Category: සුපිරි Sports

  • වනිඳු හසරංග ලංකාව ගොඩදමයි

    වනිඳු හසරංග ලංකාව ගොඩදමයි

    පිතිකරුවන් ලෙස නම් දරා සිටින්නන් සිය කඩුලු වලට නිසි වටිනාකමක් ලබා නොදෙද්දී වගකීම කුමක්ද යන්න වටහා ගනිමින් පන්දුවට පහර දුන් වනිඳු හසරංගගේ වටිනා පිතිහරඹය හේතු කොට ගෙන සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව කොළඹ එස්. එස්. සී. පිටියේදී අද (22 දා) පැවැති පළමු එක්දින තරගයෙන් වාර්තාගත එක් කඩුල්ලක් තියුණු ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකාවට හැකියාව ලැබිණ.

    කොදෙව් කණ්ඩායම ලබාදුන් ලකුණු 290 ක ඉලක්කය පන්දු 5 ක් ඉතිරිව තිබියදී ශ්‍රී ලංකාව සපුරා ගන්නා ලද්දේ කඩුලු 9 ක් දැවී තිබියදීය. ඒ අනුව තරග 3 කින් සමන්විත එක්දින තරගාවලියේ හම්බන්තොටදී පැවැත්වෙන තරගය සඳහා ශ්‍රී ලංකාව පිටව යන්නේ 1-0 ක් ලෙස තරගාවලිය පෙරමුණ ගනිමිනි.

    ජයග්‍රහණය සඳහා ලකුණු 75 ක් අවශ්‍යව තිබියදී පිටියට පිවිසි 22 හැවිරිදි වනිඳු පැමිණි මුල් පන්දුවාර කීපයේදී ජ්‍යෙෂ්ඨ පිතිකරුවන්ට පන්දුවට පහර දීම සඳහා වැඩි අවස්ථාවක් නිර්මාණය කර දෙමින් පන්දුවට පහර දුන්නේය. එහිදී 7 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 38 ක් රැස් කර තිබියදී තිසර පෙරේරා දැවී යෑමත් සමඟ සියළු වගකීම් වනිඳුගේ කරමත පැටවිණ. ජ්‍යෙෂ්ඨයා පිටියෙන් ඉවත්ව යද්දී සිය අන්තය ආරක්ෂා කරගත් දකුණත් පිතිකරුවා අවසන් පන්දුවාරයේ පළමු දෙවැනි පන්දුවේදී (නිපන්දුවක්) ශ්‍රී ලංකා ජයග්‍රහණය සනාථ වන විට පන්දු 39 කට මුහුණ දී ලකුණු 42 ක් ලබා සිටියේය.

    ශ්‍රී ලංකාව ඉදිරියේ ජයග්‍රහණය සනිටුහන් වීමත් සමඟ එය එස්. එස්. සී. ක්‍රීඩාංගණයේ වාර්තා අළුත් කිරීමක් ලෙසින්ද සටහන් වූයේ දෙවැනියට කණ්ඩායමක් ජයග්‍රහණය කරන ලද ඉහළම ලකුණු සංඛ්‍යාව බවට පත් වෙමිනි. මීට පෙර එහි වාර්තාව බවට පත්වූයේ 1998 වසරේදී සිම්බාබ්වේට එරෙහිව ශ්‍රී ලංකා පිල කඩුලු 6 ක් දැවී වාර්තා කරන ලද ලකුණු 286 ක ඉලක්කය විය.

    අංක 10 පිතිකරුවා ලෙසින් ලක්ෂාන් සඳකැන් පිටියට පිවිසෙන විට ජයග්‍රහණය සඳහා පන්දු 27 කදී ලකුණු 28 ක් ලබා ගත යුතු විය. පීඩනය කරපින්නාගෙන පන්දුවට පහර දුන් වනිඳු 47 වැනි පන්දුවාරය ක්‍රියාත්මක කරන ලද ෂෙල්ඩන් කොට්‍රල්ට එරෙහිව පිට පිට හතරේ පහර 2 ක් එල්ල කරමින් එතෙක් වෙලා පන්දු සංඛ්‍යාවට වඩා ලකුණු සංඛ්‍යාව වැඩි වූ පරතරය අඩු කළේය.

    ලකුණු 290 ක ඉලක්කය හඹා යෑම සඳහා පිටියට පිවිසි නායක දිමුත් කරුණාරත්න සහ අවිශ්ක ප්‍රනාන්දු පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 111 ක් රැස් කරන ලද්දේ දෙදෙනාම අර්ධ ශතක ලබා ගනිමිනි. නායක දිමුත් පන්දු 57 කදී ලකුණු 52 ක් ද අවිශ්ක පන්දු 55 කදී ලකුණු 50 ක්ද රැස් කරන ලද්දේ පිළිවෙළින් තම එක්දින තරග දිවියේ 5 වැනි සහ තෙවැනි අර්ධ ශතකවලට හිමිකම් කියමිනි. කුසල් මෙන්ඩිස් (20), ඇන්ජලෝ මැතිව්ස් (05) ක් සහ ධනංජය ද සිල්වා (18) තිදෙනාම රැස් කරන ලද්දේ 43 ක් බැවින් බලාපොරොත්තු වූ තරම් මැද පෙළින් කණ්ඩායමට සේවයක් නොවීය.

    ආරම්භක පිතිකරු ෂායි හෝප්ගේ ශතකය වටා ගෙතුණු බටහිර ඉන්දීය කොදෙව් ඉනිමේදී කීමෝ පෝල් සහ හේඩ්න් වෝල්ෂ් එක්ව 8 වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 20 කදී රැස් කරන ලද ලකුණු 49 ක වේගවත් ලකුණු සම්බන්ධතාව හේතුවෙන් ලකුණු 290 ක ඉලක්කයක් සත්කාරකයින් වෙත ලබා දීමට බටහිර ඉන්දීය කොදෙව්වන්ට හැකිවිය.

    ආරම්භක පිතිකරු ෂායි හෝප්ගේ ශතකය වටා ගෙතුණු බටහිර ඉන්දීය කොදෙව් ඉනිමේදී කීමෝ පෝල් සහ හේඩ්න් වෝල්ෂ් එක්ව 8 වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 20 කදී රැස් කරන ලද ලකුණු 49 ක වේගවත් ලකුණු සම්බන්ධතාව හේතුවෙන් ලකුණු 290 ක ඉලක්කයක් සත්කාරකයින් වෙත ලබා දීමට බටහිර ඉන්දීය කොදෙව්වන්ට හැකිවිය.

    46 වැනි සහ 47 වැනි පන්දුවාර අතරතුර පිටියට පැමිණි පිතිකරුවන් දෙදෙනා ඉසුරු උදාන විසින් ක්‍රියාත්මක කරන ලද අවසන් පන්දුවාරයේදී ලකුණු 16 ක් උදුරා ගත්හ. කොදෙව් ඉනිම අවසන් වනවිට හයේ පහරක් සහ හතරේ පහර 2ක් ඇතුළත් වුණු වෝල්ස්ගේ නම ඉදිරියෙන් පන්දු 8 කදී ලකුණු 20 ක්ද හයේ පහරක් සහ හතරේ පහර 4 ක් සමඟින් පෝල්ගේ නම ඉදිරියෙන් පන්දු 17 කදී ලකුණු 32 ක් ද සටහන්ව තිබිණ.

    මෙම තරගය 76 වැනි එක්දින තරගය බවට පත් කර ගත් ෂායි හෝප් පළමු පන්දුවාරයේ දෙවැනි පන්දුවේදී දැවී ගිය පිතිකරුවකු ලෙස විනිසුරු රුචිර පල්ලියගුරු මහතා නම් කෙරුවේය. එහෙත් තෙවැනි විනිසුරුගේ පිහිට මත ලකුණු නොලබා අවසන් වීමට ගිය ඉනිම තම 9 වැනි ශතකය කරා පරිවර්තනය කරගැනීමට තරම් මේ දකුණත් පිතිකරුවා වාසනාවන්ත විය. කෙසේ වෙතත්  ඉසුරු උදානගේ පන්දුවක් කඩුල්ලේ වැදීමෙන් හෝප්ගේ ඉනිම ලකුණු 115 කදී අවසන් වන විට පන්දු 140 කට මුහුණ දී තිබුණේ ඉන් 10 ක් හතරේ පහර බවට පරිවර්තනය කර ගනිමිනි.

    කොදෙව් කණ්ඩායමට මීට වඩා ලකුණු සංඛ්‍යාවක් කරා යෑමේ අවකාශ හොඳින්ම තිබුණත් ඊට ශ්‍රී ලංකා පන්දු රකින්නන් හරහට හිටියේය. ෂේන් මැක්ඩමට් පන්දු රැකීමේ පුහුණුකරු තනතුරට පත්වීමෙන් පසු පන්දු රැකීමේ අංශයේ ශීග්‍ර දියුණුවක් මෙන්ම වඩා විශ්වාසනීයත්වයක් ගොඩ නගාගෙන සිටින ශ්‍රී ලංකා පන්දු රකින්නෝ අද තරගයේදී කොදෙව් පිලට රැස් කරගත හැකිව තිබූ ලකුණු 20 කට ආසන්න සංඛ්‍යාව නවතා දැමීමට සමත්වූහ. එපමණක් නොව ඔවුන්ගේ ජව සම්පන්න සහ උපරිම කාර්යක්ෂමතාවයෙන් පන්දු රැකීමේ නිරතවීමේ ප්‍රතිඵලයක් ලෙසින් ඩැරන් බ්‍රාවෝ සහ ජේසන් හෝල්ඩර් යන දෙදෙනාම දුවද්දී දවා ගැනීම් වලට හසුකර දවා ගැනීමට සමත්වීය. එය පන්දු රැකීමේ අංශය දියුණුවී ඇති බවට හොඳම නිදසුන් බවට පත්විය.

    මෙම තරගයේදී දඟ පන්දු යවන්නන් කෙරෙහි බලාපොරොත්තු තබා තිබුණද වනිඳු හසරංග සහ ලක්ෂාන් සඳකැන්ට එකම කඩුල්ලක් දවා ගැනීමට නොහැකි විණ. තෙවැනි වේග පන්දු යවන්නා ලෙසින් කණ්ඩායමට එක්ව සිටින ඉසුරු උදාන කඩුලු 3 ක් දවා ගැනීමට සමත් වුවත් අවසන් පන්දුවාර 2 දී රැස් කර ගන්නා ලද ලකුණු 33 ත් සමඟ ඔහුගේ පන්දුවාර 10 ඇතුළත ලකුණු 82 ක් උදුරා ගැනීමට ප්‍රතිවාදී පිතිකරුවෝ සමත්වූහ.

    ශ්‍රී ලංකාවේ ආරාධනයෙන් ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් කොදෙව් කණ්ඩායමේ දැවී ගිය පළමු පිතිකරුවා වූයේ සුනිල් අම්බ්‍රිස්ය. කෙළින්ම පන්දුව කඩුල්ලේ වැදී අම්බ්‍රිස් දැවී ගියේ තරග 5 කට පසු තිසර පෙරේරාට කඩුල්ලක් ලබා දෙමිනි. අනතුරුව ෂායි හෝප්ට එක්වූ ඩැරන් බ්‍රාවෝ දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 77 ක් රැස් කරමින් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ස්ථාවරත්වය කරා රැගෙන ගියහ. ඩාරන් බ්‍රාවෝපන්දු 52 කදී ලකුණු 39 ක් රැස් කර ගනිද්දී ශතක ලාභී හෝප් සිය අර්ධ ශතකය 77 වැනි පන්දුවේදී රැස් කරගත්තේහ.

    දෙරට අතර පැවැත්වෙන දෙවැනි එක්දින තරගය ලබන 26 වැනිදා හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී දිවා/රාත්‍රී තරගයක් වශයෙන් පැවැත්වේ.  

    Sl cricket

  • ශ‍්‍රී ලංකා – බටහිර ඉන්දිය කොදෙව් නායකයින්ගේ ‘තරඟ සැලසුම්’ හෙළිවෙයි

    ශ‍්‍රී ලංකා – බටහිර ඉන්දිය කොදෙව් නායකයින්ගේ ‘තරඟ සැලසුම්’ හෙළිවෙයි

    ශ්‍රී ලංකාවට එරෙහිව පැවැත්වෙන තරගාවලිය සඳහා කඳුවුරු බැඳීමේදී පන්දු යැවීමේ අංශය වැඩි දියුණු කර ගැනීම පිළිබඳව අවධානය යොමු කර සිටි බව පවසන බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු පිල් සීමන්ස් එසේ වුවහොත් තරගාවලිය සුභදායක ලෙසින් අවසන් කර ගැනීමේ අවස්ථාව පවතින බව සඳහන් කර සිටියේය. 

    සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර තරග 3 කින් සමන්විත එක්දින තරගාවලිය ලබන 22 වැනිදා කොළඹ එස්. එස්. සී. පිටියේ පැවැත්වෙන තරගයෙන් ආරම්භ වන අතරෙ ඒ පිළිබඳව අද (19 දා) පැවැති මාධ්‍ය හමුවේදී කොදෙව් පුහුණුකරු ඉහත අදහස් පළ කර සිටියේය. තරගාවලිය යටතේ පැවැත්වෙන දෙවැනි තරගය ලබන 26 වැනිදා හම්බන්තොටදීද තෙවැනි තරගය මාර්තු 01 වැනිදා පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදීද පැවැත්වෙනු ඇත. 

    මෙම තරගාවලියට ප්‍රථම කොදෙව් කණ්ඩායම අසල්වැසි ඉන්දීය කණ්ඩායම සමඟ තරග 3 කින් සමන්විත එක්දින තරගාවලියකට සහභාගිවූ නමුත් එම තරගාවලිය 2-1 ක් ලෙස ඉන්දියාව හමුවේ පරාජයට පත්විය. නමුත් පරාජය වුණු තරගවලදීද කොදෙව් කණ්ඩායම තියුණු තරගයක් ලබා දීම විශේෂත්වයක් විය. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සීමන්ස්, අවධානය යොමු කර සිටි කරුණු අතර තරගයේ මැද භාගයේදී වැඩි වශයෙන් කඩුලු ලබා ගැනීම කෙරෙහි අවධානය යොමු කර සිටි බවද සඳහන් කර සිටියේය.

    ජයග්‍රහණයට ආසන්නයටම විත් පරාජය වීමේදී නිවැරදි කරගත යුත්තේ කුමන අංශයක්ද යන්න පිළිබඳව මාධ්‍ය විසින් කරන ලද විමසීමේදී වැඩිදුරටත් අදහස් දක්වා සිටි සීමන්ස්, “ඇත්තටම ඉන්දියාව සමඟ තරගාවලිය අපි පරාජයට පත්වුවත් ඒ තරගාවලියේදී හොඳින් ක්‍රීඩා කළා. නමුත් ඒ තරගාවලියේදී දැක්ක අඩුපාඩුවක් තමයි පන්දු යැවීමේ අංශය. මේ තරගාවලියේදී ඒ අංශය තව ටිකක් වැඩි දියුණු විය යුතුයි. අපි ඒ ගැන අවධානය යොමු කරලා පන්දු යැවීමේ අංශය වැඩිදියුණු කර ගැනීම පිළිබඳව අවධානය යොමු කළා. ඒ වෙනුවෙන් මෙහෙ එන්නත් කළින් පුහුණුවීම් කළා. මෙහේ ඇවිල්ලාත් ගොඩක් මහන්සි වුණා. විශේෂයෙන්ම අපි අවධානය යොමු කරලා තියෙන්නේ තරගයේ මැද හරියේදි කඩුලු දවා ගැනීම පිළිබඳව. එහෙම කරගන්න පුලුවන් වුණොත් අපි බලමු තරගාවලියේ අවසානය කොහොම වෙයිද කියලා”යි පැවැසීය.

    “අන්තිම මාස 3 ක පමණ කාලයේදී සුදු පන්දුවට ක්‍රීඩා කරන කණ්ඩායම් ගොඩක් ඉදිරියට ඇවිල්ලා තියෙනවා. මේ තරගාවලිය අවසන් වන විට අපි ඉන්දියාව සමඟ තරග කරපු තත්ත්වයට වඩා හොඳින් ක්‍රීඩා කළොත් අපිට තරගගාවලිය ජය ගැනීමේ අවස්ථාව තියෙනවා. අන්න ඒ දේ ගැන තමයි අපි අවධානය යොමු කරලා තියෙන්නේ” පිල් සීමන්ස් කරුණු දක්වයි. 

    මෙම මාධ්‍ය හමුව සඳහා බටහිර ඉන්දීය කොදෙව් පිලේ එක්දින සහ විස්සයි-20 නායක කිරන් පොලාර්ඩ් ද සහභාගි වී සිටි අතර එහිදී අදහස් දැක්වූ කොදෙව් නායකයා, මේ දිනවල මෙරට කාලගුණය තරමක් රස්නය සහිත බව දැන ගෙන සිටි බවත් තරගාවලියට කල් තියාම පැමිණියේ ඒ සඳහා හොඳින් සූදානම් වීමට බවද පවසා සිටියේය.

    “දේශගුණයට අපි හැඩ ගැසෙමින් ඉන්නවා. අපි දැන ගෙන සිටියා මේ තත්ත්වය. අන්න ඒ නිසයි අපි කළින්ම මෙහේ එන්න තීරණය කළේ. විශේෂයෙන්ම මේ තත්ත්වය කායික මෙන්ම මානසික වශයෙන් අභියෝගයක් වෙයි කියලා අපි දැනගෙන සිටියා. මෙහේ ඇවිල්ලා අපි ඉතා හොඳ පුහුණු සැසි කීපයකටම සහභාගිවුණා. ඔව්. කිව්වා වගේම මේ රස්න ගතිය වැඩියි. ඒත් අපේ කැරිබියන් දූපත් වල වගේ තැඹිලි මෙන්ම පළතුරු ආහාරයට ගනිමින් උෂ්ණ සහිත තත්ත්වය තරමක් දුරට පාලනය කර ගන්න අපිට හැකියාව ලැබිලා තියෙනවා”  යි පොලාර්ඩ් වැඩිදුරටත් පැවැසීය. 

    මේ අතර මෙම තරගාවලියේදී සිය ශක්තීන් පිළිබඳව අදහස් දක්වා සිටි ශ්‍රී ලංකා එක්දින නායක දිමුත් කරුණාරත්න, ජ්‍යෙෂ්ඨ සහ නවක ක්‍රීඩකයින්ගේ සංකලනයෙන් යුතු විසිදෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් තමන් සතුව සිටින බවත් කණ්ඩායමේ අවශ්‍යතාවය අනුව ඒ ඒ ක්‍රීඩකයින් යොදා ගැනීමට බලාපොරොත්තු වන බව සඳහන් කර සිටියේය.

    පාකිස්තානයට එරෙහිව පැවැති තරගාවලිය සඳහා ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින් රැසක් සහභාගි නොවුණත් තරගාවලියට සහභාගිවුණු නවක ක්‍රීඩකයින් දක්ෂතා දැක්වීමට සමත්වීම කණ්ඩායමක් වශයෙන් විශාල ශක්තියක් වී තිබෙන බවද එක්දින නායකයා මෙහිදී අවධාරණය කර සිටියේය. 

    “පාකිස්තානු තරගාවලිය සඳහා ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින් සහභාගි නොවුණත් දැන් සියළුම ක්‍රීඩකයින් එකතු වෙලා තියෙනවා. ඒ වගේම පාකිස්තානයට එරෙහි තරගාවලියට සහභාගිවුණු ක්‍රීඩකයින් ගොඩක් හොඳට ඒ තරගාවලියට ක්‍රීඩා කරලා තියෙනවා. ඒ නිසා අපිට මේ වන විට හොඳ ශක්තිමත් සංචිතයක් නිර්මාණය වෙලා තියෙනවා. ඒ නම් කරලා තියෙන ක්‍රීඩකයින් 20 දෙනා මේ වන විට ගොඩක් හොඳින් පුහුණුවීම් කරලා තියෙනවා. සෑහෙන බලාපොරොත්තුවෙක් තියෙනවා මේ තරතාවලිය ගැන” යැයි සඳහන් කර සිටි දිමුත්, “වෙස්ට් ඉන්ඩීස් කියන්නේ ගොඩක් හොඳ කණ්ඩායමක්. අපි දැක්කා පසුගිය කාලයේදී ඔවුන් ගොඩක් හොඳ දක්ෂතා දක්වලා තියෙනවා. ඒ වගේ ගොඩාක් හොඳ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයෝ කණ්ඩායමට නැවත පැමිණිලා තියෙනවා. ඇත්තටම මේක ගොඩක් හොඳ තරගාවලියක් වෙයි. සියළුදෙනාම හොඳ තරගාවලියක් දෙන්න බලාපොරොත්තුවෙන් සිටිනවා”යි වැඩිදුරටත් පැවැසීය. 

    මේ වන විට ආරම්භක පිතිකරුවකු වශයෙන් කිසියම් ස්ථාවරයක් ගොඩ නගා ගැනීමට සමත්ව සිටින ධනුෂ්ක ගුණතිලක ආබාධයක් හේතුවෙන් මෙම තරගාවලියට ක්‍රීඩා නොකරන නමුත් එම හිදැස වසා ගැනීම සඳහා කණ්ඩායම සතුව දක්ෂ ආදේශකයින් පසුවන බවද කරුණාරත්න අවධාරණය කර සිටියේය.

    “ධනුෂ්කට කොන්දේ ආබාධයක් නිසා තරගාවලිය අහිමි වෙලා තියෙනවා. නමුත් අපිට ආරම්භක පිතිකරුවකු විදියට අවිශ්ක ප්‍රනාන්දු සංචිතයේ ඉන්නවා. දික්වැල්ලත් අසනීප වුණත් ඔහුගේ තත්ත්වයත් දැන් සුව අතට හැරිලා තියෙනවා. ගොඩක් වෙලාවට පළමු තරගයේදී මාත් එක්ක ඉනිම ආරම්භ කරන්න අවිශ්ක ප්‍රනාන්දුට අවස්ථාවක් තියෙනවා” කරුණාරත්න පැවැසීය.

    text by sl cricket

  • තරංග සහ අසේලගේ පිති හමුවේ කොදෙව්වෝ අසරණ වෙති

    තරංග සහ අසේලගේ පිති හමුවේ කොදෙව්වෝ අසරණ වෙති

    උපුල් තරංග සහ අසේල ගුණරත්න එක්ව තෙවැනි කඩුල්ල වෙනුවෙන් රැස් කරන ලද ශක්තිමත් ලකුණු සම්බන්ධතාව හේතුවෙන් සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව අද (17 දා) පැවැති පළමු පුහුණු තරගයෙන් කඩුලු 2 ක ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන XI කණ්ඩායම සමත්විය.

    එපමණක් නොව ලද අවස්ථාවේදී උපරිම ප්‍රයෝජන ගත් වමත් – දකුණත් සුසංයෝගය ඉදිරියේදී ආරම්භ වීමට නියමිතව තිබෙන එක්දින තරගාවලියේදී සිය දක්ෂතා පිළිබඳව යළිත් වතාවක් සිතා බලන ලෙසට තේරීම් කමිටුවට පණිවිඩයක්ද ලබා දීමට මෙම තරගය අවස්ථාවක් කරගත්හ. 

    තරග 3 කින් සමන්විත එක්දින සහ තරග 2 කින් සමන්විත විස්සයි-20 තරගාවලියට පෙර බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට ඇඟ උණුසුම් කර ගැනීම වෙනුවෙන් පවත්වනු ලබන පුහුණු තරග 2 දී ශ්‍රී ලංකා පිල තරමටම තම පිති මුවහත් කරගත් සංචාරක පිතිකරුවෝ ලකුණු 283 ක ඉලක්කයක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන XI පිල හමුවේ තැබූහ.

    එය හඹා යෑමේදී පළමු කඩුලු 2 ම එක් ලකුණකදී බිඳ වැටූ තිබුණු මොහොතක පිටියට එක්වූ තරංග සහ අසේල ලද අවස්ථාවේදී උපරිම ප්‍රයෝජන ගනිමින් කණ්ඩායමේ ජයග්‍රහණය සඳහා අවශ්‍ය සහයෝගය ලබා දෙන ලද්දේ තෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 198 ක සම්බන්ධතාවක් පවත්වමිනි. 

    එහිදී කැපී පෙනුණු උපුල් තරංග පන්දු 124 කදී ලකුණු 120 ක්ද ගුණරත්න පන්දු 75 කදී ලකුණු 64 ක්ද රැස් කළහ. 28 වැනි පන්දුවාරය කියාත්මක කරන ලද රොස්ටන් චේස්ට එරෙහිව පිට පිටම හතරේ පහර 4 ක් එල්ල කළ තරංග මුහුණ දුන් 113 වැනි පන්දුවේදී ශතකයක් බවට පරිවර්තනය කර ගත්තේය. පළමු ලකුණු 50 මුහුණ දුන් 55 වැනි පන්දුවේදී ලබාගත් තරංග ෆේබියන් ඇලන්ගේ පන්දුවක් කෙළින්ම කඩුල්ලේ වැදී දැවී යන විට හයේ පහරක් සහ හතරේ පහර 16 ක් තම ඉනිමට ඇතුළත් කරගෙන සිටියේය.

    ඔහුට අනගි සහායක් ලබා දුන් අසේල ගුණරත්න හතරේ පහර 7 කින් සිය ඉනිම වර්ණවත් කරගෙන සිටියදී කඩුලු අතර දිව යෑමට ගොස් නිකරුණේ කඩුල්ල අහිමි කරගත්තේය. ලකුණු 12 ක් ඇතුළත තරංගව සහ අසේලව දවා ගැනීමට සමත්වීම මත යළිත් තරගයට අවතීර්ණ වුණු කොදෙව් පන්දු යවන්නෝ මුලු ලකුණු සංඛ්‍යාව 236 ක් වන විට සධීර සමරවික්‍රම, ඇන්ජලෝ පෙරේරා සහ අෂේන් බණ්ඩාරගේද කඩුලු දවා ගනිමින් සත්කාරක පිල අසීරුවට ඇද දැමීය. එහෙත් ළහිරු උදාරට එක්වූ පුලින තරංග 8 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 20 ක නොබිඳුණු සම්බන්ධතාවක් පවත්වමින් කඩුලු 2 ක ජයග්‍රහණයක් කරා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන XI පිල රැගෙන යන විට පන්දු 15 ක් ලකුණු පුවරුවේ ඉතිරිව තිබිණ.

    කාසියේ වාසිය දිනා ගැනීමත් සමඟ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් කිරන් පොලාර්ඩ්ගේ නායකත්වයෙන් යුතු බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම වෙනුවෙන් ශතකයක් වාර්තා කරමින් තරගාවලියට සාර්ථක ප්‍රවේශයක් ලබා ගැනීමට ඩැරන් බ්‍රාවෝ සමත්වද්දී සුනිල් අම්බ්‍රිස් සහ නිකොලොස් පූරාන් ලකුණු 41 බැගින් ලබා ගත්හ.

    මුහුණ දුන් 87 වැනි පන්දුවේදී ශතකය සම්පූර්ණ කරගත් වමත් පිතිකරුවා එම පන්දු වාරය නිම වීමට ඉතිරිව තිබූ ඊළඟ පන්දුවට මුහුණ දීමෙන් පසු සෙසු පිතිකරුවන්ට පන්දුවට පහර දීමේ අවස්ථාව විවර කර දෙමින් පිටියෙන් ඉවත්විය. ඒ වන විටත් සිය ඉනිම හයේ පහරකින් සහ හතරේ පහර 14 කින් සපුරා ගැනීමට බ්‍රාවෝ වග බලාගෙන තිබුණි. 

    ඉනිම ඇරැඹි ෂායි හෝප් සහ බ්‍රෙන්ඩන් කිං මුලු ලකුණු සංඛ්‍යාව 03 ක්ව තිබියදී නරඹන්නන් බවට පත් කිරීමට අසිත ප්‍රනාන්දු සහ ඩිල්ෂාන් මදුශංක සමත් වද්දී දෙවැනි ඉනිම වෙනුවෙන් ලකුණු 113 ක් එක් කළ ඩැරන් බ්‍රාවෝ සහ සුනිල් අම්බ්‍රිස් කොදෙව් ඉනිම ප්‍රාණවත් කළහ. ආරම්භයේ සිටම මනා පාලනයකින් යුතුව පන්දු යැවූ අසිත සහ මධුශංක කොදෙව් ඉනිමේ දැවී ගිය කඩුලු අතරින් 5 කට හිමිකම් කීහ.

    ඉකුත් දා අවසන් වුණු වයස අවුරුදු 19 න් පහළ යොවුන් ලෝක කුසලාන තරගාවලිය නියෝජනය කරන ලද ඩිල්ෂාන් මධුශංකගේ දක්ෂතා මැන බැලීම වෙනුවෙන් මෙම තරගය සඳහා ඔහුව ක්‍රීඩා කරවන ලදුව ඉනිමේ සාර්ථකම පන්දු යවන්නා බවට පත්වීමට මධුශංක සමත්විය. පන්දුවාර 7 ක් ක්‍රියාත්මක කළ මධුශංක ලකුණු 47 ක් ප්‍රතිවාදීන් හමුවේ ලබාදෙද්දී බ්‍රෙන්ඩන් කිං (00), ජේසන් හෝල්ඩර් (22), සහ නායක කිරන් පෝලාර්ඩ් (03)ගේ කඩුලු දවා ගත්හ. වමතින් වේග පන්දු යවන මධුශංක යම්බන්තොට හුංගම විජයබා විදුහල නියෝජනය කරමින් ක්‍රිකට් ක්‍රීඩාවට ප්‍රවිශ්ඨ වී සිටියි. 

    34 වැනි පන්දුවාරයේ අවසන් පන්දුවෙන් පසු ඩැරන් බ්‍රාවෝ ඉවත්ව ගිය අතර අනතුරුව යවන ලද පළමු පන්දුවට පහර එල්ල කිරීමට යෑමේදී නිකොලොස් පූරාන් ආබාධයකට ගොදුරු විය. තුනටිය ප්‍රදේශය ආසන්න ආබාධයකට ලක්වීම නිසා පන්දුවට පහර දීම පැසෙකලා පූරාන් පිටියෙන් ඉවත්ව ගියද නැවත පන්දුවට පහර දීම සඳහා නොපැමිණියේය.

    කොදෙව් පිතිකරුවන්ව ඇද බැඳ දැමීම සඳහා ශ්‍රී ලංකා නායකයා පන්දු යවන්නන් 8 දෙනෙකුගේ සහයෝගය බලාපොරොත්තු වූ අතර මධුශංකට අමතරව අසිත ප්‍රනාන්දු ලකුණු 17 කට කඩුලු 2 ක් බිඳ හෙළුවේය. විස්සයි-20 තරු අතර ලොව දැවැන්තම කීර්තියක් අත්කරගෙන සිටින කිරන් පොලාර්ඩ් ද අද දිනයේදී පන්දුවට පහර දීම සඳහා පිටියට සේන්දු වූ නමුත් ඔහුට ලබාගත හැකි වූයේ ලකුණු 02 ක් පමණි. මදුශංකගේ පන්දුවකට එල්ල කරන ලද පුල් පහර මිඩ් විකට් කළාපයේ පන්දු රැකී කොවිඳු නදීෂාන් රැක ගැනීම නිසා පොලාර්ඩ්ගේ ඉනිම නිමාවට පත්විය. 

    පුහුණු තරගයල් බැවින් මෙම තරගයේදී දෙපිළේ පන්දු යවන්නන් සහ පිතිකරුවන් මාරු කරමින් තරග කිරීමේ අවස්ථාව උදා වුවද පන්දු රැකීම සහ පන්දුවට පහර දීම සඳහා අවසර හිමිවූයේ ක්‍රීඩකයින් 11 දෙනකුට පමණි. දෙරට අතර පැවැත්වෙන මීළඟ පුහුණු තරගය ලබන 20 වැනිදා කටුනායක හලාවත මේරියන්ස් ක්‍රීඩා පිටියේදී පැවැත්වීමට නියමිතය. 

  • ෆෝක්ස් සහ ජෙනිංග්ස් යළි ලංකාවට

    ෆෝක්ස් සහ ජෙනිංග්ස් යළි ලංකාවට

    ශ්‍රී ලංකාවට එරෙහිව 2018 වසරේ පැවැති ටෙස්ට් තරගාවලිය 3-0 ක් ලෙස ජයග්‍රහණය කරන ලද ටෙස්ට් තරග සංචාරයේදී තරගාවලියේ වීරයා ලෙසින් සම්මාන දිනා ගත් කඩුලු රකින ක්‍රීඩක බෙන් ෆෝක්ස් එළැඹෙන මාර්තු මසදී ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිත තරග 2 කින් සමන්විත ටෙස්ට් තරගාවලිය සඳහා නම් කරන ලද එංගලන්ත කණ්ඩායමට යළිත් ඇතුළත් කිරීමට එරට තේරීම් කමිටුව පියවර ගෙන තිබේ.

    අදාළ තරග සංචාරය යටතේ ගාල්ලේ පැවැති තරගය ෆෝක්ස්ගේ මංගල ටෙස්ට් තරගය වූ අතර එහිදී ඔහු ශතකයක් වාර්තා කිරීම කැපී පෙනිණ. එම ශතකය වාර්තා කිරීමත් සමඟ ලොව සිටින හොඳම කඩුලු රකින්නා ලෙසින් ෆෝක්ස්ව හඳුන්වනු ලැබූ නමුත් මීට මාස 12 කට පෙර පැවැති බටහිර ඉන්දීය කොදෙව් පිල සමඟ වූ ටෙස්ට් තරගාවලියෙන් පසුව ඔහුව කණ්ඩායමෙන් ඉවත් කිරීමට එංගලන්ත තේරීම් බලධාරීහු පියවර ගත්හ.

    කෙසේ වෙතත් ඔහුව කණ්ඩායමට නම් කර ඇත්තේ නිත්‍ය කඩුලු රකින්නා වන ජෝස් බට්ලර් ද සංචිතයේ සිටියදීමය. ඉකුත් ලෝක කුසලාන තරගාවලියේදී කැපී පෙනෙන කාර්යය භාරයක් සිදුකළ පිතිකරුවකු වන ජෝස් බට්ලර් ඉන් අනතුරුව පැවැති ටෙස්ට් තරග වලදී පිතිකරුවකු සිය වගකීම් කොටස ඉටු කිරීමට අපොහොසත් විය. එම කාලය ඇතුළත ඔහු ක්‍රීඩා කරන ලද තරග වලදී ඉනිමක ලකුණු ලබා ගැනීමේ සාමාන්‍ය 17.55 ක් ලෙසින් සටහන් වී තිබෙන නමුත්, ඔහුට තවත් අවස්ථාවක් ලබා දීමට තේරීම් කමිටුව පියවර ගෙන තිබේ.

    මොවුන් දෙදෙනා අතරින් පළමු ටෙස්ට් තරගය පැවැත්වෙන ගාල්ල තරගයේදී එංගලන්ත පිලේ කඩුලු රකින්නා ලෙස කවුරුන් කටයුතු කරන්නේද යන්න තීරණය වනු ලබන්නේ ශ්‍රී ලංකාවේ තණතීරුවලද පැවැත්වෙන පුහුණු තරගවලදී දක්වන දක්ෂතා අනුවය.

    නම් කරන ලද කණ්ඩායමට ආරම්භක පිතිකරුවකු වන කීටන් ජෙනිංග්ස් ද කණ්ඩායමට කැඳවීමට පියවර ගනු ලැබුවද කරන ලද ශ්‍රී ලංකා තරග සංචාරයේ එංගලන්තය වෙනුවෙන් වැඩිම කඩුලු ලාභියා වූ මොයින් අලී සහ ප්‍රධානතම වේග පන්දු යවන්නා වන ජේම්ස් ඇන්ඩර්සන්ව රහිතව කණ්ඩායම නම් කර තිබේ. දින නියමයකින් තොරව විවේකයක් ගැනීමට අලී තීරණය කිරීමත් ආබාධයකට මුහුණ දී සිටින ඇන්ඩර්සන්ට තවදුරටත් සුව අතට පත් වීමට ඉඩ ප්‍රස්ථා විවර කර දීමට තේරීම් කමිටුව අනුමැතිය ලබා දීම එයට හේතු වී තිබේ.

    ජෙනිංග්ස් යනු මෙතෙක් ක්‍රීඩා කරන ලද ටෙස්ට් තරග 17 දී රැස් කරගෙන ඇති ශතක 2 ම ආසියානු තණතීරුවලදී ලබා ගැනීමට සමත් පිතිකරුවෙකි. 2016 වසරේදී ඉන්දියාවට එරෙහිව මංගල ටෙස්ට් වරම් දිනාගෙන ඇති ජෙනිංග්ස් මංගල තරගයේදීම ශතකයක් ලබා ගැනීමට සමත්ව තිබේ. ඔහු ලබා ඇති අනෙක් ශතකයක බෙන් ෆෝක්ස් මංගල ශතකය වාර්තා කරන ලද ශ්‍රී ලංකාවට එරෙහි ගාල්ලේ පැවැති ටෙස්ට් තරගයේදී වාර්තා කරගෙන තිබේ. මෙම තරගාවලියට පැමිණීමට පෙර ජෙනිංග්ස්ගේ ඉනිමක ලකුණු ලබා ගැනීමේ සාමාන්‍ය 44.44 ක් ලෙසින් සටහන්ව තිබේ.

    එංගලන්ත කණ්ඩායම මෙම තරග සංචාරය සඳහා ජෙනිංන්ග්ස් පිළිබඳව කෙතරම් බලාපොරොත්තු තබා ඇත්තේද කිවහොත් මෙම තරගාවලි ඉලක්ක කොට ඉකුත් දෙසැම්බර් මසදී එංගලන්ත ක්‍රිකට් ආයතනය විසින් ඉන්දියාවේ මුම්බායි නුවර පවත්වන ලද දඟ පන්දු යවන්නන්ට පහර දීමේ විශේෂඥ පුහුණු කඳවුරකටද සහභාගිකරවා තිබේ.

    මෑතකදී එංගලන්ත කණ්ඩායමට එක්වූ ජොෆ්රා ආචර් සහ රෝරි බර්න්ස් ද ජෝ රූට්ගේ නායකත්වයෙන් නම් කරන ලද 16 දෙනෙකුගෙන් සමන්විත එංගලන්ත කණ්ඩායමට ඇතුළත්ව නොමැත. ඒ වෙනුවට මාක් වුඩ් සහ ස්ටුවර්ට් බ්‍රෝඩ් කැඳවා තිබේ.  දඟ පන්දු යවන්නන් උචිත අයුරින් හැසිරෙන ශ්‍රී ලාංකීය තණතීරුවේදී ජැක් ලීච් කෙරෙහි විශ්වාසය තබා තිබෙන අතර ඔහුට අමතරව දඟ පන්දු යවන්නන් ලෙස ඩොම් බෙස් සහ මැට් පාර්කින්සන් කණ්ඩායමට එක් කර තිබේ.

    ටෙස්ට් ලෝක ශූරතාවලිය යටතේ පැවැත්වීමට නියමිත තරග 2 කින් සමන්විත ටෙස්ට් තරගාවලිය සඳහා එංගලන්ත කණ්ඩායම ලබන මාර්තු මස 03 වැනිදා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව තිබේ.

    එංගලන්ත ටෙස්ට් කණ්ඩායම – ජෝ රූට් (නායක), ස්ටුවර්ට් බ්‍රෝඩ්, ජෝස් බට්ලර්, ඩොමිනික් බෙස්, සැක් ක්‍රොලී සෑම් කරන්, බෙන් ෆෝක්ස්, ජෝ ඩෙන්ලි, කීටන් ජෙනිංග්ස්, ජැක් ලීච්, ඔලී පෝප්, මැතිව් පාකින්සන්, ඩොමිනික් සිබ්ලි, බෙන් ස්ටෝක්ස්, ක්‍රිස් වෝක්ස්, මාක් වුඩ්.

  • කිවී දේශයේදී ඉන්දීය ක‍්‍රිකට් අධිරාජ්‍ය බිඳ වැටෙයි

    කිවී දේශයේදී ඉන්දීය ක‍්‍රිකට් අධිරාජ්‍ය බිඳ වැටෙයි

    ඉන්දීය ක‍්‍රිකට් වංශ කතාවේ අපකීර්තිමත් දිනයක් ඊයේ (11) සටහන් වුණා. ඒ ඉන්දියාව ද්වීපාර්ශික තරගාවලියකදී තරග 3ක් හෝ ඊට වැඩි තරග සංඛ්‍යාවකින් යුත් එක්දින තරගාවලියක් පූර්ණ ලෙස පරාජයට පත්වීම සමගයි.

    ඉන්දියාව මේ ආකාරයේ අමිහිරි පරාජයක් ලැබුවේ වසර 31කට පසුව වීම ද විශේෂත්වයක්. අවසන් වරට ඉන්දියාව 1989 දී බටහිර ඉන්දිය සංචාරයේදී මෙලෙස එක්දින තරගාවලියකදී පූර්ණ පරාජයකට ලක්ව වුණා. ඒ 5-0ක් වශයෙනුයි.

    නවසීලන්තය සමග මවුන්ට් මුන්ගුනායි හිදී ඊයේ පැවැති තෙවැනි එක්දින තරගයෙන් සංචාරක ඉන්දීය පිලට කඩුළු 5ක පරාජයකට මුහුණ දීමට සිදු වුණා. ඒ සමග තරග 3කින් සමන්විත එක්දින තරගාවලිය 3-0ක් ලෙස ජය ගැනීමට සත්කාරක නවසීලන්තයට හැකි වුණා.

    ඊයේ තරගයේ පළමුව පන්දුවට පහරදුන් ඉන්දියාව ලකුණු 296කට සීමා කළ නවසීලන්ත ක්‍රීඩකයෝ පන්දු 17ක් ඉතිරිව තිබියදී ජයග්‍රාහී ඉලක්කය පසුකළේ කඩුළු 5ක් දැවී තිබියදී වීම විශේෂත්වයක්.

    නවසීලන්ත ඉනිමට සාර්ථක ආරම්භයක් ලබාදුන් හෙන්රි නිකෝල්ස් – මාටින් ගප්ටිල් සමග එක්ව පළමු කඩුල්ලට ලකුණු 106ක් රැස් කළා. පන්දු 46කදී හතරේ පහර 6ක් සහ හයේ පහර 4ක් සමගින් ලකුණු 66ක් ලබාසිටි ගප්ටිල් දැවී යෑමෙන් එම සබඳතාව බිඳ වැටුණු අතර තරගයේ වීරයා වූ නිකෝල්ස් හතරේ පහර 9ක් සමගින් පන්දු 103කින් ලකුණු 80ක් රැස් කළා.

    ලකුණු 220කට කඩුළු 5ක් බිඳ වැටී තිබියදී පිටියට පිවිසි කොලින් ඩි ග්‍රෑන්ඩ්හෝම් වේගවත් ඉනිමක් දියත් කරමින් කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන ගියා. හතරේ පහර 6ක් සහ හයේ පහර 3ක් සමගින් නොදැවී ලකුණු 58ක් රැස්කළ ඔහු ඒ සඳහා වැය කළේ පන්දු 28ක් පමණයි. නායක ටොම් ලේතම් සමගින් පන්දු 46කින් නොදැවී ලකුණු 80ක සබඳතාවක් ගොඩනැගීමටද කොලින් සමත් වුණා.

    මේ අතර ලෝකේෂ් රාහුල් සිය එක්දින තරග දිවියේ 5 වැනි ශතකය ලෙස ලකුණු 112ක් රැස්කළා. ඉන්දීය ඉනිමේ වැඩිම ලකුණුලාභියා වුණේ ඔහුයි. රාහුල් ශ්‍රේයාස් අයියර් (62) සමග සිවුවැනි කඩුල්ලට ලකුණු 100ක් සහ මනීෂ් පාණ්ඩ්‍යා (42) සමග 5 වැනි කඩුල්ලට ලකුණු 107ක් එක් කිරීමට සමත් වුණා.

  • ක‍්‍රීඩාවටත් පොලිසියක්

    ක‍්‍රීඩාවටත් පොලිසියක්

    2019 අංක 24 දරණ ක‍්‍රීඩාවලට සම්බන්ධ වැරදි වැළැක්වීමේ පනත යටතේ විශේෂ පොලිස් විමර්ශන ඒකකයක් අද (11) පිහිටුවීමට පියවර ගත්තා.

  • බටහිර ඉන්දීය කණ්ඩායම ශ‍්‍රී ලංකාවට පැමිණෙයි

    බටහිර ඉන්දීය කණ්ඩායම ශ‍්‍රී ලංකාවට පැමිණෙයි

    ශ්‍රී ලංකාවට එරෙහිව එක්දින තරග 3 කට සහ විස්සයි-20 තරග 2 කට සහභාගිවීම සඳහා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම (10 දා) ශ්‍රී ලංකාවට පැමිණියේය. දෙරට අතර තරගාවලිය පෙබරවාරි 22 වැනිදා ආරම්භ වීමට නියමිත වුවත් ඊට දින 12 කට පෙර කොදෙව් කණ්ඩායම ශ්‍රී ලංකාවට පැමිණීම කැපී පෙනෙයි.

    දින 24 ක කාලයක් මෙරට රැඳී සිටින කොදෙව් කණ්ඩායම සිය පළමු එක්දින තරගයට පෙබරවාරි 22 වැනිදා කොළඹ එස්. එස්. සී. ක්‍රීඩාංගණයේදී සහභාගිවනු ඇත. ඒ අනුව එස්. එස්. සී. පිටියේදී එක්දින තරගයක් පවත්වනු ලබන්නේ වසර 3 කට ආසන්න කාලයකට පසුව වීම විශේෂත්වයක් වේ. දිවා තරගයක් ලෙස පැවැත්වෙන මෙම තරගයට පෙර මෙහි අවසන් වරට එක්දින තරගයක් පවත්වා ඇත්තේ 2017 වසරේදී අප්‍රේල් මස බංග්ලාදේශ පිලට එරෙහිව පැවැති තරගය වේ.

    කල් තියාම මෙරටට පැමිණෙන කොදෙව් කණ්ඩායම පළමු එක්දින තරගයට පෙර පී. සරා ඕවල් පිටියේ සහ කටුනායක හලාවත මේරියන්ස් ක්‍රීඩාංගණයේදී  පුහුණු තරග 2 කට තරග වැදීමට නියමිතය. මෙම තරග සංචාරය යටතේ පැවැත්වීමට නියමිත අනෙක් එක්දින තරග 2 පිළිවෙළින් පෙබරවාරි 26 වැනිදා හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදීද තෙවැන්න මාර්තු මස 01 වැනිදා මහනුවර පල්ලකැලේ ක්‍රීඩාංගණයේදීද පැවැත්වෙනු ඇත.

    දෙරට අතර පැවැත්වීමට නියමිත විස්සයි-20 තරග 2 මාර්තු 04 සහ 06 වැනි දෙදින පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනු ඇත.

    Text copied by sl cricket

  • සෙල්ලම්ද? සෙල්ලම්..? චාලී ඔස්ටින්ගේ ක්‍රිකට් මගඩියේ අලුත්ම සෙල්ලම.. අසංක, විල් කුයීන්, සංගා සහ මහේලගේ බිස්නස් ඩීල්..

    සෙල්ලම්ද? සෙල්ලම්..? චාලී ඔස්ටින්ගේ ක්‍රිකට් මගඩියේ අලුත්ම සෙල්ලම.. අසංක, විල් කුයීන්, සංගා සහ මහේලගේ බිස්නස් ඩීල්..

    ක්‍රිකට් සහ මුදල් අතර තියෙන්නේ හරි අපූර්ව සෙල්ලමක්…මේ සෙල්ලම ලෙල්ලම් වන අවස්ථාව ද ඕනැතරම් දකින්න තියෙනවා. ක්‍රිකට් ක්‍රිඩාකයන්ට හිමි වන සල්ලී එක්ක කරලියට එන කථාව තමයි පූද්ගලික කළමනාකරුවන්.

    විටින් විට මේ කළමනාකරු ගේ අදුරු සෙවනැලී නිසා මෙරට ක්‍රිකට් වන ඉදිරියේ නම් තියෙන්නේ කලු පැල්ලම්. ශ්‍රිලංකා ක්‍රිකට් ආයතනය පවා වරේක පවසා සිටියේ පුද්ගලික කළමනාකරුන්ගේ සේවය පිලිනොගන්නා බවයි.

    කෙසේවෙතත් ක්‍රිඩයන්ට හිමිවන මුදලින් 10% මුදලට කැදරව මෙවර ක්‍රිකට් වලපල්ලට යවන ගමන් තමන්ගේ ක්‍රිඩායන් කණ්ඩායම ඇතුලට රින්ගවා ගැනිමයි මේ අයගේ එකම උත්සහය.

    එහිදි කණ්ඩායම තුල තමන්ගේ ක්‍රිඩකයන් පිරිස වැඩි කරගනිමින් බල අල්ලන්නට උත්සහ කරන්නේ සෙසු කළමනාකරුගේ ක්‍රිඩායන්ට ද බලපෑම් එල්ල කරමින්.එ අතරින් ප්‍රමුඛ කළමනාකරුන් ලෙස සැලකෙන චාලී ඔස්ටින් ඇතුලු ඔහුට ගැතිකම් කරන පිරිසයි.

    දැන් චාලී ඔස්ටින්, අසන්ක විජේවර්ධන සහ විල් කුයින් උපයෝගි කරමින් මේ වැඩේ රිසිසේ කරගෙන යන අතර ඉන් ලැබෙන ලාභය මේ අය අතරේ බෙදා ගැනීමයි සිදුවන්නේ. චාලීගේ නම එවිට කරලියට නොපැමිණන අතර ඔහු කරන්නේ බලලුන් ලබා කොස් ඇට භාගැනීමයි.

    Field power sports ආයතනය හරහා මේ වැඩේ කරගෙන යන අතර එහි ලිපිනය ලෙස දක්වා ඇත්තේ No 228, Kew Road, Richmond, Surrey. TW9 3JX ලෙස එංගලන්තයේ ලිපියක්.

    නමුත් මෙම ආයතනයේ ක්‍රිඩාකයන් පුහුණු කිරිම සදහා පුහුණු මධ්‍යස්ථානයක් පවත්වාගෙන යනබවට සදහන් කර තිබුනද එහි ඇත්තේ පුද්ගලික නිවසකි. එම නිවස අමරිකානු ව්‍යාපාරිකයකුට අයත් එකක්.

    එමෙන්ම මෙම ආයතනය මගින් දැනට ශ්‍රිලංකා ක්‍රිඩකයන් වන කුසල් මෙන්ඩිස්, ධනුෂ්ක ගුණතිලක, අවිශ්ක ප්‍රනාන්දු, ජෙෆ්රි වෑන්ඩසේ, ලහිරු කුමාර, අසිත ප්‍රනාන්දු ,ශම්මු අශාන්,භානුක රාජපක්ෂ සහ පැතුම් නිශ්ශංකනට කළමනාකරු සපයනු ලබයි. ඊට අමතරව චාලි ඔස්ටින් තවත් ශ්‍රිලංකා ප්‍රමුඛ පෙලේ ක්‍රිඩකයන්ගේ කළමනාකරු ලෙස කටයුතු කරන අතර මෙ අනුව ශ්‍රිලංකා කණ්ඩායමේ සිටින බහුතරයක් දෙනා මොහුන්ගේ බිල්ලට ගොදුරු වී හමාරයි.

    පසුගිය ලෝක කුසලානයට ද එක්වූ තුන් ඉරියව්ව ක්‍රිඩකයකුගේ ද කළමනාකරු ලෙස චාලි ඕස්ටින්ට අයත් ඔස්ටින් management කටයුතු කල අතර මේ ක්‍රිඩකයා ගෙවුණු වසරේදී දකුණු අප්‍රිකාවේ දි පැවැති T20 තරගාවලියකට ද එක්වූනා.

    එම තරගාවලියේ ගිවිසුමට ක්‍රිඩකයාගේ අත්සන වෙනුවට වෙනත් අත්සනක් යොදන්නට කටයුතු කර ඇති බවටයි වාර්තා වන්නේ. ඊට මුල්වී ඇත්තේ චාලි ඔස්ටින් සහ විල් කූයින්.

    තවද ක්‍රිඩකයන්ගේ මුදල් වලට කෑදර වී ක්‍රිඩකයන් බිලී බා ගන්නට උත්සහ කරන්නේ අද ඊයේ සිට නොවේ නමුත් ක්‍රිකට් ආයතනයට ද බලපෑම් කරන්න්ට ඇතැම් කළමනාකරු කටයුතු කරන අතර ඔවුන් ඒ සදහා හිටපු සුපිරි ක්‍රිකට් ක්‍රිඩකයන් භාවිත කරනවා.

    එහිදි ක්‍රිකට් ආයතනය Email යොමු කරන්නට මෙ හිටපූ ක්‍රිඩකයන්ගේ Email යොදා ගන්නා බවටයී ක්‍රිකට් ආරංචි මාර්ග මගින් වාර්තා වන්නේ. මහේල ජයවර්ධන සහ කුමාර් සංගාක්කාර පවත්වාගෙන යන ව්‍යාපාර හී එක් පාර්ශවකරුවකු ලෙස අසංක විජේවර්ධන කටයුතු කරන බව ද වාර්තා වනවා.

    නමුත් අසංක පසුගියදා එක්තරා web අඩවියක් හරහා ඔහුගෙ නිර්දෝෂිභාවය ගෙන ප්‍රකාශ ද නිකුත් කර තිබුනා. පුලුල් හොරා කරේන් දැනේ යන්න අපට සිහි කරමින් චෝදනාවන් එල්ල වන්නටත් මත්තේ නිර්දෝෂිභාව ගැන ප්‍රකාශන් නිකුත් කිරිම ප්‍රශ්නාර්ථයක් ?…..

    අපට කියන්නට ඇත්තේ ඉඩෝරයට පොද වැස්සක් සේ ක්‍රිඩකයන් ජය ගෙන්න එද්දී එයින් තම මඩිය තර කරගන්නා කළමනාකරුගේ කාර්යභාරය ගැන විදිමත් වැඩ පිලිවෙලක් ක්‍රියාත්මක කිරිම දැන් කාලය උදාවී ඇත.

  • රටේ ජාතික ආරක්ෂාව ගැන කතා කරද්දී, රණතුංග සහ සහෝදර සමාගමේ ප්‍රධානී අර්ජුන කළ කුප්ප වැඩේ (වීඩියෝ)

    රටේ ජාතික ආරක්ෂාව ගැන කතා කරද්දී, රණතුංග සහ සහෝදර සමාගමේ ප්‍රධානී අර්ජුන කළ කුප්ප වැඩේ (වීඩියෝ)

    පසුගියදා පාර්ලිමේන්තුවේ පැවති හදිසි නීතිය දීර්ඝ කිරීම සහ පාස්කු ප්‍රහාරයෙන් පසු රටේ ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් වූ විවාදයේදී මෙරට කුප්‍රකට ක්‍රිකට් දේශපාලඥයෙකු සහ රණතුංග සහ සහෝදර සමාගමේ ප්‍රධානියා වූ අර්ජුන රණතුංග විසින් කිසිදු අවස්ථා සම්බන්ධයක් නොමැතිව අදාළ මාතෘකාවෙන් පිටපනිමින් පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල මහතාට ක්‍රිකට් සම්බන්ධයෙන් ආඩිපාලි කියමින් ඉතා නිර්ලැජ්ජිත අයුරු හැසිරුණු අතර ඊට එසැනින් පිළිතුරු දීමට තිලංග සුමතිපාල මහතා කටයුතු කළේය. එහෙත් ඔහු රණතුංගලාගේ ඡන්මයෙන් එන සල්ලාල, බයිබෝස් ක්‍රමයට හාත්පසින්ම වෙනස් අයුරුකින් මීට පිළිතුරු දුන් ආකාරය පාර්ලිමේන්තු සිටි සියල්ලන්ගේ ගෞරවයට පාත්‍රවීම සුවිශේෂී සිදුවීමක් විය.

    ක්‍රිකට් සහ දේශපාලනය මතින් දුවන රණතුංග සහ සහෝදර සමාගමේ ප්‍රධානී අර්ජුන රණතුංග නැඟූ චෝදනාවලට පිළිතුරු දුන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කොළඹ දිස්ත්‍රික් නායක සහ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල මහතා,

    “වර්තමානයේ අපේ අප්‍රියෙල් 21 වෙනිදා පාස්කු ඉරුදින වෙච්ච සිද්ධියෙන් පස්සේ ලංකාවට ආව ප්‍රධානම අවස්ථාව තමයි මේ බංගලිදේශ ශ්‍රී ලංකා තරඟාවලිය 21වෙනිදායින් පස්සේ ආණ්ඩුවක් හැටියට ඒ වගේම අගමැති තුමාත් ජනපතිතුමාත් කටයුතු කිරීම පිළිබඳව මේ රටේ හැමෝම මං හිතන්නේ අපි කටයුතු කරන දේ දිහා බැලුවම ගිය පණිවුඩය නම් සුභවාදී නෑ. මොකද 9/11 එකේ ඇමරිකාවට ගහපු වෙලාවේ මුළු රටේ සියළු දෙනා ඒ වෙලාවේ හිටියේ බුෂ් ජනාධිපති තුමාත් එක්ක එකතුවෙලා ක්‍රියාත්මක කලා.

    නමුත් අපි කලේ හතර වෙනිදා ආපු ලියුම මොකද පස් වෙනිදා ආපු ලියුම මොකද මොකද්ද කරේ කියලා අතීතයට ගිහිල්ලා වෙච්ච ඒවා සොය සොය ඒවට වැරද්ද ජනාධිපතිවරයාට, අගමැතිවරයාට, ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්ට, පොලිස්පතිතුමාට යන නිලධාරි වටා ගිහිල්ලා අපි විශ්වාසය පළුදු වෙන ආකාරයට ක්‍රියාත්මක වුනා. මේ හදිසි නීතිය මේ මාසය තුල පමනක් නෙවෙයි තව මාස දෙකක් වත් තුනක් වත් තියාගන්න සුදුසු නම් ඒ වෙනුවෙන් විපක්ෂයේ මන්ත්‍රීවරුන් හැටියට අපි සම්පූර්ණ සහයෝගය දෙන්න ඕන.

    අද මේ මාර්තෘකාව වෙලාවෙත් කිසිම සම්බන්ධයක් නැති ක්‍රිකට් ක්‍රීඩාව ගැන කථාකරලා අර්ජුන රණතුංග මහතා මඩ ව්‍යාපාරයක්, මඩ ප්‍රහාරයක් එල්ල කරමින් මේකත් පාවිච්චි කලා ඔහුගේ ක්‍රිකට් පාලක මණ්ඩලයේ නිලවරණ තුනක් ඔහු සභාපතිවරණෙට ඉල්ලලා පැරදුණා, උප සභාපතිට ඉල්ලා දෙපාරක් පැරදුනා. ඔහුගේ මල්ලිත් එක්ක ඉල්ලලා පැරදුනා. ඒ නිසා එහි සාමාජිකයින් කිසිසේත් විශ්වාස කරන්නේ නෑ. ඔහු තරඟ පාවා දෙන්න ඩොලර් 15000 ක් අරගත්ත කියන ඉතිහාසයේ තියන ඔහු චූදිතයෙක් වෙලා සිටිය නිසා, ඔහු පරිපාලනය කරපු කාලයේදි නොයෙකුත් දේවල් කරලා වැරදි කරපු නිසා විශ්වාසයක් නෑ .

    ඒකට මට කරන්න දෙයකුත් නෑ. ක්‍රිකට් ක්‍රීඩාවේ නියැලි සාමාජිකයින්ට කරන්න දෙයක් නෑ. ඔහු පරිපාලකයෙක් හැටිය විශ්වාස කරන්නෙත් නෑ කැමතිත් නෑ. ඒ වගේම මම කියන්න ඕන අර්ජුන රණතුංග මහත්මයත් ප්‍රමෝද වික්‍රමසිංහ මහත්මයත් තමයි මේ ඇන්ජලෝ මැතිව්ස් මහත්මය අපේ කැප්ටන් මැච් ෆික්සිං කරනවා කියලා කොම්ප්ලේන් කරේ. ඒ කරාට පස්සේ FCID දාලා පොලිසියෙන් ගිහිල්ලා හොයලා පරීක්ෂණ කරලා ඇන්ජලෝ මැතිව්ස් ව සම්පූර්ණයෙන් විනාශ කලා.

    ඔහු කැප්ටන්සියෙන් ඉවත් කලා. ඊට පස්සේ ඔහුට මානසික තත්වයක් තිබුණෙ නෑ ක්‍රීඩා කරන්න. අපි ඕස්ට්‍රේලියාවට 3-0 ගහලා තිබිච්ච කණ්ඩායම නැවත සම්පූර්නයෙන්ම අපේ කණ්ඩායම ඒ ප්‍රමෝදය සහ අර්ජුන තමයි ආරම්භ කලේ විනාශ කරන්න. ඊට පස්සේ අපිට තේරුම් කමිටුවට ඇඟිල්ල දැම්මා ඒට පස්සේ ක්‍රිකට් වැටෙන්න පටන් ගත්තා.

    ඒ නිසා ඕනෑකමින් ඉල්ලා සිටිනවා මේ දෙන් අපි බොහොම අමාරුවෙන් පෙබරවාරි 21 න් පස්සේ චන්දෙන් තමයි අපි තෝරා පත් වුනේ. කණ්ඩායමට අවශ්‍ය පසුබිම හදමින්, පුහුණු කරුවෝ හදමින් අවශ්‍ය නායකත්වය හදාගෙන යනව. ඉතින් මේවට දේශපාලන ඇඟිලි ගහලා හැමතිස්සෙම පෞද්ගලික තමන්ගේ අවශ්‍යතාවය මත ලංකාවේ ක්‍රිකට් කණ්ඩායමට ඇඟිලි ගැහුවම වෙන්නේ පරිපාලනයට තියෙන තරහ මත ක්‍රීඩාවෙන් පලිගන්න එක. ඒ නිසා අපිට නිදහසේ පාලක මණ්ඩලයේ අවශ්‍ය කටයුතු කරගෙන යන්න දුන්නා නම්, තමන්ගේ ඒ පෞද්ගලික දේවල් පාර්ලිමේන්තුව පාවිච්චි කරලා මේක විනාශ කරන්න දෙන්නේ නැතුව මෙතන අපිට පුළුවන් ඒ තත්වයට මුහුණ දෙන්න. ක්‍රීඩා ඇමති වරයෙක් ඉන්නවා.

    එතුමා එක්ක අපි සාකච්ඡා කරනවා. එතුමාට අපි අවශ්‍ය තොරතුරු ලබා දීලා තියනවා. දැන්පාර්ලිමේන්තුව පාවිච්චි කරමින් හදනවා ක්‍රිකට් පාලක මණ්ඩලයේ නීති රිති වෙනස් කරන්න. ක්‍රිකට් පාලක මණ්ඩලයේ නීති රීති වෙනස් කරන්න පාර්ලිමේන්තුවට පුළුවන් කමක් තියෙනවා කියලා මම හිතන්නේ නෑ. පාර්ලිමේන්තුවට පුළුවන් ක්‍රීඩා නීති වෙනස් කරන්න.

    ක්‍රිකට් නීතී වෙනස් කරන්න පුළුවන් අයි සී සී එකට. ඒ නිසා මේ අයි සී සී එකේ රාජකාරි, ක්‍රිකට් පාලක මණ්ඩලයේ නීති රිති වෙනස් කිරීමේ හැකියාවක් ක්‍රිකට් නීති වෙනස් කරන්න කියලා පාර්ලිමේන්තුවට පුළුවන් කියලා මං හිතන්නේ නෑ.හැබැයි ක්‍රීඩා නීති වෙනස් කරන්න පුළුවන්. ඒකට අපි සම්පූර්ණයෙන්ම සහයෝගය දෙන්න කැමතියි.

    ඒ වගේම පාලක මණ්ඩලයේ ව්‍යවස්ථානුකූලව සියළු දේවල් කරලා තියෙනවා. කටයුතු කරලා තියෙනවා. ඒවගේම ගිය අවුරුද්ද ඇතුලත මාස 10 ක්ම ඉන්ටරිං කොමිටියක් එහෙම නැත්නම් ක්‍රීඩා ඇමතිතුමායි පාලනය කලේ. ඒ පාලනය කරපු කාලේ මේක කඩාගෙන වැටුනා. නායකයෝ වෙනස් කලා. කණ්ඩායම වෙනස් කලා. පුහුණු කටයුතු වෙනස් කලා. ඉතින් අපි මේක දැන් සන්සුන් කරගෙන හදාගෙන යනවා. බොහොම උවමනාවෙන් ඉල්ලා සිටිනවා පාර්ලිමේන්තුව පාවිච්චි කරලා මේ කණ්ඩායම කඩා වට්ටන්න එපා කියලා”.

  • පඩිය ලක්‍ෂ 79යි.. තරග දිනීම 35%යි.. හතුරුසිංහගේ මධුසමය අවසන්.. ලොව දක්‍ෂතම පුහුණුකරුවකු ඩොලර් 25,000කට ගෙන එන්න සූදානම්..

    පඩිය ලක්‍ෂ 79යි.. තරග දිනීම 35%යි.. හතුරුසිංහගේ මධුසමය අවසන්.. ලොව දක්‍ෂතම පුහුණුකරුවකු ඩොලර් 25,000කට ගෙන එන්න සූදානම්..

    ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු වන චන්දික හතුරුසිංහ මහතාට ගෙවන ලක්ෂ 79ක මාසික වේතන මුදලට සාධාරණයක් ක්‍රිකට් කණ්ඩායමට ඉටු වී නැති බව ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසයි.

    කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමත්‍යවරයා මේ බව සඳහන් කළේය.

    ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු සඳහා ඩොලර් 40000ක පමණ වැටුපක් ගෙවන බවත් එවැනි වැටුපක් ලබා සියයට 35ක තරග දින තැනකට නොසිටිය යුතු බවත් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පෙන්වා දුන්නේය.

    පුහුණුකරුවන්ටද ලබාදිය යුත්තේ ක්‍රීඩකයන්ට තරග දිනන ප්‍රමාණය අනුවලබා දෙන ආකාරයේ දීමනාවක් බව ද ඇමැතිවරයා කීය.

    මේ වනවිට ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරු ධුරයට ඉල්ලුම්පත් ගණනාවක් ලැබී ඇති බවත් ඔවුන් ලෝකයේ ඉහළම ගණයේ පුහුණුකරුවන් බවත් කී එහි වැඩිම ඉල්ලුම ඇත්තේ ඩොලර් 25000 ක් බව ද කියා සිටියේය. මේ හේතුවෙන් ගෙවන පඩියට අනුව නිසි ප්‍රතිඵලයක් සහ නිසි සේවයක් ලැබිය යුතු බව ක්‍රීඩා අමාත්‍යවරයා පැවසීය.

    ක්‍රීඩා අමත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළ කර සිටියේ ලෝකයේ සිටින හොඳම පුහුණුකරුවන් ලෙස සැලකෙන පුහුණුකරුවෙන් තිදෙනෙක් මේ වන විටත් ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ සේවයට පැමිණිම වෙනුවෙන් ඉල්ලුම් කර ඇති බවයි.

    ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර තරග 3කින් සමන්විත එක්දින තරගාවලියේ අවසන් තරගය අද කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී පස්වරු 2.30ට ආරම්භ වීමට නියමිතයි. අද තරගය ශ්‍රී ලංකාවෙන් බිහි වු විශිෂ්ට වේග පන්දු යවන ක්‍රීඩක නුවන් කුලසේකරගේ නමින් නම් කර තිබීම විශේෂත්වයකි.

  • ඛෙත්තාරමයේ තරගය නරඹමින් සිටි අවිශ්කගේ පියා සිහිසුන්ව ඇද වැටෙයි.. තිලංග මැදිහත් වී රෝහල් ගත කරයි

    ඛෙත්තාරමයේ තරගය නරඹමින් සිටි අවිශ්කගේ පියා සිහිසුන්ව ඇද වැටෙයි.. තිලංග මැදිහත් වී රෝහල් ගත කරයි

    අද ශ‍්‍රී ලංකා බංග්ලාදේශ දෙවැනි එක්දින තරගය නරඹමින් සිටි ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ යොවුන් ආරම්භක පිතිකරු අවිශ්ක ප්‍රනාන්දුගේ පියා හදිසියේ අසනීප වීමෙන් බිම ඇද වැටී ඇත. එම අවස්ථාවේදී තරගය නැරඹීම සඳහා පැමිණ සිටියි පාර්ලිමේන්තු මන්ත්‍රි තිලංග සුමතිපාල විසින් වහාම ගිලන් රථයක් ගෙන්වා අවිශ්ක ප්‍රනාන්දුගේ පියා රෝහල් ගත කිරීමට අවශ්‍ය සියලු කටයුතු සකස් කර ඇත.

    අවිශ්කගේ පියා විශේෂ ආරාධිතයන්ගේ කුටියේ තරගය නරඹමින් සිටියදී එක්වරම සිහිසුන්ව ඇද වැටී ඇති අතර එහි සිටි පාර්ලිමේන්තු මන්ත්‍රි තිලංග සුමතිපාල මහතා වහා ගිලන් රථයක් ගෙන්වා ඔහුව රෝහල වෙත යොමු කර තිබේ.

    ලාබාල ආරම්භක පිතිකරු අවිශ්ක ප‍්‍රනාන්දු අද දිනයේ සාර්ථක පිතිහරශයක යෙදෙමින් වේගයක් ලකුණු 82ක් ලබා ගත්තේය.

    තරයේ මුලින් පන්දුවට පහර දුන් බංග්ලාදේශය සිය පන්දු වාර 50 අවසානයේ කඩුළු 08ක් දැවී ලකුණු 238ක් ලබා ගත්තේය. පිලිතුරු ලෙස ශ‍්‍රී ලංකාව පන්දු වාර 44.4කදී කඩුළු 03ක් පමණක් දැවී ලකුණු 242ක් ලබා ගනිමින් තරගය ජය ගත්තේය.

    ඒ අනුව තරග 03කින් යුතු තරගාවලිය 2-0ක් ලෙස මේ වන විටද ශ‍්‍රී ලංකාව ජයගෙන සිටී.

  • Pakistan vs South Africa – Match Highlights | ICC Cricket World Cup 2019

    Pakistan vs South Africa – Match Highlights | ICC Cricket World Cup 2019

    2019 ලෝක ක්‍රිකට් ශූරතා තරඟාවලියේ පාකිස්ථානයට සහ දකුණු අප්‍රිකාව අතර පැවති තරඟයෙන් ලකුණු 49ක පහසු ජයක් ලබාගැනීමට පාකිස්ථානය සමත්විය.

  • ඇෆ්ගනිස්ථානය හමුවේ ඉන්දියාව නූලෙන් බේරෙයි.. මැච් එකේ Highlights

    ඇෆ්ගනිස්ථානය හමුවේ ඉන්දියාව නූලෙන් බේරෙයි.. මැච් එකේ Highlights

    ක්‍රිකට් ලෝක කුසලාන තරඟාවලියේ ඇෆ්ගනිස්ථානය සහ ඉන්දියාව අතර ඊයේ(22) පැවති තරඟයෙන් මෙතෙක් අපරාජිතව සිටි ඉන්දියාව ඇෆ්ගනිස්ථානයෙන් නොපැරදී බේරුණු නූලෙනි. ඉන්දියාවට ජය ගැනීමට හැකියාව ලැබුණේ ලකුණු11 කිනි.

    මේ එම තරඟයේ විශේෂ අවස්ථායි.

  • ශ්‍රී ලංකාවට විශිෂ්ඨ ජයක්! අපේ කොල්ලෝ සුපිරිම ගේමක් දීලා දිනපු මැච් එකේ Highlights මෙන්න

    ශ්‍රී ලංකාවට විශිෂ්ඨ ජයක්! අපේ කොල්ලෝ සුපිරිම ගේමක් දීලා දිනපු මැච් එකේ Highlights මෙන්න

    සත්කාරක එංගලන්ත පිලට අමිහිරි පරාජයක් අත්කර දෙමින් ශ්‍රී ලංකාව අද දිනයේ ලෝක කුසලාන තරඟාවලියේ තමනට අත්‍යවශ්‍යව තිබූ ජයග‍්‍රහණයක් ගබා ගත්තේය.

    ජාත්‍යන්තර විචාරකයන්ගේ උපහාස මැද තරඟ බිමට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම මුලින් පන්දුවට පහර දී නියමිත පන්දු වාර 50 තුලදී කඩුළු 09කට ලකුණු 232ක් ලබා ගත්තේය.

    ප‍්‍රබල එංගලන්න පිතිකරුවන්ට එරෙහිව මුල සිටම සිටම ‍ආක‍්‍රමණශීලී ක්‍රීඩා විලාශයක් පෙන්නුම් කරමින් එංගලන්ත පිල ලකුණු 212කට දවාලීමට ශ‍්‍රී ලංකා පන්දු යවන්නෝ සමත් වූහ.

    මේ අනුව අවසන් පූර්ව වටයට යාමෙ බලාපොරොත්තු ශ‍්‍රී ලංකා කණ්ඩායමට තව දුරටත් තබා ගත හැකි අතර ලෝක කුසලාන දිනා ගනිතැයි අනාවැකි පලකර ඇති කණ්ඩායම් අතරින් ඉහළින්ම සිටින එංගලන්ත කණ්ඩායම ඉදිරියෙ අද ලත් ජයග්‍රහණය විශිෂ්ට ජයග්‍රහණයකි.

    කාසියේ වාසිය දිනා මුලින්ම පන්දුවට පහර දුන් ශ‍්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 50 තුළ දී කඩුළු 09කට ලකුණු 232ක් රැස් කළේය. ශ‍්‍රී ලංකාව වෙනුවෙන් විශිෂ්ඨ ඉනිමක් ගොඩනැගූ ඇන්ජිලෝ මැතිව් පන්දු 115කදී ලකුණු 85ක් රැස් කළ අතර අවිශ්ක ප‍්‍රනාන්දු පන්දු 39කදී ලකුණු 49ක් රැස් කළ අතර කුසල් මෙන්ඩිස් පන්දු 68කදී ලකුණු 46ක් රැස් කළේය.

    මෙම තරගයේද සුපුරුදු ලෙස ශ‍්‍රී ලංකා මැදපෙළ අසාර්ථක වූ අතර පෙර තරගවලදී විශිෂ්ඨ ලෙස ලකුණු රැස්කළ නායක දිමුත් කරුණාරත්න ද අසාර්ථක විය.

    ශ‍්‍රී ලංකාවට එරෙහිව ‘ Mark Wood ’ 3/40/08, Jofra Archer 3/32/10 සහ Adil Rashid 2/45/10

    ශ‍්‍රී ලංකාව විසින් ලබා දුන් ලකුණු 233ක පහසු ඉලක්කය හඹා ගිය එංගලන්ත කණ්ඩායමට සියලූ දෙනාම දැවී පන්දු වාර 47කදී ලබාගත හැකි වූයේ ලකුණු 212ක් පමණි. එංගලන්තය වෙනුවෙන් Ben Stokes පන්දු 89කදී නොදැවී ලකුණු 82ක් ද, Joe Root පන්දු 89කදී ලකුණු 57ක් ද වාර්තා කළේය.

    එංගලන්තයට එරෙහිව විශිෂ්ඨ පන්දු යැවීමක නිරත වූ ලසිත් මාලිංග ලකුණු 43කට කඩුළු 04ක් ද, ධනංජය ද සිල්වා ලකුණු 32කට කඩුළු 03ක් ද, ඉසුරු උදාන ලකුණු 41කට කඩුළු 02ක් ද දවා ගත්තෛ්ය.

    ඒ අනුව ශ‍්‍රී ලංකාවට ලකුණු 20ක තියුණු ජයග‍්‍රහණයක් හිමිවිය. තරගයේ වීරයා සම්මානය ලසිත් මාලිංග විසින් දිනා ගත්තේය.

  • අපේ මහේල ඇයි අපිට මෙහෙම කළේ..?

    අපේ මහේල ඇයි අපිට මෙහෙම කළේ..?

    මෑත කාලයේ ක්‍රිකට් ලෝලීන් සහ ක්‍රිකට් ලෝලීන් නොවන සෑම සියලු දෙනා අතර ජනප්‍රිය, ආදරණීය චරිත දෙකක් සටහන් වන්නේ නම් ඒ අපේ සංගා සහ මහේලයි. ඒ ඔවුන් ඒ තරමට ශ්‍රී ලාංකික හදවත්වලට ක්‍රිකට් වලින් එහා ගොස් විවිධ මාධ්‍ය ඔස්සේ සමීප වීම නිසාය. 90 දශකයෙන් පසු මෙරට ක්‍රිකට් ලෝකයේ වඩාත් හදවත් ඇඳ බැඳගත් ක්‍රීඩකයින් යුගල වූයේ සංගා සහ මහේල බව අවිවාදිතය. ඔවුන් අප රටේ නම ජාත්‍යන්තරයට ගෙන යමින් දශකයට ආසන්න කාලයක් රට වෙනුවෙන් ක්‍රීඩා කරමින් තම දස්කම් ඉදිරිපත් කළෝය.

    එසේම ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනය විසින් ලිහිල් කරන ලද නීති රීතිවල ඉඩ හසර ලබමින් ඔවුන් ක්‍රීඩා කරන කාල සීමාවේ සිටම දේශීය මෙන්ම විදේශීය වෙළෙඳ දැන්වීම් විශාල ප්‍රමාණයකට පවා පෙනී සිටියහ. මෙතෙක් මෙරට ඉතිහාසයේ බිහි වූ ක්‍රීඩකයින්ගෙන් වැඩිම ආදායම් උපයන ලද ක්‍රීඩකයින් වෙත්නම් ඒ සංගා සහ මහේල බව නොරහසකි. ඒ සම්බන්ධයෙන් කිසිඳු කුහක බවකින් තොරව සතුටු වන්නේ ජනතා බදු මුදල් හොරා කමින් ප්‍රකෝටිපතියන් වන දේශපාලුවන් සිටින රටක ඔවුන් සැබෑ වීරයින් ලෙස මේ රටට කීර්තියක් ගෙන දෙමින් සිය ආදායම් උපයන බැවිනි. ක්‍රීඩා පිටියෙන් සමුගත්තද ඔවුන් අදටත් ක්‍රිකට් ලෝලීන්ට මෙන්ම රටේ ජනතාව අතරද ගෞරවනීය චරිතය. එම ගෞරවය සහ ආදරය රැක ගැනීමත් තමන්ට නැගීසිටීමට ශක්තියක් වෙමින් දිරියක් දුන් රටට සහ රටේ ජනතාව වෙනුවෙන් යම් මොහොතක අවැසි යම් උපකාරයක් වෙත්නම් එය ඉටු කිරීමද ඔවුන්ගේ යුතුකමක් සහ වගකීමකි.

    සංගා සහ මහේල අතර ඇති පැහැදිලි වෙනස

    මහේල නිරන්තයෙන් තම සමාජ ජාල මාධ්‍ය ගිණුම් හරහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විවේචනය කරයි. මේ නිසාම ඔහුට 2017 සිට අවස්ථා කිහිපයකදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට අවශ්‍ය උපදේශනය ලබාදීම වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ආරාධනා කොට තිබිණ. එහෙත් ඒවා මඟ හැර ප්‍රතික්ෂේප කරමින් ඔහු දිගින් දිගටම සිදුකළේ ලෝක කුසලානයක් හෝ ශුරතා තරඟාවලියක් ආසන්නයේදී හෝ අතරතුර එම කණ්ඩායමේ නායකයා ඇතුළු ක්‍රීඩකයින් විවේනය කරමින් කණ්ඩායමේ එකමුතුවත්, ක්‍රීඩකයින්ගේ මානසිකත්වයත් බිඳහෙලීම පමණි. මෙය අහඹු හෝ ඔහු නොදැනුවත්ව සිදුකරන ක්‍රියාවක් නොවන්නේ ඔහු වෙනත් රටවල කණ්ඩායම්වලට උපදේශනය ලබාදෙමින් මෙය සිදුකරන නිසාවෙනි.

    මේ වන විට මහේල ව්‍යාපාරිකයෙකු ලෙස ක්ෂේත්‍ර ගණනාවක කටයුතු කරයි. කොන්ත්‍රාත් පදනමේ පුහුණුකරුවකු ලෙසත්, ක්‍රිකට් විචාරකයෙකු ලෙසත් ඒ අතරින් ප්‍රධානය. වසරේ පැවත්වෙන IPL, BPL, CPL තරඟ හරහා ඒවායේ කොන්ත්‍රාත්කරුවන් සහ විචාරකයින්ට මිලියන ගණනින් ලැබෙන ඩොලර් ප්‍රමාණය මෙරටට සාපේක්ෂව ගණන් හැදිය නොහැක. මෙරට පුහුණුකරුවකුට පවා මසකට ගෙවෙන්නේ ශ්‍රී ලංකා රුපියල් වලින් මිලියන 2 ත් 3 ත් අතර ප්‍රමාණයකි. එය ඩොලර් වලින් ගතහොත් මසකට ඩොලර් 15,000කටත් වඩා අඩු ප්‍රමාණයකි. එය වසරකට ඩොලර් 175,000 ටත් වඩා අඩු ප්‍රමාණයකි. එහෙත් IPL පුහුණුකරුවකු ලෙස ඉපයිය හැකි මුදල ඩොලර් මිලියන දෙකකට වැඩි වන්නේය. එය රුපියල්වලින් ගතහොත් තිස් හය කෝටියකට (360,000,000.00) අධික වනවා මිස අඩු වන්නේ නැත. විටෙක මේ වෙනසට හේතුවද මෙය විය හැක.

    එහෙත් අදටත් ක්‍රීඩාලෝලීන් පණ මෙන් ආදරය කරන අපේ සංගා කිසිදින මෙසේ සිදුකර නැත. ඔහු නිරන්තරයෙන් සිදුකරන්නේ අප කණ්ඩායමට දිරි දීමයි. වචනයකින් හෝ ශක්තිය ලබාදීමයි. මාතෲ භුමියට, තම කණ්ඩායමට ආදරයක් ඇති නායකයෙකුගේ පූර්වාදර්ශය එයයි.

    ගුණමකු කම සහ කුහක කම එකට එක්වූ විට

    එය එසේ වුවද, පසුගිය දිනෙක හිටපු ක්‍රිකට් නායක මහේල ජයවර්ධන සිදුකර තිබුණේ තම ගෞරවයට සහ කිර්තීනාමය නොගැලපෙන ගුණමකු ක්‍රියාවකි. අප ඔහුට කෙතරම් ආදරය කළද මෙය සඳහන් කිරීමට වන්නේ දැඩි කනස්සල්ලකිනි. මෙවර 2019 ක්‍රිකට් ලෝක කුසලාන තරඟාවලියට පෙර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මඟින් මහේලට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට අවශ්‍ය මාර්ගෝපදේශය ලබාදීම සඳහා වන වැඩසටහනකට නිලවශයෙන් ආරාධනා කොට තිබුණි. එහෙත් කණගාටුදායකම කරුණ නම් මහේල එම ඉල්ලීම එසැනින් ප්‍රතික්ෂේප කොට සිය නිල ටුවිටර් ගිණුම හරහාම දක්වා තිබුණු අසංවේදී, අකෘතඥ ප්‍රතිචාරයයි. ඔහු අද මෙතරම් ජනප්‍රිය වූයේත්, එතරම් ආදායම් ඉපයූයේත් ශ්‍රී ලංකා ක්‍රිකට් වලට සහ මෙරට ක්‍රීඩා ලෝලීන්ට පිං සිදුවන්නට බව අද ඔහුට අමතකව ඇත. තමා උපන් රටේ, තමා ගොඩනැගුණු රටේ, තම රට වෙනුවෙන්, තම කණ්ඩායම වෙනුවෙන් ඉතා සුළු උපකාරයක් ඉල්ලූ අවස්ථාවක මහේල හැසිරුණේ මෙලෙස නම් ඔහු කෙළෙහි ගුණයක් නැති ගුණ මකුවකු බව අප අමුතුවෙන් කිව යුතු නොවේ.

    රටට වඩා ඉහ වහා ගිය මුදල්

    මහේල විසින් කිසිඳු අණක් ගුණක් නොමැතිව මෙම ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීමට තදා සන්න හේතුව වී ඇත්තේ ඔහු ඩොලර් මිලියන ගණන් වලට ඉන්දීය ප්‍රිමියර් ලීග් කණ්ඩායම්වල පුහුණු කරුවකු ලෙස කොන්ත්‍රාත් කරන නිසාවෙන් බව අනාවරණය වන කරුණු අනුව සිතිය හැක. එම නිසා රටට අවැසි මොහොතක සුළු උදව්වක්, උපකාරයක් වත් කිරීමට මහේල මුදල් නොමැතිව ඉදිරිපත්වීමට සූදානම් නොමැති බව මහේල ක්‍රිකට් ආයතනය සිදුකළ ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීම තුලින්ම පැහැදිලිය. සැබැවින්ම මහේලට තම රටත්, තමා ජනප්‍රියත්වයට ඔසවා තැබූ කණ්ඩායම සහ රටවැසියන්වත් අමතක වීම ඛේදනීයය. කෙසේ වෙතත් මහේල ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට අවශ්‍ය මාර්ගෝපදේශය ලබාදීමට සුදානම් නොමැති බව සඳහන් කරමින් දමා තිබූ ටිවුටර් පණිවුඩයට ප්‍රතිචාර දක්වමින් ඔහුගේම සඟයා වූ සංගා සඳහන් කර තිබූණේ “මහේල ගත් තීරණය වැරදි බවත්, එය තමා අනුමත නොකරන බවත්, රට සහ ලෝක කුසලානයට තරඟ වදින කණ්ඩායම වෙනුවෙන් මේ මොහොතේ තම සහය ලබාදිය යුතුව තිබූ බවයි”. එහෙත් සල්ලි මත නහින ගුණ මකු මහේලට ඒ ගැන වගේ වගක් තිබූ බවක් පෙනෙන්නට නොතිබිණ.

    මහේලගේ රට පටලවන කණ්ඩායම කොටවන කතා

    මෙවර ලෝක කුසලාන ක්‍රිකට් කණ්ඩායමට සුපිරි වේග පන්දු යවන ලසිත් මාලිංග ඇතුලත් නොවන බවට රාවයක් ගිය අතර එම ගින්නට පිදුරු දමමින් මහේල පවසා තිබුණේ මාලිංග නොමැති නම් මෙවර ලෝක කුසලාන කණ්ඩායම ගැන කිසිඳු ජයග්‍රාහී බලාපොරොත්තුවක් තැබිය නොහැකි බවත් ඔහු අනිවාර්යෙන්ම කණ්ඩායමට ඇතුලත් විය යුතු බවත්ය.

    එහෙත් ඉන්දීය ප්‍රිමියර්ලීග් කොන්ත්‍රාත්තු කරන මහේල “බොම්බේ ඉන්දියන්” කණ්ඩායමේ පුහුණු කරු ලෙස සිටිමින් එම කණ්ඩායමෙන් ලසිත් මාලිංගගේ නම් කපා කණ්ඩායමෙන් ඉවත් කර දැමුයේ අන් කිසිවෙකුත් නොව මෙම දෙපිට කාට්ටු කතා කියන මහේලමය. මෙයින් අදවන විට ඩොලර් කාක්කෙකු වී සිටින අයෙකුගේ ක්‍රියා කලාපය පැහැදිලිය.

    මහේලට දැන් ඇත්තේ, රට ගැන හෝ කණ්ඩායම ගැන හෝ ක්‍රිකට් ගැන ප්‍රශ්නයක් නොව, තම ජනප්‍රියතාවය සහ වෙළෙඳ පොල සම්බන්ධ ප්‍රශ්නයකි. මහේලට අවශ්‍ය අප රටේ වෙන ක්‍රීඩකයෙකුට නොදැවිනිව තව කොපමණ කල් තම චරිතය වෙළෙඳ දැන්වීම් වලට, ක්‍රීඩා විචාර සේවයන්ට සහ විවිධ කොන්ත්‍රාත් වැඩසටහන් වෙනුවෙන් තම චරිතය ඩොලර්වලට අලෙවි කරගත හැකිද යන අභියෝගයයි. එය එසේ වීමට නම් තම ක්‍රීඩකයෙකු දක්ෂතා දක්වමින් ජනප්‍රියත්වයට පත්වීමට ඇති ඉඩ කඩ ඇහිරිය යුතුය. මහේල ව්‍යාජ ආදරයක් දක්වමින් අද සිදුවන්නේ එයද යන්න ඔහුගේ මෙම පහත් ක්‍රියාකලාපයන්ගෙන් ප්‍රකට වෙමින් තිබේ.

    එසේම අවසාන වශයෙන් කිව යුතු දෙයනම් ඔහු සමඟ එකට සිටි සංගා නොහොත් අපේ ආදරණීය කුමාර් සංගග්කාර නම් අදත් එසේ නොවේ. ඔහු ලොව කොයිතරම් ජනප්‍රියත්වයට පත්ව මුදල් ඉපවුවද අදටත් මුදල්වලට වසා හදවතින්ම අප කණ්ඩායමටත් රටටත් ආදරය බව ඔහු විසින්ම බොහොම නිහතමානීව පෙන්වා ඇති නිසාවෙනි.

  • Australia vs West Indies Highlights (Video)

    Australia vs West Indies Highlights (Video)

    Australia vs West Indies Highlights (Video)