මේක අමතක වෙලා තියෙනවා.

    මේ සියල්ලම නැවත පත්වන ඇමතිවරු තමයි භාවිත කරන්නේ. මේක හොඳ නැත්නම් අපි කියනවා මේ වාහන අවශ්‍ය නැතිනම් ඒවා විකුණලා මුදල් වහාම මහා භාණ්ඩාගාරයට යොමු කරන්න. මේ අය මේ වාහන භාවිත කරන ගමන් තමයි මේ කාරණය කියන්නේ. මේවා කුහක වැඩ විතරක් නෙමෙයි ජනතාව මුලා කිරීමක්.

  • නව දේශපාලන ප‍්‍රවණතා ගැන චම්පිකගේ ‘අලුත් තියරිය’

    නව දේශපාලන ප‍්‍රවණතා ගැන චම්පිකගේ ‘අලුත් තියරිය’

    රටේ ජාතික ආර්ථිකය නැවත ගොඩනගා ශ්‍රී ලංකාව පෞඩ බලගතු ශක්තිමත් රාජ්‍යයක් බවට පරිවර්තනය කිරීමට පුළුල් ජනතා සංවිධානයක් ගොඩනැගීමට කටයුතු කරන අතර, ඒ තුළ සුදුකරපටි අපරාධකරුවන්ට, ආර්ථික ඝාතකයින්ට, වංසක්කාර මංකොල්ලකාරයින්ට, ඉඩ නොමැති බවත්, මඩ ප්‍රහාරවලට, අත්අඩංගුවට ගැනීම්වලට, හිරගෙවල්වලට සහ යදම්වලට මෙම ගමන නතර කළ නොහැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී චම්පික රණවක  පවසයි.

    මෙම නව සන්ධානය සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ මූලිකත්වයෙන් ගොඩනැගෙන අතර එය ඉදිරියට ගෙනයාම මේ රටේ එක්සත් ජාතික පාක්ෂිකයාගේ පමණක් නොව, දේශපාලන කතුරට අසුවී සිටින ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු සෑම දේශපාලන පක්ෂවල මෙන්ම සෑම ජන කණ්ඩායමකම වගකීමකි. මෙම නව සන්ධානය ජනතාවාදී පාලනයකි. ජනතාවාදී ගමන්මඟකි.

    චම්පික රණවක මහතා මේ අදහස් පළකර සිටියේ පසුගිය 09 වැනිදා ‘අලුත් පැතුමක් – අලුත් ගමනක්’ නමින් තලවතුගොඩ ග්‍රෑන්ඩ් මොනාක් හෝටලයේ පැවති මහරගම විශේෂ ජනහමුවට සහභාගී වෙමිනි.

    මේ සම්බන්ධයෙන් වැඩි දුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා,

    දේශපාලකයගෙයි, දේශපාලන පක්ෂවලයි  ප්‍රධාන අරමුණ තමයි බලය ලබාගැනීම. පක්ෂයේ නම, ඉතිහාසය, ලකුණ, නායකයන්, ලස්සන හා ගරු ගාම්භීර වුව ද බලය නැත්නම් ඉන් ඵලක් නැත. මෙය එක්සත් ජාතික පාක්ෂිකයන් වටහා ගත යුතුයි. ඒ නිසා එක්සත් ජාතික පක්ෂය ප්‍රතිසංවිධානයකොට හෝ පුළුල් බලවේගයක් මගින් මේ රටේ සෑම දෙනාම ඒකරාශී කරගනිමින් ඉදිරියට යෑම සිදුකළ යුතුයි.

    වත්මන් ආණ්ඩු පාලනයට දැන් මාස 03 කට ආසන්නයි. ජනමාධ්‍ය දෙක තුනක් භාවිත කරමින් සිදුකළ දැවැන්ත කූට නාටකයක ප්‍රතිඵලයක් ලෙස තමයි ඔවුන් බලයට පත්වුණේ. මේ රටේ ජාතික ආරක්ෂාව පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා, සහරාන්ල පිටිපස්සෙ ගෝඩ් ෆාදර්ල කොටසක් ඉන්නවා, මෙහෙයුම්කරුවො ටිකක් ඉන්නවා, ඒ මහමොළකරුවො අනාගතයේදීත් පහරදීම්වලට ලෑස්තියි කියල විශාල බියවැද්දීමක් ගෙන ගියා. දැන් මාස තුනක් වෙලා තියෙනවා. පිටිපස්සෙ හිටියයි කියන එකම මෙහෙයුම්කරුවෙක්, මහ මොළකාරයෙක්, කුමන්ත්‍රණකරුවෙක් අත්අඩංගුවට අරගෙන නෑ. ඒ නිසා දැන් අපිට හිතෙනව මේකත් ජනාධිතිවරණය ජයග්‍රහණය කිරීමට සිදුකළ දේශපාලන කුමන්ත්‍රණයක් ද කියල. 

    මහ බැංකුවේ ඇතිවෙච්ච වංචාව පිළිබඳ වෝහාරික වාර්තාව එළිදැක්වුවම නොයෙක් තර්ක විතර්ක කරනවා. මේක කරපු ආයතන වංචනිකයිලු, ඒවයේ චරිත සහතික හොද නැහැලු. මේවා ගැන මේ චරිත සහතික දෙන්නෙ අන්ත දූෂිතයො ටිකක්. ඔවුන් පවසන්නෙ, පාඩුවක් මිසක් වංචාවක් වෙලා නෑ කියල. වංචාවෙයි පාඩුවෙයි වෙනස මොකක්ද? කිසිවෙක් චේතාන්විතව රජයේ අරමුදල්වලට පාඩුවක් වෙලා තමන්ට ලාභයක් වෙන්න කටයුතු කරනවනම් ඒක තමයි වංචාව කියන්නෙ. ගණුදෙනුවලින් 20% ක් වංචනික ආකාරයට සිදුව ඇති බව වෝහාරික වාර්තාවේ සඳහන් වෙලා තියෙනව. මේ රටේ වැඩකරන ජනතාවගේ අරමුදල වූ සේවක අර්ථසාධක අරමුදල යොදවා, තමන්ට හිතවත් ගණුදෙනුකාරයො කිහිප දෙනෙක් සමඟ  මේ වංචාව චේතාන්විතව සිදුකරල තිබෙන බව අද ඔප්පු වී ඇත.

    අර්ජුන් මහේන්ද්‍රන්ව පුළුවන්නම් අත්අඩංගුවට ගන්න කියල අපි ආණ්ඩුවට අභියෝග කරනව. එහෙම කරන්නෙ නෑ, මොකද අර්ජුන් මහේන්ද්‍රන් දන්නව රාජපක්ෂවරුන්ගේ ඩුබායි ගණුදෙනු ගැන. ශ්‍රී ලංකන් ගණුදෙනුවට එහි හිටපු ප්‍රධාන විධායකයව අත්අඩංගුවට ගත්ත වගේ,  මිග් ගණුදෙනුවට සම්බන්ධ උදයංග වීරතුංග අත්අඩංගුවට ගන්න කියල අපි වත්මන් ආණ්ඩුවට අභියෝග කරනව. ශ්‍රී ලංකන් එකේ එයාර්බස් ගණුදෙනුව හෙව්ව වගේ බෙලිස්සා සමාගම හරහා මිග් ගණුදෙනුව කළ එකත් වහාම විමර්ශනය කළ යුතුයි.

    ශ්‍රී ලංකන් වංචාව මම ඒ කාලෙම පෙන්නල දුන්න. අද වෙනකොට පාඩුව බිලියන 250 යි. මේ රටේ සෑම කෙනෙක්වම සෑම පුද්ගලයෙක්ම අද රුපියල් 15,000 ක ණය කාරයෙක් බවට පත්කරල තියෙනවා. කව්ද ඒ තීන්දුව ගත්තෙ. 2008 මහින්ද රාජපක්ෂගෙ මස්සිනා මේකෙ සභාපති වෙනකොට ලාභ ලබපු ශ්‍රී ලංකන් ආයතනය බිලියන 250 ක පාඩු ලබන ආයතනයක් වුණේ ඇයි? එවකට කතානායක චමල් රාජපක්ෂ මහතාගේ නිල නිවසේ එතුමාගේ පුතුන් දෙදෙනා සමඟ එකතුවෙලා ඒ අධ්‍යක්ෂක මණ්ඩලය ගුවන් යානා 14 ක් (ත්‍රීවීල්වත් ගන්නෙ නෑ ඒ විදියට) මිලදී ගන්න කටයුතු කළා.

    කොහොමද ගත්තෙ, ගුවන්යානය එයාර් බස් එකට ඕඩර් කරනව, ඒක ගන්න වෙනත් සමාගමකට පවරනවා. එම සමාගම ගුවන්යානා ගන්නව, අපිට අයිති ඒ ගුවන් යානා අපි එම සමාගමෙන් කල්බදු ක්‍රමයට ගන්නවා. අපිත් ඊට පස්සෙ ඒව තව අයට කල්බදු ක්‍රමයට දෙනවා. මේ ගැන ජනාධිපති කොමිසමක් තිබුණ. මේ ගැන FCID පරීක්ෂණයක් තිබුණ. මේ ගැන පැහැදිළි ආකාරයට CID පරීක්ෂණයක් තිබුණ. කපිල චන්ද්‍රසේන ඇතුළු පිරිස අත්අඩංගුවට ගන්න කියල අවුරුදු 03 ක් වෙනවා. ඒක වුණේ නැ, මොකද අර වංසක්කාර මංකොල්ලකාර රැළ ශ්‍රී ලංකන් ගුවන් ක්ෂේත්‍රය ඇතුළු ක්ෂේත්‍ර අල්ලාගෙන හිටිය.

    මේ සම්බන්ධයෙන් කබීර් හෂීම් මහත්තය කැබිනට් පත්‍රිකාවක් දැම්ම. එතුමට ලොකු බලපෑමක් ආව ඒක ආපහු ගන්න කියල. මොකද එහි සැබෑ තත්ත්වය පැහැදිළිව සටහන්වෙලා තිබුණ. අද මේකට අවශ්‍ය වෙනව තාක්ෂණික විගණනයක්. මේ ගුවන්යානාවල බඳ විතරයි එයාර්බස් එකේ හැදුවෙ.  එන්ජින් ගත්තෙ රෝල්ස් රොයිස් එකෙන්. සීට් හයිකලේ වෙන තැනකින්. කුස්සිය හැදුවෙ තව තැනක. මේ සියලු සැපයුම් සපයන්න කවුද ගියේ? කොහෙන්ද ගත්තෙ? කීයද වටිනාකම කියන එක හොයන්න ඕන. අන්න ඒ තාක්ෂණික විගණනය කළ දවසට තේරෙයි කොච්චර ධනයක් කපිල චන්ද්‍රසේනගෙන් ඔබ්බට හොරකම් කරල තියෙනවද කියල මේ රටේ මේ ඇත්තො ටික එකතුවෙලා.

    අවුරුදු 03 කට අපට ණය ගෙවන්න විදියක් නෑ, ඒ නිසා ඉන්දියාවේ ණය ගෙවීමේ කටයුතු (ඉන්දියාවෙන් ගත්ත ණය) අවුරුදු තුනකට අත්හිටවල, මුල් පියවර තබන ලෙසත්, එවිට අනෙක් රටවල් ද එලෙස සහනයක් සලසනු ඇති බව මුදල් ආමත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඉන්දියාවේදී ප්‍රකාශ කළ බව හින්දු පුවත්පතේ මීරා මැතිණිය විසින් වාර්තා කරල තියෙනව,

    මේක ඉතාම භයානක ප්‍රකාශයක්. ලංකාව මූල්‍යමය වශයෙන් බංකොලොත්. අපිට ණය ගෙවාගන්න බෑ. කියන එක තමයි රටේ මුදල් ඇමති නවදිල්ලියට ගිහින් කියල තියෙන්නෙ. ඒකෙන් මොකද වෙන්නෙ? හෙට ඉඳන් අපිට ණය දෙන්න කවුරුත් ඉදිරිපත් වෙන්නෙ නෑ.

    මෙම මූල්‍ය අර්බුදයට වගකිව යුත්තේ මහින්ද රාජපක්ෂ මැතිතුමාම තමයි. මං මේක දහස්වාරයක් කියල තියෙනවා. එතුමා බලයට එනකොට 5% යි මේ රටේ වානිජ ණය තිබුණෙ. එතුමා තමයි අධික මිළ ගණන්වලට ණය අරගෙන මේ රට ණය ගෙවන්න බැරි තැනකට පරිවර්තනය කළේ. එම ණය අරගෙන ආයෝජනය කළේ ආදායම් නොලැබෙන ව්‍යාපෘතිවල. ඒ නිසා මේ සියල්ලේ ණය ගෙවන්න වෙලා තියෙන්නෙ අද රටටයි.

    අද පරිපූරක ඇස්තමේන්තුවක් ඉදිරිපත් කරල කියනව, පහුගිය ආණ්ඩුව බිල් පොලු තියල, අපිට ඒව ගෙවන්න සල්ලි දෙන්න කියල. මහින්ද මහත්තය 2014 දිත් ඔය සෙල්ලම කළා. කොන්ත්‍රාත්කාරයින්ට බිලියන 250 ක් දුන්නා සංවර්ධන වැඩ සඳහා. දීල කොන්ත්‍රාත්කාරයින්ට කීව 15%  කොමිස් එක අරගෙන එන්න කියල.

    ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා ආපු හැටියෙම කිව්ව මම බදු සහනයක් දෙනව දෙසැම්බර් 01 වෙනිද ඉඳන් කියල. බදු සහනයක් දුන්න. මොකක්ද වුණේ? කිසිම මිනිහෙක් බදු ගෙව්වෙ නෑ. අපේ ආණ්ඩුවේ තිබුණු ක්‍රියාදාමය නිසා අපගේ ආණ්ඩුවේ ආදායම බිලියන 2400 ක්. මාසෙකට බිලියන 200 ගානේ එන්න ඕන. දෙසැම්බර් මාසෙ තඹ සතයක්වත් එකතු වුණේ නෑ මේ ප්‍රතිපත්තිය නිසා. අන්න ඒ නිසා තමයි මූල්‍ය හිඟය ඇති වුණේ. දැන් මේ මාසෙ මොකද වෙලා තියෙන්නෙ? තාම මේක පාර්ලිමේන්තුවේ අනුමත වෙලා නෑ. ලොකු කොම්පැණි කාරයො ඔක්කොම මොකද කරන්න, ලියුම් යවනව දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට නීත්‍යානුකූලව වැට් බදු තියෙනවද නැද්ද කියල. වැට් බදු නීත්‍යානුකූලව නෑ. කවුරුවත් බදු ගෙවන්න අවශ්‍යතාවයක් නෑ. මේ මෝඩ ආර්ථික තීන්දුවේ ප්‍රතිඵලය නිසා තමයි අද විශ්‍රාම වැටුපට, අතිකාල දීමනාවට, වෘත්තීයවේදීන්ට ලබාදුන් 15,000 දීමනාවට, වැඩකරන ජනතාවගේ දීමනා සියල්ලට අත තියල තියෙන්නෙ.

    අද මේ රට ඉදිරියට ගෙනියන්න හොඳ මූල්‍ය කළමණාකරනයක් අවශ්‍යයි. එහෙම ක්‍රියාකරන්න හොඳ ආර්ථික දැක්මක් තියෙන පිරිසක් අද මේ රටට අවශ්‍යයි. මේ රටේ රාජ්‍ය මූල්‍ය ශක්තිමත් කරන්න පුලුවන් වෘත්තීය මට්ටමේ මූල්‍ය පාලනයක් ගේන්න පුළුවන් ශක්තිමත් පාලනයක් ඊළඟ මහා මැතිවරණයෙන් අප ගොඩනගාගත යුතුයි. අන්න ඒ සඳහා වුණ පුලුල් සන්ධානයට ඔබගේ ශක්තියත් ජවයත් ලබාදෙන්න. ඒ සඳහා අප සියලු දෙනාම එකට එකතුවෙලා අපෙන් වුණ වැරදි අකටයුතුකම්, අපේ පාලනය තුළ ඉටුනොවුණ යුතුකම් ජනතාවට අපි නැවත ඇති නොවෙන්නට පුළුල් ජනතා බලයක් ගොඩනගමු. පුළුල් සන්ධානයක් ගොඩනගාගමු. ඒ සඳහා සජිත් ප්‍රේමදාස මැතිතුමාට ඒ ශක්තිය ජවය බලය ලබාදෙන්න අපි හැමදෙනාම කැපවෙමු.


  • සජිත් අලුත් පක්ෂයකින් ‘ගොඩ යයි’

    සජිත් අලුත් පක්ෂයකින් ‘ගොඩ යයි’

    විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් ආරම්භ කළ ‘සමගි ජනබලවේගය’ මැතිවරණ කොමිෂන් සභාව විසින් පිළිගෙන ගත් බවත් ඒ අනුව ‘අපේ ජාතික පෙරමුණ’ මින් ඉදිරියට ‘සමගි ජනබල වේගය’ ලෙස නමි කරන බවත් සජිත් පාර්ශ්වයේ ප‍්‍රබලයෙක් පවසයි.

    නව පක්ෂයේ සභාපති ලෙස සජිත් ප්‍රේමදාස මහතාත් ලේකම් ලෙස රන්ජිත් මද්දුම බණ්ඩාර මහතාත් පත්කර කළ බවත් ඉදිරි තනතුරු නොබෝ දිනකින් සම්පූර්ණ කරන බවත් ඔහු සදහන් කළේය.

  • අත – පොහොට්ටු ගිවිසුම්වල ‘ඇත්ත’ ප‍්‍රසන්න හෙළි කරයි

    අත – පොහොට්ටු ගිවිසුම්වල ‘ඇත්ත’ ප‍්‍රසන්න හෙළි කරයි

    ඉදිරි මහා මැතිවරණය පුටුව ලකුණින් තරග කරන බවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා පොදුජන පෙරමුණ අතර ගිවිසුමක් නැතැයි කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා අවධාරණය කරයි. ගෝඨාභය රාජපක්ෂ මහතා සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එළඹ ඇති ගිවිසුම් දෙක මගින් ද එය තහවුරු වන බව පෙන්වා දෙන ඇමතිවරයා ඉදිරි මහා මැතිවරණය අනිවාර්යෙන් ම තරග කරන්නේ පොහොට්ටුව ලකුණින් බවත් කියා සිටී.

    ඉදිරි මහා මැතිවරණයේ දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තරග කරන ලකුණ සම්බන්ධයෙන් අද (11) ගම්පහ දී මාධ්‍යවේදීන් ඇසු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇමති ප්‍රසන්න රණතුංග මහතා මේ බව සදහන් කළේය.

    මෙහි දී තවදුරටත් අදහස් දැක් වූ රණතුංග මහතා මෙසේද කීවේය.

    ” ගෝඨාභය රාජපක්ෂ මහතා සමගත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමගත් ඇති කර ගත් අවබෝධිතා ගිවිසුම් දෙක ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දැන් එළියට දාලා තියෙනවා. ඒ ගිවිසුම් දෙකේ ම සන්ධානයක් ගැන කථා කළාට ඉදිරි මැතිවරණයට තරග කරන ලකුණක් ගැන සදහන් නෑ. අපි ඒකයි මුල ඉදලාම කියන්නේ මොන මොන නම් වලින් මොන මොන සන්ධාන හැදුවත් අපේ ලකුණ පොහොට්ටුව කියලා. අපි ඉදිරි මහා මැතිවරණය පොහොට්ටුවෙන් තරග කරලා තුනෙන් දෙකක බහුතර බලය සහිත ආණ්ඩුවක් පිහිටුවනවා.

    එක්සත් ජාතික පක්ෂයේ අර්බුදය සම්බන්ධයෙන් අදහස් දැක් වූ ප්‍රසන්න රණතුංග ඇමතිවරයා පක්ෂයේ බලය ගන්න බැරි විපක්ෂ නායක කොහොමද රටේ බලය ගන්නේ‘ යැයි ප්‍රශ්න කළේය. එදා ඩයිනමෝව හොදයි, මෝටරය හොදයි කිය කිය ගිය සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකතුමා අද නැවත  විහිලුකාරයෙක් බවට පත් වෙලා. එදා ගෝඨාභය ජනාධිපතිතුමාට ඡන්දය දෙන්න එපා කියපු සජිත් අද ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා යටතේ අගමැතිකම කරන්නම් කියලා පිංසේණ්ඩු වෙනවා. රනිල් කියනවා අලියාගෙන් ඉල්ලනන් ඕනේ කියලා. සජිත් කියනවා හදවතින් ඉල්ලන්න ඕනේ කියලා. මොකෙන් ඉල්ලුවත් මේ අය කරන බොරු දැන් ජනතාව හොදින් දන්නවා. ඒ නිසා නැවත සජිත් ප්‍රේමදාසලාට මේ රටේ ඉඩක් නෑ”. ඇමතිවරයා වැඩි දුරටක් සදහන් කළේය.