Blog
-

සූක්ෂමව බයියන්ගේ පොකට්ටුවට කෙලින පොහොට්ටු දේශපාලනයේ ප්‍රියම්භිකාව හා සහචරයා
මේක ටිකක් අපූරු කතාවක්, පොහොට්ටුවේ රැස්වීම් නිමක් නැත. එදා පටන් නුගේගොඩ සිට ලංකාවේ හතර කොනට මහින්දගේ සුළං හැමුවේය. ඒ සුළං හැමීම හරහා පළමු වෙඩිමුර ගානක්ද රටපුරා පැවැත්වීය. දිවයිනේ නන් දෙසින් මේ සෑම රැස්වීමටම ජනතාව ඇදී ආවේය, නැතිනම් ගෙන්නුවේය.රාජ්‍ය බලය නොමැති මහින්ද රාජපක්ෂ හට මේ සෑම රැස්වීමක්ම මාධ්‍ය ආවරණය ලබාගැනීමට නොහැකි විය. ඒසේම රැස්වීම් පිළිබදව පූර්ව ප්‍රචාරණයක් සේම රැස්වීම් පවතින අවස්ථාවේද මාධ්‍ය ආවරණය සිදුකලේද සමාජජාලා තුලින්. මහින්ද වෙනුවෙන් පෙනී සිටි බොහොමයක් සමාජජාලා ක්‍රියාකාරීන් ස්වේච්ඡාවෙන් සිය දායකත්වය දිවයිනේ සෑම තැනටම ගොස් ලබාදුන්නේය. මුල් අවදියේ පටන් මෙම කටයුත්තට මහින්දගේ පාර්ශවය මූල්‍ය දායකත්වයක් ලබා නොදුන්නේය. නමුත් තමන් දුක් මහන්සියෙන් හරි හම්බ කරගත් මුදලින් අව්ව වැස්ස නොතකා ඔවුන්ගේ දායකත්වය මහින්ද වෙනුවෙන් ලබා දුන්නේය.කාලයාගේ ඇවෑමෙන් සමාජ ජාලා ක්‍රියාකාරීන් තෝරාගත් කොටසක් වෙනුවෙන් මහින්දට හිතවත් මන්ත්‍රිවරුන් යම් යම් දායකත්වයන් ලබාදෙන්නට විය. ඒ දිවයිනේ ඕනෑම තැනක පැවැත්වෙන රැස්වීමක් සඳහා යාමට බස් රථයක් කෑම බීම සහ ඉඳුම් හිටුම් පවා ලබාදෙන්නට තරම් අනුග්‍රහයක් ලබාදෙන්නට විය. මේ කටයුත්ත දිගින් දිගටම ඇදී යන අතරතුර පසුගියදා මහින්දගේ ප්‍රධානත්වයෙන් පොහොට්ටුවේ රැස්වීමක් අනුරාධපුරයේදී පවත්වන ලදී.මෙම රැස්වීම සඳහා ගමන් ගන්නා පෙරකී පරිදි තෝරාගත් සමාජජාල කණ්ඩායම සඳහා ගමන් පසුකම් සලසන්න අනුග්‍රාහකයෙකු නොමැති බව පවසා, බස් රථයක් ලබා ගැනීමට සහ ආහාර පාන සඳහා යැයි කියමින් එක් අයෙකුගෙන් රුපියල් 3000 බැගින් එකතුකර ඇත. ඒ සඳහා මූලිකත්වය ගෙන ඇත්තේ මහරගම නගර සභාවට පොහොට්ටුවෙන් තරඟවදින දිනේෂ් ගුණවර්ධනගේ කොට්ටාව ප්‍රදේශයේ හිතවතියක් සහ ඇයගේ අතිශය හිතවන්ත සමාජජාලා ක්‍රියාකරුවෙකි. ඔහු දැනට බත්තරමුල්ල නෙළුම් මාවත පොහොට්ටු කාර්යාලයේ සමාජජාලා මෙහෙයුමද කරනා අයෙකි.මෙහිදී සිදුකර ඇති වංචාව මෙසේය.ගමන් පහසුකම් සඳහා යැයි රුපියල් 3000 බැගින් එකතු කලද, ඒ සඳහා බස් රථයක් නොමිලේ ලබාදී ඇත්තේ සබරගමුව පලාත් සභාවේ මන්ත්‍රිවරයෙකු වන සහ පා.ම. පවිත්‍රා වන්නිආරච්චිගේ සැමියා වන කංචන ජයරත්න මහතාය. ආහාර පාන සහ ඉඳුම් හිටුම් නොමිලේ සපයා ඇත්තේ තවත් මන්ත්‍රීවරයෙකු විසිනි. නමුත් ගමනට රුපියල් 3000 බැගින් එක් අයෙකුගෙන් එකතු කර ඇත. එය ප්‍රත්‍යක්ෂ කරුණකි. ඒ පිළිබඳව මේ වන විටත් මහින්ද හිතවත් සමාජජාලා ක්‍රියාකරුවන් අතරේ දැඩි මතභේදාත්මක තත්වයක් හටගෙන ඇත. ඔවුන් මහින්ද කෙරේ ඇති අපිරිමිත භක්තිය ප්‍රයෝජනයට ගෙන ඔවුන්ව මුලාවේ දමමින් සිදුකරන ලද කූට ක්‍රියාව හෙලිවී ඇත. මේ ආකාරයට අවස්තා කිහිපයකිදී මෙම වංචාව සිදුකර ඇති බව හෙලිදරව් වී ඇති අතර, මැය රාජ්‍ය නොවන සංවිධානයක ක්‍රියාකාරිණියක් වශයෙන්ද කටයුතු කරයි.ශර්මිලා ගෝනවල නම් වූ එජාපයේ සිට පැමිණි කාන්තාවක් හා එක්ව අරඹන ලද කාන්තා සංවිධානයක සිට මහින්දට හිතවත් සමාජජාලා ක්‍රියාකාරිණියක් එක්රැස් කිරීම ඇයට පැවරී ඇති රාජකාරිය වන අතර, ශර්මිලා ගෝනවල කටයුතු කරනු ලබන්නේ 2020 ජනපති සිහිනයෙන් පෙලෙන පාඨලී චම්පික ඇමතිවරයාගේ බලල් අතක් ලෙසිනි. එම සංවිධානය ලියාපදිංචි වී ඇත්තේද දෙහිවල උපාලිවංශිකාරාමය නමින් වන අතර එහි ප්‍රධාන හිමිනම වන ගිගුම්මඩුවේ විමලබුද්ධි හිමි යනු පාඨලී චම්පිකගේ අතිශය හිතවත් හිමිනමකි.මේ ආකාරයට මහින්ද හිතවාදීන් නොමග යවා මුදල් එක්රැස්කරමින්, රාජ්‍ය නොවන සංවිධනයන්හි අවශ්‍යතා ඉටුකරමින් පාඨලී චම්පිකගේ ජනපති සිහිනය සැබෑ කරන්නට කටයුතු කරනා මහින්දවාදී වෙස්ගෙන සිටිනා චෞර කාන්තාව පිළිබඳ අවධානයෙන් සිටින ලෙස අප ඔබට දන්වා සිටිමු. -

බැඳුම්කර වාර්ථාව සතියක් ඇතුලත පාර්ලිමේන්තුවට… ජනපතිගෙන් පොරොන්දුවක්
බැඳුම්කර කොමිසම මගින් ලබා දුන් බැඳුම්කර වංචාව සඳහා වන එම වාර්ථාව ඉදිරි සතිය ඇතුලත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහා පොරොන්දු වූ බව කතානායක කරූ ජයසූරිය මහතා මීට සුළු වෙලාවකට පෙර පාර්ලිමේන්තුවට දැණුම් දී ඇත.
-

මාසයක් ඇතුලත ඡන්ද පැමිණිලි 122 යි… සැකකරුවන් 125 ක් අත්අඩංගුවේ එයින් 12ක් අපේක්ෂකයින්
පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් ගතවූ මාසය තුළ පැමිණිලි 122 ක් වාර්තා වී ඇති අතර සැකකරුවන් 125 ක් අත්අඩංගුවට ගෙන ඇති බවත් අතරින් දොළොස් දෙනකු අපේක්ෂකයන් බවත් පොලිස් මූලස්ථානය පවසයි.දෙසැම්බර් 9 – ජනවාරි 9 වන විට මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් තිස් අටක් වාර්තා වී ඇති අතර ඊට අදාළව සැකකරුවන් අසූ තුන් දෙනකු අත්අඩංගුවට ගෙන තිබේ. ඒ අතර අපේක්ෂකයන් 4 ක්ද වේ.මෙම කාලය තුල මැතිවරණ පැමිණිලි අසූහතරක් වාර්තා වී තිබේ. ඊට අදාළ සැකකරුවන් හතළිස් දෙදෙනකු අත්අඩංගුවට ගෙන ඇත. ඒ අතර අපේක්ෂකයන් අට දෙනකුද වේ.පෝස්ටර්, බැනර් හා ධජ ප්‍රදර්ශනය කරමින් වාහන ධාවනය කිරීම් 9, ශබ්ද විකාශන යන්ත්‍ර සවිකර වාහන ධාවනය 2, ඡන්ද පෝස්ටර් ඇලවීම හා ළඟ තබාගැනීම 24, නීති විරෝධී පෙළපාළි පැවැත්වීම් 1, බලපත්‍ර නොමැතිව ශබ්ද විකාශන යන්ත්‍ර භාවිත කිරීම් 1, පෝස්ටර්, බැනර්, කටවුට් හා ධජ ප්‍රදර්ශනය කිරීම 1, පහර දී තුවාල සිදු කිරීම් 11, බැණ තර්ජනය කිරීම් හා බිය ගැන්වීම් 36, නාමයෝජනා ලැයිස්තු පැහැර ගැනීම 1, ව්‍යාජ අත්සන් යොදා ඡන්ද නාම ලේඛන සැකසීම් 1, පෝස්ටර් කටවුට් ආදියට අලාභහානි කිරීම් 7, ද්‍රව්‍ය හා උපකරණ බෙදීම් 7, ඡන්ද පෝස්ටර් සන්තකයේ තබා ගැනීම 1, නිවසට ඇතුල් වී ගල් ගසා අනර්ථය කිරීම් 6, නිවසක් බිඳ දේපළ සොරකම් කිරීම 2, මුදල් බෙදා දීම් 2, මැතිවරණ ප්‍රචාරක කටයුතු සිදු කිරීම් 2, රැස්වීමකට ගල් ගසා කඩාකප්පල්කාරී ක්‍රියා 1, අත් පත්‍රිකා බෙදීම් 2, කාර්යාලවලට අලාභහානි සිදුකිරීම් හා භාණ්ඩ සොරා ගැනීම් 2, පෝස්ටර්, බැනර්, ධජ ප්‍රදර්ශනය කරමින් වාහන ධාවනය 1, ඡන්දය ආයාචනා කිරීම් 1, රැස්වීම් භූමියේ ගැටලු 1 ක් ලෙස මෙම පැමිණිලි ලැබි තිබෙන බව පොලිස් මූලස්ථානය වැඩිදුරටත් සඳහන් කර සිටියි. -

පුංචි ඡන්දයේ එක කතිරයයි… වැඩිය කතිර ගැහුවොත් ඡන්දය ප්‍රතික්ෂේප වෙනවා
එළැඹෙන පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ ඡන්ද පත්‍රිකාවේ සලකුණු කළ යුත්තේ එක් කතිරයක් පමණක් බවත් ඡන්ද පත්‍රිකාවේ එක් කතිරයකට වඩා පැවැතියහොත් එම ඡන්ද පත්‍රිකාව ප්‍රතික්ෂේප කළ ඡන්ද පත්‍රිකාවක් ලෙස සලකන බවත් මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා ඊයේ (9) කොළඹ රාජගිරිය මැතිවරණ මහලේකම් කාර්යාලයේ පැවති මාධ්‍ය උපමාන සම්බන්ධයෙන් දැනුම්වත් කිරීමේ විශේෂ හමුවේදී ප්‍රකාශ කළේය.මෙවර ඡන්ද පත්‍රිකාවේ මනාප ඡන්ද සලකුණු කිරීමට කොටසක් නොමැති බැවින් එක් කතිරයක් පමණක් තමන් කැමති පක්ෂයේ හෝ ස්වාධීන කණ්ඩායම ඉදිරියේ සලකුණු කළ හැකි යැයිද ඒ මහතා වැඩිදුරටත් පැවැසීය. -

රැකියා ඇබෑර්තු පන්ලක්ෂයක්
මෙරට විවිධ ක්ෂේත්‍රයන්හි මේ වන විට ලක්ෂ 5 කට ආසන්න රැකියා ඇබෑර්තු සංඛ්‍යාවක් පවතින බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ නවතම සමීක්ෂණයකින් හෙළිවී තිබේ.ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව මුළු රටම ආවරණය වන පරිදි ප්‍රථම වරට මෙම ආයතනික සමීක්ෂණය කර ඇති අතර සේවයේ නියුතු පුද්ගලයන් සංඛ්‍යාව තුනකට වැඩි ව්‍යාපාර ආයතන 3500 ක නියැදියක් මේ සඳහා භාවිත කර ඇත.මේ වනවිට පෞද්ගලික අංශයේ රැකියාවල මිලියන 5 ට ආසන්න සේවක සංඛ්‍යාවක් සේවයේ නියුතුව සිටින බවත්, ඉකුත් වසරේ වැඩි පිරිසක් සේවයේ නියුතුව ඇත්තේ සේවා අංශය තුළ බවත් මෙම සමීක්ෂණයේදී හෙළිවූ බව එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ඒ. ජේ. සතරසිංහ මහතා ප්රකාශ කළේය.ඉහළම සේවක ඉල්ලුමක් පවතින්නේ මහන මැෂින් ක්‍රියාකරුවන් සඳහා වන අතර එම සංඛ්‍යාව 77189 ක් වේ. දෙවනුව ආරක්ෂක නියාමකයන් සඳහා (57008) ඉහළ ඉල්ලුමක් පවතින බවද ඉන් අනාවරණය වී ඇත. මෙවැනි රැකියා සඳහා ඉදිරිපත් කරන ඇබෑර්තු සංඛ්‍යාවට සරිලන පරිදි අයැදුම් කරන්නන් නොමැති වීමෙන් මෙම ඉල්ලුම වැඩිවී ඇති අතර ඒ නිසාම එවැනි රැකියා වැඩි සංඛ්‍යාවක් පුරප්පාඩු පවතින බව සතරසිංහ මහතා පැවැසීය. -

අගමැති ප‍්‍රකාශයෙන් රාජපක්‍ෂ රෙජීමයේ හිස ගිණිගනී (Video)
2008 වසරේ සිට මහබැංකු බැඳුම්කර වංචා සිදු වී ඇති බවත්” එමගින් අර්ථසාධක සේවා අරමුදලට අති විශාල හානියක් සිදු වී ඇති බවත් බැඳුම්කර කොමිසම හෙළිදරව් කිරීමෙන් පසුව” එම සියලූම මුදල් අයකර ගැනීම සඳහා නඩු පවරන්නට නීතිපතිවරයාට උපදෙස් දෙන බැව් පසුගිය දා අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා ප්රකාශ කළේය’මෙම ප‍්‍රකාශයත් සමග රාජපක්‍ෂ රෙජීමය නියෝජනය කරමින් බැඳුම්කරය පිලිබඳ හක්‍ෂ තලමින් හුන් පිරිසට නිහක්‍ෂ වන ලෙස රාජපක්‍ෂ රෙජීමයෙන් බලපෑම් එල්ල වී ඇත’ වඩාත් විනිවිද භාවයෙන් හා සුපරික්‍ෂාකාරිත්වයෙන් කටයුතු කෙරුන බැඳුම්කර කොමිසම රටේ බුද්ධිමතුන් බහුතරයකගේ විශ්වාසය දිනාගෙන තිබේ’ එවන් තත්ත්වයක් මත තමන් වෙත එල්ල වී ඇති චෝදනාවන් මගහැර පළායාමට තමන්ට කිසිදු හැකියාවක් නොමැති බව රාජපක්‍ෂ ජෙරීමය මේ වනවිට මැනවින් අවබෝධ කරගෙන සිටියි’මෙම බැඳුම්කර මගඩිය නිසා යහපාලන ආණ්ඩු සමයේ රටට අහිමි වූ මුදල බිලියන 11 ක් වන බැව් පසුගිය වකවානුව පුරාම විරුද්ධ පක්‍ෂය විසින් දිගින් දිගටම චෝදනා කරන ලදී’ එම චෝදනා වලට පිලිතුරු දෙමින් අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා ප‍්‍රකාශ කළේ 2008 වසරේ සිට බැඳුම්කර වංචා සිදුව ඇති බවත්” එයින් රටට අහිමි වූ මුදල බිලියන 4000 ඉක්මවන බැව් බැඳුම්කර කොමිසම විසින් හෙළි කර ඇති බවත්ය.උපුටා ගැනීම: අපි UNP පිටුවෙනි -

පොළොන්නරුවේ පොහොර හිඟය අවසන්
පොලොන්නරුවේ පැවැති පොහොර හිඟය නිමාවට පත්ව ඇති බවත් මේවන විට පොලොන්නරුවට පොහොර මිටි 2500–3000ක් පමණ (9) ලැබී ඇති බව සිමාසහිත ලංකා පොහොර සමාගමේ පොලොන්නරු දිස්ති‍්‍රක් අලෙවි නිළධාරි ජි.ජේ.ටී.කුමාර මහතා පැවසීය.
‘පොලොන්නරුව දිස්ති‍්‍රක්කයේ ගොවිජන සේවා මධ්‍යස්ථාන 12ක් තිබෙනවා. ඒ සෑම එකකම දැන් පොහොර තියෙනවා. ගල්අමුණ ගොවිජන සේවා මධ්‍යස්ථානයේ පමණක් හිඟයක් තියෙනවා. එම ස්ථානයටත් අද අපිට ලැබුණ පොහොර ලොරි හතරෙන් මුලින්ම අපි එම මධ්‍යස්ථානයට යවනවා. මේවන විට අවශ්‍ය පරිදි ගොවින්ට යුරියා පොහොර ලබා ගැනීමට හැකියාව තිබෙනවා’ යැයි ඔහු කීවේය.
පසුගිය දවස්වල පොහොර නැතුව පුදුම කට්ටක් කෑවේ. දවස් ගණන් පෝලිමේ ඉන්න වුණා. ඒ විතරක් නෙවෙයි ගන්න පුළුවන් වුණොත් පොහොර මිටි දෙකයි. අද පොහොර ආපු නිසා දැන් අක්කරයකට පොහොර මිටි 2ක් දෙනවා. කොටින්ම කියනවා නම් අවශ්‍ය තරම් පොහොර ගන්න තියෙනවා යැයි ගොවියෝ කියති.
-

කාන්තා නියෝජනය 25%ක් කිරීමට පළාත් පාලන මැතිවරණයේ පැරදුන අයටත් ලැයිස්තුවෙන් ඉඩ..
පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ නව ක්‍රමය අනුව කිසියම් කොට්ඨාසයකට තරඟ කොට පරාජයට පත්වන අපේකෂකයකු වුවද ලැයිස්තුවෙන් සභිකයකු ලෙස පත්කළ හැකි බව මැතිවරණ කොමිසම සඳහන් කරයි.
එවැනි සභිකයකු පත් කිරීම සඳහා නම් කිරීමේ බලය ඒ ඒ දේශපාලන පක්ෂවල ලේකම්වරුන්ට පැවරෙන බවද මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.
මීට අමතරව ඒ ඒ පළාත් පාලන ආයතනවල සභිකධූර සඳහා පත්වීමට නම්කර ලැයිස්තුවේ සිටින (තරඟ නොකර) අපේකෂකයින් අතර කුමන අපේක්ෂකයින් පත්කරන්නේද යන්න තීන්දු කිරීමේ බලයද දේශපාලන පක්ෂ ලේකම් වරුන්ට ලැබෙන බවද මැතිවරණ කොමිසම කියයි. -

ජනපතිවරණයක් කරලියට… ජනපති මෛත්‍රී තම ධුර කාලය පිලිබදව අධිකරණයෙන් මතය විමසයි…
19 වන ව්‍යවස්ථා සංශෝධනයට අනුව වත්මන් ජනාධිපතිවරයාගේ ධුර කාලය පිළිබඳජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් විමසීමක් කර තිබෙනවා.
අදාළ තීරණය ලබන 14 වනදා හෝ ඊට පෙර ලබාදෙන ලෙසයි අගවිනිසුරුවරයාට දැනුම් දී ඇත්තේ.
1978 ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට අනුව ජනාධිපතිවරයාගේ ධුර කාලය වසර 06ක්.
එහෙත් එම ධුර කාලය වසර 05ක් දක්වා අඩු කිරීමට 19 වන ව්‍යවස්ථා සංශෝධනයෙන් පියවර ගනු ලැබුවා.
එම ව්‍යවස්ථා සංශෝධනය සිදු කළ වකවානුවේ සිටි ජනාධිපතිවරයාට ද අදාළ තීරණය වලංගු වන්නේද යන්න පිළිබඳවයි ජනාධිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් විමසා ඇත්තේ.
ඒ අනුව එම කරුණ සම්බන්ධයෙන් අනිද්දා විමසා බැලීමට තීරණය කර ඇති බව ශ්‍රේෂ්ඨාධිකරණයේ රෙජිස්ට‍්‍රාර්වරයා විසින් ශ‍්‍රී ලංකා නීතිඥ සංගමයට දැනුම් දී තිබෙනවා.
-

ශ‍්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවටයි රූපවාහිණීසංස්ථාවටයි ඇඟිලි සලකුණු පොලීසියෙන් පොලිස්පාට්
ශී‍්‍ර ලංකා ගුවන්විදුලි සංස්ථාවට හා ජාතිකරූපවාහිණියට වසර 2ක් තිස්සේ ධාවනයේ යෙදවූ ලංගම බස්රථයට අනවසරයෙන් කඩාවැදුන පොලිස් ඇඟිලිසලකුණු අංශයේ පොලිස් උපපරීක්ෂකවරු සහ කොස්තාපල්වරු පොලිස්පාට් දමා බස් රථය නවතා ඇතැයි වාර්තා වේ.
අවුරුදුදෙකක් ගුවන්විදුලිසංස්ථාව ඉදිරිපිටින් ආරම්භ උන මෙම බස් රථය රූපවාහිණී කාර්යමණ්ඩලය සමඟ 4.30ට ගුවන්විදුලි සංස්ථාව ඉදිරිපිටින් අවිස්සාවේල්ල දක්වා ධාවනය වී තිබේ. රූපවාහිණී කාර්යමණ්ඩලය බස්රථයට නැගීමටපෙර ඇඟිලිසළකුණු අංශයේ පිරිස කඩාවැදීම දිගින් දිගටම සිදුවන නිසා රූපවාහිණී කාර්ය මණ්ඩලයට ආසන අහිමිව හිටගෙන යාමට පවා සිදුව ඇත. මේ බව පොලිස් ඇඟිලිසලකුණු අංශයේ නිලධාරීන්ට සහ අනෙක් පිරිසට දැන්වූවද ඒ ගැන නොතකා ඇඟිලි සලකුණු අංශයේ පිරිස පොලිස් බලතල ක‍්‍රියාත්මක කිරීමට ගොස් තිබේ.
අවසානයේ හෝමාගම ඩිපෝවට පෙත්සමක් භාරදිමෙන් මේ වන විට බස් රථය නතරකර ඇත. හෝමාගම ඩිපෝවට මේ පිළිබඳව කථා කිරීමේදී පවසා ඇත්තේ පොලිස්සිය සමඟහැප්පීමට බැරි නිසා තවදුරටත් ගුවන්විදුලිට සහ රූපවාහිණියට මෙම බස් රථය යෙදවිය නොහැකි බවයි.
අපි සී අයි ඞී යනුවෙන් බස් රථයට කඩා වැදී අසුන් ගැනීම පිළිබඳව ගුවන්විදුලියේ සහරූපවාහිණියේ කාර්යමණ්ඩලය තුළ ඇත්තේ බලවත් අප‍්‍රසාදයකි. ඔවුන්ට යෙදවූ බස් රථයේ කිසිදු අවසරයකින්තොරව බලහත්කාරයෙන් වාඩිවී අපි සී අයි ඞී යයි පැවසිම පොලිස් නිලධාරීන්ට සහ ඔවුන්ගේ රහස්‍යභාවයට කෙතෙක් දුරට යුක්තියුක්තදැයි විමසීම වටීයි.
පොලිසීය ජනතාහිතවාදිව සිටිය යුතු මොහොතක වසර දෙකක් ධාවනය වු බසය අත්හිටවූයේ හෝමාගම ඩිපෝවට පෙත්සමක් ගොස් බාරදීමෙනි. අනතුරුව පවසා ඇත්තේ බස් රථය ධාවනය වුවහොත් හන්දියක් හන්දියක්ගානේ බස්රථයේ රියදුරු නොකළ වැරදිවලට පොලිස් රථවාහන ඒකකයෙන් නවත්වන බවයි. ඇඟිලි සලකුණු අංශයේ කාන්තා උපපොලිස්පරීක්ෂකවරියක්ද මෙම බස් රථයේ ගොස් ඇති අතර ඇය අපේ මිනිස්සු හරිවැරදී යනුවෙන් පවසා ඇත. ඇයට තේරෙන සත්‍යය පිරිමි උපපොල්ස්පරීක්ෂකවරුන් සහ කොස්තාපල්වරුන් ඇතුලූ ඇඟිලි සලකුණු අංශයේ කාර්ය මණ්ඩලයට නොතේරුණේ මන්දැයි විමතියකි.
හෝමාගම ඩිපෝවේ සාමාජික පිරිස පවසා ඇත්තේ නොකළවැරදිවලට පොලීසිය දඩුවම්දෙන ඉතිහාසයක් ඇති නිසා තවදුරටත් ගුවන් විදුලිසංස්ථාව ඉදිරිපිට පේ‍්‍රමකීර්ති ද අල්විස් මාවතෙන් බස් රථය ආරම්භ කළ නොහැකිබවයි. ”කුඩු පැකට් එකක්වත් ගෙනත්දාලා අපිව වැරදිකාරයෝ කළොත් මහත්තයෝ අපි අසරණයිනේ. නඩුයි බඩුයි උන්ගෙනේ”යයි ඩිපෝවේ සාමාජිකයන් මෙන්ම කොන්දොස්තරමහතා සහ රියදුරුමහතාද භීතියෙන් වෙලී ඇතැයි පැවසේ. මහජන සුභසිද්ධිය සඳහා කි‍්‍රයා කළයුතු පොලිසිය පොලිස්පාට් දැමීම නිසා නතරවූ බස්රථය නැවත ලබා දෙන්නේ කවදාදැයි ඇසියයුත්තේ කාගෙන්ද? මෙවන් නොහොඹිනා වැඩපොලීසිය අත්හරින්නේ කවදාද?
-

රුධිරය පරිත්‍යාග කරන්න – ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානය
ඩෙංගු සහ වෙනත් රෝග තත්ත්වයන් හේතුවෙන් සෑම වසරකදී ම ගබඩාගත රුධිර ප්‍රමාණය අඩුවන බැවින් රුධිරය පරිත්‍යාග කරන ලෙස ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානය ජනතාවගෙන් ඉල්ලා සිටියි.
එම මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා සඳහන් කළේ සෑම වසරක ම ජනවාරි සිට අප්‍රේල් මාසය දක්වා කාලය තුළ රුධිරය පරිත්‍යාග කිරීම ද අවම වන බවයි. එම නිසා රුධිරය හිඟයක් ඇතිවිය හැකි බැවින් රුධිර පරිත්‍යාගශීලීන්ගෙන් කඩිනමින් රුධිරය පරිත්‍යාග කර ගැනීමට සිදුව ඇති බව අධ්‍යක්ෂවරයා සඳහන් කරයි.
එම නිසා නාරාහේන්පිට ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානයට හෝ ලඟම පිහිටි රෝහලේ රුධිර මධ්‍යස්ථානයට පැමිණ රුධිරය පරිත්‍යාග කරන ලෙස අධ්‍යක්ෂවරයා ජනතාවගෙන් ඉල්ලා සිටියි.
මේ පිළිබඳ වැඩිදුර විස්තර සඳහා වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා – 0777 586 596
-

කෙහෙළිය ඇතුළු තිදෙනකුට එරෙහි නඩුව 26වැනිදා විභාගයට…
පසුගිය ජනාධිපතිවරණ සමයේ දේශපාලන කටයුතු සඳහා ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාවට අයත් මුදල් යොදා ගනිමින් ජී.අයි. පයිප්ප බට මිලදී ගැනීම තුළින් රජයට පාඩුවක් සිදුකළේ යැයි චෝදනා කරමින් හිටපු ජනමාධ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු විත්තිකරුවන් තුන් දෙනකුට එරෙහිව අල්ලස් කොමිසම මඟින් ගොනුකළ නඩුවක් විභාග කිරීම සඳහා කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය දින නියම කළේය.
ඒ අනුව නඩුව මේ මස 26 වැනිදා විභාගයට ගැනීමට නියෝග කළ කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ලාල් රණසිංහ බණ්ඩාර මහතා එදිනට අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි දන්වා සාක්ෂිකරුවන්ට සිතාසි නිකුත් කළේය.
මෙම නඩුවේ සෙසු විත්තිකරුවන් ලෙස ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාවේ හිටපු සභාපති විමල් රූබසිංහ සහ එම සංස්ථාවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් චන්ද්‍රපාල ලියනගේ යන අය නම්කර තිබේ.
පසුගිය ජනාධිපතිවරණය සමයේ ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාවට අයත් රුපියල් 9,90,000ක මුදලක් යෙදා ගනිමින් දේශපාලන කටයුතු සඳහා ජී.අයි. පයිප්ප බට මිලදී ගැනීම තුළින් රජයට පාඩුවක් සිදුකළේ යැයි චෝදනා කරමින් අල්ලස් කොමිසම විසින් හිටපු ජනමාධ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු විත්තිකරුවන් තිදෙනාට එරෙහිව අල්ලස් කොමිසම මෙම නඩුව පවරා ඇත.
-

බණ්ඩාරනායක ශ‍්‍රීමතාණන්ගේ 119 වැනි ජන්ම දින සැමරුම් උළෙල ජනපති ප‍්‍රධානත්වයෙන්
ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිර්මාතෘ දිවංගත එස්.ඩබ්.ආර්.ඞී. බණ්ඩාරනායක ශ‍්‍රීමතාණන්ගේ 119 වැනි ජන්ම දිනය වෙනුවෙන් සංවිධානය කළ සැමරුම් උළෙල (08) පෙරවරුවේ ගාලුමුවදොර බණ්ඩාරනායක පිළිරුව අභියස දී ජනාධිපති මෛත්රීපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්විණි.
ජනාධිපති මෛත්රීපාල සිරිසේන මැතිතුමා සහ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිණිය පළමුව බණ්ඩාරනායක පිළිරුව වෙත පුෂ්පෝපහාර දැක්වීය.
අනතුරුව නිමල් සිරිපාල ද සිල්වා, මහින්ද අමරවීර, සුසිල් ප්‍රේමජයන්ත, දුමින්ද දිසානායක යන අමාත්‍යවරුන් ඇතුළු ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ ක‍්‍රියාකාරීන් පිළිරුවට පුෂ්පෝපහාර දැක්වූහ.
සුනේත‍්‍රා බණ්ඩාරනායක මහත්මිය ඇතුළු පවුලේ ඥාතීන් ද මේ අවස්ථාවට එක්ව සිටියහ.



-

2017 අ.පො.ස උසස් පෙළ විශිෂ්ටයින්ට ජනපති අතින් තිළිණ
2017 අ.පො.ස උසස් පෙළ විභාගයෙන් සමස්ත ලංකා මට්ටමින් විශිෂ්ට දක්ෂතා දැක්වූ මාතර සුජාතා විද්‍යාලයේ සහ මාතර මහින්ද රාජපක්ෂ විද්‍යාලයේ සිසු සිසුවියන් (09) පෙරවරුවේ ජනාධිපති නිල නිවසේදී ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා හමුවිය.
එම දරුවන්ගේ දක්ෂතා අගය කළ ජනාධිපතිතුමා ඔවුන්ට සිය සුභාශිංසන පිළිගැන්වූ අතර, ඉදිරි අධ්‍යාපන කටයුතු සාර්ථක කර ගැනීමට ද සිය ආශිර්වාදය පළකළේය.
මාතර සුජාතා විද්‍යාලයෙන් මෙවර අ.පො.ස උසස් පෙළ විභාගයට පෙනීසිට ජීව විද්‍යා අංශයෙන් දිවයිනේ ප‍්‍රථම ස්ථානය දිනූ දිලිනි සඳුනිකා පළිහක්කාර, වාණිජ අංශයෙන් දිවයිනේ ප‍්‍රථම ස්ථානය දිනූ එස්. ඒ. දුලානි රසන්තිකා, කලා අංශයෙන් දිවයිනේ සිව්වන ස්ථානය දිනාගත් උචිනි ෂිහාරා සූරියආරච්චි යන සිසුවියන් ද, මාතර මහින්ද රාජපක්ෂ විද්‍යාලයෙන් මෙවර අ.පො.ස උසස් පෙළ විභාගයට පෙනී සිට ඉංජිනේරු තාක්ෂණවේද විෂයෙන් දිවයිනේ ප‍්‍රථමස්ථානය ලැබූ පාරමී ප‍්‍රසාදි රන්සිරිනි හෙට්ටිආරච්චි සහ ජෛව පද්ධති තාක්ෂණවේදය විෂයෙන් දිස්ත‍්‍රික්කයේ ප‍්‍රථම ස්ථානය දිනූ බී. ඒ. හසිත් පුන්සර යන සිසු සිසුවියන් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
ඔවුන් වෙත තිළිණ පිළිගැන්වීම ද ජනාධිපතිතුමා අතින් සිදු කෙරිණි.
එම පාසල් නියෝජනය කරමින් පැමිණි විදුහල්පතිවරුන්ගේ සහ ගුරු බවතුන්ගේ සේවය ද ජනාධිපතිතුමාගේ ඇගයීමට ලක්විය.
අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා සහ සිසුන්ගේ දෙමව්පියන් ඇතුළු පිිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
-

ගණේමුල්ල ගුවන් පාලම විවෘත කිරීම හෙට
අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා ප්‍රමුඛ රජයේ මාර්ග සංවර්ධන ව්‍යාපෘතියක් වන ගණේමුල්ල නගරයේ දුම්රිය මාර්ගය මතින් ඉදි කරන ලද ගුවන් පාලම මෙම මස 11 දින පෙරවරු 10 ට ජනතා අයිතියට පත් කෙරේ.
ගණේමුල්ල දුම්රිය ස්ථානයට නුදුරින් ගණේමුල්ල- කඩවත මාර්ගයේ සිට කඳාන මාර්ගය දක්වා මීටර් 275 දිගින් සහ මන්තීරු 2 කින් යුත් මෙම ගුවන් පාලමේ පළමු අදියර මෙසේ ජනතා අයිතියට පත් කෙරෙන අතර මෙහි දෙවන අදියර යටතේ ගණේමුල්ල-ගම්පහ මාර්ගය දක්වා තැනවීමට නියමිතය.
මෙම පාලම ඉදිකිරීම සඳහා ස්පාඤ්ඤ රජයේ ණය ආධාර යටතේ රුපියල් මිලියන 1768 ක මුදලක් වැය කොට ඇති අතර මෙහි තැනීම් කටයුතු මාර්ග සංවර්ධන අධිකාරියේ අධීක්ෂණය යටතේ ස්පාඤ්ඤ සහ මෙරට සමාගම් දෙකක් මගින් සිදුකොට ඇත.
-

ශ්‍රීලනිපය ප්‍රමුඛ සන්ධානයේ මංගල රැලිය අද අනුරපුරේ
පෙබරවාරී 10 වැනිදා පැවැත්වෙන පළාත් පාලන මැතිවරණයට අදාළව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානය සංවිධන කරන මහජන රැලි හා රැස්වීම් මාලාවේ මංගල රැලිය හා රැස්වීම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති, ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (10) පස්වරු 2 ට අනුරාධපුරයේදී පැවැත්වේ.
ජනාධිපති මෛත්රීපාල සිරිසේන, පක්ෂ මහලේකම්, කෘෂිකර්ම ඇමැති දුමින්ද දිසානායක, එක්සත් ජනාතා නිදහස් සන්ධානයේ මහලේකම්, ධීවර හා ජලජ සම්පත් ඇමැති මහින්ද අමරවීර, විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ ඇමැති සුසිල් ප්‍රේමජයන්ත් ඇතුළු පක්ෂ නායකයන් ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ හා රුවන්මැලි සෑ රඳුන්ගේ ආශීර්වාද ලබා ගැනීමෙන් අනතුරුව රැස්වීමට සහභාගී වීමට නියමිතය.
මෙහිදී එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ප්‍රතිපත්ති ප්‍රකාශය ද එළි දැක්වීමට නියමිත අතර සන්ධානයට බලය හිමි වන පළාත් පාලන ආයතන නව තාක්ෂණය හා නව කළමනාකරණ ක්‍රමවේද භාවිත කරමින් ජනතා හිතවාදී හා පිරිසුදු ආයතන ලෙස පවත්වාගෙන යන ආකාරය සම්බන්ධයෙන් ප්‍රතිපත්ති ප්‍රකාශය ඔස්සේ ඉදිරිපත් කිරීමට ද සැලසුම් කර තිබේ.
මෙවර මංගල රැලිය සඳහා කොළඹින් සීමිත පිරිසක් එක් වීමට නියමිත අතර අනුරාධපුර දිස්ත්‍රික්කයේ සියලු ම අපේක්ෂකයින් හා පාක්ෂිකයින් මේ අවස්ථාවට සහභාගී වනු ඇති බව ඇමැති සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසීය.