Category: සුපිරි Politics

  • ජනාධිපති අපේක්‍ෂක නම් කරන්නේ කෘත්‍යාධිකාරියෙන් නම් කරන කමිටුවකින්..ඒ අනුව අපේක්‍ෂක නම් කරන්න සූදානම්!

    ජනාධිපති අපේක්‍ෂක නම් කරන්නේ කෘත්‍යාධිකාරියෙන් නම් කරන කමිටුවකින්..ඒ අනුව අපේක්‍ෂක නම් කරන්න සූදානම්!

    ඉදිරි ජනාධිපතිවරණය සඳහා තරග වදින එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයා කවුදැයි තීරණය කරන්නේ පක්ෂයේ ව්‍යවස්ථාව අනුව බව එම පක්ෂ මහලේකම් ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

    ඒ අනුව ඉතා ඉක්මනින් කෘත්‍යාධිකාරී මණ්ඩලය හා පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම අවසන් එකඟතාවයකට පැමිණෙන බවද ඔහු පැවසීය.

    ජනාධිපති අපේක්‍ෂක තීරණය කිරීමට කෘත්‍යාධිකාරී මණ්ඩලය විසින් නාමයෝජනා මණ්ඩලයක් හෝ කමිටුවක් පත් කළ යුතු බව ව්‍යවස්ථාවේ දැක්වෙන බව ද ඔහු කියා සිටියේයය.

    ඒ අනුව එම නාමයෝජනා මණ්ඩලය ජනාධිපති අපේක්ෂකයා නිර්දේහ කරනු ඇතැයිද ඔහු තව දුරටත් පැවසීය.

  • ටයි කෝටි රෙදි අස්සෙන් පවා කුලයේ කුණු බේරේ..!

    ටයි කෝටි රෙදි අස්සෙන් පවා කුලයේ කුණු බේරේ..!

    හෘදසාක්ෂියක් නැති මිනිසුන්ගේ එතැන ඇත්තේ කුණු ගඳ ගහන සැරවා ගෙඩියකි. ඉතිං හෘදසාක්ෂිය ක්‍රියාකාරී වියයුතු සෑම අවස්ථාවකම ඔවුන් වෙතින් වහනය වන්නේ ශිෂ්ට සම්පන්න මනුෂ්‍යත්වය නොව හාත්පස ගඳ ගස්සන දුගඳකි. සජිත්ගේ කල්ලිය ද එහෙමය. ඔවුන්ට හෘදසාක්ෂියක් නැත. ඒ නිසා යෝජනාවක් කළත් වෑහෙන්නේ කුණු ගන්දස්සාරයක් මිස අනෙකක් නොවේ.

    ඊට හොඳම සාක්ෂිය වන්නේ විධායක ජනාධිපති ධූරය ඉවත්කරලීම සම්බන්ධව ඉදිරිපත් කර ඇති යෝජනාව කුල ප්‍රශ්නයක් බවට පරිවර්තනය කිරීමේ නින්දිත උත්සාහයයි. ඒ සම්බන්ධයෙන් පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ ඇතුළු පක්ෂයේ අනෙක් නායකයන්ට නගන අභූත චෝදනාවයි.

    පසුගාමීත්වයන් එජාපයෙන් පැන්නුවේ රනිල්

    මෑත ඉතිහාසයේ කිසිම අවස්ථාවක විශේෂයෙන් රනිල් වික්‍රමසිංහ නායකත්වය යටතේ එජාප ස්ථාවර කිසිවක් පසුගාමීවී නොමැත. ජාතිවාදී, ආගම්වාදී, කුළ මළ, පමණක් නොව ලංකා දේශපාලනයේ වඩාත් පෙරටුගාමී පක්ෂය බවට පත්ව ලිංගික අනන්‍යතා මත වෙනස් ලෙස නොසැලකීම පිළිගෙන කටයුතු කිරීම වෙනුවෙන් පක්ෂ මතය හදන්න තරම් පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ නිර්භීත විය.

    අද රාජපක්ෂ කඳවුර එක්සත් ජාතික පක්ෂය දේශප්‍රේමී නොවේය කියන්නේ ද එජාප කඳවුර තුළින් ඉහත සියළු ආකාරයේ සමාජ සංස්කෘතික පසුගාමීත්වයන් අතුගා නූතන සමාජයට ගැලපෙන ආකාරයකට පක්ෂ මතය සකස්කර ඇති නිසාය.

    ලිංගික අපචාර‍ චෝදනා ලබන , භික්ෂු ශාසනයට නිගා දෙන කහකඩයන් පවා ( සුපේෂල ධාර්මික භික්ෂූන් මීට අයත් නොමැති බව සලකන්න ) පක්ෂයට විවේචන ගෙනෙන්නේ එනිසාය.

    නිර්භීත තීන්දුවක් :

    එහෙත් ජාතිවාදී නොවීම , ආගම්වාදී නොවීම, අන්තවාදී නොවීම, කුළ මළ නොතැකීම , ලිංගික අනන්‍යතාව නොතකා කටයුතු කිරීම නූතන ශිෂ්ට සමාජය පිළිගත් දියුණු ප්‍රජාතන්ත්‍රවාදී ලක්ෂණ බැවින් පසුගාමී ගෝත්‍රික විවේචන හමුවේ පවා ඒ නොතකා කටයුතු කරන නිර්භීත තැනක පක්ෂය පසුවෙයි.

    සජිත්ට සර් කියන්න බැරිද ? සජිත්ට අපේක්ෂකත්වය නොදෙන්නේ අඩු කුළේ නිසා වැනි තුප්පහි අදහස් සජිත් පාර්ශවය මතු කරන්නේ එවැනි පසුබිමකය.

    රට පුරා චෛත්‍ය සෑදීම බෞද්ධකම බව සලකන සජිත්ගේ ගොබ්බ ලෝකය අරක්ගෙන දේශපාලන ගේම් හරහා පක්ෂය මෙන්ම රටේ අනාගතය අවධානමේ යොදා සිටින තක්කඩියන් මේ මඩ ප්‍රචාර දියත් කරන්නේ ඇයි ? අපි අවධානය යොමුකළ යුත්තේ ඒ වෙතයි.

    සජිත්ගේ ලෝකය හරි පොඩියි

    සජිත් යනු ජනාධිපති ධූරයට තියා ඉස්කෝලයක පන්ති නායක කිරීමටවත් නොසුදුසු අයෙකු බව ඔහු කරන මොළේ නොමේරූ ප්‍රකාශ හරහා ඔප්පු කරමින් සිටියි. ඔහු ශරීරයෙන් වැඩිහිටියෙකු වුවත් මනසින් බබෙකුට සමානය. පූර්ව ළමාවිය සම්බන්ධ අවරෝධනය නොවූ මානසික අවුල් රැසක් එකවිට ඔහු වෙතින් පෙන්නුම් කරයි.

    කුලය මතක්කර සජිත්ට හර්ට් කිරීම

    හැබෑවටම සජිත්ට අපේක්ෂකත්වය නොදෙන්නේ කුළ භේදය නිසා බවට අදහස සජිත්ගේ පාර්ශවය තුළ සිටින ලිබරල් කුහකයන් මතු කරන්නේ මෙන්න මේ සජිත්ගේ අවුල ඔවුන් හඳුනාගෙන සිටින නිසාය. ඔවුන් “රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ එජාප නායකයන් වෙත මඩ ගහන ලීලාවෙන් ආමන්ත්‍රණය කරන්නේ සජිත්ගේ කුඩා මානසික ලෝකය වෙතයි.

    මන්ද ඔවුන්ගේ තක්සේරුව අනූව ” ආර්. ප්‍රේමදාස ජනාධිපතිට කට ඇර සර් කියූ රනිල්ට සජිත්ට සර් කියන්න බැරි කමක් කොහෙත්ම නැති බව තේරුම් ගන්න තරම් සජිත්ගේ මොලය පරිණත නැත.

    රෙද්දෙන් ලිබරල් මහත්වරු

    අනෙක් කාරණය වන්නේ මේ ලිබරල් රෙදි ඇඳගෙන සජිත්ගේ කල්ලිය නියෝජනය කරන තක්කඩි මහත්වරුන්ගේ අවිඥානය මෙහිදී දොට්ට පැන තිබීමයි. පැහැදිලි ලෙස ඔවුන් ලිබරල් සළු හැඳ සිටින්නේ ලිබරල් සංස්කෘතිය , ලිබරල් නිදහස , ලිබරල් ආර්ථික ප්‍රතිපත්තිය ලංකාවේ තහවුරු කිරීමට වඩා ප්‍රසිද්ධියේ ලිබරල්වාදය වෙනුවෙන් පෙනී සිටීමත් ලංකාව තුළ රැඩිකල් වන නිසා පමණයි. ඒ හැර ඔවුන් ලංකාවේ ඇතැම් වම්මුන් මෙන් (පෙනුමින් මාක්ස් වාදී, කොමියුනිස්ට් වාදී වුවත් ඇතුලෙන් පෙම් කරන්නේ උග්‍ර ධනවාදියෙක් වීමට) ය.

    ඒ අනුව මේ ටයිකෝට් ඇඳ මාර ලිබරල් එකක් පෙන්නුම් කරන්න උත්සාහ කළත් ඔවුන්ගේ ඇත්ත ජීවිත තුළ අභ්‍යන්තරයේ ඇත්තේ ඉතා පසුගාමී අදහස් ය.

    මේ අදහස් කෙරෙහි අවධානය යොමුකරන ලෙස අපි ඔබෙන් ඉල්ලමු.

    1. රනිල්ට කිසිදු අවස්ථාවක ජනාධිපති වෙන්න නොදෙන්න මේ කියන පාර්ශවය විරුද්ධ බව තහවුරුයි. 1995 , සිට 2005 දක්වා රනිල්ට බෑ කියන මතය හැදුවේ කුළය සම්බන්ධ වෛරය නිසා විය නොහැකිද ?

    2. දකුණේ දේශපාලනය කුළය මත තීරණය වන අතර ඒ පසුගාමී අදහස් සමස්ථ රටටම ඌනනය කරන්න එන්නේ තමන් අඩු කුළයේ නිසාම එහි අන්තවාදය වෙත තල්ලුවී ගොස් ඇති නිසා විය නොහැකිද ?

    3. මෙවර ජනාධිපතිවරණය සදහා එජාප කඳවුර වෙතින් විධායක ජනාධිපති ධුරය අවසන් කිරීමට විශ්වාසය තැබිය හැකි අපේක්ෂකයා ලෙස කරූ ජයසූරිය පත්කිරීමට යන බව පෙනිපෙනී සජිත්ව උස්සගෙන නාඩගම් නටන්න ගත්තේ කුලය ගැන තියන ඇරියස් එක නිසා නොවේද ?

    4. පක්ෂය තුළ කිසිදු භේදයක් නොමැතිව සලකා තිබියදී කුලයක් ගැන ප්‍රශ්නයක් එන්නේ රනිල් නොව තමන් ඒ ගැන වඩාත් උනන්දුවෙන් කටයුතු කරන නිසා නොවේද ?

    5. අවසන් වශයෙන් ඔබලා කුලවාදී නොවන බව පෙන්වා හිටියට කරන වැඩ ඇතුලේ යළි යළිත් ඔප්පු කරමින් සිටින්නේ සමාජය තුළ තිබෙන ඉතා පසුගාමී අදහසක් වන (අඩු කුලේ වුන් කරන්නේ ජරා වැඩ ) අඩු කුලේ පර හැත්ත යන්න නොවේද ?


  • විධායකය අහෝසි කිරීමට අගමැති ගෙනා යෝජනාවෙන් කැබිනෙට්ටුව රත්වෙයි

    විධායකය අහෝසි කිරීමට අගමැති ගෙනා යෝජනාවෙන් කැබිනෙට්ටුව රත්වෙයි

    විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම සම්බන්ධයෙන් අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා ඊයේ (19) සවස පැවැති විශේෂ කැබිනට් රැස්වීමේදී කළ යෝජනාවට ඇමැතිවරුන් බහුතරයක් විරෝධය පළ කර ඇත.

    යෝජනාවට පක්‍ෂව අදහස් දක්වා ඇත්තේ වෛද්‍ය රාජිත සේනාරත්න සහ රවි කරුණානායක යන ඇමැතිවරුන් පමණි.

    ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ සවස 3.00 ට මෙම කැබිනට් රැුස්වීම ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්විණි. මෙම විශේෂ කැබිනට් රැුස්වීම කැඳවනු ලැබුවේ අගමැතිවරයා බව ජනාධිපතිවරයා මෙම විශේෂ කැබිනට් රැුස්වීම කැඳවීම පිළිබඳව ඇමැතිවරුන් කළ විමසීමේදී පවසා ඇත.

    කිසිදු න්‍යාය පත‍්‍රයකින් තොරව කැඳවා තිබූ මෙම කැබිනට් රැුස්වීම ආරම්භ කරමින් අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා අදහස් දක්වා ඇති අතර එහිදී හෙතෙම පවසා ඇත්තේ සිවිල් සංවිධාන රැුසක් විධායකය ජනාධිපති ක‍්‍රමය අහෝසි කරන ලෙසට යෝජනා කර ඇති බවත් 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය ගෙන ඒමට බලාපොරොත්තු වන්නේ ද විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමට බැවින් ඒ පිළිබඳව අවධානය යොමු කළ යුතු බවය.

    ජනාධිපතිවරණය කැඳවා ඇති මොහොතේ විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම සම්බන්ධව සාකච්ඡුා නොකළ යුතු බවත්, එය ජනාධිපතිවරණයෙන් පසුව සාකච්ඡුා කළ හැකි බවත් අගමැතිවරයා දැක්වූ අදහස්වලට විරෝධය පළ කරමින් ඇමැතිවරුන් වන මලික් සමරවික‍්‍රම, මංගල සමරවීර, රාවුෆ් හකීම්, පාඨලී චම්පික රණවක, මනෝ ගනේෂන්. පී. තිගම්බරම්, රංජිත් මද්දුමබණ්ඩාර, තලතා අතුකෝරල යන මහත්ම මහත්මීන් ඇතුළු බහුතරයක් අදහස් දක්වා තිබේ.

    මේ මොහොතේ විධායක ජනාධිපති ධුරය අහෝසි කරන යෝජනාවක් ගෙන ආවොත් ජනතාව සිතන්නේ අපට මැතිවරණයට මුහුණදීමට නොහැකි යැයි යන වැරදි මතයක් බවත් ඔවුන් සඳහන් කර ඇත.

    මීට සහභාගි වූ ඇමැති සජිත් පේ‍්‍රමදාස මහතා කිසිදු අදහසක් ප‍්‍රකාශ කර නැත.

    විනාඩි 45 ක් පමණ පැවැති මෙම විශේෂ කැබිනට් රැුස්වීම අවසන් කරමින් ජනාධිපතිවරයා පවසා ඇත්තේ විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම සම්බන්ධව පොදු එකඟතාවකට පැමිණ අවශ්‍ය නම් නැවත කැබිනට් රැුස්වීමක් කැඳවන ලෙසය.

  • උන්ගේ සිරසට එරෙහිව ඔබේ සිරස භාවිත කරන්න..

    උන්ගේ සිරසට එරෙහිව ඔබේ සිරස භාවිත කරන්න..

    දැන් හැමෝගෙම මාතෘකාව ” යු.එන්.පී ජනාධිපති අපේක්ෂකයා කව්ද?” ඒ ප්‍රශ්නේ වැඩියෙන්ම අහන්නේ නෙලුම් කුළුනේ කට්ටිය,සිරිසේනගේ කට්ටිය. යු.එන්.පී කාරයෝ ටිකකුත් සජිත් වටේ එකතු වෙලා . සිරිසේන වෙනුවෙන් සජිත් ආරම්භ කරපු මෙගා නාට්‍යයේ අවසාන කොටස් ටික හරි හරියට මහරජාගේ සිරසෙන් පෙන්වනවා.

    ජනපති අපේක්ෂකයා හොයාගන්න එච්චර අමාරු නෑ. ඊටත් වඩා ලෙසීයි කිලී එක්ක ඩීල් එකක් ගහලා එයාලගේ සිරසෙන් මිනිස්සුන්ගේ සිරස අවුල් කරන්න. කාලයක් තිස්සේ මිනිස්සුන්ගේ ළඟම නෑයා කියාගෙන ඇවිත් ඉන්දියාවේ තියෙන ජරාව ලංකාවේ එවුන්ගේ රසවින්දනයට පොම්ප කරා. කොටින්ම කිව්වොත් ලංකාවේ ටෙලිවිෂන් නාට්‍ය කලාව මෙගා නාට්‍ය කලේ ළඟම නෑයා. එකී මෙකී නොකී ආටක නාටක රියලිටි සියල්ල ජනතාගත කරමින් සමස්ත ජනතාවගේ රසවින්දනයට නිර්වින්දනය එන්නත් කලේත් කිලී ය.

    රටක දේශපාලන සුක්කානම භාරගත යුත්තේ කව්ද යන දේ මාධ්‍යයක් විසින් තීරණය කල යුතු නැහැ. මාධ්‍ය විසින් කළ යුතුව ඇත්තේ ජනතාවගේ ඡන්ද අයිතිය වෙනුවෙන් පෙනී සිටීම, ජනතාවගේ සාදාරණය වෙනුවෙන් සටන් කිරීමයි. එසේ නොමැතිව කිසියම් පුද්ගලයෙකුගේ පෞද්ගලික න්‍යායපත්‍ර ප්‍රදර්ශනය කිරීම නොවේ.එවිට සිදුවන්නේ ජනතාවගේ ඡන්ද අයිතිය මාධ්‍ය විසින් බලහත්කාරයෙන් ඔවුන් සතු කර ගැනීමක් වැනිය. කිලීගේ බිල්ලට හසු වී සජිත් ද මේ දිනවල සිටින්නේ විධායක සිහිනයෙන් මුසපත් වීමෙනි.

    රටක ක්‍රිකට් ටීම් එක කව්ද ? රටක ජනාධිපති වෙන්න ඕන කව්ද? රටේ මිනිස්සුන්ගේ ප්‍රශ්න මොනවාද ඒවාට ලැබෙන්න ඕන විසදුම් මොනාද? කියන එක තීරණය කරන්න ඕන කීලී ද ? සිරස ද? එසේ නම් රටක පාලනතන්ත්‍රයක අවශ්‍යතාව කුමක් ද? ජනතාවගේ චින්තනයේ ස්වාධීන අයිතිය අහුරණ මාධ්‍ය භාවිතයක නැඟී සිටීම ඒකාධිපතියාගේ නැඟී සිටිමට සමාන නොවන්නේ ද?

  • සිවිල් සංවිධාන සහ පාක්ෂිකයින්ගේ ඉල්ලීම මත එජාප ජනාධිපති අපේක්ෂකයා වීමට කරූ සූදානම්..!

    සිවිල් සංවිධාන සහ පාක්ෂිකයින්ගේ ඉල්ලීම මත එජාප ජනාධිපති අපේක්ෂකයා වීමට කරූ සූදානම්..!

    පසුගිය සති කිහිපය තුල ගෞරවනීය නායක හිමිවරු ඇතුළු මහා සංඝරත්නය සහ අනෙකුත් පුජ්‍ය ප්‍රසාදීන් වහන්සේලා, විවිධ සිවිල් සංවිධාන ප්‍රධානීන්, විශ්වවිද්‍යාල ආචාර්යවරු හා විවිධ ක්ෂේත්‍රවල බුද්ධිමතුන්, වෘත්තිකයන්, තරුණ සංවිධාන නියෝජිතයින් මෙන්ම දේශපාලන ක්‍රියාකාරින්ද විවිධාකාරයෙන් තමන් ඇමතු බවත්, ඇතැම් පිරිස් පුද්ගලිකව පැමිණ තමන් හමුවු අතර තවත් අය දුරකථනයෙන් අමතමින් හා ප්‍රසිද්ධ ප්‍රවෘත්ති සාකච්ඡාවන් පවත්වමින්ද තමාගෙන් ඉල්ලා සිටියේ සුවිශේෂි කරුණු කිහිපයක් වෙනුවෙන් ජනාධිපතිවරණයට අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වන ලෙසට වන යෝජනාව තමා කොන්දේසි සහිතව රට වෙනුවෙන් භාර ගැනීමට සූදානම් බව කථානායක කරු ජයසූරිය මහතා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

    එම සියලු පාර්ශවයන් ඉදිරිපත් කළ පොදු කරුණ නම්, රට තුළ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරමින් සීඝ්‍ර සංවර්ධනයක් කරා රටේ ශ්‍රම බලකාය ඇතුළු ආර්ථික සංවර්ධනයට ඉවහල් වන සියලු අංශ මෙහෙයවීමටත්, පවතින දේශපාලන ව්‍යාකූලත්වය සමනය කර ශිෂ්ඨසම්පන්න සත් පුරුෂ පාලනයක් ස්ථාපිත කිරිමත් සඳහා විශ්වාසනීය නායකත්වයක් රටට අත්‍යාවශ්‍ය හෙයින්, එම ඉල්ලිම ඉදිරිපත් කරන බවයි.

    තමන් කෙරෙහි එවන් විශ්වාසයක් රැඳවීම පිළිබඳව පුජ්‍ය පක්ෂය ඇතුළු අනෙකුත් සියලු පාර්ශවයන්ට එතුමාගෙ කෘතවේදිත්වය පිරින බවද කතානායකවරයා පවසයි.

    කෙසේ වුවද, ජනාධිපතිවරණයට ඉදිරිපත් වන ලෙස ලැබී ඇති කවර ඉල්ලිමක් වුවද මා හට සලකා බැලිය හැක්කේ, “ 1995 වසරේ සිට අප අඛණ්ඩව පෙනී සිටි විධායක ජනාධිපති ධූරය අහෝසි කරලීමේ පරමාර්ථය මුඛ්‍ය අරමුණ කොටගත් දේශපාලන බලවේග සමඟ එක්ව පමණක් බවද එම නිවේදනයේ සඳහන් වේ.

    එමෙන්ම 17 වන සංශෝධනය මඟින් ඉදිරිපත් කරන ලදුව 19 වන සංශෝධනය මඟින් තහවුරු කල දියුණු ප්‍රශස්ත ප්‍රජාතන්ත්‍රවාදි ප්‍රතිසංස්කරණ වෙනුවෙන් පෙනී සිටින පාර්ශවයන් සමඟ පමණි.

    එය දියුණු ප්‍රජාතන්ත්‍රවාදයක් සහිත ආර්ථික හා සදාචාරාත්මක වශයෙන් ශක්තිමත් සුරක්ෂිත දේශයක් උදෙසා පදනම සැකසීම පිණිස යම් නිශ්චිත සීමිත කාලයක් සඳහා කරනු ලබන කැපවීමක් මිස කිසිවිටකත් ජනාධිපති තනතුර අපේක්ෂාවෙන් කරන මැදහත්විමක් නොවන බවද අවධාරණය ‍කරන බව ද ඒ මහතා සිය නිවේදනයේ සඳහන් කර ඇත.

    කෙසේ නමුත් එක්සත් ජාතික පෙරමුණ ප්‍රධාන කොටගත් පාර්ශවයන් නියෝජනය කරමින් එලෙස ඉදිරිපත් වන්නේ නම් එය පක්ෂයෙහි ව්‍යවස්ථාවට අනුකූලව සියලු පාර්ශවයන්ගේ ආශිර්වාදය ද සහිතව සිදුවිය යුතු බව සිය හැඟීම බවද කතානායකවරයා සිය නිවේදනයෙන් දන්වා ඇත.

  • රනිල් සජිත් සාකච්ඡා ධනාත්මක වෙද්දී සජිත්ට කඩේ ගිය උන් අනාත වෙයි (වීඩියෝ)

    රනිල් සජිත් සාකච්ඡා ධනාත්මක වෙද්දී සජිත්ට කඩේ ගිය උන් අනාත වෙයි (වීඩියෝ)

    අග්‍රාමාත්‍ය සහ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා සමඟ කිසිඳු ප්‍රශ්නයක් හෝ ගැටුමක් නොමැති බවත්, එක්සත් ජාතික පක්ෂයේ පාර්ශව නොමැති බවටත්, බුදුන් බුදුවීම සඳහා පෙරුම් පුරාගෙන ගියාක් මෙන් තමාද තවදුරටත් ඉවසීමෙන් පෙරුම් පුරාගෙන යන බවත් එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා ඊයේ (10) පැවති සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසීය.

    මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ එජාප නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා,

    බොහෝ කරුණු ගැන සාකච්ඡා කළ බවත් සාකච්ඡා තව දුරටත් ඉදිරියටත් කරගෙන යන බවත්, බුදු වීමට ද ‌පෙරුම් පිරිය යුතු බව කී සජිත් තමාට තව ‌පෙරුම් පිරිය හැකි බව කීවේ ය. පක්ෂය තුල ‌බෙදීමක් ‌නොමැති බවද සජිත් පැවසීය. පවුලක ප්‍රශ්නයක් නම් එක සාකච්ඡාවකින් එකඟතාවයකට පැමිණිය හැකි නමුත් ‌දේශපාලන පක්ෂයක එසේ ‌නොවන බව කී සජිත් ‌ප්‍රේමදාස තමා සුබවාදී බලාපොරොත්තුවක සිටින බවද කීවේ ය. සාකච්ඡාවන්ට කබීර්, මලික්, මද්දුම බණ්ඩාර, රාජිත, සජිත් සහ අගමැති රනිල් සහභාගී වූ බවත් සජිත් සහ රනිල් තනිවම සාකච්ඡා කළ බවත් ප්‍රකාශ ‌කෙරිණ. ‌‌කෙසේ ‌වෙතත් සජිත්ගේ ප්‍රකාශ අනුව කිලී මහාරාජාගේ බලාපොරොත්තු ඉටුවීමට නම් තව කල් ගත ‌වෙනු ඇති අතර සජිත් ‌ප්‍රේමදාස මහතාගේ ශාරීරික භාෂාව අනුව සාකච්ඡා වල තත්ත්වය නිගමනය කිරීම ‌ප්‍රේක්ෂක ඔබට බාර ය.

  • සියල්ලන්ට වඩා කරූ ඉදිරියෙන්..

    සියල්ලන්ට වඩා කරූ ඉදිරියෙන්..

    මේ ජනාධිපතිවරණය ඇතැම්හු කියන ආකාරයට තවම දිනා අවසන් නොමැති බවත් එක්සත් ජාතික පක්ෂයේ කරු ජයසුරිය මහතාත් පොදු ජන පෙරමුණෙන් ගෝඨාභය රාජපක්ෂ මහතාත් මේ අවස්ථාවේ ඉහළින්ම තරඟ කරමින් සිටින බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ මහාචාර්ය සිසිර පින්නවල මහතා පවසයි.

    ඔහු මේ බව ප්‍රකාශ කර සිටියේ අන්තර් විශ්ව විද්‍යාල විද්වතුන්ගේ සංසදය මඟින් “ඉදිරි ජනාධිපතිවරණය පිලිබඳ කරන සමීක්ෂණ වාර්තාව” පැහැදිලි කිරිම සඳහා පවත්වනු ලැබු මාධ්‍ය හමුවකදීය. මෙය ඊයේ (10) රාජගිරිය පිහිටි සාධාරණ සමාජයක් සඳහා වු ජාතික ව්‍යාපාර කාර්යාලයේදි පැවැතිවිණි.

    එහිදි වැඩිදුරටත් අදහස් දැක් වු මහාචාර්ය සිසිර පින්නවල මහතා සඳහන් කර සිටියේ කරු ජයසුරිය මහතා සජිත් ප්‍රේමදාස මහතා ඉදිරියේදි ප්‍රබල බවත්ය. සජිත් ප්‍රේමදාස මහතා සිටින්නේ තෙවැනි ස්ථානයට බවත් මැතිවරණය තවම තීන්දු වී අවසන් නොමැති බවත් මෙය තාම සටනක් බවත් පැවසීය.

    “මේ සමීක්ෂණයේ ප්‍රධානතම අරමුණ වුයේ දැන් ඇති ප්‍රවණතාවය හඳුනා ගැනිමයි. එකක් කියනවා අපි කොහොමත් දැන් අපේ පක්ෂය දිනලා තියෙන්නේ. ඒත් දිනපු ප්‍රතිශතය තමා දන්නේ නැත්තේ කියන එක. මේක තමා මට මේ සමීක්ෂණය කරන්න ප්‍රධාන හේතු වුණේ මේ කථාව කොච්චර දුරට ඇත්තද කියලා බලන්න.

    මේ සඳහා මම 2015 සහ ඊට පෙර තිබු මැතිවරණයන් වල ප්‍රතිඵළ විශ්ලේෂණය කළා. ඒක එක්තරා විදිහකින් මගේ විනෝදාංශය. 2015 ඡන්ද ප්‍රතිඵළ අධ්‍යනය කරද්දි පෙනී ගියේ අපි හිතන තරම් පැහැදිලි හිතන තරම් ජයග්‍රහණයක් ඒ පක්ෂයට නැහැ කියලා. ඒක වෙන්න බැරි දෙයක්. ඒ නිසා කළ යුතු දෙයක් තමා මේ ගැන සමීක්ෂණයකුත් කරලා බලන එක කියලා මට හිතුනා. ඒ වෙනකොටත් පක්ෂ දෙකකින් ජනාධිපති අපේක්ෂකයෝ ප්‍රසිද්ධ කරලා තිබුණා. ශ්‍රි ලංකා නිදහස් පක්ෂයෙන් වගේම එක්සත් ජාතික පක්ෂයෙන් නම් කරලා තිබුණේ නැහැ.

    නමුත් එක්සත් ජාතික පක්ෂයෙන් නම් දෙකක් කථා වුණා. ඒ කරු ජයසුරිය මහතා හා සජිත් ප්‍රේමදාස මහත්තයා ගැන. ඉතිං අපිට මෙහිදි උපකල්පනයන් වලට යමින් මේ සමීක්ෂණයට යන්න වුණා” යැයිද ඔහු වැඩිදුරටත් පැවසුවේය.


  • ටොමියා, සුජියා සමඟ සජියා කපෝතියි..! ජනපති සටනට අගමැති රනිල් එන බව කියයි..!

    ටොමියා, සුජියා සමඟ සජියා කපෝතියි..! ජනපති සටනට අගමැති රනිල් එන බව කියයි..!

    ඉදිරි ජනාධිපතිවරණයට තමා ඉදිරිපත් වන බවත් තමා සමග එක්‌වීමට අකමැති අයට දේශපාලන තීන්දුවක්‌ ගත හැකි බවත් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (06) අරලියගහ මන්දිරයේදී පැවැති පක්‌ෂයේ ජ්‍යෙෂ්ඨයන්ගේ හමුවේදී පැවසුවේ යෑයි ලක්‌ෂ්මන් කිරිඇල්ල මහතා කීවේය.

    මෙම හමුවට අගමැතිවරයා සමඟ ලක්‌ෂ්මන් කිරිඇල්ල, කබීර් හෂීම්, අකිල විරාඡ් කාරියවසම්, ගාමිණී ජයවික්‍රම පෙරේරා, ජෝන් අමරතුංග, දයා ගමගේ, ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා යන මහත්වරු සහභාගි වූහ.

    එ. ජා. ප. නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මෙම සාකච්ඡාවට සහභාගි වී නොමැති අතර ඔහු නියෝජනය කරමින් ඇමැතිවරුන් වන කබීර් හෂීම්, මලික්‌ සමරවික්‍රම සහ රංජිත් මද්දුමබණ්‌ඩාර යන මහත්වරුන් සහභාගි වී ඇත. සාකච්ඡාව ආරම්භයේදීම අගමැතිවරයා සඳහන් කර ඇත්තේ තමාට බිම්මට්‌ටමේ මෙන්ම පක්‍ෂයේ සෑම තරාතිරමකම සහයෝගය ඇති බැවින් ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට කැමැත්තක්‌ ඇති බවය.

    එක්‌සත් ජාතික පක්‍ෂයේ මෙන්ම එක්‌සත් ජාතික පෙරමුණේ ද සුළු පක්‍ෂවල ද සහයෝගය තමාට ලැබී ඇති බැවින් පක්‍ෂ නායකයා ලෙස තමා ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට බලාපොරොත්තු වන බව සඳහන් කර ඇති අගමැතිවරයා මේ සම්බන්ධ යෝජනාව පක්‍ෂයේ කෘත්‍යාධිකාරී මණ්‌ඩලයට ඉදිරිපත් කළ පසු ඕනෑම අයකුට ඒ සම්බන්ධව තීරණයක්‌ ගත හැකි බව ද කියා ඇත.

    මෙම සාකච්ඡාව අවසානයේදී දෙපාර්ශ්වයම තීරණය කර ඇත්තේ පක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ සහ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස යන මහත්වරු පමණක්‌ හමුවී යම් එකඟතාවකට පැමිණිය යුතු බවය.

    ඒ අනුව හෙට (08) සවස ඔවුන් දෙදෙනාගේ හමුවක්‌ කොළඹදී පැවැත්වීමට නියමිතය.

  • ජනාධිපති කීවේ බොරු.. මීලග ජනාධිපතිට බලයක් නැතැයි කීම කෙප්පයක්..

    ජනාධිපති කීවේ බොරු.. මීලග ජනාධිපතිට බලයක් නැතැයි කීම කෙප්පයක්..

    අනාගත ජනාධිපතිවරයා විලියම් ගොපල්ලව මැතිතුමා වගේ නාමමාත්‍ර ජනාධිපතිවරයෙකු පමණයි ඔහුට කිසිම බලයක් නෑ කියලා පසුගිය මාස තුනේ මාධ්‍ය හරහා විවිධ අය මත පල කළා. ජනාධිපතිවරයාට කිසිම අමාත්‍යාංශයක් රඳවා ගන්න බෑ කියලාත් මේ අය කියලා ලියලා තිබුණා. අපි ඒක එතරම් ගණන් ගත්තේ නෑ. නමුත් පසුගිය දා මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමාත් ඒ ප්‍රකාශයම කර තිබුණා. ඒ නිසා මේ පිළිබඳ ඇත්ත රටට හෙලි කළ යුතුයි.

    ජනාධිපතිවරයාට තමන් කැමැති අමාත්‍යාංශ ගණනක් රඳවා ගන්න පුළුවන් බවටත් වෙනත් කිසිම අමාත්‍යාංශයකට පවරා නැති විෂයන් සහ ආයතන ජනාධිපතිට අයිති බවටත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 44 වන වගන්තියේ සඳහන් වුණා. 19 වන සංශෝධනයෙන් එම සඳහන ඉවත් කළා. ඔන්න ඔය නිසා තමයි අනාගත ජනාධිපතිට බලතල නෑ කියා කියන්නේ. ඇත්තෙන්ම ඒක වැරදියි.

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 4(ආ) වගන්තිය අපි දැන් කියවමු. “රටේ ආරක්ෂාව ඇතුළුව ජනතාවගේ විධායක බලය ජනතාව විසින් තෝරා පත් කර ගනු ලබන ජනරජයේ ජනාධිපතිවරයා විසින් ක්‍රියාත්මක කළ යුත්තේය”. මේ වගන්තිය ජනතාවගේ පරමාධිපත්‍ය සමග සෘජුවම ගැට ගැහිලා තිබෙන නිසා මේක වෙනස් කරන්න පුළුවන් ජනමත විචාරණයක දී ජනතාව අනුමැතිය දුන්නොත් පමණයි කියලා ශ්‍රේෂ්ඨාධිකරණය අවස්ථා ගණනාවක දී තීරණය කර තිබෙනවා.

    මේ වගන්තිය අනුව ජනතාව තමන්ගේ විධායක බලය සම්පූරණයෙන් භාර දෙන්නේ ජනාධිපතිටයි. ජනාධිපතිට ඒක ඇමතිවරුන්ට පවරන්න පුළුවන්. කාට හරි පැවරුවේ නැතිනම් ඒ බලය තිබෙන්නේ ජනාධිපතිටයි. ඒ නිසා ජනාධිපති විසින් වෙනත් ඇමතිවරයෙකුට පවරන්නේ නැති සියළුම විෂයන් අයිති වන්නේ ජනාධිපතිටයි. ජනාධිපතිට මේ බලය ලැබුණේ 4 වගන්තියෙන්. 44 වගන්තියෙන් කලේ ඒ බලය විස්තර කිරීමක් පමණයි. 19 වන සංශෝධනයේ පියවරු 44 වගන්තිය වෙනස් කළත් 4 වගන්තියට අත තිබ්බේ නෑ. ඒ නිසා ජනාධිපතිට අමාත්‍යාංශ තබා ගැනීමේ හැකියාව අංශුමාත්‍රයකින් වත් වෙනස් වුණේ නෑ.

    අනාගත ජනාධිපතිට ආරක්ෂක අමාත්‍යාංශය වත් තබා ගන්න බෑ කියලා සිරිසේන ජනාධිපතිතුමා පක්ෂ සම්මේලනයේ දී ප්‍රකාශ කළා. කවුරු හරි එතුමන්ව නොමග යවලා. 4 වන වගන්තියේ විධිවිධාන නිසා වෙනත් කිසිම ඇමතිවරයෙකුට ආරක්ෂක අමාත්‍යාංශය පවරන්න ජනාධිපතිට බෑ හෙම කළොත් එය ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක් කියලා 2003 දී ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළා. ඒ අනුව තමයි 2003 වසරේදී චන්ද්‍රිකා බණ්ඩාරනායක ජනාධිපතිතුමිය එවකට තිලක් මාරපන අමාත්‍යවරයාට භාරදී තිබූ ආරක්ෂක අමාත්‍යාංශය නැවත තමන්ට පවරා ගැනීමට කටයුතු කළේ. ඒ තීන්දුව අදටත් වලංගුයි.

    ඒ නිසා අනාගත ජනාධිපතිතුමා ආරක්ෂක අමාත්‍යාංශය අනිවාර්යෙන් තමන් ළඟ තබා ගත යුතුයි. වෙන කෙනෙකුට දෙන්න ගියොත් එයම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක් වෙනවා. දෝෂාභියෝගයක් ගෙන ඒමට පදනම් කාරණයක් බවට පත්වෙනවා. ඊට අමතරව තමන් කැමති අමාත්‍යංශ ගනණක් තමන්ට රඳවා ගැනීමේ බලය තිබෙනවා. මොකද ජනතාව බලය දෙන්නේ ජනාධිපතිට මිසක් වෙනත් කිසිවෙකුට නොවෙයි.

    මේ පිළිබඳව වෙනත් මත පතුරුවමින් ජනාධිපතිවරණයක් පැවැත්වීම අනවශ්‍යයයි මතය හදන්න හදන පිරිස් වලට පාළු ගෙවල් වල වළං බිඳින්නේ නැතුව මා සමග ප්‍රසිද්ධ විවාදයකට එන්න කියලා අභියෝග කරනවා. එහෙම විවාදයක් කලොත් ඇත්ත මොකද්ද කියන එක ජනතාවට දැන ගන්න පුළුවන්.

    බොරැල්ල එන්.එම්. පෙරේරා මධ්‍යස්ථානයේ පැවැති විපක්ෂයේ මාධ්‍ය හමුවේ දී පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා මෙම අදහස් පල කලේය.

  • සජිත්ගේ ඩීල් අස්සෙන් අද පාර්ලිමේන්තුවේදී වැටෙන්න ගිය එජාප ආණ්ඩුවට කරු කරගසමින් නූලෙන් බේරා ගනියි…

    සජිත්ගේ ඩීල් අස්සෙන් අද පාර්ලිමේන්තුවේදී වැටෙන්න ගිය එජාප ආණ්ඩුවට කරු කරගසමින් නූලෙන් බේරා ගනියි…

    අද පාර්ලිමේන්තුවේදී මුදල් පනතක් පරාජය වීමට තිබූ පූර්ව අවස්ථාවක් කතානායක කරු ජයසූරිය මහතා විසින් මැදිහත් වී වලක්වා ගත්තේය.

    ශ්‍රී ලංකා අපනයන සංවර්ධන පනත යටතට අදාල වූ නියෝගයක් ගැන පැවති විවාදයේදී ඊට ඡුන්ද විමසීමක් විපක්‍ෂය විසින් ඉල්ලා සිටියද සභානායකවරයා එය ප්‍රතික්ෂේප කලේය. පසුව ඇති වූ උණුසුම් තත්වයේදී කතානායකවරයා විසින් පක්‍ෂ නායක හමුවක් කැදවා ඡුන්දයක් පැවැත්වීම කල් දැමීමට කටයුතු කලේය.

    ආණ්ඩු පක්‍ෂය නියෝජනය කරමින් ඒ අවස්ථාවේ පාර්ලිමේන්තුවේ සිටියේ ඉතා සුළු පිරිසක් වන අතර විපක්‍ෂයේ වැඩි පිරිසක් රැදී සිටියහ. මුදල් පනතක් පරාජය වුවහොත් ආණ්ඩුවට දෙවැනි වරටද එය ඉදිරිප්ත කර සම්මක කර ගැනීමේ හැකියාව ඇති අතර දෙවැනි වරද පරාජය පත් වුවහොත් ආණ්ඩුව විසුරුනා සේ සලකා ජනාදීපතිවරයාට නව ආණ්ඩුවක් පාර්ලිමේන්තුවේ පත් කිරීමේ බලය ඇත.

    අද දිනයේ කතානායකවරයාගේ මැදිහත්වීමෙන් වැළැක්වී ගියේ එම අවස්තාවයි.

    එජාප මැති ඇමතිවරුන් අද දිනයේ වැඩි පිරිසක් ජනාධිපති අපේක්‍ෂකත්වය සජිත් පේ‍්‍රමදාස මහතාට ලබා දෙන ලෙස බල කරමින් කුරුණෑගල පැවැති ජනහමුවකට සහභාගී වී සිටියහ.

  • ඕලෙවල් ෆේල් එකා කොහොමද රටට ආර්ථික විද්‍යාව කියාදෙන්නේ.. ගම්මැටි සජියගේ ගොන්මැටි කතාවලට විද්‍යාත්මක පිළිතුරු මෙන්න..

    ඕලෙවල් ෆේල් එකා කොහොමද රටට ආර්ථික විද්‍යාව කියාදෙන්නේ.. ගම්මැටි සජියගේ ගොන්මැටි කතාවලට විද්‍යාත්මක පිළිතුරු මෙන්න..

    “මගේ ලඟ බොරුව නෑ” කියා සජිත් ප්‍රේමදාස මැතිතුමා කිව්වා. තමන් බොරු කරන්නේ නැති නම් එතුමා කරන බව කියන දේ කරන හැටිත් කියන්න ඕනෑ.

    තමන් ජනාධිපති වුණු පසුව සෑම රණවිරුවෙකුගේ ම දෙපා මුලට යන බවට සජිත් මැතිතුමා කිව්වා. විශ්‍රාමික වගේම සක්‍රිය සේවයේ සිටින ලංකාවේ ලක්ෂ පහක් රණවිරුවන් ඉන්නවා. ජනාධිපතිවරයෙකුගේ නිල කාලය දින 1,825යි. ඒ අනුව එක දිනකට රණවිරුවන් 274දෙනෙකුගේ නිවෙස් වලට යන්න ඕනෑ. ජනාධිපතිතුමා වෙන කිසිම රාජකාරියක් නොකර කන්නේ බොන්නේ නිදා ගන්නේ නැතුව අඩුම ගණනේ නාන්නේ වත් නැතුව රණවිරු නිවෙස් වලට යෑම විතරක් කළත් අවුරුදු පහ මදි සෑම රණවිරුවෙකුගේ දෙපා මුලට යන්න.

    සෑම කාන්තාවක්ම කෝටිපතිනියක කරනවා කියලාත් සජිත් මැතිතුමා කියනවා. ලංකාවේ ලක්ෂ 114ක් කාන්තාවන් ඉන්නවා. ඒ හැමදෙනාම කෝටිපතිනියක් වෙන්න ඒ අයගේ වාරෂික ආදායම ට්‍රිලියන 114ක් වෙන්න ඕනෑ. ඒ සඳහා ජාතික ආදායම ට්‍රිලියන 220ක් වෙන්න ඕනෑ. 2018 වසරේ දී ලංකාවේ ජාතික ආදායම ට්‍රිලියන 14යි. එහෙම නම් සජිත් මැතිතුමාගේ සිහිනය සැබෑ වෙන්න නම් ජාතික ආදායම 16 ගුණයකින් වැඩි වෙන්න ඕනෑ. පසුගිය වසරේ ජාතික ආදායම යන්තමින් 3.5%කින් වැඩි කළ ආණ්ඩුවේ දෙවැනියා තමයි ජාතික ආදායම 1,100%කින් වැඩි කරන බවට පම්පෝරි ගහන්නේ.

    එතුමා තව රස කතා ගොඩක් කිව්වා. මම ජනාධිපති වෙලා ලංකාවේ සෑම ගමකටම එනවා කියලා කිව්වා. ලංකාවේ ග්‍රාම නිලධාරී කොට්ඨාස 14 022 තිබෙනවා. ඒ තුළ ගම්මාන 38 259 ක් පමණ තියෙනවා. ගම හරහා දිවීමේ තරගයක් විදිහට ගියත් දින 1,825 දි එනම් ජනාධිපති ධූර කාලය තුළදී එතුමාට ඒක කරන්නට බැරි වෙනවා.

    ඒ නිසා සජිත් ප්‍රේමදාස මැතිතුමනි බොරු කියන්නේ නෑ යැයි ඔබ කියූ එක තමයි ඔබ මෙතෙක් කියූ ලොකුම බොරුව කියලා මට කියන්නට වෙනවා. අදින් පසු පන්සිල් ගනිද්දි මුසාවාදා වේරමණී සික්ඛා පදං සමාදියාමි කියන සිල් පදය ගැනීමෙන් වැළකී සිටින්න කියල මා මිත්‍ර සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ ඉතාමත්ම ආදරයෙන් ඉල්ලා සිටිනවා.

    සජිත් ප්‍රේමදාස මේ වන ජනාධිපතිධුර අපේක්ෂකත්වය හිමිකර ගැනීමේ අරමුණින් රට වටේ කියමින් යන ගොන්මැටි කතාවලට පිවිතුරු හෙල උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රි උදය ගම්මන්පිල මහතා එම පක්‍ෂ මූලස්ථානයේදි පැවති මාධ්‍ය හමුවකදී පිළිතුරු ලෙස මෙම අදහස් පල කලේය.

  • සජිත් ජනාධිපති අපේක්ෂකත්වය ගන්න ගම්මට්ටමින්, බිම්මට්ටමින් මන්ත්‍රීවරුන්ට අල්ලස් දෙන අලුත්ම විදිය මෙන්න..

    සජිත් ජනාධිපති අපේක්ෂකත්වය ගන්න ගම්මට්ටමින්, බිම්මට්ටමින් මන්ත්‍රීවරුන්ට අල්ලස් දෙන අලුත්ම විදිය මෙන්න..

    එක්සත් ජාතික පක්ෂයේ නායක්ත්වය සහ අපේක්ෂක්වය හොර පාරෙන් අල්ලස් මතින් ලබාගැනීම සඳහා මේ වන එජාපයේම නියෝජ්‍ය නායකයා වන සජිත් ප්‍රේමදාස කටයුතු කරමින් සිටින බව නොරහසක් වන අතර මේ සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට දුන් එතනෝල් අල්ලස් වලින් අනතුරුව ගම්මට්ටමේ, බිම්මට්ටමේ සිටින ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් කැඳවා අල්ලස් ලබාදීමේ තමා වෙත නම්මවා ගැනීමේ වැඩසටහනක් සජිත් විසින් සැප්තැම්බර් 07 වනදා කොළඹ සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගනයේදී සූදානම් කොට ඇත. එක්සත් ජාතික පක්ෂය දෙකඩ කිරීමේ අවසන් මෙහෙයුම මේ වන විට සජිත් තම හාම්පුතුන් ඇතුළු ඩීල්කරුවන් වෙනුවෙන් සිදුකරමින් සිටින අතර ඊට අදාළ පිරිවැය සිය අමාත්‍යංශයෙන් සහ අදාළ හාම්පුතුන් විසින් දරමින් සිටින බවද ප්‍රසිද්ධියට පත්වෙමින් පවතී.

    එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය සහ මහලේකම්වරයා ඇති පක්ෂයේ වගකිව යුත්තන්ට හොරෙන් කැඳවා ඇති මෙම “සුහද හමුව” සඳහා එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන නගරාධිපතිවරුන්, උපනගරාධිපතිවරුන්, ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් සහ මන්ත්‍රීධුර අපේක්ෂක, අපේක්ෂිකාවන්ටද කැඳවීම් කර තිබීම විශේෂිතය.

    මහජන මුදල් සහ රාජ්‍ය දේපල අවභාවිතා කරමින් අමාත්‍යංශයේ ලිපි ශීර්ෂ යටතේ සිදුකර ඇති මෙම දේශපාලන හමුව සඳහා වන පිරිවැය අමාත්‍යංශයෙන්ම දරන බවට තොරතුරු වාර්තාවේ. සජිත්ගේ මෙම රාජ්‍ය දේපල අවභාවිතාව සහ මූල්‍ය අක්‍රමිකතා සම්බන්ධයෙන් සජිත් ප්‍රේමදාසට එරෙහිව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කිසිඳු මන්ත්‍රීවරයෙකු හඬක් නොනඟන අතර එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ සමඟ සිටින මැති ඇමතිවරුන් සිදුකරන සුළු අඩුපාඩුවක් පවා කෙන්ද කන්ද කරමින් සිදුකරන ප්‍රහාර තුලින් සජිත් සිදුකිරීමට යන දේශපාලන කුමන්ත්‍රණය මනාව පැහැදිලිය.

  • අරලිය ගහ මන්දිරයට කැඳවූ සජිත් යළි රනිල් ඉදිරියේ දණ ගසමින් පරාජය භාර ගනී.. ටොමී, බනානා සුජී ඇතුළු කඩේ ගිය උන් බිලිපූජාවට භාරදෙයි

    අරලිය ගහ මන්දිරයට කැඳවූ සජිත් යළි රනිල් ඉදිරියේ දණ ගසමින් පරාජය භාර ගනී.. ටොමී, බනානා සුජී ඇතුළු කඩේ ගිය උන් බිලිපූජාවට භාරදෙයි

    මිලඟ ජනාධිපති තමා බවත්, ජනාධිපති ආර්යාව තමා බවත් පවසමින් ගම්මට්ටමින්, බිම්මට්ටමින්, ළිංමට්ටමින් තම්මැට්ටන් ගසමින් ගිය සජිත් ප්‍රේමදාස සහ සජිත්ගේ වෙන්ට ආර්යාව තමා වෙනුවෙන් කඩේ ගිය උන් බිලිදෙමින් එජාප නායක රනිල් ඉදිරියේ දණගසා සමාව ගෙන ඇති බවට එජාපයේ සජිත්ගේම අභ්‍යන්තර තොරතුරු සේවා වාර්තා කරයි.

    මේ වන විට හන්දි, බෝක්කු ගානේ සජිත් පවත්වන රැස්වීම් විශාල ලෙස අවලංගු කරමින් සිටින අතර “තමා මීලඟ ජනාධිපති අපේක්ෂකයා යැයි” කටමැත දොඩවමින් ගිය ප්‍රකාශයද ඉවත් කරගෙන ඇත.

    එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා විසින් පක්ෂ නියෝජ්‍ය නායක ඇමැති සජිත් ප්‍රේමදාස මහතා සහ රාජ්‍ය ඇමැති හර්ෂ ද සිල්වා අරලියගහ මන්දිරයට පෙරේදා පස්වරුවේ කැඳවා තිබිණි.

    එදින පස්වරුවේ ඇමැති සජිත් ප්‍රේමදාස මහතා ඇබිලිපිටිය ප‍්‍රදේශයේ උත්සවයක සිටියදී අරලියගහ මැදුරට ඔහු වහාම කැඳවන්නට අගමැතිවරයා කටයුතු කරන ලදී.

    මෙම අවස්ථාවට ඇමති රාජිත සේනානායක මහතාද එක්ව සිට ඇත. එලියේ රණ්ඩු කරන එක නවතා පක්ෂය ඇතුළේ ප්‍රශ්නය විසඳාගන්නැයි අගමැති විසින් ඇමැති සජිත් ප්‍රේමදාසට එහිදී දැනුම් දී තිබේ.

    රණ්ඩු වෙලා අපේක්ෂකයා වුවද ජයගත නොහැකි බවත් එවිට එක් කොටසක් කකුලෙන් අදින බවත් එහිදී ඇමති රාජිත සඳහන් කර ඇත. තමන් කකුලින් නොඅදින බවත් මන්ත්‍රී කණ්ඩායම එකට තබා ගැනීම සඳහා තමන්ට ඔවුන් සමග සිටින්නට වන බවත් ඇමති සජිත් පේ‍්‍රමදාස ඊට පිලිතුරු ලෙස පවසා තිබේ.

    එක්සත් ජාතික පක්ෂ ව්‍යවස්ථාවට අනුව ජනාධිපති අපේක්ෂකයා නම් කරන්නේ මැතිවරණය ගැසට් කලාට පසු නාමයෝජනා කමිටු කැඳවා එමගින් බවත් රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කර ඇත. වැඩිදුර ප්‍රශ්න ඇතොත් ඇමැති රාජිත සේනාරත්න මහතා සමඟ සාකච්ඡා කරන ලෙස පවසා අගමැතිවරයා සාකච්ඡාවක් අවසන් කර තිබේ.

    ආශ්‍රිත පුවත්: තම කල්ලියටත් හොරෙන් සජිත් තම වෙන්ට ආර්යාව සමඟ කරු හමුවෙන්න මහ රෑට රෑට යති

  • එජාපයේ ඉන්නේ ඇමරිකාවට වහිනකොට ලංකාවේ ඉදන් කුඩ ඉහලන නායකයෝ (වීඩියෝ)

    එජාපයේ ඉන්නේ ඇමරිකාවට වහිනකොට ලංකාවේ ඉදන් කුඩ ඉහලන නායකයෝ (වීඩියෝ)

    ඇමරිකාවට වහිද්දී ලංකාවේ සිට කුඩ ඉහලන එක්සත් ජාතික පක්ෂ නායකයින් කිසිදා රටේ ස්වෛරීභාවය, භෞමික අඛණ්ඩතාවය වෙනුවෙන් පෙනී නොසිටිය බවත්, කතා නොකළ බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කොළඹ දිස්ත්‍රික් නායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල මහතා පවසයි.

    සේනාධිනායකයා වශයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් හමුදාපතිධුරය සඳහා පත්කළ ශවේන්ද්‍ර සිල්වාට ඇමරිකාව ඇතුළු ජාත්‍යන්තර රටවලින් එල්ල වන බලපෑම හෙළා දැක එක්සත් ජාතික පක්ෂයට සහ එම පක්ෂයේ ජනාධිපති ධුර අපේක්ෂකයින්ට හැකිනම් ඊට එරෙහිව ප්‍රකාශයක් කර පෙන්වන ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කොළඹ දිස්ත්‍රික් නායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල මහතා අභියෝග කර සිටියේය.

    මෙහිදී වැඩි දුරටත් අදහස් දැක් වූ තිලංග සුමතිපාල මහතා,

    රටේ ජාතික ආරක්ෂක සම්බන්ධයෙන් ජනාධිපතිවරයා ගනු ලබන තීරණයකට බලපෑම් කිරීම රටේ ස්වරීත්වයට හානියක් බවත් එසේ සිදුකරනු ලබන බලපෑම් තරයේ හෙළාදකින බවයි.

    යුද අපරාධ සම්බන්ධයෙන් 2015 වසරේදී අත්සන් කළ ගිවිසුමෙන් මෙම බලපෑම සිදුවන්නේ දැයි මාධ්‍යවේදීයෙකු මෙහිදී නැඟු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් තිලංග සුමතිපාල මහතා සඳහන් කළේ, 2015 ඔක්තෝම්බර් මාසයේදී හිටපු විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා ඇතුළු පිරිස් අත්සන් කළ එම ගිවිසුමෙන් රටේ ස්වෛරීත්වයට අහිතරකර බලපෑම් එල්ල වී ඇති බවයි. එසේම පක්ෂයක් ලෙස අපේ ප්‍රතිපත්ති අනුව ගත් කළ මෙය රට පාවාදීමක් ලෙස දකින බවද සුමතිපාල මහතා මෙහිදී සඳහන් කර සිටියේය.

    එසේම ඉදිරියේදී මෙවැනි දෙයක් ක්‍රියාත්මක කිරීමේදී ගිවිසුම් ප්‍රකාරව අපේ විදේශ ප්‍රතිපත්තිත් එක්ක කොහොමද යන්න සම්බන්ධයෙන් අවධානය යොමුකළ යුතුවන බවද පැවසීය.

  • තම කල්ලියටත් හොරෙන් සජිත් තම වෙන්ට ආර්යාව සමඟ කරු හමුවෙන්න මහ රෑට රෑට යති

    තම කල්ලියටත් හොරෙන් සජිත් තම වෙන්ට ආර්යාව සමඟ කරු හමුවෙන්න මහ රෑට රෑට යති

    කථානායක කරූ ජයසූරිය මහතා සහ එජාප නියෝජ්‍ය නායක ඇමැති සජිත් ප්‍රේමදාස මහතා අතර රහස් හමුවක් අගහරුවාදා රාත්‍රියේ කථානායකවරයාගේ නිවසේදී සිදුව තිබෙන අතර එවැනිම තවත් හමුවක් ගෙවී ගිය පැය 72ක කාලය තුල යළිත් සිදුව තිබේ. පළමු හමුව සම්බන්ධයෙන් සජිත් කල්ලිය දැන සිටියද දෙවන හමුව සම්බන්ධයෙන් ඔවුන් දැන සිට නැත.

    කෙසේ වෙතත් එක්සත් ජාතික පක්ෂය තුල ජනාධිපති ධූර අපේක්ෂකත්වය ගැන ඇතිව තිබෙන වාතාවරණය සමනය කර ගැනීම සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කර ඇති අතර මෙම සාකච්ඡා සුහද මට්ටමින් පැවති ඇති බවද දැනගන්නට ඇත.

    එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා සමඟ පැවති හමුවකින් පසුව මෙම හමුව සිදුව ඇතැයි වාර්තාවේ.

    මෙම සාකච්ඡාව සඳහා සජිත් ප්‍රේමදාස මහතාගේ වෙන්ට ආර්යාව වන ජලනි පේ‍්‍රමදාස මැතිනියද සම්බන්ධ වී ඇතැයි වාර්තා වෙයි.

    තමන් මතු ජනාධිපති වන සජිත් පේ‍්‍රමදාස මහතාගේ ආර්යාව යයි හැටන් ප්‍රදේශයේ පැවති රැස්වීමකදී ප්‍රකාශ කරමින් සජිත්ට නියත විවරණ දුන්නේ මැයයි.

  • රාජපක්ෂලාගේ රෙදි ගලවන්න මං ලෑස්තියි…. – සජින් වාස් යළි හිස ඔසවයි

    රාජපක්ෂලාගේ රෙදි ගලවන්න මං ලෑස්තියි…. – සජින් වාස් යළි හිස ඔසවයි

    මෙරට හදන්න පුළුවන් පක්ෂ දෙකකට පමණක් බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන මහතා පවසයි.

    එම පක්ෂ දෙක වන්නේ එක්සත් ජාතික පක්ෂයත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පමණක් යැයිද ඔහු සඳහන් කළේය.

    වෙනත් බොහෝ දෙනා නොදන්නා දේවල් තමන් දන්නා බව ද ඔහු කියා සිටියේ මාධ්‍ය හමුවක් කැඳවමිනි.

    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට වුවමනා වී ඇත්තේ පරම්පරාවක් රැකගෙන ඉදිරියට යාම පමණක් බවද කී ඔහු පොදුජන පෙරමුණේ වීරයන් සේ සිටින බොහෝ දෙනෙකුගේ ඇත්ත කතාව තමන් දන්නා බව ද ඉදිරියේදී ඒ සියල්ල හෙළි කිරීමට සූදානම් බවද කියා සිටියේය.

    සජින් වාස් ගුණවර්ධන මහතා පසුගිය ආණ්ඩු සමයේදී එවකට හිටපු බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්ට කණට ගැසූවෙ යයි චෝදනා එල්ල විය.