Category: සුපිරි Politics

  • ජනපති අපේක්ෂකයෙක් නම් කිරීමට නිදහස් පක්ෂයෙන් තීරණයක්

    ජනපති අපේක්ෂකයෙක් නම් කිරීමට නිදහස් පක්ෂයෙන් තීරණයක්

    ඉදිරි ජනාධිපතිවරණය සදහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් අපේක්ෂකයෙකු නම් කිරිමට එම පක්ෂයේ මධ්‍යම කාරක සභාව තීරණය කර තිබේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව ඊයේ (26) රාත්‍රී පක්ෂයේ සභාපති ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විය.

    මෙහිදී වත්මන් දේශපලන තත්ත්වය සහ පක්ෂයේ ඉදිරි කටයුතු පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා වී ඇති බව සදහන්.

    මෙතෙක් කිසිදු දේශපාලන පක්ෂයකින් ජනාධිපතිවරණය සදහා අපේක්ෂකයෙකු නම් කර නොමැති බැවින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් අපේක්ෂකයෙකු නම් කළ යුතු බවට මෙහිදී යෝජනාවක් ඉදිරිපත්වී තිබේ. අදාල යෝජනාව ඒකමතිකව සම්මත වූ බව බස්නාහිර පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය මහතා සදහන් කළේය.

    මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර පැවැත්වෙන සාකච්ඡාවල 06 වන සාකච්ඡා වටය ඊයේ (26) පස්වරුවේ විපක්ෂනායක කාර්යාලයේදී පැවැත් විය. අදාල සාකච්ඡාව සාර්ථකව සිදු වූ බව ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දයාසිරි ජයසේකර මහතා සදහන් කළේය.

  • රාජිත, සිරිසේනගේ දත් ගලවයි (වීඩියෝ)

    රාජිත, සිරිසේනගේ දත් ගලවයි (වීඩියෝ)

    ජී 7 සමුළුවේ දී ලෝක නායකයින් ශ්‍රී ලංකා ජනාධිපතිවරයා ලඟට පැමිණ ලබාදුන් ගෞරවය ආරක්ෂා කර ගැනීමට නොහැකි වු බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

    2015 වසරට පෙර ශ්‍රී ලංකාව පිළිබදව ලෝක නායකයින් දක්වන ලද ප්‍රතිචාරය වර්තමානයේ දක්නට ලැබෙන බද අමාත්‍යවරයා පවසයි.

    හිටපු අමාත්‍ය දොස්තර ජයලත් ජයවර්ධන මහතාගේ 06 වන ගුණසමරු උත්සවය වෙනුවෙන් ජා-ඇල ප්‍රාදේශීය රෝහලේ රුපියල් මිලියන 20 ක මුදලක් වැය කරමින් ඉදිකිරිමට යෝජිත අංග සම්පූර්ණ වාට්ටු සංකීර්ණයට අද (24) පස්වරුවේ මුල්ගල තබමින් සෞඛ්‍ය අමාත්‍යවරයා මේ බව පැවැසිය. වර්තමානයේ කසකිස්ථානය, බලුකිස්තානය වැනි රටවල් වලින් පමනක් ජනාධිපතිවරයාට ආරාධනා ලැබෙන බවද අමාත්‍යවරයා පවසයි.

    මහින්ද රාජපක්ෂ මහතාගේ කාලයේ දී ද ශ්‍රී ලංකාවට පැමිණියේ තුට්ටු දෙකේ නායකයින් පමනක් බවත් භාර්යාවන් 32 ක් ඉන්න රාජ්‍ය නායකයෙක් ද ලංකාවට පැමිණි බවත් එම තත්ත්වය වත්මන් නායකත්වය විසින් යළි උදාකර ඇති බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

    මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා,

    “දොස්තර ජයලත් ජයවර්ධන මහතා ගිනස් වාර්තා තබමින් වෛද්‍ය ශාස්ත්‍රය ජනතාවට කියා දුන්නා. සැම පුද්ගලයෙකුටම වෛද්‍ය උපකාර සිදු කළා. මමත් ජයලත් ජයවර්ධන මහතාත් හොද මිත්‍රයන්. ඔහු ප්‍රබුද්ධ දේශපාලනඥයෙක්. ජාතිය, ආගම, කුලය බලා ජනතාවට සේවය කළේ නැහැ. යුධ ගැටලු පැවැති කාලයේ දී උතුරේ ජනතාවටත් සේවය කරමින් සංහිදියාව ගොඩ නැගීමට යුග මෙහෙවරක් කළා.”

    “හිටපු අග්‍රාමාත්‍ය එස්.ඩබ්.ආර්.ඩි බණ්ඩාරනායක මහතා බලය ලබාගන්නා විට අයවැය අතිරික්තයක් තිබුනා. අයවැය හිඟයක් තිබුනේ නැහැ. නමුත් ජාතිය, ආගම ප්‍රශ්න මත රට කෑලි වලට කැඩුනා. පවුලක වුනත් ප්‍රශ්න තිබුනා නම් සාර්ථක වන්නේ නැහැ.

    රටේ තිබූ සමගිය නැති වුනා. අපේ රටට නිදහස ලබාගත්තේ සියලු දෙනා එකමුතු වෙලා. එය අපට තනියෙන් බුක්ති විදින්න බැහැ. විවිධ චෝදනා එල්ල කරන අයට වඩා මම හොද බෞද්ධයෙක්. මම පිළිගන්නේ බුද්ධ දර්ශණයයි. ඔය එක එක්කෙනා කියන දර්ශණ මම පිළිගන්නේ නැහැ.

    එකමුතුව ලබාගත් නිදහස කෑලිවලට කඩමින් 1956 සිට තවම ජාතිය ආරක්ෂා කරනවා. පසුගිය කාලයේ සිට ආගමත් ආරක්ෂා කරන්න අපේ අය පුරුදු වුනා. වර්තමානයේ අපි මාලදිවයිනටත් පිටුපසින් සිටින්නේ. ඊනියා දේශපාලනඥයින් මෙය පිළිගත යුතුයි. ජාතිය පිළිබද ප්‍රශ්න ඇති කරලා අපේ රට කාලකණ්නි රටක් බවට පත්ව තිබෙනවා. වර්තමානයේ අපේ රටේ ඒකපුද්ගල ආදායම ඩොලර් 4000 යි.

    ජපානයේ ඒකපුද්ගල ආදායම ඩොලර් ලක්ෂ 04 ඉක්මවනවා. අපි අපේ අදහස් ප්‍රකාශ කරන්නේ රට හදන්නයි. රට හදන්න පුළුවන් කටින් නොව මොළය භාවිතා කරලයි. සිංහල බෞද්ධ දේශපාලනය තිබෙන්නේ ඡන්ද ලබාගැනීමටයි. බණ්ඩාරනායක චෙල්වනායගම් ගිවිසුම එදා ක්‍රියාත්මක කළා නම් අද ප්‍රශ්ණයක් ඇති වෙන්නේ නැහැ කියලා සමහරු කියනවා.

    අපේ ආණ්ඩුව අපේම ප්‍රචාරක කටයුතු නතර කළා. අපි ඉටු කළ සේවාවන් ජනතාව අතරට ගියේ නැහැ. මම මීගමුව රෝහලේ තට්ටු 08 ක ගොඩනැගිල්ලක් ඉදිකරනවා. නමුත් මම මීගමු රෝහලට ගිය අවස්ථාවේ එළියේ සිටි පොහොට්ටුවේ 25 ක් විතර කෑගහලා තිබුනා. එය තමයි අපේ මාධ්‍යයට ප්‍රවෘත්තිය වුනේ.

    මම එම මිනිස්සු දැක්කෙත් නැහැ. අපේ රජයේ සිටින්නේ පසේ බුදුවරු. නමුත් අපි බය නැතිව කියන්න තිබෙන දේ කියනවා. 2019 සහ 2020 මැතිවරණ අපි අනිවාර්යයෙන්ම ජයගන්නවා. 

    අපේ රටේ ඉන්නේ බත් කන ජනතාවක්. ලංකාවේ මොනතරමි නොතේරෙන පුද්ගලයින් සිටියත් බුද්ධිමතුන් ද සිටිනවා.”

  • එක්සත් ජාතික පක්ෂය තුළ ඉදිරි පෙළ, පසු පෙළ කියලා වෙනසක් නැහැ..

    එක්සත් ජාතික පක්ෂය තුළ ඉදිරි පෙළ, පසු පෙළ කියලා වෙනසක් නැහැ..

    “එක්සත් ජාතික පක්ෂය තුළ ඉදිරි පෙළ, පසු පෙළ කියලා වෙනසක් නැහැ. සියල්ලන්ම එකම පක්ෂයක්. එක්කෙනෙක් දෙන්නෙක් පීලි පැනලා කතා කළාට ඒක පක්ෂයේ ස්ථාවරය නෙමෙයි. එ.ජා.ප.යෙනුත් වැරදි සිදුවෙලා තිබෙනවා. එක්කෙනෙක් දෙන්නෙක් නොමග යවන ප්‍රකාශ කරලා, පක්ෂය නැති කරන්න උත්සාහ කරනවා. නමුත් ඒ සියලු දේ නිවැරදි කරගෙන,  ජනතාව තුල විශ්වාසයක් ඇතිකරන්න පුළුවන් ගමනක් අපි ආරම්භ කරනවා” යැයි විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා අවධාරණය කරයි.

    අමාත්‍යවරයා මේ බව පැවසුවේ, පසුගියදා මරදාන බුහාරි තයිකා මුස්ලිම් පල්ලියේ 234 වන සාංවත්සරිකය සහ දානමය අවස්ථාවකට සහභාගි වෙමිනි. මෙම අවස්ථාවට අතිඋතුම් As Shaik Afzalul Thaika Nasir Alim උලමාතුමාද සහභාගි විය.

    මෙහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය කරුණානායක මහතා ..,

    “අද අපි ශ්‍රී ලාංකිකයන් වශයෙන් අත්වැල් බැදගෙන සිටින්නේ. ඒ අනන්‍යතාවය සනාථ කරන්න තමයි, අද අපි මේ මුස්ලිම් පල්ලියට පැමිණියේ. එක රටක්, එක නීතියක්, එක ව්‍යවස්ථාවක් තුළීන් අපි ඉදිරියට යන්න ඕන. ශ්‍රී ලාංකික යන පදනමෙන් ගියොත් අපි කාටවත් වරදින්නේ නැහැ.

    නොයෙක් පුද්ගලයන් කිසිම ස්ථාවරයක් නොමැතිව. ජනාධිපති අපේක්ෂකත්වය පිළිබද විවිධ අදහස් සහ නාමයන් ඉදිරිපත් කරනවා. නමුත් මම වගකීමෙන් කියන්නේ, තවමත් එක්සත් ජාතික පක්ෂයෙන් ජනාධිපතිවරණයට ඉදිරිපත්වන අපේක්ෂයා පිළබදව තීරණයක් අරගෙන නැහැ. රටට ඔබින, ජාතික මට්ටමෙන් නායකත්වයක් දෙන්න පුළුවන් දේශපාලන පරිණතයෙක් තමයි එක්සත් ජාතික පක්ෂයෙන් ජනාධිපතිවරණය සදහා ඉදිරිපත් කරන්නේ. එහෙම නැතිව, තමන්ගේ ප්‍රදේශයේවත් ජයග්‍රහණයක් හිමිකරගන්න බැරි පුද්ගලයෙක් නෙමෙයි එක්සත් ජාතික පක්ෂ ජනාධිපති අපේක්ෂකයා වන්නේ. විශේෂයෙන්ම ඒ පුද්ගලයා සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර්, මැලේ, බෞද්ධ, කතෝලික, ක්‍රිස්තියානි, ඉස්ලාම්, හින්දු යන සැම පාර්ශවයක්ම ආරක්ෂා කරන්න, ජීවත් කරවන්න හැකියාවක් තිබෙන අන්තවාදි නොවන පුද්ගලයෙක් වියයුතුයි “යැයි පැවසීය.

  • වසර ගණනකට පසු මහින්ද ෆොන්සේකාගේ පිට කසයි (වීඩියෝ)

    වසර ගණනකට පසු මහින්ද ෆොන්සේකාගේ පිට කසයි (වීඩියෝ)

    රටේ පවතින ආරක්ෂක තත්ත්වය සම්බන්ධයෙන් නිවැරදි අවබෝධයක් ඇති ආණ්ඩුවේ සිටින එකම පුද්ගලයා පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු හමුදාපති ෆිල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පමණක් බව විපක්ෂ නායක මහින්ද රාජපක්ස මහතා පවසයි.

    ඊයේ(23) රාත්‍රීයේ මහනුවර, ගැටඹේ ප්‍රදේශයේ පැවති මධ්‍යම පළාත් වෘත්තීය දේශකයන්ගේ හමුවීමට එක්වෙමින් විපක්ෂ නායකවරයා මෙම අදහස් පළ කළේය.

    ජාතික ආරක්ෂාවට මුල් තැන ලබා දෙන විනයක් රට තුළ පැවතිය යුතු බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසයි. රටක ආරක්ෂාව නැතිනම් අනෙක් සියලු දේ කඩා වැටෙන බව ද විපක්ෂ නායකවරයා මෙහිදී කියා සිටියේය.

    වසර ගණනාවක් නොතිබුණ ආරක්ෂාව යළි ගොඩනගා බියෙන් තොරව ජීවත් වීමට හැකි යුගයක් තමා ලබා දුන් බව ද පැවසු මහින්ද රාජපක්ෂ මහතා, මිනිස්සුන්ට තමා යුද්ධය ජයග්‍රහණය කරන බවට විශ්වාසයක් පැවති බව ද කියා සිටියේය.

    දිනක් කැබිතිගොල්ලෑවේ බෝම්බ ප්‍රහාරය එල්ල කල අවස්ථාවේ තමා ආරක්ෂක මණ්ඩලයේ සිටි බවත් ඒ මොහොතේ සියලු දෙනා ජනතාව වෙත ගොස් මිනිස්සුන්ගේ බය නැති කල බවද හෙතෙම පැවසීය.

    යුද්ධයක් පැවතියත් කිසිවිටෙකත් ජනතාවට බර පැටෙව්වේ නැති බව ද පැවසු විපක්ෂ නායකවරයා, එක් පැත්තකින් අද වන විට එය වැරදි බව හැඟෙන බවත් ජනතාවට දැනෙන්න දෙන්න ඕන බව ද පැවසීය.

  • නොහොඳ නෝක්කාඩු අවසන් කර ගමනක් යන ජනපතිගෙන් අගමැතිට ආරාධනයක්..!

    නොහොඳ නෝක්කාඩු අවසන් කර ගමනක් යන ජනපතිගෙන් අගමැතිට ආරාධනයක්..!

    නිදහස හා ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කළ යහපත් පාලනයක් ඉදිරියේ දී රට තුළ ඇතිකිරීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 18 සහ 19 වන සංශෝධනයන් අහෝසි විය යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

    පසුගිය ආරෝවන්, තරහ මරහ අමතක කර ආණ්ඩුව අඛණ්ඩව ශක්තිමත්ව ඉදිරියට ගෙන යෑම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද(23) අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට ප්‍රසිද්ධ, විවෘත ආරාධනාවක් කළේය. ඊට අග්‍රාමාත්‍යවරයාගෙන් සහ එජාප නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතාගෙන් ධනාත්මක ප්‍රතිචාරයක් ලැබෙනු දක්නට ලැබිණ. 

    මෙහිදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිදුකළ එම කථාව ඔහුගේම වචනවලින් මෙසේය.

    ‘‘ගරු අග‍්‍රාමාත්‍යතුමනි, මේ ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ 40 වසරක් සමරනවා වගේම අපේ ආණ්ඩුවට දැන් අවුරුදු හතරහමාරක් ගතවෙනවා. මැතිවරණයකට යන්න තියෙන්නේ තව මාස හතරක පහක කාලයක් පමණයි. ඒ නිසා මේ අවුරුදු හතරහමාරක කාළ සීමාව තුළ ආණ්ඩුවක් විදියට අපි හරියට කරාද වැරදුනාද කියලා සොයා බැලිය යුතුයි. මේ ආණ්ඩුවේ කටයුතු පිළිබඳ ආපසු හැරී බැලීමක් දැන් තියන්න වෙලාව ඇවිත් තියෙනවා.

    මේ කාළය තුළ ආණ්ඩුව නරක් විමට ප‍්‍රධානතම හේතුව තමයි 19 වැනි සංශෝධනය. 19 වැනි සංශෝධනය ආවේ නැත්නම් මේ ආණ්ඩුව හොඳ ආණ්ඩුවක් විමට ඉඩ තිබුණා. මේ රටේ ජනතාව අතර විශාල චෝදනාවක් තියෙනවා අගමැතිතුමයි මමයි දෙපැත්තට අදිනවා කියලා. මේ දෙපැත්තට අදින තත්වය ඇති වුණෙත් 19 වන සංශෝධනය නිසයි. 18 වන සංශෝධනය තනිකරම ආඥාදායක ඒකාධිපති ක‍්‍රමයක් ඒක ඉතාම නුසුදුසුයි. 18 වන සංශෝධනය අහෝසි කිරීමට තමයි අපි ආණ්ඩුවක් හැදුවේ.

    ඒත් 19 වන සංශෝධනයෙන් මේ රටේ දේශපාලන අස්ථාවරත්වයක් ඇති වුණා. එක නායකයෙක් නැතිව ගියා. මේ සංශෝධනයෙන් ජනාධිපතිත් අගමැතිත් දෙපැත්තට අදින ක‍්‍රමයක් ඇති වුනා. ඒකෙන් රටටත් ආණ්ඩුවටත් විශාල අලාභයක් සිද්ධ වුණා.

    18 වන සංශෝධනය ඒකාධිපතියි, 19 වන සංශෝධනයෙන් රට අස්ථාවර වෙනවා. රට අරාජිකයි කියලා මිනිස්සු අපිට කියන්නේ මේ 19 වැනි සංශෝධනයෙන් ඇතිවූ තත්වය නිසයි. 19 වන සංශෝධනය ඇති නොවුණා නම් මේ අවුරුදු හතරහමාරක කාලය මිට වඩා විශිෂ්ඨට ජයග‍්‍රාහී සිව්වසරක් වීමට ඉඩ තිබුණා” යැයිද ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා එහිදී පැවැසීය.

  • බැසිල්ගෙන් ගෝඨාට තවත් කණේ පහරක්..!

    බැසිල්ගෙන් ගෝඨාට තවත් කණේ පහරක්..!

    විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකයා ලෙස ප්‍රකාශයට පත් කිරීම පක්ෂ ජාතික මහා සම්මේලනයේ දී සිදුකිරීමට නියමිත බව එම පක්ෂයේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා පවසයි.

    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික මහා සම්මේලනය ලබන අගෝස්තු මස 11 වැනිදා කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට කටයුතු යොදා ඇති බව ඔහු පවසන්නේය.

    සිය පක්ෂ නියෝජිතයින් මෙන්ම සහෝදර දේශපාලන පක්ෂවලට ද පක්ෂ සම්මේලනය සදහා ආරාධනා කරන බව බැසිල් රාජපක්ෂ මහතා සදහන් කළේය.

    එමෙන්ම මහින්ද රාජපක්ෂ මහතා විසින් ඉදිරි ජනාධිපතිවරණ අපේක්ෂකයා සම්බන්ධයෙන් ද පක්ෂ ජාතික මහා සම්මේලනයේ දී ප්‍රකාශයට පත් කරනු ඇති අතර එම අපේක්ෂකයාට සිය පුර්ණ සහය ලබාදෙන බව කොළඹ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් බැසිල් රාජපක්ෂ මහතා කියා සිටියේය.

  • ජනාධිපති අපේක්ෂකත්වයට සුදුසුකම් ලබන්න අඩුම ගානේ O/Lවත් තිබිය යුතුයි! රවී මේ කියන්නේ සජිත්ටද..?

    ජනාධිපති අපේක්ෂකත්වයට සුදුසුකම් ලබන්න අඩුම ගානේ O/Lවත් තිබිය යුතුයි! රවී මේ කියන්නේ සජිත්ටද..?

    වැඩිකල් යන්නට මත්තෙන් මේ රටේ ජනාධිපතිවරණයක් පවත්වනවා. ඒ තුළින් මේ රටේ ඉදිරි අනාගතය කුමන ආකාරයෙන්ද වෙනස් වන්නේ කියන එක තීරණය වනවා. අපි අදුරේ අතපත ගාන්නේ නැතිව, දක්ෂයට සුදුසු තැන දීලා, හැකියාවට තැන දීලා, මේ රට දියුණුවේ මාවතට ගෙනයන්න අවස්ථාවක් උදාකරගත යුතුයි. අප රට ගැන ඉදිරියට හිතනවානම්, රට ඉදිරියට ගෙනයනවානම්, ආයතනයක් තුළ වගේම රටේ දේශපාලනය තුළ, දේශපාලන පක්ෂ තුළ විනයක් ඇති කල යුතුයි. ලංවිම තුළ අවම මට්ටමේ රැකියා අවස්ථාවක් ලබාගන්නත් අ.පො.ස. සාමාන්‍ය පෙළ අවශ්‍යයි. නමුත් අපේ රටේ දේශපාලන ව්‍යුහය තුල දේශපාලඥයෙකුට කිසිම සුදුසුකමක් නැතිවත් ජනාධිපති වෙන්න අවස්ථාවක් තියෙනවා. ආයතනයක් පවත්වාගෙන යන්න අධ්‍යාපන සුදුසුකම් අවශ්‍යනම්, රටක් පාලනය කරන්න අධ්‍යාපන සුදුසුකම් අවශ්‍ය නැද්ද.

    මේ රටේ දේශපාලනය කරන්න නම් අවම වශයෙන් අ.පො.ස. සා/පෙලවත් තිබිය යුතුයි කියලා මම යෝජනා කරනවා. මේ තුළින් ඉදිරියට යද්දි, මන්ත්‍රීවරයෙක්, නියෝජ්‍ය අමාත්‍යවරයෙක්. අමාත්‍යවරයෙක්, අගමැතිවරයෙක් වගේම ජනාධිපතිරයෙක් බවටත් පත්වෙන්න අවස්ථාව ලබාදිය යුතුයි. නමුත් මේ එක් එක් පියවර වෙනුවෙන් වෙනවෙනම අධ්‍යාපන සුදුසුකම් සලකා බැලිය යුතුයි. මේ තත්ත්වය ඇතිකල යුතුයි. ඒ ආකාරයෙන් නැති එකේ ප්‍රථිවිපාක තමයි අද පේන්න තිබෙන්නේ. ඉදිරියේදී එළඹෙන ජනාධිපතිවරණයට සෑම පකෂයකින්ම අපේක්ෂකයින් ඉදිරිපත් කරයි. අධ්‍යාපන සුදුසුකම් සමග දක්ෂතාව ඉස්මතු කරන්න පුළුවන්, පරිනත දේශපාලඥයෙක් තමයි අපි ජනාධිපති අපේක්ෂකයා හැටියට ඉදිරිපත් කරන්නේ. අපට අවශ්‍ය වන්නේ දක්ෂ නායකත්වයක්. ඒ නිසා රෑ වැටුණ වලේ දවල් වැටෙන්න ඕන නැහැ” යැයි විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා අවධාරණය කරයි.

    අමාත්‍යවරයා මේ බව සදහන් කළේ, ලංකා විදුලිබල මණ්ඩලයේ නව පත්වීම්ලාභීන්ට පත්වීම් ලිපි ප්‍රදානය කිරීමේ උත්සව අවස්ථාවට සහභාගි වෙමිනි. බන්ඩාරණායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී අද (21) පැවති මෙම අවස්ථාවට විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති රාජ්‍ය අමාත්‍ය චම්පික ප්‍රේමදාස මහතා ඇතුළු දේශපාලනාධිකාරියේ විශාල පිරිසක් සහ ලංකා විදුලිබල මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් විශාල පිරිසකුත් සහභාගි වූහ.

    මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍ය කරුණානායක මහතා,

    ලංකා විදුලිබල මණ්ඩලය කියන්නේ සාමාන්‍ය සේවා ස්ථානයක් පමණක් නෙමෙයි. මේ ආයතනය මුළු රටටම බද්ධ වෙලා, රටේම අවශ්‍යතාවක් බවට පත්වෙලා තිබෙන සංකීර්ණ ආයතනයක්. ලක්ෂ 68 ක් පමණ පිරිසකට සේවා සපයන එකම ආයතනය බවට අද මේක පත්වෙලා. මේ නිසා තමයි නව ආණ්ඩුවක් ගොඩනගන්න අත දුන්න මන්ත්‍රීවරු සියළු දෙනාගේම ප්‍රදේශයන් වලට මෙම ආයතනයේ රැකියා අවස්ථාවන් බෙදීයන ආකාරයෙන්, හැකියාව සහ දක්ෂතාව මත ලබාදෙන්න තීරණය කළේ. මිට ඉහතදි ලංවිම රැකියා අවස්ථාවන් එක ප්‍රදේශයක පිරිසකට පමණක් සීමා වෙලා තිබුණා. මගේ රාජ්‍ය අමාත්‍යවරයාට මේ අවස්ථාවේ ස්තුතිවන්ත වියයුතුයි මේ ක්‍රියාවලිය මේ ආකාරයෙන් සිදුකිරීමට මට අදහස් සහ සහාය ලබාදුන්නට.

    ලංකා විදුලිබල මණ්ඩලයේ විශේෂත්වය තමයි, මෙහි රැකියාවක් ලබාගන්න බැහැ අධ්‍යාපන සුදුසුකම් නොමැතිව. සහජ හැකියාවන් සහිත, බුද්ධිමත්, රට වැඩක් කලහැකි පිරිසකට තමයි ලංවීම ආයතනික ව්‍යුහය තුළින්ම රැකියාවක් සදහා අවස්ථාව සැලසෙන්නේ. සුදුසුකම් නොමැති දේශපාලන හෙන්චයියන්ට මෙම ආයතනයේ රැකියා ලැබෙන්නේ නැහැ. ජනාධිපතිට, අගමැතිට, ඇමතිවරයෙක්ට, මන්ත්‍රීවරයෙක්ට වගේම මේ රටේ බහුතරයකට නොලැබෙන ආකාරයේ වැටුපක් තමයි ලංවිම සේවකයෙක්ට හිමිවන්නේ. වැටුප නෙමෙයි වැදගත් වෙන්නෙ. ඒ වැටුපට සරිලන සේවයක් සැපයීමයි. ලංකා විදුලිබල මණ්ඩලය දැවැන්ත ආයතනයක් වුවත්, අද මෙවැනි තත්ත්වයකට පත්වෙලා තිබෙන්නේ නිවැරදි නායකත්වයක් නොලැබීම නිසයි. මම ලංවිම ට අභියෝගයක් ඉදිරිපත් කරලා තිබෙනවා. තමාගේ දක්ෂතාවය තුළින් ලංකාව පමණක් නෙමෙයි, අසල්වැසි රටවල් ආක්‍රමණය කරන්න කියලා. ඒ තුළින් ජාත්‍යන්තර තලයේ ආයතනයක් බවට පත් කරන්න කියලා. අපි ජනනාවට සහන සැලසිය යුතුයි. නමුත් එයින් ආයතනයට ලැබෙන පාඩුව දරාගත හැකි මට්ටමක පැවතිය යුතුයි. ගැටළුව තමයි, අවම මිලකට විදුලිය නිපදවන්න පුළුවන්කම තිබියදී, වැඩි මිලකට ජනනය කිරීම. ඒ තතත්වය අපි නිවැරදි කළ යුතුයි. ඒ සදහා යම් කාලයක් යයි. නමුත් ආයතනයේ සියලු පිරිස් වල අදහස් අරගෙන ආයතනය තුළ සැබෑ වෙනසක් ඇතිකරගෙන යනවා “යැයි පැවසීය.

  • ප්‍රසාද්ට ඇමරිකානු තානාපතිකම දුන් අය අද ඔහු ඇමරිකානු ඒජන්තයෙක්‌ කියා කියනවා

    ප්‍රසාද්ට ඇමරිකානු තානාපතිකම දුන් අය අද ඔහු ඇමරිකානු ඒජන්තයෙක්‌ කියා කියනවා

    ප්‍රසාද් කාරියවසම් මහතා ඇමරිකානු තානාපති තනතුරට පත් කළ අය අද ඔහු ඇමෙරිකානු ඒජන්තයෙක්‌ බවට චෝදනා කරන බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (21 දා) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

    ප්‍රසාද් කාරියවසම් මහතාට විදෙස්‌ වැටුපක්‌ සහිතව පාර්ලිමේන්තුවේ තනතුරක්‌ ලබා දී ඇති බවට පසුගියදා විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතා පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශයක්‌ සම්බන්ධයෙන් ඊයේ ද සභාව තුළ අදහස්‌ ඉදිරිපත් වූ අවස්‌ථාවේදී අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව කීවේය.

    මේ සම්බන්ධව සභානායක ලක්‍ෂ්මන් කිරිඇල්ල මහතා ඊයේ ප්‍රකාශයක්‌ කළ පසුව විපක්‍ෂයේ මන්ත්‍රීවරුන් ඝෝෂා කළ අවස්‌ථාවේදී අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අදහස්‌ පළ කරමින් මෙසේද කීය.

    සමහර විට පාර්ලිමේන්තුවට යම් යම් ආයතනවලින් කෙළින්ම ආධාර ලැබෙනවා. එහෙම නැත්නම් ආරාධනා ලැබෙනවා. ඇමරිකාවේ ආරාධනාවලින්, යුරෝපීය සංගමයේ ආරාධනාවලින්, චීනයේ ආරාධනාවලින් අපි පිටරට ගිහින් තිබෙනවා. හෙට ඉඳලා අපි මේ ආරාධනා අනුව පිටරට යනවාද නැද්ද? මන්ත්‍රී කණ්‌ඩායමක්‌ එපා කියනවා. ඒ අය යන්නේ නෑ කියනවා. මින් පසු අගෝස්‌තු, සැප්තැම්බර් මාසවල යන්න එපා කියනවා. චීනයට යද්දී මේ පක්‍ෂයෙන් නම ගන්නේ නැතිව වෙනත් පක්‍ෂවලින් නම් ගන්න.

    විදේශීය සම්මන්ත්‍රණවලට අපි සහභාගි වෙනවද නැද්ද. වෙනත් ආයතනවලින් මුදල් දෙනවා නම් ඒවාට සහභාගි වෙනවාද නැද්ද. උපදේශකවරුන් ලෙස අමුණුගම පත් කරද්දී, කාරියවසම් පත් කරද්දී මගෙන් නම් කිසිවක්‌ ඇහුවේ නෑ. ඒ පත්කළ අවස්‌ථාවේදී පක්‍ෂ නායකයන් විරුද්ධ වෙන්න පුළුවන්. ලබන සතියේ හෝ කථානායක හමුවිය හැකියි.

    කාරියවසම් කියන්නේ ඇමරිකානු නියෝජිතයෙක්‌ කියලා ප්‍රශ්නයක්‌ තියෙනවා නම් ඔහුව ඇමරිකාවට පත් කළේ ඒ ආණ්‌ඩුව. ඇක්‌සා ගිවිසුම අත්සන් කළේ එදා ආණ්‌ඩුව යටතේ. ඇත්ත වශයෙන් එදා අපි ඒකට විරුද්ධ වුණේ නෑ. 2007 දී අත්සන් කළේ. ඒ ගිවිසුම යළි දීර්ඝ කිරීම තමයි අපි අත්සන් කළේ. ඔබතුමන්ලා අත්සන් කරද්දී හොඳයි. අපි අත්සන් කළ එක හොඳ නැහැ. ඇමරිකානු පුරවැසියෙක්‌ පමණක්‌ නොවේ ඇමරිකානු ඒජන්තයොත් ඔවුන්ට සිටිනවා. අපි මේ ගැන විවාදයක්‌ තියමු. අපිට මේ ගැන කිසිම ප්‍රශ්නයක්‌ නෑ. ඔබතුමන්ලා මුළු විදේශ ප්‍රතිපත්තියම ඇමරිකාවට භාර දුන්නා. දැන් කෑ ගහනවා.

  • ජනාධිපති අපේක්‍ෂකයකු වීමට ගෝඨාභයට සුදුසුකම් නැහැ

    ජනාධිපති අපේක්‍ෂකයකු වීමට ගෝඨාභයට සුදුසුකම් නැහැ

    ගෝඨාභය රාජපක්ෂ මහතාට ජනාධිපති අපේක්ෂකයකු වීමට සුදුසුකම් නොමැති බව ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී දුමින්ද දිසානායක මහතා පැවසීය. 

    රටේ ප‍්‍රශ්න තිබියදී ජනාධිපතිවරණයට ඉල්ලන්න බැරි කෙනෙක් ගැන කතා කිරීම ඵලක් නොවන බවත්, ඉන් සිදු වන්නේ ගෝඨාභය රාජපක්ෂ මහතා පමණක් නොව තමන්ද අපහසුතාවට පත් වීමක් පමණක් බවත් දිසානායක මහතා කීවේය.

    ගෝඨාභය රාජපක්ෂ මහතාට රටේ ඉල්ලීමක් ඇත්තේ නම් කළ යුත්තේ ඇමරිකානු ද්විත්ව පුරවැසිභාවය ඉවත් කළ බවට අදාළ ලිපිය ඉදිරිපත් කර තමා ජනාධිපති අපේක්‍ෂකත්වයට සුදුසු බව පෙන්වීම යැයිද, ඉන්පසු ඒ පිළිබඳව ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ මතය ඉදිරිපත් කිරීමට හැකියාව ඇතැයි ද ඒ මහතා සඳහන් කළේය.

    යුද්ධය නිම කර රට සංවර්ධනය කරමින් වසර දහයක් ගෙන ගිය රාජපක්ෂවරුන්ගේ පාලනය ප‍්‍රමාණවත් බවත්, රාජපක්ෂවරුන්ට පමණක් මේ රට හැදීමට පුළුවන් යන මතයේ තමා නොමැති බවත් ඊයේ (20) ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට සහභාගි වෙමින් දුමින්ද දිසානායක මහතා සඳහන් කළේය. ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය සහ පොදුජන පෙරමුණ අතර පවත්නා සාකච්ඡුාවක ජනාධිපති අපේක්ෂකයා කියන කාරණයේ දී රාජපක්ෂ නොවන කෙනෙක් ගැන කතා කරන්නේ නම් එම සාකච්ඡුා බොහෝ දුරට අවසන් වී මැතිවරණයට පෙර ජනතාවට ජයග‍්‍රහණය ලබා ගැනීමට හැකි බව ද දිසානායක මහතා කීවේය.

  • විපක්ෂය සැබෑ තත්ත්වයෙන් බැහැරවෙලා වෙනම ලෝකයක සිටින්නේ..

    විපක්ෂය සැබෑ තත්ත්වයෙන් බැහැරවෙලා වෙනම ලෝකයක සිටින්නේ..

    “විපක්ෂය නිරන්තරයෙන් විපක්ෂය හැටියටම ක්‍රියාත්මක වෙනවා. නමුත් විපක්ෂය සැබෑ තත්ත්වයෙන් බැහැරවෙලා වෙනම ලෝකයක සිටින්නේ. රටක් ඉදිරියට ගෙනියන්න තිබෙන මේ වගේ අවස්ථාවක, මම විපක්ෂයෙන් ඉල්ලා සිටින්නේ සැබෑ තත්ත්වය අවබෝධ කරගෙන ජනතාව සමග අත්වැල් බැදගෙන රට ඉදිරියට ගෙනියන්න එකමුතුවෙන්න කියලා. කිසිමදාක වෛරයෙන් රටක් හදන්න බැහැ”යැයි විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා අවධාරණය කරයි.

    අමාත්‍යවරයා මේ බව පැවසුවේ, පොසොන් පොහොය නිමිති කරගෙන මට්ටක්කුලිය මහවත්ත ප්‍රදේශයේ සංවිධානය කරතිබූ පොසොන් බැති ගී ප්‍රසංගයකට සහභාගි වෙමිනි.

    මෙහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ අමාත්‍ය කරුණානායක මහතා,

    “අද අපි මේ පොසොන් පොහොය නිමිත්තෙන් මේ ප්‍රදේශයේ ජීවත්වන සියලුම ආගමිකයන්, සියලු ජාතීන් එකතුවෙලා, පන්සල මුල්කරගෙන පවත්වන බැති ගී තුළින් අපේ එකමුතුභාවය තමයි පෙන්වන්නේ.  කැබිනට් මණ්ඩලය රැස්වුණා. මෙහිදි අපි රජයේ ඉදිරි වැඩකටයුතු පිළිබදව සාකච්ඡා කළා. පසුගිය සමයේ මාධ්‍ය විසින්  ජනතාව අතර මතයක් ඇතිකරලා තිබුණා කැබිනට් මණ්ඩලය තුල යම් යම් අසමගිතාවන් ඇතිවී තිබෙනවා කියලා. නමුත් අද අපි ඒ සියලු මත බිද දමලා, අපේ එකමුතු භාවය පෙන්නුම් කළා.

    ආර්ථිකය සම්බන්ධයෙන් ලෝකයේ අනෙක් රටවල වගේම අපේ රටෙත් ප්‍රශ්න ඇතිවෙලා තිබෙනවා. අනෙක් රටවල ප්‍රශ්න වලට අපේ රටත් ග්‍රහණයට ලක් වෙලා.  දක්ෂයො, වැඩකරන්න පුළුවන් අය සමග එකමුතු වෙලා ඒ ප්‍රශ්ණ විසදගෙන, මේ රටේ ආර්ථිකය යහපත් ආකාරයෙන් සකසා ගතයුතුයි. යම්යම් ප්‍රශ්න තිබෙනවා. නමුත් අපි එකමුතුවෙලා, අපේ රටේ අහිංසක ජනතවට අදට වඩා හොද හෙට දවසක් ඇතිකරනවා “යැයි පැවසිය.

  • සරත්ගෙන් පසු සාධාරණ සමාජයේ අලුත්ම කතාන්දරය (වීඩියෝ)

    සරත්ගෙන් පසු සාධාරණ සමාජයේ අලුත්ම කතාන්දරය (වීඩියෝ)

    2015 මැතිවරණයේදී තම සංවිධානය ගත් තීරණය පිලිබඳව කිසිදු පසුතැවීමක් නොමැති බවත් එම තීරණය සම්බන්ධයෙන් වගකියන බවත් සාධාරණ සමාජයක් සඳහා ජාතික ව්‍යාපාරය පවසයි.

    එහි ලේකම් පාලිත ලිහිනියකුමාර මහතා ඊයේ (18) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මේ බව සදහන් කළේය.

    2015 මැතිවරණයෙදී වත්මන් ජනාධිපතිවරයාගෙත් හැට දෙලක්ෂයක් වු ජනතාවගෙන් පරමාර්ථය වුයේ එම වසරේ ජනාධිපතිවරණය අවසන් ජනාධිපතිවරණය වීම දැකීමය නමුත් එය මෙ වන තෙක් ඉටු කර ගැනීමට නොහැකි වු බව ද ඒ මහතා එහිදි පැවසීය.

    නමූත් ඒම මැතිවරණයෙදී පුජ්‍ය මදුළුවාෙව් සෝභීත හිමියන් අතුළුව තම ව්‍යාපාරය ගත් තීරණ ගැන කිසිදු පසු තැවීමක් නොමැති බව ඒ් මහතා වැඩිදුරටත් පැවසීය.

  • රනිල් ලිච්චවි පාලනේ කරනවලු.. ලිච්චවිලාට මේ කතා ඇහුනොත් සියදිවි නසා ගන්නවා.. – මෛත්‍රී, රනිල්ට දීපු සුපිරි ෂොට් එක (Video)

    රනිල් ලිච්චවි පාලනේ කරනවලු.. ලිච්චවිලාට මේ කතා ඇහුනොත් සියදිවි නසා ගන්නවා.. – මෛත්‍රී, රනිල්ට දීපු සුපිරි ෂොට් එක (Video)

    ලිච්ඡවී රජ දරුවන්ගේ ආකාරයට වත්මන් පාලනය ක්‍රියාත්මක වන බවට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මිහින්තලයේ දී කරන ලද ප්‍රකාශයකට ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසින් දැඩි ප්‍රතිචාර දක්වයි.

    අද වන විට ලිච්ඡවී රජ දරුවන් ජීවත්ව සිටියේ නම් මෙවන් කතාවලට සියදිවි නසා ගන්නා බව ජනාධිපතිවරයා සඳහන් කළේය.

    හඟුරන්කෙත මාදන්වෙල රජමහා විහාරස්ථානයේදී අභිනව චෛත්‍යරාජයාණන් වහන්සේට ධාතු නිදන් කිරීමේ උත්සවය අමතමින් ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේය.

  • රනිල් සජිත්ට එරෙහිව චම්පිකව ෆෝම් කරයි

    රනිල් සජිත්ට එරෙහිව චම්පිකව ෆෝම් කරයි

    ජනාධිපති අපේක්ෂකයා සම්බන්ධයෙන් කිසිදු ප්‍රකාශයක් නො කරන ලෙස අගමැති රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂයේ මැති ඇමතිවරුන්ට උපදෙස් දී තිබිණි.

    ඊයේ පස්වරුවේ අරලිය ගහ මන්දිරයේදී පැවැති එම පක්ෂ කෘත්‍යාධිකාරි මණ්ඩලයේ දී අගමැතිවරයා මේ බව සඳහන් කළ බව ඊට සහභාගි වූ මැති ඇමැතිවරුන් කිහිප දෙනෙක්ම සඳහන් කළහ.

    මේ අවස්ථාව ජනාධිපතිවරණ අපේක්ෂකයන් ගැන කතා කළ යුතු අවස්ථාවක් නොවන බවත් 2015 දී පොරොන්දු වූ වැඩ කොටස ඉවර කළ යුතු බවත් අගමැතිවරයා පැවසූ බවද ඔවුන් පැවසුහ.

    සජිත් ප්‍රේමදාස සහ කරු ජයසූරිය එජාපයේ ජනාධිපති අපේක්ෂකයා වන්නේ යැයි මෑතක දී එම පක්ෂයේ මැති ඇමතිවරුන් විසින් කරන ලද විවිධ ප්‍රකාශයන් නිසා අගමැතිවරයා විසින් මෙම දැනුම් දීම කර තිබේ.

  • බදියුදීන් හිස් ලේඛනවලට අත්සන් අරන් ඉඩම් කොල්ල කාලා..!

    බදියුදීන් හිස් ලේඛනවලට අත්සන් අරන් ඉඩම් කොල්ල කාලා..!

    රිෂාද් බදියුදීන් මන්ත්‍රීවරයා විසින් රජයේ ඉඩම් ව්‍යාජ ඔප්පු මඟින් වෙනත් පාර්ශවයන් වෙත පවරාදීමේ සිද්ධීන් සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර තිබේ.

    රජයේ ආයතනවල දූෂණ හා වංචා සෙවීමේ ජනාධිපති පරීක්ෂණ කොමිශන් සභාව වෙත පූජ්‍ය තීනියාවල පාලිත හිමි විසින් පැමිණිල්ලක් සිදුකර තිබුණි. එමඟින් දක්වා ඇත්තේ මන්නාරම ප්‍රදේශයේ අක්කර 3000 ක ඉඩම් සිය බිරිඳ සහ පවුලේ ඥාතීන් වෙත පවරාදීමට රිෂාද් බදියුදීන් මන්ත්‍රීවරයා කටයුතු කර ඇති බවයි.

    ඒ අනුව සාක්ෂි සඳහා කැඳවු පාර්ශව විසින් රජයේ ඉඩම් පවරාදීම සම්බන්ධ තොරතුරු අනාවරණය වී තිබේ.

    පසුගිය යුද සමයේදි මන්නාරම ප්‍රදේශයේ අක්කර 3000 ක භූමි ප්‍රදේශයක ජීවත්ව වෙනත් ප්‍රදේශවලට ගිය ජනතාවගේ ඉඩම්, රිෂාද් බදියුදින් මන්ත්‍රීවරයා විසින් පවරාගෙන ඇති බව අනාවරණය වී ඇත.

    එම ජනතාවට රුපියල් ලක්ෂ 5 ත් 10 ත් අතර ප්‍රමාණයක මුදල් ලබාදී අදාල ඉඩම් පවරාගෙන ඇති අතර ඇතැම් පුද්ගලයින්ගෙන් හිස් ලේඛනවලට ද අත්සන් ලබාගෙන ඇති බවට ජනාධිපති පරීක්ෂණ කොමිශන් සභාව වෙත සාක්ෂි ලබාදෙන පිරිස් සදහන් කර තිබේ.

    මේ වන විට පුද්ගලයින් 17 දෙනෙකු පමණ කොමිශන් සභාව හමුවේ සාක්ෂි ලබාදී තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් සාක්ෂි ලබාදීම සදහා ඊයේ(17) පැමිණෙන ලෙස පුද්ගලයින් 08 දෙනෙකුට ජනාධිපති පරීක්ෂණ කොමිශන් සභාව දැනුම් දී ඇති බව වාර්තා විය.

  • ශ‍්‍රීලනිප-ශ්‍රීලපොපෙ සාකච්ඡා හදිසියේ අවලංගු කරයි..

    ශ‍්‍රීලනිප-ශ්‍රීලපොපෙ සාකච්ඡා හදිසියේ අවලංගු කරයි..

    විපක්‍ෂ නායක කාර්යාලයේදී අද(17) පැවැත්වීමට නියමිතව තිබූ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය හා හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර සාකච්චාව අවලංගු කර තිබේ.

    06 වන වටය සදහා අද මෙම සාකච්චාව පැවැත්වීමට නියමිතව තිබූ අතර නැවතත් එම සාකච්චාව 26 දිනයේ පැවැත්වෙනු ඇතැයිද වාර්තා වෙයි. පක්‍ෂ දෙක එක්ව නව දේශපාලන සන්ධානයක් ගොඩනැගීම සදහා මෙම සාකච්චා පැවැත්වෙයි.

    නව සන්ධානයේ ජනාධිපති අපේක්‍ෂකත්වය ශ‍්‍රීලනිපය විසින් ඉල්ලා සිටීමත් සමග පොදුජන පෙරමුණෙන් දැඩි විරෝධයක් එල්ල විය.

    පොදුජන පෙරමුණ දන්වා ඇත්තේ ජනාධිපති අපේක්‍ෂකත්වය හා අගමැති අපේක්‍ෂකත්වය වෙනත් කිසි පක්‍ෂයකට ලබා නොදෙන බවයි. අවශ්‍ය නම් වෙනම තරග වැද එම ධුරයන් ලබා ගන්නා ලෙසද සදහන් කර තිබිණ.

  • මුදල් අමාත්‍යවරයා වශයෙන් මම ඉටුකළ කාර්යය, දැන් ඉන්න අයට කරන්න බැරිනම්, කරන්න පුළුවන් කෙනෙකුට බාර දෙන්න..

    මුදල් අමාත්‍යවරයා වශයෙන් මම ඉටුකළ කාර්යය, දැන් ඉන්න අයට කරන්න බැරිනම්, කරන්න පුළුවන් කෙනෙකුට බාර දෙන්න..

    “බැදුම්කර වංචාව සම්බන්ධයෙන් පසුගිය වකවානුවේ මට එල්ල වූ චෝදනා හමුවේ මට පමණක් නොවෙයි, මාගේ බිරිදට දරුවන්ට පවා අසාධාරනකම් සිද්ධ වුනා. අසාධාරණ ලෙස චෝදනා එල්ල කළා. මේක වැඩකරන දේශපාලඥයෝ නැති කරන්න, කුහක දේශපාලඥයෝ විසින් කරපු දෙයක්. මේකට වැඩියෙන්ම දායක වුණේ අපේ පක්ෂයේ අය තමයි. අද සාධාරණය ඉෂ්ඨ කරලා, සැබෑ තත්ත්වය හෙලිදරව් වෙලා තිබෙන්නේ. කයිවාරුවයි ක්‍රියාවයි කියන්නේ දෙකක්. මේ අවස්ථාවේ කතාවෙන් නොවෙයි ක්‍රියාවෙන් මම සැබෑ තත්ත්වය ඔප්පු කරලා තිබෙන්නේ. මාගේ නිර්දෝෂීභාවය පෙන්නුම් කරන්න අවස්ථාවක් උදාකිරීම සම්බන්ධයෙන් මම දෙවියන්ට සහ ජනතාවට ස්තුතිවන්ත වෙනවා. මගේ පක්ෂයේ කළු බැටළුවෝ ටිකක් ඉන්නවා. ඒ අයට මේක හොද පාඩමක්. පක්ෂය සුද්ධ කරන්න පටන්ගත්ත ගමනක ආරම්භය හැටියට මට මේක පෙන්වා දෙන්න පුළුවන්. දක්ෂයෝ නැති කරගෙන අදක්ෂයෝ මුල්කරගෙන කටයුතු කරන්න නෙමෙයි අවශ්‍ය වන්නේ. අපට අවශ්‍ය වන්නේ අපේ ජනතාව ජයග්‍රහණය කරවන්නයි. මට කණගාටු එක දෙයක් ගැන පමණයි. මම මුදල් අමාත්‍ය ධූරය බාරගෙන කරගෙන ගිය ක්‍රියාවලිය දිගටම කළානම්, අද රටට මේ වගේ ගැටළු ඇතිවන්නේ නැහැ. මම වගකීමේන් ආඩම්බරයෙන් කියන්නේ, මම ආසියාවේ හොදම මුදල් ඇමති බවට පත්වුණේ නිකන් ඉදලා නෙමෙයි. පැය ගනන් වැඩකරලා, අහිංසක ජනතාව ජයග්‍රහණය කරවලයි. ඒ එදා මම කරපු කාර්යභාරය නැවත ඇති කළ යුතුයි. මම අභියෝග කරනවා දැන් ඉන්න අයට, ඒ දේවල් ඒ ආකාරයෙන්ම කරන්න කියලා. එහෙම බැරිනම්, කරන්න පුළුවන් අයට බාරදෙන්න” යැයි විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා අවධාරණය කරයි.

    ඒ මහතා මෙම අදහස් පළකළේ ඊයේ (14) මහවත්ත ශාන්ත අන්තෝනි සිංහල පාසලේ දරුදැරියන් වෙනුවෙන් ක්‍රීඩා භාණ්ඩ ලබාදීමේ අවස්ථාවකට සහභාගි වීමෙන් අනතුරුව මාධ්‍යයෙන් නැගූ ප්‍රශ්න වලට පිළිතුරු වශයෙනි.

    මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය කරුණානායක මහතා..,

    පරිපූර්ණ දරුවෙක් බිහිකිරීම උදෙසා අධ්‍යාපනය වගේම ක්‍රීඩා අංශයත් දියුණු කිරීම අත්‍යාවශ්‍යයි. ඒ නිසා තමයි මම අද මේ පාසල් දරුදැරියන්ගේ ක්‍රීඩා කෞෂල්‍යය නගා සිටුවීම සහ අධ්‍යාපනයෙන් සහ ක්‍රීඩාවෙන් සමබර දරුවන් ඇති කිරීම අරමුණු කරගෙන ක්‍රීඩා භාණ්ඩ ලබාදෙන්න තීරණය කළේ.

    විෂයභාර අමාත්‍යවරවයා වශයෙන් මම වගකීමෙන් කියන්නේ විදුලිබල ක්ෂේත්‍රයේ ඇතිකරගත් කිසිම ගිවිසුමක් මම අහෝසි කරලා නැහැ. කව්රුහරි එහෙම මට චෝදනා කරනවානම්, මට ඒක සාක්ෂි ඇතිව ඔප්පු කරලා පෙන්වන්න. ලංකා විදුලිබල මණ්ඩලයත් නැති කරලා, අහිංසක ගෘහස්ත විදුලි පාරිභෝගිකයාගෙ විදුලි බිලත් වැඩිකරන්න හදන කුහකයෝ දෙතුන් දෙනෙක් තමයි මේ වගේ බොරු ප්‍රචාරයන් පතුරවන්නේ. විදුලිබල ඇමති වශයෙන් පමණක් නොවෙයි ආණ්ඩුවක් වශයෙන් අපි ඒ වගේ කුහකයන්ට කුහක වැඩ කරන්න ඉඩ දෙන්නෙ නැහැ. සමස්තයක් වශයෙන් මේ රටේ ජනතාවට යම් දෙයක් කරනවා මිසක්, එක්කෙනෙක්ගේ දෙන්නෙක්ගේ වාසි තකා අපි වැඩ කරන්න දෙන්නේ නැහැ. අසත්‍ය ප්‍රචාර පතුරවන අය කියන්නේ අපි සූර්ය විදුබල ව්‍යාපෘති නවත්වන්න හදනවා කියලා. නමුත් අපි සූර්ය විදුලිබල ව්‍යාපෘති 500% කින් වර්ධනය කරන්න කටයුතු කරලා තියෙනවා. මම මාධ්‍යයටත් කියන්නේ ඒ කියන ආකාරයට මම යම් ගිවිසුමක් අවලංගු කරලා තිබෙනවානම් ඒ බව මට සාක්ෂි ඇතිව පෙන්වන්න.

    පසුගියදා තේරීම් කාරක සභාවේදී ඇතිවූ ගැටළු සම්බන්ධයෙන් මාධ්‍ය නැගූ ප්‍රශ්න වලට පිළිතුරු දුන් අමාත්‍යවරයා..,

    ශ්‍රී ලාංකික අනන්‍යතාවයක් නොමැති පුද්ගලයෙකුට මේ රටේ දේශපාලඥයෙක් වෙලා, දේශපාලනය කරන්න පුළුවන්ද. ලෝකයේ බහුතරයක් ජීවත් වුණත්, ශ්‍රී ලාංකික අනන්‍යතාවක් නොමැති කෙනෙක් කිසිසේත් ශ්‍රී ලාංකික ජනතාව සමග එකට ගමන් කරන්නේ නැහැ. අපි අපේ රටේ සංස්කෘතිය ආරක්ෂා කළ යුතුයි. වෙනත් රටවලින් මෝස්තර අරගෙන මේ රටේ ඇලවීම නෙමෙයි අපට අවශ්‍ය වන්නේ. ශ්‍රි ලාංකික අනන්‍යතාවය සුරැකෙන ආකාරයෙන් සතුටින් සමගියෙන් ජීවත්වීමේ පරිසරයක් ඇතිකිරීමයි අපට අවශ්‍ය වන්නේ.

    රටක ජනාධිපතිවරයෙක්, අගමැතිවරයෙක් වුණාම තමන්ගේ නිල රාජකාරි වෙනුවෙන් විදේශගතවීම සාමාන්‍ය දෙයක්. ලංකාවේ නැතිව විදේශ රටවල ජීවත්වුණ අයට මේවා ගැන අවබෝධයක් නැහැ. විදේශයකට ගියොත් අහනවා ඇයි ගියේ කියලා. නොගියම අහනවා ඇයි නොයන්නේ කියලා. මේක තමයි තත්ත්වය. මේ තත්ත්වය තමයි මේ රටට තිබෙන හෙනය. වැඩ කරන අයට වැඩක් කරන්න දෙන්නේ නැහැ. කුහකත්වයෙන් චරිත ඝාතනය කරනවා යැයි පැවසීය.