Blog

  • පිළිකා මර්ධනයට LPL අත හිත

    පිළිකා මර්ධනයට LPL අත හිත

    අගහිඟකම්වලට මුහුණ පා සිටින අතරතුර, පිළිකාවන් ද වැළඳී වේදනා විඳිමින් ළතැවෙමින් දුක් සුසුම්ළන මේ සමාජයේ අපේම මව්වරුනට සොහොයුරියනට, දරුවන්ට අත්වැළක් වන්නට වත්මන් ක්‍රිකට් ක්‍රීඩකයනට අවස්ථාවක් උදාවන්නේ නම් එය කෙතරම් අගනේ ද? 

     දැන් පැවැත්වෙන ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියට සමගාමීව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මාළිගාවත්ත ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී ඉරිදා (14) හඳුන්වා දුන් රෝස දිනය (PINK DAY ) සමාජ සේවා ව්‍යාපෘතිය පිළිකාවන් වැළඳී රෝගාතුර වී සිටින පිපෙන කැකුළු වන් පුංචි දරුවන්, මව්වරුන්ගේ සහ සොහොයුරියන්ගේ මුවට වේදනා මැද බලාපොරොත්තු සහගත සිනහවක් ඇති කරවන්නක් විය.  

    මේ ව්‍යාපෘතියට මුල් අඩිය තබන ලද්දේ දඹුල්ල සික්සර්ස් කණ්ඩායම විසිනි. කලක් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ තරග තීරකවරයකු ලෙසින් කටයුතු කරන ලද හිටපු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක මහානාම මහතාගේ අනුශාසකත්වය යටතේ මෙවර ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය නියෝජනය කරනු ලබන දඹුල්ල සික්සර්ස් මෙම මහඟු කර්තව්‍යයට පළමුව දායකත්වය ලබා දුන් අතර ඔවුන් පසුපස යමින් සෙසු කණ්ඩායම්ද මෙම මහඟු කාර්යය වෙනුවෙන් තමන්ට හැකි අයුරින් සහයෝගය දැක්වීම සැබැවින්ම අගය කළ යුතු කරුණක් වන්නේය.

    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙතෙක් පැවැති සෑම ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියකදීම ක්‍රිකට් ක්‍රීඩාවට අමතරව සමාජ මෙහෙවරක් සඳහා ද දායකත්වය ලබා දී තිබීම විශේෂත්වයකි. ඉකුත් වර මහරගම අපේක්ෂා රෝහලෙහි කටයුතු පවත්වාගෙන යෑම සඳහා සහයෝගය දුන්නා සේම මෙම වසරේ අපේක්ෂාව වී ඇත්තේ සමාජයේ අවශ්‍යතා ඇති පියයුරු පිළිකා කාන්තාවන් පිළිබඳව සමාජය දැනුවත් කර රෝගීනට සහනයක් ලබාදීමට අත්වැළක් ලබාදීමට සූදානම් වී සිටියි.

    මේ පිළිබඳව තරගාවලි අධ්‍යක්ෂක සමන්ත දොඩන්වෙල මහතා ද සදහන් කර සිටියේ ගිය වසරේ පරිදිම මෙම වසරේදීද මෙම සමාජ සත්කාරක කාර්යය සාර්ථක කර ගැනීම වෙනුවෙන් තරගාවලියේදී එල්ල වනු ලබන සෑම හයේ පහරකටම, හතරේ පහරකටම මෙන්ම කඩුල්ලක් දැවී යෑමකට අදාළව මුදල් මෙම අරමුදල සඳහා බැර කිරීමට කටයුතු කරනු ලබන බවයි.

    අද දින මෙම සමාජ සත්කාරක වැඩසටහන වර්ණවත් වූයේ දඹුල්ල සික්සර්ස් සහ ගෝල් මාවල්ස් අතර තරගය සම්පූර්ණයෙන්ම රෝස පැහැ ගැන්වෙමිනි. මෙහිදී දඹුලු සික්සර්ස් කණ්ඩායමේ ක්‍රීඩකයින් රෝස පැහැති ඇඳුමින් සැරසී පිටියට අවතීර්ණ වද්දී ගෝල් මාවල්ස් කණ්ඩායමද ඔවුනගේ සාම්ප්‍රදායික කොළ පැහැති ඇඳුමට අමතරව රෝස වර්ණය එකතු කරමින් වූ ටීෂර්ටයකින් සැරසී තරගයට අවතීර්ණ වීම කාගෙත් අවධානය දිනා ගනු ලැබූ කටයුත්තක් බවට පත්විය.

    ඊට අමතරව රාත්‍රියේ පැවැති ජැෆ්නා කින්ග්ස් කණ්ඩායම රෝස බෝ එකක් පැලඳීමෙන් ද කළම්බු සික්සර්ස් රෝස ඇඳුමෙන් සැරසීගෙන ද මීට සහය දැක්වුහ. කැන්ඩි ෆැල්කන්ස්ට මෙදින (14) තරගයක් නොමැති වුවත් ඔවුන් ඊට සහය දැක්වුයේ රෝස පැහැති ඇඳුමින් සැරසී ඊට එක්වෙමිනි. නරඹන්නන් රැසක් ද රෝස පැහැති ඇඳුමෙන් සැරසී මේ අවස්ථාවට එක්ව සිටියේ රෝගීන් දිරිගැන්වීමේ අපේක්ෂාවෙනි. 

    මෙම තරගය ආරම්භයට පෙර පිළිකා රෝගයෙන් පෙළෙන ඉන්දිරා පිළිකා සුව අරේණ් සෙවණ ලබන දරුවන් ක්‍රීඩාංගණයට පිවිසිමේ, මෙම කර්තව්‍යයට පළමුවෙන්ම දායකත්වය දැක්වීමට ඉදිරිපත් වුණු දඹුල්ල සික්සර්ස් කණ්ඩායම සමඟ ඡායාරූපයකට පෙනී සිටීමටයි. අනතුරුව ඔවුන් සියලු දෙනා ඔවුනටම වෙන්වුණු විශේෂ කුටියක සිට තරගය නැරඹීම, බොහෝ දෙනාගේ අවධානය දිනා ගනු ලැබූ සිදුවීමක් විය. ඊට ප්‍රථම සමූහ ඡායාරූපයට මුහුණ දීමෙන් පසු ඔවුන් වෙත විශේෂ මුදල් ත්‍යාගයක් පිරිනැමීමටද දඹුල්ල සික්සර්ස් කණ්ඩායම පියවර ගනු ලැබීය. කණ්ඩායම් කළමනාකාරීත්වය විසින් එය ඉන්දිරා පිළිකා භාරයේ වෛද්‍යවරිය ලෙසින් කටයුතු කරන වෛද්‍ය ලංකා ජයසූරිය දිසානායක මහත්මිය පිළිගන්වමිනි.

    ඉහතින් සඳහන් කළ ආකාරයට “රෝස දින“ ව්‍යාපෘතියට ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය දායකත්වය ලබාදෙනුයේ හයේ පහරකට රුපියල් දස දහසක් ද හතරේ පහරකට රුපියල් හාරදහසක් ද දවාලන කඩුල්ලකට රුපියල් හයදහසක් ද ලෙසිනි. තරගාවලියේ අවසාන තරගය පැවැත්වෙන ජුලි 21 වැනිදා තරගය නිමාවට පත් වනතෙක්ම මෙය ක්‍රියාත්මකය. බලාපොරොත්තු සහිතව පහර දීමෙන් ලබා ගන්නා ප්‍රතිඵලයන්  එල්.පී.එල්. හි පිළිකා නිවාරණය වෙනුවෙන් ගනු ලබන වෑයමට මහඟු දායකත්වයක් ගෙනෙනු නියතය.

  • 2024 වසරේ පළමු මාස හය තුළ කෘෂි අපනයන ක්ෂේත්‍රයේ පැහැදිලි වර්ධනයක්

    2024 වසරේ පළමු මාස හය තුළ කෘෂි අපනයන ක්ෂේත්‍රයේ පැහැදිලි වර්ධනයක්

    • ඛනිජ තෙල් වෙනුවෙන් ඉරානයට තේ අපනයනයෙන් පියවීමට අපේක්ෂිත ඇමෙරිකානු ඩොලර් මිලියන 250.9 න් මේ වන විට ඇමෙරිකානු ඩොලර් මිලියන 55ක් ගෙවා අවසන් – ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ සභාපති.
    • උතුරු ප්‍රදේශයේ ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීමේ ‍ අරමුණින් උතුරු පළාත තුළත් පොල් ත්‍රිකෝණයක් ස්ථාපිත කළා – පොල් සංවර්ධන අධිකාරියේ සභාපති.
    • රබර් වගාව ව්‍යාප්ත කිරීමේ විශේෂ වැඩසටහනක් මොණරාගල, අම්පාර හා බදුල්ලෙන් ආරම්භ කළා – රබර් සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්.
    • ජාත්‍යන්තර වෙළදපොළ තුළ ශ්‍රී ලාංකේය සත්‍ය කුරුඳු සන්නාමය ප්‍රචලිත කිරීම හා ප්‍රවර්ධනය කිරීම සඳහා ව්‍යාපෘති රැසක් ක්‍රියාත්මකයි – කුරුඳු සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්.
    • වැඩි විදේශ විනිමයක් ඉලක්ක කර කෘෂි අපනයන නිෂ්පාදන හා අපනයන ධාරිතාවය ඉහළ නංවා ගැනීම සඳහා රටපුරා සංවර්ධන වැඩසටහන් දියත් කර තිබෙනවා – අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ (සංවර්ධන).

    ගතවූ වසර දෙකට සාපේක්ෂව 2024 වසරේ පළමු මාස හය තුළ කෘෂි අපනයන ක්ෂේත්‍රයේ පැහැදිලි වර්ධනයක් සිදු වූ බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් බී. එල්. ඒ. ජේ ධර්මකීර්ති මහතා පැවසීය.

    2022 වසරට සාපේක්ෂව 2023 වසරේ වාර්තා වූ කෘෂි අපනයන ආදායමේ අවාසි සහගත තත්ත්වය පාලනය කිරීමට ගත් කඩිනම් ක්‍රියාමාර්ග හේතුවෙන් මෙම ප්‍රගතිය ලබා ගත හැකි වූ බවද ඒ මහතා සඳහන් කළේය.

    කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් බී. එල්. ඒ. ජේ ධර්මකීර්ති මහතා මේ බව සඳහන් කර සිටියේ ‘දෙවසරක ප්‍රගතිය සහ ඉදිරිය’ යන මැයෙන් අද (15 ) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

    පසුගිය කාල‍පරිච්ඡේදය තුළ පැවති කෘෂි කර්මාන්තයට අහිතකර දේශගුණික තත්ත්වයන් හමුවේ මෙවන් ප්‍රගතියක් ලබා ගැනීම ජයග්‍රහණයක් බවත් බවද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

    මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් බී. එල්. ඒ. ජේ ධර්මකීර්ති මහතා මෙසේද පැවසීය.

    2022 වසරට සාපේක්ෂව 2023 වසරේ කෘෂි අපනයන ආදායමේ අඩු වීමක් දක්නට ලැබුණා. ඒ අනුව ගනු ලැබූ කඩිනම් ක්‍රියාමාර්ග හේතුවෙන් 2024 වසරේ පළමු මාස හය තුළ කෘෂි අපනයන ක්ෂේත්‍රයේ පැහැදිලි වර්ධනයක් ඇති කර ගැනීමට හැකිව තිබෙනවා. මේ කාලය තුළ පැවතුණේ කෘෂි කර්මාන්තයට හිතකර දේශගුණික තත්ත්වයන් නොවන බවද මේ අවස්ථාවේ සඳහන් කළ යුතුයි. එවන් අභියෝග හමුවේ මේ අත්කර ගත් ප්‍රගතිය සැබැවින්ම ජයග්‍රහණයක් බවත් පැවසිය යුතුයි.

    උදාහරණයක් වශයෙන් 2023 වසරේ අප්‍රේල් මාසය වන විට තේ වලින් ලැබූ ඇමෙරිකානු ඩොලර් මිලියන 407.6ක අපනයන ආදායම 2024 වසරේ අප්‍රේල් මාසය වන විට ඇමෙරිකානු ඩොලර් මිලියන 450.5ක් දක්වා වැඩි වී තිබෙනවා.

    ඒ වගේම 2023 වසරේ අප්‍රේල් මාසය වන විට පොල් අපනයනයෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 212ක ආදායමක් ලැබුවා. එය 2024 වසරේ අප්‍රේල් මාසය වන විට ඇමෙරිකානු ඩොලර් මිලියන 263 දක්වා වර්ධනය වී තිබෙනවා. 2023 වසරේ අප්‍රේල් මාසය වන විට ඇමෙරිකානු ඩොලර් මිලියන 299ක් වූ රබර් අපනයන ආදායම 2024 වසරේ අප්‍රේල් මාසය වන විට ඇමෙරිකානු ඩොලර් මිලියන 335 ක් දක්වා වැඩි වී තිබෙනවා. ඒ වගේම එම කාල සීමාව තුළ කුරුඳු අපනයන ආදායම ඇමෙරිකානු ඩොලර් මිලියන 53.3 සිට ඇමෙරිකානු ඩොලර් මිලියන 56.1 දක්වාත්, ගම්මිරිස් අපනයන ආදායම ඇමෙරිකානු ඩොලර් මිලියන 13.3 සිට ඇමෙරිකානු ඩොලර් මිලියන 14.0 දක්වාත් වැඩි වී තිබෙනවා.

    කෘෂි කර්මාන්ත ක්ෂේත්‍රය නිරන්තරයෙන් ඉහළ පහළ යන ක්ෂේත්‍රයක්. පසුගිය සමයේ තේ නිෂ්පාදනය අඩු වූ නිසා පොහොර අවශ්‍යතාව ඉහළ ගියා. ඒ අනුව පොහොර සැපයීමේ විශේෂ වැඩසටහනක් අප විසින් දියත් කරනු ලැබුවා.

    ඒ අනුව සෑම කිලෝ ග්‍රෑම් 50ක පොහොර බෑගයක් සඳහා රුපියල් 2000ක සහනාධාරයක් යටතේ පොහොර ලබා දීමට කටයුතු කළා. මේ වන විට තේ පොහොර මෙට්‍රික් ටොන් 10,000ක් වගාකරුවන් වෙත ලබාදී ඇති අතර ඉතිරි මෙට්‍රික් ටොන් 20,000ක ප්‍රමාණය ඉහත පාර්ශවකරුවන්ට අමතරව තේ කර්මාන්තශාලා හිමියන් සම්බන්ධ කරගනිමින් කඩිනමින් ලබාදීමට කටයුතු කරමින් සිටිනවා.

    ඒ වගේම සමස්ථ තේ නිෂ්පාදනය ඉහල නැංවීම සඳහා තේ වගාවේ පාළු සිටුවීම, නැවත වගාව සහ සෘජු වගාව හා සම්බන්ධ සහනාධාර ව්‍යාපෘතිය 2022 වසරේ සිට මේ දක්වා හෙක්ටයාර් 745ක ක්‍රියාත්මකයි. ඒ යටතේ රුපියල් මිලියන 140ක මුදලක් වගාකරුවන් 324 දෙනෙකු වෙත ලබාදී තිබෙනවා. 2024 වර්ෂය සඳහා රුපියල් මිලියන 60ක මුදලක් වෙන්කරමින් තේ පැල 800,000ක් සිටුවීම සදහා නව ව්‍යාපෘතියක් ද ආරම්භ කර තිබෙනවා.

    ඒ වගේම ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ මූල්‍ය ප්‍රතිපාදන යටතේ කුඩා තේ වතු සංවර්ධන අධිකාරිය මඟින් සෘජු තේ වගා ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන අතර මේ සඳහා රුපියල් මිලියන 750ක් යොදාගැනීමට නියමිතයි.

    මේ වනවිට පොල්කටු හා පොල් ලෙලි ආශ්‍රිත නිෂ්පාදන ද පොල් මද ආශ්‍රිත නිෂ්පාදන තරමටම රටට විදේශ ආදායමක් ලබා දීමට හැකිවී තිබෙනවා. ඒ අනුව 2022 වර්ෂයේ දී ඇමරිකානු ඩොලර් මිලියන 817 ක වාර්තාගත ආදායමක් පොල් ආශ්‍රිත අපනයනයන්ගෙන් ලැබී තිබෙනවා. 2023 වර්ෂයේ සුදු මැස්සා රෝගය නිසා පොල් නිෂ්පාදනයේ පහළ වැටීමක් සිදු වුවත් සුදුසු නියාමන හා පාලන ක්‍රියාමාර්ග උපයෝගී කරගෙන ඇමෙරිකානු ඩොලර් මිලියන 700 ක ආදායමක් රටට ගෙන දීමට අප සමත් වී තිබෙනවා. 2024 අප්‍රේල් මස වන විට ඇමරිකානු ඩොලර් මිලියන 263.06 ක් ආදායමක් ලබා ඇති අතර, එය පසුගිය වසරට සාපේක්ෂව 24 % ක වර්ධනයක් බව කිව යුතුයි.

    2022 හා 2023 වසර දෙකෙහි වගා කර ඇති, නව රබර් වගා භූමි ප්‍රමාණය හෙක්ටයාර 921 ක් වන අතර, නැවත රබර් වගා කළ භූමි ප්‍රමාණය හෙක්ටයාර 2743 ක් වනවා. 2024 වසරේ රබර් හෙක්ටයාර 1135 ක් වගා කිරීමට දෙපාර්තමේන්තුව මඟින් සැලසුම් කර තිබෙනවා. ඉන් හෙක්ටයාර 605ක් නව වගාව ලෙසත් හෙක්ටයාර 415ක් නැවත වගාව ලෙසත් සිදු වෙනවා. මේ සඳහා රුපියල් මිලියන 149 ක ප්‍රතිපාදන වගාව සඳහා අවශ්‍ය පැල ලබා දීමට වෙන්කොට තිබෙනවා. පෙර පැවති රබර් වගා සහනාධාර ක්‍රමය 2023 වසරේ සිට ක්‍රියාත්මක නොවන අතර, දෙපාර්තමේන්තුව විසින් වගාකරුවන්ට අවශ්‍ය පැල සහනාධාර ලෙස 2023 වසරේ සිට නොමිලේ ලබාදීම සිදුකරනු ලබනවා.

    ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ සභාපති නිරාජ් ද මෙල් මහතා,

    ඉරානය සහ ශ්‍රී ලංකාව අතර ඇති කර ගත් අවබෝධතා ගිවිසුම අනුව ශ්‍රී ලංකාව ඉරානයට ගෙවිය යුතු ඛනිජ තෙල් ණය තේ අපනයනය හරහා පියවීම පසුගිය අගෝස්තු 05 වෙනිදා ආරම්භ කළා.

    එම ගිවිසුම යටතේ ශ්‍රී ලංකාව විසින් ඉරානය වෙත ඛනිජ තෙල් වෙනුවෙන් ගෙවිය යුතු ඇමෙරිකානු ඩොලර් මිලියන 250.9ක මුදල තේ අපනයනය තුළින් පියවීමට අපේක්ෂිතයි. මේ වන විට එම ණය ප්‍රමාණයෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 55ක් ගෙවා නිම කර තිබෙනවා. 2024 වසරේ පළමු මාස 04 තුළ නිමි තේ කිලෝ ග්‍රෑම් මිලියන 4.1ක ප්‍රමාණයක් ඉරානය වෙත අපනයනය කරන ලද අතර එය පසුගිය 2023 වසරේ පළමු මාස 04 තුළ ඉරානය වෙත අපනයනය කරන ලද නිමි තේ ප්‍රමාණයට වඩා තුන්ගුණයක වැඩිවීමක් බව කිව යුතුයි.

    පොල් සංවර්ධන අධිකාරියේ සභාපති මහාචාර්ය රොෂාන් පෙරේරා මහතා,

    පොල් ආශ්‍රිත නිෂ්පාදනකරුවන්ගේ නිෂ්පාදන වල නිෂ්පාදන පිරිවැය අඩු කර ගුණාත්මකභාවය, කාර්යක්ෂමතාවය, ප්‍රමාණාත්මකතාවය වැඩි කර ගැනීම සඳහා අවශ්‍ය වැඩිදියුණු කිරීම්, යන්ත්‍රසූත්‍ර මිලදී ගැනීම, මහා පරීමාණ කර්මාන්තශාලාවල පිරිවැය අඩු කිරීම සඳහා පුනර්ජනනීය බලශක්ති භාවිතය සඳහා මුල්‍යය සහාය ලබා ගැනීම වැනි සංවර්ධන කටයුතු සඳහා ප්‍රාදේශීය සංවර්ධන බැංකුව සමඟ “ කප්රුක ජය ඉසුර” නමින් ණය යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කරනු ලබනවා. එමඟින් 6% සහන පොලියක් යටතේ එක් කර්මාන්තකරුවෙකු වෙත රු. ලක්ෂ 35 ක උපරිම ණය මුදලක් ලබාදෙන අතර එම ණය මුදල රුපියල් ලක්ෂ 100 ක උපරිමයක් දක්වා වැඩි කිරීමට අපේක්ෂා කරනවා. පසුගිය දෙවසර සලකා බැලීමේදී 2022 වර්ෂය තුළ රුපියල් මිලියන 53.4 ක පමණ මුදලක් සහ 2023 වර්ෂය තුළ රුපියල් මිලියන 35.7 ක පමණ මුදලක් මේ හරහා ලබා දී තිබෙනවා.

    ඒ වගේම 2024 වර්ෂය සඳහා.පොල් ආශ්‍රිත නිෂ්පාදනකරුවන් 752 ප්‍රමාණයක් නිෂ්පාදන 1012 ක් සඳහා ලියාපදිංචි කරගෙන ඇති අතර 636 ප්‍රමාණයක් පොල් ආශ්‍රිත අපනයනකරුවන් ලෙස ලියාපදිංචි කර තිබෙනවා.

    තවද පොල් හා තැඹිලි නිෂ්පාදනයට ඉහළ බලපෑමක් ඇති කළ සුදු මැස්සා වසංගතය මැඩපැවැත්වීම සඳහා දියත්කරන ලද සුදු මැස්සා මර්දන වැඩසටහන 2022 වර්ෂයේ ඔක්තෝබර් මස සිට ක්‍රියාත්මක වෙනවා. රෝග හා පළිබෝධ හානිය මගින් පොල් අස්වැන්නට සිදුවන බලපෑම අවම කිරීමේ අරමුණින් ක්‍රියාත්මක කරන ලද මෙම වැඩසටහන මඟින් මේ වනවිට ගස් 1,051,323 ප්‍රමාණයකට ප්‍රතිකාර කර ඇති අතර දැනුවත් කිරීම් වැඩසටහන් 3,046ක් පවත්වා තිබෙනවා. එසේම වගාකරුවන් අතර දියර ඉසින යන්ත්‍ර 700 ක ප්‍රමාණයක්ද බෙදා දී තිබෙනවා.

    මෙම ව්‍යාපෘතිය සඳහා දැනට රුපියල් මිලියන 85.50 ක් වැය කර තිබෙනවා.

    ඒ වගේම සාම්ප්‍රදායික ප්‍රදේශවලින් බැහැරව උතුරු පළාත තුළද පොල් ත්‍රිකෝණයක් ස්ථාපිත කිරීමට කටයුතු කළා.

    පාරිභෝජන සහ අපනයන පොල් අවශ්‍යතාවයන් සපයා ගැනීමත් උතුරු ප්‍රදේශයේ ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීමත් එහි අරමුණු වුණා. මේ වන විට පොල් පැල 489,077ක් මෙම ව්‍යාපෘතියට යොදවා තිබෙනවා.

    ඊට අමතරව කිතුල් හා තල් නිෂ්පාදන දේශීය සහ විදේශීය වෙළඳපොල ඉලක්ක කරගෙන ප්‍රවර්ධනය කරමින් ඒ ආශ්‍රිත රැකියා අවස්ථා ගොඩනැගීම ද සිදු කෙරෙනවා.

    රබර් සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් සී. සී මුහන්දිරම් මහතා,

    2024 වසර තුළ සාම්ප්‍රදායික ලෙස රබර් වගා කර නොතිබූ ප්‍රදේශවල රබර් වගාව ව්‍යාප්ත කිරීමේ විශේෂ වැඩසටහන ලෙස, මොනරාගල, අම්පාර හා බදුල්ල යන ප්‍රදේශවල හෙක්ටයාර 115ක රබර් නව වගාව ‍ ස්ථාපනය කිරීමට රබර් සංවර්ධන දෙපාර්තමේන්තුව සැලසුම්කර තිබෙනවා. ඒ සඳහා වෙන්කර ඇති ප්‍රතිපාදන ප්‍රමාණය රුපියල් මිලියන 18 ක්. මෙම රබර් නව වගා මඟින් දේශීය රබර් නිෂ්පාදනය 86,825 Kg කින් වැඩි කිරීමට අපේක්ෂිතයි.

    ඒ වගේම එම ප්‍රදේශ සඳහා සුදුසු ක්ලෝන හඳුනාගැනීම සඳහා රබර් පර්යේෂණායතනය විසින් ව්‍යාපෘතියක් ද ආරම්භ කර තිබෙනවා. මේ සඳහා රුපියල් මිලියන 19.25ක් ඇස්තමේන්තුගත කර තිබෙන අතර මේ වන විට රුපියල් මිලියන 17.74ක මුදලක් වැය කර තිබෙනවා.

    මෙමඟින් පවතින ක්ලෝන 14ක් පරීක්ෂාකර අවසන් අතර, ඉදිරියේදී තවත් ක්ලෝන 22ක් පරීක්ෂා කිරීමට නියමිතයි. අවසානයේදී අන්තර්වාර නිර්දේශ යටතේ ක්ලෝන 10ක් පමණ නිර්දේශයට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙනවා.
    2025 ජනවාරි 01 දින සිට යුරෝපා සංගමයට අයත් රටවල් වෙත රබර් හා රබර් ආශ්‍රිත නිෂ්පාදන අපනයනය කිරීමේදී, එම නිෂ්පාදන ‘වන විනාශයට’ දායක නොවු නිෂ්පාදන ලෙස තහවුරු කිරීම සිදුකළ යුතු අතර එසේ තහවුරු කළ නොහැකි නිෂ්පාදන අපනයනය සඳහා අනුමැතිය ලැබෙන්නේ නැහැ.ඒ අනුව අපනයනකරුවන්ට සහ නිෂ්පාදකයන්ට තම නිෂ්පාදන EUDR සඳහා අනුගත බවට, සහතික වීමේ වගකීම පැවරී තිබෙනවා. රබර් සංවර්ධන දෙපාර්තමේන්තුව මඟින් ඒ සඳහා අවශ්‍ය පහසුකම් සැපයීම සිදුකරනු ලබනවා. ශ්‍රී ලංකාවේ රබර් අපනයන ආදායමෙන් 1/3 කට වඩා වැඩි දායකත්වයක් දරනු ලබන්නේ යුරෝපානු වෙළඳපොළ වන බැවින්, එම රෙගුලාසිය සඳහා අනුගත වීම ඉතා වැදගත් වෙනවා.

    කුරුඳු සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් එම්. එම්. ජේ. කේ ලින්දර මහතා,

    කුරුඳු වගාව සංවර්ධනය කිරීම සඳහා පසුගියදා කුරුඳු සංවර්ධන දෙපාර්තමේන්තුව ස්ථාපිත කළා. එය සිදු කළේ 2023 වසරේ අයවැයි යෝජනාවක් ලෙසයි.

    ඒ යටතේ ජාත්‍යන්තර වෙළදපොළ තුළ ශ්‍රී ලාංකේය සත්‍ය කුරුඳු සන්නාමය ප්‍රචලිත කිරීම හා ප්‍රවර්ධනය මූලික අරමුණ කොටගෙන ගාල්ල පින්නදූව අධිවේගී පිවිසුමට ආසන්නයේ මූලස්ථානය පිහිටුවා කටයුතු ආරම්භ කර තිබෙනවා. කුරුඳු අපනයනකරුවන් , කුරුඳු වගා කරුවන්, කුරුඳු කර්මාන්තය ආශ්‍රිත පාර්ශවකරුවන් මෙම ව්‍යාපෘතියේ ඉලක්කගත ප්‍රතිලාභීන් වනවා.

    මෙම Cinnamon Gate ව්‍යාපෘතියේ පළමු අදියර සඳහා ඇස්තමේන්තුගත මුදල රු.224,909,704.31 වන අතර 2024.05.31 දින වන විට ඉන් රු. 21,857,211.80 ක මුදලක් වියදම්කර තිබෙනවා.

    කුරුඳු නිෂ්පාදනයේ ඵලදායිතාවය වැඩිදියුණු කිරීම සඳහා නවීන තාක්ෂණ වගා ක්‍රම භාවිතා කරමින් අක්කරයකට ලැබෙන කුරුඳු අස්වැන්න වැඩිදියුණු කිරීම, කුරුඳු කර්මාන්තයේ පසු අස්වනු තාක්ෂණය වැඩිදියුණු කිරීම, අගය වැඩිකල නිෂ්පාදන සහිත කර්මාන්ත ඇති කිරීම යන ප්‍රධාන අරමුණු ඉලක්ක කරගෙන කුරුඳු සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් 2024 වර්ෂයේ මැයි මස සිට ලංකා සත්‍ය කුරුඳු නඟා සිටුවීම සඳහා වන බහුදිශා ප්‍රවේශය නම් ව්‍යපෘතිය ක්‍රියාත්මක කර තිබෙනවා.

    මෙම ව්‍යාපෘතිය සදහා ඇස්තමේන්තුගත මුදල රුපියල් මිලියන 35ක් වනවා. මෙමඟින් කුරුඳු වගාව බහුලව සිදු කරන ගාල්ල, මාතර, හම්බන්තොට, රත්නපුර, කෑගල්ල හා කළුතර යන දිස්ත්‍රික්කවල කුරුඳු වගාව සඳහා විභවයක් සහිත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස ඉලක්ක කරගනිමින් කුරුඳු කර්මාන්තය ආශ්‍රිත සෘජු ප්‍රතිලාභීන් 1050ක් පමණ සහ වක්‍ර ප්‍රතිලාභීන් 101,000 කට පමණ ප්‍රතිලාභ ලබා දීමට අපේක්ෂා කරනවා.

    ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා 2023 වසරේ ඔක්තෝබර් මාසයේ සිදුකල චීන සංචාරයේදී ශ්‍රී ලංකාවේ සත්‍ය කුරුඳු චීනයට අපනයනය කර දේශීය කුරුඳු කර්මාන්තය උදෙසා නව වෙළදපොළක් විවෘත කර දීම හා එමඟින් කුරුඳු සඳහා ලැබෙන විදේශ විනිමය ප්‍රමාණය ඉහළ නැංවීම අරමුණු කරගෙන අවබෝධතා ගිවිසුමක් අත්සන් කරනු ලැබුවා. ඒ අනුව චීනයට සත්‍ය කුරුඳු අපනයනය සඳහා නව ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිත අතර එහිදී තෝරාගනු ලබන කුරුඳු අපනයනකරුවන් සහ කුරුඳු ගොවීන් මෙම ව්‍යාපෘතියෙන් ප්‍රතිලාභ ලබන පාර්ශවකරුවන් ලෙස හඳුනාගෙන තිබෙනවා. මෙම ව්‍යාපෘතිය සඳහා දැනට ඇස්තමේන්තුගත මුදල රුපියල් 1,000,000.00 ක් පමණ වනවා.

    අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ (සංවර්ධන) ආර්. කේ. ඩබ්ලිව් රන්කෙත්කුඹුර මහතා,

    අපනයන කෘෂි බෝග නිෂ්පාදනවල ගුණාත්මකභාවය ආරක්ෂා කර ගනිමින් නිෂ්පාදන හා අපනයන ධාරිතාවය ඉහළ නංවා වැඩි විදේශ විනිමයක් ලබා ගැනීමේ අරමුණ ඇතිව අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මඟින් මධ්‍යම, සබරගමුව, බස්නාහිර, දකුණ, ඌව, වයඔ, උතුරු මැද හා නැගෙනහිර පළාතේ අම්පාර දිස්ත්‍රික්කය තුළ විවිධ සංවර්ධන වැඩසටහන් විශාල සංඛ්‍යාවක් ක්‍රියාත්මක කරනු ලබනවා.

    මේ යටතේ අපනයන කෘෂි බෝගවන කුරුඳු, ගම්මිරිස්, කෝපි, කොකෝවා, සාදික්කා, කරාඹු, කරඳමුංගු , වැනිලා, කහ, ඉඟුරු, පුවක්, බුලත්, ගොරකා, පැඟිරි හා සේර යන බෝග වර්ග 15 ක වගා සංවර්ධනය සිදු කරන ලද අතර, මේ වන විට කුරුඳු බෝගය හැර ඉතිරි බෝග 14 කට අදාළ සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කෙරෙනවා.

    නව වගා වැඩසටහන, කුඩා පරිමාණ ගෙවතු වගා වැඩසටහන, ඵලදායීතා ප්‍රවර්ධන වැඩසටහන, පුවක් වගා වැඩසටහන, බෝග අගය දාම සංවර්ධන වැඩසටහන, කහ සහ ඉඟුරු වගා වැඩසටහන මෙන්ම මාර්ගගත පුහුණු වැඩසටහන් මඟින් අපනයන කෘෂි බෝග වගාවට අවශ්‍ය තාක්ෂණික දැනුම ලබා දීමට ද අප කටයුතු කරනවා. 2024 වසරේ මේ දක්වා ගොවි පුහුණු වැඩසටහන් 1500කට ආසන්න සංඛ්‍යාවක් අප විසින් පවත්වා තිබෙනවා.

  • සාම්ප්‍රදායික දේශපාලනයෙන් බැහැර දේශපාලන සංස්කෘතියක් රටට අවශ්‍යයි

    සාම්ප්‍රදායික දේශපාලනයෙන් බැහැර දේශපාලන සංස්කෘතියක් රටට අවශ්‍යයි

    • රට ඉදිරියට ගෙන යන  ආර්ථික රාමුව බිඳ දැමීමට ඇතැම් පිරිසක් උත්සාහ කරනවා – ජනපති නීතිඥවරුන් සමඟ පැවති  හමුවේ දී පවසයි.
    • සිවිල් යුද්ධය ජය ගත් මහින්ද ජනාධිපතිට එදා ලබා දුන් සහාය අද ආර්ථික යුද්ධය ජයගත් ජනපති රනිල්ට ද ලබා දිය යුතුයි  – අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්‍රි මහතා.
    • ජනපතිගේ නායකත්වය ඉදිරියටත් රටට අවශ්‍යයි – නීතිඥවරුන් පවසති.

    සාම්ප්‍රදායික දේශපාලනයෙන් ඉවත්ව රට ගැන සිතා කටයුතු කරන දේශපාලන සංස්කෘතිකයක් රටේ ඉදිරි ගමන වෙනුවෙන් අත්‍යාවශ්‍ය බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය.

    එහිදී පක්ෂ, විපක්ෂ සියලු දේශපාලන නායකයන්ට පැවරී ඇති වගකීම සුළුකොට තැකිය නොහැකි බව පැවසූ ජනාධිපතිවරයා දේශපාලන අමුණුවලින් බැහැරව රටේ ආර්ථිකය නඟා සිටුවීමේ වැඩපිළිවෙළට එම සියලුදෙනාගේ සහාය හිමිවිය යුතු බවද සඳහන් කළේය.

    ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ නීතිඥවරු සමඟ පසුගියදා ජනාධිපති කාර්යාලයේ පැවති හමුවේදීය.

    දේශපාලනය කිරීමට ඕනෑම අයෙකුට අයිතිය තිබෙන නමුත් රට ඉදිරියට ගෙන යන ආර්ථික රාමුව බිඳ දැමීමට කිසිවෙකු කටයුතු නොකළ යුතු බව පැවසූ ජනාධිපතිවරයා, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ගිවිසුමට අත්සන් තැබීමත් සමඟ පසුගිය සති කිහිපය තුළ මෙන්ම ඊට පෙර සිදු වූ වැඩවර්ජන ඉදිරි ජනාධිපතිවරණය ඉලක්ක කර ගනිමින් ක්‍රියාත්මක වූ ඒවා බවද පෙන්වා දුන්නේය.

    මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද පැවසිය,

    පසුගිය වසර දෙක තුළ මේ රටේ දේශපාලන සංස්කෘතිය වෙනස් වුණා. එහිදී රට ගැන සිතා වැඩකරන කණ්ඩායමක් බිහි වුණා. ඔවුන් සම්ප්‍රදායික දේශපාලනයෙන් ඉවත්ව කටයුතු කළා. ඒ නිසා අද විවිධ පක්ෂවලට අයත් අය වගේම කිසිදු පක්ෂයකට අයත් නැති අයත් මෙම ස්ථානයේ සිටිනවා. 2022 මැයි 09 වනදා සිදුවීම පිළිබඳ මම අලුතින් සඳහන් කළයුතු නැහැ. රටේ ජනතාව පීඩාවට පත්වීම නිසා උද්ඝෝෂණ ඇති වුණා. ඇතැම් අය එම උද්ඝෝෂනවලින් ප්‍රයෝජන ගැනීමට උත්සාහ කළා. අවසානයේ සිදු වුණේ සාම්ප්‍රදායික පක්ෂවලට රටේ නායකත්වයට පැමිණීමට නොහැකි වීමයි.

    2021 දෙසැම්බර් මාසයේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකරණ අධ්‍යක්ෂවරිය සමඟ සාකච්ඡා  කිරිමට මට අවස්ථාව ලැබුණා. රට තුළ ඉදිරියේ දී ආර්ථික ගැටළුවක් ඇති විය හැකි බවත්, ඒ පිළිබඳ කඩිනමින් කටයුතු කරන ලෙස  ජනාධිපතිතුමාට දැනුම් දෙන ලෙසත් එතුමිය මා සමඟ ප්‍රකාශ කළා.

    මම ඒ බව හිටපු ජනාධිපතිතුමාට දැනුම් දුන්නා. ඒ වගේම ලෝක බැංකුවේ නියෝජිතයන් පැමිණි අවස්ථාවේදීත් අප මේ පිළිබඳ සාකච්ඡා කළා. ඒ සමඟම ජනාධිපතිතුමා පාර්ලිමේන්තුවේ සිටින දේශපාලන පක්ෂ කැඳවා මේ පිළිබඳ සාකච්ඡා කිරීමට කටයුතු කළා. එහිදී හැම පක්ෂයක්ම විවිධ අදහස් ඉදිරිපත් කර තිබුණා.

    ඒ සඳහා විපක්ෂයෙන් සහභාගී වුණේ ද්‍රවිඩ සන්ධානයේ ආර්. සම්බන්ධන් මහතා සහ එම්.ඒ. සුමන්තිරන් මහතා පමණයි.  එක්සත් ජාතික පක්ෂයෙන් සම්බන්ධ වුණේ මා පමණයි. විපක්ෂයේ අනෙකුත් පක්ෂ ඒ සඳහා සහභාගී වුනේ නැහැ. එය වැරිදි ක්‍රියාවක් බව කිවයුතුයි.

    එම අවස්ථාවේ රට ඉදිරියේ අර්බුදයක් තිබුණා. ඒ සඳහා ගතයුතු පියවර කුමක්ද කියා සොයා බැලීම අප සියලුදෙනාගේ වගකීම වුණා. එම වගකීමෙන් කිසිවෙකුට ඈත් වෙන්න බැහැ.  විපක්ෂ නායකයා කියන්නේ විකල්ප අගමැතිවරයායි. ඔහු බස් රියදුරෙකු නොවෙයි. ඒ නිසා මේ සඳහා සහභාගිවීමට ඔහුට වගකීමක් තිබුණා. නමුත් ඒ පිළිබඳ එක් දේශපාලන පක්ෂයක්වත් කිසිදු පියවරක් ගත්තේ නැහැ.

    ඉන් පසුව මැයි 09 දා මහින්ද රාජපක්ෂ අගමැතිවරයා ඉල්ලා අස් වුණා. එම අවස්ථාවේදී පොහොට්ටුවට ආණ්ඩු බලය පවත්වා ගැනීමට හැකි තත්ත්වයක් පැවතුණේ නැහැ. අප එය පිළිගත යුතුයි. ඇමතිවරුන් ඉල්ලා අස් වුණා. අප බ්‍රිතාන්‍ය ක්‍රමය ගැන කතා කරන නිසා විකල්ප අගමැතිවරයාට එය භාර ගැනීමට තිබුණා.

    බොහෝ අය කිව්වා මහින්ද රාජපක්ෂ මහත්මයා ඉල්ලා අස් වුණොත් සම්ප්‍රදාය අනුව විපක්ෂනායකතුමාට එම පළමු අවස්ථාව ලබාදිය යුතුයි කියලා. මම කිව්වා මට ඒ ගැන ප්‍රශ්නයක් නැහැ, අපි ඕන කෙනෙකුට උදව් කරන්නම් කියලා. නමුත් මැයි 10 වනදා පැමිණෙන ලෙස දැනුම් දුන්නත් ඔහු පැමිණියේ  නැහැ. අගමැති ධූරය භාර ගන්නේ නැහැ කියලා ඔවුන් තීරණය කර තිබුණා. ඔහු තමන්ගේ යුතුකම ඉටු කළේ නැහැ. කෙටි දේශපාලනයෙන් යන්න උත්සාහ කිරීම නිසා ඉදිරියට එන්න බැරි වුණා.

    ඇතැමුන් අය වැය විවාදයේදී  රට ගොඩගන්නේ කොහොමද කියලා අදහස් ඉදිරිපත් කළා. නමුත් වගකීම භාරගන්න අකමැති වුණා. ජනතා විමුක්ති පෙරමුණ ඊට උත්සාහයක්වත් දැරුවේ නැහැ. නමුත් අප මේ වගකීම භාරගත්තා. ඒ වන විට රටේ බංකොළාත්භාවය ප්‍රකාශ කර තිබුණා. එයින් රට ගොඩගන්න පුළුවන් කියන විශ්වාසය මා තුළ තිබුණා.  ජනාධිපති කවුද කියන එක මට ප්‍රශ්ණයක් වුණේ නැහැ. නමුත් ඒ වෙලාවේ මට රට බේර ගැනීමට අවශ්‍ය වුණා.

    අප විටින් විට මෙවන් අභියෝගවලට මුහුණ දී තිබෙනවා. 1971 කැරැල්ල තිබු අවස්ථාවේ ජේ.ආර්. ජයවර්ධන මැතිතුමා විපක්ෂනායක ලෙස සිටිමින් සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියට සහාය ලබා දුන්නා. එතුමාගේ පුතත් එක් අවස්ථාවක අත්අඩංගුවට ගත්තා. නමුත් ස්ථාවරය වෙනස් කළේ නැහැ. 1989 දී සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය සහ රත්වත්තේ ඇමතිතුමා පැමිණ රටේ නීතිය හා සාමය ඇති කිරීමට සහයෝගය ලබා දෙන බව ප්‍රේමදාස ජනාධිපතිවරයාට ප්‍රකාශ කළා. එවිට එම දෙදෙනාගෙන්ම හමුදාපතිවරයා ඇහුවා අපි මේ වැඩේ කරන්නම් පස්සේ අපට දොස් කියන්න එපා කියලා. දෙදෙනාම එකඟතාව පළ කළා. මේ ආකාරයට විවිධ අවස්ථාවල අප සාකච්ඡා කර කටයුතු කර තිබෙනවා.

    ඉන්දු – ලංකා ගිවිසුම අත්සන් කරන විට සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය සහ ඩඩ්ලි සේනානායක මැතිතුමා එකට කටයුතු කළා. අනෙකුත් වෙලාවට ගැටුම් තිබෙනවා, නමුත් එය ප්‍රශ්නයක් නොවෙයි.   කොච්චර ගැටුනත් ඡන්ද ප්‍රතිඵල අනුව බලය ජයග්‍රාහකයාට ලබා දී ඉවත්ව යන ආසියාවේ එකම රට ශ්‍රී ලංකාව පමණයි.

    අධිකරණ නිදහස ගැන කොච්චර කතා කළත් අධිකරණය ක්‍රියාත්මක වන්නේ ලංකාවේ පමණයි. ඉන්දිරා ගාන්ධි මැතිණිය යටතේ ඉන්දීය ශ්‍රෙෂ්ඨාධිකරණයේ ඇති වූ ප්‍රශ්න අප දන්නවා.

    මේ වැඩකටයුතු කරන අතරතුර ජූලි 09දා සිදුවීමට මුහුණදීමට අපට සිදු වුණා. ජුලි 09වනදා හිටපු ජනාධිපතිවරයා ජනාධිපති මන්දිරයෙන් පිටවෙලා ගියා. එම අවස්ථාවේ අගමැතිවරයා ලෙස මටත් ඉල්ලා අස්වෙන්න කියලා කිව්වා.

    මම කාටද අස්වීමේ ලිපිය භාර දෙන්නේ. මහ මුහුදුට ගිහින් ජනාධිපතිවරයා සොයන්නද, මම කිව්වා මට ඉවත්වීමට නම් බහුතරයක් ඇති කෙනෙක් ඉදිරිපත් කරන්න කියලා. විපක්ෂ නායකයා අපිට කියනවා නැහැ අපට කවුරු හරි ගන්න ඔබ ඉවත් වෙන්න කියලා.

    එහිදී මම කිව්වේ  ඉන්න කෙනා පළමුව ඉදිරිපත් කරන්න කියලයි. ඊට පස්සේ ඔවුන් කියනවා කථානායකතුමාට භාර ගන්න කියලා. කථානායක තුමා කිව්වා මට පාර්ලිමේන්තුව පාලනය කරන්න පුළුවන්, ඒත් ආර්ථිකය පාලනය කිරීමේ වගකීම මට ගන්න බැහැ කියලා. මේ විදියට රටේ දේශපාලන ක්‍රමය කැඩී ගියා.

    අවසානයේ පාර්ලිමේන්තුව වැටලීමට උත්සාහ කළා. එම අවස්ථාවේ පක්ෂ නායකයන් සියලුදෙනා පාර්ලිමේන්තුව ඇතුලේ සිටියා. හමුදාපතිවරයා ඒ බව දැනුම් දුන් විට ඔවුන් පැවසුවේ අගමැතිවරයා ඉවත්විය යුතුයි කියලා. එම අවස්ථාවේ හමුදාපතිවරයාට පණිවිඩයක් ලැබුණා විරෝධතාකරුවන් පාර්ලිමේන්තුවට පැත්තට එනවා කියලයි. ඉන් පසුව මිනිත්තු 05න් සියලු දෙනා පාර්ලිමේන්තුවෙන් පිට වෙලා ගියා.  පාර්ලිමේන්තුව ආරක්ෂා කරන්න කියලා හමුදාපතිවරයාට දැනුම් දෙන්න මට සිදු වුණා. මම ඒ පිළිබඳ කථානායකවරයාටත් දැනුම් දුන්නා.

    ඔවුන් අවශ්‍ය අවස්ථාවේ වගකීම් භාර නොගෙන  සටන් පාඨ ඉදිරිපත් කරමින් සිටියා. සාකච්ඡාවක් සඳහා පැමිණෙන ලෙස කිහිප අවස්ථාවකදීම දැනුම් දුන්නත් එක්කෙනෙක්වත් ආවේ නැහැ. ඉන් පසුව මේ රටේ අලුත් දේශපාලන සංස්කෘතියක් ගොඩනැගුණා. මම ජනාධිපති ධූරය භාර ගන්නා විට සෑම පක්ෂයකින්ම මට සහාය ලබා දුන්නා. ඒ වගේම සෑම පක්ෂයකින්ම මට විරුද්ධවත් ඡන්දය ලබා දුන්නා. පොහොට්ටුවේ සභාපතිවරයා ඇතුළු කණ්ඩායමක් විරුද්ධ පක්ෂයට ගියා. සජබෙ කණ්ඩායමක් මට ඡන්දය දුන්නා. අපි ආණ්ඩුවක් හැඳුවා. හිටපු ඇමතිවරු සමඟ මම වැඩ ආරම්භ කළා. මම ඒ කිසිවෙක් මාරු කිරීමට ගියේ නැහැ. ඇතැම් අය අයින් වුණා. ඒක වෙනම කාරණයක්. නමුත් මම කිසි කෙනෙක් මාරු කරන්න ගියේ නැහැ.

    දේශපාලන පක්ෂ ගණනාවකට අයත් පිරිස එකතු වී රට වෙනුවෙන් වැඩ කළා. පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් පක්ෂ බේදයෙන් තොරව තමන්ගේ සහාය ලබා දුන්නා. ඒ වගේම පිටිනුත් සහයෝගය ලැබුණා.  එදා ඉදලා අරුම පුදුම ආණ්ඩුවක් විදියට මේ ආණ්ඩුව ඉදිරියට පැමිණියා. අද අප පක්ෂ බේදයෙන් තොරව එකට වැඩ කර මෙම ජයග්‍රහණ ලබාගෙන තිබෙනවා. මේ වන විට අපි බංකොලොත් භාවයෙන් ඉවත් වුණා විතරයි. දැන් ණය ගෙවීමට හැකි හැකි රටක් ලෙස අපව ලෝකය පිළිගෙන තිබෙනවා.

    අප ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ශ්‍රී ලංකාවේ ණය හිමියන්ගේ කමිටුව, චීන එක්සීම් බැංකුව හා පුද්ගලික බැදුම්කරුවන් සමඟ එකඟ වූ ගිවිසුම් ඒ අයුරින් ක්‍රියාත්මක කරනවා. අපිට විවිධ පෙරොන්දු දෙන්න බැහැ. තවදුරටත් පැරණි දේශපාලනයේ නිරතවීමට අවස්ථාවක් නැහැ. අප එය වටහා ගෙන තිබෙනවා. ඒ වගේම රට ඉදිරියට ගෙන යනවා නම් රට තුළ ආර්ථික පරිවර්තනයක් ඇති කළ යුතුයි. එහිදී අපනයන ඉලක්ක කරගත් නවීන ආර්ථික රටවාවකට ගමන් කළ යුතුයි.  ඩොලර් බිලියන 85ක් වූ දළ දේශීය නිෂ්පාදනය 2048 වන විට ඩොලර් බිලියන 350ක් දක්වා ඉහළ නංවාගත යුතුයි. හරියට වැඩ කළොත් අපට එම ඉලක්කයට යන්න පුළුවන්. සිංගප්පූරුව, වියට්නාමය,  වැනි රටවල් එක් ස්ථාවරයක සිට කටයුතු කිරීම නිසා අද දියුණු වී තිබෙනවා. දේශපාලනය කරන විට මූලික ස්ථාවරත්වයක් ඇති කර ගැනීමට අප කටයුතු කළ යුතුයි.

    පාර්ලිමේන්තුව තුළ විවිධ අදහස් තිබෙන්න පුළුවන්. නමුත් රටේ ආර්ථික රාමුව නොකඩා ඉදිරියට ගෙන යා යුතුයි. අද බොහෝ දෙනෙකුට අවශ්‍යව ඇත්තේ මෙම රාමුව බිඳ දැමීමටයි. අප ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ගිවිසුමට අත්සන් කළ පසු පසුගිය සතියේ සහ ඊට පෙර වැඩ වර්ජන කීයකට මුහුණ දුන්නද, එහෙම වෙන්නේ මේ වසරේ සැප්තැම්බර්, ඔක්තෝබර් වල ජනාධිපතිවරණයක් පැවැත්වෙන නිසායි. වැඩ වර්ජන කරන්න අවශ්‍ය නැහැ. තමන් එක් පක්ෂයකට කැමති නැත්නම් වෙනත් පක්ෂයකට ඡන්දය දෙන්න. ඔවුන් උත්සාහ කළේ මෙම ආර්ථික රාමුව බිඳ දැමීමටයි. නමුත් ජනතාව ඊට විරුද්ධ වුණා. දැන් අපට තිබෙන්නේ රට  ලබාගත් ජයග්‍රහණය තහවුරු කරගෙන රට අලුත් මාර්ගයක ගෙන යනවාද, නැත්නම් පැරණි ක්‍රමය අනුව කටයුතු කරනවාද කියා තීරණය කිරීමයි.
    අද මෙම අවස්ථාවට ඔබ සියලුදෙනාගේ පැමණීම විශාල ශක්තියක් බව ප්‍රකාශ කළ යුතුයි. අපි සියලුදෙනා එකතුවෙලා රට ඉදිරියට ගෙන යමු. ඉන්පසු නැවතත් වසර 05කින් පසු පක්ෂ දේශපාලනයේ නිරත වෙමු.

    රටට ස්ථාවර ආර්ථික  ක්‍රමයක් අවශ්‍යයි. ප්‍රංශයේ පාර්ලිමේන්තු මැතිවරණයේ පළමු වටයේදී සියලුදෙනා සිතුවේ අන්තවාදී දක්ෂිණාංශය ජයග්‍රහණය කරනු ඇති බවයි. නමුත් එහි මැද අවස්ථාවේදී දක්ෂිණාංශයක්, වමත් තිරණය කළා අපි තරගයකට යන්නේ නැතිව ඒ ආසනවල තුන්වැනියා ඉවත් කරමු කියලා. මගේ පක්ෂය නම් තුන්වැනියා මගේ පක්ෂයෙන් අයින් කරනවා, ඔබේ පක්ෂයෙන් ඔබ අයින් කළ යුතුයි කියලා. දැන් මේක අනෙක් පැත්තට පෙරළී තිබෙනවා. ඒ අනුව එකට වැඩ කර ඉදිරියට යාමට අවස්ථාවන් තිබෙනවා. අප මේ රට තුළ ඇතිකළ යුත්තේ එම තත්ත්වයයි.

    අපි රට තුළ සිදු කළ දේශපාලන පෙරළිය තහවුරු කරගෙන ඉදිරියට ගොස් රටේ අනාගතය ගොඩනඟමු. අපට හැමදාම සිඟමන් යදින ජාතියක් වෙන්න බැහැ. ආර්ථික වශයෙන් පහළට යන්නත් බැහැ, රට ශක්තිමත් ආර්ථිකයක් තුළ ඉහළට ඔසවා තැබිය යුතුයි. එම වගකීම ඉටුකිරීමට සියලුදෙනා එක්වෙමු කියා ආරාධනා කරනවා. අද ඔබේ පැමිණීම පිළිබඳවද අප ස්තූතිවන්ත වෙනවා

  • ජනපතිවරණයට එරෙහි නීතීඥයාගේ පෙත්සමට ශ්‍රේෂ්ඨාධිකරණය දුන් නියෝගය

    ජනපතිවරණයට එරෙහි නීතීඥයාගේ පෙත්සමට ශ්‍රේෂ්ඨාධිකරණය දුන් නියෝගය

    19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අදාළව ජනමත විචාරණයකින් තොරව ජනාධිපතිවරණය නොපැවැත්විය යුතු බවට ප්‍රකාශ කරන ලෙස ඉල්ලා නීතීඥයෙකු ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය විසින් රුපියල් 500,000ක නඩු ගාස්තුවක් සමග නිෂ්ප්‍රභ කරන ලදී.

    අගවිනිසුරු ජයන්ත ජයසූරිය, විනිසුරු අර්ජුන ඔබේසේකර සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන ශ්‍රේෂ්ඨාධිකරණ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල මෙම පෙත්සමේ කිසිදු සාධාරණත්වයක් නොමැති බව පවසමින් පෙත්සම නිෂ්ප්‍රභ කිරීමට තීරණය කළේය.

    එම මුදල මේ වසරේ ජූලි 31 වැනිදාට පෙර ගෙවන ලෙස පෙත්සම්කරුට නියෝග කෙරිණි.

    19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ජනමත විචාරණයකින් නිසි ලෙස සම්මත නොවූ බවට තමන් විශ්වාස කරන බැවින් 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ විධිවිධාන යටතේ මෙවර ජනාධිපතිවරණයක් පැවැත්වීම අභියෝගයට ලක් කරමින් නීතිඥ අරුණ ලක්සිරි මහතා සිය පෙත්සමෙන් ඉල්ලා සිටියේය.

  • කෝපය පාලනය කර ගන්නේ කෙසේද ? එහි ප්‍රතිලාභ මොනවාද ?

    කෝපය පාලනය කර ගන්නේ කෙසේද ? එහි ප්‍රතිලාභ මොනවාද ?

    දුක, වෛරය හෝ දුකට වඩා ක්‍රෝධය යනු අප වසා ගන්නා හෝ පලා යන දෙයකි. එය අපගේ සබඳතා, අපගේ සතුට  සහ අපගේ ආරක්ෂාව අනතුරේ හෙළයි

    මට කාලෙක ඉඳන් තරහ ගැන ලියන්න හිතුනා. මෙම තීරුව ආරම්භ කිරීමට වාඩි වී සිටින විට, මෑතකදී මනෝ විශ්ලේෂණ සැසියක් සිහිපත් වුණා. මා කෝපයට පත් කළ හැකි දෙයක් ගැන මම මගේ විශ්ලේෂකයාට පවසමින් සිටියා. නමුත් ඒ වෙනුවට, මම ඇයට කතා කරන විට, මට හදිසියේම නොවැළැක්විය හැකි නිදිමතක් ඇති වුණා. මම මේ හදිසියේ හටගත් තෙහෙට්ටුව විස්තර කළේ, මගේ ඇහිබැමිවල අධික බර දැනීමත්, ඒවා විවෘතව තබා ගැනීමට උත්සාහ කිරීම අත්හැරීමත්, ඒ නිසා මා කතා කළ දේ පිළිබඳ විශ්වාසය නැතිවීමත් සමඟයි.

    “සමහරවිට ඔබ ඔබේ කෝපය නින්දට යවනවා විය හැකියි,” මට මගේ විශ්ලේෂකයා පැවසුවා.

    මනෝචිකිත්සාවේදී මා ප්‍රතිකාර කරන රෝගීන් වැඩි වන තරමට සහ රෝගියෙකු ලෙස මට ලැබෙන මනෝ විශ්ලේෂණය වැඩි වන තරමට, කෝපය බොහෝ විට දැනීමට අපහසුම හැඟීම බව මම සිතමි.

    දුකට වඩා, ආදරයට වඩා, වෛරයට වඩා, ශෝකයට වඩා, ක්‍රෝධය යටපත් කරයි, නැතහොත් ක්‍රියා කරයි, නැතහොත් මත්ද්‍රව්‍ය පානය කරයි, නැතහොත් මරාදමා හෝ නින්දට යවයි. ඕනෑම දෙයක්, එය පෙනෙන්නට පුළුවන, නමුත් අපගේ මනසට සහ දැනීමට ඉඩ ඇත.

    බොහෝ විට, මෙයට හේතුව අපගේ කෝපය පිළිබඳ දෘශ්‍ය භීෂණයක් ඇති බැවිනි. සමහර විට, මෙය යමෙකුගේ ළමා කාලයේ අපයෝජන ඉතිහාසයට සම්බන්ධ වේ. ඔවුන් හැදී වැඩුණේ දෙමව්පියන්ගේ කෝපය ප්‍රචණ්ඩත්වය තුළින් ප්‍රකාශ වූ නිවසක නම් මෙය බහුලව සිදුවේ. නමුත් බොහෝ විට එය නොවේ. සමහර විට, මෙම භීතිය හැඟීම් දිරවා ගත නොහැකි සහ අධික ලෙස දකින මනසක මුල් බැස ගත හැකි අතර, කෝපාවිෂ්ට හැඟීම් ප්‍රචණ්ඩකාරී ක්‍රියාවන්ට සමාන බවත්, කෝපයම හානිකර බවත්, මෙම හානිය සැමවිටම යථා තත්ත්වයට පත් කළ නොහැකි බවත් නොදැනුවත්වම ව්‍යාකූලත්වයට හේතු වේ.

    භීතිය පැමිණෙන්නේ ජාතිවාදී සහ ස්ත්‍රී ද්‍රෝහී ත්‍රස්තවාදයේ අභ්‍යන්තරීකරණයෙනි: පුද්ගලයෙකු නොදැනුවත්වම “කෝපාවිෂ්ට කාන්තාව” හෝ “ආක්‍රමණශීලී කළු මිනිසා” ලෙස පෙනී සිටීමට බිය වේ. එවැනි ඒකාකෘති ද්‍රෝහී වන අතර, ඔවුන්ගේ ඉලක්කවල මනස තුළට රිංගන අතර, ඔවුන්ට අසාධාරණයක් වූ විට කෝපයට පත්වීමේ සාමාන්‍ය හා වැදගත් අත්දැකීම ප්‍රතික්ෂේප කළ හැකිය.

    මම සාමාන්‍ය සහ අත්‍යවශ්‍ය යැයි පවසන්නේ අපට අසාධාරණයක් වූ විට කෝපයට පත්වීම නිර්මාණාත්මක හා පොහොසත් චිත්තවේගීය අත්දැකීමක් විය හැකි බැවිනි. එය යහපත් මානසික සෞඛ්‍යයක් සඳහා සහ සබඳතා සඵල කර ගැනීම සඳහා ඉතා වැදගත් වේ. අපට හොඳින් නොසලකන සබඳතා අත්හැරීම එම වටිනා සහජ බුද්ධියේ මුලයි. අපි එම සහජ බුද්ධිය නැති කරන විට, අපි අපගේම කොටසක් ද මරා දමමු… අපි අපගේ ආරක්ෂාව අවදානමට ගනිමු.

    මගේ සැමියා සමඟ ආරවුලක් ඇති බව මට හැඟෙන සෑම විටම මම කාමරයෙන් පිටව ගියෙමි.

    කෝපයට ගෙන ආ හැකි සජීවී, ගතික ශක්තිය ඉතා පහසුවෙන් දත් මිරිකන අමනාපය, වර්ණ රහිත, පාෂාණමය හැඟීමක්, ප්‍රාණ පරිත්‍යාගයක් සහ දුක්ගැනවිලි, අවබෝධයට නොබිඳිය හැකිය. ඒ කෝපයට යටින් සැඟවී ඇති සියලු ආකාරයේ වැදගත් හැඟීම් ඇති විය හැකිය. එම කෝපය මුලින්ම දැනිය නොහැකි නම් වචනයක්වත් නොලැබේ.

    මෙය අවබෝධ කර ගැනීම (මගේ අත්දැකීම් අනුව) හොඳ සබඳතා සඳහා ඉතා වැදගත් වේ. මීට වසර කිහිපයකට පෙර, මගේ ස්වාමිපුරුෂයා සමඟ ආරවුලක් ඇති බව මට හැඟෙන සෑම විටම (ඔහුගේ කටහඬ නැඟෙන්නට පටන් ගත් විට හෝ මගේ පපුවේ ගැහෙන ගැස්මක් දැනුණු විට) මම කාමරයෙන් පිට වී දොර වසා ගත්තෙමි.

    මෙහි බරපතලකම මට අවබෝධ වීමට හේතු වූ එක් කරුණක් නම් මනෝ විශ්ලේෂක ජෝෂ් කොහෙන් සමඟ කළ සාකච්ඡාවකි. “ස්වාමිපුරුෂයා සමඟ අමනාප විය නොහැකි කාන්තාවක් ගැන මට ඇත්තේ වචන දෙකයි. “ටික් සහ ටොක්.”

    ඕනෑම ආදරණීය සම්බන්ධතාවයකදී  (මවක් වූ දා සිට මෙය වඩා පැහැදිලිව මා කිසි දිනෙක දැක නැත) ගැටුම් සහ කෝපය නොවැළැක්විය හැකි අතර පැවැත්ම සඳහා අත්‍යවශ්‍ය බව තේරුම් ගැනීමට එය මට උපකාරී විය.

    කාමරයෙන් පිටව ගොස් මේ තර්කවලට පදනම කපා හැරීමට උත්සාහ කිරීමේදී, ඇත්ත වශයෙන්ම මම මගේම කෝපයෙන් දොර වසා ගැනීමට උත්සාහ කළ බව මට තේරුම් ගැනීමට බොහෝ ප්‍රතිකාර අවශ්‍ය විය. මම මගේ ස්වාමිපුරුෂයාගේ මෙන්ම මගේම හැඟීම් හුස්ම හිරකරමින් සිටියෙමි. (සහ අපගේ සම්බන්ධතාවය) එය වාද කිරීමට, අපගේ අදහස් ප්‍රකාශ කිරීමට, එකිනෙකා තේරුම් ගැනීමට සහ නැවත එකට පැමිණීමට ඇති අවස්ථාව අපෙන් උදුරා ගත්තේය. ඔබට ඔබේ සහකරු සමඟ සැබවින්ම කෝපයක් දැනිය නොහැකි නම්, ඔබට අර්ථවත් ලෙස අලුත්වැඩියා කළ නොහැකි බව මම අවසානයේ තේරුම් ගත් විට එය පරිවර්තනයක් විය.

    මට දැන් මගේ ස්වාමිපුරුෂයා සමඟ කෝපයක් ඇති වී එය ප්‍රකාශ කිරීමට හැකි වුව ද, සාමාන්‍යයෙන් කෝපයක් දැනීමෙන් මම සැහැල්ලුවෙන් සිටින බව එයින් අදහස් නොවේ. මෙම කාර්යය බොහෝ දුරට සිදුවෙමින් පවතී. මගේ විශ්ලේෂකයාගේ වචන වලට සවන් දී, මගේ දෑස් බලහත්කාරයෙන් විවර කර, නොසන්සුන් බවක් පෙනුන නින්ද සමඟ සටන් කරන විට ඇගේ වචනවල සත්‍යය මට දැනුනි. මම නොදැනුවත්වම මගේ කෝපය නින්දට යවමි.

    අපි අවදි වන කාලය ආසන්නයි.

    ද ගාර්ඩියන් ඇසුරිණි

    සකස් කළේ – මධූ වික්‍රමසිංහ

  • ජනාධිපතිවරණයට එරෙහි නීතීඥ පෙත්සම – ඉදිරියට ගෙන යාමට පදනමක් නෑ – නීතිපති

    ජනාධිපතිවරණයට එරෙහි නීතීඥ පෙත්සම – ඉදිරියට ගෙන යාමට පදනමක් නෑ – නීතිපති

    19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අදාළව ජනමත විචාරණයකින් තොරව ජනාධිපතිවරණය නොපැවැත්විය යුතු බවට ප්‍රකාශ කරන ලෙස ඉල්ලා නීතීඥ අරුණ ලක්සිරි විසින් ගොනු කරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සමේ පැවැත්ම අභියෝගයට ලක් කරමින් නීතිපතිවරයා අද (15) මූලික විරෝධතා මතු කළේය.

    නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් කණිෂ්ක ද සිල්වා ශ්‍රේෂ්ඨාධිකරණයට දන්වා සිටියේ 2015 මැයි 15 වැනි දින කථානායකවරයා විසින් 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සහතික කළ බවත් එබැවින් මෙම පෙත්සම ඉදිරියට ගෙන යාමට නීතිමය පදනමක් නොමැති බවත්ය.

    මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම අගවිනිසුරු ජයන්ත ජයසූරිය, විනිසුරු අර්ජුන ඔබේසේකර සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන ශ්‍රේෂ්ඨාධිකරණ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ කැඳවූ අවස්ථාවේදී නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය මේ බව ප්‍රකාශ කළාය.

  • මෛත්‍රී පාස්කු ඉරිදා ප්‍රහාරයේ වන්දි ගෙවීම – ශ්‍රේෂ්ඨාධිකරණයේදී හෙළි වූ අලුත්ම කතාව

    මෛත්‍රී පාස්කු ඉරිදා ප්‍රහාරයේ වන්දි ගෙවීම – ශ්‍රේෂ්ඨාධිකරණයේදී හෙළි වූ අලුත්ම කතාව

    පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයෙන් විපතට පත් වූවන් සඳහා සම්පූර්ණ වන්දි මුදල ගෙවීමට වසර හයක කාලයක් ලබා දෙන ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබේ.

    මෛත්‍රීපාල සිරිසේන මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ ෆයිසර් මුස්තාපා මහතා ශ්‍රේෂ්ඨාධිකරණයට දන්වා සිටියේ තම සේවාදායකයා මේ වන විටත් විපතට පත්වූවන්ට රුපියල් මිලියන 58ක වන්දි මුදලක් ලබා දී ඇති අතර ඉතිරි රුපියල් මිලියන 42ක ඉදිරි වසර හය ඇතුළත ගෙවා දමන බවයි.

    2023 ජනවාරි 12 දිනැති සිය තීන්දුවෙන් ශ්‍රේෂ්ඨාධිකරණය එම සිදුවීම් සිදුවන අවස්ථාවේ ආරක්ෂක අමාත්‍ය ධුරය දැරූ හිටපු ජනාධිපති සිරිසේනට රුපියල් මිලියන 100ක වන්දියක් පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් විපතට පත්වූවන්ට ගෙවන ලෙස නියෝග කළේය.

    කෙසේ වෙතත්, එක් පෙත්සමක පෙත්සම්කරුවෙකු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ සංජීව ජයවර්ධන මහතා අධිකරණයට දන්වා සිටියේ හිටපු ජනාධිපති සිරිසේන මහතාට දිවුරුම් ප්‍රකාශය අනුව දේපළ 3ක් හිමිව තිබුණ ද එම මුදල ගෙවීමට ඔහු සැබෑ උත්සාහයක් ගෙන නොමැති බවයි.

    මේ අතර පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥයින් අධිකරණයට දන්වා සිටියේ පාස්කු ඉරිදා ප්‍රවාහරයෙන් විපතට පත්වූවන්ට රුපියල් මිලියන 75ක වන්දියක් ගෙවන ලෙස නියම කරනු ලැබ සිටින හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මේ දක්වා අදාළ වන්දි මුලදින් ගෙවා ඇත්තේ රු. මිලියන 1.9ක් පමණක් බවයි.

    ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළ මුළු වන්දි මුදල එවක ආරක්‍ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ හිටපු ජාතික බුද්ධි ප්‍රධානී සිසිර මෙන්ඩිස් විසින් ගෙවා ඇති බව ද ශ්‍රේෂ්ඨාධිකරණය දන්වා සිටියේය.

  • තායිලන්තය හෙට සිට ශ්‍රී ලාංකිකයින්ට වීසා රහිතව ඇතුළුවීමට අවසර දෙයි

    තායිලන්තය හෙට සිට ශ්‍රී ලාංකිකයින්ට වීසා රහිතව ඇතුළුවීමට අවසර දෙයි

    ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 93 ක සහ ප්‍රදේශවලින් පැමිණෙන සංචාරකයින් සඳහා හෙට (ජුලි 15) සිට වීසා රහිතව ඇතුළුවීමට අවසර ලබා දෙන බව තායිලන්තයේ අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය පවසයි.

    තායිලන්තයේ අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය විසින් ප්‍රකාශයට පත් කරන ලද නව ප්‍රතිපත්තිය, වීසා රහිත රැඳී සිටීම දින 30 සිට 60 දක්වා දීර්ඝ කර ඇත. නමුත් තායිලන්තයට පැමිණෙන අමුත්තන්ට අරමුදල්, නවාතැන් සහ ආපසු පැමිණීමේ හෝ ඉදිරි ටිකට්පත් පිළිබඳ සාක්ෂි තිබිය යුතු අතර ගුවන්තොටුපළවල ආගමන විගමන නිලධාරීන්ගේ අභිමතය පරිදි ඇතුල්වීම පවතී.

    තායිලන්තයේ අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශිකා ට්‍රේසුරී ටයිසරනාකුල් පවසන පරිදි මෙම වෙනස සංචාරකයින්ට සහ කෙටි කාලීන ව්‍යාපාරික සංචාරකයින්ට ප්‍රයෝජනවත් වනු ඇත. පැමිණීමෙන් පසු වීසා බලපත්‍ර සඳහා සුදුසුකම් ලබන රටවල් සංඛ්‍යාව 31 දක්වා වැඩි වනු ඇත. තායිලන්තය වෙත මේ වසරේ විදේශ පැමිණීම් සියයට 35කින් ඉහළ ගොස් ඇති අතර, මුළු සංචාරකයින් සංඛ්‍යාව මිලියන 18.2 කි. මේ හරහා ඇමරිකානු ඩොලර් බිලියන 24ක් උපයා ඇත. 2024 දී චීනය, මැලේසියාව සහ ඉන්දියාව විශාලතම සංචාරක ප්‍රභවයන් වී ඇති අතර වාර්ෂිකව ශ්‍රී ලාංකිකයන් 350,000ක් පමණ තායිලන්තයට ගමන් කරයි.

    එසේම, තායිලන්තය ජුලි 15 වෙනිදා ගමනාන්ත තායිලන්ත වීසා (DTV) හඳුන්වා දෙනු ඇති අතර ඩිජිටල් නාමිකයන්, නිදහස් සේවකයින් සහ ඉවුම් පිහුම් සහ සටන් කලාව වැනි කුසලතා ඉගෙන ගැනීමට අපේක්ෂා කරන අය මෙහිදී  ඉලක්ක කර ගනී.

    මෙම වීසා බලපත්‍රය දින 180ක් දක්වා රැඳී සිටීමට ඉඩ ලබා දෙන අතර එය වසර පහක් සඳහා වලංගු වේ. අයදුම්කරුවන් තම රටේ තායි තානාපති කාර්යාලයේ DTV සඳහා ඉල්ලුම් කළ යුතුය. එපමණක් නොව, තායිලන්තයේ උපාධියක් හෝ ඊට වැඩි උපාධියක් ලබා ගන්නා සිසුන්ට රැකියාවක් සෙවීමට, සංචාරය කිරීමට හෝ පර්යේෂණ කිරීමට වසරක පශ්චාත් උපාධියක් මත එහි රැඳී සිටීමට ද අවසර ලැබේ.

    වීසා බලපත්‍රයක් නොමැතිව ශ්‍රී ලාංකිකයින්ට තායිලන්තයට යාමට හැකි පළමු අවස්ථාව මෙයයි. තායි පුරවැසියන්ට දැනටමත් ඩොලර් 10 සැකසුම් ගාස්තුවකට යටත්ව වීසා රහිතව ශ්‍රී ලංකාවට පැමිණිය හැකිය.

  • ආණ්ඩුව ගැන ජනතා විශ්වාසය තුන් ගුණයකින් ඉහළට ! නවමතම සමීක්ෂණ වාර්තාව මෙන්න

    ආණ්ඩුව ගැන ජනතා විශ්වාසය තුන් ගුණයකින් ඉහළට ! නවමතම සමීක්ෂණ වාර්තාව මෙන්න

    Gallup style ‘Mood of the Nation’ නවතම මත විමසුමට අනුව රජයේ ප්‍රතිපත්ති අනුමත කරන ජනතාවගේ (සමීක්ෂණයට ලක් වූ) ප්‍රතිශතය 2024 පෙබරවාරි මාසයේදී 7% සිට ජූලි මාසයේදී 24% දක්වා තුන් ගුණයකින් වැඩි වී ඇති බව Verité Research පවසයි.

    “වර්තමාන ආර්ථික තත්ත්වය ප්‍රතිචාර දැක්වූවන්ගෙන් 28%ක් විසින් “හොඳ” හෝ “විශිෂ්ට” ලෙස ශ්‍රේණිගත කර ඇති අතර, එය 2024 පෙබරවාරි මාසයේ 9% සිට තුන් ගුණයක වැඩිවීමක් සනිටුහන් කර ඇත. රටේ ආර්ථික තත්ත්වය “යහපත් වෙමින් පවතී” යැයි විශ්වාස කරන පුද්ගලයින්ගේ කොටස ප්‍රතිචාර දැක්වූවන්ගෙන් 30%ක් වන අතර එය 2024 පෙබරවාරියේ 9%ක් විය.

    Verite Research පවසන්නේ 2024 ජුලි මාසයේ ධනාත්මක බව 2023 ජූනි මාසයට වඩා සමාන මට්ටමක හෝ මඳක් වැඩි වන අතර එය 2022 ජනවාරි සිට වාර්තා වූ ඉහළම මට්ටම බවයි.

    “රජයේ අනුමැතිය ශ්‍රේණිගත කිරීම | 24% | වත්මන් රජය ක්‍රියා කරන ආකාරය ඔබ අනුමත කරනවාද ප්‍රතික්ෂේප කරනවාද?” යන ප්‍රශ්නයට ප්‍රතිචාර දැක්වූවන්ගෙන් 24%ක් කියා සිටියේ තමන් අනුමත කරන බවයි (± 2.73% ක දෝෂ ආන්තිකයක් සහිතව) අනුමත ශ්‍රේණිගත කිරීම 2023 ජුනි මාසයට වඩා වැඩි විය.

    ආර්ථික කොන්දේසි ශ්‍රේණිගත කිරීම | “හොඳ” හෝ “විශිෂ්ට”: 28% | “අද රටේ ආර්ථික තත්ත්වය විශිෂ්ට, හොඳ හෝ දුප්පත් ලෙස ශ්‍රේණිගත කරන්නැයි විමසූ විට, 28% එය “හොඳ” හෝ “විශිෂ්ට” (± 2.87% ක දෝෂ ආන්තිකයක් සහිතව) කියා ඇත. මෙය 2023 ජුනි මාසයට (27%) සමාන විය.

    ආර්ථික ඉදිරි දැක්ම | “යහපත් වෙමින්”: 30% |“රටේ සමස්තයක් ලෙස ආර්ථික තත්ත්වය යහපත් වෙමින් හෝ නරක අතට හැරේ යැයි ඔබ සිතනවාද?” යන ප්‍රශ්නයට, ප්‍රතිචාර දැක්වූවන්ගෙන් 30%ක් විශ්වාස කළේ ආර්ථිකය “යහපත්” වෙමින් පවතින බවයි. දෝෂ ආන්තිකය ± 2.91%). මෙය 2023 ජුනි මාසයට සමාන වන අතර එය 29% කි.

    ඩේලි මිරර් ඇසුරිණි

  • සැබෑ විප්ලවය යනු කුමක්දැයි ජනපති කියා දෙයි

    සැබෑ විප්ලවය යනු කුමක්දැයි ජනපති කියා දෙයි

    • පසුගිය වසර දෙක තුළ දේශපාලනයෙන් තොරව වැඩ කළ නිසා රටට ජයග්‍රහණ රැසක් ලබා දීමට හැකි වුණා – මහවැලි එච් සහ හුරුළුවැව කලාප දෙකෙහි මහවැලි කොට්ඨාශ 09ක 4012 දෙනෙකුට සින්නක්කර ඔප්පු ප්‍රදානය කිරීමේ උත්සවයේ දී ජනපති පවසයි.

    සැබෑ විප්ලව යනු මිනිසුන් මරා දැමීම හෝ ගෙවල් ගිනි තැබීම නොව ජනතාව‍ට ආඩම්බරයෙන් ඉදිරියට යා හැකි පසුබිමක් රට තුළගොඩනඟා දීම බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

    “උරුමය” වැඩසටහන මඟින් මෙරට ජනතාවට එම පසුබිම උදා කරදීමට හැකි වී ඇති බව පෙන්වා දුන් ජනාධිපතිවරයා සැබෑ සමාජවාදී වැඩපිළිවෙළ ජනගත කෙරෙන උරුමය වැඩසටහන සමඟ දේශපාලනයෙන් තොරව සියලුදෙනා එක්විය යුතු බවද පැවසීය.

    ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ තඹුත්තේගම මහවැලි ක්‍රීඩාංගණයේදී ඊයේ (13) පැවති උරුමය සින්නක්කර ඉඩම් ඔප්පු ප්‍රදානෝත්සවයට එක්වෙමිනි.

    අනුරාධපුර දිස්ත්‍රික්කයේ මහවැලි එච් සහ හුරුළුවැව යන කලාප දෙකෙහි මහවැලි කොට්ඨාශ 09ක 4012 දෙනෙකුට සින්නක්කර ඉඩම් ඔප්පු ප්‍රදානය කිරීම මෙහිදී සිදු විය.

    ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතින් සංකේතාත්මකව ඉඩම් ඔප්පු 47ක් ප්‍රදානය කෙරිණ.

    මෙහිදී අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් මෙසේද පැවසීය,

    මම මීට වසර 50කට පෙර 1974 වසරේදී වරක් මෙම තඹුත්තේගම ප්‍රදේශයට පැමිණියා. එවකට මෙහි සිටි වාමාංශික පෙරමුණේ මන්ත්‍රී රත්නමලාන මැතිතුමාගේ මරණයෙන් පසු ඒ සඳහා ඉදිරිපත්වීමට බණ්ඩාරනායක පවුල ඇතුළේ ගැටළුවක් පැන නැඟුණා. අනුර බණ්ඩාරනායක කිව්වා එතුමා ඉදිරිපත් වෙනවා කියලා. විපක්ෂ නායක ජේ.ආර්. ජයවර්ධන මැතිතුමාගෙන් ඇහුවා සහාය ලබා දෙනවද කියලා. ජේ.ආර්. ජයවර්ධන මැතිතුමා එම අවස්ථාවෙම ඔව් කියා ප්‍රකාශ කළා. එවිට චන්ද්‍රිකා මැතිණිය සහ විජය කුමාරතුංග මහත්මයා ඊට විරුද්ධ වුණා. අවසානයේ බණ්ඩාරනායක මැතිණිය රත්නමලාන මැතිතුමාගේ පුතා ඉදිරිපත් කළා. එක්සත් ජාතික පක්ෂයෙන් අධිකාරි මැතිතුමා ඉදිරිපත් කර අප අතුරු මැතිවරණය සඳහා මෙම පළාතට පැමිණියා.

    එදා මේ පළාත්වල කිසිදු දියුණුවක් තිබුණේ නැහැ. මින් වසර 10කට පසු 1984 වසරේ මම නැවත තඹුත්තේගමට පැමිණියා. ඒ වන විට අපි ආණ්ඩුවක් ගොඩනඟා තිබු අතර ගාමිණි දිසානායක ඇමතිතුමාගේ නියෝජ්‍ය ඇමතිවරයා ලෙස අධිකාරි මැතිතුමා පත් කර තිබුණා. ගාමිණි දිසානායක මහතා මහවැලි එච් කලාපය එතුමාට භාර දුන්නා. එදා අප සියලුදෙනාගේ සහාය ලබාගෙන එය දියුණු කිරීමට එතුමා කටයුතු කළා.

    මහවැලි සංවර්ධන වැඩපිළිවෙළ යටතේ කලාවැව ප්‍රදේශයේ ප්‍රධාන නගරය ලෙස තඹුත්තේගම නව නගරය ගාමිණි දිසානායක මැතිතුමා විසින් විවෘත කළා. මධ්‍ය මහා විද්‍යාලය, නව බස් නැවතුම්පොළ, අංග සම්පූර්ණ රෝහල, උප දිසාපති කාර්යාලය සහ වෙළෙඳ සැල් එදා ආරම්භ කළා.

    මම අධ්‍යාපන ඇමතිවරයා ලෙස ඊට සහභාගී වු අතර එම්.එච්. මොහොමඩ් මහතා ප්‍රවාහන අමාත්‍යවරයා ලෙසත්, රංජිත් අතපත්තු මහතා සෞඛ්‍ය ඇමතිවරයා ලෙසත් ඊට සහභාගී වූණා. ඊට පෙර අධිකාරි මහතා කළ ඉල්ලීම පරිදි තඹුත්තේගම මහා විද්‍යාලයට උසස් පෙළ අධ්‍යාපනය ලබාදීමට මම කටයුතු කළා. ඒ වගේම අලුතින් ගොඩනැගිල්ලක් ලබාදීමට ද කටයුතු කළා.

    අද තඹුත්තේගම ඉතා දියුණු නගරයක් බවට පත්ව තිබෙනවා. මම 1984 මෙම පළාතට පැමිණෙන විට මගේ මිත්‍ර අනුර දිසානායක මන්ත්‍රීතුමා එම පාසලේ සිටියා. අප එම විද්‍යාලයට උසස් පෙළ අධ්‍යාපනය ලබා දුන් නිසා එතුමාට උසස් පෙළ විභාගය සමත් වී, පසුව අප අලුතින් ඇති කළ කැළණිය විශ්වවිද්‍යාලයට ද ගොස් සාර්ථක වී දැන් අප සමග පාර්ලිමේන්තුවේ එකට වැඩ කිරීමට අවස්ථාව ලැබී තිබෙනවා.

    එදා ධවල පත්‍රිකාව ඉදිරිපත් කළ අවස්ථාවේ ජනතා විමුක්ති පෙරමුණේ විශාල විරෝධයක් එල්ල වුණා. කෙසේ හෝ මෙම ධවල පත්‍රිකාවෙන් බිහි වූ එතුමා අද ජනාධිපති අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වීම පිළිබඳ මම ආඩම්බර වෙනවා. මෙයින් පෙනී යන්නේ අධ්‍යාපන ක්‍රමයේ සාර්ථකත්වයයි.

    අද මම පැමිණි අවස්ථාවේ විදුහල්පතිතුමා සඳහන් කළා තවම පාසලේ සම්පත් ප්‍රමාණවත් නැහැ කියලා. ඒ නිසා තඹුත්තේගම විද්‍යාලයට නව ගොඩනැඟිල්ලක් ලබා දීමට කටයුතු කරනවා. අප මෙම පළාත්වල විශාල දියුණුවක් ඇති කර පසුව එය ඉදිරියට ගෙන ආවා. වාරිමාර්ග ඇමතිවරු, මහවැලි ඇමතිවරු මේ පළාතෙන් බිහි වුණා.

    අනුර දිසානායක මැතිතුමා සහ මම පාර්ලිමේන්තුවේ එකට වැඩකටයුතු කළත් අපේ දේශපාලනය වෙනස්. ඒ බව මීට දින කිහිපයකට පෙර එතුමා පාර්ලිමේන්තුවේ ප්‍රකාශ කළා. එතුමා කිව්වා මේ දේශපාලනයේ ගේම් කාරයා මහින්ද රාජපක්ෂ කියලා. ඒක මට ප්‍රශ්නයක් නොවෙයි. එතුමා රාජපක්ෂවාදියෙකු වීම මට ප්‍රශ්නයක් නොවෙයි. ආණ්ඩුවේ රාජපක්ෂවාදීන් ඕනතරම් ඉන්නවා. ඒ වගේම එක්සත් ජාතික පක්ෂවාදීන් සිටිනවා. ඒ වගේම අනිත් පක්ෂවල අයත් සිටිනවා. අප සියලුදෙනා එකට වැඩ කළයුතුයි.

    මට මතකයි චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිණිය ජනාධිපති ධූරය අතහරින අවස්ථාවේ අනුර බණ්ඩාරනායක මහත්මයාට එය ලබාදීමට සිටියා. එහිදී අනුර දිසානායක මන්ත්‍රිතුමන්ලා නිර්භීතව ඉදිරියට පැමිණ පැවසුවා මහින්ද රාජපක්ෂ මහත්මයාට එය ලබා දෙන්න කියලා. මැතිවරණයේදී එතුමා වෙනුවෙන් වැඩ කළා. එය මට ගැටළුවක් නොවෙයි. අද අප සියලුදෙනා එකතුවෙලා සිටින්නේ දේශපාලනයකින් තොරවයි. රාජපක්ෂවාදින්ද, එක්සත් ජාතික පක්ෂ වාදීන්ද කියා ප්‍රශ්නයක් නැහැ. අප සියලුදෙනා එකතු වෙලා වැටුණු රට ගොඩගත්තා. අද ඇමරිකාව ප්‍රකාශ කර තිබෙනවා ලංකාව වගේ වැටුණු තැනින් වේගයෙන් ඉදිරියට පැමිණි වෙනත් රටක් නැහැ කියලා. අනෙක් රටවල් මෙය ආදර්ශයට ගත යුතුයි කියලා.

    මීට වසර දෙකකට පෙර මේ රටේ දේශපාලන ක්‍රමය කඩා වැටුණා. කොයි රටේද අගමැතිකම හිඟමනේ යන්නේ. දින 03ක් අගමැතිවරයෙක් සෙව්වා. දේශපාලනයේදී එය සිදු විය නොහැකියි. ඒ වගේම කොයි රටේ ද තනි ආසනයක් තිබෙන කෙනෙක් ජනාධිපතිවරයා වෙන්නේ. මෙම බිඳ වැටුණු දේශපාලන ක්‍රමය මත අද අප සියලුදෙනා එකතුවෙලා රටේ ආර්ථිකය ස්ථාවර මට්ටමකට ගෙනවිත් තිබෙනවා. දේශපාලනයෙන් තොරව වැඩ කළ නිසා එම ජයග්‍රහණය ලබා ගැනීමට හැකි වුණා.

    ඊට පෙර අප අතර විවිධ දේශපාලන ගැටුම් තිබුණා. නමුත් රට වැටෙනකොට එහෙම කරන්න බැහැ. එම අවස්ථාවේ අප එකතු වන්නේ නැත් නම් අපට දේශපාලනය කරන්න රටක් ඉතිරි වන්නේ නැහැ. පසුගිය වසර දෙකේ ජනතාව වෙනුවෙන් සහන ලබාදීමට අප කටයුතු කළා. මේ බංකොළොත් වූ රටේ සමෘද්ධිය වෙනුවට ඒ වගේ තුන් ගුණයක් වැඩිකර අස්වැසුම ලබා දුන්නා. ඒ වගේම රජයේ සේවකයන්ට රුපියල් දස දහසක දීමනාවක් ලබා දුන්නා. 2015 වසරේ මම අගමැතිවරයා ලෙස වැටුප් වැඩි කිරීමක් සිදු කළාට පසුව පළමු වතාවටයි එම දීමනාව හිමි වුණේ. ඒ වගේම ගොවි ජනතාවට අවශ්‍ය පොහොර ප්‍රමාණය ලබා දීලා අද රටේ කෘෂිකර්මාන්තය ඉදිරියට ගෙනැවිත් තිබෙනවා.

    පසුගිය ආර්ථික අර්බුද හමුවේ රටේ සියලු ජනතාව පීඩාවට පත් වුණා. දැන් රටේ ආර්ථිකය ගොඩනැගෙන විට ඔවුන්ව අමතක කරන්න බැහැ. මේ පළාතේ ගොවි ජනතාව අපට පසුගිය කන්නවලදී හොඳ අස්වැන්නක් ලබා දුන්නා.

    ඒ නිසා තමයි අපට ආර්ථිකය ශක්තිමත් කරගෙන ඉදිරියට පැමිණීමට හැකියාව ලැබුණේ. එම ජනතාවට කෘතගුණ සැලකීමක් ලෙස අද අප සින්නක්කර ඉඩම් අයිතිය ලබාදීමේ වැඩසටහන ක්‍රියාත්මක කර තිබෙනවා. මෙය විප්ලවීය පියවරක්. මෙයයි නියම සමාජවාදය. අප ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී රටක්. ඒ නිසා අයිතිය ලබා දිය යුතුයි. චීනයත් සමාජවාදය අනුව ආර්ථිකය දියුණු කර ජනතාවගේ අතට ආදායම් ලබා දුන්නා.

    රට තුළ අපනයන ආර්ථිකයක් ඇති කිරීමේ වැඩපිළිවෙළ අප දැන් ක්‍රියාත්මක කර තිබෙනවා. මේ සියල්ල තුළින් සිදුවන්නේ ජනතාවට අයිතිය ලබා දීමයි. මීට වඩා සමාජවාදයක් සහ විප්ලවයක් නැහැ. විප්ලව කියන්නේ මිනිස්සු මරා දැමීම, පන්සලේ සිටින ස්වාමීන්වහන්සේට වෙඩි තැබීම හෝ ගෙවල් ගිනි තැබීම නොවෙයි. මෙයය නියම විප්ලවය. උරුමය වැඩසටහන හරහා මේ රටේ ලක්ෂ 20ක ජනතාවට ඉඩම් අයිතිය හිමි වෙනවා. මෙම අයිතිය ලබාගෙන ආඩම්බරයෙන් ඉදිරියට යන ලෙස මම ජනතාවගෙන් ඉල්ලනවා. මෙය ඔබේ විමුක්තියයි. දැන් ඔබට නිලධාරින් පසුපස යාමට අවශ්‍ය වන්නේ නැහැ. ඒ නිසා මෙම වැඩපිළිවෙළ දේශපාලනයෙන් තොරව ඉදිරියට ගෙන යමු කියා මම සියලුදෙනාට ආරාධනා කරනවා.

  • 2024 ජනාධිපති ශිෂ්‍යත්ව වැඩසටහන යටතේ ශිෂ්‍යත්ව 116,000ක්

    2024 ජනාධිපති ශිෂ්‍යත්ව වැඩසටහන යටතේ ශිෂ්‍යත්ව 116,000ක්

    • අ.පො.ස (උ/පෙළ) සිසුන්ට ශිෂ්‍යත්ව පිරිනැමීමට රුපියල් මිලියන 824ක්.
    • 1 ශ්‍රේණියේ සිට 11 වන ශ්‍රේණිය දක්වා සිසුන් ලක්ෂයකට ශිෂ්‍යත්ව පිරිනැමීමට රුපියල් මිලියන 3600ක්.
    • ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා සහ සීල මාතාවන් වෙනුවෙන් පිරිනමනු ලබන ශිෂ්‍යත්ව වැඩසටහනට රුපියල් මිලියන 288ක්.
    • අ.පො.ස (උ/පෙළ) තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විෂයය හදාරන ශිෂ්‍ය ශිෂ්‍යාවන් වෙනුවෙන් රුපියල් මිලියන 720ක්.
    • ශිෂ්‍යත්ව සඳහා තවදුරටත් ඉල්ලුම් කර නොමැති පාසල් කඩිනමින් ඉල්ලුම් කරන්න – ජනාධිපති අරමුදල.

    දැයේ දූ දරුවන්ගේ අධ්‍යාපනය නඟා සිටුවීම වෙනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක ” ජනාධිපති ශිෂ්‍යත්ව 2024 ” වැඩසටහන යටතේ 2024 වර්ෂය සඳහා ශිෂ්‍යත්ව 116,000ක් පිරිනැමීමට නියමිතව ඇත.

    අ.පො.ස උසස් පෙළ හදාරන ශිෂ්‍ය ශිෂ්‍යාවන් 6000 වෙනුවෙන් මාසයකට රුපියල් 6000/- බැගින් මාස 24 ක කාලයක් සඳහා ලබා දෙනු ලබන ශිෂ්‍යත්ව වැඩසටහන සඳහා රුපියල් මිලියන 824ක් වෙන් කර තිබෙන අතර 1 ශ්‍රේණියේ සිට 11 වන ශ්‍රේණිය දක්වා සිසුන් 100,000ක් වෙනුවෙන් මසකට රුපියල් 3000/- බැගින් මාස 12ක කාලයක් සඳහා ලබා දෙනු ලබන ශිෂ්‍යත්ව වැඩසටහන සඳහා වෙන් කර ඇති මුදල රුපියල් මිලියන 3600කි.

    පිරිවෙන් හා සීලමාතා අධ්‍යාපන ආයතන වල ඉගෙනුම ලබන ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා, සීල මාතාවන් හා ගිහි ශිෂ්‍යයන් වෙනුවෙන් පිරිනමනු ලබන ශිෂ්‍යත්ව වැඩසටහන වෙනුවෙන් රුපියල් මිලියන 288ක් ද, අ.පො.ස (උ/පෙළ) තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය විෂයයක් ලෙස හදාරන ශිෂ්‍ය ශිෂ්‍යාවන් වෙනුවෙන් විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව සහ ජනාධිපති අරමුදල ඒකාබද්ධව පිරිනමනු ලබන ශිෂ්‍යත්ව වැඩසටහන සඳහා රුපියල් මිලියන 720ක් ද වෙන් කර තිබේ.

    ඒ අනුව දැනට ක්‍රියාත්මක වන ශිෂ්‍යත්ව වැඩසටහන් වලට අමතරව මෙම ශිෂ්‍යත්ව වැඩසටහන් සඳහා රුපියල් මිලියන 5000 කට අධික මුදලක් ශිෂ්‍ය ශිෂ්‍යාවන් වෙනුවෙන් ලබා දීමට නියමිතව ඇත.

    ඒ අනුව මෙම අවස්ථාවේදී අ.පො.ස උසස් පෙළ සිසුන් සහ 1 ශ්‍රේණියේ සිට 11 වන ශ්‍රේණිය දක්වා ළමුන් වෙනුවෙන් ක්‍රියාත්මක කරනු ලබන ශිෂ්‍යත්ව වැඩසටහන් දෙක යටතේ, කොළඹ දිස්ත්‍රික්කයේ අධ්‍යාපන කලාප 04ක අ.පො.ස උසස් පෙළ සිසුන් 242ක් සහ 1 ශ්‍රේණියේ සිට 11 වන ශ්‍රේණිය දක්වා සිසුන් 4866ක් වෙනුවෙන් ද, ගම්පහ දිස්ත්‍රික්කයේ අධ්‍යාපන කලාප 04ක අ.පො.ස උසස් පෙළ සිසුන් 240ක් සහ 1 ශ්‍රේණියේ සිට 11 වන ශ්‍රේණිය දක්වා සිසුන් 6234ක් වෙනුවෙන් ද, කලුතර දිස්ත්‍රික්කයේ අධ්‍යාපන කලාප 03ක අ.පො.ස උසස් පෙළ සිසුන් 180ක් සහ 1 ශ්‍රේණියේ සිට 11 වන ශ්‍රේණිය දක්වා සිසුන් 4390ක් වෙනුවෙන් ද,

    යාපනය දිස්ත්‍රික්කයේ අධ්‍යාපන කලාප 05ක අ.පො.ස උසස් පෙළ සිසුන් 300ක් සහ 1 ශ්‍රේණියේ සිට 11 වන ශ්‍රේණිය දක්වා සිසුන් 3544ක් වෙනුවෙන් ද, මන්නාරම දිස්ත්‍රික්කයේ අධ්‍යාපන කලාප 02ක අ.පො.ස උසස් පෙළ සිසුන් 120ක් සහ 1 ශ්‍රේණියේ සිට 11 වන ශ්‍රේණිය දක්වා සිසුන් 1030ක් වෙනුවෙන් ද, වවුනියා දිස්ත්‍රික්කයේ අධ්‍යාපන කලාප 02ක අ.පො.ස උසස් පෙළ සිසුන් 120ක් සහ 1 ශ්‍රේණියේ සිට 11 වන ශ්‍රේණිය දක්වා සිසුන් 1298ක් වෙනුවෙන් ද, මුලතිව් දිස්ත්‍රික්කයේ අධ්‍යාපන කලාප 02ක අ.පො.ස උසස් පෙළ සිසුන් 120ක් සහ 1 ශ්‍රේණියේ සිට 11 වන ශ්‍රේණිය දක්වා සිසුන් 1028ක් වෙනුවෙන් ද, කිලිනොච්චි දිස්ත්‍රික්කයේ අධ්‍යාපන කලාප 02ක අ.පො.ස උසස් පෙළ සිසුන් 120ක් සහ 1 ශ්‍රේණියේ සිට 11 වන ශ්‍රේණිය දක්වා සිසුන් 956ක් වෙනුවෙන් ද,

    කුරුණෑගල දිස්ත්‍රික්කයේ අධ්‍යාපන කලාප 06ක අ.පො.ස උසස් පෙළ සිසුන් 364ක් සහ 1 ශ්‍රේණියේ සිට 11 වන ශ්‍රේණිය දක්වා සිසුන් 8392ක් වෙනුවෙන් ද, පුත්තලම දිස්ත්‍රික්කයේ අධ්‍යාපන කලාප 02ක අ.පො.ස උසස් පෙළ සිසුන් 120ක් සහ 1 ශ්‍රේණියේ සිට 11 වන ශ්‍රේණිය දක්වා සිසුන් 4046ක් වෙනුවෙන් ද,

    මඩකලපුව දිස්ත්‍රික්කයේ අධ්‍යාපන කලාප 05ක අ.පො.ස උසස් පෙළ සිසුන් 300ක් සහ 1 ශ්‍රේණියේ සිට 11 වන ශ්‍රේණිය දක්වා සිසුන් 3436ක් වෙනුවෙන් ද, අම්පාර දිස්ත්‍රික්කයේ අධ්‍යාපන කලාප 07ක අ.පො.ස උසස් පෙළ සිසුන් 420ක් සහ 1 ශ්‍රේණියේ සිට 11 වන ශ්‍රේණිය දක්වා සිසුන් 4340ක් වෙනුවෙන් ද, ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ අධ්‍යාපන කලාප 05ක අ.පො.ස උසස් පෙළ සිසුන් 300ක් සහ 1 ශ්‍රේණියේ සිට 11 වන ශ්‍රේණිය දක්වා සිසුන් 2972ක් වෙනුවෙන් ද,

    බදුල්ල දිස්ත්‍රික්කයේ අධ්‍යාපන කලාප 06ක අ.පො.ස උසස් පෙළ සිසුන් 360ක් සහ 1 ශ්‍රේණියේ සිට 11 වන ශ්‍රේණිය දක්වා සිසුන් 5410ක් වෙනුවෙන් ද, මොණරාගල දිස්ත්‍රික්කයේ අධ්‍යාපන කලාප 04ක අ.පො.ස උසස් පෙළ සිසුන් 240ක් සහ 1 ශ්‍රේණියේ සිට 11 වන ශ්‍රේණිය දක්වා සිසුන් 2994ක් වෙනුවෙන් ද,

    රත්නපුර දිස්ත්‍රික්කයේ අධ්‍යාපන කලාප 04ක අ.පො.ස උසස් පෙළ සිසුන් 240ක් සහ 1 ශ්‍රේණියේ සිට 11 වන ශ්‍රේණිය දක්වා සිසුන් 5642ක් වෙනුවෙන් ද,කෑගල්ල දිස්ත්‍රික්කයේ අධ්‍යාපන කලාප 03ක අ.පො.ස උසස් පෙළ සිසුන් 180ක් සහ 1 ශ්‍රේණියේ සිට 11 වන ශ්‍රේණිය දක්වා සිසුන් 4524ක් වෙනුවෙන් ද,

    මහනුවර දිස්ත්‍රික්කයේ අධ්‍යාපන කලාප 06ක අ.පො.ස උසස් පෙළ සිසුන් 360ක් සහ 1 ශ්‍රේණියේ සිට 11 වන ශ්‍රේණිය දක්වා සිසුන් 6472ක් වෙනුවෙන් ද, මාතලේ දිස්ත්‍රික්කයේ අධ්‍යාපන කලාප 04ක අ.පො.ස උසස් පෙළ සිසුන් 240ක් සහ 1 ශ්‍රේණියේ සිට 11 වන ශ්‍රේණිය දක්වා සිසුන් 2894ක් වෙනුවෙන් ද,නුවරඑළිය දිස්ත්‍රික්කයේ අධ්‍යාපන කලාප 05ක අ.පො.ස උසස් පෙළ සිසුන් 300ක් සහ 1 ශ්‍රේණියේ සිට 11 වන ශ්‍රේණිය දක්වා සිසුන් 4940ක් වෙනුවෙන් ද,

    ගාල්ල දිස්ත්‍රික්කයේ අධ්‍යාපන කලාප 04ක අ.පො.ස උසස් පෙළ සිසුන් 240ක් සහ 1 ශ්‍රේණියේ සිට 11 වන ශ්‍රේණිය දක්වා සිසුන් 4410ක් වෙනුවෙන් ද, මාතර දිස්ත්‍රික්කයේ අධ්‍යාපන කලාප 04ක අ.පො.ස උසස් පෙළ සිසුන් 240ක් සහ 1 ශ්‍රේණියේ සිට 11 වන ශ්‍රේණිය දක්වා සිසුන් 3644ක් වෙනුවෙන් ද, හම්බන්තොට දිස්ත්‍රික්කයේ අධ්‍යාපන කලාප 03ක අ.පො.ස උසස් පෙළ සිසුන් 180ක් සහ 1 ශ්‍රේණියේ සිට 11 වන ශ්‍රේණිය දක්වා සිසුන් 3330ක් වෙනුවෙන් ද,

    අනුරාධපු දිස්ත්‍රික්කයේ අධ්‍යාපන කලාප 05ක අ.පො.ස උසස් පෙළ සිසුන් 300ක් සහ 1 ශ්‍රේණියේ සිට 11 වන ශ්‍රේණිය දක්වා සිසුන් 5360ක් වෙනුවෙන් ද, පොළොන්නරුව දිස්ත්‍රික්කයේ අධ්‍යාපන කලාප 03ක අ.පො.ස උසස් පෙළ සිසුන් 177ක් සහ 1 ශ්‍රේණියේ සිට 11 වන ශ්‍රේණිය දක්වා සිසුන් 2456ක් වෙනුවෙන් ද මෙම ශිෂ්‍යත්ව පිරිනැමේ.

    පාසල් මට්ටමින් මෙම ශිෂ්‍යත්ව ලබා දීම සඳහා තෝරා ගෙන ඇති සියලු සිසුන් සඳහා ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීමට ජනාධිපති අරමුදල විසින් කටයුතු සිදු කරනු ඇත. සෑම පාසලකටම එම පාසලේ අධ්‍යාපනය ලබන ශිෂ්‍ය සංඛ්‍යාව පදනම් කරගෙන යම් ශිෂ්‍යත්ව ප්‍රමාණයක් හිමි වන අතර එම ශිෂ්‍ය සංඛ්‍යාවන් පිළිබඳව කලාප අධ්‍යාපන කාර්යාලයෙන් විස්තර ලබා ගත හැකි අතර මෙතෙක් ශිෂ්‍යත්ව සඳහා ඉල්ලීම් කර නොමැති පාසල් ලැයිස්තුවද කලාප අධ්‍යාපන කාර්යාල වෙත ලබා දි ඇත. එබැවින් යම් පාසලක් මෙතෙක් ශිෂ්‍යත්ව සඳහා ඉල්ලුම් කර නොමැති නම් කඩිනමින් ඒ සඳහා අවශ්‍ය ඉල්ලීම් සිදු කරන ලෙස ජනාධිපති අරමුදල ඉල්ලා සිටියි.

    ඒ අනුව දැනට ක්‍රියාත්මක වන ඉහත ශිෂ්‍යත්ව වැඩසටහන් දෙකට අමතරව පිරිවෙන් හා සීලමාතා අධ්‍යාපන ආයතන වල ඉගෙනුම ලබන ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා වෙනුවෙන් ශිෂ්‍යත්ව 5000ක් පිරිනැමීමේ ශිෂ්‍යත්ව ප්‍රදානෝත්සවය ඉදිරි දින වලදී ජනාධිපති ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් කොළඹදී පැවැත්වීමට නියමිතව ඇත.

  • ට්‍රම්ප් ඝාතන තැත: ට්‍රම්ප් නූලෙන් බේරෙයි – බිඩෙන්ට සහ FBI ප්‍රධානියාට බරපතළ චෝදනා

    ට්‍රම්ප් ඝාතන තැත: ට්‍රම්ප් නූලෙන් බේරෙයි – බිඩෙන්ට සහ FBI ප්‍රධානියාට බරපතළ චෝදනා

    ඇමෙරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පෙන්සිල්වේනියාවේ පැවති ජන රැලියක් අමතමින් සිටියදී අද (14) උදෑසන වෙඩි ප්‍රහාරයකට ලක්ව ඇති අතර ඔහුට කිසිම අනතුරක් නැතැයි වාර්තා වේ.

    ප්‍රහාරය එල්ල වීමට පෙර ඔහු සිනහවෙන් හා ඔහුගේ දකුණු කනට අතක් ඔසවන අයුරු දර්ශනවල දැක්විණි.

    ප්‍රහාරය සමග වහාම ක්‍රියාත්මක වූ ආරක්ෂක අංශ ට්‍රම්ප් ආරක්ෂා සහිතව වේදිකාවෙන් ඉවත් කර ගෙන මෝටර් රථයක් වෙත ගෙන ගියේය.

    සිය සමාජ මාධ්‍ය පිටුවේ සටහනක් තබමින් ට්‍රම්ප් කියා සිටියේ උණ්ඩයක් තමාගේ දකුණු කනේ “ඉහළ කොටස” සිදුරු කළ බවයි.

    ට්‍රම්ප් ප්‍රාදේශීය වෛද්‍ය මධ්‍යස්ථානයක ප්‍රතිකාර ලබන බව මීට පෙර ඔහුගේ ප්‍රකාශකයා පැවසීය.

    “මොකක් හරි වැරදී ඇති බව මම වහාම දැන ගත්තා. මට වෙඩි හඬක් ඇසුණු අතර, උණ්ඩය සම හරහා ඉරී යන බව මට වහාම දැනුණා. සැලකිය යුතු ලේ ගැලීමක් සිදු වුණා, ඒ නිසා මට තේරුණා මොකක්ද වෙන්නේ කියලා.”ට්‍රම්ප් සටහන් කළේය.

    ආරක්ෂක නිලධාරීන් ට්‍රම්ප් ඉවතට ගෙන යන විට ඔහුගේ කනේ සහ මුහුණේ රුධිරය පැහැදිලිව දැකගත හැකි විය.

    එක්සත් ජනපද රහස් සේවා නිලධාරීන් විසින් සැකකරු එම ස්ථානයේදීම වෙඩි තබා ඝාතනය කර ඇති බව ඒජන්සියේ ප්‍රකාශක Anthony Guglielmi පැවසීය. වෙඩි තැබීමෙන් අසල සිටි අයෙකු මිය ගොස් තවත් දෙදෙනෙකු බරපතල තුවාල ලබා ඇති බව ඔහු වැඩිදුරටත් පැවසීය.

    මියගිය තිදෙනාම පිරිමින් බව නිලධාරීන් පසුව අනාවරණය කළේය.

    බලධාරීන් BBC හි US සහකරු CBS ප්‍රවෘත්ති වෙත පැවසුවේ ප්‍රහාරකයා රයිෆලයකින් සන්නද්ධව සිටි බවත්, ස්ථානයෙන් පිටත මීටර් සිය ගණනක් එපිටින් වූ උස් ගොඩනැගිල්ලක සිට වෙඩි තබා ඇති බවත්ය.

    විමර්ශනයට නායකත්වය දෙන එෆ්බීඅයි ඒජන්තයින් බට්ලර්හි වාර්තාකරුවන්ට පැවසුවේ මියගිය තුවක්කුකරු “තාක්ෂණිකව හඳුනාගෙන ඇති” නමුත් තවමත් චේතනාවක් තහවුරු කර නොමැති බවයි.

    විශේෂ නියෝජිත කෙවින් රොජෙක් මෙම වෙඩි තැබීම ඝාතන උත්සාහයක් ලෙස සලකන බව තහවුරු කළේය.

    සැකකරු හැඳුනුම්පත රැගෙන නොසිටි බවත්, ඔහු විධිමත් ලෙස හඳුනා ගැනීමට විමර්ශන නිලධාරීන් ඩීඑන්ඒ භාවිතා කරමින් සිටින බවත් ඔහු පැවසීය.

    රිපබ්ලිකන් පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා වෙඩි ප්‍රහාරය ආරම්භ වන විට පෙන්සිල්වේනියාවේ බට්ලර් හි ඔහුගේ ආධාරකරුවන් ඇමතීමට පටන් ගෙන තිබුණි.

    ට්‍රම්ප් ඔහුගේ අනුප්‍රාප්තික ජනාධිපති ජෝ බයිඩන් සහ ඔහුගේ පරිපාලනය ගැන කතා කරන විට බහුවිධ පිපිරුම් ශබ්ද ඇසුණි. විරෝධතා පුවරු අතැතිව සහ ට්‍රම්ප් පිටුපසින් සිටි ආධාරකරුවන් කිහිප දෙනෙකු වෙඩි හඬ ඇසීමත් සමඟම දිව ගියහ.

    බීබීසීයට කතා කළ නරඹන්නන් ප්‍රකාශ කළේ ට්‍රම්ප් කතා කරන වේදිකාවට දකුණු පසින් ඇති එක් මහල් ගොඩනැගිල්ලක සිට වෙඩි ප්‍රහාර එල්ල වන්නට ඇති බවයි.

    එක් සාක්ෂිකරුවෙක් – ග්‍රෙග් – බීබීසීයට පැවසුවේ ට්‍රම්ප් වේදිකාවට නැග විනාඩි පහකට පමණ පසු සැක සහිත පෙනුමක් ඇති පුද්ගලයෙකු ගොඩනැගිල්ලේ වහලය මත “වලසෙකු ලෙස බඩගාමින්” සිටිනු දුටු බවයි. ඔහු පැවසුවේ එම පුද්ගලයා පොලිසියට පෙන්වා දුන් බවයි.

    “ඔහුට රයිෆලයක් තිබුණා, අපට ඔහු රයිෆලයක් සමඟ පැහැදිලිව දැකගත හැකි වුණා. අපි ඔහුට ඇඟිල්ල දිගු කරනවා, පොලිසිය බිම දිගේ ඒ වෙත දුවනවා . නමුත් පොලීසියට මොකද වෙන්නේ කියලා දැනගෙන හිටියේ නැහැ.” ඔහු වැඩි දුරටත් පැවසීය.

    වොරන් සහ ඩෙබී එම ස්ථානයේ සිටි අතර ඔවුන්ට අවම වශයෙන් වෙඩි හඬ හතරක්වත් ඇසුණු බව බීබීසීයට පැවසීය.

    පැමිණ සිටි පිරිසට බැස යන ලෙස කෑගසමින් සෙනඟ අතරින් රහස් ඔත්තු සේවා නියෝජිතයන් පැමිණි නිසා ඔවුන් දෙදෙනා බිමට බැස ගත් බව ඔවුහු පැවසූහ. ජනතාව සන්සුන්ව සිටි බව ඔවුහු පැවසූහ.

    “එය සිදුවෙමින් පවතින බව අපට විශ්වාස කළ නොහැකි වුණා” වොරන් පැවසීය.

    ඩෙබී පැවසුවේ ඔවුන් අසල සිටි කුඩා දැරියක් තමාට මිය යාමට අවශ්‍ය නැතැයි අඬමින් සිටි බවයි.

    “එය දුටු මගේ හදවත බිඳී ගියා” ඩෙබී පැවසීය.

    රිපබ්ලිකන් කොන්ග්‍රස් සභික රොනී ජැක්සන් බීබීසීයට පැවසුවේ වෙඩි තැබීමෙන් තම බෑණනුවන් තුවාල ලැබූ බවයි. ඔහුගේ ගෙලෙහි සුළු තුවාලයක් සිදුවී ඇති අතර, එම ස්ථානයේදීම ප්‍රතිකාර ලැබූ බව ජැක්සන් මහතා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය.

    ඔහුගේ උපන් ප්‍රාන්තය වන ඩෙලවෙයාර් හි සිට කතා කරමින් ජනාධිපති බිඩෙන් ප්‍රහාරය හෙළා දැක්කේය.

    “මෙවැනි ප්‍රචණ්ඩත්වයට ඇමරිකාවේ ඉඩක් නැහැ. හැමෝම එය හෙළා දැකිය යුතුයි.” ජනපතිවරයා පැවසීය.

    ධවල මන්දිරය පසුව පැවසුවේ ජනාධිපති බිඩෙන් වොෂින්ටන් ඩීසී වෙත ආපසු යාමට පෙර ට්‍රම්ප් සමඟ කතා කළ බවයි.

    පැහැදිලිව පෙනෙන ප්‍රහාරය හෙළා දැකීමට පක්ෂ දෙකේම දේශපාලනඥයෝ Biden මහතා සමඟ එක් වූහ.

    “අපගේ ප්‍රජාතන්ත්‍රවාදය තුළ දේශපාලන ප්‍රචණ්ඩත්වයට කිසිසේත්ම ඉඩක් නොමැති” බවත්, “හිටපු ජනාධිපති ට්‍රම්ප්ට බරපතල හානියක් සිදු නොවීම ගැන තමාට සහනයක් දැනෙන බවත්” හිටපු ජනාධිපති බැරැක් ඔබාමා ප්‍රකාශ කළේය.

    ට්‍රම්ප්ගේ හිටපු උප ජනාධිපති මයික් පෙන්ස් කියා සිටියේ ඔහු සහ ඔහුගේ බිරිඳ ඔහුගේ හිටපු සගයා වෙනුවෙන් යාඥා කරන බවත්, “සෑම ඇමරිකානුවෙකුම අප හා එක්වන ලෙස” ඔහු ඉල්ලා සිටින බවත්ය.

    කොන්ග්‍රසයේ සුළුතර නායක හකීම් ජෙෆ්රිස් ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේ: “මගේ සිතුවිලි සහ යාඥාවන් හිටපු ජනාධිපති ට්‍රම්ප් සමඟයි. තීරනාත්මක නීතිය ක්‍රියාත්මක කිරීමේ ප්‍රතිචාරය සඳහා මම ස්තුතිවන්ත වෙනවා. ඇමරිකාව ප්‍රජාතන්ත්‍රවාදී රටක්. කිසිම ආකාරයක දේශපාලන ප්‍රචණ්ඩත්වය කිසිවිටෙක පිළිගත නොහැකියි‘

    එක්සත් රාජධානියේ අගමැති ශ්‍රීමත් කීර් ස්ටාර්මර් මෙම වෙඩි තැබීම හෙළා දැකීමට නායකත්වය දුන්නේ “ජනාධිපති ට්‍රම්ප්ගේ රැලියේ කම්පන සහගත දර්ශනවලින් තමා කම්පනයට පත් වූ” බව ඔහු පැවසුවේය.

    “ඕනෑම ආකාරයක දේශපාලන ප්‍රචණ්ඩත්වයකට අපගේ සමාජවල ඉඩක් නොමැති අතර මගේ සිතුවිලි මෙම ප්‍රහාරයට ගොදුරු වූ සියලුම දෙනා සමඟ යි” යනුවෙන් ඔහු නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය.

    “ප්‍රජාතන්ත්‍රවාදයට අභියෝග කරන” ප්‍රචණ්ඩත්වයට විරුද්ධ වන ලෙස ජපාන අගමැති ෆුමියෝ කිෂිඩා ජනතාවගෙන් ඉල්ලා සිටියේය.

    එමෙන්ම කැනේඩියානු නායක ජස්ටින් ටෘඩෝ පැවසුවේ “හිටපු ජනාධිපති ට්‍රම්ප්ට වෙඩි තැබීමෙන් තමා කම්පනයට පත් වූ” බවයි.

    හෙට (සඳුදා) මිල්වෞකිහි පැවත්වීමට නියමිත සමුළුවේදී ට්‍රම්ප් සිය පක්ෂයේ ජනාධිපති අපේක්ෂකත්වය පිළිගැනීමට නියමිතව තිබුණි. බට්ලර් රැලියේදී ඔහු තම උප ජනාධිපති අපේක්ෂකයා හෙළි කිරීමට සූදානම්ව සිටි බවට ඇතැමුන් අනුමාන කර තිබුණි.

    සමහර රිපබ්ලිකානුවන් වෙඩි තැබීම සම්බන්ධයෙන් ජනාධිපති බිඩෙන්ට දොස් පැවරීමට ඉක්මන් වූ අතර, ට්‍රම්ප්ගේ නැවත ධුරයට පත්වීමේ විභවය පිළිබඳ භීතිය ඇති කළ බවට ඔහුට චෝදනා කළේය.

    ට්‍රම්ප්ගේ උප ජනාධිපති අපේක්ෂකයා වීමට බොහෝ විට ඉඩ ඇතැයි සැලකෙන සෙනෙට් සභික ජේඩී වැන්ස් පැවසුවේ බිඩෙන් ප්‍රචාරක ව්‍යාපාරයේ වාචාල කතා මෙම සිදුවීමට සෘජුවම හේතු වී ඇති බවයි.

    රිපබ්ලිකන් කොන්ග්‍රස් සභික මයික් කොලින්ස් ජනාධිපතිවරයාට “ඝාතනයක් උසිගන්වන” බවට චෝදනා කළේය.

    මේ අතර ආරක්ෂක අධීක්ෂණ කමිටුවේ සභාපති ජේම්ස් කොමර් පැවසුවේ රහස් ඔත්තු සේවයේ අධ්‍යක්ෂවරයා තම මණ්ඩලය හමුවට කැඳවන බවයි.

    බී.බී.සී. වාර්තාවක් අසුරිණි.

    පරිවර්තනය – මධූ වික්‍රමසිංහ

  • අනන්ත – රාධිකා මහා මංගල්‍ය යේ සුපිරි ආරාධිතයින් අතර නාමල් සහ මහේලත්

    අනන්ත – රාධිකා මහා මංගල්‍ය යේ සුපිරි ආරාධිතයින් අතර නාමල් සහ මහේලත්

    ලෝකයේ 10 වැනි පොහොසතා ලෙස සැලකෙන මුකේෂ්  අම්බානිගේ පුත්‍රයා වන අනන්ත අම්බානිගේ විවාහ මංගල්‍යයේ ආරාධිතයන් අතර ශ්‍රී ලංකා ක්‍රිකට් හිටපු නායක මහේල ජයවර්ධන සහ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ද සිටින බව ඉන්දීය මාධ්‍ය වාර්තා කියයි.

    අනන්ට් අම්බානිගේ සහ රාධිකා මර්චන්ට්ගේ විවාහා මංගල්‍ය වෙනුවෙන් හොලිවුඩ් සුපිරි තරු, ගෝලීය ව්‍යාපාරික නායකයින් සහ හිටපු බ්‍රිතාන්‍ය අගමැතිවරුන් දෙදෙනෙකු ඇතුළු ‘සුපිරි‘ ආරාධිතයින් රැසක් සහභාගී වන අතර පසුගිය සිකුරාදා සිට සදුදා දක්වා මුම්බාහි දී මේ දැවැන්ත විවාහා මංගල්‍ය පැවැත්වේ.

  • අධික ලෙස දුම් පිට කළොත් වෙන දේ VET අධ්‍යක්ෂ කියයි

    අධික ලෙස දුම් පිට කළොත් වෙන දේ VET අධ්‍යක්ෂ කියයි

    අධික ලෙස දුම් පිටකරන වාහන අසාදු ලේඛනගත කරන බව මෝටර් රථ වාහන විමෝචන පරීක්ෂණ භාර අරමුදල (Vehicular Emission Test Trust Fund – VET) නිවේදනය කරයි.

    එහි අධ්‍යක්ෂ දසුන් ගමගේ පැවසුවේ එවැනි වාහන පිළිබඳ පැමිණිලි 070 3500 525 WhatsApp අංකයට යොමු කළ හැකි බවයි.

    VET අධ්‍යක්ෂවරයා රියදුරන්ගෙන් ඉල්ලා සිටින්නේ වාහන ආදායම් බලපත්‍රය ලබා ගැනීම සඳහා පමණක් දුම් සහතිකය ලබා නොගන්නා ලෙසයි. ඇතැමුන් වංචනික ක්‍රමවලින් දුම් සහතිකය ලබා ගැනීමට උත්සාහ කළත් පොලිසිය සහ මෝටර් රථ දෙපාර්තමේන්තු නිලධාරීන් දිවයින පුරා දැඩි පරීක්‍ෂණ සිදු කරන බව ඔහු සඳහන් කළේය.

    වාහනයකින් අධික දුම් පිටවන ආකාරය නිරීක්ෂණය කළහොත් වාහන හිමිකරුට නඩත්තු නියෝගයක් නිකුත් කරන බවද ඔහු පැහැදිලි කළේය. ගැටලුව විසඳා නොගන්නේ නම්, එම වාහනය සඳහා තහනම් නියෝගයක් නිකුත් කරන බව ද ඔහු අවධාරණය කළේය.

     

     

  • lean proteins වකුගඩු රෝගීන්ට වඩාත් හොඳ ඇයි ?

    lean proteins වකුගඩු රෝගීන්ට වඩාත් හොඳ ඇයි ?

    වකුගඩු සඳහා අඩු වැඩ /  Less Work for the Kidneys: ඔබේ වකුගඩු මගින් අපද්‍රව්‍ය රුධිරයෙන් ඉවත් කරනු ලැබේ. ප්‍රෝටීන් බහුල ආහාර මගින් වකුගඩුවලට වෙහෙසට පත් විය හැකිය, මන්ද ඒවා වැඩිපුර අපද්‍රව්‍ය නිපදවන බැවින් ඒවා වකුගඩු මගින් පෙරීම ද කළ යුතුය. lean proteins අඩුවෙන් අපද්‍රව්‍ය නිපදවන බැවින් වකුගඩු වල ක්‍රියාකාරීත්වය පහසු කරයි.

    පොස්පරස් අඩුයි / Low in Phosphorus: lean proteins ශරීරයේ පොස්පරස් මට්ටම පාලනය කරයි. රතු මස් වැනි සමහර අධික මේද ප්‍රෝටීන වල පොස්පරස් විශාල ප්‍රමාණයක් අඩංගු වන අතර එය වකුගඩු ක්‍රියාකාරිත්වය අඩු වූ විට එකතු විය හැකිය. lean proteins වල පොස්පරස් අඩු ප්‍රමාණයක් ඇති අතර එය ඔබේ වකුගඩු වලට කාරුණික වේ.

    මාංශ පේශි ස්කන්ධය පවත්වා ගනී / Maintains Muscle Mass: වකුගඩු අකර්මන්‍යතාවයෙන් පෙළෙන පුද්ගලයින් තවමත් ප්‍රමාණවත් ප්‍රෝටීන් ප්‍රමාණයක් පරිභෝජනය කළ යුතුය. මන්ද එය හානියට පත් පටක අලුත්වැඩියා කිරීමට සහ නව පටක ගොඩනැගීමට මාංශ පේශි නඩත්තු කිරීමට උපකාරී වේ. අඩු මේද ප්‍රමාණය හේතුවෙන් වකුගඩු අධික ලෙස වෙහෙස කිරීමකින් තොරව ප්‍රමාණවත් ප්‍රෝටීන් ලබා දෙන බැවින් lean proteins ප්‍රයෝජනවත් වන්නේ මෙහිදීය.

    lean proteins රුධිර පීඩන රෝගීන්ට හොඳ ඇයි?

    සංතෘප්ත මේද අඩුයි: සංතෘප්ත මේදවල ප්‍රතිඵලයක් ලෙස මේද මස්වල සහ සම්පූර්ණ කිරි නිෂ්පාදනවල අධික කොලෙස්ටරෝල් මට්ටම ඉහළ යයි. මෙම මේද lean proteins වල හිඟ බැවින් ඒවා රුධිර පීඩනය නියාමනය කිරීමට උපකාරී වේ.

    පෝෂ්‍ය පදාර්ථ වලින් පොහොසත්: ඔමේගා-3 මේද අම්ල (විශේෂයෙන් මාළු) ඇතුළු විටමින් සහ ඛණිජ ලවණ වැනි විවිධ වර්ගයේ පෝෂ්‍ය පදාර්ථ lean proteins බොහෝ ආකාරවලට ඇසුරුම් කළ හැකිය. මෙම මේද ප්‍රධාන වශයෙන් හෘද සෞඛ්‍යයට සහාය වන අතර රුධිර පීඩනය කළමනාකරණය කිරීමට උපකාරී වේ.

    සෞඛ්‍ය සම්පන්න බරක් පවත්වා ගැනීමට උපකාරී වේ: අධික බර රුධිර පීඩනය වැඩි කිරීමට හේතු වේ. lean proteins ඔබේ බඩ ඉක්මනින් පුරවන නිසාත්, අඩු කැලරි සහිත ආහාරවලින් ඔබ කන කොටස් ප්‍රමාණය කළමනාකරණය කරන නිසාත් නියම බර පවත්වා ගැනීමට උපකාරී වේ.

    ඔබේ ආහාර වේලට lean proteins ඇතුළත් කිරීම සඳහා උපදෙස්

    කුකුළු මස් හෝ කළුකුම් මස් තෝරන්න: මේදය බෙහෙවින් අඩු සම රහිත කුකුළු මස් තෝරා ගන්න.

    මාළු ඇතුළත් කරන්න: මාළු සාමාන්‍යයෙන් සැමන්, මැකරල් සහ ට්‍රවුට් lean proteins සහ හොඳ මේදවල හොඳම ප්‍රභවයන් වේ.

    ශාක පදනම් වූ ප්‍රෝටීන එකතු කරන්න: එපමණක්ද නොව, බෝංචි සහ පරිප්පු වල මේදය අඩු බැවින් ඒවා හොඳ මස් ආදේශකයක් බවට පත් කරයි.

    අඩු මේද සහිත කිරි නිෂ්පාදන තෝරන්න: යෝගට්, කිරි මෙන්ම චීස් තෝරාගැනීමේදී අඩු මේද වර්ග හෝ මේද නොවන විකල්ප වඩාත් කැමති විය යුතුය.

    ස්මාර්ට් ලෙස ආහාර පිසින්න: අමතර මේදය වළක්වා ගත හැකි වන පරිදි ඒවා ග්‍රිල් කිරීම හෝ තැම්බීම ගැන සලකා බැලිය යුතුය.

    ස්මාර්ට් ප්‍රෝටීන් තේරීම් භාවිතා කිරීමෙන් ඔබට ඔබේ සමස්ත යහපැවැත්ම පරිවර්තනය කළ හැකි අතර lean proteins හොඳම බව සැමවිටම මතක තබා ගන්න. ඔබේ හදවත සහ වකුගඩු සඳහා එය වඩාත් ප්‍රණීත ආහාර බවට පත්කර ගන්න.

    ජාත්‍යන්තර වෛද්‍ය වාර්තා ඇසුරිණි

    සකස් කළේ – මධූ වික්‍රමසිංහ

     

  • Elon Musk’s ‘X‘ වෙත යුරෝපා කොමිෂම කළ ‘බරපතළ‘ චෝදනා  මෙන්න !

    Elon Musk’s ‘X‘ වෙත යුරෝපා කොමිෂම කළ ‘බරපතළ‘ චෝදනා මෙන්න !

    Elon Musk ගේ සමාජ මාධ්‍ය වේදිකාව වන X (කලින් Twitter ලෙස හැදින්විය) විසින් සමූහයේ නව සමාජ මාධ්‍ය රෙගුලාසි උල්ලංඝනය කරන බවට යුරෝපා සංගමය චෝදනා කර ඇත.

    යුරෝපීය කොමිසම විසින් ඩිජිටල් සේවා පනත (Digital Services Act – DSA) යටතේ X පිළිබඳ විමර්ශනයේ මූලික සොයා ගැනීම් අනාවරණය කර ඇත. මෙම රෙගුලාසි මාලාවට අනුව පරිශීලකයින් ආරක්ෂා කිරීම සහ ඔවුන්ගේ වෙබ් අඩවි පිරිසිදු කිරීම සඳහා වැඩි වගකීමක් වේදිකා ගත කිරීමට අවශ්‍ය වේ. එසේ කිරීමට අපොහොසත් වීම බරපතල දඩයකට තුඩු දිය හැකිය.

    විශේෂයෙන්, නියාමකයින් විසින් X හි ‘නිල් පිරික්සුම් සලකුණු‘ (blue checkmarks) භාවිතා කිරීම සම්බන්ධයෙන් ගැටළුවක් ඇති කර ඇති අතර, ඒවා රැවටිලිකාර යැයි පවසන අතර කර්මාන්තයේ හොඳම භාවිතයන් සමඟ නොගැලපෙන බව ද දක්වා ඇත. කොමිෂන් සභාවට අනුව, මෙම පිරික්සුම් සලකුණු, සත්‍යාපනය කිරීමේ පහසුකම් මීට පෙර ලබා දී ඇත්තේ ප්‍රසිද්ධ පුද්ගලයින්, දේශපාලනඥයන් සහ වෙනත් බලගතු පුද්ගලයින්ට පමණි. කෙසේ වෙතත් 2022 දී මස්ක් වේදිකාව අත්පත් කර ගැනීමෙන් පසුව, මසකට ඩොලර් 8ක් ගෙවන ඕනෑම කෙනෙකුට සත්‍යාපන ලකුණු ලබා ගත හැකි විය. මෙම වෙනස පරිශීලකයන් රැවටීම සඳහා ද්වේෂසහගත ක්‍රියාකාරීන් විසින් පද්ධතිය අපයෝජනය කළ හැකි බවට කනස්සල්ලට හේතු වී ඇත.

    දැන්වීම් විනිවිද භාවයේ අවශ්‍යතාවලට අනුකූල නොවීම සම්බන්ධයෙන් ද කොමිසම X විවේචනය කර ඇත. DSA යටතේ, ප්‍රචාරකයා සහ අපේක්ෂිත ප්‍රේක්ෂකයින් පිළිබඳ විස්තර ඇතුළුව, ඔවුන් ගෙන ගිය සියලුම ඩිජිටල් වෙළඳ දැන්වීම්වල දත්ත ගබඩාවක් ප්‍රකාශයට පත් කිරීමට වේදිකා බැඳී සිටී. කෙසේ වෙතත්, X හි දැන්වීම් දත්ත ගබඩාවේ සැලසුම් විශේෂාංග සහ විනිවිදභාවය අරමුණු සඳහා ප්‍රමාණවත් නොවන ප්‍රවේශ බාධක ඇති බව කොමිසම සොයා ගත්තේය.

    මීට අමතරව, ඩීඑස්ඒ විසින් නියම කර ඇති පරිදි, පොදු දත්ත වෙත ප්‍රවේශය පර්යේෂකයන්ට ලබා දීමට අපොහොසත් වීම සම්බන්ධයෙන් X චෝදනාවට ලක්ව ඇත. කොමිසමේ මූලික අදහස වන්නේ X හි භාවිතයන් නව රෙගුලාසිවල අවශ්‍යතාවලට අනුකූල නොවන බවයි.