Category: සුපිරි Sports

  • ඇත්තටම ක්‍රිකට් මොන වගේද.? ක්‍රිකට් බලන අපි මොන වගේද..? ඒ ගැන කියන පට්ට වීඩියෝවක් මෙන්න

    ඇත්තටම ක්‍රිකට් මොන වගේද.? ක්‍රිකට් බලන අපි මොන වගේද..? ඒ ගැන කියන පට්ට වීඩියෝවක් මෙන්න

    ක්‍රිකට් කියන්නේ ශ්‍රී ලාංකික අපේ ආත්මයත් එක්ක බැඳිච්ච ක්‍රීඩාව. අපි ඒතරමටම ක්‍රිකට්වලට ආදරෙයි. දුක, සතුට, ජය, පරාජය අපි අපිම විදදරාගන්නේ ක්‍රිකට් වලින්. බලාපොරොත්තු ගොඩාක් එක්ක සතුට විතරක්ම හොයන අපිට අපේ ටීම් එක දිනන්නම ඕනි.

    ඒත් එක ටීම් එකක් දිනද්දී අනිත් ටීම් එක පරාද වෙනවා කියලා අපිටම අමතක වෙනවා. ඇත්තටම ඒ ආදරේ වැඩි කමටද මන්දා.. හරියට මෙන්න මේ වගේ..ක්‍රිකට් කියන්නේ ඇත්තටම මොකද්ද කියලා අපේ හදවත අපිටම කථා කරන වීඩියෝ එකක්..

  • ලෝක කුසලාන ක්‍රිකට් සංග්‍රාමයේ උණුසුම (වීඩියෝ)

    ලෝක කුසලාන ක්‍රිකට් සංග්‍රාමයේ උණුසුම (වීඩියෝ)

    ලෝක ක්‍රිකට් පිටියට වසර හතරකට වරක් උදාවන එක්දින ක්‍රිකට් සැණකෙළිය බකිංහැම් මාළිගාව ඉදිරිපිටදී අතිවිශාල ජනකායක් මැද උත්සවශ්‍රීයෙන් ආරම්භ කෙරිණි.

    එංගලන්ත ක්‍රිකට් පිලේ හිටපු නායක ඇන්ඩෘ ෆ්ලින්ටොෆ්, ඉන්දීය ගායිකාවක, නිලියක හා මෝස්තර නිරූපන ශිල්පිනියක වන ෂාබානි ඩන්ඩේකර් සහ එංගලන්තයේ විකට නළුවකු වන පැඩී මැක්ගිනස් සමාරම්භක උත්සවය මෙහෙයවූ අතර ආරම්භයේදීම ඔවුහු මෙවර තරගාවලියට ක්‍රීඩා කරන කණ්ඩායම් දහයේ නායකයන් වේදිකාවකට කැඳවූහ.

    සත්කාරක එංගලන්ත පිලේ නායක ඔයින් මෝගන් සහ ඉන්දීය පිලේ නායක විරාත් කෝලි වේදිකාවට ගොඩවෙද්දී නරඹන්නෝ ප්‍රීතිඝෝෂා කළහ. එංගලන්ත ගායක ජෝන් නිව්මන් ‘ෆීල් ද ලව්‘ ගීතය ගයමින් ලෝක කුසලාන සමාරම්භක උළෙල වර්ණවත් කිරීමෙන් පසුව ලෝක කුසලාන තරගමාලා සමාරම්භක ඉතිහාසයේ මෙතෙක් නොලැබූ අත්දැකීමක් විඳ ගැනීමට නරඹන්නන්ට මෙන්ම ක්‍රීඩකයන්ට ද අවස්ථාව උදාවිය.

    තත්පර හැටේ අභියෝගයක් නමින් හඳුන්වනු ලැබූ මේ තරගයට එක්වූ සෑම කණ්ඩායමකටම ආරාධිත අමුත්තන් දෙදෙනකු එක්වීම කැපී පෙනුණි. ඉන්දීය පිලේ හිටපු නායක අනිල් කුම්බ්ලේ සහ බොලිවුඩ් නළු ෆර්හාන් අක්තාර් ඉන්දීය පිල නියෝජනය කළ අතර මේ අසිරිමත් මොහොතට ක්‍රිකට් ක්‍රීඩාවේ ශ්‍රේෂ්ඨයන් වූ ශ්‍රීමත් විවියන් රිචඩ්ස්, ජාක්ස් කලීස්, බ්‍රෙට් ලී, කෙවින් පීටර්සන් ඇතුළු සුපිරි ක්‍රීඩකයන් පිරිසක් එක්වූහ.

    තත්පර හැටේ අභියෝගයේ ජයග්‍රහණ්‍ය හිමිවූයේ තත්පර හැටකින් වැඩිම ලකුණු සංඛ්‍යාවක් රැස් කළ කණ්ඩායමටය. ඔස්ට්‍රේලියාවේ හිටපු පිතිකරු ඩේවිඩ් බූන් විසින් මේ මනරම් තරගයේ විනිසුරු ලෙස කටයුතු කරනු ලැබීය.

    තත්පර හැටේ අරුම පුදුම තරගයේ පළමුව ඇෆ්ගනිස්තානය ලකුණු 52ක් රැස් කළ අතර මහේල ජයවර්ධන සහ හිටපු මලල ක්‍රීඩිකා දමයන්ති දර්ශා තරග වැදුණු ශ්‍රී ලංකා පිල ලකුණු 43ක් රැස් කළේය. ශ්‍රේෂ්ඨ ක්‍රීඩක ශ්‍රීමත් විවියන් රිචඩ්ස් සහ සුපිරි ධාවන ශූර යොහාන් බ්ලෙක් කොදෙව් පිලට ලකුණු 47ක් ගෙන දුන්හ.

    සති හයක් පුරා දිවෙන මෙවර ලෝක කුසලානයේ සමස්ත තරග 48 කින් පසුව 2019 ශූරයන් තෝරන අතර පළමු වටයේ සෑම කණ්ඩායමක්ම තරග නවයකට සහභාගි වේ. අනතුරුව ප‍්‍රසාද ලකුණු සටහනේ පළමු කණ්ඩායම් හතර අවසන් පූර්ව තරග වරම ලබන අතර එම තරගයේ ජය ගන්නා කණ්ඩායම අවසන් සටනට පිවිසෙයි.

    1992 ලෝක කුසලාන පැවැති ආකෘතියට සමාන ආකෘතියකින් මෙවර ලෝක කුසලාන තරග සටහන සකස් කිරීමට අයි.සී.සී.ය තීරණය කර තිබීමෙන්, වඩාත්ම උද්වේගකර ලෝක කුසලාන තරගාවලිය මෙය බවට ක‍්‍රිකට් ප‍්‍රවීණයෝ පවසති. 

    https://www.youtube.com/watch?v=z2fsrBv9NPE
  • රණතුංග සහ සහෝදර සමාගමේ ඔත්තුකාරයා කණ්ඩායමට ඇතුලත් නොවීමෙන් අර්ජුන කිපෙයි; යන එන පන්සලක්, හන්දියක් ගානේ අපේ ටීම් එකට ශාප කරයි

    රණතුංග සහ සහෝදර සමාගමේ ඔත්තුකාරයා කණ්ඩායමට ඇතුලත් නොවීමෙන් අර්ජුන කිපෙයි; යන එන පන්සලක්, හන්දියක් ගානේ අපේ ටීම් එකට ශාප කරයි

    පසුගිය කාලය පුරාවට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සමුහිකත්වය බිඳදමමින් කණ්ඩායමේ එකිනෙකා අවුලුවාලන්ට ඩ්‍රසින් රූම් එකේ වෙන දේ පටන් අර්ජුන, නිශාන්ත ඇතුළු රණතුංග පවුලේ සහෝදර සමාගම අතට පත්විය. එම කේලාම් උපයෝගී කරගනිමින් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රිකට් ක්‍රීඩකයින් එකිනෙකා කොටවමින් ජයග්‍රහණය වෙනුවට පරාජය අත්කරදීමේ කුප්ප නීච වැඩ කිරීමට කුප්‍රකට අර්ජුන ඇතුළු රණතුංගලා සිය සහචරයෙකු ලෙස යොදාගත් දිනේෂ් චන්දිමාල් කණ්ඩායමෙන් ඉවත් සම්බන්ධයෙන් ඔවුන් දැඩි කලබලයට පත්ව ඇත.

    තමන්ගේ පිංපියෙකු කරගත් දිනේෂ් චන්දිමාල්ව නිසි සුදුසුකම් නොමැතිවීම හේතුවෙන් තේරීම් කමිටුව විසින් ලෝක කුසලාන කණ්ඩායමෙන් ඉවත් කිරීම නිසා රණතුංග පවුලේ සහෝදර සමාගම කෙතරම් කලබලයට පත්වී ඇත්ද යන්න මනාව පෙනීයන්නේ රණතුංග පවුලේ සහෝදර සමාගමේ ප්‍රධානියා වන අර්ජුන මේ දිනවල තමන් යන පන්සලක්, හන්දියක් ගානේ සරම ඔලුවේ ඔතාගනිමින් දිනේෂ් චන්දිමාල් කණ්ඩායමට ඇතුල්කරන ලෙසට සිදුකරන බලපෑමෙනි. එම බලපෑම සහ අර්ජුන රෙදි නැතිව තම පිංපියා කරගත් චන්දිමාල් වෙනුවෙන් පෙනී සිටීම කෙතරම්ද යත් මෙවර ලෝක කුසලාන කණ්ඩායමට ඕවර් 50ක් වත් තරඟ කිරීමේ හැකියාවක් නැතැයි කියන තරමේ පහත් මට්ටමට අර්ජුන ඇඳවැටී තිබීමයි.

    තම රණතුංග පවුලේ සහෝදර සමාගම යටතට ශ්‍රී ලංකා ක්‍රිකට් යටත් කොට ගිලගැනීමට නොහැකිවීමෙන් දැඩි කෝපයටත්, ආවේගයටත් පත්ව සිටින අර්ජුනලා, නිශාන්තලා, සංජීවලා වැනි රණතුංග පවුලේ උන් ප්‍රාර්ථනා කරන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ජයග්‍රහණය නොව පරාජයම බව මෙයින් සක්සුදක් සේ පැහැදිලිය.

  • 2019 ලෝක කුසලානය දිනන ශ්‍රී ලංකා කණ්ඩායම නම් කරයි

    2019 ලෝක කුසලානය දිනන ශ්‍රී ලංකා කණ්ඩායම නම් කරයි

    එළඹෙන මැයි මාසයේදී 2019 ලෝක කුසලාන එක්දින තරගාවලියට සහභාගී ශ්‍රී ලංකා සංචිතය මේ වන විට නම් කර තිබේ.

    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පැවැත් වෙන විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් ක්‍රිකට් තේරීම් කමිටු සභාපති අසන්ත ද මෙල් මහතා මෙම ක්‍රිකට් සංචිතය ප්‍රකාශයට පත් කළේය.

    ඒ අනුව ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියට සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වයට දිමුත් කරුණාරත්න පත්කර ඇත.

    එහෙත් කණ්ඩායමේ හිටපු නායකයෙක් වන දිනේෂ් චන්දිමාල් ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය සඳහා යන සංචිතයෙන් ඉවත් කර තිබේ.

    ඒ අනුව සම්පුර්ණ සංචිත පහතින් දැක්වෙයි.

    දිමුත් කරුණාරත්න (නායක)
    ඇන්ජලෝ මැතිව්ස්
    ලසිත් මාලිංග
    කුසල් ජනිත් පෙරේරා
    ළහිරු තිරිමාන්න
    අවිෂ්ක ප්‍රනාන්දු
    කුසල් මෙන්ඩිස්
    ධනංජය ද සිල්වා
    ජෙෆ්රි වැන්ඩ්‍රසේ
    තිසර පෙරේරා
    ඉසුරු උදාන
    සුරංග ලක්මාල්
    නුවන් ප්‍රදීප්
    ජීවන් මෙන්ඩිස්
    මිලින්ද සිරිවර්ධන

    මීට අමතරව අතිරේක ක්‍රීඩයින් ලෙස ඔෂද ප්‍රනාන්දු, ඇන්ජලෝ පෙරේරා, කසුන් රාජිත, වනිඳු හසරංග යන ක්‍රීඩකයින් නම් කර තිබේ.

  • බීමතින් කල අනතුරට දිමුත් කරුණාරත්නට ක‍්‍රිකට් ආයතනයෙන් ලක්‍ෂ 14ක දඩයක්!

    බීමතින් කල අනතුරට දිමුත් කරුණාරත්නට ක‍්‍රිකට් ආයතනයෙන් ලක්‍ෂ 14ක දඩයක්!

    ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නායක දිමුත් කරුණාරත්න බීමතින් රිය අනතුරක් සිදුකිරීම හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් දඩ මුදලක් පනවා තිබේ.

    ඒ අනුව ඔහුට පනවා ඇති දඩ මුදල වන්නේ ඇමරිකානු ඩොලර් 7,500 කි.

    බොරැල්ල ප්‍රදේශයේ දී දිමුත් කරුණාරත්න විසින් පදවන ලද ජීප් රථයක් ත්‍රීරෝද රථයක ගැටීමෙන් එහි රියදුරු තුවාල ලබා රෝහල්ගත කරන ලදී.

    නමුත් ඔහුගේ රියදුරු බලපත්‍රය තාවකාලිකව අත්හිටුවීමට අධිකරණය නියෝග කර ඇත. දිමුත් කරුණාරත්න සඳහන් කර ඇත්තේ ‍ත‍්‍රිරෝද රථ හිමිකරුට නව ත්‍රීරෝද රථයක් ලබාදීමට තමන් කටයුතු කරන බවයි.

    කෙසේ වෙතත් දිමුත් කරුණාරත්න සිය ෆේස්බුක් ගිණුම ඔස්සේ සටහනක් තබමින් කියා ඇත්තේ තමන් මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ‍ක‍්‍රිකට් ලෝලීන්ගෙන් සහ ක්‍රිකට් ආයතනයෙන් සමාව අයැද සිටින බවය.

  • ඩොලර්15,000කට තරඟ පාවාදුන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයා කවුද..?

    ඩොලර්15,000කට තරඟ පාවාදුන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයා කවුද..?

    1996 වර්ෂයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ලෝක ක්‍රිකට් කුසලානය හිමිකරගනිමින් ක්‍රිකට්වලින් ලොව අද්වීතීය ස්ථානයකට පැමිණියේ අති සුවිශේෂී දක්ෂතා ක්‍රිකට් ක්‍රීඩාවලටම එක්කරදෙමිනි. එලෙස 1996 දී ලෝක ශුරයින් වූ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම 1999 ලෝක කුසලානයේදී පළමුවටයෙන්ම පරාජයට පත්ව යළි සිය රටට පැමිණීමට වීම සම්බන්ධයෙන් අප ආගම දහම තරම් ඇදහීමක්, භක්තියක් කරගත් ක්‍රීඩා ලෝලීන්ට තිබුණේ කුතුහලයකි. එහෙත් ඔවුන් එදා තම ආදරණීය ක්‍රිකට් කණ්ඩායමට වචනයකින්වත් වරදක් හෝ දෙස් තැබීමක් සිදුකළේ නැත.

    96 ලෝකශූරයින් 99 දී ගෙදර ආ හැටි

    1999 දී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායකයා වූයේද 1996 දී නායකයා වූ අර්ජුන රණතුංගමය. 1996දී ශ්‍රී ලංකාවට ක්‍රිකට් ලෝක කුසලානය ගෙන ආ අර්ජුන රණතුංග පුමුඛ ක්‍රිකට් කණ්ඩායම එදා 1999 දී පළමුවටයෙන්ම පරාජයට පත්ව ආ මොහොතේ එහි නායකයා වූ අර්ජුනම කියා සිටියේ, සැමදාම දිනන්න බැහැනේ, ජය පරාජය අපි සමසිත්ව විඳදරා ගත යුතුය කියාය. ක්‍රීඩාවේ මෙන්ම සෑම දෙයකම ජයග්‍රාහකයෙකු මෙන්ම පරාජිතයෙකුද සිටින හෙයින් එය සත්‍යයකි.

    එහෙත් 1996 දී ලෝක කුසලානය ජයග්‍රහණය කිරීමට දායක වූ කණ්ඩායමෙන් 80%ක් ඉක්මවා 1999 ලෝක කුසලානයට ක්‍රීඩා කරද්දී එම ලෝකශූරයින්ට අවම තරමේ අර්ධ අවසන් පූර්ව තරඟ වටයවත් ජය ගත නොහැකිව යළි සියරටට පැමිණීම ප්‍රශ්නාර්ථයක් විය.

    96දී ලෝක කුසලානය හිමිකරගත් කණ්ඩායමේ නායකයා වූ අර්ජුන රණතුංග එදා මෙදා තුර ඔහුට විකිණිය හැකි හැම දේටමත්, හැම තැනකමත් ඔහු පෞද්ගලිකව විකුණන්නේ 96දී කණ්ඩායමක් වශයෙන් අපේ ක්‍රිකට් කණ්ඩායම හිමිකරගත් මෙම ලෝක කුසලානයේ නායකත්වයයි. එසේම ඔහුගෙන් පසු ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වයට පත් සියලු නායකයින්ට සහ ක්‍රීඩකයින්ට පහර ගැසීමට යොදා ගන්නේත් මෙම 96 ලෝක කුසලානයයි. එහෙත් 1999 දීත් ඔහු විසින් නායකත්වය දුන් ලෝක කුසලානයේදී පළමුවටයෙන්ම ගෙදර එන්න වුණු ක්‍රීඩා කිරීම ගැන ඔහු කටක් හැර නැත.

    අභිරහස එළියට ආ හැටි

    අදවන විට රණතුංග පවුල රටේ සෑම ප්‍රධාන දේශපාලන පක්ෂයකටම රිංගමින් දේශපාලනයට අරක්ගෙන ඇති පරිදි ක්‍රිකට් ක්‍රීඩාවට අරක් ගැනීමට නොහැකිවන පරිදි තිලංග සිදුකරන මැදහත් ආවරණය නිසාම අර්ජුනට තිලංග සමඟ ඇත්තේ බද්ද වෛරයකි.

    ඊයේ (18) එජාප ආණ්ඩුවේ ප්‍රවාහන ඇමතිවරයා ලෙස අර්ජුන රණතුංග ක්‍රීඩා අමාත්‍යංශයේ අයවැය විවාදයට එක්වෙමින් පාර්ලිමේන්තුවේදී එහි වරප්‍රසාදවලට මුවාවෙමින් දැඩි පෞද්ගලික මඩ ප්‍රහාරයක් ශ්‍රීලනිප පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල වෙත එල්ල කළේය. එහෙත් කිසිදා නොසිතු පරිදි අර්ජුනගේ සුදු පිරුවරට ගලවමින් තිලංග සුමතිපාල ලෝක ඉතිහාසයේ තරඟ පාවාදීම් සහ ශ්‍රී ලංකාවේ පළමු තරඟ පාවාදීම හෙළිදරව් කළේය.

    ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ ක්‍රීඩකයෙකු විසින් පළමුවරට තරඟයක් පාවාදී ඇත්තේ අර්ජුන රණතුංග විසින් බවට එදා ක්‍රිකට් බලධරියෙකු වූ තිලංග සුමතිපාල විසින් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ හැන්සාඩ් පිටු අතරට එක්කරමින් හෙළිදරව් කරන ලද්දේ ක්‍රිකට් ඉතිහාස පොත් පෙරමින් වන අතර අර්ජුනගේ සුදු පිරුවට උනාදමමිනි.

    1992 දී ලක්නව්වලදී ඉන්දියාව සමඟ පැවති ටෙස් ක්‍රිකට් තරඟයක් ඇමෙරිකානු ඩොලර් 15,000කට අර්ජුන රණතුංග විසින් ඉන්දියාවට පාවාදී ඇති අතර එය අර්ජුනගේ ක්‍රිකට් පාවාදීම්වල මූලාරම්භය වී ඇත. එහෙත් 1994,95 වන විට සනත් ජයසූරිය සහ රොමේෂ් කළුවිතාරණ යන ක්‍රිඩකයින්ගේ අතිවිශිෂ්ට දක්ෂතා හමුවේ කණ්ඩායමේ ජයග්‍රහණ සීමා කිරීමට හෝ වෙනස් කිරීමට නොහැකි වූ බව පැහැදිලිය. එසේ ලෝක ශූරයින් වූ ක්‍රිකට් කණ්ඩායම වසර තුනක් වැනි ඉතා කෙටි කාලයක් තුලදී පහතට ඇදවැටීමට ක්‍රිකට් තරඟ පාවාදීම් ඉස්මතු වූ කාලයක 1992දී පළමු තරඟ පාවාදීමෙන් පන්නරය ලද අර්ජුන යළි සැක නොසිතෙන පරිදි යළි කෙලෙස සක්‍රීය වන්නට ඇත්දැයි කාට කිව හැකිද?

    මේ එම හෙළිදරව්වයි(විඩීයෝ)

    https://www.youtube.com/watch?v=vmDv7li96eA

    1999දී පරාජිතව කණ්ඩායම ගෙදර එද්දී අර්ජුන පමණක් පැනගියේ කොහේද..?

    1999දී ලෝක කුසලාන තරඟාවලියේදී අනපේක්ෂිත පරාජයකට ලක්වූ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සියලු දෙනා ගෙදර එද්දී, එම කණ්ඩායමේ නායකයා වූ අර්ජුන කණ්ඩායම සමඟ ගෙදර පැමිණියේ නැත. ඔහු පැරිසිය බලා පියාසර කොට සතියක් පමණ එහි ගත කර පැමිණියේය. එය සැබැවින්ම සැක උපදවන කරුණකි. මෙරට ඇතැම් දේශපාලඥයින් විවිධ අවස්ථාවල යම් යම් පාවාදීම්, පක්ෂ මාරු කිරීම් සඳහා ඩීල් දමන්නේ ලංකාවේ නොවන බව නොරහසකි. එම ඩීල් මුදල් ගනුදෙනු සිදුවන්නේ රටින් පිට සිංගප්පුරුව හෝ ඩුබායි වැනි රටවලය. එසේ නම් ක්‍රිකට්වල මුදලට තරඟ පාවාදීම් වලට අදාළ මුදල් ගනුදෙනුද වෙනත් රටකදී මිස මේ රටේදී අතට හසුවන ලෙස සිදුනොවන බව අමුතුවෙන් කිව යුතු නොවේ.

    96 දී කණ්ඩායමක් ලෙස කැපවීමෙන් රට වෙනුවෙන් දිනාගත් ක්‍රිකට් ලෝක කුසලානය හෑල්ලුවට ලක්කරමින් කඩේ පිලේ යන හැම තැන තමා ඉස්මතු කර පෙන්වමින් එය සිල්ලරට විකුණන අතරතුර තිලංග සුමතිපාලට බුකී කාරයා ලෙස නිරන්තරයෙන් පහර ගසන අර්ජුන මෙම අනාවරණයත් සමඟ පාර්ලිමේන්තු සභාගැබෙන් හීන් සීරුවේ මාරු වී හොස් ඇතැයි වාර්තාවේ. 

  • ලංකාවේ ටීම් එකේ ඉන්නේ ප්‍රනාන්දුලා විතරයි”” ඒ ඇමතිත් ප්‍රනාන්දු නිසාද ?

    ලංකාවේ ටීම් එකේ ඉන්නේ ප්‍රනාන්දුලා විතරයි”” ඒ ඇමතිත් ප්‍රනාන්දු නිසාද ?

    දකුණු අප්‍රිකාවත් සමග පැවැත්වෙන එක්දින තරඟාවලිය ක්‍රීඩා කරන්නේ ලෝක කුසලානය පෙරහුරුවක් ලෙස බව ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසයි.

    අද (07) පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව සඳහන් කළේය.

    ”ලංකාවේ ටීම් එකේ ඉන්නේ ප්‍රනාන්දුලා විතරයි මොකද ඇමතිත් ප්‍රනාන්දු නිසාද කියලා සමහරු අහලා තිබුණා.එහෙම හිතන එක තමයි ලංකාවට මේ ප්‍රශ්ණෙ වෙලා තියෙන්නේ.මං දන්නෙත් නෑ ඒ තරුණයෝ කවුද කියලා.නමුත් ලංකාවේ පෙරේරලා ප්‍රනාන්දුලා සිල්වාලා වැඩියි..එයාලා හොඳ සෙල්ලංකාරයෝ. දිනුමේදි වගේම පරාජයේදී අපි ඔවුන්ට සහයෝගය දෙන්න ඕන

    …මේ තරඟ ටිකේදී පැරදුනා කියලා නෙමෙයි හරි සුසංයෝගය තොරන එක තමයි වැදගත් වෙන්නේ. ඒ නිසා මම ක්‍රිකට් ක්‍රීඩාවට ආදරේ කරන හැමෝගෙන්ම ඉල්ලනවා කලබල වෙන්න එපා.  අපේ ඉලක්කය වෙන්න ඕන ලෝක කුසලානය.  අපි කොහාමහරි පළවෙනි හතරට එන්න ඕන ..ඒ නිසා පොඩි පොඩි වෙනස්කම් කරන්න ඕන තැන් හොයාගන්න තමයි මේ තරඟ පහ ගහන්නේ.  ඒ නිසා කලබල වෙන්න ඕන නෑ. මේ ආන්ඩුව වගේ ක්‍රිකට් කණ්ඩායමත් කවදාවත් වැටෙන්නේ නැතිවෙයි කියලා විශ්වාස කරනවා..” යනුවෙන් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

  • ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමට ජනපතිගෙන්  සුබ පැතුම්

    ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමට ජනපතිගෙන් සුබ පැතුම්

    දකුණු අපි‍්‍රකාවට එරෙහිව එරටේ දී ම තර 2 – 0 ක් ලෙස පූර්ණ ටෙස්ට් තරගාවලි ජයග‍්‍රහණයක් වාර්තා කරමින් එවන් දස්කමක් දැක්වූ පළමු ආසියාතික රට බවට ශ‍්‍රී ලංකාව පත් කළ ශ‍්‍රී ලංකා කි‍්‍රකට් කණ්ඩායමට ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා සිය උණුසුම් සුබපැතුම් පිරිනමයි.

    ටෙස්ට් කි‍්‍රකට් ඉතිහාසයේ නව පරිච්ඡේදයක් සනිටුහන් කරමින් තැබූ මෙම සුවිශේෂි සලකුණ පිළිබඳ ශ‍්‍රී ලංකා කි‍්‍රකට් කණ්ඩායමේ වත්මන් නායක දිමුත් කරුණාරත්න මහතා ඇතුළු සියලු සාමාජිකයන්ට ජනාධිපති සිය ස්තුතිය පළ කරයි.

    එමෙන්ම නව ජවයකින් ඉදිරියට යමින් මාතෘ භූමිය වෙනුවෙන් තවත් මෙවන් සුවිශේෂ ජයග‍්‍රහණ ලබා ගැනීමට ශක්තිය, ධෛර්යය, වාසනාව ලැබේවායි ද ආශීර්වාද පළ කර සිටී.

  • චන්දිමාල් දොට්ට

    චන්දිමාල් දොට්ට

    ශ්‍රී ලංකා ‌‌‌ටෙස්ට් කණ්ඩායමේ නායකත්වය මෙතෙක් දරන ලද දිනේෂ් චන්දිමාල් මීලග දකුණු අප්‍රිකා සංචාරයේදී නායකත්වයෙන් හා කණ්ඩායමෙන්ද ඉවත් කර තිබේ.

    එම තරගාවලියේදී කණ්ඩායමේ නායකත්වය දිමුත් කරුණාරත්න වෙත පවරා තිබේ.

    නිරෝෂන් දික්වැල්ල එම සංචාරයේදී උපනායක ලෙස පත් කර ඇත.

    චන්දිමාල් මීට පෙර සදහන් කර තිබුනේ තමන් කෙටි කාලයකට ජාත්‍යන්තර පිටියෙන් ඉවත් වී දේශීය තරග සදහා සහභාගී වී පිතිකරණයේ අඩුපාඩු සකස් කර ගැනීමට අදහස් කර සිටින බවයි.

  • සංගා – මහේල වාර්තාව කැබිනට් මණ්ඩලයට

    සංගා – මහේල වාර්තාව කැබිනට් මණ්ඩලයට

    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් පත්කරගන්නා නිලවරණයේ ඡන්ද 10ක් දක්වා අඩු කරන බවත් ඒ සඳහා කුමාර් සංගක්කාර සහ මහේල ජයවර්ධන යන හිටපු ක්‍රිකට් නායකයන් ඉදිරිපත් කළ කෙටුම්පත පිළිගෙන එය ක්‍රියාත්මක කරන බවත් ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පැවසීය.

    අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියේ ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර කැන්බරාහී මනුකා ඕවල් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ තෙවැනි දිනය අවසානයේ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන්ට සහ තරගාවලිය ආවරණය කිරීම සඳහා ඔස්ට්‍රේලියාවට පැමිණ සිටින ශ්‍රී ලංකා ක්‍රීඩා මාධ්‍යවේදීන්ට ලබාදුන් විශේෂ රාත්‍රී භෝජන සංග්‍රහයෙන් අනතුරුවයි. 

    ශ්‍රී ලංකා ක්‍රිකට් සඳහා යෝජිත ව්‍යවස්ථාව මැයි මසට පෙර ක්‍රියාත්මක කිරීමේ අදහසක් පවතින බවත් මේ දිනවල එහි සංශෝධන පිළිබඳව සාකච්ඡා කරන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා සිටියේය.

    එමෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් පත්කරගන්නා නිලවරණයේ ඡන්ද  අඩු කිරීම සඳහා මහේල-සංගා ඉදිරිපත් කළ කෙටුම්පත මෙම සතියේදී කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට තමන් සූදානමින් සිටින බවත් ඡන්ද දඩමීමා කරගනිමින් ශ්‍රී ලංකා ක්‍රිකට් විනාශ කිරීමේ මාෆියාවට තමන් තිත තබන බවත් හෙතෙම පවසා සිටියේය. 

  • දිමුත් රෝහලෙන් පිටව යයි

    දිමුත් රෝහලෙන් පිටව යයි

    ශ්‍රී ලංකා කණ්ඩායම  හා ඔස්ට්‍රේලියා කණ්ඩායම අතර පැවැත්‌වෙන දෙවැනි ටෙස්ට් තරගයේදී පන්දුවක් හිසේ වැදීම හේතුවෙන් රෝහල් ගත කරනු ලැබූ ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු දිමුත් කරුණාරත්න රෝහලෙන් පිටව ගිය බව ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.

    මනූකා ඕවල් පිටියේ පැවැත්වෙන තරගයේ පන්දුවට පහරදෙමින් සිටින විට ඔහු මෙම ආබාධයට ලක්විය. දිමුත්ගේ ආබාධය පිළිබඳව කරනු ලැබී සියලුම පරීක්ෂණ වාර්තා සාමාන්‍ය බවට සඳහන් කර ඇති බව ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි. 

    කෙසේ වෙතත් හෙට දිනයේදී ඔහු පන්දුවට පහරදෙන්නේද යන්න පිළිබඳව වන තීරණය හෙට පෙරවරුවේදී ලබා ගන්නා බව ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.

  • අපි කණ්ඩායමක් විදිහට ඇත්තටම කණගාටු වෙනවා..   අපේ පිතිකරණයේ අඩුපාඩු පරාජයට බලපෑවා

    අපි කණ්ඩායමක් විදිහට ඇත්තටම කණගාටු වෙනවා.. අපේ පිතිකරණයේ අඩුපාඩු පරාජයට බලපෑවා

    ශ්‍රී ලංකා පිතිකරුවන් ඕස්ට්‍රේලියානු පන්දුයවන්නන්ට එරෙහිව ලකුණු රැස් කිරීමේ ක්‍රමයක් හදාගත යුතු බවත් තම ක්‍රීඩකයන් ඊළඟ තරගයේදී හොඳ සැළසුමක් සමග පිටියට පිවිසෙනු ඇති බවත් ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් නායක දිනේෂ් චන්දිමාල් පෙරේදා (26) පැවසීය. ඕස්ට්‍රේලියාවේ බ්‍රිස්බේන්හී ගැබා ක්‍රීඩාංගණයේ පැවති ටෙස්ට් තරගයෙන් අනතුරුව මාධ්‍ය හමුවේ චන්දිමාල් වැඩි දුරටත් මෙසේ ද පැවසීය.

    “අපි කණ්ඩායමක් විදිහට ඇත්තටම කණගාටු වෙනවා මෙම පරාජය සම්බන්ධයෙන්. ඊට අපේ පිතිකරණයේ අඩුපාඩු පරාජයට බලපෑවා. අපිට හදාගන්න තියෙන එක් පැත්තක් තමයි අපේ පිතිකරණය. ඕස්ට්‍රේලියාව වගේ රටක ලකුණු 300 ක් ලබාගැනීම දුෂ්කර කාර්යක්. ඒක අපි ඉක්මණින් නිවැරදි කරගත යුතුයි”

    “තරගය ආරම්භයේදී අපිට පළමු ඉනිමට ඉතා හොඳ ලකුණු සංඛ්‍යාවක් රැස් කරන්න බැරි වුණා. මම හිතනවා පළමු ඉනිමට ලකුණු 250 ක් 300 ක් අපි ලබාගෙන තිබුණා නම් අපිට වාසියක් ගන්න තිබුණා. නමුත් සම්පූර්ණ ගෞරවය යන්න ඕන ඕස්ට්‍රේලියානු පන්දු යවන්නන්ට. විශේෂයෙන් පැට් කමින්ස්ට. ඔහු හැමතිස්සෙම හරි තැනට පන්දු යැව්වා”

    “අපි දන්නවා ගැබා තණතීරුවේ තරග කරද්දී පන්දුවේ අතිරේක ඉපිලීමක් තියෙනවා කියලා. අපිට පිතිකරුවන් ලෙස හදාගන්න අමාරු වුණු කාරණයත් ඒකයි. අපි මීට පෙර කමින්ස්ගේ පන්දුවලට ටෙස්ට් තරගවලදී මුහුණ දීලා තිබුණේ නැහැ. එහෙමයි කියලා අපිට නිදහසට කාරණා ලබාදෙන්න බැහැ. අපි ලකුණු ලබාගන්න ක්‍රමයක් හදාගත යුතුයි. මම හිතනවා අපේ ක්‍රීඩකයන් ඊළඟ තරගයේදී හොඳ සැලසුමක් එක්ක පිටියට පිවිසෙයි කියලා. මට අවශ්‍ය වුණා අංක 03 පිතිකරුවා ලෙස කටයුතු කරන්න. මොකද මම පසුගිය වසරේ අංක 05 පිතිකරුවා ලෙසයි කටයුතු කළේ. ඒ සමහර අවස්ථාවල මට කඩුලු රැකීමේ කාර්යය පැවරුණු නිසයි. දැන් දික්වැල්ල කඩුලු රැකීමේ කාර්යය කරන නිසා මම අංක 03 පිතිකරුවා ලෙස කටයුතු කරන්න අපේක්ෂා කරනවා‘ යැයි සඳහන් කළේය.

     මෙහිදී ළහිරු තිරිමාන්නගේ දැවීයාම පිළිබඳව චන්දිමාල් මෙසේ අදහස් දැක්වීය.

    “අපි දැක්කා එය දැවීයාමක් ලෙස දක්වන්න පුළුවන් කිසිදු සාක්ෂියක් තිබුණේ නැහැ. නමුත් ඒක තමයි විනිසුරුගේ අවසන් තීන්දුව. යම් ශබ්දයක් තිබුණු නිසා අපිට ඒ තීන්දුව ලැබුණා. ඉතින් අපි විනිසුරුගේ තීන්දුවට ගරු කළ යුතුයි”

    මේ අතර නවක ක්‍රීඩකයන් සමග ලැබූ මේ ජයග්‍රහණය ගැන ආඩම්බර වන බව ඕස්ට්‍රේලියානු ටෙස්ට් ක්‍රිකට් නායක ටිම් පේන් මාධ්‍ය වෙත අදහස් දක්වමින් ප්‍රකාශ කළේය.  

    “අපේ ඉක්මණින්ම කඩුලු දෙකක් දැවී ගිය අවස්ථාවේ පීඩනයක් යටතේ මානස් ලබුස්චේන් සහ ට්‍රැවිස් හෙඞ් ක්‍රීඩා කළ ආකාරය විශිෂ්ටයි. අපේ තරුණ ක්‍රීඩකයන් ඉතාම හොඳ තත්ත්වයකට අපිව රැගෙන ආවා. ඒ වගේම ජායි රිචඞ්සන්ගේ මංගල ටෙස්ට් තරගයේදී ඔහු දැක්වූ දක්ෂතා අගය කළ යුතුයි. ඕනෑම ටෙස්ට් තරගයක් දවස් 03ක් ඇතුළත නිමාකරලා දිනන්න පුළුවන්නම් ඒක ඉතා විශිෂ්ටයි. අපේ පසුගිය කාලය ටෙස්ට් තරගවලදී ඉතාම හොඳ වුණේ නැහැ. එහෙත් අපි හුඟක් කැපවීමෙන් වැඩ කළා. අලුත් ක්‍රීඩකයන් සමග ලබපු මේ ජයග්‍රහණය ගැන අපිට ආඩම්බර වෙන්න පුළුවන්. පැට් කමින්ස් අපිට ටෙස්ට් තරගවලදී අවශ්‍යම ආකාරයට විශේෂයෙන් පිතිකරුවන් අමාරුවේ දමන පන්දු යවන්නෙක් ලෙස පන්දු යවනවා. කණ්ඩායමකට එරෙහිව කඩුලු 06 ක් ගන්නවා කියන්නෙ ඒක විශිෂ්ට පන්දු යැවීමක්. අපි අපේක්ෂා කරනවා ඔහුගේ දක්ෂතා දිගටම පවත්වාගෙන අපිට තරග දිනවාලා දෙයි කියලා‘ යනුවෙන් වැඩිදුරටත් පවසා සිටියේය.

  • තවමත්  පිතිකරුවන් දන්නේ නෑ තරගයක් දිනන්නේ කොහොමද කියලා. ඒ නිසයි අපි පැරදෙන පැත්තේ ඉන්නේ

    තවමත් පිතිකරුවන් දන්නේ නෑ තරගයක් දිනන්නේ කොහොමද කියලා. ඒ නිසයි අපි පැරදෙන පැත්තේ ඉන්නේ

    සත්කාරක නවසීලන්තය හා පැවැති විස්සයි20 තරගය පරාජයට පත්වීමෙන් පසුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ ලසිත් මාලිංග සඳහන් කළේ තරගයක් ජයග්‍රහණය කරන අයුරු තවමත් පිතිකරුවන් නොදන්නා බවයි.

    එසේම පන්දු යවන්නන් අද තරගයේදි සිය රාජකාරිය මැනවින් ඉටු කළ බවත් ඔහු පැවැසීය.

    “අපි පන්දුවාර 16ක් හොඳන් පන්දු යැව්වා. නමුත් මේ පිටියේ (ඔක්ලන්ඩ්) ලකුණු 180ක් රැස්කළ හැකියි. මම හිතනවා තවමත්  පිතිකරුවන් දන්නේ නෑ තරගයක් දිනන්නේ කොහොමද කියලා. ඒ නිසයි අපි පැරදෙන පැත්තේ ඉන්නේ.

    අපි හැමවෙලාවෙම වෙනස්වීම් ගැන මෙම තත්ත්වයන් ගැන කථා කරනවා. පන්දු යවන්නන් අද හොඳින් කළා. මිනිස්සු දැන ගන්න ඕන කොහොමද තරගයක් දින්නේ කියලා හා කොහොමද ඉර පනින්නේ කියලා.”

  • අසේලව යළි කැඳවයි

    අසේලව යළි කැඳවයි

    ආසියානු නැගී එන කණ්ඩායම් අතර පැවැත්වෙන පන්දුවාර 20 යි 20 කි‍්‍රකට් තරගාවලියට එක්වන ශ‍්‍රී ලංකා සංචිතය නම් කර තිබෙනවා. ශ‍්‍රී ලංකා නැගී එන කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කරන්නේ චරිත් අසලංකයි. 

    උප නායකයා ලෙස ශම්මු අෂාන් නම් කර ඇති අතර කමිඳු මෙන්ඩිස්, අවිශ්ක ප‍්‍රනාන්දු සහ හසිත බෝයගොඩ ද ඒ සඳහා නම් කර තිබෙනවා. අසේල ගුණරත්න ද ශ‍්‍රී ලංකා නැගී එන කණ්ඩායමට කැඳවා තිබෙනවා.

    මෙවර ආසියානු නැගී එන කණ්ඩායම් අතර පැවැත්වෙන පන්දුවාර 20 කි‍්‍රකට් තරගාවලියේ සම සත්කාරකත්වය දරන්නේ ශී‍්‍ර ලංකාව සහ පාකිස්තානයයි. තරගාවලියේ ඒ කාණ්ඩයන් තරග වදින්නේ ශ‍්‍රී ලංකාව, ඇෆ්ගනිස්තානය, ඉන්දියාව සහ  ඕමානයයි. 

    බී කාණ්ඩයෙන් පකිස්තානය, බංග්ලාදේශය, හොංකොං සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය තරග වදිනවා. පළමු තරගය ලබන 06වැනිදා පාකිස්තානය සහ හොංකොං අතර කරච්චිහිදී පැවැත්වෙනවා. අවසන් තරගය ලබන 15වැනිදා පැවැත්වෙන්නේ කොළඹ ආර්. පේ‍්‍රමදාස කී‍්‍රඩාංගනයේදීයි.

  • තරග පාවාදීම් සිද්ධියකට කරුණු දැක්වීමට ICCය ක්‍රීඩකයින් 03කට දින 14ක් දෙයි

    තරග පාවාදීම් සිද්ධියකට කරුණු දැක්වීමට ICCය ක්‍රීඩකයින් 03කට දින 14ක් දෙයි

    තරග පාවාදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් හොංකොං ක්‍රිකට් කණ්ඩායමේ කී‍්‍රඩකයින් තිදෙනෙකුට එරෙහිව අන්තර්ජාතික කි‍්‍රකට් කවුන්සිලය විසින් චෝදනා ගොනු කර තිබෙනවා.

    මෙලෙස චෝදනාවට ලක්ව ඇත්තේ ඉර්ෆාන් අහමඞ්, නජීම් අහමඞ් සහ හසීබ් අම්ජාඞ්. ඔවුන්ට එරෙහිව ඉදිරිපත් කර ඇති චෝදනා සංඛ්‍යාව 19 ක්.

    මේ වනවිට එම කී‍්‍රඩකයින් තිදෙනාට අන්තර්ජාතික කි‍්‍රකට් කවුන්සිලය විසින් තරග තහනමක් ද පනවා තිබෙනවා. එම චෝදනාව සම්බන්ධයෙක් කරුණු දැක්වීම සඳහා එම කී‍්‍රඩකයින්ට ඊයේ (08) සිට දින 14 ක කාලයක් ලබාදී ඇති බවයි අන්තර්ජාතික කි‍්‍රකට් කවුන්සිලය පැවසුවේ.

    මේ අතර ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කී‍්‍රඩකයින්ගේ ජංගම දුරකතන අන්තර්ජාතික කි‍්‍රකට් කවුන්සිලයේ දූෂණ මර්දන ඒකකයේ නිලධාරීන් පරීක්‍ෂා කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

    ඔවුන් පවසන්නේ එවැන්නක් සිදුවී නොමැති බවත් රංගිරි දඹුළු කි‍්‍රකට් කී‍්‍රඩාංගණයේ විවේකාගාරයේදී දූෂණ මර්දන ඒකකයේ නිලධාරීන් විසින් ශී‍්‍ර ලංකා සහ එංගලන්ත කී‍්‍රඩකයින් සඳහා දැනුවත් කිරීමේ වැඩසටහනක් පමණක් පැවැත්වූ බවයි.

    මේ අතර අන්තර් ජාතික කි‍්‍රකට් කවුන්සිලයේ දූෂණ මර්දන ඒකකයේ නිලධාරීන් ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ පළාත් කි‍්‍රකට් පුහුණුකරුවන්ගේ ප‍්‍රධානියාගෙන්ද ඊයේ ප‍්‍රශ්න කළා. ඒ, තරග පාවාදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනවලට අදාළවයි.

  • දැල් පන්දුවෙන් ආසියාව හෙල්ලූ හැටි

    දැල් පන්දුවෙන් ආසියාව හෙල්ලූ හැටි

    සිංගප්පූරුව බලා ගිය අපේ දැල් පන්දු ටීම් එකේ කෙල්ලො ටික මෙදා සැරේ ලොකු සටනක් දීලා ආසියානු ශූරතාවය ලංකාවට අරගෙන ආවා…. ඇත්තටම මේ කිරුළ අපිට හිමිවුණේ අවුරුදු නවයකට පස්සේ…. සෙල්ලන් වැඩක් නෙමයි අපේ කෙල්ලො ටික එකතුවෙලා කළේ… තර්ජනී එක්ක අපේ කෙල්ලො ටික ගහපු ගේම් එකට නායකත්වය දුන්නේ චතුරංගි ජයසූරිය… අඩියෙන් අඩිය ඉස්සරහට යනකොට චතුරංගිගේ හිතේ මොන තරම් පීඩනයක් තියෙන්න ඇතිද?….අනික ලංකාවෙත් නෙමෙයිනේ.. ඇත්තටම ඒ පීඩනය අබමල් රේණුවකට ගණන් නොගෙන මේ ගේම් එක ගැහපු හැටිිචතුරංගි ලංකාවට ආපු ගමන්  කිව්වේ මෙන්න මේ විදිහට..

    dal1

    අවුරුදු 9කට පස්සේ ආසියාවටම ශූරියෝ බවට පත් වුණා..මොකද හිතෙන්නේ?

    ගොඩක් සතුටුයි. මොකද කණ්ඩායමක් හැටියට මේ ජයග‍්‍රහණය ලංකාවට ලබා දීමට හැකිවීම ගැන මේ වෙලාවේ මම ඉන්නේ ගොඩක් සතුටින්.

    ඔබ ඒ ජයග‍්‍රාහී කණ්ඩායමේ නායිකාව…

    ඔව්. ජයග‍්‍රහණය ගැන සතුටු වෙනවා වගේම ඒ කණ්ඩායමේ නායකත්වය දැරීමට හැකි වීම ගැනත් නිහතමානී ආඩම්බරයක් තියෙනවා.

    අවසන් මහා තරගයේ අත්දැකීම ඔබට දැනුනේ මොන වගේද ?

    බයක් නම් දැනුනේ නැහැ. මොකද ඒ වෙද්දි අපි හැම කණ්ඩායමක්ම පරාජය කරලයි තිබුණේ. සිංගප්පූරුවටත් අපි කලින් ගහලයි තිබුණේ.

    ඒ කියන්නේ අවසන් තරගයට මුහුණ දෙද්දී කණ්ඩායම හොඳ මානසික මට්ටමක හිටියා.?

    ඔව්. අනිවාරේයයෙන්ම අපි මානසිකව ශක්තිමත් වෙලයි හිටියේ. ඒ ගැන කතා කරද්දී නාලක හේවා මද්දුම සර් මතක් කරන්නම ඕනේ. එතුමා තමයි තරගාවලියේ ආරම්භයේ සිටම අවසන් තරගය දක්වාම අපිත් එක්ක ඉඳලා කණ්ඩායමක් හැටියට මේ තරගාවලිය දිනන තැනට ගෙනාවේ. කිසිදු අයකිරීමකින් තොරවයි එතුමා මේ සඳහා කැපවුණේ.

    net1අවසන් තරගයේදී පුහුණුකාරිත්වයෙන් ලැබුණු සහයෝගය මොනවගේද ?

    අවසන් තරගාවලිය වෙද්දි මිස් කිව්වේ එක දෙයයි. මම දැන් ඔයාලට හැමදේම උගන්වලා ඉවරයි. අද තියෙන්නේ ඔයාලගේ දවස. ඒ දවසේ ඔයාලා වැඩ පෙන්වන්න ඕනෙ කියලා

    ඔබ හිතනවාද මාස 8ක් 9ක් වගේ කෙටි කාලයකදී ලැබුණු පුහුණුව මේ ජයග‍්‍රහණයට බලපෑව කියලා.

    අනිවාර්යයෙන්ම ඔව්. තිලකා මිස්ගේ හොඳ සැලසුමක් තිබුණා. අපේ ෆිටිනස් හොඳට හැදුවා. ඒ වගේම අපේ මානසිකත්වය දියුණු කරන්නත් මිස් ගොඩක් කැප වුණා.

    තරගාවලිය සාර්ථක කරගන්න කණ්ඩායමෙන් ලැබුණු සහයෝගය?

    මේ ජයග‍්‍රහණය තනියෙන් ලබා ගත්තු දෙයක් නෙමෙයි. කණ්ඩායමක් හැටියට ඒ ගෞරවය හැමෝටම හිමි වෙන්න ඕනෙ. සෙන්ටර් හිටපු දුලංගි වන්නිතිලක” හසංජලි අමරවංශ” තිළිණි වත්තේගෙදර තමන්ගේ කාර්යය හරියටම කළා. ඩිෆෙන්ස් එක ගැහුවේ මම” ගයනි දිසානායක” තනුජලී රාජපක්‍ෂ” සුරේකා කුමාරි. අපි එකතුවෙලා එක ලකුණක් හරි දාන්න තමයි උත්සහ කළේ හැම වෙලේම. අපි හැමෝගෙම හිතේ තිබුණේ තරග දිනනවා කියන දේ විතරයි.

    මේ තරගාවලියේ ලොකුම බලාපොරොත්තුව වුණේ තර්ජනී කියල කිව්වොත්?

    තර්ජනී අක්කා කණ්ඩායමට ලොකු දෙයක් කළා ඇත්තටම. එයාගේ අතට බෝලේ ගියා කියන්නේ අනිවාර්යයෙන්ම ලකුණක්. එයාගේ අතටම බෝලේ එන විදිහට හොඳ පාසස් දෙන්නත් අපේ අනෙක් කී‍්‍රඩිකාවන්ට හැකිවුණා.

    අවසන් තරගයේදී ලැබුණු පේ‍්‍රක්‍ෂක ප‍්‍රතිචාර මොනවගේද?

    අපි සෙල්ම් කළේ සිංගප්පූරුවේ වුණාට අපිට දැනුනේ අපි ලංකාවේ කී‍්‍රඩා කරනවා වගේ. සීයයට 60කට වඩා ග‍්‍රවුන්ඞ් සපෝර්ට් එක තිබුණේ අපට. අපිට තරගය පුරාම ඇහුණෙ ශී‍්‍ර ලංකා ශී‍්‍ර ලංකා කියන නම විතරයි.

    ලංකාවෙන් යන්න කලින්ම හිතුවද කප් එක ගන්න පුළුවන් වෙයි කියලා?

    ඔව්. අපිට ලොකු විශ්වාසයක් තිබුණා. මොකද අපි මලාවි තරගාවලියත් හොඳට කරලයි තිබුණේ.

    කප් එක අරන් ලංකාවට ආපු ගමන් මොකද හිතුනේ.?

    අපි මේ ශූරතාව ගත්තේ 5 වැනි වතාවට. හැබැයි ඒ හැම පාරකටම වඩා ලොකු ප‍්‍රතිචාරයක් මේ පාර අපිට තියෙනවා කියලා දැනුනා. තරගයෙන් තරගයෙන් ඉදිරියට ගිහින් අවසන් තරගයට එද්දි අපි ලංකාවේ ගොඩක් ජනප‍්‍රිය වෙලා ඉවරයි කියලා දැනුනා.

    කණ්ඩායමේ ඉදිරි සැලසුම් මොනවගේද?

    ඊළගට අපිට තියෙන්නේ ලෝක කුසලාන තරගාවලිය. සති දෙකක විතර විවේකයකින් පස්සේ ආයෙත් එ සඳහා පුහුණුවීම් පටන් ගන්නවා. තිලකා මිස් හිටියොත් අපිට ඒ ගමනත් හොඳට යන්න පුළුවන්වෙයි කියලා මම හිතනවා.

    කසුන් රණවීර