Category: සුපිරි Sports
-
විස්සයි විස්ස අද සිට
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර තරඟ 03 කින් සමන්විත විස්සයි විස්ස තරඟාවලිය අදින් ආරම්භ වෙයි.පළමු තරඟය අද රාත්‍රී 07.00 ට ඉන්දියාවේ ඔදිසා ප්‍රාන්තයේ බාරාබාති ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතය.දෙරට අතර තරඟ 03 කින් සමන්විත ටෙස්ට් තරඟාවලිය එකට බින්දුවක් ලෙස සහ එක්දින තරඟාවලිය දෙකට එකක් ලෙස ජය ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත් වුණි. -
උපුල් තරංග ශ්‍රී ලංකාවේ පළමු සහ එකම පිතිකරුවා වී ලොවේ තුන්වැන්නා වෙයි
2017 වසරේ එක්දින ලකුණු දහසේ සීමාව පසුකළ පළමු සහ එකම ශී‍්‍ර ලාංකික පිතිකරුවා බවට පත්වීමට උපුල් තරංග සමත් වුණා.
ඒ, ශී‍්‍ර ලංකාව සහ ඉන්දියාව අතර පැවතී එක්දින ජාත්‍යන්තර කි‍්‍රකට් තරගයේදීයි ලකුණු 95ක් රැස්කර ගැනීමත් සමගයි.
උපුල් තරංගට අමතරව මේ වසරේදී මෙම දස්කම දක්වා තිබුණේ විරාත් කෝලි සහ රෝහිත් ශර්මා පමණයි.
පන්දු 82කදී ලකුණු 95ක් ලබා සිටි තරංග ස්ටම්ප් කිරීමකට හසුව දැවී ගියා. ඔහුගේ ඉනිමට හතරේ පහර 12 ක් සහ හයේ පහර 3 ක් ඇතුළත් වුණා. ඔහු සහ සදීර සමරවික‍්‍රම සමග එක්ව දෙවන කඩුල්ල සඳහා ලකුණු 121 ක සබඳතාවක් ගොඩනැගුවා.
[rns_reactions]
-
ලංකා ක්‍රිකට් ඉතිහාසයේ දරුණුම පලිගැනීම
ඉදිරි එක්දින තරඟාවලිය සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ඊයේ (15) දින නම් කරනු ලැබුවත් ලසිත් මාලිංග සංචිතයේ හිටියේ නැහැ. මේ කියන්න යන්නේ ඒ ගැන, අපි හැමෝටම දුක හිතෙන කතාවක්.
මාලිංග ඉදිරි තරඟාවලියේ ක්‍රීඩා කරන්නේ නැහැ වගේම ඉදිරියත් කවදාවත්ම ලසිත් මාලිංග නොහොත් yoker king ශ්‍රී ලංකාව වෙනුවෙන් ක්‍රීඩා කරනවා දකින්න වෙන්නේ නැහැ.
මේකට මුලිකම හේතුව වෙලා තියෙන්නේ මාලිංග ක්‍රිකට් පරිපාලනය ගැන මධ්‍යයේ දෙහි කපපු එක. මාලිංග වෙනුවෙන් පරිපාලනය ඇටවූ උගුලේ ගැඹුර කිවහොත් අවුරුද්දේ හොඳම 20/20 පන්දු යවන්නා සම්මානය ලැබී මාස 3ක් යාමට මත්තෙන් කණ්ඩායමෙනුත් ඉවත් කරලා. මේ පළිගැනීමේ සැලසුම ගැන තවත් තහවුරු වෙයි මේ ටිකත් කියවුවහම
“අපි ලසිත් මාලිංගගේ ක්‍රිකට් ඉවර කරා” මේ ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුවේ ප්‍රභල සාමාජිකයන් දෙදෙනෙක් තමන්ගේ හිත මිතුරන්ට කියලා තිබුණ කතාවක්. ඉතිං තව කතා මොකටද. ආයිත් අපිට මාලි ලංකාව වෙනුවෙන් එක්දින හෝ විස්සයි විස්ස තරගාවලියකට සෙල්ලම් කරනවා දකින්න ලැබෙන්නේ නෑ. හැබැයි සමහර විට තව එකම එක දවසක් මාලිංග රට වෙනුවෙන් සෙල්ලම් කරනවා අපිට දකින්න ලැබෙයි. ඒ අනිවාර්යයෙන් මාලිංගගේ සමුගැනීමේ තරගය වෙයි. අපි බොහොම විශ්වාසයෙන් ඒ ගැන කියන්නේ අපිට ලැබුනු අතිශයින්ම විශ්වාසවන්ත තොරතුරු වලට අනූවයි.
මොකද ක්‍රිකට් පරිපාලකයෝ තීරණය කරලා තියෙනවා ලසිත් මාලිංග ක්‍රිකට් වලින් සමුගන්න තීරණය කරොත් විතරක් ඒ වෙනුවෙන් එකම එක තරගයක් ලබා දෙන්න. ඒ හැරෙන්න ලංකාව වෙනුවෙන් කිසිම තරගාවලියකට මාලිව ගන්නේ නෑ කියලයි පරිපාලකයෝ තීරණය කරලා තියෙන්නේ.
ඉතිං මේ ගැන ලසිත් මාලිංගගේ පාර්ශවයෙන් අපි විමසීමක් කරා. එතකොට අපිට දැන ගන්න ලැබුනේ මාලිංග මේ සම්බන්ධව කිසිම දෙයක් කියන්න කැමති නැති බවයි.
“මම කර බා ගෙන ඉන්නවා, එච්චරයි කියන්න තියෙන්නේ” මේ තමයි මාලිංග අපිට එවූ ප්‍රතිචාරය.
-
කාසියේ වාසිය ලංකාවට
ශ්‍රී ලංකා නායක තිසර පෙරේරා කාසියේ වාසිය දිනා ගත් අතර IS Bindra-PCA ක්‍රීඩාංගනයේ පැවැත්වෙන දෙවන එක්දින තරගයේ සංචාරක පළමුව පන්දු යැවීමට ශ්‍රී ලංකා පිල තීරණය කළා.
Dharmashala හි ඉන්දියාවට අත්වූ අන්ත පරාජයත් සමග ඉන්දියානු පිල තරඟාවලිය ජය ගැනීමට ඉතා තියුණු තරඟයක් දෙනු නොඅනුමානය.
නායක තිසර පෙරේරා තම කණ්ඩායමෙන් ඉල්ලා සිටින්නේ එවැනිම තරඟයක් මෙවරත් ලබා දීමටයි.
-
මුෂ්ෆිකර් රහිම්ට තැන නැති වෙයි
බංග්ලාදේශ ටෙස්ට් ක්‍රිකට් නායකයා ලෙස මුෂ්ෆිකර් රහීම් වෙනුවට ශකිබ් අල් හසන් පත්කර ඇත.
පිතිකරණ අංශයට වැඩි අවධානයක් යොමු කිරීම සඳහා මෙම වෙනස්කම සිදුකර ඇති බව වාර්තා වේ.
බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය පවසන්නේ ශ්‍රී ලංකාව සමග ලබන මාසයේ පැවැත්වීමට ටෙස්ට් තරගාවලියේ සිට ශකීබ් නායකයා ලෙස කටයුතු කරනු ඇති බවය. ඔහුගේ උප නායකයා ලෙස නම්කර ඇත්තේ මහමුදුල්ලා ය.
ඉදිරියේදී එරට ක්‍රිකට් පුහුණුකරු කවුරුන් දැයි ප්‍රකාශ කරන බවත් බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය පවසා ඇත. බංග්ලාදේශ ක්‍රිකට් ප්‍රධාන පුහුණුකරු ලෙස මෙතෙක් කටයුතු කළ චන්දික හතුරුසිංහ මහතා ලබන 20 වනදා සිට ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කිරීමට නියමිතය.
-
” ආසියාවේ කායවර්ධන ක්‍රීඩාව නගා සිටවූ” ආසියාවේ කලු සිංහයා අපේ ලූෂන්ට ඇමෙරිකාවෙන් උපහාර .!
ඇමරිකාවේ ටෙක්‌සාස්‌හි පැවැති ‘ග්ලෝබල් මිස්‌ටර් ඇට්‌ලස්’ කායවර්ධන තරගාවලිය නියෝජනය කළ ශ්‍රී ලංකාවේ අපේ ලූෂන් පුෂ්පරාඡ්ට එහිදී සිව්වැනි ස්‌ථානය හිමිවිය. ලොව ප්‍රමුඛතම කායවර්ධන තරගාවලියක් වන ‘ග්ලෝබල් මිස්‌ටර් ඇට්‌ලස්’ කායවර්ධන තරගාවලියට රටවල් 34ක් නියෝජනය කරමින් කායවර්ධන ක්‍රීඩකයන් සහභාගි වී තිබුණි. ශ්‍රී ලංකාවේම ක්‍රීඩා සම්මේලන වලින් එල්ල වූ පීඩන හා පෙත්සම් මැද ඇමෙරිකා එක්සත් ජනපදයට වීසා ලබා ගැනීම පවා ලූෂන්ට අපහසු වී තිබුණි.
එවැනි අවස්තාවක , ප්‍රමාද වී ඇමෙරිකා එක්සත් ජනපදයට ගිය ලූෂන් පුෂ්පරාජ්ට සිය පෙර පුහුණුවීම් ඇරඹීමට සිදුවූයේ ප්‍රමාද වී බව සදහන්, කෙසේ වෙතත් එලෙස නොයෙකුත් තාඩන පීඩන මැද්දේ සමස්ත ශ්‍රී ලාංකිකයන්ගෙම ආදරය හා ආශීර්වාදය සමග තරග කළ ලූෂන් මුල් වටයේ ඉහළ ලකුණු ලබා අවසන් වටයට තේරී පත් විය.
ඇමෙරිකා එක්සත් ජනපදයේ ජීවත් වන ශ්‍රී ලාංකිකයන් ලූෂන්ට දිරි දීමට සිංහ කොඩි රැගෙන පැමිණ තිබුනද මෙම තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් , සිංහ කොඩිය යටතේ තරග වැදීමට ලූෂන්ට වරම් නොවීය, ඒ ශ්‍රී ලංකා කායවර්ධන සම්මේලනය විසින් ලූෂන් පුෂ්පරාජ්ට ජීවිතාන්තය තෙක් තරග තහනමක් පනවා තිබෙන නිසාය.
කෙසේ වෙතත් පුංචි ශ්‍රී ලංකාවේ ඉපිද , නිළධාරීන් සහ සංගම් කකුලෙන් අදිද්දි , පීඩ මැදින් ලොව හොදම කායවර්ධන තරගාවලියක , හොදම කාාවර්ධකයන් පස් දෙනා දෙනා අතරට ප්‍රවිෂ්ඨ වීමම මහා ජයග්‍රහනයක් බව විචාරකයන් සදහන් කර තිබුණි. තරගාවලියේ පළමු හා දෙවැනි ස්‌ථාන සත්කාරක ඇමරිකානු ක්‍රීඩකයන්ට හිමිවූ අතර තෙවැනි ස්‌ථානය අසල්වාසී ඉන්දියාවට හිමි විය.
මෙහිදි විශේෂත්වය වූයේ “ආසියාවේ කලු සිංහයා” ලෙසින් හැදින්වෙන ශ්‍රී ලංකාවේ අපේ ලූෂන් පුෂ්පරාජ්ට ආසියාවේ කායවර්ධන ක්‍රීඩාව වෙනුවෙන් සිදුකරනු ලබන සේවය උදෙසා විශේෂ ඇගයීම් සම්මානයක් ලබාදීමටද සංවිධායකයෝ කටයුතු යොදා තිබීමයි, තරගාවලිය පුරාවටම ආසියාවේ කායවර්ධන ශූරයා ලෙස ලූෂන් පුෂ්පරාජ්ට ඉහළ අවදානයක් යොමු වී තිබුණු අතර තරගාවලියේ ජනප්‍රියතම ක්‍රීඩකයෙක් ලෙසද ලූෂන් වැජබීම ශ්‍රී ලංකාවටම අභිමානයකි.
මෙහිදි ලූෂන් පුෂ්පරාජ්ට සම්මානය ලබා දෙන ඇමෙරිකානු නියෝජිතයා පැවසූවේ ” අද ඔබට ඔබගේ අරමුණ ඉටු කර ගන්නට නොහැකි වන්නට ඇත , නමුත් ඔබ කායවර්ධන ක්‍රීඩාව වෙනුවෙන් , ඔබගේ රට වෙනුවෙන් , ආසියාව වෙනුවෙන්ම , ලෝකය වෙනුවෙන්ම විශේෂ දෙයක් කළා , ඔබ ඔබගේ රටේ තරුණයන්ට ආදර්ශයක් , ඔබගේ රටට විතරක් නෙවෙයි , මුලු රටටම , ඔබ ජාතික වීරයෙක් . දහස් ගණනක් තරුණයන්ට ඔබ වගේ වීමට අවශ්‍යව තිබෙනවා , ඔබයි කලු සිංහයා” යනුවෙනි.
ලූෂන් පුෂ්පරාජ්ට සම්මානය ලබා දුන් සංවේදී මොහොත
[rns_reactions]
-
ලාංකීය පුරවැසිභාවය නැති ෆාතිමා මේසපන්දු සමස්තලංකා තරඟ වලට යනකල් සංගමය බුදි…

අන්තර්ජාතික සහ ජාතික මට්ටමේ නීති රාමුව තුල රටක පුරවැසිභාවය නොමැති ක්‍රීඩකයකුට හෝ ක්‍රීඩිකාවකට එම රටේ ශ්‍රේණිගත කිරීම් සදහා ඇතුලත් වීමට නොහැකි බව අප කවුරුත් දන්නා කරුණකි එසේ වුවත් ෆාතිමා ඩිමා අලි නමැති මාලදිවයින් ජාතික මේස පන්දු (table tennis) ක්‍රීඩිකාවක් වසර තුනක පමණ කාලයක සිට සමස්ත ලංකා ශ්‍රේණිගත කිරීමේ තරගාවලි වලට හා කනිෂ්ට ජාතික තරගාවලි වලට සහභාගී කරවීමට පුහුණු කරුවන් කටයුතු කරමින් සිටි. ශ්‍රී ලංකා මේස පන්දු සංගමය මේ ගැන මේ වනතුරු කිසිම සොයාබැලීමක් කර නැති අතර ඒ මන්ද යන්න මේස පන්දු ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහ පුහුණුකරුවන් අතර කතාබහට ලක්වන කරුණක් වී ඇත. ඇතැමුන් පවසන අන්දමට මාලදිවයිනේ ලොකු දේපලකට හිමිකම්මෙ කියන මෙම ක්‍රීඩිකාවගේ දෙමව්පියන්ගේ මුදලට යටවී මෙම සංගමය සහ ඇතැම් පුහුණු කරුවන් මෙම ක්‍රීඩිකාවට තරගකිරීමට අවස්ථාවක් ලබා දෙන බවය…
මේස පන්දු පුහුණුකරුවන් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පවසන්නේ මෙම ක්‍රියාව ලංකාවේ අනෙකුත් ක්‍රීඩිකාවන්ට කරන මහත් අසාධාරණයක් බවත් ලංකාවේ ක්‍රීඩිකාවන් මේ හේතුවෙන් විශාල අසීරුතාවයකට පත්ව ඇති බවත්ය.
-
ආසියානු පාසැල් රට හරහා දිවීමේ ජය ලංකාවට
හොංකොංහි පසුගියදා නිමාවට පත්වූ රටවල් 9ක සහභාගීත්වයෙන් පැවැති 3 වැනි ආසියානු පාසල් රට හරහා දිවීමේ ශූරතාවලියේදී අවුරුදු 17න් පහළ බාලිකා හා බාලක ශූරතා දෙකම දිනාගැනීමට ශ්‍රී ලංකාව සමත්විය.
ඒ අනුව අවුරුදු 17න් පහළ බාලිකා තරගාවලියේදී වලල රත්නායක මහ විදුහලේ ක්‍රීඩක-ක්‍රීඩිකාවන්ගේ විශිෂ්ට දස්කම් මතුව තිබූ අතර, ඒ අතුරින් චාමිනී හේරත්ට රන් පදක්කමත්, ජයන්ති කනකරත්නට රිදී පදක්කමත්, ප්‍රසන්ති රත්නායකට ලෝකඩ පදක්කමත් හිමිවීම කැපී පෙනුණි.
අවුරුදු 17න් පහළ බාලක තරගාවලියේදී කෑගල්ල රන්දිවල විදුහලේ චමිඳු මධුසංක රත්නායකට ලෝකඩ පදක්කමත්, වලල රත්නායක විදුහලේ හර්ෂ කරුණාරත්නට සිවුවැනි තැනත්, එම විදුහලේම සිතුම් සංජය ඩෙන්සිල්ට හයවැනි තැනත් හිමිවිය.
කෙසේ වුවත් මෙම තරගාවලියේ අවුරුදු 17න් පහළ කාන්තා අනු ශූරතාව හා තෙවැනි ස්ථාන පිළිවෙළින් තායිලන්තයට හා සත්කාරකයන්ට හිමිවෙද්දී බාලක අනු ශූරතාව හා තෙවැනි ස්ථාන පිළිවෙළින් චීනයට හා ඉන්දුනීසියාවට හිමිවිය.
-
කරන්ට් එක නැතිව සංගක්කාරට කේන්ති ගිහින්…
පහුගිය දවස් වල ඇතිවූ ආපදා තත්වය හේතුවෙන් ලංකාවේ බොහෝ ප්‍රදේශ වල විදුලිය බිඳ වැටුනා .ඔය අතරෙ සංගක්කාරටත් කරන්ට් එක නැතිවෙලා.ඉතිං සංගක්කාර විදුලිබල මණ්ඩලේට කොල් කරල.සෑහෙන උත්සාහ කරත් සම්බන්ධ කර ගන්න බැරි වෙලා තියෙනවා
ඉතින් සංගක්කාර 30 වෙනිද තමන්ගේ ට්විටර් ගිණුමේ මෙන්න මෙහෙම පණිවිඩයක් තියල.

මේ පණිවිඩයට ගොඩක් කට්ටිය ප්‍රතිචාර දක්වලා තියෙනවා..අන්තිමේ කොහොම හරි 4 වෙනිද කරන්ට් එක ලැබිල තියනවා.ඊට පස්සෙ මෙන්න මේ විදිහට විදුලිබල මණ්ඩලයට ස්තූති කරන්නත් සංගක්කාර අමතක කරල නෑ…


-
සුපිරි ක්‍රිඩක සනත් අළුත් ඉනිමක් අරඹයි…
සනත් ජයසූරිය මෙරට ක්‍රිකට් වංශ කතාවේ නොමැකෙන සළකුණක් තැබූ ලෝක පූජිත ක්‍රිකට් තරුවකි.
ඔහුගේ ආදර ලෝකය විටින් විට බිඳ වැටුණු අතර එය ජනතාව අතර ද විවිද අයුරින් කතාබහට ලක් වුණා.
අප මේ කතා කරන්නේ ඔහුගේ පැරණි ආදර කතාන්දර පිළිබඳව නොවේ..ඔහුගේ අලුත්ම ආදර කතාව පිළිබඳවයි.
සබීනා මනිකු නම් වන ඇය මාලදිවයිනේ ජනප්‍රිය තරුණියක වන අතර ඇගේ පියා එරට මුල් පෙළේ ව්‍යාපාරිකයකු වනවා.
එම පවුලේ එකම දරුවා වන ඇය අධ්‍යාපනය ලැබුවේ ස්විට්සර්ලන්තයේයි.
[rns_reactions] -
ක්ලිෆර්ඩ් කුසලාන බොක්සිං තරඟාවලිය අද සිට දින පහක් පුරා
91 වැනි ක්ලිෆර්ඩ් කුසලාන බොක්සිං ශූරතා තරගාවලිය අද (5දා) සිට 9 වැනිදා දක්වා රාජකීය විදුහල් ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතව ඇත.
මෙම තරගාවලිය සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් 164 දෙනෙක් සහභාගි විමට නියමිතය.
කෙසේ වෙතත් පසුගිය වසරේදී ස්ලිම්ලයින් ක්‍රීඩා සමාජය නොකඩවා 5 වැනි වරටත් ක්ලිෆර්ඩ් කුසලානය දිනාගෙන තිබූ අතර පසුගිය වසරේ පැවැති තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයාට හිමිවන එච්. කේ. කරුණාරත්න අනුස්මරණ කුසලානය ස්ලිම්ලයින් ක්‍රීඩා සමාජයේ ඩී. සපරමාදු විසින් දිනාගෙන තිබිණි.
මේ අතර 2016 වසරේදී ලේතන් කුසලානය දිනාගත් කිලෝග්‍රෑම් 49 බර පන්තියෙන් තරග වදින හෙළ බොක්සිං ක්‍රීඩා සමාජයේ තිවංක රණසිංහ, මේ වසරේ ලෝක ශූරතා බොක්සිං තරගාවලිය සදහා සුදුසුකම් ලැබූ කිලෝග්‍රෑම් 64 බර පන්තියෙන් තරග වදින ස්ලිම්ලයින් ක්‍රීඩා සමාජයේ දිනිදු සපරමාදු හා යුනිචෙලා ක්‍රීඩා සමාජය නියෝජනය කරන අනූශා කොඩිතුවක්කු යන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ද මෙවර තරගාවලිය සඳහා ඉදිරිපත් වීම තුළින් මෙවර තරගාවලිය වඩාත් තියුණුු මුහුණුවරක් ගනු ඇතැයි පැවැසේ.
-
පොලිසිය පරාදයි
ඩයලොග් අන්තර් සමාජ රග්බි තරඟාවලියේ පස් වන සති අන්ත තරඟ වර්ෂාව අතරින් නිමාව දකින විට ශ්‍රී ලංකා නාවික හමුදා ක්‍රීඩා සමාජය, හැව්ලොක් සහ මහනුවර යන සමාජ වල කණ්ඩායම් ජයග්‍රහණ ලබා ගත් අතර සී.එච්. ඇන්ඩ් එෆ්.සී කණ්ඩායම හා පොලිස් කණ්ඩායම අතර තරඟය ජය පරාජයකින් තොරව අවසන් විය.
ඒ අනුව සිකුරාදා (1දා) පැවැති කොළඹ සී.එච්. ඇන්ඩ් එෆ්.සී. ක්‍රීඩා සමාජ කණ්ඩායම සහ පොලිස් ක්‍රීඩා සමාජ කණ්ඩායම අතර තරගයේදී දෙපිලම ලකුණු 21ක් බැගින් වාර්තා කිරීම නිසා මෙවර තරගාවලියේදී මෙතෙක් කිසිදු ජයග්‍රහණයක් ලබා ගැනීමට අපොහොසත්වූ පොලිස් කණ්ඩායමට තම පළමු ජයග්‍රහණය ලබා ගැනීමට තිබු අවස්ථාව මඟහැරී ගියේය. එනම් තරගයේ පළමු භාගයේදී ලකුණු 13-12ක් ලෙස පොලිස් පිල ඉදිරියෙන් සිටියද දෙවැනි භාගයේදීද සටන අත්නොහැර සී.එච්. ක්‍රීඩකයෝ තවත් ලකුණු 9ක් එකතු කර ගන්නා විට පොලිස් කණ්ඩායමට එක් කර ගත හැකිවූයේ තවත් ලකුණු 8ක් පමණි. ඒ අනුව තරගය අවසානයේ කණ්ඩායම් දෙක ඉදිරියේම ලකුණු පුවරුවේ සටහන් වූයේ ගෝල 1ක් , උත්සාහක දිනුම් 1ක් සහ දඬුවම් පහර 3ක් වශයෙනි.
මේ අතර එදිනම වැලිසරදී පැවති ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ගුවන් හමුදාව අතර ගැටුමේදී ලකුණු 10 (ගෝල 1, දඬුවම් පහර 1ක්) ට 0ක් ලෙස ජයගන්නට නාවික හමුදාව සමත් වූයේ මෙවර තරග වාරයේ සිවුවැනි ජයග්‍රණයද සටහන් කරමිනි. ඒ අනුව මෙවර සිවුවැනි පරාජය වැලඳගන්නට ගුවන් හමුදාවට සිදුවෙද්දී පෙරේදා (2දා) කොළඹ පැවැති තරග දෙකේදී සී.ආර්. කණ්ඩායම පරදා මහනුවර පිලත් යුද හමුදාව පරදා හැව්ලොක්ස් පිලත් ජයග්‍රහණ වාර්තා කිරීමට සමත් වූහ. මහනුවර හා සී.ආර්. ඇන්ඩ් එෆ්.සී කණ්ඩායම් තරගයේ පළමු භාගය අවසන් වන විට ලකුණු 12-5ක් ලෙස ඉදිරියෙන් සිටි මහනුවර කණ්ඩායම අවසානයේදී ගෝල 2ක් සහ උත්සාහක දිනුම් 2ක් සමඟින් ලකුණු 24ක් ලබා ජයග්‍රහණය සටහන් කරන විට සී.ආර්. ඇන්ඩ් එෆ්.සී. කණඩායම ගෝල 1ක් හා උත්සාහක දිනුමකින් ලකුණු 12ක් වාර්තා කළේය.
තවද කොළඹ හැව්ලොක්ස් සහ ශ්‍රී ලංකා යුද හමුදා කණ්ඩායම් අතර තරගයෙන් ලකුණු 29ට 14ක ජයක් හැව්ලොක්ස් කණ්ඩායමට හිමි විය. හැව්ලොක්ස් කණ්ඩායම ගෝල දිනුම් 3ක් උත්සාහක දිනුම් 1ක් සහ දඬුවම් පහරක් ඇසුරෙන් ලකුණු රැස්කර ගන්නා විට ගෝල 2ක් මඟින් යුද හමුදා පිලට ලකුණු වාර්තා විය. එම තරගයේ පළමු භාගය නිමා වන විටද ලකුණු 21-14ක් ලෙස හැව්ලොක්ස් ක්‍රීඩකයෝ ඉදිරියෙන් සිටි අතර දෙවැනි භාගයේදී කිසිදු ලකුණක් ලබා ගැනීමට ඔවුන් විසින් යුද හමුදා ක්‍රීඩකයන්ට ඉඩ ලබා නොදීමද කැපී පෙනුණි. කෙසේ වෙතත් පසු ගිය සති අන්තයේ පැවැති මෙම තරගවලදී ක්‍රීඩාංගණවල තෙත බරිත තත්වයන් හේතුකොට ගෙන කිසිදු කණ්ඩායමකට තම උපරිම දක්‍ෂතාවන් අතරට යෑමට නොහැකි විය.
-
පාසැල් හොකී තරඟාවලිය දෙසැ.8-10
නොවැම්බර් 29න් අයදුම්පත් භාර ගෙන අවසන් වූ පාසැල් හොකී සංගමය විසින් සංවිධානය කරන අවුරුදු 14න් පහල බාලක/බාලිකා හොකී තරඟාවලිය දෙසැම්බර් 8, 9, 10 යන තෙදින මහනුවර අස්ගිරිය ක්‍රීඩාංගනයේ දී පැවැත්වේ.
මෙය කාණ්ඩ 3ක් යටතේ ලීග් ක්‍රමයට පැවැත්වීමට නියමිතය.
-
දුර්වල මාලිංග මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමෙන් දොට්ට .!
අයි.පී.එල්. පන්දුවාර විස්‌සයි විස්‌ස ක්‍රිකට් තරගාවලියේ ආරම්භයේ සිටම මුම්බායි ඉන්දියන්ස් කණ්‌ඩායමේ නිත්‍ය සාමාජිකයෙක් වූ ලසිත් මාලිංග, ලබන වසරේ පැවැත්වෙන තරගාවලියේදී නිදහස් කර දැමීමට මුම්බායි කළමනාකාරීත්වය තීරණය කොට තිබෙන බව සදහන් .
ඉන්දීය ප්‍රිමීයර් ලීග් තරගාවලියේ ආරම්භයේ පටන් වෙන්දේසියට නොදමා , රදවා ගත් එකම ක්‍රීඩකයා ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංගයි.
තවද ඉන්දීය ප්‍රීමියර් ලීග් ඉතිහාසයේ වැඩිම කඩුලු ලාභියා මෙන්ම හොදම පන්දු යවන්නා ලෙසද සැලකෙන්නේ ලසිත් මාලිංගයි,
ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලි ද්විත්වයක ශූරතාවය මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම විසින් හිමිකර ගත් අතර , එම තරගාවලි දෙකෙහිම ලසිත් මාලිංගගෙන් සිදුවූ සේවය අතිවිශිෂ්ඨයි,
මීට අමතරව ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ වැඩිම කඩුලු ලාභියාට ලබා දෙන දම් පැහැති හිස් ආවරණය 2011 වසරේදී දිනා ගත් ලසිත් මාලිංග ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ දවා ගෙන තිබෙන කඩුලු ගණන 154ක්.කෙසේ වෙතත් ලසිත් මාලිංග ගේ වර්තමාන දක්‍ෂතා සැලකිල්ලට ගනිමින් සහ ඔවුන්ට නිත්‍ය සාමාජිකයන් 4-5 ක් පමණක් රඳවා ගැනීමට සිදුවීමෙන් මාලිංගව නිදහස් කිරීමට තීරණය කළ බව මුම්බායි කණ්‌ඩායම් කළමනාකාරීත්වය ලසිත් මාලිංග මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමෙන් ඉවත් කිරීමේ තීරණය දැනුම් දෙමින් මෙලෙස පවසනවා.
ඒ අනුව ව එළැඹෙන අයි.පී.එල්. තරගාවලියේදී ලසිත් මාලිංගව ප්‍රසිද්ධ වෙන්දේසියකින් කණ්‌ඩායම්වලට අවශ්‍ය නම් තෝරා ගැනීමට හැකි වන අතර , කිසිදු කණ්ඩායමක් විසින් හෝ ඔහුව මිලදී නොගතහොත් ලසිත් මාලිංග ඉන්දීය ප්‍රිමීයර් ලීග් තරගාවලියෙන් ඉවතට විසි වනු ඇති.

කෙසේ වෙතත් ලසිත් මාලිංග මින් පෙර ඉන්දීය පුවත්පතක් සමග සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමින් පවසා තිබුනේ ” ක්‍රිකට් ක්‍රීඩාවේ දෙවියන් එවකට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ නායක සචින් තෙන්දුල්කාර් බවත් , තමන්ගේ ප්‍රියතම නගරය මුම්බායි නගරය බවත් ය”.ලසිත් මාලිංග 2011 වසරේ අයි.පී.එල් තරගාවලිය ක්‍රීඩා කරමින් සිටියදි ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමට එංගලන්ත සංචාරයක් යෙදුනු අතර , ඉන් පසුව 2011 වසරේදී ලසිත් මාලිංග ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමු ගත්තා.
[rns_reactions]
-
‘X-30 Asia Cup’ ජනවාරි 13-14
සිලෝන් මෝටර් ස්පෝර්ට්ස් ක්ලබ්, ඩේවිඩ් පීරිස් සමූහ ව්‍යාපාරයේ සාමාජික සමාගමක් වන ඩේවිඩ් පීරිස් රේසිං ඇන්ඩ් ලෙෂර් (පුද්.) සමාගම එක්ව සංවිධානය කරන ‘X-30 Asia Cup’ ගෝ-කාර්ට් තරගාවලිය 2018 ජනවාරි මස 13 හා 14 යන දෙදින තුළ බණ්ඩාරගම ශ්‍රී ලංකා කාර්ටින් සර්කිට් හිදී පැවැත්වේ.
‘X-30 ගෝ-කාර්ට් තරගාවලියක් අග්නිදිග ආසියාවෙන් පිටත පැවැත්වෙන ප්‍රථම අවස්ථාව මෙය වන අතර මෙම ජාත්‍යන්තර තරග කාණ්ඩය තුළ ආසියාව සහ යුරෝපය නියෝජනය කරන ධාවන ශූරයන් ‘X-30’ ගෝ-කාර්ට් තරගාවලිය සඳහා එක් වෙති.
වයස අවුරුදු 8 සිට ඉහළට විහිදෙන ධාවන පන්ති ක්‍රමයක්, එන්ජින් මාදිලි 6ක්, ජාත්‍යන්තර ඉසව් 2ක් සහ මහද්වීප මට්ටමේ තරග ඉසව් කිහිපයක් සහිත මෙම තරගාවලිය ලොව වඩාත්ම සාර්ථක සහ විවිධත්වයෙන් සපිරි තරගාවලියක් ලෙස සැලකේ. ඒ අනුව කැඩෙට් පන්තිය (වයස අවුරුදු 8 සිට 12 දක්වා), කනිෂ්ඨ පන්තිය (අවුරුදු 12 සිට 15 දක්වා), ජේයෂ්ඨ පන්තිය (අවුරුදු 14 සිට 30 දක්වා), ප්‍රවීණ පන්තිය (අවුරුදු 30 සිට ඉහළට) සහ සුපර් ෂිෆ්ටර් ලෙස ‘X-30 Asia Cup’ ගෝ-කාර්ට් තරගාවලිය තරග කාණ්ඩ 5 කින් සමන්විත වේ.
ගෝ-කාර්ට් එන්ජින් නිෂ්පාදනය කරන ප්‍රධානතම ජාත්‍යන්තර සමාගම වන සහ කාර්ටින් තරග ප්‍රවර්ධනය කිරීමේ පුරෝගාමීන් වන ධ්ඒර්ඡ් හි සංකල්පයක් මත ආරම්භ වූ ‘X-30’ තරගාවලිය මේ වන විට පරිපූර්ණ ධාවන තරගාවලියක් බවට විකාශනය වී ඇති අතර ඒ සඳහා රටවල් 25 කට අධික සංඛ්‍යාවක් නියෝජනය කරමින් ධාවකයෝ තරග වදිති.
-
ඉන්දියාවම පැවිලියන් එකේ
ඊයේ පැවති ඉන්දු-ශ්‍රී ලංකා ටෙස්ට් තරඟයේ පළමු ඉනිමට සියල්ලන් දැවී ලකුණු 172ක් ලබාගැනීමට ඉන්දියාව සමත් වුනා.




