Category: සුපිරි Politics

  • විජේදාසට මිලියන 500ක ලොතරැයියක්..!

    විජේදාසට මිලියන 500ක ලොතරැයියක්..!

    එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්ෂ මහතාගේ කීර්තියට සිදුකළ හානිය වෙනුවෙන් රුපියල් මිලියන 500ක මුදලක් වන්දි වශයෙන් ගෙවන මෙන් කොළඹ දිසා අධිකරණය විසින් ලේක්හවුස් ආයතනයට එරෙහිව දුන් තීන්දුව ස්ථිර කර තිබේ.

    ඒ ඊයේ (30) බස්නාහිර පළාත්බද සිවිල් අභියාචනා මහාධිකරණය විසිනි.

    ලේක්හවුස් ආයතනයේ පුවත්පත්වල පල කරන ලද ප්‍රවෘත්තියකින් සිය කීර්තියට හානි සිදු වූ බවත් ඒ වෙනුවෙන් රුපියල් මිලියන 500ක වන්දියක් අය කර දෙන ලෙසත් ඉල්ලමින් විජයදාස රාජපක්ෂ මහතා විසින් 2010 වසරේ කොළඹ දිසා අධිකරණය හමුවේ නඩු පවරා තිබුණි.

    ඒක පාක්ෂිකව පැවති මෙම නඩු විභාගයෙන් අනතුරුව තීන්දුව ප්‍රකාශයට පත් කළ කොළඹ දිසා අධිකරණය අදාළ ප්‍රවෘත්තිය තුළින් විජේදාස රාජපක්ෂ මහතාගේ කීර්තියට හානියක් සිදුවී ඇති බවත් ඒ වෙනුවෙන් රුපියල් මිලියන 500ක වන්දියක් ගෙවන ලෙසත් ලේක්හවුස් ආයතනයට නියම කර තිබුණි.

    එම තීන්දුවට එරෙහිව ලේක්හවුස් ආයතනය විසින් එම අභියාචනය ඉදිරිපත් කර තිබුණු අතර එය විභාග කල බස්නාහිර පළාත් සිවිල් අභියාචනාධිකරණය එය ප්‍රතික්ෂේප කරමින් කොළඹ දිසා අධිකරණය මඟින් දුන් තීන්දුව ස්ථිර කරනු ලැබීය.

  • ආගම විකුණලා කටයුතු කරන මානසික රොගීන් නිසා මුළුමහත් ලෝකයේම ප්‍රශ්න ඇති වෙනවා..

    ආගම විකුණලා කටයුතු කරන මානසික රොගීන් නිසා මුළුමහත් ලෝකයේම ප්‍රශ්න ඇති වෙනවා..

    “යම් ත්‍රස්තවාදි ක්‍රියාවලියකට යොමුවූ දෙතුන් දෙනෙක් මේ රට විනාශ කරන්න හැදුවට,  අපේ අහිංසක ජනතාව සියලු දෙනා,මෙය අපේ රට, එය අපි ආරක්ෂා කළ යුතුයි කියන හැගීමෙන් අද ඒකරාශීවෙලා කටයුතු කරනවා. නිදහස ලබාගෙන වසර 71 ක් ගෙවුණත්,  අපි කවදාවත් සමාජයෙන් පාඩමක් ඉගෙන නොගන්නා ජාතියක් හැටියට ඉතිහාසගත වෙලා තියෙන්නේ. අපි දැන්වත් රට ඉදිරියට ගෙනියන්න අත්වැල් බැදගෙන කටයුතු කළ යුතුයි. එකම රටක්, එක ජාතියක්, එක ව්‍යවස්ථාවක් යන සංකල්පය තුල මනුෂ්‍යභාවයක් සහිත  රටක් හදන එක තමයි අද අවශ්‍ය වන්නේ” යැයි විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා පැවසීය.  

    අමාත්‍යවරයා මෙම අදහස් පළකළේ, වෙසක් උත්සවය නිමෙත්තෙන්&nbspඋතුරු කොළඹ  ආසනයේ පැවති ප්‍රජා සත්කාර වැඩසටහන් මාලාවකට සහභාගි වෙමිනි. අඩු ආදායම්ලාභී පවුල් වෙනුවෙන් වියලි ආහාර ද්‍රව්‍ය සහ මහන මැෂින් බෙදාදීම, පාසල් දරුවන් වෙනුවෙන් පොත්පත් පාසල් උපකරණ ලබාදීම, ඇස් කන්ණාඩි සහ රෝදපුටු ආදිය බෙදාදීම මෙහිදී අමාත්‍ය කරුණානායක මහතා විසින් සිදුකරන ලදී.

    මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,

    පසුගිය සති කිහිපය රට ඉතාමත් භයංකාරී තත්ත්වයක් මත ගමන් කළා. ප්‍රශ්නය විසදුනාට ජනතා සිත් තුල  තවමත් ආන්දෝලනයක් තියෙන්නේ, නැවතත් ඒ වගේ තත්ත්වයක් ඇතිවෙයිද කියන එකයි. මේ රටේ පාලකයෙක් හැටියට මම කියන්නේ, පොලීසිය සහ ත්‍රිවිධ හමුදාවේ සහයෝගය මත, ආරක්ෂාව සම්බන්ධයෙන් ගතහැකි ක්‍රියාමාර්ගයන් හැකි උපරිමයෙන්  අපි මේ වනවිට අරගෙන තිබෙන්නේ. මේ අවස්ථාවේ අප කළ යුත්තේ ලාබාල දේශපාලන තීරණ ගන්න එක නෙමෙයි. අපේ ජනතාවට  රට තුල බියක් සැකක් නැතිව ජීවත්වීමේ හැකියාව ඇතිකරදීමයි. වුණදේ වුණා. නමුත් ඉදිරියට මෙවැනි තත්ත්වයක් ඇති නොවන ආකාරයේ ස්ථාවරයකට එන්න අපි සියළු දෙනාම එක්වී අඩිතාලමක් දැමිය යුතුයි. 

    මේ පුංචි ලංකාවට විතරක් නෙමෙයි මේ ව්‍යසන ඇතිවෙලා තියෙන්නේ. අපට උපදෙස් දෙන ඇමරිකාව, එංගලන්තය, ජර්මනිය, බ්‍රසීලය, බෙල්ජියම්  වැනි මහා දැවැන්ත රටවලටත් මෙවැනි ව්‍යසන ඇති වෙලා තිබෙනවා. මේ තුළින් අපි එක් පාඩමක්  ඉගෙනගත යුතුයි. ඒ තමයි අපි සෑම අවස්ථාවකම අපේ ආරක්ෂාව සලසා ගතයුතුයි. තමාගේ ආගම විකුණලා කටයුතු කරන මේ වගේ මානසික රොගීන් නිසා මුළුමහත් ලෝකයේම ප්‍රශ්න ඇති වෙනවා.

    උතුරු කොළඹ ආසනය රටටම ආදර්ශමත් ආසනයක්. සිංහල, දෙමළ, බර්ගර්, මුස්ලිම්, මැලේ, බෞද්ධාගම, කතෝලික, ඉස්ලාම්, හින්දු, මේ හැම ආගමක්ම, ජාතියක්ම ඉතාමත් සමගියෙන් ජීවත්වන ආසනයක් තමයි මේ උතුරු කොළඹ ආසනය. අපි මේක තමයි රටට පෙන්වන්න අවශ්‍ය වන්නේ. අපේ සමහර දේශපාලඥයෝ බයයි ඉදිරියට ඇවිත් කතා කරන්න,  තීන්දු තීරණ ගන්න. නමුත් අපි සියලු දෙනාම දේශපාලනය පැත්තකට දාලා, රටක් වශයෙන් ඉදිරියට ඇවිත් කටයුතු කරන්න අවශ්‍ය අවස්ථාවක් තමයි අද මේ උදා වෙලා තියෙන්නේ. ජාතියක්, ආගමක්, කුලයක් වශයෙන් නොසිතා. ශ්‍රී ලාංකිකයන් වශයෙන් සිතා කටයුතු කල යුතුයි.

    යම් යම් පිරිස් එක් එක් කොටස් වල සිත් සතුටු කරන්න විහිළු ප්‍රකාශ ඉදිරිපත් කළාට , මේක සිංහල, බෞද්ධ රටක්. ඒක අපි පිළිගත යුතුයි. මේ රට තුළ අනෙකුත් සියලු ජාතීන්ට,  ආගම් වලට සම තත්ත්වයත් ඇතිව ජීවත්වීමේ හැකියාව ඇති කරන්නයි අපි හදන්නේ. අපි සමගිතාවයෙන්, එකමුතු භාවයෙන් ජයග්‍රහණය කළයුතුයි. මේක තමයි රටක් දියුණූ කරන්න, ඉදිරියට ගෙනයන්න පුළුවන් සීග්‍රයෙන්ම කළ හැකි දේ. අපේ රටේ තියෙන්නේ භාෂාවන් දෙකයි. ඒ සිංහල, සහ දෙමල. සම්බන්ධීකරණ භාෂාවක් වශයෙන් අපි ඉංග්‍රීසි භාෂාව යොදා ගන්නවා. මේ හැරෙන්නට මේ රටට වෙනත් කිසිදු භාෂාවක් අවශ්‍ය වන්නේ නැහැ. වෙනත් රට වල දේවල් මේ රටට ගන්නේ නැතිව, වසර දහස් ගණනක් පැරණි අපේ සංස්කෘතිය ආරක්ෂා කල යුතුයි” යැයි පැවසිය.

  • රන්ජන් ලවා රෙදි අපුල්ල ගන්න ආපු බදියුදීන්ගේ රෙදි ගැලවෙයි.. (වීඩියෝ)

    රන්ජන් ලවා රෙදි අපුල්ල ගන්න ආපු බදියුදීන්ගේ රෙදි ගැලවෙයි.. (වීඩියෝ)

    මේ දිනවල හත්පොලේ ගාගෙන සිටින තවුජිද් ජමාත් ත්‍රස්තවාදීන්ට ආධාර අනුබල දෙන්නෙකු ලෙස ජනතාව අතර කුප්‍රකට අමාත්‍ය රිෂාඩ් බදියුදීන් තම රෙදි අපුල්ලාගැනීමේ කොන්ත්‍රාත්තුවක් ලබා දීම සඳහා පැමිණි අවස්ථාව අඩංගු වීඩියෝව හමුවීමට පැමිණි සුප්‍රකට අමාත්‍යවරයා වන රන්ජන් රාමනායක විසින් මුදා හැර තිබේ.

    එල්ල වී ඇති විශ්වාශ භංගය සම්බන්දයෙන් දැනුවත් කිරීම සදහා ඇමති බදියුදීන් එසේ පැමිණි බව රාමනායක මහතා පැවසීය.

    තමන් එහිදිම හමුදාපතිවරයාට දුරකතන ඇමතුමක් ගත් බවත් එමගින් බදියුදීන් ඇමතිවරයාගේ නිවැරදිභාවය තේරුම්ගත් බවද ඔහු පැවසීය.

    එම හඬ පටය පාර්ලිමේන්තුවේදී අවශ්‍ය වුවහොත් ඉදිරිපත් කරන බවද ඔහු සදහන් කලේය.

  • වසර ගණනාවක් හිටියා කියලා, අරයාගේ මෙයාගේ පුතා කියලා ජනාධිපති කමට සුදුස්සෙක් වෙන්නේ නෑ….

    වසර ගණනාවක් හිටියා කියලා, අරයාගේ මෙයාගේ පුතා කියලා ජනාධිපති කමට සුදුස්සෙක් වෙන්නේ නෑ….

    “මේ වෙද්දි රට තුළ පොදු අපේක්ෂකයෙක් ගැන කතාවක් පැතිරෙනවා. අපට අවශ්‍ය වන්නේ කයිවාරු කාරයින් නෙමෙයි. රටට ආදරය කරන, රටක් විදියට ඉදිරියට යන්න පුළුවන්, ජයග්‍රහණය කරන්න පුළුවන් කෙනෙක් තමයි අපි හොයන්නේ. වසර ගණනාවක් හිටියා කියලා, අරයාගේ මෙයාගේ පුතා කියලා, සුදුස්සෙක් වෙන්නේ නැහැ. රටට ආදරයක් තියෙන වැඩක් කරන්න පුළුවන් කෙනෙක් තෝරාගෙන එක්සත් ජාතික පක්ෂයක් වශයෙන් දිනන්න පුළුවන් වැඩපිළිවෙලක් ඇතිකළ යුතුයි. අද ජනතාවට දේශපාලනය තිත්ත වෙලා තියෙන්නේ. පාලක පක්ෂය පමණක් නෙමෙයි විපක්ෂයත් අද එකම බුරුසුවකින් පාට කරලා තියෙන්නේ. ඒ නිසා දැන් අපි අළුතින් සිතිය යුතුයි. වැඩ කරන්න බැරි අය කොහොමහරි එල්ලිලා ඉන්නවා. වැඩකරන අයව තමයි නැතිකරන්න හදන්නේ “යැයි විදුලිබල, බලශක්ති සහ වයාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා අවධාරණය කළේය.

    අමාත්‍යවරයා මෙම අදහස් පළකරන ලද්දේ, බන්ධනාගාරගතව වැඩසිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් බැහැදැකීමට අද (22) පෙරවරුවේ බන්ධනාගාරයට පැමිණි අවස්ථාවේදීය.

    මෙහිදී මාධ්‍ය විසින් නැගූ ප්‍රශ්න වලට පිළිතුරු දුන් අමාත්‍ය කරුණානායක මහතා …,

    “අපි දන්නවා ඥාණසාර හිමියන් සම්බන්ධව ඇතිවී තිබෙන ගැටළුව. එම ගැටළුව නිරාකරණය කළයුතුයි. ඒ හිමියන්ට ලබාදී ඇති දඩුවම් සාධාරණද නැද්ද කියලා සිතා බැලිය යුතුයි. අසාධාරණ තත්ත්වයක් ඇති වුණොත්, මේ තිබෙන ගැටළුව තවත් බැරෑරුම් වෙනවා. අපි නිතරම සැබෑ තත්ත්වය තේරුම්ගෙන ක්‍රියාකළ යුතුයි. නමුත් සිද්ධ වෙන්නේ ඒක නෙමෙයි. ප්‍රශ්නය ආසන්නයේම තිබෙන වෙනත් කාරණයක් ඉලක්ක කරගෙන, ඒ සාධකයට ප්‍රශ්නයක් ඇතිකරගෙන දගලනවා. වැඩ කරන කෙනාට ලොකු ප්‍රශ්නයක් තිබෙනවා මේ රටේ. ඔවුන්ට වැඩ කරන්න ඉඩ දෙන්නේ නැහැ. මේකම තමයි මටත් ඇතිවෙලා තිබෙන ගැටළුව.

    අපි කොහොමද සමගිතාවයෙන් රටක් ඉදිරියට ගෙනයන්නේ, මේ ඛේදවාචකය නිමා කරලා කොහොමද ශ්‍රී ලංකා අනන්‍යතාවයක් ඇති කර න්නේ කියලා කතාකරන්නත් එක්ක තමයි අපි ඥාණසාර හිමියන් බලන්න ආවේ. අපේ මූලික පරමාර්ථය ත්‍රස්තවාදය නැති කිරීමයි. ඒ වෙනුවෙන් තරාතිරමක් නොබලා දඩුවම් කරන්න, ඒ සම්බන්ධයෙන් නායකත්වයක් දෙන්න තමයි අපට අවශ්‍ය වන්නේ. එහෙම නැතිව එක් පුද්ගලයෙක්ගෙ නමක් ඉදිරියට අරන්, ඒක වටේ වැටිලා, අනෙක් දේවල් වසන් කිරීම නෙමෙයි අපට අවශ්‍ය වන්නේ. මේ අවස්ථාවේදී යම් අය එක්කෙනෙක්ගෙ දෙන්නෙක්ගේ නම් ඉදිරිපත් කරලා, මේ ප්‍රශ්නය නැති කරන්න පුළුවන් එතනින් කියලා කියනවා. අප කළ යුත්තේ තිබෙන ප්‍රශ්න උග්‍ර කිරීම නෙමෙයි. සාමාකාමී තත්ත්වයක් ඇති කිරීමයි අප කළ යුත්තේ. මෙවැනි ගැටළු නිරාකරණය කිරීමට තමයි තේරීම් කාරක සභාවක් පත් කරලා තිබෙන්නේ. මේ අවස්ථාවේදී අපි සැබෑ තත්ත්වය තේරුම් අරන් කටයුතු කිරීමයි. වැරදි කරන කිසිම කෙනෙක්ව අපි දේශපාලන වශයෙන් ආරක්ෂා කරන්නේ නැහැ. අපට අවශ්‍ය වන්නේ මේ කෲර ත්‍රස්තවාදය සහමුලින් ඉවත් කරලා දාන්නයි. 1971, 89 සිංහල ප්‍රශ්න ඇති වුණා. ඊට පස්සේ දෙමළ මුස්ලිම් ප්‍රශ්න ඇති වුණා. දැන් තවත් මොනවද මේ අහිංසක රටට ඇති කරන්න හදන්නේ. බහුතරයක සිත් අමනාපකම් ඇතිවෙලයි තිබෙන්නේ. මේ තත්ත්වය සුවපත් කරන්න ඕන. රට වැසියාට රට ගැන හැගීමක් ඇති කරන්නයි අවශ්‍ය වන්නේ.

    පාසල් දරුවන් එක්ක දේශපාලනයක් කළයුතු නැහැ. රැකවරණයක් දියයුත්තේ ආරක්ෂාවක් නැති අවස්ථාවකයි. පාසල් විවෘත කරන්න කියලා උපදෙස් දුන්නේ පොලීසිය සහ ත්‍රිවිධ හමුදාවයි. ඔවුන්ගේ උපදෙස් පරිදි කටයුතු කිරීමයි ආණ්ඩුවක් සතු කටයුත්ත. අද ජනතාව සිටින්නේ බයෙන්. අපි ඒ බය නැති කළ යුතුයි. සාමයක් ඇතිකළ යුතුයි. දේශපාලඥයෝ හැටියට අපි ඒ බය නැතිනොකළොත් කව්ද ඒක කරන්නේ. ගිනිතියෙන එක නැති කරලා, ගිනි නිවන්න අපි කටයුතු කළ යුතුයි.

    ලෝකයේ සැම රටකම මේ ත්‍රස්තවාදී ක්‍රියා සිදුවෙනවා. අපි ඒ පිළිබදව අවදියෙන් සිටිය යුතුයි. අපි යම් දේවල් දැක දැක නොදැක්ක වගේ ඉන්වා. ඒක තමයි අපි කරන අපරාධය. කිව්වම කිව්ව එකාට ගහනවා මිසක්, සිදුවූ දෙය හොයන්නේ නැහැ. ඒකතමයි අද තත්ත්වය. නමුත් ඒ දේවලි තමයි අපි හොයන්න බලන්න අවශ්‍ය වන්නේ. අන්තවාදය පරාජය කරලා, ත්‍රස්තවාදය නැති කරලා , එකමුතු භාවය ඇති කරමු. ජාතිවාදය, ආගම්වාදය, පක්ෂ දේශපාලනය පසෙක තබලා, ශ්‍රී ලාංකික අනන්‍යතාවය ඇති කරමු “යැයි පැවසීය.

  • බදියුදීන්ට එරෙහි විශ්වාසය නැති වු පළමු කරුණ ගම්මන්පිල කියයි

    බදියුදීන්ට එරෙහි විශ්වාසය නැති වු පළමු කරුණ ගම්මන්පිල කියයි

    පසුගියදා සිදු වූ ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධ පුද්ගලයෙකු නිදහස් කිරීමට රිෂාඩ් බදියුදීන් ඇමතිවරයා තමාට ප්‍රකාශ කළ බවට යුද හමුදාපතිවරයා විසින් සිදු කරන ප්‍රකාශය හරහා ඔහුට විරුද්ධව එල්ල වී ඇති විශ්වාසභංගයේ පළමු කරුණ ඔප්පු වී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි.

    විපක්ෂනායක කාර්යාලයේ අද(22) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.

    අමාත්‍යවරයාට එරෙහිව චෝදනා 10කින් සමන්විත යෝජනාවක් කථානායකවරයාට බාර දුන් බවත් එහිදී එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී හේතා විතානගේ මහතා මෙම කරුණු සැබෑවක් නම් මෙයට එකඟ වීමට අපිත් කැමති යනුවෙන් සඳහන් කළ බව ද ගම්මන්පිල මහතා කියා සිටියේය.

    මේ වන විට එහි තිබු පළමු චෝදනාව සත්‍යයක් බව යුද හමුදාපතිවරයා විසින්ම ප්‍රකාශ කර ඇති බව ද ගම්මන්පිල මහතා පැවසීය.

    යුද හමුදාපතිවරයා අපේ කෙනෙක් නොව ආණ්ඩුව විසින් පත් කරන ලද අයෙක් බව ද කියා සිටි ගම්මන්පිල මහතා, ඔහුගේ ප්‍රකාශයෙන් මෙම පළමු යෝජනාව සනාථ වු බව ද ගම්මන්පිල මහතා වැඩිදුරටත් කියා සිටියේය.

    එනිසා හමුදාපතිගේ උත්තරය තුළම බදියුදීන් අමාත්‍යවරයා ත්‍රස්ථ සැකකරුවෙකු නිදහස් කර ගැනීමට බලපැම් කර ඇති බව ඉතා පැහැදිලි බවත්, එවැනි දෙයක් රට හමුවේ කීමට ඉදිරිපත් වීම ගැන හමුදාපතිට ස්තූතිවන්ත වන බව ද ගම්මන්පිල මහතා මෙහිදී පැවසීය.

  • සජිත්ගේ හරි අධ්‍යාපන සුදුසුකම් මොනවාද ?

    සජිත්ගේ හරි අධ්‍යාපන සුදුසුකම් මොනවාද ?

    පසුගිය දිනවල සමාජ මාධ්‍ය ජාලා වල දැඩි සේ කතාබහට ලක්කෙරුණු කාරණයක් වූයේ සජිත් ප්‍රේමදාසගේ අධ්‍යාපන සුදුකම් පිළිබඳවයි.එම කරුණු වල සජිත් ප්‍රේමදාස මහතා විසින් සිය අධ්‍යාපන සුදුසුකම් අයතා ලෙස හුවා දක්වා ඇති බව බොහෝ වෙබ් අඩවි සහ ෆේස්බුක් පේජයන් විසින් දක්වා තිබූ බව ඔබට මතක ඇතිවා නොඅනුමානය.

    ඒ කෙසේ වුවද ඒ පිලිබඳව සජිත් ප්‍රේමදාස මහතා හෝ ඔහු නියෝජනය කරන කිසිවකු මේ වනතුරුත් කිසිදු ප්‍රකාශයක් ඉදිරිපත් කර නොමැත.රටේ ඉදිරි ජනාධිපති අපේක්ෂකයකු වීමට සිහින දකින සජිත් මේ පිළිබඳව මීට වඩා සැලකිලිමත් විය යුතු අතර නිවාස සංවර්ධන අධිකාරියේම සිටි ඉහල නිළධාරියෙක් අසරණ මිනිසුන්ට නිවාස ලබාදීමේදී සජිත් විසින් සිදුකලා යැයි වූ ප්‍රෝඩාවන් ගැන හෙළිකරන ලදී………..

  • සලෝචන සහ පොලිස් පාට් , (ඇත්ත කතාව)

    සලෝචන සහ පොලිස් පාට් , (ඇත්ත කතාව)

    බස්නාහිර පළාත් සභා හිටපු මෛත්‍රී සලෝචන ගමගේ මහතා බීමතිය රිය ධාවනය කර පිළියන්දල පොලීසිය මඟින් අතුඩංගවට ගත් ලෙසට හැඟවෙන වීඩියෝවක් පසුගිය දිනවල මාධ්‍ය නාලිකා වල සහ සමාජ ජාලා වල සංසරනය විය.

    එම සිද්ධිය වූ ආකරය සහ පොලීසිය විසින් කල නොමනා කම් පිළිබදව වීඩියෝවක් සලෝචන ගමගේ මහතා සිය ෆේස්බුක් පිටුවට එක් කර ඇති අතර එම වීඩියෝව පහතින් නැරඹිය හැක.

    එහිදී ඔහු පවසන ආකාරයට පොලීසිය විසින් හිතාමතා ඔහුව අපහසුතාවයට පත්කිරීම පිණිස දේශපාලනිකව මෙම ක්‍රියාව සිදුකර ඇත.

    https://www.facebook.com/salochana.gamage.9/videos/1137796143090470/
  • ආණ්ඩුවට එරෙහි ජවිපෙ විශ්වාසභංගය, බඳුර්දීන්ගේ එරෙහි විශ්වාසභංගය යටපත් කරන්නද..?

    ආණ්ඩුවට එරෙහි ජවිපෙ විශ්වාසභංගය, බඳුර්දීන්ගේ එරෙහි විශ්වාසභංගය යටපත් කරන්නද..?

    පසුගිය පාස්කු ඉරිදා අන්තවාදී ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳව තොරතුරු දැනගෙන තිබියදීත් එය වලක්වාගැනීමට කටයුතු නොකළ අග්‍රාමාත්‍යවරයා, ආරක්ෂක ඇමතිවරයා, ඇමති මණ්ඩලය ඇතුළු මුළු ආණ්ඩුවටම එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන එන බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක මහතා සඳහන් කරයි.

    ඒ අනුව එම විශ්වාසභංග යෝජනාව හෙට (21) දින කතානායකවරයාට බාරදෙන බවත් ඒ මහතා අනාවරණය කළේ ය.

    කෙසේ වෙතත් ජනාධිපතිවරයා ඇතුළු මුළු ආණ්ඩුවටම එරෙහිව ගෙන එන මෙම විශ්වාසභංගය තුළින් අමාත්‍ය රිෂාඩ් බදුර්දීන්ට එරෙහිව ගෙනැවිත් ඇති විශ්වාසභංගයේ ජනප්‍රියතාවය සහ අවධානය අවම වී යන බව දේශපාලන විචාරකයින්ගේ මතයි. එම නිසා මෙය යම් දේශපාලන කණ්ඩායමක උවමනාව මත සිදුවන උපාය මාර්ගික දේශපාලන සැලැස්මක් විය හැකි බව ඔවුන්ගේ මතයයි.

    ඡායාරූප උපුටාගැනීම: කලම්බු ටෙලිග්‍රාෆ්

  • එකම රටක්, එකම ජාතියක්, එකම නීතීයක් යන තේමාව යටතේ රට ඉදිරියට ගෙනයාම අවශ්‍යයි

    එකම රටක්, එකම ජාතියක්, එකම නීතීයක් යන තේමාව යටතේ රට ඉදිරියට ගෙනයාම අවශ්‍යයි

    මේ වගේ ගැටුම්කාරී අවස්ථාවක රටක් තුළ ඉතාමත් ලෙහෙසියෙන් ප්‍රචණ්ඩත්වය ඇති කිරීමට පුළුවන්. ඒ ස්වරූපය තමයි දැන් අපට ලංකාව තුළ පේන්න තියෙන්නේ. ප්‍රචණ්ඩත්වයට උල්පන්දම් දීලා ඒක ඉදිරියට ගෙන යන ස්වරූපයක් තමයි දැන් තියෙන්නේ. නායකයෝ වශයෙන් අපේ එකම අරමුණ වියයුත්තේ, මේ ඇතිවී තිබෙන යම් යම් ආකාරයේ ගැටුම්, සිත්තැවුල් ආදිය සමනය කර, ජනතාව සාමකාමී තත්ත්වයකට පත්කිරීමයි.  මේ සම්බන්ධයෙන් අප කළයුතු එකම දේ තමයි ජාතියක් වශයෙන් එකට නැගී සිටීම. ශ්‍රී ලාංකික අනන්‍යතාවය තහවුරු කිරීමටනම් අප කළයුතු  වන්නේ එක්සත්ව වැඩකිරීමයි. එකම රටක්, එකම ජාතියක්, එකම නීතීයක් යන තේමාව යටතේ රට ඉදිරියට ගෙනයාම තමයි අවශ්‍ය වන්නේ. අසමගිතාවය වර්ධනය කරන, විහිළු සපයන ප්‍රකාශ කිරීම නවත්තලා, ශ්‍රී ලංකාව කියන්නේ සිංහල බෞද්ධ රටක් වශයෙන් පිළිගෙන කටයුතු කල යුතුයි “යැයි විදුලිබල,බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා අවධාරණය කරයි. 

    ඒ මහතා මෙම අදහස් පළකළේ, අද (16) අයහපත් සෞඛ්‍ය තත්ත්වයක් හේතුවෙන් රෝහල්ගතවී ප්‍රතිකාර ලබන, පුජ්‍ය කොටුගොඩ ධම්මාවාස හිමිපාණන්ගේ සුවදුක් විමසීමට කොළඹ පෞද්ගලික රෝහලකට පැමිණි අවස්ථාවේ මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

    මෙහිදී මාධ්‍ය වලින් නැගූ ප්‍රශ්ණ වලට අමාත්‍යවරයා වැඩි දුරටත් අදහස් දක්වමින්,

    සාමකාමීව ගමන් කරන්න අවශ්‍ය අවස්ථාවක,  යම් අය විසින් ජනතාව කුපිත කරලා ප්‍රශ්ණ ඇති කරනවා.  දේශපාලඥයෝ හැංගි හොරා ඇවිත් ජනතාව උසිගන්වලා තියෙන ආකාරය ලැජ්ජා සහගතයි. අද රටේ නිසි දේශපාලන නායකත්වයක් නැතිබවක් තමයි පෙනෙන්නේ. හැම පක්ෂයකම තත්ත්වය මේකයි. ඉතින් මේ තත්ත්වය  තුළින් කොහොමද අපි රටක් සාමකාමීව ඉදිරියට ගෙනියන්නේ. සියලු දෙනාම ඒකරාශි වෙලා ශ්‍රී ලංකාව ගැන හිතලා, එකමුතුව සාමකාමීව  කටයුතු කරන්න අවශ්‍ය වෙලාවයි දැන් ඇවිත් තියෙන්නේ.

    මෙහිදී සිංහල බෞද්ධ අය තුළ යම් අමනාපකම් ඇති වන ආකාරයේ ප්‍රකාශ තුළින් මුස්ලිම්, ‍දෙමළ අය  සතුටු වෙනවානම් ඒක වැරදියි.. ඒ වගේම මුස්ලිම් සහ දෙමළ අයට හිරිහැර වන ආකාරයේ ප්‍රකාශ කිරීමේන් ඒකෙන් සිංහල බෞද්ධයන්ට තෘප්තිමත්භාවයක් ඇති වෙනවානම් ඒකත් වැරදියි. එක්සත් ජාකිත පක්ෂ උපනායක වශයෙන් මම කියන්නේ මේ වගේ පෞද්ගලික ප්‍රකාශ කිරීම එසේ ප්‍රකාශ ඉදිරිපත් කරන අයගේ මිසක්,  පක්ෂයේ ස්ථාවරයක් නෙමෙයි. අප මේ අවස්ථාවේ පෞද්ගලික න්‍යාය පත්‍රයන්ට හෝ යම් විදියකින් ජාත්‍යන්තරය සතුටු වන ප්‍රකාශ කිරීම නෙමෙයි අපට අවශ්‍ය වන්නේ, අපට අවශ්‍ය වන්නේ ශ්‍රී ලංකා අනන්‍යතාවය ඇති කරන විදියේ වැඩ පිළිවෙලක් ඇති කරන එකයි.

    අපි සියලු දෙනාම ඒකරාශි වෙලා මේ රට රකින්න සියලුම දේශපාලනය පැත්තකට තියලා රටක් ගැන හිතලා කටයුතු කරන්න ඕන. සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර්, මැලේ සියලුදෙනා එකතු වෙලා ශ්‍රී ලංකා අනන්‍යතාවය ඇති කරන්න ඕන. මේක තමයි ශ්‍රෙෂ්ඨත්වය, මේක තමයි මනුෂ්‍යකම. මේක තමයි ශ්‍රී ලාංකික එකමුතුභාවය. ඒක තමයි අපි ඇති කරන්න ඕන.

    යම් අයගේ බෙලි කපාගෙන, වැඩ කරන අයට අවස්ථාවක් ලබා නොදී, වැඩ නොකරන පිරිසක් ඒකරාශි වෙලා. ප්‍රශ්ණ ඇති කරලා තියෙන එකගැන තමයි අද  දුකෙන් වුණත් කියන්න තියෙන්නේ. ඒ නිසා අදුරට හෙණ ඉල්ලන්නේ නැතුව ආලෝකය ඇති කරලා,  ඡන්ද කාලේ විතරක් කතා කරන්නේ නැතුව අපි එකතු වෙලා රටක් වශයෙන් ඉදිරියට යන්න උත්සාහ කරන්න ඕන. මේක තමයි රටක් බේර ගන්න තියෙන අවස්ථාව. අද එක පක්ෂයක් නෙමෙයි,  සියලුම පක්ෂ අසමත්. ඒ නිසා අපි සියළු දෙනාම එකතු වෙලා රට ඉදිරියට ගෙනයන්න කටයුතු කරමු,“ යැයි පැවසීය.

  • අත්අඩංගුවට ගත් ත්‍රස්තවාදීන්ගේ ගෝලයෝ පොහොට්ටුවේ සංවිධාකයකයෝ! (වීඩියෝ)

    අත්අඩංගුවට ගත් ත්‍රස්තවාදීන්ගේ ගෝලයෝ පොහොට්ටුවේ සංවිධාකයකයෝ! (වීඩියෝ)

    අප්‍රේල් 21 වැනිදා ප්‍රහාරය සිදුකළ ත්‍රස්තවාදීන් සමග ගෝලයෙකු ලෙස සමීප සබඳතා පැවැත්වූ මොහොමඩ් රිස්වාන් නැමති පුද්ගලයා වත්තල, මාබෝල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු රාජපක්ෂ පවුලේ පක්ෂය වන පොහොට්ටුවේ ප්‍රධාන සංවිධායකයෙකු බවට මේ වන විට තොරතුරු අනාවරණය වී ඇතැයි වාර්තාවේ.

    පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසුවේ අදාළ පුද්ගලයා බස්නාහිර පළාත් බුද්ධි කොට්ඨාශය ලද තොරතුරක් අනුව අත්අඩංගුවට ගත් බවත්, ඔහු සතුව තිබී විදේශ ගමන් බලපත්‍ර කිහිපයක් ද සොයාගෙන තිබේ.

    මෙම සැකකරු වසර කිහිපයකට පෙර වත්තල ප්‍රදේශයේ ත්‍රීරෝද රථ රියදුරෙකු ලෙස කටයුතු කරන ලද්දෙකු වන අතර මේ වනවිට සුඛෝපභෝගී මහල් නිවාස දෙකක හිමිකරුවෙක් වන අතර නැව් භාණ්ඩ ප්‍රවාහන සමාගමක හිමිකරුවෙක් බවද පොලිසිය කියයි.

    එසේම ජාත්‍යන්තර සම්බන්ධීකරණයක් යටතේ සිදු වූ මෙම ත්‍රස්තවාදී ප්‍රහාරය පිටුපස දේශීය යාන්ත්‍රණය සහ එහි සම්පූර්ණ වාසිය රාජපක්ෂ රෙජීමයේ ඉදිරි දේශපාලන ගමනට අදාලව සිදුකරන ලද්දක් බව මේ වන විට ප්‍රසිද්ධ රහසකි.

  • ත්‍රස්තවාදී සැකකරුවන් නිදහස් කරන්න බහුර්දීන් කළ ඉල්ලීම හමුදාපති ප්‍රසිද්ධියේ හෙළිකරයි (Video)

    ත්‍රස්තවාදී සැකකරුවන් නිදහස් කරන්න බහුර්දීන් කළ ඉල්ලීම හමුදාපති ප්‍රසිද්ධියේ හෙළිකරයි (Video)

    පාස්කු ඉරිදාවේ මෙරටට එල්ල කරන ලද බෝම්බ ප‍්‍රහාර සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයකු සම්බන්ධයෙන් ඇමති රිෂාඩ් බදියුදීන් මහතා අවස්ථා තුනකදී තමනට කතා කලේ යයි යුද හමුදාපති මහේෂ් සේනානායක මහතා පවසයි.

    එය බලපෑමක් නොව ඉල්ලීමක් යයි සඳහන් කිරීමට තමන් කැමති වුවද බලපෑමක් ලෙසද අර්ථ නිරූපනය විය හැකි බවද සදහන් කලේය.

    දෙහිවලදී අත්අඩංගුවට ගත් සැකකරුවෙකු සම්බන්ධයෙන් ඇමති බදියුදීන් තමන්ට දුරකථන ඇමතුම තුනක් දුන් බවත් කී හමදාපතිවරයා පලමු ඇමතුමේදී තමන් දුන් පිලිතුර වූයේ ‘සැකකරු ගැන සොයා බලා ඉදිරියේදී දැනුම් දෙන්නම්’ බවත් පැවසීය.

    දෙවනි වර විමසීමේදී තමන් දුන්නේ එම පිළිතුරම බවත් තුන්වැනි වර විමසද්දී ‘අත්අඩංගුවට ගත් පිරිස් අතර එවන් අයෙකු සිටින බවත් යලිත් වසර එකහමාරකට පසු තමනට මෙම දුරකථන ඇමතුම ගන්නා ලෙසත් පැවසූ බව සේනානායක මහතා කීය.

  • ගිනි අවුලුවන්න ගොස් අතේ මාට්ටු වුණු පාදඩ පාහරයෙක් අවසානයේ කී කතාව (Video)

    ගිනි අවුලුවන්න ගොස් අතේ මාට්ටු වුණු පාදඩ පාහරයෙක් අවසානයේ කී කතාව (Video)

    පසුගිය 12 වනදා රාත්‍රියේ මිනුවන්ගොඩදී ගැටුම් ඇවිලී යන අවස්ථාවේ ජාතිවාදී අන්තවාදය ඇවිලවීමේ ගෝඨා පාර්ශවයේ නියෝජිතයෙකු වන පිවිතුරු හෙළ උරුමය නියෝජ්‍ය නායක මධුමාදව අරවින්ද එම ප්‍රදේශය පුරා සැරිසරන බව සාක්ෂි සහිත වීඩියෝ දර්ශන සමඟින් හමුව තිබේ.

    ප්‍රදේශයේ ජනතාව කුපිත කොට මුස්ලිම් සිංහල ගැටුමක් ඇති කිරීම සඳහා මධුමාදව එම ප්‍රදේශයට ගොස් ඇත්දැයි මේ වනවිට සැකයක් ඇති වී තිබේ.

    ඔහු ගැටුම් ඇති වූ ප්‍රදේශයේ තරුණයන් කණ්ඩායමක් සමඟ ගැටුමට මොහොතකට පෙර සාකච්චා කරමින් සිට ඇති බවද, එම තරුණයන්ද මෙම ගැටුම් වලට සම්බන්ධ බවට මේ වන විට තොරතුරු අනාවරණය වෙමින් පවතී.

    එදා මෙදා තුර ජාතිවාදය, ආගම්වාදය අවුස්සමින් මාධ්‍ය ඉදිරියේ වීරයෙකු වීමට දඟලන මධුමාදව වැන්නවුන් මෙවැනි දේවල්වලට සම්බන්ධ වීම අරුමයක් නොවන අතර ඔවුන් එදා සිට ක්‍රියාකළේත්, ප්‍රාර්ථනා කළේත් මෙලෙස ජාතීන් අතර ගැටුම් අවුලුවමින් රට ගිනි තියා තම ජීවිකාවත්, ඊනියා ප්‍රතිරූපයත් වර්ධනය කරගැනීමේ මිලේච්ඡ අවස්ථා උදාවන තෙක් නොඉවසිල්ලෙන් සිටි බව නොරහසකි.

    බලය පාදක කරගත් පටු දේශපාලන න්‍යාය පත්‍රමත සිදුවන මෙම මෙහෙයුමේ සිදුකළ මිලේච්ඡ සිද්ධිය අතේ මාට්ටු වුණු තැන, මධුමාදව අරවින්ද වැනි පාදඩයින් කියන්නේ, මිනුවන්ගොඩ හරහා දිවුලපිටිය දක්වා ගමන් කරද්දී පාරේ පැවැති මාර්ග තදබදය කුමක්දැයි බැලීමට වාහනයෙන් බැස ගිය බවත්, කලබලය පිටුපස තමන් සිටින බව දක්වමින් ඒ අතරතුර ගත් ඡායාරූපයක් සමාජ මාධ්‍ය හා ඇතැම් වෙබ් අඩවිවල පළ කර ඇති බවත්ය.

    මෙවැනි කතා මධුමාදව ඔවුන්ගේ දේශපාලන කඳවුරේ වහලුන්ට කීවාට කම් නැත. එහෙත් මාධ්‍ය ඉදිරියේ මෙවැනි කතා කියා රටේ, ලෝකයේ ජනතාව ගොනාට ඇන්දවීමට මෙවැනි පාදඩ පාහරයින්ට නොහැක.

    මේ ගම්මන්පිලගේ පිවිතුරු හෙළ උරුමයේ නියෝජ්‍ය නායක මධුමාදව අරවින්ද 2014 දී ජාතිවාදී ගිනි ඇවිලවීමට අලුත්ගමට ගොස් අතේ මාට්ටු වී පොලිසිය මඟින් අත් අඩංගුවට ගෙන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් ප්‍රශ්න කිරීමට ලක්කළ ප්‍රවෘත්තියකි.

    Madumadawa Aravinda Questioned By CID Over Aluthgama Clash

  • මහින්දගේ කුපාඩි වැඩක් මාට්ටු වෙයි

    මහින්දගේ කුපාඩි වැඩක් මාට්ටු වෙයි

    1983 දී සිදු කෙරුණු කළු ජූලියක් නැවත ඇති කිරීමට ජාතියේ සතුරන්ට ඉඩ නොදිය යුතු යැයි විපක්ෂ නායක සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කියයි.

    ඔහු මේ බව ප්‍රකාශ කරනුයේ ඇතිවී තිබෙන තත්ත්වය ගැන විශේෂ නිවේදනයක් නිකුත් කරමිනි.

    ඉවසීමෙන් හා බුද්ධිමත්ව කටයුතු කරන ලෙස ද හිටපු ජනාධිපතිවරයා ජනතාවගෙන් ඉල්ලා සිටියි.

    එහෙත් සැබැවින්ම මේ වන විට රටේ ජාතිවාදී ත්‍රස්තවාදයක් නිර්මාණය කරමින් රටේ කළු ජූලියක් යළි නිර්මාණයට උත්සහ දරන්නේ කවුරුන්ද, ඒ සිහිනය දකින්නේ කාට බලය ලබාගැනීමටද, ඒවා පිටුපස සිටින්නේ කවුරුන්ද යන වග මේ වන ජනතාවට අවබෝධ වී අවසන්ය.

    රටේ ආරක්ෂක අංශ නොමඟ යැවීම සඳහාත් ජනතාව භීතියට පත් කිරීම සඳහාත් බොරු ඔත්තු ලබාදුන් සහ ව්‍යාජ බෝම්බ පරිපථ බස් රථවල තබාගිය අයවලුන් ගෝඨාගේ රාජපක්ෂ කඳවුරේ උනුන් බව මේ වන විට සොයාගෙන අවසානය. ලේ පිපාසිත බල වියරුවෙන් මුළු රටේම ජනතාවගේ ජීවිත තැතිගන්වමින්, රට අරාජික කරන්නේ කවුරුන්ද යන්න සහතික කිරීමට තවත් කරුණු කීම අනවශ්‍ය බව මෙයින් පැහැදිලිය.

    එසේම පසුගියදා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කරමින් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ සඳහන් කළේ, එළඹෙන 13 වනදා පාසැල් ඉලක්ක කරගනිමින් ප්‍රහාර මාලාවක් එල්ලවීමට නියමිත බවත්, එම නිසා පාසැල් වසා දමන ලෙසත්ය. එහෙත් අද දිනයේදී එවැනි කිසිඳු ප්‍රහාරයක් එල්ල නොවූ අතර, රාජපක්ෂවාදීන් රටේ විවිධ තැන් ගිනි තැබීම කළකෝළහාර සිදුකිරීම ආරම්භ කළේය.

    මෙලෙස විවිධාකාරයෙන් රටත්, රටේ ජනතාවගේ ජීවිතත් ගිනි තබන මහින්ද ප්‍රමුඛ රාජපක්ෂ රෙජීමය, එසැනින් අනෙක් පසට ප්‍රෝඩාකාරී මාධ්‍ය නිවේදනයක් හෝ අල්ලන්න එන මයික්‍රෆෝනයකට කථාවක් නිකුත්කොට වහලුන් නොවූ රටේ අතිබහුතර ජනතාව තම පවුල් උනුන්ට වහල්කම් කරන වහලුන් මෙන් ගොනා ඇද්දවිය හැකි යැයි උපකල්පනය කරති.


  • අපේ තියෙන ලොකුම වැරැද්ද තමයි අපි ඉතිහාසයෙන් ඉගෙන ගන්නෙ නැති රටක්…..

    අපේ තියෙන ලොකුම වැරැද්ද තමයි අපි ඉතිහාසයෙන් ඉගෙන ගන්නෙ නැති රටක්…..

    අපි ශ්‍රීලංකාවෙ අනන්‍යතාවය ගැන කතා කරනවා.සිංහල දෙමල කතෝලික බර්ගර් වගේ වගේ අයට වඩා වෙනත් විශේෂ විදිහකට මුස්ලිම් අයට සලකන්න ඕන නෑ.මේ ඔක්කොමල ලාංකීය නීති පද්ධතිය ඇතුලේ කටයුතු කරන්න ඕන.මුස්ලිම් කියල වෙනම අධ්‍යාපන ක්‍රමයක් ඕන නෑ.අන්න ඒව අපි බොහොම සෘජුව කතාකරන්න අවශ්‍යයයි.පුද්ගලික විශ්ව වීද්‍යාල තියෙන්න පුළුවන් ඒත් ඒව එක්කොම විශ්වවිද්‍යාල කමිෂන් සභාව විසින් එකම පද්ධතියක පවත්වාගෙන යා යුතුමයි.මේ වෙනකල් ඒ දෙවල් වෙලා නැත්නම් වහාම ඒවා කර යුතුයි.

    අපේ අතීතයේ සිංහල දෙමළ මුස්ලිම් කියල වෙන වෙනම පාසල් තිබුනෙ නෑ… තමන් කරන විශයන් අනුව පාසල් වෙනස් වුනා විතරයි.ඒත් අද එක එක ජාතීන්ට ආගම් වලට වෙන වෙන පාසල්,මෙහෙම වෙන එක හරි අපරාධයක් .අපි ශ්‍රීලංකිකයො විදිහට කතාකරනවනම් මෙහෙම වෙන්න අවශ්‍ය නෑ.

    මම මේ සම්බන්ධව බොහොම සාධාරනව බොහොම ඉවසීමෙන් සාවදානව ඉන්න පුද්ගලයෙක්.ඒ නිසා මම සෘජුවම කියනවා අරාබියේ තියෙන ස්ටයිල් එක මෙහෙට ගේන්න ඕන නෑ වගේම මෙහේ එක එහෙට ඕනෙත් නෑ.දැන් මේ වෙලා තියෙන ප්‍රශ්නෙ එක්ක අපිට කලින් 71 තිබ්බ සිංහල ප්‍රශ්නය ඊට පස්සෙ 78 විතර පටන් ගත්තු දෙමල ප්‍රශ්නය වගේ ආයෙ මුස්ලිම් ප්‍රශ්නෙකුත් ඕන නෑ… අපේ අයගෙ තියෙන ලොකුම වැරුද්ද තමයි අපි ඉතිහාසයෙන් ඉගෙන ගන්නෙ නැති රටක්.ඒ නිසා අපි ලාංකිකයන් විදිහට හැමෝම එකතු වෙලා එකා මෙන් හිතමු.

    මාධ්‍යෙව්දියෙකු ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් විදුලි බල අමාත්‍ය රවී කරුණානායක මහතා ඉහත පරිදි කියා සිටියේය.

  • ත්‍රස්තවාදී ක්‍රියාවලට ආධාර අනුබල දුන් අයට අපි අනිවාර්යෙන්ම දඬුවම් කරනවා

    ත්‍රස්තවාදී ක්‍රියාවලට ආධාර අනුබල දුන් අයට අපි අනිවාර්යෙන්ම දඬුවම් කරනවා

    නැතිවුණ ජීවිතයක් වන්දි මුදලකින් තක්සේරු කරන්න බැහැ. නමුත් දැන් එවැනි ශෝකජනක අවස්ථාවක් ඇතිවෙලා ඉවරයි. කෙහොමද අපි ඉදිරියට යන්න පුළුවන්. අපි යම් අවස්ථාවක දේවස්ථානයකට යන්නේ දෙවියන්ට ස්තූති කරන්න. ප්‍රශ්නයක් තියෙනම් ඒකට මැදිහත් වෙන්න. මේ වගේ අවස්ථාවක කෘෘර ලෙස ආගම විකුණලා ත්‍රස්තවාදී ක්‍රියාවක් කරන එක නෙමෙයි. මේ ඇති වෙලා තියෙන්නේ ඒ වගේ තත්ත්වයක්. මේ වගේ තත්ත්වයක් ඇති නොවන්න අපි වග බලා ගත යුතුයි’යැයි විදුලිබල,බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුනානායක මහතා අවධාරණය කරයි.

    ඒ මහතා මෙම අදහස් පළකළේ, පසුගිය දා එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරය හේතුවෙන් ජීවිත අහිමි වූ හා තුවාල ලැබූ පවුල්වල අය වෙනුවෙන් කෝටි 2කට අධික (රු.22,150,000.00) වන්දි මුදල් ප්‍රදානයට සහභාගි වෙමිනි. ඊයේ (11) සංචාරක මණ්ඩල පරිශ්‍රයේදී පැවති මෙම අවස්ථාවට අමාත්‍ය ජෝන් අමරතුංග මෙන්ම කතෝලික පුජකතුමන්ලාද සහභාගී වුහ.

    අමාත්‍යවරයා වැඩි දුරටත් අදහස් දක්වමින්..

    “අපි මෙවැනි කටයුත්තක් කරද්දි ඔබතුමාලගේ නැතිවෙලා ඉන්න ඥාතීන්ට මිලක් ඇති කරන වන්දියක් කියන්න බැහැ. මේක ජනජීවීතය ඉදිරියට ගෙනියන්න කරන අත්උදව්වක් මිසක් වෙන දෙයක් ලෙස සලකන්න බැහැ. මේ වෙලා තියෙන්නේ මොනවද. අන්තවාදීන් ආගම විකුණලා මෙවැනි ත්‍රස්තවාදී ක්‍රියා ලෝකයේ හැමතැනම දකින්න පුළුවන්. අපි ලංකාවේ මෙවැන් අවස්ථා ගණනාවක් දැකලා තිබෙනවා. 71/89 එක ප්‍රශ්ණයක් තිබුණා. ඒක සමතයකට ලක්වෙන කොට වෙනින් ජාතිවාදී ප්‍රශ්ණයකට ඇති කරගෙන ගියා. ඊට පස්සේ ආගම්වාදී ප්‍රශ්ණයක් ඇති වෙලා තියෙනවා. මේක නැවත ඇති කරන්න බලන කෘෘර අවස්ථාව අපි සියලු දෙනාම එකාවන්ව හෙලා දකින්න අවශ්‍යයයි. මේ අවස්ථාවේ කතෝලික ජනතාවට පහරක් ඇති වෙලා තියෙනවා. ඒත් ඉවසිලිමත්භාවය අද මෙතනට ඇවිත් තියෙන්නේ අපේ රටේ තියෙන එකමුතුභාවය, ශ්‍රී ලංකා අනන්‍යතාවයේ තියෙන ශක්තිය ලෙසයි.

    අපි එකක් මුල්කොට ගෙන තවත් දෙයක් ඇති කරා නම් මේ විපතට වඩා බරපතල ශෝකයක් ඇති වෙනවා. මේ අවස්ථාවේ කාදිනල්තුමා කළ සේවය, මහානායකවරු කළ සේවය, හින්දු පුජකතුමන් මෙන්ම මවිලවිතුමන්ලා එකට එකතු වී ඇතිකළ සාමය අපි අමතක කරන්නේ නැහැ. ඒ වගේම ඔබලාත් මේ ශෝකය තුලින් ගමන් කළ ආකාරය මතක් කළ යුතුයි. අපි ආණ්ඩුවක් වශයෙන් මේ කරපු ත්‍රස්තවාදී ක්‍රියා තරාතිරමක් නැතුව හොයලා බලලා දඩුවම් දීමේ කටයුත්තකට මැදිහත් වෙනවා කියලා බය නැතුව ප්‍රකාශ කරනවා. මේ වගේ ආගමක් මුල් කොට ගෙන ත්‍රස්තවාදි ක්‍රයාවක් කරන්නහදන අය කරුණාකරලා කාන්තාරයකට ගිහිල්ලා කරන්න මිසක් මේ රටේ අහිංසක ජනතාවට කරන්න එපා. මේක දෙවියන්ගේ නම් විකුණලා කරන දේවල් අප සහමුලින්ම නැති කරන්න ඕන. අපි එකමුතුව මේ වුණ අවස්ථාව මුල්කරගෙන අප්‍රේල් 21 වැනිදා අපේ ශ්‍රී ලංකාව නැවත එකතුවෙන්න පුළුවන් අවස්ථාවක් වුණා. අප මේක තුළින් දේශපාලන අරමුණු ඉෂ්ඨ කර ගැනීම නෙමෙයි, බොර දියේ මාළු බාන එකවත් ආගම් හෝ පක්ෂ හෝ වෙන්වෙන් එක නෙමෙයි.

    අපි සියලු දෙනාම මේ රට නිදහසක් ලබා දෙන්න බැරිවුණ රටක් ලෙස සලකන්න ඕන. අපේ දුර්වලකම තමයි ඉතිහාසයයන් දේවල් ඉගෙන ගන්නේ නැති එක. දැන්වත් සිංහල බෞද්ධ රටේ කතෝලික, හින්දු සහ මුස්ලිම් යන සියලු දෙනාම ඒකරාශී වෙලා අපේ රටේ ඉදිරි අනාගතය අපේ ඉදිරි පරම්පරාවට හදමු. හදන්න බැරි එක නෙමෙයි, හදන්න ඕනකමක් නැති එකයි ප්‍රශ්නේ. අපි මේ අවස්ථාව නැවත එකතු වීමේ සංකේතයක් ලෙස දක්වමු. අපි ඉදිරියට ගමන් කරමු. මැරෙන එක ස්වභාවිකයි. නමුත් මෙවැනි දේවල් ඇතිවන එක නවත්තමු. මේ දෙය වුණාට පස්සේ සියලු ස්ථාන වලට ගිහිල්ලා, රෝහල්වලට ගිහිල්ලා බැලුවා. අපි දැක්කා ඒ අය විදින දුක. අපි සැම ඔබත් සමගයි සිටින්නේ. අපි සියලු දෙනා අත්වැල් බැදගමු. එකඑක්කෙනාට බැනගන්න එක නෙමෙි, මේ දේ තව කෙනෙක්ට ඇති නොවන විදියට කටයුතු කරමු”.

  • කඩු හා පල්ලි පෙන්වීම වෙනම ගේමක්

    කඩු හා පල්ලි පෙන්වීම වෙනම ගේමක්

    කඩු හා පල්ලිය පෙන්වීම මගින් සිදුකරන්නේ වෙනම ගේමක් බවත්, මේ බලු වැඩේ කරන්න එපා යැයි තමා මාධ්‍ය වෙතින් ඉල්ලා සිටින බවත් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා පවසයි.

    2010 සිට මේ දක්වා චීනයෙන් කඩු කන්ටේනර දහයක් ගෙන්වා ඇති බවද ඔහු සඳහන් කළේය.

    උක් වගා කරන ගොවීන්ගෙන් මෙවන් කඩු බොහෝ සොයාගත හැකි බවද ලංකාවේම සියලු නිවාස පරික්ෂා කළහොත් තවත් බොහෝ කඩු හමු වනු ඇති බවද ඔහු පැවසීය.

    මෙවන් කඩු තියාගැනීම ගැක නීතියක් ගෙන ආ යුතු බවද මන්ත්‍රීවරයා කියා සිටියේ පාර්ලිමේන්තුවේදීය.