Category: සුපිරි Sports

  • LPL ලාංඡනය එළි දක්වයි

    LPL ලාංඡනය එළි දක්වයි

    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් පවත්වනු ලබන ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් (LPL) තරගාවලියේ නිල ලාංඡනය (Logo) නිල වශයෙන් මාධ්‍යයන් වෙත නිකුත් කිරීමට එම තරගාවලියේ තරග සංවිධාන කටයුතු මෙහෙයවනු ලබන ඉනෝවේටිව් ප්‍රඩක්ෂන් ගෘප් හෙවත් IPG ආයතනය අද (17 වැනිදා) පස්වරුවේ පියවර ගනු ලැබීය.

    ශ්‍රී ලංකාවේ ජාතික අනන්‍යතාවය ලොවට පෙන්වන ජාතික ධජයේ ප්‍රධාන සංකේතය ලෙසින් සටහන් වන සිංහ රුවකට සමාන සිංහ රුවක හිසක් භාවිතයෙන් ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ නිල ලාංඡනය නිර්මාණය කර තිබෙන අතර ජාතික ධජයේ සටහන් වන ආකාරයෙන්ම ධෛර්යය, අධිෂ්ඨානය සහ නිර්භීතකම, එම නිල ලාංඡනයේ ප්‍රධාන තේමාව බවට පත්ව තිබේ. 

    මීට අමතරව සංස්කෘතීන් සහ උරුමයන් වල මුල් තැනක් ලබා දෙනු ලබන පොහොසත් ශ්‍රී ලාංකේය ජාතියෙහි නිදහස ගලා යෑම මෙන්ම ශ්‍රී ලංකා ක්‍රීඩකයින් පිටිය තුළ ක්‍රීඩා කරන විට ඔවුන් දක්වනු ලබන නිර්භීත ආකල්ප නිරූපනය වන ආකාරයෙන් මෙම නිල ලාංඡනය නිර්මාණය කර තිබේ.

    LPL නිල ලාංඡනයේ රතු සහ තැඹිලි වර්ණ තුළ භාවිතා කිරීම මගින් ඓතිහාසික මහනුවර යුගයේ සිතුවම් සහ සීගිරි බිතුසිතුවම් මිනිස් සිත තුළට කා වැද්දීම මෙන්ම නිල සහ කහ වර්ණ උපයෝගී කරගනිමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ වරුණ නිරූපණය කිරීම අපේක්ෂා කරයි. 

    තරගාවලිය නියෝජනය කරනු ලබන කණ්ඩායම් 5, සිංහ රුවේ කේශරය සඳහා යොදා තිබෙන වර්ණ වලින් පිළිබිඹු වේ. එම වර්ණ 5 ට අමතරව යොදා තිබෙන වර්ණ වලින් තරගාවලියේ හැඟීම උද්දීපනය කිරීම මෙන්ම තරගාවලියේ වේගය නිරූපණය කරනු ඇත. තවද සියළු දෙනාගේම ආදරය දිනා ගත් ක්‍රීඩාව බවට පත්ව තිබෙන ක්‍රිකට් ක්‍රීඩාව කෙරෙහි දක්වනු ලබන නොනවතින ආශාව සහ උනන්දුවද මෙම කේශර වර්ණ වලින් පිළිබිඹු වනු ඇත. මෙම වර්ණ සියල්ල භාවිතයේ ප්‍රධාන පරමාර්ථය බවට පත්ව ඇත්තේ ශ්‍රී ලාංකේය සන්නාමයක් ලෙසින් දේශීය මෙන්ම විදේශීය ක්‍රීඩා ලෝලීන්ට සමානව ආකර්ශනය වන ආකාරයෙන් පැවැත්වීම වේ.

    ලංකා ප්‍රිමියර් ලීග් හි නිල ලාංඡනය පිළිබඳව අදහස් දක්වා සිටින එම තරගාවලි අධ්‍යක්ෂක, ශ්‍රී ලංකා ක්‍රිකට් උප සභාපති රවීන් වික්‍රමරත්න මහතා, “මෙම ලාංඡනය තුළ ශ්‍රී ලාංකේය ක්‍රිකට් නිමිත්තන් සහිත ජාතික වර්ණවල අපූරු සංයෝජනයක් දකින්න ලැබීම ගැන මම අතිශයින් සතුටට පත් වෙනවා. ඒ වගේම මෙම ලාංඡනය හරහා ක්‍රිකට් රසිකයින්ට තරගාවලිය සමඟ පහසුවෙන් සම්බන්ධ වීමේ අවස්ථාව උදාවනවා පමණක් නොව ඔවුන් ඔවුන්ගේ ජාතික කණ්ඩායම හා සමාන කැමැත්තකින් සහයෝගය දැක්වීමට ඉදිරිපත් වනු ඇති බව මට විශ්වාසයි” යැයි සඳහන් කර සිටියේය.

    මේ අතර අයි. පී. ජී. ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ලෙස කටයුතු කරන අනිල් මොහාන් මහතා ද අදහස් දක්වමින්, “මෙම ලාංඡනය තුළින් ශ්‍රී ලාංකේය ජනතාව, සංස්කෘතිය මෙන්ම ක්‍රිකට් ක්‍රීඩාවට තිබෙන සුවිශේෂී බව වැනි කාරණා නිරූපණය වෙනවා. ක්‍රිකට් ක්‍රීඩාව මේ රටේ සියළු දෙනාගේම හදවත් වල වැදගත් කොටසක් බවට පත්ව තිබෙනවා. ඒ නිසා සැබැවින්ම ජාතියේ අභිමානවත් බව මේ ලාංඡනයෙන් හොඳින්ම පිළිබිඹු වෙනවා”යි සඳහන් කර සිටියේය. 

    ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය ලබන නොවැම්බර් මස 21 වැනිදා සිට දෙසැම්බර් 13 වැනිදා දක්වා වූ කාල සීමාවේදී පල්ලකැලේ සහ සූරියවැව ජාත්‍යන්තර ක්‍රීඩාංගණවලදී පැවැත්වෙනු ඇත. තරගාවලියේ ක්‍රීඩක වර්ගීකරණය (Player Draft) ලබන ඔක්තෝම්බර් මස 19 වැනි සඳුදා දින අන්තර්ජාල තාක්ෂණය භාවිතා කරමින් පැවැත්වීමට නියමිතය. 

    කොළඹ, මහනුවර, දඹුල්ල, ගාල්ල සහ යාපනය යන නගර මුල් කරගනිමින් කණ්ඩායම් 5 ක් මෙම තරගාවලිය නියෝජනය කරනු ලබන අතර දින 15 ක කාලයක් පුරා විහිදෙන තරගාවලිය අවසන් මහ තරගයද ඇතුළුව සමස්ථ තරග 23 කින් සමන්විත වනු ඇත.

    ලබන 19 වැනිදා පැවැත්වීමට නියමිතව තිබෙන ක්‍රීඩක වර්ගීකරණයේදී විදේශීය ක්‍රීඩකයින් 6 ක් සහ දේශීය ක්‍රීඩකයින් 10 ක් වශයෙන් 16 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් තෝරා ගැනීමේ අවස්ථාව කණ්ඩායම් හිමිකාරීත්වයට උදාවේ.

    Text by – sri lanka cricket

  • යුද්ධ හමුදාධිපති ලීග් T20: Army Southern Warriors ජයගනී

    යුද්ධ හමුදාධිපති ලීග් T20: Army Southern Warriors ජයගනී

    කොවිඩ්-19 වෛරසය ව්‍යාප්තිය පාලනය කරනවාසේම ජන ජිවිතයේ එදිනෙදා කටයුතු සාමාන්‍ය පරිදි කරගෙන යමින් (Live with COVID-19), ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි, යුද්ධ හමුදාධිපති හා කොවිඩ්-19 පැතිරිම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ගේ සංකල්පයකට අනුව පැවැති ‘යුද්ධ හමුදාධිපති ලීග් විස්සයි විස්ස’ ක්‍රිකට් තරඟාවලියේ අවසන් මහා තරඟය සෙනසුරාදා (17) දින සන්ධ්‍යාවේ දොඹගොඩ ශ්‍රී ලංකා යුද්ධ හමුදා ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.

    ඔක්තෝබර් මස 6 වන දින ආරම්භ වූ මෙම තරඟාවලියේ අවසන් මහා තරඟයට සීක්කූගේ ප්‍රසන්න ගේ නායකත්වයෙන් යුත් ‘Army Northern Warriors’ කණ්ඩායම සහ දිනේෂ් චන්දිමාල් ගේ නායකත්වයෙන් යුත් ‘Army Southern Warriors’ කණ්ඩායම සුදුසුකම් ලැබීය. යුද්ධ හමුදා ක්‍රිකට් කමිටුව විසින් සංවිධානය කරන ලද ‘යුද්ධ හමුදාධිපති ලීග් විස්සයි විස්ස’ ක්‍රිකට් තරඟාවලිය සඳහා පානදුර ‘සුපර් ෆැෂන්ස්’ ආයතනයේ අනුග්‍රහය මත සීක්කූගේ ප්‍රසන්න ගේ නායකත්වයෙන් යුත් ‘Army Northern Warriors’ කණ්ඩායම, ලංකා ඇග්‍රෝ ඉන්ඩස්ට්‍රීස් හා ප්‍රීමා ආයතනයේ සම අනුග්‍රහකත්වයෙන් අසේල ගුණරත්න ගේ නායකත්වයෙන් යුත් ‘Army Eastern Warriors’ කණ්ඩායම, ඩිමෝ පුද්ගලික සමාගමේ අනුග්‍රහය දක්වන දිනේෂ් චන්දිමාල් ගේ නායකත්වයෙන් යුත් ‘Army Southern Warriors’ කණ්ඩායම සහ ආසියා පැසිෆික් තාක්‍ෂණ පද්ධති හා මෙල්බන් මෙටල් (පුද්) සමාගමේ සම අනුග්‍රහය දක්වන තිසර පෙරේරා ගේ නායකත්වයෙන් යුත් ‘Army Western Warriors’ කණ්ඩායම් සහභාගි වූහ.

    සීක්කූගේ ප්‍රසන්න ගේ නායකත්වයෙන් යුත් ‘Army Northern Warriors’ කණ්ඩායම සහ දිනේෂ් චන්දිමාල් ගේ නායකත්වයෙන් යුත් ‘Army Southern Warriors’ කණ්ඩායම දොඹගොඩ යුද්ධ හමුදා ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අවසන් මහා තරඟයට තරඟවැදුණු අතර නිසි සෞඛ්‍යාරක්‍ෂිත ක්‍රමවේදයන්ට අනුකූලව තරඟාවලියේ අවසන් මහා තරඟය අද දින පැවැත්විණි.

    කරට කර උණුසුම් තරඟයකින් අනතුරුව, තරඟාවලියේ ශූරතාවය හිමිකරගැනීමට ඩිමෝ පුද්ගලික සමාගමේ අනුග්‍රහය දක්වන දිනේෂ් චන්දිමාල් ගේ නායකත්වයෙන් යුත් ‘Army Southern Warriors’ කණ්ඩායම සමත්විය. ඒ අනුව, තරඟාවලියේ අනුශූරතාවය පානදුර ‘සුපර් ෆැෂන්ස්’ ආයතනයේ අනුග්‍රහය මත සීක්කූගේ ප්‍රසන්න ගේ නායකත්වයෙන් යුත් ‘Army Northern Warriors’ කණ්ඩායමට හිමිවිය. ‘Army Northern Warriors’ කණ්ඩායමේ නායක සීක්කූගේ ප්‍රසන්න තරඟාවලියේ වීරයා ලෙස තේරීපත්විය.  හොඳම පන්දු යවන්නා ලෙස තිසර පෙරේරා තේරීපත්විය. තවද, අවසන් මහා තරඟයේ වීරයා ලෙස  ‘Army Southern Warriors’ කණ්ඩායමේ සුමින්ද ලක්‍ෂාන් තේරිපත් වූ අතර තරඟාවලියේ හොඳම පිතිකරුවා ලෙස දිනේෂ් චන්දිමාල් තේරිපත්විය.  

  • කොරෝනා වසංගතය නිසා ‘ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති කුසලාන’ කල් යයි

    කොරෝනා වසංගතය නිසා ‘ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති කුසලාන’ කල් යයි

    ක්‍රීඩකයින්ගේ දක්ෂතා එක ලෙසින් පවත්වාගෙන යෑමේ අරමුණින් මෙම ඔක්තෝම්බර් මස 14 වැනිදා සිට 20 වැනිදා දක්වා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් පැවැත්වීමට සැලසුම් කර තිබූ ‘ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති කුසලාන’ පන්දුවාර 50 ක්‍රිකට් තරගාවලිය වර්තමාන කොවිඩ් 19 තත්ත්වය හේතුවෙන් දින නියමයක් නොමැතිව කල් දැමීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට සිදුව තිබේ. 

    කණ්ඩායම් 4 කගේ සහභාගිත්වයෙන් පැවැත්වීමට නියමිතව තිබූ මෙම තරගාවලියේ සෑම කණ්ඩායමක් සඳහාම ජාතික සංචිතයේ සිට පළමු පෙළ ක්‍රිකට් තරගාවලිය නියෝජනය කරමින් දක්ෂතා දක්වන ලද ක්‍රීඩකයින් ඇතුළත්ව සිටියහ. දිමුත් කරුණාරත්න, කුසල් මෙන්ඩිස්, නිරෝෂන් දික්වැල්ල සම දසුන් ශානක විසින් නායකත්වය ලබාදීමට නියමිතව තිබූ මෙම කණ්ඩායම් සියල්ල ක්‍රීඩකයින් 14 දෙනෙකුගෙන් යුක්ත වේ. 

    ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාව සම්බන්ධව කටයුතු කරනු ලබන ශ්‍රී ලංකා ක්‍රිකට් උප සභාපති ජයන්ත ධර්මදාස මහතාගේ සංකල්පයක් අනුව මෙම තරගාවලිය පැවැත්වීමට සැලසුම් කර තිබූ අතර එහිදී පළමු වටය ලීග් ක්‍රමයට පැවැත්වෙන අතර එහිදී ඉදිරියෙන් සිටින කණ්ඩායම් 2 අවසන් මහ තරගය සඳහා සුදුසුකම් ලැබීමට නියමිතව තිබුණි. තරගාවලි ව්‍යුහයේ ඇති තවත් විශේෂත්වයක් බවට පත්වූයේ තෙවැනි ස්ථානය තේරීම සඳහාද තරගයක් පැවැත්වීමට සැලසුම් කර තිබීමය. 

    මෙම තරගාවලිය සංවිධානය කිරීම පිළිබඳව අදහස් දක්වා සිටි උප සභාපති ජයන්ත ධර්මදාස මහතා, “කොවිඩ් 19 වසංගතයත්සමඟ ජාත්‍යන්තර මට්ටමේ ක්‍රීඩකයින්ට තරගකාරී ක්‍රිකට් ක්‍රීඩාවක නියැළීමේ අවශ්‍යතාවය තදින්ම දැනිලා තිබුණා. ඒ පිළිබඳව වූ අවශ්‍යතාවය වැටහී යෑම නිසා තමයි අපි මේ වගේ තරගකාරීත්වයකින් යුතු තරගාවලියක් පැවැත්වීමට සැලසුම් කළේ. නමුත් වර්තමාන තත්ත්වයත් එක්ක යළිත් ක්‍රිකට් ක්‍රීඩා කිරීමට සුදුසු පරිසරයක් නිර්මාණය වන තෙක් මෙම තරගාවලිය කල් දැමීමට ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව තීරණය කළා” යනුවෙන් සඳහන් කර සිටියේය.  

    කුසල් මෙන්ඩිස් පිලනිරෝෂන් දික්වැල්ල පිලදසුන් ශානක පිලදිමුත් කරුණාරත්න පිල
    ඕෂධ ප්‍රනාන්දුධනුෂ්ක ගුණතිලකළහිරු තිරිමාන්නදිමුත් කරුණාරත්න (නායක)
    මිනෝද් භානුකනිරෝෂන් දික්වැල්ල (නායක)ළහිරු උදාරඅවිශ්ක ප්‍රනාන්දු
    කුසල් මෙන්ඩිස් (නායක)දිනේෂ් චන්දිමාල්කුසල් පෙරේරාඇන්ජලෝ මැතිව්ස්
    භානුක රාජපක්ෂධනංජය ද සිල්වා රොෂේන් සිල්වාකමිඳු මෙන්ඩිස් 
    අශාන් ප්‍රියන්ජන්සංතුෂ් ගුණතිලකඇන්ජලෝ පෙරේරාසධීර සමරවික්‍රම
    අශේන් බණ්ඩාරඅසේල ගුණරත්නදසුන් ශානක (නායක)අකිල ධනංජය
    තිසර පෙරේරාසුරංග ලක්මාල්වනිඳු හසරංගලසිත් අබේරත්න
    ඩිල්රුවන් පෙරේරාදුවිඳු තිලකරත්නදුෂ්මන්ත චමීරළහිරු කුමාර
    ලක්ෂාන් සඳකැන්විශ්ව ප්‍රනාන්දුලසිත් ඇඹුල්දෙණියනුවන් ප්‍රදීප්
    කසුන් රජිතජෙෆ්රි වැන්ඩර්සිඅසිත ප්‍රනාන්දුමොහොමඩ් ශිරස්
    බිනුර ප්‍රනාන්දුළහිරු මධුශංකරමේෂ් මෙන්ඩිස්ප්‍රභාත් ජයසූරිය
    චතුරංග ද සිල්වාදුශාන් විමුක්තිකවිෂ්ක අංජුලසඳුන් වීරක්කොඩි
    ඩිල්ශාන් මදුශංකලසිත් කෲස්පුල්ලේචාමික කරුණාරත්නකවිඳු නදීශාන්
    සචිඳු කොළඹගේඅමිල අපෝන්සුනිපුන් ධනංජය අෂේන් ඩැනියල්
    ග්‍රාන්ට් ෆ්ලවර්-පුහුණුකරුෂේන් මැක්ඩමට්-පුහුණුකරුරුමේෂ් රත්නායක-පුහුණුකරුචමින්ද වාස් (පුහුණුකරු)
    රුවින් පීරිස්-ස. පුහුණුකරුමනෝජ් අබේවික්‍රම-ස. පුහුණුකරුසජීව වීරකෝන්-ස. පුහුණුකරුමලින්ද වර්ණපුර-ස.පුහුණුකරු
  • හිටපු ඕස්ට්‍රේලියා ක්‍රිකට් ක්‍රීඩක ඩීන් ජෝන්ස් මරුට

    හිටපු ඕස්ට්‍රේලියා ක්‍රිකට් ක්‍රීඩක ඩීන් ජෝන්ස් මරුට

    IPL ක්‍රිකට් තරගාවලියේ ස්ටාර් ස්පෝර්ට්ස් හි විස්තර විචාරකයෙකු ලෙස කටයුතු කරමින් සිටි හිටපු ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩක ඩීන් ජෝන්ස් Dean Jones මුම්බායි හිදී අභාවප්‍රාප්ත වුණා. 

    මිය යන විට ජෝන්ස් 59 වැනි වියේ පසු වූ බව සදහන් වන අතර මරණයට හේතුව ලෙස සැලන්නේ හෘදයාබාධයක්.

    ඩීන් ජෝන්ස් ඕස්ට්‍රේලියානු කණ්ඩායම වෙනුවෙන් ටෙස්ට් තරග 52ක් සහ එක්දින තරග 164ක් ක්‍රීඩා කර ඇති අතර ටෙස්ට් ශතක 11ක් සහ අර්ධ ශතක 14ක් සමගින් ලකුණු 3631ක් ද එක්දින තරග වලදී ශතක 7ක් සහ අර්ධ ශතක 46ක් සමගින් ලකුණු 6068ක් වාර්තා කිරීමට සමත්ව තිබුණි.

  • 23 න් පහළ තරගාවලිය: යුද හමුදව-කෝල්ට්ස්-එස්.එස්.සී-මේරියන්ස් පෙරමුණ ගනිති

    23 න් පහළ තරගාවලිය: යුද හමුදව-කෝල්ට්ස්-එස්.එස්.සී-මේරියන්ස් පෙරමුණ ගනිති

    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන වයස අවුරුදු 23 න් පහළ අන්තර් සමාජ ප්‍රධානතම ක්‍රිකට් තරගාවලියේ තෙවැනි සති අන්තය අවසන් වන විට යුද හමුදාව, හලාවත මේරියන්ස්, කෝල්ට්ස් සහ එස්. එස්. සී. අදාළ කාණ්ඩවල පෙරමුණ ගෙන සිටියහ.

    පැවැති තරග වලදී යුද හමුදාව, කෝල්ට්ස් සහ එස්. එස්. සී. කණ්ඩායම් මුහුණ දුන් තරග 3 න් 3 ම ජය ගනිමින් එහි ප්‍රමුඛත්වය ලබා ගනිද්දී හලාවත මේරියන්ස් පිල ක්‍රීඩා කරන ලද තරග 3 න් 2 ක් ජය ලබා බී කාණ්ඩයේ පෙරමුණට පැමිණ සිටියි.

    මේ දින වල පවතින වර්ෂාව හේතුවෙන් තරග කිහිපයක්ම නොවිසඳුණු තරග ලෙසින් නිමාවට පත් වුණු අතර එහි වැඩිම බලපෑම පානදුර ක්‍රීඩා සමාජයට අත් විඳීමට සිදුව තිබේ. පානදුර ක්‍රීඩා සමාජය ක්‍රීඩා කරන ලද තරග 3 න් 2 ක්ම වර්ෂාව හේතුවෙන් ප්‍රතිඵල රහිත වී තිබෙන තරග වන අතර මීගමුව සහ රාගම එක් තරග බැගින් අතහැර දැමීමට සිදුව ඇති අනෙක් කණ්ඩායම් යුගල වේ.

  • 23න්පහළ ප්‍රධානතම ක්‍රිකට් තරගාවලියේ පළමු ශතකය කමිඳු මෙන්ඩිස්ගෙන්

    23න්පහළ ප්‍රධානතම ක්‍රිකට් තරගාවලියේ පළමු ශතකය කමිඳු මෙන්ඩිස්ගෙන්

    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයවන අවුරුදු 23න්පහළ ප්‍රධානතම ක්‍රිකට් තරගාවලියේ දෙවැනි සති අන්තය වූ අද (19) විශේෂත්වයක් වූයේ මේ තරගාවලියේ ප්‍රථම ශතකය වාර්තා කිරීමට හලාවත මේරියන්ස් කණ්ඩායමේ කමිඳු මෙන්ඩිස් සමත්වීමය.

        මීගමුවට එරෙහි තරගයේදී කමිඳු මෙන්ඩිස් ලකුණු 117ක් ලබාගත්තේ පන්දු 115කට මුහුණ දෙමින. හයේ පහර 3කින්හ සහ හතරේ පහර 8කින්ත සමන්විතවුණු එම ඉනිමත් සමග මේරියන්ස් කණ්ඩායමට ලකුණු 109 ක ජයක් අත්විය.

        මේ දිනවල පවතින අයහපත් කාලගුණ මත තරග දෙකක ජය ඩක්වර්ත් ලුවිස් ක්‍රමයට හිමිවූ අතර රාගම සහ පානදුර අතර තරගය නොපැවැත්විණි.

        එන්.සී.සී, කෝල්ට්ස්, හලාවත මේරියන්ස්, ගාල්ල, බී.ආර්.සී, යුද හමුදාව, එස්.එස්.සී, නුගේගොඩ, මුවර්ස් සහ ටැමිල් යූනියන් කණ්ඩායම් දිනයේ ජයග්‍රහණ වාර්තා කළහ.

    යුද හමුදාව සහ එස්.එස්.සී ජයග්‍රහණ තීරණය වූයේ ඩක්වර්ත් ලුවිස් න්‍යායට අනුවය.

    එන්.සී.සී.කලුතර

    එන්.සී.සී ට ලකුණු 87ක ජයක්

    එන්.සී.සී පන්දුවාර 50 දී කඩුලු 9ට 225යි 

    හසිත බෝයගොඩ 81, දිනෙත් ජයකොඩි 56, තෙවින් අමරසිංහ 25, ළසි ඳු අරෝෂණ 32/4 යි)

    කලුතර පන්දුවාර 40.4කදී ලකුණු 138යි 

    (සෙනල් බාස්කරන් 51, ෂෙනාස් ප්‍රනාන්දු 27, දනාල් හේමන්ද නොදැවී 27, වෙනුර ජයකොඩි 17/3, චාමික ගුණසේකර 14/2, අෂේන් ඩැනියෙල් 34/2)

    කෝල්ට්ස් – වරාය අධිකාරිය

    කෝල්ට්ස්ට ලකුණු 141ක ජයක්

    කෝල්ට්ස් පන්දුවාර 50කදී කඩුලු 8කට ලකුණු 255යි 

    (අවිශ්ක ප්‍රනාන්දු 69, සංතූෂ් ගුණතිලක 60, විෂාඩ් රන්දික 38, ජෙහාන් ඩැනියල් 20, රොහාන් සංජය නොදැවී 36, තෙමල් බණ්ඩාර 35/2)

    වරාය පන්දුවාර 37.4කදී ලකුණු 114යි

    (දිල්හාර පොල්ගම්පොල 25, රශ්මික මෙවන් 17, රොහාන් සංජය 28/3, අමන්ත ගුණරත්න 15/2, සුලේක්ෂන විජේවර්ධන 7/2)

    හලාවත මේරියන්ස් – නිගම්බු

    හලාවත මේරියන්ස්ට ලකුණු 109ක ජයක්

    හලාවත මේරියන්ස් පන්දුවාර 50කදී කඩුලු 9කට 264යි 

    (කමිඳු මෙන්ඩිස් 117, සනෝජ් දර්ශික 27, ලසිත් කෲස්පුල්ලේ 26, රිසිර වීරසූරිය 24, ෂෙහාන් ප්‍රනාන්දු 45/2, චමත් වික්‍රමසිංහ 61/2

    මීගමුව පන්දුවාර 40.2 කදී ලකුණු 155යි

    (අභිෂේක් ආනන්ද කුමාර 32, චමත් වික්‍රමසිංහ 24, ශෂින් රසන්ත 20, නිශාන් පීරිස් 20, දසුන් සේනාරත්න 24/2, නවීන් ගුණවර්ධන 8/2, සනෝජ් දර්ශික 16/2)

    බ්ලූම්ෆීල්ඩ් – ගාල්ල 

    ගාල්ලට කඩුලු 7ක ජයක්

    බ්ලූම්ෆීල්ඩ් පන්දුවාර 49කදී 156යි 

    (නඳුන් අංගමගේ 34, විනුජ රන්පුල් 20, සෙනාල් හේරත් 19, රසාන්ත දිසානායක 18, චනුල චමෝද් 30/3, කුෂාන් මධූෂ 20/2)

    ගාල්ල පන්දුවාර 38.3කදී කඩුලු 3ට 157යි

    (පවන් සංදේශ් 57, විනුර දුල්සර නොදැවී 52, දිනෙත් සමරවීර 31/1, චතුර ඔබේසේකර 37/1, දිලීප ජයලත් 34/1)

    බී.ආර්.සී – පොලීසිය 

    බී.ආර්.සීට කඩුලු 6ක ජයක්

    පොලීසිය පන්දු වාර 44.1කදී 150යි

    (අසේල සිහේරා 71,නදීර බාලසූරිය නොදැවී 27, රිසිදු දිල්ෂාන් 14, කෙවින් කොත්තිගොඩ 29/3)

    බී.ආර්.සී.පන්දු වාර 32.4කදී කඩුලු 4ට 151යි 

    (නිසල් ෆ්‍රැන්සිස්කෝ නොදැවී 64, කළණ මධුශංඛ නොදැවී 17, ඉසිවර දිසානායක 18, රෙසදු තිලකරත්න 20/1, නදීර බාලසූරිය 37/1,දිෂේන් වීරසිංහ 16/2)

    යුද හමුදාව – සෙබස්තියනයිට්ස්

    යුද හමුදාව ඩක්වර්ක් ලුවිස් ක්‍රමයට ලකුණු 63ක ජයක්

    යුදු හමුදාව පන්දුවාර 50කදී කඩුලු 9ට 248යි 

    (ෂෙහාන් ප්‍රනාන්දු 57යි, පැතුම් කුමාර 40, ගිහාන් කෝරලගේ 39, සමිත දිල්ෂාන් 28, සංජීව කුමාරස්වාමි නොදැවී 22, තරුෂ ප්‍රනාන්දු 44/2, සවිදු පීරිස් 45/2, කළණ සංදීප් 56/2)

    සෙබස්තියනයිට්ස් පන්දුවාර 29කදී කඩුලු 6ට 129යි.

    (ජයග්‍රාහී ඉලක්කය පන්දුවාර 29දී ලකුණු 193කි)

    තරූෂ ප්‍රනාන්දු නොදැවී 72, සචින් ප්‍රනාන්දු 30, හේෂාන් හෙට්ටිආරච්චි 10/2

    එස්.එස්.සී – කැන්ඩිකස්ටම්ස් 

    එස්.එස්.සී.ඩක්වර්ක් ක්‍රමයට කඩුලු පහක ජයක්

    කැන්ඩි කස්ටම්ස් පන්දුවාර 45කදී කඩුලු 8කට ලකුණු 173යි

    (මධුෂාන් ගුණසිංහ 44, ගමිදු දෙව්මිණ 32, රශ්මික මධුශංඛ 32, කළණ පෙරේරා 32/2, දිලුම් තිලකරත්න 35/2, ලක්ෂිත මානසිංහ 19/2,)

    එස්.එස්.සී පන්දු වාර 31කදී කඩුලු 5ට 171යි

     (ලක්ෂිත මානසිංහගේ නොදැවී 36, චමිඳු වික්‍රමසිංහ නොදැවී 30, ෂම්මු අෂාන් 28, නිපුන් ධනංජය 21, නිශාන් සංජුල 21, තිමිර මල්ෂාන් 64/4) මේ තරගය ඕවර 42කට සීමාකර ජයග්‍රාහී ඉලක්කය 171 කර බවට පත්කැරිණි.

    නාවික හමුදාව – නුගේගොඩ

    නුගේගොඩට කඩුලු හයක ජයක්

    නාවික හමුදාව පන්දුවාර 27කදී 116යි 

    (විමුද් සප්නක 38, සමිත රංග 38, නිපුන් ලක්ෂාන් 19/3, කවිදු ඊශ්වර 25/3,මුදිත ලක්ෂාන් 17/2, විමුක්ති කුලතුංග 25/2)

    නුගේගොඩ පන්දුවාර 14.4කදී කඩුලු 4ට 120යි 

    (මුදිත ලක්ෂාන් 30, සකුණ ලියනගේ නොදැවී 26,අභිෂේක් ලියනආරච්චි 24, අකිදු කරුණාරත්න 63/2)

    සරසන්ස් – මුවර්ස්

    මුවර්ස්ට කඩුලු 8ක ජයක්

    සරසන්ස් පන්දුවාර 22කදී කඩුලු 9ට 68යි 

    (නවිඳු නිර්මාල් නොදැවී 19, ප්‍රවීන් සඳමාල් 12, ප්‍රවීන් ජයවික්‍රම 9/3,කවිශ්ක අංජුල 9/2)

    සරසන්ස් පන්දු වාර 14.1කදී කඩුලු 2ට 69යි

    (මොහොමඩ් ෂමාස් නොදැවී 34, දිනුක දිල්ෂාන් 20, තරිදු ළමාහේවගේ 14/1, කවික දිල්ෂාන් 25/1)

    ටැමිල් යූනියන් – කුරුණෑගල යූත්

    ටැමිල් යූනියන්ට කඩුලු හතක ජයක්

    කුරුණෑගල යූත් පන්දුවාර 48කදී 150යි 

    (දිල්ෂාන් කොල්ලුරේ 41, තරිඳු විජේසිංහ 20, කේෂාන් වන්නිආරච්චි 19, ගිහාන් අංජන 24, තරංග වික්‍රමගේ 25/4, සවිදු කොළඹගේ 23/2, ට්‍රිෂේන් වික්‍රමසිංහ 36/2)

    ටැමිල් යූනියන් පන්දු වාර 29.2කදී කඩුලු 3ට 153යි

    (කමේෂ් නිර්මාල් නොදැවී 62, සුපුන් කාවින්ද 43)

    Text copied by sri lanka cricket

  • අවුරුදු 23 න්  පහළ අන්තර් සමාජ ක්‍රිකට් තරගාවලිය – කණ්ඩායම් 6 ක් හඹා ගොස් ජය ලබති

    අවුරුදු 23 න් පහළ අන්තර් සමාජ ක්‍රිකට් තරගාවලිය – කණ්ඩායම් 6 ක් හඹා ගොස් ජය ලබති

    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් අද (16 දා) ආරම්භ වුණු වයස අවුරුදු 23 න් පහළ අන්තර් සමාජ ප්‍රධානතම ක්‍රිකට් තරගාවලියේදී පැවැති තරග වලදී තරග 6 ක් දෙවැනියට පන්දුවට පහර දුන් කණ්ඩායම් ජයග්‍රහණ වාර්තා කිරීමට සමත්වීම කැපී පෙනිණ.

    සමස්ථ දිනයේ පැවැති තරග අතුරින් සී.සී.සී., හලාවත මේරියන්ස්, ටැමිල් යුනියන්, බදුරලිය, එස්. එස්. සී. සහ මුවර්ස් කණ්ඩායම් එසේ දෙවැනියට පන්දුවට පහර දෙමින් ජයග්‍රහණ වාර්තා කළ කණ්ඩායම් බවට පත්වූහ.

    මෙවර තරග වාරය ආරම්භ කරමින් පළමු ජයග්‍රහණය සී. සී. සී. පිල වාර්තා කරන ලද්දේ ජයග්‍රාහී ලකුණු 98 ක ඉලක්කය 14 වැනි පන්දුවාරයේ පළමු පන්දුවේදීම සපුරා ගනිමිනි. ඒ වෙනුවෙන් දක්ෂ පිතිහරඹයක නියැළුණු මලිඳු මදුරංග වේගවත් ලකුණු 55 ක් රැස් කරමින් පිතිකරණයෙන් කැපී පෙනුණි. එහෙත් බ්ලූම්ෆීල්ඩ් පිල ලකුණු 100 කටත් වඩා අඩු ලකුණු සංඛ්‍යාවක නතර කර දැමීම සම්බන්ධව පූර්ණ ගෞරව පන්දු යවන්නන් සතු වන අතර එහිදී අම්ෂි ද සිල්වා කැපී පෙනුණි. ඔහු ලකුණු 12 ක් ඇතුළත ප්‍රතිවාදී පිලේ කඩුලු 5 ක් දවා ගනිමින් බ්ලූම්ෆීල්ඩ් පිල අසීරුතාවයට ඇද දැම්මේය. 

    පැවැති තරග වලදී කණ්ඩායම් 5 ක් පමණක් ලකුණු 200 සීමාව ඉක්මවමින් පිතිකරුවන්ගේ දක්ෂතා කැපී පෙනුණු නමුත් සෙසු බහුතරය පන්දු යවන්නන්ගේ දක්ෂතා කැපී පෙනෙමින් නිමාවට පත්විය. අද දිනයේ පැවැති තරග වලදී ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් කණ්ඩායම් අතරින් පන්දුවාර 50 ක්‍රීඩා කිරීමට සමත්වූයේ කුරුණෑගල තරුණ කණ්ඩායම සහ නාවික හමුදා කණ්ඩායම් පමණක් වන අතර ලකුණු 300 සීමාව ඉක්මවා ගිය යුද හමුදා කණ්ඩායම පවා පන්දුවාර 50 ක්‍රීඩා කිරීමට අපොහොසත් වීම කැපී පෙනෙයි.

    අද පැවැති තරග අතරින් තියුණුම මුහුණු වරක් ගනු නැබුවේ පොලිස් සහ නාවික හමුදා අතර තරගය වන අතර එහිදී පොලිසිය හමුවේ නාවික හමුදා පිල එක් ලකුණක පරාජයක් අත්වින්දේය. ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් පොලිස් පිල ලකුණු 225 ක් ලබා ගත් නමුත් එය හඹා ගිය නාවික හමුදා පිලට නියමිත පන්දුවාර 50 දී කඩුලු 9 ක් දැවී රැස් කරගත හැකි වූයේ ලකුණු 224 ක් පමණි. 

    බ්ලූම්ෆීල්ඩ් – සී.සී.සී.

    සී.සී.සී.ට කඩුලු 8 ක ජයක්

    බ්ලූම්ෆිල්ඩ් පන්දුවාර 41.1 කදී ලකුණු 97 යි – (විංජුල රන්පුල් 35, නඳුන් හෙට්ටිආරච්චි 19, මිශේන් සිල්වා 10, අම්ෂි ද සිල්වා 12/5, පවන් රත්නායක 10/2, වනිඳු හසරංග 17/2)

    සී.සී.සී. පන්දුවාර 13.1 කදී කඩුලු 2 ට ලකුණු 98 යි – (මලිඳු මදුරංග 55, සොනාල් දිනූෂ 27*, පවන් රත්නායක 12*)

    පානදුර – හලාවත මේරියන්ස් 

    හලාවත මේරියන්ස් පිලට කඩුලු 6 ක ජයක්

    පානදුර පන්දුවාර 31.5 කදී ලකුණු 122 යි – (නිපුන් දේශාන් 21, පසිඳු පැතුම් 16, රෂාන් කවිෂ්ක 19, දසුන් සෙනෙවිරත්න 29/3, චාරුඛ තරිඳු 24/3, කමිඳු මෙන්ඩිස් 31/2)

    හලාවත මේරියන්ස් පන්දුවාර 24.3 කදී කඩුලු 4 ට ලකුණු 125 යි – (කමිඳු මෙන්ඩිස් 66*, රිසිර වීරසූරිය 22, ලසිත් කෲස්පුල්ලේ 13, පසිඳු පැතුම් 14/3)

    ගාල්ල – ටැමිල් යුනියන් 

    ටැමිල් යුනියන් ට කඩුලු 4 ක ජයක්

    ගාල්ල පන්දුවාර 47.4 කදී ලකුණු 160 යි – (විනුර දුල්සර 50, ශක්‍ය සම්පත් 18, රවිෂ්ක විජේසිරි 33, මිරංග වික්‍රමගේ 28/2, දේශාන් ප්‍රනාන්දු 16/2, සචිඳු කොළඹගේ 31/2, කවිඳු පතිරත්න 31/2)

    ටැමිල් යුනියන් පන්දුවාර 27.1 කදී කඩුලු 6 ක් දැවී ලකුණු 165 යි – (නවෝද් පරණවිතාන 55, කමේෂ් නිර්මාල් 37, රවිඳු ප්‍රනාන්දු 33*, තනුල චමෝද් 21/2, කුෂාන් මදූෂ 39/2)

    බදුරලිය  – බී.ආර්.සී. 

    බදුරලියට කඩුලු 4 ක ජයක්

    බදුරලිය පන්දුවාර 46.3 කදී ලකුණු 162 යි – (නිසල් ෆ්‍රැන්සිස්කෝ 41, හිරන්ත ජයසිංහ 42, යසිත් රණසිංහ  18, නෙරංජන වන්නිආරච්චි 18, තමිඳු වික්‍රමආරච්චි 11/4, අවිෂ්ක ලක්ෂාන් 29/3, මලින්ද ජයෝද් 25/2)

    බදුරලිය පන්දුවාර 37.1 කදී කඩුලු 6 ට ලකුණු 166 යි – (මලින්ද ජයෝද් 86, රනේෂ් සිල්වා 23*, ෂෙරන් ෆොන්සේකා 16, මලින්ද අබිෂේක් 40/3)

    කරුණෑගල තරුණ  – එස්.එස්.සී.

    එස්.එස්.සී. ට කඩුලු 7 ක ජයක්

    කුරුණෑගල තරුණ පන්දුවාර 50 කදී කඩුලු 8 ට ලකුණු 170 යි – (අසිත වන්නිනායක 25, කේෂාන් වන්නිආරච්චි 24, කවීන් බණ්ඩාර 24*, රන්ධීර රණසිංහ 20, සංජීව ප්‍රියදර්ශන 24*, චමිඳු වික්‍රමසිංහ 11/2, කවිඳු නදීෂාන් 37/2)

    එස්.එස්.සී. පන්දුවාර 37.2 කදී කඩුලු 3 ට ලකුණු 173 යි – (නිපුන් ධනංජය 77, ශම්මු අශාන් 72*)

    කෝල්ට්ස් – මුවර්ස් 

    මුවර්ස් පිලට කඩුලු 4 ක ජයක් 

    කෝල්ට්ස් පන්දුවාර 36.1 කදී සියලු දෙනා දැවී ලකුණු 151 යි – (පසිඳු සූරියබණ්ඩාර 39, කවිෂ්ක අංජුල 25, මොහොමඩ් ශමාස් 15, තිලාන් ලොරෙන්සෝ 13, නිපුන් මාලිංග 26/3, ඩිල්ෂාන් මදුශංක 26/2, රොහාන් සංජය 20/2)

     මුවර්ස් පන්දුවාර 36.2 කදී කඩුලු 6 ක් දැවී ලකුණු 154 යි – (සංතුෂ් ගුණතිලක 58, ජෙහාන් ඩැනියෙල් 31, අවිෂ්ක ප්‍රනාන්දු 22, කවිෂ්ක අංජුල 41/2)

    මීගමුව – ගුවන් හමුදාව

    මීගමුවට ලකුණු 68 ක ජයක් 

    මීගමුව පන්දුවාර 48.2 කදී ලකුණු 202 යි – (දිමුත් සඳරුවන් 35, භානුක මනෝහර 25, අභිෂේක් ආනන්දකුමාර් 19, ෂෙහාන් ප්‍රනාන්දු 32, නිශාන් පීරිස් 17, කවිඳු නිර්මාණ 30, හරීන් වීරසිංහ 13*, රවිඳු සම්බකුට්ටිගේ 41/3, නුස්කි අහමඩ් 42/2, කසුන් ඒකනායක 23/2)

    ගුවන් හමුදාව පන්දුවාර 40.2 කදී ලකුණු 134 යි – (චාමිකර හේවගේ 25, රවිඳු සම්බකුට්ටිගේ 23, දිනිත සිරිවර්ධන 18, ශබික් ඉෆතරි 16, මොවින් සුබසිංහ 17, නිශාන් පීරිස් 17/3, චමත් වික්‍රමසිංහ 40/3, හරීන් වීරසිංහ 29/3) 

    යුද හමුදාව – නුගේගොඩ 

    යුද හමුදාව පන්දුවාර 49.2 කදී ලකුණු 304 යි – (හරිත් ප්‍රනාන්දු 88, බිෂාන් මෙන්ඩිස් 79, ෂෙහාන් ප්‍රනාන්දු 21, පැතුම් කුමාර 24, ලක්ෂාන් ගමගේ 12, මහේෂ් තීක්ෂණ 33, නිපුන් ලක්ෂාන් 65/4, සඳරු චන්දිත 37/3)

    නුගේගොඩ පන්දුවාර 45.4 කදී ලකුණු 244 යි – (මුදිත ලක්ෂාන් 69, සකුන ලියනගේ 72, සඳරු චන්දිත 18, තෂික නිර්මාල් 34, සුකිත ප්‍රසන්න 17, හෂාන් සංදීප 36/4, හේෂාන් හෙට්ටිආරච්චි 40/2, මහේෂ් තීක්ෂණ 55/2)

    කලුතර නාගරික – සැරසන්ස් (එක් පිලකට පන්දුවාර 36 යි) 

    කලුතර නාගරික පිලට ලකුණු 79 ක ජයක් 

    කලුතර නාගරික පන්දුවාර 36 කදී ලකුණු 156 යි – (ඉන්ෂක සිරිවර්ධන 48*, ලසිඳු අරෝෂන 20, ලක්ෂාන් සසංග 20*, ළහිරු තඹවිට 18, කවිඳු දිල්හාර 27/3, බිහංග මෙන්ඩිස් 32/2)

    සැරසන්ස් පන්දුවාර 27 කදී ලකුණු 91 යි – (නවිඳු නිර්මාල් 21, බිහංග මෙන්ඩිස් 18, සෙනරු සිල්වා 16, ලික්ෂාන් සසංග 26/2, ඉන්ෂක සිරිවර්ධන 26/2)

    පොලිස් – නාවික හමුදාව

    පොලිස් පිලට එක් ලකුණක ජයක් 

    පොලිස් පන්දුවාර 49.1 කදී ලකුණුඅ 225 යි – (බවන්ත උඩංගමුව 36, අසේල සිගේරා 41, රුවින්ද ඩිල්ෂාන් 31, නදීර බාලසූරිය 38, කවිඳු කරුණාරත්න 37/2, අමීම් නිෆ්ලාල් 37/2)

    නාවික හමුදාව පන්දුවාර 50 කදී කඩුලු 9 ට ලකුණු 224 යි – (ජොආන් ද සිල්වා 16, භාග්‍ය දිසානායක 60, ශම්මු දිමුත් 36, සලිත් ප්‍රනාන්දු 44, දමින්ද රිෂාන් 31, තාෂික් පෙරේරා 24/2, නදීර බාලසූරිය 44/2) 

    Text by – sl cricket

  • දේශීය හා ජාත්‍යන්තරව ක්‍රීඩාව ඔසවා තබන්න සංගක්කාරගෙන් නව යෝජනා

    දේශීය හා ජාත්‍යන්තරව ක්‍රීඩාව ඔසවා තබන්න සංගක්කාරගෙන් නව යෝජනා

    නීරෝගිමත්, විනයගරුක සහ ජව සම්පන්න සමාජයක් බිහිකිරීම උදෙසා ඉවහල්වන ක්‍රීඩා සංස්කෘතියක් ගොඩනැගීම යුගයේ වගකීමක් බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කරයි.

    ක්‍රීඩාව තරුණ පරපුරේ භාෂාවයි. අධ්‍යාපනයට සමගාමීව දරුවා ක්‍රීඩාවට යොමු කිරීමෙන් පරිපූර්ණ පුරවැසියකු සමාජයට දායාද කළ හැකි බව එතුමා පෙන්වා දෙයි.

    අධ්‍යාපන, ක්‍රීඩා හා තරුණ අමාත්‍යාංශවලට ඒ වෙනුවෙන් විශාල වගකිමක් පැවරී ඇතැයි  රාජපක්ෂ ජනාධිපතිතුමා කියා සිටී.

    ග්‍රාමීය හා පාසල් ක්‍රීඩා, යටිතල පහසුකම්, ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ ඉදිරි සැලසුම් පිළිබඳව අද (16) දහවල් ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේ දී ජනාධිපතිතුමා මේ බව පැවසීය.

    දිවයින පුරා පාසල්වල ක්‍රීඩාවට දක්ෂතා දක්වන දරුවන් කුඩා කලම තෝරාගෙන ඔවුනට අවශ්‍ය නිසි පෝෂණය සහ ජාතික සහ අන්තර්ජාතික පුහුණුව ඇතුළු පහසුකම් සලසන වඩසටහනක අවශ්‍යතාව ජනාධිපතිතුමා විසින් පෙන්වා දෙනු ලැබීය.

    ග්‍රාමීය පාසල්වලට ක්‍රීඩා පිටි දෙන ලෙස ඉල්ලා සිටියද, ඒවා ඉදිකර දීමෙන් පසු නඩත්තු නොකෙරෙන බව බොහෝ ස්ථානවලදී දක්නට ලැබුණු බව ජනාධිපතිතුමා පැවසීය. තණකොළ කැපීම ඇතුළු ඉතා පහසුවෙන් කළ හැකි නඩත්තු  සඳහා එතරම් මුදලක් වැය නොවන බව ද ජනාධිපතිතුමා සඳහන් කළේය. 

    සියලු දිස්ත්‍රික්කවල පාසල්වල ක්‍රීඩා පිටි නඩත්තුව සඳහා වෙනම ඒකකයක් ස්ථාපනය කිරීමට පියවර ගන්නැයි ජනාධිපතිතුමා නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

    ක්‍රීඩා පිටි නඩත්තු කිරීමේ හැකියාව පළාත් පාලන ආයතන සතුව ඇත. තෙමසක් ඇතුළත දිවයිනේ සියලු ක්‍රීඩා පිටි අලංකාරවත් ලෙස පවිත්‍ර කර දෙන්නැයි ආර්ථික පුනර්ජීවනය පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බලකායේ ප්‍රධානී බැසිල් රාජපක්ෂ මහතා නිලධාරීන්ගෙන් ඉල්ලා සිටියේය.

    කොළඹ 07, ටොරින්ටන් මාවතේ පිහිටි ජාතික ක්‍රීඩා විද්‍යායතනය දියගම ක්‍රීඩා සංකිර්ණ පරිශ්‍රය සමග බද්ධ කොට අන්තර්ජාතික මට්ටමේ ප්‍රමිතියෙන් යුත් ක්‍රීඩා විශ්ව විද්‍යාලයක් ආරම්භ කිරීමට සැලසුම් කර ඇතැයි තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පැවසීය.

    ක්‍රීඩා සංස්කෘතියක් ගොඩනැගීමට කුඩා දරුවන් සෙල්ලම් කරන තැන් සොයා ගොස් ක්‍රීඩා පිටි සකස් කළයුතුව ඇතැයි නාමල් රාජපක්ෂ මහතා කීය.

    ප්‍රධාන ක්‍රීඩා පිටි එක් ආයතනයක් යටතේ පවත්වාගෙන යාම, අංග සම්පූර්ණ ක්‍රීඩා පාසල් 25ක් ස්ථාපනය, ක්‍රීඩා පනතට නව යෝජනා ඇතුළත් කිරීම සහ නව පනතක් සම්පාදනය, ක්‍රිඩාවේ උන්නතිය උදෙසා පෞද්ගලික අංශයේ දායකත්වය ගැනීම වැනි කාර්යයන්ට ගත වූ මාසය තුළ සිය අමාත්‍යාංශය අවධානය යොමු කළ බව අමාත්‍යවරයා පැවසීය.

    ප්‍රාදේශීය වශයෙන් ක්‍රීඩාව දියුණු කිරීමේ අවශ්‍යතාව රාජ්‍ය අමාත්‍ය තේනුක විදානගමගේ මහතා පෙන්වා දුන්නේය.

    ග්‍රාමීයව වැඩිම ආකර්ශණයක් ඇති සහ ඒ ඒ පළාත්වල ජනප්‍රිය ක්‍රීඩා හඳුනාගෙන  දක්ෂ ක්‍රීඩකයන් කඩිනමින් පුහුණු කළ යුතුව ඇතැයි ජනාධිපතිතුමා පැවසීය.

    ක්‍රීඩා ශ්‍රේණිගතකර අන්තර්ජාතික තරග සඳහා යොමු කළ හැකි පිරිසක් පුහුණු කිරීමේ වැදගත්කම ක්‍රීඩා සභාවේ සාමාජික කුමාර සංගක්කාර මහතා පෙන්වා දුන්නේය.

    විශ්ව විද්‍යාලවලට ඇතුළත් කර ගැනීමේ දී ක්‍රීඩා දක්ෂතා වෙනුවෙන් ලකුණු දීමේ ක්‍රමය ප්‍රචලිත කිරීමට සහ විශ්ව විද්‍යාල තුළින් ජාතික තලයේ ක්‍රීඩකයන් බිහි කිරීමට ඇති හැකියාව සංගක්කාර මහතා විසින් පෙන්වා දෙනු ලැබිණ.

    සුගතදාස ක්‍රීඩා අධිකාරියේ පූර්ණ ප්‍රතිව්‍යුහකරණය පිළිබඳවද සාකච්ඡාවේදී අවධානය යොමු විය.

    ඔලිම්පික් පදක්කම් දිනාගත හැකි ක්‍රීඩා ලෙස හඳුනාගෙන ඇති දුනු විදීමේ සහ ඉලක්කයට වෙඩි තැබීමේ  ක්‍රීඩා පාසල් මට්ටමේ සිට ප්‍රගුණ කිරීමේ ඉඩකඩ ද සාකච්ඡා කෙරිණ.

    විවිධ ක්‍රීඩා  සඳහා දක්ෂතා දක්වන ලෝකයේ සෙසු රටවල වෙසෙන ශ්‍රී ලාංකික සම්භවයක් සහිත ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ජාතික ධජය යටතේ එක් වන්නැයි කැබිනට් සහ රාජ්‍ය අමාත්‍යවරු ඉල්ලා සිටියහ.

    අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස්, ආර්ථික පුනර්ජීවනය පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බලකායේ ප්‍රධානී බැසිල් රාජපක්ෂ, ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර යන මහත්වරු, කැබිනට් සහ රාජ්‍ය අමාත්‍යාංශ ලේකම්වරු, රේඛීය ආයතනවල නිලධාරීහූ, ක්‍රීඩා සංගම් නියෝජිතයෝ සහ ප්‍රවීණ ක්‍රීඩක ක්‍රීඩිකාවෝ සාකච්ඡාවට එක්ව සිටියහ.

  • ‘ඉන්දියාවේ සහගහන අපරාධයක්’: 86 හැවිරිදි මිත්තණියක් දූෂණය කරලා

    ‘ඉන්දියාවේ සහගහන අපරාධයක්’: 86 හැවිරිදි මිත්තණියක් දූෂණය කරලා

    86 හැවිරිදි කාන්තාවක දූෂණය කිරීම සහ පහරදීම සම්බන්ධයෙන් දිල්ලියේ අගනුවර පොලීසිය විසින් 30 හැවිරිදි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

    “මෙම කාන්තාව සඳුදා සවස කිරි ගෙන එන්නා පැමිණෙන තෙක් නිවසෙන් පිටත සිට බලාසිට තිබෙනවා. දූෂකයා පැමිණ ඇත්තේ ඒ අවස්ථාවෙයි‘ දිල්ලි කාන්තා කොමිෂන් සභාවේ ප්‍රධානී ස්වාති මාලිවාල් බීබීසීයට පැවසීය.

    “තමා සුපුරුදු කිරි බෙදාහරින්නා නොවන බව ඔහු ඇයට පැවසූ අතර ඇයව කිරි ලබා ගත හැකි ස්ථානයට ගෙන යාමට ඉදිරිපත්ව තිබෙනවා. වියපත් කාන්තාව මෙම තරුණ පිරිමියා සමග විශ්වාසයෙන් යුතුව අදාළ ස්ථානය වෙත ගමන් කර තිබෙනවා‘

    මාලිවාල් මහත්මිය කියා සිටියේ ඔහු ඇයව අසල ගොවිපලකට රැගෙන ගොස් දූෂණය කළ බවයි.

    “ඇය දිගින් දිගටම හඬා වැලපෙමින් අතරවර නොකරන ලෙස ඔහුගෙන් ඉල්ලා සිටියා. ඇය ඔහුගේ ආච්චි හා සමාන බව ඇය ඔහුට කීවාය. නමුත් ඔහු ඇයගේ ඉල්ලීම් නොසලකා හැර ඇය ආරක්ෂා වීමට උත්සාහ කළ විට අනුකම්පා විරහිතව ඇයට පහර දුන්නේය” යනුවෙන් මාලිවාල් මහත්මිය පැවසුවාය.

    ඇය පසුකර ගිය ප්‍රාදේශීය ගම්වැසියන් ඇගේ හඬ ඇසී ඇයව බේරා ගත්තා. ඔවුන් පහර දුන් තැනැත්තා පොලිසියට භාර දුන්නා.

    අඟහරුවාදා දිවි ගලවා ගත් තැනැත්තිය බැලීමට ගිය මාලිවාල් මහත්මිය ඇගේ හමුව විස්තර කළේ හද කම්පා කරවන ක්‍රියාවක් ලෙසයි.

    “ඇගේ දෑත් මුළුමනින්ම රැළි වැටී ඇත. ඇයට සිදුවූ දේ ඇසූ විට ඔබට කම්පනයක් ඇති වේ. ඇගේ මුහුණේ සහ ඇගේ සිරුර පුරා තැලීම් ඇති අතර ඇය මට පැවසුවේ ඇයට යෝනි මාර්ගයෙන් ලේ ගැලීමක් ඇති බවයි. ඇය දැඩි කම්පනයකින් පෙළෙනවා.”

    Demonstrators in India hold placards to protest against sexual assaults on women, File photo
    කාන්තාවන්ට එරෙහි ලිංගික හිංසනය මෑත වසරවලදී ඉන්දියාවේ අවධානය යොමු වී තිබේ

    මෙම දූෂකයාට මරණීය දණ්ඩනය නියම කරන ලෙස මාලිවාල් මහත්මිය ඉල්ලා ඇත.

    “දිල්ලි මහාධිකරණයේ අගවිනිසුරුට සහ නගරයේ ලුතිනන් ආණ්ඩුකාරවරයාට මම ලියන්නේ නඩුව කඩිනමින් සොයාගෙන මාස හයකින් ඔහුව එල්ලා මරා දමන ලෙසයි.”

    දිල්ලියේ බස් රථයක 23 හැවිරිදි භෞත චිකිත්සක සිසුවියක සමූහ දූෂණයට ලක්වීම හේතුවෙන් 2012 දෙසැම්බර් මාසයේ සිට ඉන්දියාවේ ස්ත්‍රී දූෂණ හා ලිංගික හිංසනය අවධානයට ලක්ව තිබේ. දින කිහිපයකට පසු පහරදීමෙන් සිදුවූ තුවාල හේතුවෙන් ඇය මිය ගිය අතර අදාළ අපරාධයට සම්බන්ධ විත්තිකරුවන් හතර දෙනෙකු මාර්තු මාසයේ එල්ලා මරා දමන ලදී.

    එහෙත් ලිංගික අපරාධ පිළිබඳ වැඩි විමර්ෂණයක් තිබියදීත්, ඔවුන්ගේ සංඛ්‍යාව දිගටම ඉහළ යමින් පවතී.

    ජාතික අපරාධ වාර්තා කාර්යාංශයට අනුව, 2018 දී ඉන්දියාවේ ස්ත්‍රී දූෂණ 33,977 ක් පොලීසිය විසින් වාර්තා කරන ලදී. (ඉන්දියාවේ සෑම මිනිත්තු 15 කට වරක් ස්ත්‍රී දූෂණයක් සිදු කරයිෙ) එහෙත් බොහෝ සිද්ධීන් පවා වාර්තා නොවීම නිසා සත්‍ය සංඛ්‍යාව වැඩි බව ප්‍රචාරකයින් පවසයි.

    සියල්ලන්ම ප්‍රවෘත්ති නොකියයි. පුවත්පත් වාර්තා වන්නේ වඩාත් ම්ලේච්ඡ හෝ කම්පන සහගත කාරණා පමණි. පසුගිය දින කිහිපය තුළ ඉන්දියාව කොරෝනා වෛරස් වසංගතයට මුහුණ දීම සඳහා මහත් පරිශ්‍රමයක් දරමින් සිටියදී ගිලන් රථ රියැදුරෙකු විසින් කොවිඩ්-19 රෝගියෙකු රෝහල කරා රැගෙන යමින් සිටියදී දුෂණය කළ බව වාර්තා විය.

    පසුගිය මාසයේ 13 හැවිරිදි දැරිය උක් වගා බිමකදී දූෂණය කර ඝාතනය කර ඇති බව ඇයගේ පියා විසින් වාර්තා කර ඇති අතර ඇයගේ දෑස් ගළවා ගෙන දිව කපා දමා ඇති බවට ද ඔහු චෝදනා කළේය.

    පසුගිය ජූලි මාසයේදී හය හැවිරිදි දැරියක් පැහැර ගෙන ගොස් දූෂණය කර ඇති අතර දූෂකයා දෑස් වලට බරපතල තුවාල සිදු වූ බවක් පෙනෙන්නට තිබේ.

    කාන්තා ක්‍රියාකාරිනියක වන යෝගිතා භයනා පෙන්වා දෙන පරිදි ‘කිසිදු වයස් කාණ්ඩයක් ආරක්ෂිත නැහැ. දූෂණයට ලක්වූ 60 හැවිරිදි වියේ පසුවන කාන්තාවක් සහ මාසයක් වයසැති ගැහැනු ළමයෙකු මට හමු වී තිබෙනවා‘ ඇය පැවසුවාය.

    An Indian girl holds candles as she along with her relatives takes part in a candle light march to protest against the rape and murder of eight-year-old girl in Kathua, in Amritsar, India, 15 April 2018
    ඉන්දියාව දැඩි නීති දූෂණ නීති 2013 දී සම්මත කළේය

    2012 දෙසැම්බරයේ දිල්ලි බස් දූෂණය පිළිබඳ ම්ලේච්ඡත්වය පිළිබඳ ගෝලීය විරෝධයෙන් පසුව, ඉන්දියාව විශේෂයෙන් බිහිසුණු නඩු වලදී මරණීය දණ්ඩනය ඇතුළු දැඩි නව ස්ත්‍රී දූෂණ නීති හඳුන්වා දුන් අතර ස්ත්‍රී දූෂණ නඩු විභාග කිරීම සඳහා කඩිනම් අධිකරණ පිහිටුවීමට පොරොන්දු විය.

    එහෙත්, උද්ඝෝෂකයින් පවසන්නේ, භූමියේ බොහෝ දේ වෙනස් වී නැති බවයි.

    “කාන්තාවන් සහ ගැහැණු ළමයින් ආරක්ෂා කිරීම රජයේ ප්‍රමුඛතා ලැයිස්තුවේ ඉහළින්ම සිටිය යුතු නිසා තත්වය වෙනස් වී ඇත. නමුත් එයින් වෙනසක් සිදුව ඇති බවක් නොපෙනේ” බයනා මහත්මිය පවසයි.

    “ඉන්දියාව බාහිර ආරක්ෂාව ගැන කතා කරයි. නමුත් මම ඔවුන්ගෙන් විමසන්නේ අභ්‍යන්තර ආරක්ෂාව ගැන කුමක් ද? කාන්තාවන්ගේ හා ගැහැණු ළමයින්ගේ ආරක්ෂාව සහතික කිරීම සඳහා ඔබ කරන්නේ කුමක්ද?”

    ස්ත්‍රී දූෂණයට ලක්වූවන්ට සාධාරණය ඉටු කරන ලෙස ඉල්ලා අගමැති නරේන්ද්‍ර මෝදි වෙත වසර පහක් තිස්සේ ලිපි ලියා ඇති නමුත් එකදු ප්‍රතිචාරයක්වත් ලැබී නොමැති බව බයානා මහත්මිය පවසයි.

    “ඇයි ඔහු ඒ ගැන කතා නොකරන්නේ?” ඇය අසයි.

    විපක්ෂයේ සිටියදී මෝදි මැතිවරණ රැලි කිහිපයකම දිල්ලිය ‘ස්ත්‍රී දූෂණ අගනුවර‘ ලෙස විස්තර කර තිබේ.

    2014 දී අගමැති ධුරයට පත්වීමෙන් පසු ඔහු එය ප්‍රමුඛතාවයක් බවට පත් කළේය. එම වසරේ ඔහුගේ පළමු නිදහස් දින කතාවේදී ඔහු ස්ත්‍රී දූෂණ ගැන කතා කළ අතර වඩා හොඳ පුතුන් ඇති දැඩි කරන්නේ කෙසේද යන්න පිළිබඳව දෙමාපියන්ට උපදෙස් ලබා දුන්නේය.

    “මෙම ස්ත්‍රී දූෂණ ගැන ඇසූ විට අපගේ හිස ලැජ්ජාවට පත්වේ,” ඔහු පැවසීය.

    “සෑම නිවසකම දෙමව්පියන් දියණියන් ඇය යන්නේ කොහේද, ඇය නැවත පැමිණෙන්නේ කවදාද යන්න පිළිබඳව බොහෝ ප්‍රශ්න අසයි. ඇය ගමනාන්තයට ළඟා වූ විට ඔවුන්ව දැනුවත් කරන ලෙස ඉල්ලා සිටී. නමුත් ඔබ කවදා හෝ ඔබේ පුතාගෙන් ඇහුවා ද ඔහු යන්නේ කොහේද, ඔහු යන්නේ ඇයි සහ ඔහුගේ මිතුරන් කවුද? කියා‘ මෝදි ප්‍රශ්න කළේය.

    ඉන්දියාවේ බොහෝ දුරට වැඩවසම් හා පීතෘමූලික සමාජයේ මෙය බිම් මට්ටමේ සිදුවීමක් ලෙස සලකයි. බොහෝ විට මෙම දූෂණ සිදුවීම්වලට බලවත් පුද්ගලයින් සම්බන්ධ වන විට සියල්ල යටපත් වෙයි.

    අගමැති මෝදි පවා මේ සම්බන්ධයෙන් බොහෝ විට දක්වන්නේ ඇල්මැරුණු අකල්පයකි. ඔහු 2018 දී සිදුකළ ට්වීටර් පණිඩුයකින් පසු කිසිවක් ප්‍රකාශ කර නැත.

    ඔහුගේ පක්ෂයට සම්බන්ධ සාමාජිකයන් වෙත එල්ල වූ ස්ත්‍රී දූෂණ චෝදනාවලින් පසු ඔහු “ඉන්දියාවේ දියණියන්ට යුක්තිය ඉටුවනු ඇත” යනුවෙන් 2018 දී ට්වීටර් පණිවුඩයක් නිකුත් කළේය. එය එපමණකි. කිසිම වෙනසක් සිදුව නැත. සිදුවන බවක් පෙනෙන්ට ද නැත.

    ස්ත්‍රී පුරුෂ සමාජභාවය පිළිබඳ මෙම ගැටළුව එක රැයකින් අතුරුදහන් වීමට හේතු විය හැකි “මැජික් දණ්ඩක් නැත, කිසිවක් නැත” යනුවෙන් භයනා මහත්මිය පවසයි.

    ඇය පවසන්නේ බොහෝ දේ වෙනස් කළ යුතු බවයි. (පොලිස් හා අධිකරණ ප්‍රතිසංස්කරණ) පොලීසිය සහ නීතිඥයින් පිළිබඳ වැඩි සංවේදීතාවයක් සහ වඩා හොඳ අධිකරණ මෙවලම් අවශ්‍ය වේ.

    “නමුත් සියල්ලටම වඩා, අපට ස්ත්‍රී පුරුෂ භාවය පිළිබඳ දැනුවත්භාවය අවශ්‍යයි. මනෝභාවයන් වෙනස් කිරීමට, එවැනි අපරාධ මුලින් සිදුවීම වැළැක්වීමට අප ක්‍රියා කළ යුතුයි.”

    එය අසීරු ඉල්ලීමක් බව ඇය තවදුරටත් පවසන්නීය. දිල්ලි රජය හෝ ෆෙඩරල් රජය වේවා කිසිදු රජයක් ස්ත්‍රී පුරුෂ හිංසනය මැඩපැවැත්වීම සම්බන්ධයෙන් බැරෑරුම් වන බවට කිසිදු සලකුණක් නොමැත.

    “මම අවුරුදු අටක් තිස්සේ ක්‍ෂේත්‍රයේ වැඩ කරමින් සිටිමි. මේ පිළිබඳව බරපතල ලෙස සිතන කිසිවෙකු මට හමු වී නැත.”

    බයානා මහත්මිය පවසන්නේ සෑම තැනකම විවිධ කාරණා ගැන, රජයේ විවිධ ජයග්‍රහණ ගැන, කොවිඩ් -19 ගැන හෝ මත්ද්‍රව්‍ය භාවිතයට එරෙහිව ජනතාවගෙන් අනතුරු ඇඟවීමක් ඇති බවයි.”

    නමුත් ස්ත්‍රී දූෂණය හෝ ස්ත්‍රී පුරුෂ හිංසනය පිළිබඳව කිසියම් නගරයක රැස්වීමක් ඔබ දැක තිබේද?” ඇය අසයි.

    “මෝඩි මහතාගේ සුරතල් සටන් පාඨය වන “බෙටි බචාවෝ, බෙටි පධාවෝ [දියණියන් දැනුවත් කරන්න, දියණියන් බේරා ගන්න] යන පුවරු සමඟ අපි බොහෝ විට පුවරු දකිමු. මම කියන්නේ ඇයි අපි එය බීටා පාදාවෝ, බෙටි බචාවෝ [ඔබේ පුතුන් දැනුවත් කරන්න, දියණියන් බේරා ගන්න] ලෙස වෙනස් නොකරන්නේ? ‘ ඇය ප්‍රශ්න කරයි.

    2020 සැප්තැම්බර් 09 වැනි දින බී.බී.සී වාර්තාවකි. සැකසුම – තීක්ෂණ වෙළෙන්එගොඩ

  • Untitled post 32287

    ඉකුත් දා නිමාවට පත් වුණු අන්තර් සමාජ පළමු පෙළ ලීග් ක්‍රිකට් තරගාවලියේදී පිතිකරුවන් රැසක් දක්ෂතා දැක්වීමට සමත්වූ අතර එහිදී ලකුණු 1000 සීමාව ඉක්මවා යෑමට පිතිකරුවන් දෙදෙනකු සමත්විය. හිටපු ටෙස්ට් නායක වත්මන් යුද හමුදා කණ්ඩායමේ පිතිකරු දිනේෂ් චන්දිමාල් සහ එන්. සී. සී. කණ්ඩායමේ ළහිරු උදාර ලකුණු 1000 සීමාව ඉක්මවා ලූ පිතිකරුවන් යුගලය බවට පත්විය. මොවුන් දෙදෙනා අතරින් වැඩිම ලකුණු වාර්තා කරන ලද පිතිකරුවා බවට පත් වූයේ ළහිරු උදාර වන අතර හේ ලකුණු 1039 ක් වාර්තා කරමින් පිතිකරුවන් අතර පෙරමුණට පැමිණ සිටියි.

    මෙවර තරග වාරයේදී පිතිකරුවකු ලෙස දස්කම් දැක්වීමට හැකිවීම පිළිබඳව අදහස් දක්වමින් පවසා සිටියේ නුදුරේදීම ශ්‍රී ලංකා ටෙස්ට් සහ එක්දින කණ්ඩායම්වල ආරම්භක පිතිකරු ස්ථානයේ ක්‍රීඩා කිරීම තම ඉලක්කය වී තිබෙන බවයි. 

    2018-19 තරග වාරයේදීත් ශතකයක් සහ අර්ධ ශතක 7 ක් සමඟින් ලකුණු 861 ක් ලැබූ ළහිරු සමස්ථ තරගාවලියේ වැඩිම ලකුණු ලද පිතිකරුවන් අතර පස්වැනි ස්ථානයට පැමිණියේය. සිය උත්සාහය අත් නොහළ උදාර මෙවර තරග වාරයේදී එම දක්ෂතා තව ඔප් නංවා ගනිමින් ද්විත්ව ශතකයක් ඇතුළුව ශතක 3 ක් සහ අර්ධ ශතක 6 ක් සමඟින් වැඩිම ලකුණු ලද පිතිකරු ශ්‍රේණියේ පළමු ස්ථානය තම නම වෙනුවෙන් වෙන් කර ගත්තේය. රාගම ක්‍රීඩා සමාජයට එරෙහිව නොදැවී රැස් කරන ලද ලකුණු 290 මෙවර තරගවාරයේ ළහිරු ඉනිමක ලද ඉහළම ලකුණු සංඛ්‍යාව වේ.

    “ඇත්තටම මේ තරග වාරයේදී මම හිතුවේ ලකුණු 1000 සීමාව ඉක්මවනවමයි කියල අරමුණකින්මයි හිටියේ. ඇත්තටම ඉනිමක ලකුණු ලබා ගැනීමේ සාමාන්‍ය 87 ක් වන පරිදි (86.72) රඳවා තබා ගනිමින් ඒ දේ කරන්න ලැබීම ගැන මම සතුටු වෙනවා” යි ළහිරු තම සතුට වචන වලට පෙරැළීය.

    මෙවර තරග වාරයේ පළමු තරගයේදීම ත්‍රිත්ව ශතකය ආසන්නයට පැමිණි ළහිරුට ත්‍රිත්ව ශතකය අහිමි වූයේ අනෙක් අන්තයේ පිතිකරුවන් සියල්ල දැවී යෑම හේතුවෙනි. එම තරගයේදී අංක 3 පිතිකරුවා ලෙස පිටියට පිවිසි ළහිරු දක්වන ලද දක්ෂතාවය හේතුවෙන් ඉතිරි තරග සියල්ලටම ආරම්භක පිතිකරුවකු ලෙස උසස්වීම් ලැබුවේය.

    1993 වසරේ දී ඇල්පිටිය, බටුවන්හේනේදී උපත ලද ළහිරු උදාර, සහජ හැකියාවන්ගෙන් හෙබි ක්‍රීකයින්ට ජාතික කණ්ඩායමට ගෙන ඒම වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සකස් කර ඇති වැඩපිළිවෙළහි සාර්ථක භාවයට එක් උදාහරණයක් සපයන්නෙකි. ඇල්පිටියේ ආනන්ද ශාස්ත්‍රාලයේ සිට සිට නුගේගොඩ සාන්ත ජොන් විදුහලට පැමිණෙන ළහිරු වයස අවුරුදු 19 න් පහළ නියෝජනය කරන අවධියේදී දක්ෂතම පිට පළාත් ක්‍රීඩකයාට හිමි සම්මානයෙන්ද පිදුම් ලබන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් වැඩපිළිවෙළෙහි සාර්ථකත්වය යළි යළිත් විදහා පාමිනි.

    Text by sl cricket

  • දකුණු ආසියාවේ වේගවත්ම මිනිසා ‘යුපුන් අබේකෝන්’

    දකුණු ආසියාවේ වේගවත්ම මිනිසා ‘යුපුන් අබේකෝන්’

    ජර්මනියේ පැවැත්වෙන ජාත්‍යන්තර මළල ක‍්‍රීඩා තරගාවලියකදී පිරිමි මීටර 100 ධාවන ඉසව්වේ දකුණු ආසියානු වාර්තාව සහ ශ්‍රී ලංකා වාර්තාව තමන් සතු කර ගැනීමට ශ‍්‍රී ලාංකික ක‍්‍රීඩක යුපුන් අබේකෝන් ඊයේ (08) සමත් වුණා.

    මෙහිදී පිරිමි මීටර් 100 ඉසව්ව සඳහා දකුණු ආසියාවේ සහ ශ‍්‍රී ලංකාවේ හොඳව කාලය ලෙස ඔහු වාර්තා කළ කාලය තත්පර 10යි දශම 1යි 6ක්. (10.16ක්)

    මෙම වාර්තාවට මීට පෙර හිමිකම් කියනු ලැබුවේ හිමාෂ ඒෂාන් විසින් වන අතර පසුගිය වසරේ ඔහු වාර්තා කළ කාලය තත්ත්පර 10යි දශම 2ක්.

    යුපුන් අබේකෝන් ඉතාලියේ නේවාසිකව සිය පුහුණුවීම් කටයුතු සිදුකරන ක්‍රීඩකයෙක් වීම ද විශේෂත්වයක්.

  • යොවුන් ජවය මැන බලන 23 න් පහළ ක්‍රිකට් 16 දා ඇරඹෙයි

    යොවුන් ජවය මැන බලන 23 න් පහළ ක්‍රිකට් 16 දා ඇරඹෙයි

    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පවත්වනු ලබන වයස අවුරුදු 23 න් පහළ අන්තර් සමාජ ප්‍රධානතම ක්‍රිකට් තරගාවලිය කණ්ඩායම් 26 කගේ සහභාගිත්වයෙන් සැප්තැම්බර් මස 16 වැනිදා ආරම්භ වේ. ඔක්තෝම්බර් මස 11 වැනිදා අවසන් වීමට නියමිත මෙම තරගාවලිය එක්දින තරගාවලියක් ලෙසින් පැවැත්වෙනු ඇත.

    ඉකුත් වසරට සාපේක්ෂව මෙවර තරගාවලියේදී කණ්ඩායම් 2 කගේ වැඩි වීමකින් හෙවත් කණ්ඩායම් 26 ක් තරග වැදීමට සුදුසුකම් ලබා සිටින අතර තරගාවලිය කාණ්ඩ 4 ක් යටතේ තරග වදිනු ඇත. ඒ අනුව A සහ D කාණ්ඩ යටතේ කණ්ඩායම් 7 බැගින් වන අතර B සහ C කාණ්ඩ දෙකෙහි කණ්ඩායම් 6 බැගින් ඇතුළත්ව සිටියි.

    මෙම තත්ත්වය මත A සහ D කාණ්ඩ වලට මූලික වටයේ තරග 6 කටත් B සහ C කාණ්ඩවලට තරග 5 කටත් බැගින් ක්‍රීඩා කළ යුතු වන අතර අදාළ කාණ්ඩවල ඉහළම ප්‍රසාද ලකුණු ලබා ගන්නා කණ්ඩායම් ඔක්තෝබර් 07 වැනිදා පැවැත්වීමට නියමිත අර්ධ අවසන් තරග වටයට සුදුසුකම් ලබනු ඇත.

    මෙවර තරගාවලිය සඳහා ඉකුත්දා නිමාවට පත් වුණු අන්තර් සමාජ ප්‍රධානතම ක්‍රිකට් තරගාවලිය නියෝජනය කරන ලද ක්‍රීඩකයින් මෙන්ම වයස අවුරුදු 19 න් පහළ ලෝක කුසලාන තරගාවලිය නියෝජනය කරන ලද ක්‍රීඩකයින් රැසක් මෙම තරගාවලිය නියෝජනය කරනු ඇත.

    අවසන් වසරේ පැවැති තරගාවලියේ ශූරතාව කොළඹ කෝල්ට්ස් ක්‍රීඩා සමාජය විසින් දිනා ගනිද්දී හලාවත මේරියන්ස් පිල එහි අනුශූරයින් බවට පත්විය.

    text – sri lanka cricket

  • LPL T20 නොවැම්බරයේදී කරළියට

    LPL T20 නොවැම්බරයේදී කරළියට

    නොඉවසිල්ලෙන් බලා සිටි ලංකා ප්‍රිමියර් ලීග් විස්සයි-20 ක්‍රිකට් තරගාවලිය ලබන නොවැම්බර් මස මුල් භාගයේදී නිල වශයෙන් දියත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය බලාපොරොත්තු වේ. තරගාවලිය නොවැම්බර් මස 14 වැනිදා සිට දෙසැම්බර් 06 වැනිදා දක්වා පැවැත්වෙනු ඇත.

    කණ්ඩායම් 5 ක්, දින 15 ක කාලයක් තුළ තරග 23 කදී එකිනෙකා සමඟ ගැටෙන මෙම තරගාවලිය කළමනාකරණය කිරීම සහ මෙහෙයවීම සඳහා අයි. පී. ජී. (IPG) හෙවත් Innovative Production Group ආයතනය සමඟ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ගිවිසුමකට එළැඹ සිටියි. 

    තරගාවලිය නියෝජනය කරනු ලබන කණ්ඩායම් 5 හි හිමිකරුවන්ගේ අයිතිවාසිකම්, රූපවාහිනී විකාශනය, නිෂ්පාදනය සහ ක්‍රීඩාංගණවල අයිතීන් පිළිබඳව සියළු මෙහෙයවීම් කටයුතු අයි.පී.ජී. ආයතනය විසින් සිදුකරනු ඇත.

    කොළඹ, මහනුවර, ගාල්ල, දඹුල්ල සහ යාපනය යන දිස්ත්‍රික්ක 5 කේන්ද්‍ර කර ගනිමින් නම් කොට තිබෙන කණ්ඩායම් 5 සියළුම තරග රංගිරි දඹුල්ල, හම්බන්තොට මහින්ද රාජපක්ෂ සහ පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයන්හිදී පැවැත්වෙනු ඇත.

    මෙම තරගාවලිය හරහා දේශීය තරග පිටියේ ක්‍රීඩකයින්ට ලොව ප්‍රමුඛ පෙළේ ක්‍රීඩකයින් සමඟ කරට කර ක්‍රීඩා කරමින් ඔවුන්ගේ කුසලතා වර්ධනය කර ගැනීමට වේදිකාවක් නිර්මාණය කරන අතරම ශ්‍රී ලාංකේය ක්‍රිකට් රසිකයින්ටද ගුණාත්මක ක්‍රිකට් තරගාවලියක් නැරඹීමේ අවස්ථාව සැලසෙනු ඇත.

  • තරංග පරණවිතාන ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගනී

    තරංග පරණවිතාන ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගනී

    ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරන ලද ඉදිරි පෙළ පිතිකරුවකු වන තරංග පරණවිතාන සිය අන්තර්ජාතික ක්‍රිකට් පිටියෙන් සමුගැනීම ප්‍රකාශයට පත් කර තිබේ. ඒ පිළිබඳව තරංග විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත නිල වශයෙන් දැනුම් දී ඇත.

    ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරුවකු ලෙස කටයුතු කළ පරණවිතාන තම ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් විශ්‍රාම යන විට 38 හැවිරිදි වියේ පසුවන්නේය. ටෙස්ට් තරග සඳහා විශේෂඥ පිතිකරුවකු ලෙසින් කටයුතු කළ පරණවිතාන ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් තරග 32 කට සහභාගිවී තිබේ.

  • ජාත්‍යන්තර ක්‍රීඩාපිටිය ජය ගන්න ‘නාමල් හදන සැලසුමේ’ සුලමුල

    ජාත්‍යන්තර ක්‍රීඩාපිටිය ජය ගන්න ‘නාමල් හදන සැලසුමේ’ සුලමුල

    මෙරට පාසල් ක්‍රීඩාව ඉහළ නැංවිම සඳහා දැනට ක්‍රියාත්මක ව පවත්නා ක්‍රීඩා පාසල් සංවර්ධනය කළ යුතු ආකාරය සහ එහි ව්‍යූහය සකස් කළ යුතු ආකාරය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමේ විශේෂ හමුවක් අද (27) අධ්‍යාපන අමාත්‍යාංශයේ දී පැවැත්විණි.

    අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස්, ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම හමුව පැවැත්විණි.

    මෙහි දී අදහස් දැක්වූ අධ්‍යාපන අමාත්‍යවරයා, කායිකව හා මානසික ව සංවර්ධනය වූ නිරෝගී දරු පරපුරක් ගොඩනැංවීමේ දී පාසල් තුළ ක්‍රීඩාව සංවර්ධනය කිරීම අත්‍යවශ්‍ය කරුණක් බවත්, ඒ සඳහා දැනට සෑම දිස්ත්‍රික්කයක් ම නියෝජනය වන පරිදි පවත්නා ක්‍රීඩා පාසල්වල භෞතික හා මානව සම්පත් සංවර්ධනය කිරීමට පියවර ගත යුතු බවත් සඳහන් කළේය. එමෙන් ම ක්‍රීඩාව කෙරෙහි දරුවන් නැඹුරු කරවිමට හා ක්‍රීඩා ක්ෂේත්‍රයේ සංවර්ධනය වෙනුවෙන් පෞද්ගලික හා ව්‍යාපාරික ප්‍රජාවගේ සහාය ලබාගැනීමට ද වැඩපිළිවෙළක් සකස් විය යුතු බව ද අමාත්‍යවරයා මෙහි දී පෙන්වා දුන්නේ ය.

    මෙහි දී අදහස් දැක් වූ ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා සඳහන් කළේ, අදක්ෂයින් අතර දක්ෂයින් මතුකර ගැනීම වෙනුවට දක්ෂයින් අතරින් අතිදක්ෂයින් බිහිකිරීමත්, ජාතික තලය ඉක්මවා යමින් ජාත්‍යන්තරය ජය ගන්නා ක්‍රීඩකයින් බිහිකිරීමත් වෙනුවෙන් පාසල් ක්‍රිඩාව සංවර්ධනය කළ යුතු බවයි. ඒ සඳහා දැනට ක්‍රියාත්මක ව පවත්නා ක්‍රීඩා පාසල්වල පහසුකම් තවදුරටත් සංවර්ධනය කිරීමට හා එක් එක් ක්‍රීඩා පාසල්වල ප්‍රමුඛ අවශ්‍යතා හඳුනාගනිමින් ඒවායේ ප්‍රමිතිය ඉහළ නැංවීමට පියවර ගන්නා බව ද සඳහන් කළේ ය. දැනට පවත්නා ක්‍රීඩා පනත වෙනුට නව පනතක් ඉදිරියේ දී ගෙන එන බවත්, ඉලක්ක සහ ක්‍රියාකාරකම් මූලික කරගත් සංවර්ධන සැලැස්මකට අනුව මෙරට පාසල් ක්‍රීඩාව ඉහළ නැංවීමට ක්‍රීඩා පාසල් හරහා පියවර ගන්නා බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

    ක්‍රීඩා උපදේශකවරුන් යාවත්කාලීන කිරීම හා පුහුණු කිරීම සඳහා ජාතික සංචිතය හරහා සහාය ලබාදීමට ද ක්‍රීඩා පාසල්වල දැනට පවත්නා නේවාසිකාගාර පහසුකම් වැඩිදියුණුකිරීම, පහසුකම් සහිත ක්‍රීඩා පිටි නොමැති වීම, ක්‍රීඩා පාසලට සිසුන් ඇතුළත් කිරීමේ දී පන්ති කාමර ඉඩ පහසුකම් ප්‍රමාණවත්ව නොපැවතීම වැනි ගැටළු කෙරෙහි ද මෙහි දී අමාත්‍යවරුන්ගේ අවධානය යොමු කෙරිණි. ඒ අනුව ක්‍රීඩා පාසල් සඳහා සිසුන් ඇතුළත් කිරීමේ ක්‍රියාවලිය සඳහා නිශ්චිත ක්‍රමවේදයක් සකස් කිරීමට්‍ත් දැනට පව්‍ත්නා ක්‍රමවේදය තුළ මතුව ඇති ගැටළු නිරාකරණය වන අයුරින් එම ක්‍රියාවලිය සිදුකිරීමටත් මෙහි දී යෝජනා කෙරිණි.  ඉදිරියේ දී සියලු ක්‍රීඩා පාසල් සම්බන්ධ කරගනිමින් ක්‍රීඩා කටයුතු සඳහා ජාතික සංචිතය සම්බන්ධ කරවිය හැකි පරිදි ඩිජිටල් කුටි සෑම ක්‍රීඩා පාසලකම ස්ථාපනය කිරීමට ද පියවර ගන්නා බවත් අධ්‍යාපන අමාත්‍යාංශය හා ක්‍රීඩා අමාත්‍යාංශය එක්වෙමින් ක්‍රීඩා පාසල් හරහා මෙරට පාසල් ක්‍රීඩාව ඉහළ නැංවීමට විධිමත් යාන්ත්‍රණයක් සකස් කිරීමට පියවර ගන්නා බව ද  මෙහි දී ක්‍රීඩා අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය. ආරක්ෂක අමාත්‍යාංශය විසින් ක්‍රීඩකයින් පුහුණු කිරීම සඳහා මේ වනවිටත් ලබාදෙන දායකත්වය ද කෘතවේදී ව අගය කළ අමාත්‍යවරයා ඉදිරියේ දී ක්‍රීඩා පාසල් අතර ජාතික තරගාවලියක් පැවැත්වීම සඳහා ද කටයුතු යොදන ලෙස ද ක්‍රීඩා අමාත්‍යවරයා අධ්‍යාපන අමාත්‍යාංශය වෙත යෝජනා කළේය.

    මෙම අවස්ථාවට ක්‍රීඩා රාජ්‍ය අමාත්‍ය තේනුක විදානගමගේ මහතා, පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේම්නාත් දොළවත්ත මහතා,  අධ්‍යාපන ලේකම් කේ.කේ.සී.කේ පෙරේරා මහතා, තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යාංශ ලේකම් අනුරාධ විජේකෝන් මහතා, ග්‍රාමීය පාසල්, ක්‍රීඩා හා යටිතල පහසුකම් ප්‍රවර්ධන රාජ්‍ය ලේකම් රවීන්ද්‍ර සමරවික්‍රම මහතා ඇතුළු ජ්‍යේෂ්ඨ නිලධාරීන් රැසක් ද, ක්‍රීඩා පාසල්වල විදුහල්පතිවරුන් ද, ක්‍රීඩා අමාත්‍යාංශයේ සහ ආරක්ෂක අමාත්‍යාංශයේ නිලධාරීන් රැසක් ද  එක්ව සිටියහ.

  • 2019-20 වසරේ ශූරයින් ලෙසින් සී. සී. සී. කණ්ඩායම කිරුළු පළඳී

    2019-20 වසරේ ශූරයින් ලෙසින් සී. සී. සී. කණ්ඩායම කිරුළු පළඳී

    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැති අන්තර් සමාජ ප්‍රධානතම ලීග් ක්‍රිකට් තරගාවලියේ 2019-20 වසරේ ශූරයින් ලෙසින් සී. සී. සී. කණ්ඩායම කිරුළු පළඳිද්දී තරගාවලියේ අවසන් දිනය තෙක්ම අනුශූරතාව හිමිකර ගනු ලබන්නේ කවුරුන්ද යන්න පැවැති අවිනිශ්චිතභාවය බිඳ දමමින් එහි අනුශූරතාව දිනා ගැනීමට එන්. සී. සී. කණ්ඩායම අද (27 දා) සමත්විය. අසල්වැසි ක්‍රීඩා සමාජ 2 ක් වන සී.සී.සී. සහ එන්.සී.සී. ශූරතාව සහ අනුශූරතාව දිනා ගැනීම විශේෂත්වයක් විය. 

    තරගාවලියේ අනුශූරතාව හිමිකර ගැනීම වෙනුවෙන් එන්. සී. සී. සහ හලාවත මේරියන්ස් අතර ප්‍රබල සටනක් පැවැතිය අතර එහිදී අනුශූරතාව හිමිකර ගැනීමට නම් අවසන් සති අන්තයේදී දෙපිළටම පූර්ණ තරග ජයග්‍රහණ වාර්තා කිරීම අනිවාර්යය විය. ඒ අනුව කෝල්ට්ස් ක්‍රීඩා සමාජයට එරෙහිව කොළඹ සී. සී. සී. පිටියේ පැවැති තරගයෙන් ඉනිමක සහ ලකුණු 79 ක ජයක් වාර්තා කරමින් හලාවත මේරියන්ස් කණ්ඩායමේ ප්‍රසාද ලකුණු සංඛ්‍යාව අභිබවා යෑමට එන්.සී.සී. පිල සමත්විය. 

    එන්. සී. සී. පිලට වඩා ප්‍රසාද ලකුණු 4.785 ක් ඉදිරියෙන් සිටිමින් හලාවත මේරියන්ස් පිල සුපර් 8 තරග වටයේ අවසන් හෙවත් සී. සී. සී. පිලට එරෙහි තරගයට අවතීර්ණ වුවත් බලාපොරොත්තු වුණු පූර්ණ තරග ජයග්‍රහණය ලබා ගැනීමට නොහැකි වීම මත හලාවත මේරියන්ස් පිලේ අනුශූරතා බලාපොරොත්තු සිහිනයක් බවට පත්විය. 

    පළමු ඉනිමේදී ලකුණු 171 ක වාසියක් හිමිකර ගනිමින් පූර්ණ තරග ජයග්‍රහණයකට අවශ්‍ය අඩිතාලම එක් කර ගැනීමට හලාවත මේරියන්ස් පිලට හැකියාව ලැබුණත් දෙවැනි ඉනිමේදී කුසල් මෙන්ඩිස් ඇතුළු සී. සී. සී. පිතිකරුවන් දක්වන ලද දක්ෂතාවලට අභියෝගයක් එල්ල කිරීමට මේරියන්ස් පන්දු යවන්නන්ට නොහැකි විය.

    එහිදී කුසල් මෙන්ඩිස් සහ අශාන් ප්‍රියන්ජන් එක්ව එක් කරන ලද ශතක සම්බන්ධතාව හේතුවෙන් සී. සී. සී. දෙවැනි ඉනිමට කඩුලු 4 කට ලකුණු 494 ක් දක්වා දැවැන්ත ලකුණු සංඛ්‍යාවක් රැස් කිරීමට හැකියාව ලැබුණා පමණක් නොව දෙවැනි ඉනිමේදී හලාවත මේරියන්ස්ට එරෙහිව ලකුණු 324 ක ඉලක්කයක් ලබා දීමේ හැකියාවද ලැබිණ. 

    චතුරංගගේ තුන් ඉරියව් දක්ෂතා එන්. සී. සී. ජය ඉක්මන් කරවයි

    සී. සී. සී. පිටියේ පැවැති මෙම තරගයේදී ඉනිමක පරාජයෙන් බේරීමේ සටනක නිරත වුණු කෝල්ට්ස් දෙවැනි ඉනිම ලකුණු 157 කට සීමාවීමත් සමඟ එතෙක් හලාවත මේරියන්ස් කණ්ඩායම අතර දෝලනය වුණු අනුශූරතාවෙහි සින්නක්කර අයිතිය එන්. සී. සී. කණ්ඩායමට හිමිවිය.

    දෙවැනි දිනයේදී ආබාධයකට ගොදුරු වුණු ඇන්ජලෝ මැතිව්ස් අද දිනයේදී පන්දුවට පහර දීමෙන් වැළකී සිටීම මෙම තරගය දිවා ආහාරයටත් ප්‍රථම අවසන් වීමට හේතු විය. දෙවැනි දිනයේදී ලකුණු 30 ක් ලබා සිටියදී මැතිව්ස්ගේ බත් කෙණ්ඩ ආශ්‍රිත මස් පඬු පෙරැළී යෑමේ ආබාධයකට ගොදුරු වූයෙන් ඉනිම අත්හිටුවීමට තීරණය කළේය.

    අනුශූරතාවය දිනා ගැනීමට එන්. සී. සී. පිලට ජයග්‍රහණය අනිවාර්යය වූ මෙම තරගයේදී පළමු ඉනිමේදී ලකුණු 56 කට කඩුලු 5 ක් දවා ගත් චතුරංග ද සිල්වා දෙවැනි ඉනිමේදීත් ලකුණු 81 කට කඩුලු 4 ක් දවා ගනිමින් සිය කණ්ඩායමේ ජයග්‍රහණය ඉක්මන් කළේය. ඒ අනුව ඔහු සමස්ථ තරගයේදී ලකුණු 137 කට කඩුලු 9 ක් බිඳ හෙළූ අතර පන්දුවට පහර දෙමින් පළමු ඉනිමේදී ලකුණු 41 ක් ලබා ගත්තේය.

    එන්.සී.සී.පළමු ඉනිම පන්දු වාර 88.2කදී ලකුණු 458යි – (ඇන්ජලෝ පෙරේරා 107, කමිල් මිෂාර 72*, ළහිරු උදාන 66, නිරෝෂන් දික්වැල්ල 57, සහන් ආරච්චිගේ 44, චතුරංග ද සිල්වා 41, දුෂ්මන්ත චමීර 28, දිල්රුවන් පෙරේරා 119/4, ප්‍රභාත් ජයසූරිය 117/4)

    කෝල්ට්ස් පළමු ඉනිම පන්දුවාර 51 කදී ලකුණු 222 යි – (ඇන්ජලෝ මැතිව්ස් 52, සධීර සමරවික්‍රම 39, ඩිල්රුවන් පෙරේරා 27, නිසල් තාරක 22, අකිල ධනංජය 22, චතුරංග ද සිල්වා 56/5, අෂේන් ඩැනියෙල් 59/2, ලසිත් ඇඹුල්දෙණිය 47/2)

    කෝල්ට්ස් දෙවැනි ඉනිම පන්දුවාර 48.2 කදී ලකුණු 157 යි – (සධීර සමරවික්‍රම 72, ඇන්ජලෝ මැතිව්ස් 30, නිසල තාරක 15, ඩිල්රුවන් පෙරේරා 12, චතුරංග ද සිල්වා 81/4, අෂේන් ඩැනියල් 47/3, දුෂ්මන්ත චමීර 12/2)

    කුසල් සහ අශාන් ශතක සම්බන්ධතාවයක 

    දෙවැනි දින ඇතුළත ලකුණු 76 ක් තුළ කඩුලු 3 ක් බිඳ වැටී තිබියදී පිටියට පිවිසි කුසල් මෙන්ඩිස් සහ ලසිත් අබේරත්න තෙවැනි දින උදෑසන වරුවේ තම කඩුලු ආරක්ෂා කරගනිමින් මුලු ලකුණු සංඛ්‍යාව ලකුණු 170 ක් දක්වා ඉහළ දැමූහ. එහිදී ලසිත් අබේරත්න ලකුණු 56 කට දැවී ගිය නමුත් සිය කඩුල්ල ආරක්ෂා කරගත් කුසල් අශාන් ප්‍රියන්ජන් සමඟ එක්ව පූර්ණ තරග ජයග්‍රහණයක් පිළිබඳව හලාවත මේරියන්ස් පිල තබා තිබූ බලාපොරොත්තු ඈතට රැගෙන ගියහ.

    එහිදී කුසල් මෙන්ඩිස් තම ලකුණු 157 ක ඉනිම සදහා පන්දු 183 කට මුහුණ දුන් අතර ඒ සඳහා හයේ පහර 4 ක් සහ හතරේ පහර 14 ක් ඇතුළත් කර ගත්තේය. ඔහුට අනගි සහායක් ලබා දුන් අශාන් ප්‍රියන්ජන් වේගවත් පිතිහරඹයක නිරත වෙමින් පන්දු 172 කදී ලකුණු 170 ක් රැස් කර ගන්නා ලද්දේ හයේ පහර 3 ක් සහ හතරේ පහර 24 කින් සිය ඉනිම වර්ණවත් කර ගනිමිනි. ඔවුන් දෙදෙනා අතර පස්වැනි කඩුල්ලේ සම්බන්ධතාවය ලකුණු 192 කි. 

    සී.සී.සී පළමු ඉනිම පන්දු වාර 59.5දී ලකුණු 287 – (ලසිත් අබේරත්න 68, ළහිරු මධුශංඛ 45, අෂාන් ප්‍රියංජන් 35, ලක්ෂාන් සඳකැන් 35,විශ්ව ප්‍රනාන්දු 16*, වනිඳු හසරංග 23, නිමේෂ් විමුක්ති 59/5, අසිත ප්‍රනාන්දු 75/3

    හලාවත මේරියන්ස් පළමු ඉනිම පන්දුවාර 87 කදී කඩුලු 9 ට ලකුණු 458 යි – ඕෂධ ප්‍රනාන්දු 85, ලසිත් කෲස්පුල්ලේ 50, රමේෂ් බුද්ධික 56, ෂෙහාන් ජයසූරිය 108, පුලින තරංග 34, කසුන් විදුර 61, තික්ෂිල ද සිල්වා 20, නිමේෂ් විමුක්ති 12, මාලින්ද පුෂ්පකුමාර 106/4, ලක්ෂාන් සඳකැන් 112/3)

    සී.සී.සී. දෙවැනි ඉනිම පන්දුවාර 97 කදී කඩුලු 4 කට ලකුණු 494 යි – (අශාන් ප්‍රියන්ජන් 170, කුසල් මෙන්ඩිස් 157, මිනෝද් භානුක 25, ලසිත් අබේරත්න 56, වනිඳු හසරංග 51, රොන් චන්ද්‍රගුප්ත 14, තික්ෂිල ද සිල්වා 44/2, ෂෙහාන් ජයසූරිය 53/2, නිමේෂ් විමුක්ති 175/2)

    හලාවත මේරියන්ස් දෙවැනි ඉනිම පන්දුවාර 9 කදී කඩුලු 2 ක් දැවී ලකුණු 52 යි – (ලසිත් කෲස්පුල්ලේ 42, ලසිත් අබේරත්න 23/2)

    සැරසන්ස් පරාජයෙන් බේරෙයි

    දිනේෂ් චන්දිමාල්ගේ ත්‍රිත්ව ශතකය සමඟින් ලබා ගත් ලකුණු 642 ට පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ සැරසන්ස් පළමු ඉනිම ලකුණු 259 කට සීමා වූයෙන් නැවතත් පන්දුවට පහර දීමේ අවස්ථාව සැරසන්ස් පිලට ලබා දීමට යුද හමුදා කණ්ඩායම තීරණය කළේය. එහෙත් තෙවැනි දින අවසනදී සැරසන්ස් කණ්ඩායමේ කඩුලු 5 ක් පමණක් දවා ගැනීමට යුද හමුදා පන්දු යවන්නන් සමත්වීම මත පළමු ඉනිමේ ගෞරවය යුද හමුදා පිලට හිමිවෙමින් තරගය ජය පැරදුමෙන් තොරව අවසන් විය. 

    යුද හමුදාව පළමු ඉනිම පන්දුවාර 156.2 කදී කඩුලු 8 ට ලකුණු 642 යි – (දිනේෂ් චන්දිමාල් 354, අශාන් රන්දික 63, තුලින ඩිල්ෂාන් 19, පැතුම් ඩිල්ෂාන් 67, ලක්ෂාන් එදිරිසිංහ 45, ජනිත් සිල්වා 35, හේෂාන් හෙට්ටිආරච්චි 16*, ප්‍රමෝද් මදුවන්ත 90/2, සාලිය සමන් 97/2, මොහොමඩ් ඩිල්ෂාඩ් 86/2)

    සැරසන්ස් පළමු ඉනිම පන්දුවාර 69.5 කදී ලකුණු 259 යි – (සාලිය සමන් 45, සුධීර තිලකරත්න 30, ප්‍රවීන් සඳමාල් 22, ගමිඳු අමරසිංහ 95, සිතාර ගිම්හාන් 26, සික්කුගේ ප්‍රසන්න 72/5, දුශාන් විමුක්ති 55/3)

    සැරසන්ස් දෙවැනි ඉනිම පන්දුවාර 35 කදී කඩුලු 5 කට ලකුණු 76 යි – (සිතාර ගිම්හාන් 31, රනිත ලියනාරච්චි 13*, අෂේන් බණ්ඩාර 16*සික්කුගේ ප්‍රසන්න 29/3)

    ශානුක දුලාජ් බී. ආර්. සී. පිලට ජීවය දෙයි 

    පළමු ඉනිම 2 දීම ලකුණු 400 සීමාව ඉක්මවූ මෙම තරගයද ජය පැරදුමෙන් තොරව අවසන් විය. බී. ආර්. සී. පිල වෙනුවෙන් ශානුක දුලාජ් ලකුණු 143 ක් ලබා බී. ආර්. සී. පිල ලකුණු 400 සීමාවෙන් ඔබ්බට යෑමට අවශ්‍ය අඩිතාලම එක් කළේය. 

    රාගම පළමු ඉනිම පන්දුවාර 134.1 කදී ලකුණු 491 යි – (උදාර ජයසුන්දර 158, ළහිරු තිරිමාන්න 140, බිනුර ප්‍රනාන්දු 52, අමිල අපෝන්සු 38, ශෂික දුල්ශාන් 21, සුපේෂල ජයතිලක 18, ඉෂාන් ජයරත්න 36, හෂේන් රාමනායක 80/3, දුවිඳු තිලකරත්න 136/3)

    බී. ආර්. සී. පළමු ඉනිම පන්දුවාර 110.4 කදී ලකුණු 406 යි – (ශානුක දුලාජ් 143, නිසල් ෆ්‍රන්සිස්කෝ 50, ලසිත් ලක්ෂාන් 32, භානුක රාජපක්ෂ 50, දේශාන් ඩයස් 13, රමින්ද විජේසූරිය 22, හෂේන් රාමනායක 56, උමේෂ්ක මොරායස් 19*, ශෂික දුල්ශාන් 127/4, කල්හාර සේනාරත්න 146/3, ඉෂාන් ජයරත්න 51/2)

    රාගම දෙවැනි ඉනිම පන්දුවාර 5 කදී කිසිවකු නොදැවී ලකුණු 23 යි – (ළහිරු තිරිමාන්න 12*, සමින්ද ප්‍රනාන්දු 11*)

    Text by – sl cricket