Category: සුපිරි Politics
-

මැණික් සහ ස්වර්ණාභරණ ක්ෂේත‍්‍රයේ ගැටලු ජනපතිගේ අවධානයට
මැණික් සහ ස්වර්ණාභරණ ක්ෂේත‍්‍රයේ මතුව ඇති ගැටලු පිළිබඳ සාකච්ජාවක් ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ (05) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණි.කර්මාන්තකරුවන් සහ ව්‍යාපාරිකයින් මුහුණදී සිටින ගැටලු පිළිබඳ මෙහිදී දීර්ඝ වශයෙන් ජනාධිපතිතුමා දැනුවත් කෙරිණි.රත‍්‍රන් සඳහා පැනවු සියයට 15ක ආනයන බද්ද සහ ස්වර්ණාභරණ කර්මාන්තය සඳහා එහි ඇති අහිතකර ප‍්‍රතිවිපාක පිළිබඳව ද අවධානය යොමු කෙරුණු අතර ඒ සඳහා ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ යෝජනා කිහිපයක් ද ජනාධිපතිතුමා වෙත ඉදිරිපත් කරනු ලැබීය.මැණික් ගැරීම සඳහා බලපත‍්‍ර නිකුත් කිරීමේදී රාජ්‍ය ආයතනවලින් නිර්දේශ ලබා ගැනීමේ ගැටලු සහ ප‍්‍රමාදයන් පිළිබඳව ද අවධානය යොමු විය.මැණික් ගැරීම සඳහා ඉඩම් නිදහස් කර ගැනීමේදී රාජ්‍ය ආයතන සහ වතු සමාගම් ආශි‍්‍රතව මතුවී ඇති ගැටලුකාරි වාතාවරණය පිළිබඳව ද සාකච්ජාවට ලක් විය.මෙම ගැටලු අතරින් දැනට විසඳුම් ලබාදිය හැකි ගැටලු සඳහා කඩිනමින් විසඳුම් ලබාදීමට නිලධාරින්ට උපදෙස් දුන් ජනාධිපතිතුමා අනෙකුත් ගැටලු පිළිබඳ සාකච්ජා කිරීමට අදාළ සියලු පාර්ශ්වයන්ගේ සහභාගිත්වයෙන් ජූලි 12 වනදා නැවත වරක් සාකච්ජාවක් කැඳවීමට ද උපදෙස් දුන්නේය.අමාත්‍ය දයා ගමගේ, පාර්ලිමේන්තු මන්තී‍්‍ර ඒ. ඒ. විජේතුංග, මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශයේ ලේකම් අනුර දිසානායක යන මහත්වරුන් ද මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ සභාපති පේෂල බණ්ඩාර ජයරත්න මහතා ඇතුළු නිලධාරින් මෙම සාකච්ජාවට එක්ව සිටියහ -

අධ්‍යාපන සුපරීක්ෂණ මණ්ඩල පත් කිරීමට අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කරයි
රජයේ පාසල් හා පෞද්ගලික පාසල් මෙන්ම ජාත්‍යන්තර පාසල් නියාමනය කිරීම සඳහා “අධ්‍යාපන සුපරීක්ෂණ මණ්ඩල” පත් කිරීමට අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කර තිබේ.අධ්‍යාපනයේ ගුණාත්මකභාවය ඉහළ නැංවීම යන රජයේ ප්‍රතිපත්තිගත ක්‍රියාවලිය යටතේ මෙම සුපරීක්ෂණ මණ්ඩල පත් කිරීමට පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍යංශයේ ප්‍රතිපත්ති සම්පාදන හා කාර්යසාධන සමාලෝචන පිළිබඳ අතිරේක ලේකම් ආචාර්ය මධුරා වේහැල්ල මහත්මිය සඳහන් කළාය.සම සාධාරණ අධ්‍යාපන අවස්ථා ගොඩනැගීම හා ගුරුවරුන්ගේ සුදුසුකම් මෙන්ම අධ්‍යාපනයේ සම ප්‍රභේද පිළිබඳ මෙහිදී වැඩි අවධානයක් යොමු කිරීමට නියමිත බව ඇය සඳහන් කළාය.මීට අදාළ කටයුතු පළාත් මට්ටමින් කඩිනමින් ආරම්භ කිරීමට පියවර ගන්නා බව මධුරා වේහැල්ල මහත්මිය වැඩිදුරටත් සඳහන් කළාය. -

E පාස්පෝර්ට් වැඩපිළිවෙල නිසා හරීන්, වසරකට කෝටි 214 ක පාඩුවක් රටට කරයි
ශ්‍රී ලංකා ‘E’ (ඉලෙක්ට්‍රොනික්) විදේශ ගමන් බලපත්‍ර (පාස්පෝට්) සැපයුම් කොන්ත්‍රාත්තුව විනිවිදභාවයකින් සහ ප්‍රසම්පාදන නීතිරීති උල්ලංඝනය කරමින් බ්‍රිතාන්‍යය සමාගමකට පැවැරීමට අමාත්‍ය මණ්ඩලය ගෙන ඇති තීරණය නිසා වාර්ෂිකව රුපියල් දෙසිය දාහතර කෝටියකට (214,000,000) ආසන්න මහජන මුදල් කන්දරාවක් විනාශ වෙන ලකුණු පහළ වී තිබේ.
කොන්ත්‍රාත්තුව දීර්ඝ කාලීනව බල පැවැත්වෙන කොන්ත්‍රාත් ක්‍රමය යටතේ (PERPETUAL EFFECT) අවම වශයෙන් වසර විස්සකට හෝ විසි පහකට හෝ පිරිනැමෙන බැවින් ඒ අනුව විනාශ වෙන මහජන මුදල් ප්‍රමාණය අවම වශයෙන් රුපියල් පන්දහස් තුන්සිය පනස්අට කෝටියක් (2,140,000,000ය 25-53,500,000,000) පමණ වෙතැයි ගිණුම් ආරංචිවලින් කියැවේ.
ආගමන සහ විගමන දෙපාර්තමේන්තුවට 2003 වර්ෂයේ සිට විදේශ ගමන් බලපත්‍ර (පාස්පෝට්) සපයන දේශීය සැපයුම්කාර සමාගමක් ඉදිරිපත් කර ඇති අඩු ලංසුව කුණු කූඩයට දමා ඊට තුන් ගුණයකට වැඩි ඉල්ලුමකට කොන්ත්‍රාත්තුව බ්‍රිතාන්‍යය සමාගමට පිරිනැමීමෙන් මේසා මහජන මුදල් කන්දරාවක් විනාශ වෙන බව අභ්‍යන්තර කටයුතු වයඹ සංවර්ධන සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ගිණුම් ආරංචිවලින් පැවැසේ.
විනිවිද භාවයකින් යුතු ටෙන්ඩර් පටිපාටියකින් තොරව කවර සමාගමකට වුවද විදේශ ගමන් බලපත්‍ර සැපයුම් කොන්ත්‍රාත්තුව නොපවරන ලෙසට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා දී ඇති නියෝග ද පයිසෙකට හෝ මායිම් නොකොට බ්‍රිතාන්‍යය සමාගමට කොන්ත්‍රාත්තුව පවරා තිබේ.
තම අමත්‍යාංශය යටතේ පවත්නා රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවට සහ රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාවට විදේශ ගමන් බලපත්‍ර සැපයීමේ කාර්යය ඉටුකළ හැකි සම්පත් ඇති බැවින් කොන්ත්‍රාත්තුව තම අමාත්‍යාංශයට දෙන ලෙසට අයැද සිටි රාජ්‍ය පරිපාලන සහ කළමනාකරණ අමාත්‍යාංශයේ ලේකම් ජේ.ජේ. රත්නසිරි මහතාවද අමාත්‍ය මණ්ඩලයද, මුළා කර සියලු නීතිරීති උල්ලංඝනය කර කොන්ත්‍රාත්තුව බ්‍රිතාන්‍යය සමාගමට පැවැරීමට අවශ්‍ය වූයේ කාගේ අවශ්‍යතාවකටද යන්න ප්‍රශ්නයකි.
අපට ලැබුණු තොරතුරු අනුව මහජනතාවගේ දැනගැනීම සඳහා සිද්ධිය ඉදිරිපත් කරන්නෙමු.
ආගමන විගමන දෙපාර්තමේන්තුව දැනටත් නිකුත් කරමින් පවත්නා විදේශ ගමන් බලපත්‍ර (පොත) වෙනුවට ඉලෙක්ට්‍රොනික් විදේශ ගමන් බලපත්‍රයක් (‘E’ විදේශ ගමන් බලපත්‍රයක්) හඳුන්වා දීමේදී යෝජනාව ගෙන ආවේ 2015 වර්ෂයේදීය. ඒ අනුව අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ඇතිව මොරටුව විශ්වවිද්‍යාලයේ තාක්‍ෂණික විශේෂඥයන් පිරිසක් විසින් ‘E’ විදේශ ගමන් බලපත්‍රය හඳුන්වා දීමේ ක්‍රමවේදයත් ඊට අවශ්‍ය තාක්‍ෂණික රාමුවත් හඳුන්වා දෙනු ලැබීය.
එහෙත් මොරටුව විශ්වවිද්‍යාලීය තාක්‍ෂණික විශේෂඥයන් පිරිස ඉදිරිපත් කළ වාර්තාව වෙනුවට විදුලි සන්දේශ ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍යාංශය සහ තොරතුරු සහ විදුලි සන්දේශ තාක්‍ෂණය ආයතනය ( Information and Communication Technology Agency ) විසින් නව තාක්‍ෂණික වාර්තාවක් පිළියෙල කරන ලද අතර එසේ සකස් කෙරුණු වාර්තාවෙන් නිර්දේශිත ක්‍රමවේදයට අනුව නව ‘E’ විදේශ ගමන් බලපත්‍රය සැපයුමට තීරණය කෙරිණි.
එම තීරණයට අනුව සැකසෙන නව ‘E’ විදේශ ගමන් බලපත්‍රය සැපයීමේ කටයුත්ත සාර්ථක කිරීමට අවශ්‍ය සියලු සම්පත් තම අමාත්‍යාංශය යටතේ පවත්නා රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවට සහ රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාවට ඇති බැවින් කොන්ත්‍රාත්තුව තම අමාත්‍යාංශයට දෙන ලෙසට රාජ්‍ය පරිපාලන සහ කළමනාකරණ අමාත්‍යාංශයේ ලේකම් ජේ.ජේ. රත්නසිරි මහතා 2017 අගෝස්තු 31 වැනිදා අභ්‍යන්තර කටයුතු වයඹ සංවර්ධන හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම්වරයාට තම අංක MPAIAD ESTDA22 DEP.GP 01 දරන ලිපියෙන් ඉල්ලීමක් කර ඇත.
එම ඉල්ලීමට පිළිතුරු වශයෙන් අභ්‍යන්තර කටයුතු වයඹ සංවර්ධන හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් ඩී. ස්වර්ණපාල මහතා තම අංක IA/1/3/75/1 සහ 2017.09.11 දාතම දරන ලිපියෙන් රාජ්‍ය පරිපාලන සහ කළමනාකරණ අමාත්‍යාංශයේ ලේකම් ජේ.ජී. රත්නසිරි මහතාට දන්වන්නේ, මෙම ප්‍රසම්පාදන කටයුත්ත (‘E’ විදේශ ගමන් බලපත්‍රය සැපයීම) රාජ්‍ය-පෞද්ගලික අංශ සහභාගිත්වයෙන් කිරීමේ යෝජනාව ඒ වනවිටත් අමාත්‍ය මණ්ඩලය විසින් තීරණය කරනු ලැබ ඇති බවයි. එම ප්‍රසම්පාදනය සඳහා දැන්වීම් පළ කළ පසුව යෝජනා ඉදිරිපත් කළ හැකි බවයි.
රාජ්‍ය ආයතනයක් කිසියම් සේවාවක් හෝ සැපයුමක් හෝ ලබා ගැනීමට කටයුතු කරන අවස්ථාවක ඒ අවශ්‍යතාව ඉටු කර දීම සඳහා රාජ්‍ය ආයතනයක් ඉදිරිපත් වන්නේ නම්, එම කාර්යභාරය එම රාජ්‍ය ආයතනය ලවා කරවා ගත යුතු බව රාජ්‍ය ප්‍රතිපත්තිය බව මුදල් රෙගුලාසිවලද අවධාරණය කර ඇතත්, ඊට පටහැණිව මෙම ප්‍රසම්පාදනය සඳහා කටයුතු කර ඇති බව දැනගන්නට ලැබේ.
‘E’ (ඉලෙක්ට්‍රොනික්) විදේශ ගමන් බලපත්‍ර (පාස්පෝට්) ප්‍රසම්පාදනය, ප්‍රසම්පාදන නීතිරීති සම්පූර්ණයෙන්ම උල්ලංඝනය කර විදේශීය සමාගමකට ටෙන්ඩර් නොකැඳවාම පැවරීමකට කටයුතු කෙරෙන බවට ලද තොරතුරු අනුව එපික් ලංකා පෞද්ගලික සමාගමේ ඉහළ කළමනාකරණය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සමඟ ඒ පිළිබඳ සාකච්ඡා කර තිබේ.
එපික් ලංකා සමාගම සම්පූර්ණයෙන්ම දේශීය සමාගමකි. අවුරුදු පහළොවකට ආසන්න කාලයක සිට (2003 සිට) ආගමන – විගමන දෙපාර්තමේන්තුවට අවශ්‍ය විදේශ ගමන් බලපත්‍ර සපයන ආයතනයකි. ශ්‍රී ලාංකිකයන් විශාල පිරිසකට රැකියා සපයා ඇති ආයතනයේ තාක්‍ෂණික ඉන්ජිනේරුවරුන් පමණක් දෙසිය පනහකට (250) අධික වේ. ඉන්දුනීසියාවේ සහ මලයාසියාවේ ශාඛා දෙකක් පවත්වා ගෙන යනු ලබන අභිමානවත් ශ්‍රී ලාංකික ආයතනයක් බව මෙහිලා සඳහන් කළ යුතුය.
විනිවිද භාවයකින් යුතු ටෙන්ඩර් පටිපාටියකින් තොරව කිසිදු සමාගමකට හෝ විදේශ ගමන් බලපත්‍ර සැපයුම් කොන්ත්‍රාත්තුව නොපවරන බව ඒ අවස්ථාවේදී ප්‍රකාශ කර ඇති ජනාධිපතිවරයා ආර්ථික කටයුතු පිළිබඳ කැබිනට් අනුකාරක සභාවෙන් ඉදිරිපත් කර තිබූ ක්‍රමයට අනුව නොව ‘ස්විස් චැලෙන්ජ්’ ක්‍රමය මත විදේශ ගමන් බලපත් සපයා ගත යුතු බවටත් ඒ සාකච්ඡාවට සහභාගි වූ අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම මහතාටද ඒ පිළිබඳ කටයුතු කළ යුතු අන්දම ගැනත් උපදෙස් දී තිබේ.
ජනාධිපතිවරයාගේ එම උපදෙස් සහ නියෝගයට අනුව අභ්‍යන්තර කටයුතු වයඹ සංවර්ධන හා සංස්කෘතික කටයුතු අමාත්‍ය එස්.බී. නාවින්න සහ විදුලි සන්දේශ සහ ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු යන මහත්වරුන් දෙපළගේ අස්සනින් අංක CM/16/2017 යටතේ ඉදිරිපත් කෙරුණු ඒකාබද්ධ අමාත්‍ය මණ්ඩල සන්දේශයට 2017 අගෝස්තු පළමු වැනිදා (2017.08.01) අනුමැතිය ලැබී තිබේ.
එහෙත් අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලද ‘ස්විස් චැලෙන්ජ්’ ක්‍රමය ඉවත් කර ඒ වෙනුවට ‘E’ විදේශ ගමන් බලපත්‍ර කොන්ත්‍රාත්තුව බ්‍රිතාන්‍යයේ ඩි ලා රූ ලංකා කරන්සි ඇන්ඩ් සිකියුරිටි ප්‍රින්ට් ලිමිටඩ් නමැති (De La Rue Lanka Currency and Security Print (Private ) සමාගමට සෘජු කොන්ත්‍රාත්තුවක් ලෙස ලබාදෙන ලෙස විදුලි සන්දේශ සහ ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතාගේ අස්සනින් පමණක් පසුව අමාත්‍ය මණ්ඩල සන්දේශයක් ඉදිරිපත් කෙරී තිබේ.
විදුලි සන්දේශ සහ ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා විදේශ ගමන් බලපත්‍ර සපයා ගැනීම පිළිබඳ සන්දේශය අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කිරීමද හතර බීරි කතාවක් බව ගිණුම් ආරංචි කියයි. මන්ද විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ රාජකාරියේ නීත්‍යනුකූල භාරකාරත්වය හිමි ආගමන – විගමන දෙපාර්තමේන්තුව අයත් වන්නේ අභ්‍යන්තර කටයුතු වයඹ සංවර්ධන හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයට බැවින් අමාත්‍ය මණ්ඩල සන්දේශය ඉදිරිපත් කළ යුතු වන්නේ එම අමාත්‍යාංශය භාර ඇමැතිවරයා වන එස්.බී. නාවින්න මහතායි. එහෙත් ඉදිරිපත් කර ඇත්තේ විදුලි සන්දේශ සහ ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතාය.
ඩිජිටල් වැඩේ කොමිටල් වී ඇතැයි ගිණුම් ආරංචිවලින් ඇසෙන්නේ ඒ නිසාය.
ඒ කෙසේ වෙතත් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා ඉදිරිපත් කර ඇති අංක 17/2522/749/022 දරන අමාත්‍ය මණ්ඩල සන්දේශයට 2017 නොවැම්බර් 2 වැනිදා අනුමැතිය ලැබී ඇත.එම අමාත්‍ය මණ්ඩල සන්දේශයට අනුව බි්‍රතාන්‍යයේ ඩි ලා රූ ලංකා කරන්සි ඇන්ඩ් සිකියුරිටි ප්‍රින්ට් ලිමිටඩ් නමැති සමාගමට ‘ඉ’ විදේශ ගමන් බලපත්‍ර සැපයීමේ කොන්ත්‍රාත්තුව සෘජු කොන්ත්‍රාත්තුවක් ලෙස පිරිනැමිය යුතු බවට හේතුවක් වශයෙන් සඳහන් කර ඇත්තේ එම සමාගම රුපියල් බිලියන එකයි දශම දෙකක් (1.2) හෙවත් රුපියල් කෝටි එකසිය විස්සක් (1,200,000,000) ලංකාවේ ආයෝජනය කරන බවට දී ඇති පොරොන්දුවය.
අමාත්‍ය මණ්ඩලය සන්දේශයේ එසේ දක්වා ඇතත් එම සමාගම 2018 ජනවාරි 26 දින ආගමන – විගමන දෙපාර්තමේන්තුවට දන්වා ඇත්තේ තමන් ආයෝජනය කරන්නේ රුපියල් මිලියන පනහකට හෙවත් කෝටි පහකට (50,000,000) අඩු වටිනාකමකින් යුතු මෙවලම් කිහිපයක් බවයි. ඒ අනුව එම සමාගම විදුලි සන්දේශ සහ ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා ඇතුළු අමාත්‍ය මණ්ඩලය මුළා කරන අන්දමට ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර ඇති බව ගිණුම් ආරංචිවලින් කියැවේ.
අවුරුදු පහළොවකට ආසන්න කාලයක සිට (2003) ආගමන – විගමන දෙපාර්තමේන්තුවට අවශ්‍ය විදේශ ගමන් බලපත්‍ර සපයන එපික් ලංකා පෞද්ගලික සමාගම ‘E’ විදේශ ගමන් බලපත්‍රයක් ඩොලර් අටකට හෙවත් රුපියල් එක් දහස් දෙසිය පනස් හයකට ආසන්න (1256) මුදලකට (ඩොලරයේ අද අගය රුපියල් එකසිය පනස් හතක් සේ සලකා) සපයා දිය හැකි බවට ලන්සුව ඉදිරිපත් කර ඇතැයි දැන ගන්නට තිබේ.
එහෙත් බ්‍රිතාන්‍යයේ සමාගම එක විදේශ ගමන් බලපත්‍රයක් සැපයිය හැකි බවට යෝජනා කිරීමට සූදානම් වන්නේ ඩොලර් විසි පහකට (25) හෙවත් රුපියල් තුන්දහස් නවසිය විසිපහක් (3,935) තරම් මුදලකට බව විදුලි සන්දේශ සහ ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍යාංශ ආරංචිවලින් දැන ගන්නට තිබේ.
ආගමන – විගමන දෙපාර්තමේන්තුවට දැනට වාර්ෂිකව විදේශ ගමන් බලපත්‍ර අට ලක්‍ෂයකට (800,000) ආසන්න ප්‍රමාණයක් නිකුත් කරන බවද බි්‍රතාන්‍ය සමාගමට පිරිනැමෙන කොන්ත්‍රාත්තුව දීර්ඝකාලීනව බල පැවැත්වෙන කොන්ත්‍රාත් ක්‍රමය යටතේ (PERPETUAL EFFECT) අවම වශයෙන් වසර විස්සකට හෝ විසිපහකට හෝ කාලයකට පිරිනැමෙන බවද පැවැසේ.
දේශීය එපික් සමාගමත් බ්‍රිතාන්‍යය ඩි ලා රූ ලංකා කරන්සි ඇන්ඩ් සිකියුරිටි ප්‍රින්ට් ලිමිටඩ් සමාගමත් එක් ගමන් බලපත්‍රයකට ඉදිරිපත් කරන මිල ගණන් සස¼දා බලන කල එපික් සමාගම ඉදිරිපත් කරන මිල ගණන්වලට වඩා (3,925-1,256 = (2,669) රුපියල් දෙදහස් හයසිය හැට නවයක් බි්‍රතාන්‍ය සමාගමට ගෙවීමට සිදුවේ.
ඒ අනුව අපේ රටට වර්ෂයකදී සිදුවෙන අපතය (2,669ය800,000= (2,135,200,000) රුපියල් දෙසිය දහතුන් කෝටි පනස් දෙලක්‍ෂයකි. ගමන් බලපත්‍ර සැපයීමේ කොන්ත්‍රාත් කාලය වසර විසිපහක් වේ නම් මහජනයාට අහිමි වෙන ධනස්කන්ධය (2,135,200,000ය25= 53,380,000,000) රුපියල් පන්දහස් තුන්සිය තිස්අට කෝටියකි.
දැනට (2018) ආගමන – විගමන දෙපාර්තමේන්තුව වාර්ෂිකව විදේශ ගමන් බලපත්‍ර අට ලක්‍ෂයකට (800,000) ආසන්න ප්‍රමාණයක් නිකුත් කළද, තවත් වසර විසි පහක කාලයේදී එම සංඛ්‍යාව වැඩි වන ජනගහනය අනුව කෙසේ වර්ධනය වේදැයි උපකල්පය කළ යුතු ආකාරයට සමගාමීව ගමන් බලපත්‍ර වර්ධනයද උපකල්පනය කළ යුතු වේ.
රටේ සිදු වෙන කරුණු කාරණා අනුව බලන කල අනුන්ට යටි මඩි ගහගන්නට මේ රටේ මහජනතාවට නොකා නොබී පව් ගෙවන්නට සිදුවී ඇත්තේ පූරුවේ කළ කවර අකුසලයක් නිසා දැයි දන්නේ දෙවියන් පමණි.
_ Mawbima –
-

ඒකාබද්ධය සෙංකෝලය පැහැරගැනීමට තැත්කරයි…. – විමල්ට හා රනවීරට දැඩි ලෙස අවවාද කරයි
එල්. ටී. ටී. ඊ. යට පක්‍ෂව උතුරේදී අදහස් පළ කළ ළමා හා කාන්තා කටයුතු රාජ්‍ය ඇමැතිනි විජයකලා මහේෂ්වරන් මහත්මියගේ මන්ත්‍රී ධුරය වහා තහනම් කරන ලෙසට බල කරමින් සභා ගැබ තුළ ඝෝෂා කළ ඒකාබද්ධ විපක්‍ෂයේ මන්ත්‍රීවරුන් සෙංකෝලය පැහැර ගැනීමට වේත්‍රධාරීවරයා සහ නියෝජ්‍ය වේත්‍රධාරීවරයා සමඟ පොරබැදීම නිසා කථානායක කරු ජයසූරිය මහතා විසින් පාර්ලිමේන්තුව අද (04) පස්‌වරුව දක්‌වා කල් තබන ලදී.
විජයකලා මහේෂ්වරන් රාජ්‍ය ඇමැතිවරියට එරෙහිව ඒකාබද්ධ විපක්‍ෂයේ මන්ත්‍රීවරුන් සභා ගැබ මැදට පැමිණ කෑකෝ ගසමින් විරෝධය පළ කිරීම නිසා පාර්ලිමේන්තු රැස්‌වීම පැයකුත් විනාඩි විසිපහක කාලයකට සීමා විය. පස්‌වරු 1.00 ට ආරම්භ කළ පාර්ලිමේන්තු රැස්‌වීම පස්‌වරු 2.25 ට කල් තැබීමට කථානායකවරයාට සිදුවූ අතර මේ කාලය තුළදී මන්ත්‍රීවරුන්ගේ කලහකාරී හැසිරීම පාලනය කිරීම සඳහා එක්‌වරක් විනාඩි දහයක පමණ කාලයකට සභාව අත්හිටුවීමට ද කථානායකවරයා කටයුතු කළේය.
ඒකාබද්ධ විපක්‍ෂයේ මන්ත්‍රීවරුන් සභා ගැබ මැදට වී ඝෝෂා කරන අවස්‌ථාවේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සභා ගැබෙහි සිටියේ නැත. “අගමැතිතුමාට එන්න කියාපිය මේවට උත්තර දෙන්න කියාපිය” යනුවෙන් කෑගැසූ මන්ත්‍රීවරු කලා කලා විජයකලා යූඑන්පීය ඉවර කළා…” යෑයි ශබ්දනගා කියමින් කෑගැසූහ.
විමල් වීරවංශ මහතා සහ ප්‍රසන්න රණවීර මහතා මුලසුනට බැණ වදිමින් හැසිරීම නිසා කථානායකවරයා විසින් එම මන්ත්‍රීවරුන් දෙපළට තරයේ අවවාද කළත් ඔවුහු එය නොතකා විරෝධය පළ කළහ.
එල්. ටී. ටී. ඊ. සංවිධානය යළි හිස එසවිය යුතු බවට විජයකලා මහේෂ්වරන් රාජ්‍ය ඇමැතිවරිය උතුරේ රැස්‌වීමකදී කළ ප්‍රකාශය හෙළා දකිමින් පළමුව සභා ගැබෙහිද අදහස් දැක්‌වූයේ එක්‌සත් ජාතික පක්‍ෂයේ මන්ත්‍රී එස්. එම්. මරික්‌කාර් මහතාය. ඒ මන්ත්‍රීවරුන්ගේ ප්‍රශ්නවලට අධ්‍යාපන ඇමැති සහ එක්‌සත් ජාතික පක්‍ෂයේ මහලේකම් අකිල විරාඡ් කාරියවසම් මහතා පිළිතුරු දෙන අවස්‌ථාවේදීය.
ඔබතුමා කැබිනට් සාමාජිකයෙක් වගේම එක්‌සත් ජාතික පක්‍ෂයේ මහලේකම්වරයා. විජයකලා මහේෂ්වරන් ඇමැතිවරිය ජාති ෙද්‍රdaහී, ව්‍යවස්‌ථා විරෝධී ප්‍රකාශයක් කර තිබෙනවා. අපි ඒක හෙළා දකිනවා වගේම ඊට විරුද්ධ වෙනවා. ඇය පළ කළේ රජයේ මතය ද නැත්නම් එක්‌සත් ජාතික පක්‍ෂයේ මතය දැයි එජාප මන්ත්‍රී එස්. එම්. මරික්‌කාර් මහතා අකිල විරාඡ් කාරියවසම් ඇමැතිවරයාගෙන් විමසුවේය.
මෙය එජාපය ලෙස සම්පූර්ණයෙන්ම ප්‍රතික්‍ෂේප කරනවා. මහ ලේකම් ලෙස මම මහේෂ්වරන් ඇමැතිවරියගෙන් දුරකථනය ඔස්‌සේ මේ ගැන විමසුවා. ඒ වෙලාවේ තිබුණු හිතේ අමාරුවට, දැරියක් ඝාතනය කිරීම සම්බන්ධව හිතේ අමාරුවට එවැනි ප්‍රකාශයක් කළා කියා ඇය කිව්වා. (ඝෝෂා) පක්‍ෂයක් ලෙස අපි මෙය ප්‍රතික්‍ෂේප කරනවා. පසුගිය දවසක හිට්‌ලර්ව උදාහරණයට අරගෙන නායකයන්ට සමාන කළා ඒ වගේ එකක් තමයි මේකත් (ඝෝෂා)
මේකට වාදයක් ගන්න බෑ. යෑයි ඝෝෂාව මැද කථානායකවරයා කියද්දී එයාට හිතේ අමාරුව තියෙනවා නම් අපේ කොළොන්නාව පැත්තේ තියෙනවා අංගොඩ මානසික රෝහල. ඒකට එන්න පුළුවන්. යෑයි එජාප මන්ත්‍රී මරික්‌කාර් මහතා යළි පැවසුවේය.
මේ අවස්‌ථාවේදී සභාව තුළ දැඩි ඝෝෂාකාරී තත්ත්වයක් හට ගත්තේය. ඒ අතරතුරදී රීති ප්‍රශ්නයක් මතු කරමින් නැගී සිටි විමල් වීරවංශ මන්ත්‍රීවරයා
අපි මේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයකු ලෙස පත්වුණාම දිවුරුම් දෙනවා ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව, රටේ ඒකීයභාවය රැකීමට සහ ත්‍රස්‌තවාදය ප්‍රවර්ධනය නොකර සිටීමට. දැන් මේ මන්ත්‍රීවරිය රාජ්‍ය ඇමැතිවරියක්…ඇමැතිවරුන් දෙදෙනෙක් ඉන්න වේදිකාවක එල්. ටී. ටී. ඊ. ය නැවත ගොඩනඟන්න ඕනෑය කීමෙන් ත්‍රස්‌තවාදය ප්‍රවර්ධනය කිරීමක්, ව්‍යවස්‌ථාව උල්ලංඝනය කිරීමක් සිදුකර තිබෙනවා. (ඝෝෂා) තවදුරටත් එතුමියට අයිතියක් නෑ මේ පාර්ලිමේන්තුව නියෝජනය කරන්න. මේ සභාව තුළ ඉඳගෙන ත්‍රස්‌තවාදය ප්‍රවර්ධනය කරන්න දෙන්න බෑ. එතුමියගේ හිතේ අමාරුවට වෙන මොකක් හරි කරගන්න කියන්න…යෑයි විමල් වීරවංශ මහතා කීවේය.
මේ අවස්‌ථාවේදී නැඟී සිටි දයාසිරි ජයසේකර මහතා,
“පැහැදිලිව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවෙන් පරීක්‍ෂණයක් කරලා ඇයට එරෙහිව තීන්දුවක් ගත යුතුයි. ඒ වගේම මේ පාර්ලිමේන්තුව එතුමියට තහනම් කළ යුතුයි…පැහැදිලිව රට බෙදන ප්‍රකාශයක් කර තිබෙන්නේ. විනාශ කරලා දාපු එල්. ටී. ටී. ඊ. ය නැවත නැගිටුවන්න පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු කතා කරනවා නම් ඔවුන්ව පාර්ලිමේන්තුවෙන් එළවා දැමිය යුතුයි”. යෑයි කීය.
“යුද්ධය ඉවරවෙලා බොහෝම අමාරුවෙන් දුක් විඳපු රටක් අපි. අපේ මතය තමයි එවන් ප්‍රකාශයක් කරලා ආණ්‌ඩුවේ ඇමැති ධුරයක් දැරීම අමාරුයි. අපි කියන්නේ ඇයට ඇමැති ධුරයෙන් ඉවත්වෙන්න කියලා…” යෑයි එජාප මන්ත්‍රී අශෝක ප්‍රියන්ත මහතා කීවේය.
මේ අවස්‌ථාවේදී පාර්ලිමේන්තුවේ කටයුතු ඉදිරියට ගෙන යැමට කථානායකවරයා කටයුතු කළේය. එහෙත් ඊට විරෝධය පළ කරමින් ඒකාබද්ධ විපක්‍ෂයේ මන්ත්‍රීවරුන් ඝෝෂා කළේ විජයකලා මහේෂ්වරන් මන්ත්‍රීවරිය සම්බන්ධයෙන් විනය කටයුතු පවත්වන ලෙසයි.
“ඒකට ඉතින් මට කරන්න දෙයක් නෑ…පක්‍ෂය තීරණය කළ යුතුයි…” යෑයි කථානායකවරයා කීවේය. මොකක්‌ද ගන්න පියවර…” යෑයි ඒකාබද්ධ විපක්‍ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් සමඟ සභාව මැදට විත් මුලසුන ඉදිරිපස සිට විමල් වීරවංශ මහතා කථානායකවරයාගෙන් ඇසුවේය.
“සාකච්ඡා කරලා තීරණයක් ගන්නම්” කථානායක කීවේය. එවිට මන්ත්‍රීවරු යළි කෑ ගසමින් කථානායකවරයාට බල කළේය.
“මම තීරණයක් ගන්නම්…මේක ඉතාම බරපතළ ප්‍රශ්නයක් බව මම දන්නවා…මෙතැන පුටුවේ ඉඳලා මට තීරණයක් ගන්න බෑ. එහෙම නම් මට පාර්ලිමේන්තුව නතර කරන්න වෙනවා. මට තර්ජනය කරලා මේක කරන්න බෑ. පක්‍ෂ නායකයෝ එක්‌ක මම කතා කරන්නම්…ඉතා බරපතළ තීරණයක්…කරුණාකරලා දැන් ගිහිං ඉඳගන්න” යෑයි කථානායකවරයා කීය.
මේ අවස්‌ථාවේදී විවිධ පාඨ කියමින් මන්ත්‍රීවරුන් මුලසුන ඉදිරිපස සිට කෑගසද්දී විමල් වීරවංශ මහතා කථානායකවරයාට යමක් කීවේය.
“වීරවංශ මන්ත්‍රීතුමා…මම ඔබතුමාට කියනවා ආපහු වාඩිවෙන්න කියලා…මේක රඟමඬලක් කරගන්න එපා…” කථානායකවරයා යළි මන්ත්‍රීවරුන්ට කීවේය.
“අගමැතියට එන්න කියාපිය…මේවට උත්තර දෙන්න කියාපිය…” යෑයි කියමින් මන්ත්‍රීවරු කෑ ගැසූහ. ජවිපෙ සහ ද්‍රවිඩ ජාතික සන්ධාන මන්ත්‍රීවරු සභාගැබෙහි දක්‌නට නොවීය. “පාර්ලිමේන්තුව තාවකාලිකව අත්හිටුවනවා” යෑයි කියමින් කථානායකවරයා මුලසුනෙන් නැගිට ගියේය.
පාර්ලිමේන්තුව අත්හිටුවූව ද මන්ත්‍රීවරු ඝෝෂා කරමින් සභාගැබ මැද රැඳී සිටියහ. එජාප මන්ත්‍රීවරු ද මේ අවස්‌ථාවේ ඒකාබද්ධ විපක්‍ෂයේ මන්ත්‍රීවරුන් සමඟ තැන තැන සාකච්ඡා කරන අයුරු දක්‌නට ලැබිණි.
විනාඩි දහයකට පමණ පසු යළි සභාව රැස්‌වූහ. මන්ත්‍රීවරුන්ගේ ඝෝෂාව යළි වැඩිවන්නට විය.
“සුළු වේලාවකට හෝ පාර්ලිමේන්තුව අත්හිටුවීමට සිදුවීම ගැන කනගාටු වෙනවා…”යෑයි කී කථානායකවරයා “මේ සිද්ධිය කථානායකවරයාට බලපාන සිද්ධියක් නොවේ. දේශපාලන පක්‍ෂ තියෙනවා…දේශපාලන නායකයෝ ඉන්නවා…මම දැන් අගමැතිතුමාට කතා කළා. අගමැතිතුමා මේ ගැන පරීක්‍ෂණයක් කරන බව කිව්වා…” යෑයි කීය.
“මේ සම්බන්ධව ඉදිරි පියවර ගැනීමට අපි අගමැතිතුමා සමඟ සාකච්ඡා කරනවා…” යෑයි සභානායක ලක්‍ෂමන් කිරිඇල්ල මහතා කීවේය.
“හරි දැන් ඉවරයි…අපි වැඩකටයුතු කරගෙන යමු…” යෑයි කථානායකවරයා කීවේය. සභාගැබ සිටි මන්ත්‍රීවරු යළි කෑ ගැසූහ.
“විමල් වීරවංශ මන්ත්‍රීතුමා මතක තියාගන්න…මේ පාර්ලිමේන්තුවට බෝම්බ ගහන්න කියපු කට්‌ටිය ඉන්නවා. පාර්ලිමේන්තුව ගිනි තියන්න කියපු අය ඉන්නවා” යෑයි කථානායකවරයා කියද්දී මන්ත්‍රීවරු පෙරට වඩා ශබ්ද නඟා කෑගසන්නට වූහ.
එවිට එජාප මන්ත්‍රී අතුරලියේ රතන හිමියෝ නැගී සිට යමක් කීමට උත්සාහ කළහ.
මේ ගැන අගමැතිතුමා ප්‍රකාශයක් කරයි. කථානායක ලෙස මට කරන්න දෙයක් නෑ. යෑයි කථානායකවරයා කීය.
මේ සිද්ධිය පාර්ලිමේන්තුවට බෝම්බ ගහනවා වගේ සිද්ධියක් නොවේ. රටේ වගකිවයුතු ඇමැති ධුරයක් දරන එජාපයෙන් ප්‍රජාතන්ත්‍රවාදීව තේරී පත්වූ මන්ත්‍රීවරියක් තවත් ඇමැතිවරු දෙදෙනෙක් ඉදිරියේ කළ ප්‍රකාශයක්. වගේම අපි දිවුරුම් දෙනවා මේ රට බෙදන්න දෙන්නේ නෑ කියා. කථානායක ලෙස ඔබතුමාට වගකීමක් තියෙනවා විනය පරීක්‍ෂණයක් කර මන්ත්‍රි ධුරය අත්හිටුවන්න………….” යෑයි රතන හිමියෝ කීහ. “ඒවා කරනවා…….” යෑයි කථානායක කීය.
විමල් වීරවංශ මන්ත්‍රීවරයා ඇතුළු ඒකාබද්ධ විපක්‍ෂයේ මන්ත්‍රීවරු දිගටම ඝෝෂා කළහ.
පාර්ලිමේන්තුවේ වැඩකටයුතු කළ යුතුයි. විමල් වීරවංශ මන්ත්‍රීතුමා මෙතැන ඇවිල්ලා සෙල්ලම් කළා. මේක විහිළුවක් කරගන්න එපා. පාර්ලිමේන්තුවේ විනයක් තියෙනවා. අගමැතිතුමා පක්‍ෂ නායක ලෙස පියවරක් ගනියි. පාර්ලිමේන්තුව වෙනුවෙන් මම පියවර ගන්නවා. ඉස්‌සෙල්ලාම ඒ ඇමැතිවරිය සොයාගත යුතුයි ඒකට ඉඩදෙන්න.
මේ අවස්‌ථාවේදී ප්‍රසන්න රණවීර සහ විමල් වීරවංශ යන මන්ත්‍රීවරු කථානායකවරයා වෙත අත දිගු කරමින් කෑ ගැසූහ.
මට විමල් වීරවංශ මන්ත්‍රීතුමාව නම් කරන්න සිද්ධ වෙනවා……….. ගිහින් ඉඳගන්න….. මේක පාර්ලිමේන්තුව…… කථානායකවරයා කියද්දී “ඒකාධිපති” යෑයි ප්‍රසන්න රණවීර මහතා කීවේය.
මම ඒකාධිපතියෙක් නොවෙයි. එතුමියව මම කැඳවා පරීක්‍ෂණ කරනවා. මම විනය පරීක්‍ෂණයක් කරනවා. වීරවංශ මන්ත්‍රීතුමාගේ මුඛය පරීක්‍ෂා කර ගන්න. ඉතා කැත විදිහට කතා කරනවා. උගත් මිනිස්‌සුනේ ඉන්නෙ. මට කරන්න ඉඩ දෙන්නෙ නෑනේ” යෑයි කථානායක කීවේය.
මේ සිද්ධිය ගැන විනය පරීක්‍ෂණයක් තියමු. සියලු දෙනාටම අදහස් ප්‍රකාශ කරන්න දෙමු යෑයි කථානායක කීය.
ඔව් ඒක හොඳයි………” යෑයි කී කතානායක මෙතැන නටන්නේ නැතිව ඉඩ දෙන්න…….මම දන්නවා කළ යුතු දේ. ඔබ තුමා දැන් පාවිච්චි කළ වචන ඉතාම අශෝබනයි. විමල් වීරවංශ ගැන මම ලැඡ් වෙනවා. මේක නාඩගමක් කර ගන්න එපා යෑයි කථානායකවරයා කීවේය.
මහේෂ්වරන් මන්ත්‍රිවරියගේ මන්ත්‍රී ධුරය සති දෙකකට අත්හිටුවන්න. පරීක්‍ෂණයක් කරන්න. විමල් වීරවංශ මහතා කීවේය.
හරි ඒක කරන්න මට ඉඩදෙන්න මම ඒකාධිපතියෙක් නොවේ. කලින් ටේප් එක අහලා බලන්න ඕනේ. (ඝෝෂා) වීරවංශ මන්ත්‍රීතුමා පහත් ලෙස හැසිරුණා. ඉතා නින්දිත ලෙස හැසිරුණා යෑයි කතා නායකවරයා කියද්දී මොකද්ද කිව්වේ යෑයි විමල් වීරවංශ මහතා ඇසුවේය.
ඇහුනේ නැත්නම් කන සුද්ධ කර ගන්න. ඔබතුමාව නම් කරන්න වෙනවා. බෝම්බ ගහන කතාවකුත් කිව්වා මෙයා තමයි සුදනා යෑයි කථානායකවරයා කියද්දී ප්‍රසන්න රණවීර මහතා ද ඝෝෂා කරන්නට විය.
මේක කැලණිය නොවේ……….චණ්‌ඩියෙක් වගේ හැසිරෙන්න එපා. අත් උස්‌ස උස්‌ස කතාකරන්න එපා. යෑයි කී කතානායකවරයා ප්‍රසන්න රණවීර මන්ත්‍රීවරයාට අවවාද කළේය.
මේ අවස්‌ථාවේදී රණවීර මහතා සෙංකෝලය අසලට ආවේය. වේත්‍රධාරි අනිල් පරාක්‍රම සමරසේකර මහතා නියෝජ්‍ය වේත්‍රධාරි නරේන්ද්‍ර ප්‍රනාන්දු සහ සහකාර වේත්‍රධාරී කුෂාන් ජයරත්න යන මහත්වරු සෙංකෝලය ආරක්‍ෂා කරමින් සිටියහ. ප්‍රසන්න රණවීර මන්ත්‍රීවරයා වේත්‍රධාරිවරයාට බැණ වදින ආකාරය දක්‌නට ලැබිණි.
එය දුටු කථානායකවරයා ප්‍රසන්න රණවීර මන්ත්‍රීවරයාට තරයේ අවවාද කළේය.
ප්‍රසන්න රණවීර මන්ත්‍රී තුමාව මට අයින් කරන්න වෙනවා. දෙවැනි වතාවට කියන්නේ රණවීර මන්ත්‍රීතුමා අයින් වෙනවාද නැද්ද……….” යෑයි කථානායකවරයා කියද්දී රණවීර මහතා සෙංකෝලය පැහැර ගැනීමට තැත් කළේය. ඒ සඳහා ඔහු වේත්‍රධාරීන් සමඟ පොර බැදුවේය.
පාර්ලිමේන්තුව කල් දමනවා යෑයි කී කථානායකවනරයා මුලසුනෙන් නැඟිට යද්දී වේත්‍රධාරිවරයා සෙංකෝලය රැගෙන ගියේ පාර්ලිමේන්තුවේ කථානායකවරයාට වම්පසින් තිබෙන පැති දොරටුවකිනි. මේ අවස්‌ථාවේදී අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සිනාමුසුව සභාගැබට පැමිණියේය. එවිට සභාව කල්තබා අවසන්ය. ආණ්‌ඩු පක්‍ෂයේ මන්ත්‍රීවරු අගමැතිවරයා වටකරගෙන සාකච්ඡා කිරීමට පටන් ගත්හ.
-

විජයකලා ගැන තීරණයක් ගන්න – කථානායක නීතිපතිට දන්වයි
විජයකලා මහේශ්වරන් රාජ්‍ය ඇමැතිවරිය කර ඇති ප්‍රකාශයෙන් ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව හෝ පවතින නීතිය උල්ලංඝනය වී තිබේ ද යන්න විමර්ශනය කර නීතිමය පියවර ගන්නා ලෙස නීතිපතිවරයාට දැනුම් දීමට කථානායක කරු ජයසූරිය මහතා විසින් ඊයේ (03 ) සවස තීරණය කර ඇත.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් ඇතිවූ උද්ඝෝෂණය නිසා සභාව කල් තැබූ පසුව කථානායකවරයා මෙම තීන්දුව ගෙන ඇත. -

බැසිල්ගෙන් සල්ලි අරගෙන ජාතිවාදය අවුස්සන විජයකලා පාර්ලිමේන්තුවෙන් ඉවත් කිරීමට තීරණය කරයි…..
දෙමළ ජනතාවගේ නිදහස වෙනුවෙන් එල්.ටී.ටී.ඊ සංවිධානය නැවත ගොඩනැගිය යුතු බව ළමා හා කාන්තා කටයුතු රාජ්‍ය ඇමතිනි විජේකලා මහේශ්වරන් මහත්මිය පවසා තිබුනේය.
ඒ ඊයේ (02දා) යාපනය වීරේශ්වරම් ශාලාවේදී පැවති උත්සවයකට එක්වෙමිනි.
එහිදී එල්.ටී.ටී.ඊ සංවිධානය පැවති කාලය තුළ දෙමළ ජනතාව සාමකාමීව සිටි බවත් යුද්ධය නිමාවු 2009 මැයි 18 පසු නැවත එය දැනෙන්න පටන් ගෙන ඇති බවත් හෙතෙම සඳහන් කරයි.මෙම උත්සව අවස්ථාවේදී දමිළ ඊළාම් රාජ්‍යයේ සිතියමක්ද ප්‍රදර්ශනය කර ඇති අතර ඒ පිළිබඳ ආරක්ෂක අංශයන්හි අවධානය යොමුව තිබේ.
මෙම ප්‍රකාශයත් සමග ඇය ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ වෙනම රාජ්‍යක් ගොඩනැගීම සදහා දේශනයක් සිදුකල බැවින් රාජ්‍ය ඇමතිනි විජේකලා මහේශ්වරන් පාර්ලිමේන්තුවෙන් ඉවත් කල යුතු බවට යෝජනාවක් එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් කථානායකවරයාට භාර දීමට සුදානම් බව වාර්තා වේ.
මේ අතර එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරියක් වුවත් ව්‍යාපාරික කාන්තාවක් වන මැය කිසිවකුගේ මුදල් මත මෙම ප්‍රකාශය සිදු කල බවටද රාවයක් පැතිරෙමින් පවතිනවා. දෙරණ වෙබ් අඩවිය වාර්තා කල පරිදි බැසිල් රාජපක්ෂ මහතා දේශපාලන වාසි ලබා ගැනීමේ අරමුණින් මෙවැනි දෙයක් කලාද යන්න සැක සහිත බවට වාර්තාද පලවනවා.
-

මේ දයාසිරි එක එකාට නැමෙන්න සූදානම් නෑ – ශ්‍රිලනිප 16 කල්ලියේ දයාසිරි පක්ෂය සමගින් අළුත් ගමනක
පසුගිය දා රජයේ තනතුරුවලින් ඉවත් වූ 16 දෙනාගේ කණ්ඩායමේ සාමාජිකයෙකු වන දයාසිරි ජයසේකර පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව මාධ්‍ය ප්‍රකාශක ලෙස පත් කර තිබෙනවා.
නිදහස් පක්ෂයේ නව නිලධාරි කණ්ඩායම සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අතර ඊයේ පස්වරුවේ ජනාධිපති නිල නිවසේදී හමුවක් පැවැත්වුණු අතර එහිදී පක්ෂ ප්‍රතිසංවිධාන කටයුතු මෙන්ම පක්ෂයේ නව මාධ්‍ය ප්‍රකාශකවරුන් ලෙස දයාසිරි ජයසේකර සහ අමාත්‍ය මහින්ද සමරසිංහ පත් කිරීම සිදුවූ බවයි නිදහස් පක්ෂයේ උප ලේකම්වරයෙකු වන බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය සඳහන් කළේ.
මෙම හමුවට පාර්ලිමේන්තු මන්ත්රී දයාසිරි ජයසේකර ද එක්ව සිටි බව ප්‍රධාන අමාත්‍යවරයා තහවුරු කළා.
මේ අතර, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් ඊයේ පැවති ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමට 16 කණ්ඩායම නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්රී දයාසිරි ජයසේකර සහභාගි නොවීම විශේෂයෙන් කැපී පෙණුනා.
16 දෙනා නියෝජනය කරන මන්ත්‍රීවරුන් අතරින් එම අවස්ථාවට සහභාගී නොවූයේ එස්බී දිසානායක සහ දයාසිරි ජයසේකර පමණයි.
එස්බී දිසානායක විදෙස්ගත වීම හේතුවෙන් මෙම හමුවට සහභාගී නොවූ බව 16 කණ්ඩායමේ සාමාජිකයින් තහවුරු කළ අතර දයාසිරි ජයසේකරගේ නොපැමිණීමට හේතුව නිශ්චිත වශයෙන් පැවසීමට ඔවුන් අපොහොසත් වූවා.
එමෙන්ම ඊයේ අදාළ හමුවට පෙර දයාසිරි ජයසේකර මාධ්‍ය වෙත අදහස් පළ කර තිබුණේ ආණ්ඩුවෙන් ඉවත් වූ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ 16 කණ්ඩායම සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතර හමුව සඳහා තමන් හට කිසිදු ආරාධනාවක් සිදුකර නොමැති බවයි.
ජෝන් සෙනෙවිරත්නගේ තීන්දුව 16යේ කණ්ඩායමේ සියලුදෙනාගේ තීන්දුව නොවන බවට පවසා ඇති ඔහු ඒකාබද්ධ විපක්ෂය විසින් තමන්ව පාවඩ දමා පිළිගැනීම අවශ්‍ය නොමැති නමුත් බල්ලෝ බළල්ලුන්ට මෙන් සැළකීමට තමන් එකඟ නොවන බවත් ප්‍රකාශ කොට තිබෙනවා.
එමෙන්ම මේ වන විට 16යේ කණ්ඩායම තුළත් යම් යම් ගැටලුකාරී තත්ත්වයන් මතුව ඇති බවද ඔහු ප්‍රකාශ කළ බව සඳහන්.
දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා වැඩිදුරටත් පවසා ඇත්තේ තමන් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉවත් වීමට සූදානම් නොමැති බවයි.
මේ අතර දයාසිරි ජයසේකර ජන හමුවක් අමතමින් පහත පරිදි අදහස් පළ කළා.
“කොම්පැණියේ ඩිරෙක්ටර්ස්ලා හිටපු ගමන් අප්සෙට් යනවා. හැබැයි ආපහු ඩිරෙක්ටර්ස්ලා ටික එකතුවෙලා වැඩේ පටංගත්තම වැඩේ දුවනවා. කොම්පැණිය නැවත උස්සගන්න තියෙන්නෙ. ඒකට මේක අතහැරලා දාලා වෙන කොම්පැණියකට යන එක නෙවෙයි කරන්න තියෙන්නේ. මේ කොම්පැණිය හදාගන්න ඕනෙ.
අපි කකුල් දෙක දෙපැත්තෙ තියන් ඉන්නවලු. කොහෙද කකුල් දෙක දෙපැත්තෙ තියන් ඉන්නෙ? මම ආයේ ගමින් ගමට ගිහිල්ලා අපේ ශාඛා සමිති ටික හදනවා. තරුණ සමිති ටික හදනවා. කාන්තා සමිති ටික හදනවා. ඉන්නේ දහදෙනාද, ඒ ටික එකතු කරන්න. එකතු කරලා පක්ෂෙ ගොඩගන්න. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට මිනිස්සු ඉන්නවා.
ජනාධිපතිවරණයේ දි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහෝගය නැතුව කිසිම කෙනෙකුට දිනන්න හම්බවෙන්නෙ නෑ මතක තියාගන්න. අපේ තියෙන ලක්ෂ 15, ලක්ෂ 20 කරන්න අපි මහන්සි වෙන්න ඕනෙ. කවුරුහරි හිතනවනම්, පොදුජන පෙරමුණේ අපිට 44ක් ආවා, අපි බලාගමු, අපිට තනියම දිනන්න පුලුවන් කියලා, පුලුවන්නම් දිනාගන්න කියන්න.
ඉන්න ගෙදර අතඇරලා දාලා වෙන ගෙවල්වල තාවකාලිකව ලැගුම්ගන්න මම නම් සූදානම් නෑ. දේශපාලනයෙන් හෙට විශ්‍රාම ගියත් දයාසිරි ජයසේකර එක එකාට නැමෙන්න සූදානම් නෑ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ ජයග්‍රහණය සඳහා අපි කැපවෙනවයි කියන එක මං තමුන්නාන්සෙලාට කියන්න කැමතියි”
-

නිරුවත වසාගන්න මඩ පතුරන කුපාම මහින්දට නිව්යෝක් ටයිම්ස් පුවත් පතෙන් දැවැන්ත ප්‍රහාරයක්…
ශ්‍රි ලංකාවේ මාධ්‍යවේදීන්ට තර්ජනය කරනවා වෙනුවට අපගේ ජාත්‍යන්තර කතෘ මණ්ඩලය සමග සම්බන්ධ වන ලෙස නිව්යොර්ක් ටයිම්ස් පුවත්පත මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් මහින්දට කියයි

-

ඉවසල ඉන්න මම මහින්දගේ සරමම ගලවනවා – කුප්‍රකට නාමල්ගේ සුරතලියට මරියා අබි හබ්බීෙගෙන් පිලිතුරු….
තමන් මාධ්‍යවේදීන් ලෙස වාර්තාවකට කරුණු එකතු කිරීම සඳහා රජයේ ප්‍රධාන නිලධාරින් හමුවීම සාමාන්‍ය දෙයක් බවත් නිවැරැදි වාර්තාකරණයේ අංගයක් ලෙස එය හැදින්විය හැකිබවත් නිව්යෝක් ටයිම්ස් වාර්තාකාරිණි මරියා අබි හබ්බී (Maria Abi Habib) සඳහන් කරනවා.
අද (02) සිය නිල ට්ව්ටර් ගිණුම හරහා සටහනක් තබමින් ඇය මේ බව සඳහන් කළා. ඇය මෙසේ පිළිතුරු ලබා දුන්නේ ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් කොළඹ මහනගර සභාවට තේරි පත් වූ සේනානි සමරසිංහ විසින් ටිවිටර් සමාජ ජාලය හරහා මරියා අබ් හබීබ් ගෝල්ෆේස් හෝටලයේදි රජයේ අමාත්‍යවරුන් දෙදෙනෙකු හමු වූ බවට කළ ප්‍රකාශයට පිළිතුරු වශයෙනි.
Maria Abi -Habib “ඔව් මාධ්‍යවේදීන් කරන්නේ එයයි. රජයේ නිලධාරින් හමුවෙනවා. එපමණක් නොවේ අපි වරාය සම්බන්ධ නිලධාරින්ද හමු වුණා. එසේම ඔවුන් හමුවීමට කළ ඉල්ලීම් අහක නොදැමුවේනම් අපිට රාජපක්ෂවරුන්ට හමු වීමට ඉඩ තිබුණා. ඔබ හාස්‍යයට කරුණකි.”
නිත්‍යා සේනානි සමරනායක යනු ශ්‍රි ලංකා ගුවන් සේවාවේ සේවය කරන අතරතුර පාර්ලිමේන්තු මන්ත්‍රි නාමල් රාජපක්ෂගේ සමාගමේ අධ්‍යක්ෂකවරියක් ලෙස කටයුතු කොට මුදල් විශුද්ධි කිරීමේ වරදට පොලිස් මූල්‍ය අපරාධ අංශය විසින් අත්තඩංගුවට ගෙන බන්ධනාගාර ගත කළ තැනැත්තියක් ලෙස ද දැක්වීය හැකිය. -

අපේ වැඩ පිළිවෙළ යාවත් කාලීන කළ මහින්ද චින්තනය මිසක් වියත් මග නොවෙයි
ඉදිරි මැතිවරණවල අපේක්ෂකයින් කවුරු වුවත් ඒ මැතිවරණ කරා යා යුත්තේ මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් යුත් කණ්ඩායමක් ලෙස යැයි ප‍්‍රජාතන්ත‍්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා ප‍්‍රකාශ කළේය.
ජනාධිපතිවරණයක් පැවැත්වීම නැවැත්විය යුතු බවත් ඒ සඳහා ජනමත විචාරණයක් ලබා ගැනීමට උත්සාහ කළ යුතු බවත් එය පවාසිදුවිය යුත්තේ මහින්ද රාජපක්ෂ මහතා ගේ නායකත්වයෙන් යුතුව බවත් හෙතෙම කියා සිටියේය.
ඉදිරියේ හැදෙන ආණ්ඩුවක මුලික ලක්ෂණ වියත් මඟ ඉදිරිපත් කරන වැඩ පිළිවෙලෙහි ඇතැයි ඔවුන් පවසන කතාව පරස්පර යැයි කී නානායක්කාර මහතා මහින්ද චින්තනය ජනතාවාදී බවත් මහින්ද පෙරටු කර ගත් ඔහු අගමැති කරගත් රජයකින් මැතිවරණ මෙහෙය විය යුතු බවත් ප‍්‍රකාශ කළේය.
මන්ත‍්‍රීවරයා මේ අදහස් පළ කළේ බොරැල්ල ඇන් ඇම් පෙරේරා මධ්‍යස්ථානයේ අද (02) පැවැති සමාජවාදී ජනතා පෙරමුණේ මාධ්‍ය හමුව අමතමිනි. එහි දී තව දුරටත් අදහස් දැක්වූ වාසුදේව නානායක්කාර මහතා මෙසේ ද කීය.
‘‘ මේ ආණ්ඩුව කඩලා මහින්ද මහත්තයා මේ පාර්ලිමේන්තුවේ අගමැති කරන්න අපට වුවමනයි. ඒ සඳහා වැඩ පිළිවෙළ සරල බහුතරය කඩා අපේ පැත්තට මන්ත‍්‍රීවරුන් ගැනිමයි. මහින්ද මහත්යාගේ නායකත්වයෙන් මිස වෙනත් නායකත්වයන් ආදේශ කරන්න බැහැ. මහින්ද මහත්තයාගේ නායකත්වයට මුවාවෙලා ඒ නායකත්වය යට කරගෙන එන්න දෙන්න බැහැ. තුනෙන් දෙකක බලයක් ගෙනත් විධායක ජනපතිවරණයක් අනවශ්‍ය තැනට ගෙනෙන්න.
මේ වැඩ පිළිවෙළ මොකක්ද කියලා අහනවා. අපේ වැඩ පිළිවෙළ යාවත් කාලීන කළ මහින්ද චින්තනයයි. වියත් මග නොවෙයි. ‘‘ -

සත්‍යය හෙලිකල තමන්ට මඩ ගසන මහින්දගේ මඩ බලකායට නිව්යෝක් මාධ්‍යවේදිනියෙගෙන් දැඩි පිළිතුරක්…
නිව්යෝක් ටයිම්ස් පුවත්පත මහින්ද රාජපක්ෂ මහතාගෙන් සමාව ගත් බවටත් අදාළ පුවත වාර්තා කළ මාරියා අබි-හබීබ් මාධ්‍යවේදිනිය සේවයෙන් නෙරපූ බවටත් පවසමින් රාජපක්ෂ මහතාට හිතවත් ෆේස්බුක් පිටුවක් විසින් පළකළ අසත්‍ය පුවතට අදාළ මාධ්‍යවේදිනිය ප්‍රතිචාර දක්වා තිබේ. ඇය සිය ට්ව්ටර් ගිණුමෙන් මෙසේ ඊට උපහාසය දක්වා ඇත.
මහින්ද රාජපක්ෂ මහතාහට එල්ල වී ඇති මෙම චයිනා හාබර් සමාගම හරහා මැතිවරණ ව්‍යාපාරය සදහා මුදල් ලබා ගැනීමේ බරපතල චෝදනාව යටගැසීම සදහා මේවනවිට විවිධ ප්‍රවෘත්ති ඔවුන් විසින් නිර්මාණය කරමින් පවතී. විශේෂයෙන්ම සමාජමාධ්‍ය උපයෝගී කරගනිමින් මේ සදහා සක්‍රීයව මැදිහත්වෙමින් සිටින බව පෙනි යයි.
මේ වනවිට රාජපක්ෂ මහතාට හිතවත් ෆේස්බුක් පිටුව විසින් පලකල එම පුවත පන්දහසකට අධික පිරිසක් විසින් හුවමාරු කරගෙනද ඇත.
-

කෘෂිකර්ම අමාත්‍යාංශයට නැවත ගොවිජන මන්දිරයට යන්න නම් අමාත්‍ය මණ්ඩල අනුමැතිය ඕනලු
කෘෂිකර්ම අමාත්‍යාංශය පවත්වාගෙන යාම සඳහා යළි බත්තරමුල්ල ප්‍රදේශයේ පිහිටි ගොවිජන මන්දීරය ලබා ගන්නේ නම් ඊට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවිය යුතු බව කෘෂිකර්ම අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කරයි.මේ වන විට රාජගිරිය ප්‍රදේශයේ පිහිටි ගොඩනැගිල්ලක් තුළ කෘෂිකර්ම අමාත්‍යාංශය පවත්වාගෙන යන අතර ඊට විශාල පිරිවැයක් දැරීමට සිදුව ඇති බව සඳහන්ය.2016 වසරේ සිට වසර 05ක් සඳහා අදාළ ගොඩනැගිල්ල වෙනුවෙන් බදු ගිවිසුමක් ක්‍රියාත්මක වන අතර එහි මුල් වසර තුන සඳහා රුපියල් මිලියන 504ක මුදලක් ලබාදීමට රජය පියවර ගෙන තිබේ.කෙසේවෙතත් අදාළ ගිවිසුමට අනුව ඉදිරි වසර දෙක සඳහා සියයට 15කින් අදාළ බදු මුදල ඉහළ යන බව සඳහන්ය.ඒ අනුව වසර 05 සඳහා එම ගොඩනැගිල්ලට ගෙවිය යුතු මුළු මුදල රුපියල් මිලියන 960ක් පමණ වන බව විගණන වාර්තාවල සඳහන් වෙයි.අධික මුදලක් ලබා දෙමින් රාජගිරිය ප්‍රදේශයේ පිහිටි මෙම ගොඩනැගිල්ල තුළ කෘෂිකර්ම අමාත්‍යාංශය පවත්වාගෙන යාමේ අවශ්‍යතාවක් නොමැති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේය.ඒ අනුව බත්තරමුල්ල රජමල් වත්ත මාවතේ පිහිටි ගොවිජන මන්දීරය කෘෂිකර්ම අමාත්‍යාංශය පවත්වාගෙන යාම සඳහා ලබා දෙන ලෙස කෘෂිකර්ම අමාත්‍යවරයා කථානායක කරූ ජයසූරිය මහතාගෙන් ඉල්ලීමක් කර තිබුණි.කෙසේවෙතත් අදාළ ගොඩනැගිල්ල යළි කෘෂිකර්ම අමාත්‍යාංශයට ලබාදීම සඳහා කථානායකවරයාට තනිව තීරණයක් ගැනීමට නොහැකිව පවතින බව වාර්තා වෙයි. -

විදේශ ව්‍යාපෘතියකට ඩොලර් 750,000ක අල්ලසක් ඉල්ලු ඇමතිට කැබිනට්ටුවේදී ජනපතිගෙන් දැඩි ප්‍රහාරයක්…..!
පසුගිය කැබිනට් හමුවේදි ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා දැඩි ආවේගශීලීව අදහස් දක්වා තිබේ. ඒ ඛණිජතෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග ඉලක්ක කරගෙනය. මැලේසියානු සමාගමකට ශ්‍රී ලංකාවේ සිය ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට අවශ්‍ය බලපත්‍ර ලබා නොදීම නිසා මෙලෙසින් ජනපතිවරයා විසින් අමාත්‍යවරයාට දෝෂාරෝපනය කර තිබේ. වාර්තා වන අන්දමට සිදුවීම සැකෙවින් මෙසේය.
මැලෙසියාවේ ඛණිජ තෙල් සමාගමක් ශ්‍රී ලංකාවේ සිය ව්‍යාපෘතින් ඇරඹීමට මුතුරාජවෙල කර්මාන්තශාලාවක් අරඹා තිබේ. මෙහිදි ඛණිජ තෙල් පිරිපහදුව, ලිහිසි තෙල් නිෂ්පාදනය සිදුකිරීමට සැලසුම් කර තිබේ. ව්‍යාපෘතිය සදහා එම සමාගම ඇමෙරිකානු ඩොලර් මිලියන දහයක මුදලක් දැනටම වැය කර තිබෙන බව සදහන්. ශ්‍රී ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව සමග එක්ව මෙම ව්‍යාපෘතිය දියත් වේ.
මැලෙසියානු හිටපු අගමැති නජීබ් රසාක් පසුගිය දෙසැම්බර් මස ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වූ අතර එම සංචාරයේදි ඔහු විසින් මෙම කර්මාන්තශාලාව විවෘත කර තිබේ. කෙසේ වෙතත් ඛණිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යංශය විසින් එම කර්මාන්තශාලාවට අවශ්‍ය බලපත්‍ර තවමත් නිකුත් නොකිරීම නිසා එහි ව්‍යාපෘතින් තවමත් ආරම්භ වී නැත.
කැබිනට් රැස්වීමේදි මෙම බලපත්‍ර ලබා දීම සදහා අමාත්‍ය අර්ජුන රණතුංග විසින් කාලය ඉල්ලා ඇති අතර ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා එම යෝජනාවටද දැඩිව විරුද්ධ වී තිබේ. ” තවත් කාලය වැය කරන එකෙන් තේරුමක් නැහැ, තවත් කල් නොයවා අදම බලපත්‍රය නිකුත් කරන්න” යෑයි ජනපතිවරයා මෙහිදි නියෝග කර තිබේ.
මේ අතර දේශපාලන ආරංචි මාර්ග සදහන් කරන්නේ මෙම කැබිනට් හමුවේදි රජයේ දේශපාලකයෙකු සම්බන්ධව පැමිණිලි එල්ල වී තිබූ බවයි. මෙම දේශපාලකයා විසින් මේ කර්මාන්තශාලාවට අවශ්‍ය බලපත්‍ර ලබා දීමට නම් සිය ඥාතියෙකු හමුවී එක බලපත්‍රයකට ඇමෙරිකානු ඩොලර් දෙලක්ෂ පනස්දහස බැගින් දේශපාලන අරමුදල් ලෙස ලබා දෙන ලෙස මැලේසියානු කර්මාන්තශාලාවට දන්වා තිබෙන බවට කැබිනට් හමුවේදී චෝදනා එල්ලවී තිබේ.
මේ අනුව බලපත්‍ර තුන සදහාම මෙම දේශපාලකයා විසින් ඉල්ලා තිබෙන අල්ලස් මුදල ඩොලර් හත්ලක්ෂ පනස් දහසක් (750,000) වන අතර එය ශ්‍රී ලංකා මුදලින් කෝටි 11කට අධික මුදලකි
-

කළු සල්ලි වලට ආශාවෙන් මිලියන 1215 කට චීනයට විකිණුනු රාජපක්ෂවරුන්‌ගේ පැටිකිරිය මෙන්න….
පසුගිය සතියේ ලංකාවේ දේශපාලනයේ විශේෂිතම සිදුවීම වන්නේ ලෝකප්‍රකට නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පතේ ප්‍රධාන පෙලේ ලිපියක් පලකරමින් පසුගිය රාජපක්ෂ රෙජීමය සමයේ ලංකාවේ ආර්ථිකයට හා දේශපාලනයට චීනයේ මැදිහත්වීම පිළිබඳව විස්තරාත්මක හෙළිදරව් කිරීම් ගණනාවක් සිදුකර තිබීමයි. මෙම ලිපියට අනුව රාජපක්ෂවරු විසින් හම්බන්තොට වරාය ඉදිකිරීමේදී සිදුකරන ලද සුවිශාල අක්‍රමිකතා රාශියක් හෙළිකරන ලද අතර මහින්ද රාජපක්ෂ විසින් එම වරාය ඉදිකිරීමේ මුලික කොන්ත්‍රාත්තුව චීනයට ලබාදීමේ දී විශාල ආර්ථික පාඩුවක් ද, අක්‍රමිකතාවයන් ද සිදුකර ඇති බව හෙළිකරන ලදී. එසේම එම ඉදිකිරීම් කටයුතු වලදී ඉදිරිපත් වූ පරිසර හා ශක්‍යතා වාර්තා සියල්ලම යෝජනා කරන ලද්දේ වරාය ඉදිකරන ලෙස නොව එය අසාර්ථක ව්‍යාපෘතියක් වීමට ඉඩ ඇති බවත් මෙම ව්‍යාපෘතිය ඉදි නොකර සිටින ලෙසත්ය.
මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ හැටපස්වන උපන්දිනයට ප්‍රථම එම වරාය ඉදිකොට විවෘත කිරීමේ දැඩි අවශ්‍යතාවයක් රාජපක්ෂවරුන්ට තිබූ බව එම පුවත්පත හෙළිකොට තිබේ. එසේම එම වරාය ඉදිකිරීමේ කොන්ත්‍රාත්තුව ප්‍රථමයෙන් ලබාදීමට අපේක්ෂා කොට ඇත්තේ ඉන්දියාවට වුවත් ඉන්දියාව ඒ ඉදිකිරීම ප්‍රතික්ෂේප කොට තිබේ. ඒ වෙනුවෙන් ඉදිරිපත් කොට තිබූ ශක්‍යතා වාර්තා වල තිබූ නිර්දේශ වලට අනුවයි. නමුත් ඔවුන් එම වාර්තා තඹ සතයකට මායිම් නොකර චීන සමාගමකට මෙම වරාය ඉදිකිරීමේ අතිවිශාල කොන්ත්‍රාත්තුව අධික පොලියට ලබාගත් ණය මුදලක් මත ලබා දී තිබේ. එම අවස්ථාවේදී ජපානය 0.5% ක පොලියක ණය මුදලකට එකඟ වී තිබියදීත් මෙහි මුල් කොටස චීනය විසින් ලබාගන්නා ලද්දේ සියයට තුනක අතිවිශාල පොලී අනුපාතයකට බව මෙම ලිපිය මඟින් පෙන්වා දී තිබේ. එසේම වරාය ඉදිකිරීමේ දෙවන සහ තුන්වන පියවරයන් සඳහා චීනයෙන් ණය ලබාගෙන ඇති පොලී අනුපාතයන් සියයට තුනේ, හතරේ හා ඵවැනි ඉහළ පොලී අනුපාතයන් වේ. එසේම කෙටි කාලීන ණය මුදල්වල එම ණය මුදල් හැකි ඉක්මනින් ගෙවීමට ලංකාවේ ආණ්ඩුවට සිදුවන ලෙස අවාසි සහගත ගිවිසුම් වලට එළඹ ඇති බව එම ලිපිය පෙන්වාදෙයි. පසුගිය වසර තුන තුළ යහපාලන ආණ්ඩුව මුහුණදුන් දහසකුත් ගැටලු අතර ප්‍රධාන ගැටලුවක් වූයේ හම්බන්තොට සුදුඅලි වරායයි.
එම වරායේ නඩත්තුව වෙනුවෙන් කොළඹ වරායද බංකොලොත් තත්ත්වයට පත්වීමට ඉඩ තිබූ බව ආර්ථික විශේෂඥයින් පෙන්වා දී තිබුණේය. එයට ප්‍රධාන හේතුව වූයේ හම්බන්තොට වරායෙන් කිසිදු ආදායමක් නොලබන අතර චීනයට ගෙවිය යුතු ණය වාරිකය ගෙවීම හා නඩත්තුව කොළඹ වරායේ ආදායම මගින් සිදුකිරීමට සිදුවී තිබීමයි. මෙහි ප්‍රතිඵලයක් ලෙස කොළඹ වරායද අර්බුදයට යමින් තිබුණි. ලංකාවේ ලාභ ලබන රාජ්‍ය ආයතන කිහිපයෙන් එකක් වන කොළඹ වරායද බංකොලොත් තත්ත්වයට පත්වීමේ අවදානමකට ලක්විය. අවසානයේ මෙහි ප්‍රතිඵලය වූයේ හම්බන්තොට වරාය එය ඉදි කළ china harbour සමාගමට වසර 99 කට හිමි වීමයි. එසේම ඒ වෙනුවෙන් ආණ්ඩුවට ඩොලර් බිලියන 1.26 මුදලක් ද ලැබුණි. නමුත් එම මුදල චීන සමාගම ලබාගත් ණය මුදලට වඩා අඩු වන අතර ඔවුන් විසින් හම්බන්තොට ප්‍රදේශයේ එම වරායේ කටයුතු මෙහෙයවීම සඳහා ආර්ථික මර්මස්ථානයක් ඉදිකරන බවට වූ පොරොන්දුවක් නිසාවෙන් එය වාසිදායක පස් ගනුදෙනුවක් ලෙස දක්වා සිටිය හැක.
ඒ කෙසේ වෙතත් මහින්ද රාජපක්ෂ ඔහුගේ 2014 අග භාගයේ ජනාධිපතිවරණය සඳහා චීනයෙන් ඩොලර් මිලියන 7.5 ක අති විශාල මුදලක් ලබාගත් බවට ද එම ලිපිය මගින් නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පත පෙන්වාදෙයි. සැබෑ ලෙසම ලංකාවේ ආර්ථිකය අති විශාල අර්බුදයකට පත්කිරීමට හේතු වූ මෙම චීන – ශ්‍රී ලංකා ගනුදෙනුවල සැබෑ තත්ත්වය ලංකාවේ ජනතාවට අවබෝධ කරදීම වර්තමාන ආණ්ඩුවේ වගකීමක් බව මාගේ පෞද්ගලික තක්සේරුවයි. විශේෂයෙන් ලංකාවේ ජාතික ආදායමෙන් රජයේ ආදායම 11% මට්ටමට ගෙන ඒමේ අති විශාල හානියක් ලංකාවේ ආර්ථිකයට සිදුකරන ලද්දේ මෙම චීන – ශ්‍රී ලංකා ණය ගනුදෙනු වලිනි. ලංකාවේ ආර්ථිකයට අනුව රජයේ ආදායම අඩුම තරමින් 22% මට්ටමේ තිබිය යුතු බවත් එය එසේ නොවන්නේනම් ලෝකය පිළිගත් මූල්‍ය ආයතනවලින් ලංකාවට ණය ලබා ගැනීමේ හැකියාව අහිමි වන බවත් ආර්ථික විශේෂඥයින් පෙන්වාදී තිබේ. නමුත් රාජපක්ෂ රෙජීමය විසින් සිදුකරන ලද්දේ රජයේ ආදායම ඉහල දමාගැනීම වෙනුවට චීන ණය මුදල් මගින් ලංකාවේ ආර්ථිකය පවත්වාගෙන යාමයි. එහි උපරිම මට්ටමට 2014 වන විට ලංකා ආණ්ඩුව පත්ව තිබුණු අතර එම ණය මුදල් නැවත ගෙවීම ආරම්භවීමට නියමිතව තිබුණේ 2015 වසරේ සිටයි. යහපාලන ආණ්ඩුව බලයට පත්වන විට ලංකාවේ ආර්ථිකය විශාල ගිනිකන්දක තත්ත්වයට පත්වී තිබුණි.
රාජපක්ෂවරු වසර පහකින් ජනාධිපතිවරණයට යොමුවන්නේ ජාත්‍යන්තර බලපෑමෙන් එම ආර්ථිකය තවදුරටත් චීන ණය මත ගෙන යා හැකි තත්ත්වයක් නොමැති අවස්ථාවකය. යහපාලන ආණ්ඩුව මේ රට බාරගත් දා සිට ආණ්ඩුවට තිබූ ලොකුම අභියෝගය වූයේ පාපැදි ආර්ථිකයේ එදිනෙදා කටයුතු පවත්වාගෙන යාමයි. මන්දයත් බංකොලොත් තත්ත්වයක තිබූ ශ්‍රී ලංකාවේ ආර්ථිකය එදිනෙදා කටයුතු පවත්වාගෙන යාමට පවා ශක්තියක් නොතිබුණි. ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් හා ප්‍රතිසංස්කරණ ඉටුකිරීම පොරොන්දු වී බලයට පත්වූ යහපාලන ආණ්ඩුවට එම ප්‍රතිසංස්කරණ ඉටුකිරීමටත් වඩා, හොරු ඇල්ලීමටත් වඩා තම කාලයෙන් වැඩි කොටසක් වැය වූයේ ආර්ථිකය නැවත යථා තත්ත්වයට පත් කිරීමටයි. එනම් එදිනෙදා කටයුතු කරගෙන යාමට හැකි තත්ත්වයට ලංකාවේ ආර්ථිකය ගෙනඒමටයි. එය දේශපාලනික වශයෙන් විශාල අර්බුදයකට යහපාලන ආණ්ඩුව පත්කළ ද එම කටයුතු සිදු කිරීම අනිවාර්ය කොන්දේසියක්ව තිබුණි.
රාජපක්ෂවරුන්ගේ විශාල දූෂණ හා අක්‍රමිකතා නිසා හපවී තිබූ ලංකාවේ ආර්ථිකය අද වන විට නිවැරදි පීල්ලට පැමිණ තිබේ. අද රටේ එදිනෙදා කටයුතු කරගෙන යාමේ කිසිදු අපහසුවක් නොවන අතර රාජ්‍ය ආදායම 11% ක සිට එය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල යෝජනා කරන 22% සීමාවේ ආසන්නයට යාමටත් ඒ අනුව අනාගතයේදී ඉතාම අඩු පොලියට දීර්ඝ කාලීන ණය මුදල් ලබා ගත හැකි තත්ත්වයකටත් රට පත්වී තිබේ.
-

කුපාම මහින්ද හමුවන්නට මත්තෙන් 16 කල්ලියේ ඇතුලත ගිනි පිටට ඇවිත්…. දායාසිරිගෙන් නාකින්ට ප්‍රහාරයක්….
ආණ්ඩුවෙන් ඉවත් වූ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ 16 කණ්ඩායම සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතර හමුව සඳහා තමන් හට කිසිදු ආරාධනාවක් සිදුකර නොමැති බව පාර්ලිමේන්තු මන්ත්රී දයාසිරි ජයසේකර පවසනවා. අද පැවැත්වෙන අදාළ හමුව පිළිබඳව පුවත් වෙබ් අඩවියක් විමසා සිටි අවස්ථාවේ දී ඔහු වැඩිදුරත් ප්‍රකාශ කොටඇත්තේ ජෝන් සෙනෙවිරත්නගේ තීන්දුව 16යේ කණ්ඩායමේ සියලුදෙනාගේ තීන්දුව නොවන බවයි.
ඒකාබද්ධ විපක්ෂය විසින් තමන්ව පාවඩ දමා පිළිගැනීම අවශ්‍ය නොමැති නමුත් බල්ලෝ බළල්ලුන්ට මෙන් සැළකීමට තමන් එකඟ නොවන බව ද ඔහු සඳහන් කරනවා.
එමෙන්ම මේ වන විට 16යේ කණ්ඩායම තුළත් යම් යම් ගැටලුකාරී තත්ත්වයන් මතුව ඇති බවද ඔහු ප්‍රකාශ කළ බව සඳහන්. දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා පවසා ඇත්තේ තමන් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉවත් වීමට සූදානම් නොමැති බවයි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහය නොමැතිව කිසිදු අයෙකුට ජනාධිපතිවරණය ජයගැනීමට නොහැකි බව ද මන්ත්‍රීවරයා පවසනවා.
මේ අතර දහසයේ කණ්ඩායම පිළිබඳව ගන්නා තීරණය කුමක්දැයි පක්ෂ මහ ලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂමන් පියදාසගෙන් මාධ්‍ය කළ විමසීමක දී ඔහු සඳහන් කර ඇත්තේ ජනමාධ්‍යවල පළ කරන අදහස් සම්බන්ධයෙන් තීන්දු තීරණ ගැනීමට තමන් සූදානම් නැති බවයි.
පක්ෂයෙන් ඉවත් වෙන බවට තවමත් කිසිවෙක් තමාට ලිඛිතව දන්වා නැති බවද පෙන්වා දෙනවා.
ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකත්වය දරණ කිසිවෙකු හෝ ඒකාබද්ධ විපක්ෂයට නිල වශයෙන් එක්වුවහොත් ඔවුන් සම්බන්ධයෙන් පක්ෂයේ මධ්‍යම කාරක සභාව රැස්කර අනිවාර්යෙන්ම තීරණයක් ගන්නා බවයි පක්ෂ මහ ලේකම්වරයා වැඩිදුරටත් පවසා තිබෙන්නේ.
-

උතුරු මහ ඇමැති ධුරයෙන් විග්නේෂ්වරන් අස්‌විය යුතුයි – උතුරු පළාත් විපක්‍ෂ නායක
නීතිරීති කිසිවක් ගණන් නොගෙන තම අභිමතයට අනුව කටයුතු කරන උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේෂ්වරන් මහතා අභියාචනාධිකරණයේ තීන්දුව ලද වහාම ඉල්ලා අස්‌විය යුතුව ඇතැයි උතුරු පළාත් සභාවේ විපක්‍ෂ නායක එස්. තවරාසා මහතා පැවසීය.
යාපනයේදී පසුගිය 30 දා විශේෂ මාධ්‍ය හමුවක් පවත්වා විපක්‌ෂ නායකවරයා කියා සිටියේ මහ ඇමැතිවරයා විසින් උතුරු පළාත් හිටපු අමාත්‍ය පී. ඩෙනීෂ්වරන් මහතාගේ ඇමැති ධුරය ඉවත් කිරීමට කළ නියෝගය තහනම් කරමින් අභියාචනාධිකරණය 29 දා ලබාදුන් අතුරු තහනම් නියෝගය හේතුවෙන් විග්නේෂ්වරන් මහතා සිය තනතුරෙන් ඉල්ලා අස්‌විය යුතු බවයි.
විග්නේෂ්වරන් මහතාට ලැ-ජාවක් තිබේ නම් ඔහු සිය තනතුරෙන් මහත්මයකු ලෙස ඉවත්වීමට කටයුතු කළ යුතු බව තවරාසා මහතා කියා සිටියේය.
2017 වසරේ උතුරු පළාත් සභාවේ ප්‍රවාහන, ග්‍රාමීය සංවර්ධන අමාත්‍යවරයා ලෙස කටයුතු කළ පී. ඩෙනීෂ්වරන් මහතා එම තනතුරෙන් ඉවත් කිරීමට පළාත් ප්‍රධාන අමාත්‍ය සී. වී. විග්නේශ්වරන් මහතා ගත් තීරණය ක්‍රියාත්මක කිරීම වළක්‌වමින් අභියාචනාධිකරණය තහනම් නියෝගයක් නිකුත් කර ඇත.
තමා අමාත්‍ය ධුරයෙන් නෙරපීම නීති විරෝධී යෑයි ප්‍රකාශ කරන මෙන් ඉල්ලා උතුරු පළාත් හිටපු අමාත්‍ය පී. ඩෙනීෂ්වරන් මහතා ගොනු කළ පෙත්සමක් සලකා බැලු කුමුදුනී වික්‍රමසිංහ මහත්මිය සහ ජනක් ද සිල්වා මහතාගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඬුල්ලක් විසින් තහනම් නියෝගය නිකුත් කර ඇත




