Category: සුපිරි Sports

  • 70 වෙනි නිදහස් සමරු ක්‍රිකට් තරඟාවලිය දෝහා කටාර් හිදී

    70 වෙනි නිදහස් සමරු ක්‍රිකට් තරඟාවලිය දෝහා කටාර් හිදී

    ශ්‍රීලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු උප නායක, වේග පන්දු ක්‍රීඩක නුවන් කුලසේකර මාර්තු මස 16 වන දින දෝහා කටාර් රාජ්‍යයේ පැවැත්වෙන ක්‍රිකට් තරගාවලියක් සදහා සහභාගී විමට නියමිත බව ආරංචි වේ.

    කටාරයේ ප්‍රධාන පෙලේ ශ්‍රීලාංකික සවිධානයක් වන SSC ක්‍රීඩා සමාජය (Sri Lankan Sports Club, Doha Qatar) විසින් අති සාර්ථක ලෙස 21 වෙනි වරටත් සංවිධානය කරන මෙම සැහැල්ලු පන්දු තරගාවලිය සදහා ප්‍රබල ශ්‍රීලාංකික කණ්ඩායම් 20 ක් තරග වැදීමට නියමිතය.

    මෙවර තරග මාලාවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස කටාර් රාජ්‍යයේ ගරු තානාපති A.S.P. ලියනගේ මහතා සහභාගී වන අතර විශේෂ ආරාධිත අමුත්තා ලෙස ප්‍රකට ක්‍රිකට් ක්‍රීඩක නුවන් කුලසේකර සහභාගි වේ.

    70th SSC Independence Cup 2018 ලෙස නම් කර ඇති මෙම සය සාමාජික සැහැල්ලු පන්දු තරගාවලිය මාර්තු මස 16 වන දින කටාර් රාජ්‍යයේ Indian Ideal Ground (Near Midmac R/A) ක්‍රීඩාංගනයේදී උදෑසන 6.30 සිට රාත්‍රී 10.00 දක්වා අති උත්කර්ෂවත් ලෙස පැවැත්වීමට සියලු කටයුතු යොදා ඇත. එදින පැමිණෙන සියලුම දෙනා හට අවශ්‍ය සියලුම අහාරපාන , පානීය ජලය, සිසිල් බීම ඇතුළු සියලුම පහසුකම් නොමිලයේ ලබා දීමට SSC සංවිධායක මණ්ඩලය කටයුතු යොදා ඇත.

    මෙවර තරගාවලියේ ජයග්‍රාහකයන් වෙත කුසලාන , පදක්කම් , අගල් 40 LED රූපවාහිනී , හෝම් තියටර් , ස්වයංක්‍රීය රෙදි සෝදන යන්ත්‍ර , ශීතකරණ , මයික්‍රෝවෙව් ඇතුළු වටිනා ත්‍යාග රැසක් සූදානම් කර ඇති බව වාර්තා වේ.

    පැමිණෙන සියලුම නරබන්නන් හට ජනප්‍රිය ක්‍රීඩක නුවන් කුලසේකර හමුවීමට හැකි අයුරින් ඉඩ කඩ සලසා දිමට සංවිධායක මණ්ඩලය බලාපොරොත්තු වන බව දැන ගැනීමට ඇත.

  • ශ්‍රී ලංකා – බංගලි තරගය අවසානයේ නායක මුෂ්ෆිකර් පෙනේ පිප්පුවේ කාටද ? ඇත්ත මෙන්න..

    ශ්‍රී ලංකා – බංගලි තරගය අවසානයේ නායක මුෂ්ෆිකර් පෙනේ පිප්පුවේ කාටද ? ඇත්ත මෙන්න..

    නිදහස් කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාවට එරෙහිව බංග්ලාදේශය වාර්තා කළ විශිෂ්ට ජයග්‍රහණයේ නියුමුවා වූ මුෂ්ෆිකර් රහීම් එවැනි ජයග්‍රාහී ඉනිමක් ක්‍රීඩා කළේ වත්මන් ශ්‍රී ලංකා ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහට එකටඑක කිරීමට බව බංග්ලාදේශ ක්‍රිකට් පිලේ ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

    නිදහස් කුසලාන ක්‍රිකට් තරගාවලියේ පෙරේදා (10) පැවැති තරගායේදී ශ්‍රී ලංකා පිල මුලින්ම පන්දුවට පහරදෙමින් සිය පන්දුවාර 20 අවසානයේ රැස්කළ ලකුණු 214 පසුපස හඹා ගිය බංග්ලාදේශ පිල කඩුලු 5ක විශිෂ්ට ජයක් ලබා ගත්තේය.

    බංග්ලාදේශ පිලේ එම ජයග්‍රහණයට විශේෂයෙන් දායකවූයේ හිටපු නායක මුෂ්ෆිකර් රහීම්ය.

    ඔහු පන්දු 35කදී ලකුණු 72ක් නොදැවී ලබාගනිමින් බංග්ලාදේශයට විස්සයි 20 ඉතිහාසයේ වාර්තාගත ජයක් අත්කර දුන්නේය.

    මීට මාස කිහිපයකට පෙර බංග්ලාදේශ පිල දකුණු අප්‍රිකාවේ කළ සංචාරයේ නායකත්වය දැරැවේ මුෂ්ෆිකර් රහීම්ය. එම සංචාරයේදී බංග්ලාදේශ පිලේ පුහුණුකරු වූයේ චන්දික හතුරුසිංහය.

    බංග්ලාදේශ පිල එම සංචාරයේදි අතිශයින්ම අසාර්ථක වූ අතර කණ්ඩායම තුළ ද ප්‍රශ්න රැසක් හටගත්තේය.

    එහිදී හතුරුසිංහ හා මුෂ්ෆිකර් අතරද මත ගැටුම් හටගත් අතර හතුරුසංහගේ පැමිණිල්ලක් මත බංග්ලාදේශ ක්‍රිකට් බලධාරීන් මුෂ්ෆිකර් නායකත්වයෙන් නෙරපන්නට කටයුතු කරන ලදී.

    ආර්. ප්‍රේමදාස ක්‍රීඩා පිටියේදී ශ්‍රී ලංකා පිල පරාජයට පත් කළ අවස්ථාවේදී මුෂ්ෆිකර් නාග නැටුමක් රඟ දැක්වූයේද හතුරුසිංහට බව කියවේ.

    තරග ජයග්‍රහණයෙන් පසුව සිය හෝටලයට ගිය බංග්ලාදේශ පිල අද හිමිදිරි පාන්දර දක්වාම සාද පැවැත්වූ බවද මේ අතර අප වෙත වාර්තා වේ.

    මේ වන විට නිත්‍ය පුහුණුකරුවකු නොමැති බංග්ලාදේශ පිලේ වැඩි දෙනෙකුට හතුරුසිංහ අරහං බවද වාර්තා වේ.

  • නිදහස් කුසලානය Hot කරපු ඉන්දීය නිවේදිකාවගේ ඔබ නොදුටු අලුත්ම ඒවා මෙන්න…

    නිදහස් කුසලානය Hot කරපු ඉන්දීය නිවේදිකාවගේ ඔබ නොදුටු අලුත්ම ඒවා මෙන්න…

    මේ දිනවල ශ්‍රී ලංකාවේ පැවැත්වෙන නිදහස් කුසලාන තරගමාලාවේ තරග අතරතුර නිවේදිකාවක් ලෙස කටයුතු කරන තරුණියක් මෙරට ක්‍රිකට් රසිකයන් අතර අවදානයට ලක්ව තිබෙනවා.

    ඇය අර්චනා විජයා . ඉන්දියානූ රූපවාහිනි නිවේදිකාවක් වශයෙන් කටයුතු කරනා අර්චනා , ඉන්දියානු ප්‍රිමියර් ලීගයේද නිවේදිකාවක් ලෙස කටයුතු කරනවා. අර්චනාගේ ඡායාරූප කිහිපයක් පහතින් ,



  • පාට පක්ෂ අදාළ නෑ.. බුකියේ නිදහස අපිට දෙන්න – නිදහස් කුසලානයටත් බුකි නිදහස ඉල්ලා පුවරු…

    පාට පක්ෂ අදාළ නෑ.. බුකියේ නිදහස අපිට දෙන්න – නිදහස් කුසලානයටත් බුකි නිදහස ඉල්ලා පුවරු…

    නිදහස් කුසලාන 20 20 තරගාවලියේ ඊයේ ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය තරගයට පිවිසියා.තරගය අතරතුර ක්‍රීඩාංගනයේ සිටි පිරිසක් ෆේස්බුක් තහනම පිලිබදව පුවරු කිහිපයක් අතේ තබාගෙන සිටින ආකාරය දැක්වෙන ජයාරූප කිහිපයක් මේ වන විට සමාජ ජාලා තුල සැරිසරමින් පවතිනවා.

    එම පුවරු තුලින් ඔවුන් ප්‍රදර්ශනය කර තිබුනේ පිරිසිදු මුහුණු පොතක් අවශ්‍ය බවත් හැමෝම ජාතිවාදීන් නොවන බවත්ය.”අපි ෆේස්බුක් වලටයි ආදරේ,ආන්තවාදයට නොවේ.

    ෆේස්බුක් තුල ජාතිවාදය පතුරවන්නන් අත්අඩංගුවට ගැනීම පිළිබදවද ඔවුන් එම පුවරු තුලින් ප්‍රකාශ කර තිබුනේ එවැනි අය අත්අඩංගුවට ගෙන පිරිසිදු මුහුණු පොතක් නැවතත් ලබා දෙන ලෙසයි.නරක දෙයට නොව හොද දෙයට පමණක් ෆේස්බුක් භාවිතා කරමු යන දෙයින් ඔවුන් ජනතාවටද පණිවිඩයක් ලබා දී තිබෙනවා.

  • පොඩි මාලියි – ලොකු මාලියි ගැටුණු ලංකා 20-20 අවසන් මහා තරගයේ රස මුසු තැන් මෙන්න…

    පොඩි මාලියි – ලොකු මාලියි ගැටුණු ලංකා 20-20 අවසන් මහා තරගයේ රස මුසු තැන් මෙන්න…

    අන්තර් ක්‍රීඩා සමාජ පන්දුවාර විස්‌සයි විස්‌ස ක්‍රිකට්‌ තරගාවලියේ අවසන් මහා තරගයේදී සී.සී.සී. පිල පරදා ලකුණු හයක තියුණු ජයක්‌ ලැබීමට එන්.සී.සී. පිල සමත් විය. 
     
     පී.සරා ඕවල් ක්‍රීඩාංගණයේ පැවැති මෙම තරගයේදී පළමුව පිති ප්‍රහාරය දියත් කළ එන්.සී.සී. පිල ලබාගත් ලකුණු 183 ට පිළිතුරු ලෙස සී.සී.සී. පිලේ සියලු දෙනා ලකුණු 177 කට දැවී යද්දී පන්දුවාර 19.3 ක්‌ අවසන්ව තිබුණි.
     
     මෙම තරගයේ කාගෙත් කතාබහට ලක්‌වූ පන්දු යවන්නන් දෙදෙනා වූයේ ලසිත් මාලිංග සහ ඔහුගේ ඉරියව්වට සමානව පන්දු යවන 23 හැවිරිදි නුවන් තුෂාර කෙරෙහිය. 
     
     මාලිංග එන්.සී.සී. පිල නියෝජනය කරමින් පන්දුවාර හතර තුළදී ලකුණු 36 ට කඩුල්ලක්‌ දවා ගත් අතර ඔහුගේ ඉරියව්වට සමාන පන්දු යවන සහ “පොඩි මාලි” යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන නුවන් තුෂාර සී.සී.සී. පිලට වෙනුවෙන් පන්දුවාර හතර ලකුණු 32 කට යවමින් කඩුලු හතරක්‌ බිඳ දැමීය. නුවන් තුෂාරගේ පන්දු හමුවේ නිරෝෂන් දික්‌වැල්ල, මහේල උඩවත්ත, ඇන්ජලෝ පෙරේරා සහ චතුරංග ද සිල්වා යන ප්‍රබල පිතිකරුවන් දැවී ගියහ.
     
     තරගාවලියේ වැඩිම කඩුලු ලාභියා මාලිංග
     
     ජාතික කණ්‌ඩායමේ ස්‌ථානය අහිමි වූ ලසිත් මාලිංග මෙවර පළමු පෙළ තරගවාරයේදී තරග අටකට ක්‍රීඩා කරමින් කඩුලු කඩුලු 17 ක්‌ දවා ගෙන තිබේ. එහිදී ඔහුගේ කඩුල්ලක්‌ දවා ගැනීමේ සාමාන්‍යඨ 11.35 ක්‌ ලෙස සටහන් වන අතර පන්දුවාරයකට දළ ලකුණු 6.61 ලෙසින් සටහන් වේ. මාලිංග සමග කඩුලු ලබා ගැනීමෙන් සමතැන සිටින චතුරංග සිල්වා කඩුලු 17 ක්‌ දවා ගත්තද කඩුලු ලබා ගැනීමේ දළ ලකුණු වේගය අනුව ඔහු දෙවැනි තැනට පත්ව තිබේ.
     
     අවසන් මහා තරගයේ ලකුණු තත්ත්වය
     
     එන්.සී.සී. පන්දුවාර 20 කදී කඩුලු 7 ට ලකුණු 183 යි. (නිරෝෂන් දික්‌වැල්ල 00, භානුක රාජපක්‌ෂ 79, මහේල උඩවත්ත 68, නුවන් තුෂාර 32/4 යි.
     
     සී.සී.සී. පන්දුවාර 19.3 කදී සියල්ල දැවී ලකුණු 177 යි. (සචිත් පතිරණ 47, අශාන් ප්‍රියංජන 29, වනිදු හසරංග 42, ලසිත් මාලිංග 36/1, ළහිරු කුමාර 31/3)

  • ශ්‍රී ලංකා කණ්ඩායමට නව පෙනුමක්

    ශ්‍රී ලංකා කණ්ඩායමට නව පෙනුමක්

    නිදහස්කුසලාන පන්දු වාර විස්සයි විස්ස ක්‍රිකට් තරඟාවලිය හෙට දින (6) ආරම්භ වේ.

    තරඟ 06කින් සමන්විත තරඟාවලියේ පළමු තරඟය ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර පැවැත්වීමට නියමිත අතර ශ්‍රී ලංකා කණ්ඩායම නව මුහුනුවරකින් පිටියට පිවිසෙන බව සඳහන් වේ.

    නිදහස් කුසලාන තරඟාවලිය සඳහා පමණක් විශේෂ කණ්ඩායම් නිල ඇඳුමක් නිර්මාණය කර ඇති අතර90 දශකයේ අග බාගයේ ශ්‍රී ලංකා කණ්ඩායමේ ඇඳුමට සමාන වන අයුරින්නිදහස් කුසලානයේ නිල ලාංඡනය ද එක්කර නිර්මාණය කර ඇති බව වාර්තා වේ.

    මේ අතර ඉන්දීය සහ බංගලාදේශ කණ්ඩායම් ඊයේ (4) රාත්‍රියේ දිවයිනට පැමිණෙනු ලැබුවා.

     

  • ” ඔලුවෙන් යකඩ කම්බි නවා දැනටමත් ගිනස් වාර්තා හතරක් ” අපේ රටේ අපේම කොල්ලෙක් .!

    ” ඔලුවෙන් යකඩ කම්බි නවා දැනටමත් ගිනස් වාර්තා හතරක් ” අපේ රටේ අපේම කොල්ලෙක් .!

    ශ්‍රී ලංකාවටම අභිමානයක් ගෙන එමින් සිය කාය ශක්තියෙන් ගිනස් වාර්තා පිහිටුවන අපූරූ තරුණයෙක් පිළිබද වාර්තා වෙනවා. හඟුරන්කෙත කිතුල්පේ ප්‍රදේශයේ පදිංචි ඔහු නමින් ජනක කාංචන මුදන්නායක. සිය කාය ශක්තියෙන් මින් පෙරද ගිනස් වාර්තා තබා තිබෙන ජනක මිලි මීටර් දොළහක ඝනකමින් යුත් දඟර කම්බි විසිදෙකක්‌ තත්පර හතළිස්‌ අටක්‌ තුළ හිසෙන් නවා නව ගිනස්‌ වර්තාවක්‌ පිහිටුවීමට උත්සාහ කළේ ඉකුත් දා මහනුවරදී ය. 

    මෙම ලෝක වාර්තාව ආමේනියානු ජාතිකයකු වන ආමේන් ඇඩම්ස්‌ විසින් මෙයට පෙර පිහිටුවා තිබිණි. විනාඩියක්‌ තුළ මිලිමීටර් දොළහක ඝනකමින් යුත් කම්බි දහඅටක්‌ නවා ලොව ප්‍රථම වාර්තාව තබන්නට ඔහුට හැකි විණි. 

    ජනක පාසල් සිසුවකුව සිටියදී වයස අවුරුදු දහසයේදී ඇඟිලි තුඩු වලින් ටොන් නවයහමාරක බරින් යුත් කෝච්චි පෙට්‌ටියක්‌ සැතපුම් එකහමාරක දුරක්‌ ඇදගෙන යැමෙන් අනතුරුව ගිනස්‌ වාර්තාවක්‌ පිහිටුවනු ලැබීය. ගිනස්‌ ලෝක වාර්තා හතරක්‌ තබා ඇති ජනක මෙවරද සිය ශක්‌තිය මෙහෙයවීමෙන් කටයුතු කළේ ලෝකයේම අවධානය දිනා ගැනීම පිණිසය. 
     
    ලෝක වාර්තා දහඅටක්‌ තබා ලෝකයේ වැඩිම ලෝක වාර්තා තැබූ මිනිසා බවට පත්වීම තම මූලික අරමුණ බවත් මේ වන විට ඉන් හතරක්‌ සම්පූර්ණ කර තිබෙන බැවින් ඉතිරි වසර දෙක තුළ තවත් ලෝක වාර්තා දහහතරක්‌ තැබීමට අපේක්‌ෂා කරන බවත් මාධ්‍යයට ප්‍රකාශ කළේය. එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ ඔහු පැවසූවේ 
     
    “මට ඕනෑ වුණා මගේ තාත්තාගෙ අඩිපාරේ යන්න. ඔහු තමන්ගේ කාය ශක්‌තියෙන් නැඟී සිටි පුද්ගලයෙක්‌. මම පල්ලේපොල මහා විද්‍යාලයටත් පොරමඩුල්ල මධ්‍ය මහා විද්‍යාලයටත් යමින් අධ්‍යාපන කටයුතු කළා. ඒ පාසල්වලදී මම හෙල්ල සහ යගුලිය විසිකිරීමේ ක්‍රීඩා ඉතාම ආසාවෙන් කළා. මගේ මේ ගමනේ ඇරඹුම එතන. වයස අවුරුදු දොළහෙ ඉඳන් උදේ පැය දෙකක්‌ සහ හවස පැය හතරක්‌ පුහුණු වෙනවා. පුංචි කාලේ ඉඳන්ම මම බැලුවේ කායශක්‌තිය විදහාපෑ හැකි යමක්‌ කරන්න…. දැන් මම ඒ අරමුණ සාක්‌ෂාත් කළ තැනට ආවා කියලා මට හිතෙනවා…” ලෙසය.

     

  • හවස ඉන්න බෑ කියපු සිසුවියට ක්‍රිඩා ගුරුවරයා කරපු දේ මෙන්න.. 10 වසරේ සිසුවිය රෝහලේ..

    හවස ඉන්න බෑ කියපු සිසුවියට ක්‍රිඩා ගුරුවරයා කරපු දේ මෙන්න.. 10 වසරේ සිසුවිය රෝහලේ..

    අසනීප වීමෙන් දැල්පන්දු පුහුණුවට සභභාගි වීමට නොහැකි වූ ශිෂ්‍යාවකට ක්‍රීඩා ගුරුවරයකු පහරදීම නිසා එම ශිෂ්‍යාව රෝහල් ගත කර තිබෙන පුවතක් වාර්තා වෙනවා. 

    කොත්මලේ අධ්‍යාපන කලාපයට අයත් නුගවෙල නයාපාන විද්‍යාලයේ 10 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන ශිෂ්‍යාවක් සිදුවීමට මුහුණ දීමට තිබේ. ගම්පොළ මාවතුර කළුගල්හින්න ප්‍රදේශයේ පදිංචි මෙම ශිෂ්‍යාව කලාප තරග සඳහා දැල්පන්දු කණ්‌ඩායමට ඇතුළත්ව පුහුණුවීම් කරන අතර ඇය අසනීප වීම නිසා පුහුණුවට නොසිට පාසල ඇරුනු පසු නිවසට ඒමට සූදානම්ව ඇත.

    මේ අවස්තාවේදී එම ගුරුවරයා විසින් මේ සිසුවියගේ කනට ගසා අසභ්‍ය වචනයෙන් බැනවැදී තිබෙන බව සදහන්. පහර කෑමෙන් කන තුළ ඇතිවූ අධික වේදනාව නිසා මෙම සිසුවියගේ මව ත්‍රිරෝද රථයකින් ඇය ගම්පොළ රෝහලට රැගෙන ගිය පසු වෛද්‍යවරු ඇය පරීක්‍ෂා කර බලා රෝහලේ සිට නේවාසිකව ප්‍රතිකාර කිරීම අරඹා තිබේ.
     
    සිදුවීම පිළිබදව දැරියගේ දෙමව්පියන් විසින් පොලීසියටද පැමිණිලි කර තිබෙන බව සදහන්.

  • චැනල්නැති ක්‍රිකට් ආයතනයේ චැනල් හෙඩ් ඉල්ලා අස්වෙයි !

    චැනල්නැති ක්‍රිකට් ආයතනයේ චැනල් හෙඩ් ඉල්ලා අස්වෙයි !

    රූපවාහිනී නාලිකාවක් හෝ ගුවන් විදුලි නාලිකාවකට හිමිකම් නොකියන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නාලිකා ප්‍රධානී ලෙස බඳවාගෙන සිටි කමල් දේශප්‍රිය මහතා ලබන 28 වැනිදා සිට ඉන් ඉවත්වීමට ඉල්ලා අස්වීම ලබාදී තිබේ.

    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උප ලේකම් රවීන් වික්‍රමරත්න මහතා සමඟ රූපවාහිනී විකාශ අයිතිය සමඟ ඇතිකරගත් මතභේදයක් හේතුවෙන් ඔහු ඉවත්ව ඇතැයි වාර්තා වේ.

    රවීන් මහතා ක්‍රිකට් විකාශනය සම්බන්ධයෙන් නිතර ගැටුම් ඇතිකරගන්නේ CSN නාලිකාව වැසීයාමෙන් ආනාථයෙක් බවට පත්ව සිටින ඔහුගේ මස්සිනා පවත්වාගෙන යන ආයතනයකට වාසිසහගත ලෙස කටයුතු කිරීමට යාමෙන් බවද ක්‍රිකට් ආයතන ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

    දේශප්‍රිය මහතා බඳවාගෙන තිබුණේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහභාගි වන තරග විකාශ කටයුතු (රූපවාහිනී හා ගුවන් විදුලි) ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන්ම සිදු කිරීමට බව පැවසේ.

    චැනල් හෙඩ් අස්වෙද්දී ගෝලයෝ ගන්න ඉන්ටවිව් එකක්

    නාලිකා ප්‍රධානියා ඉවත්වයාමට ඉල්ලා අස්වීමද ලබාදී තිබියදී එම අංශයට නියෝජ්‍ය නාලිකා ප්‍රධානියකු ගැනීමට පසුගිය දිනවල සම්මුඛ සාකච්ඡාවක් පැවැති බවද ශ්‍රී ලංකා ක්‍රිකට් ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

    රූපවාහිනිය – ගුවන්විදුලිව කපා හැරලා !

    ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ඇතුළු අනෙකුත් ක්‍රීඩා සජීවී විස්තර විචාරයේදි ඒ සඳහා වැඩි ජනතාවකට ශ්‍රවණය කිරීමේ හා දර්ශනය කිරීමේ හැකියාව ඇති එමෙන්ම රාජ්‍ය නාලිකාවලට මුල් තැන ලබාදිය යුතුබවට කැබිනට් පත්‍රිකාවක් පවා තිබියදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවට හා ජාතික රූපවාහිනියට පසුගිය කාලයේදී එම අවස්ථාව අහිමිකර තිබිණි.

    ශ්‍රී ලංකා ක්‍රිකට් පිල පසුගිය කාලයේ සභභාගිවූ තරග සියල්ල විකාශය කරනු ලැබුවේ පෞද්ගිලික නාලිකාවලිනි.

    මනෝ කියන පස්වැනි ආගමේ විකාශ අයිතිය ජාතික නාලිකාවලට නැත්තේ ඇයි ?

    මේ අතර, ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පසුගියදා විවෘත කළ ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ දෙමළ රූපවාහිනී නාලිකාව නේත්‍රා (සංහිඳියාවේ නාලිකාව) විවෘත කළ අවස්ථාවේ අමාත්‍ය මනෝගනේෂන් මහතා ක්‍රිකට් මේ රටේ පස්වැනි ආගම බවත්, ඒ නිසා එම තරග විකාශය කිරීමේදී අලුතින් ආරම්භ කළ දමිළ නාලිකාවටත්, රූපවාහිනියේ චැනල් අයි නාලිකාවටත් ඒවා විකාශය කිරීමේ අයිතිය ලබාදෙන ලෙසද ඉල්ලීමක් කළේය.

  • ක්‍රිකට් පොත් අළුත් වෙයි. ඇෆ්ගනිස්ථානයේ රෂීඞ් ඛාන් පන්දු යවන්නන් අතර පළමු තැනට..

    ක්‍රිකට් පොත් අළුත් වෙයි. ඇෆ්ගනිස්ථානයේ රෂීඞ් ඛාන් පන්දු යවන්නන් අතර පළමු තැනට..

    ඇෆ්ගනිස්ථාන දඟ පන්දු යවන රෂීඞ් ඛාන් කි‍්‍රකට් වාර්තා පොත් අලුත් කර තිබෙනවා.

    ඒ, මෙතෙක් ලොව අංක එකේ එක්දින පන්දු යවන්නා බවට පත්වූ ලාබාලතම කි‍්‍රඩකයා බවට පත්වෙමින්.

    මේ වනවිට රෂීඞ් ඛාන්ගේ වයස අවුරුදු 19ක්. ඉකුත් බටහිර ඉන්දීය කොදෙව් සහ සිම්බාබ්වේ තරග සංචාරවලදී  ලොව වැඩිම කතා බහට ලක්වූ පන්දු යවන්නකු බවට ඔහු පත්වුණා.

    සිම්බාබ්වේ තරගාවලියේ තරග 05කදී රෂීඞ් ඛාන් බිඳ හෙළු කඩුලූ සංඛ්‍යාව 16ක්. මෙතෙක් ටෙස්ට් වරම් දිනා නොගත් ඇෆ්ගනිස්ථාන කී‍්‍රඩකයෙකු ලොව අංක එකේ පන්දු යවන්නා බවට පත්වීම විශේෂත්වයක් බවයි කී‍්‍රඩා විශ්ලේෂකයින් පවසන්නේ. නවතම එක් දින පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගත කිරීමේ පළමු ස්ථානයට ඔහු සමග ඉන්දිය වේග පන්දු යවන කී‍්‍රඩක ජස්ප‍්‍රීට් බුම්රාද නම් කර තිබෙනවා. 

    මේ අතර නවතම එක්දින පිතිකරු ශ්‍රේණිගත කිරීමේ අංක එකේ ස්ථානයේ පසුවන්නේ ඉන්දියාවේ විරාත් කෝලියි. ඔහුට හිමි ප‍්‍රසාද ලකුණු සංඛ්‍යාව 909ක්. කී‍්‍රඩකයෙකු ප‍්‍රසාද ලකුණු 900 සිමාව මෙලෙස පසු කර ගියේ වසර 25කට පසුව වීමද විශේෂත්වයක්.

    එමෙන්ම ප‍්‍රසාද ලකුණු 900 සීමාව පසුකර ගිය පළමු ඉන්දීය පිතිකරු බවටද ඔහු පත්වුණා.

  • යොවුන් ක්‍රීඩක ෂෙහාන්ගේ අඩුව පුරවන්න ලසිත් මාලිංග නිදහස් කුසලානයට…

    යොවුන් ක්‍රීඩක ෂෙහාන්ගේ අඩුව පුරවන්න ලසිත් මාලිංග නිදහස් කුසලානයට…

    ශ්‍රී ලංකා යොවුන් වේග පන්දු යවන ක්‍රීඩක ෂෙහාන් මධුශංකට නිදහස් කුසලාන තුන්කොන් විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය අහිමි වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපති ග්‍රැහැම් ලැබ්බ්‍රෝයි පවසනවා.

    ෂෙහාන් බංගලාදේශ කණඩායම සමග පැවැති අවසන් විස්ස 20 තරගයේදී පාදයේ අබාධයට ලක්වූ අතර එහිදී ප‍්‍රතිවාදීන්ගේ කඩුලු 02ක් බිද හෙළීමටද ශෙහාන් සමත්විය.

    එම අබාධය හේතුවෙන් මාසයක පමණ කාලයක් ශෙහාන් ට ක‍්‍රිකට් අහිමි වන බව ලැබ්රෝයි මහතා පවසා සිටියේය.

    කෙසේ වෙතත් ශෙහාන් වෙනුවට කණ්ඩායමට කැදවන ක‍්‍රීඩකයා කවුරුන්ද යන්න තවමත් තීරණය කර නොමැති අතර විචාරකයින් පවසන්නේ බොහොදුරට ලසිත් මාලිංග නිදහස් කුසලානය සදහා කණ්ඩායම කැදවනු ඇති බවයි

  • තරග දිනවන්නෙක් බවට පත්කරන්න තිසරගේ සිදුකළ වෙනස හතුරුසිංහ ලොවට හෙළිකරයි

    තරග දිනවන්නෙක් බවට පත්කරන්න තිසරගේ සිදුකළ වෙනස හතුරුසිංහ ලොවට හෙළිකරයි

    විජයග්‍රාහී තරගාවලියකට පසුව නායක දිනේෂ් චන්දිමාල් සහ ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ තරගාවලියේ දී ඔවුන් ලද අත්දැකීම්, ක්‍රීඩකයින් පුහුණු කිරීම් සිදු කළ ආකාරය (19) පැවති මාධ්‍ය සාකච්ඡාවක දී මෙසේ අවධාරණය කළහ.

    “තිසරගේ පුහුණු කිරීම් කටයුතුත් අපි වෙනස් කරා, මං හිතනවා ඒවා ගොඩක් හේතු වුනා එයාට දක්ෂතා දක්වන්න” – හතුරුසිංහ

  • රටවල් 03ක් ජය සොයන නිදහස් කුසලාණයට සියල්ල සුදානම් – මාර්තු 06 ක්‍රිකට් ගැටුම ඇරඹෙයි

    රටවල් 03ක් ජය සොයන නිදහස් කුසලාණයට සියල්ල සුදානම් – මාර්තු 06 ක්‍රිකට් ගැටුම ඇරඹෙයි

    ඉන්දියාව, බංග්ලාදේශය සහ සත්කාරක ශ‍්‍රී ලංකාව අතර පැවැත්වෙන නිදහස් කුසලාන පන්දුවාර 20 ක‍්‍රිකට් තරගාවලිය ලබන මාර්තු 6 වැනිදා ආරම්භ වනවා.

    මෙම සියලූ තරග පැවැත්වෙන්නේ කොළඹ ආර්. පේ‍්‍රමදාස ක‍්‍රීඩාංගණයේදීයි.

    මූලික වටයේදී කණ්ඩායමක් තරග 4කට සහභාගී වීමට නියමිතයි.

    පළමු තරගය ශ‍්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ලබන මාර්තු මස 6 වැනිදා පැවැත්වෙනවා. අවසන් මහා තරගය පැවැත්වෙන්නේ මාර්තු මස 18 වැනිදායි. 

     

  • ෆිල්ම් වල වගේ අපේ අයත් මුලින් ගුටි කාලා තමයි ගේම ගහන්නේ – 20 20න් පසු බුකිය ඇවිලෙයි

    ෆිල්ම් වල වගේ අපේ අයත් මුලින් ගුටි කාලා තමයි ගේම ගහන්නේ – 20 20න් පසු බුකිය ඇවිලෙයි

    ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර දෙවන විස්සයි විස්ස තරගයෙන් විශිෂ්ඨ ජයක් ශ්‍රී ලංකාවට හිමිවූ අතර එම ජයග්‍රහනයෙන් පසු ෆේස්බුක් වෙබ් අඩවියේ පළව තිබූ නිර්මාණ ක්ලිහිපයක් පහතින් , 

     












  • වසර ආරම්භයේදීම ශ්‍රී ලංකාව පූර්ණ තරගාවලි ජයක් – තරගයේ විශේෂ අවස්ථා මෙන්න.(.වීඩියෝ)

    වසර ආරම්භයේදීම ශ්‍රී ලංකාව පූර්ණ තරගාවලි ජයක් – තරගයේ විශේෂ අවස්ථා මෙන්න.(.වීඩියෝ)

    සංචාරක ශී‍්‍ර ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අතර පැවැති පනදුවාර 20 යි 20 තරගාවලියේ වීරයා සහ දෙවන තරගයේ වීරයා ලෙස සම්මාන දිනා ගැනීමට කුසල් මෙන්ඩිස් ඊයේ (18) සමත්වුණා.

    ශී‍්‍ර  ලංකාව පන්දුවාර 20 තරගාවලිය ජය ගත්තේ 2 ට 0ක් ලෙසයි.

    අබාධයට ලක්වූ කුසල් ජනිත් වෙනුවට 20යි 20 සංචිතයට අවසන් මොහොතේ කැඳවූ කුසල් මෙන්ඩිස් ආරම්භක පිතිකරුවෙකු ලෙස සාර්ථක වීම කි‍්‍රකට් විචාරකයින්ගේ කතා බහට ලක්ව තිබෙනවා. ප‍්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ කී‍්‍රඩකයින් පිළිබඳව මනා අවබෝධයකින් කටයුතු කිරිමද පැසසිය යුතු බවයි ඔවුන්ගේ අදහස වී ඇත්තේ. 

    මෙවර බංග්ලාදේශ සංචාරයේදී තුන්කොන් එක්දින තරගාවලිය, ටෙස්ට් තරගාවලිය සහ පන්දු වාර 20 යි 20 තරගාවලිය ජය ගැනීමට ශී‍්‍ර ලංකා කණ්ඩායම සමත්වුණා.

    මෙම වසර ආරම්භයේදී පූර්ණ තරගාවලි ජයක් වාර්තා කළ පළමු කණ්ඩායමද ශී‍්‍ර ලංකාව වනවා. 

    https://www.facebook.com/supirigossip1/videos/1594992783869655/

  • හතුරුගේ ආගමනය සාර්ථකයි…  දෙවෙනි 20 20න් සිංහයන්ට ලකුණු 75ක විශිෂ්ට ජයක්..

    හතුරුගේ ආගමනය සාර්ථකයි… දෙවෙනි 20 20න් සිංහයන්ට ලකුණු 75ක විශිෂ්ට ජයක්..

    සංචාරක ශී‍්‍ර ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අතර දෙවන සහ අවසන් පන්දුවාර විස්ස කි‍්‍රකට් තරගය ශිලේට්හිදී පැවති 02වන 20 20 තරගයෙන් ලකුණු 75ක විශිෂ්ට ජයක් ලබාගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය..  පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 04 දැවී ලකුණු 210 ලබාගත්තේ ඕවරයකට 10.5 දල ලකුණු වේගයක් රදවාගනිමින් වන අතර බංගලාදේශ කණ්ඩායමට සියලුදෙනා දැවී ලබාගත්තේ ලකුණු 135ක් පමණි.

    තරග දෙකකින් සමන්විත මෙම තරගාවලියේ 2 ට බින්දුවක් ලෙස ජය ගෙන සිටින්නේ ශී‍්‍ර ලංකා කණ්ඩායමයි.