Lady Gaga දිගුකාලීන පෙම්වතා වූ Michael Polansky සමඟ විවාහ ගිවිසගෙන ඇති බව වාර්තා වේ. ඇය 2024 පැරිස් ඔලිම්පික් උළෙලේදී ප්‍රංශ අගමැති ගේබ්‍රියෙල් ඇටල් / Gabriel Attal සමඟ කළ සංවාදයකදී මෙම පුවත බෙදා ගත්තාය. ජුලි 28 වෙනිදා ඔවුන් එකට පිහිනුම් ඉසව්වක් නරඹන අතරතුර Gaga ඇගේ “පෙම්වතා” ලෙස Polansky හඳුන්වා දුන්නාය.
Attal සංවාදයේ වීඩියෝවක් TikTok හි පළ කර ඇති අතර, එහි “සමාරම්භක උත්සවයේ දී ඔබගේ විශිෂ්ට රංගනයට ස්තූතියි Lady Gaga. එය විශ්මයජනකයි ! යනුවෙන් සඳහන් කර තිබුණේ ය.”
ජුලි 26 වෙනිදා පැවති ඔලිම්පික් සමාරම්භක උත්සවයේදී ප්‍රංශ ගායිකා Zizi Jeanmaire සහ Gaga ප්‍රේක්ෂකයින් විශ්මයට පත් කළේය.
විවාහ ගිවිස ගැනීමේ කටකතා වලට උත්තේජනයක් ලබා දෙමින් පසුගිය අප්‍රේල් මාසයේ දී ලේඩි ගගා දිදුලන මුද්දක් පැළඳ සිටිනු දැකගත හැකි විය. ඇය සහ තාක්‍ෂණික ආයෝජකයෙකු වන පොලාන්ස්කි 2020 සිට එකට ජීවත් වී ඇති අතර, ඔවුන්ගේ සම්බන්ධතාවය Instagram නිල වශයෙන් 2020 පෙබරවාරි මාසයේදී Super Bowl හිදී සිදු කළේය. Gaga සමග ඇයගේ Born This Way පදනමේ වැඩ කරන Polansky ඇයගේ ජීවිතයට නිරන්තර සහයෝගයක් ලබා දී ඇත.
ලාස් වේගාස් හි පැවති අලුත් අවුරුදු සාදයක දී ඔවුන් සිප ගන්නා අයුරු ඡායාරූප ගත කිරීමත් සමඟ ඔවුන්ගේ සම්බන්ධය ප්‍රසිද්ධියට පත් විය.
Filmfere.com ඇසුරිණි
සකස් කළේ – මධූ වික්‍රමසිංහ