Category: සුපිරි Politics

  • කුමන විරෝධතා පැමිණියත් මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම ස්තීරයි

    කුමන විරෝධතා පැමිණියත් මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම ස්තීරයි

    කුමන විරෝධතා පැමිණියද මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මරණ දඬුවම කි‍්‍රයාත්මක කිරීමට කටයුතු කරන බව ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතා පවසනවා. පොලොන්නරුවේ පැවැති උත්සවයකදී ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළා.  

  • වත්මන් රජය පරාජයට පත් කිරිම සිහිනයක් තමා

    වත්මන් රජය පරාජයට පත් කිරිම සිහිනයක් තමා

    2020 වසරේදී වත්මන් රජය පරාජයට පත් කිරිම සිහිනයක් පමණක් බව ජාතික ඒකාබද්ධතා සහ රාජ්‍ය භාෂා අමාත්‍ය මනෝ ගනේෂන් මහතා පවසයි.කොළඹ ප්‍රදේශයේ පැවැති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව සදහන් කළේය. 

  • ඉදිරි ජනාධිපතිවරණයේදී රටේ තීරණාත්මක බලවේගය ලෙස කටයුතු කිරීමට නව පක්ෂයක් ගොඩනගනවා

    ඉදිරි ජනාධිපතිවරණයේදී රටේ තීරණාත්මක බලවේගය ලෙස කටයුතු කිරීමට නව පක්ෂයක් ගොඩනගනවා

    ඉදිරි ජනාධිපතිවරණයේදී රටේ තීරණාත්මක බලවේගය ලෙස කටයුතු කිරීමට නව පක්ෂයක් ගොඩනගන බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහ ‍ලේකම් තිස්ස අත්තනායක මහතා මහනුවරදී සඳහන් කළේය.

    වසර තුනහමාරක පමණ කාලයක් රටේ දේශපාලන හැසිරීම පිළිබඳව තමා දැඩි අවධානයෙන් සිටි නමුත් රටේ ජනතාවට අවශ්‍ය පරිදි කිසිදු පක්ෂයක් වෙනස් නොවූ බව හෙතෙම පැවැසීය. තමා එක්සත් ජාතික පක්ෂය සමග දීර්ඝ කාලයක් කටයුතු කළ නමුත් අද වන විට එක්සත් ජාතික පාක්ෂිකයන් විශාල ලෙස කලකිරීමට ලක්ව ඒ අයගේ බලා‍පොරොත්තු බිඳ වැටී ඇතැයිද කීය. අද ගම්වල ජීවත් වන එක්සත් ජාතික පාක්ෂිකයන් දැඩි ලෙස කලකිරීමෙන් පසු වන නිසා ඔවුන්ටත් රටේ මධ්‍යස්ථ මතධාරීන්ටත් තමා පිහිටුවන නව පක්ෂය වේදිකාවක් වනු ඇතැයි මෙහිදී ඔහු අවධාරණය කළේය.

    තමා ගොඩනගන අලුත් පක්ෂය රටේ මධ්‍යස්ථ මතධාරීන් සහ කලකිරුණු එක්සත් ජාතික පාක්ෂිකයන්ට දැවැන්ත වේදිකාවක් වන අතර තම පක්ෂය රටේ රජුන් තනන දැවැන්ත බලවේගය බවට පත්කරන බවද කීය. ඉදිරියේදී අප කවුරුත් නොසිතන අයෙක් ජනාධිපතිවරණයට ඉදිරිපත් විය හැකි නිසා තම පක්ෂය රජුන් තනන තීරණාත්මක සාධකය බවට පත්කරන බවද තිස්ස අත්තනායක මහතා සඳහන් කළේය. රට වෙනුවෙන් යමක් කළහැකි අලුතින් සිතන අලුත් තරුණයන්ට, පක්ෂය ගැන කලකිරී ඇති එක්සත් ජාතික පාක්ෂිකයන්ට සහ රටේ මධ්‍යස්ථ මතධාරීන්ට තම පක්ෂයේ දොරගුළු සෑමවිටම විවෘත වී ඇති බවද තිස්ස අත්තනායක මහතා පැවැසීය. මේ වන විට මෙරට බොහෝ උගතුන් බුද්ධිමතුන් සහ සාමාන්‍ය ජනතාව අතරට නව පක්ෂය ගැන තොරතුරු ගලාගොස් ඇති බවත් ඉදිරි දෙසැම්බර් මස වන විට තමාගේ අලුත් පක්ෂය කරළියට ගෙන එන බවත් තිස්ස අත්තනායක මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

  • රාජ්‍ය හා පෞද්ගලික හවුල්කාරීත්වයක් යටතේ මත්තල මෙහෙයුම් අවසන් කරනවා

    රාජ්‍ය හා පෞද්ගලික හවුල්කාරීත්වයක් යටතේ මත්තල මෙහෙයුම් අවසන් කරනවා

    රාජ්‍ය – පෞද්ගලික හවුල්කාරීත්වයක් යටතේ මත්තල ගුවන්තොටුපළේ මෙහෙයුම් මේ වසර අවසානය වනවිට ආරම්භ කිරීමට හැකිවනු ඇති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසයි.
    කොළඹ ඊයේ පැවති සම්මන්ත්‍රණයකදී අදහස් දක්වමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසුවේ ත්‍රිකුණාමලය සංවර්ධනය කිරීම සඳහා ද මේ වන විට රටවල් කිහිපයක් සමඟ සාකච්ජා ආරම්භ කර ඇති බවයි.
    එහිදී ඒ මහතා මෙසේ අදහස් දැක්විය.
    “අතිශය වැදගත් පළමු පියවරවන සියලු යටිතල පහසුකම් සංවර්ධනය අපි දැන් සිදු කරමින් සිටිනවා. අපි කොළඹ සහ කටුනායක ගුවන්තොටුපල සංවර්ධනය ආරම්භ කළා.  ගැටලුව වුණේ හම්බන්තොට වරාය කොහොමද සාර්ථක කර ගන්නේ කියලා. නිමල් සිරිපාලද සිල්වා ඇමතිතුමා මගෙත් එක්ක චීනයට ගිය ඒ නියෝජිත කණ්ඩායමට ඇතුළත් වුණා. අපි දීර්ඝ ලෙස සාකච්ජා කළා. අවසාන වශයෙන් අපිට පුළුවන් වුණා රාජ්‍ය හවුල්කාරිත්වයකට එළඹෙන්න චයිනා මර්චන්ට් හා වරාය අධිකාරිය අතර. ඒ තුලින් අපි ගෙවන්න තිබුණු ණය බිලියන ගණනක් අඩු වුණා.”
    “ප්‍රවාහන අමාත්‍යවරයා දැන් ඉන්දියාව සමඟ සාකච්ජා ආරම්භ කළා මත්තල ගුවන්තොටුපල ගැන ඉන්දියානු සමාගමක් සමඟ ඒ හා සමාන රාජ්‍ය, පෞද්ගලික හවුල්කාරිත්වයක් ඇති කර ගන්න. දැනටමත් වරාය ක්‍රියාත්මකයි. මට දැන ගන්න ලැබුණා ඒ සමාගම ඩොලර් මිලියන 600ක් වරාය සඳහා ආයෝජනය කරලා තියෙනවා කියලා. ඒ වගේම දැනට ක්‍රියාත්මක සාකච්ජා අවසන් වුණාට පස්සේ මේ වසර අවසන් වන විට මත්තල ගුවන්තොටුපළේද මෙහෙයුම් ආරම්භ කරන්නට හැකි වේවි. අපි සිංගප්පුරු සමාගමකට භාර දුන්නා ත්‍රිකුණාමලය සඳහා පුළුල් සංවර්ධන සැලැස්මක් සකස් කරන්න. ඒ සැලැස්ම ගිය සතියේ අපට ලැබුණා. දැන් අපි මිතුරු රටවල්වල සාකච්ජා ආරම්භ කරලා තියෙනවා ත්‍රිකුණාමලය සංවර්ධනය කරන්න.”යැයිද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.
  • මූල්‍ය අපරාධවලට සම්බන්ධ නැතිනම් විශේෂ අධිකරණ ගැන බිය විය යුතු නෑ

    මූල්‍ය අපරාධවලට සම්බන්ධ නැතිනම් විශේෂ අධිකරණ ගැන බිය විය යුතු නෑ

    මූල්‍ය අපරාධවලට සම්බන්ධ නොමැති නම් මූල්‍ය අපරාධ සම්බන්ධයෙන් වන  නඩු විභාග කිරීම සදහා ඇති කළ විශේෂ මහාධිකරණවලට කිසිවෙක් බිය විය යුතු නැති බවත් එහි නඩු විභාග කරන්නේ රටේ නීතිය අනුව බවත් විදුලි සංදේශ, ඩිජිටල් යටිතල පහසුකම් හා විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පැවසීය.
    මෙම අධිකරණ සදහා කිසිදු දේශපාලන මැදිහත්වීමක් නොමැති බවත් රටේ නීතිය අනුව මිස කැලෑ නීතිය අනුව මෙහි නඩු විභාග නොවන බවත් මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ නියෝජ්‍ය ඇමැතිවරයා සදහන් කළ අතර මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ නියෝජ්‍ය ඇමැතිවරයා මෙසේද පැවසුවේය.
    “මූල්‍ය අපරාධ පිළිබද සොයා බැලීම සදහා විශේෂ මහාධිකරණ තුනක් පිහිටුවීම සදහා පාර්ලිමේන්තුවේ අනුමැතිය ලැබුණා. මේක පාර්ලිමේන්තුවේ සම්මත වූ දෙයක්. එහෙම නැතිව මේක දේශපාලන උවමනාව මත පිහිටවූ අධිකරණයක් නෙමෙයි. රටේ අනෙකුත් අධිකරණ පද්ධතියටම සම්බන්ධ අධිකරණයක් තමයි මේ. මේ අධිකරණයේ විභාග කරන නඩු මොනවාද කියලා තීරණය කිරීමේ හැකියාව කිසිම දේශපාලඥයෙක්ට නෑ. අගවිනිසුරුවරයා සහ අධිකරණ සේවා කොමිෂන් සභාව තමයි මෙම අධිකරණයේ විභාග කරන නඩු මොනවාද කියලා තීරණය කරන්නේ. කිසිම ඇමැතිවරයෙක්ට ඒ ගැන තීන්දුවක් ගන්න බෑ. දේශපාලන උවමනාවන් අනුව මේ අධිකරණයේ එක් එක් පුද්ගලයාගේ නඩු අසන බවට කියන කතා හුදෙක් දේශපාලන වාසි ලබාගැනීමට කරන ප්‍රකාශයන්. රටේ ආන්දෝලනාත්මක සිද්ධියක් සම්බන්ධයෙන් විශේෂ මහාධිකරණ නඩු විභාගයක් පවත්වනවා. විශේෂ මහාධිකරණයක නඩු විමසනවාද යන්න ගැන තීරණය ගන්නේ අගවිනිසුරුවයා ඇතුළු අධිකරණ පද්ධතියයි. දැන් පිහිටුවා තිබෙන විශේෂ මහාධිකරණවල දීත් සිදුවන්නේ ඒ වගේ දෙයක් තමයි.”
    “තමන් මූල්‍ය අපරාධවලට සම්බන්ධ නැති නම් මේ වගේ අධිකරණයක් පිටවීම ගැන කවුරුවත් බියට පත්වෙන්න ඕන නැහැ. එහෙම චෝදනා තිබෙන අයට මේ අධිකරණය හමුවේ නඩු විභාගයකට මුහුණදීලා තමන්ගේ නිර්දෝශීභාවය ලෝකයට පෙන්නුම් කරන්න පුලුවන්. මේ අධිකරණවල නඩු විභාග කරන්නේ රටේ තිබෙන නීතිය අනුවයි. අලුත් නීති ගෙනවිත් තෝරාගත් පුද්ගලයින්ට දඩුවම් ලබාදෙන්න බැහැ. කැළෑ නීතිය අනුව නෙමෙයි මේ අධිකරණවල නඩු විභාග වෙන්නේ. විමර්ශණ කටයුතු අවසන් කර තිබෙන නඩු ගොනු මෙහිදී එක දිගට විභාග කර දඩුවම් ලබාදීම තමයි සිදුවන්නේ. මේ අධිකරණවල විභාග කරන්නනේ පසුගිය ආණ්ඩු සමයේදී සිදුවූ බව කියන මූල්‍ය අපරාධ පමණක් නොවෙයි. මේ ආණ්ඩුව යටතේත් මූල්‍ය අපරාධ සිදු වෙනවා නම් ඒවා සම්බන්ධයෙන්ද මෙහිදී නඩු විභාග කළ හැකියි. පසුගිය ආණ්ඩු කාලයේදී සිදුවු දේවල් සම්බන්ධයෙන් පමණක් නඩු විභාග කරනවා කියලා කිසිම තැනක සදහන් වෙන්නේ නෑ. අපි කිසිම වෙලාවක රටේ සම්පත් කොල්ල කන අය ආරක්ෂා කරන්නේ නෑ. ඒ අයට දඩුවම් ලබාදෙන්න ඕන. අධිකරණයෙන් තීරණයක් ලැබුණ විට එම තීරණය ගැන සෑහීමකට පත් නොවන්නේ නම් ඉහළ අධිකරණවලට ගොස් අභියාචනා ඉදිරිපත් කරන්න පුළුවන්. මේ රටේ නීති පද්ධතියක් තියෙනවා. ඒ ගැන මහජනතාවගේ තියෙන විශ්වාසය දේශපාලන අරමුණු ඉදිරියට දමමින් එය විනාශ කරන්න එපා.”යැයිද ඒ මහතා පැවසීය.
  • ගෝඨාභය ජනාධිපති අපේක්‍ෂකයා කියන්නෙ බොරු…. – මහින්ද නිවේදනය කරයි

    ගෝඨාභය ජනාධිපති අපේක්‍ෂකයා කියන්නෙ බොරු…. – මහින්ද නිවේදනය කරයි

    ගෝඨාභයව ජනාධිපති අපේක්ෂකයා ලෙස නම්කර නොමැති බව හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා විසින් නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරයි… හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ මාධ්‍ය ඒකකය විසින් නිකුත් කරන ලද නිවේදනයක් පහතින් දැක්වෙයි.

    ව්‍යාජ මාධ්‍ය නිවේදනයක් සමාජ ජාලා වල සංසරණය වීම

    හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක් ලෙස සකස් කරන ලද කූඨ ලේඛනයක් ඊයේ, එනම් 2018 ජුලි 17 වෙනිදා කිසියම් පිරිසක් විසින් සමාජ ජාලා වලට මුදා හැර ඇති බව අපි නීරීක්‍ෂණය කළෙමු. මේ කූඨ ලේඛනයෙන් කර ඇත්තේ, හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්‍ෂයා හැටියට ගෝඨාභය රාජපක්‍ෂ මහතාව නිල වශයෙන් නම් කර ඇති බව කීමය.

    ඊළඟ ජනාධිපතිවරණයට අපේක්‍ෂකයෙකු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමා විසින් තවම නම් කර නැති බව මෙයින් අපි දැණුම් දී සිටිමු. හිටපු ජනාධිපතිතුමා සිංගප්පූරු සංචාරයක් සඳහා රටින් පිටවෙන තුරු බලාසිට මේ කූඨ ලේඛනය මුදා හැර තිබෙන බව පැහැදිළිය. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හා ඒකාබද්ධ විපක්‍ෂයේ ජනාධිපති අපේක්‍ෂකයා නම් කරන විට එය මාධ්‍ය නිවේදනයක් මඟින් නොකරන බවත්, එය ප්‍රසිද්ධ ස්ථානයක තමන් පුද්ගලිකවම සිදුකරන බවත් මහින්ද රාජපක්‍ෂ මැතිතුමා දැණුම් දී සිටී.

    අදාල කූඨ ලේඛනයේ සිරස්තලය වූයේ “2020 ජනාධිපතිවරණය” යනුවෙනි. නමුත්, 2020 දී මේ රටේ ජනාධිපතිවරණයක් නැත.ඊළඟ ජනාධිපතිවරණය පැවැත්විය යුතු වන්නේ 2019 දීය. අපේ ව්‍යවස්ථාවට අනුව 2019 දෙසැම්බර් 09 වෙනිදාට පෙර ඊළඟ ජනාධිපතිවරණය පවත්වා හමාර විය යුතු වේ. මේ බව මුලින්ම ජනතාවට දැණුම් දී සිටියේද ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා මීට කලකට පෙර නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයකින් බවද මෙහිදී පෙන්වා දිය යුතුය.

    රොහාන් වැලිවිට
    හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමාගේ
    මාධ්‍ය ලේකම්

  • සිංහ සමාජය මංගලගේ අස්වාභාවික ලිංගික ක්‍රියා සහ මුදල් වංඡා ගැන හෙළි කරයි

    සිංහ සමාජය මංගලගේ අස්වාභාවික ලිංගික ක්‍රියා සහ මුදල් වංඡා ගැන හෙළි කරයි

    මෙරට ප‍්‍රධාන පෙලේ මත්ද‍්‍රව්‍ය ජාවාරම්කරුවන් රොටරි-සිංහ ආදී ප‍්‍රසිද්ද සමාජ සේවා සංවිධානවල සභාපතිත්වය දරන්නේ යයි මුදල් හා ජනමාධ්‍ය ඇමති මංගල සමරවීර මහතා විසින් එල්ල කරන ලද චෝදනාවට සිංහ සමාජ සාමජිකයන් පිරිසක් විසින් මාධ්‍ය හමුවක් කැදවා ප‍්‍රතිචාර දක්වන ලදී.

    මුල්‍ය අපරාධ ගණනාවකට සම්බන්ධ වූ පුද්ගලයන්, අස්වාභාවික ලිංගික ක‍්‍රියා සම්බන්ධයෙන් සමාජයේ අපවාදයට ලක් වූ පුද්ගලයන්, කුරුදු පොලු හමුදාවල් යවා භීෂණයක් ඇති කර සමාජයේ පැවැත්මට තර්ජනයක් ඇති කල පුද්ගලයන් සිංහ සමාජයේ සාමාජිකයන් ලෙස බදවා නොගන්නා බව ජාත්‍යන්තර සිංහ සමාජයේ හිටපු කලාපීය සභාපති මහේෂ් කොටුවැල්ල මහතා සදහන් කරයි.

    එවන් පුද්ගලයෙක් විසින් කරන ලද ප‍්‍රකාශය සිංහ සමාය ලෙස පිලිකුලෙන් යුතුව ඒකමතිකව හෙලා දකින බවද ඔහු වැඩිදුරටත් පැවසීය.

     

  • මත්ද්‍රව්‍ය ව්‍යාපාරයට සම්බන්ධයක් තියෙන පුද්ගලයින් එල්ලුම්ගහ ගේන එකට විරුද්ධයි

    මත්ද්‍රව්‍ය ව්‍යාපාරයට සම්බන්ධයක් තියෙන පුද්ගලයින් එල්ලුම්ගහ ගේන එකට විරුද්ධයි

    මත් උවදුරින් රට මුදා ගැනීම සඳහා මරණ දඬුවම ගෙන ඒමට සැරසෙන විට ඊට එරෙහි වන යුරෝපා සංගමය ඇතුළු කිසිවෙකුත් රට ගොදුරු කරගෙන ඇති මත් උවදුරට එරෙහිව කිසිම ක‍්‍රියාමාර්ගයක් ගෙන නැති බව ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ තරුණ පෙරමුණේ සභාපති, හිටපු නියෝජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර මහතා පැවසීය. 
    ඔවුන් කිසි දිනෙකත් මත් උවදුරින් විනාශ වන තරුණයන්ගේ මානව අයිතිවාසිකම් ගැන නොසිතීම කණගාටුවට කරුණක් බව කියා සිටි අතර වැඩි දුරටත් අදහස් දක්වමින්,
    ‘‘ මේ වන විට මත්ද්‍රව්‍ය උවදුරට අපේ තරුණ පරපුර සීඝ‍්‍රයෙන් ගොදුරු වී තිබෙනවා. මේ වන විට පාසල් අවට පවා විවිධ මත්ද්‍රව්‍ය අලෙවි කෙරෙනවා. මෙරටට මත්ද්‍රව්‍ය ගෙනඒම වැළැක්වීමට ගුවන් තොටුපල, වරාය තුළ කොතෙක් වැට කඩුළු යොදා තිබුණත් මත්ද්‍රව්‍ය පැමිණෙනවා. ජනාධිපතිවරයා මේ තත්ත්වය තේරුම් ගෙන මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මරණ දඬුවම ලබාදීමේ තීරණයක් ගෙන තිබෙනවා. එයට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ද හිමිවුණා. ඒ ක‍්‍රියාදාමයට නොගියොත් මේ රට විනාශ වෙනවා.
    දැන් එයට විරුද්ධව යුරෝපා සංගමය, මානව හිමිකම් කොමිසම ආදී අය නිවේදන නිකුත් කළත් ඔවුන් අපේ රටේ මත් ද්‍රව්‍ය ව්‍යාප්තිය නැවැත්වීම සඳහා ඔවුන් මොනවද කළේ. මොන උපදේශය ද ලබාදී තිබෙන්නේ. අපේ රටේ අහිංසක තරුණයන්ගේ ජීවිත විනාශ වෙමින් සිදුවන මානව හිමිකම් කඩවීම් ගැන ඔය මානව හිමිකම් සංවිධාන මොනවද කරල තියෙන්නේ.
    මේ රට අපි මත් උවදුරින් බේරාගත යුතුයි. බෙදුම්වාදී ත‍්‍රස්තවාදය හේතුවෙන් සිදුවුණාට වඩා වැඩි විනාශයක් මේ මත්ද්‍රව්‍ය හේතුවෙන් රටට සිදුවෙනවා. ඒ නිසා මෙය මැඩපැවැත්විය යුතුමයි. ඒ සඳහා ජනතාව දැනුම්වත් කර ආකල්පමය වෙනසක් ඇතිකර ක‍්‍රියාත්මක වෙන්න බැරිනම් දැඩි තීන්දු තීරණ ගෙන හෝ එය නැවැත්වීම රාජ්‍ය නායකයන්ගේ වගකීමක්. 
    ඒ නිසා ජනාධිපතිතුමා ඒ වෙනුවෙන් නොබියව කටයුතු කිරීම ගැන අප ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම මේ රටට ආදරය කරන සියලූ පාර්ශවවල ගෞරවය එතුමාට හිමිවී තිබෙනවා.
    ඍජුව හෝ වක‍්‍රව හෝ මත්ද්‍රව්‍ය ව්‍යාපාරයට සම්බන්ධයක් තියෙන පුද්ගලයින් මෙම තීන්දුව විවේචනය කරමින් සිටීම ගැන අප කණගාටුව පළ කරනවා. ’’ යැයි කියා සිටියේය.
  • පොලීසියට හයිය පෙන්නන්න ගිය ප්‍රා.ස. සභාපති මාස තුනක් හිරේ

    පොලීසියට හයිය පෙන්නන්න ගිය ප්‍රා.ස. සභාපති මාස තුනක් හිරේ

    පොලිස්‌ නිලධාරියකුගේ රාජකාරියට බාධා කිරීමේ චෝදනාවට වරදකරු වූ ඇඹිලිපිටිය ප්‍රාදේශීය සභාවේ සභාපති එම්. කේ. අමිල මහතාට ඇඹිලිපිටිය අධිකරණය මගින් මාස 3 ක සිරදඬුවම් නියම කර ඇත.
     
     අගතියට පත්වූ පොලිස්‌ නිලධාරියාට රුපියල් තිස්‌ දහසක වන්දි මුදලක්‌ ගෙවන ලෙසද අධිකරණය නියෝග කර තිබේ.

  • පුද්ගලික ආරක්ෂාවට පාතාලයෝ 5ක් තියාගෙන ඉන්න ඇමති කවුද ?

    පුද්ගලික ආරක්ෂාවට පාතාලයෝ 5ක් තියාගෙන ඉන්න ඇමති කවුද ?

    පාතාල සාමාජිකයන් පස්දෙනකු ඇමතිවරයකුගේ පෞද්ගලික ආරක්ෂකයන් ලෙස සේවයේ යෙදී සිටින බවටත් එම පාතාලයන් පස්දෙනා එම ඇමතිවරයා සමග සිටින ඡායාරූපද පාතාල මර්දන කටයුතුවල යෙදී සිටින පොලිස් කණ්ඩායම සතුව ඇති බවත් පොලිසිය සඳහන් කර ඇත.

    ඇමතිවරයාගේ ආරක්ෂක සේවයේ යෙදී සිටින බව කියන ප්‍රබල පාතාල නායකයකු පොලිසිය සමග ඇතිවූ ගැටුමකදී වෙඩි කා මිය ගිය බවද පොලීසිය සඳහන් කර තිබේ.

    මේ පස්දෙනා අතර පොලීසියේ රාජකාරි කරමින් සිටියදී පාතාලය සමග කිට්ටු සම්බන්ධයක් පැවැත්වීම නිසා වැඩ තහනමට ලක්වූ  පොලිස් කොස්තාපල්වරයකුද සිටින බවත් පැවසේ.

  • මරණ දඬුවමට විරුද්ධ වෙන්නෙ තම රෙජිමයේ අයත් අහුවෙන නිසයි

    මරණ දඬුවමට විරුද්ධ වෙන්නෙ තම රෙජිමයේ අයත් අහුවෙන නිසයි

    මෙරටින් මත්ද්‍රව්‍ය තුරන් කිරීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ගත් තීරණ පිළිබඳව මේ වන විටත් ආගමික නායකයන් ඇතුළු බොහෝ දෙනා සිය ප්‍රසාදය පළ කරමින් සිටිනවා.

    එවැනි වාතාවරණයක් තුළ ලංකාවේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මරණ දණ්ඩනය ලබා දීමට ජනාධිපතිවරයා ගත් පියවර සම්බන්ධයෙන් ඇතැම් දේශපාලනඥයන් සහ පසුපස සිටින ඇතැම් පුද්ගලයන් සිය අප්‍රසාදය පළ කරමින් සිටිනවා.

    රාජපක්ෂ රෙජිමයේ කිහිප දෙනෙකු මරණ දණ්ඩනයට ලක් වීමේ අවස්ථාවක් ඇති බව පැවසෙන අතර ඒ අනුව එම පුද්ගලයන් බේරා ගැනීමේ අරමුණ ඇතිව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ඇතුළු පසුපස සිටින පුද්ගලයන් මෙම තීරණයට එරෙහිව කටයුතු කරමින් සිටින බවයි වාර්තා වන්නේ.

    වෙලේ සුදා ඇතුළු බොහෝ මත්ද්‍රව්‍ය ජාවාරම්මකරුවන් රාජපක්ෂ රෙජීමය සමග සම්බන්ධතා පැවැත්වූ බවට පසුගිය කාලයේ දී හෙළි වුණා.

  • මත් රකුසාට එරෙහිව සටන් කරන ජනපතිට රටපුරා ජනතාව උපහාර පුදයි

    මත් රකුසාට එරෙහිව සටන් කරන ජනපතිට රටපුරා ජනතාව උපහාර පුදයි

    මත්කුඩු ජාවාරම්කරුවන්ට එරෙහිව මරණ දණ්ඩනය ලබා දීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තීරණය කිරීමත් සමග ඇතැම් ප්‍රදේශ වල ඊට ප්‍රසාදය පළ කරමින් පෝස්ටර් අලවා තිබෙනවා .එම අලවා ඇති පෝස්ටර් සම්බන්ධයෙන් මේ වන විට වන විට ඇතැමුන් සිය ෆේස්බුක් ගිණුම ඔස්සේ විවිධ ප්‍රචාර පළ කරමින් තිබෙනවා.

    මේ සම්බන්ධයෙන් අදහස් දක්වන මධ්‍යස්ථ ජනතාව පවසන්නේ පසුගිය රජය සමඟ මත් කුඩු ව්‍යාපාරිකයන් සමග සමග ඇතැමුන්ට සබඳතා තිබූ නිසා වත්මන් ජනාධිපතිවරයා මෙන් ඔවුන්ට මරණ දණ්ඩනය ලබා දීමේ හැකියාවක් පැවති රජය ට නොතිබූ බවයි.ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා මත්කුඩු ජාවාරම්කරුවන්ට මරණ දණ්ඩනය ලබා දීමට තීරණය කිරීමත් සමඟ ආගමික නායකයන් මෙන්ම සිවිල් සංවිධාන සහ ජනතා බලවේග ද සිය ප්‍රසාදය පළ කර තිබෙනවා .

    එවැනි තත්වයක් තුළ මෙවැනි ප්‍රකාශ කරමින් මෙවැනි ව්‍යාපාරික සඳහා අකුල් හෙළන පුද්ගලයන් පිළිබඳවද යළි සලකා බැලිය යුතු බවයි බොහෝ සංවිධාන පෙන්වා දෙන්නේ .

  • වෙඩි වැදුණු කිරිවෙහෙර හිමිගේ රෝහල් ගාස්තුවෙන් මිලියනයක් ගෙවයි

    වෙඩි වැදුණු කිරිවෙහෙර හිමිගේ රෝහල් ගාස්තුවෙන් මිලියනයක් ගෙවයි

    වෙඩි වැදීමකින් තුවාල ලබා කොළඹ පෞද්ගලික රෝහලක ප‍්‍රතිකාර ලබන කතරගම කිරිවෙහෙර විහාරාධිපති පූජ්‍ය කොබවක ධම්මින්ද හිමියන්ගේ රෝහල් ගාස්තුවෙන් කොටසක් රජය විසින් පියවා ඇත.
    ජනාධිපති අරමුදල යටතේ රුපියල් මිලියනයක පමණ මුදලක් මෙලෙස ගෙවා ඇති බවයි වාර්තා වන අතර රෝහල් ගාස්තුවේ ඉතිරි කොටසද පියවන බවට ජනාධිපති කාර්යාලයෙන් දැනුම්දීමක් කර ඇතැයිද වාර්තා වේ.
  • ගෝටා පසුපස සිටින බලවේගය අතිශය භයානකයි.. ඔහු ප‍්‍රජාතන්ත‍්‍රවාදී අදහස් නැති හමුදා නිලධාරියෙක්..

    ගෝටා පසුපස සිටින බලවේගය අතිශය භයානකයි.. ඔහු ප‍්‍රජාතන්ත‍්‍රවාදී අදහස් නැති හමුදා නිලධාරියෙක්..

    ගෝටාභය රාජපක්‍ෂ මහතා පසුපස සිටින බලවේග දෙස බැලූ විට අතිශය භයානක බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී වාසුදේව නානායක්කාර මහතා පවසයි.

    එම පිරිස සූදානම් වන්නේ ඉතාම තද ජාතිකවාදී මිලිටරි ආණ්ඩුවක් හදා ගන්න යයිද මන්ත‍්‍රීවරයා සදහන් කරයි.

    ගෝටාභය රාජපක්‍ෂ මහතා දේපාලඥයෙකු නොවන බවත් ඔහුට සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදී මතවාදයක්ද නැති බවත් පවසන මන්ත‍්‍රීවරයා ඔහු හුදෙක්ම හමුදා නිලධාරියෙක් පමණක් යයිද යැයි වැඩිදුරටත් කියා සිටී.

  • අලුගෝසු තණතුරට ගෝඨාභය හොඳයි

    අලුගෝසු තණතුරට ගෝඨාභය හොඳයි

    පුරප්පාඩු වී ඇති අලූගෝසු තනතුර බාර ගන්නා ලෙස හිටපු ආරක්‍ෂක ලේකම් ගෝටාභය රාජපක්‍ෂ මහතාගෙන් ඉල්ලීමක් කරන බව නියෝජ්‍ය ඇමති දුනේෂ ගන්කන්ද මහතා පවසයි.

    ඔහු මෙම අදහස් පල කලේ රත්නපුරයේදී පැවති ජනහමුවක් අමතමිනි.

  • ඒකාබද්ධය දෙකඩ කරන්න කියා වෙල්ගමව ආණ්ඩුව බ්ලැක්මේල් කරනවා

    ඒකාබද්ධය දෙකඩ කරන්න කියා වෙල්ගමව ආණ්ඩුව බ්ලැක්මේල් කරනවා

    එක්බද්ද විපක්‍ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත‍්‍රී කුමාර වෙල්ගම මහතා ආණ්ඩුව විසින් බ්ලැක්මේල් කර ඇති බව මවුබිම වෙනුවෙන් රණවිරුවෝ සංවිධානය පවසයි.

    එම සංවිධානයේ කැදවුම්කරු අජිත් ප‍්‍රසන්න මහතා පෙන්වා දෙන්නේ වෙල්ගම මහතාට ඇති නඩු කිහිපයක් පෙන්වා මෙම බ්ලැක්මේල් කිරීම සිදු කර ඇති බවත් එමගින් ඔහු හරහා ඒකාබද්ද විපක්‍ෂයේ සියළු තොරතුරු ආණ්ඩුව විසින් ලබා ගන්නා බවත්ය.

    වෙල්ගම මහතා ගෝටාභය රාජපක්‍ෂ මහතා ජනධිපතිවරණවට එනවාට විරුද්ද වන්නේ පෙර හොරකම් නැවති කිරීමට නොහැකි නිසා බවද ඔහු පෙන්වා දෙයි.

    ලෝකයේ පලමු අගමැතිනිය වූ සිරිමාවෝ බණ්ඩාරනායක මෙන්ම, මහතීර් මොහොමඩ්, ලිකුවාන් යු ආදී නායකයින් බිම් මට්ටමේ දේශපාලනයක් සිදු නොකල බවත් එක්වරම නායකත්වයට පැමිණි බවත් ඔහු කියා සිටී.

    කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මෙම අදහස් පල කලේය.