Blog

  • ජපන් පොලිසියේ කණින් රිංගන අපේ රටේ අයියලාගේ කතාව මෙන්න..

    ජපානය යනු ලොව දියුණුම තාක්ෂණයක් සහිත නිතිගරුක රටක්. කෙසේ වෙතත් මේ රටේ වැරදි කරන අයට ඉතා ඉහල දඩයක් අයකරනවා.බීමතින් රිය පැදවූ පුද්ගලයෙකුට ශ්‍රී ලංකා මුදලින් රුපියල් ලක්ෂ 25ක පමණ දඩයක් අයකරන බව සදහන්.

    මේ දඩය නොගෙවා නොමිලේ යන විදිහ අපේ රටේ අයියලා පිරිසක් සොයාගෙන තිබෙනවා.

    ජපානයේ තැබෑරුමක තනිවම මත්පැන් පානයකරන ශ්‍රී ලාංකිකයන් සිදුකරන්නේ මත්පැන් පානය තනිව මේසයක් මත සිටීමය.මේ දකින ජපන් ජාතිකයන් පොලිසියට දැනුම්දෙයි. ක්ෂණිකව පොලීසිය එතනට පැමිණෙයි.

    පොලිසිය පැමිණ බොහොම ගරුත්වයෙන් බිමත් පුද්ගලයා සමග පොලිසිය පිලිසදරකට එක්වෙයි.

    පොලිසිය –  ඔබ ආවේ කා සමගද?
    ශ්‍රී ලාංකිකයා -මිතුරෙකු එනවා කිව්වා ඔහු අවේ නැහැ.
    පොලිසිය –  ලිපිනය දෙන්න පුලුවන්ද?

    ශ්‍රී ලාංකිකයා ලිපිනය ලබාදෙයි.පොලිසිය විසින් google map එක බලයි.

    පොලිසිය –  දැන් බිලා ඉවරද?
    ශ්‍රී ලාංකිකයා – ඔව්.
    පොලිසිය -අපි යමු දැන්.

    පොලිසිය විසින් ඔහු කරට අතක් දමා පොලිස් වාහනයට නන්වාගනී දොර විවර කර හිස වදින නිසා හිසට අතක්ද තබා ඔහුව පොලිස් වාහනයේ නංවා ගන්නා අතර.ඔහු පැමිණි වාහනයේ වෙනත් පොලිස් නිලධාරියෙක් පදවාගෙන එයි.පසුව ඔහුගේ නවාතැනට රැගෙනවිත් “සර් බොහොම ස්තුතියි බීමතින් රිය නොපැදවුවාට.මින් පසුව එවැනි මිතුරන් සමග බොන්න යන්න එපා.”යනුවෙන් පවසා ඔවුන් එතනින් නික්ම යයි.

    ශ්‍රී ලාංකිකයන් මාස දෙකකට වරක් පමණ මෙසේ කරන බව ඔහු අප සමග පැවසිය.

    [rns_reactions]

  • අපට අහිමි සුද්දට හිමි අපේ රටේ මැණික් මෙන්න..

    විවිධ පාර්ශවයන් විසින් වරින් වර ශ්‍රී ලංකාවෙන් රැගෙන ගිය ඉතා දුර්ලබ ගනයේ මිලාධික මැණික් ආභරණ කිහිපයක් ඇමරිකා එක්සත් ජනපදේ වොෂින්ටන් අගනුවර Smithsonian’s National museum of Natural history හී තැන්පත් කර තිබෙන බව අපට වාර්තා වේ. එක්සත් ජනපදයේ ඉගෙනුම ලබන ශ්‍රී ලාංකීක සිසුවියක් මෙම ජායාරූප සිය ටුවිටර් ගිණුමේ පළකර තිබූනා.

    ලොව මවිත කල එම මැණික් ආභරණවල ජායාරූප පහතින් දැක්වේ.

    [rns_reactions]

  • අගහරුවාදා Wwe Smack Down එකේ මොකද උනේ? වීඩියෝව අපෙන්..

    2017.04.11 දින පැවතී  Wwe Smack Down වැඩසටහනේ වීඩියෝව අප වෙත ලැබී ඇත.

    https://www.youtube.com/watch?v=gL2AzJOJY90

    [rns_reactions]

  • ලොක්කා ඇතුලේ හිටියත් කුඩු වික්ක වෙලේ සුදාගේ ගෝලයෙක් බඩුත් එක්ක මාට්ටු..

    මත්කුඩු ජාවාරම්කරුවකු ලෙස නම් දරා සිටින  වෙලේ සුදාගේ ගෝලයකු බව කියන අයකු මත් කුඩු ග්‍රෑම් 3ක් සමග බණ්ඩාරගම, කිඳෙල්පිටියේ දී අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
    එම මත්කුඩු පැකට් 80ක අසුරාගෙන යතුරුපැදියකින් යමින් සිටිය දී ඔහු අත්අඩංගුවට පත්ව ඇති බව සදහන්..

    [rns_reactions]

  • පපුවේ අමාරුවට නූලක සරණ පැතු කත මරුට..

    වැලිකන්ද, බෝඅත්ත ප‍්‍රදේශයේ පදිංචි කාන්තාවක් තමන්ට ඇති වුණු පපුවේ දැවිල්ල වැනි අසනීප තත්ත්වයකට ප‍්‍රතිකාර වශයෙන් නූලක් සාත්තු කර ගැනීමට මුතුගල ගම්මානයේ කෝවිලට පැමිණි විට ජීවිතක්ෂයට පත් වී තිබේ. (10) සවස 3.30ට පමණ මෙසේ මියගොස් ඇත්තේ 62 හැවිරිදි අප්පුහාමි යෝගම්මා නැමැති කාන්තාවකි.

    මෘත ශරීරය මහේස්ත‍්‍රාත් පරීක්ෂණයෙන් පසු පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා පොළොන්නරුව රෝහල වෙත ගෙන ගොස් තිබෙන අතර පශ්චාත්මරණ පරීක්ෂණය  (11) සිදුකරන ලද බව සදහන්.

    වැලිකන්ද පොලීසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.

    [rns_reactions]

  • උදාවන සිංහල දමිළ නව වසරට ජනපති මෛත්‍රීගෙන් සුභාසිංශන..

    2017 සිංහල හා දමිල අලුත් අවුරුද්ද වෙනුවෙන් ජනපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා තම සුභ පැතුම් එක්කර ඇත.

    ” සූර්ය සංක‍්‍රාන්තියට අනුගාමීව සිදුකෙරෙන සියලු චාරිත‍්‍ර වාරිත‍්‍රයන්හි පොදු අපේක්ෂාව තුළ කැටපත් වන්නේ, පසුගාමී චින්තනයෙන් සහ අවර ගණයේ ආකල්පයන්ගෙන් තොර අලුත් මිනිසෙකු නිර්මාණය කිරීම බවත් අලුත් අවුරුද්ද සැබැවින්ම අපගේ ජීවිතවලට නව සමාරම්භයක් වන්නේ අප එලෙස අලුත් වීම තුළය.” යනුවෙන් ජනපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා නව අවුරුදු පණිවුඩය නිකුත් කරමින් කියා සිටියි.

    ‘ දිනාගත් ජයග‍්‍රහණ වඩාත් හරවත් කරමින්, සංහිඳියාවෙන්, සහජීවනයෙන් වඩාත් ශක්තිමත්ව නැගී සිටින රටක් ලෙස එළැඹි අලුත් අවුරුද්දේ පෙළගැසෙමුය යන්න අපේ අලුත් අවුරුදු අධිෂ්ඨානය බවට පත්කර ගන්නා අතරම එතෙර මෙතෙර වෙසෙන සමස්ථ ශී‍්‍ර ලාංකිකයන්ට සෞභාග්‍යමත්, සාමය, සතුට පිරුණු සුබ අලුත් අවුරුද්දක් වේවා !” යනුවෙන් එම පණිවුඩයේ වැඩිදුරටත් දැක්වේ.

    [rns_reactions]

  • පොලිස්පතිත් රැවටුණු අරුම පුදුම පොලිස් නිවුන්නුන්ගේ කතාව මෙන්න..

    එකම අවුරුද්දේ එකම මාසයේ, එකම දවසේ නිවුන්නු ලෙස ඔවුන් ඉපදුණත් සෝමසිරි පෙරේරා ප්‍රේමසිරි පෙරේරාට වඩා විනාඩි පහක් ඉස්සරවී ලෝකය බැලුවේය. අයියා විනාඩි පහකට කලින් උපන්නා කියා විනාඩි පහක් පමාවී උපන් මල්ලි ඒ පමාව ජීවිතයට පමාවක් කර ගත්තේ නැත.

    එකට ඉස්කෝ‍ලේ ගොස් පසුව ඉස්කෝල දෙකකට ගියත් එකට උසස් පෙළ සමත් වී වෘත්තීන් දෙකක් තෝරා ගත්තත් අවසානයේ දෙදෙනාගේම වෘත්තිය එකක් වුණේය. තනතුරුද එකක් වුණේය.


    සෝමසිරි අයියා 88දී ‍පොලිසියට ගොස් අවුරුදු විස්සකට පසු ප්‍රධාන ‍පොලිස් පරීක්ෂකකම ලබද්දී ප්‍රේමසිරි මල්ලී 90 වසරේ ‍පොලිස් සේවයට එක්ව වසර දොළහකට පසු ප්‍රධාන ‍පොලිස් පරීක්ෂක තනතුරට පත් විය. අද ඔවුන්ගේ තත්ත්වය ද එකය. නිල ඇඳුමද එකය. ඒ සියල්ලටත් වඩා විශේෂත්වය වන්නේ ඔවුන්ගේ පෙනුමයි. නිවුන්නු වූ නිසාම එක සමාන හැඩරුවින් වූ ඔවුන් නොදන්නා අයට සේම එක්වරම දන්නා කෙනෙකුටත් හඳුනා ගන්නට අපහසුය. ඇතැම් විටෙක ‍පොලිසියේ ඉහළ නිලයන්ටත් ඔවුන් දෙදෙනා හඳුනා ගන්නට අපහසු වන අවස්ථා බොහෝ විය.

    “ඉස්සර ‍පොඩි කා‍ලේ අපේ අයටවත් නෑදෑයින්ටවත් යාළුවන්ටවත් එකපාරට අපි දෙන්නා අඳුරගන්න බැරි වුණා. ඒත් අම්මට නම් මොකක්දෝ හැකියාවක් තිබ්බා අපි දෙන්නා අඳුර ගන්න. අම්මා මට කිව්වේ කළු කියලා. මල්ලි සුදු. හැබැයි අපි දෙන්නා එහෙම කළු සුදු පාට දෙකකින් හිටියෙත් නෑ. රූපෙ වගේම පාටත් දෙන්නගෙම එක වගෙයි. ටිකක් ලොකු වෙනකොට නම් දන්නම අයට අඳුර ගන්න පුළුවන් පුංචි ලකුණු දෙකක් ආවා. මල්ලිට නළ දතකුත් මට පේර ගහකින් වැටිලා වම් කම්මු‍ලේ පුංචි තුවාල කැළලකුත් තිබ්බ හින්දා”

    නිවුන් සොහොයුරන්ගේ වැඩිමලා වූ සෝමසිරි පෙරේරා අවුරුදු පනස් එකකට එහා මතක ‍පොතක් දිගහැරියේය.

    ලංගම රියැදුරකු වූ ආර්.ඒ. ඩේවිඩ් පෙරේරාටත් ඩබ්ලිව්.ජී.ඒ. සෝමාවතීටත් දෙවැනි දරුවන් වූ සෝමසිරි හා ප්‍රේමසිරි ඉපදී හැදී වැඩුණේ මොනරාගලයි. ඔවුන්ගේ අයියා ප්‍රේමචන්ද්‍ර පෙරේරාය.

    මොනරාගල රාජකීය කනිෂ්ඨ විද්‍යාලයෙන් 5 වසර ශිෂ්‍යත්වය සමත් වන සෝමසිරි මහනුවර කිංස්වුඩ් විද්‍යාලයෙන් වැඩිදුර අධ්‍යාපනය ඇරඹීය. මොනරාගල රාජකීය විද්‍යාලයෙන් සාමාන්‍ය පෙළ සමත් වන ප්‍රේමසිරි ද බදුල්ල ධර්මදූත විද්‍යාලයෙන් වැඩිදුර අධ්‍යාපනය ලැබුවේය.

    “‍පොඩි කාලෙ නම් එක ඉස්කෝලෙ එක පන්තියේ හිටියේ. ගුරුවරුන්ට අඳුරගන්න හුඟක් වෙලාවට අමාරු වුණා. අපි දෙන්නා ඇන්දෙත් එක වගේ. සපත්තු සෙරෙප්පු දැම්මෙත් එක වගෙයි. ලෙඩ වෙනකොට දෙන්නම ලෙඩ වෙනවා. පුංචි කාලෙ අම්මා කියනවා ‘අපි දෙන්නා එකට හදන්න බෑ. හැදුවොත් අසනීප වෙලා හරි එක්කෙනෙක් නැති වෙනවා’ කියලා. අම්මා ඔහොම කිය කිය ඉන්න කොට තමයි මම ශිෂ්‍යත්වෙ පාස් වෙලා කිංස්වුඩ් විද්‍යාලෙට ගිහින් නේවාසික වුණේ. මුල් දවස්වලහරි අමාරුයි ඉන්න.

    මල්ලි මතක් වෙනවා. නිවාඩු එනකල් මග බලාගෙන ඉන්නෙ. ඒ හින්දා ගෙදර යන්න.”
    සෝමසිරි ඉගෙන ගන්නවාට අමතරව බොහෝ ක්‍රීඩා කළේය. ඒ අතර රගර්, හොකී මෙන්ම මලල ක්‍රීඩාද විය. රගර් වර්ණ, හොකි වර්ණ මෙන්ම පාස‍ලේ හොකී තරුවද වී ඇත. එමෙන්ම වරක් පාස‍ලේ දක්ෂතම ක්‍රීඩකයා වන්නේද ඔහුය. ශිෂ්‍ය භට කණ්ඩායමේ මෙන්ම විද්‍යාලයේ ශිෂ්‍ය නායකයකු ලෙසත් කටයුතු කරමින් ඔහු ඉගෙනීම් කටයුතු කරද්දී ප්‍රේමසිරි සාමාන්‍ය පෙළ විභාගය සමත්ව බදුල්ල ධර්මදූත විද්‍යාලයේ ඉගෙනුමට ගියේය. ඔහුද පාපන්දු හා ක්‍රිකට් ක්‍රීඩාවේ යෙදුණේය.


    “මම අයියාගේ ඉස්කෝලෙට ගියොත් හරි අයියා මගේ ඉස්කෝලෙට ආවොත් හරි අපි දෙන්නගෙම යාළුවෝ රැවටුණා අපි දෙන්නා අඳුරගන්න බැරුව. උසස් පෙළ විභාගෙන් අපි දෙන්නටම විශ්වවිද්‍යාලෙ යන්න ලකුණු මදි වෙනවා. දෙන්නම උප ‍පොලිස් පරීක්ෂක තනතුරට ඉල්ලනවා. ඔය 1986 දී. ඒත් ගමේ මනුස්සයෙක් ඉරිසියාවට බොරු කියලා පෙත්සමක් ගහලා අපි දෙන්නා ‍පොලිසියට යන එක නැවැත්තුවා. අවුරුදු දෙකකට විතර පස්සේ අපි දෙන්නටම ඒ පත්වීම් ආවත් ඒ කාලෙ දේශපාලන අධිකාරියෙන් එක පවු‍ලේ දෙන්නෙකුට උප ‍පොලිස් පරීක්ෂක පත්වීම් දෙන්න කැමැති වුණේ නෑ. ඒ හින්දා ඒ අවස්ථාව අයියට දුන්නා. ඒ වෙනකොට මං බදුල්ල තාක්ෂණික ආයතනයේ සැලසුම් ශිල්පී පාඨමාලාවක් හදාරමින් හිටියේ”

    88 වසරේ සෝමසිරි පෙරේරා උප ‍පොලිස් පරීක්ෂකවරයකු ලෙස ‍පොලිස් දෙපාර්තමේන්තුවට බැඳුණ අතර සැලසුම් ශිල්පී පාඨමාලාව අවසානයේ ප්‍රේමසිරි පෙරේරා වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ සැලසුම් ශිල්පී තනතුරක් ලැබුවේය. ඒ වන විට ඔවුන්ගේ ලොකුම අයියා ප්‍රේමචන්ද්‍ර ද යුද හමුදාවේ සේවය කරමින් සිටියේය.

    “අයියා එතකොට කොළඹ වරාය, ග්‍රෑන්ඩ්පාස් වැඩ කරලා කිලිනොච්චියේ හිටියේ. ඒ කා‍ලේ මගේ පරිපාලන නිලධාරි මට හැම වෙ‍ලේම කියපු කතාවක් තමයි මේ රස්සාව ගැළපෙන්නෙ නෑ. අයියලා වගේ හමුදාවට හරි ‍පොලිසියට හරි යන්න කියන එක. 1990 අවුරුද්දේ මමත් රැකියාවෙන් ඉවත් වෙලා ‍පොලිස් දෙපාර්තමේන්තුවට බැඳෙනවා උප සේවා උප ‍පොලිස් පරීක්ෂකවරයෙක් විදිහට”

    ඔහු පුහුණුවෙන් පසු බදුල්ල ‍පොලිසියෙන් රාජකාරි අරඹද්දී කිලිනොච්චියේ සිටි සෝමසිරි පෙරේරා කොළඹට පැමිණ බොරැල්ල ‍පොලිසියට අනුයුක්තව සේවය කළේය. අනතුරුව ‍පොලිස් විද්‍යාලය කළුතර, ‍පොලිස් ක්ෂේත්‍ර බළකා මූලස්ථානය, කොළඹ ‍පොලිස් මූලස්ථානය, අපරාධ කොට්ඨාසය වැනි තැන්හි සේවය කළ සෝමසිරි 94 වසරේ ‍පොලිස්පති රථවාහන පාඨමාලාව හැදෑරීය. ඉන්පසුව කඩවත රථවාහන ස්ථානාධිපති ලෙස පත්වූ ඔහු මාස කිහිපයකට පසු 94 සැප්තැම්බර් මාසයේදී පෑලියගොඩ ‍පොලිසියේ රථවාහන අංශයට පත් වුණේය. ඒ අතරේ 96දී ‍පොලිස් පරීක්ෂක තනතුරට උසස් වන ඔහු 97 පෙබරවාරි මාසයේ පෑලියගොඩ රථවාහන ස්ථානාධිපති තනතුරට පත් විය.

    “ඔය කාලෙ වෙනකොට මාව ‍පොලිසිවල අය දන්නවා අඳුරනවා. මල්ලි වැඩිපුර කොළඹ රාජකාරි නොකළ නිසා මල්ලිව නමින්වත් රූපෙන්වත් කට්ටිය දැන හිටියේ නෑ. ඒත් අපේ බැඳීම් නම් පුංචි කාලෙ වගේම තිබ්බා. ලෙඩ අසනීප වෙනකොට ලෙඩ වෙන ඒවා එහෙම අඩු නැතුවම තිබ්බා.

    මල්ලි මොනරාගල එච්.කිව්.අයි. කා‍ලේ දවසක් පාන්දර හතරට විතර නින්දේ හිටපු මං ඇහැරුණා. එකපාරටම තුනටිය රිදෙන්න අරන් මොන විදිහකටවත් ඇඳේ ඉන්න බෑ. මෙට්ටේ බිමට දාලා නිදාගන්න හැදුවා. ඒත් බෑ. තුනටිය කැක්කුමයි. ඒ වෙලාවෙ මගේ ෆෝන් එක රින් වුණා. කතා කළේ තණමල්විල ‍පොලිසියෙන්. මල්ලි ඇක්සිඩන්ට් වෙලා. තුවාල මොකුත් පේන්න නෑ. ගොඩක් අමාරුයි. හම්බන්තොට ඉස්පිරිතාලෙට ගෙනියන ගමන් කිව්වා. ඒ තොරතුරු ඇහුවට පස්සේ මගේ ඇඟට දැනුණ අමාරුව නැතිව ගියා.”

    ඒ සෝමසිරි පෙරේරාගේ හා ප්‍රේමසිරි පෙරේරාගේ ජීවිතවල ඇස් මායිමට නොපෙනෙන බැඳීමක තොරතුරුය.

    බදුල්ලෙන් රාජකාරි ඇරඹූ ප්‍රේමසිරි පෙරේරා 98 වසරේ ‍පොලිස් පරීක්ෂක තනතුරට ද 2002 වසරේ ප්‍රධාන ‍පොලිස් පරීක්ෂක තනතුරටද උසස් වූ අතර ඇල්ල ස්ථානාධිපති විවිධ පැමිණිලි, මොනරාගල වැඩබලන මූලස්ථාන ස්ථානාධිපති, වැල්ලවාය ස්ථානාධිපති පාලන, අම්පාර ස්ථානාධිපති විවිධ පැමිණිලි, තණමල්විල ස්ථානාධිපති නොවිසඳූ අපරාධ, සියඹලාණ්ඩුව ස්ථානාධිපති, මඩකලපුව කොට්ඨාස රථවාහන ස්ථානාධිපති, එරාවූර් ස්ථානාධිපති රථවාහන, වාලච්ච්ෙන වැඩබලන ස්ථානාධිපති, කල්කුඩා වැඩබලන ස්ථානාධිපති ලෙසින් ‍පොලිස් ස්ථානවල රාජකාරි කර බණ්ඩාරවෙල ‍පොලිසියේ අපරාධ අංශ ස්ථානාධිපතිවරයා ලෙස පත් විය.

    සෝමසිරි පෙරේරා 2002 මාස 6කට යාපනේ ‍පොලිසියට පත් වූ අතර නැවත පෑලියගොඩ රථවාහන අංශ ස්ථානාධිපති ලෙස පත් විය. 2006 වසරේ ප්‍රධාන ‍පොලිස් පරීක්ෂක වූ අතර 2010 වසරේ පෑලියගොඩ මූලස්ථාන ‍පොලිස් පරීක්ෂක ලෙස පත් විය. 2011 වසරේ අප්‍රේල් මාසයේ දේශපාලන හේතූන් මත ‍පොලිස් ක්ෂේත්‍ර බළකා මූලස්ථානයට මාරු කර නැවත සේවයේ අවශ්‍යතාව මත 2013 ජනවාරියේ පෑලියගොඩ දිසා රථවාහන ස්ථානාධිපති ලෙස පත් විය. සේවයේ අවශ්‍යතාව මත වසර 21ක් එකම ‍පොලිස් ස්ථානයේ සේවය කරමින් සිටින සෝමසිරි පෙරේරාව නොදන්නා කෙනෙක් නැති තරම්ය.

    ඒ අතරේ වරක් ආසන පටි වෙළෙඳ දැන්වීමකට පෙනී සිටීම නිසාත් රථවාහන ‍පොලිසිය සම්බන්ධව රූපවාහිනී වැඩසටහන්වලට සහභාගිවීම නිසාත් පාරවල් ඉදිවෙන අවස්ථාවල පවත්වන ඇතැම් සම්මන්ත්‍රණ නිසාත් සී.අයි. පෙරේරා ජනප්‍රිය චරිතයක් වුණේය. උදේටත් දවල්ටත් හවසටත් රථවාහන හසුරවමින් පාරේ කොතැනක හෝ සිටින සී.අයි. පෙරේරාට ඔහු වැනිම තවත් සහෝදරයෙක් ‍පොලිස් සේවයේ සිටින බව බොහෝ දෙනෙක් නොදනිති. එයින් වැඩිපුරම අමාරුවේ වැටෙන්නේ ප්‍රේමසිරි පෙරේරා ඕඅයිසී මහත්තයාය.

    “මම කියලා අයියට රැවටෙන අයත් ඉන්නවා. ඒත් වැඩිපුර ඉන්නේ අයියා කියලා මට රැවටෙන අය. මම වාලච්ච්ෙන හිටපු කා‍ලේ ඒ.එස්.පී. සම්මුඛ පරීක්ෂණයට ගියාම හිටපු ‍පොලිස්පති ඉලංගකෝන් මහත්තයත් එහි හිටියා. “කවද්ද පෑලියගොඩින් ගියේ” කියලා මාව දැක්කම ඇහුවා. මම කිව්වා “නෑ සර් ඒ මගේ අයියා” කියලා. “දෙන්නම එක වගේනෙ” කියලා ‍පොලිස්පතිතුමා හිනාවුණා.

    නියෝජ්‍ය ‍පොලිස්පති සරත් කුමාර මහත්තයා පෑලියගොඩ කාලයක් ඉඳලා තියෙනවා. බදුල්ල නියෝජ්‍ය ‍පොලිස්පති වෙලා ආවාම තිබ්බ කොන්ෆරන්ස් එකක් අවසානේ ඇහුවා මාත් එක්ක වැඩ කරපු කට්ටිය ඉන්නවද කියලා. මම නැගිට්ටේ නෑ, මම වැඩ කරලා තිබ්බේ නැති නිසා. එස්.පී.ලාට, ඒ.එස්.පී.ලාට, එච්.කිව්.අයි.ලට කතා කරලා කොට්ඨාස අපරාධ ඕ.අයි.සී. ලාට කතා කරන අවස්ථාව ආවා. මමයි බදුල්ලයි නැගිට්ටා. කොහේදීද මාත් එක්ක වැඩ කළේ කියලා මගෙන් ඇහුවා. මට තේරුණා මාව දන්නෙ නැතිව කියලා. මම කිව්වා සර්, ඒ අයියා, පෑලියගොඩ කියලා. ඒ වතාවේ ඩී.අයි.ජී. මහත්තයා කිව්වා ‘ඒත් මං බලන් හිටියා මේ මනුස්සයා මාත් එක්ක තරහ වෙලාද, නැත්නම් ලෙඩක් අසනීපයක්ද කියලා…

    ඩී.අයි.ජී. ප්‍රියන්ත ජයකොඩි සර්රුත් කොට්ඨාස අපරාධ විමර්ශන ඕ.අයි.සී.ලගේ රැස්වීමකදී “නේද පෙරේරා, අපි පෑලියගොඩ ‍පොලිසියේ වැඩ කරද්දී’ කියලා පරණ කතාවක් මතක් කළා. ඒත් ඉතින් මං කිව්වා ‘ඒ මං නෙවේ සර්, මගේ අයියා කියලා.”
    මම මඩකලපුව කොට්ඨාස රථ වාහන අංශයේ ස්ථානාධිපති හිටපු කා‍ලේ රථවාහන භාර නියෝජ්‍ය ‍පොලිස්පති අමරසිරි සේනාරත්න සර්ගේ රැස්වීමකට ගියා අපි දෙන්නම. අයියා ආවේ බස්නාහිර පළාත උතුර දිසා රථ වාහන ස්ථානාධිපති විදිහට. නියෝජ්‍ය ‍පොලිස්පතිතුමා කාලයක් මොනරාගල කොට්ඨාස භාර ‍පොලිස් අධිකාරි විදිහට හිටියා.

    අපි දෙන්නගෙන් ඇහුවා ‘මගේ ළඟ හිටපු කෙනා කවුද?’ කියලා’
    ඔය වගේ හුඟක් සිද්ධිවලට මුහුණ දීලා තියෙනවා. ඩී.අයි.ජී. අජිත් රෝහණ සර්රුත් දවසක් රැවටුණා කටානේ පුහුණුවකදී මට අයියා කියලා.
    ‍පොලිසියෙන් විතරක් නෙවේ, අයියාගේ යාළුවෝ, බස්වල යද්දී රියැදුරන්, කොන්දොස්තරවරුන් වගේම ගෑනු ළමයිනුත් අයියා කියලා හිතලා රැවටිලා මට කතා කරනවා.

    ඉපදුණේ මුලින් වුණත් රැකියාව ලැබුණේ මුලින් වුවත් විවාහයේදී ප්‍රේමසිරි මල්ලි ඉස්සර වුණේය. ඒ නිසා දෙවැනි මනමාලයාට ඉන්නට වූයේ අයියාටයි. එන්.ඩබ්ලිව්.එස්. ධම්මිකා සමග විවාහ වී සිටින ප්‍රේමසිරිට පුතුන් තිදෙනෙකි. ඒ, දේලික චිනෙත්, උදිත රසාංග සහ මලිඳු තාරකයි. සෝමසිරි පෙරේරා විවාහ වී සිටින්නේ ආශා චාමරිකා ජයතුංග සමගයි. ඔහුගේ පුතා චාමරය. දියණිය ඉමාෂාය.

    අද බණ්ඩාරවෙල ‍පොලිසියේ අපරාධ විමර්ශන අංශ ස්ථානාධිපතිවරයා වන ප්‍රේමසිරි මොනරාගල පදිංචිව සිටින අතර බස්නාහිර පළාත උතුර රථවාහන කොට්ඨාසයේ ස්ථානාධිපතිවරයා වන සෝමසිරි පෙරේරා සපුගස්කන්දේ පදිංචිව සිටියි.

    [rns_reactions]

  • මත් උවදුරු සටනින් ජනපති මෛත්‍රී ජයගනී.. – ඔබ නොදත් කතාව මෙන්න..

    මවුබිමේ අනාගතය රදාපවතින රටේ අනාගත පරපුර මත් උවදුරෙන් ගලවා ගැනීමට රජය ආරම්භ කළ  ‘‘මතින් නිදහස් රටක්‘‘ වැසටහන අද වන විට සාර්ථක ප‍්‍රතිඵල පෙන්වා ඇතැයි ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පවසන අතර මත්පැන් සහ දුම්වැටිවලින් ලැබෙන බදු ආදායම පහත වැටිමෙන් එය තහවුරු වන බවයි ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ.

    මහනුවර තෙල්දෙණිය දිස්ත‍්‍රික් මූලික රෝහලේ නව ගොඩනැගිලි සංකීර්ණය විවෘත කිරිමේ අවස්ථාවට අද (11) පෙරවරුවේ එක් වෙමින් ජනාධිපතිවරයා මේ බව කියා සිටි අතර එහිදී ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ “මීට සති 03 කට විතර කලින් කැබිනට් මණ්ඩලයට භාණ්ඩාගාරය වාර්තා කළා අරක්කු සහ සිගරට්වලින් රජයට ලැබෙන බදු ආදායම අඩු වෙලා කියලා. ලංකාවේ පළවෙනි වතාවට තමයි එහෙම වුණේ. ඒක ඉතාම හොඳ ලක්ෂණයක්. මීට පෙර හැමදාම වුණේ ඒවා වැඩි වෙච්ච එක. රජයට දෙන බදු අඩු වෙලා කියලා කියන්නේ..අරක්කු සහ සිගරට්වල ආදායම අඩු වීමයි.” යනුවෙනි. 

    [rns_reactions]

  • පුවත් මවන ගම්පහ මැර සරනගේ කැත වැඩක් ගැන පුවතක් කරලියට..

    කප්පම් සහ මිනී මැරුම් වලට රාජපක්ෂ ආණ්ඩුවේ කප් ගැසූ නිට්ටඹුව වෙළඳ සංගමයේ සභාපති සුරංග පීරිස් ඝාතනය කළ පසුව එම ගිනි අවියෙන් කොතළ හිඹුටු ව්‍යාපාරිකයකු ඝාතනය කළ  සරණ ගුණවර්ධන තවත් බිල්ලක් ගැනීමට ගොස් වැඩ වැරදී ඇත.

    සරණ තමනට එරෙහිව කටයුතු කළ ගම්පහ ප්‍රබල ව්‍යාපාරිකයකු වන ඔස්මන් ගුණසේකර හෙවත් ‘ගම්පහ ඔස්මන්’ ඝාතනය කිරීමට උත්සහ දරා ඇති අතර ව්‍යාපාරිකයා තම  ජිප් රථයෙන් ගම්පහ සිට උඩුගම්පළ ප්‍රදේශයට යමින් සිටියදී කිරිඳිවිට ප්‍රදේශයේදී වෙඩි තබා තිබූ අතර මෙම වෙඩි තැබීම නිසා ව්‍යාපාරිකයාගේ රියදුරු තුවාල සිදුවී තිබිණි.

    මෝටර් රථයකින් පැමිණි සිව් දෙනෙකු ජිප් රථය සමීප කොට ටී 56 ගිනි අවියකින් වෙඩි තබා ඇති අතර මෙම කෝන්තරය වසර ගණනාවක සිට තිබූ එකක් බව සදහන්.

     

    [rns_reactions]

  • පිස්සු නැටු ජොනි කුරුණෑගලින් දොට්ට.. නව පත්වීම් රැසක්..

    ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිකවැරටිය ආසන සංවිධායක ධුරයෙන් ජොන්ස්ටන් ප‍්‍රනාන්දු ඉවත් කර තිබෙන අතර  ආසනයේ නව ආසන සංවිධායකවරයා ලෙස පත් කර ඇත්තේ නියෝජ්‍ය අමාත්‍ය ඉන්දික බණ්ඩාරනායකයි.

    මේ අතර කුරුණෑගල දිස්ත‍්‍රික්කය සඳහා ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව ආසන සංවිධායකවරුන් සිව් දෙනෙකු සහ දිස්ත‍්‍රික් සංවිධායකවරුන් තිදෙනෙකු ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා අතින් අද පෙරවරුවේ පත්වීම් ලිපි ලබා ගත්තා.

    ඒ අනූව බිංගිරිය ආසන සංවිධායකවරයා ලෙස පත් කෙරුණේ ධර්මසිරි දසනායකයි. අමාත්‍ය දයාසිරි ජයසේකර පඬුවස්නුවර ආසන සංවිධායකවරයා ලෙස පත් කෙරුණු අතර ජයරත්න හේරත් පොල්ගහවෙල ආසන සංවිධායකවරයා ලෙස පත් කෙරුණා.

    කුරුණෑගල ආසනයේ සංවිධායකවරයා ලෙස පත් කෙරුණේ ලක්ෂ්මන් වෙඬරුවයි. නව දිස්ත‍්‍රික් සංවිධායකවරුන් ලෙස ගුණදාස දෙහිගම, අනුරාධ සම්පත් හේවගේ සහ එම් එස්.එම් ෆාහිල් ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා අතින් පත්වීම් ලිපි ලබා ගත්තා. 

    [rns_reactions]
  • නවකයන්ට අමානුෂික නවක වදය දුන් පේරාදෙණියේ මන්දමානසිකයන්ට අදත් ඇප නෑ…

    ආන්දෝලනාත්මක පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ   නවක වද සිද්ධියේ සැකකාර සිසුන් 15 දෙනා ලබන 24  වැනි දා තෙක් යළි රිමාන්ඩ් කරන ලෙස මහනුවර  ප්‍රධාන  මහේස්ත්‍රාත් ගිහාන් ඉන්දික අත්තනායක මහතා අද (11) නියෝග කළේය.පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ කෘෂි පීඨයේ නවක සිසුන් අට දෙනකු විශ්ව විද්‍යාලයෙන් පිටත ස්ථානයකට රැගෙන ගොස්  නිරුවත් කර අමානුෂික ලෙස නවක වදය ලබාදුන් බවට  සැකපිට පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ ඔවුහු පෙබරවාරි 20 වැනි දා සිට රිමාන්ඩ් බාරයේ සිටිති.

    සිසුන් සඳහා ඇප ලබාදෙන ලෙස ඔවුන් වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරුන් අද (11) අධිකරණයෙන් ඉල්ලීමක් කළ ද මහේස්ත්‍රාත්වරයා අප ඉල්ලීම ප්‍රතික්ෂේප කළේය.-

    [rns_reactions]

     

  • මිනිස්සු එක්ක පෝලීමේ ඉඳල ටිකට් අරන් බස් එකේ යන අරුම පුදුම ලංගම සභාපති මෙන්න..

    මෙවර  අලුත් අවුරුදු නිවාඩුවට ගම බිම් බලා යන මගී ජනතාවට නිසි සේවාවක් ලබාදීමේ අරමුණින් ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති රමාල් සිරිවර්ධන මහතා මේ දිනවල වැඩි වෙලාවක් සිටිනුයේ පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොළ පරිශ්‍රයේ වන අතර ඊට අමතරව සාමාන්‍ය මගියකු ලෙසද ඔහු බස් රථ වල ගමන් ගන්නවා.

    [rns_reactions]

  • පෝයදා අනියම් පෙම නිසා ලිංගික අවයව නැතිකරගත් පොලිස් නිලධාරියාගේ කතාව මෙන්න..

    සිය පෙම්වතා වෙනත් කාන්තාවක් හා ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වාගෙන යාම නිසා කෝපයට පත් හිඟුරක්ගොඩ ජන උදානගම ප්‍රදේශයේ කාන්තාවක් විසින් ඊයේ (10) බක් පුර පසළොස්වක පෝයදා පොළොන්නරුව මින්නේරිය පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කරන පොලිස් කොස්තාපල්වරයෙකුගේ ශිෂ්ණය තියුණු ආයුධයකින් කපා දමා තිබෙනවා

    මෙම සිද්ධියෙන් බරපතළ තුවාල ලැබූ  කොස්තාපල්වරයා ප්‍රතිකාර සඳහා හිඟුරක්ගොඩ ප්‍රාදේශීය රෝහලට සහ පොළොන්නරුව මහ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර ලබාදීමට කොළඹ ජාතික රෝහලට මාරු කර ඇත.

    අදාල කාන්තාව වැන්දඹුවක් වන අතර කොස්තාපල්වරයා අවිවාහකයෙක්. ඊයේ (10) සවස 2.30 ට පමණ හිගුරක්ගොඩ, පාලුවැව,ජන උදානගම ප්‍රදේශයේ පිහිටි කාන්තාවගේ නිවසේදී මෙම අපරාධය සිදුව තිබෙනවා.

    කාන්තාව විවාහ කර ගැනීමේ පොරොන්දුව මත කොස්තාපල්වරයා දැනට වසරක පමණ කාලයක සිට ඇය සමග ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වා ගෙන ගොස් ඇත. මේ අතර එම කොස්තාපල්වරයා වෙනත් කාන්තාවක් සමගද ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වා ගෙන යන බවට ලද තොරතුරක් මත ඊට උරණවූ කාන්තාව ඉන් දැඩි ලෙස කෝපයට පත්ව ඇති කාන්තාව පෙරේදා සවස් කාලයේ තම නිවසට පැමිණි කොස්තාපල්වරයා මෙම අපරාධයට ගොදුරුව තිබෙනවා.

    මේ සම්බන්ධයෙන් ලද පැමිණිල්ලකට අනුව කාන්තාව හිඟුරක්ගොඩ පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

    [rns_reactions]

  • කුරුණෑගල ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ නව ආසන සංවිධායකවරු හා දිස්ත‍්‍රික් සංවිධායකවරු මෙන්න..

    කුරුණෑගල දිස්ත‍්‍රික්කය සඳහා ශ‍්‍රීලනිප නව ආසන සංවිධායකවරුන් සිව්දෙනෙකු සහ දිස්ත‍්‍රික් සංවිධායකවරුන් තිදෙනක් අද පෙරවරුවේ ජනාධිපති නිලනිවසේ දී ජනාධිපති ගරු මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා අතින් සිය පත්වීම් ලිපි ලබාගත්හ.

    ඒ අනුව නව පත්වීම් පහත පරිදි වේ.

    නව ආසන සංවිධායක ධූරයන්

    01. බිංගිරිය ආසනය – ධර්මසිරි දසනායක මහතා
    02. පඩුවස්නුවර ආසනය – දයාසිරි ජයසේකර මහතා
    03. පොල්ගහවෙල ආසනය – ජයරත්න හේරත් මහතා
    04. කුරුණෑගල ආසනය – ලක්ෂ්මන් වෙඩරුව මහතා

    නව දිස්ත‍්‍රික් සංවිධායක ධූරයන්

    01. ගුණදාස දෙහිගම මහතා
    02. අනුරාධ සම්පත් හේවගේ මහතා
    03. එම්.එස්.එම් ෆාහිම් මහතා

    මෙම අවස්ථාව සඳහා ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් දුමින්ද දිසානායක මහතා ද එක්ව සිටියේය.

     

     [rns_reactions]
  • ඓතිහාසික පොළොන්නරුව ගල්විහාර පුදබිමේ අලුත් සහල් මංගල්‍යය ජනපති සහභාගීත්වයෙන්..

    ලාංකීය ගොවියා සිය කෙත්බිමෙන් නෙළාගත් අස්වැන්නේ අග‍්‍ර කොටස ත‍්‍රිවිධ රත්නයට පූජාකිරීමේ ඉපැරණි චාරිත‍්‍රයක් වන අලුත් සහල් මංගල්‍යය ජනාධිපති ගරු මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් ඓතිහාසික ගල්විහාර පුදබිමේදී  (10) පෙරවරුවේ පැවැත්විණි.

    ඓතිහාසික ගල්විහාර පුදබිමට පැමිණි ජනාධිපතිතුමා, සැතපෙන බුද්ධ ප‍්‍රතිමා වහන්සේගේ ශ‍්‍රී පාද දෝවනය කර පිරිකර පූජාකිරීම ඇතුළු ආගමික වතාවත්වල නිරතවීමෙන් අනතුරුව පරාක‍්‍රම සමුද්‍ර ව්‍යාපාරයේ ලක්ෂ උයන ගම්මානයේ තම කුඹුරෙන් නෙලාගන්නා ලද අස්වැන්නේ අග‍්‍ර කොටස පූජා කරනු ලැබීය.

    බුද්ධ භෝගයක් ලෙස සළකන වී වගාවෙන් නෙලාගන්නා අස්වැන්නේ මුල් කොටස අපේ ගොවිජනතාව දෙවියන් බුදුන් වෙනුවෙන් වෙන්කරනු ලැබීම ඓතිහාසිකව පැවත එන පූජාවක් ලෙසින් ප‍්‍රකටය.

    ජනාධිපතිතුමා මෙහිදී අලුත් සහල් මංගල්‍යයට එක්වූ ගොවි ජනතාව සමග සුහද කථා බහක නිරත වූ අතර එහිදී ශ‍්‍රවණාබාධිත දැරියක් කළ ඉල්ලීම පරිදි ඇයගේ ඉදිරි අධ්‍යාපන කටයුතු වෙනුවෙන් සියලු පහසුකම් සලසා දීමට කටයුතු කරන බව පැවසීය.

    සොළොස්මස්ථානාධිපති අතිපූජ්‍ය වෙඬරුවේ උපාලි අනුනායක හිමිපාණන් වහන්සේ ප‍්‍රමුඛ මහා සංඝරත්නය ද, උතුරු මැද පළාත් කෘෂිකර්ම අමාත්‍ය පුංචිබණ්ඩාර රත්නායක මහතා ඇතුළු මැති ඇමතිවරුන් මෙම අවස්ථාවට සහභාගී වූහ.

    ඉන් අනතුරුව පරාක‍්‍රම සමුද්‍රය අසළට පැමිණි ජනාධිපතිතුමා විවේකීව ටික වේලාවක් එහි රැඳී සිටී අතර එළැඹෙන සිංහල අලුත් අවුරුද්ද වෙනුවෙන් ලහි ලහියේ සූදානම් වන ජනතාව සමග සුහද කථා බහක ද නිරත විය.

    [rns_reactions]

  • සයිටම් අවුල අවසන් – රජයේ විසදුම මෙන්න….

    ශ‍්‍රී ලංකාවේ රාජ්‍ය හෝ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයකට ඇතුළත්කර ගන්නා ශිෂ්‍යයෙකු අවම වශයෙන් අධ්‍යයන පොදු සහතික පත‍්‍ර උසස් පෙළ විභාගයේ ජීව විද්‍යා අංශයෙන් සම්මාන සාමාර්ථ දෙකක් සහ සාමාන්‍ය සමාර්ථයක් ලබා තිබිය යුතු බව ශ‍්‍රී ලංකා වෛද්‍ය සභාව සකස් කළ අවම ප‍්‍රමිතීන් ලේඛනයේ දැක්වෙනවා. 

    වෛද්‍ය විද්‍යාලයකට ඇතුල් වීම සඳහා ශිෂ්‍යයෙකුට තිබිය යුතු මෙම අවම සුදුසුකම ඉකුත් 2011 වසරේ සිට නියමකර තිබුණු අතර එහි කිසිදු සංශෝධනයක් සිදු නොකල බවයි වෛද්‍ය සභාවේ ප‍්‍රකාශකයෙකු සඳහන් කළේ. 

    දැනට සකස් කර ඇති අවම ප‍්‍රමිතීන් ඇතුලත් ලේඛනය ඉදිරි සතියේදී වෛද්‍ය විද්‍යාල අටේම පීඨ මණ්ඩල වෙත යොමු කෙරෙණු ඇති. 

    වෛද්‍ය විද්‍යාලයක තිබිය යුතු අවම පහසුකම්, දේශන ශාලා, පුස්තකාල පහසුකම්, ආචාර්ය සහ මහාචාර්යවරුන්ගේ සංඛ්‍යාව ඇතුළු කරුණු රැසක් මෙම අවම ප‍්‍රමිතීන් ලේඛණයට ඇතුළත් වන අතර විද්‍යාලයට නියමිත රෝහල් සංඛ්‍යාව සහ සායනික පුහුණුව සඳහා වන පහසුකම් ආදිය ද ඊට ඇතුළත් බවයි ශ‍්‍රී ලංකා වෛද්‍ය සභාව ප‍්‍රකාශ කළේ. 

    මේ අතර උසස් අධ්‍යාපන අමාත්‍යංශයෙන් හෝ අධිකරණයෙන් ලබා දෙන  ඕනෑම තීරණයක් පිළිගැනීමට තමන් සූදානම් බව මාලඹේ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ පාලනාධිකාරිය පවසනවා. එහි ලේඛකාධිකාරී හුස්නි හුසේන් සඳහන් කළේ විශ්ව විද්‍යාල පනත අනූව උසස් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම්වරයා තම බලධාරියා ලෙස කටයුතු කරන බවයි. 

     

    වෛද්‍ය උපාධියට අදාළ අවසන් පරීක්‍ෂණය සමත් සයිටම් ශිෂ්‍යයන්ට හෝමාගම සහ අවිස්සාවේල්ල යන රෝහල්වල ශල්‍යකර්ම, වෛද්‍ය විද්‍යාව, නාරිවේදය හා ප‍්‍රසව විද්‍යාව සහ බාලක වෛද්‍ය විද්‍යාව යන විෂයන් යටතේ මාසය බැගින් වැඩිදුර සායනික පුහුණුවක් ලබාදෙන අතර මෙම පුහුණුවෙන් අනතුරුව ශී‍්‍ර ලංකා වෛද්‍ය සභාවේ සහ විශ්ව විද්‍යාල ප‍්‍රතිපාදන කොමිෂන් සභාවේ ඒකාබද්ධ අධීක්‍ෂණය යටතේ පවත්වනු ලබන පරීක්‍ෂණයකට සයිටම් ශිෂ්‍යයන් මුහුණදිය යුතුය.

    [rns_reactions]