Category: සුපිරි Sports

  • අද ටෙස්ට් තරගය සජීවීව බලන්න කස්ටියම හොයන You Tube සජීවී ලින්කුව මෙන්න…. (Exclusive)

    අද ටෙස්ට් තරගය සජීවීව බලන්න කස්ටියම හොයන You Tube සජීවී ලින්කුව මෙන්න…. (Exclusive)

    අද ටෙස්ට් තරගය සජීවීව බලන්න කස්ටියම හොයන You Tube සජීවී ලින්කුව මෙන්න…. (Exclusive)

    https://www.youtube.com/watch?v=NTcqi7dJO_o

  • ආන්දෝලනාත්මක පන්දුව පලුදු කිරීමේ චෝදනාවට චන්දිමාල් වැරදිකරු වෙයි .! (Breaking News)

    ආන්දෝලනාත්මක පන්දුව පලුදු කිරීමේ චෝදනාවට චන්දිමාල් වැරදිකරු වෙයි .! (Breaking News)

    ශ්‍රී ලංකා නායක දිනේෂ් චන්දිමාල් පන්දුව පලුදු කිරීමේ චෝදනා සදහා වැරදිකරු කර තිබෙන බවට අයි.සී.සී.ය පවසනවා.  ශ්‍රී ලංකාව සහ කොදෙව් කණ්ඩායම අතර දෙවන ටෙස්ට් තරගයේ සිදුවූ සිදුවීමක් නිසා දිනේෂ් චන්දිමාල්ට එරෙහිව මෙම ක්‍රියාමාර්ගය ගෙන තිබෙන බවට අයි.සී.සී.ය පවසනවා.

    “පන්දුවේ ස්වභාවය වෙනස් කිරීම” යන චෝදනාව යටතේ ක්‍රිකට් ව්‍යවස්තාවේ නීති අනුව මෙම තීරණය ලබා ගත් බවට අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් පවසනවා.

    මේ පිළිබදව වැඩි විස්තර හැකි ඉක්මණින් ලබා දෙන බවටද ක්‍රිකට් කවුන්සිලය සටහන් කර තිබුනා.

    සබැඳි පුවත : ශ්‍රී ලංකාවට පන්දුව පලුදු කිරීමේ චෝදනා – නායක චන්දි විනිසුරුවන් සමග ගැටෙයි – දෙවන ටෙස්ට් තරගයේ ආන්දෝලනාත්මක සිදුවීමෙන් ශ්‍රී ලංකාව අවදානමක .!

  • ටෙස්ට් තරගය අතරතුර අසාධාරණ පන්දු මාරුවට මැද විරෝධය පෑ අපේ සිංහයන්ට වෙන්න යන දේ මෙන්න…

    ටෙස්ට් තරගය අතරතුර අසාධාරණ පන්දු මාරුවට මැද විරෝධය පෑ අපේ සිංහයන්ට වෙන්න යන දේ මෙන්න…

    සංචාරක ශී‍්‍ර ලංකා කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගයේ තුන්වන දිනය නිමාවන විට සිය දෙවන ඉනිම කි‍්‍රඩා කළ ශී‍්‍ර ලංකා කණ්ඩායම එක් කඩුල්ලක් දැවී ලකුණු 34ක් රැස් කර ගෙන සිටියා. 

    ඊයේ (16) දිනයේදී කොදෙව් කණ්ඩායමේ පළමු ඉනිම ලකුණු 300කට සීමා වුණා. ඩෙවෝන් ස්මිත් ලකුණු 61යි. ශී‍්‍ර ලංකා කණ්ඩායම පළමු ඉනිමේදි රැස්කළ ලකුණු සංඛ්‍යාව 253ක්. ඒ අනුව කඩුළු 09ක් අතැතිව සිටින ශී‍්‍ර ලංකා කණ්ඩායම කොදෙව් පළමු ඉනිමට වඩා ලකුණු 13ක් පසු පසින් සිටිනවා. 

    මේ අතර පන්දුව මාරු කිරීමට යාමේදී එම පන්දුවේ තත්ත්වය පිළිබඳ ඇතිවූ මතභේදාත්මක තත්ත්වයක් හේතුවෙන් ශී‍්‍ර ලංකා කී‍්‍රඩකයන් ඊයේ පිටියට පිවිසීම ප‍්‍රතික්ෂේප කළා. ගැටලූව විසඳන තුරු ශී‍්‍ර ලංකා කී‍්‍රඩකයන් පිටියෙන් ඉවත් සිටි අතර ඒ හේතුවෙන් පැය දෙකක පමණ කාලයක් තරගය නතර වී තිබුණා. ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය නිවේදනය කළේ අදාළ අවස්ථාවේ ශී‍්‍ර ලංකා කී‍්‍රඩකයන් ගනු ලැබූ කි‍්‍රයාමාර්ගය සම්බන්ධයෙන් යම් ගැටලූවක් මතුවුවහොත් ඔවුන් වෙනුවෙන් පෙනී සිටින බවයි.

  • ලෝකෙම කතාවෙන ලෝක ශුර ස්පාඤ්ඤ හා පෘතුගාල තරගයේ සුපිරි රොනල්ඩෝ ගත්ත ගෝල ත්‍රිත්වය මෙන්න….

    ලෝකෙම කතාවෙන ලෝක ශුර ස්පාඤ්ඤ හා පෘතුගාල තරගයේ සුපිරි රොනල්ඩෝ ගත්ත ගෝල ත්‍රිත්වය මෙන්න….

    ලෝකෙම කතාවෙන ලෝක ශුර ස්පාඤ්ඤ පෘතුගාල තරගයේ සුපිරි රොනල්ඩෝ ගත්ත ගෝල ත්‍රිත්වය මෙන්න….

    https://www.youtube.com/watch?v=PEk7CGP6V2M

    https://www.youtube.com/watch?v=Yn-_KoAL8b8

  • බුකිය‌ේ ඉදන්ම SL vs WI Test මැච් එක Live බලන්න ලින්කුව ම‌ෙන්න…

    බුකිය‌ේ ඉදන්ම SL vs WI Test මැච් එක Live බලන්න ලින්කුව ම‌ෙන්න…

    මැච් එක ලයිව් බලන්න ලින්කුව ම‌ෙන්න…..

  • අපි මුකුත්ම දන්නේ නෑ..අපි අහිංසකයි..මේක තනිකරම මඩක්.. දිල්හාර හා ජීවන්ත මාධ්‍යයට කියයි..

    අපි මුකුත්ම දන්නේ නෑ..අපි අහිංසකයි..මේක තනිකරම මඩක්.. දිල්හාර හා ජීවන්ත මාධ්‍යයට කියයි..

    ශි‍්‍ර ලංකා කි‍්‍රකට් කණ්ඩායමේ හිටපු කී‍්‍රඩකයින් දෙපළක් වන දිල්හාර ලොකුහෙට්ටිගේ සහ ජීවන්ත කුලතුංග තරග පාවාදීමේ සිද්ධියකට අදාළ වීඩියෝවක් අල් ජසීරා නාලිකාව විසින් මුදා හැර තිබුණා.

    අප ඒ පිළිබඳ මෙම ක‍්‍රීඩකයින් දෙදෙනාගෙන් අදහස් විමසා සිටියා.

    අල් ජසීරා නාලිකාව මුදා හල මෙම ආන්දෝලනාත්මක වීඩියෝවේ රොබින් මොරිස් නම් බුකී කරුවා සමග තරග පාවාදීමක් සම්බන්ධයෙන් දෙපාර්ශ්වය අතර සිදු කෙරෙන සංවාදයක් දැක්වෙනවා.

    එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ පැවැත්වෙන තරගාවලියක් අතරතුරයි එම සංවාදය සිදුව ඇත්තේ. අල් ජසීරා නාලිකාව මුදාහළ මෙම වීඩියෝව පිළිබඳ ජීවන්ත කුලතුංග අප වෙත දැක්වූයේ මෙවන් අදහසක්.

    “ඔය කියන කිසිම දෙයක් එතන වුණේ නෑ. ඔය නාලිකාවේ ජනප්‍රියත්වය ගන්න කරපු වැඩක් මේක. අපිට එන්න කියලා එකක් කියලා.. දැන් පෙන්වන්නේ තව එකක්. තරග පාවාදීම් ගැන කිසිම දෙයක් අපිට කතා කලේ නෑ. ඔය වීඩියෝවේ අගක් මුලක් නෑ. මේගොල්ලන්ගේ අවශ්‍යතාව මොකක්ද කියලා හොයන්න ඕනේ.” 

    මෙම වීඩියෝවේ බුකී කරුවන් සමග සංවාදයට එක්වන දිල්හාර ලොකුහෙට්ටිගේද ඔස්ටේ‍්‍රලියාවේ සිට ඒ සම්බන්ධයෙන් අප වෙත අදහස් දැක්වූවා.

    එහිදී “ජීවන්තට කෝල් එකක් ආවා.. යාළුවෙක් හම්බවෙන්න යනවා කිව්වා.. එයා එක්ක මමත් ගියා. මොකද මට ජීවන්තලාගේ ගෙදර තනියෙන් ඉන්න බැරි නිසා… 2016 දී මම ක්‍රිකට්වලින් ඉවත් වුණා. අනික මම කොහොමද ආයෙත් ක්‍රිකට් ගහන්නේ. මගේ කකුල කැඩුනට පස්සේ.” යනුවෙන් සඳහන් කළා.

    මෙම වීඩියෝව සහ තමන්ට එල්ල වන චෝදනාව සම්බන්ධයෙන් ජාත්‍යන්තර කි‍්‍රකට් කවුන්සිලය හමුවේ කරුණු දැක්වීමට තමන් සූදානම් බවයි ජිවන්ත කුලතුංග ප‍්‍රකාශ කළේ.

     

  • ශ්‍රී ලංකාවේ ජීවන්ත කුලතුංග, දිල්හාර ලොකුහෙට්ටිගේ තරග පාවා දීමට සැලසුම් කරන හැටි මෙන්න..!

    ශ්‍රී ලංකාවේ ජීවන්ත කුලතුංග, දිල්හාර ලොකුහෙට්ටිගේ තරග පාවා දීමට සැලසුම් කරන හැටි මෙන්න..!

    වර්තමාන ක්‍රිකට් ක්‍රීඩාවට බුකිකරුවන්ගේ බලපෑම හිසරදයක් වන තරමටම පැතිර ගොසින් ය. බොහෝ ක්‍රීඩකයන් තරග පාවා දීම් වලට හසුවන අතර සෑම අන්තර්ජාතික තරගාවලියකටම පාහේ බුකිකරුවන්ගේ සූක්ෂම හස්ත යොමුවන බව කියවේ.

    ක්‍රීඩකයන්, නිළධාරීන් මෙන්ම තනතීරූ සකසන්නන් පවා බුකිකරුවන්ගේ අදිසි හස්ත මගින් පාලනය වන බව සදහන්. මේ සදහා ක්‍රීඩකයන්ට තරගයෙන් උපයන මුදලට වඩා කිහිප ගුණයකින් මුදල් ගෙවීමට බුකිකරුවන් ක්‍රීයා කරන බවද වාර්තා වෙනවා.

    මේ අතර අල් ජසීරා ජාත්‍යන්තර මාධ්‍යය මගින් අනාවරනය කර ගෙන තිබෙන නවතම ක්‍රිකට් තරගාවලියක් පාවාදීමේ සිදුවීමකට හිටපු ශ්‍රී ලංකා ක්‍රීඩකයන් වන දිල්හාර ලොකුහෙට්ටිගේ සහ ජීවන්ත කුලතුංග සම්බන්ධව සිටියි. තුන් ඉරියව් ක්‍රීඩකයන් ලෙසින් මොවුන් දෙදෙනාම ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කර තිබීම විශේෂත්වයකි.

    එක්සත් අරාබි ඒමීර් රාජ්‍යයේදී පැවැත්වීමට නියමිත ක්‍රිකට් තරගාවලියක තරග පාවා දීමට ජීවන්ත සහ දිල්හාර ලොකුහෙට්ටිගේ මෙලෙසින් බුකිකරුවන් සමග සැලසුම් සකස් කරමින් සිටින්නේ ඔවුන් සමග සිටිනා අල් ජසීරා මාධ්‍යවේදීයා මේ සියල්ල පටිගත කරන බව නොදැනය.

    මෙහිදි ජීවන්ත කුලතුංග කියා සිටින්නේ “ක්‍රිකට් ක්‍රීඩා කිරීම අපට උදෑසන දත් මදිනවා වගේ, නමුත් ඔබගේ සැලසුමට ක්‍රීඩා කිරීම එයටත් වඩා පහසුයි, මොකද එතකොට අපිට කිසිම පීඩනයක් නෑ” යනුවෙනි.

    එම අවස්තාවේ විඩීයෝව පහතින් ,

     

  • ඩිලන්ත මාලගමුව අනතුරකට ලක්වෙයි

    ඩිලන්ත මාලගමුව අනතුරකට ලක්වෙයි

    ඩිලන්ත මාලගමුව කියන්නේ ලංකාවේ නාමය ලෝකය ඉදිරියේ බබලවන කවුරුත් ආදරය කරන කෙනෙක්.ඩිලන්තට හැමෝම ආදරය කරන්නේ ඔහුගේ දක්ෂකම්වලට විතරක්ම නෙවෙයි. ඔහුට තියෙන නිහතමානී ගුණයට.
    කෙසේවෙතත් ඩිලන්ත එංගලන්තයේ තරඟයකට සහභාගී වී සිටින අතරතුර නොසිතූ අනතුරකට ලක්වෙලා තියෙනවා.ඒ එංගලන්තයේ lamborghini Super Trofeo 2018 තරගයේදීයි.අනතුරින් ඩිලන්තයට කිසිදු හානියක් සිදුව නැහැ.
    සිදු වූ අනතුර ගැන කණාගාටුවෙන් ඩිලන්ත සිය ෆේස්බුක් ගිණුමට සටහක් ද එක් කර තිබුණා.ඒ සියලූම ලාංකිකයන්ගෙන් සමාව ඉල්ලා සිටින බවයි.
    මේ එම සටහනයි.

    (under the courtesy of adaderana news web)

  • පරාජය දරාගන්න බැරිවුන කින්ග්ස්වුඩ්ලා ඉසිපතනෙට ගුටි දෙයි

    පරාජය දරාගන්න බැරිවුන කින්ග්ස්වුඩ්ලා ඉසිපතනෙට ගුටි දෙයි

    කොළඹ ඉසිපතන විද්‍යාලය හා මහනුවර කිංග්ස්වුඩ් කණ්ඩායම් අතර ඊයේ මහනුවර පැවති රගර් තරගයේදී මහනුවර කිංග්ස්වුඩ් කණ්ඩායමට සහය පල කිරීමට පැමිණි ප්‍රේක්ෂකයන්ගෙන් දැක ගත හැකි වුයේ ප්‍රචණ්ඩකාරී හැසිරීමක්. තරගය අවසානයේදී ඔවුන් ඉසිපතන ප්‍රේක්ෂකයන් වෙත පහර දීමක් සිදු කල අතර ඉසිපතන ක්‍රීඩකයින්ගේ දෙමව්පියන්, ආදී ශිෂ්‍යයින් සහ පාසල් ශිෂ්‍යයින් තුවාල ලබා සිටිනු දක්නට ලැබුණි.

    කිංග්ස්වුඩ් කණ්ඩායම ඉසිපතන කණ්ඩායම හමුවේ ලකුණු 10 – 05 ක් ලෙස පරජයට පත්වීමත් සමග මෙම සිද්ධිය ඇතිවී ඇත.

    https://www.facebook.com/supirigossip1/videos/1685299071505692/

  • ක්‍රිකට් නිලවරණය 31 වෙනිදාට කල් යයි

    ක්‍රිකට් නිලවරණය 31 වෙනිදාට කල් යයි

    ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තෆා මහතාගේ දැනුම් දීමකට අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මහා සභා රැස්වීම හා නිලවරණය මැයි මස 31 වැනිදා පවත්වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී. 
    ක්‍රිකට් නිලවරණය හා මහ සභා රැස්වීම මැයි 19 වැනිදා පැවැත්වීමට නියමිතව තිබුණද එහි ඇතිවූ නීතිමය ගැටලු කිහිපයක් හේතුවෙන් නිලවරණය මෙසේ කල් දැමීමට සිදුව ඇත.
  • දශක දෙකක් පැරණි සුගත් තිලකරත්නගේ වාර්තාව බිඳ වැටෙයි…. අලුත් වාර්තාව මෙන්න…

    දශක දෙකක් පැරණි සුගත් තිලකරත්නගේ වාර්තාව බිඳ වැටෙයි…. අලුත් වාර්තාව මෙන්න…

    වසර 20කට පෙර සුගත් තිලකරත්න පිහිටුවා තිබූ මීටර් 200 පිරිමි ධාවන ඉසව්වේ ශී‍්‍ර ලංකා වාර්තාව බිඳ හෙලීමට විනෝජ් සුරංජය අද (27) සමත්වුණා. ඒ, කොළඹ සුගතදාස කී‍්‍රඩාංගනයේ පැවැති මළල කි‍්‍රඩා තේරීම් තරග වලදීයි. 

    මීට පෙර 1998 වසරේදී තත්පර 20යි දශම 6යි 9ක දක්ෂතාවක් වාර්තාකරමින් සුගත් තිලකරත්න මෙම වාර්තාව පිහිටුවා තිබුණා. තත්පර 20යි දශම 6යි 8ක තරග නිමි කාලයක් වාර්තා කරමින් විනෝජ් සුරංජය අද දිනයේදී මෙම වාර්තාව බිඳ හෙලනු ලැබුවා. 

  • තිලංග ඉවතට – 96 ලෝක කුසලානය දිනද්දි හිටපු සභාපති මෙවර ක්‍රිකට් මහ පුටු සටනට

    තිලංග ඉවතට – 96 ලෝක කුසලානය දිනද්දි හිටපු සභාපති මෙවර ක්‍රිකට් මහ පුටු සටනට

    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණයේදී සභාපති ධුරය සඳහා වත්මන් සභාපති තිලංග සුමතිපාල මහතා යළිත් තරග වදින බවට පැවසුවද ඔහු අධිකරණය ඉදිරියේ තම පවුලට බුකී ව්‍යාපාර ඇතැයි පිළිගැනීම හේතුවෙන් නිලවරණ කමිටුව ඔහුගේ නාමයෝජනාව ප්‍රතික්ෂේප කරනු ඇතැයි වාර්තා වේ. ඒ අනුව තිලංග සුමතිපාල මහතා ක්‍රිකට් මහපුටු සටනින් ඉවතට විසිවනු ඇති බවට හෙළිවේ.

    මෙහිදී සභාපති ධුරයට තිලංගගේ අනුප්‍රාප්තිකයා වශයෙන් මොහාන් ද සිල්වා තරග වදින බවට පැවසෙන අතර, ඔහු සභාපති ධුරයට මෙන්ම ලේකම් ධුරයටද නාමයෝජනා භාරදීමට නියමිත බවට වාර්තා වේ. මීට අමතරව වත්මන් උපසභාපති කේ. මතිවානන් මහතා තිලංග පාර්ශ්වයෙන් මෙවරද නාමයෝජනා ලබාදෙන බවට තහවුරු වී ඇති අතර, වත්මන් භාණ්ඩාගාරික ශම්මි සිල්වා මහතා උපසභාපති ධුරයට සහ ලේකම් ධුරයට යන තනතුරු ද්විත්වයටම නාමයෝජනා භාරදීමට නියමිත බවට අනාවරණය වේ.

    තිලංග පාර්ශ්වයෙන් භාණ්ඩාගාරික තනතුර සඳහා යෝජනා වී ඇත්තේ නුශ්කි මොහොමඩ් මහතා වන අතර, ඒ සඳහා අවසන් තීන්දුවක් ඊයේ (25දා) සවස් වනතුරුත් ගෙන නොතිබුණි. මේ අතර තිලංග පාර්ශ්වයේ නාමයෝජනා අද (26දා) භාරදීමට නියමිත බවද වාර්තා වේ.

    තිලංග පාර්ශවය විරුද්ධ පාර්ශවයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් හි ඉදිරි නිලවරණය සඳහා ඉදිරිපත්වීමට සූදානම්වන පෙරමුණේ සභාපති අපේක්ෂකයා ලෙස හිටපු සභාපතිවරයකු වන අනා පුංචිහේවා මහතා ඉදිරිපත් කිරීමට සූදානම්වන බව වාර්තා වේ.

    පුංචිහේවා මහතා ශ්‍රී ලංකාව 96 ලෝක කුසලාන ජයගන්නා අවස්ථාවේ එවකට පැවැති ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපතිවරයාව සිටි අතර ඊට දෙමසකට පසුව එළඹුණ නිලවරණයේදී ඒ මහතා පරාජයට පත්කරමින් තිලංග මහතා එහි සභාපති ධූරයට පත්විය.එම නිලවරණයේදී ක්‍රීඩා සාමාජයක ඡන්දයක් රුපියල් ලක්ෂකට විකුණුන බවටද චෝදනාවක් තිබේ.

    ක්‍රිකට් පාලක මණ්ඩලයට මුදල් නොමැතිව තිබූ අවස්ථාවේ ඕස්ට්‍රේලියානු ජාතික ඩේව් වට්මෝර් මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් පුහුණුකරු ලෙස යොදාගනිමින් ලෝක කුසලානය ජය ගැනීමට මුල් ගල තැබීම සම්බන්ධයෙන් ආනා පුංචිහේවා මහතාට විශේෂ ගෞරවයක් තිබේ.

  • වාර්තාගත පොදුරද මඩුළු පදක්කම් දිනු ජයග්‍රාහකයින්ට ජනපතිගෙන් ලක්ෂ 160ක මුදල් තෑගී!

    වාර්තාගත පොදුරද මඩුළු පදක්කම් දිනු ජයග්‍රාහකයින්ට ජනපතිගෙන් ලක්ෂ 160ක මුදල් තෑගී!

    ඔස්ට්‍රේලියාවේ ගෝල්ඩ් කෝස්ට්හිදී නිමාවූ 21වැනි පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළලේදී මෙතෙක් ශ්‍රී ලංකාව දිනාගත් වැඩිම පදක්කම් ප්‍රමාණය සටහන් කළ ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙත මුදල් ත්‍යාග පිරිනැමීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රදානත්වයෙන් අද (25) ජනාධිපති කාර්යාලයේදී පැවැත්වීමට නියමිතය.

    මෙවර පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළලේදී ශ්‍රී ලංකාවට රිදී පදක්කමක් සහ ලෝකඩ පදක්කම් 5ක් හිමි විය. බර ඉසිලීමේ ක්‍රීඩාවෙන් ඉන්දික දිසානායක රිදී පදක්කමක් දිනාගත් අතර දිනූෂා ගොමස්, චතුරංග ලක්මාල් සහ බොක්සිං ක්‍රීඩාවෙන් අනූෂා කොඩිතුවක්කු, ඉෂාන් බණ්ඩාර සහ තිවංක රණසිංහ ලෝකඩ පදක්කම් දිනා ගත්හ. අද දින පැවැත්වෙන ඇගයීම් උත්සවයේදී ජනාධිපතිතුමන් අතින් ඉන්දික දිසානායකට රුපියල් ලක්ෂ 40ක්ද, අනෙකුත් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට රුපියල් ලක්ෂ 30 බැගින්ද මුදල් ත්‍යාග පිරීනැමීමට නියමිතය. තවද මේ ජයග්‍රහණ සඳහා මඟ තනා දුන් පුහුණුකරුවන් වෙත ක්‍රීඩකයන්ට පිරිනැමෙන මුදලේ වටිනාකමින් සියයට 25ක වටිනාකමකින් යුත් මුදල් ත්‍යාග පිරිනැමෙනු ඇත.

    පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලකදී පදක්කම්ලාභීන් වෙත මෙතෙක් ඉතිහාසයේ ලබාදුන් ඉහළම මුදල් ත්‍යාග මෙය වේ. බ්‍රිතාන්‍යයේ පැවැති පොදු රාජ්‍ය මණ්ඩලයීය රාජ්‍ය නායක සමුළුව සඳහා දිවයිනෙන් බැහැරව ගොස් සිටි ජනාධිපතිතුමන් පෙරේදා (23) යළි මව්බිමට පැමිණි අතර එතුමන් පැමිණි පසු ඉටුකරන ප්‍රමුඛ කාර්යක් ලෙස මේ ඇගයීම් වැඩසටහන පැවැත්වීමට කටයුතු යොදා ඇත. මුදල් ත්‍යාග ලබාදීමේ ප්‍රමාදයක් ඇති බවට යම් පිරිස් පසුගිය දිනවල විවේඡන එල්ලකර තිබූණ ද මෙතෙක් ඉතිහාසයේ අඩුම කාලයකින් මුදල් ත්‍යාග ලබාදුන් අවස්ථාව මෙය ලෙස හැඳින්වේ. මේ ජයග්‍රාහී ක්‍රීඩකයන් වෙනුවෙන් වැඩබලන ක්‍රීඩා අමාත්‍ය ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා මහතාගේ ප්‍රධානත්වයෙන්ද ක්‍රීඩා අමාත්‍යංශයේ ඩන්කන් වයිට් ශ්‍රවණගාරයේදී සුවිශේෂී ඇගයීම් උළෙලක් සංවිධාන කර තිබිණි. එවකට හිටපු ක්‍රීඩා අමාත්‍ය නීතිඥ දයාසිරි ජයසේකර මහතා මේ අවස්ථාවට එක්විය.

    වැඩබලන ක්‍රීඩා අමාත්‍ය ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා මහතා පසුගියදා ක්‍රීඩා අමාත්‍යාංශයට අයත් ක්‍රීඩක ක්‍රීඩිකාවන් සඳහා වෙන් කෙරී ඇති නේවාසිකාගරයන්හි නිරීක්ෂණ චාරිකාවකද නියැළිණි. එහිදී බර ඉසිලීම් එහා බොක්සිං ක්‍රීඩක ක්‍රීඩිකාවන් මුහුණ දෙන ආහාරපාන, නේවාසිකාගර, පුහුණුවීම් ස්ථාන සම්බන්ධ ගැටළු පිළිබඳව සොයා බැලූ ඇමැතිවරයා එම ගැටළු විසදීමට අවශ්‍ය කඩිනම් පියවර ගැනීමටද කටයුතු කළේය.

  • අලුත් තේරීම් කමිටුව මාව ඉවත් කලේ කිසිම සාධාරණ හේතුවක් නැතුවයි

    අලුත් තේරීම් කමිටුව මාව ඉවත් කලේ කිසිම සාධාරණ හේතුවක් නැතුවයි

    2017 වසරේදී දක්ෂතා අතර සිටියද පත් වූ නව තේරීම් කමිටුව තමන්ට කිසිදු අවස්ථාවක් ලබා නොදී ජාතික ක්‍රිකට් කණ්ඩායමෙන් ඉවත් කළ බව ශ්‍රී ලංකා කණ්ඩායමේ වේගපන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග පවසයි.

    ඉන්දියාවේ සිට වැඩිදුරටත් අදහස් දැක්වූ මාලිංග “2017 දී මාව කණ්ඩායමෙන් ඉවත් කරන විට මම 2017 වර්ෂයේ ලෝකයේ විස්සයි – 20 වැඩිම කඩුලු ලාභීන් අතර තුන්වැනි තැන සිටියා. ලංකාවේ ක්‍රීඩකයන් අතර පළමුවැනි ස්ථානයේ සිටියා. එසේ සිටිද්දී තමයි නව තේරීම් කමිටුව මාව ඉවත් කළේ. මම තේරීම් කමිටුවෙන් මේ ගැන අසුවාම ඔවුන් ප්‍රකාශ කළේ කුඩා පරිමාණ තරගාවලිවලදී අලුත් ක්‍රීඩකයන් අත්හදා බැලීම සඳහා මාව ඉවත් කළා කියලයි. නමුත් ඔවුන් ඉතා වැදගත් තරගාවලියක් වූ නිදහස් කුසලාන විස්සයි-20 තරගාවලියෙනුත් මාව ඉවත් කළා. නිදහස් කුසලාන තරගාවලියට පෙර පැවැති අන්තර් සමාජ විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේ මම වැඩිම කඩුලු ලාභියා බවටත් පත් වුණා. මම දන්නේ නැහැ නිදහස් කුසලාන තරගාවලියෙන් මාව ඉවත් කරන්නට ඔවුන්ට සාධාරණ හේතුවක් තිබුණද කියලා” යනුවෙන් සඳහන් කර ඇත.

    කෙසේ වෙතත් මෙවර අයි.පී.එල්. තරගාවලියේ මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමේ පන්දු යවන්නන්ගේ උපදේශක ලෙස කටයුතු කිරීමට කළ ආරාධනාව ඉතාමත් සතුටින් භාරගත් බව පැවසූ මාලිංග තම ඉදිරි සැලසුම් පිළිබදව ද අදහස් දක්වමින් “අයි.පී.එල්. තරගාවලිය මැයි 26 දා නිමා වෙනවා. ඒ නිසා එළැඹෙන දකුණු අප්‍රිකානු ශ්‍රී ලංකා සංචාරයේදී මාව කණ්ඩායමට තෝරාගත්තොත් මට පුළුවන් උපරිමය රට වෙනුවෙන් කරනවා. කෙසේ වෙතත් මම 2019 හා 2020 වර්ෂවල හොඳින් ක්‍රීඩා කරල රටට ජයග්‍රහණයක් ගේන එක තමයි මගේ එකම බලාපොරොත්තුව. දැනට මම හොද ශරීර සෞඛ්‍යයෙන් පුහුණුවීම් කටයුතු හොඳින් සිදු කරමින් ඉන්නවා” යනුවෙන් ප්‍රකාශ කරන ලදී. 

  • පාන් කෑල්ලට ක්‍රිකට් ගහපු ක්‍රිස් ගේල්ගේ සංවේදී ජීවිත කතාව මෙන්න…

    පාන් කෑල්ලට ක්‍රිකට් ගහපු ක්‍රිස් ගේල්ගේ සංවේදී ජීවිත කතාව මෙන්න…

    පාන් කෑල්ලට ක්‍රිකට් ගහපු පුංචි කොල්ලා ක්‍රිස් ගේල්ගේ සංවේදී කතාව..

    “මන්දපෝෂණය හැදිලා තිබ්බත් ඔහු හොදින් පිත්ත හැසිරුවා”

    ඒ 1989 වසර.ජැමෙයිකාව.ලොව අවම ආර්ථික වර්ධනයක් සහිත රටක් වන ජැමෙයිකාවේ එවකට පාන් කෑල්ලක්,බනිස් ගෙඩියක් වෙනුවෙන් සිගමන් යදින පුංචි පිරිමි ළමුන් බොහොම සුලබ දර්ශනයක්.

    අදට වුනත් මේ තත්වයේ ලොකු වෙනසක් නෑ.ජැමෙයිකාව පුරාම මේ දුප්පත්කමට අමතරව තවත් බොහොම සුලබ දර්ශනයක් තිබුනා.ඒ තමයි ක්‍රිකට්.කෝටු කැබලි ටිකක් සිටුවලා,ලෑලි කැබැල්ලකින් රබර් බෝලයකට ගසමින් සෙල්ලම් කරන ජමෙයිකා පිරිමි ළමුන් වීදියක් වීදියක් ගානේ සොයාගන්න පුළුවන්.

    මෙන්න මෙහෙම ළමයින්ට ආධාර ලබාදෙන ආයතනයකින් පැමිණි කණ්ඩායමක් කුඩා ළමුන් ටිකක් සෙල්ලම් කරන අයුරු බලාගෙන සිටියා.ඔන්න විකට් එකක්.දැවී ගියපු පුංචි දරුවා සිමෙන්ති බංකුවක් මත නිදා උන් ඒ වයසේම පිරිමි ළමයෙකු ඇහැරවාගෙන පිටියට ගෙන ආවා.

    ඔයාගේ නම මොකද්ද?
    ක්‍රිස්

    සම්පුර්ණ නම?
    ක්‍රිස්ටෝපර් හෙන්රි ගේල්
    ක්‍රිස් කැමතිද ක්‍රිකට් ගහන්න?
    කැමති..හැබැයි හැමදාම පාන් දුන්නොත් විතරයි.

    අන්න එහෙම පාන් කෑල්ලට ක්‍රිකට් ගහන්න පැමිණි ක්‍රිස්ටෝපර් තමයි අද ඔබේ ක්‍රිකට් ලොව අසහාය වීරයා ක්‍රිස් ගේල්.අද ඔහුගේ ක්‍රීඩා විලාශයේ පොහොසත්කම නිසාම ගේල්ගේ බලය,ගේල් කුණාටුව,ලෝක බලවතා,විශ්ව බලවතා,හයේ මැෂිම,ස්පාර්ටන් වැනි විවිධ අන්වර්ථ නාම වලින් ඔහුව පිටියේ හැඳින්වෙනවා.ඔහුගේ සුන්දර,ප්‍රීතිමත් සිනහව පිටුපස එවන් කතාවක් තිබේවි යයි ඔබ මොහොතකටවත් සිතුවද?එහෙත් සත්‍ය එයයි.

    ගේල් උපදින්නේ ජැමෙයිකාවේ.ඔහුගේ පවුලේ සාමාජිකයන් 8 දෙනෙක්.පියා පමණක් රැකියාව කල මේ නිවසේ තිබුනේම අඟහිගකම් විතරයි.යන්තම් අවුරුදු 10 වෙනකොට ගේල්ට මන්ද පෝෂණය.සමහර දිනවල ගේල් හාමතේම ගිහින් පාන් කැබැල්ලකට ක්‍රිකට් සෙල්ලම් කරනවා.

    කන්න දෙයක් සොයාගත්තේ එහෙමයි.ක්‍රිකට් හැමදාම නැහැ.එවන් දිනවල ආහාර සොරකම් කිරීමට පවා ගේල් පෙළඹී තිබෙනවා.කුමක් කරන්නද?දුප්පත්කම නිසානේ.

    මෙහෙම උන්නු ගේල්ට සිම්සන් අන්ඩිරියාස් නම් මහත්මයා තමයි ක්‍රිකට් සෙල්ලම් කිරීමට අවස්තාවක් ලබාදෙන්නේ.එතැන් පටන් ජැමෙයිකාවේ ප්‍රසිද්ධ ක්‍රිකට් ලීගයක පිතිකරුවකු වන ගේල් ජාත්‍යන්තර ක්‍රීඩකයකු ලෙස කරලියට එන්නේ බටහිර ඉන්දීය කොදෙවු පිලට එක්වීමත් සමගයි.

    ලෝකය හමුවේ පොහොසත්ම හා දක්ෂතම ක්‍රිකට් තරුවක් වන ගේල් තම ළමා කාලය ගැන සිහිපත් කරන සෑම විටකම බොහොම සංවේදී වෙනවා’

    ගේල්ගේ දුප්පත්කම නිසා ක්‍රිකට් කවුන්සිලයෙන් කොන් කරනු ලැබූ අවස්ථා අප්‍රමාණ බව ගේල් පවසන්නේ දැඩි සිත් වේදනාවෙන්.ඒ වගේම තම වැටුප නියමිත පරිදි ලබා නොදුන් අවස්ථා ගැනිය නොහැකි තරම් බවත් ගේල් පවසන්නේ කලකිරීමෙන්.

    ඒ සියල්ල තමා නතර කිරීමට කරන ලද දේවල් බව ගේල් දැනගෙන සිටියා.ජීවිතයේ එන හැම ගැටළුවකටම සිනහවෙන් පිළිතුරු දුන් ගේල් අවසානයේ තම සටන ජයගෙන තිබෙනවා.අද ඔහු ලොව වටිනාම ක්‍රිකට් ක්‍රීඩකයෙක් බවට පත් වී හමාරයි.

    තමන් ගැන කිසි විටක උඩඟු නොවන ගේල් පවසන පරිදි සෑම අපහාසයකටම,කෙනෙහිලිකමකටම හොදම පිළිතුර තමයි උපේක්ෂාව සහ අත් නොහැරීම.ඔහුගේ සාර්ථකත්වයේ රහස එයයි.

    උපුටා ගැනීමකි