පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හතළිහකට ආසන්න පිරිසක් සිය ගමන් බිමන් සඳහා අඩු වියදම් සහිත කුඩා වාහනවලට යොමුවී සිටී.
ඒ ඔවුන්ට ඇතිවී තිබෙන ආර්ථික ගැටලු හේතුවෙන් සුඛෝභෝගී වාහන නඩත්තු කිරීමට නොහැකි වීම හේතුවෙනි.
මෙම මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තු රැස්වීම් වලට සහභාගි වීම මෙන්ම විවිධ උත්සව සඳහා පැමිණීමද සීමා කර ඇත්තේ අධික ඉන්ධන වියදම හේතුවෙනි.
තවත් මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු බස්රථ දුම්රිය ඇතුළු පොදු ප්‍රවාහන සේවාවන් භාවිතා කිරීමට පුරුදු වී ඇත.
තවත් මන්ත්‍රී පිරිසක් තමන් සතුව පැවති වැඩි වටිනාකමකින් යුතු වාහන විකුණා දැමීමටද කටයුතු කර තිබේ.