සූක්ෂමව බයියන්ගේ පොකට්ටුවට කෙලින පොහොට්ටු දේශපාලනයේ ප්‍රියම්භිකාව හා සහචරයා

මේක ටිකක් අපූරු කතාවක්, පොහොට්ටුවේ රැස්වීම් නිමක් නැත. එදා පටන් නුගේගොඩ සිට ලංකාවේ හතර කොනට මහින්දගේ සුළං හැමුවේය. ඒ සුළං හැමීම හරහා පළමු වෙඩිමුර ගානක්ද රටපුරා පැවැත්වීය. දිවයිනේ නන් දෙසින් මේ සෑම රැස්වීමටම ජනතාව ඇදී ආවේය, නැතිනම් ගෙන්නුවේය. රාජ්‍ය බලය…
බැඳුම්කර වාර්ථාව සතියක් ඇතුලත පාර්ලිමේන්තුවට… ජනපතිගෙන් පොරොන්දුවක්

බැඳුම්කර කොමිසම මගින් ලබා දුන් බැඳුම්කර වංචාව සඳහා වන එම වාර්ථාව ඉදිරි සතිය ඇතුලත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහා පොරොන්දු වූ බව කතානායක කරූ ජයසූරිය මහතා මීට සුළු වෙලාවකට පෙර පාර්ලිමේන්තුවට දැණුම් දී ඇත.
මාසයක් ඇතුලත ඡන්ද පැමිණිලි 122 යි… සැකකරුවන් 125 ක් අත්අඩංගුවේ එයින් 12ක් අපේක්ෂකයින්

පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් ගතවූ මාසය තුළ පැමිණිලි 122 ක් වාර්තා වී ඇති අතර සැකකරුවන් 125 ක් අත්අඩංගුවට ගෙන ඇති බවත් අතරින් දොළොස් දෙනකු අපේක්ෂකයන් බවත්  ‍පොලිස් මූලස්ථානය පවසයි. දෙසැම්බර්  9 –  ජනවාරි 9 …
පුංචි ඡන්දයේ එක කතිරයයි… වැඩිය කතිර ගැහුවොත් ඡන්දය ප්‍රතික්ෂේප වෙනවා

එළැඹෙන පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ ඡන්ද පත්‍රිකාවේ සලකුණු කළ යුත්තේ එක් කතිරයක් පමණක් බවත් ඡන්ද පත්‍රිකාවේ එක් කතිරයකට වඩා පැවැතියහොත් එම ඡන්ද පත්‍රිකාව ප්‍රතික්ෂේප කළ ඡන්ද පත්‍රිකාවක් ලෙස සලකන බවත් මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා ඊයේ (9) කොළඹ රාජගිරිය මැතිවරණ…
රැකියා ඇබෑර්තු පන්ලක්ෂයක්

මෙරට විවිධ ක්ෂේත්‍රයන්හි මේ වන විට ලක්ෂ 5 කට ආසන්න රැකියා ඇබෑර්තු සංඛ්‍යාවක් පවතින බව ජන‍ලේඛන හා සංඛ්‍යා‍ලේඛන දෙපාර්තමේන්තුවේ නවතම සමීක්ෂණයකින් හෙළිවී තිබේ.ජන‍ලේඛන හා සංඛ්‍යා‍ලේඛන දෙපාර්තමේන්තුව මුළු රටම ආවරණය වන පරිදි ප්‍රථම වරට මෙම ආයතනික සමීක්ෂණය කර ඇති අතර සේවයේ…
අගමැති ප‍්‍රකාශයෙන් රාජපක්‍ෂ රෙජීමයේ හිස ගිණිගනී (Video)

2008 වසරේ සිට මහබැංකු බැඳුම්කර වංචා සිදු වී ඇති බවත්” එමගින් අර්ථසාධක සේවා අරමුදලට අති විශාල හානියක් සිදු වී ඇති බවත් බැඳුම්කර කොමිසම හෙළිදරව් කිරීමෙන් පසුව” එම සියලූම මුදල් අයකර ගැනීම සඳහා නඩු පවරන්නට නීතිපතිවරයාට උපදෙස් දෙන බැව් පසුගිය දා…
පොළොන්නරුවේ පොහොර හිඟය අවසන්

පොලොන්නරුවේ පැවැති පොහොර හිඟය නිමාවට පත්ව ඇති බවත් මේවන විට පොලොන්නරුවට පොහොර මිටි 2500–3000ක් පමණ  (9) ලැබී ඇති බව  සිමාසහිත ලංකා පොහොර සමාගමේ පොලොන්නරු දිස්ති‍්‍රක් අලෙවි නිළධාරි  ජි.ජේ.ටී.කුමාර මහතා පැවසීය. ‘පොලොන්නරුව දිස්ති‍්‍රක්කයේ ගොවිජන සේවා මධ්‍යස්ථාන 12ක් තිබෙනවා. ඒ සෑම එකකම…
කාන්තා නියෝජනය 25%ක් කිරීමට පළාත් පාලන මැතිවරණයේ පැරදුන අයටත් ලැයිස්තුවෙන් ඉඩ..

පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ නව ක්‍රමය අනුව කිසියම් කොට්ඨාසයකට තරඟ කොට පරාජයට පත්වන අපේකෂකයකු වුවද ලැයිස්තුවෙන් සභිකයකු ලෙස පත්කළ හැකි බව මැතිවරණ කොමිසම සඳහන් කරයි.   එවැනි සභිකයකු පත් කිරීම සඳහා නම් කිරීමේ බලය ඒ ඒ දේශපාලන පක්ෂවල ලේකම්වරුන්ට…
ජනපතිවරණයක් කරලියට… ජනපති මෛත්‍රී තම ධුර කාලය පිලිබදව අධිකරණයෙන් මතය විමසයි…

19 වන ව්‍යවස්ථා සංශෝධනයට අනුව වත්මන් ජනාධිපතිවරයාගේ ධුර කාලය පිළිබඳජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් විමසීමක් කර තිබෙනවා. අදාළ තීරණය ලබන 14 වනදා හෝ ඊට පෙර ලබාදෙන ලෙසයි අගවිනිසුරුවරයාට දැනුම් දී ඇත්තේ. 1978 ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට අනුව ජනාධිපතිවරයාගේ ධුර කාලය වසර 06ක්.…
ශ‍්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවටයි රූපවාහිණීසංස්ථාවටයි ඇඟිලි සලකුණු පොලීසියෙන් පොලිස්පාට්

 ශී‍්‍ර ලංකා ගුවන්විදුලි සංස්ථාවට හා ජාතිකරූපවාහිණියට වසර 2ක් තිස්සේ ධාවනයේ යෙදවූ ලංගම බස්රථයට අනවසරයෙන් කඩාවැදුන පොලිස් ඇඟිලිසලකුණු අංශයේ පොලිස් උපපරීක්ෂකවරු සහ කොස්තාපල්වරු පොලිස්පාට් දමා බස් රථය නවතා ඇතැයි වාර්තා වේ. අවුරුදුදෙකක් ගුවන්විදුලිසංස්ථාව ඉදිරිපිටින් ආරම්භ උන මෙම බස් රථය රූපවාහිණී කාර්යමණ්ඩලය…
රුධිරය පරිත්‍යාග කරන්න – ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානය

ඩෙංගු සහ වෙනත් රෝග තත්ත්වයන් හේතුවෙන් සෑම වසරකදී ම ගබඩාගත රුධිර ප්‍රමාණය අඩුවන බැවින් රුධිරය පරිත්‍යාග කරන ලෙස ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානය ජනතාවගෙන් ඉල්ලා සිටියි. එම මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා සඳහන් කළේ සෑම වසරක ම ජනවාරි සිට අප්‍රේල්…
කෙහෙළිය ඇතුළු තිදෙනකුට එරෙහි නඩුව 26වැනිදා විභාගයට…

පසුගිය ජනාධිපතිවරණ සමයේ දේශපාලන කටයුතු සඳහා ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාවට අයත් මුදල් යොදා ගනිමින් ජී.අයි. පයිප්ප බට මිලදී ගැනීම තුළින් රජයට පාඩුවක් සිදුකළේ යැයි චෝදනා කරමින් හිටපු ජනමාධ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු විත්තිකරුවන් තුන් දෙනකුට එරෙහිව අල්ලස් කොමිසම මඟින්…
බණ්ඩාරනායක ශ‍්‍රීමතාණන්ගේ 119 වැනි ජන්ම දින සැමරුම් උළෙල ජනපති ප‍්‍රධානත්වයෙන්

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිර්මාතෘ දිවංගත එස්.ඩබ්.ආර්.ඞී. බණ්ඩාරනායක ශ‍්‍රීමතාණන්ගේ 119 වැනි ජන්ම දිනය වෙනුවෙන් සංවිධානය කළ සැමරුම් උළෙල (08) පෙරවරුවේ ගාලුමුවදොර බණ්ඩාරනායක පිළිරුව අභියස දී ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්විණි. ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා සහ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක…
2017 අ.පො.ස උසස් පෙළ විශිෂ්ටයින්ට ජනපති අතින් තිළිණ

2017 අ.පො.ස උසස් පෙළ විභාගයෙන් සමස්ත ලංකා මට්ටමින් විශිෂ්ට දක්ෂතා දැක්වූ මාතර සුජාතා විද්‍යාලයේ සහ මාතර මහින්ද රාජපක්ෂ විද්‍යාලයේ සිසු සිසුවියන් (09) පෙරවරුවේ ජනාධිපති නිල නිවසේදී ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා හමුවිය. එම දරුවන්ගේ දක්ෂතා අගය කළ ජනාධිපතිතුමා ඔවුන්ට සිය…
ගණේමුල්ල ගුවන් පාලම විවෘත කිරීම හෙට

අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා ප්‍රමුඛ රජයේ මාර්ග සංවර්ධන ව්‍යාපෘතියක් වන ගණේමුල්ල නගරයේ දුම්රිය මාර්ගය මතින් ඉදි කරන ලද ගුවන් පාලම මෙම මස 11 දින පෙරවරු 10 ට ජනතා අයිතියට පත් කෙරේ. ගණේමුල්ල දුම්රිය ස්ථානයට නුදුරින් ගණේමුල්ල- කඩවත මාර්ගයේ සිට…
ශ්‍රීලනිපය ප්‍රමුඛ සන්ධානයේ මංගල රැලිය අද අනුරපුරේ

පෙබරවාරී 10 වැනිදා පැවැත්වෙන පළාත් පාලන මැතිවරණයට අදාළව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානය සංවිධන කරන මහජන රැලි හා රැස්වීම් මාලාවේ මංගල රැලිය හා රැස්වීම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති, ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (10)…