Blog

  • හමුදාපතිතුමනි, ‘කොළඹ මැද පන්තියට’ නිරෝධාන ඇඳිරිනීතිය වලංගු නැද්ද ?

    හමුදාපතිතුමනි, ‘කොළඹ මැද පන්තියට’ නිරෝධාන ඇඳිරිනීතිය වලංගු නැද්ද ?

    “මොන කෙහෙල්මලක් කරන්නද ඇඳිරි නීතිය එක්ක දිග සති අන්තයක් ගෙදෙට්ට කොටු වෙලා?” යැයි ඉංග්‍රීසියෙන් අසමින් මගේ මිත්‍රයෙකු බියර් කේස් දෙකක් රැගෙන බදාදා හවස කීල්ස් සුපමාකට් එකෙන් පිටව ගියේ “We are buggering off to Galle machaang” (අපි ගාලු යන්න යනවා මචාං) යැයි කියමිනි.

    ඇමෙරිකානු රාජ්‍ය ලේකම් බදාදා දහවල කටුනායකින් පිටත්ව ගිය වහා ඊළග ප්‍රවෘත්තිය වූයේ බස්නාහිර පළාතට බ්‍රහස්පතින්දා මධ්‍යම රාත්‍රී සිට සඳුදා අළුයම 05 වනතෙක් ඇඳිරි නීතිය පනවන බවය. ඒ නැතත් මේ සති අන්තය සිකුරාදා (ඔක්.30) පෙහොය නිවාඩුව සමගින් දිගු සති අන්තයක් විය. එහෙත් සති අන්තයේ කොළඹින් බැහැරව යන්නට පෞද්ගලික අංශයේ මූල්‍ය කලමනාකරුවකු වන මගේ මිත්‍රයා තීන්දු කර ඇත්තේ ඇඳිරි නීතිය පැනවීමෙන් පසුව ය. එය කොළඹ ඉහළ මැද පංතියේ පොදු තීන්දුවක් බඳු විය.

    ඊයේ හවස් වරුවේදී හිතවතෙකුගේ දුරකතන ඇමතුමකට මඳ කාලයක් වැඩිපුර ගෙවන්නට සිදුවූයේ ඔහුගේ විස්තරයක් හේතුවෙනි. “මිනිස්සු තොගේට ගමේ යනවා…..ගිහින් කෝවිඞ් තියලා එයි” කියා ඔහු කළ චෝදනාත්මක කතාව හේතුවෙන් ය. ඒ හේතුවෙන් මම ඔහු සමග දිගු වාදයක පැටලුනෙමි. ඒ වාදයේ මගේ තර්කය හා පැහැදිලි කිරීම සාරාංශගත කළහොත් එය මෙවැනිය.

    සාමාන්‍ය කතා බහේ අප “ඒ මිනිස්සු….මේ මිනිස්සු” යැයි හඳුන් වන්නේ නගරයේ සහ ගමෙන් නගරයට පැමිණි අඩු ආදායම්ලාභි සාමාන්‍ය දිවි පෙවෙතක් ගෙවන මිනිසුන්වය. නගරයේ ඉහළ මැද පංතියෙහි “මහත්වරු – නෝනාමහත්වරු” මිස “මිනිස්සු” නැත. එනිසා “මිනිස්සු තොගේට ගමේ යනවා…..” යැයි කියූ විට ඉන් කියැවෙන්නේ අර අඩු ආදායම්ලාභි සාමාන්‍ය දිවි පෙවෙතක් ගෙවන මිනිසුන් කොළඹ නගරය අත හැර නැවත ඔවුන්ගේ ගම් බලා යන බවය.

    එහෙත් මෙවර පසුගිය මාර්තුවේ පළමු රැල්ලේදී මෙන් එළෙස තොග පිටින් ගම් බිම් බලා යන්නට එවැනි විශාල පිරිස් ඉතිරිව නොසිටියහ. ගම්පහ සහ කළුතර මෙන් පසුගිය සතියෙහි කොළඹ නගරයේ ප්‍රදේශ කිහිපයක් හුදකලාකර වැසූ විට ඉතිරිව සිටි එවැනි බොහෝ පිරිස් හෙමිහිට ගම් බලා ගියහ. පසුගිය අඟහරුවාදා වනවිට පිටකොටුව ප්‍රධාන බස් නැවතුම්පල කිහිපයම වසා තිබිණ. දුර ගමන් බස් කොළඹට නොපැමිණියේය. ඇඳිරි නීතිය ප්‍රකාශ කිරීම සමග ගියවර පළමු රැල්ලේදී මෙන් ගම් බලා යාමට විශේෂ බස් හෝ දුම්රිය ධාවනය නොවුනි.

    එහෙත් “මිනිස්සු තොගේට ගමේ යනවා…..” යැයි කීම හුදෙක් අවිඥාණික ප්‍රකාශයක්ම නොවේ. එය ගිය වරද කෙරුණකි. සමාජ දුරස්ථ භාවය නොතකන්නේ යැයි, බඩු ගන්නට පොර කන්නේ යැයි දෛනික ආදායමකින් ජීවත්වන පහළ සමාජයට චෝදනා නැගුවේ සුපමාකට් හිස් කළ, ඇඳිරි නීතිය නොතකා උදේ හවස ශරීර සෞඛ්‍ය සඳහා උද්‍යාන මං තීරුවල කල්ලි ගැසී ඇවිදින්නට යන මහත්වරුන් සහ නෝනාමහත්වරුන් ය. තමන් වරදක් කරන්නේ යැයි පිළිගැනීමට සූදානමක් නැති නාගරික මැදපංතික මානසිකත්වය එවැනිය. “මිනිස්සු තොගේට ගමේ යනවා…..” යැයි කීමෙන් සමාජගත කෙරෙන්නේ නගරයේ ඉහළ මැද පංතිකයින් කොළඹ හැර ගොස් දිගු සති අන්තය පිට පළාත්හි ගතකර ඒමෙන් කෝවිඞ්-19 පැතිර යාමේ අසාමාන්‍ය ඉහළ යාමක් ඇති වුවහොත් එහි වරද සාමාන්‍ය මිනිසුන් පිට පැටවීමේ කුහක, ආත්මාර්ථකාමී පූර්ව සූදානමකි.

    “මිනිස්සු තොගේට ගමේ යනවා…..” යැයි කීවාට ඊයේ මධ්‍යම රාත්‍රී ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන්නට පෙර නුවර පාරේ කඩුගන්නාව, පිළිමතලාව ප්‍රදේශ පසුකර මාර්ග තද බදයක් හැදුනේ නාගරික මැදපංතික මහත්වරුන් පවුල් පිටින් විවේක ගැනීමට කන්ද උඩරට හෝටල් වලට යාමට සහ තමන්ගේ පාරම්පරික “මහ ගෙවල්” වලට යාමට තිබූ හදිස්සිය නිසාය. ඊයේ හවස් වනවිට දකුණු අධිවේගී මාර්ගයේ අසාමාන්‍ය තද බදයද එනිසාවෙන්ම විය. ආණ්ඩුව අද සිට නුවරඑළියේ සියලු සංචාරක හෝටල් සහ නිකේතන වසන්නට යැයි කියන විට ඒවා ඇණවුම්කර තිබූ මැදපංතිකයින් ඊයේ රාත්‍රී වනවිට ඒවායේ ලැගුම් ගෙන තිබිණ.

    පළමු වටයේ ඉතාලියේ ලොම්බාඩි ප්‍රානන්තයේ බෙර්ගාමො ප්‍රදේශය මාර්තු ආරම්භ වනවිටම කොරෝනා වයිරසය සීඝ්‍රයෙන් පැතිර ගිය ප්‍රදේශයක් විය. එය පාලනය කිරීමට බලධාරීන් ලොම්බාඩි ප්‍රාන්තය හුදකලාකර වසා දැමීමට තීරණය කළ විට, එහි වත්පොහොසත් මධ්‍යම පංතිකයින් ප්‍රාන්තය හැර පිට වූයෙන් ඉතාලියේ සෙසු ප්‍රදේශ වලටද කොරෝනා වයිරසය පැතිර ගියේ යැයි නිගමනයක් ඇත.

    මෙවර නාගරික මැදපංතිකයින් කොළඹ ලොම්බාඩියක් කළ හැක. ඒ අනුව සාමාන්‍ය මිනිසුන්ට ඔවුන්ගේ වරදක් නැතිව ඉදිරි සති කිහිපයේ අසාමාන්‍ය කෝවිඞ්-19 පැතිරීමක අසීරුකම්, අග හිගකම් විඳින්නට සිදුවුවහොත් එහි වගකීම බාරගත යුත්තේ “ගමේ ගිය මිනිස්සු” නොව, කොළඹින් බැහැරව දිගු සති අන්තයේ සැප ගන්නට ගිය මැද පංතිකයින්ය.

    එහෙත් රටේ සාමාන්‍ය මිනිසුන් වෙනුවෙන් එවැන්නක් නොවේවා යැයි මා ප්‍රාර්තනා කරන බව, මා සමග දුරකතනයේ වාද කළ මිතුරාට මම කීවෙමි.

    කුසල් පෙරේරා

  • කොරෝනා මුළු ආසාදිතයින් සංඛ්‍යාව 10,424ක් දක්වා ඉහළට

    කොරෝනා මුළු ආසාදිතයින් සංඛ්‍යාව 10,424ක් දක්වා ඉහළට

    ශ්‍රී ලංකාවෛන් ඊයේ (30) වැනිදා කොවිඩ්-19 ආසාදිතයින් 633 දෙනකු වාර්තා වූ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් අද (31) දින පෙරවරුවේ නිකුත් කළ ප්‍රවෘත්ති නිවේදනයක සදහන් කරයි.

    මේ සමග සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ නිල වෙබ් අඩවියේ සදහන් වන්නේ අද (31) වන විට ශ්‍රී ලංකාවේ කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව 10,424ක් බවයි. රෝහල්ගතව ප්‍රතිකාර ලබන රෝගීන් සංක්‍යාව 6123ක් බවත්, දැනට රෝහල්වල විමර්ෂණය යටතේ සිටින පුද්ගලයින් සංඛ්‍යාව 444ක් බවත්, සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව 4282ක් බවත් එම වාර්තාවේ වැඩි දුරටත් සදහන් වේ.

    මේ අතර කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය විසින් අද (31) දින පෙරවරුවේ නිකුත් කළ නිල නිවේදනය ද පහත සදහන් වේ.

  • Covid-19 Local Hot: ආසාදිතයින් සංඛ්‍යාව 10,000 පසු කරයි !

    Covid-19 Local Hot: ආසාදිතයින් සංඛ්‍යාව 10,000 පසු කරයි !

    මේ අතර කොළඹ නාගරික සීමාව තුළ කොරෝනා වෛරසය පැතිර යාමේ අවදානමක් පවතින බවට සෞඛ්‍ය බලධාරීහු අනතුරු අඟවනවා

    ශ්‍රී ලංකාවෙන් වාර්තා වන කොවිඩ්-19 ආසාදිතයින්ගේ සංඛ්‍යව අද (30) දින 10,000 සීමාව ඉක්මවා ගිය බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය සදහන් කරයි. ඒ අද (30) පස්වරුවේ තවත් කොවිඩ් නයින්ටීන් ආසාදිතයන් 314ක් හඳුනාගැනීමත් සමගයි. ඒ සමග මෙරට කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව 10,105ක් දක්වා ඉහළ ගියේය.

    අද දින මේ දක්වා හඳුනාගත් ආසාදිතයින්ගෙන් 314 දෙනාගෙන් 259ක් පෑලියගොඩ සහ ධීවර වරායන්වල ආශ්‍රීතයින් බවත් අනෙක් 55දෙනා නිරෝධායනය මධ්‍යස්ථානවලින් හඳුනාගත් බවයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය සදහන් කළේ.

    මේ වන විට මිනුවන්ගොඩ/පෑලියගොඩ කොවිඩ් පොකුරෙන් මේ දක්වා හඳුනාගෙන ඇති සමස්ථ ආසාදිතයින් ගණන 6,627ක්.

    මේ දක්වා මෙරටින් හමුවී ඇති සමස්ථ කොවිඩ් ආසාදිතයින් ගෙන් 5,804 දෙනෙක් තවමත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර වනවිට, 4,282ක් සම්පූර්ණ සුවය ලබා තිබෙනවා.

    මෙරටින් වාර්තා වන කොවිඩ්-19 මරණ සංඛ්‍යාව 19ක්

    මේ අතර කොළඹ නාගරික සීමාව තුළ කොරෝනා වෛරසය පැතිර යාමේ අවදානමක් පවතින බවට සෞඛ්‍ය බලධාරීහු අනතුරු අඟවනවා.

    ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් වසංගත රෝග විද්‍යා ඒකකයේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය සුදත් සමරවීර කියා සිටියේ විශාල ජනහගනයක් සහිත කොළඹ නාගරික ප්‍රදේශයේ පවතින ජීවන රටාව එවැනි අවදානමකට හේතු වී ඇති බවයි. එබැවින් දැඩි සෞඛ්‍ය පියවර අනුගමනය කරන ලෙස ඔහු කොළඹ නගර සභා සීමාවේ වෙසෙන ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

    රට තුළ කෝවිඩ් රෝගීන් සංඛ්‍යාවේ වර්ධනයක් පෙන්නුම් කළ ද වෛරසය තවමත් පාලන මට්ටමක පවතින බව කී විශේෂඥ වෛද්‍යවරයා දැනට වාර්තා වී ඇති රෝගීන් අතර අන්තර් සම්බන්ධයක් දැකිය හැකි බව සඳහන් කළා.

    “පුළුවන් තරම් නිවෙස්වල රැඳී සිටින්න උත්සාහ කරන්න. පිටතට යෑම අවම කරන්න, අත්‍යවශ්‍යම දෙයකට පිටතට යන අවස්ථාවක මීටරයක දුර තබා ගන්න, මුව ආවරණ (මාස්ක්) පළඳින්න, සනීපාරක්ෂක ජෙල් හෝ සබන් යොදා දෑත් සෝදා පිරිසිදුව තබා ගන්න. මේ පියවර අනුගමනය කරනවා නම් අපට පහසුවෙන් රෝගය පාලනය කළ හැකියි,” යනුවෙන් විද්‍යාඥ වෛද්‍ය සුදත් සමරවීර සඳහන් කළා.

  • 20 නීති පොතට – ‘ඔබට සතුටුයි ද දැං ?

    20 නීති පොතට – ‘ඔබට සතුටුයි ද දැං ?

    ලොව ඕනෑම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සංශෝධනයන්ට ලක්වෙමින් ඉදිරියට යයි. එසේ ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක යහපත් ලක්ෂණයක් වන්නේ සංශෝධනය වීම මිස සංශෝධනය නොවීම නොවේ. කෙසේ වෙතත් වරද ඇත්තේ මෙරට බහුතරයක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයන්, ප්‍රජාතන්ත්‍රවාදය සහ රටේ සුබසිද්ධිය තකා නොව, පෞද්ගලික ව ඇතැම් රාජ්‍ය නායකයන්ගේ හෝ පක්ෂවල යහපත වෙනුවෙන්, ඔවුන්ගේ න්‍යාය පත්‍ර අනුව සිදු වූ ඒවා වීමේ ය.

    ඉකුත් දින ගණනාවක් මුළුල්ලේ දේශපාලන කරළිය උණුසුම් කළ 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් විපක්ෂයෙන් මෙන් ම ආණ්ඩු පක්ෂයේ ඇතැම් පිරිස් වෙතින් ද පැහැදිලිව ම පෙනෙන පරිදි යම් යම් විරෝධතා මතු වූ බව අමුතුවෙන් කිව යුතු නැත. එහෙත් එම විරෝධතා කොයි ආකාරයකින් හෝ සමනය කරගනිමින් මේ වන විට 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ කොටසක් බවට පත් වී හමාර ය. ඒ අනුව ආණ්ඩුක්‍රම ව්‍යස්ථාව තුළ සැලකිය යුතු මට්ටමේ වෙනස්කම් ප්‍රමාණයක් ද සිදු වූ ඇත.  

    1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්මත වූ තැන් පටන් ම විශේෂයෙන් ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ කණ්ඩායම්වලින් සහ වාමාංෂිකයින් ඇතුළු විවිධ පාර්ශ්වයන්ගෙන් එම ව්‍යවස්ථාවට විවේචන එල්ල කරමින් සිටියේ එය ප්‍රජාතන්ත්‍රවාදී නොවන වග පෙන්වාදෙමිනි.

    17 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ ආගමනය පවා සිදු වූයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ප්‍රජාත්‍රන්ත්‍රවාදි නොවන්නක් බව කියමින් එල්ලවූ විවේචනවලට පිළිතුරක් ලෙස ය. ඉන් අනතුරුව 18 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ඔස්සේ තත්ත්වය යළිත් තල්ලු වූයේ ප්‍රජාතන්ත්‍රවාදය හීන කරන තැනකට ය.

    එහෙත් නැවත වරක් 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය පෙරමුණට පැමිණියේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ප්‍රජාතන්ත්‍රවාදී නැතැයි යන්නට ලබාදුන් ප්‍රතිචාරයක් වශෙයෙනි. එනම් එමගින් සිදු කළේ මෙරට ආණ්ඩුක්‍රමය තවදුරටත් ප්‍රජාතන්ත්‍රීකරණය කිරීමකි.

    20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හිස එසවූයේ ඊට පටහැනිව ය. එසේ නම් 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කරගැනීමත් සමඟ ආණ්ඩුව මුහුණදිය යුතු වන අභියෝග පිළිබඳ විශේෂයෙන් සලකා බැලිය යුතු ය. 

    20 වැනි සංශෝධනය කරළියට ගෙන ඒමේදී ආණ්ඩුව ඉදිරිපත් කළ තර්කය වූයේ ආණ්ඩුවේ දේශපාලන ස්ථාවර භාවය ඇති කිරීම වැදගත් බවත්, 19 වැනි සංශෝධනය මගින් එකී දේශපාලන ස්ථාවර භාවය බිඳවැටී ඇති බවත් ය

    20 වැනි සංශෝධනය කරළියට ගෙන ඒමේදී ආණ්ඩුව ඉදිරිපත් කළ තර්කය වූයේ ආණ්ඩුවේ දේශපාලන ස්ථාවර භාවය ඇති කිරීම වැදගත් බවත්, 19 වැනි සංශෝධනය මගින් එකී දේශපාලන ස්ථාවර භාවය බිඳවැටී ඇති බවත් ය. ඔවුන් 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය හඳුන්වා දුන්නේ විධායක බලය ක්‍රියාත්මක කිරීම සඳහා ජනතා පරමාධිපත්‍ය ඔස්සේ ජනාධිපතිවරයාට ව්‍යවස්ථානූකූලව පැවරෙන බලය ක්‍රියාත්මක කිරීමට ඇති බාධාවක් ලෙස ය.

    ආණ්ඩුව 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත කිරීම මඟින් දේශපාලන ස්ථාවරභාවය ඇතිකිරීම අදහස් කළේ නම් එම ස්ථාවර භාවය රැකගනිමින් ඉදිරියට යෑමේ ගැටලුවක් නැත. එහෙත් එය ප්‍රජාතන්ත්‍ර විරෝධී නොවන අන්දමින් සිදු කිරීමට වගබලාගත යුතු ය. මන්ද 20 වැනි සංශෝධනය සම්බන්ධයෙන් එල්ල වූ ප්‍රධාන ම විවේචනය වූයේ එය ප්‍රජාතන්ත්‍ර විරෝධී වනු ඇති බව ය.

    එසේ නම් එම අදහස තහවුරු නොවන අන්දමින් 20 ඔස්සේ මෙරට   දේශපාලන ස්ථාවරය රැකගන්නේ කෙසේද? යන්න මේ අවස්ථාවේ ආණ්ඩුව අභිමුව ඇති බරපතල ම අභියෝගය යි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හදාරන විට පැහැදිලිව ම පෙනෙන පරිදි දෙපැත්තක් හඳුනාගත හැක. එනම් ආණ්ඩුවේ ස්ථාවරභාවය එක පැත්තක ඇති විට මහජනතාවගේ නිදහස, ප්‍රජාතන්ත්‍රවාදය සහ අයිතිවාසිකම් ඇත්තේ ඊට ප්‍රතිවිරුද්ධ පැත්තේ ය.

    ස්ථාවර භාවය රැකගැනීම වෙනුවෙන් සීමාව ඉක්මවමින් කටයුතු කිරීමට යෑමේදී ප්‍රජාතන්ත්‍රවාදය, මානව අයිතිවාසිකම් සහ නිදහස අහිමි වේ. ප්‍රජාතන්ත්‍රවාදය, මානව අයිතිවාසිකම් සහ නිදහස ඇති කරනු වස් සීමාව ඉක්මවා කටයුතු කිරීමෙන් ආණ්ඩුවේ දේශපාලන ස්ථාවර භාවයට හානි සිදු වේ. එබැවින් යහපත් ම තත්ත්වය මේ කරුණු දෙක අතර තුලනයක් ඇති කිරීම ය.

    19 වැනි සංශෝධනයට පක්ෂ පිරිස ඉදිරිපත් කළ මතය වන්නේ ඉන් ආණ්ඩුවේ බලය අස්ථාවර වීමක් සිදුනොවුණ බවත් ප්‍රජාතන්ත්‍රවාදය සහතික වූ බවත් ය. 20 වැනි සංශෝධනයට පක්ෂ පාර්ශ්වය ඉදිරිපත් කළ මතය වූයේ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපනය වීම කෙසේ වුවත් ආණ්ඩුවේ දේශපාලන ස්ථාවර භාවයට 19න් හානි වූ බව ය. ඉදිරිපත් වන ප්‍රධාන තර්ක ද්විත්වය එසේ වන විට  ඒ අතර තුලනයක් පවත්වාගෙන යෑම ආණ්ඩුව ඉදිරියේ ඇති තවත් අභියෝගයකි.   

    20 වැනි සංශෝධනය ඉදිරිපත්වීමේදී ද්විත්ව පුරවැසි භාවය පිළිබඳ ගැටලුව ද ප්‍රධාන වශයෙන් කතාබහට ලක්විණි. එහිදී විශේෂයෙන් ම ආණ්ඩු පක්ෂයේ ඇතැම් පිරිස්, භික්ෂූන් වහන්සේලා ඇතුළු ආගමික නායකයින්, සිවිල් සංවිධාන, සැලකිය යුතු ප්‍රමාණයක් මැති ඇමතිවරු ද්විත්වපුරවැසි භාවය ඇති පුද්ගලයන්ට ශ්‍රී ලංකාවේ රාජ්‍ය පාලනයට සම්බන්ධ වීමට අවස්ථාව ලබාදීම සම්බන්ධයෙන් දැක්වූයේ විරුද්ධත්වයකි.   

    යම් පුද්ගලයකුගේ පක්ෂපාතීත්වය ඇත්තේ කුමන රටටද? යන කාරණය හෙළි කරගැනීම සම්බන්ධයෙන් වන ගැටලුව ද වෙනත් නෛතික ගැටලු ද හේතුවෙන් ද්විත්ව පුරවැසිභාවය ඇති පුද්ගලයන්ව දේශපාලන තනතුරුවලට පත් නොකිරීම, අද වන විට සෑහෙන දුරටක ලෝක ප්‍රවණතාවක් බවට පත්වෙමින් තිබේ. ඒ අනුව 20 වැනි සංශෝධනය ඔස්සේ ද්විත්ව පුරවැසි භාවය ඇති පුද්ගලයන්ට මෙරට දේශපාලන තනතුරු දැරීමට අවස්ථාව ලබාදීම, රටට හානියක් නොවන පරිද්දෙන් කළමනාකරණය කරගැනීම ද ආණ්ඩුව හමුවේ ඇති ප්‍රබල අභියෝගයකි. 

    අර්ජුන් මහේන්ද්‍රන් සම්බන්ධයෙන් වන ගැටලුව නිරාකරණය කරගැනීමට ඔහුගේ ද්විත්ව පුරවැසි භාවය බාධාවක් ව තිබෙන බව පැහැදිලි ය. ඔහුට විදේස් පුරවැසි භාවයක් නොතිබුණේ නම් මේ වන විට විදෙස් රජයක් විසින් අර්ජුන් මහේන්ද්‍රන් ශ්‍රී ලංකාවට භාරකොට හමාර ය.

    අර්ජුන් මහේන්ද්‍රන් සම්බන්ධයෙන් වන ගැටලුව නිරාකරණය කරගැනීමට ඔහුගේ ද්විත්ව පුරවැසි භාවය බාධාවක් ව තිබෙන බව පැහැදිලි ය. ඔහුට විදේස් පුරවැසි භාවයක් නොතිබුණේ නම් මේ වන විට විදෙස් රජයක් විසින් අර්ජුන් මහේන්ද්‍රන් ශ්‍රී ලංකාවට භාරකොට හමාර ය. මදූෂ් සම්බන්ධ ප්‍රශ්නයේදී සිදු වූයේ ඩුබායිහීදී මත්ද්‍රව්‍ය සම්බන්ධ වරදකට පොලිස් අත්තඩංගුවට පත් මදූෂ්ව ශ්‍රී ලංකාවට පිටුවහල් කිරීම ය. අර්ජුන් මහේන්ද්‍රන්ව එලෙස නොඑවන්නේ ඔහු විදෙස් පුරවැසි භාවය හිමි පුද්ගලයකු වන බැවිනි. එබැවින් ද්විත්ව පුරවැසිභාවය ඇති තැනැත්තන්ට මෙරට දේශපාලන තනතුරු දැරීමට ඉඩදීම සම්බන්ධ කාරණාවේදී එක් අතෙකින් ආණ්ඩු පක්ෂයේ මැති ඇමතිවරු විසින් ම මතු කළ විරෝධයේ යම්කිසි සාධාරණය භාවයක් ඇත.

    උදය  ගම්මන්පිල වැනි දේශපාලන නායකයින් මතු කළ තර්කය වූයේ එලෙස විදෙස් පුරවැසි භාවය ඇති පුද්ගලයන්ට අවස්ථාව ලබාදීම මඟින් පාලනයේ වගකීම් සහගත භාවය අහිමි විය හැකි බව ය. එබැවින් මේ කාරණය සම්බන්ධයෙන් ආණ්ඩුවට විශාල වගකීමක් ඇත.     

    20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත වූයේ මහමැතිවරණය අවසන් වී දෙමසක් ඇතුළත ය. එම සංශෝධනය සම්මත කරගැනීමට ගත් උත්සාහයේදී ආණ්ඩු පක්ෂය ඇතුළත මෙන් ම ඔවුන් වටා වූ ජනබලවේගය තුළ යම් යම් මතභේදාත්මක තත්ත්වයන් ඇති විය. වත්මන් ආණ්ඩුව සහ ජනපතිවරයා බලයට ගෙන ඒම සම්බන්ධයෙන් කටයුතු කළ ප්‍රධාන කණ්ඩායම් අතර ද මේ ඔස්සේ යම් යම් විරසකවීම් ඇති වූ බව නොරහසකි.   

    ආණ්ඩුවක් බලයට පත්වූ මුල් වකවානුව තුළ ම එවන් තත්ත්වයක් ඇතිවීම ආණ්ඩුවට එතරම් සුබ නැත. 2010 වර්ෂයෙන් පසුව ද ඇතිවූයේ මෙවැනි ඉරිතැලීම් පරිසමාප්තියට පත්වූයේ 2015දි එම ආණ්ඩුවට ආණ්ඩු බලය අහිමි වීමෙනි. ආණ්ඩුව ඉදිරි කටයුතු පවත්වාගෙන යා යුත්තේ ඒ පිළිබඳව අවබෝධයෙන් ය.  

    වත්මන් ආණ්ඩුව බලයට පත්වීමේදී කියා සිටියේ තනි සිංහල ආණ්ඩුවක් හදන බව වුවත් මෙම සංශෝධනයට බලය ලබාගැනීම යන කාරණයේදී එම කාරණය වෙනස් වී ඇති බවක් පෙනෙන්නට තිබේ. සංශෝධනය සම්මත කරගැනීමේදී ආණ්ඩුවට සහයෝගය දීමට පැමිණි මන්ත්‍රීවරුන්ගෙන් එක් අයෙකු සිංහල ද තවත් අයෙකු දෙමළ ද වන අතර සෙසු සියල්ලන් මුස්ලිම් මන්ත්‍රීවරුන් ය.  ඕනෑම ආණ්ඩුවකට යම් මතවාදී පදනමක් ඇත.

    යහපාලන ආණ්ඩුව අනවශ්‍ය පරිදි සුළු ජාතීන්ට තැන ලබාදෙන බව පෙන්වාදෙමින් වත්මන් ආණ්ඩුව ජනවරමක් ඉල්ලා සිටියේ සුළු ජාතික පක්ෂවල පදයට නටන්නේ නැති, සිංහලයින්ගේ ආණ්ඩුවක් පත්කර ගැනීමට ය.

    2015 දී බලයට පත්වූ යහපාලන ආණ්ඩුවේ මතවාදී පදනම බවට පත්වූයේ හොරකම් නොකරන බව සහ හොරුන් අල්ලන බව ය. එහෙත් එසේ කියූ ඔවුන් බලයට පත්ව මහබැංකු හොරකම සිදු කළ සැණින් ඔවුන්ගේ මතවාදී සුජාතභාවය සුන්නද්දූලි විය. ඒ අනුව ඔවුන්ගේ පරාජය ආරම්භ වූයේ මහබැංකු වංචාව සිදු වූ දිනයේ පටන් ම ය.

    යහපාලන ආණ්ඩුව අනවශ්‍ය පරිදි සුළු ජාතීන්ට තැන ලබාදෙන බව පෙන්වාදෙමින් වත්මන් ආණ්ඩුව ජනවරමක් ඉල්ලා සිටියේ සුළු ජාතික පක්ෂවල පදයට නටන්නේ නැති, සිංහලයින්ගේ ආණ්ඩුවක් පත්කර ගැනීමට ය. ජනතාව විසින් ඒ සඳහා අවශ්‍ය කරන ජනවරම ලබාදුන් පසුව එයින් වෙනත් අන්තයකට ගමන් කිරීම වනාහී එතරම් යහපත් තත්ත්වයක් නොවන බව ආණ්ඩුවේ යම් යම් පාර්ශ්වයන් ඉදිරිපත් කරන තර්ක අනුව සලකා බැලීමේදී පෙනී යයි.

    ආණ්ඩුව බලයට ගෙන ඒම සඳහා සම්බන්ධ වූ පිරිස් එවන් තත්ත්වයක් තුළ බොහෝ සෙයින් අසතුටටත් විරසකයටත් පත්විය හැක. එවන් දේශපාලන අභියෝග ද මේ අවස්ථාවේ ආණ්ඩුව ඉදිරියේ වන බව පැහැදිලි ය.    එපමණක් නොව රාජපක්ෂවරුන් සම්බන්ධයෙන් ඇතැම් පිරිස් දරන ආකල්පයක් වන්නේ ඔවුන් ප්‍රජාතන්ත්‍රවාදී භාවයෙන් අඩු කණ්ඩායමක් බව ය. එසේ නම් එය එසේ නොවන වග පසක් වන අයුරින් කටයුතු කිරීම ද ඔවුන්ගේ වගකීමකි.

    20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් යම් ආකාරයකට  ජනාධිපති ධුරයේ බලය වැඩිකරලීමත් සමඟ ප්‍රජාතන්ත්‍රවාදී භාවයෙන් අඩුවීම සඳහා අවශ්‍ය මාවතක් විවෘත වී තිබේ. ආණ්ඩුවේ වගකීම වන්නේ එම මාවතේ ගමන් නොගෙන ප්‍රජාතන්ත්‍රවාදය ද සුරක්ෂිත කරමින් ම ආණ්ඩුවේ ස්ථාවරභාවය ගොඩනඟා ගැනීම ය. ඒ වෙනුවෙන් සබුද්ධිකව කටයුතු කළ යුතු ය.  මේ අතර තවත් පිරිසක් යෝජනා කරනුයේ පවතින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනුවට අලුතෙන් ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙන ආ යුතු බව ය.

    1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ශ්‍රී ලංකාවේ වැඩි ම කලක් ක්‍රියාත්මක වූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව බව අමතක නොකළ යුතු ය. 1978 සිට වසර 42ක් මුළුල්ලේ ක්‍රියාත්මක වෙමින් පවතින මෙම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව විවිධ අධිකරණ තීන්දු ආදියෙන් මේ වන විට බොහෝ දුරට වර්ධනය වී තිබේ.  ඒ වෙනුවට වෙනත් ව්‍යවස්ථාවක් ගෙන ඒමෙන් සිදු වන්නේ අප අලුත් ම ක්‍රමයකට නැවත ගමන් ගැනීමකි. එවිට එය මුල සිට පටන් ගැනීමක් වනු ඇත. පවත්නා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කාලයේ පරීක්ෂණයෙන් සමත් වී ඇත. ඇතැමුන් දොස් නඟනමුත් එම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මේ වන විට රටට පත්තියන් වී හමාර ය. එබැවින් මේ මොහොතේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙනඒමට කටයුතු කිරීම අරුත්සුන් ය.

    පවත්නා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට කවුරු කවුරුත් කැමැත්තෙන් හෝ අකමැත්තෙන් එකඟ ය. සම්මුතීන් බිහිවෙන්නේ හැම විට ම   සැවොම කැමැති ම ආකාරයෙන් නොවේ. අකමැත්තේන් නමුත් යථාර්ථයන් පිළිගැනීම මඟින් ද සම්මුතීන් බිහි වේ. ඒ අනුව පවත්නා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්මුතියක් බවට පත් ව තිබේ. එහෙත් මඳකට සිතන්න මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මුළුමනින් ම ඉවතලා වෙනත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙන ඒමට සැරසෙන්නේ නම් කුමකින් කුමක් වේද? එවිට උදාහරණයක් ලෙස පළාත්සභා ක්‍රමය, භාෂාව, ඉඩම්, පොලිස් බලතල කුමන කාරණය සම්බන්ධයෙන් වුවත් විවිධ මතධාරීන්, පෙත්සම්, පෙළපාලි පෝලිම් ගැසෙනු ඇත. එය වනාහි කෙළවරක් දැකිය හැකි ක්‍රියාවක් නොවේ.

    මෙරට බලයට පත් වන ඕනෑම ආණ්ඩුවක් රාජකාරි අරඹන්නේ රටේ පවතින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට බැණ වැදීමෙන් අනතුරුව ය. සැබවින් ම මේ අවස්ථාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස් කිරීම වෙනුවෙන් වෙහෙස වීමක් අවශ්‍ය නොවේ.    

    අලුත්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙන ඒමේදී අවම වශයෙන් පාර්ලිමේන්තුවේ 2/3ක් සහ ජනතාවගෙන් සියට 50%කට වැඩි පිරිසක් එම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සියලු ම වගන්ති සම්බන්ධයෙන් එකඟ විය යුතු ය. එවැනි තත්ත්වයක් ඇති කරගැනීම ප්‍රායෝගික ව ඉතා අසීරු ය.   ඇමරිකා එක්සත් ජනපදයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මීට අවුරුදු 200කටත් එපිටදී සම්මත කරගත් ඉතාමත් ම කුඩා ලියවිල්ලකි. එහෙත් එම පිටු 10ක කුඩා ලියවිල්ල මත ලෝකයේ බලවත් ම රාජ්‍යය ගොඩනැඟී ඇති බව අප අමතක කළ යුතු නොවේ.  

    මෙරට වැසියන් තර්ක කරන ආකාරය අනුව සලකා බලන විට ඇමරිකාව ද වහා ම කළ යුත්තේ ඔවුන්ගේ   ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස් කරගැනීම ය. එරට නීති පද්ධතියේ බොහෝ දේ වර්ධනය වී ඇත්තේ එම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පිටස්තර ව ය. එසේ වුවත් ඔවුන් එය සහමුලින් වෙනස් කිරීමටත් උත්සාහ නොගනී. ඒ වෙනුවට සිදුකොට ඇත්තේ එය පවතින අන්දමින් ම පවතින්නට දී අධිකරණ තීන්දු වැනි දේ මතින් සංවර්ධනය වීමට ඉඩහැරීම ය.

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් අප ද අනුගමනය කළ යුත්තේ එවන් ප්‍රතිපත්තියකි. මන්ද මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ද මේ වන විට අධිකරණ තීන්දු වැනි දේ මතින් සෑහෙන දුරකට සංවර්ධනය වී තිබේ.   ලිඛිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් නොමැති එංගලන්තය ලොව බලවත් ම රාජ්‍යයන් අතරින් එකකි.

    එහෙත් මෙරට බලයට පත් වන ඕනෑම ආණ්ඩුවක් රාජකාරි අරඹන්නේ රටේ පවතින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට බැණ වැදීමෙන් අනතුරුව ය. සැබවින් ම මේ අවස්ථාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස් කිරීම වෙනුවෙන් වෙහෙස වීමක් අවශ්‍ය නොවේ.    

    එහෙත් ඇතැමුන්ගේ මතය නම් පවතින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට දිගින් දිගට ම පැලැස්තර දමනු වෙනුවට මුලුමනින් ම අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ඇති කරගැනීම සුදුසු බව ය. කොටින් ම කිවහොත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන ඔවුන් පැලැස්තර ලෙස දැකීම ම වරදකි.

    ලොව ඕනෑම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සංශෝධනයන්ට ලක්වෙමින් ඉදිරියට යයි. එසේ ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක යහපත් ලක්ෂණයක් වන්නේ සංශෝධනය වීම මිස සංශෝධනය නොවීම නොවේ. කෙසේ වෙතත් වරද ඇත්තේ මෙරට බහුතරයක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයන්, ප්‍රජාතන්ත්‍රවාදය සහ රටේ සුබසිද්ධිය තකා නොව, පෞද්ගලික ව ඇතැම් රාජ්‍ය නායකයන්ගේ හෝ පක්ෂවල යහපත වෙනුවෙන්, ඔවුන්ගේ න්‍යාය පත්‍ර අනුව සිදු වූ ඒවා වීමේ ය. රටට වැඩදායී යහපත් සංශෝධන ද ඒ අතර සිදු නොවූවා ම නොවේ. කෙසේ වෙතත් කරුණු සලකා බලන විට පෙනීයන්නේ අලුතින් ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙන ඒම කිසිසේත් ම ප්‍රඥාගෝචර නොවන වග ය.  

    අනුරුද්ධ ප්‍රදීප් කර්ණසූර්ය – ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යදේශපාලන විද්‍යා අධ්‍යනාංශයශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය

    සටහන – කාංචනා සිරිවර්ධනSharing is caring!

  • තායිවානයේ සමලිංගිකයින්ට වාසනාව පෑදේ !

    තායිවානයේ සමලිංගිකයින්ට වාසනාව පෑදේ !

    සමලිංගික විවාහ (gay marriage) නීතිගත කළ ආසියාවේ එකම රට වන තායිවානයේ පැවැත්වෙන මහා හමුදා විවාහ මංගල්‍යයකට ප්‍රථම වරට සමලිංගික ජෝඩු (Two lesbian couples ) දෙකක් සහභාගී වී තිබේ.

    තායිවානයේ හමුදාව සෑම වසරකම සමූහ විවාහයන් (mass weddings) පවත්වන නමුත් සමලිංගික යුවළයන් එවන් උත්සවයකට සහභාගී වූ පළමු අවස්ථාව මෙයයි.

    සම්බන්ධ වූ එක් යුවළක් පැවසුවේ එය හමුදාවේ සේවය  LGBT පුද්ගලයින්ට නැගී සිටීමට දිරිගැන්වීමක් වනු ඇති බවයි.

    පසුගිය වසරේ තායිවානය සමලිංගික විවාහ නීතිගත කළ දා සිට ජෝඩු 4,000 ක් පමණ විවාහ වී තිබේ.

    “අපගේ හමුදාවට ඉතා විවෘත මනසක් ඇත,” ලී ලී-චෙන් සමඟ විවාහ වූ හමුදා ලුතිනන්වරයෙකු වන චෙන් යින්-හ්සුආන් ඇසෝසියේටඩ් ප්‍රෙස් (ඒපී) පුවත් ඒජන්සියට පැවසුවාය.

    “ආදරය පිළිබඳ කාරණාවලදී, සෑම කෙනෙකුටම එක හා සමානව සලකනු ලැබේ,” ඇය සිය ලිංගික දිශානතිය පිළිබඳව විවෘතව පැවසුවාය.

    2020 ඔක්තෝබර් 30 වන දින තායිවානයේ තාඕආන් හි පැවති හමුදා සමූහ විවාහ මංගල්‍යයකදී යී වැන්ග් (ර) සහ යුමි මෙං (එල්) යුවළ ප්‍රතික්‍රියා කරති.
    යී වැන්ග් (දකුණේ) සහ යුමි මෙං කැමරාවලට පෙනී සිටිති

    උත්සවය පුරාම මේජර් වැන්ග් යී සහ ඇගේ බිරිඳ යුමි මෙං මහත් ආඩම්බරයෙන් සිටියාය.

    මෙනෙග්ගේ දෙමව්පියන් සැමරුමට නොපැමිණි නමුත් වැන්ග්ගේ දෙමාපියන් සහ ඇගේ ගුරුවරයා යුවළට සහයෝගය දැක්වූහ.

    “මට ඇත්තටම දැනෙන්නේ මෙය හමුදාවට විශාල ඉදිරි ගමනක්” යැයි වැන්ග් මහත්මියගේ මව ඒපී වෙත පැවසුවාය. 

    “සමහර විට විෂමලිංගික ජෝඩු සඳහා, එය කඩදාසි කැබැල්ලක් පමණක් විය හැකි නමුත් සමලිංගික යුවළයන්ට එය ඉතා වැදගත්‘ ඇය වැඩි දුරටත් පැවසුවාය.

    විවාහ වීමට යුවළයන් පෙළ ගැසී සිටිති
    මෙම අවස්ථාවට ජෝඩු 188 ක් සහභාගී වූහ

    තායිවානයේ හමුදාව පැවසුවේ මෙම වසරේ උත්සවයට සමලිංගික යුවළයන් ඇතුළත් කිරීම එහි “බුද්ධිමත් [හා] ප්‍රගතිශීලී” ආකල්පය පිළිබිඹු කරන බවයි.

    හමුදාව සෑම යුවළකටම – ඔවුන්ගේ ලිංගික මනාපය නොසලකා – ඔවුන්ගේ ආශිර්වාදය ලබා දුන් බව තවදුරටත් පැවසීය.

    පසුගිය වසරේ සමලිංගික යුවළයන් තිදෙනෙකු හමුදාවේ වාර්ෂික මංගල උත්සවවලට සහභාගී වීමට ලියාපදිංචි වී සිටියහ. කෙසේ වෙතත්, හමුදා මූලාශ්‍ර උපුටා දක්වමින් වාර්තා කළ ප්‍රාදේශීය පුවත්පත් වලට අනුව, ඔවුන් “සමාජ පීඩනය” හේතුවෙන් පසුබසින්නට විය.

    සමලිංගික යුවළයන් තවමත් විෂමලිංගික යුවළයන්ට සමාන අයිතිවාසිකම් භුක්ති විඳින්නේ නැතත් තායිවානය පසුගිය වසරේ සමලිංගික විවාහ නීතිගත කළේය.

    2017 දී තායිවානයේ ව්‍යවස්ථා අධිකරණය තීන්දු කළේ සමලිංගික යුවළයන්ට නීත්‍යානුකූලව විවාහ වීමට අයිතියක් ඇති බවයි. එහෙත් ඊට මහජන කැමැත්ත නොලැබුණ අතර බහුතර ඡන්දදායකයින් සමලිංගික විවාහ නීතිගත කිරීම ප්‍රතික්ෂේප කළහ.

    එහි ප්‍රතිඵලයක් ලෙස තායිවානය කියා සිටියේ සිවිල් නීතිය තුළ විවාහය පිළිබඳ දැනට පවතින අර්ථ දැක්වීම වෙනස් නොකරන බවත් ඒ වෙනුවට සමලිංගික විවාහ සඳහා විශේෂ නීතියක් පනවන බවත්ය.

    එහි අර්ථය වන්නේ සමලිංගික යුවළයන්ට සීමාවන් කිහිපයකට මුහුණ දීමට සිදුවන බවයි. සමලිංගික විවාහයන් පිළිගත් රටවලින් පැමිණි විදේශිකයන් සමඟ විවාහ වීමට හැකිවීම එක් අවස්ථාවක් පමණති. ඔවුනට අවසර දී ඇත්තේ එකිනෙකාගේ ජීව විද්‍යාත්මක දරුවන් දරුකමට හදා ගැනීමට පමණි.

    තායිවානය දිගු කලක් ආසියාවේ සමලිංගික අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටි රාජ්‍යයක් වූ අතර තායිපේ අගනුවර වාර්ෂිකව සමලිංගික අභිමානවත් පෙළපාළියක් පැවැත්වීය.

    ආසියාවේ වෙනත් තැන්වල ද එල්ජීබීටී කණ්ඩායම් කෙරෙහි වඩාත් ඉවසිලිවන්ත ආකල්ප පිළිබිඹු වන පරිදි නීති වෙනස් වෙමින් පවතී.

    සමලිංගික ඇසුර තවදුරටත් සාපරාධී වරදක් නොවන බව 2018 දී ඉන්දියාවේ ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය.

    බී.බී.සී ඇසුරිණි – සකස් කළේ – තීක්ෂණ වෙළෙන්එගොඩ

  • යුරෝපයේ කොරෝනා මරණ 40%කින් ඉහළට – වසංගතයේ පාලනය ගිලිහෙයි ?

    යුරෝපයේ කොරෝනා මරණ 40%කින් ඉහළට – වසංගතයේ පාලනය ගිලිහෙයි ?

    පසුගිය සතියට සාපේක්ෂව යුරෝපයේ දෛනික කෝවිඩ් මරණ 40% කින් පමණ ඉහළ ගොස් ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) බීබීසීයට පැවසීය. ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රකාශක ආචාර්ය මාග්‍රට් හැරිස් පැවසුවේ ප්‍රංශය, ස්පාඤ්ඤ, එක්සත් රාජධානිය, නෙදර්ලන්තය සහ රුසියාවේ රෝගීන් ත33%කින් පමණ වැඩි වී ඇති බවයි.

    “රෝහල්වල දැඩි සත්කාර ඒකක දැන් ඉතා රෝගී පුද්ගලයින්ගෙන් පිරී යාමට පටන් ගෙන තිබේ,” ඇය අනතුරු ඇඟවූවාය.

    රුසියාව දිනකට මරණ 320 ක් වාර්තා කළ අතර එරට සමස්ත මරණ සංඛ්‍යාව 26,589 ක් විය.

    ඉතාලියේ ද තියුණු වැඩිවීමක් සිදුවී ඇති අතර පසුගිය පැය 24 තුළ මරණ 221 ක් ප්‍රකාශයට පත් කර තිබේ. අඟහරුවාදා ඔස්ට්‍රියාවේ සිදු මරණ සංඛ්‍යාව 1,000 ඉක්මවයි.

    එක්සත් ජනපදය, ඉන්දියාව සහ බ්‍රසීලයට පසු ලොව සිව්වන වැඩිම කොවිඩ් -19 රෝගීන් සංඛ්‍යාව වාර්තා වන්නේ රුසියාවෙනි. අඟහරුවාදා පමණක් එරටින් නව ආසාදන 16,550 ක් වාර්තා කර ඇති අතර බලධාරීන් දැන් ජනාකීර්ණ ස්ථානවල මුහුණු ආවරණ පැළඳීම අනිවාර්ය කර තිබේ.

    ඉතාලියේ ද ආසාදන ඉහළ ගොස් ඇති අතර පසුගිය පැය 24 තුළ 22,000 කට ආසන්න සංඛ්‍යාවක් වාර්තා වී ඇති අතර බලධාරීන් පැවසුවේ පරීක්ෂණ ද වේගවත් කර ඇති බවයි. 

    ඉතාලිය විසින් හදුන්වාදී ඇති නව සීමාවන්ට එරෙහිව රටපුරා විරෝධතා ක්‍රියාත්මක වේ.

    තවත් යුරෝපා රාජ්‍ය්‍යක් වන බෙල්ජියමේ වෛරසය තිබුණත් දිගටම වැඩකරන ලෙස වෛද්‍යවරුන්ගෙන් ඉල්ලා තිබේ. ඊට හේතුව වන්නේ සෞඛ්‍ය පද්ධතිය අධික ලෙස අවදානමට ලක්ව තිබීමයි.

    ලෝක සෞඛ්‍ය සංවිධානය පැවසුවේ කුමක්ද?

    පසුගිය අගහරුවාදා බීබීසී වර්ල්ඩ් ඇට් වන් වැඩසටහනට අදහස් දක්වමින් ආචාර්ය හැරිස් පැවසුවේ “යුරෝපීය කලාපය පුරා කොරෝනා මරණවල තීර්‍වර වර්ධනයක් දැගත හැකි බවයි‘

    පෙර සතියට සාපේක්ෂව දෛනික රෝගීන් තුනෙන් එකකින් ඉහළ ගොස් ඇති අතර දෛනික මරණ 40% කට ආසන්න ප්‍රමාණයකින් වැඩි වී ඇතැයි ඇය පැවසුවාය.

    “රෝහල් ධාරිතාව වඩා හොඳින් කළමනාකරණය කර තිබියදීත්, රටවල් කිහිපයක රෝහල් වේගයෙන් පිරෙමින් තිබේ,” ඇය අනතුරු ඇඟවූවාය.

    ආචාර්ය හැරිස් පැවසුවේ යුරෝපීය රටවල් ගණනාවකට පනවා ඇති නව සීමා කිරීම්වල ඵලදායීතාවය විශ්ලේෂණය කළ හැක්කේ සති දෙකක කාලයක් තුළ පමණක් “ප්‍රමාදය” නිසා බවයි.

    “ආසාදිතයින් අඩු වීම අපි දකිනු ඇත, නමුත් ඔබ එය එක රැයකින් දකින්නේ නැත,” ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රකාශිකාව පැවසුවාය.

    දෙවන රැල්ල පළමු රැල්ලට වඩා නරක වේදැයි ඇසූ විට ඇය පිළිතුරු දුන්නේ “අපි වෙනස් ආකාරයේ උච්චත්වයක් දකින්න යනවා. ශුභාරංචිය නම් අපගේ රෝහල් මෙහි සිදුවන්නේ කුමක්ද යන්න තේරුම් ගැනීමට සමත්ව තිබීමයි. ඔවුන් දීර්ඝ කාලයක් තිස්සේ ඇදහිය නොහැකි තරම් වෙහෙස මහන්සි වී වැඩ කර ඇති අතර ඔවුන් මුහුණ දීමට යන්නේ කුමක්ද යන්න ද ඔවුන් දන්නවා. තත්ත්වය දරුණු වනු ඇති බව ඔවුන් දන්නවා‘

    “ අපි හදුනාගත් තවත් වැදගත් දෙයක් නම්, වත්මන් ආසාදිතයින් අතර විශාල සංඛ්‍යාවක් වඩාත් දරුණු රෝගාබාධවලට ගොදුරු නොවන කණ්ඩායම්වල සිටීමයි. ඒ තරුණ කණ්ඩායම් ය. එහෙත් එය සහතික කොට පැවසිය නොහැකියි‘

    “මෙම සාධක දෙකෙන් ඇඟවෙන්නේ අප්‍රේල් මාසයේ අප දුටු මරණවල දරුණු වැඩිවීමක් අපට නොපෙනෙන බවයි” ආචාර්ය හැරිස් පැවසුවාය.

    රුසියාවේ නව නීති මොනවාද?

    පොදු ප්‍රවාහන, කුලී රථ, රථගාල සහ සෝපාන ඇතුළු ජනාකීර්ණ ප්‍රදේශවල බදාදා සිට මුහුණු ආවරණ අනිවාර්ය කිරීමට රුසියාව පියවර ගෙන ඇත. නව නීති ක්‍රියාත්මක කිරීමේ වගකීම ප්‍රාදේශීය බලධාරීන්ට පැවරේ.

    පුපුරා යාමේ ආරම්භයේ දී රුසියාව ද ඒ හා සමාන පියවර ගෙන ඇති නමුත් ආසාදන ගණන අඩු වීමත් සමඟ ජූලි මාසයේ දී ඒවා ඉවත් කරන ලදී.

    මීට අමතරව, රොස්පොට්‍රෙබ්නාඩ්සෝර් ප්‍රධානී ඇනා පොපෝවා බාර්, අවන්හල් සහ වෙනත් පොදු ස්ථාන සඳහා එක රැයකින් ඇඳිරි නීතිය නිර්දේශ කළාය. අනෙකුත් නිර්දේශ අතරට පොදු ප්‍රවාහන, කුලී රථ සහ පොදු ස්ථාන විෂබීජහරණය කිරීම ඇතුළත්ය.

    ජාතික සංඛ්‍යාලේඛනවලට අනුව රුසියාවෙන් ආසාදන මිලියන 1.5 කට වැඩි ප්‍රමාණයක් සහ මරණ 26,589 ක් වාර්තා වී තිබේ.

    අළු රේඛාව
    විශ්ලේෂණ පෙට්ටිය මොස්කව් වාර්තාකරු සාරා රේන්ස්ෆර්ඩ් විසිනි

    මෙම ග්‍රීෂ්ම ඍතුවේදී රුසියාව කොවිඩ් -19 ට එරෙහිව “ජයග්‍රහණය” ප්‍රකාශයට පත් කළ නමුත් දැන් එය යළිත් ඉහළ ගොස් ඇති අතර වාර්තාගත මරණ සංඛ්‍යාවක් දක්නට ලැබේ.

    එසේ වුවද, සැලකිය යුතු සීමාවන් නැවත හඳුන්වා දීමට මොස්කව් පාලනය පසුබට වී තිබේ. හැකිතාක් දුරට ආර්ථිකය ආරක්ෂා කිරීම සඳහා නව ජාතික අගුලු දැමීමක් සිදු නොවන බවට ජනාධිපති පුටින් මෑතකදී ව්‍යාපාරිකයින්ට සහතික විය.

    එහෙත් නවතම පියවර මගින් යහපත් තත්ත්වයක් ඇතිවනු ඇතැයි විශ්වාස කළ නොහැකිය. ( මුහුණු ආවරණ බලාත්මක කිරීම සහ රාත්‍රී ජීවිතයට ඇඳිරි නීතිය පැනවීම නිර්දේශ කිරීම) රෝහල්වල ඇඳන් රෝගීන්ගෙන් පිරී ඇති අතර තවත් එහි අලුත් රෝගීන්ට අවස්ථාවක් නැත. මෘත ශරීරාගාරවල තත්ත්වය ද එසේය. ඒවා පිරී ඇත. වඩාත් කණස්සලු සහගත තත්ත්වය වන්නේ අධික ලෙස වැඩ කරන වෛද්‍යවරුන් පිළිබඳ රුසියාවේ පළාත් වලින් ලැබෙන වාර්තායි. සෞඛ්‍ය කාර්ය මණ්ඩල දැඩි ආතතියට පත්ව ඇති අතර ඔවුන්ට විරාමයක් ලැබෙන බවට සහතිකයක් ද නැත.

    මොස්කව්හි දිනකට කෝවිඩ් රෝගීන් 1,000 කට වැඩි ප්‍රමාණයක් රෝහල් ගත කරනු ලැබේ. නමුත් අගනගරයේ මුහුණු ආවරණ නීති දැනටමත් දැඩි කර ඇති අතර, සමාජශාලා සහ බාර් වෙත යන්නන් දැනටමත් ඔවුන්ගේ දුරකථන අංක ලබාදීම කළ යුතුය. 

    නගර බලධාරීන් පවසන්නේ නව ආසාදනවල වේගය මන්දගාමී වී ඇති බැවින් නව ඇඳිරි නීතිය ක්‍රියාත්මක කිරීමට හෝ “ආර්ථිකයේ ඕනෑම අංශයක්” වසා දැමීමට ඔවුන් ව්‍යාපාරික ස්ථානවලට බල නොකරන බවයි.

    අළු රේඛාව

    යුරෝපයේ වෙනත් තැනක සිදුවන්නේ කුමක්ද?

    ප්‍රංශයේ පැරිස් අග නගරය මේ වන විටත් ඇඳිරි නීතිය පුලුල් කරමින් හා තවත් නගර ඇතුළු කිරීමට පියවර ගෙන ඇත. (රජය දැඩි පියවර සාකච්ඡා කර ඇත) පසුගිය අඟහරුවාදා රට තුළ නව රෝගීන් 33,417 ක් සහ නව මරණ 523 ක් වාර්තා වී තිබේ.

    ඉතාලිය , ටියුරින් උතුරු නගරයේ නව සීමා කිරීම්වලට එරෙහිව පසුගිය සදුදා පැවති විරෝධතාවලට පොලිසිය විසින් කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කරන ලදි. මිලාන්හි ද ගැටුම් වාර්තා විය. පසුගිය සිකුරාදා සිට අවන්හල්, බාර්, ජිම් සහ සිනමා ශාලා වසා දැමීම පිළිබඳව ජනතාව කෝපයෙන් ප්‍රතිචාර දක්වා ඇත.

    එක්සත් රාජධානියේ ලන්ඩනයේ ඉම්පීරියල් කොලේජ් හි පර්යේෂකයෝ පවසන්නේ  කොරෝනා වෛරසයට එරෙහිව ප්‍රතිශක්තිය පැවතිය හැකිකේ ආසාදනය වීමෙන් මාස කිහිපයක් පමණක් බවයි. ප්‍රතිදේහ සඳහා ධනාත්මක බව පරීක්‍ෂා කරන පුද්ගලයින්ගේ සංඛ්‍යාව ජුනි සහ සැප්තැම්බර් අතර 25%කින් පමණ අඩුවී ඇති අතර එය 65 ට වැඩි අයගේ විශාලතම අඩුවීමකි.

    බෙල්ජියමේ රෝහල් ගතවීම් 88% කින් ඉහළ ගොස් ඇති අතර, දැඩි සත්කාර ඇඳන් වලින් අඩක් දැනටමත් පුරවා ඇති බවට නිලධාරීන් අනතුරු අඟවයි. රෝහල් 10 ක ධනාත්මකව පරීක්‍ෂා කළ නමුත් රෝග ලක්ෂණ නොපෙන්වූ වෛද්‍යවරුන්ගෙන් ඉල්ලා සිටියේ දිගටම වැඩ කරන ලෙසයි. යුරෝපයේ දෙවන රැල්ලේ කේන්ද්‍රස්ථානය වන්නේ බෙල්ජියමය.

    ස්ලෝවැකියාව මෙම සති අන්තයේ සිට සිය මුළු ජනගහනයම පරීක්ෂා කිරීම ආරම්භ කිරීමට නියමිතය. ආසාදිත පුද්ගලයින් දස දහස් ගණනක් හඳුනා ගැනීමට අගමැති ඊගෝර් මැටොවික් බලාපොරොත්තු වේ. හදුනාගත් ආසාදිතයින් ඔවුන්ගේ පවුල් සමඟ එක්ව ඉදිරි දින 10 නිරෝධායනයේ ගත කරනු ඇත. 

    “අපට තිබුණේ විකල්ප දෙකක් පමණි, සාමාන්‍ය පරීක්ෂණ හෝ සම්පූර්ණ අගුළු දැමීම. අපි තෝරා ගත්තේ අවදානම අඩුම පළමු විකල්පය” ඔහු පැවසීය.

    බී.බී.සී වාර්තාවක් ඇසුරිණි – සකස් කළේ තීක්ෂණ වෙළෙන්එගොඩ

  • සුනඛයින්ගේ DNA මගින් හෙළිකළ සුපිරි කතාව

    සුනඛයින්ගේ DNA මගින් හෙළිකළ සුපිරි කතාව

    සුනඛයින්ගේ ඩීඑන්ඒ පිළිබඳව කළ අධ්‍යයනයකින් හෙළි වී ඇත්තේ සත්ව ලෝකයේ අපගේ “හොඳම මිතුරා” අපගේ පැරණිතම මිතුරාද හැකි බවයි.

    විශ්ලේෂණයෙන් හෙළි වන්නේ සුනඛයන් හීලෑ කිරීම පසුගිය අයිස් යුගයේ අවසානය දක්වා, එනම් වසර 11,000 ක් පමණ පැරණි බවයි.

    මෙයින් සනාථ වන්නේ සුනඛයන් වෙනත් දන්නා විශේෂයකට පෙර මිනිසා විසින් හීලෑ කර ඇති බවයි.

    මේ වන විට අපේ සුනඛ සගයන් උතුරු අර්ධගෝලය පුරා පුළුල්ව පැතිරී තිබූ අතර ඒ වන විටත් විවිධ වර්ග පහකට බෙදී තිබුණි. යටත් විජිත යුගයේදී යුරෝපීය සුනඛයින්ගේ ව්‍යාප්තිය නොතකා, මෙම පුරාණ ආදිවාසී අභිජනන අංශ අද ඇමරිකාව, ආසියාව, අප්‍රිකාව සහ ඕෂනියා යන රටවල පවතී.

    අපගේ සමීප සත්ව සගයන්ගේ ස්වාභාවික ඉතිහාසයේ යම් යම් හිඩැස් පර්යේෂණය මගින් පුරවයි.

    ලන්ඩනයේ ක්‍රික් ආයතනයේ Ancient Genomics රසායනාගාරයේ (අධ්‍යයනයේ සම කර්තෘ සහ කණ්ඩායම් නායක) ආචාර්ය පොන්ටස් ස්කොග්ලන්ඩ් බීබීසී ප්‍රවෘත්ති සේවයට මෙසේ පැවසීය:

    “බල්ලන් සැබවින්ම අද්විතීය වන්නේ ඔවුන් මිනිසුන්ගේ මුල්ම යුගයේදී දඩයම සදහා ඉටුකළ අනුපමේය සේවය නිසයි. ඔවුන් මිනිසාට සේවය කළා‘

    “මිනිසුන් එසේ කළේ ඇයි ? එය ඇති වූයේ කෙසේද? අපි අවසානයේ උනන්දු වන්නේ එයයි.”

    යම් තාක් දුරට, සුනඛ ජානමය රටාවන් මිනිසුන් පිළිබිඹු කරයි, මන්ද මිනිසුන් චලනය වන විට ඔවුන්ගේ සත්ව සගයන් ඔවුන් සමඟ රැගෙන ගිය බැවිනි. නමුත් වැදගත් වෙනස්කම් ද විය.

    රොඩේෂියන් රිජ්බැක්
    රොඩේෂියන් රිජ්බැක් පුරාණ අප්‍රිකානු සුනඛ පරම්පරාවකින් පැවත එන්නන් රඳවා තබා ගනී

    නිදසුනක් වශයෙන්, මුල් යුරෝපීය සුනඛයන් මුලින් විවිධාකාර වූ අතර, ඒවා එකිනෙකට වෙනස් දෙදෙනෙකුගෙන් බිහි වූ බව පෙනේ.

    නමුත් යම් අවස්ථාවක දී, ලෝකඩ යුගය ආරම්භ වීමෙන් පසු, තනි සුනඛ පරම්පරාවක් පුළුල් ලෙස ව්‍යාප්ත වී මහාද්වීපයේ අනෙකුත් සියලුම සුනඛ වර්ග වෙනුවට ආදේශ විය. මෙම රටාවට යුරෝපයේ මිනිසුන්ගේ ජාන රටාවන්හි කිසිදු ප්‍රතිවිරුද්ධතාවක් නොමැත.

    ආචාර්ය ඇන්ඩර්ස් බර්ග්ස්ට්‍රෝම් මෙසේ පැවසීය: “අපි මීට වසර පන්දහසකට පෙර යුගයට ගොස් ආපසු හැරී බැලුවහොත්, සුනඛයන් සම්බන්ධයෙන් යුරෝපය ඉතා විවිධාකාර ස්ථානයක් වූ බව අපට පෙනෙනවා. යුරෝපීය සුනඛයන් වුවද ජානමය වශයෙන් ඒවා ව්‍යුත්පන්න වී ඇත්තේ පවතින විවිධත්වයේ ඉතා පටු උප කුලකයකින් පමණක් බව අද අපට පෙනෙනවා‘

    පර්යේෂකයින් පුරාණ සුනඛයන් 27 දෙනෙකුගේ පුරාවිද්‍යාත්මක සංස්කෘතීන් හා සම්බන්ධ සමස්ත ජාන (ජෛව සෛලවල න්යෂ්ටිවල ඩීඑන්ඒ හි පූර්ණ අනුපූරකය) විශ්ලේෂණය කළේය. ඔවුන් මේවා එකිනෙකා හා නවීන සුනඛයන් සමඟ සංසන්දනය කළහ.

    ප්‍රතිඵලවලින් හෙළි වන්නේ දකුණු අප්‍රිකාවේ රොඩේෂියන් රිජ්බැක් (Rhodesian Ridgeback) සහ මෙක්සිකෝවේ චිහුවාආ (Chihuahua) සහ සොලොයිට්ස්කුයින්ට්ලි (Xoloitzcuintli) වැනි ප්‍රභේදයන් කලාපයේ ඉපැරණි ආදිවාසී සුනඛයන්ගේ ජානමය අංශුමාත්‍ර රඳවා තබා ගන්නා බවයි.

    නිව් ගිනියාවේ ගායන බල්ලා
    නිව් ගිනියා singing dog ආසියාව සහ ඕෂනියාව පුරා සුනඛයින්ගෙන් හමු වූ පෙළපතක එක් නියෝජිතයෙකි

    නැගෙනහිර ආසියාවේ සුනඛයන්ගේ පරම්පරාව සංකීර්ණයි. චීන අභිජනනය ඔවුන්ගේ පරම්පරාව සමහරක් ඕස්ට්‍රේලියානු ඩිංගෝ dingo සහ නිව්ගිනියා singing dog වැනි සතුන්ගෙන් ලබා ගත් බව පෙනේ.

    නිව් ගිනියාවේ singing dog එසේ නම් කර ඇත්තේ ගීතවත් ස්වරයක් ඇති කෑගැසීම නිසාය.

    පර්යේෂණයේ සම කර්තෘ, ඔක්ස්ෆර්ඩ් සරසවියේ ග්‍රෙගර් ලාර්සන් මෙසේ පැවසීය: “බල්ලන් අපගේ පැරණිතම හා සමීපතම සත්ව සහකරුයි. පුරාණ සුනඛයන්ගෙන් ඩීඑන්ඒ භාවිතා කිරීම අපගේ හවුල් ඉතිහාසය කොතරම් ඈතට දිව යනවාද යන්න අපට පෙන්වනවා‘

    සුනඛයන් පරිණාමය වී ඇත්තේ මිනිස් කඳවුරුවලට ගිය වෘකයන්ගෙන් විය හැකිය. ඔවුන් හීලෑ කර ගත් විට, ඔවුන්ට දඩයම් සගයන් හෝ ආරක්ෂකයින් ලෙස මිනිසුන්ට සේවය කළ හැකිය.

    ප්‍රතිඵල වලට අනුව සියලුම සුනඛයන් බිහි වී ගොස් ඇත්තේ එක් වඳ වී ගිය වෘකයෙකුගෙනි. (හෝ සමහර විට ඉතා සමීපව සම්බන්ධ වූ කිහිප දෙනෙකුගෙන්) ලොව පුරා විවිධ ගෘහාශ්‍රිත සිදුවීම් සිදුවී ඇත්නම්, මෙම අනෙකුත් පෙළපත් පසුකාලීන සුනඛයන්ට වැඩි ඩීඑන්ඒ දායක නොවීය.

    ආරම්භක හීලෑ කිරීම සිදු වූයේ කවදාද කොතැනද යන්න පැහැදිලි නැති බව ආචාර්ය ස්කොග්ලන්ඩ් පැවසීය. “සුනඛ ඉතිහාසය කෙතරම් ගතික වී ඇත්ද යත්, ඔවුන්ගේ ඩීඑන්ඒ පහසුවෙන් කියවීමට නොහැකිය.එය ඔවුන් පිළිබඳ සිත්ගන්නාසුලු දෙයයි.”

    මීට වසර 6,000 කට පමණ පෙර මිනිසුන් ගොවිතැන් කිරීමට ගිය විට බළලුන් වැනි බොහෝ සතුන් අපගේ සුරතල් සතුන් බවට පත්විය. ජනාවාස මගින් ජනනය වන අපද්‍රව්‍ය මගින් ආකර්ෂණය වූ මීයන් වැනි පළිබෝධකයන් පාලනය කිරීමට බළලුන් බොහෝ විට ප්‍රයෝජනවත් විය. 

    “සුනඛයින් සඳහා, එය ඕනෑම තැනක තිබිය හැකියි: සීතල සයිබීරියාව, උණුසුම් ආසන්න නැගෙනහිර, ගිනිකොනදිග ආසියාව. මේ සියල්ල මගේ මනසෙහි ඇති හැකියාවන්” යැයි පොන්ටස් ස්කොග්ලන්ඩ් පැහැදිලි කළේය.

    බී.බී.සී වාර්තාවකි – සැකසුම – තීක්ෂණ වෙළෙන්එගොඩ

  • පිරිමි විලාසිතා ලෝකය කැළඹූ ‘අලුත්ම විලාසිතා එකතුව’ මෙන්න

    පිරිමි විලාසිතා ලෝකය කැළඹූ ‘අලුත්ම විලාසිතා එකතුව’ මෙන්න

    මාර්ක් බ්‍රයන් Mark Bryan යනු දැනට ජර්මනියේ වෙසෙන එක්සත් ජනපදයේ සාර්ථක රොබෝ විද්‍යා ඉංජිනේරුවෙකි robotics engineer. 61 වැනි වියේ පසුවේ. බැලූ බැල්මට, ඔහු සිත් ඇදගන්නා සුළු උසස්, පිළිගත් රැකියාවක් කරන පුද්ගලවෙකි. එහෙත් මාර්ක් වැදගත් වන්නේ ඒ කිසිවක් නිසා නොවේ. දැන් ඔබට පෙනෙන පරිදි, මාක් කලිසම් සහ සපත්තු වෙනුවට සායක් සහ උස සපත්තු පැළඳීමට කැමැත්තක් දක්වන පිරිමියෙකි. මේ කතාව මේ අසාමාන්‍ය විලාසිතා කරන මිනිසා ගැනය.

    # 1 |  61 හැවිරිදි මිනිසා වැඩ කිරීමට සායක් සහ උස සපත්තු පළඳින අතර මනස්කාන්ත පෙනුමක්!  |  සෙස්ට්‍රඩාර්
    # 3 |  61 හැවිරිදි මිනිසා වැඩ කිරීමට සායක් සහ උස සපත්තු පළඳින අතර මනස්කාන්ත පෙනුමක්!  |  සෙස්ට්‍රඩාර්

    මීට වසර හතරකට පෙර බ්‍රයන් ස්ත්‍රී පුරුෂ සමාජභාවයට (gender) අභියෝග කළේය. ඔහුට අවශ්‍ය ඕනෑම දෙයක් ඇඳීමට ඔහුට නිදහස ඇති බව ඔහුගේ විශ්වාස විය. Pencil skirts සහ සම්භාව්‍ය උස සපත්තු සපත්තු classic high-heeled shoes ඔහුගේ ප්‍රියතම විලාසිතාව විය. ඒවා වඩාත් සුවපහසු ඇඳුම් නොවිය හැකි නමුත්, සායක් සමග විලුඹේ පෙනුමට මාක් සැබවින්ම කැමත්තක් දක්වයි. ඍජු මිනිසෙකු වන ඔහුගේ මෙම කැමැත්ත හා වෙනස මම තේරුම් ගනිමි.

    # 4 |  61 හැවිරිදි මිනිසා වැඩ කිරීමට සායක් සහ උස සපත්තු පළඳින අතර මනස්කාන්ත පෙනුමක්!  |  සෙස්ට්‍රඩාර්
    # 5 |  61 හැවිරිදි මිනිසා වැඩ කිරීමට සායක් සහ උස සපත්තු පළඳින අතර මනස්කාන්ත පෙනුමක්!  |  සෙස්ට්‍රඩාර්

    මර්ක් වසර 11 ක් තිස්සේ සිය තෙවැනි බිරිඳ සමඟ සතුටින් දිවි ගෙවන අතර මේ වන විටත් දරුවන් තිදෙනෙකුගේ පියෙකි. ඔහුගේ පවුලේ අය මෙම අසාමාන්‍ය තේරීමට පූර්ණ සහයෝගය ලබා දෙන අතර, බහුතරයක් පිරිමින්ගෙන් කැපී පෙනීමට ඔහු තුළ ඇති ආශාව හෙළා දකින්නේ නැත.

    # 6 |  61 හැවිරිදි මිනිසා වැඩ කිරීමට සායක් සහ උස සපත්තු පළඳින අතර මනස්කාන්ත පෙනුමක්!  |  සෙස්ට්‍රඩාර්
    # 7 |  61 හැවිරිදි මිනිසා වැඩ කිරීමට සායක් සහ උස සපත්තු පළඳින අතර මනස්කාන්ත පෙනුමක්!  |  සෙස්ට්‍රඩාර්
    # 8 |  61 හැවිරිදි මිනිසා වැඩ කිරීමට සායක් සහ උස සපත්තු පළඳින අතර මනස්කාන්ත පෙනුමක්!  |  සෙස්ට්‍රඩාර්

    මේ සමග තවත් කරුණක් ඔබ දැන ගත යුතුය. ඒ මාක් යනු ‘විෂමලිංගික‘ පුරුෂයෙකි (heterosexual man) ඔහු සරාගී කාන්තා ඇඳුම් ඇඳීම පසෙක තබා, එදිනෙදා ජීවිතයේදී සුන්දර කාන්තාවන්ට සහ සුඛෝපභෝගී මෝටර්ථයක් වන Porschesට ආදරය කරයි. ඔහුගේ එදිනෙදා පෙනුම පෙන්වීමට ඉන්ස්ටග්‍රෑම් පිටුවක් ඔහු සතුව ඇත .

    # 9 |  61 හැවිරිදි මිනිසා වැඩ කිරීමට සායක් සහ උස සපත්තු පළඳින අතර මනස්කාන්ත පෙනුමක්!  |  සෙස්ට්‍රඩාර්
    # 10 |  61 හැවිරිදි මිනිසා වැඩ කිරීමට සායක් සහ උස සපත්තු පළඳින අතර මනස්කාන්ත පෙනුමක්!  |  සෙස්ට්‍රඩාර්

    බොහෝ අනුගාමිකයන් මාර්ක් කෙතරම් කඩවසම් හා නිර්භීතද යන්න පිළිබඳව අදහස් දක්වමින් පින්තූරවලට ඉතා ධනාත්මකව ප්‍රතිචාර දක්වයි. ‘‘මම මීට පෙර පිරිමියෙකු සතු එවැනි සුන්දර පසුපසක් දැක නැත. ඔහුගේ කකුල් අපූරු ය, ඒවා කලිසම් වලින් ඔතා ගැනීම පාපයකි‘ ඒ ඔහුට නිතර ලැබෙන ප්‍රතිචාරය.

    # 11 |  61 හැවිරිදි මිනිසා වැඩ කිරීමට සායක් සහ උස සපත්තු පළඳින අතර මනස්කාන්ත පෙනුමක්!  |  සෙස්ට්‍රඩාර්
    # 12 |  61 හැවිරිදි මිනිසා වැඩ කිරීමට සායක් සහ උස සපත්තු පළඳින අතර මනස්කාන්ත පෙනුමක්!  |  සෙස්ට්‍රඩාර්

    ඔහුගේ සේවායෝජකයින් ඔහුගේ කුසලතාවන් අගය කිරීම ගැන මිස ඔහුගේ පෙනුම ගැන සතුටු වන්නේ නැත. කෙසේ වෙතත්, බොහෝ අය ඔහුගේ දිශානතිය ගැන ප්‍රශ්න කරන බවත් නුසුදුසු ප්‍රශ්න අසන බවත් ඔහු පිළිගත්තේය. 

    සායක් ඇඳීම කෙනෙකුගේ ලිංගික මනාපයන් ගැන සිතීමට මිනිසුන් පෙළඹෙන්නේ ඇයි? එය දැනටමත් තලා දැමිය යුතු පුරාණ ලිංගභේද ඒකාකෘති වර්ගයකි. කලිසම් ඇඳ සිටින කාන්තාවකගෙන් ‘ඔබ සමලිංගිකයෙක් ද? කිසිවෙක් අසන්නේ නැත. පිරිමියෙකු වෙනසක් කළ විට තිගැස්සීමට හෝ බියවීමට හේතුවක් නැත. එය ඔහුගේ තෝරා ගැනීමක් පමණි‘ මාර්ක් කියයි.

    ‘ නමුත් මිනිසුන්ගේ කුතුහලය පරාජය කළ නොහැකි අවස්ථා තිබෙනවා‘ ඔහු යථාර්ථය ද පිළිගනී.

    # 14 |  61 හැවිරිදි මිනිසා වැඩ කිරීමට සායක් සහ උස සපත්තු පළඳින අතර මනස්කාන්ත පෙනුමක්!  |  සෙස්ට්‍රඩාර්
    # 15 |  61 හැවිරිදි මිනිසා වැඩ කිරීමට සායක් සහ උස සපත්තු පළඳින අතර මනස්කාන්ත පෙනුමක්!  |  සෙස්ට්‍රඩාර්

    උපුටා ගැනීම Zestradar.com ඇසුරිණි – සැකසුම – තුෂාධවි

  • ව්‍යාජ Covid භීතිය නිසා වැනසෙන ධීවරයින්ගේ ‘ඇත්ත කතාව’ මෙන්න !

    ව්‍යාජ Covid භීතිය නිසා වැනසෙන ධීවරයින්ගේ ‘ඇත්ත කතාව’ මෙන්න !

    ධීවරයෝ කියන්නේ මේ රටේ නොසලකා හැර ඇති කොට්ඨාසයක්. බලන්න ගොවියන්ට ලබා දෙන සහන. නියඟය හරි ගං වතුර හරි ඇවිල්ලා වගා හානි වුණොත් සහන දෙනවා. පොහොර සහනාධරය දෙනවා. ඇට දෙනවා, උපකරණ දෙනවා, ණය දෙනවා නමුත් ධීවරයන්ට මේ මොනවත් නැහැ. දැලක් බෝට්ටුවක් දෙනවද? ඉන්ධන සහනාධාරයක් දෙනවද? එහෙම තියෙද්දී මේ වසංගතයක් නිසා අසරණ වෙලා ඉන්නෙත් ධීවරයන් තමයි. අපි සහන ඉල්ලන්නේ නැහැ. අපි ඉල්ලනේ මේ දුර්මත නැති කරන්න ආණ්ඩුව මැදිහත් විය යුතුයි කියලයි. මාළු කාලා කාටවත් කොරෝනා හැදිලා තියනවද?

    මට ගෑනු දරුවෝම තුන්දෙනෙක් ඉන්නවා. මගේ මහත්තයා ධීවරයෙක්. එයා ගොඩට ගේන මාළු ටික මම විකුණලා තමයි අපේ පවුල ජීවත් වුණේ. මේ කොරෝනා කරදරේ නිසා දැන් අපිට ජීවත් වෙන්න විදිහක් නැහැ. මිනිස්සු මාළු කන්නත් බයයි. අද මේ මාළු කිලෝ හතර විකුණගන්න ඒකත් ලොකු ගැටලුවක් වෙලා.”

    හලාවත වැල්ල ගම්මානයේ පදිංචි තිස්තුන් හැවිරිදි වර්ණකුලසුරිය ඉනෝකා දිෂානි කොවිඩ් 19 හමුවේ තමන් මුහුණ දී ඇති තත්ත්වය එසේ විස්තර කළාය. ඉනෝකාගේ කතාව අද වන විට රටේම ධීවරයාගේ කතාව බවට පත්ව ඇති අතර මේ තත්ත්වයට ප්‍රධාන හේතුව වූයේ පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳපොළ අශ්‍රිතව කෝවිඩ් 19 වෛරසය ශීඝ්‍රයෙන් පැතිර යෑමයි. මේ තත්ත්වය සමග පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳපොළ වසා දැමීමට බලධාරීන් පියවර ගත් නමුත් ඒ වන විටත් රටේ ප්‍රධාන ධීවර වරාය කිහිපයක් හා ධීවර වෙළෙඳසල් කිහිපයක් අතර කෝවිඩ් 19 වෛරසය පැතිර ගොස් තිබිණි.

    ධීවරයන් නොසලකාහැරලා

    හාල්මැස්සන් කිලෝ ග්‍රෑම් හතරක් පමණ අතැතිව සිටි ඉනෝකා දිෂානි මෙසේද කීවාය. “ධීවරයෝ කියන්නේ මේ රටේ නොසලකා හැර ඇති කොට්ඨාසයක්. බලන්න ගොවියන්ට ලබා දෙන සහන. නියඟය හරි ගං වතුර හරි ඇවිල්ලා වගා හානි වුණොත් සහන දෙනවා. පොහොර සහනාධරය දෙනවා. ඇට දෙනවා, උපකරණ දෙනවා, ණය දෙනවා නමුත් ධීවරයන්ට මේ මොනවත් නැහැ. දැලක් බෝට්ටුවක් දෙනවද? ඉන්ධන සහනාධාරයක් දෙනවද? එහෙම තියෙද්දී මේ වසංගතයක් නිසා අසරණ වෙලා ඉන්නෙත් ධීවරයන් තමයි. අපි සහන ඉල්ලන්නේ නැහැ. අපි ඉල්ලනේ මේ දුර්මත නැති කරන්න ආණ්ඩුව මැදිහත් විය යුතුයි කියලයි. මාළු කාලා කාටවත් කොරෝනා හැදිලා තියනවද?

    ඉනෝකා දිෂානි
    ඉනෝකා දිෂානි

    ඇයගෙන් මාළු මිලදී ගැනීමට පැමිණි නිහාල් ප්‍රනාන්දු කතාවට එකතු විය. “මම මේ හාල්මැස්සෝ ටිකක් ගන්න ආවේ කුඩා මාළු කෑවම ප්‍රතිශක්තිකරණය වඩනවා කියන නිසයි. නැතුව මට මාළු නැතුව නෙමෙයි. පුළුවන් නම් එන්න හලාවත ජැටියට පෙන්නන්න. මගේ බෝට්ටුවේ විතරක් තියනවා ලක්ෂ ගාණක ලොකු මාළු. ඒ කියන්නේ තෝරු, පරව්, කෙලවල්ලෝ. මේ දවස් ටිකේ අපි කෑවෙත් ඒ මාළු තමයි.”

    නිහාල් ප්‍රනාන්දු
    නිහාල් ප්‍රනාන්දු

    හලාවත ධීවර වරායේ පිහිටි ප්‍රධාන ජැටියේ “ළහිරු” පුතා බහුදින ධීවර යාත්‍රාව නැංගුරම් ලා තිබිණි. නිහාල් ප්‍රනාන්දු කියා සිටියේ දින පහක කාලයක සිට තම මාළු අස්වැන්න විකුණා ගත නොහැකිව සිටින බවය.

    ආණ්ඩුවට වැඩපිළිවෙළක් නෑ

    “ධීවර රාජ්‍ය ඇමති මාධ්‍ය ඉස්සරහට ඇවිල්ලා කිව්වා රටේම මාළු ගන්නවා කියලා. නමුත් ඒ පිළිබඳ පැහැදිලි වැඩපිළිවෙළක් නැහැ. මම දන්න විදිහට මේ වන විට දකුණේ හා නැගනහිර ඇතුළු ප්‍රදේශ කීපයක බහුදින ධීවර යාත්‍රාවල මාළු කිලෝ ලක්ෂ පහකට වැඩි ප්‍රමාණයක් තියෙනවා. මේ මාළු තව ගොඩක් කල් තියාගන්න අමාරුයි. ආණ්ඩුව මේ තත්ත්වයට වග කියන්න ඕනෑ. මොකද මේ කොරෝනා රැල්ල ආවේ ධීවරයන්ගෙන් නෙමෙයි ව්‍යාපාරිකයන්ගෙන්. ඒ ගැන ජනතාව දැනුවත් කරන්න ආණ්ඩුව වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළේ නැහැ. අපේ ධීවරයෝ අපේ කාටවත් කොරෝනා නැහැ.” ඔහු දැඩි වේදනාවෙන් මෙසේද කීවේය.

    “අද මගේ එක බෝට්ටුවක් කල්පිටියේ වරායේ හිරවෙලා. මට තියෙන ගැටලුව ඒ බෝට්ටුව ඇයි මට මෙහෙට ගේන්න දෙන්නේ නැත්තේ කියලයි. මේ නිසා මට මේ බෝට්ටුව වෙනුවෙන් දවසකට රුපියල් පන්සියයක් දෙන්න වෙලා තියෙනවා. මම ඉල්ලන්නේ මගේ බෝට්ටුව මෙහෙට ගේන්න අවසර දෙන්න කියලයි.”

    හලාවත ධිවර වෙළද පොළ වසා දමා
    හලාවත ධිවර වෙළෙඳපොළ වසා දමා ඇති අයුරු

    වෙනත් දිනවල හලාවත මාළු වෙළදපොළේ දකින මුහුණු කීපයක් හලාවත විදි දිගේ දකින්නට ලැබිණි. මේරියන් දිලුකා එවැන්නියකි. ඇය කියා සිටියේ තමනට නිවෙසට වී කාලය ගත කළ හැකි නමුත් ඒ සඳහා රජයෙන් සහනාධාරයක් ලබා දිය යුතු බවය.

    “මාළු මාර්කට් එක වැහුවා. අපි ඒකට මුකුත් කියන්නේ නැහැ. අපි දන්නවා එතන මීටරේ දුර තියාගෙන වැඩ කරන්න බැහැ කියලා. නමුත් අපිට පාරේ හරි මාළු ටික විකුණගන්න ඕනෑ. නැත්නම් අපි කොහොමද කන්නේ? මාස හයක වාරකන් ඉවර වෙලා යන්තම් වලාල ලබලා මාළු ටිකක් අහුවෙන්න ගත්තා විතරයි, මේ නස්පැත්තිය!” ඇය වාරකන් යනුවෙන් ප්‍රකාශ කළේ මුහුද රළු වන මාස හයක කාලයයි. වලාල යනුවෙන් හැඳින්නුවේ මුහුදේ ධීවර කටයුතුවලට සුදුසු කාලයයි.

    ධීවර සංවිධාන

    ධීවර කර්මාන්තය මුහුණ දී තිබෙන ගැටලු පිළිබඳව රට පුරා ධීවර සංවිධාන මේ වන විට ප්‍රකාශ නිකුත් කරමින් සිටී. හලාවත ග්‍රාමීය ධීවර දිස්ත්‍රික් සංවිධානයේ ලේකම් ඇන්ටන් සුදේශ් පසුගිය 27 වැනි දින මාධ්‍ය හමුවක් කැඳවා තිබුණු අතර එහිදී ඔහු කියා සිටියේ ධීවර සංස්ථාව ඇත්තේ නමට පමණක් බවය.

    හලාවත ග්‍රාමීය ධීවර දිස්ත්‍රික් සංවිධානයේ ලේකම් ඇන්ටන් සුදේශ්
    ,හලාවත ග්‍රාමීය ධීවර දිස්ත්‍රික් සංවිධානයේ ලේකම් ඇන්ටන් සුදේශ්

    “මේ වන විට හලාවත බහුදින ධීවර යාත්‍රාවල හා අනෙක් ධීවර යාත්‍රාවල මාලු කිලෝ 10,000කට වැඩි ප්‍රමාණයක් ගබඩා කරලා තියෙනවා. දැන් ඒවාට කිසිම විකල්පයක් නෑ. දැන් සුළු පරිමාණ ධීවරයාටත් රැකියාව නෑ. රජය මේ වෙලාවේ ධීවරයාට සාධාරණයක් ඉටු කරන්න මැදිහත් වෙන්න ඕනෑ. දැන් මේ මාළු අලෙවි කරගන්න ක්‍රමයක් තමයි ඕනෑ.”

    මේ වන විට රටේ පැතිර යන කට කතා පිළිබඳව ද ඇන්ටන් සුදේශ් මෙහිදී අවධානය යොමු කළේය.

    “මේ වන විට රටේ ජනතාව අතර මතයක් ඇතිවෙලා තියෙනවා මාළු කන්න හොඳ නෑ කියලා. ඒ මතයේ වගකීම ගන්න ඕනේත් රජය තමයි. මොකද රජය මේ වෙලාවේ නිශ්චිත ප්‍රකාශයක් නිකුත් කරන්නේ නෑ. සෞඛ්‍ය අංශවල ඉහළ වෛද්‍යවරුන් එක එක ප්‍රකාශ කරනවා. නමුත් ජනතාවගේ බිය, සැකය තවම දුරු වෙලා නෑ. ජනතාවගේ සැකය දුරු වෙලා ජනතාව මාළු පරිභෝජනයට යොමු වන ආකාරයට රජය වගකීමක් අරගෙන නිශ්චිත ප්‍රකාශයක් නිකුත් කරන්න ඕනෑ.”

    පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳපොළේ ගැටලුව පිළිබඳවද හලාවත ග්‍රාමීය ධීවර දිස්ත්‍රික් සංවිධානයේ ලේකම් ඇන්ටන් සුදේශ් අදහස් පළ කළේය.

    “ධීවරයො කොහොමද මේකට මුල් වෙන්නේ? පෑලියගොඩ කියන්නේ ධීවරයෝ ඉන්න තැනක් නෙවේනේ. පෑලියගොඩ කියන්නේ ව්‍යාපාරිකයෝ ඉන්න තැනක්. පෑලියගොඩට ලංකාවේ හැමතැනකින්ම මාළු ගන්න එනවා. තවම නිශ්චිතවම කියන්න පුළුවන්ද කාගෙන්ද විෂබීජ පෑලියගොඩට ආවේ කියලා. මේක ධීවරයින්ගෙන් හැදුණා කියලා කොහොමටවත් කියන්න බෑ. මාලුන්ට මේක හැදුණා කියලා ලෝකේ කොහේවත් නෑ. මාළු අරගෙන ඇවිල්ලා ගෙවල්වල කනවා. කාටවත් එහෙම කොරෝනා හැදිල තියනවද? ආණ්ඩුව මේ වැරදි මත දුරු කළේ නැත්නම් ධීවර කර්මාන්තය විනාසයි.”

    සමාජ මාද්‍යයේ සංසරණය වන චායාරුපයක්
    සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන ඡායාරූපයක්

    ලෝක ධීවර සම්මේලනයේ මෙරට නියෝජිත හා ජාතික ධීවර සහයෝගිත ව්‍යාපාරයේ කැදවුම්කරු හර්මන් කුමාර පවසන්නේ වහාම රජයේ මැදිහත්වීමක් අවශ්‍ය බවයි.

    “මුලින්ම රජය මේ මාළු අරගෙන නරක් වෙන්න නොදී ගබඩා කරන්න ඕනෑ. මේ සදහා සුදුසු පියවර ඉක්මණින් ගත යුතුයි. නැත්නම් කරවල සදහා වියළීමට හෝ අවශ්‍ය පහසුකම් ලබා දිය යුතුයි. වෙළෙඳුන්ට ඒ සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය ලබා දිය යුතුයි. අනෙක් කාරණය තමයි ඉදිරියට ලැබෙන්න නියමිත මත්ස්‍ය සම්පතට කුමක් කළ යුතුද යන්න. දැනට මුහුදේ ඇති යාත්‍රා ප්‍රමාණය ගොඩබිමට ඒමේදී ඔවුන්ගේ මත්ස්‍ය සම්පත සඳහා වහාම වැඩපිළිවෙළක් අවශ්‍යයි. “

    ලෝක ධීවර සම්මේලනයේ මෙරට නියෝජිත හා ජාතික ධීවර සහයෝගිත ව්‍යාපාරයේ කැදවුම්කරු හර්මන් කුමාර
    ලෝක ධීවර සම්මේලනයේ මෙරට නියෝජිත හා ජාතික ධීවර සහයෝගිත ව්‍යාපාරයේ කැදවුම්කරු හර්මන් කුමාර

    මත්ස්‍යයින් මගින් කොරෝනා වෛරසය පැතිරෙනවා යන්න මතයක් ජනතාව අතර පැතිර තිබෙන නිසා මාළු මිලදී ගැනීමට ජනතාව දැඩි බියක් දක්වන බවද හර්මන් කුමාර කියා සිටී.

    “මේ වන විට මාළු කෑම මිනිසුන් අතහැරලා තියෙන්නේ. මාළු හරහා කොරෝනා බෝ වෙනවා කියලා දුර්මතයක් පැතිරෙනවා. සෞඛ්‍ය අංශ මෙහි ඇත්ත නැත්ත සනාථ කරන්න ඕනෑ. එහෙම බෝ වෙනවානම් ඒ බව විද්‍යාත්මකව සනාථ කළ යුතුයි. මේ අවිනිශ්චිත තත්ත්වය දේශීය වෙළෙඳපොළට පමණක් නොව අපනයන වෙළෙඳපොළටත් බලපානවා.”

    ලක්ෂ විස්සකගේ ජීවනෝපාය

    පාලුවට ගිය තොටුපොළ
    පාලුවට ගිය තොටුපොළ

    ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියට අනුව ධීවර කර්මාන්තයෙන් සෘජුව හා වක්‍රව ජීවනෝපාය සලසාගන්නා පිරිස ලක්ෂ විස්සකට ආසන්නය. ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ 2018 වාර්ෂික කාර්යය සාධන වාර්තාවට අනුව 2018 වසර තුළ සමස්ත මත්ස්‍ය නිෂ්පාදනය මෙට්‍රික් ටොන් 527,060ක් වන අතර මේ සදහා කරදිය හා මිරිදිය අංශ පිළිවෙළින් මෙට්‍රික් ටොන් 439,370 හා මෙට්‍රික් ටොන් 87,690ක මත්ස්‍ය අස්වැන්නක් ලබා දීමෙන් දායක වී ඇත.

    2019 ශ්‍රී ලංකා මහ බැංකු වාර්තාවට අනුව ධීවර කර්මාන්තය ශ්‍රී ලංකාවේ දළ දේශීය නිශ්පාදනයට දක්වන දායකත්වය 1.1%කි. 2018 වසරේ එම අගය 1.2% කි.

    ධීවරයන් රැකියාව නොමැතිව
    ධීවරයන් රැකියාව නොමැතිව

    ලෝක ධීවර සම්මේලනයට අනුබද්ධ ජාතික ධීවර සහයෝගිතාවයේ දත්ත අනුව ශ්‍රී ලංකාවේ ධීවරයන් ගණන ලක්ෂ දෙකකට ආසන්නය. එම දත්ත අනුව ලංකාවේ බහුදින ධීවර යාත්‍රා හාරදහසකට ආසන්න ප්‍රමාණයක් ඇති අතර කුඩා යාත්‍රා, එනම් එක් දින යාත්‍රා හතළිස් දහසක් පමණ තිබේ. ලෝක ධීවර සම්මේලනයේ මෙරට නියෝජිත හා ජාතික ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ කැදවුම්කරු හර්මන් කුමාර ප්‍රකාශ කළේ ශ්‍රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදනයට ධීවර ක්ෂේත්‍රයෙන් දක්වන දායකත්වය මෙවර තවත් අඩු විය හැකි බවය.

    “ලංකාවේ මුහුද වටේ යන කුඩා බහුදින යාත්‍රා 1,500ත් 2,000ත් අතර ප්‍රමාණයකුත් ධීවර රැකියාවේ නිරත වෙනවා. වැඩියෙන්ම තියෙන්නේ කුඩා යාත්‍රා. වැඩියෙන්ම ආදායමක් ලබා දෙන මත්ස්‍ය සම්පත තමයි හුරුල්ලා. අපනයනය සඳහා වන මත්ස්‍ය සම්පත් වන්නේ කෙලවල්ලා සහ ඉස්සා. ප්‍රධාන වශයෙන්ම බහුදින ධීවර යාත්‍රා යැපෙන්නේ කෙලවල්ලන්ගෙන්. බහුදින යාත්‍රාවලින් ගෙනෙන මාළු ප්‍රධාන වශයෙන් අලෙවි කරන්නේ පෑලියගොඩ, බේරුවල, මීගමුව යන මාළු වෙළෙපලවල්වල. මේ පෑලියගොඩ තත්ත්වයත් එක්ක වෙළෙඳපොළ බරපතල අර්බුදයකට මුහුණ දී තිබෙනවා.

    වැරදුණේ කොතැනද?

    රට පුරා ප්‍රචාරය වන මාළු හා කොරෝනා සම්බන්ධ පුවත් ගැන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණගෙන් විමසුවෙමු.

    “මේ කතාව ගොඩනැගෙන්නේ පෑලියගොඩ ධීවර වෙළෙඳපොළ ආශ්‍රිතව රෝගය පැතිර ගිය නිසා. නමුත් මාළු වලින් කොවිඩ් 19 පැතිරෙනවා කියලා මේ වන තුරු කවුරුත් අනාවරණය කරගෙනවත් පර්යේෂණ කරලා තහවුරු කරලාවත් නෑ. මිනිස්සු මෙහෙම සැකයක් හදා ගෙන තියෙන්නේ මාලු ආශ්‍රිත කර්මාන්තවල යෙදෙන මාලු අලෙවි කරන පුද්ගලයින් ආසාදිතයින් වීම නිසා. එයට හේතුව ඔවුන් ආරක්ෂක පියවර අනුගමනය කිරීම ඉතා අවම මට්ටමක පැවතීමයි. කෙසේ වෙතත් මාළු නිසා මෙය පැතිරෙනවා කියන්න බෑ. ඒ නිසා කිසි විටෙක මාළු සම්බන්ධ අනවශ්‍ය බියක් ඇති කර ගත යුතු නෑ.”

    “මම මීට කලින් අවස්ථා තුනකදී කාරණා කීපයක් ප්‍රකාශ කළා. පළමු කාරණය තමයි ධීවරයින් ආශ්‍රිතව මෙය ඕනෑම අවස්ථාවක පැතිරෙන්න පුළුවන් කියන එක ඒ වගේම මම කීවා ඉන්දියානු පන්නයේ වෛරසයක් සංක්‍රමණය වෙලා රට තුළ වර්ධනය වෙලා පුපුරා යෑමක් විදිහට වාර්තා වෙන්න පුළුවන් කියලා. එතකොට අපි ප්‍රමාද වැඩියි කියලත් මම කිව්වා. ඒ දෙවැනි අවස්ථාවේදී මම ප්‍රකාශ කළා ඉදිරි සති කීපයේදී වෛරසය පැතිරීම වේගවත් වෙලා රට තුළ ව්‍යසනයක් නිර්මාණය වෙන්න පුළුවන් කියලා. ඒ වගේම පසුගිය සතියේ ප්‍රකාශ කළා මේ සතිය තුළ ධීවරයින් අතර පැතිර යෑමක් වාර්තා වෙනවා කියලා. ඒකත් සත්‍ය වෙලා තියෙනවා. ක්ෂේත්‍රයේ ඉන්න හා වැඩ කරන පුද්ගලයන් විදියට අත්දැකීම් සහ වසංගත පිළිබඳව දැනුමෙන් තමයි එසේ ප්‍රකාශ කළේ.”

    මේරියන් දිලුකා
    මේරියන් දිලුකා

    දැනට පවතින තත්ත්වය අවම කර ගැනීම සදහා “ඇල් මැරුණ ස්වාභාවයෙන් කටයුතු කරන සෞඛ්‍ය නිලධාරීන්” සක්‍රියව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සමග කටයුතු කර නියමිත සැලසුමකට අනුව රාජකාරි කළ යුතු බවද උපුල් රෝහණ පැවසීය.

    “දැනට ආරක්ෂක අංශ හා විශේෂයෙන්ම යුධ හමුදාව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සමග සෘජුවම ගනුදෙනු කරමින් ඉන්නවා. ඒ නිසා මහජනතාවගේ සහයෝගය මේ සදහා ලැබිය යුතු වෙනවා. මේ අංශ තුනම ඒකාබද්ධව ඉදිරි මාසය තුළ සක්‍රියව වැඩ කළොත් විශේෂයෙන්ම සැලැස්මකට අනුව කටයුතු කළොත් මේක අපිට ජයග්‍රහණය කරන්න පුළුවන්. මේ දෙවැනි රැල්ල අපි ජයග්‍රහණය කළත් මේ අවදානම අඩු වෙන්නේ නෑ. විශේෂයෙන්ම ඉන්දියාවේ දැඩි ලෙස පැතිර යෑම හා ලෝකයේ තවමත් මේ අවදානම තියෙන නිසා අපිට ඉදිරියේදීත් නිරන්තර අවධානයෙන් කටයුතු කළ යුතුයි. මේක පාලනය කරන්න නම් මේකත් එක්ක අපිට වසර 3 ක් 4ක් ජීවත් වෙන්න වෙයි. වරින් වර පීඩාවට පත් වෙමින් වරින් වර මරණ ඇති වෙමින් වරින් වර රට ලොක් ඩවුන් කරමින් මෙවැනි තත්ත්වවලට අපට ඉදිරියට මුහුණදීමට සිදුවෙයි.”

    රජයේ ප්‍රතිචාරය

    පවතින තත්ත්වය පිළිබදව කාංචන විජේසේකර ධීවර රාජ්‍ය අමාත්‍යවරයා මේ වන විට මාධ්‍යයට ප්‍රකාශ කර ඇත්තේ දැනට ධීවර වරායන්වල ගොඩ ගැසී ඇති මාළු මිලදී ගැනීම සදහා රජයෙන් වැඩපිළිවෙළක් ආරම්භ කර ඇති බවය.

    “අපි දැක්කා පහුගිය කාලයේ නාවික හමුදා පොකුර , බ්‍රැන්ඩික්ස් පොකුර දැන් පෑලියගොඩ පොකුර. ඒ කාල වකවානුව තුළ අපි දැක්කා ජනතාව තුළ ඇති වුණ බිය. ඒක සාමාන්‍ය දෙයක්. මත්ස්‍ය පරිභෝජනයෙන් කිසිම අවදානමක් නෑ. ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරලා පවත්වාගෙන යන අලෙවිසල්වලින් මේ මත්ස්‍ය සම්පත ලබා ගන්න කියලා. විශේෂයෙන්ම මේ රටේ ධීවර ජනතාව ඉතාමත්ම අසීරුතාවකට පත්ව ඇති මොහොතේ මේ රටේම දේශීය කර්මාන්ත කරන මේ පිරිස අත් හරින්න එපා කියන කාරණය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.”

    විදි දිගේ මාළු විකුණන හලාවත ධීවරයන්
    විදි දිගේ මාළු විකුණන හලාවත ධීවරයන්

    මාළුවලින් කොවිඩ් හැදෙන්නෙ නෑ!

    සමාජ මාද්‍යයේ සංසරණය වන චායාරුපයක්

    “කොරෝනා හැදෙනවා කියලා මාළු නොකා ඉන්න එක මෝඩකමක්. මාළු ආහාරයට ගැනීමෙන් කොවිඩ් වැළදෙන්නේ නැහැ.” රුහුණු විශ්වවිද්‍යාලයේ ධීවර සහ සාගර විද්‍යා හා තාක්ෂණ පීඨයේ, ධීවර සහ ජල ජීවී වගා අධ්‍යයන අංශයේ මත්ස්‍ය ජීව විද්‍යාව පිළිබඳ හිටපු සම්මානිත මහාචාර්ය රුචිරා කුමාරණතුංග පවසයි.

    මහාචාර්ය රුචිරා කුමාරණතුංග
    මහාචාර්ය රුචිරා කුමාරණතුංග

    “කොරෝනා වෛරසය මාළුවාගේ ශරීරය තුළට ඇතුළු විය නොහැකියි. යම් ආකාරයකින් වෛරසය ඇතුළු වුවහොත් හොඳින් සෝදා වැඩි උෂ්ණත්වයක පිසින නිසා වෛරසය රඳා පවතින්නේ නෑ. සෙල්සියස් 70 කට වැඩි උෂ්ණත්වයකදී වෛරසය විනාශ වන නිසා හොදින් පිසූ මාළු ආහාරයට ගැනීමෙන් වෛරසයේ බලපෑමක් නෑ. මාළු නොකා හිටියොත්, මිලදී ගන්නේ නැති වුණොත් රටේ ආර්ථිකයට විශාල බලපෑමක් සිදු වෙන්න පුළුවන්. අපි දිගටම පිරිසිදුකම පවත්වාගෙන යනවානම් මේ තත්ත්වය දුරදිග යන්නේ නෑ. මාළු ඇල්ලුවත්, මාළු විකිණුවත් අත් ආවරණ, මුව ආවරණ පලන්දිනවානම් මේ තත්ත්වය උදා වන්නේ නෑ. මාළු වෙළෙඳසල්වල මාළු සෝදන්න, අත් සෝදන්න, පිහි සෝදන්න, ලෑලි පිරිසිදු කරන්න පහසුකම් තියෙනවානම් මේ තත්ත්වය ඇති වන්නේ නෑ.”

    විශේෂඥ වෛද්‍ය රෝහිත මුතුගල
    විශේෂඥ වෛද්‍ය රෝහිත මුතුගල

    මහනුවර මහා රෝහලේ වෛරස් රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය රෝහිත මුතුගල, කෝවිඩ් 19 පැතිර යෑම හා මත්ස්‍ය පරිභෝජනය අතර සම්බන්ධය පිළිබදව දැක්වූයේ මෙවන් අදහසකි.

    “කොවිඩ් 19 වෛරසය සතුන් අතර පැතිරෙන බවක් මෙතෙක් සොයාගෙන නෑ. මාළු පරිභෝජනය කළා කියලා මේ රෝගය පැතිරෙන්නේ නෑ. ලුණු වතුරෙදි වෛරසය ඉක්මණින් විනාශ වෙන නිසා මාළු අල්ලන අවස්ථාවෙදිත් අවදානමක් නෑ. ඒත් මාළු විකුණන තැන්වලට වෛරසය වැටුණොත් සාමාන්‍ය පරිසරයට වඩා වෛරසය ජීවීව තියෙන්න පුළුවන්. මාළු ගේනකොට ගේන පාර්සලයේ, කවරයේ ගෑවිලා එන්න පුළුවන්. මාළු ගෙදරට ගෙනත් හොඳින් සෝදලා උයලා කෑවොත් බෝ වෙන්නේ නෑ. නමුත් මාළු සුද්ද කරද්දී නාසය, කට, ඇස අල්ලන්නේ නැතුව පරිස්සමින් කරන්න ඕන.”

    ඔහු තවදුරටත් පැවසුවේ, මාළු සම්බන්ධයෙන් පමණක් නොව වෙළෙඳපොළෙන් මිලදී ගන්නා ඕනෑම ද්‍රව්‍යයක් සම්බන්ධයෙන් සෞඛ්‍යාරක්ෂිත පිළිවෙත් අනුගමනය කිරීම අත්‍යවශ්‍ය බවයි.

    ‘ප්‍රතිශක්තිය වර්ධනය වෙනවා’

    පුත්තලම් දිස්ත්‍රික් නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය දිනුෂා ප්‍රනාන්දු පවසන්නේ මාළු ගැන අනියත බියක් ඇති කර නොගත යුතු බව පමණක් නොව, වෛරසය සමඟ සටන් කිරීමට ප්‍රතිශක්තිය අවශ්‍ය බැවින් මාළු ආහාරයට ගැනීමේ වැදගත්කමද ඇය අවධාරණය කරන්නීය.

    පුත්තලම් දිස්ත්‍රික් නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය දිනුෂා ප්‍රනාන්දු
    ,පුත්තලම් දිස්ත්‍රික් නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය දිනුෂා ප්‍රනාන්දු

    “මේ වන විට පුත්තලම් දිස්ත්‍රික්කයෙන් හමු වී ඇති ආසාදිතයින් 54 දෙනාගෙන් ධීවර වෙළෙඳසල් ආශ්‍රිත අය ඉන්නේ 18 දෙනෙකු පමණයි. මේ අතර ධීවරයන් කිසිවකු නෑ. මාළු වෙළෙඳසල් ආශ්‍රිතව රෝගය පැතිරීමට හේතුව මූලික සෞඛ්‍ය උපදෙස් පිළි නොපැදීමයි. මාළු ආශ්‍රයෙන් වෛරසය පැතිර යන බවට පවතින මතයේ කිසිම සත්‍යයක් නෑ. මේ වෛරසය සමග සටන් කිරීමට ශරීරයේ ප්‍රතිශක්තිය වර්ධනය කර ගැනීම අවශ්‍යයි. ඒ සඳහා මාළු ආහාරයට ගැනීම ඉතා වැදගත්.”

    මෙම ලිපිය බී.බී.සී. සන්දේශය වෙබ් අඩවියේ 2020 ඔක්තෝබර් 29 දින පළ වූ ලිපියකි. කාලීන අවශ්‍යතාව සහ ජනතාව දැනුවත් කිරීම සදහා සම්පූර්ණයෙන්ම උපුටා ගෙන පළ කරන ලද අතර ශීර්ෂ පාඨය පමණක් යාවත්කාලීන කර ඇත – ප්‍රධාන සංස්කාරක

  • බස්නාහිර රාජ්‍ය ආයතනවලට නිවසේ සිට වැඩ කරන  ක්‍රමය යළි නියම කෙරේ

    බස්නාහිර රාජ්‍ය ආයතනවලට නිවසේ සිට වැඩ කරන ක්‍රමය යළි නියම කෙරේ

    කොරෝනා වෛරස ව්‍යාප්තිය පාලනය කරනු පිණිස “නිවසේ සිට වැඩ කිරීමේ ක්‍රමය යළි ක්‍රියාත්මක කරන්නැයි බස්නාහිර පළාතේ සහ සෙසු ප්‍රධාන නගරවල රාජ්‍ය ආයතනවලට නියම කෙරේ.

    2020 අප්‍රේල් සිට මැයි දක්වා මාසවල ක්‍රියාත්මක කළ “නිවසේ සිට වැඩ කිරීමේ කාලය තුළ ලැබූ අත්දැකීම් උපයෝගී කරගෙන අත්‍යාවශ්‍ය සහ වෙනත් සේවා සම්පාදනයට විකල්ප සැලසුම් සකස් කරන මෙන් ආයතන ප්‍රධානීන්ට දැනුම් දී තිබේ.

    ඊට අදාළ චක්‍රලේඛය ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර මහතා විසින් අද (29) සියලු අමාත්‍යාංශ සහ රාජ්‍ය අමාත්‍යාංශ ලේකම්වරුන්, පළාත් ප්‍රධාන ලේකම්වරුන්, දිස්ත්‍රික් ලේකම්වරුන්, දෙපාර්තමේන්තු ප්‍රධානීන් සහ රාජ්‍ය සංස්ථා, ව්‍යවස්ථාපිත මණ්ඩල සභාපතිවරුන් සහ සාමාන්‍යාධිකාරීවරුන් වෙත යොමු කරනු ලැබීය. 

    වෛරස ව්‍යාප්තිය නිසා සංචරනය සීමා කර ඇති කොළඹ, ගම්පහ සහ කළුතර දිස්ත්‍රික්කවලට එය විශේෂයෙන් අදාළ වේ. මේ දිස්ත්‍රික්ක සහ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විසින් අවධානම් කලාප ලෙස නම් කර ඇති ප්‍රදේශ හැර සෙසු දිස්ත්‍රික්කවල පිහිටා ඇති රාජ්‍ය ආයතන දැඩි සෞඛ්‍ය නීති රීති යටතේ සාමාන්‍ය පරිදි පවත්වාගෙන යා යුතුය.

    කොරෝනා වසංගතය පාලනය කිරීම සඳහා තම විෂය පථය යටතට ගැනෙන සියලු පහසුකම් සැලසීමට ආයතන ප්‍රධානීන් පෞද්ගලිකවම බැඳී සිටින බව ලේකම්වරයා සඳහන් කරයි.

    එක් එක් ආයතනයට දුරස්ථව ඉටු කළ හැකි කාර්යයන් සහ නිවසේ සිට සේවය කළයුතු සේවකයන් තීරණය කිරීමේ බලය ආයතන ප්‍රධානියාට පැවරේ.

     එසේ නිශ්චය කිරීමෙන් පසු අදාළ ලිපි ගොනු සහ උපකරණ නිසි අවසරයක් ඇතිව සේවකයන්ගේ නිවෙස් වෙත ලබාදිය යුතුය. නිවසේ සිට වැඩ කරන කාලය, උදේ 8.30 – සවස 4.15 දක්වා වේ. ඇඳිරි නීතිය පනවා නැති අවස්ථාවක අවශ්‍යතාව අනුව එය වෙනස් කිරීමට ආයතන ප්‍රධානියාට පිළිවන. “නිවසේ සිට වැඩ සැලැස්මට අයත් නොවන සේවකයන් අතිරේක මානව සම්පත් අවශ්‍ය ආයතන වෙත අනුයුක්ත කළ හැකිය.

    “නිවසේ සිට වැඩ කිරීමේ ක්‍රමය කාර්යක්ෂමව සහ සාර්ථකව ඉටු කිරීම සඳහා විකල්ප සන්නිවේදන මාධ්‍ය භාවිත කරන්නැයි චක්‍රලේඛය ආයතන ප්‍රධානීන්ට උපදෙස් දෙයි. කෙටි පණිවිඩ සේවය, විද්‍යුත් තැපෑල, දුරකථන, පරිශීලක හිතකාමී (User Friendly) යෙදවුම් වන Whatsapp, Skype ඒ සඳහා භාවිත කිරීමට පිළිවන. නිවසේ සිට වැඩ කිරීමට අවශ්‍ය මුදල් ප්‍රතිපාදන සැපයීම, ගණන්දීමේ නිලධාරීන්ගේ වගකීමකි.

    මහජනතාවට සිය ඉල්ලීම් ප්‍රමාදයකින් තොරව ඉදිරිපත් කිරීමට හැකිවනු පිණිස සාමාන්‍ය ජනතාවට ඝෘජුවම සේවා සපයන සියලු ආයතන මාර්ගගත වේදිකාවක් (Online platform) නිර්මාණය කළ යුතු බව ද ජනාධිපති ලේකම්වරයා නිකුත් කළ චක්‍රලේඛයේ සඳහන් වේ. ස්වයං නිරෝධායනයේ නිරත සේවකයන්ගෙන් නිවසේ සිට වැඩ කරන්නැයි ඉල්ලා සිටීමට ආයතන ප්‍රධානියාට බලය තිබේ. එසේ වුවද සුළු වශයෙන් හෝ කොරෝනා රෝග ලක්ෂණ පෙන්නුම් කරන සේවකයෙකුට කිසිදු කාර්යයක් පැවරීම නොකළ යුතුය.

    අද නිකුත් කළ චක්‍රලේඛයෙන් ප්‍රාදේශීය පරිපාලනය, අධ්‍යාපනය සහ උසස් අධ්‍යාපනය, සුබසාධන සේවා සම්පාදනය, ව්‍යවස්ථාපිත ආයතන සහ පොදු ව්‍යවසාය සහ සාමාන්‍ය පරිපාලනය යන ක්ෂේත්‍රවලට විශේෂිත මාර්ගෝපදේශ නියම කර ඇත.

    පාසල් සිසුන් සඳහා අධ්‍යාපනික රූපවාහිනී සහ ගුවන් විදුලි නාලිකා ආරම්භ කිරීම, විද්‍යුත් මාධ්‍ය ඔස්සේ අධ්‍යාපන වැඩසටහන් විකාශනය,  සුබසාධන සේවා අඛණ්ඩව සැලසීම, ආබාධිත සහ නිදන්ගත රෝගවලින් පෙළෙන අයගේ නිවෙස්වලටම අවශ්‍ය සේවා සැපයීම ඒ අතර වේ.

    සියලු රාජ්‍ය ආයතන කෙරෝනා වෛරස ව්‍යාප්තිය මර්දනය  සඳහා සෞඛ්‍ය බලධාරීන් නියම කර ඇති විධිවිධාන අවශ්‍යයෙන්ම පිළිපැදිය යුතුයයි චක්‍රලේඛය කියා සිටී. සෞඛ්‍ය ප්‍රමිතීන් අනුගමනය කිරීමට අදාළව “ආදර්ශ පරිශ්‍රයක් (Role model) ලෙස එක් එක් සේවා ස්ථානය පවත්වාගත යුතු බව ද ඉන් නිර්දේශ කොට තිබේ. වරාය හා ආශ්‍රිත කාර්යයන්, රේගුව, ජලය හා විදුලිය ඇතුළු අත්‍යාවශ්‍ය සේවා අඩාලවීමකින් තොරව අඛණ්ඩව පවත්වාගෙන යා යුතු බව ද චක්‍රලේඛය ආයතන ප්‍රධානීන්ට දැනුම් දෙයි

  • ඖෂධ ශාලා බලපත්‍රය ඇඳිරි නීති බලපත්‍රයක්

    ඖෂධ ශාලා බලපත්‍රය ඇඳිරි නීති බලපත්‍රයක්

    ආර්ථික පුනර්ජීවන හා දුප්පත්කම තුරන් කිරීම පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බලකායේ උපදෙස් පරිදි නිරෝධායන ඇඳිරි නීතිය පවත්නා කාලය තුළ දී එකී ප්‍රදේශ තුළ තම ඖෂධශාලා බලපත්‍රය ඇඳිරි නීති බලපත්‍රයක් ලෙස භාවිතා කරමින් නිවෙස් වෙත ඖෂධ බෙදාහැරීම සඳහා ජාතික ඖෂධ නියාමන අධිකාරිය මගින් අවසර දෙනු ඇත.

    නිරෝධායන ඇඳිරි නීතිය බල පැවැත්වෙන කාලසීමාව තුළ දී අවහිරතාවයකින් තොරව මහජනතාව වෙත ඖෂධ ලබාදීම තහවුරු කිරීම සඳහා මෙම අනුමැතිය ලබාදෙන අතර, නිරෝධායන සෞඛ්‍ය නීති සහ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ මාර්ගෝපදේශ වලට අනුව කටයුතු කරන මෙන් ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් සහ ප්‍රධාන විධායක නිලධාරි වෛද්‍ය කමල් ජයසිංහ මහතා ප්‍රකාශ කර සිටී. 

  • 20 අද සිට ක්‍රියාත්මකයි

    20 අද සිට ක්‍රියාත්මකයි

    20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද පෙරවරුවේ අත්සන් තැබීය.

    පාර්ලිමේන්තු සංකීර්ණයේදී අද (29) පෙරවරු 11.30 ට කථානායකවරයා සිය සහතිකය සටහන් කිරීම සිදු කළ බව මහලේකම් ධම්මික දසනායක මහතා පැවසීය. මේ අවස්ථාවට පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම් සහ කාර්‍ය මණ්ඩල ප්‍රධානි නීල් ඉද්දවල මහතා ද සහභාගි විය.

    ඒ අනුව 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අද (29) සිට බලාත්මක වනු ඇත.

    20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය 2/3 ක විශේෂ බහුතරයකින් පසුගිය 22 වැනිදා පාර්ලිමේන්තුවේදී සම්මත විය. පනත් කෙටුම්පත දෙවන වර කියවීමේ විවාදය අවසානයේදී පැවැති ජන්ද විමසීමේදී  පනත් කෙටුම්පතට පක්ෂව ඡන්ද 156 ක් සහ විපක්ෂව ඡන්ද 65ක් ද හිමි විය.

    ඉන් අනතුරුව පැවැති කාරක සභා අවස්ථාවේදී ආණ්ඩු පක්ෂය සහ විපක්ෂය විසින් ඉදිරිපත් කළ සංශෝධන විවාදයට ගැනීමෙන් අනතුරුව පැවති තුන්වන වර කියවීමේ ජන්ද විමසීමේදී ද පනත් කෙටුම්පත සංශෝධන සහිතව තුනෙන් දෙකක බහුතරයකින් සම්මත් විය. එහිදී ද පනත් කෙටුම්පතට පක්ෂව ජන්ද 156 ක් සහ විපක්ෂව ජන්ද 65 ක් හිමි විය.

  • ලබන සතියේ පාර්ලිමේන්තු කටයුතු එක් දිනයකට පමණයි – ජනමාධ්‍යවලට අවසර නෑ

    ලබන සතියේ පාර්ලිමේන්තු කටයුතු එක් දිනයකට පමණයි – ජනමාධ්‍යවලට අවසර නෑ

    2020 මුදල් වර්ෂයේ සේවා වියදම් සඳහා මුදල් අමාත්‍යවරයා විසින් ඉදිරිපත්කර ඇති විසර්ජන පනත් කෙටුම්පත ලබන නොවැම්බර් 12 වැනිදා දෙවන වර හා තෙවන වර කියවා සම්මත කිරීමට  පාර්ලිමේන්තු කටයුතු පිළිබද කාරක සභාව අද (29) තීරණය කළේය.

    මේ අතර, කෝවිඩ් 19 අර්බුදය හේතුවෙන් ලබන සතියේ පාර්ලිමේන්තු කටයුතු එක් දිනයකට පමණක් සීමා කිරීමට ද කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති පාර්ලිමේන්තු කටයුතු පිළිබද කාරක සභාවේදී තීරණය විය.

    ඒ අනුව ලබන නොවැම්බර් 03 වැනිදා පෙරවරු 10 සිට පස්වරු 12 දක්වා පමණක් පාර්ලිමේන්තුව රැස්වන අතර, එදින සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය විසින් වෛද්‍ය ආඥා පනතට ඉදිරිපත් කර ඇති නියෝග 02 ක් විවාදයට ගනු ලැබේ.

    එදින මන්ත්‍රීවරයන්ගේ වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න වාරය සඳහා කාලය වෙන් නොකෙරේ.

    මේ අතර පාර්ලිමේන්තුව පැවැත්වෙන දිනයේදී මන්ත්‍රීවරයන්, ආරාධිත නිලධාරීන්, ආරක්ෂක නිලධාරීන් සහ කාර්‍ය මණ්ඩලය හැර වෙනත් කිසිවෙක් පාර්ලිමේන්තු සංකීරණය වෙත ඇතුළුවීමට ඉඩකඩ ලබා නොදීමටද තීරණය වී තිබේ.

    ඒ අනුව ජනමාධ්‍ය නියෝජිතයන්ට ද පාර්ලිමේන්තු කටයුතු ආවරණය සඳහා පාර්ලිමේන්තු පරිශ්‍රයට ඇතුළුවීමට ඉඩ නොලැබෙනු ඇත.

    එම රැස්වීමට සභානායක දිනේෂ ගුණවර්ධන, ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ජොන්ස්ටන් ප්‍රනාන්දු, විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල, අමාත්‍යවරු වන මහචාර්ය ජී.ඇල් පීරිස්, ඩලස් අලහප්පෙරුම, මහින්ද අමරවීර, වාසුදේව නානායක්කාර, ප්‍රසන්න රණතුංග, අලි සබ්රි සහ මන්ත්‍රිවරු වන මහින්ද සමරසිංහ,  රවුෆ් හකීම්, ඩිලාන් පෙරේරා, යන මහත්වරු සහභාගී වූහ. ඔවුන්ට අමතරව පාර්ලිමේන්තු මහ ලේකම් ධම්මික දසනායක සහ නියෝජ්‍ය මහ ලේකම් හා කාර්ය මණ්ඩල ප්‍රධානී නීල් ඉද්දවල යන මහත්වරු ද ඊට සහභාගී වූහ.

  • PCR පරීක්ෂණ ධාරිතාව: සෞඛ්‍ය අමාත්‍යාංශයට බරපතළ චෝදනා

    PCR පරීක්ෂණ ධාරිතාව: සෞඛ්‍ය අමාත්‍යාංශයට බරපතළ චෝදනා

    PCR පරීක්ෂණ ධාරිතාව වැඩි කර ගැනීමට තිබූ අවස්ථාවන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඇතැම් නිළධාරීන් හිතාමතාම මග හැරියා.

    කොවිඩ් පළමු රැල්ල අවසන් වූ මොහොතේ කොවිඩ් අහවර වූ බව හගවමින් කටයුතු කල නිළධාරීන් හේතුවෙන් PCR ධාරිතාව වැඩි කිරීමට තිබූ අවස්ථාවන් සියල්ල අහිමිවූ බවත්, තවදුරත් රටේ සියළුම රාසායනාගාර PCR පරීක්ෂණ සිදු කරන්නේ සාම්ප්‍රදායික ක්‍රමයකට බවත්, එක පරීක්ෂණයක ප්‍රතිඵල ලබා ගැනීමට පැය අටක් පමණ කාලයක් බලා සිටීමට තම වෘත්තිකයිට සිදු වී ඇති බවත්, සෞඛ්‍ය  වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා ප්‍රකාශ කරයි.

    තම සංගමය යෝජනා කල පරිදි නිවැරදි තාක්ෂණය ලබා දුන්නේනම් පැයකදී PCR පරීක්ෂණ 90කට වඩා කල හැකිව තිබූ බවද, එවැනි යනත්‍ර ස්ථාපිතව තිබුණේ නම් 50000ක PCR ධාරිතාවක් වුවද දිනක් තුල සිදු කල හැකිව තිබූ බව ඒ මහතා පෙන්වා දෙයි. 

    මෙම උපකරණ මිලදී ගැනීම සදහා පසුගිය අප්‍රේල් මාසයේදී ඇමරිකානු ඩොලර් බිලියන 130ක් ලෝක   බැංකුව මගින් ලබා දීමට නියමිතව තිබූ බවත්, එය ජූලි මාසය වන විට බිලියන 180 දක්වා එම ආධාරය වැඩි කර ගැනීමට හැකිව තිබූ බවත්, කොවිඩි ඉවර බව පවසා එම ආධාර භාවිතයට නොගත් බවත් එම සංගමය ජනාධිපතිවරයාට යවන ලද ලිපියක සදහන් වේ.

    ඒ අනූව “කොවිඩ් සදහා රෝහල් පද්ධතිය සූදානම් කර තැබීමේ” ලොක බැංකු ආධාරය නිසි පරිදි භාවිත කිරීම අතපසු කරන ලද්දේ, යුනිසෙෆ් ආයතනය මගින් අදාල උපකරණ මිලදී ගැනීමේ ප්‍රසම්පාදය කටයුතු සිදු කිරීමට තීරණය කිරීම හරහා ඇතැම් දූෂිත නිළධාරීන්ට කොමීස් මුදල් ලබා ගැනීමේ අපහසුවක් ඇතිවන නිසා යැයි තම සංගමය සැක පල කරන බවද අදාල ලිපියේ වැඩිදුරටත් සදහන් වේ. 

    කෙසේ නමුත් ඒ හේතුවෙන් නිවැරදි තාක්ෂණය තම වෘත්තිකයන්ට නොලැබී ඇති බවත්, හිතාමතා ඇති කරවනලද එම ගැටළු දඩමීමා කර ගනිමින් PCR පරීක්ෂණ ක්‍රියාවලිය ව්‍යාකුල කරදමමින්, තම තමන්ට පෞද්ගලිකව වාසි වෙනත් විකල්ප වලට රට යොමු කර ගැනීමට රසායනාගාර සේවාට වගකිවයුතු පරිපාලකයන් විසින් උත්සාහ දැරීම භයානක තත්වයක් බව අවධාරණය කර ඇත

    ධාරිතාව වැඩි කිරීම සදහා වැඩිම මුදලක් වැයකර ඉදිකල මුල්ලේරියාව රසායනාගාර මගින් අපේක්ෂිත ධාරිතාව නොලැබෙන බවත්, එය ඉදි කිරීමේදී නිවැරදි තාක්ෂණික උපදෙස් ලබා නොගැනීම සහ අවම තරමින් එවකට සිටි රසායනාගාර සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂක ජනරාල් පවා දැනුවත් නොකරමින් ඉදිකර ඇති මෙම රසායනාගාරයේ සුළු කර්මික දෝෂයක් පවා නිරාකරණය කර ගැනීමට, ඊට මේ මොහොතේ වගකීමක් නොදරන චීන සමාගමක් මත යැපීමට සිදුව ඇති බවත්, ඒ හේතුවෙන් රසායනාගාරයේ නිසි ප්‍රයෝජනය රටට අහිමිව ඇති බවත් පෙන්වා දී ඇත

  • අමෙරිකානු රාජ්‍ය ලේකම් කොළඹදී චීනයට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කරයි

    අමෙරිකානු රාජ්‍ය ලේකම් කොළඹදී චීනයට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කරයි

    ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍ය ලේකම් මයික් පොම්පෙඕගේ සංචාරය තුළ දී එම්සීසී හා සෝපා ගිවිසුම් පිළිබඳව මෙන්ම ප්‍රදානයක් ලෙස ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවට වෙරළාරක්ෂක නෞකාවක් පිරිනැමීම, පෞද්ගලික අංශයේ ආයෝජන කිහිපයක් හා ශ්‍රී ලංකාව සමග ආරක්ෂක සහයෝගිතාව පිළිබඳ සාකච්ඡා කෙරුණු බව නිලධාරීහු පැවසූහ.

    සිය සංචාරය අවසානයේ, විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන සමග ඒකාබද්ධ මාධ්‍ය හමුවකට එක්වූ ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍ය ලේකම්වරයා සඳහන් කළ කරුණු මෙසේ ය.

    මාධ්‍ය හමුවට එක්වූ ජනමාධ්‍යවේදීහු, යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා හට ඇමෙරිකා එක්සත් ජනපදය විසින් පනවන ලද සංචාරක තහනම පිළිබඳ රාජ්‍ය ලේකම්වරයාගෙන් විමසූහ.

    “එය එක්සත් ජනපදයේ නීතිමය ක්‍රියාවලියක් වන අතර එය සැමවිටම සමාලෝචනය කෙරෙනවා. එය තාක්‍ෂණිකව, සත්‍ය වශයෙන්ම සහ නීත්‍යානුකූලව නිවැරදි බව තහවුරු කර ගැනීමට අපට අවශ්‍යයි,” යන්න ඔහුගේ පිළිතුර විණි.

    මයික් පොම්පෙඕ පෙබරවාරි මාසයේදී තම ට්විටර් සටහනක් තබමින් පවසා තිබුනේ “යුද අපරාධ සිදු කරන සහ මානව හිමිකම් උල්ලංඝනය කරන අයට වගවීම සඳහා එක්සත් ජනපදය නොසැලී සිටියි.”

    ශ්‍රී ලංකා යුදහමුදාපති ශවේන්ද්‍ර සිල්වා හට එක්සත් ජනපදයට ඇතුළුවීමට නොහැකිවන පරිදි සංචාරක තහනමක් පනවන්නේ ශ්‍රී ලංකාවේ සිවිල් යුද්ධයේදී නීති විරෝධී ඝාතනවලට ඔහු සම්බන්ධ වීම හේතුවෙන් බව එහි වැඩිදුරටත් දැක්විණි.

    කෙසේවෙතත්, “වගවීම, යුක්තිය සහ සංහිඳියාව ප්‍රවර්ධනය කිරීම සඳහා ශ්‍රී ලංකාව එහි පූර්ණ හා අර්ථවත් පියවර ගනු ඇතැයි අපි සැබවින්ම අපේක්ෂා කරමු.” යනුවෙන් ඔහු ආරම්භක දේශනයේ දී සඳහන් කළ ඔහු, “අපි සියලු දෙනාම උරෙන් උර ගැටී එකට සිටිමු. ප්‍රජාතන්ත්‍රවාදී සාරධර්මවලින් සන්නද්ධ අපගේ හවුල්කාරිත්වයයෙන් ශක්තිමත්ව තව දුරටත් එකට කරමු.” යැයි කියා සිටියේය.

    සිය අදහස් පළ කිරීමේදී චීනය හා ශ්‍රී ලංකාව අතර ඇති සබඳතාව කෙරෙහි දැඩි අවධානයක් යොමු කළ රාජ්‍ය ලේකම් පොම්පියෝ චීන කොමියුනිස්ට් පක්ෂය “කොල්ලකාරයකු නැතහොත් විලෝපියකු” ලෙස හදුන්වා දුන්නේය.

    චීනය මෙන් නොව ඇමරිකාව ශ්‍රී ලංකාවේ සැබෑ මිතුරකු බවත් ඇමරිකාව සැම විටම රටේ ප්‍රජාතන්ත්‍රවාදය, ස්වෛරීභාවය සහ නිදහස රැකීමට කටයුතු කරන බව ද කීය.

    “ශ්‍රී ලංකාවේ ජනතාව ස්වෛරීත්වය සහ නිදහස භුක්තිවිඳිමින් සාර්ථකත්වයට පත්වනු දැකීමත් තිරසර සංවර්ධනයක් අත්කර ගනු දැකීමත් තම රටේ අපේක්ෂාව,” බව ඔහු කියා සිටියේය.

    “ඇත්ත වශයෙන්ම ශ්‍රී ලංකාව ශක්තිමත්ව හා ස්වෛරීව පැවතීම එක්සත් ජනපදයට උපායමාර්ගිකව ප්‍රබල හවුල්කරුවෙකුලෙස සැලකිය හැකියි. එය නිදහස් හා විවෘත ඉන්දු පැසිෆික් කලාපයක් සඳහා උදව් වෙනවා. එය චීනය අපේක්ෂා කරන දෙයට වඩා හාත්පසින්ම වෙනස්. චීන කොමියුනිස්ට් පක්ෂය විලෝපිකයෙක්, ඒ බව ගොඩබිම හා මුහුදේ ස්වෛරීභාවය සහ නීති උල්ලංඝනය කිරීම් වලින් අපි දකිමු,” අමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පෙඕ පැවසීය.

    ඔහුගේ මෙම ප්‍රකාශයට කොළඹ පිහිටි චීන තානාපති කාර්යාලය වහා ප්‍රතිචාර දැක්වූයේ “කණගාටුයි ලේකම් පොම්පෙඕ මහත්මයා, අපි චීන-ශ්‍රී ලංකාවේ මිත්‍රත්වය සහ සහයෝගීතාව ප්‍රවර්ධනය කිරීමට කාර්යබහුලයි. ඔබගේ පිටසක්වලයින්ට එරෙහි විලෝපිකයා සෙල්ලමට උනන්දුවක් නැහැ. එක්සත් ජනපදයට සෑම විටම මෙන් එකවර භූමිකාවන් දෙකක් රඟ දැක්විය හැකිය.” යනුවෙන් ට්විටර් සටහනක් තබමිනි.

    මේ අතර රාජ්‍ය ලේකම් මයික් පොම්පෙඕගේ පැවසුවේ ඔහුගේ සංචාරයේදී දෙරට අතර වෙළෙඳාම සහ ආයෝජන අවස්ථා සම්බන්ධයෙන් ද ආරක්ෂක සහයෝගීතා සම්බන්ධයෙන් ද මෙරට බලධාරීන් සමග සාකච්ඡා කළ බවය.

    “වසංගතයෙන් පසුව ආර්ථිකය යථා තත්ත්වයට ගෙන ඒමේදී වැදගත් අංග වන විනිවිදබවින් යුත් වෙළෙඳ සහ ආයෝජන කටයුතු පිළිබඳව මෙන්ම ප්‍රජාතන්ත්‍රවාදී නිදහස සඳහා අපගේ පොදු කැපවීම පිළිබඳව සාකච්ඡා කිරීමට පොම්පෙඕ රාජ්‍ය ලේකම්තුමා අදදින රාජපක්ෂ ජනාධිපතිතුමා හමුවු,” බව කොළඹ පිහිටි ඇමරිකානු තානාපති කාර්යාලය පැවසීය.

  • බස්නාහිර පළාත් ජනතාවට යුද්ධ හමුදාපතිගෙන් විශේෂ ඉල්ලීමක් !

    බස්නාහිර පළාත් ජනතාවට යුද්ධ හමුදාපතිගෙන් විශේෂ ඉල්ලීමක් !

    හෙට (29) මධ්‍යම රාත්‍රියේ සිට බස්නාහිර පළාතට නිරෝධායන ඇඳිරිනීතිය පැනවෙන්නේ තාවකාලිකව බැවින් ඇඳිරිනීතිය පැනවීමට පෙර බස්නාහිර පළාතෙන් පිටතට යෑමට උත්සහ නොකරන ලෙස යුද හමුදාපතිවරයා මහ ජනතාවගෙන් විශේෂ ඉල්ලීමක් කරයි.

    අද (29) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී යුද්ධ හමුදාපතිවරයා ජනතාවගෙන් මෙම ඉල්ලීම කළේය.

    මෙහිදී වැඩි දුරටත් කරුණු පැහැදිලි කරමින් යුද්ධ හමුදාපතිවරයා කියා සිටියේ සඳුදා උදෑසන 5.00 ට ඇඳිරිනීතිය ඉවත් කළ ද දැනට ඇඳිරිනීතිය පනවා ඇති ප්‍රදේශවලට අඛණ්ඩව නිරෝධායන ඇදිරිනීතිය ක්‍රියාත්මකවන බවයි.

    ‘මම ජනතාවගෙන් විශේෂයෙන් ඉල්ලා සිටින්නේ බස්නාහිර පළාතට ඇදිරිය නීතිය දාන්නේ හේතුවක් ඇතිවයි. ඒක අවබෝධ කර ගන්න. බස්නාහිර පළාතේ ජනතාව වෙනත් ප්‍රදේශවලට යෑමෙන් කොරෝනා වෛරසය පැතිර යාමට ඉඩ ඇති බැවින් එසේ නොකරන ලෙසි මම ඉල්ලා සිටින්නේ‘

    මේ අතර නිවේදනයක් නිකුත් කරමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා කියන්නේ නිරෝධායන ඇදිරිනීතිය ක්‍රියාත්මකවන කාලයේදී අත්‍යවශ්‍ය රාජකාරී කටයුතුවල නිරතවන පිරිස් හැරුණුවිට වෙනත් කිසිදු අයෙකුට බස්නාහිර පළාතට ඇතුළුවීමට හෝ පිටවීමට අවසරහිමි නොවන බවයි.

    ‘‘අත්‍යවශ්‍ය රාජකාරී කටයුතු ලෙස නම්කර ඇත්තේ ජලය, විදුලිය, සන්නිවේදනය, මාධ්‍ය, සෞඛ්‍ය, ඖෂධ, වරාය, ගුවන් තොටුපළ ආදී කටයුතු පමණයි. ඉන් බැහැර කිසිම කටයුත්තකට බස්නාහිර පළාතෙන් බැහැරව යාමට හැකියාවක් නැහැ. මේ ගැන දැඩිව පරීක්ෂා කිරීමට අධිවේගී මාර්ග ද ඇතුළුව බස්නාහිර පළාතට ඇතුළුවන සෑම ස්ථානයකම විශේෂ පොලිස් මාර්ග බාධක යෙදවීමට දැනටමත් කටයුතු කර තිබෙනවා“ යැයි ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා අවධාරණය කළේය.Sharing is caring!