අවුරුද්දට නෑගම් යන්න, Tripඑකක් යන්න ආණ්ඩුවෙන් Sup එකක් ඇත්තෙම නැද්ද..?

අවුරුද්දට නෑගම් යන්න, Tripඑකක් යන්න ආණ්ඩුවෙන් Sup එකක් ඇත්තෙම නැද්ද..?
Spread the love

මෙවර ඉන්ධන මිල සංශෝධනයේදී සැලකිය යුතු මුදලකින් ඉන්ධන මිල පහළව යාවි යැයි ජනතාව අපේක්ෂාවෙන් සිටියහ. එහෙත් එම අපේක්ෂාවන් ඊයේ ඉන්ධන මිල සංශෝධනයන් නිකුත් කිරීමත් සමඟ පහව ගියහ.

සාමාන්‍ය ජනතාව බහුලව භාවිතා කරන ඔක්ටේන් 92 සහ ඔටෝ ඩීසල් වල මිල ගණන් එක රුපියලකින්වත් පහළ නොදැමීම සම්බන්ධයෙන් ජනතාව ඇත්තේ කනස්සල්ලෙනි.

නව මිල ගණන් සංශෝධනයට අනුව 95 ඔක්ටේන් වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 07කින් පහත දැමීමට තීරණය කර තිබේ. එහි නව මිල රුපියල් 440කි.

එසේම ලංකා සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 72කින් පහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 386කි.

භූමිතෙල් මිල ලීටරයක රුපියල් 12කින් අඩු වී ඇති අතර එහි නව මිල වන්නේ රුපියල් 245කි.

කෙසේ වෙතත් 92 ඔක්ටේන් වර්ගයේ පෙට්‍රල් වල සහ ඔටෝ ඩීසල් වල මිලෙහි වෙනස් සිදු වී නොමැත.

එම මිල ගණන් සංශෝධනය අනුව ලංකා ඓOC ඉන්ධන මිල ගණන්ද සංශෝධනය කරනු ඇත. එමෙන්ම සයිනොපෙක් ඉන්ධන මිල ගණන්ද ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ මිල ගණන් අනුව සංශෝධනය කර ඇත.