Category: සුපිරි Politics

  • බොරු සංදර්ශන වැඩක් නැහැ; රට, ජාතියේ මතු ආරක්ෂාව වෙනුවෙන් ෂරියා විද්‍යාලය මිලදී ගන්න සූදානම් – තිලංග(වීඩියෝ)

    බොරු සංදර්ශන වැඩක් නැහැ; රට, ජාතියේ මතු ආරක්ෂාව වෙනුවෙන් ෂරියා විද්‍යාලය මිලදී ගන්න සූදානම් – තිලංග(වීඩියෝ)

    ඉස්ලාම් අන්තවාදය ව්‍යාප්ත කිරීමට නැගෙනහිර ඉදිකර ඇති ෂරියා විද්‍යාලය අහෝසි කිරීම සඳහා විදී සටන් හා බොරු මාධ්‍ය සංදර්ශන සිදුකිරීමට තමාට අනවශ්‍ය බවත් සත්‍යවශයෙන්ම මෙහි ආයෝජකයින් ආයෝජනය කර ඇත්නම් එම ආයෝජකයින්ට ගෙවිය යුතු හැම සතයක්ම මුදලින් ගෙවා රටේත්, ජාතියේත්, මතු අනාගත පරපුරේත් ජාතික ආරක්ෂාව වෙනුවෙන් එය මිලදී ගෙන “රාජ්‍ය ආරක්ෂක විශ්ව විද්‍යාලයක්” වෙනුවෙන් රජයට පවරා දීමට තමා සූදානම් බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල මහතා මාධ්‍ය හමුවක් අමතමින් ප්‍රසිද්ධියේ පැවසීය.

    මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල මහතා,

    නැගෙනහිර හිටපු ආණ්ඩුකාර හිස්බුල්ලා විසින් ඉස්ලාම් අන්තවාදය ප්‍රවර්ධනය කොට ප්‍රචාරණය කිරීම සඳහා ඉදිකරන ලද නැගෙනහිර ෂරියා විද්‍යාලය රජයට පවරාගෙන එය රාජ්‍ය ආරක්ෂක විශ්ව විද්‍යාලයක් බවට පත්කළ යුතුයැයි පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස මෙය පසුගිය 2019 මැයි මස 26 වනදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද බවත් එය 2019 ජුනි මස 07 වනදා පාර්ලිමේන්තු න්‍යාය පුස්තකයට ඇතුලත් කොට ඇති බවත් 2019 ජුනි මස 18 වනදා එය පාර්ලිමේන්තුවේ පක්ෂ නායක රැස්වීමේදී විවාදයට ගන්නා බවත් පැවසීය.

    එසේම මෙම ෂරියා විද්‍යාලය අහෝසි කිරීම සහ එය රජයට පවරා ගෙන රාජ්‍ය ආරක්ෂක විශ්ව විද්‍යාලයක් බවට පත්කිරීමට තමන් රටේ ජනතාවගෙන් අත්සන් දශලක්ෂයක් දින 14ක් තුළ එකතු කිරීමේ ව්‍යාපාරයක් ආරම්භ කළ බවත්, එයට දින 14ක් තුළ අත්සන් ලක්ෂ 7කට වඩා එකතු කරගැනීම හැකි වූ බවත් මෙහිදී පැවසීය.

    මෙහිදී මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්න වලට පිළිතුරු දුන් තිලංග සුමතිපාල මහතා,

    රතන ස්වාමීන්වහන්සේත් මේ සම්බන්ධයෙන් ඊයේ පෙරේදා දිනයකදී කථා කරන්න පටන්ගත් බවත්, උන්වහන්සේත් එසේ තමා පැවසූ දේ සමඟ එකඟ වී කථා කිරීම ගැන සතුටු වන බවත් පැවසූ අතර එය රතන ස්වාමීන්වහන්සේ මීට පටන් ගත් වස-විස නැති ව්‍යාපාරය මෙන් අතරමඟ නතර නොවී මෙම කතිකාව ඉදිරියටද ගෙන යනු ඇතැයිද තමා බලාපොරොත්තු වන බව මෙහිදී සුමතිපාල මහතා පවසා සිටියේය.

  • අපිට ඕනි රාජපක්ෂ පවුලේ ආණ්ඩුවක් විතරයි – ගොට්ටන්ගේ සිඟිති කතා (Video)

    අපිට ඕනි රාජපක්ෂ පවුලේ ආණ්ඩුවක් විතරයි – ගොට්ටන්ගේ සිඟිති කතා (Video)

    19 වන ව්‍යවස්ථාව හේතුවෙන් රටට පවුල් ආණ්ඩුවක් අවශ්‍ය වී ඇති බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ඉන්දික අනුරුද්ධ මහතා පවසයි.

    නෙළුම් මාවත පක්ෂ කාර්යාලයේ ඊයේ(14) පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.

    එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් පාර්ලිමේන්තු ඉන්දික අනුරුද්ධ මහතා මේ බව පැවසීය.

    “ගම්පහට නම් එන්න එපා.19 තියාගෙන ආණ්ඩු කරනවා නම් . නෝනයි මහත්තයයි ආණ්ඩු කරන්න ඕනෙ. නැත්නම් තාත්තයි පුතයි ආණ්ඩු කරන්න ඕනෙ. නැත්නම් අයියයි මල්ලියි ආණ්ඩු කරන්න ඕනෙ. 19 තියාගෙන පක්ෂ දෙකකට ආණ්ඩු කරන්න බෑ“

  • ඇමති රාජිතට එරෙහිව රට පුරා විරෝධතා.. උත්සවයකට ගොස් ගුටි නොකා හොර පාරෙන් පැන දුවයි..(වීඩියෝ)

    ඇමති රාජිතට එරෙහිව රට පුරා විරෝධතා.. උත්සවයකට ගොස් ගුටි නොකා හොර පාරෙන් පැන දුවයි..(වීඩියෝ)

    මීගමුව රෝහලේ නව ළමා වාට්ටුව විවෘත කිරීම සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ පැවති අතර අමාත්‍යවරයාගේ ප්‍රජා අයිතිය අහෝසි කරන මෙන් ඉල්ලා ප්‍රදේශවාසීන් පිරිසක් රෝහල ඉදිරිපිට විරෝධතාවයේ නිරත වුණි.

    එල්ල වී ඇති බිලියන ගණන් දූෂණ වංචා චෝදනා සම්බන්ධයෙන් උත්සවයෙන් අනතුරුව මාධ්‍යවේදීන් අමාත්‍යවරයාගෙන් විමසා සිටියේය.

    පසුව අමාත්‍යවරයා රොහලේ වෙනත් ගේට්ටුවකින් පිටව ගිය අතර අමාත්‍යවරයාගේ සෙසු වාහන විරෝධතාකරුවන් සිටි ස්ථානයෙන් පිටව යද්දී ජනතාවගෙන් විරෝධය එල්ල විය.

    සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයින්ගේ සංගමයේ සභාපති සංජය පෙරේරා ප්‍රකාශ කළේ මෙවැනි දේශද්‍රෝහී ඇමතිවරු එලවා දැමීමට පෙල ගැසිය යුතු බවයි.

    https://youtu.be/GQFs1NWs17I?t=5
  • මුස්ලිම් මන්ත්‍රීවරු වඳින්න ගිය දෙවොලක් හිසට කඩා වැටේ..(වීඩියෝ)

    මුස්ලිම් මන්ත්‍රීවරු වඳින්න ගිය දෙවොලක් හිසට කඩා වැටේ..(වීඩියෝ)

    ශ‍්‍රී ලාංකික මුස්ලිම් සංස්කෘතියකට වඩා අරාබි මුස්ලිම් සංස්කෘතිය ඇති කිරීමට පිරිසක් උත්සාහ දරන බවත්, එම පිරිස සමබන්ධ චෝදනා එල්ල වු ඇමතිවරුන් තමන් නිවැරදි නම් ඒ බව රට හමුවේ තහවුරු කල යුතු බවත් අස්ගිරි පාර්ශවයේ අනුනායක පූජ්‍ය ආනමඩුවේ ධම්මදස්සි හිමියෝ පවසති.

    එහිමියන් මේ බව කියා සිටියේ ආණ්ඩුවේ ඇමති ධුරවලින් ඉල්ලා අස්වූ මුස්ලිම් ඇමතිවරුන් අස්ගිරි-මල්වතු නාහිමිවරුන් බැහැ දැකීමට එහි ගිය අවස්ථාවේදීය.

    කණ්ඩායමක් ලෙස ඉල්ලා අස්වීම ගැන සැලකිය යුතු ලෙස තමන් වහන්සේලා අදහස් පල නොකළ බවද කී නාහිමියන් එය මාධ්‍ය විසින් මතුකර පෙන්වූ බවත් සදහන් කලහ.

    මද වේලාවක් පැවති සාකච්ඡාව අවසානයේ හිටපු ඇමතිවරුන් පිරිස අස්ගිරි මහා විහාරයෙන් ඉවත්ව ගිය අතර මාධ්‍ය වෙතද අදහස් පල කිරීම ප‍්‍රතික්ෂේප කළහ.

  • මචං, රතනෙට මංඤ්ඤං ද..?

    මචං, රතනෙට මංඤ්ඤං ද..?

    එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත්ව මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා හරහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තැනක් ගැනීමට ගියද එතැනින්වත් රතන හිමියන්ව වද්දවා ගත්තේ නැත. අනතුරුව දේශපාලනික නිරුවතින්ම මහින්ද රාජපක්ෂ ලඟට ගිය රතන හිමියන්ව මහින්දවත් ඇතුලත වද්ද ගත්තේ නැත. මහින්ද කීවේ, රතන හදිසි නොවී එළියේ ඉදන් කියන වැඩ ටික කරගෙන යන්න, අවශ්‍ය කරන වෙලාවක් ආවොත් ගන්න බලන්නන් කියාය. රතන හිමියන්ගේ දේශපාලනිකව කූජීතව අවලං කාසියක් වී ඇති තරම ඒ තරම්ය.

    අවසානයේ යන එන මන් තැනක් නොමැතිව රතන හිමියන්ට මහින්දගේ අඟුපිලේ හෝ ලැගීමට අකමැත්තෙන් වුවද සිදුවිය. රතන හිමියන්ට මහින්දගේ පළමු කොන්ත්‍රාත්තුව ලෙස ලැබෙන්නට ඇත්තේ, රතන හිමියන්ටත් අභියෝගයක් වූ , මහින්ද කඳවුරටත් අභියෝගයක් සහ හිසරදයක්ව ඇති ඥානසාර හිමියන්ගේ භූමිකාවට එරෙහි රැල්ලක් ගොඩනැගීමට උත්සහ කිරීමයි. ඒ අනුව හිස්බුල්ලා, අසාද් සාලි, රිෂාඩ් බදුර්දීන් ඉවත් කරන ලෙසට ඉල්ලා රතන හිමියන් මහ නායක හිමිවරුන්ගේවත් අවසරය නොගෙන දළදා මාළිගාවේ මහමලුවේ උපවාස රංගන දින 3ක් රඟ දක්වා අවසානයේ ඉල්ලගෙන කෑවේය. ඒ කෑම රතන හිමියන්ට පමණක් නොව සිංහල-බෞද්ධයින්ට මරු පහරක් විය. රතන හිමියන්ගේ එම අමඥෝනය තීරණයේ හානිය කෙතරම්ද යත් අවසානයේ මහනායක හිමිවරුන්ට යළි ඇමතිධුර ලබාගන්නා ලෙසට මුස්ලිම් ඇමතිවරුන්ගෙන් යළි ඉල්ලීම් කරන්නට පවා සිදුවූහ.

    එහෙත් තම පෞද්ගලික දේශපාලන අරමුණු වෙනුවෙන් ඕනෑම අටමගලක් කරන රතන හිමිට ඒ ගැන වගේ වගක් නැත.

    අනුන්ගේ දේ තමන්ගේ කරගෙන විකුණන් කෑම

    අනුන්ගේ දෑ තමන්ගේ කරගෙන තම පොරත්වය වෙනුවෙන් රතන හිමියන්ට ඕනෑම තැනක ඕනෑම දෙයක් විකුණන් කෑම අලුත් දෙයක් නොවන බව උන්වහසේගේ පැටිකිරිය දන්නෝ දනිති.

    අදින්නා දානය පවක් වුවත්, රතන හිමිට අනුන්ගේ දෑ තමන්ගේ කරගෙන විකිණීම ගැන ලැජ්ජාවක් නැතිකමට, අය එනමං නැති කරමට කරනවාද යන්න ඇසිය යුතුය.

    “නැගෙනහිර ෂරියා විශ්ව විද්‍යාලය වහාම රජයට පවරාගෙන එය රාජ්‍ය ආරක්ෂක විශ්ව විද්‍යාලයක් බවට පත්කළ යුතුයැ’යි” පළමුවෙන්ම ප්‍රකාශ කළේත්, පාර්ලිමේන්තුවට යෝජනාවක් ඉදිරිපත් කළේත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල මහතාය. ඒ වෙනුවෙන් ඔහුට පක්ෂ විපක්ෂ සියලු දෙනා දේශපාලන හේදයකින් තොරව ප්‍රසංශා කළහ.

    ඔහු එය කට වචනයකට සීමා නොකර ක්‍රියාවට නැංවීම වෙනුවෙන් දශලක්ෂක අත්සනින් එකතුකිරීමේ මහජන පෙත්සමක් ඇරඹීය. ඒ සඳහා මහාචාර්ය වරුන්, කථිකාචාර්ය වරුන්, විද්වතුන්, කලාකරුවන්, ජනමාධ්‍යවේදීන් ඇතුළු සියලු පාර්ශව වල එකමුතුවෙන් ප්‍රසිද්ධියේම සිදුවිය. එයින්ද නොනැවතී තිලංග සුමතිපාල මහතා තම “ෂරියා විද්‍යාලය වහාම රජයට පවරාගෙන එය රාජ්‍ය ආරක්ෂක විශ්ව විද්‍යාලයක් බවට පත්කරන ලෙසට” පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය. ඒ මීට සති තුනකටත් පෙරය.

    සිහිවිකල්ව අවදි වූ රතන හිමි හදිසියේ කෙළි පිස්සුව

    නින්දෙන් සිහිවිකල්ව අවදි වූ පිස්සෙකු මෙන් රතන හිමියන් ඊයේ(10) එකවරම මාධ්‍ය හමුවක් තබමින් “ෂරියා විද්‍යාලය වහාම රජයට පවරාගත යුතු බවත්, ඒ සඳහා තමා මූලිකත්වය ගෙන ක්‍රියාකරන බවත්, පාර්ලිමේන්තුවට මන්ත්‍රී යෝජනාවක් ගෙන එන බවත්”ය. එය දුටුවිට ප්‍රශ්න රාශියක් පැන නගින අතර, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන රතන හිමියන් අවම තරමේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් යෝජනා හෝ ගනුලබන තීන්දු තීරණ ගැනවත් නොදන්නේ දැයි පළමු ප්‍රශ්නයයි. දෙවැන්න රටේ ජනතාවගෙන් දශ ලක්ෂයකට ආසන්න ප්‍රමාණයක් අන්තර්ජාල හරහා අත්සන් කළ පෙත්සමක් ගැනවත් රතන හිමියන් නොදැනුවත්ව කරන මොංගල් දේශපාලනය කුමක්ද යන්නයි. මෙම මහජන පෙත්සමට දින 14ක් තුළ ලැබී ඇති අත්සන් ප්‍රමාණය 910,125 කි.

    “ෂරියා විද්‍යාලය,රාජ්‍ය ආරක්ෂක විශ්ව විද්‍යාලයක් කරවමු” දින 14ක් තුළ දශලක්ෂයේ අත්සන් ව්‍යාපාරය


    අපට වැටහෙන පරිදි මේ රටේ කිසිවෙකු තඹ දොයිතුවකට ගණන් නොගන්නා රතන හිමියන්ට තමන්ගේ දෙයක් වගාගෙන විකුණගෙන දේශපාලනය කරගත නොහැකිම තත්වයක් තුල දැන් අනුන්ගේ දේ හෝ හොරකම් කර විකුණගෙන ගොඩ ඒමට දරන නිර්ලැජ්ජිත ක්‍රියාවක නිරතවෙමින් සිටී. ඒ අනුව ඉදිරියේදී රතන හිමියන් අනෙක් හිමිවරුන්ගේ සිවුරු පමණක් නොව ගිහියන්ගේ වැලවල් ඇති රෙදි පමණක් නොව වනා ඇති ජංගිද හොරකම් කළ හැක. එම නිසා සියලු දේශපාලඥයින්, දේශපාලන අනාතයෙකුව හිඟමනට වැටුණු රතන හිමියන්ගෙන් තම තමන්ගේ දේවල් ආරක්ෂා කර ගනිමින් තම තමන්ගේ ආරක්ෂාව සලසා ගත යුතු කාලය එලෙඹ ඇත.


  • බල්ලෝ අරන් යන්න එපා කිව්වට ෆීල්ඩ්මාර්ෂල්, අසාත් සාලිට දුන්නු උත්තරේ..! (වීඩියෝ)

    බල්ලෝ අරන් යන්න එපා කිව්වට ෆීල්ඩ්මාර්ෂල්, අසාත් සාලිට දුන්නු උත්තරේ..! (වීඩියෝ)

    “8 දෙනෙක් කරපු වැඩේට මුළු ජනතාවටම මෙහෙම කරන එක වැරදී” – අසාත් සාලි “8 දෙනෙක් කරාට 250 ක් මැරුණා නේ” – සරත් ෆොන්සේකා

  • පන්සලෙන් පැන්නූ මංගලව ගමෙනුත් පන්නයි

    පන්සලෙන් පැන්නූ මංගලව ගමෙනුත් පන්නයි

    මාතර, කිරින්ද, පහුල්වැල් ප්‍රදේශයේ ගම්මානයක් දැනට ලියාපදිංචිව ඇති “මංගල සමරවීර පෙදෙස“ යන නාමය වෙනස් කර ගැනීම සඳහා කිරින්ද ප්‍රදේශිය සභාව වෙත ඉදිරිපත් කළ යෝජනාවක් වැඩි ඡන්දයෙන් සම්මත වී තිබේ.

    එම යෝජනාවට සඳහා පක්ෂව ඡන්ද 7ක් ලැබී ඇති අතර විපක්ෂව ඡන්ද 4ක් ලැබී ඇත.

    ඒ අනුව අදාළ යෝජනාව වැඩි ඡන්දයෙන් සම්මත වූ අතර මේ පිළිබඳව කිරින්ද ප්‍රදේශිය සභා සභාපතිවරයා අණ්ඩුකාරවරයා දැනුවත් කිරීමට නියමිත බව වාර්තා වෙයි.

    පසුගිය දිනක කිරින්ද, පහුල්වැල් ප්‍රදේශයේ ගම්මානයේ ගම්වාසීන් විසින් “මංගල සමරවීර පෙදෙස“ යන නාමය ඉවත් කර දෙන ලෙස ඉල්ලා කිරින්ද ප්‍රදේශිය සභාව වෙත පෙත්සමක් ද බාර දී තිබුණි.

    අදාළ පෙත්සම මඟින් ප්‍රදේශවාසීන් ඉල්ලා තිබුණේ “මංගල සමරවීර පෙදෙස“ යන නාමය අවලංගු කර “ළිඳගාව වත්ත මාවත“ යනුවෙන් නම් කර ලියාපදිංචි තර දෙන ලෙසයි.

    මෙම පෙස්සම සඳහා මෙම ප්‍රදේශයේ ගම්වාසීන් 110ක් අත්සන් තබා තිබූ බවද වාර්තාවේ.

  • ඉදිරි ජනාධිපතිවරණයට අපි ඉදිරිපත් කරන්නේ දිනන්න පුළුවන් නායකයෙක්

    ඉදිරි ජනාධිපතිවරණයට අපි ඉදිරිපත් කරන්නේ දිනන්න පුළුවන් නායකයෙක්

    ඉදිරියේදී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂයෙන් ඉදිරිපත්වන අපේක්ෂකයා පිළිබදව මේ වනවිට නොයෙක් මත ප්‍රකාශ වෙමින් පවතිනවා. නමුත් අපි ඒ සදහා සුදුසුම පුද්ගලයා අවශ්‍ය අවස්ථාවේදි ඉදිරිපත් කිරීමට සූදානම්. එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකවරයා පිළීබදව ඉදිරියේදී දැනගන්න හැකිවේව්’යැයි විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි.

    අමාත්‍යවරයා මෙම අදහස් පළකලේ, ඊයේ (10) ඔරුගොඩවත්ත ප්‍රදේශයේ ස්ථාපිත කල සූර්ය විදුලිබල නිෂ්පාදන ආයතනයක් වන රෑන්ක් ඉන්ටනැෂනල් ආයතනයේ කටයුතු ආරම්භ කිරීමේ අවස්ථාවට සහභාගි වෙමිනි. ජාතික විදුලිබල පද්ධතියට මෙගාවොට් 01ක දායකත්වයක් සැපයෙන මෙම ව්‍යාපෘතිය වෙනුවෙන් රු. මිලියන 115 ක මූල්‍ය පිරිවැයක් දරා තිබේ.

    “අද වනවිට නොයෙක් කතා ඇති කරලා තිබෙනවා පුනර්ජනනීය බලශක්ති විදුලි උත්පාදනය ලංකා විදුලිබල මණ්ඩලය විසින් අඩු කරන්න යනවා කියලා. නමුත් අපි උත්සාහ කරන්නේ පුනර්ජනනිය බලශක්තියේ දායකත්වය 500% කින් වැඩි කරන්නයි. පාරිභෝගිකයාත් ලංකා විදුලිබල මණ්ඩලයත් දෙපාර්ශවයම ආරක්ෂා වනපරිදි තමයි අපි කටයුතු කරන්නේ. මුදල් ඇමති වශයෙන් සිටිය වකවානුවේ මමයි මේ සුර්යබල සංග්‍රාමය වැඩසටහන ආරම්භ කළේ. මෙතෙක් දුර ක්‍රියාත්මක වූ ආකාරයට ලංකා විදුලිබල මණ්ඩලයට විශාල හානියක් ඇතිවී තිබෙන නිසා අළුත් ප්‍රතිපත්තියක් ගෙන එනවා. නමුත් මෙතෙක් ඇතිකරගත් සියලු ගිවිසුම් ඒ ආකාරයෙන්ම ඉදිරියටත් ක්‍රියාත්මක වනවා. ලංකා විදුලිබල මණ්ඩලය රු. 28.00 – 30.00 ඩීසල් වලින් එක් විදුලි ඒකකයක් නිපදවලා, ඒ විදුලි ඒකකය පාරිභෝගිකයාට රු.16.00 ක් වැනි මුදලකට ලබාදීමෙන් ඇති වන ගැටලුව විසදා ගැනීමේ නිවැරදි ක්‍රමවේදයකට අවතීර්ණ වෙන්න තමයි අපි මේ උත්සාහ දරන්නේ. විදුලිබල මණ්ඩලය ආරක්ෂා වන ආකාරයේ නිවැරදි මාර්ගයකට අවතීර්ණ වනවිට, ඒකටත් වැරදි අර්ථකතන සපයන පිරිසක් සිටිනවා. නමුත් අපි හැකි සෑම උත්සාහයක්ම දරලා මෙම කටයුත්ත ඉදිරියට කරගෙන යනවා. අද වනවිට මෙගාවොට් 450 – 500 ක් තිබෙන පුනර්ජනනීය බලශක්ති දායකත්වය, තවත් වසර 2 කින් මෙගාවොට් 2000 ක් දක්වා වැඩිකරනවා. මෙම අභියෝගාත්මක කටයුත්තට කැමති ඕනම කෙනෙක්ට අපි සමග එකතු වෙන්න පුළුවන්. වැරදි මත නිවැරදි කරන එක තමයි අපි මේ කරගෙන යන්නේ.

    මෙහිදී මාධ්‍යයෙන් නැගූ ප්‍රශ්න වලට පිළිතුරු දුන් අමාත්‍ය කරුණානායක මහතා,

    “ඉන්දියාව කියන්නේ අපේ මිත්‍රශීලී රටක්. එවැනි රටක නායකයන් මෙරටට පැමිණීම ඉතාමත් වැදගත්. පසුගිය අප්‍රේල් 21 දා ඇති වූ ත්‍රස්ත ප්‍රහාරය හේතුවෙන් ලංකාවේ ආරක්ෂාව පිළිබදව අනෙකුත් රටවල් තුළ සැකයක් ඇතිවුණා. ඉන්දියාවේ අගමැතිතුමා මේ ආකාරයෙන් මෙරටට පැමිණීමෙන් මෙරට ආරක්ෂාව පිළිබදව අනෙක් රටවල් තුල ඇතිවී තිබු අවිනිෂ්චිත භාවය දුරුවුණා. ඒ තුළින් සංචාරක කර්මාන්ත වැනි ක්ෂේත්‍රයන්ට ඇතිවී තිබූ බාධාවන් ඉවත් වනවා.

    ඉදිරියේදී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂයෙන් ඉදිරිපත්වන අපේක්ෂකයා පිළිබදව මේ වනවිට නොයෙක් මත ප්‍රකාශ වෙමින් පවතිනවා. නමුත් අපි ඒ සදහා සුදුසුම පුද්ගලයා අවශ්‍ය අවස්ථාවේදි ඉදිරිපත් කිරීමට සූදානම්. එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකවරයා පිළීබදව ඉදිරියේදී දැනගන්න හැකිවේව්.

    පසුගියදා සියලු මුස්ලිම් ඇමතිවරුන් සිය අමාත්‍ය ධූර වලීන් ඉල්ලා අස්වුණා. ඒ පිළිබදව ඉදිරිපත් කල කැබිනට් පත්‍රිකාව මාධ්‍ය තුළිනුත් ජනතාවට ඉදිරිපත් කළා. ඉතින් දැන් කොහොමද කියන්නේ කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කලේ නැහැ කියලා. ජනතාවට බොරු කරන්න ආණ්ඩුවට කිසිදු අවශ්‍යතාවක් නැහැ. අපට අවශ්‍ය වන්නේ එකමුතුභාවයෙන්, සමගිතාවයෙන් යුතුව රටක් ඉදිරියට ගෙනියන්න පුළුවන් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන්නයි යැයි පැවසීය.

  • ජනපති මෛත්‍රීව යළිත් ජනපති කරන්න සංදේශයක්!

    ජනපති මෛත්‍රීව යළිත් ජනපති කරන්න සංදේශයක්!

    ඉදිරි ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වන ලෙස ඉල්ලා සිටිමින් ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂ මන්තී‍්‍ර කණ්ඩායම ඊයේ (06) ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතා වෙත විශේෂ සංදේශයක් භාර දී තිබේ.

    තමන් ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් නොවන බව ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතා පසුගිය ඇමැති මණ්ඩල රැස්වීමේදී සදහන් කළ බව ඉකුත්දා මාධ්‍ය වාර්තා කර තිබිණි.

    ජනාධිපතිවරණයේදී එක්සත් ජාතික පක්‍ෂ විරෝධී කණ්ඩායම සමග එක්ව පුළුල් සන්ධානයක් ගොඩනැගීම සඳහා නායකත්වය ගනිමින් එම සන්ධානය බිහිකිරීමට පියවර ගන්නා ලෙස ද එම සංදේශය මගින් ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂ කණ්ඩායම ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇත.

    ජනාධිපති කාර්යාලයට ඊයේ දහවල් පැමිණි ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති නිමල් සිරිපාල ද සිල්වා, ප‍්‍රධාන ලේකම් දයාසිරි ජයසේකර, මහින්ද සමරසිංහ, සරත් අමුණුගම, දුමින්ද දිසානායක, මහින්ද අමරවීර, ෆයිසර් මුස්තාපා, රංජිත් සියඹලාපිටිය, ලසන්ත අලගියවන්න, වීරකුමාර දිසානායක, දුෂ්මන්ත මිත‍්‍රපාල, ශි‍්‍රයානි විජේවික‍්‍රම, මොහාන් ලාල් ගේ‍්‍රරු, ශාන්ත බණ්ඩාර යන මන්තී‍්‍ර කණ්ඩායම ජනාධිපතිවරයාට මෙම සංදේශය භාර දී ඇත.

  • රට වටේ ගිනි අවුලුවන මංගලගේ මොංගල් කථා ගැන..

    රට වටේ ගිනි අවුලුවන මංගලගේ මොංගල් කථා ගැන..

    ආගමික නායකයින්ට අපහාස වන අයුරින් අමාත්‍ය මංගල සමරවීර මහතා කළ ප්‍රකාශ පිළිකුල් සහගත බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී.දිසානායක මහතා පවසයි.

    ඊයේ(06) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.

    අමාත්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා මනසින් විකෘති පුද්ගලයෙක් ලෙස දොඩවන ආකාරය පෙනි යන බවත්, මෙවැනි ප්‍රකාශ සිදුකරමින් මංගල සමරවීර මහතා විසින් රට තුළ යළි ගිනි අවුලන්න උත්සාහ කිරීම පිළිබඳ ඔවුන් දැඩි විරෝධයදක්වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී.දිසානායක මහතා වැඩිදුරටත් පැවසීය.

    එසේම ඇමති මංගල මෙලෙස විවිධ ද්වේෂ සහගත, අන්තවාදී ප්‍රකාශ ඔස්සේ බෞද්ධයින් සහ කතෝලික ජනතාව කුපිත කරමින් අනෙක් පසින් මාධ්‍ය වාරණයට සහ මර්දනයට අදාළව පනත් ගෙන එන බව ශ්‍රීලනිප පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා පැවසීය.


  • හිටපු මාධ්‍ය ඇමති මංගල සමාජ මාධ්‍ය අවභාවිතා කරලා.. වහා අත්අඩංගුවට ගනු!

    හිටපු මාධ්‍ය ඇමති මංගල සමාජ මාධ්‍ය අවභාවිතා කරලා.. වහා අත්අඩංගුවට ගනු!

    ඇමති මංගල සමරවීර සමාජ මාධ්‍ය ජාල අඩවි භාවිතා කරමින් ආගමික නායකයන්ට අපහාස වන අන්දමින් පණිවිඩ නිකුත් කිරීම ශ්‍රී ලංකා පරිවර්තන සමූහය ලෙස තරයේ හෙලා දකින අතර එම පුද්ගලයා විසින් මැල්කම් රංජිත් කාදිනල් තුමන්ට හා රතන හිමියන්ට අපහාස වන අන්දමේ Twitter පණිවිඩයක් ඔහුගේ පෞද්ගලික Twitter ගිණුමෙන් යාවත්කාලීන කිරීම ජනතාව කුපිත කිරීමට කටයුතු කිරීමක් ලෙස ඉතා පැහැදිලිවම දැකගත හැකි බව ශ්‍රී ලංකා පරිවර්තන සමුහය විසින් නිකුත් කරන ලද නිවේදනයක දැක්වෙයි.

    පසුගිය දිනවල සරසවි ශිෂ්‍යයෙකු සමාජ මාධ්‍යවල ජනතාව කුලප්පු කිරීමක් සිදුකරා යැයි පවසා සිරභාරයට ගත් අතර මෙලෙස අමු අමුවේ ප්‍රසිද්ධියේ පසුගිය දිනවල ජනතාවගේ අවධානය දිනාගත් ආගමික නායකයින් දෙපලකට අපහාස කරනා Twitter පණිවිඩයක් තම Twitter ගිණුම මගින් නිකුත් කිරීම මගින් රටේ වගකිවයුතු ඇමතිවරයෙකු ලෙස ජනතාව කුපිත කොට ඔවුන්වෙත ලබාදෙන්නේ වැරදි පූර්වාදර්ශයක් නිසා වහාම නිතිය ක්‍රියාත්මක කරන අංශ මේ පිලිබදව තම අවධානය යොමු කොට තරාතිරම නොබලා නීතිය මෙවැනි පුද්ගලයන්ට ක්‍රියාත්මක කල යුතු බව ශ්‍රී ලංකා පරිවර්තන සමූහය ලෙස අවධාරණය කරමු.

    රජීව් යසිරු කුරුවිටගේ මැතිව්
    සභාපති
    ශ්‍රී ලංකා පරිවර්තන සමුහය

  • අසාද් සාලී නිතී විරෝධීව පරිහරණය කළ විදෙස් අංක තහඩු සහිත අධි සුඛෝපභෝගී මෝටර් රථයක් සොයාගනී (වීඩියෝ)

    අසාද් සාලී නිතී විරෝධීව පරිහරණය කළ විදෙස් අංක තහඩු සහිත අධි සුඛෝපභෝගී මෝටර් රථයක් සොයාගනී (වීඩියෝ)

    බස්නාහිර පළාත් ආණ්ඩුකාර අසාද් සාලි විසින් පරිහරණය කරන ලද මෙරට ලියාපදිංචි නොකළ විදේශ රටක පරිහණය කරන ලද, එම අංක තහඩු සහිත අධි සුඛෝපභෝගී බෙන්ස් මෝටර් රථයක් ලද තොරතුරකට අනුව ඊයේ(03) පොලිසිය විසින් සොයාගෙන ඇත.

    මෙම රථය සම්බන්ධයෙන් දුරකථනය හරහා පොලිසිය අසාද් සාලිගෙන් විමසූ අවස්ථාවකදී ඔහු ප්‍රකාශ කර ඇත්තේ, මේ ගැන රේගුව දන්නා එහි ලිපි ලේඛන රේගුවේ ඇති බවත් බවත්, තමා මෙම රථය තමා භාවිත නොකළ බවත්, සුපිරි රථ 6ක් තිබෙන තමාට මෙම රථය වැඩයක් නොමැති බවත්, මේ රථය අත් අඩංගුවට ගෙන පසුව ප්‍රශ්න ඇති විය හැකි බවට” වන වක්‍රාකාර තර්ජනයකි.

    කෙසේ වෙතත් මෙම රථය පරීක්ෂා කිරීමේදී එහි තිබේ අසාද් සාලිගේ ලිපි ලේඛන විශාල ප්‍රමාණයක් සොයාගෙන තිබේ.


  • රතන හිමිගේ උපවාසයත් අවසන්; ආණ්ඩුවේ මුස්ලිම් අයගේ මැති ඇමතිකම් ටිකත් කෙටි කලකට අවසන්

    රතන හිමිගේ උපවාසයත් අවසන්; ආණ්ඩුවේ මුස්ලිම් අයගේ මැති ඇමතිකම් ටිකත් කෙටි කලකට අවසන්

    මහනුවර ශ්‍රී දළදා මාළිගාව අභියසදී උපවාසයේ නිරත වූ පූජ්‍ය අතුරලියේ රතන හිමියන් අද සවස උපවාසය අත් හරිනු ලැබීය.

    ඒ උන්වහන්සේ උපවාසයේ නිරත ස්ථානයට පැමිණි මධ්‍යම පළාත් ආණ්ඩුකාර මෛත්‍රී ගුණරත්න මහතා අසාද් සාලි සහ එම් එල් ඒ එම් හිස්බුල්ලා යන ආණ්ඩුකාරවරුන්ගේ ඉල්ලා අස්වීම උන්වහන්සේට ලිඛිතව දැනුම් දීමෙන් අනතුරුවයි.

    මේ අතර වත්මන් ආණ්ඩුවේ මුස්ලිම් මැති ඇමතිවරුන්ට එල්ල වී ඇති ඉස්ලාම් අන්තවාදී ත්‍රස්තවාදයට ආධාර අනුබල දීම ඇතුළු අපරාධ චෝදනාවන්ට එරෙහිව අපක්ෂපාතී පරීක්ෂණයක් පැවැත්වීම වෙනුවෙන් ආණ්ඩුවේ සියලුම ඇමතිවරුන්, නියෝජ්‍ය ඇමතිවරුන්, රාජ්‍ය අමාත්‍යවරුන් එම ධුරවලින් තාවකාලිකව ඉල්ලා අස්වී ඒ සඳහා මසක කාලයක් ජනාධිපතිවරයා ඇතුළු ආණ්ඩුවේ අදාළ බලධාරීන් වෙත ලබාදෙන ලදී.

    රටේ ජාතික සමඟිය ඇතුළු සංහිඳියාව ඇති කිරීම වෙනුවෙන් නම්‍යශීලී ලෙස ගත් මෙම තීන්දුව තුලින් මේ වන විට සිංහල-මුස්ලිම් ජනතාව තුල ඇති සැකය සහ විරසකය යම් ප්‍රමාණයකට සමනය කිරීමටද පිටුවහලක් වනු ඇත.

    එසේම මෙම කාලසීමාව තුළ මුස්ලිම් අන්තවාදී ත්‍රස්තවාදයට ආධාර අනුබල දී ඇති මැති ඇමතිවරුන්ට එරෙහි කඩිනම් අපක්ෂපාතී පරීක්ෂණ පැවැත්වීමත් වරදකරුවන්ට එරෙහිව දඬුවම් දීමත් සිදුකළ යුතුව ඇත.

    ඇමති ධුර අතහැරියද ඔවුන් මන්ත්‍රීවරුන් ලෙස තව දුරටත් රජය නියෝජනය කිරීමටද තීරණය කර ඇත.

    ඉල්ලා අස්වන ඇමතිවරුන් පිරිස මෙසේය.

    රවුෆ් හකීම් – නගර සැලසුම්, ජලසම්පාදන සහ උසස් අධ්‍යාපන අමාත්‍ය
    කබීර් හෂීම් – මහාමාර්ග හා මාර්ග සංවර්ධන සහ ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය
    රිසාඩ් බදියුදීන් – කර්මාන්ත හා වාණිජ කටයුතු, දිගුකාලීනව අවතැන් වූ පුද්ගලයන් නැවත පදිංචි කිරීම, සමුපකාර සංවර්ධන සහ වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන අමාත්‍ය
    අබ්දුල් හලීම් – තැපැල් සේවා හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍ය

    ෆයිසාල් කාසිම් – සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය
    සෙය්යිඩ් අලී සාහීර් මවුලානා – සමාජ සවිබලගැන්වීම් රාජ්‍ය අමාත්‍ය
    එච්. එම්. එම්. හරීස් – පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය
    අමීර් අලි සිහාබ්දින් – කෘෂිකර්ම, වාරිමාර්ග සහ ග්‍රාමීය ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය

    අබ්දුල්ලාහ් මහ්රූෆ් – වරාය හා න‍වික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය

    එක්සත් ජාතික පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සමඟ පැවති සාකච්ඡාවට කිහිපයකින් අනතුරුව මුස්ලිම් මැති ඇමතිවරුන් ගත් මෙම තීන්දූව දේශපාලන උපායමාර්ගික වශයෙන් අතිශය උපක්‍රමශීලී වන අතර ජාතිවාදය දඬමීමා කරගනිමින් රටේ ගැටුම් ඇතිකරමින් දේශපාලන වාසි ගැනීමට කටයුතු කළ මහින්ද රාජපක්ෂ ඇතුළු රාජපක්ෂ කඳවුරට පෙරළා එල්ල වුණු දැවැන්ත පහරකි.

  • මට කියල අස්කරවගන්නෙ නැතිව අද දවස අතුලත කරුණාකරල ඉල්ලා අස්වෙන්න….  – මේක අවසාන දැණුම්දීමයි

    මට කියල අස්කරවගන්නෙ නැතිව අද දවස අතුලත කරුණාකරල ඉල්ලා අස්වෙන්න…. – මේක අවසාන දැණුම්දීමයි

    ” මට කියලා අස්කරගන්නෙ නැතිව අද දිනය ඇතුලත කරුණාකරල ඉල්ලා අස්වෙන්න ” ජනාධිපතිවරයා විසින් හිස්බුල්ලා සහ අසාද් සාලි යන ආණ්ඩුකාරවරුන් හට අද උදෑසන දැනුම් දෙන ලදී.

    රට ඇතුලෙ ඔයාලට තියෙන විරෝධය පේනවනෙ. මම කල් දුන්නෙ තමුන්ලා ඒ විරෝධය දැකලා අයින් වෙයි කියල. නමුත් ජනතා මතයට හිස නමන්න තමුන්ලා කටයුතු කලේ නෑනෙ. ඒ නිසා මට කියලා අස්කරගන්නෙ නැතුව අද දවස ඇතුලත කරුණාකරල ඉල්ලා අස්වෙන්න. අද දවස විතරයි මම තමුන්ලාට කල් දෙන්නෙ. යැයි ජනාධිපතිවරයා පවසන ලදී.

    මේ අනුව අද දිනය තුල ආණ්ඩුකාරවරුන් දෙදෙනා ඉල්ලා අස්වීමේ ලිපි ගෙන්වා ගැනීමට අවශ්‍ය කටයුතු සිදුකර ඇතිබව ජනාධිපති ලේකම් කාර්‍යාලය තොරතුරු දැනගන්නට ඇත

  • පෙරට වඩා අඩුම මිලට විදුලිය ගත්තේ අපි, ඒක නිසා විපක්ෂයට අද කට උත්තර නෑ..

    පෙරට වඩා අඩුම මිලට විදුලිය ගත්තේ අපි, ඒක නිසා විපක්ෂයට අද කට උත්තර නෑ..

    “අපි සෑම අවස්ථාවකම කියන්නේ විදුලි ජනනය සිදුවිය යුත්තේ අවම මිලක් යටතේ කියලා. ඒක අපි ක්‍රියාවෙන්ම අද ඔප්පු කරලා තිබෙන්නේ. මීට ඉහත පැවති මිල ගනන් වලට වඩා අවම මිල ගනන් යටතේ හසිදි විදුලිය මිලදී ගැනිමක් සිදුකිරීම පිළිබදව අද විපක්ෂය වික්ෂිප්ත වෙලා ඉන්නේ. මේ අවස්ථාවේ මම අභියෝග කරනවා, මීටත් වඩා අවම මිලක් යටතේ විදුලිය මිලදි ගැනීමක් කරන්න පුළුවන් නම්, ඒක අපට පෙන්වන්න කියලා. අපි පාරිභෝගිකයා පමණක් නෙමෙයි විදුලිබල මණ්ඩලයත් ආරක්ෂා වනපරිදි පූර්ණ විනිවිද භාවයකින් තමයි කටයුතු කරන්නේ. විදුලි කප්පාදුවක් කිසිසේත්ම ඇති නොවන පරිදි කටයුතු කිරිම තමයි අපේ අරමුණ. ජනතාවට අඛණ්ඩ මෙන්ම ගුණාත්මක විදුලි සේවයක් සැපයීම තමයි අපේ ඉදිරි ගමන. අපි මොන දේ කෙතරම් හොදින් කලත් විපක්ෂය නිතරම උත්සාහ කරන්නේ, එයාලගෙ මිම්මෙන් අපිව මනින්න. අපි නොකරපු දේවල් කළා කියලා, ඔවුන්ගේ මිම්මෙන් අපිව මනින්න හදන එක තමයි දුක” යැයි විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා අවධාරණය කරයි.

    අමාත්‍යවරයා මෙම අදහස් පලකළේ පසුගිය දින (30) Jet wings Holdings ආයතනයේ පැවති උත්සව අවස්ථාවකට සහභාගි වෙමිනි. මෙහිදී විදුලි සම්ප්‍රේෂණ මාර්ගයක් ඉදිකිරීම සම්බන්ධයෙන් චීන සමාගමක් වන Gingdo Holdings Power Equipment Ltd සමග ලංකා විදුලිබල මණ්ඩලය අතර ගිවිසුම් අත්සන් කෙරිනි. ආසියානු සංවර්ධන බැංකු ණය ආධාර මත මීටර් 300 ක් පමණ දිගින් යුතුව ඉදිකිරීමට නියමිත මෙම සම්ප්‍රේෂණ මාර්ගය සදහා ඇමරිකානු ඩෝලර් මිලියන 115 ක මුදලක් වැයවෙතැයි ඇස්තමේන්තු කර තිබේ. මෙහි ඉදිකිරීම් කටයුතු සිදුකරනු ලබන්නේ Theresa Holdings Pvt Ltd විසිනි. මෙම අවස්ථාවට විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍යාංශ ලේකම් ආචාර්ය සුරේන් බටගොඩ සහ ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති රකිත ජයවර්ධන යන මහත්වරුන්ද සහභාගි වූහ.

    මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය කරුණානායක මහතා ..,

    “ශ්‍රී ලංකානු සමාගමක්, ජාත්‍යන්තර සමාගමක් සමග එකතු වෙලා ලංකාවේ විදුලි සම්ප්‍රේෂණ සහ බෙදාහාරීමේ ජාලය නවීකරණය කිරීම පිළිබදව අපි සතුටට පත්වෙනවා. විදුලි පාරිභෝගිකයාට මීට වඩා අවම මිලකට, වඩාත් හොද විදුලි සේවාවක් ලබාදම වෙනුවෙන් ශ්‍රී ලංකානු විදුලිබල ක්ෂේත්‍රය සමග සම්බන්ධවෙලා ඉදිරියටත් කටයුතු කරන ලෙස එම සමාගම් වලට මම ආරාධනා කරනවා. විදුලිබල මණ්ඩලයත් සමග අත්වැල් බැදගෙන අපේ අහිංසක පාරිභෝගිකයාට සේවයක් කරන්න ඉදිරිපත්වීම සතුටට කරුණක්. ශ්‍රී ලාංකික තාක්ෂණික ඥාණය, ජාත්‍යන්තරයත් සමග සම තත්ත්වයේ ගමන් කිරීම ඉතාමත් වැදගත් කරුණක්. අද අපිට මෙම අවස්ථාවේ එය සාධක සහිතව ඔප්පු කිරීමට හැකිවෙලා තිබෙනවා.

    ආසියානු සංවර්ධන බැංකුවත් සමග ලංකා විදුලිබල මණ්ඩලය කිලෝමීටර් 300ක බෙදාහැරීමේ ජාලයක් ඇති කිරීමට වැඩකටයුතු සිදුකළා. සාමාන්‍යයෙන් මේ කාර්යය සදහා වසර 2 ක් පමණ ගතවෙන නමුත් ඔවුන්ගේ තාක්ෂණික ඥාණය මත වසර 1 ½ කින් නිම කිරීමට එකගවුණා. මම ඔවුන්ට අභියෝගයක් දුන්නා මේ කාර්යය වසරකින් නිම කරන්න කියලා. ඒක තමයි අපේ සාර්ථකත්වය” යැයි පැවසීය.

  • “වල් පරයා.. ඕකා මාව කෑවා” මහින්ද දැමූ සත්තම්වලට ගෝඨා විසිවෙයි..

    “වල් පරයා.. ඕකා මාව කෑවා” මහින්ද දැමූ සත්තම්වලට ගෝඨා විසිවෙයි..

    පෙරේදා (27) බොරැල්ල එන්.එම්. පෙරේරා කේන්ද්‍රයේ පැවති මාධ්‍ය හමුවේදී වාසුදේව විසින් ගෝඨාභයට  එරෙහිව කළ ප්‍රකාශය මහින්දගේ උපදෙස් මත සිදුවූවක් බව වාර්තා වෙයි. ‘ගෝඨා පිටුපස ඉන්නේ ඇමරිකානු අධිරාජ්‍යවාදය’ යයි වාසුදේව කීවේය. ගෝඨා, මිලින්ද මොරගොඩ සහ රොබට් බ්ලේක් එක්ව කුමන්ත්‍රණකාරී දේශපාලනයක නියෙලෙන බව වාසුදේව පෙන්වා දුන්නේය. තවද ” 225ම  එපා ”, ‘තවදුරටත් දේශපාලනඥයන් එපා වැනි ‘ප්‍රොපගැන්ඩා’ පු‍ටුපස  සිටින්නේ ගෝඨාභය සහ මිලින්ද මොරගොඩ කන්ඩායම බව වාසුදේව එහිදී කියා තිබුනි.

    මහින්දගේ රතු ඉර

    පාස්කු ප්‍රහාරයෙන් පසුව ” මම ඉස්ලාමීය ත්‍රස්තවාදයට එරෙහිව ජනපති සටනව එනවා’ කියමින් ගෝඨා කරලියට ආවේය. ව්‍යවසනයක් අතර තුර එවන් ප්‍රකාශයක් කිරීම් ගැන මහින්ද පාර්ශවයෙන් ගෝඨා වෙත බලවත් විරෝධයක් එල්ල විය. නමුත් ගෝඨාගේ ආධාරකරුවන් ගේ මතය වුයේ  2020 සටනට ආශිර්වාදයක් මෙන්  ඇතිවූ ‍රැල්ල පවත්වාගෙන යා යුතු බවය. පාස්කු ප්‍රහාරයෙන් දින කිහිපයකට පසු ගෝඨා දෙරණ 360 වැඩසටහනට ආවේය.

    අතින් කාගෙන රොබට් බ්ලේක් ගෙන්වීම

    පාස්කු ප්‍රහාරයෙන් සති දෙකක් ගත වෙත්ම මිලින්ද මොරගොඩ හිටපු ඇමෙරිකානු තානාපති රොබට් බ්ලේක් ගෙන්වා දේශණයක් තැබුවේය. අතොරක් නැතිව ගෝඨාගේ ගුණ වැයූ රොබල් බ්ලේක්  ”ගෝඨාගේ ක්‍රමවේදය යළි ස්ථාපිත කළ යුතුයි” කීවේය. රොබට් බ්ලේක් ගෙන්වා සංදර්ශනයක් තැබීම ගැන මහින්ද සිටියේ බලවත් කලකිරීමකිනි. රොබට් බ්ලේක්  ඔබාමා පරිපාලනයේ නිලධාරියෙකු වන අතර දැන් හපයක් සේ පැත්තකට විසි කොට ඇති අයෙකි. දැන් ඔහු කරන්නේ මුදලට ලොව පුරා දේශන පැවැත්විමය. පාස්කු ප්‍රහාරය හරහා ඇමෙරිකාවේ සැගවුනු  න්‍යාපත්‍රය හෙලිදරව් වූ පසුබිමක අතින් කාගෙන රොබට් බ්ලේක් ගෙන්වීම මෝඩ කමක් බව මහින්දගේ මතය විය.

    ” වල් පරයා ඕකා මාව කෑවා ”

    මිනුවන්ගොඩ ප්‍රහාර මාලාව සියල්ල උඩුයටිකුරු කළේය .මධුමාධව මිනුවන්ගොඩ සැරිසරණ අයුරු දු‍ටු මහින්ද ගෝඨාබය ඇමතුවේ තිත්ත කුනුහරපයෙනි . මහින්ද දේශනය පටන්ගත්තේ ” වල් පරයා ඕකා මාව කෑවා ” යයි කියමිනි. මහින්ද්ගේ කථාවට සවන් දුන් ගෝඨා නිවසින් පිට වූයේ දැඩිකලකිරීමෙන් සහ හුළං ගිය බැලුමක් මෙනි. 2020 සටනට ගෝඨාට විවරණ දීමට මහින්ද මුලසිටම පස්ස ගැසුවේය . යම් හෙයකින් ගෝඨා බලයට පැමිනියහොත්,  කාල්ටන් නිවසේ බලය ගෝඨා ගේ නිවසට මාරු වන්නේය. එය නාමල්ගේ දේශපාලනය අනතුරේ දැමීමකි.

    සිරිසේනගේ මීලග තුරුම්පුව

    දැන් මහින්ද යලින් රෑට රෑට සිරිසේන සමග කථා පවත්වන්නේය. ලබන මාසයේදී ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු සිසිර ආබෲ විශ්‍රාම ගැනීමට නියමිතය. වර්තමාන අගවිනිසුරු ධූරය හොබවන්නේ ඔක්තෝබර්  කුමන්ත්‍රනය නීත්‍යානුකූලයයි කියු ජයන්ත ජයසූරියයි. දැන් මුළු  ශ්‍රේෂ්ඨාධිකරණයම පාහේ සිරිසේන පත් කල එකකි. සිය ධූර කාලය ආරම්භ වන්නේ කවදාද  යන්නට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අර්ථ නිරූපනයක් ලබා ගැනීම සිරිසේනගේ මීළග තුරුම්පුවය. බෝහෝ විට එය සිරිසේනට වාදිදායක තීන්දුවකි. එසේ වුව හොත් ඔහුට 2020 ජූනි දක්වා ‍රැදී සිරීමට හැකි වනු ඇත. ඒ අනුව  මුලින් පැවැත්වෙන්නේ ජනාධිපතිවරණයක් නොව පාර්ලීමෙන්තු මැතිවරණයකි.

    මරා- සිරා රහස් සැලසුම

    ඥාන-සාර හිමි වැඩට බැසීමත්  සමග  ගෝඨා වටා ඇති සිංහළ බෞද්ධ බලවේගය බෙදී යන්නේය. ඥාන-සාර හිමි හීන් නූලෙන් පහර දෙන්නේ බැසිල්ට මහින්දට නොව ගෝඨාබයටය. තවද අසාත් සාලි, හිස්බුල්ලා වැනි දේශපාලකයන් සිටින්නේද සිරිසේන සමගය.  සිරිසේනගේ සැලසුම මහින්ද සමග එක්ව පාර්ලීමේන්තු මැතිවරණය පලමුව කැදවා එහි වැඩි බලය අත්පත් කර ගැනීමය. අනතුරුව සිදුවන්නේ මහින්ද සහ සිරිසේන යන දෙදෙනාටම තනතුරු හිමිවන ලෙස  ආන්ඩු ක්‍රමව්‍යවස්ථාව වෙනස් කිරීමය. කාල්ටන් නිවසට  අභියෝගයක්ව ඇති ගෝටා නිෂ්ක්‍රීය වන්නේය.

    -විශේෂ ලියුම්කරුවෙකු විසිනි-

    lankanewsapp.com