Category: සුපිරි Sports

  • ශ්‍රී ලංකා රග්බි පිල අවසන් පූර්ව වටයට

    ශ්‍රී ලංකා රග්බි පිල අවසන් පූර්ව වටයට

    හොංකොංහි පැවැත්වෙන ආසියානු සත්සාමාජික රග්බි තරගාලියේ පළමු අදියරේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට ශ්‍රී ලංකාව අද සමත් වුණා. ඒ චීන තායිපේ කණ්ඩායම 33 ට 12ක් ලෙස පරාජය කරමින්.

  • ආසියානු කුසලානය සඳහා වසරකට පසු මාලිංග පිටියට

    ආසියානු කුසලානය සඳහා වසරකට පසු මාලිංග පිටියට

    ආසියානු කුසලාන කි‍්‍රකට් තරගාවලියේ පළමු තරගය ශී‍්‍ර ලංකාව සහ බංග්ලාදේශය අතර අද (15) පැවැත්වෙනවා. ඒ. ඩුබායි කී‍්‍රඩාංගණයේදීයි. එම තරගය මෙරට වේලාවෙන් පස්වරු 5 ට ආරම්භවීමට නියමිතයි.
    වසරකට පසු ලසිත් මාලිංග අද දිනයේ එක්දින පිටියට පිවිසීමට නියමිතව තිබෙනවා. ඩිල්රුවන් පෙරේරාටද අද තරගයේදී අවස්ථාවක් හිමිවනු ඇති බවයි ඩුබායි නුවරින් වාර්තා වන්නේ. බංග්ලාදේශ කණ්ඩායම එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ කි‍්‍රකට් තරගාවලියක් සදහා එක් වන්නේ වසර 23 කට පසුවයි. 
    ශී‍්‍ර ලංකාව ආසියානු කි‍්‍රකට් තරග ඉතිහාසයේ මේ දක්වා එක්දින තරග 48 කට කී‍්‍රඩා කර තිබෙනවා. ඉන් ශී‍්‍ර ලංකාව තරග 31 ක් ජයගත් අතර තරග 16 ක් පරාජයට පත් වුණා. බංග්ලාදේශය ආසියානු කි‍්‍රකට් තරග ඉතිහාසයේ සහභාගි වී ඇති එක්දින තරග සංඛ්‍යාව 42 ක්. ඔවුන් ඉන් ජයගෙන ඇත්තේ තරග 7 ක් පමණයි. තරග 35 ක් බංග්ලාදේශය පරාජයට පත්වී තිබෙනවා. 
    ශී‍්‍ර ලංකාව සහ බංග්ලාදේශය අතර පවත්වා ඇති ආසියානු එක්දින කි‍්‍රකට් තරග සංඛ්‍යාව 12 ක්. ඉන් තරග 11 ක ජය වාර්තා කිරීමට ශී‍්‍ර ලංකාව සමත් වුණා. බංග්ලාදේශය ශී‍්‍ර ලංකාවට එරෙහිව ආසියානු තරග ඉතිහාසයේ ජයග‍්‍රහණය කර ඇත්තේ එක් තරගයක් පමණයි. බංග්ලාදේශය මේ වනවිට එක්දින ශ්‍රේණිගත කිරීම්වල 7 වන ස්ථානයේ පසුවන අතර ශී‍්‍ර ලංකාව එම සටහනේ 8 වන ස්ථානයේ පසුවනවා.
  • දික්වැල්ල මෙතෙක් ක්‍රීඩා කළ විලාසය වෙනස් කර ගනී

    දික්වැල්ල මෙතෙක් ක්‍රීඩා කළ විලාසය වෙනස් කර ගනී

    ආසියානු කුසලාන එක්දින ක‍්‍රිකට් තරගාවලියේදී පිතකරුවෙකු ලෙස කණ්ඩායමට උපරිම දායකත්වයක් ලබාදීමට සූදානම් බව නිරෝෂන් දික්වැල්ල පවසනවා.

    ඒ සඳහා තම තාක්ෂණික ක‍්‍රමවේදය සහ ක‍්‍රීඩා සැලැස්ම වෙනස් කර ඇති බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් නිරෝෂන් දික්වැල්ල ප‍්‍රකාශ කර ඇත්තේ.

    ආබාධයකට ලක්ව සිටින දිනේෂ් චන්දිමාල් වෙනුවට නිරෝෂන් දික්වැල්ල ආසියානු කුසලාන තරගාවලිය සඳහා ශ‍්‍රී ලංකා කණ්ඩායමට නම් කෙරුණා. 

    ආසියානු කුසලාන ක‍්‍රිකට් තරගාවලිය එළඹෙන සෙනසුරාදා ඩුබායිහි දී ආරම්භ වනවා.

    එහිදී පළමුව තරග වදින්නේ ශ‍්‍රී ලංකාව සහ බංග්ලාදේශයයි. A සහ B කාණ්ඩ යටතේ කණ්ඩායම් 06ක් තරගාවලියට එක්වනවා. ශ‍්‍රී ලංකාව සහ බංග්ලාදේශයට අමතරව ඇෆ්ගනිස්ථානය B කාණ්ඩයට ඇතුළත්. ඉන්දියාව, පකිස්තානය හා හොංකොං A කාණ්ඩය නියෝජනය කරනවා. 

    https://www.facebook.com/srilankacricket/videos/335301060539451/

  • මලල කී‍්‍රඩා අවසන් බලාපොරොත්තුව අද තරග බිමේ

    මලල කී‍්‍රඩා අවසන් බලාපොරොත්තුව අද තරග බිමේ

    ශී‍්‍ර ලංකා අවසන් මලල කි‍්‍රඩා බලාපොරොත්තුව වන පිරිමි මීටර් 400×4 සහාය දිවීමේ කණ්ඩායම අද (30) එම ඉසව්වේ අවසන් තරගයට එක් වනවා.
    එම තරගය ශී‍්‍ර ලංකා වේලාවෙන් අද පස්වරු 6.10ට ආරම්භ වීමට නියමිතයි. 
    මෙම ඉසව්වේදී ශී‍්‍ර ලංකාව නියෝජනය කරන්නේ කාලිංග කුමාරගේ, අරුණ දර්ශන, පසිදු කොඩිකාර සහ අජිත් පේ‍්‍රමකුමාරයි. අවසන් තරගයට එක්ව සිටින මීටර් 400×4 සහාය දිවීම් කණ්ඩායම් අතර කාල ගණනය අනුව ශී‍්‍ර ලංකාව පසුවන්නේ 4 වන ස්ථානයේයි. 
    මලල කී‍්‍රඩා පදක්කම් බලාපොරොත්තු රැසක් සහිත ක්‍රීඩක ක්‍රීඩිකාවන් මෙවර ආසියානු කී‍්‍රඩා උළෙලට එක් වුවද ඉන් කිසිදු පදක්කමක් දිනා ගැනීමට ශී‍්‍ර ලාංකික මලල කී‍්‍රඩක කී‍්‍රඩිකාවන්ට හැකි වූයේ නැහැ. 
    කෙසේ වෙතත් කාලිංග කුමාරගේ ප‍්‍රමුඛ මීටර් 400×4 සහාය දිවීමේ කණ්ඩායම අද පැවැත්වෙන අවසන් තරගය පිළිබදව සිටින්නේ දැඩි බලාපොරොත්තුවකින්.
    මේ අතර ආසියානු කී‍්‍රඩා උළලේ රග්බි තරග අද සිට ආරම්භ වන අතර ශී‍්‍ර ලංකාවද අද තරග බිමට පිවිසෙනවා. ශී‍්‍ර ලංකාව මෙහිදී තරග වදින්නේ සී කාණ්ඩයෙන්. ප‍්‍රබල දකුණු කොරියාව, එක්සත් අරාබි එමීර් රාජ්‍ය සහ ඇෆ්ගනිස්තානය එම කාණ්ඩයට ඇතුළත්ව සිටිනවා. 
    සුදර්ශන මුතුතන්ති‍්‍රගේ නායකත්වයෙන් තරග වදින ශී‍්‍ර ලංකා රග්බි කණ්ඩායම අද දිනයේදී තරග දෙකකට සහභාගා වීමට නියමිත අතර පළමු තරග එක්සත් අරාබි එමීර් රාජ්‍ය්‍ය සමගත් දෙවන තරගය දකුණු කොරියාව සමගත් පැවැත් වෙනවා. 
  • ලිංගික අතවර පැමිණිල්ලක් නිසා ධනුෂ්ක ගුණතිලකට තරඟ තහනමක්

    ලිංගික අතවර පැමිණිල්ලක් නිසා ධනුෂ්ක ගුණතිලකට තරඟ තහනමක්

    ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු ධනුෂ්ක ගුණතිලකට එරෙහිව තරග තහනමක් පැනවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු කර ඇත. මේ සදහා හේතුව ලෙස ධනුෂ්ක ගුණතිලක ක්‍රීඩක ආචාර ධර්ම උල්ලංඝනය කර ඇතැයි සඳහන් වේ.
    ටෙස්ට්, එක්දින සහ විස්සයි විස්ස අංශ තුනෙන්ම ධනුෂ්ක ගුණතිලකට පනවා ඇති මෙම තරග තහනම දකුණු අප්‍රිකාවට එරෙහිව දැන් පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගය අවසානයත් සමග ක්‍රියාත්මක වීමට නියමිතය.
    මේ සදහා හේතුව වී තිබෙන්නේ විදේශීය කාන්තාවක් විසින් පොලීසියට කරන ලද පැමිණිල්ලක ධනුෂ්ක ගුණතිලකගේ නම සදහන් වීමයි. තමන්ට සිදුවු ලිංගික අතවරයක් පිළිබදව මෙම විදේශීය කාන්තාව පොලිසීයට පැමිණිලි කර තිබේ. ධනුෂ්ක ගුණතිලකගේ සමීපතම මිත්‍රයෙක් මෙම අතවර සිදුවීමේ ප්‍රධාන සැකකරූ වී තිබෙන අතර එම අවස්තාවේ ධනුෂ්ක ගුණතිලකද මිතුරා සමග සිටි බවට මෙම කාන්තාව විසින් කළ පැමිණිල්ලේ දැක්වේ.
    එම හේතුව ධනුෂ්ක ගුණතිලකට එරෙහිව විනය පරික්ෂණයක් පැවැත්විමට ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනය තිරණය කර ඇති අතර එම පරීක්ෂණ අවසන් වන තෙක් තරග තහනම පැවැත්වෙනු ඇති.
  • සුගතදාස ක්‍රීඩාංගනයේ යාඥා මෙහෙයක්….. –  පුහුණුවෙන්න තැනක් නැතුව ලෝක ශූරයා ගෙදර

    සුගතදාස ක්‍රීඩාංගනයේ යාඥා මෙහෙයක්….. – පුහුණුවෙන්න තැනක් නැතුව ලෝක ශූරයා ගෙදර

     

    ලෝක කණිෂ්ඨ මළල ක්‍රීඩා උළෙලේ වත්මන් ශ්‍රේණිගත කිරීම් අනුව ලෝකයේ 5 වන ස්ථානයේ සිටින කන්තලේ සේරුනුවර අරුණ දර්ශනටත් ඔහුගේ පුහුණුකරු අසංකටත් ෆින්ලන්තයට තරගාවලියට සහභාගී වීමට අවශ්‍ය පුහුණුව සදහා තවමත් පහසුකම් ලැබී නොමැති බව ශ්‍රී ලංකා මාවන හිමිකම් කේන්ද්‍රය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

    එම නිවේදනයේ මෙසේද සඳහන් වේ.

    “සුගතදාස ක්‍රීඩාංගනය මේ වන විට යාඥා මෙහෙයක් සදහා වෙන් කර ඇති නිසා තවත් දින කිහිපයකින් අරුණට පුහුණුව සදහා ස්ථානයක් අහිමිවනු ඇත. ලෝකයම බලාගෙන සිටින මෙම ක්‍රීඩකයාට පුහුණුවට තැනක් ලංකාවේ නොමැති බැවින් ඊට ඇති එකම විකල්පය පුහුණුව සදහා හැකි ඉක්මනින් ඔහු ෆින්ලන්තය වෙත යැවීම බව ඔවුන් පෙන්වා දෙයි. නමුත්, ඒ සදහා කිසිදු පියවරක් මේ දක්වා ගෙන නැත”.

    “ඊයේ දිනයේ අරුණ දර්ශනට ෆින්ලන්ත තරඟාවලියට අවශ්‍ය උපකරණ පෞද්ගලික මට්ටමින් ඔහු වෙත ලබාදෙනු ලැබීය. ඔහුට උපකාර කරන කිසිදු පුද්ගලයෙකුට ඔහුට සුදුසු ක්‍රීඩාංගනයක් ලබාදීමට හැකියාවක් නැත. මේ පිළිබද ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍ර‍ය, ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම් කමල් පද්මසිරි මහතාගෙන් මෙයට පෙර ඉල්ලීමක් ද කර තිබුණි. මේ සම්බන්ධයෙන් වන දෙවන සිහිකැඳවීමේ ලිපියද අද (29) වන දින ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය විසින් ක්‍රීඩා අමාත්‍යංශ ලේකම්, කමල් පද්මසිරි මහතා වෙත යොමු කරනු ලැබීය”.

    එළඹෙන ජූලි මස පළමු සතියේ අරුණ දර්ශන එහි යාමට නියමිතය.

  • ලෝ‌ක‌ෙම කතාව‌ෙන ලියොනල් මෙසීගේ මනුස්සකම සමස්ත ලෝකයම පුදුම කළ හැටි…..! (VIDEO)

    ලෝ‌ක‌ෙම කතාව‌ෙන ලියොනල් මෙසීගේ මනුස්සකම සමස්ත ලෝකයම පුදුම කළ හැටි…..! (VIDEO)

    මේ දිනවල ලංකාවේ බොහෝ දෙනාගේ අවධානය යොමුවෙලා තියෙන්නේ පාපන්දු දිහාවට.ඒ රුසියාවේ පැවත්වෙන පාපන්දු කුසලානය නිසා.ලෝක කුසලානයට ක්‍රීඩා කරන ක්‍රීඩකයන් අතුරින් ලෝකයම බලා ඉන්න ක්‍රීඩකයෙක් තමයි ලියොනල් මෙසී.එදා මෙදා තුර පාපන්දු ඉතිහාසයේ බිහිවූ විශිෂ්ඨතම ක්‍රීඩකයා ලෙස සැලකනෙ මෙසී ක්‍රීඩා පිටියෙදි විතරක් නෙමයි ඉන් පිටතදී පවා ඉතා නිහතමානී පුද්ගලයෙකුයි කියලා බොහෝ දෙනා කියන්නේ.

    පහුගිය දවසක ඒ කතාව තවත් පැහැදිලි කරන අපූරු සිදුවීමක් සිද්ධ වුණා.

    ලෝක කුසලානය අවාරණය කරන්න සහභාගී වෙලා ඉන්න මාධ්‍යවේදියකු  මාධ්‍ය හමුවක් අතරතුර මෙසීට ‘රතු පාට රිබන් පටියක්‘ ලබාදුන්නා.ඔහුගේ මව එය දීලා තිබුණේ වාසනාව ගේන පටියක් එය මෙසීට ලබාදෙන්න කියලා.කොහොම හරි මේ මාධ්‍යවේදියා ඒ පටිය පසුගිය 16 වෙනිදා අයිස්ලන්තය හා ආජන්ටිනාව අතර තරඟයට පෙර මෙසීට ලබාදෙන අතරේ ‘‘මගේ අම්මා කීවා මෙය ඔබට ලබාදෙන්න කියලා..එයා මටත් වැඩිය ඔබට ආදරෙයි..ඒ වාසනාව ගේන රතුපාට රිබන් පටිය මම අරගෙන ආවා ඔබට එය ඕන නම් මට දෙන්න පුලුවන් එය පරිස්සමින් ළඟ තබාගන්න‘‘කියලා කිව්වා.

    ලෝක පූජිත ක්‍රීඩයෙක් මේ වගේ දෙයක් වැඩිය ගණනකට නොගෙන ඒ වෙලේම විසි කරන්න ඇති කියලා බොහෝ දෙනා හිතාවි.නමුත් එහෙම වුණේ නැහැ ආජන්ටිනාව හා නයිජීරියාව අතර පැවති තරඟයෙන් පස්සේ පැවති මාධ්‍ය හමුවකදී මේ මාධ්‍යවේදියා ඔහු ලබාදුන් පටියට කුමක්ද කළේ කියලා මෙසීගෙන් ඇහුවා.ඒ වෙලාවේ හැමෝම පුදුමයට පත් කරමින් මෙසී එය ඔහුගේ කකුලේ බැඳගෙන තියන හැටි පෙන්නුවා.ඒ වෙලාවේ මාධ්‍යවේදියා ‘නැහැ වෙන්න බෑ වෙන්න බෑ‘ කියලා පුුදුමයෙන් කීවා වගේම ඔහු නයිජිරීයාවට එරෙහිව වාර්තා කළ ගෝලය ගැහුවේ ඒ කකුලෙන්ද කියලත් ඇහුවා .ඒ වෙලාවේ සිනාසෙමින් උත්තර දුන් මෙසී කීවේ නැහැ මම එය ගෝල ගැහුවේ අනෙක් කකුලෙන් කියලයි.

    වීඩියෝව පහතින් නරඹන්න.

     

  • පරාජය නිසා හඬමින් සිටි ක්‍රීඩකයන් දිරිමත් කරලා ලෝක කුසලානයම උඩු යටිකුරු කළ කොරියානු ජනපතිවරයා.

    පරාජය නිසා හඬමින් සිටි ක්‍රීඩකයන් දිරිමත් කරලා ලෝක කුසලානයම උඩු යටිකුරු කළ කොරියානු ජනපතිවරයා.

     (27) ලෝක කුසලාන පාපන්දු තරඟාවලියේ පැවති තරඟයකදී දකුණු කොරියානු කණ්ඩායම පසුගියවර ලෝක ශුරයන් වූ ජර්මානු කණ්ඩායම පරාජය කිරීමට සමත් වුණා.

    සුපිරි ක්‍රීඩකයන් රැසකගෙන් සමන්විත ජර්මානු කණ්ඩායම දකුණු කොරියාව අතින් පරාජයට පත්වීම බොහෝ දෙනා නොසිතූවක් මෙන්ම එය පාපන්දු ලෝකයම කැළඹූ පුවතක් බවට පත්වුණා.

    කෙසේ වුවත් දකුණු කොරියානු කණ්ඩායම  ස්වීඩන් කණ්ඩායම එරෙහිව පළමු තරඟයට පරාජයට පත්වුණා.පසුගිය බ්‍රහස්තිපතින්දා (21) රුසියාවට පැමිණි දකුණු කොරියානු ජනාධිපති මූන් ජේ ඉන් සෙනසුරාදා (23) දිනයේ පැවැත්වුණු දකුණු කොරියා – මෙක්සිකෝ තරඟය නරඹන්න පැමිණියා.කෙසේ වුවත් දකුණු කොරියාව එම තරඟයත් පරාජයට පත්වුණා.

    ඒ තරඟයෙන් පස්සේ දකුණු කොරියානු ජනාධිපතිවරයා සහ ඔහුගේ බිරිඳ තමන්ගේ රටේ ක්‍රීඩකයන්ව හමුවෙන්න ගියා. ඒ වන විටත් තරඟ දෙකක් පරාජයට පත්වෙලා මානසිකව වැටිලා හිටපු ඔවුන්ව ජනාධිපතිරවරයා බොහෝ දිරිමත් කළා.

    ජර්මනිය සමග පැවත්වෙන්න නියමිතව තිබුණු තරඟයට සුභ පැතුවා.අන්තිමේදී ලෝක ශුර ජර්මානුවන්වත් පරාජය කරන්න දකුණු කොරියාවට හැකිවුණා.

    මූන් ජේ ඉන් ජනාධිපතිවරයාගේ මේ ක්‍රියාව එරට බොහෝ දෙනාගේ පැසසුමට ලක්වෙලා තිබෙනවා කියලයි විදෙස් ආරංචි මාර්ග කියන්නේ.

    වීඩියෝව පහතින් නරඹන්න.

     

  • ප්‍රබල ජර්මනිය ග‌ෙදර යවමින් දකුණු කොරියාව ඉතිහාසගත ජයග්‍රහණය ලැබු අයුරු ම‌ෙන්න….(VIDEO)

    ප්‍රබල ජර්මනිය ග‌ෙදර යවමින් දකුණු කොරියාව ඉතිහාසගත ජයග්‍රහණය ලැබු අයුරු ම‌ෙන්න….(VIDEO)

    ලොව පුරා පාපන්දු පේ‍්‍රක්ෂකයින්ගේ සිත් මොහොතකට සලිත කරමින් වත්මන් ලෝක ශූර ජර්මනියට මෙවර පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ මූලික වටයෙන්ම ඉවත් වීමට සිදු වුණා.

    ඒ, දකුණු කොරියාව සමග පැවති තීරණාත්මක තරගයෙන් පරාජයට පත්වීම හේතුවෙන්. ලෝක පාපන්දු ඉතිහාසයේ ශූරතාවයට හිමිකම් කියන කණ්ඩායමක් මෙලෙස මූලික වටයෙන්ම ලෝක කුසලාන තරගාවලියකින් ඉවතට විසිවූ 06 වන අවස්ථාව මෙයයි.

    මීට පෙර ප‍්‍රංශය, බ‍්‍රසීලය, ඉතාලිය සහ ස්පාඤ්ඤයට ද මෙම ඉරණම අත්වි තිබෙනවා. ජර්මනිය ලෝක පාපන්දු ඉතිහාසයේ ලෝක කුසලාන තරගාවලියක මූලික වටයෙන්ම ඉවතට විසිවී ඇත්තේ 1938 වසරෙන් පසු පළමු වරටවීම ද විශේෂත්වයක්. 

    ඊයේ (28) රාත‍්‍රියේ පැවති තීරණාත්මක තරගයෙන් දකුණු කොරියාව හමුවේ ජර්මනිය පරාජයට පත්වූයේ ගෝල දෙකට බිංදුවක් ලෙසයි. ජාත්‍යන්තර තරගයකදී ලෝක ශූර කණ්ඩායමක් පරාජයට පත් කළ පළමු ආසියානු රට ලෙසට ද දකුණු කොරියාව මෙහිදී ඉතිහාසයට එක්වුණා.

    එමෙන්ම මෙවර තරගාවලියේ ඔවුන් ලැබූ එකම ජය වන්නේ ද ලෝක ශූරීන් පරදා ලැබූ මෙම ජයග‍්‍රහණයයි. මුලසිට උණුසුම් මුහුණවරක් ගත් තරගයේ පළමු මිනිත්තු 90දී කිසිඳු කණ්ඩායමකට ගෝල රැස් කිරීමට හැකි වූයේ නැහැ. 

    අතිරේක කාලය ආරම්භ වී ගත වූ තුන්වන මිනිත්තුවේදී දකුණු කොරියාව පළමු ගෝලය රැස් කළා. පීඩනය ජර්මනිය කෙරෙහි දැඩි ලෙස එල්ල වීමත් සමග ඔවුන්ගේ දැල් රකින ක‍්‍රීඩකයා ද ක‍්‍රීඩකයෙකු ලෙස පිටියට පිවිසීම එහිදී සිදු වූ විශේෂත්වයක්. එහි වාසිය හිමිකර ගත් දකුණු කොරියාව තවත් මිනිත්තු 03ක් ගතවද්දී දෙවන ගෝලය ද වාර්තා කර ගනිමින් මෙම ඉතිහාසගත ජයග‍්‍රහණය වාර්තා කළා. 

    මෙම කාණ්ඩයේ ඊයේ රාත‍්‍රියේ පැවති තවත් තරගයකින් ගෝල තුනට බිංදුවක් ලෙස මෙක්සිකෝව පරාජය කළ ස්වීඩනය ද දහසයේ වටයට සුදුසුකම් ලබාගත්තා. 

    මේ අතර ඊයේ රාත‍්‍රියේ පැවති තවත් තීරණාත්මක තරගයකින් සර්බියාව පරදා ගෝල දෙකට බිංදුවක් ලෙස ජය අත්කර ගැනීමට බ‍්‍රසීලය සමත් වුණා. මෙම තරගය ජයගැනීමත් සමග ඔවුන්ද ඊ කාණ්ඩයෙන් පෙරමුණ ගනිමින් අවසන් දහසයේ වටයට සුදුසුකම් ලබා ගත්තා. 

    ගෝල දෙකට දෙකක් ලෙස කොස්ටරිකාව සමග පැවති තරගය සමවීමත් සමග ස්විස්ටර්ලන්තය ද දහසය දෙනාගේ වටයට ඊයේ රාත‍්‍රියේ සුදුසුකම් ලබාගත්තා. මේ අතර ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ මූලික වටයේ තවත් තරග 04ක් අද (28) පැවැත්වීමට නියමිතයි. 

  • බටහිර ඉන්දීය කොදෙවු කණ්ඩායම පරදා ලංකාව කඩුලු 06කින් තරගය ජයගනී… කුසල් යලිත් පිටියට…..

    බටහිර ඉන්දීය කොදෙවු කණ්ඩායම පරදා ලංකාව කඩුලු 06කින් තරගය ජයගනී… කුසල් යලිත් පිටියට…..

    බටහිර ඉන්දීය කොදෙවු කණ්ඩායම පරදා ලංකාව කඩුලු 06කින් තරගය ජයගනී… කුසල් යලිත් පිටියට…..

    https://www.youtube.com/watch?v=9mK1QawINjA

  • තෙවෙනි තරගයේ අපේ සිංහයන්ට ජයග්‍රාහි ඉලක්කය ලකුණු 144ක්….. මැච් එක සජීවීව බලන්න ලින්කුව මෙන්න….

    තෙවෙනි තරගයේ අපේ සිංහයන්ට ජයග්‍රාහි ඉලක්කය ලකුණු 144ක්….. මැච් එක සජීවීව බලන්න ලින්කුව මෙන්න….

    තෙවෙනි තරගයේ අපේ සිංහයන්ට ජයග්‍රාහි ඉලක්කය ලකුණු 144ක්….. මැච් එක සජීවීව බලන්න ලින්කුව මෙන්න….

    https://www.youtube.com/watch?v=JJXh_O18cMU

  • ක්‍රීඩකයෝ ගෙනා ගෞරවය ජපාන පාපන්දු රසිකයෝ දෙගුණ කරයි – එකට සෙට්වෙලා ක්‍රීඩා පිටියම සුද්ද කරලා

    ක්‍රීඩකයෝ ගෙනා ගෞරවය ජපාන පාපන්දු රසිකයෝ දෙගුණ කරයි – එකට සෙට්වෙලා ක්‍රීඩා පිටියම සුද්ද කරලා

    ලෝක කුසලාන පාපන්දු තරගාවලියකදී  දකුණු ඇමෙරිකානු කණ්ඩායමක් පරාජයට පත් කළ පළමු ආසියානු රට බවට පත්වීමට ජපානය ඊයේ (19) සමත් වුණා.

    ඒ ප්‍රබල කොලොම්බියානු කණ්ඩායම සමග රුසියාවේ මොර්ඩෝවියා එරීනා ක්‍රීඩාංගණයේ පැවැති තරගයෙන් ගෝල 2-1ක් ලෙස ජයගැනීමත් සමගයි.

    තරඟයේ පළමු අර්ධය දෙපිලම ගෝල එක් ගෝලය බැගින් ලබාගෙන අවසන් වූ අතර, දෙවන අර්ධයේදී කණ්ඩායම් දෙකම දැඩි සටන්කාමීත්වයක් ප්‍රදර්ශණය කළ නමුත් ජපානයේ ප්‍රහාරකයා වන යුයා ඔසාකා ගෝලයක් වාර්තා කිරීමත් සමග තරගයේ ජයග්‍රහණය ජපානයට හිමිවිය.

    තරඟයෙන් අනතුරුව ක්‍රීඩාංගණයට රැස්ව සිටි ජපාන ප්‍රෙක්ෂකයන් ඔවුන් සිටි ස්ථාන පිරිසිදු කරන අයුරුද දැකගත හැකිවූ අතර එය බොහෝ දෙනාගේ ප්‍රශංසාවටද ලක්ව තිබේ.

     

  • පාපන්දු කිරුළ සොයමින් රොනාල්ඩෝගෙන් ඉතිහාසගත ගෝලයක් – උරුගුවේ කී‍්‍රඩකයෙකු අමුතු රංගනයක…

    පාපන්දු කිරුළ සොයමින් රොනාල්ඩෝගෙන් ඉතිහාසගත ගෝලයක් – උරුගුවේ කී‍්‍රඩකයෙකු අමුතු රංගනයක…

    රුසියාවේදී පැවැත්වෙන ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ සිය පළමු ජයග‍්‍රහණය වාර්තා කිරීමට ස්පාඤ්ඤය අද (21) අලූයම සමත් වුණා. ඒ, ගෝල 1-0 ක් ලෙස ඉරානය පරාජයට පත් කරමින්. ස්පාඤ්ඤය වෙනුවෙන් ජයග‍්‍රාහී ගෝලය වාර්තා කළේ දියාගෝ කොස්තා. ඔහු මෙවර තරගාවලියේ වාර්තා කළ 3 වන ගෝලයද මෙය වනවා.

    මේ අතර පෘතුගාලය ද ඊයේ (20) සිය පළමු ජයග‍්‍රහණය වාර්තා කළා. ඒ, ගෝල 1-0 ක්  ලෙස මොරොක්කෝ කණ්ඩායම පරාජය කරමින්. පෘතුගාලය වෙනුවෙන් නායක ක‍්‍රිස්ටියානෝ රොනාල්ඩෝ ජයග‍්‍රාහී ගෝලය වාර්තා කළා. ඔහු මෙවර තරගාවලියේ වාර්තා කළ සිවුවන ගෝලයද මෙයයි. රොනාල්ඩෝ ඉතිහාස ගත වූයේ ලෝක කුසලාන පාපන්දු තරගාවලියකදී ගෝල 4ක් වාර්තා කළ දෙවන පෘතුගාල කී‍්‍රඩකයා ලෙයසි. 1996 වසරේදී එවුසෙබියෝ නෙටඩි ගෝල 4ක් වාර්තා කළා. මොස්කව් නුවර පැවති මෙම පෘතුගාල සහ මොරොක්කෝ කණ්ඩායම අතර තරගය නැරඹීමට පාපන්දු ලෝලීන් 78,000 ක් පැමණ සිටියා.

    මේ අතර මෙවර ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ පළමු වටයෙන්ම ඉවත්වීමට සෞදි අරාබියට ඊයේ සිදු වුණා. එ් උරුගුවේ කණ්ඩායම හමුවේ පරාජයට පත්වීමත් සමගයි. උරුගුවේ කණ්ඩායම තරගය ජය ගත්තේ ගෝල 1-0 ක් ලෙසයි. ලූයිස් සුවාරිස් ජයග‍්‍රාහී ගෝලය වාර්තා කළේ 23 වන මිනිත්තුවේදීයි. තරගයේ ජයග‍්‍රාහණයේ සතුට ලූයිස් සුවාරිස් සැමරූ ආකාරය පිළිබවද ඊයේ වැඩි අවධානයක් යොමු වුණා. ඔහු සිය බිරිද සිහිපත් කළේ පාපන්න්දුව සිය කමිසය යට සගව ගනිමින්.

     

  • නායක චන්දිමාල්ට අසාධාරණ තරඟ තහනමක්… අනුබල දුන් බවට හතුරුසිංහ, අසංක ගුරුසිංහට චෝදනා….

    නායක චන්දිමාල්ට අසාධාරණ තරඟ තහනමක්… අනුබල දුන් බවට හතුරුසිංහ, අසංක ගුරුසිංහට චෝදනා….

    බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවති දෙවන ටෙස්ට් තරගයේ 02 වන දිනයේදී පන්දුවේ හැඩය වෙනස් කිරීමේ චෝදනාවට අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් නායක දිනේෂ් චන්දිමාල් හට එක් ටෙස්ට් තරග තහනමක් සහ ඔහුගේ තරග ගාස්තුවෙන් 100% දඩයක් පැනවීමට තීරණය කර තිබෙනවා.

    දෙවන ටෙස්ට් තරගයේ තරග තීරක වශයෙන් කටයුතු කල ජවගල් ශ්‍රීනාත් සිය වාර්තාවේ සඳහන් කර ඇත්තේ නායක දිනේෂ් චන්දිමාල් පන්දුවේ හැඩය වෙනස් කිරීම සඳහා සිය මුඛයේ තබා ගෙන තිබු කෘතීම ද්‍රව්‍යයක් යොදා ගත් බවට රුපවාහිනි දර්ශණ වලදී සටහන්ව ඇති බවයි. ” ඔහුගේ කලිසම් සාක්කුවේ තබාගෙන තිබු යම් දෙයක් මුඛයේ දමාගෙන පසුව එය ඇගිල්ලේ ආධාරයෙන් පන්දුව ඔප දැමීමට යොදා ගත් අයුරු රුපවාහිනි දර්ශණ මගින් පෙනී යන බවයි”.

    මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ කළමනාකාරිත්වය ද තමන් සතු වීඩියෝ පට ඉදිරිපත් කර ඇති අතර තරග තීරකවරයා වන ජවගල් ශ්‍රීනාත් සඳහන් කර ඇත්තේ තමන්ට තිබෙන කාල රාමුවට අනුව චෝදනා ගොනු කර දඩුවම් පැමිණවීමට කටයුතු කරන බවයි.

    දිනේෂ් චන්දිමාල්ට මේ අනුව බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව ලබන 23 වනදා බාර්බඩෝස් හිදී ආරම්භ වීමට නියමිත දිවා/රාත්‍රී ටෙස්ට් තරගය ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමිවනු ඇති.

    කෙසේ වුවත් තමන්ට එරෙහිව පැනවූ දඩුවම සඳහා පැය 48 ක් ඇතුලත තරග තිරකවරයාට ලිඛිත අභියාචනයක් ඉදිරිපත් කිරීමට දිනේෂ් ච්න්දිමල්ට අවකාශ හිමිවනවා.

    මේ අතර දෙවන ටෙස්ට් තරගයේ 03 වන දිනයේදී පන්දුව මාරු කිරීමට විරෝධය පළකරමින් ශ්‍රී ලංකා ක්‍රීඩකයින් පන්දු රකිම සඳහා පිටියට පිවිසීමට ප්‍රමාද කිරීම නිසා ක්‍රිකට් ක්‍රීඩාවේ ජිවගුණයට හානි කල බවට චෝදනා කරමින් නායක  දිනේෂ් චන්දිමාල්, කණ්ඩායමේ පුහුණුකරු චන්දික හතුරුසිංහ සහ කළමනාකරු අසංක ගුරුසින්හ හට ICC ය විසින් චෝදනා ගොනු කර තිබෙනවා. 

  • ජර්මනිය පැරදෙයි – බ්‍රසීලය සම වෙයි..  පාපන්දු ලෝක කුසලානය‍ේ පොඩ්ඩෝ ලොවම මවිත කිරීම අරඹයි….!

    ජර්මනිය පැරදෙයි – බ්‍රසීලය සම වෙයි.. පාපන්දු ලෝක කුසලානය‍ේ පොඩ්ඩෝ ලොවම මවිත කිරීම අරඹයි….!

    පාපන්දු ලෝක කුසලානයේ අවදානයට ලක්වූ තරග තුනක් ඊයේ දින (17) පැවැත්වුනා.  ඒ අතර වත්මන් ලෝක ශූර ජර්මනිය සහ මෙවර ලෝක කුසලානය දිනා ගැනීමට වඩාත්ම ඉඩ ඇති කණ්ඩායම ලෙසට බොහෝ දෙනා මත පල කරන බ්‍රසීලයද ඊයේ තරග බිමට ප්‍රවිෂ්ඨ වුනා.

    ජර්මනිය මෙක්සිකෝව සමගත් බ්‍රසීලය ස්විට්සර්ලන්තය සමගත් ක්‍රීඩා කළා. 

    ජර්මනිය සහ මෙක්සිකෝව අතර තරගයේ බොහො දෙනා බලාපොරොත්තු වූයේ වත්මන් ලෝක ශූර ජර්මනිය මෙම තරගය පහසුවෙන් ජය ගනු ඇති බවටයි. කෙසේ වෙතත් ලොවම මවිත කරමින් ප්‍රබල ජර්මනිය පරදා ගෝල 1-0ක් ලෙස ජයක් ලබා ගැනීමට මෙක්සිකෝව සමත් වුනා.

    මෙක්සිකෝව දැඩි ආරක්ෂාකාරී ලෙස ක්‍රීඩා කළ අතර තරගය පුරාවටම ජර්මනියට කිසිදු ගෝලයක් ලබා ගැනීමට ඉඩ නොදීම විශේෂයකි. තරගයේ 35ස් වන මිනිත්තුවේදි ක්‍රියාත්මක වූ මෙක්සිකෝවේ හර්වින් ලොසානෝ තරගයේ එකම ගෝලය රැස් කළේය. මෙක්සිකානු දැල් රකින ක්‍රීඩකයාගේ දක්ෂතා තරගය පුරාවටම කැපි පෙනුනු අතර ජර්මනියේ සුපිරි මැදපෙල විසින් නිර්මාණය කළ අවස්තා රැසක් ජර්මනි මුල් පෙල විසින් මග හැරීම තරගය ජර්මනිය පරාජයට පත්වීම හේතුව විය.

    මේ අතර බ්‍රසීලය සහ ස්විට්සර්ලන්තය අතර තරගය ගෝල 1-1ක් ලෙස ගෝල සමවීමෙන් අවසන් වුනා. බ්‍රසීල කණ්ඩායමේ සුපිරි ක්‍රීඩක පිලිප් කුටීනියෝ බ්‍රසීලය වෙනුවෙන් වාර්තා වූ එකම ගෝලය දැකුම්කලු අයුරින් වාර්තා කිරීමට සමත් විය. කෙසේ වෙතත් තරගයේ 50ස් වන මිනිත්තුවේදි බ්‍රසීලයේ ගෝල වාසිය අවසන් කළ ස්විට්සර්ලන්ත කණ්ඩායමේ සුබර් ගෝලයක් වාර්තා කළ අතර ඉන්පසු ගෝල රැස් කිරීමට දෙපිලටම නොහැකි විය.

    එම තරගයන්හි විශේෂ අවස්තා පහතින්,

     

     

  • තරග විනිසුරුවන්ගේ අයුක්තිය මැද නායක චන්දි යුක්තිය වෙනුවෙන් නැගි සිටියි… ඇත්ත කතාව ම‍ෙන්න…

    තරග විනිසුරුවන්ගේ අයුක්තිය මැද නායක චන්දි යුක්තිය වෙනුවෙන් නැගි සිටියි… ඇත්ත කතාව ම‍ෙන්න…

    සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් දූපත් අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගය සිවුවෙනි දිනට අවසන් වෙද්දි තරගයට නැවතත් ප්‍රවිෂ්ඨ වූ ශ්‍රී ලංකාව කඩුලු අටකට ලකුණු 334ක් ලබා සිටියි. මේ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම කොදෙව්වන්ට වඩා ලකුණු 287ක් ඉදිරියෙන් සිටිති.

    ශ්‍රී ලංකා දෙවන ඉනිම වෙනුවෙන් මැදපෙල සවිමත් කළ කුසල් මෙන්ඩිස් (87) දිනේෂ් චන්දිමාල් (39), රොෂේන් සිල්වා (48), නිරෝෂන් දික්වැල්ල (62) ශ්‍රී ලංකා ඉනිම ගොඩ නැගුවේය.

    මේ අතර තරගාවලිය පුරාවටම ශ්‍රී ලංකා කණ්ඩායමට අවාසි සහගත තීරණ ලබා දුන්නේ යැයි රසිකයන්ගේ චෝදනාවන්ට ලක්ව සිටින විනිසුරුවරුන් දෙදෙනාගේ ක්‍රියාකලාපය ඊයේ (17) දිනයේදී කතාබහට ලක්විය. දෙවන දිනයේ දිවා ආහාරයට පෙර ගැබ්‍රියෙල්ගේ පන්දුවකට නායක දිනේෂ් චන්දිමාල් ස්ලිප් ක්‍රීඩකයෙකුට උඩ පන්දුවක් ලබා දි දැවි ගියේය. කෙසේ වෙතත් එම පන්දුව නිපන්දුවක් වූ අතර, එය නිපන්දුවක් බවට විනිසුරුට පෙන්වා දුන්නේ ප්‍රති අන්තයේ සිටි කුසල් මෙන්ඩිස් විසින් ය. 

    ඉන්පසුව පන්දුවේ දෝෂයක් යැයි කියමින් කුසල් මෙන්ඩිස්ගේ පිත්ත පරීක්ෂා කළ විනිසුරුවරුන්, කුසල් මෙන්ඩිස්ගේ පිත්ත මාරු කිරීමටද පියවර ගත්තේය. 

    විනිසුරුවන් දෙපළ විසින් ශ්‍රී ලංකා නායක දිනේෂ් චන්දිමාල්ට පන්දුව පලුදු කිරීමේ චෝදනා එල්ල කර තිබූ අතර එම චෝදනා වලින් තමන් නිර්දෝෂී බවට චන්දිමාල් ප්‍රකාශ කර තිබෙන බව අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සලය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරනවා.