Blog

  • ආඩම්බරයි වගේ පෙනුනට මං ආඩම්බර නෑ.. සචිනි කී කතාව.

    අවුරුදු කාලෙ නිසා සචිනිට වැඩ වැඩිලු නේද?

    ඔව්. මේ දවස්වල කාර්යබහුලයි. අවුරුදු උත්සවවල අවුරුදු කුමරිය තරග විනිශ්චය කරන්න ගොඩක් ආරාධනා ලැබෙනවා. ඒ නිසා ඒ වැඩ කටයුතුවලට සම්බන්ධ වෙනවා.

    රංගනයට දිග විරාමයක් තිබ්බ සචිනි ආයෙත් රංගන කටයුතු පටන් ගත්තා කියලත් ආරංචියි?

    ඔව්. මම ගිය සතියේම සේනක විජේසිංහගේ ‘මේඝ’ චිත්‍රපටයේ රූගත කිරීම් එක්ක හිටියේ. බුඩිගේ රූමස්සල කියන ටෙලි සීරිස් එකෙත් රූගත කිරීම් කළා.

    කාලයක් හිනඬ වෙලා හිටියට අධ්‍යක්ෂවරුන්ට සචිනිව අමතක වෙලා නෑ වගේ?

    මම ගෙදර හිටිය කාලෙත් මට ගොඩක් වැඩවලට ආරාධනා ලැබුණා. මම තමයි යන්නෙ නැතිව හිටියේ. ඉතිං මගේ දෙවැනි බබාටත් අවුරුදු තුනක් වෙන නිසා මට දැන් වැඩ කරන්න පුළුවන්.

    ලංකාව නියෝජනය කරලා ජාත්‍යන්තරයට ගිය නිසා දැන් සචිනිට ලැබෙන වටිනාකම වැඩි වෙලාද?

    මම ජාත්‍යන්තර පැජන්ට් එකක් නියෝජනය කරන්න හොලිවුඩ් ගියේ. ඒක ලොකු චැලේන්ජ් එකක්. ගොඩක් අය ඒක ඇගයුවා. දැන් ජුනියර් අය මගෙන් උපදෙස් ගන්නවා වැඩියි. ප්‍රවීණ, තරුණ භේදයක් නැතිව මාව අගයන එක මට සතුටක්.

    ජාත්‍යන්තරයට ගිය සමහරු අධිමානයක් ඇති කරගත්ත අවස්ථා අපි දැකල තියෙනවා. සචිනිත් එහෙමද?

    නැහැ. මට දේවල් ලැබුණා කියලා මම ආඩම්බර වුණේ නැහැ. ආඩම්බර වුණා නම් මිනිස්සු මං ළඟට එන්න, මාත් එක්ක කතා කරන්න බය වෙනවා. ඒ නිසා මම ආඩම්බර නෑ වගේ පෙන්වන්න තමයි උත්සාහ කළේ.

    ඇත්තටම සචිනි ආඩම්බර නැද්ද?

    මම ඕනවට වඩා කතා කරන කෙනෙක් නෙමෙයි. සමීප නැති අය අතරෙදි මම නිශ්ශබ්දයි. හැබැයි මගේ යාළුවෝ අතරෙදි මම එහෙම නැහැ. වැඩිපුර කතා නොකරන නිසා මම ආඩම්බරයි කියලා සමහරු හිතනවා ඇති.

    ඒ කියන්නේ නොදන්න අයට සචිනි ලොකු සීන් දානවද?

    මම ඒක හිතලා කරන දෙයක් නෙවෙයි. මම පොඩි කාලෙ ඉඳන් එහෙමයි. මම සමහරු එක්ක මුහුවෙනවා අඩුයි. ඒ නිසා ලොකු සීන් කියලා සමහර අයට පේනවා ඇති.

    සචිනි රිදී රැයක් ප්‍රසංගය එක්ක ලොකු කාලයක් ඉන්න කෙනෙක්. රිදී රැයක් තුළ චාන්ස් ලැබෙන්නේ යාළුකම්වලට කියලා සමහරු කියනවා සචිනිටත් එහෙම හිතෙනවද?

    මම චිත්‍රපටවලින් සම්මාන ගත්ත කෙනෙක්. ඉතිං විශේෂ අයට රිදී රැයක් තුළ ඉඩ ලැබෙනවා. මම රිදී රැයක් ප්‍රසංගයට සම්බන්ධ වුණේ ‍ෙදාළොස්වැනි වතාවට. දීර්ඝ කාලයක් එකට වැඩ කරද්දී යාළුකම් ඇති වෙනවා. නමුත් යාළුකම්වලට අවස්ථා ලැබෙන්නේ නෑ. උදාහරණයක් විදියට පසුගිය රිදී රැයක් ප්‍රසංගයේදී මට ප්‍රධාන නර්තනයක් ලැබුණේ නැහැ. මට තවත් ‍ෙදාළොස් දෙනෙක් එක්ක නර්තනයක් ඉදිරිපත් කරන්න ලැබුණේ. මම විතරයි තනි නර්තනයක් ඉදිරිපත් නොකළේ. මට නම් එහෙම හැඳුනුම්කම්වලට අවස්ථා ලැබිලා නැහැ.

    කැපිලි එනවා කියලා සමහරු රිදී රැයක් ප්‍රසංගයෙන් අයින් වෙලත් තියෙනවා. සචිනිට මේ සිදුවුණේ කැපිල්ලක්ද?

    ඕන තරම් නළු නිළියෝ රිදී රැයක් ප්‍රසංගයෙන් අයින් වෙලා තියෙනවා. එයාල හිතන්නේ ඉබචඨඥ ර්ථීඥපටධපථචදජඥ එක ගැන විතරයි. නමුත් මේ ප්‍රසංගයෙන් වෙන සේවය අමතක කරලා ඒ වගේ අයින් වෙලා යන්න තීරණ ගන්න මම ආත්මාර්ථකාමී නැහැ.

    අවුරුදු ‍ෙදාළහක් රිදී රැයක් ප්‍රසංගයේ හිටපු සචිනිට රියැලිටි වැඩසටහන්වලට ආරාධනා නැද්ද?

    ආරාධනා ලැබුණා. නමුත් ඒ වැඩසටහන්වල පළමුවැනි කොටස් ටික ෂූට් කරද්දි මම හිටියේ ඇමෙරිකාවේ. ඒ නිසා මට ඒ වැඩසටහන්වලට සම්බන්ධ වෙන්න බැරි වුණා. මම රියැලිටිවලට සම්බන්ධ වෙන්නෙ නෑ කියලා තීරණය කරලා නැහැ. හිතුණොත් මම ඒවට සම්බන්ධ වෙනවා.

    සචිනි බිරියක් මවක් වුණාට නිදහස නැති කරගෙන නැහැ. සචිනි ඒ නිදහස හදා ගත්තද? නැත්නම් ඒ නිදහස සැමියා ඔබට හදලා දුන්නද?

    මම ඒ නිදහස හදාගත්තා. රංගනය කියන්නේ මම කැමැති දේ. ඕන කෙනෙක් තමන් කැමැති දේ කරන්න ඕන. විවාහ වුණා දරුවෝ හැදුවා කියලා රංගනය අතහැරල දාන්න මම කැමැති වුණේ නැහැ. ඒක ආත්මාර්ථකාමීකමක් නෙවෙයි. සැමියා වුණත් දරුවෝ වුණත් ඒක තේරුම් ගන්න ඕන. මම අවුරුදු දෙකක් ගෙදරටම වෙලා හිටියා. ඉතිං දැන් වුණත් මගේ වගකීම් ඉෂ්ට කරන ගමන් තමයි මම රංගන කටයුතුත් කරන්නේ. මම සතුටෙන් හිටියොත් තමයි මට හොඳ බිරියක් මවක් වෙන්න පුළුවන්. මගේ සැමියා මාව තේරුම් අරන් ඉන්නවා.

    ඉදිරි වැඩ ගැනත් සැලසුම් ඇති?

    ඔව්. මම මේ අවුරුද්දෙත් එධපතඤ ඛ්ඩචථනඪධද ඉඩඪන එකට යනවා. අංශ හයම සම්පූර්ණ කරන්න හිතාගෙන තමයි මම මේ සැරේ යන්නේ. ඊට අමතරව චිත්‍රපටයකටත් ආරාධනා ලැබිලා තියෙනවා. ඒකෙ රූගත කිරීම්වලටත් එකතු වෙන්න තියෙනවා. බබාලා දෙන්නගේ වැඩත්, රංගන කටයුතුත් කරගෙන ජීවත් වෙන්න තමයි සැලසුම් කරගෙන ඉන්නේ.
    (මව්බිම පුවත් පත ඇසුරෙනි)

    [rns_reactions]

  • FCIDය මහින්දානන්දගේ බෝල දෙක සොයයි.(video)

    පාර්ලිමේන්තුවේදී මහින්දානන්ද අලුත්ගමගේ මහතා කියා සිටියේ මෙම ආණ්ඩුව ගෙනියන්නේ යහ  පාලනයක් නොව ගව පාලනක් බවයි.

    ඔහු කියා සිටියේ FCID ය මේ වන විට මහනුවර පැත්තේ පිට්ටනි මනින බවත් ලබා දුන් බෝල දෙකක් ගැන ප්‍රශ්න කරන බවයි. 
    [rns_reactions]

  • නාමල්ට එරෙහිව නඩු…

    ගවර්ස් කෝපරේට් සමාගම සමග කළ ගනුදෙනුවකදි රුපයල් මිලියන 30ක මුදලක් විශුද්ධිකරණය කිරීමේ චෝදනාවකට පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් රාජපක්ෂට ඇතුළු පස් දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් නඩු පවරා තිබෙනවා. 

    ඒ, කොළඹ මහාධිකරණය හමුවේයි. 

    නඩු පවරා ඇති අනෙක් සිවු දෙනා වන්නේ සුජානි බෝගොල්ලාගම, නිත්‍යා සෙනානි, ඉරේෂා සිල්වා සහ ඉන්දික කරුණාජීවයි.

    [rns_reactions]

  • ජනපති පොරොන්දු වූ භාරය ඔප්පු කිරීම හෙට(09)…

    රටට වැසි ලැබී සෞභාග්‍යය උදාවේවායි ප්‍රාර්ථනය කරමින් පසුගිය වසරේ දෙසැම්බර් මාසයේදී සිදු කළ බාර හාර ඔප්පු කිරීමේ මහා මංගල්‍යයක්‌ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් මේ මස 09 වැනිදා ඉරිදා දිඹුලාගල, සොරිවිල ශ්‍රී මුත්තුමාරි අම්මාන් කෝවිලේ දී පැවැත්වීමට කටයුතු යොදා ඇත.

    එම අවස්‌ථාවට උතුරු මැද මහ ඇමැති පේෂල ජයරත්න, වාරිමාර්ග හා ජල කළමනාකරණ රාජ්‍ය ඇමැති වසන්ත සේනානායක යන මහත්වරුන් ඇතුළු පොලොන්නරුව දිස්‌ත්‍රික්‌කයේ පාර්ලිමේන්තු, පළාත් සභා මැති ඇමැතිවරුන් සහ පොලොන්නරුව දිස්‌ත්‍රික්‌ ලේකම් රංජිත් ආරියරත්න මහතා ප්‍රමුඛ රාජ්‍ය නිලධාරීහු රැසක්‌ ද සහභාගි වෙති.

    ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ පූර්ණ දායකත්වය ඇතිව පොලොන්නරු දිස්‌ත්‍රික්‌ ලේකම් කාර්යාලය මෙම පින්කම සංවිධානය කරයි.

    [rns_reactions]

  • පළාත් පාලන මැතිවරණය මෙම වසරේ පැවැත්වීමට නියමිතයි!

    නව පළාත් පාලන ඡන්ද ක‍්‍රමය ක‍්‍රියාවට නංවමින් පළාත් පාලන මැතිවරණය මෙම වසරේ පැවැත්විමට හැකිවනු ඇතැයි තමන් දැඩි ලෙස විශ්වාස කරන බව ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා පවසනවා.

     පිරිසිදු දේශපාලනයක් උදෙසා ආරම්භ කෙරුනු මාර්තු 12 ව්‍යාපාරය ඡන්ද දායකයින් දැනුවත් කිරීම සදහා දීප ව්‍යාප්තව ආරම්භ කරන ලද දැනුවත් කිරීමේ වැඩසටහනේ සමාප්ති උත්සවයට ඊයේ එක් වෙමින් ජනාධිපතිවරයා මේ බව කියා සිටියා.

     කොට්ඨාශ නීර්ණය කිරීමේ කමිටුවේ වගකීම නිසි ලෙස ඉටු නොවීම පළාත් පාලන මැතිවරණය කල් යාමට හේතු වූ බවද ජනපතිවරයා සඳහන් කළේය.

    [rns_reactions]

  • කවදාවත් ඔබේ රහස් ප්‍රදේශයේ රෝම ඉවත් කරන්න එපා..

    වීඩියෝ එකේ දැක්වෙන කරුණු කියවා වටහා ගන්න.

    [rns_reactions]
  • දිවුලපිටියේදී රන්ජන්ට ප්‍රහාරයක්! (Video)

    නියෝජ්‍ය ඇමති රන්ජන් රාමනායක මහතාගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ(06) දිවුලපිටිය ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පැවති රැස්වීමකදී දිවුලපිටිය හිටපු විපක්ෂනායක වන හසිත විජේසිංහ විසින් සැලසුම් සහගතව විවිධ චෝදනා නගමින් නියෝජ්‍ය ඇමතිවරයාට බැණ වැදුනහ.

    මෙම රැස්වීම පැවතුනේ ප‍්‍රදේශයේ පස් හා මැටි කැපීම සදහා පැවති අහෝසි කරන ලද බලපත‍්‍ර නැවත ලබා දීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහාය.

    [rns_reactions]

  • මගේ ළමයි දෙවියෝ ගාව – සිරියාවෙන් ඇසෙන කදුළු කතාව මෙන්න..

    බොහෝදුරට යුද්ධයක ජයග්‍රහණයන්ට වඩා තියෙන්නේ පරාජයන්,අහිමිවීම්,වේදනාවන්,විනාශයන් විතරක් වන අතර කවදා හරි මේ ලෝකේ අන්තිම මනුස්සයා දක්වාම එකිනෙකා මරාගන්න දවසක් එනකම් ඒ දේ, මිනිසුන් තේරුම් ගනිවීදෝ දැයි හීනෙකින්වත් හිතන්න බැරි කාලයකයි අපි මේ ජීවත් වෙන්නේ.

    අබ්දුල් හමීඩ් යූසෆ්…අබ්දුල් හමීඩ් යූසෆ් මුහුණ දුන් සංවේදී කතා පුවත ලොව පුරා මාධ්‍ය වලින් ලැව් ගින්නක් සේ පැතිර ගියේ මේ කතාව අහපු දැකපු හැමෝගෙම හදවත් වලට සිත් සසළ කරමින්..

    සිරියානු ජනපති බෂාර් අල් අසාද්ගේ හමුදාව විසින් එල්ල කරපු රසායනික අවි ප්‍රහාරයකින් යූසෆ්ගේ බිරිඳ සහ දෙමස් වියැති නිවුන් දරුවන් දෙදෙනා ඔහුට අහිමි වුණා.

    මේ පුහාරයට එල්ල වෙලා තිබුණේ සිරියාවේ ඉඩ්ලිබ් කියන පළාතේ උතුරු කෙළවරක වෙන්න පිහිටලා තිබුණ ඛාන් ෂෙයිකෝන් කියන ගම්බද ප්‍රදේශයට.රාත්‍රී කාලයේදී තමයි මේ ප්‍රහාරය එල්ල කරලා තිබුණේ..

    ‘‘මම තද නින්දක හිටියේ..ප්‍රහාරයත් සමග එක්විටම මා අවදි වුණා.මට හුස්ම ගැනීමේ අපහසුවක් දැනුනා.එ් මොහොතේම මම මගේ බිරිඳ සහ දරුවන් දෙදෙනා වෙත ගියා.ඔවුන්ට අනතුරක් වී තිබුණේ නැහැ.පස්සේ මම බිරිඳට දරුවන් දෙදෙනා එක්ක නිවසට වී ඉන්න කියලා අසළ නිවසක ජීවත් වුණ මගේ දෙමව්පියන් විසූ නිවස වෙත ගියා.මා යනවිටත් මගේ දෙමව්පියන් සහෝදරයින් කිසිවෙකු ජීවතුන් අතර හිටියේ නැහැ..මම නැවත මගේ බිරිඳ හා දරුවන් දෙදෙනා වෙත ආවා.මම එනවිට ඔවුන් වලිප්පුව හැදුනාක් මෙන් කටින් පෙණ දමමින් සිටියා.ඔවුන් මිය ගියා..මට මගේ පවුලම නැති වුණා‘‘ යැයි ලෝක මාධ්‍ය ඉදිරියේ හඩාවැටෙමින් යූසුෆ් කියලා තිබුණා..

    මේ ප්‍රහාරයෙන් යූසුෆ්ගේ ඥාති හිතුවතුන් 25 දෙනෙකු ඇතුළු 70කට අධික පිරිසක් මියගොස් තිබුණා.

    ‘‘මම අඩනවා ඒත් මේ සතුටු කඳුලු මගේ දරුවන් දැන් දෙවියන් ළඟ සිරියාවේ ඉන්නවාට ඒක ගොඩක් හොඳයි‘‘ සිය දරු දෙදෙනාගේ සොහොන්කොත් අසළ හඩා වැටෙමින් යූසුෆ් අවසාන වශයෙන් කියලා තිබුණා.

    https://www.facebook.com/cnn/videos/10156371129926509/

    [rns_reactions]

  • නොමිනුසුන් වර්ජන කරද්දි රෝගින් වෙනුවෙන් මතුව ආ මනුස්සකම…..

    සයිටම් ආයතනයට විරෝධය පළ කරන්න යැයි පවසමින් සුවහසක් රෝගින් අපහසුතාවයට පත්කරමින්  අද රටපුරා වෛද්‍යවරුන් වැඩ වර්ජනයක නිරත වෙන අතර ඔවුනට කණේ පහරක් එල්ල කරමින් කොළඹ ජාතික රෝහලේ බාහිර රෝගී අංශයේ වෛද්‍යවරියක රෝගීන්ට ප්‍රතිකාර කරන අයුරු දැකගත හැකිවිය.

    එම ස්ථානයේ පසෙකින් තවත් වෛද්‍යවරයෙක් ද සිටියේය.

     

    [rns_reactions]

  • බංගලියන්ගේ ජය හේතුවෙන් සිංහයන් පසුබෑමක…

    බංග්ලාදේශය සමඟ ඊයේ පැවති පන්දුවාර විස්ස ක්‍රිකට් තරගය පරාජයවීම හේතුවෙන්න් විස්සයි විස්ස කණ්ඩායම් ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීමේ ලැයිස්තුවේ අටවන ස්ථානයේ සිටින ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රසාද ලකුණු අඩු වී තිබෙනවා. 

    101ක් වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රසාද ලකුණු 99 දක්වා අඩු වී ඇති අතර 71ක්ව තිබූ බංග්ලාදේශ කණ්ඩායමේ ප්‍රසාද ලකුණු 74ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. 

    මේ අතර බංග්ලාදේශය සමඟ නිමාව දුටු ක්‍රිකට් තරගාවලිය ශ්‍රී ලංකාව අනිවාරයෙන් ජයගත යුතුව තිබූ බව කණ්ඩායමේ කළමනාකරු අසංක ගුරුසිංහ පවසනවා. 

    ඔහු කියා සිටියේ ටෙස්ට්, එක්දින සහ පන්දුවාර විස්ස තරගාවලි 03ම ජය පරාජයෙන් තොරව නිමාවීම ප්‍රමාණවත් නොවන බවයි. ශ්‍රී ලංකාවේ දී තරග වැදුණු බැවින් ශ්‍රී ලංකාවට තරගාවලිය ජයගත හැකි වනු ඇතැයි අපේක්ෂාවෙන් පසු වූ බව ගුරුසිංහ පවසනවා. 

    පරාජය පිළිබඳ කණගාටු වන බවයි ඔහු පවසන්නේ. 

    ශ්‍රී ලංකා කණ්ඩායමේ මුල්පෙල පිතිකරුවන් පස් දෙනා ලකුණු අතරට පැමිණිය යුතු බවත් එසේ නොවුණහොත් එය ගැටළුවක් වනු ඇති බවත් අසංක ගුරුසිංහ ප්‍රකාශ කර තිබෙනවා. 

    [rns_reactions]
  • නාහිමිගේ අපවත්වීම විකුණා දේශපාලන වාසි ගත්ත පරාජිතයෙක්ගේ කතාව මෙන්න..

    අපවත් වී වදාල ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ උත්තරීතර මහා නායක අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය දවුල්දෙණ ඤාණිස්සර මහා නාහිමිපාණන් වහන්සේගේ ආදාහනෝත්සවය ඊයේ සවස පූර්ණ රාජ්‍ය ගෞරව සහිතව පැවැත්වූ නමුත් එහිදී මෙතෙක් ලංකා ඉතිහාසයේ කෙදිනකවත් දකින්නට නොලැබුණු ඉතාමත් අශෝබන අශීලාචාර ප්‍රදර්ශණයක් දකින්නට ලැබිණ.

    එනම් ලෝක බෞද්ධ ප්‍රජාවගේ පවා ගෞරවාදරයට පාත්‍ර වූ මහා නායක හිමි නමකගේ අපවත්වීම තමාගේ දේශපාලනයට ලකුණු දමා ගැනීමට අවස්ථාවක් කරගනිමින් මහින්ද රාජපක්ෂ විසින් පෝස්ටරයක් ප්‍රදර්ශනය කිරීමයි.

    මහානායක හිමියන්ට නිවන් සුව ලැබේවායි කියමින් මහින්ද රාජපක්ෂ නා හිමියන්ට වැඳ සිටින අයුරු විශාලව දක්වා පමණක් නොව මහා නායක හිමියන්ට පිදූ පිරිකරෙහි සේයාරුවක් පවා පසෙකින් විශාලව දක්වා මෙම අශීලාචාර පෝස්ටරය නිර්මාණය කර තිබෙනු දුටු බෞද්ධ ජනතාව ‘අනේ අපොයි‘ කීහ.

    මහා යතිවරයෙකුගේ අපවත්වීමකින් ලකුණු දමා ගැනීමට තමන් පිදූ පිරිකරද ප්‍රදර්ශනය කරමින් තමා විසින්ම පෝස්ටර් ගසා ගත් මහින්ද රාජපක්ෂ යනු වසලයෙකැයි බුදුන් වහන්සේ වදාළේ මෙසේය.

    “යමෙක් ඉතා හීනමානයෙන් යුක්තව තමා විසින් තමාව හුවා දක්වා ගනීද ඔහු වසලයෙකි..“

    (-බුදුන් වහන්සේ – සූත්‍ර පිටකය, බුද්දක නිකාය, සුත්ත නිපාතය, උරග වග්ගය, වසල සූත්‍රය, අංක 132

     

    [rns_reactions]

  • බංගලියන් දිනවු හතුරු ගැන මිතුරු ගුරුසිංහ කියපු දේ මෙන්න..

    ඊයේ දින නිමාව දුටු ක්‍රිකට් තරගාවලියේදී බංග්ලාදේශය දැක්වූ දක්ෂතා පිළිබඳව තමන් පුදුම නොවන බව ශ්‍රී ලංකා කණ්ඩායමේ කළමනාකරු අසංක ගුරුසිංහ පවසන අතර වැඩිදුරටත් ඔහු පෙන්වා දී ඇත්තේ බංග්ලාදේශ කණ්ඩායමේ වත්මන් පුහුණුකරු චන්දික හතුරුසිංහ යටතේ ඔවුන් දක්ෂතා දක්වන බවයි.

    ඔහුගේ පුහුණුකාරිත්වය පිළිබඳ ලාංකිකයෙක් හා මිත්‍රයෙක් ලෙස තමන් සතුටුවෙන බව අසංක ගුරුසිංහ පවසනවා.

    චන්දික හතුරුසිංහ 1986 වසරේ සිට තමන් දැන සිටි බවත්19න් පහළ කණ්ඩායමේ නායකත්වය දරන කාලයේ සිට ඉහළ ක්‍රිකට් දැනුමක් තිබූ බවත් ඔහු පෙන්වා දෙනවා.

    2019 ලෝක කුසලාන තරගාවලිය දක්වා කණ්ඩායම ගෙනයාමේ වගකීම හතුරුසිංහට පැවරී ඇති බවත් චන්දික හතුරුසිංහ ශ්‍රී ලංකාවට පැමිණිය හොත් හොඳ ස්ථානයකට යාමට ලංකාවට හැකිවනු ඇති බවත් ශ්‍රී ලංකා කණ්ඩායමේ කළමනාකරු අසංක ගුරුසිංහ වැඩි දුරටත් සඳහන් කළා.

    [rns_reactions]

  • නූතණ ටාසන්ගේ ආගමණය ඉන්දියාවෙන් කරළියට…

    ඉන්දීය – නේපාල දේශසීමාව ආසන්නයේ වනාන්තරයක සිටි වයස අවුරුදු 8 ක විතර ගැහැණු ළමයෙක් හමුවී තිබෙන අතර මේ දැරියව සොයා ගනිද්දි ඇය සිට ඇත්තේ නිරුවතින් කියලා තමයි ‍විදෙස් මාධ්‍ය සඳහන් කරලා තියෙන්නේ.

    මෙහි විශේෂත්වය වන්නේ මේ දැරියගේ හැසිරීම් රටාව තනිකරම වඳුරෙක්ගේ හැසිරීම් රටාව වගේ වීමයි.

    ඒ වගේම වඳුරු රැළකුත් මේ ගැහැණු ළමයව කැලෙන් එළියට ගෙනියන්න දීලා නෑ. ලොකු වෙහෙසක් දැරීමෙන් අනතුරුව තමයි ඇයව මෙහෙම කැලෙන් එළියට අරන් තියෙන්නේ.

    කොහොම හරි මේ දැරියව අමාරුවෙන් අල්ලාගෙන කැලෙන් එළියට අරන් ඇවිත් තියෙන්නේ මේ දැරියගේ දැඩි විරෝධය මතයි.

    ගාත් සතරෙන් ගමන් කරන සහ වඳුරෙකු වගේ කෑ ගහන මේ දැරිය, රෝහලට ගෙනාවට පසු දීපු ආහාරත් ඇය ප්‍රතික්ෂේප කරලා. මේ දැරිය හැසිරෙන විදිහ අනුව ඇය යන්තම් තේරෙන වයසක ඉඳන්ම ජීවත්වෙලා තියෙන්නේ වඳුරෝ එක්ක කියලයි මේ වෛද්‍යවරු කියන්නේ.

    හැබැයි කතාබහ කරන්න ඉගෙනගන්න තරමේ කුඩා දැරියක් තනියම කැලයක දිවි බේරාගෙන හිටිය කියල හිතන්න අමාරු නිසා වඳුරෝ ඇයව රැක බලාගන්න ඇති කියලත් වෛද්‍යවරු කියනවා.

    ඒ වගේම මේ දැරියව ආයෙත් මනුෂ්‍යයෙක් විදිහට හැසිරෙන්න පුරුදු කරන්න හුඟක් කල් යයි කියලත් වෛද්‍යවරු කියලා තියනවා. තව ද මේ දැරියගේ භාරකරුවන් ද තවම සොයාගෙන නැති බවත් විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සදහන් කර තිබෙනවා.

    [rns_reactions]
  • මෙදා අවුරුද්දට ලක් සතොසින් රුපියල් 540ක් අඩුවෙන් බඩු මල්ලක්‍..

    මෙවර සිංහල හා දෙමළ අලූත් අවුරුද්ද නිමිත්තෙන් දිවයින පුරා සතොස අලෙවිසැල් හරහා මහජනතාවට අඩු මිලට අත්‍යවශ්‍ය ආහාර ලබාදීමට රජය තීරණය කර තිබෙන අතර ඒ අනුව රුපියල් 1515ක් වටිනා අත්‍යවශ්‍ය ද්‍රව්‍ය 10ක් අඩංගු ආහාර මල්ලක් රුපියල් 975 ක මිලකට ලබාදීමටයි පියවර ගෙන ඇත්තේ. 

    මුදල් අමාත්‍යංශය සඳහන් කළේ ලබන 10 වනදා සිට 20 වනදා දක්වා කාලය තුළ දිවයින පුරා පිහිටි ලක් සතොස අලෙවිසැල් හරහා මෙම ආහාර ද්‍රව්‍ය අඩංගු මල්ල පාරිභෝගිකයින්ට මිල දී ගත හැකි බවයි. 

    කිරිපිටි, සීනි, සහල්, පරිප්පු, අල, ළුෑණු ඇතුළු අත්‍යවශ්‍ය ආහාර අඩංගු මළු ලක්ෂ 10ක් පමණ මෙම කාලය තුළ පාරිභෝගික ජනතාවට ලබාදීමට කටයුතු කරන බවද මුදල් අමාත්‍යංශය සඳහන් කළා.

    [rns_reactions]
  • ගවමස් කෑ අම්පාරේ පල්ලි සාදයේ හතරක් මරුට – 600ක් රෝහලට..

    අම්පාර දමන දහය කොළණිය වනේගමුව පල්ලියේ පැවති උත්සවයක දී ආහාර විෂ වීම හේතුවෙන් ජීවිතක්ෂයට පත් වූ සංඛ්‍යාව හතරක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. 

    එම පිරිසට කාන්තාවන් දෙදෙනෙකු ද ඇතුළත්. ආහාර විෂවීම හේතුවෙන් එරගම රෝහලට ඇතුළත් කළ දෙසිය තුන් දෙනෙකුගෙන් එකසිය විසි දෙනෙකු ප්‍රතිකාර ලබා රෝහලෙන් පිටව ගොස් තිබෙනවා. 

    එම රෝහලේ ප්‍රතිකාර ලබන පිරිසට කාන්තාවන් 18 දෙනෙකු ඇතුළත්.

    අක්කරේපත්තුව මූලික රෝහලේ කාන්තාවන් අට දෙනෙකු හා ළමුන් 17ක් ඇතුළුව විසිනව දෙනෙකු ප්‍රතිකාර ලබනවා. 
    අක්කරේපත්තුව අම්පාර පාර රෝහලේ කාන්තාවන් 12 දෙනෙකු හා ළමුන් තිදෙනෙකු ද ඇතුළුව දහඅට දෙනෙකු ප්‍රතිකාර ලබන බවයි පොලිසිය පැවසුවේ. 

    ඔලූවිල් රෝහලේ ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 14ක්. ඒ අතරට කාන්තාවන් නව දෙනෙකු සහ එක් ළමයෙකු ද අයත්. 

    වාලච්චේන රෝහලේ කාන්තාවන් තිදෙනෙකු හා ළමුන් හතර දෙනෙකුද ඇතුළුව අට දෙනෙකු ප්‍රතිකාර ලබන බවයි අප වෙත වාර්තා වන්නේ. 

    ඉකුත් පස්වනදා රාත්‍රී 12 සිට ආහාර විෂ වී රෝගී වූ පිරිස් මේ දක්වා වරින් වර රෝහල්ගත වී තිබෙනවා. 

    ඒ අතරට ප්‍රතිකාර ලබා රෝහල්වලින් පිටව ගිය පිරිස් ද ඇතුළත්. ඉකුත්දා ඇති වූ සිද්ධියෙන් පසුව හයසියයකට ආසන්න පිරිසක් ප්‍රතිකාර සඳහා රෝහල් වෙත පැමිණ ඇති බවටයි වාර්තා වන්නේ. 

    මෙම පල්ලියේ පැවති උත්සවයේ දී පන්දහසකට පමණ ආහාර ලබාදී තිබෙනවා. 

    එහිදී ඔවුන්ට ආහාර ලබාදීම සඳහා සහල් කිලෝ දහසක් සහ ගවයින් හත් දෙනෙකුගේ මස් යොදාගෙන තිබූ බවද සදහන්.

    නේපාලයේ පැවති ආගමික උත්සවයක දී ගවයින් පන්දහසක් ඇතුළු සතුන් ලක්ෂ 03කට ආසන්න සංඛ්‍යාවක් ඝාතනය කිරීමේ සිද්ධිය පසුගිය සමයේ ලොව පුරා දැඩි ආන්දෝලනයක් ඇති කළා. 

    මෙම සිද්ධියෙන් පසුව එරට ඇතිවූ භූ කම්පනයකින් පුද්ගලයින් දහස් ගණනකට ජීවිත අහිමි වීම ද බොහෝ දෙනාගේ කතා බහට ලක් වූ කරුණක් වුණා. 

    [rns_reactions]
  • දියණිය උකසට තැබු විමල්ට ඇප – අනෙක් රැදවියනුත් ඇප ලබාගැනිමේ සුදානමක…

    දිගින දිගටම සිය දියණියගේ සෙෘඛ්‍ය තත්වය උකස් කරමින්  ඇප ඉල්ලු  විමල් වීරවංශ මීට නොබෝ වේලාවකට පෙර ඇප මත මුදා හැරුනු බව අපට වාර්තා වන අතර ඒ, කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්නගේ නියෝගයකට අනුව බව සදහන්.

    රුපියල් පනස් දහසක මුදල් ඇපයක් හා රුපියල් ලක්ෂ පහ බැගින් වූ ශරීර ඇප දෙකක් මත මන්ත්‍රීවරයා මුදා හැරීමටයි නියෝග කෙරුණේ.  ඊට අමතරව විදේශ ගමන් තහනමක් ද පණවා ඇත. 

    දියණියගේ සෞඛ්‍ය තත්වය සැලකිල්ලට ගෙන ඇප ලබාදීම සිදු කරන බවයි මහේස්ත්‍රාත්වරිය වැඩිදුරටත් කියා සිටියේ.

    [rns_reactions]