Category: සුපිරි Sports

  • ප්‍රේමදාස පිටියේ දොර කුඩු කළේ නායක ෂකීබ් අල් හසන්…. අැත්ත හෙලිවු හැටි මෙන්න…..

    ප්‍රේමදාස පිටියේ දොර කුඩු කළේ නායක ෂකීබ් අල් හසන්…. අැත්ත හෙලිවු හැටි මෙන්න…..

    පසුගියදා ආන්දෝලනයක් ඇති කරමින් බංගලිදේශය හා ශ්‍රී ලංකාව අතර නිදහස් කුසලාන තරගය අවසානය කිට්ටුව කලබලකාරී තත්වයක් ඇති කරන ලද සිදුවීමෙන් පසු ප්‍රේමදාස පිටියේ බංගලිදේශ කණ්ඩායම ලැගුම් ගෙන සිටි විවේකාගාරයේ වීදුරු දොර තරගය අවසානයෙන් පසු කුඩුකර විනාශ කර තිබුණි.

    මෙය සිදු කළේ බංගලිදේශයේ ක්‍රීඩකයින් බව තහවුරුවූ නමුත් කවුරුන් කළේද යන්න ඒ දිනයේ හෙළිව තිබුනේ නැත.

    සිද්ධිය ගැන තරග තීරක පරීක්ෂණයක් ඇරඹූ අතර ආසන්නයේ සිටි ආපන ශාලා සේවකයෙකු සාක්ෂි දෙමින් කියා තිබුනේ විදුරුව කුඩු කළ අය බංගලිදේශ කන්ඩායමට අයත් බව හදුනාගත හැකිවුවද කවුරුන්ද යන්න තමන්ට හරිහැටි නිශ්චය කරගන්නට බැරි බවයි.

    පසුව මේ සම්බන්ධයෙන් තම කණගාටුව පළ කරමින් අලාබය ගෙවන්නට බංගලිදේශ ක්‍රිකට් ආයතනය කල් ඇතිවම දැනුම්දුන් නමුත් විනය විරෝධී කටයුත්තට දායකවූයේ කවුදැයි ඔවුන්ද නම් කර තිබුනේ නැත.කෙසේ වෙතත් සීසීටීවී විමර්ශනයෙන් පසු මේ සම්බන්ධව දැන් කරුණු හෙළිව තිබේ.

    ඒ අනුව බංගලිදේශ නායකයා හැටියට එදින කටයුතු කළ ෂකීබ් අල් හසන් එය සිදු කර ඇති බව සීසීටීවී දර්ශන වලින් තහවුරුවී තිබේ.

    එදින අවසන් ඕවරයේ කලබල කරමින් විනිසුරුවන්ට අභියෝග කිරීම හා කණ්ඩායමේ පිතිකරුවන්ට උද්ඝෝෂණයකට බලකරමින් පිටියෙන් පිටතට එන්නැයි සංඥා කරමින් නීතිරීති වලට පටහැණීව හැසිරීම නිසා ෂකීබ් සහ අනවශ්‍ය ආරවුලකට යාම සම්බන්ධයෙන් නුරුල් යන ක්‍රීඩකයින් දෙපළට සියයට 25 ක තරග මුදල් දඩයක්ද මෙහිදී පනවා තිබුණි. 

  • අනුෂ්කා ගැබ් ගනී? කෝලිගේ ආන්දෝලනාත්මක ටිවිටර් සටහනට සුබ පැතුම් ගලා ගෙන එයි…

    අනුෂ්කා ගැබ් ගනී? කෝලිගේ ආන්දෝලනාත්මක ටිවිටර් සටහනට සුබ පැතුම් ගලා ගෙන එයි…

    බොලිවුඩයේ ජනප්‍රිය යුවළක්වන සුපිරි ක්‍රීඩක විරාට් කෝලි සහ ඔහුගේ බිරිඳවන බොලිවුඩ් නිළි අනුෂ්කා ශර්මාට පසුගිය දිනක සමාජ මාධ්‍ය මිතුරන්ගෙන් සුබ පැතුම් විශාල ප්‍රමාණයක් ලැබී තිබුණා. ඒ අනුෂ්කා ගැබි ගෙන ඇති බවට උපකල්පනය කරමින්.

    මෑතකදී විරාට් කෝලි විසින් සිය ටිවිටර් ගිණුම හරහා පළ කර තිබූ අදහසකට අනුව ඔවුන් මෙලෙස උපකල්පනය කර ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබුණා.

    ඒ අනුව ඔහු පවසා තිබුණේ මෙවැන්කි..”There’s a lot that’s happening right now. Fill you guys in real soon!” යනුවෙනි.

    මෙම අදහස කියවූ ඔහුගේ සමාජ මාධ්‍ය මිතුරන් අනුෂ්කා ගර්භනී තත්වයට පත්ව ඇති බවට උපකල්පනය කරමින් අනාවැකි කීමට පටන් ගෙන තිබුණා.

    කෙසේ වෙතත් මෙය උපකල්පනයක්ම පමණක් බවත් අනුෂ්කා ගැබ් ගෙන නොමැති බවත් ඉන්දීය මාධ්‍යවල පළවී තිබෙනවා.

    එහි ඡායාරූප පහතින්…

     

  • “ අපි දිනන්න දන්නවා. අපිට ලංකාවේ ප්‍රේක්ෂක සහයවල් ඕනි නෑ..! – ෂකීබ් අල් හසන් කියපු කතාව

    “ අපි දිනන්න දන්නවා. අපිට ලංකාවේ ප්‍රේක්ෂක සහයවල් ඕනි නෑ..! – ෂකීබ් අල් හසන් කියපු කතාව

    අපි වෙනත් රටකදි ප්‍රේක්ෂකයන්ගේ සහයක් බලාපොරොත්තු වෙන්නෙ නෑ. අපි ඒ ගැන අවධානය යොමු කරන්නේ නෑ යනුවෙන් බංගලාදේශ නායක ෂකීබ් අල් හසන් පවසනවා.

    ඔහු මේ බව පැවසුවේ නිමාවූ නිදහස් කුසලාන අවසන් තරඟය පිළිබඳ අදහස් දක්වමිනුයි.

    අවසාන තරගය නැරඹීමට 20000 අධික ප්‍රෙක්ෂක පිරිසක් ප්‍රේමදාස පිටියට රැස්ව තිබූ අතර ඔවුන්ගේ සහය ඉන්දියානු කණ්ඩායමට හිමිවුණා.

    ඒ, ශ්‍රී ලංකාව හා බංගලාදේශය අතර පැවති තරඟයේදී බංගලාදේශ පිලේ නොමනා හැසිරීම බවයි බොහෝ දෙනා කියා සිටියේ.

    “ඔවුන් අපට සහයෝගය දැක්වුවා නම් හොඳයි. ඒත් මේ වගේ දේවල් වෙන්න පුලුවන්.කවුරු කාටද සහයෝගය දක්වනවාද කියන එක ගැන අපි කණගාටු වෙන්නේ නෑ.පිටිය මැදදි හොඳින් ක්‍රීඩා කිරීමයි අපේ අරමුණ‘ යැයි ෂකීබ් වැඩිදුරටත් සඳහන් කළා.

    කෙසේ වෙතත් එම තරඟයේදී ශ්‍රීලංකා ක්‍රීඩා ලෝලීන්ගෙන් ලද සහය පිළිබඳ රෝහිත් ෂර්මා විශේෂයෙන් සඳහන් කළා.

    ඔවුන් විශිෂ්ඨයි.අපිට දැනුනේ ඉන්දියාවේ ක්‍රීඩා කරනවා වාගෙයි.ඔවුන් විශාල වශයෙන් පැමිණ අපට සහයෝගය දක්වුවා.එය ඉතා වැදගත් වුණා. පන්දුවාර 40ම අපට ඔවුන්ගේ සහය නොමදව ලැබුණා.අපි පන්දු යවද්දිත් පහරදෙද්දිත් නෙකඩාවා එය ලැබුණා.


     

  • ජූනි මාසය වෙද්දි ලංකාව ටෙස්ට් ශ්‍රේණිගත කිරීම් අනුව 05වන තැනට.. විග්‍රහය මෙන්න..

    ජූනි මාසය වෙද්දි ලංකාව ටෙස්ට් ශ්‍රේණිගත කිරීම් අනුව 05වන තැනට.. විග්‍රහය මෙන්න..

    ජුනි මාසයේදී දියත් වීමට නියමිත බටහිර ඉන්දීය කොදෙව් සංචාරයට අදාළව පැවැත්වෙන ටෙස්ට් තරගාවලිය 2-0ක් ලෙස ජයගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකි වුවහොත් ටෙස්ට් ශේ්‍රණිගත කිරීම්හි එංගලන්තය අභිභවා ගොස් පස්වැනි ස්ථානයට පත්වීමට ශ්‍රී ලංකාවට හැකිව තිබේ.

    එහෙත් එසේ වන්නේ එළැඹෙන මැයි මාසයේදී පැවැත්වෙන එංගලන්ත-පාකිස්තාන ටෙස්ට් තරගාවලියේදී එංගලන්ත කණ්ඩායම පාකිස්තානය හමුවේ පරාජය වුවහොත් පමණි.

    ඒ අනුව මේ වනවිට ශේ්‍රණිගත ලකුණු 99ක් ලබා පස්වැනි ස්ථානයේ පසුවන එංගලන්තය පාකිස්තානය හමුවේ තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය 1-0ක් ලෙස පරාජය වුවහොත් ඔවුන්ගේ ශේ්‍රණි ලකුණු 3ක් අඩු වී 96ක් දක්වා ශේ්‍රණිගත ලකුණු අඩුවන අතර, 2-0ක් ලෙස පරාජය වුවහොත් එය 95 දක්වා තවදුරටත් අඩු වෙයි.

    මේ හේතුවෙන් මේ වනවිට ශේ්‍රණිගත ලකුණු 95ක් ලබා හයවැනි ස්ථානයේ පසුවන ශ්‍රී ලංකා කණ්ඩායමට කොදෙව් සමඟ පැවැත්වෙන තරග තුනකින් සමන්විත ටෙස්ට් තරගාවලිය 2-0ක් ලෙස ජයගතහොත් එක් ශේ්‍රණිගත ලකුණක්ද (ශේ්‍රණි ලකුණු 96), තරගාවලිය 3-0ක් ලෙස ජයගතහොත් ශේ්‍රණිගත ලකුණු 2ක්ද (ශේ්‍රණි ලකුණු 97) වැඩි කරගැනීමට හැකිය.

    එහෙත් එංගලන්ත-පාකිස්තාන තරගාවලිය ජය පැරදුමෙන් තොරව අවසන් වුවහොත් කොදෙව්වන් සමඟ පැවැත්වෙන ටෙස්ට් තරගාවලිය 3-0ක් ලෙස ජයගැනීමට ශ්‍රී ලංකාව සමත්වුවද එංගලන්තය අභිභවා යෑමට නොපුළුවන.

    මේ අතර පසුගියදා අවසන් වූ නිදහස් කුසලාන විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේදී ලකුණු අතරට පැමිණි කුසල් ජනිත් හා කුසල් මෙන්ඩිස් ලොව විස්සයි-20 පිතිකරණ ශේ්‍රණිගත කිරීම්හි ඉදිරියට පැමිණීමට සමත්ව තිබීමද විශේෂත්වයකි.

    ඒ අනුව නිදහස් කුසලාන ක්‍රිකට් තරගාවලියට පෙර විස්සයි-20 පිතිකරු ශේ්‍රණිගත කිරීම්හි 40 වැනි ස්ථානයේ පසුවූ කුසල් ජනිත් මේ වනවිට 20 වැනි ස්ථානය දක්වාත්, 75 වැනි ස්ථානයේ පසුවූ කුසල් මෙන්ඩිස් 48 වැනි ස්ථානය දක්වාත් ඉදිරියට පැමිණ සිටී.

  • “විනයක් නැති බංගලියෝ පුහුණු කරන්න මට බෑ…” තවත් ප්‍රබලයෙක් බංගලියන්ට පස්ස පෙන්නයි..

    “විනයක් නැති බංගලියෝ පුහුණු කරන්න මට බෑ…” තවත් ප්‍රබලයෙක් බංගලියන්ට පස්ස පෙන්නයි..

    ඕනෑම කෙනෙක් රැකියාවකට යද්දී මුලින්ම තමන්ට ලැබෙන වැටුප ගැන බැලුවට ගිහින් ටික දවසක් යද්දී වැඩ කරන්න තියන පරිසරය අවුල් නම් වැඩේ මඟ දාලා එන අවස්ථා අපිට ඕන තරම් දකින්න ලැබෙනවනේ,ඒ විදියේ සිද්දියකට උදාහරණයක් තමයි චන්දික බංගලාදේශයේ පුහුණුකාර ධුරය අත්හැරලා ආපු එකත්.ලෝකයේ වැඩිම වැටුපක් ලැබෙන පුහුනුකරුවෙක් විදියට හිටපු චන්දික තමන්ගේ සේවා පරිසරය නරක වේගෙන එද්දී තනතුරෙන් අස් වෙන්නේ ලැබෙන වැටුප ගැන හිතන්නේ නැතුව.

    කොහොම හරි චන්දික වැඩ කරපු කාලේ බංගලාදේශයේ ක්‍රිකට් තිබුනේ චන්දිකගේ අතේ කියල කිව්වොත් හරි,මොකද ඔහු තීරණ ගනිද්දී ක්‍රීඩකයන්ගේ තරාතිරම ගැන බැලුවේ නෑ,කණ්ඩායමට ඒ අවස්ථාවේ වෙන්න ඕන හොඳම දේ තමයි කලේ.

    කොහොම හරි මේ විදියේ පාලනයක් ගෙනගිය චන්දිකගේ සමු ගැනීම එක්ක බංගලි ක්‍රිකට් අවුල් වෙලා කියල තමයි ආරංචි වෙන්නේ චන්දිකගේ සමු ගැනීම එක්ක බංගලාදේශයේ ප්‍රධාන පුහුණුකාර ධුරයට තවමත් හරි හමන් පුහුණු කරුවෙක් සොයා ගන්න බැරුව තමයි ඉන්නේ.
    බංගලාදේශය පහු ගිය කාලේ තමන්ගේ ප්‍රධාන පුහුණු කරුවා විදියට ඇන්ඩ් ෆ්ලවර් ,ටොම් මුඩි සහ ජස්ටින් ලැන්ගර් වගේ පුහුණු කරුවන්ට කතා කරලා තිබුන,ඒ උත්සාහය අසාර්ථක වුනාට පස්සේ මහේලටයි සංගටයිත් මේ තනතුරට අරාධනා කළා කියල තමයි පහු ගිය කාලේ ආරංචි වුනා .හැබැයි මේ දෙන්නත් වැඩේට කැමති වෙලා තිබුනේ නෑ.පස්සේ බංගලාදේශය හැරුනේ එංගලන්ත කණ්ඩායමේ සහය පුහුණුකරු විදියට හිටපු පෝල් ෆ්රාබේස් පැත්තට.හැබැයි දැන් ආරංචි වෙන්නේ පෝලුත් මේ වැඩේට කැමති නෑ කියල.

    පෝල් කියන්නේ ශ්‍රී ලංකාවේ අපිටත් අමතක නොවන පුහුණු කරුවෙක්,අපි T20 ලෝක ශුරතාවය දිනද්දී ශ්‍රී ලංකාව පුහුණු කලෙත් මේ පුහුණු කරුවා,ඊට පස්සේ තමන්ගේ රටේ සහය පුහුණු කාර ධුරය ලැබීම එක්ක,ලංකාවට සමුදෙන පෝල් තීරණය කලා.

    අවසාන වුන නිදහස් කුසලානයේ පුහුණුකරු විදියට හිටපු ක්‍රිකට් ක්‍රීඩාවේ මහත්මයෙක් විදියට හඳුන්වන්න පුළුවන් කර්ට්නි වොල්ෂ් බංගලියෝ තරඟාවලියේ හැසිරුණ විදිය ගැන කල කිරීමෙන් බලාගෙන ඉන්න විදිය දැක්කනම් බංගලාදේශයේ පුහුණුකාර ධුරය කියන කටු ඔටුන්න දා ගන්න විදෙස් පුහුණුකරුවෝ සුදානම් වෙයිද කියල ප්‍රශ්නයක් තියනවා.

  • ශකීබ්ලා ඉදිරියේ මුනිවත රැක , රබඩාට පැනවූ අසාධාරණ තරග තහනමක් ඉදිරියේ ICCය දැවි යයි

    ශකීබ්ලා ඉදිරියේ මුනිවත රැක , රබඩාට පැනවූ අසාධාරණ තරග තහනමක් ඉදිරියේ ICCය දැවි යයි

    සියලු දෙනාට නීතිය සමාන විය යුතු බවට වන කතාබහ පසුගිය කාලයේ අපේ රටේද වැඩිපුරම අසන්නට ලැබුනු අතර ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේද පසුගිය කාලයේ මෙම කථාව අසන්නට ලැබිණි.

    ඒ දකුණු අප්‍රිකා වේගපන්දු යවන ක්‍රීඩක කාගීසෝ රබඩාඔස්ට්‍රේලියාව පැවති ටෙස්ට් තරඟය අතරතුර ස්ටීවන් ස්මිත් සමඟ ඇතිකරගත් ගැටුමක් සම්බන්ධයෙන් ඔහුට තරඟ මුදලින් 50 % ක දඩයක් සහ තරඟ දෙකක තහනමක් හිමිවීමත්, නිදහස් කුසලාන තරගමාලාවේදී ක්‍රීඩා පිටියේ යකා නැටු බංගලාදේශ ක්‍රීඩකයන්ට හිමිවූ දඬුවම ක්‍රීඩකයන් දෙදෙනෙකු සඳහා තරඟ මුදලින් 25% ක් පමණක් වීමත් නිසාවෙනි.

    කෙසේ නමුත් මෙම සිද්දි දෙක එකිනෙකට සම්බන්ද නොවුවද බංගලාදේශ සිද්දිය වූ පසුව ජාත්‍යන්තර මාධ්‍යද මෙම දඬුවම් දෙක එකිනෙකට පරස්පර වීමේ ICCයේ ඒක පාර්ශවික ක්‍රියා පිලිවෙත දැඩි ලෙස දෝෂ දර්ශනයට ලක් කර තිබෙනු දැක ගත හැකි විය.

    කගිසෝ රබඩාද ලිපියක් මගින් ක්‍රිකට් කවුන්සලයෙන් මේ පිළිබදව අදහස් විමසා තිබුණා.

    එහිදි රබඩා කරුණු දක්වමින්  ” තමන් විසින් ඕස්ට්‍රෙලියානු කණ්ඩායමේ කඩුල්ලක් දවාගෙන එය සැමරීම ICCය විසින් නොපිලිගන්නේ නම් , බංග්ලාදේශ කණ්ඩායමේ “නාග නර්ථනය” පිළිබදව ICCය දරන්නේ කුමන මතයක්දැයි” රබඩා අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සලයෙන් ප්‍රශ්න කර තිබුණා.

    එම ලිපියේ රබඩා සදහන් කර තිබුනේ ” මාගේ හැසිරීම යකෙකු වගේ නම් , රූපවාහිනියට ගැලපෙන්නෙ නැත්නම් , විශේෂයෙන්ම දරුවන්ට ගැලපෙන්නෙ නැති නම් , බංග්ලාදේශයේ නර්ථනය ගැන කුමක්ද කියන්නේ ? කණ්ඩායමේ නායකයා හැටියට ශකීබ්ට එහෙම හැසිරෙන්න පුලුවන්ද ? මම වීදුරු බින්දද ? එහෙම නැතිනම් පිට්ටනියේ ගහගත්තද ?” යනුවෙනි.

    ඉන්දීය ක්‍රිකට් විචාරකයෙකු වන හර්ෂා බෝග්ලේ විමසා තිබුනේ ICC ය මෙලෙසින් ආකාර දෙකකින් ක්‍රීඩකයන්ට සලකන්නේ ඇයිද යන්නයි. මෙම කතාබහ ජාත්‍යන්තර මාධ්‍යය මගින් දුරදිග යාම සමඟම ICCය රබාඩාට පනවා තිබූ දඬුවම අඩු කරමින් තරඟ තහනම ඉවත් කර තරඟ මුදලින් 25% ක දඩයකට තම දඬුවම හකුලාගෙන ඇත.

    ICC ය මෙලෙස තම තීරණය වෙනස් කර ඇත්තේ අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ ක්‍රීඩකයින්ගේ නීති මාලා පද්ධතියට අදාළ ඇපෑල සලකා බලන කොමසාරිස් මයිකල් හෙරොන් විසිනි. ඒ පැය හයක කාලයක් පුරාවට දකුණු අප්‍රිකානු නීතිඥ ඩාලි පෝෆු විසින් සිදු කරන ලද වීඩියෝ කතාබහක් අවසානයේදීයි.

  • විදුරු බිදපු ශකීබ්ට ලේසි දඩුවමක්.. මට දරුණු දඩුවමක්.. ICCයේ දෙබිඩි පිළිවෙත රබඩා හෙළිකරයි.. .!

    විදුරු බිදපු ශකීබ්ට ලේසි දඩුවමක්.. මට දරුණු දඩුවමක්.. ICCයේ දෙබිඩි පිළිවෙත රබඩා හෙළිකරයි.. .!

    ඕස්ට්‍රේලියාව සහ දකුණු අප්‍රිකාව අතර ටෙස්ට් තරගාවලිය අතරතුරේදි ඕස්ට්‍රේලියානු නායක ස්ටීව් ස්මිත්ගේ කඩුල්ල දවාගෙන රංගනයක් ඉදිරිපත් කර එම කඩුල්ල සැමරීමේ වරදට , දකුණු අප්‍රිකානු වේග පන්දු යවන ක්‍රීඩක කගීසෝ රබඩාට  ICCය මගින් ටෙස්ට් තරග දෙකක තහනමක් පැනවූවා.

    මේ අතර පසුගියදා ශ්‍රී ලංකාවේ පැවති නිදහස් කුසලාන තරග මාලාවේදි බංග්ලාදේශ කණ්ඩායම විසින් සුප්‍රසිද්ධ නයි නැටුම ඉදිරිපත් කරමින් , ප්‍රතිවාදී ක්‍රීඩකයන් සමග ගැටුම් ඇති කරගනිමින් , ක්‍රීඩාගාරයේ දේපළ වලටද හානි සිදු කරමින් සිදු කළ විනය විරෝධී ක්‍රියා වලට ICCයෙන් හිමි වූයේ ක්‍රීඩකයන් දෙදෙනෙකුට තරග ගාස්තුවෙන් 25% ක වැනි සුලු දඬුවමක් පමණයි.

    අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ මෙම දෙබඩි පිලිවෙත පිළිබදව කාගිසෝ රබඩා ලිපියක් මගින් ක්‍රිකට් කවුන්සලයෙන් අදහස් විමසා තිබුණා.

    එහිදි රබඩා කරුණු දක්වමින්  ” තමන් විසින් ඕස්ට්‍රෙලියානු කණ්ඩායමේ කඩුල්ලක් දවාගෙන එය සැමරීම ICCය විසින් නොපිලිගන්නේ නම් , බංග්ලාදේශ කණ්ඩායමේ “නාග නර්ථනය” පිළිබදව ICCය දරන්නේ කුමන මතයක්දැයි” රබඩා අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සලයෙන් ප්‍රශ්න කර තිබුණා.

    එම ලිපියේ රබඩා සදහන් කර තිබුනේ ” මාගේ හැසිරීම යකෙකු වගේ නම් , රූපවාහිනියට ගැලපෙන්නෙ නැත්නම් , විශේෂයෙන්ම දරුවන්ට ගැලපෙන්නෙ නැති නම් , බංග්ලාදේශයේ නර්ථනය ගැන කුමක්ද කියන්නේ ? කණ්ඩායමේ නායකයා හැටියට ශකීබ්ට එහෙම හැසිරෙන්න පුලුවන්ද ? මම වීදුරු බින්දද ? එහෙම නැතිනම් පිට්ටනියේ ගහගත්තද ?” යනුවෙනි.

    මේ පිළිබදව ඇතැම් ක්‍රිඩා විචාරකයන් සදහන් කර තිබුනේ ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය මගින් “බිග් ත්‍රී” (ඉන්දියාව , ඕස්ට්‍රේලියාව , එංගලන්තය) පනත ඉදිරිපත් කරමින් අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සලයේ පාලනය රටවත් තුනක් යටතට ගැනීමෙන් පසු සාධාරණ දඬුවම් හෝ ශ්‍රේණිගත කිරීම ICCය මඟින් ඉදිරිපත් නොවන බවයි.

    රබඩාට විශාල දඬුවමක් ලැබීමට හේතු වූයේ ඔහු සැමරූවේ ඔස්ට්‍රේලියානු කණ්ඩායමට එරෙහිව නිසා බවයි , යම් හෙයකින් බංග්ලාදේශ කණ්ඩායම ඔවුන්ගේ එම හැසිරීම ඉන්දියාව හෝ එංගලන්තය ඉදිරියේ සිදු කළා නම් ඔවුන්ටද දැඩි දඬුවමක් හිමි වීමට තිබූ බව එම ක්‍රීඩා විචාරකයන් සදහන් කර තිබුණා.

    තහනමට ලක්වූ තරගයේ රබඩාගේ පන්දු යැවීම පහතින් 

     

  • රටම හොයන පොඩි කොල්ලෝ දෙන්නගේ වෙල් ඉපනැල්ලේ රෙස්ලින් විඩියෝව මෙන්න…

    රටම හොයන පොඩි කොල්ලෝ දෙන්නගේ වෙල් ඉපනැල්ලේ රෙස්ලින් විඩියෝව මෙන්න…

    රෙස්ලින් යනු ලංකාවේ ඉතාමත් ජනප්‍රිය ක්‍රිඩාවක්… රෙස්ලින් උන්මාදයෙන් ගමක ඒම ක්‍රිඩාවේ නිරත වු කොළු ගැටයන් දෙදෙනෙකුගේ විඩියෝවක් අපට ලැබි අැත.

    https://www.facebook.com/supirigossip1/videos/1626955267340073/

  • කුසලානය අහිමි උනාට නිදහස් කුසලාන තරඟාවලියේ අපේ අයගේ සුපිරි වැඩ කිඩ මෙන්න…

    කුසලානය අහිමි උනාට නිදහස් කුසලාන තරඟාවලියේ අපේ අයගේ සුපිරි වැඩ කිඩ මෙන්න…

    නිදහස් කුසලාන අවසන් තරඟයේ දිනේෂ් කාර්තික් බංගලාදේශයට එරෙහිව එල්ල කල හයේ පහරෙන් දිනුවේ ශ්‍රී ලංකා ක්‍රිකට් ද?රෝහිත් ශර්මා තරඟාවලියේ ජයග්‍රාහී කුසලානය රැගෙන පිටිය වටේ යාම නිසා අපේ රටට කුසලානය ලැබුනා වගේ උත්තේජනයක් ප්‍රේක්ෂකයන්ට ලැබුනාද,මේ සතුට ක්‍රිකට් ප්‍රේක්ෂකයන් ලබා ගැනීම ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට එතරම් ප්‍රශ්නයක් නොවන අතර සහෝදර කණ්ඩායමක ජයග්‍රහණයේදී සතුටු වීම හොඳ ප්‍රේක්ෂකයන් සතු ලක්ෂණයකි.

    නමුත් ප්‍රේක්ෂකයන් මෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන්ද ඉන්දීය ජයග්‍රහණයෙන් උද්දාමයට පත්වී ශ්‍රී ලංකා කණ්ඩායමේ පරාජය අමතක කරනවානම් එය එතරම් හොඳ දෙයක් නොවන අතර ශ්‍රී ලංකා කණ්ඩායම තම මව් බිමේදී පරාජය වන්නේ සුපිරි ඉන්දීය ක්‍රීඩකයන් නැති කණ්ඩායමකට සහ බංගලාදේශයේ දී පරාජය කර බිමට සමතලා කර දමා පැමිණි බංගලාදේශ කණ්ඩායමට වීම තවත් බරපතල ප්‍රශ්නයකි.

    බංගලාදේශයේ තරඟ ජයග්‍රහණය කිරීමෙන් පසුව ශ්‍රී ලංකාවට පැමිණි ශ්‍රී ලංකා කණ්ඩායම නිදහස් කුසලානයට වෙනස් විය හැකි බව පුහුණුකරු සහ තේරීම් කමිටු නිලධාරියෙකු වන චන්දික පැවසුවද අපට කණ්ඩායම නම් කිරීමේදී එතරම් වෙනසක් දකින්නට ලැබුනේ නැත.තරඟාවලියට පෙර අසංක ගුරුසිංහ ද පැවසුවේ දේශීය T20 තරඟාවලියේ වැඩ පෙන්වන ක්‍රීඩකයන්ට ශ්‍රී ලංකා කණ්ඩායමට පැමිණීමට හැකි වන බැවින් සංචිතය නම් කරන්නේ දේශීය තරඟාවලියේ තරඟ කිහිපයක් අවසන් වීමෙන් පසුව බවය.

    කෙසේ හෝ සංචිතය නම් කිරීමේදී දේශීය තරඟාවලියේ වැඩ පෙන්වූ කී දෙනෙකු කණ්ඩායමට පැමිණියාද යන්න ප්‍රශ්නයකි.ශ්‍රී ලංකා කණ්ඩායමට වේගපන්දු යවන්නන් ලෙස කැඳවන්නේ නුවන් ප්‍රදීප්,සුරංග ලක්මාල්,දුෂ්මන්ත චමීර සහ ඉසුරු උදානය.මෙම ක්‍රීඩකයන් අතරින් ඉසුරු උදාන හැර අනෙත් ක්‍රීඩකයන් තිදෙනාම ඉතා දක්ෂයන් වුවද T20 තරඟ වල සාර්ථක වීමට හැකි පන්දු සංකලනයක් ඔවුන් සතු වනවාද යන්න ප්‍රශ්නයකි.මොවුන් ඉතා දක්ෂ ටෙස්ට් පන්දු යවන්නන් බව කිසිම විවාදයක් නැත,නමුත් දක්ෂ පන්දු යවන්නන් වූ පමණින් T20 කණ්ඩායමේ ක්‍රීඩා කල හැකිද,ලෝකයේ ඉතා දක්ෂ වේගපන්දු යවන්නන් ලෙස සැලකෙන ඇන්ඩසන්,බ්‍රෝඩ්,ෆිලැන්ඩර් ,හෙල්සවුඩ් වැනි ක්‍රීඩකයන් එරට ජාතික T20 කණ්ඩායමට ඇතුලත් නොවන්නේ ඇයිද යන්න විමසා බලනවානම් ශ්‍රී ලංකාව මෙවැනි තේරීම් නොකරනු ඇත.

    නිදහස් කුසලානයේ පන්දු යවන්නන් පෙන්වූ දක්ෂතා බැලීමේදී අපේ පන්දු යවන්නන් සිටින තැන ගැන අපිට අවබෝද කරගත හැක.තරඟාවලියේ ශ්‍රී ලංකා පන්දු යවන්නන් අතින් වැඩිම කඩුලු ලබාගත් නුවන් ප්‍රදීප් පන්දු යවන්නන් අතර හත් වන තැන දිනා සිටින්නේ පන්දුවාරයකට ලකුණු 11 කට ආසන්න ලකුණු ප්‍රමාණයක් ලබා දෙමිනි.තරඟාවලියේ ශ්‍රී ලංකා දඟ පන්දු යවන්නන් වූ ජීවන් මෙන්ඩිස් සහ අකිල ධනංජය ද තරඟාවලියේ සෙසු දෙරටේ දඟ පන්දු යවන්නන් හමුවේ සිටින්නේ පහල ස්ථානයකය.

    ශ්‍රී ලංකාවට මාලිංග අමතක කර තරඟාවලියට පැමිණියද මාලිංග දේශීය T20 තරඟාවලියේ වැඩිම කඩුලු ලාභියා වෙමින් පෙන්නුම් කලේ තමාට අභියෝග කරන්නට තවමත් දේශීය පිටියේ ජගතෙකු නැති බවය.ශ්‍රී ලංකා තේරීම් කමිටුව වේගපන්දු යවන්නන් තේරීමේදී පන්දුවේ වේගය ගැන සිතුවා නම් අසිත් ප්‍රනාන්දු බංගලාදේශ තරඟාවලියෙන් අනතුරුව කණ්ඩායමෙන් ඉවත් වීම ප්‍රශ්නයකි.මන්ද ඔහු පසුගිය කාලයේ දේශීය පිටියේ හොඳින්ම කඩුලු අතර සිටින වේග පන්දු යවන්නා වන නිසාය.ශ්‍රී ලංකා T20 කණ්ඩායමට පසු ගිය කාලයේ පැමිණි විකුම් සංජය ද තමාට ලැබුන අවස්ථා වල ඉතා උසස් පන්දු වාර කිහිපයක් යවන අකාරය අපට දක්නට ලැබුනේ නව පන්දුවෙන් පන්දුව දෙපසටම දෝලනය කිරීමේ ඔහුගේ හැකියාව සමඟය.

    පිතිකරුවන්ගේ කථාවද මීට වෙනස් නැත.කුසල් පෙරේරා කණ්ඩායමට පැමිණීම ඉතා ඉහලින් සමරන ආකාරය දැකගන්නට ලැබුන අතර ශ්‍රී ලංකා නායක දිනේෂ් චන්දිමාල් කණ්ඩායමේ සිටින වඩාත් ප්‍රශ්නකාරීම පිතිකරුවා වීම ඔහුට මෙන්ම කණ්ඩායමටද තර්ජනයක් වී ඇත.තරඟාවලියේ වැඩිම ලකුණු ලබාගත් පිතිකරුවන් දසදෙනා අතරට ශ්‍රී ලංකා පිතිකරුවන් ඇතුලත් වන්නේ දෙදෙනෙකු පමණක් වනාතර කුසල්ලා දෙදෙනා එලෙස දක්ෂතා පෙන්වද්දී ශ්‍රී ලංකා පිතිකරුවන් අතර තෙවන තැන දිනා ගන්නේ තුන් ඉරියව් ක්‍රීඩක තිසර පෙරේරාය.

    ධනුෂ්ක ගුණතිලක,උපුල් තරංග, දිනේෂ් චන්දිමාල් සහ දසුන් ශානක මීට වඩා වගකීමෙන් ක්‍රීඩා කල යුතු වන්නේ ශ්‍රී ලංකා කණ්ඩායමේ T20 පිතිකරුවන් ලෙස වැඩ පෙන්වූ ඇන්ජලෝ මැතිව්ස්,අසේල ගුණරත්න,නිරෝෂන් දික්වැල්ල,ධනංජය සිල්වා,ඩිල්ශාන් මුණවීර වැනි ක්‍රීඩකයන් එළියේ සිටියදී මෙම පිතිකරුවන්ට ලැබෙන අවස්ථාවෙන් වැඩ නොගත හොත් කණ්ඩායමෙන් එලියට තල්ලු වන තැනට ඔවුන් ඉක්මනින්ම පත් විය හැක.

    මේ නිසා ඉදිරි තරඟාවලි ගැන සිතා,දැන් අපේ හොඳම ක්‍රිකට් මිතුරා වන ඉන්දියාවෙන් ඔවුන් සතු හොඳ දේවල් ඉගන ගත යුතුය.දෝණි නැති විට කාර්තික් සිටින්නේ,කුල්දීප් අශ්වින් නැති විට සුන්දර් සිටින්නේ,කෝලි නායකයා නොවන විට ශර්මා සාර්ථක වන්නේ ඉන්දියාව සතු විදිමත් ක්‍රිකට් සැලසුම නිසාය.ඒ නිසා අපි අපේ හොඳම මිතුරා දෙස බලා හැදෙමු…!

  • පරාජය ඉවසා ගත නොහැකිව බංග්ලාදේශ ප්‍රේක්ෂකයින් රූපවාහිනි පොලොවේ ගැසූ හැටි මෙන්න..

    පරාජය ඉවසා ගත නොහැකිව බංග්ලාදේශ ප්‍රේක්ෂකයින් රූපවාහිනි පොලොවේ ගැසූ හැටි මෙන්න..

    කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී (18 වැනිදා) පැවැති නිදහස් කුසලාන අවසන් මහ තරගයේදී බංග්ලාදේශය කඩුලු 4 කින් පරාජය කිරීමට ඉන්දියාව සමත් විය.

    තරගයේ අවසන් පන්දුවට හයේ පහරක් ගැසූ දිනේෂ් කාර්තික් ශ්‍රී ලංකාවේ නිදහස සැමරීමේ 70 වැනි සංවත්සරය වෙනුවෙන් පැවැති විස්සයි-20 තරගාවලියේ කුසලානය ඉන්දියාවට දිනා දුන්නේය.

    බංග්ලාදේශය ඕවර 20 කදී කඩුලු 8 ක් දැවී 166 යි.
    ඉන්දියාව ඕවර 20 කදී කඩුලු 6 ක් දැවී 168 යි

    තරගය දෙපිලටම දෝලනය වූ අතර අවසානයේදී බංග්ලාදේශය කරා තරගයේ ජය පැමිණියත් අවසාන පන්දු ඕවර 2 ක තුල පිටියට පැමිණි දිනේෂ් කාර්තික් තරගය මුළුමනින්ම වෙනස් කලේ සියල්ලන් පුදුම කරවමින්ය.

    තම කණ්ඩායම ලද පාරජයත් සමග බංග්ලාදේශ ක්‍රීඩා ලෝලීන්ට එය ඉවසා දරා ගැනීමට නොහැකි වී තිබෙනවා.ලැබූ පරාජයත් සමග ඇතැම් ක්‍රීඩා ලෝලීන් ඔවුන්ගේ ටීවී යන්ත්‍ර පොලවේ ගසා කුඩු කරන අකාරය දැක්වෙන වීඩියෝවක් පහතින්

  • ක්‍රිකට් ගැන මල පොතේ අකුරක්වත් නොදත් විමල් කියන රට්ටු හිනස්සන කතාව මෙන්න…

    ක්‍රිකට් ගැන මල පොතේ අකුරක්වත් නොදත් විමල් කියන රට්ටු හිනස්සන කතාව මෙන්න…

    ඉන්දීය කණ්ඩායම හා බංග්ලාදේශ කණ්ඩායම අතර පැවති නිදහස් කුසලාන අවසන් තරගයේදී ශ‍්‍රී ලංකා ක‍්‍රීඩා ලෝලීන් ඉන්දීය පිල වෙනුවෙන් ජය පැන් පෙවීම සම්බන්ධයෙන් විමල් වීරවංශ දරන්නේ විවේචනාත්මක අදහසකි.

    බංග්ලාදේශ කණ්ඩායමේ කිහිප දෙනෙකු නොමනා ලෙස කටයුතු කලත් එටත් ලෙස ඔවුන් ශ‍්‍රි ලංකාවට දේශපාලන හෝ ආර්ථික මැදිහත්වීම් නොකරන බව ඔහු පෙන්වා දෙයි.

    https://www.facebook.com/supirigossip1/videos/1626762197359380/

  • ශ්‍රී ලංකා කණ්ඩායමේ සුක්කානම යලිත් චමරි අතපත්තුට

    ශ්‍රී ලංකා කණ්ඩායමේ සුක්කානම යලිත් චමරි අතපත්තුට

    ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වයට චමරි අතපත්තු නම් කර තිබේ. ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ සාර්ථකම පිතිකාරිනිය වන චමරි අතපත්තු පාකිස්තාන කාන්තා පිලේ ශ්‍රී ලංකා සංචාරයේදී කණ්ඩායම මෙහෙයවනු ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේය.

    ලෝක කුසලානයේදී ඔස්ට්‍රේලියාව සමග පැවති තරගයේ වාර්තාගත ලකුණු 178 ලබාගෙන චමරි අතපත්තු ජාත්‍යන්තර අවධානය දිනාගත් අතර ඉන් අනතුරුව එංගලන්ත හා ඕස්ට්‍රේලියානු කාන්තා විස්සයි විස්ස තරග සඳහා නියෝජනයක් ලබාගැනීමට ඇය සමත්විය.

    චමරි අතපත්තු මීට වසර කිහිපයකට පෙර ද ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම මෙහෙයවා ඇති අතර පසුව ඇයට නායකත්වය අහිමි විය.

    එක්දින තරග තුනක් හා විස්සයි විස්ස තරග තුනකින් සමන්විත මෙවර පකිස්ථාන පිලේ ශ්‍රී ලංකා සංචාරය අඟහරුවාදා (මාර්තු 20) රන්ගිරි දඹුල්ල ක්‍රීඩාංගනයෙන් ආරම්භ විමට නියමිතය.

    ඉනෝකා රණවීර මින් පෙර ශ්‍රී ලංකා කණ්ඩායමට නායකත්වය දුන් අතර ඇය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම 2017 ලෝක කුසලානයට සහභාගි වී පරාජයට පත්විය. එම තරගාවලියේ දී ශ්‍රී ලංකාව ජයගැනීමට සමත් වූයේ සහභාගි වූ තරග හතෙන් එක් තරගයක් පමණි. ඉන් අනතුරුව බටහිර ඉන්දීය කොදෙව්වන් සමග පැවති එක්දින තරගාවලියෙන් ද ශ්‍රී ලංකාව පරාජයට පත්විය.

  • පුතේ මං පළවෙනි ටෙස්ට් තරගෙ ගැහුවේ උඹ කලිසමේ ජරා කර ගන්න කාලේ – බංගලියන්ට කනේ පහරක්

    පුතේ මං පළවෙනි ටෙස්ට් තරගෙ ගැහුවේ උඹ කලිසමේ ජරා කර ගන්න කාලේ – බංගලියන්ට කනේ පහරක්

    “ක්‍රීඩාව යනු ඇදහිය යුතු ධර්මතාවක් මිස, පැළඳිය යුතු පදක්කමක් නොවේ…’ කියා ප්‍රකට කියමනක් තිබේ. ක්‍රීඩාව යනු, ජය, පරාජය, සතුට, කඳුළ මුසු වූ සුන්දර අත්දැකීමකි.

    ඉවසීම, කැපවීම, අධිෂ්ඨානය, ආත්ම විශ්වාසය, චිත්ත ධෙර්යය කැටි වූ සාර්ථක පුද්ගලයෙක් නිර්මාණය කරන්නට ක්‍රීඩාවෙන් ලැබෙන අනුබලය අතිවිශාලය. එකිනෙකා කෙරෙහි වියරුව යුද වදින දෙරටක් පවා ක්‍රීඩාවේ නාමයෙන් එකට එක්ව ඒ සහෝදරත්වය බෙදා හදා ගනිති.

    ක්‍රීඩා කරන්නේ දිනන්නම නොවන බවත් වඩා වටින්නේ සහභාගීත්වය බවත් ඔප්පු කොට ලෝකයෙන් පැසසුම් ලැබූ ඉතිහාසයක් ශ්‍රී ලංකාව සතුව තිබේ. ඒ හා සමානවම ක්‍රිකට් ලෝක කුසලානයද සමඟ තවත් කුසලාන රැසක්ම දිනූ ඉතිහාසයක් ශ්‍රී ලංකාව සතුව තිබේ. එහෙත් ඉතා සුළු සිදුවීමක් දෙකක් හැරුණුකොට කිසිම විටෙක ශ්‍රී ලංකාව ක්‍රීඩාවේ ජීව ගුණය ‘කානු පල්ලට’ දමා ඇති ඉතිහාසයක් වාර්තා වන්නේ නැත. ශ්‍රී ලංකාවට සාපේක්ෂව, තාමත් ක්‍රිකට් ක්‍රීඩාවට ආධුනික බංගලාදේශයේ හැසිරීම වඩාත් ප්‍රාථමික මට්ටමෙහි ලා සලකන්නට සිදුවන්නේ ඔහුන්ගේ හැසිරීමෙහි ‘කැත’ පිළිකුල් සහගතව හෙළා දකින ගමන්මය.

    මේ දිනවල පැවැත්වෙන්නේ නිදහස් කුසලාන ක්‍රිකට් තරඟාවලියයි. ඉන්දියාව හැරුණුකොට ඊට එක්ව සිටින බංගලාදේශය තරඟාවලියට එන්නේම ‘අරියාදුවක්’ පිරිමසා ගන්නට වගේමය. වසර ගණනක් පුහුණුකරු ලෙස කටයුතු කොට බින්දුවේ සිටි බංගලාදේශය ‘සැලකිය යුතු මට්ටමට’ ඔසවා තැබූ චන්දික හතුරුසිංහව ශ්‍රීලංකාවේ පුහුණුකරු ලෙස ගලවා ගැනීම සම්බන්ධව බංගලාදේශය සිටිනුයේ කිසියම් උරණ වීමකය. එකී උරණ වීම ඔවුන් පිට කරන්නේ වියරු ස්වරූපයකින්ය. උපහාසය ඉක්මවා ගිය අපහාස ස්වරූපයකුත්, සීමාව ඉක්මවා ගිය අශ්ශීල පැවැත්මකුත් ඔවුහු පිටියේත් ඉන් පිටතත් පෙන්නුම් කරමින් සිටිති.

    කණ්ඩායම මෙහෙයවන නායකයාගේ සිටම ඔවුන් ප්‍රදර්ශනය කළේ තවදුරටත් ඔවුන් ක්‍රීඩාව සම්බන්ධව පුනරුත්ථාපනය අවධියේ සිටින බවය. එය එසේනම් ඔවුනට අනුකම්පා කීරීමෙහි වරදක් නැත.

    නමුත් මෙවැනි විකාරරූපී හැසිරීම් රටා ක්‍රීඩාව රැගෙන යන මානය සම්බන්ධව ඉතාමත් ‘නරක’ පූර්වාදර්ශ සපයයි. අවසන් පූර්ව තරඟය උණුසුම් මුහුණුවරක් ගත් බව සැබවි. එහෙත් එකී උණුසුම අතර බංගලියන්ගේ හැසිරීම පෙන්නුම් කළේ නොමනා ස්වරූපයකි. විනිසුරු තීරණවලින් උරණව ටී ෂර්ට් ගලවා, අත් ලෙළවමින් පෙන්නුම් කළ හැසිරීම් රටා ‘තග්’ කණ්ඩායමක නොමනා බව විදහා පායි.

    ක්‍රීඩාවේ ජය මෙන්ම පරාජයද විඳ ගැනීමට සිදුවෙයි. ජය පරාජය උපේක්ෂාවෙන් විඳ දරා ගැනීමට ක්‍රීඩාවෙන් විශාල පිටිවහලක් ලැබෙයි. ජයග්‍රහණයේදී උද්දාම වීමත්, පරාජයේදී කම්පා වීමත් සාමාන්‍ය මනුෂ්‍ය ස්වභාවයයි. ක්‍රීඩාවේදී පමණක් නොව ජීවිතයේ විවිධ අවස්ථාහිදීත් ජය පරාජය දෙකටම මුහුණ දෙන්නට අපට සිදු වේ. ඇතැම්හු පරාජය දරාගත නොහැකිව ජීවිතයෙන් සමුගනිති. ජය පරාජය දෙකම සතුටින් බාර ගැනීමට පුරුදු වූ පුද්ගලයා තමන්ට අද ලැබුණු පරාජය හෙට ජයග්‍රහණයක් කර ගනියි. ක්‍රීඩකයෝ කිසි විටෙකත් පරාජයේදී පසු නොබසිති. තමන්ට ලැබුණු පරාජයද ජයග්‍රහණයක් කර ගැනීමට උත්සාහ දරති. එහෙත් මේ ධර්මතා වෙනුවට ‘මුඩුක්කු’ පන්නයේ හැසිරීම් රටා පිටියට රැගෙන ඒමෙන් සිදුවන්නේ අගතියක් විනා සුගතියක් නොවේ.

    ජයග්‍රහණයෙන් උද්දාම වූ බංගලාදේශ් කණ්ඩායම ක්‍රීඩක විවේකාගාරයේ ‘යකා නටා’ තිබිණි. එහි වීදුරු ආවරණ කඩා බිඳ දමමින් ජයග්‍රහණයේ ‘අසිරිය සමරා තිබිණි.

    අසීමාන්තික ගැරහිලි මැද, අපහාස උපහාස මැද අනන්ත පරාජයන්ගෙන් පීඩා විඳ, එහෙත් උත්සාහය, කැපවීම මත නොනවතින ජයග්‍රහණ ලද බටහිර ඉන්දිය කොදෙව් ක්‍රිකට් ඉතිහාසය කියැවීම බංගලිදේශය කළ යුතුම එකකි. නයි නැටුම හමාරකොට විවේකයක් ලද විගස ‘ෆයර් විත් බැබිලෝනියන්’ නැරඹුවා නම් එය බංගලිදේශයට අනාගත හිත සුව පිණිස වනවාට සැක නැත.

    වීරයන් බිහිවන්නේ තක්කඩිකම්වලින් නොව උදාරත්වයෙන් බව ඔවන් වටහාගත යුතුය.

    2001 වසරේදී ඉන්දියානු ටෙස්ට් කණ්ඩායම ඕස්ට්‍රේලියානු සංචාරයක නිරත විය. එහි අවසන් තරගය විශේෂ තරගයක් වූයේ ස්ටීව් වෝ සිය ටෙස්ට් දිවියෙන් සමු ගැනීමේ තරගය ලෙස එය නම් කිරීම නිසා මෙන්ම, තරගාවලිය 1-1ක් ලෙස සම තත්වයේ පැවතීම නිසායි. ඉන්දියාවට හිසරදයක් වෙමින් පිතිකරණයේ යෙදී සිටි ස්ටීව් වෝට, වයස අවුරුදු 16 ක දරුවකු වශයෙන් ඉන්දියානු කඩුලු රැකීමේ නිරත වූ පාර්තිව් පටෙල් මෙසේ කීවේ ඔහුව රවටන අයුරිනි.

    “ස්ටීව්, විශ්‍රාම යන්න කලින් අර ඔයා ගහන විදිහේ ලස්සන ලොකු ස්වීප් පාරක් ගහනවද?”

    එවන් චාටු කතා පිළිබඳ වසර ගණනක පළපුරුද්ද සහිත වෝ, මෙසේ ඔහුව නිරුත්තර කළේය.

    “පුතේ, ටිකක් ගරු කරලා කතා කරොත් හොඳයි. මං පළවෙනි ටෙස්ට් තරගෙ ගැහුවේ උඹ කලිසමේ ජරා කර ගන්න කාලේ.”

    අපටත් බංගලාදේශයට කියන්නට තිබෙන්නේ ඒකමය.

  • පසුගියදා විනිසුරුවන්ට බැන වැදෙමින් පිටියේ යකා නැටු බංගලියන්ට වසර දෙකක ක්‍රිකට් තහනමක්…

    පසුගියදා විනිසුරුවන්ට බැන වැදෙමින් පිටියේ යකා නැටු බංගලියන්ට වසර දෙකක ක්‍රිකට් තහනමක්…

    මහත්වරුන්ගේ ක්‍රීඩාවක්‌ද? යන්න ඉකුත් සිකුරාදා රාත්‍රියේදී සිතා බැලීමට සිදුවිය. ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවැති තීරණාත්මක විස්‌සයි විස්‌ස තරගයේ අවසන් පන්දුවාරයේදී නීතිය ක්‍රීඩකයන්ගේ අතට ගැනීමට උත්සාහ කිරීමෙන් ක්‍රිකට්‌ විනය කුඩු පට්‌ටම් වී යන අයුරු දිස්‌විය. අනතුරුව ක්‍රීඩා විවේකාගාරයද කුඩු පට්‌ටම් වී වීදුරු කැලී තැනින් තැන වැටී තිබුණේය.

    අවසන් පන්දුවාරයේදී ජයග්‍රහණය දෙපසට දෝලනය විය. පන්දු තුනකදී ලකුණු 12 ක්‌ බංග්ලාදේශය ජයග්‍රහණය වෙනුවෙන් අවශ්‍යව තිබුණි. අවසන් ඕවරය යෑවූ ඉසුරු උදාන පිතිකරුවාගේ හුර හිසට ආසන්නයෙන් පිට පිටම පන්දු දෙකක්‌ යෑවීමෙන් බංග්ලාදේශ ක්‍රීඩකයෝ නිපන්දුවක්‌ ඉල්ලා සිටියේය. නමුත් එය නීතිය අනුව නිපන්දුවක්‌ ලෙස සංඥා කිරීමට නොහැකිය.

    පිටිය මැද විනිසුරුවරුන් දෙදෙනා වූයේ රුචිර පල්ලියගුරු සහ රවීන්ද්‍ර විමලසිරිය. 

    කෙසේ වෙතත් ලක්‍ෂ සංඛ්‍යාවක්‌ නරඹන මෙම තරගයේදී සියුම් වැරැද්දක්‌ හෝ සැණෙකින් ලොව පුරා විකාශනය වේ. එවැනි තත්ත්වයක්‌ තිබියදී ෂකීබ් අල් හසන් සහ ඔවුන්ගේ අතිරේක ක්‍රීඩක නුරුල් හසන් ‘ගොන් පාට්‌’ දමා තරගයේ ජීවගුණය බිඳ දැමුවේය. මේ මෝඩ ක්‍රියාවට මාස කිහිපයක්‌ ඔවුන්ට ක්‍රිකට්‌ තහනම් කළද සාධාරණය.

    නමුත් එසේ කරන්නට අයි.සී.සී. නීති සකස්‌ව නැතිවීමෙන් ඔවුන්ට ලැබුණ උපරිම දඬුවම වූයේ තරග ගාස්‌තුවෙන් 25% ක දඩයක්‌ සහ විනය කැඩීම හේතුවෙන් ක්‍රීඩකයන්ට වෙන්ව ඇති ලකුණු පහෙන් ලකුණ බැගින් අඩුවීමය.

    අයි.සී.සී.ය විසින් ක්‍රිකට්‌ ක්‍රීඩාවේ ජීවගුණය රැක ගැනීම සඳහා ලබාදුන් මෙම දඬුවම් නීතිය අනුව තවත් වරක්‌ එවැනි චෝදනාවකට ඔවුන් කුමන ආකාරයෙන් හෝ අගති ලකුණ අහිමි කළ ගතහොත් තරග තහනමක්‌ පැනවේ. තරග තීරකයා වූයේ ක්‍රිස්‌ බ්‍රොaඩ් මහතාය. ඔහු පවසන්නේ මෙවැන්නකි, ‘

    ඒ වගේ නරක හැසිරීමක්‌ ක්‍රිකට්‌ ක්‍රීඩාවේදී සිදුවෙන්න බැහැ. තරගය උණුසුම් වීම ඇත්ත. ඒ වෙලාවට ස්‌වාභාවිකව ඔය වගේ දේ ඇති වෙන්න පුළුවන්. නමුත් බංග්ලාදේශ ක්‍රීඩකයන් දෙදෙනාගේ ක්‍රියා කලාපය කොහොමටවත් අනුමත කරන්න බැහැ.’

    අතිරේක විනිසුරු සහ පිටිය මැද විනිසුරු ප්‍රශ්නයට මැදිහත් නොවූනේනම් තත්ත්වය මීට වඩා බරපතළ වන්නට තිබුණා යෑයි තරග තීරක ක්‍රිස්‌ බ්‍රොaඩ් මහතා වැඩිදුරටත් නිවේදනයක්‌ නිකුත් කරමින් සඳහන් කර තිබේ. කෝපයට පත් බංග්ලාදේශ ක්‍රීඩකයන් සිය ක්‍රීඩාගාරයේ වීදුරු කුඩු පට්‌ටම් කළ ‘චණ්‌ඩි’ ජවනිකාවක්‌ රඟපෑවේය.

    නමුත් ඒ සම්බන්ධයෙන් සී.සී.ටී.වී. කැමරා නිරීක්‍ෂණය කළ වාර්තාවක්‌ ලබාදෙන ලෙසට තරග තීරකවරයා ප්‍රේමදාස පිටියේ කළමනාකාරීත්වයට දන්වා තිබේ. නමුත් සී.සී.ටී.වී. දර්ශන අපැහැදිලි යෑයි ඔවුන් පවසා තිබේ. ශ්‍රී ලංකාවේ සී.සී.ටී.වී. දර්ශන කොහොමත් අපහැදිලිය. එබැවින් වීදුරු කුඩු කළ චණ්‌ඩින්ව සොයා ගැනීමට තවත් මෙහෙයුමක්‌ අවශ්‍යද? බංග්ලාදේශ ක්‍රිකට්‌ ආයතනය සිදුවීම සම්බන්ධයෙන් කනගාටුව පළ කළේය. නමුත් ඔවුන් තම ක්‍රීඩකයන් වෙනුවෙන් මීට වඩා දෙයක්‌ කරනු ඇතැයි ක්‍රිකට්‌ විචාරකයන්ද බලා සිටිති.

    දැන් වීදුරු කුඩු කළේ කවුරුන්ද යන්න සොයා ගැනීමට නොහැකිය. ඇසින් දුටු සක්‍ෂි ඇතත් ඒවා පිළිගැනීමට පරීක්‍ෂණ මෙහෙයවන්නෝ අකමැතිය. කෙසේ වෙතත් බංග්ලාදේශය අවසානයේ අපිට යළිත් පෙනය පිප්පුවේය. පොඩි පොඩි අතපසුවීම්වලින් නිදහස්‌ කුසලානය වෙනුවෙන් පිටස්‌තරයන් දෙදෙනකු තරග කරන හැටි බලා සිටීමට ශ්‍රී ලංකාවට සිදුවිය. හතුරුටත් වැදුරනාද…? අපි තවදුරටත් බලා සිටිමු.

  • “ඒ කරපු ඒවට 25%ක් දඩ ගහල මදි. බංගලියන්ට ක්‍රිකට් තහනම් කරන්න..” හර්බජාන් සිංගෙන් ඉල්ලීමක්.

    “ඒ කරපු ඒවට 25%ක් දඩ ගහල මදි. බංගලියන්ට ක්‍රිකට් තහනම් කරන්න..” හර්බජාන් සිංගෙන් ඉල්ලීමක්.

    නිදහස් කුසලාන තරඟාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංගලාදේශ කණ්ඩායම අතර ආන්දෝලනාත්මක තරඟයේ සිදුවීම් ගැන තවමත් ජාත්‍යන්තර මාද්‍ය වල විවිද අදහස් පලවන අතර ඉන්දියා ටුඩේ පුවත් පත සමඟ එකතු වෙමින් ඉන්දීය හිටපු ක්‍රිකට් ක්‍රීඩකයෙක් වන නිකිල්  චොප්රා පවසා ඇත්තේ තරඟාවලිය නිදහස් කුසලානය බව බංගලාදේශයට අමතක වූ බවය.

    “අමතක කරන්න එපා මේක නිදහස් කුසලානය,තරඟාවලියට ක්‍රීඩා කරන්නේ සහෝදර කණ්ඩායම් තුනක්,බංගලාදේශය ඒක අමතක කලා,ෂකීබ් කියන්නේ කණ්ඩායමේ නායකයා ,එයාගේ හැසිරීම අනුව තමයි කණ්ඩායමේ හැසිරීම තීරණය වෙන්නේ ඒක පිළිකුල් සහගත හැසිරීමක්.”

    ක්‍රිකට් පිටියේ කුකුල් කේන්ති කාරයකු ලෙස සලකන හර්බජාන් සිං මෙම සිද්දිය ගැන පවසා ඇත්තේ බංගලාදේශය ක්‍රිකට් රසිකයන් අහිමි කර ගැනීමක් මේ සිද්දිය සමඟ සිදු වූ බවය.

    “මේ සිද්දිය ගැන කතා කරනවානම් මගේ ක්‍රිකට් ජීවිතයේ මේ වගේ සිද්දි කීපයකටම මම මුහුණ දීල තියනවා,හැබැයි ඒ හැම දේම ක්‍රීඩා පිටිය ඇතුලේ,මේ සිද්දිය බැලුවම මෙතන ක්‍රීඩා ශීලිත්වයට නොගැලපෙන දෙයක් තියෙන්නේ,මට කියන්න තියෙන්නේ බංගලාදේශයට හිටපු ගොඩක් ප්‍රේක්ෂකයෝ මේ සිද්දිය එක්ක ඔවුන් නැති කර ගත්තා.”

    හර්බජාන් එක අවස්තාවක IPL තරඟාවලියේ තරඟයක අම්බති රයිදු සමඟ ගැටුමකට යන ආකාරයත් ශ්‍රී ශාන්ත්ගේ කණට පහරක් එල්ල කරන ආකාරයත් ගැන ඒ දිනවල ඔහුට චෝදනා එල්ල වූ අතර නමුත් මේ සිද්දියේ කන්ඩායමක් විදියට බංගලාදේශය හැසිරුණ අකාරය අනුමත කළනොහැකි බව මෙම කුකුල් කේන්ති කාරයා පවසා ඇත.

    “විනිසුරුවන්ගෙන් පොඩි වැරදි තරඟවල වෙන එක නවත්වන්නේ කොහොමද,එහෙම දෙයක් වුනා කියල කොහොමද බංගලාදේශය තරඟය නවත්වන්න උත්සාහ කරන්නේ,අනිත් එක දොරක් කඩාගෙන එලියට දුවන්න තරම් සතුටු හිතෙන දෙයක් එදා වුනාද,මම නම් ඒ සිද්දි ගැන ගොඩක් කණගාටු වෙනවා.”

    තරඟයේ හැසිරීම සම්භන්දයෙන් ෂකීබ් අල් හසන්ට සහ නුරාල් හසන් ට තරඟ මුදලින් 25% දඩයක් පැනවීම ගැනද හර්බජාන් එතරම් සතුටක් දක්වා තිබුනේ නැත.

    “මම ඒක ඇහුවම පුදුම හිතුනා,තරඟ තීරකයා මීට වැඩිය සිද්දිය ගැන හිතන්න තිබුනා,25% දඩයක් ගහල ඇතිද ඒ කරපු දේට අඩුම ගානේ බංගලාදේශ ක්‍රීඩකයන්ට ජාත්‍යන්තර තරඟ දෙකක් වත් තහනම් කරන්න තිබුනා.”

     

  • ඉන්දීය පුහුණුකරු ශාස්ත්‍රී කුසල් මෙන්ඩිස් ගැන කිව්ව අමුතු කතාව මෙන්න

    ඉන්දීය පුහුණුකරු ශාස්ත්‍රී කුසල් මෙන්ඩිස් ගැන කිව්ව අමුතු කතාව මෙන්න

    හිටපු ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩකයෙකු වන රවී ශාස්ත්‍රී ශ්‍රී ලංකාවට ආගන්තුකයෙකු නොවේ. වයස අවුරුදු 19 න් පහල වයසේ සිටම ඔහු දිවයිනේ නිරන්තර සංචාරයන් සඳහා පැමිණ ඇත. අසුව දශකයේදී ශ්‍රී ලංකා සංචාරයක් සඳහා ඉන්දීය19 න් පහල කණ්ඩායමේ නායකයා ලෙස පැමිණෙන්නේද රවී වන අතර ඉන් පසුව අවස්ථා ගණනනවකදීම ක්‍රීඩකයෙකු ලෙස සහ විස්තර විචාරකයෙකු ලෙසද ශාස්ත්‍රී ශ්‍රී ලංකාවේ සංචාරය කර ඇත.

    මෙලෙස ශ්‍රී ලංකාව සමඟ දැඩි සම්භන්දතාවයක් තිබෙන ශාස්ත්‍රී පුහුණුකරුවකු ලෙස ඉන්දියා කණ්ඩායම සමඟ පළමු විදෙස් සංචාරය ශ්‍රී ලංකාවේ පසුගිය ජුලි මාසයේ සිදු කිරීමද තවත් වැදගත් සිදුවීමකි.ලෝකයම බලා සිටින ඉන්දීය ක්‍රිකට් පුහුණුකාර ධුරය ,වගකීම් රැසක් සහ නිරන්තර වෙනස් වීම් වලට හුරුවෙමින් ඉදිරියට යා යුතු තනතුරක් වන අතර මෙම තනතුර දරමින් මේ දිනවල ශ්‍රී ලංකාවේ සංචාරය කරන ශාස්ත්‍රී අතීත අත්දැකීම් සහ ශ්‍රී ලංකා කණ්ඩායමේ අනාගතයේ ලොකු වෙනසක් කරන කුසල් මෙන්ඩිස් නම් ක්‍රීඩකයා ගැනද අයිලන්ඩ් පුවත් පත සමඟින් අදහස් දක්වා ඇත.

    කොළඹ කියන්න ඔබගේ දෙවන ගෙදර වගෙයි නේද?

    ඔව් ඇත්තටම,මගේ විදෙස් ගමන් බලපත්‍රයේ පළමු සංචාරය කරපු රට විදියට සඳහන් වෙලා තියෙන්නේ ශ්‍රී ලංකාව,ඒ මම 19 න් පහල ක්‍රිකට් ගහද්දී,ඒ සංචාරය මේ ලස්සන රටේ අපිට සුන්දර මතකයන් රැසක් ඉතිරි කළා.අපි රටේ හැම පැත්තටම වගේ ගියා මාස දෙකක කාලයකදී,ඊට පස්සේ ශ්‍රී ලංකාවට ක්‍රීඩකයෙක් විදියට ගොඩක් වෙලාවට ආවා,1994 ක්‍රිකට් පිටියෙන් සමු ගත්තට පස්සෙත් මම විස්තර විචාරකයෙක් විදියට ලංකාවට ආවා.ඊට පස්සේ මම පුහුණුකරුවෙක් විදියට පලවෙනි සංචාරය එන්නෙත් මේ ලස්සන රටට,මට ලංකාවේ යාළුවො ගොඩක් ඉන්නවා.

    පේන විදියට ප්‍රතිවාදීන් තමයි හොඳම යාළුවො වෙලා තියෙන්නේ..?

    අර්ජුන අරවින්ද වගේ ක්‍රීඩකයෝ අඳුර ගෙන දැන් අවරුදු 30 කටත් වැඩියි,ක්‍රිකට් නිසා තමයි එයාල මට හම්බ වුනේ.අපි පිටිය මැද ප්‍රතිවාදියෝ වුනත් එළියේදී හොඳ යාළුවො,ලංකාව ලෝක කුසලානය දිනද්දී මම විස්තර විචාරකයෙක් විදියට හිටිය,මම ගොඩක් සතුටට පත්වුණ අවස්ථාවක් තමයි ඒක.ඇත්තටම මේක පුංචි දිවයිනක් වුනාට පුදුම දක්ෂයෝ හිටපු තැනක්.ටෙස්ට් වරම් දිනලා අවරුදු 14ක් යද්දී ලෝක කුසලානය දිනන්න සමත් වුනා,ඒ වගේම ලෝකයේ බිහිවුන හොඳම නායකයෙක් වන අර්ජුන ලෝකයේ බිහිවුන සුපිරිම පිතිකරුවෙක් ,96 ලෝක කුසලානයේ ඉන්දියාවට එරෙහිව තිබුණ තරඟයේ ඔස්ට්‍රේලියාව එක්ක තිබුන තරඟයේ අරවින්ද පෙන්නුවා ඔහු මොනතරම් දක්ෂ ක්‍රීඩකයෙක්ද කියල.ඇත්තටම ලංකාවේ ක්‍රීඩකයෝ ගැන මට තියෙන්නේ ලොකු ගෞරවයක්.

    ශ්‍රී ලංකා කණ්ඩායම මේ දිනවල ක්‍රීඩා කරන අකාරය ගැන ඔබ මොනවද හිතන්නේ?

    මමනම් හිතන්නේ නෑ ලංකාවේ ක්‍රිකට් වල ගුණත්වය අඩු වෙලා කියල,ඔවුන් පහුගිය කාලේ මුහුණ දුන්නේ වැඩි පුර ඉන්දියාවට,ඉන්දියා කණ්ඩායම මේ කාලයේ හොඳටම ක්‍රීඩා කරන කාලයක්,ඉතින් ශ්‍රී ලංකාව ඒ තරඟ වල පරාජය වුනා කියන්නේ ක්‍රිකට් වැටුන කියන එක නෙවෙයි,අනිත් එක ලංකාවේ මේ කණ්ඩායමේත් සහජ දක්ෂතා තියන දක්ෂයෝ ඉන්නවා,මම හිතන්නේ එංගලන්තය,ඔස්ට්‍රේලියාව,දකුණු අප්‍රිකාව වගේ රටක් ලංකාවට ආවොත් මට හිතෙනවා,මේ ශ්‍රී ලංකා කණ්ඩායම ජය ගනී.අපි 2015 දී ලංකාවට ආපු වෙලාවේ තරඟාවලිය 2-1 විදියට දිනුව,ඊට පස්සේ ලංකාව ක්‍රීඩා කරපු තරඟ දිහා බලපු අය කිව්වා ලංකාවේ ක්‍රිකට් බැහැල කියල,හැබැයි ඊට පස්සේ ලංකාවට ආපු ඔස්ට්‍රේලියාවට මොකද වුනේ,3-0 විදියට පැරදිලා තමයි ගියේ.ඊට පස්සේ කවුද කිව්වේ ලංකාව දුර්වලයි කියල.

    කුසල් මෙන්ඩිස් ගැන ඔබ හිතන්නේ මොකද්ද?

    ඇත්තටම කුසල් කියන්නේ දැනටත් ඉහල තලයක ඉන්න පිතිකරුවෙක්,කුසල් අත්දැකීම් ලැබෙද්දී මම හිතන්නේ ශ්‍රී ලංකාව බිහිකරන තවත් අග්‍රගණ්‍ය පිතිකරුවෙක් වෙයි.

    ඔබ ශ්‍රී ලංකාවේ ක්‍රීඩකයෝ රැසක් දැකල තියනවා,ඒ අය අතරින් ආසම කරන පිතිකරුවා කවුද?

    ඇත්තටම ඒක අමාරු ප්‍රශ්නයක්,හැබැයි මම ඒ ප්‍රශ්නයට උත්තරයක් දෙනවා,මම කැමතිම පිතිකරුවා අරවින්ද,ඔහු වැදගත් තරඟ වල පීඩනය එක්ක සෙල්ලම් කරන විදිය විශිෂ්ඨයි,එකට හොඳ උදා හරණ තමයි 96 ලෝක කුසලානයේ ඉන්දියාවටත් ඔස්ට්‍රේලියාවත් ගහපු ඉනිම්.

    පරාජයන් ලබද්දී ඔබ ප්‍රේක්ෂකයන්ට දෙන පණිවිඩය මොකද්ද?

    මම කියන්නේ ඉවසන්න,ඔබගේ කණ්ඩායම දුර්වල නෑ,පසු බෑම් එන්න පුළුවන් ඕනෑම කණ්ඩායමකට,ඒ කාලය කණ්ඩායම ආරක්ෂා කරන එක ප්‍රේක්ෂයන්ගේ වගේම මාද්‍ය වලත් වගකීමත්.

    ඉන්දීය කණ්ඩායමේ පුහුණුකරු ලෙස ලැබුන වගකීම පීඩනයකින් තොරව සිදු කරන්නේ කොහොමද ?

    මම හිතන්නේ අපිට එන අවස්ථා අපි අභියෝග විදියට තමයි ගන්න ඕන,මම සෙල්ලම් කරන කාලයෙත් එහෙමයි,අපිට එංගලන්ත තරඟාවලිය ලොකු අභියෝගයක් වුනා,අසාර්ථක වෙනවා කියන්නේ නැති වෙනවා කියන එක නෙවෙයි,මම හැම වෙලාවේම අපේ කණ්ඩායම ගැන විශ්වාස කරනවා.ඒ වගේම මට සහය වෙන දක්ෂ පුහුණු කරුවෝ රැසක් අපිට ඉන්නවා,මම හිතනවා,අපි දැන් හරි පාරේ යන්නේ කියල.
    කලාපීය ක්‍රීඩකයන් අතර සුහදතාව බිඳ වැටීම ගැන වඩාත් ලියන්නට වූ කාලයක ඉන්දු ලංකා ක්‍රිකට් සහෝදරත්වය ගැන ශාස්ත්‍රී පැවසු මෙම කරුණු සියලු දෙනාට වැදගත් වනු ඇත.

    Image result for ravi shastri