Category: සුපිරි Politics

  • සියළු පක්ෂ අභිබවමින් 2018 වසරේ විශාලතම මැයි රැලිය ලෙස ශ්‍රිලනිප මැයි රැලිය ඉතිහාසයට එක්වෙයි…

    සියළු පක්ෂ අභිබවමින් 2018 වසරේ විශාලතම මැයි රැලිය ලෙස ශ්‍රිලනිප මැයි රැලිය ඉතිහාසයට එක්වෙයි…

    ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානාත්වයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මැයි දින රැලිය මෙවර මඩකලපුවේදී පැවැත්වේ.

    මේ වන විටත් ඇති විශාල ජනකායක් මෙම මැයි රැලියට පැමිණ ඇත.මෙවර විශාලතම මැයි රැලිය ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මැයි රැලිය බවට බොහෝ දෙනා මත පල කර ඇත.

    පසුගිය කාලයේ ආණ්ඩුවෙන් ඉවත්ව ගිය 16 දෙනාගේ කණ්ඩායම මෙම රැලියට සහභාගී වීම විශේෂත්වයක්. තමන් ආණ්ඩුවට සහයෝගය නොදැක්වුවද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකත්වය සමඟ පක්ෂය ශක්තිමත් කිරීමට අවශ්‍ය කටයුතු ඉදිරියටත් සිදු කරන බව ඔවුන් කියා සිටිනවා

    https://www.facebook.com/maithripalas/videos/10156115604801327/

     

    https://www.facebook.com/maithripalas/posts/10156115141186327

    https://www.facebook.com/permalink.php?story_fbid=1928130963917785&id=1676911545706396

    https://www.facebook.com/permalink.php?story_fbid=2055866524737622&id=100009428839902

    https://www.facebook.com/rohan.gajanayake/posts/1698021230288320

    https://www.facebook.com/permalink.php?story_fbid=1905262996430743&id=100008411824504

    https://www.facebook.com/maithripalas/photos/a.10152437383531327.1073741826.365053451326/10156117039771327/?type=3&permPage=1

     

  • ජනපති මෙෙත්‍රි ප්‍රමුඛ යහපාලන රජය අපි අාරක්ෂා කරනවා..  කුමන්ත්‍රණකරුවන් පරදනවා –  සුව ඇමැති කියයි

    ජනපති මෙෙත්‍රි ප්‍රමුඛ යහපාලන රජය අපි අාරක්ෂා කරනවා.. කුමන්ත්‍රණකරුවන් පරදනවා – සුව ඇමැති කියයි

    මුස්ලිම් සහ ද්‍රවිඩ ජනතාව අමතක කර ජනපති මෙෙත්‍රි ප්‍රමුඛ වත්මන් රජයට ගමනක් නොමැති බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.

    රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ 37 වන ශාඛාව අක්කරෙයිපත්තුව නගරයේ දී  විවෘත කරමින් සෞඛ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.

    මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා – “රාජ්‍ය ඖෂධ නීතීගත සංස්ථාවේ 37 වන ඔසුසල අද විවෘත කළා. දිවයින පුරා ඔසුසල ශාඛා ජාලය ව්‍යාප්ත කිරීමට කටයුතු යොදා තිබෙනවා. අත්‍යාවශ්‍ය  ඖෂධ වර්ග 48 ක මිල අඩු කළ අතර, ඉදිරියේ දී තවත් ඖෂධ ගණනාවක මිල අඩු කිරීමටත් සුදානමින් සිටිනවා. පෞද්ගලික රෝහල්වල විවිධ අයකිරීම් පාලනය කිරීමට කටයුතු කරනවා. යහපාලන රජය ජනතාව වෙනුවෙන් සේවය කිරීමටයි කැප වී සිටින්නේ. ඇතැම් අයට සිදු කළ වෙනස්කම් තේරෙන්නේ නැහැ. වත්මන් රජය වෙනස්කම් රැසක් සිදු කළා. සෞඛ්‍ය අමාත්‍යවරයා වශයෙන් මගේ දර්ශණය වන්නේ දුප්පතුන්ට හොද සෞඛ්‍ය සේවාවක් ශ්‍රී ලංකාවේ ස්ථාපිත කිරීමයි. ලෝකයේ හොදම සෞඛ්‍ය සේවාව ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන බව ජාත්‍යන්තර සංවිධාන පෙන්වා දී තිබෙනවා.”

    “2015 ජනාධිපතිවරණයේ දී නැගෙනහිර පළාත විජයග්‍රහණය කළේ හංසයා ළකුණයි. පොහොට්ටුවලට ඡන්ද තිබුනේ නැහැ. දිවයින පුරා මුස්ලිම් ජනතාවගෙන් සියයට 45 ක් වත්මන් රජය බලයට පත් කර ගැනීම සදහා කැප වී කටයුතු කළා. මුස්ලිම් සහ ද්‍රවිඩ ජනතාව අමතක කර මෙම රජයට ඉදිරියට යන්න බැහැ. ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා බලයේ සිටින්නේ ඔබලා ලබාදුන් ඡන්දය මතයි. සිංහල පළාත් වලටත් වඩා උතුරු නැගෙනහිර පළාත් වලින් හංසයා ළකුණට ඡන්දය ලැබුනා. මුස්ලිම් ජනතාවට සම අයිතිය ලබාදෙන තුරු ඉදිරියටත් සටන් කරනවා. විවිධ ස්ථාන වල කලබල නිර්මාණය කරන්නේ අන්තවාදීන් විසින්. සියලු ජාතීන්ට එක සමාන අයිතිය ඇති ශ්‍රී ලංකාවක් ගොඩනැගිය යුතුයි. එම නිසා අන්තවාදීන්ගේ කළබල වලට බිය වන්න එපා. පසුගිය රජය හා සසැදීමේ දී වත්මන් රජය හොද වැඩපිළිවෙළක් දියත් කරනවා. යහපාලන රජය ඇති කළ වෙනස සමහරුන්ට තේරෙන්නේ නැහැ. ඔවුන්ගේ ඔලුව හැදෙන්නෙත් නැහැ. ඇතැම් අය කුමන්ත්‍රණ හා කඩාකප්පල්කාරි ක්‍රියා සිදු කරනවා. එය පරාජය කර රජය ඉදිරියට ගෙන යා යුතුයි.

  • අපි ඉන්නේ නිදහස් පක්ෂ නායක ජනපති මෙෙත්‍රි සමග…  කැරලිකාර 16දෙනාගේ කණ්ඩායමෙන් ප්‍රකාශයක්..

    අපි ඉන්නේ නිදහස් පක්ෂ නායක ජනපති මෙෙත්‍රි සමග… කැරලිකාර 16දෙනාගේ කණ්ඩායමෙන් ප්‍රකාශයක්..

    තමන් ජනපති නායකත්වය යටතේ පවතින ශ්‍රි ලංකා නිදහස් පක්ෂ කණ්ඩායමක් ලෙස අද (08) පැවැත්වෙන 8 වැනි පාර්ලිමේන්තුවේ දෙවන සැසිවාරයේ දී විපක්ෂයේ අසුන් ගන්නා බව ජාතික ආණ්ඩුවෙන් ඉවත් වූ 16දෙනාගේ කණ්ඩායම පවසනවා. 

    අද දින පාර්ලිමේන්තුව රැස්වීමෙන් අනතුරුව ජනාධිපතිවරයා සභාව ඇමතීමෙන් අනතුරුව හෙට (09) දක්වා පාර්ලිමේන්තුව යලි කල් තැබීමට නියමිත බවත් ඒ හේතුවෙන් 16 දෙනාගේ කණ්ඩායම වෙනුවෙන් හෙට දිනයේ ප‍්‍රකාශයක් කිරීමට සිය කණ්ඩායම කථානායක කරූ ජයසූරිය මහතාගෙන් අවසර ඉල්ලූ බවයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී එස් බී දිසානායක කියා සිටියේ. 

  • ෆාෙන්සේකා මහත්තයාට අහිමි වු සියළු බලය ලැබුනේ ජනපති මෙෙත්‍රි නිසා – දුමින්ද දිසානායක අතීතය මතක් කරයි..

    ෆාෙන්සේකා මහත්තයාට අහිමි වු සියළු බලය ලැබුනේ ජනපති මෙෙත්‍රි නිසා – දුමින්ද දිසානායක අතීතය මතක් කරයි..

    අමාත්‍ය ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකාට ලබා දුන් අමාත්‍ය ධූරයෙන් ඔහුව ඉවත් කරන්නැයි ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය, ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

    ඉකුත් දා එක්සත් ජාතික පක්ෂ මැයි රැළියට එක්වෙමින් අමාත්‍ය ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා, ජනාධිපතිවරායා විවේචනයට ලක් කිරීම ඊට හේතුවයි.

    අමාත්‍ය දුමින්ද දිසානායක,  එක්සත් ජාතික පකෂයේ හිටපු සභාපති මලික් සමරවික‍්‍රමට මේ පිළිබඳව දන්වා තිබෙනවා. එහිදී මලික් සමරවික‍්‍රම ඒ සම්බන්ධයෙන් සිය කණගාටුව ප‍්‍රකාශ කර ඇති බවයි අප වෙත වාර්තා වුණේ.

  • අට වැනි පාර්ලිමේන්තුවේ දෙවන සැසිවාරය ජනපති ප‍්‍රධානත්වයෙන් අද

    අට වැනි පාර්ලිමේන්තුවේ දෙවන සැසිවාරය ජනපති ප‍්‍රධානත්වයෙන් අද

    ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසින් කල්දැමූ 8 වැනි පාර්ලිමේන්තුවේ දෙවන සැසිවාරය අද (08) ආරම්භ වනවා. ඒ, ජනාධිපතිවරයාගේ ප‍්‍රධානත්වයෙන්. ජනාධිපතිවරයා, අග‍්‍රාමාත්‍යවරයා සහ කථානායකවරයා විශේෂ ගෞරවාචාර මධ්‍යයේ ඒ සඳහා කැඳවාගෙන එනු ඇති. 

    මෙම උත්සවයේදී යුද හමුදාව විසින් සම්මාන ආචාර වෙඩි මුර 21ක් පිරිනැමීමටද නියමිතව තිබෙනවා. අනතුරුව ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේ දෙවන සැසිවාරයේ මංගල රැස්වීමට කැඳවාගෙන ඒමට නියමිතයි. ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව ඇමතීමට නියමිතව ඇත්තේ පස්වරුවේ 2.15ටයි. 

    අද පැවැත්වෙන පාර්ලිමේන්තුවේ දෙවන සැසිවාරය වෙනුවෙන් පාර්ලිමේන්තුව අවට විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ද ක‍්‍රියාත්මක බවයි පොලිසිය පැවසුවේ. 

  • විපක්ෂයේ සිටි අපි බලයට අාවේ මෙෙත්‍රි නිසා – ෆෝන්සේකාගේ ජනපති විරෝධි කතාවට අගමැති රනිල් දොස් කියයි..

    විපක්ෂයේ සිටි අපි බලයට අාවේ මෙෙත්‍රි නිසා – ෆෝන්සේකාගේ ජනපති විරෝධි කතාවට අගමැති රනිල් දොස් කියයි..

    අපි ජනාධිපති කලේ වැරදි පුද්ගලයෙක්, එනිසා එජාපයට මෙහෙම වුණා   -අමාත්‍ය සරත් ෆොන්සේකා

    ප්‍රකාශය ගැන අගමැති කෝපයෙන් !

    ජනාධිපතිවරයා සම්බන්ධයෙන් ෆොන්සේකා මහතා කල ප්‍රකාශය ගැන අගමැති රනිල් වික්‍රමසිංහ මහතාද කෝපයෙන් සිටින බව එහිදී  මලික් සමරවික්‍රම ඇමතිවරයා ප්‍රකාශ කර තිබේ.

    ෆොන්සේකා මහතා පසුගියදා කල එවැනි ප්‍රකාශයක් සම්බන්ධයෙන් විමසීමට ඔහුව අරලියගහ මන්දිරයට කැඳවා ඇති අගමැතිවරයා, මින් ඉදිරියට මෙවැනි වැරදි නොකරන්නැයි දැනුම් දී ඇතැයි ද ඇමති සමරවික්‍රම මහතා වැඩිදුරටත් පවසා ඇත.

  • මේ *න්නයට හැමදාම සනීප නෑ – මහින්ද එක්ක සැප ගත්තු කාන්ති උපාලිව සමනලයෙක්ට සම කරලා…

    මේ *න්නයට හැමදාම සනීප නෑ – මහින්ද එක්ක සැප ගත්තු කාන්ති උපාලිව සමනලයෙක්ට සම කරලා…

    අද උදෑසන උපාලි කොඩිකාරලාගේ ගෙදර මරු සිද්ධියක් වෙලා කියලා අපට ආරංචි උනා…

    මැයි දිනයට ගාලු යන්න කොඩිකාරලාගේ ගෙදර ගියපු කට්ටියට අසනීපෙන් උන්න කොඩිකාර හමුවෙලා..

    තමන්ගේ අසනීපය ගැන තම සමීපතමයන් වන ඔවුන්ට කියද්දී කේන්තියෙන් ගෙදරින් එලියට ආපු කාන්ති කොඩිකාර ” උබ තාම ලැස්ති නැද්ද *න්නයෝ? ” යනුවෙන් දෙනෝදාහක් ඉස්සරහ තම සැමියාට ජාතිය අමතා ඇත…

    මේ අවස්ථාවේ සුවච කීකරු සුනඛ පෝතකයෙක් මෙන් හැසිරුණු උපාලි මට සනීප නැති හින්දනේ මේ ඔක්කොම යනුවෙන් පවසමින් එම ස්ථානයෙන් තම කාමරය බලා නික්ම ගොස් ඇති අතර එහිදී යලිත් බැන වැඩි ඇති කාන්ති “මේ *න්නයට හැමදාම සනීප නෑ.. මට මේක එපා වෙලා ඉන්නේ යනුවෙන් පවසා ඇත..

    මෙම තොරතුරු අපට වාර්තා වන්නේ මේ වන විට එම නිවස තුලම සිටින සිටින අපගේ විශේෂ වාර්තාකරුවෙක්ගෙන් වන අතර මේ වදන් ඇසීමෙන් කලකිරීමට පත්වූ පිරිසක් නැවතත් නිවෙස් බලා පිටත් වූ බවද අපට වාර්තා වේ..

  • 2020 ජනාධිපති අපේක්ෂකයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කරනවාමයි

    2020 ජනාධිපති අපේක්ෂකයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කරනවාමයි

     ඉකුත් ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට ජනාධිපති අපේක්ෂක ලෙස ඉදිරිපත් වන ලෙස තමන් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායකයා ලෙස ඉල්ලීමක් කළ බවත් එහෙත් ඒ අවස්ථාවේදී නිවැරදි තීරණයක් නොගත් බවත්, එලෙස වැරදි තීරණයක් ගැනීමේ ප්‍රතිඵල අද භුක්ති විඳිමින් සිටින බවත්ආණ්ඩුවේ ගෞරවය රැකගැනීමට නොහැකිව අද ළතැවීමට සිදුවී ඇත්තේ එදා ගත් වැරදී තීන්දුව නිසා බවත් ප්‍රාදේශීය සංවර්ධන තිරසර සංවර්ධන හා වනජිවී අමාත්‍ය සරත් ෆොන්සේකා මහතා ඊයේ (06) සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ ඊයේ පැවැති එක්සත් ජාතික පක්ෂ මැයි දිනයේදී පැවැසීය.
    එබැවින් 2020 ජනාධිපතිවරණයේදී ඒ වැරැද්ද නිවැරදි කර ගැනීම සඳහා රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරයා බවට පත් කිරීමට  කටයුතු කළ යුතු බවත්, පෞද්ගලික න්‍යාය පත්‍ර පසෙකලා සියලු දෙනා ඒ වෙනුවෙන් කැපවිය යුතු බවත් ඒ මහතා පැවැසීය. එසේ නොවුණහොත් සිදුවන්නේ නැවතත් අපි ගැන අපිටම ලැජ්ජා වීමට බවද අමාත්‍ය සරත් ෆොන්සේකා මහතා කීය. 
  • සමෘද්ධියත් මහබැංකුව යටතට ගන්නවා

    සමෘද්ධියත් මහබැංකුව යටතට ගන්නවා

    අනෙක් සියලු බැංකු මහබැංකුව යටතේ පාලනය වන බැවින් සමෘද්ධි සහනාධාර සහ ණය පහසුකම් ඉතුරුම්වලට අදාළ සමෘද්ධි බැංකුවද ඉදිරියේදී මහබැංකුවේ පාලනය යටතට පත් කිරීමට කටයුතු කරන බව කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ ඊයේ (06) පැවැති එක්සත් ජාතික පක්ෂ මැයි රැලියේදී අගමැති එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය.
     
    සේවක අර්ථසාධක අරමුදල, සේවක  භාරකාර අරමුදල, ආදී සියල්ල මුදල් අමාත්‍යාංශයේ රෙගුලාසී මත පාලනය වන නමුත් සමෘද්ධි අරමුදල් හෝ සමෘද්ධි බැංකුව එලෙස කිසිදු රෙගුලාසියකට අනුව පාලනය නොවන බව පෙනී ගොස් ඇති බැවින්  එයට ඉදිරියේදී මුදල් අමාත්‍යාංශ රෙගුලාසිවලට යටත් වන නව ක්‍රමවේදයක් සකස් කරන ලෙස මුදල් අමාත්‍යවරයාට උපදෙස් ලබා දී තිබෙන බවද රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී පැවැසීය. 
    සමෘද්ධි අමාත්‍යාංශය වර්තමානයේ එක්සත් ජාතික පක්ෂය යටතේ පවතින අමාත්‍යාංශයක් බැවින් සමෘද්ධි සහනාධාර ලබාදීමේදී ඉකුත් කාලයේ සිදුවූ අඩුපාඩු මගහරවා ගැනීමට කටයුතු කරන බවත් සමෘද්ධිය වෙනුවෙන් මුළු වර්ෂයම සඳහා වෙන් කර ඇති මුදලින් මුල් මාස තුන ඇතුළත පමණක් 52% වියදම් කර අවසන් බවත් මුල් මාස තුන තුළ වියදම් කළ යුත්තේ 25 පමණක් වන බවත් මෙලෙස 52 වියදම් කර අවසන් වූයේ කෙසේ දැයි සොයා බලන ලෙසත් උපදෙස් දී ඇතැයිද අගමැති රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය. 
  • එස්.බි දයා නායකත්වයෙන් කැරලිකාර 16 කණ්ඩායම මහා ජන ගංගාවක් සමගින් ශ්‍රීලනිප මැයි රැලියට…

    එස්.බි දයා නායකත්වයෙන් කැරලිකාර 16 කණ්ඩායම මහා ජන ගංගාවක් සමගින් ශ්‍රීලනිප මැයි රැලියට…

    ඉකුත් දා ආණ්ඩුවෙන් ඉවත් වූ ශි‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ 16 දෙනාගේ කණ්ඩායම අද (07) දිනයේ කුමන මැයි රැළියට සහභාගීවේදැයි ඉකුත් දින කිහිපයේ විවිධ වාර්තා පළවුණා.

    මුල සිටම ප‍්‍රකාශ වුණේ එම කණ්ඩායම නිදහස් පක්ෂයේ මැයි රැළියට එක්වනු ඇති බවයි.

    එහෙත්, ඒකාබද්ධ විපක්ෂයට සහය දක්වන පාර්ලිමේන්තු මන්ති‍්‍ර දිලූම් අමුණුගම කළ ප‍්‍රකාශයකින් එය වෙනස් වුණා. 

    ඔහු කියා සිටියේ ආණ්ඩුවෙන් ඉවත් වු 16 යේ කණ්ඩායමේ සාමාජිකයින් ගාල්ලේ පැවැත්වෙන ශී‍්‍ර ලංකා පොදු ජන පෙරමුණේ මැයි රැළියට එක්වන බවයි.

    16යේ කණ්ඩායමේ සාමාජිකයින් අද දිනයේ සහභාගී වන්නේ කුමන මැයි රැළියටදැයි එම පාර්ශ්වයෙන්ම අප  විමසීමක් කළා.

    හිටපු අමාත්‍ය දයාසිරි ජයසේකර සඳහන් කළේ “ගාල්ලේ මැයි රැළියට අපිට සම්බන්ධ වෙන්න බෑ.. මොකද අපි තාමත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රිවරු. ඒ වගේම අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉස්සරහට අරගෙන යන්න ඕනේ කියන මතයේ ඉන්න අය. ඒ වගේම තමයි අපි යම් මතයක ඉන්නවා ශ්‍රීලනිපය ඒකාබද්ධ විපක්ෂය සමගත් අනෙකුත් පක්ෂ සමගත් ඒකාබද්ධ පොදු වැඩපිළිවෙලකට යා යුතුයි කියලා.” යනුවෙනි.

  • මේ වනවිටත් ශ්‍රීලනිප මැයි දින සැමරුමට රට වටින්ම මහ සෙනගක් මඩකලපුවට…. (Update)

    මේ වනවිටත් ශ්‍රීලනිප මැයි දින සැමරුමට රට වටින්ම මහ සෙනගක් මඩකලපුවට…. (Update)

    ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය සිය කම්කරු දින රැළිය අද පවත්වන්නේ මඩකලපුවේදීයි. ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් චෙන්කලාඩි කී‍්‍රඩාංගනයේදී පස්වරු 02.00ට රැළිය ආරම්භ වන අතර මේ වනවිටත් සැලකියයුතු ජනතා සහභාගිත්වයක් මඩකලපුවට පැමිණ ඇති බව අපට වාර්තා වේ….

    ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ පක්ෂ මහ ලේකම්  අමාත්‍ය දුමින්ද දිසානායක සඳහන් කළේ  ‘ජාතිය සමෘද්ධිය වෙනුවෙන් කම්කරු බලය’ තේමා කරගනිමින් මෙවර කම්කරු දිනය සමරන බවයි.

  • ඒකාබද්ධ මැයි රැලිය පැවැත්වෙන ගාල්ලට සවස 02න් පසු සැඩ සුළං සහ අකුණු සහිත ධාරානිපාත වැසි…

    ඒකාබද්ධ මැයි රැලිය පැවැත්වෙන ගාල්ලට සවස 02න් පසු සැඩ සුළං සහ අකුණු සහිත ධාරානිපාත වැසි…

    ශී‍්‍ර ලංකා පොදු ජන පෙරමුණේ කම්කරු දින සැමරුම් රැළිය අද පැවැත්වෙන්නේ ගාල්ල සමනල කි‍්‍රඩාංගනයේදී වන අතර අද සවස 02න් පසුව ගාල්ලට සැඩ සුළං සහ අකුණු සහිත ධාරානිපාත වර්ෂාවක් ලැබීමට නියමිත බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව ප්‍රකාශ කිරීමත් සමගින් සංවිධායක කමිටුව දැඩි අපහසුතාවයකට පත්ව සිටින බව අපට වාර්තා වේ.

    කෙසේවෙතත්  ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ගාල්ල දිස්ති‍්‍රක් පාර්ලිමේන්තු මන්ති‍්‍ර වෛද්‍ය රමේෂ් පතිරණ සඳහන් කළේ අයහපත් කාලගුණික තත්වය යටතේ වුවද සිය මැයි රැළිය සඳහා ලංකාව පුරාම ජනතාවගේ සැලකියයුතු ජන සහභාගීත්වයක් බලාපොරොත්තුවෙන් සිටින බවයි.

  • එජාප මැයි රැළියේදී කතිකයන්ගෙන් පක්ෂ නායකත්ව බලු පොරය දරුණු ලෙස යලිත් කරලියට…

    එජාප මැයි රැළියේදී කතිකයන්ගෙන් පක්ෂ නායකත්ව බලු පොරය දරුණු ලෙස යලිත් කරලියට…

    ඊයේ  (06) පැවැති එක්සත් ජාතික පක්ෂ කම්කරු දින රැළියේදී පක්ෂ නායකත්වය පිළිබඳ විවිධ මත පළවුණා.

    රැලිය ඇමතූ පක්ෂයේ ජාතික සංවිධායක අමාත්‍ය නවීන් දිසානායක කියා සිටියේ 1994 සිට මෙරටේ ජනාධිපතිධුරයට එක්සත් ජාතික පක්ෂයෙන් කෙනෙක් තේරි පත් නොවූ බවත් මෙවර ජනාධිපතිවරණයේදී පක්ෂ නායකයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා ඒ සදහා තරග කල යුතු බවයි.

    කෙසේවෙතත් පක්ෂයේ ප‍්‍රචාරක හා ජනසන්නිවේදන ලේකම් අමාත්‍ය හරීන් ප‍්‍රනාන්දු පැවසුවේ පොදුජන පෙරමුණ පිහිටුවා තිබෙන්නේ මහින්ද රාජපක්ෂ යන පුද්ගලයා වටේ බවත්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පිහිටා සිටින්නේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා වටේ බවත්, මෙවැනි පක්ෂ පුද්ගලයින් නැති විට පක්ෂයත් නැති බවයි. එසේ වුවත් රනිල් වික්‍රමසිංහ මහතා සිටියත් නැතත් එක්සත් ජාතික පක්ෂය නැති නොවන බවයි. එයට හේතුව එක්සත් ජාතික පක්ෂය පුද්ගලයෙක් වටේ බිහිවූව පක්ෂයක් නොවන නිසාවෙන් බවයි.

    පක්ෂයේ මහ ලේකම් අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්ද පක්ෂ නායකත්වය පිළිබඳ අදහස් පළ කළා. එහිදී අමාත්‍යවරයා කියා සිටියේ පත් කර තිබෙන නව නිළධාරි මණ්ඩලයත් සමග ඉදිරියේදී එකමුතුව පක්ෂ නායකත්වය සමග දැවැන්ත සංවිධානයක් ඇති කිරීමට හෙට සිට කටයුතු ආරම්භ කරන බවයි.

    සිදුවිය යුත්තේ ඔලූගෙඩි මාරු නොව තනතුරු මාරුව නොව පාක්ෂිකයින්ගේ අපේක්ෂා ඉටු කිරීම බවයි පක්ෂයේ නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස මෙහිදී කියා සිටියා. 

    අද පැවැති එක්සත් ජාතික පක්ෂයේ කම්කරු දින සැමරුමට පක්ෂයේ ජනපි‍්‍රය චරිත කිහිපයක් එක්ව සිටිනු දැකගත හැකිවූයේ නැහැ. ඒ අතරට අමාත්‍යවරුන් වන මලික් සමරවික‍්‍රම, කබීර් හෂීම් සහ දයා ගමගේද අයත්. 

    රාජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂද සිල්වා විදේශගත වීම හේතුවෙන් රැළියට සහභාගී වී සිටියේ නැහැ.  හිරුණිකා පේ‍්‍රමචන්ද්‍ර හා රංජිත් අලූවිහාරේද කම්කරු දින රැළියේදී දැකගත නොහැකි වූ බවයි එය වාර්තා කළ අප  වාර්තාකරු පැවසුවේ. 

  • ඊයේ එජාප මැයි දිනය වර්ජනය කල හිරුණිකා අද මඩකලපුවේ ශ්‍රීලනිප මැයි දින සැමරුමට….

    ඊයේ එජාප මැයි දිනය වර්ජනය කල හිරුණිකා අද මඩකලපුවේ ශ්‍රීලනිප මැයි දින සැමරුමට….

     

    පක්‍ෂ ප‍්‍රතිසංවිධානය පොරොන්දු වූ පරිදි සිදු නොකිරීමට විරෝධය පලකරමින් එජාප මැයි දින සැමරුම වර්ජනය කල පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇතුළු එජාප විප්ලව පිලේ කිහිපදෙනෙක් අද ජනපති මෛත්‍රීගේ ප්‍රධානත්වයෙන් මඩකලපුවේ පැවැත්වෙන ශ්‍රීලනිප මැයි දින රැලියට එක්වීමේ සුදානමක් පවතින බව අපට ලැබෙන විශ්වාසකටයුතු ආරංචි මාර්ග තහවුරු කර ඇත.. 

  • 2020 ගෝඨාගේ පිල්ලිය වූ සජිත්ගේ කෙරුවාව

    2020 ගෝඨාගේ පිල්ලිය වූ සජිත්ගේ කෙරුවාව

    පසුගිය ජනාදිපති වරණයට එපිට මහමැතිවරණයේදී සිය මව(හේමා ප්‍රේමදාස එවකට ජනපතිව සිටි මහින්ද රාජපක්ෂ වෙත යවා ඔහු සමග එක්වීමට සිතූවත් සජිත්ගේ එම සිහිනය බොද වූයේ මහින්ද විසින් තව ටිකක් ඔහොම යනගම්න් පක්ෂෙ ඇතුලෙ බලය අල්ලගන්න ඊට පස්සෙ බලමු කියා හේමාට කිවූ නිසාය.ඉන් පසුබට නොවූ සජිත් තමා සමග සමීප තරුණ මන්ත්‍රී වරැ කිහිප දෙනෙක්ගේ මොල හෝදා සිරිකොත තුල කැරැල්ලක් ඇති කරේය.

    දිගින් දිගටම ලබන පරාජයන් හමුවේ බලය පේන තෙක් මානයේ නොමැතිව සිටි අනෙක් මන්ත්‍රී ගොල්ලන්ද මේ අයුරින් සජිත්ව ගොනා කරගෙන මහින්ද ගැසූ ගැටයේ පැටලුණි.බලය තණතුරු තානන්තර මිල මුදල් පසුපස නොයන ශ්‍රේෂ්ට පුද්ගලයින් කිහිප දෙනෙකුගේ සක්‍රීය මැදිහත් වීමෙන් එම කුමන්ත්‍රනය පරදවා එජාපය යලි ස්ථාවර නොකලෙ නම් 2015 එජාපයට අත්වන ඉරණම ගැන අමුතුවෙන් කියන්නට දෙයක් නැත.

    අලු යට ගිනි තවම නිවී නැත.මේ දින වල එජාපය තුල හොල්මන් කරන්නේ එම අදුරු සෙවනැලිමය.ඒ 2020 දී ගෝඨා දිනවීම සදහා වන බව අමුතුවෙන් කියනන්ට දෙයක් නැත.

    එක්සත් ජතික පක්ෂ හිටපු ජනාධිපති දිවංගත රණසිංහ ප්‍රේමදාසයන්ගේ පුත්‍ර රත්නය වූ පමණින් සජිත් පොරක් නම් විමුක්තිලා නාමල්ලා ද පොරවල්ය.නිවාස දෙනවා දෙනවා යයි මොරගා කීවත් හම්බන්තොට පැත්තේ ගිහින් ඇසුවෝතින් ඒ මිනිසුන්ට දුන් නිවස ගැන කන පිරෙන්න අසාගත හැක.
    පොරක් වෙන්න නම් වැඩ පෙන්නිය යුතුය.
    එසේ නොමැතිව කැලේ ගිහින් ෆන් එකට අලි මරා හරියන්නේ නැත.

    උගත් බුද්ධිමත් එජාප පක්ෂිකයිනි මේ ඔබව පක්ෂයට සහ රටට අවශ්‍යම මොහොතයි….. කුමන්ත්‍රන වලට හසු නොවී දේශපාලනයේ පරිනතයින් සමග ඉදිරියට යමු.