Category: සුපිරි Politics

  • අර්ජුනට ජනපතිගෙන් හා අගමැතිගෙන් දෝස් මුරයක්

    අර්ජුනට ජනපතිගෙන් හා අගමැතිගෙන් දෝස් මුරයක්

    මැ‍ලේසියාවේ ආධාර මත ඉන්ධන පිරිපහදුවක් ඉදිකිරීම සඳහා කැබිනට් මණ්ඩලය මීට පෙර ගෙන තිබූ තීන්දුවක් මේ වනතෙක් ක්‍රියාත්මක නොකිරීමට එරෙහිව ජනාධිපතිවරයා සහ අගමැතිවරයා ඛනිජ තෙල් අමාත්‍ය අර්ජුන රණතුංග මහතා වෙත පසුගිය සතියේ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් අමාත්‍ය මණ්ඩලය ජනාධිපති කාර්යාලයේදී පසුගිය සතියේ රැස්වූ අවස්ථාවේදී තදින් දොස් පවරා ඇත.

    මෙම ඉන්ධන පිරිපහදුව ඉදිකිරීම පිළිබඳව වූ යෝජනාව පිළිබඳව අමාත්‍ය මණ්ඩලය වෙත පළමුව කරුණු වාර්තා කර ඇත්තේ ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතාය. මැ‍ලේසියාව මේ පිළිබඳව දිගින් දිගටම විමසන බව මෙහිදී සඳහන් කර ඇති ජනාධිපතිවරයා ඇමැති මණ්ඩලය තීරණයක් ගත් පසු එය ක්‍රියාත්මක කිරීම ඇමැතිවරයාගේ වගකීම බව රණතුංග ඇමැතිවරයාට පවසා ඇත. මෙහිදී ජනාධිපතිවරයා අර්ජුන රණතුංග මහතා වෙත ඉතා තදින් පවසා ඇත්තේ හොඳ නරක වැඩක් නෑ තීන්දුවක් ගත්තාම එය ක්‍රියාත්මක කරන ලෙසය.

    මේවා රටට වැදගත් ආයෝජන බවත් එනිසා මෙවැනි ව්‍යාපෘති ක්‍රියාවට නැංවිය යුතු බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාද අර්ජුන රණතුංග ඇමැතිවරයාට මෙහිදී තරමක් තදින් පවසා තිබේ. අමාත්‍ය මලික් සමරවික්‍රම මහතාද මෙහිදී කතා කළහ. ඔහුගේ අදහස වී ඇත්තේද මෙවැනි ව්‍යාපෘති ක්‍රියාත්මක නොකළහොත් ආයෝජකයෝ ලංකාවට පැමිණීම අඩුකරනු ඇති බවයි. මෙහිදී කතාකළ අර්ජුන රණතුංග මහතා අමාත්‍යාංශ ‍ලේකම්වරයාව මේ පිළිබඳව දැනුවත් කරන බව පැවැසූ නමුත් ඊට මැදිහත් වූ ජනාධිපතිවරයා අවධාරණය කරන්නේ ‍ලේකම්ට කීම නොව ඇමැතිවරයා විදිහට මෙම ව්‍යාපෘතිය ඉදිකිරීමේ වගකීම ගන්නා ලෙසය.

  • මහින්ද උත්තර දෙන්න ඕන හන්දි ගානෙ මයික් වලට නෙමෙයි

    මහින්ද උත්තර දෙන්න ඕන හන්දි ගානෙ මයික් වලට නෙමෙයි

    නිව්යෝර්ක්‌ ටයිම්ස්‌ පුවත්පතේ පළවූ පුවත සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහතා මෙරට පුවත්පත්වලට නොව එම පුවත්පතට පිළිතුරු දිය යුතුව ඇතැයි සෞඛ්‍ය පෝෂණ සහ දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පෙරේදා (30) කළුතරදී ප්‍රකාශ කළේය.

    ඒ මහතා එසේ පැවසුවේ කළුතර දිසා ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේ පැවැති උත්සවයකින් අනතුරුව මාධ්‍යයට අදහස්‌ දක්‌වමිනි. එහිදී ඇමැතිවරයා තවදුරටත් මෙසේද කීය.

    නිව්යෝර්ක්‌ ටයිම්ස්‌ පුවත්පත ආවාට ගියාට ප්‍රවෘත්ති පළ කරන්නේ නැහැ. එම ප්‍රවෘත්තියේ අදාළ චෙක්‌පත් අංක, මුදල් ලබාදුන් පුද්ගලයන් බැංකු ආදිය සඳහන් කර තිබෙනවා. භික්‌ෂූන් වහන්සේ නමකටත් මුදල් ලබාදී තිබෙනවා.

    එලෙස මුදල් ලබානුදුන් බවත්, එම පුවත වැරදි බවත් හිටපු ජනාධිපතිවරයා නිව්යෝර්ක්‌ ටයිම්ස්‌ පුවත්පතට පැවැසිය යුතුයි. අදාළ චීන සමාගමවත් මෙම පුවත ප්‍රතික්‍ෂේප කර නැහැ. 

    හිටපු ජනාධිපතිවරයාගේ කාලයේ සිදුවූ දූෂිත ගනුදෙනුවලින් සුළු ගනුදෙනුවක්‌ තමයි මේ වනවිට එළියට ඇවිත් තිබෙන්නේ. මෙරට මූල්‍ය අපරාධ කොට්‌ඨාසයට අපරාධ පරීක්‌ෂණ දෙපාර්තමේන්තුවට නීතිපති දෙපාර්තමේන්තුවට කළ නොහැකි වූ දෙයක්‌ ඇමරිකාවේ පත්තරයක්‌ සිදුකර තිබෙනවා. ඉන් අපට ඉගෙන ගැනීමට බොහෝ දේවල් තිබෙනවා. 

    දූෂිත ගනුදෙනුවලට සම්බන්ධ වූවන්ට නඩු පැවරීමට අපේ නීතිපති දෙපාර්තමේන්තුවට කාලයක්‌ ගත වුණා. පසුගිය රජය සමයේ සිදුවූ සොරකම් මනුෂ්‍ය ඝාතනවල සියලු තොරතුරු දැන් ටික ටික එළියට එනවා.

    මහින්ද රාජපක්‌ෂ මහතා හිටපු ජනාධිපතිවරයෙක්‌. එතුමා හන්දි ගානේ මයික්‍රෙෆොන්වලට උත්තර නොදී නිව්යෝර්ක්‌ ටයිම්ස්‌ පුවත්පතට අදාළ කරුණු දැක්‌වීම කළ යුතුයි.

  • මේ වසර අවසානයේ ඉදලා මත්තල ගුවන් තොටුපලට ගුවන් යානා ගෙන ඒමට කටයුතු කරනවා

    මේ වසර අවසානයේ ඉදලා මත්තල ගුවන් තොටුපලට ගුවන් යානා ගෙන ඒමට කටයුතු කරනවා

    ඉකුත් පාලන සමයේ නොකළ වැඩ කටයුතු රැසක් වත්මන් රජය දෝෂාරෝපණ මධ්‍යයේ හෝ ඉටු කරමින් ඇතැයි අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා මහනුවර දී ඊයේ (01) පැවති උත්සවයකට එක්වෙමින් පවසන ලදී.
    මහනුවර සහ මාතලේ දිස්ත්‍රික්කයේ විශේෂයෙන්ම ජනතාවට භුමියේ අයිතිය ලබා දෙන්න කටයුතු කරනවා. වතුකම්කරුවන්ට පර්චස් 07 ක් සහ ගම්වැසියන්ට ඔවුන්ගේ ගම්වල ඉඩම් අයිතිය ලබාදෙනවා. මේ ගැන තමන්ට දෝෂාරෝපණ එල්ල වනවා. හිට්ලර්ගේ වැඩිමහල් සහෝදරයාට කරන්න බැරිවුනු දේයි දැන් මේ කරමින් ඉන්නේ, ඒ නිසා මට බැනලා වැඩක් නැහැ. අමාරුකම් මධ්‍යයේ ජනතාවට සහන සපයන බවද මෙහිදී අගමැතිවරයා කියා සිටියේය.
    මත්තල ගුවන් තොටුපල සංවර්ධනය කරන ආකාරය පිළිබඳව ද අග‍්‍රාමාත්‍යවරයා මෙහිදී අදහස් පළ කළ අතර මේ වසර අවසානයේ ඉදලා මත්තල ගුවන් තොටුපලට ගුවන් යානා ගෙන ඒමට කටයුතු කරනවා. ඒ වගේම මහනුවර නගරයේ “නයිට් රේස් ” පැදීමට කිසිදු ඉඩක් ලබා නොදෙන බවද අගමැතිවරයා පවසා සිටියා. පළමු වසර තුනහාමාර තුල විවේචන මධ්‍යයේ රට ඉදිරියට රැගෙන ආ බවත් කිසිදු අවස්ථාවක තමන් බොරු නොකියූ බවද මෙහිදී අගමැතිවරයා අවධාරණය කර සිටින ලචී.
  • 2020 සිහිනය වෙනුවෙන් රාජපක්ෂලා අමු අමුවේ රණවිරුවෝ පාවාදෙති (මෙන්න වාචික සහ ලිඛිත සාක්ෂි )

    2020 සිහිනය වෙනුවෙන් රාජපක්ෂලා අමු අමුවේ රණවිරුවෝ පාවාදෙති (මෙන්න වාචික සහ ලිඛිත සාක්ෂි )

    2020 ජනාධිපති සිහිනය සැබෑ කරගැනීම වෙනුවෙන් රාජපක්ෂ රෙජීමය අමු අමුවේ රණවිරුවන් පාවාදුන් හොඳම වාචික සහ ලිඛිත සාක්ෂිය ඊයේ (29)පළ වූ අද පුවත්පතෙන් හමුවෙයි.

    අද පුවත්පතට සම්මුඛ සාකච්ඡාවක් ලබාදෙමින් රාජපක්ෂ රෙජීමයේ ආර්ථික සහ මුල්‍ය ප්‍රධානියා ලෙස කටයුතු කළ බැසිල් රාජපක්ෂ රතුපස්වල සිදුවීම සම්බන්ධයෙන් හමුදාව සහ රණවිරුවන් අමු අමුවේ පාවාදෙමින් අදහස් දක්වමින් පවසා ඇත්තේ, “මට වුනත් හිතෙනවා මුං උතුරේ ගිහින් කොහොම මරන්න ඇද්ද? කියලා.” ය. කිසිදාක රණවිරුවන් පාවා නොදෙන බවට බෙරිහන් දෙන මහින්ද රාජපක්ෂ ඇතුළු රාජපක්ෂ රෙජීමයේ මුල්‍ය සහ දේශපාලන මෙහෙයුම් අංශ ප්‍රධානියා “මුන්” ලෙස හඳුන්වා දී ඇත්තේ “සතුන් සිවුපාවුන්” නොව එදා තිස් අවුරුදු යුද්ධය නිමා කිරීමට දිවිහිමියෙන් කටයුතු කළ ඔබෙත් අපෙත් “රණවිරුවන්”ය. එපමණක් නොව හමුදාව “යුද අපරාධ” සිදුකළ බවට තවත් සාක්ෂියක් මෙයින් රාජපක්ෂවරයා විසින් ජාත්‍යන්තරයට ලබා දී ඇත. එය මහා පාවාදීමකි. මෙමඟින් හමුදාව උතුරේ මිනිසුන් කොහොම මරන්න ඇද්ද යන වක්‍රාකාර සැකයක් එවක රජයේ ප්‍රබලතම අමාත්‍යවරයෙකු මෙන්ම රාජපක්ෂ පවුලේ සාමාජිකයෙකු විසින් මෙලෙස ගෙනහැර දක්වා ඇත. සැබැවින්ම මෙය හමුදාවන්ට එරෙහිව සිදුකළ සුළුපටු පාවාදීමක් නොවේ.

    මෙහිදී ඇති අනෙක් සුවිශේෂීම කරුණ නම් දුන් අණට අනුව ක්‍රියාත්මක වෙනුවෙන් හමුදාව අමු අමුවේ පාවාදෙද්දී රතුපස්වල සිදුවීමෙන් බැසිල් රාජපක්ෂ තම අතිජාත සහෝදරයා වන ගෝඨාභය රාජපක්ෂ බේරාගෙන ඇති ආකාරයයි.

    මේ තුලින් රණවිරුවන් සම්බන්ධයෙන් රාජපක්ෂවරුන්ගේ වන තක්සේරුව පැහැදිලිය. උනුන්ට ඕනෑ වේලාවට වීරයින් වීමට රණවිරුවන් කඩේ යවයි. උනුන්ට ඕනෑ විටෙක රණවිරුවන්ව දං ගෙඩියට යවයි. එදා මෙදා තුර රාජපක්ෂවරුන්ගේ කොන්ඩම් න්‍යාය රණවිරුවන්ටත් පොදු බව මෙයින් පැහැදිලිය.

    යම් මොහොතක ඇමරිකානු පුරවැසිභාවය හිමි ගෝඨාභයගේ 2020 ජනාධිපති සිහිනය සැබෑ කරගැනීම වෙනුවෙන් තිස් අවුරුදු යුද්ධයෙන් මාතෲ භූමිය බේරාගත් රණවිරුවන් පාවාදීමට සිදුවුවහොත් එය ඔවුන්ට ඉතා සරල පහසු කටයුත්තක් මෙන්ම එය සිදුකරන බවට මීට වඩා කුමන තවත් සාක්ෂි අවශ්‍ය නොවනු ඇත.

    මේ බැසිල් රාජපක්ෂ සිය සම්මුඛ සාකච්ඡාවේදී රණවිරුවන් සහ ශ්‍රී ලංකා හමුදාවන් පාවාදෙමින් සිදුකළ ප්‍රකාශයයි.

    “රතුපස්වල මේ පාර ජන්ද 3500 කින් දිනූම්. මම ගමට ගිහින් සමාව ඉල්ලුවා. වෙඩි තියලා තිබුණු විදියට පල්ලිය බිත්ති ඉවරයි. ඉස්කෝලේ යන ළමයි නේ වෙඩි වැදිලා මිය ගියේ. අපේ ශාඛා සමිති වල සාමාජිකයන්ගේ කකුල් විසිඑකක් වෙඩි වැදිලා කැඩිලා තිබුනා. එතකොට මට වුනත් හිතෙනවා මුං උතුරේ ගිහින් කොහොම මරන්න ඇද්ද? කියලා. ඒක මහා අමානුෂික දෙයක්. ඒ වගේ දෙයක් අපේ මහින්ද ජනාධිපතිතුමාගේ ආණ්ඩුවේ කරන්න බැහැ. මම දන්න ගෝඨාභය සහ ඒකට කිසිම සම්බන්ධයක් නැහැ. මගේ ප්‍රදේශය නිසා හරිනම් මම නේ සම්බන්ධ වෙන්න ඕන. අදත් ප්‍රශ්නයක් කවුද හමුදාව එව්වේ කියලා.

    කටුනායක සිද්ධියට ගෝඨාභය සේ කොහොමටවත් සම්බන්ධ නැහැ. එක රනිල්ල දැන් ඉන්න වික්‍රමරත්න මෙතනට ඇවිල්ල වෙඩි තිබ්බේ. මම කියන්නේ ඒවා ඉස්සරහට වෙන්න බැහැ. ගස් බැඳපු එක ස්ටේජ් ගිනි තියපු එක ඒවා ආපහු වෙන්න බැහැ. ඒව තමයි පසුගිය ජනාධිපතිවරණය අපි පරාද වීමට බලපෑවේ. අපි එක්කෙනෙක් දිනවනවා. මම පාර්ලිමේන්තු ඉල්ලන්නේ නෑ ආණ්ඩු කරන්නේ නෑ. මහින්ද ජනාධිපතිතුමා නම් කිරීම පිළිබඳ තීන්දුවක් අරන් ඇති. නමුත් ගෝඨාභය රාජපක්ෂ සහ මම කතාකරලා තීන්දුවක් අරන් තිබෙනවා කවුද ඉදිරිපත් විය යුත්තේ කියලා. අපි දෙන්නගෙන් එක්කෙනෙක් නම් කරයිද කියල අපිට කියන්න බැහැ. කිසිම ආකාරයකින් අපි දෙන්න අතර ගැටුමක් ඇති වෙන්නේ නෑ.

    ඒ වගේ දෙයක් බලාපොරොත්තු වන අයට දෙයියන්ගෙම පිහිටයි. මහින්ද ජනාධිපතිතුමා ගේ මතයක් තියෙනවා ගෙස් කරන තරමට හොඳයි කියලා. එක හරිද නැද්ද කියල මම දන්නේ නෑ. කවුද අපේක්ෂකයා සහ ඔහු නම් කරන වේලාව එතුමාට තීරණය කරන්න පුළුවන්. අපට ඒ වෙලාව කියන්න බැහැ.”

  • ගෝඨාගේ ජනපති අපේක්ෂක සිහිනය බොඳකල තිස්සනායගම්… තිස්සනායගම්ගෙන් ගෝඨාට කනේ පහරක්!

    ගෝඨාගේ ජනපති අපේක්ෂක සිහිනය බොඳකල තිස්සනායගම්… තිස්සනායගම්ගෙන් ගෝඨාට කනේ පහරක්!

    ගෝඨාගේ ජනපති අපේක්ෂක සිහිනය බොඳකල තිස්සනායගම්… කාටත් අමතක වු තිස්සනායගම්ගෙන් ගෝඨාට කනේ පහරක්!

    2008 වසරේදි රාජපක්ෂලා විසින් වසර 20කට  සිරගත කර පසුව 2010 වසරේදි ඇමරිකානු ජනාධිපතිවරයාගේ ඉල්ලිම මත නිදහස් කල දමිළ මාධ්‍යවේදීයෙකු වන ජෙ.එස් තිස්සනායගම් (J. S. Tissainayagam)මේ වනවිට ඇමරිකාවෙ ජිවත් වන අතර ඔහු සම්බන්ධයෙන් හාන්කවිසියක් රාජපක්ෂලාට මෙන්ම සියල්ලන්ටම අමතක වි තිබිණී.

    ගෝඨාභය රාජපක්ෂගේ ජනාධිපති විමේ සිහිනය බිද වැටිම පසුපස කාටත් අමතක වු කරුණක් මේ වනවිට අනවරණය කර ගැනිමට ලංකා ලීක්ස් ජාත්‍යන්තර දේශපාලන වාර්තාකරු සමත්ව තිබේ.

    ගෝඨාභය රාජපක්ෂගේ හැසිරීම පිළිබඳව රනිල් වික්‍රමසිංහ විමසිල්ලෙන් පසුවු අතර ඒ අනුව ඉදිරි ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස ගෝඨාභය රාජපක්ෂ ඉදිරියට ගෙන ඒමේ සැළස්ම 2016දි ආරම්භ වු අතර එම සැළැස්මේ ලොකුම භූමිකාව රඟ දක්වන්නේ දෙරණ හිමිකරු දිලිත් ජයවීර ය. 2016 වන විට රනිල් වික්‍රමසිංහ සමඟ සමීප ඇසුරක් පැවැත්වූ දිලිත් ජයවීර මේ සැළස්ස්මට අත තබන්නේම රනිල් වික්‍රමසිංහගේ අනුදැනුම මතය.

    පැහැදිළිව ශ්‍රිලංනීපය දෙකට බෙදන බව දැන සිටි රනිල්ට එවන් අවස්ථාවේදි මෙම කොටස් විසින් ඉදිරිපත් කරන ජනපති අපේක්ෂකයා අර්බුදයට ලක් කිරීමේ අවශ්‍ය විය. මන්දයත් 2016 වසරේදීම කිසිවිටක ගෝඨාභය රාජපක්ෂගේ අමෙරිකානු පුරවැසිබව අහෝසි නොකරන බව අමෙරිකාව විසින් රනිල්ට දැනුම් දී තිබුණි.

    ගෝඨාභය භීතියට පත්කල තිස්සනායගම්

    2008 වසරේදි රාජපක්ෂලා විසින් වසර 20කට  සිරගත කර පසුව 2010 වසරේදි ඇමරිකානු ජනාධිපතිවරයාගේ ඉල්ලිම මත නිදහස් කල දමිළ මාධ්‍යවේදීයෙකු වන ජෙ.එස් තිස්සනායගම් (J. S. Tissainayagam)මේ වනවිට ඇමරිකාවෙ ජිවත් වන අතර ඔහු සම්බන්ධයෙන් හාන්කවිසියක් රාජපක්ෂලාට මෙන්ම සියල්ලන්ටම අමතක වි තිබිණී.

    තිස්සනායගම් මේ වන විට අමෙරිකාවේ සිටින අතර ඔහු ගෝඨාභය රාජපක්ෂට එරෙහිව පවරනු ලැබු නඩුවක් මේ වනවිට විභාග වෙමින් පවතින අතර එම නිසා එම නඩුව අවසන් වන තෙක් ගෝඨාභය රාජපක්ෂ ගේ පුරවැසි බව අහෝසි නොකර සිටිමට අමෙරිකාව තීරණයකර තිබේ.

    තිස්සනායගම් භාවිතා කරමින් ගෝඨාභයට එරෙහිව පවුරක් බැදිමේ මෙහෙයුම පසුපස විශාල කාර්යභාරයක් කරලු ලැබුවේ ලංකාවේ හිටපු තානාපති රොබෝට් ඕ බ්ලෙක් විසින් වන අතර නමුත් හිලරි ක්ලින්ටන් පරාජයට පත්විමත් සමග රනිල් බියට පත්ව සිටි අතර ඊට ප්‍රධානතම හේතුව වුයේ ගෝඨාභයගේ නඩුව වෙනස් විය හැකි බැවිනි.

    රනිල්ගේ මේ බයට හේතුව වූයේ ට්‍රම්ප් පවුල සමඟ ඉතාම හිතවත් සම්බන්ධතාවයක් ලංකාවේ ධනවත් සූරූපී මෙන්ම කලාකරුවෙකුගේ භාර්‍යාවකද වන කාන්තාවක් විසින් ඇති කර ගෙන තිබිම වන අතර එම කාන්තාව පසුගිය රාජපක්ෂ යුගයේදි නිවාස සංකීර්ණ සකස් කිරීමට ගණුදෙණුවක් ඇති කර ගනීමේදි නාමල් රාජපක්ෂ සමඟ ගැටුම් කිහිපයක් පවා ඇති කර ගත් තැනැත්තියකි. එහිදි ගැටුමට හේතුව වූයේ ගෝඨාභය රාජපක්ෂට ලැබිය යුතු මුදල සම්බන්ධයෙන් වන අතර නාලක් ගොඩගේ වැනි අය සම්බන්ධවත් එම ගැටුම ඇති වි තිබුනි.

    කෙසේවෙතත් පුරවැසිබව සම්බන්ධයෙන් අමෙරිකාවේ ස්ථාවරය වෙනස් නොවුනද එය වෙනස් කරවා ගැනීමට ගෝඨාභය රාජපක්ෂ විවිධ උත්සහ කල අතර එහි ප්‍රතිඵලයක් ලෙස ලැබෙන උපදෙස් පිට ගෝඨාභය රාජපක්ෂ සිංගප්පුරුවට ගොස් ඩොලර් 2500ක් ගෙවා පුරවැසි බව ඉවත් කර ගැනීමේ අයදුම්පත් අත්සන් කල බවත් එය ප්‍රතිකේෂ්ප වු ආකාරය පිළිබඳවවත් අප මීට පෙර අනාවරණය කලා.

    කෙසේවෙතත් ජනාධිපති අපේක්ෂක ඇම 2017 වසරේ සිට ගෝඨාභය විසින් ගිල ගෙන ඇද ගෙන යනු ලබන අතර 2017 වසරෙන් පස්සෙ සිදු කරන වැඩ වලට තෑග්ග ලෙස දිලිත් ජයවීරට එක්සත් ජාතික පක්ෂයේ පළාත් පාලන මැතිවරණයේ ප්‍රචාරක වැඩසටහන ලැබෙන්නේ. මහින්දගේ කීම ද නොආසා වෙනම ගමනක් ගිය ගෝඨාභය දැන් වන විට ඇනගෙන අවසන් බව තහවුරුය.

    පළාත් පාලන මැතිවරණයෙන් පසුව ඇණ ගෙන රනිල් වෙතට සේන්දු වූ විමල් වීරවංශට, උදය ගම්මන්පිලට ගෝඨා සමඟ එකතු වී වැඩ කරන ලෙස රනිල් ගෙන් උපදෙස් ලැබුණි.

    මේ හේතුන් නිසා දැන් ඒකාබද්ධය පැහැදිළිව දෙදෙරා අවසාන ය. හෙට අනිද්ද වන විට ඒකාබද්ධයේ පිරිසක්ම එළියට බැසීමට නියමිත ය. ඒකාබද්ධයේ ඉන්න මන්ත්‍රිවරු බොහෝමයක් මේ වන විට විමල් වීරවංශ සමඟ සාකච්ඡා ආරම්භ කොට අවසන් වේ.

    මේ බල අරගලය හේතුවෙන් ඒකාබද්ධ විපක්ෂය සහ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ද පවුලේ ද අභ්‍යන්තරයේ අර්බුද මතු වී කල්ලිවලට කැඩී යාමත් සමග එම දේශපාලන බලවේග මහින්ද රාජපක්ෂ මහතාගේ පාලනයෙන් ගිළිහී යමින් තිබීම මේ තත්ත්වයට හේතු වී තිබේ.

    ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 16-කණ්ඩායමේ එස් බී දිසානායක සහ දයාසිරි ජයසේකර යන මන්ත්‍රීවරුන් ඇතුළු පිරිසක් බැසිල් රාජපක්ෂ මහතාට දේශපාලනකිව ප්‍රහාර එල්ල කරමින් සිටින්නේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ අනු දැනුම මත වන බවට මේ වන විට කරුණු හෙළිදරව් වී තිබෙන අතර එම සිද්ධිය මගින් ඔහුගේ මේ දේශපාලන උපක්‍රමය මානව තහවුරු වී තිබේ.

    එක්සත් ජාතික පක්ෂයේ ඉහළ නායකයින් කිහිප දෙනකු සමග කර ඇති දේශපාලන සාකච්ඡාවලදී බැසිල් රාජපක්ෂ මහතා පෙන්වා දී තිබෙන්නේ උද්ගත වී තිබෙන තත්ත්වය හමුවේ එම පක්ෂයෙන් එල්ල කරන දේශපාලන ප්‍රහාරය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 16-කණ්ඩායමත් විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල ඇතුළු ගෝඨාභය රාජපක්ෂ පාර්ශවයත් ඉලක්ක කර එල්ල කිරීම වැදගත් බවය.

    එහිදි ප්‍රධාන වන්නේ බැසිල් විරෝධය වේ. ඊලඟට මැතිවරණයට මාස කිහිපයකට පෙර විමල් ඇතුළු පිරිස ඒකාබද්ධයෙන් ගැලවීමට බොහෝ දුරට ඉඩකඩ ඇත.

  • කටමැත දොඩන කමල් ගුණරත්නගේ මිලිටරි හෙලුව පෙන්වූ ඔඩ්ඩුසුඩාන් නාටකය…

    කටමැත දොඩන කමල් ගුණරත්නගේ මිලිටරි හෙලුව පෙන්වූ ඔඩ්ඩුසුඩාන් නාටකය…

    නමුත් ඉන්දියාවේ ද හින්දු පුවත්පත සහ ටයිම්ස් ඔෆ් ඉන්ඩියා පුවත්පත් වාර්තා කර සිටින්නේ තලේමන්නාරම දෙමල ජාතිකයා අත් අඩංගුවට ගෙන ඇත්තේ නීතිවිරොදී ගන්ජා ප්‍රවාහනය  හේතුවෙන් බවය. තලේමන්නාරම පදිකරුවාගේ නම බැස්ටියන් නොහොත් කන්දීපන් ලෙස හදුනාගෙන ඇත .

    2014 දී පෙන්වූ එල්.ටී.ටි.ඊ නව නායක ගොපිගේ නාටකය

    කේන්දර කාරයන්ගේ උපදෙස් අනුව ගිය මහින්ද 2014 අවසාන බාගයේදී ජනාධිපතිවරණය පැවැත්වීමට තීන්දු කලේය. රාජපක්ෂ පවුල් සමාගම විසින් මෙම තීන්දුව ගන්නා ලද්දේ 2014 අප්‍රියෙල් මුල් සතිය තුලදීය. මේ අතර 2014 සිංහල අලුත් අවුරුද්දට ඔන්න මෙන්න තියා පුලියන්කුලම ප්‍රදේශයේ හමුදා කදවුරු කිහිපයක නිවාඩු අවලංගු කරමින් විශේෂ මෙහෙයුමකට සූදානම් විය . 2014 අප්‍රියෙල් මස 10 දින හිමිදිරියේ හමුදා භඨයින් 2500 ක්, නිලධාරීන් 35ක් වාහන 28 ක් යොදාගනිමින් පුලියන්කුලම පොලිස් බලප්‍රදේශයට අයත් මරත්තෝඩෙයි විඩත්තල්තීවු කැලෑ ප්‍රදේශ හමුදාව විසින් වට කලේය. කොටි සාමාජිකයන් පිරිසක් මෙම කැලය තුල යලි ප්‍රතිසංවිධානය වන බවට විශ්වාස කටයුතු තොරතුරු ලැබී ඇති බවත් ඔවුන් අත්ඩංගුවට ගැනීම හෝ මරා දැමීම මෙහෙයුමේ පරමාර්ථය බව භටකන්ඩායමට දැනුම් දී තිබුනි

    මැතිවරණ ව්‍යපෘතිය වෙනුවෙන් හමුදා ඔත්තුකරුවන් බිල්ලට දීම

    2014 අප්‍රියෙල් මස 11 දින දිනමින පුවත්පතේ ප්‍රධාන ශීර්ෂ පාඨය ලෙස පලවූයේ මෙවැන්නකි ‘‘එල්.ටී.ටී.ඊ.යේ නව නායක ගෝපී වෙඩි කා නසී, ගෝපිගේ සගයන් වන තේවියන් හා අප්පනුත් මරුට, වෙඩි හුවමාරුවේදී කෝප්‍රල්වරයෙකුත් දිවි දෙයි’’. දිනමිණ එසේ කීවද සත්‍ය කථාව අනෙකකි. කොටින්ගේ නව නායකයින් ලෙස ලේබලය ඇලවූ ගෝබි සහ ඔහුගේ සගයින් පුලියන්කුලම කඳවුරේ හමුදා ඔත්තුකරුවන් ලෙස කටයුතු කල හමුදාවෙන් වැ‍ටුප් ලැබූ පුද්ගලයන්ය. මොවුන් තිදෙනාහමුදා බුද්ධි අංශයේ කෝප්‍රල් සෙල්වරාජා කමලරාජා (776927) යටතේ සේවය කල අයවලුන් විය.

    පදවිය රෝහලට ලැබුනු මල සිරුර කාගේද?

    2014 අප්‍රියෙල්11දින අළුයම හමුදා භටයෙකුගේ මළසිරුරක් පදවිය රෝහලට බාරදී තිබුනි. මළසිරුරෙහි වෙඩි වැදීමෙන් ඇති වූ තුවාල තිබුනේය. මිය ගිය හමුදා සාමාජිකයා සම්බන්ධව හමුදාව විසින් පදවිය පොලීසියට දුන් ප්‍රකාෂ එකිනෙකට පරස්පර විය. එසේනම් ඇත්තටම සිදු වූයේ කුමක්ද ? ඇත්තටම සිදු වූයේ විඩත්තල්තීවු කැලෑ ප්‍රදේශයේ හමුදා සොදිසි මෙහෙයුම යන අතර වාරයේ හමුදා බුද්ධි අංශයේ පිරිසක් විසින් හමුදා ඔත්තුකරුවන් වූ ගෝපි,තේවියන් හා අප්පන් මරා දැමීමය. උපක්‍රමික නාටකය පිළිබඳ සත්‍යය අනාවරණය වීම වැලැක්වීමට සදහා සේවා අංක 776927 කමලරාජා ද ඝාතනය කලේය. පසුදින දිනමිණ පුවත් පත විසින් නව කොටි නායකයා ලෙස ලේබලය ඇලවූයේ මෙහි සිටි ගෝපිටය, දිවිදුන් හමුදා කෝප්‍රල්වරයා වූයේ හමුදාව විසින්ම ඝාතනය කරන ලද කමලරාජාය.මෙම නාටකයේ අරමුන කොටි භීතියක් මවාපා 2014 මැතිවරනයේදී වාසියක් ලැබීමය

    ඔඩ්ඩුසුඩාන් නාටකය

    පසුගිය දිනෙක ඔඩ්ඩුසුඩාන් ප්‍රදේශයේදී අල්ලා ගන්නා ලද බෝම්බ ත්‍රීවිලයද මෙවැනිම නාටකයකි. බෝම්බ ත්‍රීවීලය අල්ලා ගත් දිනයේම අප වාර්තා කර සිටියේ මෙය ගෝටාබයගේ තවත් ගෝනි සෙල්ලම්ක් බවය. බෝම්බ ත්‍රීවීලය සමග අල්ලගත් එක් අයෙකු හමුදාවෙන් වැ‍ටුප් ලබන බව පොලීසිය විසින් තහවුරු කර ඇත. අද දින පුවත්පත් සකච්චාවක් පැවැත්වූ කමල් ගුනරත්න සහ සරත් වීරසේකරද අත් අඩංගුවට පත්වූ අයෙක් හමුදාවෙන් වැ‍ටුප් ලබන බව පිලිගෙන ඇත . යලිත් මේ සැරසෙන්නේ කොටි භීතියක් මවාපා වැලේ වැල් නැතිව සිටින ගෝටාබයට නැගීමට පොටක් පාදා ගැනීමටය. මෙවන් ගෝනි සෙල්ලම් හිරිකිතයකින් තොරව පෙන්වන කමල් ගුනරත්නලාගේ සහ සරත් වීරසේකරලාගේ පැටිකිරිය පිලිබද ව ජනතාව විමසා බැලිය යුතුව ඇත. ජයග්‍රාහී මිලිටරි ක්‍රියාන්විතය සාජන්වරුන්ගේ සහ කෝප්‍රල්වරුන්ගේ යුද්ධයක් මිස මොවුන් කල දෙයක් නොනැති බව පෙනී යන්නේ මෙවන් තකතීරු කලකිරියාවන් නිසාවෙනි.

    කමල් ගුනරත්නට පුපුරන ද්‍රව්‍ය සමග ගන්ජා පැටලීම

    අද දින කමල් ගුනරත්න සහ සරත් වීරසේකර පැවැත්වූ එම පුවත්පත් සාකච්ඡාවේදී තවත් ආන්දෝලනාත්මක පුවතක් හෙලි කලේය. එහිදී කමල් ගුනරත්න කියා සිටියේ ඉන්දියාවේ රාමනාදන්පුරම්හිදී පුපුරන ද්‍රව්‍ය විශාල තොගයක් සමග තලේමන්නාරම පදිචි දෙමල ජාතිකයෙකු අත් අඩංගුවට ගෙන ඇති බවය. නමුත් ඉන්දියාවේ ද හින්දු පුවත්පත සහ ටයිම්ස් ඔෆ් ඉන්ඩියා පුවත්පත් වාර්තා කර සිටින්නේ තලේමන්නාරම දෙමල ජාතිකයා අත් අඩංගුවට ගෙන ඇත්තේ නීතිවිරොදී ගන්ජා ප්‍රවාහනය හේතුවෙන් බවය. තලේමන්නාරම පදිකරුවාගේ නම බැස්ටියන් නොහොත් කන්දීපන් ලෙස හදුනාගෙන ඇත . බැස්ටියන්ගෙන් ලද තොරතුරු අනුව උචිපුලී පොලීසිය විසින් ගන්ජා ජාවාරමට අදාල ඉන්දියන් ජාතිකයන් 4දෙනෙකුද අත් අඩංගුවට ගෙන ඇත.

    මැතිවරණ ව්‍යපෘතිය වෙනුවෙන් සංහිදියාව බිල්ලට දීම

    බැස්ටියන් ගැන දැනගැනීමට ඉන්දිය පොලිස් වාර්තා එන තුරු සිටිය යුතු නැත, මොහු ලංකාවේ නම ගිය ගන්ජා ජාවාරම් කරුවෙකි. ගන්ජා ප්‍රවාහය පිලිබදව මොහුගෙ නම කල්පිටිය පොලීසියේ කිහිප වරක් ලියවී ඇති අතර, ඒ සම්බන්දව පැවරූ නඩුවක්ද ඇත. කමල් ගුනරත්න මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් පුපුරන දව්‍ය සමග ත්‍රස්තවාදී ලේබලය ඇලවූයේ නම ගිය ගන්ජා කාරයෙකුටය. මහජන මුදලින් රු ලක්ෂයක පමන විශ්‍රාම වැ‍ටුපක් ලබන මෙවන් නිලධාරීන් මේ ආකාරයේ වගකීම් රහිත ප්‍රකාෂ නිකුත් කිරීම අවාසනාවන්ත තත්වයකි. ගෝටාබයහේ 2020 කූට මැතිවරණ ව්‍යපෘතිය වෙනුවෙන් ජාතීන් අතර සංහිදියාව බිල්ලට දීම ශෝකාන්තයකි . මෙහි ප්‍රතිවිපාක ගෙවීමට සිදුවනුයේ ජාතියේ හෙටදින උපදින දුවා දරුවන්ටය

    ගන්ජා කාරයා පිලිබ්දව නිවරදිව වාර්තා කල ඉන්දියන් මාධය

    Sri Lankan Tamil arrested; two others run away

    Sri Lankan lands on Indian shore by illegal ferry, arrested

    ලියුම්කරු කීර්ති රත්නායක

  • හම්බන්තොටින් සොයාගත් මිලියන 219ක කොළඹ සරසවියේ නේවාසිකාගාරය – රාජපක්ෂලාගේ ගැහිලි මෙන්න..

    හම්බන්තොටින් සොයාගත් මිලියන 219ක කොළඹ සරසවියේ නේවාසිකාගාරය – රාජපක්ෂලාගේ ගැහිලි මෙන්න..

    කොළඹ විශ්ව විදයාලයට අයත් කාමර 100කින් යුක්ත නේවාසිකාගාරයක් හම්බන්තොට වැලිගත්ත ප්‍රදේශයෙන් හමුව තිබේ.

    මේ බව හෙළිව ඇත්තේ පසුගියදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ රාජ්‍ය ගිණුම් පිළිබඳ කාරක සභාවේ වාර්තාවෙනි.

    මෙම වැලිගත්ත ප්‍රදේශයේ කොළඹ විශ්ව විද්‍යාලයේ ජෛව තාක්ෂණ පීඨය ගොඩනැගීමට යෝජිතව තිබුණද එම පීඨය ගොඩනැගීමට පෙර රුපියල් මිලියන 219ක් වැය කරමින් මෙම නේවාසිකාගාරය ඉදිකිරීම ඉදිකර ඇති බවද පැවසේ.

    කාමර 100කින් යුත් මේ නේවාසිකාගාරයේ ඉදිකිරීම් 2013 වර්ෂයේදී ආරම්භ කර ඇති අතර පසුව මෙහි ස්ථාපිත කිරීමට යෝජිත කොළඹ විශ්ව විද්‍යාලයට අනුබද්ධිත ජෛව තාක්ෂණ පීඨය ස්ථාපිත නොකිරිමට තීරණය කිරීමත් සමඟ මෙම නේවාසිකාගාරය ඵලදායි ලෙස ප්‍රයෝජනයට ගත නොහැකි සුදු අලියෙක් බවට පත්වී ඇත.

    ජෛව තාක්ෂණ පිඨයක් ස්ථාපිත කිරීමට පෙර නේවාසිකාගාරයක් ඉදිකිරීම බරපතල ගැටළුවක් බව රාජ්‍ය ගිණුම් පිළිබද කාරක සභාවේ නිර්දේශවල සටහන්ව තිබේ.

    මේ ඉදිකිරීම පිටුපස එවකට විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂමේ සභාපතිනිය වු ෂණිකා හිරුකුඹුරේගම මහත්මිය හා ඇගේ සැමියා වු කොළඹ විශ්ව විද්‍යාලයේ උපකුලපති කුමාර් හිරුකුඹුරේගම මහතා ඇති බවට චෝදනා එල්ලවී තිබේ.

    ඔවුන් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ ඉතා කිට්ටුවෙන් කටයුතු කළ අය වෙති

  • කුපාම මහින්ද රාජපක්ෂ හොංක‍ොං රජයටත් කෝටි 10ක් වංචා කරලා…. ඇත්ත කතාව ම‍ෙන්න….

    කුපාම මහින්ද රාජපක්ෂ හොංක‍ොං රජයටත් කෝටි 10ක් වංචා කරලා…. ඇත්ත කතාව ම‍ෙන්න….

    ප්‍රසිද්ධ මෝටර් රථ ධාවන ශූරයෙක්ගේ මාර්ගයෙන් ශ්‍රි ලංකාවේ හොංකොං මහකොමසාරිස් කාර්යාලයක් ආරම්භ කිරිමට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ කටයුතු කළ බව නොරහසක් නොවේ.

    මෙම කාර්ය්‍ය එම ධාවන ශූරයාට ලබා දීමට මහින්ද උත්සාහ කර තිබෙන්නේ චීනය සමග ඇති තම සුහදතාවය පලුදු වේ යැයි බියෙන් බව වාර්තා වේ.ජාත්‍යන්තර දේශපාලනය තුළ හොංකොං රාජ්‍ය්‍ය සහ චීනය එදිරිවාදින් ලෙස කටයුතු කරයි.

    මෙම ගනුදෙනුවට අදාල කෝටි 10ක මුදල 2010 ජනාධිපතිවරණයට ඡන්ද අල්ලසක් වශයෙන් මහින්ද රාජපක්ෂ ලබා ගත් අතර එම මුදලින් කෝටි 02ක් පමණ අදාල ධාවන ශුරයාට ලබා දීමට රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා කටයුතු කර තිබුණි.

  • ජනපති මෛත්‍රි නියමයෙන් අලි මිනිස් ගැටුමට කඩිනම් විසදුම්….. අලිවැට කඩිනම් කිරිමේ තින්දුවක්

    ජනපති මෛත්‍රි නියමයෙන් අලි මිනිස් ගැටුමට කඩිනම් විසදුම්….. අලිවැට කඩිනම් කිරිමේ තින්දුවක්

    පවතින අලි වැට වලට අමතරව දිවයින පුරා අලූතින් ඉදිකළයුතු කි.මි 2500 ක් වන අලි වැට ඉදිකිරීම් ක‍්‍රමවත් වැඩපිළිවෙළක් ඔස්සේ කඩිනමින් ආරම්භ කරන ලෙස ජනාධිපතිතුමා අදාළ අංශවලට උපදෙස් ලබා දී තිබෙනවා.

    ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මෙම උපදෙස් ලබා දුන්නේ අලි වැට නඩත්තු කටයුතු පිළිබඳ ඊයේ (29) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ජාකදී.

    අලි මිනිස් ගැටුම වළක්වා ගැනීමේදී අලි වැට නිසි පරිදි නඩත්තු කිරීමේ වැදගත්කම පෙන්වා දුන් ජනාධිපතිතුමා අඩුපාඩු සහිත සහ අකි‍්‍රය වී ඇති විදුලිවැට කඩිනමින් ප‍්‍රතිසංස්කරණය කිරීමට කටයුතු කිරීමේ අවශ්‍යතාවය ද පැහැදිළි කළේය.

    අලි වැට නඩත්තු කටයුතු වෙනුවෙන් සිවිල් ආරක්ෂක බලකායේ සාමාජිකයින් 1860 ක් මේ වන විට යොදවා තිබෙන අතර, දිවයින පුරා පවතින අලි වැට කි.මි හාරදහසක් පමණ වන ප‍්‍රමාණය වෙනුවෙන් එම පිරිස ප‍්‍රමාණවත් නොවන බව ද මෙහිදී පෙන්වා දෙන ලදී.

    ඒ අනුව ජනාධිපතිතුමා අදාළ අංශවලට උපදෙස් දුන්නේ එම පුරප්පාඩු කඩිනමින් සම්පූර්ණ කිරීමට පියවර ගන්නා ලෙසයි.
    එම සේවාවේ යොදවා ඇති සිවිල් ආරක්ෂක බලකා සාමාජිකයින් වෙනුවෙන් ආහාර වියදම් සඳහා දිනකට ලබාදෙන දීමනාව අඛණ්ඩව ඉදිරියට ලබාදීමට උපදෙස් දුන් ජනාධිපතිතුමා, ඔවුන් වෙනුවෙන් පුහුණු වැඩසටහන් කි‍්‍රයාත්මක කිරීමේ අවශ්‍යතාවය ද පෙන්වා දුන්නා.

    තිරසර සංවර්ධන, වනජීවි සහ ප‍්‍රාදේශීය සංවර්ධන අමාත්‍ය සරත් ෆොන්සේකා, තිරසර සංවර්ධන වනජීවි සහ ප‍්‍රාදේශීය සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ඒ.පී.ජී. කිත්සිරි, ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් කපිල වෛද්‍යරත්න යන මහත්වරුන් ද ආරක්ෂක මාණ්ඩලික ප‍්‍රධානි අද්මිරාල් රවින්ද්‍ර විජේගුණරත්න මහතා ඇතු`ථ ආරක්ෂක අංශ ප‍්‍රධානීන් මෙම හමුවට එක්ව සිටියා.

  • පළාත් සභා මැතිවරණය පැරණි ක්‍රමයට පවත්වන්නේද නව ක්‍රමයට පවත්වන්නේද යන තීන්දුව ජූලි මස 06 දා

    පළාත් සභා මැතිවරණය පැරණි ක්‍රමයට පවත්වන්නේද නව ක්‍රමයට පවත්වන්නේද යන තීන්දුව ජූලි මස 06 දා

    පළාත් සභා මැතිවරණය පැරණි ක්‍රමයට පවත්වන්නේද නව ක්‍රමයට පවත්වන්නේද යන තීන්දුව ජූලි මස 06 දා පාර්ලිමේන්තුවේදී ගැනීමට නියමිතය. පළාත් සභා මැතිවරණය නව ක්‍රමයට පැවැත්විය යුතු බවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු පක්ෂ කිහිපයක් යෝජනා කරන අතර සුළු ජාතික පක්ෂ ඇතුළු පක්ෂ කිහිපයක් යෝජනා කරන්නේ එය පැරණි ක්‍රමයට පැවැත්විය යුතු බවයි.
    කෙසේ නමුත් පළාත් සභා තුනක කාලය මේ වන විට අවසන්ව ඇති අතර තවත් පළාත් සභා තුනක කාලය ලබන මාසයේදී අවසන් වේ. මේ නිසා මැතිවරණය දෙසැම්බරයේදී පවත්වන ලෙස විපක්ෂයේ දේශපාලන පක්ෂ ඉල්ලා සිටියි.
    මේ කාරණා සම්බන්ධයෙන් මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා ඉකුත් සතියේ කථානායකවරයා හමුවී සාකච්ඡා කළ අතර එම සාකච්ඡාවට පළාත් පාලන හා පළාත් සභා ඇමැති ෆයිසර් මුස්තාපා හා සීමා නිර්ණ කමිටු සාමාජිකයන්ද සහභාගි වී ඇත.
    එහිදීද තීරණය වී ඇත්තේ ලබන 06 දායින් පසුව මේ ගැන තීන්දුවක් ගන්නා බවය. ලබන 6දා පෙ.ව. 10.30 සිට සවස 6.30 දක්වා පළාත් සභා මැතිවරණය සම්බන්ධයෙන් සභාව කල් තැබිමේ විවාදය පැවැත්වේ.

  • ඊළඟ පාසැල් වාරයේ සිට උසස් පෙළ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට නොමි‍ලේ  ටැබ් පරිගණක ස්තීරයි

    ඊළඟ පාසැල් වාරයේ සිට උසස් පෙළ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට නොමි‍ලේ ටැබ් පරිගණක ස්තීරයි

    උසස් පෙළ ශිෂ්‍ය ශිෂ්‍යාවන් සඳහා නොමි‍ලේ ටැබ් පරිගණක දිමේ ව්‍යාපෘතිය ස්ථිර වශයෙන්ම ක්‍රියාත්මක කිරීමට අගමැතිවරයා සහ අධ්‍යාපන ඇමැතිවරයා තීරණය කර තිබෙන බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

    උසස් පෙළ ශිෂ්‍ය ශිෂ්‍යාවන් සඳහා ටැබ් පරිගණක දීම එක්සත් ජාතික පෙරමුණු ජාතික රජයේ මැතිවරණ ප්‍රතිඥාවක්ද  වන අතර උසස් පෙළ ශිෂ්‍ය ශිෂ්‍යාවන් සඳහා නොමි‍ලේ ටැබ් පරිගණක දීම නියමු ව්‍යාපෘතියක් ආකාරයට ක්‍රියාත්මක කරන්නැයි අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ප්‍රකාශ වී ඇත.

    එමෙන්ම මෙම වැඩපිළිවෙල ස්ථිර වශයෙන්ම ක්‍රියාත්මක කළයුතු බවට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් යන මහත්වරු දැඩි ස්ථාවරයක සිටින බව රජයේ ආරංචි මාර්ග අනාවරණය කරයි.ඒ  අනුව ඊළඟ පාසැල් වාරයේ සිට උසස් පෙළ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට නොමි‍ලේ  ටැබ් පරිගණක දෙන වැඩපිළිවෙල ක්‍රියාත්මක කරනු ඇතැයි එම ආරංචි මාර්ග සඳහන් කරයි.

  • චයිනා හාබර් 2015 මහින්දට දුන්න කෝටි 112 එමීර් රාජ්‍යයේ තැන්පත් කරලා..? රහසිගත තොරතුරක් කරලියට..

    චයිනා හාබර් 2015 මහින්දට දුන්න කෝටි 112 එමීර් රාජ්‍යයේ තැන්පත් කරලා..? රහසිගත තොරතුරක් කරලියට..

    හම්බන්තොට වරාය ඉදිකිරීමේ කොන්ත්‍රාත්තුව ලබා ගැනීමට චයිනා හාබර් ආයතනය විසින් මහින්ද රාජපක්‌ෂ මහතාගේ මැතිවරණ ව්‍යාපාරය සඳහා ලබාදී ඇතැයි කියන රුපියල් කෝටි 112 ක මුදල එක්‌සත් අරාබි එමීර් රාජ්‍යයේ තැන්පත් කර ඇතිදැයි දැනගැනීමට ආණ්‌ඩුව එම රටවලින් විමසීමක්‌ කර ඇත.

    යහපාලන ජාතික රජයේ තීරණයකට අනුව සහ මහින්ද රාජපක්ෂ මහතාට ලබාදුන් බව කියන මෙම මුදල් එක්සත් ආරාබි එමීර් රාජ්‍යයේ තිබෙන බවට ලද තොරතුරු මත විදේශ කටයුතු අමාත්‍ය තිලක් මාරපන මහතා විසින් එම විමසීම කර ඇත. 

    එලෙස මුදල් ලබාදුන් බවට නිව්යෝර්ක්‌ ටයිම්ස්‌ පුවත්පත කළ ප්‍රසිද්ධ අනාවරණයකින් පසුව පැවැත්වූ පුළුල් පරීක්‌ෂණයක්‌ අනුව මෙම තොරතුරු අනාවරණය වෙමින් තිබෙන බවද හෙතෙම ප්‍රකාශ කළේය. 

    රජ්‍ය මට්ටමින් අනාවරණය කරගනු ලැබූ තොරතුරු මත රාජපක්ෂ ආණ්ඩුවේ මැතිවරණ ව්‍යපාරයට මුදල් දීමට මුල් වූ චයිනා හාබර් සමාගමේ ඉහල නිලධාරීන් කිහිපදෙනෙකු යළි චිනයට හරවා යැවීමට ද ජාතික ආණ්ඩුව පියවර ගෙන ඇත.

  • මම ඇමති පාලිත ගහපං මට සැලියුට්….. තෙවරප්පෙරුමගේ රෙදි බුකියෙදී ගැලවෙන හැටි ම‌ෙන්න (ඡායාරූප)

    මම ඇමති පාලිත ගහපං මට සැලියුට්….. තෙවරප්පෙරුමගේ රෙදි බුකියෙදී ගැලවෙන හැටි ම‌ෙන්න (ඡායාරූප)

    සූරියවැව ප්‍රදේශයට ගිය වනජීවී නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම සහ පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් අතර පසුගිය දා ඇති වූ සිදුවීම පිළිබඳ උණුසුම තවමත් පහව ගොස් නැහැ.

    විශේෂයෙන් සමාජ ජාල අතර නියෝජ්‍ය අමාත්‍යවරයා විවේචනය කරමින් තවමත් විවිධ දෑ පළ වෙමින් පවතිනවා.

    මෙම සිද්ධිය පිළිබඳව සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන නිර්මාණ වලින් කිහිපයක් මේ..

  • චීනය ශ්‍රි ලංකාවේ වරායක් ඩැහැගත්තේ කෙසේද? –  රටම කතාව‌ෙන නිව් යෝර්ක් ටයිම්ස් ලිපිය සිංහලෙන්…..

    චීනය ශ්‍රි ලංකාවේ වරායක් ඩැහැගත්තේ කෙසේද? – රටම කතාව‌ෙන නිව් යෝර්ක් ටයිම්ස් ලිපිය සිංහලෙන්…..

    මරියා අබි-අබීබ් –

    ශ්‍රී ලංකාවේ ජනාධිපති මහින්ද රාජපක්ෂ ලංකාවේ මහ පරිමාණ වරාය ව්‍යාපෘතියක් සඳහා චීනයෙන් ණය සහ ආධාර ඉල්ලා සිටි හැම විටකම චීනය ‘හා’ කීවේය. ඔව්, අදාළ ව්‍යපෘතිය පිළිබඳ සාධ්‍යතා වාර්තාව මොකක් කීවත්, චීනය ‘හා’ කීවේය. ඔව්, ලංකාව නිතර ණය ලබා ගන්නා ඉන්දියාව වැනි රටවල් බැහැ කීවත්, චීනය ‘හා’ කීවේය. ඔව්, රාජපක්ෂ යටතේ ලංකාවේ ණය කන්දරාව එක දිගට ගොඩ ගැසෙමින් තිබුණත්, චීනය ‘හා’ කීවේය.

    චීනයේ විශාලතම රාජ්‍ය ව්‍යාපාරයක් වන ‘චයිනා හාබර් එන්ජිනියරිං සමාගම’ සමග කෙරුණු සාකචඡා සහ වසර ගණනාවක ඉදි කිරීම්වලින්ද පසුව, කල්තියා පෙරදැක තිබූ පරිදිම, ලංකාවේ හම්බන්තොට වරාය සංවර්ධන ව්‍යාපෘතිය බෙහෙවින් අසාර්ථක විය. ලෝකයේ දැනට තිබෙන ඉතාම කාර්ය බහුල සහ දස දහස් ගණන් නැව් යන එන සාගර මාර්ගයක පිහිටි මේ වරායට 2012 දී ආවේ නැව් 34 ක් පමණි.

    ඊළඟට මේ වරාය චීනයේ අයිතියට පැවරුණේය.

    රාජපක්ෂ මහතාව 2015 දී ගෙදර යැවුණි. ශ්‍රී ලංකාවේ අලූත් ආණ්ඩුව, ඔහු අරගෙන තිබූ ණය ගෙවීමට දඟලයි. ගොඩ ඒමට බැරි දැඩි පීඩාවට යටත්ව, මාස ගණන් චීනය සමග සාකචඡා කිරීමෙන් අනතුරුව, 99 අවුරුදු බද්දක් යටතේ එම වරායත්, ඒ අවට අක්කර 15,000 කුත් චීනයට පැවරීමට අලූත් ආණ්ඩුවට සිදු විය.

    චීනය අත්කර ගත් මේ අලූත් දේපළ සමග, ඔවුන්ගේ ප‍්‍රතිවාදියා වන ඉන්දියාවේ වෙරළෙන් සැතපුම් දෙතුන් සීයක් ආසන්නයේ තම බලය පිහිටුවා ගැනීමට චීනයට හැකියාව ලැබුණු අතර, ඉතා වැදගත් වාණිජ සහ හමුදාමය සාගර තීරුවක් මත උපාය මාර්ගිකව පය ගසා ගැනීමටත් චීනයට අවස්ථාව ලැබුණි. මේ සිද්ධිය, චීනයේ ණය සහ වෙනත් ආධාර මාර්ගයෙන් සහ ඒවා නැවත අය කර ගැනීම මාර්ගයෙන් ලෝකය පුරා සිය බලය පතුරුවාලීමේ චීන සැලැස්මේ ස්වභාවය පෙන්නුම් කරන අගනා නිදර්ශනයකි.

    චීන ජනාධිපති ක්සී ජින්පින්ගේ පි‍්‍රයතම ලෝක ව්‍යාපෘතියක් තිබේ. එය හැඳින්වෙන්නේ, ‘කලාප තීරය සහ මාර්ග ප‍්‍රාරම්භය’ වශයෙනි. (ආසියා-ශාන්තිකර කලාපය සහ මධ්‍යම-නැගෙනහිර යුරෝපය පමණක් නොව, අප‍්‍රිකාව පවා ඈඳා ගැනෙන යෝධ යටිතල සංවර්ධන ව්‍යාපෘතියක් දියත් කිරීම මෙහි අරමුණ විය. එය මුළුමණින් කෙරෙන්නේ චීන ණය ආයෝජන යොදා ගැනෙන ජගත් ව්‍යාපෘතියක් වශයෙනි-පරිවර්තක). ඊට එරෙහිව එල්ල වෙමින් තිබූ දැඩි විවේචන, මේ ණය වළල්ල හරහා තවත් තීව‍්‍ර වුණේය. ලෝකය පුරා තිබෙන දුර්වල රටවල් මේ ණය උගුලට ඈඳා ගැනීමේ ගතිකත්වය එකී ආයෝජක සහ ණය ව්‍යාපෘති අස්සේ සැඟව ඇති බව ඒ මගින් ලෝකයාට අනාවරණය විය. එයම, අමාරුවෙන් ගොඩනැගෙමින් පවතින ප‍්‍රජාතන්ත‍්‍රවාදී රටවල මහ පරිමාණ දූෂණයට සහ ඒකාධිපති චර්යාවන්ට උඩගෙඩි දෙන බවත් පෙනී ගියේය.

    ශ‍්‍රී ලාංකිය, ඉන්දීය, චීන සහ බටහිර රටවල නිලධාරීන් සමග මාස ගණන් තිස්සේ පැවති සාකචඡා අනුසාරයෙන් සහ හම්බන්තොට වරාය ව්‍යාපෘතියට අදාළ ගිවිසුම් සහ වෙනත් ලියකියවිලි පරීක්ෂාවට ලක්කිරීමෙන් අනතුරුව, චීනය සහ ඒ යටතේ වන සමාගම්, මුදල් නැති පුංචි රටවල් තුළ තම අණසක පතුරුවාලීම සඳහා වන වාතාවරණය ගොඩනගා ගන්නේ කෙසේද යන අඳුරු චිත‍්‍රය මේ මගින් පැහැදිළිව විද්‍යමාන විය.

    වරාය ගොඩනැගීමේ චීන ආධාරවලින් විශාල කොටසක්, 2015 පැවති මැතිවරණවලදී රාජපක්ෂ මහතාගේ දේශපාලන ව්‍යාපාර සහ ක‍්‍රියාකාරකම් වෙනුවෙන් කෙලින්ම යෙදවී ඇත. ඒ සෑම අවස්ථාවකදීම චීන කොන්දේසිවලට ඒ මහතා එකඟතාව පළ කොට ඇත. මෙසේ ගෙවීම් කරන ලද බව සනාථ කිරීම සඳහා අවශ්‍ය ලියවිලි සහ ඒ සඳහා නිකුත් කරන ලද චෙක්පත් ආදිය පිළිබඳ ආණ්ඩුවේ විමර්ශනයක තොරතුරු ‘නිව් යෝර්ක් ටයිම්ස්’ පුවත්පතට දැක ගැනීමට ලැබුණි.

    ශ‍්‍රී ලංකාවේ හම්බන්තොට වරාය සම්බන්ධයෙන් චීනයට ඇත්තේ හුදෙක් වාණිජ අවශ්‍යතා පමණකැ යි චීන බලධාරීන් සහ වෙනත් විශ්ලේෂකයන් මොන තරම් කියා සිටියත්, මේ වරායේ පිහිටීම අනුව, බුද්ධි තොරතුරු සම්බන්ධයෙන් චීනයට ඇති අවශ්‍යතාව සහ උපාය මාර්ගික අවශ්‍යතා පිළිබඳව, මුල පටන්ම සාකචඡා පැවැත්වුණු බව ශ‍්‍රී ලංකාවේ නිලධාරීහූ පෙන්වා දෙති.

    වරාය සඳහා සැපයෙන ණය සම්බන්ධයෙන් ලිහිල් කොන්දේසි ඇති කර ගැනීමත්, ආපසු ණය ගෙවා දැමීමේ කාලය ගැන යළි සලකා බැලීමත්, තවත් මූල්‍යාධාර අවශ්‍ය වීමත් සම්බන්ධයෙන් පැවති දීර්ඝ සාකචඡා ගෙන යාම මුල පටන්ම දුෂ්කර කාර්යයක් විය. මෑතකදී මේ ණය කෙසේ හෝ ඉවරයක් කර ගැනීමට ශ‍්‍රී ලංකාවේ බලධාරීන් උත්සාහ කරන විට, ආපසු ගෙවීමේ කොන්දේසි ලිහිල් කර දෙනවා වෙනුවට චීනය බැලූවේ වරායේ අයිතියේ පංගුකාරීත්වය තමන්ට ලබා ගැනීමට ය.

    වර්තමාන ආණ්ඩුව බලයට පත්වීමෙන් පසුව පැවැත්වූ සාකචඡා මාර්ගයෙන්, දළ වශයෙන් ඩොලර් බිලියන 1 ක ප‍්‍රමාණයක් කපා හැරීමට ලංකා ආණ්ඩුව සමත්ව තිබේ. එහෙත්, කලින් තිබුණාටත් වඩා, චීනය කෙරෙහි වන ලංකාවේ ණයගැති භාවය මේ වන විට උග‍්‍ර වී ඇත. මන්ද යත්, මේ වරාය ව්‍යාපෘතියට අමතරව වෙනත් ලබාගෙන ඇති චීන ණය ගෙවීමට ඇති නිසාත්, ඒවායේ පොලී අනුපාතික, වෙනත් ජාත්‍යන්තර ආයතනවලින් ලබාගෙන ඇති ණය අනුපාතිකයන්ට වඩා බෙහෙවින් ඉහළ අගයක් ගන්නා නිසාත් ය.

    මේ ලිපිය සකස් කිරීම සඳහා මාස ගණනක් තිස්සේ අප විසින් කරන ලද නොයෙක් ඉල්ලීම්වලට රාජපක්ෂ මහතා ප‍්‍රතිචාර දැක්වූයේ නැත. ‘චයිනා හාබර් සමාගමේ’ නිලධාරීන් ප‍්‍රතිචාර දැක්වූයේ ද නැත.

    කෙසේ වෙතත්, ශ‍්‍රී ලංකාවේ මුදල් අමාත්‍යාංශයේ ගණන්හිලව් ඔස්සේ ඇඳෙන චිත‍්‍රය ඉතා බරපතල ය: මේ වසරේ ආණ්ඩුවට ලැබීමට නියමිත ආදායම ඩොලර් බිලියන 14.8 කි. එහෙත් ලෝකය පුරා විවිධ තැන්වලින් ලබාගෙන ඇති ණය වාරික පියවීම සඳහා ඒ වසර තුළ ලංකාවේ රජයට අවශ්‍ය කරන මුදල ඩොලර් බිලියන 12.3 කි.

    ‘රටක් යටත් කර ගත හැක්කේ, එක්කෝ කඩුවෙනි. නැත්නම් ණය දීමෙනි’ යැයි ජෝන් ඇඩම්ස් කියා ඇති බව, බොහෝ විට ඉන්දියානු ආණ්ඩුවට ආර්ථික උපදෙස් සපයන විශ්ලේෂකයෙකු ද, නව දිල්ලියේ පිහිටි ‘ප‍්‍රතිපත්ති පර්යේෂණ මධ්‍යසථානයේ’ බුද්ධි සාමාජිකයෙකු ද වන බ‍්‍රහ්මා චෙලනෙයි කියයි. ශ‍්‍රී ලංකාවේ ඇරියුමකින් තොරව, මේ වරාය හමුදාමය අරමුණු සඳහා පාවිච්චි කිරීමට නොහැකි බව චීන-ශී‍්‍ර ලංකා ගිවිසුමේ සඳහන් වුව ද, ණය ආපසු ගෙවා ගැනීමට නොහැකිව ශ‍්‍රී ලංකාව හිර වෙන තරමට, හම්බන්තොට වරාය වැනි සම්පතක් චීනය විසින් තමන්ගේ හමුදාමය අවශ්‍යතා සඳහා ප‍්‍රයෝජනයට ගැනීමේ හැකියාවක් ගැන ඉන්දියානු බලධාරීහූ බිය වෙති. ‘හම්බන්තොට වරාය සඳහා ආයෝජනයක් කිරීමට චීනයට තිබිය හැකි යැයි සිතිය හැකි එකම හේතුව වන්නේ, ජාතික ආරක්ෂාව පිළිබඳ කාරණයකි: ඔවුන් තමන්ගේ ‘මහජන විමුක්ති හමුදාව’ එහි ගෙන ඒමට ඇති අවකාශය එහි ඇති බව’, වරක් ඉන්දියාවේ විදේශ කටයුතු පිළිබඳ ලේකම්වරයා වූ ද, හම්බන්තොට වරාය ගොඩනගන අවස්ථාවේ ඉන්දියාවේ ජාතික ආරක්ෂාව පිළිබඳ උපදේශකයා වූ ද, ෂිවසංකර් මෙනන් කියයි.

    බඩ බැඳගත් සගයෙක්

    ශ‍්‍රී ලංකාව සහ චීනයට, දීර්ඝ කාලීන මිත‍්‍ර සබඳතාවක් ඇත. චීන විප්ලවයෙන් පසු බලයට පත් විප්ලවකාරී ආණ්ඩුව, ජාත්‍යන්තර වශයෙන් පිළිගත් ප‍්‍රථම රටක් වුණේ ලංකාවයි. ඊටත් වඩා, ශ‍්‍රී ලංකාවේ පැවති මෑත කාලීන යුද්ධයේදී චීනය ලංකාවට නැතිවම බැරි රටක් බවට පත්විය.

    2005 දී බලයට පත් රාජපක්ෂ මහතා, යුද්ධයේ අවසාන කාලය වන විට මානව හිමිකම් උල්ලංඝණයන් සම්බන්ධයෙන් ලෝකයෙන් කොන් වන්නට විය. එම තත්වය තුළ ශ‍්‍රී ලංකාව, තමන්ට අවශ්‍ය කරන ආර්ථික ආධාර, හමුදා ආම්පන්න සඳහා පමණක් නොව, තමන්ගේ රටට එල්ල විය හැකි එක්සත් ජාතීන්ගේ සම්බාධක අවදානම ඉදිරියේ උදව් පතා ද තව තවත් චීනය පැත්තට හැරුණි.

    2009 දී යුද්ධය අවසන් විය. එහෙත් යුද්ධයෙන් ඇතිව තිබූ මහා ව්‍යාකූලත්වය සහ අවුල තුළ, රාජපක්ෂ මහතා සහ ඔහුගේ පවුල සිය බලය තහවුරු කර ගත්තේය. රාජපක්ෂ කාලයේ රටේ අමාත්‍යාංශවලින් සෑහෙන ප‍්‍රමාණයකුත්, ආණ්ඩුවේ මුළු වියදමින් සියයට 80 ක් පමණ ප‍්‍රමාණයකුත් හසුරුවන ලද්දේ ජනාධිපතිවරයා සහ ඔහුගේ සහෝදරයන් තුන් දෙනා විසිනි. චීනය වැනි රටවල් කෙලින්ම ගනුදෙනු කෙළේ ඔවුන් සමග ය.

    ඉතිං, ජනාධිපතිවරයා වැඩි හාහෝවක් නැති තමන්ගේ ගම් ප‍්‍රදේශය වන හම්බන්තොට පැත්තේ අලූත් වරාය සංවර්ධන ව්‍යාපෘතියක් පිළිබඳ කල්පනාවක් ඇති කර ගත් විට, එය වැළැක්විය හැකි බාධක අල්ප විය. බි‍්‍රතාන්‍යයේ භූමි ප‍්‍රදේශයෙන් කාලක් වන, මිලියන 22 ක ජනතාවක් වෙසෙන ශ‍්‍රී ලංකාව වැනි රටක කොළඹ වරාය සමෘද්ධිමත්ව පවතිද්දී සහ එම වරායම තවත් වැඩි දියුණු කර ගැනීමේ විභවයන් පවතිද්දී, දෙවැනි වරායකුත් ඇති කර ගැනීමේ ඥානාන්විත භාවය මුල පටන්ම නිලධාරීහූ ප‍්‍රශ්න කළහ. ඊටත් අමතරව, ආණ්ඩුව විසින්ම ගෙන්වා ගන්නා ලද විශේෂඥ සාධ්‍යතා වාර්තාවලින් පෙන්වා දී තිබුණේත්, හම්බන්තොට ගොඩනැගෙන වරායක ආර්ථික වාසියක් තිබිය නොහැකි බවයි.

    ‘ඔවුන් මුලින් ආවේ අපි ළඟට. අපේ සමාගම් කිව්වා බැහැ කියලා’ යි ඉන්දියාවේ ශිවෂංකර් මෙනන් කියයි. ‘එදා ඒක ආර්ථික වශයෙන් නිෂ්ඵල දෙයක්. අදත් ඒක නිෂ්ඵල දෙයක්.’ එහෙත් රාජපක්ෂ මහතාට කෙසේ හෝ එය අවශ්‍ය විය. එපමණක් නොව, ප‍්‍රවෘත්ති නිවේදනයක් ද නිකුත් කරමින් එදා ඔහු කියා සිටියේ, සියල්ලන් එපා කියද්දී තමන් ඒ වැඬේට අත ගැසූ බවයි. දැන් ඊට උර දීමට චීනය සිටින බවටත් ඔහු කයිවාරු ගැසුවේය.

    මේ ව්‍යාපෘතියට සම්බන්ධ බලධාරියෙකු කියන පරිදි, ‘ශ‍්‍රී ලංකා වරාය අධිකාරිය’ ඉතා සුපරීක්ෂාකාරීව, ආර්ථික වශයෙන් බුද්ධිමත් සැලසුමක් සකස් කිරීමට 2007 දී පටන්ගෙන තිබේ. ඒ සැලසුමට අනුව, 2010 වන විට වරාය ආශ‍්‍රීතව සීමිත ව්‍යාපාරික අවස්ථා ඇති කිරීමටත්, විශාල පරිමාණයෙන් වරාය ව්‍යාපෘතිය තවත් ව්‍යාප්ත කිරීමට කලින්, ලාබ ගලා එන බවට සහතිකයක් ඇති කර ගැනීමටත් අදහස් කෙරී ඇත.

    හම්බන්තොට වරාය සංවර්ධන ව්‍යාපෘතිය සඳහා චීනයේ ‘එක්සිම්’ බැංකුවෙන් ඩොලර් මිලියන 307 ක ණයක් ලබා ගන්නා ලදි. එහෙත් ඒ ණය ප‍්‍රමාණය ලබා දීම සඳහා චීනයේ ‘චයිනා හාබර් සමාගමට’ හම්බන්තොට වරාය ගොඩනැගීමේ කොන්ත‍්‍රාත්තුව භාර දිය යුතු බව චීනය කියා ඇති බව, ඒ දිනවල ඇමරිකානු තානාපති කාර්යාලයෙන් නිකුත් වුණු කේබල් පණිවිඩයක් හරහා, විකිලීක්ස් අනාවරණය කරගෙන තිබේ.

    එය, ලෝකය පුරාම ඇති තමන්ගේ ව්‍යාපෘති සඳහා චීනය ඉදිරිපත් කරන පොදු කොන්දේසියකි. විවෘත ටෙන්ඩර් කැඳවීමකට ඒ කිසි රටකට චීනය ඉඩ දෙන්නේ නැත. මේ කලාපයේ නිලධාරීන් පෙන්වා දෙන පරිදි, චීනය ඩොලර් බිලියන ගණන් ණය සපයයි. එහෙත් ඒ, අදාළ ව්‍යාපෘතිය සඳහා චීන සමාගම් සහ දහස් ගණන් චීන සේවකයන් යොදා ගන්නා බවට වන සහතිකයක් මත ය.

    චීන ණයවලට ඈඳෙන තවත් කොන්දේසි තිබේ. ඒවා අතර, මුල පටන්ම, හම්බන්තොට වරාය සම්බන්ධයෙන්, චීනයේ උපාය මාර්ගික අවශ්‍යතා පිළිබඳ ඇස යොමු වී තිබුණු බව පෙනේ. ශ‍්‍රී ලංකාවේ හිටපු විදේශ ලේකම්වරයෙකු සහ චීනයේ ශ‍්‍රී ලංකා තානාපතිවරයෙකුව සිටි නිහාල් රොඩි‍්‍රගෝ කියන පරිදි, බුද්ධි තොරතුරු බෙදා ගැනීමේ අවශ්‍යතාව, මේ සාකචඡාවල මුල් වටයේදීම චීනය පෙන්වා දී ඇත. ‘ද නිව් යෝර්ක් ටයිම්ස්’ පුවත්පතට දෙන ලද සම්මුඛ සාකචඡාවකදී ඔහු කියන පරිදි, ‘ඔය පැත්තට කවුද එන්නේ, කවුද යන්නේ කියන එක ගැන අපිට දැනගන්න පුළුවන් කමක් තියෙන්න ඕනේ’ යන්න චීනය ලංකාවට මුල පටන්ම පෙන්වා දී ඇති කාරණයකි.

    ඊට පසු කාලයේ චීන නිලධාරීන් සහ ‘චයිනා හාබර් සමාගම’ ජනාධිපති රාජපක්ෂ සමග ඇති සම්බන්ධතා තවත් තර කර ගත්තේය. ඒ කාලය මුළුල්ලේම ඔවුන්ගේ කොන්දේසිවලට රාජපක්ෂ මහතා ඉතා සුවචව නතු වුණේය.

    2015 මැතිවරණය ආසන්න වෙද්දී, සියලූ තානාපති සම්ප‍්‍රදායන් උල්ලංඝනය කරමින් ලංකාවේ සිටි චීන තානාපතිවරයා එදා විපක්ෂයට එරෙහිව රාජපක්ෂට ඡන්දය දෙන්නැයි කියා ඉල්ලා සිටින තරමට, කොළඹ ගොල්ෆ් ක‍්‍රීඩාංගනයේ සේවය කළ ආවතේවකාරයන්ගෙන් පවා ඒ සඳහා උදව් කරන ලෙස ඉල්ලා සිටින තරමට දුර දිග ගොස් තිබුණි. චීන ආණ්ඩුව සමග රාජපක්ෂ මහතාගේ ආණ්ඩුව ඇති කරගෙන තිබූ ගිවිසුම් ආණ්ඩු වෙනසක් යටතේ තමන් වෙනස් කරන බවට එදා විපක්ෂය ගෙන ගිය ප‍්‍රචාරය ඔහු තුළ බියක් ඇති කරන්ට ඇත. ඒ අනුව, ජනවාරියේ ජනාධිපතිවරණය ළඟා වෙද්දී රාජපක්ෂ ජනාධිපතිවරයාගේ ඡන්ද මෙහෙයුම කරා විශාල වශයෙන් චීන මුදල් ඇදී එන්නට විය.

    ආණ්ඩුවේ අභ්‍යන්තර පරීක්ෂණ වාර්තාවක අඩංගු, මේ පුවත්පතට දැක ගැනීමට ලැබුණු එක්තරා වාර්තාවකට අනුව, ස්ටැන්ඩර්ඞ් චාර්ටඞ් බැංකුවේ තිබෙන ‘චයිනා හාබර් සමාගමේ’ ගිණුමකින්, අඩු වශයෙන් ඩොලර් මිලියන 7.6 ක් රාජපක්ෂ මහතාගේ ඡන්ද ව්‍යපාරයේ සිටි සගයන් වෙත බෙදා හැර තිබේ. ‘චයිනා හාබර් සමාගමේ’ බැංකු ගිණුම් අංකය සහ එම ගිණුමෙන් නිකුත් කරන ලද චෙක්පත් ලාභීන්ගෙන් ලබා ගත් තොරතුරු ආදිය ඒ වාර්තාවේ සඳහන් වෙයි.

    ජනාධිපතිවරණය පැවැත්වීමට දින 10 ක් තිබියදී ඩොලර් මිලියන 3.7 කට ආසන්න මුදලක් චෙක්පත් මාර්ගයෙන් බෙදා දී තිබේ. එයින් ඩොලර් 678,000 ක් ඡන්ද ව්‍යාපාරයේ ටී-ෂර්ට් සහ වෙනත් ප‍්‍රවර්ධන කටයුතු සඳහා ය. ඩොලර් 297,000 ක් ලබා දී ඇත්තේ, ආධාරකරුවන්ට තෑගි බෙදා දීම සඳහා ය. ගැහැනුන් සඳහා සාරි ද ඊට ඇතුළත් විය. රාජපක්ෂ මහතාගේ ජයග‍්‍රහණය සඳහා වැඩ කරමින් සිටි එක් ප‍්‍රසිද්ධ භික්ෂූන් වහන්සේ නමකටත් ඩොලර් 38,000 ක් ගෙවා තිබේ. තවත් ඩොලර් මිලියන 1.7 ක් වටිනා චෙක්පත් දෙකක්, අරලියගහ මන්දිරයට කෙලින්ම භාර දී ඇත.

    මේ ගෙවීම්වලින් වැඩි හරියක් සිදුකොට ඇත්තේ, ‘චයිනා හාබර්’ මගින් හසුරුවන ලද අතුරු ගිණුමක් හරහා ය. එම ගිණුමේ නම, ‘‘එච්.පී.ඞී.පී. දෙවැනි අදියර’’ යන්නයි. එච්.පී.ඞී.පී. යනු ‘හම්බන්තොට වරාය සංවර්ධන ව්‍යාපෘතිය’ යන්නයි.

    චීන ජාලය

    ලෝකය පුරා දඩිබිඩියේ ව්‍යාප්ත කරගෙන යන චීනයේ ‘කලාප තීරය සහ මාර්ග ප‍්‍රාරම්භය’ වැඩ සටහනට අවුරුදු පහකට ආසන්න කාලයක් ගතව තිබියදී, කොපමණ ගනුදෙනු ප‍්‍රමාණයක් තමන් විසින් කර තිබේද, රටේ මූල්‍යමය තත්වය කවරේද යන දේවල් පිළිබඳ ගණනයක් කිරීමට චීන නිලධාරීහු දැන් කටයුතු කරමින් සිටිති. ඒ ගැන තවම නිවැරදි චිත‍්‍රයක් ලැබී නැතැයි, චීනයේ එක් ආර්ථික ප‍්‍රතිපත්ති සම්පාදකයෙක් කීය. මේ කිසිවෙකු, චීනයේ ප‍්‍රතිපත්ති ගැන, ප‍්‍රසිද්ධියේ කතා කරන්නේ නැත.

    වෙනත් රටවල ව්‍යාපෘති සඳහා චීනය සපයන ණය සමග ඈඳී ඇති අල්ලස චීනයටම යම් බරක් වීමට ඉඩ ඇති බවට ඇතැම් චීන නිලධාරීහූ දැන් කණස්සල්ල පළ කරති. විශේෂයෙන්, ඒ හේතුවෙන් චීනයට ලැබිය හැකි ලාභ තීරුව අඩු වන බව ඔවුන්ගේ මතයයි. චීන ජනාධිපතිවරයා ද මේ වසරේ කරන ලද එක් දේශනයකදී ඒ කාරණය ගැන සඳහන් කොට තිබේ. ‘ඒ එක්කම අපි අපේ ‘කලාප තීරය සහ මාර්ග ප‍්‍රාරම්භය’ ගොඩනැගීමේ වැඩපිළිවෙල තුළ, දූෂණ-විරෝධී ක‍්‍රමවේදයක් මත ජාත්‍යන්තර සහයෝගීතාව ශක්තිමත් කර ගන්න ඕනේ.’ යැයි ඔහු එහිදී කියා තිබේ.

    බංග්ලා දේශය උදාහරණයට ගත්තොත්, ‘චයිනා හාබර් සමාගම’ අනාගත කොන්ත‍්‍රාත් සඳහා ජනවාරියේ සිට තම රටේ තහනම් කෙරෙන බව එරට නිලධාරීහූ කියති. හේතුව, මාර්ග සංවර්ධන අමාත්‍යාංශයේ නිලධාරියෙකුට මෙම සමාගම අල්ලස් දීමට තැත් කිරීමයි. තේ පෙට්ටියක ඩොලර් 100,000 ක මුදලක් දමා එක් නිලධාරියෙකුට දීමට ගොස් මේ සමාගම හසු වී තිබේ. එසේම, ‘චයිනා හාබර් සමාගමේ’ මව් සමාගම වන ‘චයිනා කොමියුනිකේෂන් කොන්ස්ට‍්‍රක්ෂන් සමාගමට’, 2009 සිට අවුරුදු හතක කාලයක් සඳහා ලෝක බැංකු ව්‍යාපෘතිවලට ලංසු තැබීම තහනම් කොට තිබේ. හේතුව, එම සමාගම පිලිපීනයේ කරන ලද දූෂණ ක‍්‍රියා හෙළිදරව් වීමක් නිසා ය.

    ශ‍්‍රී ලංකාවේ වරාය අල්ලා ගැනීමේ නීරස අත්දැකීමෙන් පසු එරට නිලධාරීන් පෙන්වා දෙන්නේ, ‘කලාප තීරය සහ මාර්ග ප‍්‍රාරම්භය’ නැමැති චීනයේ ලෝක ව්‍යාප්ත ව්‍යාපෘතිය, හුදෙක් මහද්වීප තුනක සංවර්ධනය ඉලක්ක කොට ඇති කරගෙන යන්නක් නොවන බවයි.

    කොහේටවත් නැති වරායක්

    ශ‍්‍රී ලංකාවේ ගිනිකොන වෙරළබඩ හම්බන්තොට යනු ජනශූන්‍ය, තවමත් කැලෑබද ප‍්‍රදේශයකි. එම ප‍්‍රදේශයේ චීන ණයවලින් ගොඩනැගුවේ මේ කියන වරාය පමණක් නොවේ. ක‍්‍රිකට් ක‍්‍රීඩාංගනයක් ද එහි ගොඩනැගුණි. එම ක‍්‍රීඩාංගනයේ ආසන සංඛ්‍යාව, ඒ නගරයේ ජනගහනයටත් වැඩි ය. එසේම එහි විශාල ගුවන් තොටුපොළක් ද ගොඩනැගුණි. එම ගුවන් තොටුපොළට පැමිණි ඩුබායි ගුවන් සමාගමේ අවසාන ගුවන් සේවයත් මේ මාසයේ සිට නතර කෙරුණි. එසේම මේ මාර්ගයේ ඉදි කෙරුණු දැවැන්ත මහා මාර්ගවල දැන් අලි ගැවසෙති. ගොවියෝ තමන්ගේ වී වේලා ගැනීමට ඒ මාර්ගය පාවිච්චි කරති.

    රාජපක්ෂ මහතාගේ උපදේශකයන් සැලසුම් කොට තිබුණේ, හම්බන්තොට වරාය තවත් පුළුල් කිරීමට කලින්, ඒ සඳහා තවත් ණය ගැනීමට කලින්, ලාභ ලැබෙන ව්‍යාපෘතියක් බවට එය පත් කිරීමට ය. එහෙත් 2009 දී ජනාධිපතිවරායට ඉවසිල්ලක් නැති විය. ඊළඟ වසරට ඔහුගේ 65 වැනි උපන් දිනය යෙදී තිබුණි. එය සැමරීම සඳහා විශාල මගුලක් ඔහුට අවශ්‍ය කෙළේය. වරාය විවෘත කිරීම ඔහු යොදාගත්තේ ඒ වෙනුවෙනි. ඒ සමගම, වරාය අධිකාරියේ සැලසුමට එහා යමින් තවත් අවුරුදු දහයක කාලයක් සඳහා එය ව්‍යාප්ත කිරීමේ වැඩ පිළිවෙලක් ද ඔහු පටන් ගත්තේය.

    නියමිත කාලයට වැඩ අවසන් කිරීම සඳහා චීන කම්කරුවෝ දවල් ? දෙකේ වැඩ කළහ. එහෙත් පොළොව හාරන විට, විශාල ගලක් මතු වුණි. එයින් ප‍්‍රවේශය ඇවිරුණි. තෙල් නෞකා වැනි විශාල නැව්වලට ඒ නිසා වරායට ඇතුලූ විය නොහැකි විය. මේ වරාය ව්‍යාපෘතියේ ව්‍යාපාරික අංශය රැුඳී තිබුණේම එවැනි නෞකාවලින් උපයා ගැනීමට අපේක්ෂා කළ ආදායම් මත ය.

    ජනාධිපතිවරයා සමග කෝන්තර ඇති කර ගැනීමට නොකැමැති වූ වරාය අධිකාරියේ නිලධාරීහූ දිගටම වැඬේ කරගෙන ගියහ. ඒ අනුව, 2010 නොවැම්බර් 18 වැනි දා, එනම් රාජපක්ෂ මහතාගේ උපන් දිනය දා මහා මංගල්‍යයකින් වරාය විවෘත කෙරුණි. එහෙත් මහා ගලේ බාධාව හේතු කොටගෙන කිසි ව්‍යාපාරයක් නැතිව සිටීමට වරායට සිදු විය.

    ඊට වසරකට පසු ‘චයිනා හාබර් සමාගම’ මේ ගල කැඩුවේය. එහි වියදම ඩොලර් මිලියන 40 ක් විය. එය ඉතා අධිකතර මිලකි. තානාපති නිලධාරීහූ සහ රජයේ නිලධාරීහූ ඒ ගැන පුදුමයට පත්වූහ. මේ සමාගම බොරු ගණන් හිලව් දමන්නේ ද, එසේත් නැත්නම් රාජපක්ෂ මහතාටත් එයින් කුට්ටියක් ලැබෙන්නේ ද යන්න ගැන ඇතැම්හු සැක කළහ.

    2012 වන විට, තමන් වෙත නැව් අද්දා ගැනීමට වරාය බැලූවේය. එහෙත් නැව් වැඩි කැමැත්තක් දැක්වූයේ ළඟ පිහිටි කොළඹ වරායේ නැංගුරම් ලෑමටයි. මේ අතර වරාය තවත් ව්‍යාප්ත වෙමින් පැවති නිසා ඒ සඳහා වන ඉදිකිරීම් සඳහා තවත් වියදම් දැරීමට සිදු විය. එවිට ආණ්ඩුව කෙළේ, ලංකාවට වාහන ප‍්‍රවාහණය කෙරෙන නැව්, කොළඹ වෙනුවට හම්බන්තොට ගොඩබෑමට නියෝග කිරීමයි. එසේ තිබියදීත් 2012 දී එම වරායට ආවේ නැව් 34 ක් පමණි. එය කොළඹ වරාය සමග සැසඳුවොත්, ඒ වසරේ එම වරායට පැමිණ ඇති නැව් ප‍්‍රමාණය 3667 කි.

    ‘අපි ආණ්ඩුව පිහිටෙව්වට පස්සේ ජාතික සැලසුම් භාර ඇමතිවරියට කතා කරලා මං ඇහැව්වා, හම්බන්තොට වරාය හදන්න තිබිච්ච සාධාරණ හේතුව මොකක්ද කියලා,’ ජාතික ප‍්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය හර්ෂ ද සිල්වා කීය. ‘අපිට කිව්වා කරන්න කියලා. ඉතිං අපි කළා’ යන්න ඇගේ උත්තරය වීලූ.

    වරාය තවත් විශාල කිරීමට තදින් වුවමනා කළ රාජපක්ෂ මහතා නැවත 2012 දී චීන ආණ්ඩුවෙන් තවත් ඩොලර් මිලියන 757 ක් ඉල්ලා සිටියේය. එවරත් චීනය ‘හා’ කීවේය. එහෙත් මෙවර කොන්දේසි වඩාත් බරපතල විය. මුලින් ගත් ඩොලර් මිලියන 307 ක ණය ප‍්‍රමාණය ලැබුණේ, විචල්‍ය පොලී අනුපාතිකයක් මත ය. ඒ අනුව, 2008 මූල්‍ය කඩා වැටීමෙන් පසු ඇතිව තිබූ තත්වය තුළ, සාමාන්‍යයෙන් එය සියයට 1-2 අතර ප‍්‍රමාණයක් විය. (සන්සන්දනයක් වශයෙන් ගත්තොත් මේ කාලයේ ජපානය යටිතල ව්‍යාපෘති සඳහා දෙන මේ ආකාරයේ ණයවල පොලී අනුපාතිකය වුණේ, සියයට 0.5 කටත් අඩු ප‍්‍රමාණයකි).

    එහෙත් දැන් අලූතෙන් ණයක් ද අවශ්‍ය කරන තිබෙන බැවින්, කලින් ගත් ණය සඳහා වන පොලිය සියයට 6.3 ක නිත්‍ය අනුපාතිකයකට ඉහළ දැමීමට සිදුවන බව චීනය කීවේය. නැවතත් රාජපක්ෂ මහතා ‘හා’ කීවේය.

    ගොඩගැහෙමින් පැවති ණය ප‍්‍රමාණය සහ වැඩි වෙමින් පැවති ව්‍යාපෘති වියදම් ගැන එදා විපක්ෂය විශාල වශයෙන් උද්ඝෝෂණ කෙළේය. චීනය පිළිබඳ බරපතල සැක සාංකා මතු කෙළේය. රාජපක්ෂ මහතා ජනාධිපතිවරණනේ පරාජය විය. ජනාධිපති සිරිසේන මහතා යටතේ අලූතෙන් බලයට පත්වූ ආණ්ඩුවට, ශ‍්‍රී ලංකාවේ මූල්‍ය ගනුදෙනු ගැන සොයා බැලීමේ ජනවරමක් හිමි විය. ඒ සමගම, මහා ණය කන්දරාවක් ද ඒ ආණ්ඩුවට හිමි විය. රාජපක්ෂ මහතා යටතේ රටේ ණය ප‍්‍රමාණය තුන් ගුණයකින් හෙවත්, ඩොලර් බිලියන 44.8 ක් දක්වා වර්ධනය වී තිබුණි. 2015 වසරේදී පමණක් අලූත් ආණ්ඩුවට ගෙවීමට තිබූ ණය වාරික ප‍්‍රමාණය ඩොලර් බිලියන 4.68 කි.

    පවරා දීම

    අලූත බලයට පත් ආණ්ඩුව, ඉන්දියාව, ජපානය සහ යුරෝපය දෙසට ශ‍්‍රී ලංකාවේ දිසානතිය යොමු කරවන්ට කැමැත්තක් දැක්වීය. එහෙත් ශ‍්‍රී ලංකාව තුළ චීනය දැරූ ස්ථානය, මූල්‍යමය වශයෙන් හෝ ආර්ථික වශයෙන් සැපිරීමට වෙන කිසි රටක් කැමති නැති බව ශ‍්‍රී ලංකාව වටහා ගත්තේය.

    ‘අපිට ලැබුණේ, ඕනේ කමින්ම හොම්බ බිම ඇනපු ආර්ථිකයක්. රටට ලැබෙන ආදායම මදි, ණය නෙවෙයි, ණයවල පොලිය ගෙවන්නත්.’ අලූත් ආණ්ඩුවේ පළමු මුදල් ඇමති රවි කරුණානායක මහතා කීය. ‘අපිට තව ණය ගන්න වුණා. අලූත් ආණ්ඩුවකට පුලූවන් කමක් නැහැ, තියන ණය නිකංම ඉවරයක් කරන්න. ඒක රිලේ එකක් වගේ. රටේ ආර්ථික විනය කියන එක ඇති කරන කල් ණය ගන්න වෙනවා.’ ඔහු කීය.

    ශ‍්‍රී ලංකාව ගිය වසර වන විට ඩොලර් බිලියන 3 ක් චීනයට ණය බව ශ‍්‍රී ලංකා මහ බැංකුව කියයි. එහෙත් ‘වෙරිතේ රිසර්ච්’ ආයතනයේ ආර්ථික විද්‍යාඥයෙකු වන නිශාන් ද මෙල් කියන්නේ, ආණ්ඩුවේ ගිණුම් තුළ සටහන්ව නැති, වෙනම ව්‍යාපෘති වශයෙන් ලබා ගත් තවත් ණය ප‍්‍රමාණයක් පවතින බවයි. ඔහුගේ ගණන් බැලීම්වලට අනුව, ශ‍්‍රී ලංකාව ඩොලර් බිලියන 5 ක පමණ මුදලක් චීනයට ණය වී සිටින අතර, එම ප‍්‍රමාණය වසරක් පාසා වැඩි වෙයි. මේ වසරේ මැයි මාසයේදී තවත් ඩොලර් බිලියන 1 ක් ‘චීන සංවර්ධන බැංකුවෙන්’ ලංකාව ණයට ගත්තේය. ඒ, කලින් ණය ගෙවා දැමීම සඳහා ය.

    2016 දී අලූත් ආණ්ඩුවේ නිලධාරීහූ චීන නියෝජිතයන් සමග සාකචඡා ආරම්භ කළහ. ඒ, යම් අතරමැදි විසඳුමකට පැමිණීම සඳහා ය. එනම් ශ‍්‍රී ලංකාවේ ගිණුම් ශේෂයේ ඇති වරාය පිළිබඳව ඇති බරෙන් නිදහස් වීමටත්, ගෙවීමට ඇති ණය පැහැර හැරීමට විය හැකි අවදානම වළක්වා ගැනීමටත් ය. එහෙත් එසේ කිරීමට නම්, වරායේ අයිතියෙන් ප‍්‍රධාන කොටසක් චීන සමාගමකට පැවරිය යුතු බව චීනය කියා සිටියේය. එසේ නොමැතිව, ලබා ගත් ණය කටුගා දැමීමට චීනය කෙසේවත් එකඟ නොවන බව ශ‍්‍රී ලංකාවේ නිලධාරීහූ කියති.

    චීනය මෙහිදී ශ‍්‍රී ලංකාවට තේරීමක් දුන්නේය. එනම්, වරායේ අයිතිය පවරන්ට කැමති වන්නේ, චීනයේ මොන සමාගමකට ද යන්නයි. ‘චයිනා හාබර් සමාගම’ ද, නැත්නම් ‘චයිනා මර්චන්ට් පෝර්ට්ස්’ සමාගම ද යන්න තීරණය කිරීමට පමණක් ශ‍්‍රී ලංකාවට අවස්ථාව ලැබුණු බව, ඒ පිළිබඳ අවසාන ගිවිසුමේ සඳහන් වෙයි. එහි පිටපතක් අප සතුව ඇත. එහෙත් මෙය කිසි විටෙක ප‍්‍රසිද්ධියට පත්කොට නැත. කෙසේ වෙතත් ‘චයිනා මර්චන්ට්ස්’ සමාගමට කොන්ත‍්‍රාත්තුව ලැබුණේය. අනතුරුව ඔවුන් තවත් දේවල් ඉල්ලා සිටියේය. වරාය අවට කාර්මික කලාපයක් පිහිටුවීම සඳහා අක්කර 15,000 ක් ඒ අතර වෙයි. වරායේ අයිතිය වෙනුවෙන් තමන් ශ‍්‍රී ලංකාවට ගෙවන ඩොලර් බිලියන 1.1 ක මුදලට සරිලන වටිනාකමක් වරායේ නැති බවට තර්ක කළ චීන නිලධාරීන්, එකී වටිනාකම ඇති කර ගැනීම සඳහා අමතර කාර්මික කලාපයක් අවශ්‍ය කරන බව පෙන්වා දී තිබේ.

    ආණ්ඩුවේ ඇතැම් අය මේ ගිවිසුමට තරයේ විරෝධය පෑහ. එහෙත්, සාකචඡාවලට සහභාගී වූ නිලධාරීන් කියන පරිදි, පාඩුව පිරිමසා ගැනීමේ වෙනත් මාර්ගයක් නොවුණි. අලූත් ගිවිසුම 2017 ජුලි මාසයේ අත්සන් තැබුණි. ඒ වසරේ දෙසැම්බර් මාසයේ සිට එය ක‍්‍රියාවට නැංවුණි. අදාළ ගිවිසුමේ වෙනත් කරුණුවලට අමතරව, වරායේ ක‍්‍රියාකාරීත්වය සහ ආදායම් සම්බන්ධයෙන් ඒකාබද්ධ සමාගමක් පිහිටුවන ලදි. ඒ අනුව, වටිනාකමින් සියයට 85 ක් ‘චයිනා මර්චන්ට්ස් පෝට්’ සමාගමට හිමි වන අතර, ඉතිරි සියයට 15 ශ‍්‍රී ලංකාවේ ආණ්ඩුවට හිමි වෙයි.

    එහෙත් වරායවල් අත්පත් කර ගැනීම පිළිබඳ විශේෂඥ නීතිඥවරුන් පෙන්වා දෙන්නේ, ශ‍්‍රී ලංකාව සතු මේ කුඩා අයිතියෙන් කිසි වැඩක් නැති බවයි. මන්ද යත්, සේවකයන් සහ වරායේ ක‍්‍රියාකාරීත්වය පිළිබඳ බලය පැවරෙන්නේ ‘චයිනා මර්චන්ට් පෝට්ස්’ සමාගමට වන බැවිනි. එසේම, වරාය පිහිටි බිමේ ස්වෛරීත්වයද ශ‍්‍රී ලංකාවට හිමි නොවේ.

    ගිවිසුම ගැන මුලින් සාකචඡා පැවැත්වෙන අවස්ථාවේ, වරාය සහ ඒ අවට ප‍්‍රදේශය චීනයේ හමුදා අවශ්‍යතා සඳහා පාවිච්චි කළ හැකි ද යන කාරණය නිශ්චිත නොවුණි. එහෙත් එය නිශ්චිතවම තහනම් කළ යුතු බව ඉන්දියානු බලධාරීන් ලංකාවේ ආණ්ඩුවට දන්වා තිබේ. ඒ අනුව, අවසාන ගිවිසුම තුළ, ලංකාවේ ආණ්ඩුවේ පූර්ව-අවසරයකින් තොරව කිසි විදේශ රටක හමුදාමය අවශ්‍යතාවක් සඳහා ඒ බිම යොදා ගැනීම තහනම් කොට තිබේ. චීනයට අයත් නාවුක සබ්මැරීන් යාත‍්‍රා ඒ වන විටමත් ලංකාවට පැමිණ තිබුණු නිසා එවැනි වගන්තියක් ඇතුලූ කිරීම කොහොමත් අත්‍යාවශ්‍ය විය.

    උපාය මාර්ගික වැදගත්කමක් ඇති කරුණු

    කොළඹ වරාය ගැනත් චීනයට කැක්කුමක් තිබුණි. ‘චයිනා හාබර් සමාගම’ ඒ වන විට අලූත් පර්යන්තයක් එතැන ඉදි කරමින් සිටියේය. එකල එය හැඳින්වුණේ ‘කොළඹ වරාය නගරය’ වශයෙනි. ඒ ගනුදෙනුවෙනුත් චීනයට අක්කර 50 ක් ලැබී තිබුණි. ඒ අනුව, එම ඉඩම් කෑල්ලේ ස්වෛරීත්වයත් ලංකාව අහිමි කරගෙන තිබුණි.

    මෙහි බරපතල කම අගේට ප‍්‍රදර්ශනය කෙරුණේ, රාජපක්ෂ මහතාගේ පාලන කාලය අවසානයේ 2014 දී ය. ජපාන අගමැති ෂින්සෝ අබේ ලංකාවේ සංචාරයක් සඳහා එන දවසේම චීන සබ්බැරීන් යානා කොළඹ වරායේ නැංගුරම් ලා සිටියේය. කලාපය පුරාම එය දුටුවේ, චීනයේ තර්ජනාංගුලියේ සංඥාවක් වශයෙනි.

    අලූත් ආණ්ඩුව බලයට පත්වීමෙන් පසුව, නැවත වරක් කොළඹ වරාය චීන සබ්මැරීන් යානා සඳහා පාවිච්චි නොකරන බවට සහතිකයක් ඇති කර ගැනීමට බැලූවේය. වැඩියත්ම, එවැනි නෞකා මගින් බුද්ධිමය තොරතුරු එක්රැුස් කිරීම පිළිබඳ නිරීක්ෂණය කිරීමේ හැකියාවක් ශ‍්‍රී ලංකාවට නැති නිසා ය. එහෙත් ඒ සම්බන්ධයෙන් කිසිවක් කිරීමට ශ‍්‍රී ලංකාවේ බලධාරීන්ට විශාල හයියක් තිබුණේ නැත.

    දැන් හම්බන්තොට වරායත් චීනයට පවරා ඇති තත්වය තුළ එකී ප‍්‍රශ්නය අලූතෙන් පැනනැගී තිබේ. මන්ද යත්, දකුණු චීන මුහුදු තීරයේ එවැනි හමුදා ක‍්‍රියාකාරකම් නොකරන බවට චීනය ප‍්‍රතිඥා දී තිබියදීත්, එම ප‍්‍රදේශයේ චීනය හමුදා ක‍්‍රියාකාරකම්වල නියැලෙන බැවිනි. එහෙත්, හමුදා ක‍්‍රියාකාරීත්වයන් පැහැදිළිවම ගිවිසුම තුළ තහනම් කොට ඇති බව ශ‍්‍රී ලංකා බලධාරීහූ පෙන්වා දෙති. කෙසේ වෙතත්, ශ‍්‍රී ලංකාව තවමත් චීනයට බරපතල සේ ණයගැතිව සිටින තත්වයක් තුළ, එවැනි අවශ්‍යතාවක් පිරිමසා ගැනීම සඳහා ශ‍්‍රී ලංකාවේ ආණ්ඩුව නම්මවා ගැනීමේ ඉඩක් චීනයට ඇති බව තවත් අය පෙන්වා දෙති.

    ජාතික ප‍්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය හර්ෂ ද සිල්වා කියන පරිදි, ‘ආණ්ඩු වෙනස් වීමට පුළුවන.’

    දැන්, ශ‍්‍රී ලංකාවේ චීන මිත‍්‍රයා වන රාජපක්ෂ මහතා නැවත බලයට පැමිණීම සඳහා උත්සාහයක් ගනිමින් සිටීම ගැන ඔහු සහ වෙනත් අය සිටින්නේ බලවත් සැලකිල්ලෙනි. හිටපු ජනාධිපතිවරයාගේ අලූත් පක්ෂය පසුගිය පෙබරවාරියේ පැවති පළාත් පාලන ඡන්දයෙන් විශාල ජයක් අත්කර ගත්තේය. ඊළඟ වසරේ ජනාධිපතිවරණය ඒමට නියමිතයි. 2020 දී පාර්ලිමේන්තු මැතිවරණයක් තිබේ.

    කෙනෙකුට දැරිය හැකි ජනාධිපති වාර ගණන පිළිබඳ සීමාව නිසා රාජපක්ෂ මහතාට ජනාධිපතිවරණයක් සඳහා තරග කිරීමේ ඉඩක් නැති තත්වය තුළ, ඔහුගේ බාල සොහොයුරු, හිටපු ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් ගෝඨාභය රාජපක්ෂ දැන් පන්දම අතට ගනිමින් සිටින බවක් පෙනේ.

    ‘ඒක තීරණය කරන්නේ මහින්ද රාජපක්ෂ. එයා කියනවා නං, සහෝදරයන්ගෙන් කෙනෙක් කියලා, ඒ සහෝදරයට ලොකු ඉඩක් ලැබෙනවා.’ රාජපක්ෂ මහතාගේ ආණ්ඩුවේ, මහ බැංකු අධිපතිවරයා වූ ද, තවමත් එම පවුලට උපදෙස් සපයන්නෙකු වූ ද අජිත් නිවාඞ් කබ්රාල් කියයි. ‘ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව අනුව ඔහු රටේ නායකයා නොවුණට, රටේ ප‍්‍රධාන බල පදනම වෙන්නේ ඔහු.’

  • විමල් වීරවංශ කියන දේවල් රටේ ජනතාව දැන් ගණන් ගන්නේ නැහැ

    විමල් වීරවංශ කියන දේවල් රටේ ජනතාව දැන් ගණන් ගන්නේ නැහැ

    දන්නේ නැහැ මතක නැහැ කියන්න විමල් වීරවංශ මහත්තයා දැන් පටන් අරගෙන තියෙනවා. ඔහුට අමතක වීමේ ලෙඩේ හැදි ඇති බැව් සමාජ සවිබලගැන්වීමේ ඇමැති පී. හැරිසන් මහතා ගාල්ල දිස්‌ත්‍රික්‌කයේ සමෘද්ධි නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩමුළුවට සහභාගි වීමෙන් පසුගිය දිනකදී මාධ්‍යවේදීන් ඇසු ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් පැවසීය.
     
     විමල් වීරවංශ මහත්තයාට කියන්න ඕන මුලින්ම කරුණා අම්මාන් ගෙනවිත් ශ්‍රී ල. නි. පක්‌ෂයේ උප සභාපති කරලා පාර්ලිමේන්තුවටත් ගෙනවිත් ඉස්‌සෙල්ලා ඒ අයට කිරි පෙව්වේ මහින්ද රාජපක්‌ෂ මහත්තයා බව. පිල්ලෙයාන් ගෙනවිත් මහ ඇමැති කරලා එකටයුතු කළේත් ශ්‍රී ල. නි. පක්‌ෂය මගින්. පඩි ගෙව්වා යන්න එන්න හෙලිකොප්ටර් දුන්නා. ඒ විතරක්‌ නෙවෙයි මහින්ද රාජපක්‌ෂ මහත්තයාගේ කාලේ ඒ අය දසදහසකට වැඩිය පුනරුත්ථාපනය කරලා අවශ්‍ය පහසුකම් ලබාදුන්නා. එල්. ටී. ටී. ඊ. අය පුනරුත්ථාපනය කිරීම පටන් ගත්තේ ඒ කාලයේ විමල් වීරවංශ ඒ කාලයේ ලංකාවේ හිටියේ නැද්ද කියලා මට ප්‍රශ්නයක්‌ තියෙනවා. විමල් වීරවංශට අමතක වීමේ ලෙඩ හැදිලා වගේ මට පේන හැටියට. එතුමා දන්නේ නැහැ මතක නැහැ කියන්න දැන් පටන් අරගෙන වගේ. මෙයා මේවා හිතාමතාකරණවාද අපිව අන්දන්න කරනවාද කියලා ප්‍රශ්නයක්‌ තියෙනවා. මේවා රටේ ජනතාව බලාගෙන ඉන්නවා. විමල් වීරවංශ කියන දේවල් රටේ ජනතාව දැන් ගණන් ගන්නේ නැහැ. යහපාලන ආණ්‌ඩුව වැටෙනවා වැටෙනවා කියලා දැන් අවුරුදු ගාණක්‌ තිස්‌සේ කියනවා තවම වැටුණේ නැහැනේ. මේ අයට වෙන්නේ අර එළුවාට වෙච්ච දේ යෑයිද ඇමැතිවරයා මෙහිදී කීවේය.

  • ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන උතුරේ නීති විරෝධී කේබල් නාලිකා ගැන ඔබ නොදත් කතාව මෙන්න…..

    ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන උතුරේ නීති විරෝධී කේබල් නාලිකා ගැන ඔබ නොදත් කතාව මෙන්න…..

    වෙබ් මාධ්‍යවේදීන්ගේ ජාතික ව්‍යාපාරය යාපනයේ කළ දෙදින සංචාරය තුළදි නීතිවිරෝධී කේබල් නාලිකා ගැන කළ ගවේෂණය හා සම්බන්ධ ලිපියකි.

    උතුරේ ක්‍රියාත්මක වන නීතිවිරෝධී කටයුතු සම්බන්ධයෙන් සොයා බැලිම සදහා පසුගියදා වෙබ් මාධ්‍යවේදීන්ගේ ජාතික ව්‍යාපාරය යාපනයේ සංචාරයක නියැලුන අතර එහිදි විශේෂයෙන්ම අප සංවිධානය දිගින් දිගටම අනාවරණය කළ නීතිවිරෝධී කේබල් රූපවාහිනි නාලිකා සම්බන්ධයෙන් දිර්ඝ වශයෙන් සොයා බැලිමට හැකියාව ලැබිනි.

    උතුරේ සිට ක්‍රියාත්මක වන නීතිවිරෝධී කේබල් රූපවාහිනි සේවාවන් හරහා විදුලි සන්දේශන නියාමන කොමිෂන් සභාව හෙවත් TRCයට විශාල බදු මුදලක් අහිමි වන අතර ඊටත් වඩා ඒ හරහා රටේ ජාතික ආරක්ෂාවට දැඩි ලෙස තර්ජනයක් එල්ල කරමින් තිබේන බව අප අවස්ථා කිහිපයකදිම පෙන්වා දුන්හ.

    මෙරට කේබල් රූපවාහිනි විකාශන මධ්‍යස්‌ථානයක්‌ ඇරඹීමේදී අනුගමනය කළ යුතු නිති රීති පද්ධතියක්‌ තිබේ. ඒ අනුව කේබල් රූපවාහිනි සේවාවක්‌ ආරම්භ කිරීම පිණිස එම ව්‍යාපාරය පළමුව සමාගම් මැඳුරේ ව්‍යාපාරයක්‌ ලෙස ලියාපදිංචි කළ යුතුව ඇත. ඉන් අනතුරුව 1982 අංක 06 දරන ශ්‍රී ලංකා රූපවාහිනි සංස්‌ථා පනතේ 31 වන වගන්තිය යටතේ ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති අමාත්‍යවරයා විසින් 2010/09/03 වන දින නිකුත් කරන ලද අංක 1669/15 දරන අති විශේෂ ගැසට්‌ පත්‍රයට අනුව බලපත්‍රයක්‌ ලබා ගත යුතුය.

    එම ක්‍රියා පටිපාටිය එතෙකින් නතර වන්නේ නැත. අදාළ බලපත්‍රය ලබා ගැනිමට පෙර ආපසු නොගෙවන පදනම මත රුපියල් 100,000/ ක මුදලක්‌ අයදුම්කරු විසින් ජනමාධ්‍ය අමාත්‍යාංශය වෙත ගෙවීම් කළ යුතු අතර ඉන් අනතුරුව අදාළ අවසර පත්‍රය ලබා දීම පිණිස ජනමාධ්‍ය අමාත්‍යවරයාගේ අත්සන ඊට ඇතුළත් කළ යුතුය.

    ඉන් අනතුරුව අදාළ බලපත්‍රය ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව වෙත ඉදිරිපත් කර 1991 අංක 25 දරන එම කොමිෂන් සභා පනතේ 17 වන වගන්තිය අනුව 2006 මාර්තු මස 10 වන දිනැති අංක 1435/20 දරන ගැසට්‌ නිවේදනයට අනුව බලපත්‍රය ලබාගත යුතු අතර අදාළ විෂය භාර අමාත්‍යවරයා වශයෙන් ජනාධිපතිවරයා විසින් ඊට අත්සන් තැබිය යුතුය. මෙම බලපත්‍රය ලබා ගන්නා තැනැත්තා විසින් රුපියල් 5,000,000/- ක මුදලක්‌ද ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමක කොමිෂන් සභාව වෙත ගෙවිය යුතුව ඇත.

    උතුරේ නීතිවිරෝධී කේබල් රූපවාහිනි නාලිකා ආරම්භ විමේ ඉතිහාසය

    ප්‍රථමයෙන් ශ්‍රී ලංකාවේ රූපවාහිනී නාලිකා ආරම්භවූයේ ඇන්ටෙනා මාර්ගයෙන් UHF සහ VHF සංඛ්‍යාත ඔස්සේ විසුරුවා හැරීමේ ක්‍රමවේදයයි. ඉන්පසු කේබල් මාර්ගයෙන් නාලිකා ආරම්භ කිරීමට බොහෝ පිරිස් කටයුතු කලහ. ඉන්දියාවෙන් ආරම්භ වූ මෙම ක්‍රමය එලෙසින්ම මෙරටදී විවිධ ස්ථානවල සිට විසුරුවා හැරීමට විවිධ පාර්ශව පියවර ගත්හ. ඒ වෙනකොට රජයෙන් එවැනි දේට කිසිදු නීති රීතියක් පනවා තිබුණේ නැත.

    ඉන්දියාවේ විකාශය වන රූපවාහිනී නාලිකාවන් චන්ද්‍රිකා මාර්ගයෙන් ලබාගෙන, නාලිකා 50 – 60 කේබල් මාර්ගයෙන් ජනතාවට ලබාදී ඔවුන්ගෙන් මුදලක් අයකර ගැනීමට බොහෝ පිරිසක් එදත් අදත් කටයුතු කරමින් සිටිති . දමිළ ජනයා වැඩි වශයෙන් වාසය කරන උතුරු නැගෙනහිර පළාතේ ස්ථාන 100 කට වඩා මෙය ව්‍යාපාරයක් ලෙස සිදුකරගෙන යනු ලබයි. කොළඹ දමිළ ජනයා ජීවත්වන ප්‍රදේශයන් හී ආයතන 3 – 4 ක් පමණ ඇතැයි වාර්තා වේ.

    2006 දී විදුලි සංදේශ නියාමන කොමිසම මෙවැනි කේබල් රූපවාහිනී නාලිකා ආයතන නියාමනය කිරීම ආරම්භ කල අතර කොළඹ පිහිටි ආයතන 2 කට අනුමැතිය හිමිවිය. රටේ අනෙකුත් ප්‍රදේශවල යුද්ධය හමුවේ මෙම වැඩපිළිවෙල රට අභ්‍යන්තරයට ගෙන යාමට අපහසු විය. 2009 න් පසු එම ප්‍රදේශවලද මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක වූ අතර විදුලි සංදේශ නියාමන කොමිසම විසින් නීති විරෝධී කේබල් ආයතනවලට එරෙහිව නීති මගින් ක්‍රියාකිරීමටද කටයුතු කලේය. ඉන්පසු තවත් ආයතනයකට අනුමැතිය හිමිවූ අතර, සමහර පාර්ශව නීතටි විරෝධී ලෙස එම කාර්යය දිගින් දිගටම සිදුකරගෙන යති.

    කේබල් ටීවී වලට පාදක වන්නේද යූ එච් එෆ් සහ වී එච් එෆ් ක්‍රමයයි. මෙවැනි නාලිකා 50 ක් පමණ කේබලයක් මාර්ගයෙන් විසුරුවා හැරීමේදී එක් ස්ථානයක සිට මීටර් 250 ක් පමණ දුරට කේබල් මාර්ගයෙන් ගමන් කරයි. ඉන්පසු එතැන් සිට වැඩසටහන් විකාශයට ඇම්පිලිෆයර් සවිකල යුතුය. ඊට විදුලිය ලබාගැනීම කලයුතුය. මෙය පැය 24 පුරා වැඩ කිරීමට මාසයකට රුපියල් 1000 කට අඩු නොවන විදුලි බිලක් ගෙවිය යුතුවේ. එනම් සෑම මීටර් 250 කටම ඇම්පියර් එකක් සවි කල යුතුය. මේ නිසා කේබල් ටී වී දිය හැකි වන්නේ නිවාස වැඩිමනක් ඇති ප්‍රදේශවලටය. උතුරු පළාතේ ඇති එකිනෙකට දුරින් ඇති නිවාස මග හරීමෙන් කේබල් ටීවී පහසුකම දිය හැකි බව පැවසේ.

    ලංකාව තුළ කේබල් ටීවී පවත්වාගෙන යාමට විදුලි සංදේශ නියාමන කොමිසමෙන් අනුමැතිය දී ඇත්තේ ආයතන 4 කට පමණි. එම ආයතන තමන්ට ලැඛෙන ආදායමෙන් සියයට 44 ක් බදු ලෙස රජයට ගෙවිය යුතු වේ.

    යාපනයේ මේ වනවිට නීතිවිරෝධී ලේස කේබල් හරහා රූපවාහිනි නාලිකා විකාශනය කරන ව්‍යාජ MCR හෙවත් ප්‍රධාන පාලක මැදිරි 18ක් පිහිටුවා ඇති බවට අප විසින් අනාවරණය කරගෙන තිබේන අතර ඊට අමතරව අම්පාර දිස්ත්‍රික්කයේ 4ක් සහ ත්‍රිකුණාමලයේ 2ක් පමණ තිබේන බවට තොරතුරු මේ වනවිට අප සතුවේ.එම තොරතුරු අප විසින් රටේ වගකිවයුත්තන්ගේ අවධානයට යොමුකර,ජන මාධ්‍ය මගින්ද ප්‍රසිද්ධ කර තිබේ.

    නීතිවිරෝධී කේබල්කරුවන්ගේ තවත් ජාවාරමක්

    අප යාපනයේ සංචාරය කරන අතරතුර පේදුරු තුඩුව දක්වා ඇති නීතිවිරෝධී නාලිකා විකාශකයන්ට අයත් කේබල්, ලංකා විදුලි බල මණ්ඩලයට අයත් විදුලි කණුවල ඇද ඇති අයුරු නිරික්ෂණය කල අතර, විකාශයට භාවිතා කරන ඇම්පිලිෆයර් සදහා නීතිවිරෝධී ලෙස එම කණුවෙන්ම විදුලිය ලබාගෙන ඇති බව හොදින්ම නිරීක්ෂණය කිරිමට අපට හැකි විය. එම මාර්ගය ඔස්සේ කිලෝමීටර කිහිපයක් ගමන් කිරිමේදි ඒ ආකාරයේ ඇම්පිලිෆයර් කිහිපයක්ම දකින්නට හැකි වු අතර සමාන්‍යයෙන් මිටර් 250කට වරක් එක් ඇම්පිලිෆයර් එකක් බැගින් සවිකිරිම අනිවාර්‍ය වේ.

    ඒ අනුව කිලෝමීටර් 5ක පමණ වපසරියක කේබල් ටිවි හරහා නාලිකා බෙදාහැරීම සදහා අවම වශයෙන් ඇම්පිලිෆයර් 20ක් වත් සවි කලයුතු අතර සමාන්යියෙන් එක් ඇම්පිලිෆයර් එකක් සදහා මාසික විදුලි වියදම රුපියල් 1400-1500ක් අතර වන බව ඒ අනුව ගත් කල විදුලි බල මණ්ඩලයට මාසිකව අහිමිවන මුදල ඉත විශල බව සිතා ගැනිමට අපහසු නැත.

    මෙය බරපතල තත්වයකි.මන්ද එක අතකින් යාපනයේ එක් ආයතනයක් හැර අනෙකුත් සියලුම ආයතන නීතිවිරෝධී ආයතන විමයි.ඔහුන් විසින් තමන්ගේ කේබල් විදුලි කණුවේ ඇදිමට අමතරව ඒ සදහා රජයට පාඩු කරමින් හොර රහසේම විදුලිය ලබා ගැනිම ඊටත් වඩා භයානකය. අවස්ථා ගණනාවකදිම එම ව්‍යාජ කේබල් සමාගම් වල කේබල් ඇදිමට ගිය කිහිප දෙනෙකුම අනතුරු වලට ලක්වු අතර එයින් දෙදෙනෙකු මිය ගොස් ඇති බවට නිල වශයෙන් වාර්තා වි තිබේ.

    උතුරේ කේබල් ටිවි විකාශය කිරිමට විදුලි සන්දේශන නියාමන කොමිෂන් සභාවේ නිළ අවසරය ඇත්තේ එක් ආයතනයකට පමණය. නමුත් අප ගේ සංචාරයේ දී අපට දැකගන්නට හැකි වූයේ, හොර රහසේ කේබල් ටිවි ලබාදෙන කණ්ඩායම් අප පේදුරු තුඩුවේ ගමන් කරන විටත් ත්‍රී රෝද රථයකින් පැමිණ නීතිවිරෝධී ලෙස විදුලි කණු වල කේබල් සවිකරමින් සිටින අයුරුය. ඒ පිළිබඳව අප ඔහුන්ගෙන් කල විමසිමකදි, එම කේබල් වල අයිතිය ඇත්තේ කාට ද යන්න පැවැසිමටවත් ඔහුන් නොදැන සිටියහ.

    අප උතුරු පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රෝෂාන් ප්‍රනාන්දු මහතා හමුවු අවස්ථාවේ මෙම නීතිවිරෝධී කේබල් නාලිකා සම්බන්ධයෙන් කල විමසිමකදි ඔහු අවධාරණය කරමින් කියා සිටියේ, ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව හෙවත් TRCය මේම නීතිවිරෝධී නාලිකා නතර කිරිමට ක්‍රියාමාර්ග ගන්නේ නම්, පොලිසිය ඒ සදහා සහය දිමට සුදානම් බවය. නමුත් TRCය ඒ සම්බන්ධයෙන් අලස ප්‍රතිපත්තියක් අනුගමනය කරන බව ඔහුගේ අදහස විය.

    කෙසේවෙතත් පොලිසියේ නීතිය ක්‍රියාත්මක විමේ යාන්ත්‍රනයද සාර්ථක එකක් නොවන බව හා පොලිසිය කප්පම් ලබා ගන්නා බවත්, උතුරු පළාත් අමාත්‍යවරියක වන ආනන්දී සශීදරන් සමග අප කළ සාකච්ඡාවේදි ඇය අනාවරණය කර සිටියාය. අතර එය තවත් තහවුරු වන සිද්ධියක් අපට අච්චුවේලි පොලිසියට ගිය අවස්ථාවේ අත් දකින්නට ලැබුනි.

    එනම් පසුගිය 6 වැනිදා එම ප්‍රදේශයේ නීතිවිරෝධී කේබල් නාලිකා පවත්වාගෙන යන කණ්ඩායම් දෙකක් අතර කේබල් කැපිම සම්බන්ධයෙන්
    ඇතිවු ආරවුල පිළිබඳව දැමු පැමිණිල්ල පසුගිය 13 වැනිදා ආපසු ඉවත් කරගෙන ඇති බවට වූ වාර්තාවයි. පැමිනිල්ල පිළිබඳ ව කිසිදු පරික්ෂණයක් කර නොතිබු අතර අදාළ පැමිණිල්ලේ චූදිත පාර්ශ්වයන් විසින් පවත්වාගෙන යන කේබල් නාලිකා ලියාපදිංචි කර නොමැති බව අප පොලිසියට පෙන්වා දුන් විට ඔහුන් සම්බන්ධයෙන් කිසිවක් නොදන්නා බවද සදහන් කර සිටියේය.

    පේදුරු තුඩුවට යන අතරමගදි අප කේබල් ටිවි හරහා නිවසේ රූපවාහිනි නරඹන අයෙකු සමග සාකච්ඡා කල අතර එහිදි තමන් ගෙදර නරඹන කේබල් නාලිකාව කාට අයිතිද යන්න ඔහු නොදැන සිටි අතර මාසිකව ඒ සඳහා ඔහු විසින් රුපියල් 400ක මුදලක් ගෙවන බවත්, ඊට අදාළව මාසිකව සටහන් කල හැකි කාඩ් පතක් පමණක් ලබාදි තිබෙන බව පැවසීය.

    කුඩා කණ්ඩායම් වශයෙන් නීතිවිරෝධී කේබල් නාලිකා බෙදාහැරීමට මෙන්ම මුදල් එකතු කිරිමට ද කණ්ඩායම් යොදවා ඇති වා ඇති අතර ඔහුන්ට ඒ වෙනුවෙන් එක් ග්‍රාහකයෙකු විසින් ගෙවන මුදලින් සියයට 40ක පමණ මුදලක් ලබා දිමට කටයුතු කරන බවද මේ වනවිට අනාවරණය වි තිබේ. ඒ අනුව වාර්ෂිකව රටට අහිමිවන බදු මුදල් ප්‍රමාණය අවම වශයෙන් රුපියල් මිලියන 2000ද ඉක්මවන බව තහවුරු වි තිබේ.

    ජාතික ආරක්ෂාව අනතුරේ..

    මේ අතර පසුගිය කාලය පුරාම උතුරු නැගෙනහිර ඇතුලූ රට පුරා ඉතා සංවිධානාත්මකව ක‍්‍රියාත්මක වන ලියාපදිංච් නොකල නීතිවිරෝධී කේබල් රූපවාහිනී සේවාවන් පසුපස ව්‍යාපාරිකයන්, දේශපාලඥයින් ඇතුලූ කිහිපදෙනෙක් සිටින බවට මේ වනවිට අනාවරණය වේ. එම නාලිකා හරහා පෙන්වන ලබන වැඩසටහන් නියාමනය කිරිමට ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව හෙවත් TRCයට හැකියාවක් නොලැබිම නිසා ජාතික ආරක්ෂාවටත් ජාතීන් අතර සහජීවනයට හා ආගමික සංහිදියාවට මෙම නීති විරෝධි කේබල් සේවාවන් හරහා දැඩි බලපෑම් ඇතිවන බව පැවසිය හැක.

    මෙවැනි බලපෑම් ඇති වීමට ප‍්‍රධාන හේතුව වන්නේ මෙවැනි නීති විරෝධී නාලිකා විසින් විකාශනය කරන ලබන වැඩසටහන්වල අන්තර්ගතය නියාමනය කිරීමට මාර්ගයක් ඔබගේ කොමිෂන් සභාවට නොහැකි වීම නිසා එම රූපවාහිනී නාලිකා ඔවුනට අවශ්‍ය වැඩසටහන් රිසි සේ විකාශය කිරීමයි.

    ඒ අනුව වහාම ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව හෙවත් TRCය අදාළ අනවසර නාලිකා පවත්වාගෙන යන්නන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කලයුතුව ඇත. ඊට සමගාමීව විදුලිබල මණ්ඩලය විසින් නීතිවිරෝධී කේබල් නාලිකා හිමියන්ට අයත් කේබල් ඇදිමට තම ආයතනය අයත් විදුලි කණු යෝදා ගැනිමට ඉඩ ලබ නොදිය යුතු බවද අප තරයේ අවධාරණය කර සිටිමු.

    විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ බලපත්‍ර ලාභින්ට විදුලි හෝ දුරකතන කණු භාවිතයට අවසර ලැබි තිබුනද ඒ සදහා විධිමත් වැඩ පිළිවෙලක් මේ දක්වා සකස් වි නැත.විධිමත් ක්‍රමවේදයක් සකස් කිරිම හරහා මාසිකව විදුලි බල මණ්ඩලයටද ආදායමක් ලබා ගැනිමට හැකි වනු ඇතැයි ද විද්වත්හූ පෙන්වා දෙති.

    ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව,විදුලි බල මණ්ඩලය මෙන්ම පොලිසිය ද නීතිය ක්‍රියාත්මක කිරී මේදී වන කල්මැරිම පසුපස තමන්ට ලැබෙන සන්තෝෂම් තිබේන බවට ද ජනතාවගෙන් එල්ල වන චොදන තවදුරටත් ව්‍යප්තවීමට ඉඩ දෙනවාද? නැද්ද? යන්න බලධාරීන් දැන්වත් තින්දු කලයුතුය.

    මීට අමතරව චන්ද්‍රිකා මාර්ගයෙන් රූපවාහිනී නාලිකා ප්‍රදර්ශනය කිරිම ඩී ටී එච් (DTH) යනුවෙන් හදුන්වනු ලබන අතර ලංකාවේ මේ වනවිට එම ක්‍රමයට අනුමැතිය ලබාගෙන ඇත්තේ ඩයලොග් ටීවී සහ ඩිෂ් ටීවී ලංකා කියන ආයතන දෙක පමණි. නමුදු ඉන්දියාවේ ඇති ඩී ටී එච් සේවාවන් නීතිවිරෝධී විධියට අද වනවිට ලබාදෙන ආයතනද ඇත.

    ඉන්දියාවේ ක්‍රියාත්මක සන් ඩිරෙක්ට් / එයාර්ටෙල් / වීඩියෝකොන් / බිග් ටීවි යන ආයතනවල සේවාවන් අලෙවි කරන්නේ නීති විරෝධීවයි. මේවාට වෙළද දැන්වීම් පවා අපේ රටේ මාධ්‍යවල ප්‍රචාරය කරයි. මේ දක්වා ලද තොරතුරු අනුව ලක්ෂ 5 කට අධික පිරිසක් මේ නීතිවිරෝධී සේවාව ලබාගෙන ඇත.

    මේ සේවාව ලබාගන්න නිවසේ ඉහළට ඩිෂ් ඇන්ටෙනාවක් සහ රිසීවරයක් (ග්‍රාහකයක්) අවශ්‍යවේ. ඉන්දීය ආයතන අතර ඇති තරගකාරීත්වය සදහා ඉතා අඩුමිළට නීති විරෝධී ලෙසට අපේ රටේ ජනතාවට ලබාදෙන ආකරයක් දක්නට ඇත. මේ විධිහට සේවා ලබාදෙන අය අපේ රටේ සෑම ප්‍රදේශයකම සිටිති. මෙම සේවා ලබාගන්න ලක්ෂ 5 කට අධික පිරිසක් නීති විරෝධී ලෙස මාසිකව යම් මුදල් ප්‍රමානයක් ඉන්දියාවට ලබා දේ. කෝටි ගණනක් වන අපේ රටේ සල්ලි නීති විරෝධි ලෙස ඉන්දියාවට යන එක ගැන කිසිදු මාධ්‍යයක් වචනයක් කතා නොකිරීම අරුමයකි.

    DTH ජාවාරම ගැන අනාවරණය බලාපොරොත්තු වන්න..

    -වෙබ් මාධ්‍යවේදීන්ගේ ජාතික ව්‍යාපාරය-