Blog

  • මියන්මාරයට අපේ අහිංසක ලාංකිකයන් විකිණූ හතරක් අත්අඩංගුවට..! ඒ අතර මහ මොලකරු මාලිමා අපේක්ෂකයෙක්…!

    මියන්මාරයට අපේ අහිංසක ලාංකිකයන් විකිණූ හතරක් අත්අඩංගුවට..! ඒ අතර මහ මොලකරු මාලිමා අපේක්ෂකයෙක්…!

    ශ්‍රී ලංකාවේ සිට මිනිස් ජාවාරමේ නිරත වූ චීන ජාතිකයකු සහ ශ්‍රී ලාංකිකයන් තිදෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

    අත්අඩංගුවට ගත් පිරිස එළඹෙන හතරවනදා දක්වා රක්‍ෂිත බන්ධනාගාරගත කර ඇති අතර ඔවුන්ට එරෙහිව මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු හතක් පවරා තිබේ.

    මෙම ජාවාරමට සම්බන්ධ තවත් එක් පුද්ගලයකු අත්අඩංගුර ගැනීමට මහජන සහාය බලාපොරොත්තු වන බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

    මියන්මාරයේ සයිබර් වහල් කඳවුරකට මෙරට ලාංකිකයන් යොමු කිරීමද මෙම පිරිසට යොමුව ඇති එක් චෝදනාවක් වෙයි.

    මෙසේ අත්අඩංගුවට ගත් හතර දෙනා අතර සිටිනා එක් පුද්ගලයකු පසුගිය පළාත් පාලන මැතිවරණයේදී ජාතික ජන බලවේගය යටතේ තරග කිරීම සඳහා නාම යෝජනා දුන් අයෙකි.

  • මාළු මිල ගණන් පහලට…!

    මාළු මිල ගණන් පහලට…!

    මාළු මිල ගණන් පහළ යමින් ඇතිබව මාළු වෙළදුන් පවසයි.

    පසුගිය සති කිහිපයේ මාළු මිල ඉහල ගොස් තිබුනද මේවන විට මිලක පහල බැස ඇත.

    කෙලවල්ලා,තලපත්,තෝර,පරව්,දැල්ලො වැනි මත්ස්‍ය මිල ගණන් ද පසුගිය සති කිහිපයට සාපේක්ෂව රුපියල් 100 වඩා වැඩි මුදලකින් මිළ අඩුවී තිබේ.

    සාලයා මාළු කිලෝවක් රුපියල් 300-400 අතර මිලක පවතියි.

    ග්‍රාමීය ප්‍රදේශ වල ප්‍රියතම ආහාරයක් ලෙස සාලයා මත්ස්‍යා හැදින්විය හැකිය.

    වෙළද පොළට වැඩි වශයෙන් මත්ස්‍ය අස්වැන්න ලැබීම මත්ස්‍ය මිළ අඩුවීමට හේතුවී තිබේ.

    – තවලම නිපුනි හසරංගී

  • අගරදගුරුට සජීවීව ‘අගර දගර ගුරු’ කියපු වීනු උදාරි සිදුවු වරදට ප්‍රසිද්ධියේ සමාව ඉල්ලයි..!

    අගරදගුරුට සජීවීව ‘අගර දගර ගුරු’ කියපු වීනු උදාරි සිදුවු වරදට ප්‍රසිද්ධියේ සමාව ඉල්ලයි..!

    ස්වර්ණවාහිනී නාලිකාවේ සජීවී වැඩසටහනක් අතරතුර අගරදගුරු යන නාමය වැරදි ලෙස උච්චාරණය කිරීම පිළිබඳව තමන් සමාව ඉල්ලා සිටින බව රංගන ශිල්පිණි වීණු උදාරී සිරිවර්ධන සඳහන් කරයි.

    අදාළ ප්‍රකාශයෙන් අගරදගුරුතුමන්ගේ ගෞරව නාමයට සිදුවූ අපහසුතාවය සම්බන්ධයෙන් සමාව ඉල්ලා සිටින බවත් කිතුනු බැතිමතුන්ගෙන්ද ඒ පිළිබඳව සමාව ඉල්ලා සිටින බවත් ඇය කියා සිටියාය.

    ස්වර්ණවාහිනියේ සජීව වැඩසටහනක් අතරතුර ඇය කියා සිටියේ අගරදගුරු වෙනුවට ‘අගර දගරු’ ලෙසයි.

  • අධිවෙිගී මාර් ග වල ගැටලු වලට සාගල විසඳුම් සොයයි..!

    අධිවෙිගී මාර් ග වල ගැටලු වලට සාගල විසඳුම් සොයයි..!

    මෙරට අධිවේගී මාර්ගයන්හි දැනට රාජකාරියේ යොදවා ඇති ශ්‍රී ලංකා පොලිස් විශේෂ කාර්ය බලකාය ඉටුකරන කාර්යයන්  සහ එහිදී මතුව ඇති ගැටළු සම්බන්ධයෙන් සාකච්ඡාවක් ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ දී පැවැත්ණි. 

    අධිවේගී මාර්ගයන්හි හදිසි අනතුරු, ගිනිගැනීම් වැනි අවස්ථාවලදී  සහ අපරාධ මැඩලීම සඳහා දැනට ශ්‍රී ලංකා පොලිස් විශේෂ කාර්ය බලකාය ක්‍රියාත්මක වන අතර එම කාර්යයන් වලින් පොලිස් විශේෂ කාර්ය බලකාය ඉවත් කර ගැනීමත්, ඔවුන් මෙතෙක් ඉටුකළා මෙන් එම කාර්යයන් විධිමත්ව ඉටු කිරීමේ වගකීම පැවරීම සඳහා විකල්ප ක්‍රමවේදයක් ඇති කිරීම පිළිබඳවත් මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි.

    මේ සඳහා  වූ යෝජනා කිහිපයක් සම්බන්ධයෙන් මෙහිදී අවධානය යොමු කෙරුණු අතර මෙම කාර්යයන් වඩාත් වගකීමෙන් සහ විධිමත්ව ඉටුකරගත හැකි පරිදි සහ මාර්ග සංවර්ධන අධිකාරියට එම කටයුතු  නිසි ලෙස කළමනාකරණය කරගත හැකි විධිමත් නිශ්චිත වැඩපිළිවෙළක් ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ මුලිකත්වයෙන් සකස් කර කඩිනමින් ඉදිරිපත් කරන ලෙසත් සාගල රත්නායක මහතා මෙහිදී නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

  • රවි,රුවන්,සාගල,අකිල,හරීන් සහ නවීන් ඇතුලට එද්දි ලේකම් රංගේ දොට්ට..! එජාපයට නව ලේකම්වරයෙක්..! එජාප නායකත්ව මණ්ඩලය ජනවාරි 01දා සිට වැඩ..!

    රවි,රුවන්,සාගල,අකිල,හරීන් සහ නවීන් ඇතුලට එද්දි ලේකම් රංගේ දොට්ට..! එජාපයට නව ලේකම්වරයෙක්..! එජාප නායකත්ව මණ්ඩලය ජනවාරි 01දා සිට වැඩ..!

    ලබන වසරේ ජනවාරි මස පළමුවනදා සිට එක්සත් ජාතික පක්ෂයේ දේශපාලන කටයුතු නව නායකත්ව මණ්ඩලය හරහා ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබේ.

    පක්ෂයේ තීරණ ගැනීම හා බලතල ක්‍රියාත්මක කිරීම මෙම මණ්ඩලය සතුවන අතර එහිදී සෙසු නිලතල රැසක් අහිමි වනු ඇත.

    රුවන් විජේවර්ධන, රවී කරුණානායක, අකිල විරාජ් කාරියවසම්, සාගල රත්නායක, හරීන් ප්‍රනාන්දු, නවීන් දිසානායක සහ වජිර අබේවර්ධන යන මහත්වරුන් එක්සත් ජාතික පක්ෂ නායකත්ව මණ්ඩලයට පත්කර තිබේ.

    එක්සත් ජාතික පක්ෂයේ නව මහලේකම්වරයා ලෙස මැතිවරණ සඳහා ඉදිරිපත් නොකරන පූර්ණ කාලීනව පක්ෂ කටයුතුවල නිරත විය හැකි පුද්ගලයෙකු පත්කිරීමට නියමිතය.

    එලෙස පත්කරන තැනැත්තා සම්බන්ධයෙන් අවසන් තීරණයක් එළඹෙන සතියේදී ගැනීමට නියමිතව තිබේ.

    පසුගිය කාල සීමාව තුළ එක්සත් ජාතික පක්ෂය යළි නගා සිටුවීම සඳහා කිසිදු වැඩපිළිවෙළක් ක්‍රියාත්මක නොවූ බවට පාක්ෂිකයින් විවිධ චෝදනා එල්ලකර තිබුණි.

    මෙම තත්ත්වය මත එක්සත් ජාතික පක්ෂයේ නව නායකත්ව මණ්ඩලය සඳහා වගකීම් සහ යුතුකම් රැසක් පැවරී තිබේ.

    එමෙන්ම එළඹෙන වර්ෂයේදී කුමන මැතිවරණයක් පැවැත්වුව ද ඒ සඳහා අවශ්‍ය කටයුතු සංවිධානය කිරීම ද එක්සත් ජාතික පක්ෂ නව නායකත්ව මණ්ඩලයට වගකීම් පැවරී ඇත.

  • විමලවීර ඉල්ලා අස්වෙයි..!

    විමලවීර ඉල්ලා අස්වෙයි..!

    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විමලවීර දිසානායක මහතා පාර්ලිමේන්තුවේ සියලුම කමිටුවලින් ඉවත්වීමට තීරණය කර තිබේ.

    ඔහු පෙන්වා දෙන්නේ මෙම කාරක සභාවල යෝජනා සාකච්ඡා වලට පමණක් සීමා වී ඇති නිසා තමන් මෙම තීරණය ගත් බවයි.

    යම් මාතෘකා එම කමිටුවල කතා කරනවා හැර අවසානයේදී තීරණ ක්‍රියාත්මක නොවන බවද පවසන ඔහු මහජන නියෝජිතයෙකු ලෙස තමන් කාලය කා දමමින් එහි රැඳී සිටීමේ තේරුමක් නැති බවද කියා සිටී.

    දිසානායක මන්ත්‍රීවරයා පාර්ලිමේන්තු කමිටු ගණනාවක් නියෝජනය කළේය.

  • රටම උණුසුම් කරමින් පුවත් මැවු යුක්තිය මෙහෙයුම අත්හිටුවීමේ තීරණයක්..!

    රටම උණුසුම් කරමින් පුවත් මැවු යුක්තිය මෙහෙයුම අත්හිටුවීමේ තීරණයක්..!

    රට පුරා ක්‍රියාත්මක “යුක්තිය” පොලිස් මෙහෙයුම හෙට (24) අනිද්දා (25) සහ 26 යන තෙදින තුළ තවකාලිකව නතර කිරීමට සිදුවී තිබේ.

    පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී නීතීඥ නිහාල් තල්දූව මහතා ඒ බව පැවසීය.

    එසේ “යුක්තිය” මෙහෙයුම නතර කරුණු ලබන්නේ නත්තල් දිනය (25) සහ 26 වනදා යෙදී ඇති පොහොය දිනය හේතුවෙන් පොලිස් නිලධාරීන් යම් යම් විශේෂ රාජකාරී සඳහා යෙවීමට ඇති බැවින් බව නීතීඥ නිහාල් තල්දූව මහතා පවසයි.

    ඉන් පසුව යුක්තිය මෙහෙයුම යළිත් ආරම්භ කිරීමට නියමිතය.

    එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී නීතීඥ නිහාල් තල්දූව මහතා,

    “රට පුරා ක්‍රියාත්මක යුක්තිය පොලිස් මෙහෙයුම 17 වන දින සිට 23 වනදා දක්වා මුල් සතිය එනම්, දින 7ක කාලසීමාවක් අපි ක්‍රියාත්මක කළා. මෙය නතර කිරීමේ අදහසක් නැහැ. 25 නත්තල් දිනය විශේෂයෙන් 24, 25, 26 මේ… පොහොය දිනයත් එකට එළඹීමත් සමගම  පොලිස් නිලධාරීන් යම් යම් රාජකාරීවල යෙදීමට අපට සිදුවෙනවා. යම් ආකාරයකට දින කිහිපයකට මෙම මෙහෙයුම් නතර කිරීමට සිදුවුවත් ඉදිරයේදී මෙහෙයුම් නොකඩවා සිදුකිරීමට කටයුතු කරනවා.”

  • උත්සව සමයට අඛණ්ඩව විදුලිය සහ ඛනිජ තෙල් බෙදාහැරීමට විශේෂ වැඩපිළිවෙලක්..!

    උත්සව සමයට අඛණ්ඩව විදුලිය සහ ඛනිජ තෙල් බෙදාහැරීමට විශේෂ වැඩපිළිවෙලක්..!

    එළැඹෙන සතිඅන්ත නිවාඩු සමයේ විදුලිය විසන්ධි කිරීමෙන් වළකින ලෙස අදාළ අංශ වෙත උපදෙස් ලබා දුන් බව කංචන විජේසේකර අමාත්‍යවරයා පවසයි.

    හදිසි නොවන නඩත්තු කටයුතු සඳහා ද විදුලි විසන්ධි කිරීමෙන් වළකින ලෙස ලංකා විදුලිබල මණ්ඩලයට උපදෙස් ලබාදුන් බව අමාත්‍යවරයා සඳහන් කළේය.

    නඩත්තු කටයුතු සඳහා විදුලි විසන්ධි කිරීම පිළිබඳ ජත්‍යන්තර මර්ගෝපදේශ අනුව කටයුතු කිරීමට අදාළ පියවර ගන්නා බවද ඔහු ප්‍රකාශ කර තිබේ.

    නිරන්තරයෙන් විදුලිය විසන්ධි කරන බවට ජනතාවගෙන් ලැබී ඇති පැමිණිලි පිළිබඳ අවධානය යොමු කරමින් මෙම පියවර ගෙන ඇති බව සඳහන්ය.

    අනවශ්‍ය ලෙස සතිඅන්තයේ සිදුකරන නඩත්තු කටයුතු හේතුවෙන් අතිකාල දීමනා සඳහා විශාල පිරිවැයක් දැරීමට සිදුව ඇති බවද කාංචන විජේසේකර අමාත්‍යවරයා තවදුරටත් පෙන්වා දෙයි.

    උත්සව සමයේදී කිසිඳු ඉන්ධන හිඟයක් ඇති නොවීමට සියලුම ඉන්ධන හල් වගබලා ගතයුතු බව විදුලිබල සහ බලශක්ති අමාත්‍යාංශය දැනුම්දී තිබේ.

    සිපෙට්කෝ, ලංකා IOC සහ සයිනොපෙක් ඉන්ධන හල් වෙත එම දැනුම්දීම සිදුකර ඇත.

    එහිදී වැඩිදුරටත් පෙන්වා දී ඇත්තේ අවම වශයෙන් 50%ක ඉන්ධන තොගයක් පවත්වාගෙන යෑමට සියලුම ඉන්ධනහල් කටයුතු කළයුතු බවට ය.

    උත්සව සමයේ කිසිදු හිඟයකින් තොරව ඛනිජ තෙල් බෙදා හැරීම සඳහා සියලුම පිරවුම්හල් එකඟතාවකට පැමිණි බව ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය පවසයි.

    එහි සමලේකම් කපිල නාඔටුන්න මහතා මේ බව සඳහන් කළේය.

    කපිල නාඔටුන්න මහතා සඳහන් කළේ මාසික පරිහරණ ගාස්තුවක් අයකිරීමට ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ගෙන තිබූ තීරණය අධිකරණයෙන් ලබා ගත් වාරණ නියෝගයක් මත නතර කර ගැනීමට පියවර ගැනීම නිසා මෙම එකඟතාවට පැමිණි බවයි.

  • මැතිසබය වාර අවසානය ලබන මස අග..!

    මැතිසබය වාර අවසානය ලබන මස අග..!

    පාර්ලිමේන්තුව ලබන මස අවසාන සතියේදී වාර අවසාන කෙරෙන බව එහි ආරංචි මාර්ගවලින් පැවසේ.

    පාර්ලිමේන්තුව මුල් සතිය රැස්වීමෙන් පසු වාර අවසාන කිරීමට මුලින් තීරණය කර තිබුණත් එය පසුව වෙනස් කරගෙන ඇති බව දැනගන්නට ඇත.

    පසුගිය 13 වැනිදා පැවැති අයවැය අවසාන ඡන්ද විමසීමෙන් පසු පාර්ලිමේන්තුව  ලබන 9 වැනිදා දක්වා කල් තබනු ලැබීය. මේඅනුව  පාර්ලිමේන්තුව එදින සිට 13 වැනිදා දක්වා  දින හතරක් රැස් වෙනු ඇත.

    පාර්ලිමේන්තුව ලබන මස මුල්  සති දෙක රැස්වීමෙන් අනතුරුව  මාසය අවසානයේදී   වාර අවසාන කෙරෙනු ඇතැයි දැනගන්නට ඇත.

    මේ අතර පාර්ලිමේන්තුවේ දැනට ක්‍රියාත්මක වන කෝප් ,කෝපා  ඇතුළු කමිටු හැටකට වැඩි සංඛ්‍යාවක් පාර්ලිමේන්තුව වාර අවසාන කිරීමෙන් අහෝසිවී යනු ඇත.

    ඒ අනුව එම කමිටු නව පාර්ලිමේන්තුව විවෘත කිරීමෙන් පසු  නැවතත් පත් කිරීමට සිදුවනු ඇත.

    පාර්ලිමේන්තුව වාර අවසාන කළද ස්ථාවර නියෝග අනුව අහෝසි නොවන්නේ උසස් නිලතල පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව, පාර්ලිමේන්තු ආංශික අධීක්ෂණ කාරක සභා සහ විශේෂ කාරක සභා පමණි.

    මේ අතර අලුතින්  කමිටු පිහිටුවීමේදී කමිටු පහක  සභාපති පුටු  වෙනස් කෙරෙනු ඇතැයි  දැනගන්නට ඇත.

  • යුක්තිය මෙහෙයුමෙන් කෝටි 13ක දේපල අත්අඩංගුවට…!

    යුක්තිය මෙහෙයුමෙන් කෝටි 13ක දේපල අත්අඩංගුවට…!

    යුක්ති මෙහෙයුමට සමගාමීව සංවිධානාත්මක අපරාධ සහ ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට අයත් තවත් දේපල රැසක් 12.22 වන දින නීති විරෝධි වත්කම් හෝ දේපල විමර්ශන කොට්ඨාසයේ නිළධාරීන් විසින් දේපල තහනමට ගෙන ඇත.

    විදේශගතව සිට ඉතා ක්ෂුක්ෂම ලෙස මත්ද්‍රව්‍ය ජාවාරම් සිදුකර එම ජාවාරමෙන් උපයාගන්නා ගන්නා ලද මුදල් භාවිතා කර මෙම වාහන සහ දේපල මිලදී ගෙන ඇති බවට විමර්ශන නිළධාරීන් වෙත අනාවරණය වීමෙන් පසුව මෙම දේපල තහනමට ගැනීම සිදු කර ඇත.

    තහනමට ගත් වාහන සහ දේපල පහත පරිදි වේ.
    අඩි 45 ක බහුදින යාත්‍රා 01 ක්
    KDH වෑන් රථ 01 ක්
    TOYOTA CHR වර්ගයේ ජීප් රථ 01 ක්
    WAGON R වර්ගයේ කාර් රථ 01 ක්
    හික්කඩුව ලිපිනයේ තට්ටු 03 කින් සමන්විත ගොඩනැගිල්ල
    හික්කඩුව මහමෝදර පාලම අසල මහල් 04 කින් යුත් Villa 01 ක්
    හික්කඩුව මහමෝදර පාලම අසල මහල් 03 කින් යුත් Villa 01 ක්
    රත්‍රං පවුම් 30 ක්

    ඉහත පරිදි තහනමට ගත් වාහන සහ දේපල වල මුළු වෙළදපල වටිනාකම ලක්ෂ 1340 කට ආසන්න බවට අනාවරණය වී ඇත.

    – Repoter

  • ජනතාවට සති 02න් සියල්ල අමතක උනත් ලොව ඉහලම මතක ධාරිතා ලෝක වාර් තාවත් බලංගොඩ සිසුවෙක්ට..!

    ජනතාවට සති 02න් සියල්ල අමතක උනත් ලොව ඉහලම මතක ධාරිතා ලෝක වාර් තාවත් බලංගොඩ සිසුවෙක්ට..!

    ඉන්දියාවේ සිට ක්‍රියාත්මක කරන චෝලන් ලෝක වාර්තා පොතේ ලෝව ඉහලම මතක ධාරිතාවක් ඇති සිසුවාට හිමි ලෝක වාර්තාව බලංගොඩ දෙමල විද්‍යාලයේ අවු 09 වයසැති ඕටිසම් රෝගි තත්ත්වයෙන් පෙලෙන භාක්‍යරාසා මුරලිදරන් සිසුවා (22) දින පිහිටුවිය.

    භාක්‍යරාසා මුරලිදරන් සිසුවා ඕටිසම් රෝගයෙන් පෙලෙන සිසුවෙකු බවත්, ඔහුගේ ගුරුවරයාගේ මග පෙන්විම යටතේ මෙම ලෝක වාර්තාව පිහිටුවිමට කටයුතු කර තිබුණි.

    ලෝකයේ සියළුම රටවල්වල , අගනුවර , ධජය , මුදල් ඒකකය , වත්මන් නායකයින්  , එම රටවල් ප්‍රසිද්ධ ක්‍රිඩාවන් සහ සමාන්‍ය දැනුම ආශ්‍රිත ප්‍රශ්න වලට පිලිතුරු ලබාදෙමින් භාක්‍යරාසා මුරලිදරන් සිසුවා චෝලන් ලෝක වාර්තාව පිහිටුවිය.

    මෙම වාර්තාව පිහිට වු භාක්‍යරාසා මුරලිදරන් සිසුවා හිමි පදක්කම සහ සහතික පත්‍රය චෝලන් ලෝක වාර්තා පොත් සමාගමේ ශ්‍රී ලංකා ශාඛාවේ උප සභාපති ශ්‍රී නාගවානි රාජා මහතා සහ  ප්‍රධාන විධායක කමිටු සභික පෙරුමාල් නීලමේගම් මහතාගේ ප්‍රධානත්වයෙන් පිරිනැමිණ.

    – රංජිත් රාජපක්ෂ

  • රට පුරා යලි කොරෝනා අවදානමක්..? මුව ආවරණ පලදින්න වන ලකුණු..!

    රට පුරා යලි කොරෝනා අවදානමක්..? මුව ආවරණ පලදින්න වන ලකුණු..!

    මේ දිනවල රට පුරා පැතිර යන උණ,සෙම්ප්‍රතිශ්‍යාව සහ කැස්ස රෝගයන්ට “ජේ.එන්1” කොරෝනා උප ප්‍රබේදයේ බලපෑමක් තිබිය හැකි බව ශ්‍රී ජයවර්ධන පුර විශ්ව විද්‍යාලයේ ආසාත්මිකතා ,ප්‍රතිශක්ති විද්‍යා සහ සෛල ජෛව විද්‍යායතනයේ මහාචාර්ය වෛද්‍ය චන්දිම ජීවන්දර මහතා පැවසීය.

    ඒ බව සනාථ කර ගැනීම සදහා නියැදි පරීක්ෂාව අවශ්‍ය බව පැවසීය.

    උගුරේ අපහසුතා ,සෙම්ප්‍රතිශ්‍යාව ,තෙහෙට්ටුව ,මාංශ පේෂි වේදනාව ,උණ,හිසරදය සහ කැස්ස මෙහි රෝගලක්ෂණ වෙයි.

    මෙවැනි රෝග ලක්ෂණ පවතීනම් වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම අත්‍යාවශ්‍ය බව වැඩිදුරටත් පැවසීය.

    මුව ආවරණ පැලදීම ඇතුළු කොරෝනා මාර්ගෝපදේශවලට අනුගත වීම වඩාත් සුදුසු යයිද ඒ මහතා කියා සිටියේය.

    – තවලම නිපුනි හසරංගී

  • ඇමති ඩයනා සසුන්ගතවෙලා..?

    ඇමති ඩයනා සසුන්ගතවෙලා..?

    සංචාරක රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මිය ඉන්දීය චිත්‍රපටියක මෙහෙණින් වහන්සේ නමක ලෙස රඟපෑමට තෝරාගෙන සිටින්නීය.

    ඒ අනුව එම චරිතය රඟපෑමට කැමැත්ත පළකර ඇති ගමගේ මහත්මිය ඒ සඳහා අද (21) හිස මුඩු කරන බව ආරංචි මාර්ග සඳහන් කළේය.

    ඩයනා ගමගේ මහත්මිය මෙසේ තෝරාගෙන ඇත්තේ ඉන්දියාවේ ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂවරයකු විසින් ශ්‍රී ලංකා ඉන්දියා මිත්‍ර සම්බන්ධතා උදෙසා නිර්මාණය කරනු ලබන බෞද්ධ තේමාවක් රැගත් සම්භාව්‍ය සිනමා කෘතියක ප්‍රධාන චරිතයක් වන මෙහෙණින් වහන්සේ නමකගේ චරිතයකට පන පෙවීමටය.

    ඉන්දීය චිත්‍රපටි අධ්‍යක්ෂවරයා සිය චිත්‍රපටයේ රඟපෑම සඳහා කළ ආරාධනය ඩයනා ගමගේ මහත්මිය ඉතා කැමැත්තෙන් බාරගෙන ඇතැයිද දැනගන්නට ඇත.

  • ශ‍්‍රී ලාංකිකයන් 56ක් මියන්මාර ත‍්‍රස්තවාදීන් අල්ලාගනී..! වහාම මුදාගන්න රජයෙන් කඩිනම් පියවර රැසක්..!

    ශ‍්‍රී ලාංකිකයන් 56ක් මියන්මාර ත‍්‍රස්තවාදීන් අල්ලාගනී..! වහාම මුදාගන්න රජයෙන් කඩිනම් පියවර රැසක්..!

    මියන්මාරයේ සයිබර් අපරාධ ප්‍රදේශයේ සිටින ශ්‍රී ලාංකිකයින් පිරිස මුදා ගැනීම සඳහා ත්‍රස්තවාදී කණ්ඩායම සමග සාකච්ඡා ආරම්භ කළ බව මියන්මාරයේ ශ්‍රී ලංකා තානාපති ජානක බණ්ඩාර මහතා පැවසීය.

    එම ත්‍රස්තවාදී කණ්ඩායම සමග සාකච්ඡා කිරීමට මියන්මාර ස්වදේශ කටයුතු අමාත්‍යවරයාගේ එකඟතාවය ලැබීමත් සමග අදාළ සාකච්ඡා ආරම්භ කර තිබේ.

    මියන්මාරයේ, තායිලන්ත දේශසීමාවේ පිහිටි සයිබර් ක්‍රිමිනල් ඒරියා හෙවත් සයිබර් අපරාධ ප්‍රදේශය ලෙස හඳුන්වන ස්ථානයේ ශ්‍රී ලාංකික තරුණ තරුණියන් 56 දෙනෙකු බලහත්කාරයෙන් රඳවාගෙන සිටියි.

    “මියාවෙඩ්ඩි” නමැති නගරයේ සිට කිලෝමීටර් 25ක් දුරින් පිහිටා ඇති මෙම ප්‍රදේශය සම්පුර්ණයෙන්ම ත්‍රස්ත කණ්ඩාමක් ග්‍රහණයේ පැවතීම හේතුවෙන් ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට ඔවුන් මුදා ගැනීම සඳහා දැඩි උත්සායක් දැරීමට සිදුව තිබේ.

    එරට හමුදා රජයේ පාර්ශ්ව රැසක් හමුවී මේ වනවිටත් සාකච්ඡා කර තිබේ.

    ශ්‍රී ලංකාවේ පමණක් නොව ඉන්දියාව ඇතුළු ආසියාතික රටවල් කිහිපයක තරුණ තරුණියන් සයිබර් වහලුන් ලෙස මෙම ප්‍රදේශයේ සිරව සිටියි.

    ඇතැම් රටවල් හමුදා මෙහෙයුම් සිදු කරමින් ඔවුන්ව මුදා ගැනීමට ද කටයුතු කරමින් සිටීයි.

    පසුගිය මාසයේදී ත්‍රස්තවාදී කණ්ඩායමේ රියැදුරෙකුට පහරදී තරුණයින් සිව්දෙනෙකු හා තරුණියක මෙරටට නැවත පළාවිත් තිබුණේ රතු කුරුස සංවිධානයේ සහ මියන්මාර ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ සහය ලබා ගනිමින්ය.

    ඔවුන්ගේ සෘජු මැදිහත්වීමෙන් මීට පෙර 37 දෙනෙකු ගලවාගත් බව තානාපතිවරයා පැවසීය.

    පසුගිය වසරක කාලය තුළ ශ්‍රී ලාංකික තරුණ තරුණියන් සංචාරක වීසා භාවිත කර තායිලන්තයට ගෙන ගොස් ඩොලර් 5000ක මුදලට ත්‍රස්තවාදීන්ට විකුණු බවට චෝදනා එල්ලවෙන පුද්ගලයින් දෙදෙනෙකු පිළිබඳව ඊයේ (20) වාර්තා විය.

    – නාගොඩ සුමන උදයන්ත

  • ආණ්ඩුවේ පොහොර සමාගම් දෙක ඒකාබද්ධ කිරිමේ තීන්දුවක්..!

    ආණ්ඩුවේ පොහොර සමාගම් දෙක ඒකාබද්ධ කිරිමේ තීන්දුවක්..!

    රජයට අයත් ලංකා පොහොර සමාගම හා කොළඹ කොමර්ෂල් පොහොර සමාගම  ඒකාබද්ධ කිරීමට කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය විසින් කටයුතු යොදා තිබේ.

    ඒ අනුව එක සභාපතිවරයෙක් හා එක අධ්‍යක්ෂ මණ්ඩලයක් යටතේ මෙම පොහොර සමාගම් දෙක එක් සමාගමක් වශයෙන් කටයුතු කිරීමට නියමිතය.

    සභාපතිවරුන් දෙදෙනෙක්  හා අධ්‍යක්ෂ මණ්ඩල දෙකක් යටතේ ක්‍රියාත්මක වූ මෙම සමාගම් දෙක මේ වනවිට එක් සභාපතිවරයෙක් යටතට පත් කිරීමට පියවර ගත් බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.

    එකම විෂයයක් යටතේ බෙදී පවතින ආයතන ඒකාබද්ධ කිරීම මගින් මහජන මුදල් නාස්ති වීම අවම කිරීමටත්, ඒ ඒ ආයතනවල ලාභය උපරිම කිරීම සඳහාත් මෙම ආයතන ඒකාබද්ධ කිරීම මගින් අපේක්ෂිත බව අමාත්‍යවරයා කීය.

    රජයට අයත් ලංකා පොහොර සමාගම හා කොමර්ෂල් පොහොර සමාගමේ සභාපති ලෙස කටයුතු කරන ආචාර්ය ජගත් පෙරේරා මහතා පැවැසූයේ  ඉදිරියේ දී පොහොර සමාගම් දෙක එකක් කිරීමෙන් පසු  State Fertilizer Corporation යන නාමයෙන් හඳුන්වන බවයි

  • සමගි ජන බලවේගයේ ආසන සංවිධායක කුඩු කිලෝවක් සමග යුක්තිය මෙහෙයුමේදී අත්අඩංගුවට..!

    සමගි ජන බලවේගයේ ආසන සංවිධායක කුඩු කිලෝවක් සමග යුක්තිය මෙහෙයුමේදී අත්අඩංගුවට..!

    කුරුණෑගල දිස්ත‍්‍රික්කයේ සමගි ජන බලවේග ආසන සංවිධායකයකු රඹුක්කන ප්‍රදේශයේදී පොලිසිය විසින් අත්අඩංගුවට තිබේ.

    ඒ හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝවකට ආසන්න ප්‍රමාණයක් සමඟයි.

    ශ්‍රී ලංකා පොලිසිය විසින් මේ දිනවල දියත් කරන යුක්තිය විශේෂ මෙහෙයුම අතරතුරදී එම පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇත.

    කෑගල්ල හා කුරුණෑගල දිස්ත්‍රික්කවල මත්ද්‍රව්‍ය ජාලයක් මොහු විසින් ක්‍රියාත්මක කර ඇතැයිද පොලිසිය කියයි.