Category: සුපිරි Politics

  • මහින්දව ගෙදර යැව්වේ කොහොමද? අගමැති මහතීර් 2016 ජනපති මෛත්‍රීගෙන් අහපු දේ මෙන්න..!

    මහින්දව ගෙදර යැව්වේ කොහොමද? අගමැති මහතීර් 2016 ජනපති මෛත්‍රීගෙන් අහපු දේ මෙන්න..!

    මැලේසියා මහ මැතිවරණයෙන් හිටපු අග්‍රාමාත්‍ය මහතිර් මොහොමඩ් ප්‍රමුඛ විපක්ෂය ඓතිහාසික ජයග්‍රහණයක් වාර්තා කර ඇතැයි බීබීසී පුවත් සේවය වාර්තා කර ඇත.එරට මැතිවරණ කොමිසම සඳහන් කළේ, විපක්ෂ සන්ධානය පාර්ලිමේන්තු ආසන 220න් 115ක් ජයග්‍රහණය කර ඇති බව ය. රජයක් පිහිටුවීමට පක්ෂයක් ජය ගත යුතු ආසන සංඛ්‍යාව වන්නේ ආසන 112ක් පමණි.

    මේවන විට 92 වැනි වියේ පසුවන මහතිර් මොහොමඩ් ප්‍රමුඛ විපක්ෂ සන්ධානය එලෙස ජයග්‍රහණය කළේ, වසර 60කට අධික කාලයක් පාලක පක්ෂය ලෙස ක්‍රියා කළ බරිසාන් ජාතික සන්ධානය පරදවමිනි.

    මහතිර් මොහොමඩ් අද දින සිය අග්‍රාමාත්‍ය ධූරයේ දිවුරුම් දීමට නියමිත බව වාර්තා වේ.

    කෙසේ නමුත් 2016 වසරේ දෙසැම්බර් මාසයේදී ශ්‍රී ලංකා ජනාධිපතිවරයා මැලේසියාවේ සංචාරයක නිරත විය.එම කාලයේදී මැලේසියාවවේ අගමැතිධුරය දැරුවේ නජීබ් රසාක්ය.එම සංචාරයේදී මහතිර් මොහොමඩ් හැට ශ්‍රී ලංකා ජනාධිපතිවරයාව හමුවීමට අවශ්‍යව තිබු අතර ඒ සදහා ඉල්ලීමක්ද කර තිබුණි.නමුත් එවකට මැලේසියානු රජය ශ්‍රී ලංකා ජනාධිපතිවරයා මහතිර් මොහොමඩ් හමුවෙනවාට දැඩි අකමැත්තක් දැක්වුවේය.

    කෙසේ වෙතත් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහ මහතීර් මොහොමඩ් හමුව පැවැත්වීමට නියමිතව තිබුනේ 2016 දෙසැම්බර් මස 17 වන දින ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා නැවතී සිටි InterContinental හෝටලයේදීය.නමුත් එම දින උදෑසන සිට මැලේසියානු බුද්ධි අංශ   නිලධාරින් සහ ආරක්ෂක අංශ එම හෝටලය වටකර තිබුණි.කිසිදු අවසර නොලත් පුද්ගලයෙකුට එම හෝටලයට පැමිණීම එරට ආරක්ෂක අංශ ඉඩ ලබා දුන්නේ නැත.ඒ තරමටම මැලේසියාවේ ඊයේ දින දක්වා පැවති රජය මහතීර් මොහොමඩ් හට ශ්‍රී ලංකා ජනාධිපතිවරයා හමුවීමට ඉඩ ලබා නොදීමට ක්‍රියා කළේය.

    එවකට එම කතාව එතනින් අවසන් වුයේ ශ්‍රී ලංකා ජනාධිපතිවරයා සහ මහතීර් මොහොමඩ් හමුව එදින සිදුවන්නට නොමැති බවට සිතමිනි.මැලේසියාවේ පැවති රජය පවා සිතුවේ එම හමුව සිදු නොවන්නට ඇතැයි කියාය.නමුත් ඊයේ දින මහතීර් මොහොමඩ් මැලේසියාවේ අගමැතිවරයා වශයෙන් පත්විය.අද උදෑසන ලෝක මාධ්‍ය වාර්තා කර තිබුනේ පුදුමාකාර පුවතකි.ඒ 2014 දෙසැම්බර් මස 17 වනදා ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහ නව මැලේසියානු අග්‍රමාත්‍ය මහතීර් මොහොමඩ් හමුව එදින සිදුව ඇති බවය.

    එම මාධ්‍ය වාර්තා කර තිබුනේ එදින හොර රහසේම මහතීර් මොහොමඩ් ශ්‍රී ලංකා ජනාධිපතිවරයාගේ කාමරයට ගෙන ඒමට මහතීර් මොහොමඩ්ගේ ආරක්ෂක අංශ නිලධාරින් සමත්ව තිබු බවය.

    එම හමුවේදී සකාච්ජා වූ කරුණු වශයෙන් එරට මාධ්‍ය වාර්තා කර තිබුනේ ශ්‍රී ලංකාවේ පැවති රජය පරාජය කිරීමේ මෙහෙයුම සිදු කලේ කෙසේද යන්න මහතීර් මොහොමඩ් විසින් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගෙන් අසා තිබෙන බවය.

    තවද මෙම සාකච්ජාවේදී මහතීර් මොහොමඩ් විසින් ශ්‍රී ලංකා ජනාධිපතිවරයාටද උපදෙස් දෙකක් ලබාදුන් බවත් එම මාධ්‍ය වාර්තා සදහන් කර තිබුණි.ඔහු ලබා දුන් පළමු උපදෙස වී ඇත්තේ එවකට මැලේසියාවට 1970 වර්ෂයේදී සහන වශයෙන් සංවර්ධිත රටවල් මුදල් ලබා දුන් බවය.පසුව දීර්ඝ කාලින සහන ණය වශයෙන් මැලේසියාවට සංවර්ධනය වූ රටවල් ණය මුදල් ලබා දුන් බවත් එම ණය මුදල් ලබා දුන්නේ වසර 30 කින් පසුව ගෙවීමටත් බවය.පසුව වාණිජ ණය වශයෙන්ද සංවර්ධිත රටවල් ණය ලබා දුන් බවත් එම ණය මුදල් අවුරුදු 5ක් තුල ගෙවා නිම කලයුතු බවත්ය.ඊට පසුව පැමිණි චීන ණය , එම ණය මුදල් ඔවුන් ලබා දුන්නේ ණය මුදලත් ලබා දී ඒ සදහා අවශ්‍ය භාණ්ඩද ලබා දී චීනයෙන් මිනිස් ශ්‍රමයද ලබා දෙන බවය.කිසිම දිනෙක අවසානයට කියූ ණය නොගන්නා ලෙසත් එලෙස එම ණය ගතහොත් කිසිම දිනෙක එම මුදල ගෙවා ඉවර කල නොහැකි බවත් දැනටමත් ශ්‍රී ලංකාවට සිදු වී ඇත්තේ ඒ දෙය බවත් ඔහු පවසා තිබෙනවා.අධිවේගී මාර්ග,මත්තල ගුවන් තොටුපල , හම්බන්තොට වරාය උදාහරණ ලෙස මහතීර් මොහොමඩ් ශ්‍රී ලංකා ජනාධිපතිවරයාට පවසා ඇත.

    අනෙක් උපදෙස වී ඇත්තේ රටේ මිනිසුන් තුල ඇති ජාති ආලය ආර්ථික ආලයක් ලෙස හරවාගත යුතු බවය.මැලේසියාව දියුණු වූ ප්‍රධානම හේතුව වුයේ මිනිසුන් තුල ඇතිවූ ආර්ථික ආලය නිසාවෙන් බව ඔහු ශ්‍රී ලංකා ජනාධිපතිවරයාට පවසා ඇත.

    ඉන් පසුව ශ්‍රී ලංකා ජනාධිපතිවරයා විසින් මහතීර් මොහොමඩ් මහතාට ශ්‍රී ලංකාවට පැමිණෙන ලෙසත් ශ්‍රී ලංකාවේ අමාත්‍ය මණ්ඩලයට දේශනයක් ලබාදෙන ලෙසත් ඉල්ලා ඇත.නමුත් එවකට සිටි විදේශ අමාත්‍ය මංගල සමරවීර අමාත්‍යවරයා ඊට විරුද්ධ වූ නිසා මහතීර් මොහොමඩ් මහතා මෙරටට ගෙන්වීමට නොහැකි වූ බව අපට මතකය.

  • විගණන පනත් විවාදය තවදුරටත් කල් යයි

    විගණන පනත් විවාදය තවදුරටත් කල් යයි

    ජාතික විගණන පනත පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීම තවදුරටත් කල් යයි. 
     එම පනත අද පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීමට නියමිතව තිබුණ ද එම විවාදය කල් දමා ඇති බව පාර්ලිමේන්තු මහ ලේකම් ධම්මික දසනායක මහතා ප්‍රකාශ කළේය.
    පෙරේදා රැස්වූ පක්ෂ නායක රැස්වීමේදී එම තීරණය ගෙන ඇති බවත් ජාතික විගණන පනත කඩිනමින් විවාදයට ගන්නැයි කථානායක කරු ජයසූරිය මහතා ද ඉල්ලීමක් කර ඇති පසුබිමකදී බවත් ඔහු සඳහන් කළේ ය.
    ජාතික විගණන පනතේ ඇතැම් වගන්ති සංශෝධනය විය යුතු බවට රාජ්‍ය නිලධාරීන්ගෙන් ඉල්ලීමක් ඇති බැවින් ඔවුන්ගේ ඉල්ලීම අනුව එම විවාදය කල් දැමූ බව අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසුවේ ය.
  • ජනපති මෛත්‍රීගේ රාජාසන කතාව පිළිබද ජනමතය දිගහැරෙන මහජන සංවාද මණ්ඩපයක් 11වැනිදා…

    ජනපති මෛත්‍රීගේ රාජාසන කතාව පිළිබද ජනමතය දිගහැරෙන මහජන සංවාද මණ්ඩපයක් 11වැනිදා…

    අතිගරු ජනාධිපතිතුමන් මැතිසභය හමුවේ පසුගිය දිනෙක සිදුකරන ලද රාජාසන කතාවේ අඩංගු වූ රජයේ සංවර්ධන ප්‍රතිපත්ති ප්‍රකාශය සහ රාජ්‍ය කරණයේ දැක්ම පිලිබදව පුළුල් මහජන සංවාදයක් 2018.05.11 වන දින සවස 3ට කොලබ 07 නිදහස් මාවතේ ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩල ශ්‍රවනාගාරයේදී පැවැත්වීමට කටයුතු සුදානම් කර ඇති අතර සමාජයේ විවිධ පැතිකඩ නිරුපනය කරන වෘත්තිකයන් ඇතුළු විද්වතුන් රැසක් මේ සදහා සහභාගී වීමට නියමිත බවද අපට වාර්තා වේ…

    ප්‍රධාන සාකච්චා සභාව මෙහෙයවීම……

    1. නීතිවේදී ශිරාල් ලක්තිලක මහතා.
    2. සේන සුරියප්පෙරුම මහතා
    3. චමීර පෙරේරා මහතා
    4. නිර්මාල් රන්ජිත් දේවසිරි මහතා
    5. ධර්මසිරි බණ්ඩාරනායක මහතා 

    මේ සදහා සහභාගී වන්නට ඔබ සැමට ආරාධනා…

  • රට හරිමගට ගන්න පක්ෂ පාට අදාලම නෑ.. ජනපති නියෝගයෙන් සැකකාර පොල්ගම්පලත් දොට්ට…

    රට හරිමගට ගන්න පක්ෂ පාට අදාලම නෑ.. ජනපති නියෝගයෙන් සැකකාර පොල්ගම්පලත් දොට්ට…

    රාජ්‍ය දැව සංස්ථාවේ නව සභාපතිවරයා ලෙස පත්වු අනුරුද්ධ පොල්ගම්පොළ මහතාගේ පත්වීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් අද (10) අත්හිටවනු ලැබ ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

    අනුරුද්ධ පොල්ගම්පොළ මහතා රාජ්‍ය දැව සංස්ථාවේ නව සභාපතිවරයා ලෙස ජනාධිපතිවරයා විසින් පත්කරනු ලැබුවේ ඉකුත් 4 වැනි දාය.

    රාජ්‍ය දැව සංස්ථාවේ සභාපතිවරයා ලෙස කටයුතු කළ පී දිසානායක මහතා රුපියල් කෝටි දෙකක අල්ලස් චෝදනාවක් මත අත්අඩංගුවට ගැනීමෙන් පසුව ඔහු එම ධූරයෙන් ඉවත් කර ඒ වෙනුවට අනුරුද්ධ පොල්ගම්පොළ මහතා පත්කරනු ලැබීය.

    පොල්ගම්පොළ මහතා රාජ්‍ය දැව සංස්ථාවේ සභාපති ධුරයට පත් කිරිමෙන් පසුව ඔහු සම්බන්ධයෙන් එල්ල වන චෝදනා සැලකිල්ලට ගනිමින් ජනාධිපතිවරයා ඔහුගේ පත්වීම අත්හිටුවා ඇතැයි වාර්තා වේ.

    ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ද වන අනුරුද්ධ පොල්ගම්පොළ මහතා 2015 ජනපතිවරණයේ දී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට සහය දැක්වීය.

    අනතුරුව ඔහු පසුගිය පළාත් පාලන මැතිවරණයේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට සහය දක්වමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එක්විය.

    අජන්ත කුමාර අගලකඩ

  • මිලියන 20 ක අල්ලස් සිද්දියේ සාක්කිකරුට මරණ තර්ජන ඇති බවට අල්ලස් කොමිසම කියයි….

    මිලියන 20 ක අල්ලස් සිද්දියේ සාක්කිකරුට මරණ තර්ජන ඇති බවට අල්ලස් කොමිසම කියයි….

    කන්තලේ සීනි සමාගමට අයත් යන්ත්‍ර සූත්‍ර සහ ගොඩනැගිලි පවරා දීම සඳහා අනුමැතිය ලබා දීමට පසුගියදා අල්ලස් වශයෙන් රුපියල් මිලියන 540ක මුදලක් ඉල්ලා ඉන් රුපියල් මිලියන 20ක් අත්තිකාරමක් වශයෙන් ලබාගත් බව පැවසෙන සිද්ධියට අදාලව අල්ලස් කොමිසමට පැමිණිලි කළ ඉන්දීය ජාතිකයාගේ ජීවිතයට බරපතළ තර්ජනයක් එල්ල වී ඇති බව එම කොමිසමේ සහකාර නීති අධ්‍යක්ෂ ජනරාල් අසිත ඇන්තනි විසින් කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරයාට දැනුම් දී තිබෙනවා.

    මෙම සිද්ධිය පිළිබඳව අල්ලස් කොමිසමට දැනුම් දුන් පුද්ගලයාගේ කොළඹ 07, රොස්මිඩ් පෙදෙසේ පිහිටි කාර්යාලයට ‍පැමිණි ජෝශප් නමැති පුද්ගලයෙකු නිසා මෙම ජීවිත අවධානම ඇති වී ඇති බවයි වාර්තා වන්නේ. එසේම ඔහු එල්.ටී.ටී.ඊ බුද්ධි අංශ සාමාජිකයෙකු බව කියා ගත් පුද්ගලයෙකු බවද සඳහන්.

    අල්ලස් කොමිසමට ඉදිරිපත් කල මෙම පැමිණිල්ලේ පැමිණිලිකරු වන ඉන්දීය ජාතික කොටහා රාලහල්ලී කොඩි ඩප්පයියා නඩරාජා එම අවස්ථාවේදී   කාර්යාලයේ නොසිටි බැවින් අදාල පුද්ගලයා සමාගමේ පිළිගැනීමේ නිලධාරීනිය හමුවී තමන්ට නඩරාජා මහතා හමුවීමට අවශ්‍ය බව ප්‍රකාශ කර තිබෙනවා. එසේම  තමන් පැමිණියේ ඔහුට උදව් කිරීමට බවත් පවසා ඇති බවත් ඔහු නොමැති බව පැවසූ අවස්ථාවේදී එම පුද්ගලයා විසින්  ඔහුගේ දුරකථන අංකය ඉල්ලා ඇති බවත් සඳහන් වෙනවා.

    කෙසේ වෙතත් එම අවස්ථාවේදී සමාගමේ පිළිගැනීමේ නිලධාරීනිය විසින් නඩරාජාගේ දුරකථන අංකය ලබාදී නොමැති අතර මෙම තත්ත්වය මත ඔහුගේ ජීවිතයට බරපතළ තර්ජනයක් එල්ල වී තිබෙනවා. ඒ අනුව මේ සම්බන්ධයෙන් ඔවුන් ඊයේ (09) කුරුඳුවත්ත පොලීසියට පැමිණිලි කිරීමට කටයුතු කරන බව දැනුම දී තිබුණා.‍ 

    ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ ව්‍යාපෘතියක් වශයෙන් එම්.ජී. ෂුගර් පෞද්ගලික සමාගමට කන්තලේ සීනි සමාගමට අයත් අක්කර 2,400ක භූමි ප්‍රමාණයක් රජය මගින් පවරා දී ඇති බවත්, එම සීනි සමාගමට අයත් යන්ත්‍ර සූත්‍ර සහ ගොඩනැගිලි පවරා දීම සඳහා අනුමැතිය ලබා දීමට අල්ලස් වශයෙන් රුපියල් මිලියන 540ක් ඉල්ලා එය රුපියල් මිලියන 100ක් දක්වා අඩුකර අත්තිකාරම් වශයෙන් රුපියල් මිලියන 20ක අල්ලස් මුදලක් ඉල්ලා ලබාගත්තේ යැයි පැවසෙන සිද්ධියට අදාළ පැමිණිල්ල අධිකරණය හමුවේ කැඳවනු ලැබූ අවස්ථාවේදීයි මෙම සිදුවීම ප්‍රකාශ කර තිබුනේ.

    කෙසේ නමුත්  මෙහිදී සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රියෙන්සි අර්සකුලරත්න විසින් කරුණු ඉදිරිපත් කරමින් කියා සිටියේ මෙයට තම සේවාදායකයන්ගේ කිසිදු සම්බන්ධතාවක් නොමැති බවයි.

  • මම වැරැද්දක් කරලා තියෙනවා නම් මට හෙණ ගහන්න ඕනේ – සංවේදී වු සජිත්ගෙන් ප්‍රකාශයක්..

    මම වැරැද්දක් කරලා තියෙනවා නම් මට හෙණ ගහන්න ඕනේ – සංවේදී වු සජිත්ගෙන් ප්‍රකාශයක්..

    පුරාවිද්‍යාත්මක වටිනාකමකින් යුතු එළාර රජුගේ විජිතපුර ආරක්ෂක බලකොටුවට අයත් පරිවාර බලකොටුවක් වන බැලුම්ගල නැමති ඓතිහාසික ස්ථානය ඩෝසර් කර විනාශ කිරිමේ සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට විශාල කතාබහක් ඇතිව තිබෙනවා.

    මෙම සිදුවීම සම්බන්ධයෙන්  සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයාටද බොහෝ චෝදනා එල්ල වුනා. 

    ඒ අනුව තමන්ට එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා ඊයේ (09) කොළඹ දි මාධ්‍ය වෙත අදහස් දැක්වූවා.

    එහිදී අමාත්‍යවරයා කියා සිටියේ  තම ජීවිත කාලය පුරා එක් දිනක හෝ තමන් නිධාන කැඩුවේ නම් තමනට හෙන ගැසිය යුතු බවත් වාහනය අඩියක් යන්නට පෙර තමන් මැරී වැටිය යතු බවත්ය.

    එසේම එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඇමතිවරයා කියා සිටියේ මෙරට බුද්ධ ශාසන අමාත්‍යංශයක් ඇති කලේ තම පියා ජනාධිපති වූ යුගයේදී බවත් ඔහුගේ පුතා වන තමන් එවැනි අපරාද වලට සම්බන්ධ නොවන බවත්ය.

     

    YOU MAY AL

  • ඇදගෙන හිටපු ඇදුමින්ම වතුරට පැනලා බලු පැටියෙක්ව බේරාගත් ආදර්ශවත් ජනපති ආර්යාව….

    ඇදගෙන හිටපු ඇදුමින්ම වතුරට පැනලා බලු පැටියෙක්ව බේරාගත් ආදර්ශවත් ජනපති ආර්යාව….

    බ්‍රසීල ජනපති මයිකල් ට්‍රෙමර්ගේ බිරිඳ වන ආර්යා මාර්සෙලා විසින් ජනාධිපති මන්දිරය අසල විලක ගිලෙමින් සිටි බල්ලෙකු බේරා ගත් පුවතක් විදෙස් මාධ්‍යයන්හි අවධානයට ලක්වී තිබෙනවා.

    මෙලෙස ජනාධිපති මන්දිරයේ ගෙවත්තට ඔබ්බෙන් පිහිටි විලට වැටී තිබුනේ ජැන් රසල් වර්ගයේ කුඩා බල්ලෙක්. එම අවස්ථාවේදී ජනාධිපති මන්දිරයේ ඇවිදිමින් සිටි ජනාධිපති ආර්යාව සහ ඇයගේ පුතා එම සිදුවීම දැක ජනාධිපති කාර්යාලයේ ආරක්ෂ අංශ ඒ සම්බන්ධයෙන් දැනුවත් කර තිබෙනවා.

    කෙසේ නමුත් ආරක්ෂ අංශ ඒ පිළිබඳ තැකීමක් සිදු නොකල නිසා ඇය ඇඳ සිටි ඇඳුම් පිටින්ම විලට පැන එම බල්ලාගේ ජීවිතය බේරාගෙන තිබෙනවා. පසුව හිමිකරුවෙකු නොමැති එම  බල්ලා ජනාධිපති මන්දිරයේ සාමාජිකයෙකු බවට පත්කරගෙන තිබෙනවා. ඒ අනුම එම බල්ලා මේ වන විට ‘‘පිකොලි‘‘ නමින් ජනාධිපති මන්දිරයේ බලු සුරතලෙකු ලෙස සිටිනවා.

    කෙසේ වෙතත් මෙම බල්ලා විලට වැටුනු අවස්ථාවේදී ඌ බේරා ගැනීම ප්‍රතිික්ෂේප කල ආරක්ෂක නිලධාරියා සේවයෙන් ඉවත් කර ඇති බව සඳහන් වෙනවා.

  • අද මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල ඉහළට….

    අද මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල ඉහළට….

    අද (10) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල ඉහළ දැමීමට ඊයේ රැස්වූ කැබ්නට් මණ්ඩලයේදී තීරණය කළ බව අමාත්‍ය රාජිත සේනාරත්න සඳහන් කරනවා.

     ඒ අනුව පෙට්ට්‍රල් ලීටරයක මිල රු. 20 කින්ද, භූමිතෙල් ලීටරයක මිල රු. 40 කින්ද සහ ඩිසල් ලීටරයක මිල රු. 9/= කින්ද ඉහළ දැමෙනු ඇති බව පැවසෙනවා

    මේ අනුව නවතම ඉන්ධන මිල වන්නේ පෙට්ට්‍රල් ඔක්ටේන් 92 ලීටරයක් රු. 137/-, පෙට්ට්‍රල් ඔක්ටේන් 95 ලීටරයක් රු. 148/-, ඔටෝ ඩිසල් ලීටරයක් රු. 109/-, සුපර් ඩිසල් ලිටරයක් රු. 119/- සහ භූමිතෙල් ලීටරයක් රු. 101/- වනු ඇති.

    මිට අමතරව ඉකුත් සති දෙක තුලදී කිලෝග්‍රෑම් 12.5 ක් බරැති ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල රු. 245 කින්ද, කිරිපිටි කිලෝවක මිල රු. 50 කින්ද ඉහළ දැමීමට තීරණය වුනා.

  • මැතිවරණ අපේක්ෂක වියදම් සිමා කිරීමේ පනතේ කෙටුම්පත ජනපතිට

    මැතිවරණ අපේක්ෂක වියදම් සිමා කිරීමේ පනතේ කෙටුම්පත ජනපතිට

    මැතිවරණ සඳහා ඉදිරිපත් වන අපේක්ෂකයන්ගේ වියදම් සීමා කිරීමේ කෙටුම්පතක් මැතිවරණ නිරික්ෂණ සංවිධාන විසින් ජනාධිපතිවරයා වෙත යොමු කර තිබෙනවා. එහි පිටපතක් විෂය භාර අමාත්‍ය ෆයසිර් මුස්තාෆා වෙතද භාර දුන් බවයි පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්‍ෂ රෝහණ හෙට්ටිආරච්චි  කියා සිටියේ. 

    මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂකවරයා කියා සිටියේ ඉදිරි මැතිවරණයට පෙර අපේක්ෂක වියදම් සිමා කිරීමේ පනත පාර්ලිමේන්තුවේ සම්මත නොවුනහොත් මුදල් ඇති අපේක්ෂකයින් පළාත් සභා හා ව්‍යවස්ථාදායකයට පත්වීමේ ඉඩකඩ පවතින බවත් ඒ මගින් සුදුස්සාට සුදුසු තැන අහිමි වන තත්ත්වයක් ඇතිවන බවයි.

    ඉකුත් පළාත් පාලන ඡන්ද විමසීමේදී විශාල මුදලක් වියදම් කළ අපේක්ෂකයෙකුට එරෙහිවද සිය සංවිධානය නීතිමය පියවර ගෙන ඇති බවයි මෙහිදී ප‍්‍රකාශ කෙරුණා

  • අධ්‍යාපණ අයිතිය ඉල්ලා සයිටම් සිසුන් පාරවල් වසාගෙන පෙලපාලියකින් ජනපති මන්දිරයට….

    අධ්‍යාපණ අයිතිය ඉල්ලා සයිටම් සිසුන් පාරවල් වසාගෙන පෙලපාලියකින් ජනපති මන්දිරයට….

    සයිටම් පක්ෂපාති පාගමනක් හේතුවෙන් ලෝටස් වට රවුමේ සිට ගාලු මුවදොර දක්වා මාර්ගය වසා දමා තිබෙනවා. විකල්ප මාර්ග භාවිත කරන්නැයි පොලිසිය ඉල්ලා සිටිනවා.

    https://www.facebook.com/FFE.SriLanka/videos/1699861483385125/

    https://www.facebook.com/FFE.SriLanka/videos/1699865976718009/

    https://www.facebook.com/FFE.SriLanka/videos/1699861483385125/

    https://www.facebook.com/FFE.SriLanka/posts/1699856923385581

    https://www.facebook.com/FFE.SriLanka/videos/1699849610052979/

    https://www.facebook.com/FFE.SriLanka/posts/1699848266719780

    https://www.facebook.com/FFE.SriLanka/posts/1699872506717356

  • මැලේසියාව ගොඩනගපු හොරකම් නොකරපු හිටපු නායක මහතීර් මොහමඩ් යලිත් අගමැති පුටුවට

    මැලේසියාව ගොඩනගපු හොරකම් නොකරපු හිටපු නායක මහතීර් මොහමඩ් යලිත් අගමැති පුටුවට

    මැලේසියාවේ පාලන බලය නැවතත් තමන් යටතට ගැනීටමට ආචාර්ය මහතීර් මොහොමඩ් සමත්වී ඇත. ඒ මැලේසියාවේ මහ මැතිවරණයෙන් ඔහු පෙරමුණ ගත් විපක්ෂ සන්ධානය ජයග්‍රහණය කිරීම හේතුවෙනි.

    92 හැවැරිදි මහතීර් මොහොමඩ් ‍ ලෝකයේ වයස්ගතම ඡන්දයෙන් පවත්වූ නායකයා ලෙස වාර්තා අතරට එක්වෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

    මැලේසියානු මැතිවරණ කොමිසම පවසා ඇත්තේ ආසන 222න් ආසන 113ක් දැනටමත් මහතීර් මොහොමඩ් නායකත්වය දැරූ විපක්ෂ සන්ධානය විසින් ජයග්‍රහණය කර ඇති බවයි.

    හිටපු අග්‍රාමාත්‍ය නජිබ් රසාක්ට එරෙහිව දූෂණ චෝදනා එල්ලවීමත් සමග මහතීර් මොහොමඩ් විපක්ෂය හා සම්බන්ධවෙමින් නැවතත් දේශපාලනයට පිවිසියේය.

    මැලේසියාවේ අග්‍රාමාත්‍යධුරය වැඩිම කාලයක් දැරූ අග්‍රාමාත්‍යවරයා වන මහතීර් මොහොමඩ් 1981 වසරේ සිට 2003 දක්වා බලයේ සිටියේය. නැවතත් ඔහු වසර 15කට පසු මැලේසියාවේ පාලන බලය ලබා ගැනීමට සමත්විය.

    මහතීර් මොහොමඩ් වර්තමාන මැලේසියානු සංවර්ධනයේ පුරෝගාමියා වශයෙන්ද පිළි ගැනෙයි.

  • මගෙන් වෙච්ච වැරැද්දට ජනාධිපතිතුමනි මට සමාවෙන්න..  ෆොන්සේකා ජනපතිගෙන් සමාව ගනී

    මගෙන් වෙච්ච වැරැද්දට ජනාධිපතිතුමනි මට සමාවෙන්න.. ෆොන්සේකා ජනපතිගෙන් සමාව ගනී

    පසුගිය දිනවල ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විවේචනය කිරීම සම්බන්ධයෙන් වනජීවී සහ ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍ය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා ඊයේ (09දා) ජනාධිපතිවරයාට ආචාර කොට සමාව ගෙන ඇත.

    ඊයේ පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමෙන් පසුව ජනාධිපතිවරයාගේ නිල කාමරයට ගොස් සරත් ෆොන්සේකා මහතා එසේ සමාව ඉල්ලා ඇත.

    තමන්ට නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය ධුරය ලබාදීමට ජනාධිපතිවරයා විරුද්ධ වූ බව පසුගිය 4 වැනිදා වනජීවී අමාත්‍යාංශයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවේදී සරත් ෆොන්සේකා මහතා කියා සිටියේය.

    එමෙන්ම පොදු අපේක්ෂකයා ලෙස මෛත්‍රිපාල සිරිසේන මහතා දිනවීම ගත් වැරැදි තීරණයක් බවද එහිදී සඳහන් කළ සරත් ෆොන්සේකා මහතා හිටපු ජනාධිපතිනියටවත් ජනාධිපතිවරයා මාස 3ක් තිස්සේ මුණගැසීමට හෝ අවස්ථාවක් ලබා දී නොමැති බවද පැවැසීය.

    ආණ්ඩුවේ ආරංචි මාර්ග සඳහන් කළේ එවැනි කරුණු සම්බන්ධයෙන් ෆොන්සේකා මහතා එහිදී සමාව ඉල්ලා ඇති බවයි.

    මේ අවස්ථාවට සරත් ෆොන්සේකා මහතා සමඟ අගමැති රනිල් වික්‍රමසිංහ, තලතා අතුකෝරාල සහ රංජිත් මද්දුමබණ්ඩාර යන ඇමැතිවරුන්ද එක්ව තිබේ.

    කතා කිරීමේදී ආණ්ඩුව ආරක්ෂා කිරීම කියන කාරණය සිතේ තබා ගැනීමට සියලු දෙනා කටයුතු කළ යුතු බව මෙහිදී ජනාධිපතිවරයා අවධාරණය කළ බවද වාර්තා වේ.

  • මලික් සමරවික්‍රමගේ රුපියල් කෝටි 35 ක බදු වංචාවේ සුළ මුල එළියට..! ඇත්ත කතාව මෙන්න…

    මලික් සමරවික්‍රමගේ රුපියල් කෝටි 35 ක බදු වංචාවේ සුළ මුල එළියට..! ඇත්ත කතාව මෙන්න…

    මහින්ද රාජපක්ෂ පාලන සමයේදී එක්සත් ජාතික පක්ෂයේ සභාපතිවරයාව සිටි මලික් සමරවික්‍රම මහතා රුපියල් කෝටි 35 ක මහ පරිමාණ බදු වංචාවක් සිදු කර ඇති අතර ඊට අදාළව දේශීය අදායම් දෙපාර්තමේන්තුවට තමාට ගෙවීමට සිදු වූ රුපියල් ලක්ෂ ගණනක දඩ මුදලට ද වංචා සිදු කර ඇති බවට තොරතුරු හෙළිවෙමින් පවතියි.

    සිය අදායම් වෙනුවෙන් ගෙවීමට නියමිත තිබූ රුපියල් කෝටි 35 ක බදු මුදල ගෙවීම පැහැර හැරීමට අදාළව දේශීය අදායම් බදු දෙපාර්තමේන්තුව පැනවූ දඩ මුදල පිය වෙන ආකාරයට අවස්ථා ගණනාවකදී එම දෙපාර්තමේන්තුවට චෙක් පත් විස්සකට අධික ප්‍රමාණයක් මලික් සමරවික්‍රම මහතා විසින් නිකුත් කරනු ලැබ තිබේ.

    කෙසේ නමුත් දේශීය අදායම් බදු දෙපාර්තමේන්තුව එම චෙක් පත් ගිණුම් ගත කිරීමට පෙර මලික් සමරවික්‍රම මහතා කර තිබෙන්නේ එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණී සෙනරත් මහතා අල්ලා ගෙන ඔහු මාර්ගයෙන් එම චෙක් පත් සියල්ල ලබා ගැනීමය.

    මේ තත්ත්වයෙන් පැහැදිළි වන්නේ මලික් සමරවික්‍රම මහතා මහින්ද රාජපක්ෂලා සමග ඒ කාලයේ සම්බන්ධතා පවත් වමින් සහ ගනු දෙනු කරමින් රටට ජනතාවට කර ඇති මහ පරිමාණ බදු වංචා වගේම එක්සත් ජාතික පක්ෂයට කර ඇති දේශපාලන විනාශයේ තරම වන අතර එවකට එක්සත් ජාතික පක්ෂයේ සභාපතිවරයාව සිටි මලික් සමරවික්‍රම මහතා සිය රුපියල් කෝටි 35 ක බදු මුදල් වංචාවට අදාළව පැනවූ දඩ මුදල පිය වෙන ලෙස දේශීය අදායම් බදු දෙපාර්තමේන්තුව වෙත නිකුත් කර ගාමිණී සෙනරත් මහතා මාර්ගයෙන් යළි ලබා ගත් චෙක් පත්වලින් කිහිපයක් පහත දැක්වේ.

    (සුමුදු පෙරේරා)

  • ජනපති මෛත්‍රිගේ සංකල්පයකට අනුව ඉදිකළ දෙමටගොඩ නිවාස 437ක් අද ජනතා අයිතියට!

    ජනපති මෛත්‍රිගේ සංකල්පයකට අනුව ඉදිකළ දෙමටගොඩ නිවාස 437ක් අද ජනතා අයිතියට!

    අතිගරු ජනාධිපතිතුමාගේ මෙහෙයවීම සහ උපදෙස් මත  ක්‍රියාත්මක ‘නිවසක් වෙනුවට ජීවිතයක්’ වැඩපිළිවෙළ යටතේ කොළඹ නගරය තුළ ජීවත්වන අඩු පහසුකම් සහිත ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කරලීම උදෙසා කොළඹ නගරය පුරා ව්‍යාප්තව පවතින වතු ජනාවාස 1, 500 ක අඩු පහසුකම් සහිත පවුල් ඒකක 50, 000 කට ආසන්න පිරිසක් නවීන පහසුකම්වලින් සමන්විත අංග සම්පූර්ණ මහල් නිවාසවල පදිංචිකරවීම කඩිනමින් සිදු කෙරේ.

    2016, 2017 වර්ෂවල දී රුපියල් මිලියන 7, 496 ක් නාගරික සංවර්ධන අධිකාරිය සතු මුදලින් ආයෝජනය කර නිවාස 1, 874 ක් ඉදිකර ජනතාව වෙත ලබා දී ඇත. 2018 වසරේ මැයි මස වන විට රුපියල් මිලියන 5, 756 ක ආයෝජනයකින් තවත් නිවාස 1, 439 ක් ජනතා අයිතියට පත් කෙරේ. ඒ අනුව නිවාස 437 ක් රුපියල් මිලියන 1, 748 ක ආයෝජනයකින් ජනතා අයිතියට පත් කිරීම ජනාධිපතිවරයාගේ සහ අගමැතිවරයාගේ මූලිකත්වයෙන් අද(10) දෙමටගොඩ ආරාමය පෙදෙස සියපත් සෙවණ නව නිවාස සංකීර්ණයේ දී සිදු කෙරේ.

    2020 ප්‍රථම අඩු ආදායම්ලාභී පවුල් වෙත ලබාදීමේ අරමුණින් රුපියල් මිලියන 42, 330 ක නාගරික සංවර්ධන අධිකාරියේ ආයෝජන මත නව නිවාස 9, 100 ක් මේ වන විටත් ඉදිකිරීම් ආරම්භ කර ඇත. එම නව නිවාස සංකීර්ණ හේනමුල්ල, දෙමටගොඩ, අංගොඩ, මට්ටක්කුලිය, අලූත් මාවත, මාලිගාවත්ත, කොලොන්නාව, කොළඹගේ මාවත, කාලිංග මාවත, ටොරින්ටන් මාවත, සහ බ්ලූමෙන්ඩල් යන ප්‍රදේශ කේන්ද්‍ර කර ගනිමින් ඉදිවෙමින් ඇත.

    මහල් නිවාස තුළ පදිංචි කෙරුණු පවුල්වල දූදරුවන්ගේ පාසල් අධ්‍යාපනය සහ සමාජීය ජීවන අවබෝධය උසස් මට්ටමකට ගෙන ඒමේ අරමුණින් ”නැණ දිරිය” අධ්‍යාපන වැඩසටහන ආරම්භ කර ඇත. ඒ යටතේ 5 වසර ශිෂ්‍යත්ව පන්ති හා සම්මන්ත්‍රණ, ඉංග්‍රීසි, ගණිතය, විද්‍යාව, තාක්ෂණ විෂයන්, චිත්‍ර, නැටුම්, සංගීත යන විෂයන් සඳහා පන්ති පැවැත්වීම, අ.පො.ස. (සා.පෙළ) හා අ.පො.ස. (උ.පෙළ) සිසුන් සඳහා අධ්‍යාපන මාර්ගෝපදේශන වැඩමුළු පැවැත්වීම යන වැඩසටහන් තුළින් පුද්ගල සංවර්ධනය, ආකල්ප දියුණුව මෙන්ම දරුවන්ගේ කුසලතා වර්ධනය කිරීම මෙම වැඩ සටහන මගින් බලාපොරොත්තු වේ.

    එසේම ළමයින්ගේ සහ යෞවනයින්ගේ කලා දක්ෂතා හඳුනා ගැනීම, වර්ධනය කිරීම සහ කුසලතා එළි දැක්වීමට අවස්ථා උදාකරදීම මෙන්ම මනා රසවින්දනයකට ළමා හා වැඩිහිටියන් නැඹුරු කරවීමේ අරමුණින් ”රිද්ම සැරිය” නමින් ප්‍රසංග කලා සෞන්දර්ය වැඩ සටහනක් ක්‍රියාත්මක කරමින් පවතී.

  • ස්ත්‍රිත්වයට නිගාදෙන ඉරාජ්ගේ නවතම 18+ විඩීයෝවට සමාජ මාධ්‍යයෙන් දැඩි අප්‍රසාදයක්…

    ස්ත්‍රිත්වයට නිගාදෙන ඉරාජ්ගේ නවතම 18+ විඩීයෝවට සමාජ මාධ්‍යයෙන් දැඩි අප්‍රසාදයක්…

    මහත් ආන්දෝලනයකට තුඩු දෙන මියුසික් වීඩියෝවක් ඉරාජ් විසින් සමාජ මාධ්‍යට මුද හැර තිබේ .එම වීඩියෝව පහතින්

  • ජනාධිපතිවරණයට එජාප ශී‍්‍රලනිප එක පෙරමුණකින් – පොදු අපේක්ෂකයා ජනපති මෙෙත්‍රි

    ජනාධිපතිවරණයට එජාප ශී‍්‍රලනිප එක පෙරමුණකින් – පොදු අපේක්ෂකයා ජනපති මෙෙත්‍රි

    මීළඟ ජනාධිපතිවරණය සඳහා එක්සත් ජාතික පක්ෂය සහ ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය ප‍්‍රමුඛව එක පෙරමුණක් යටතේ පොදු අපේක්ෂකයා වශයෙන් වර්තමාන ජනාධිපති මෙෙත්‍රිපාල සිරිසේන මැතිතුමා ඉදිරිපත් කිරීමට සාකච්ඡා ආරම්භ කරන බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න පවසනවා.  මාධ්‍යවේදින් පිරිසක් සමග සෞඛ්‍ය අමාත්‍යාංශයේ අද (09) පැවැති සාකච්ඡාවකදී අමාත්‍යවරයා කියා සිටියේ ඒ පිළිබඳ අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා සමග තමන් මූලික සාකච්ඡාවක් පැවැත්වූ බවයි.

    එහිදී අග‍්‍රාමාත්‍යවරයා ඒ පිළීබඳ සාධනීය ස්ථාවරයක සිටි බවද අමාත්‍ය රාජිත සේනාරත්න ප‍්‍රකාශ කළා. මේ පිළිබඳ එක්සත් ජාතික පෙරමුණේ නායකයින් සමග හෙට දිනයේ තවත් සාකච්ඡා පැවැත්වීමට නියමිත බවයි අමාත්‍යවරයා කියා සිටියේ. එක්සත් ජාතික පක්ෂය එක් පෙරමුණකින් තරග කිරීම සම්බන්ධයෙන් එකඟතාවකට පැමිණීමෙන් අනතුරුව ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය සමගද ඒ පිළිබඳ සාකච්ඡා ආරම්භ කරන බව අමාත්‍ය රාජිත සේනාරත්න මෙහිදී සඳහන් කළා.

    2025  දක්වා වත්මන් යහපාලන රජය ඉදිරියට ගෙන යාමට සැලසුම් කර ඇති බවයි මෙහිදී වැඩිදුරටත් ප‍්‍රකාශ කෙරුණේ.