Blog

  • සියලු කිරි ගව ගොවිපොළ ලියාපදිංචිය අනිවාර් යය කරයි..!

    සියලු කිරි ගව ගොවිපොළ ලියාපදිංචිය අනිවාර් යය කරයි..!

    ලබන ජනවාරි මාසය මෙරට සියලුම කිරිගව ගොවිපොළවල් ලියාපදිංචි කිරීම සඳහා වන පශු සම්පත් සංවර්ධන මාසයක්  ලෙස ප්‍රකාශයට පත් කරන්නැයි කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා කෘෂිකර්ම අමාත්‍යාංශයේ පශු සම්පත් සංවර්ධන අංශයට උපදෙස් දුන්නේය.

    මේ වනවිට අපේ සත්ව ගොවිපොළවල් 290,592ක් තිබුනත් සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි ව ඇත්තේ 58,137ක් පමණක් බව අමාත්‍යාංශය පවසයි. මින් වැඩි ප්‍රමාණයක් දිනකට කිරි ලීටර් 100ට වඩා අඩුවෙන් ලබා ගන්නා ගොවිපොළවල් වේ.

    කිරිගව ගොවිපොළ ලියාපදිංචි නොකිරීම නිසා රජය මගින් ලබා දෙන විවිධ සහන සේවා මෙම කිරි ගව පාලනයේ නිරතව සිටින ගොවීන්ට අපහසු වී ඇතැයි ද සත්ව නිෂ්පාදන සම්බන්ධ නිවැරදි දත්ත සකස් කිරීම සඳහා මෙම ගොවිපොළවල් ලියාපදිංචි කිරීම  අනිවාර්ය බවද අමාත්‍යාංශය පවසයි.

  • ආගමික සිද්ධි සදහා අලුත් අංශයක්..! සමාජ මාධ්‍ය භාවිතා කරන්නන්ට පොලිසියෙන් විශේෂ දැනුම් දීමක්..!

    ආගමික සිද්ධි සදහා අලුත් අංශයක්..! සමාජ මාධ්‍ය භාවිතා කරන්නන්ට පොලිසියෙන් විශේෂ දැනුම් දීමක්..!

    සමාජ මාධ්‍ය ඔස්සේ සිදුවන ආගමික වෛරී අපරාධ සම්බන්ධයෙන් විමර්ශන කිරීම සඳහා වෙනම ඒකකයක් පිහිටුවන ලෙස වැඩබලන පොලිස්පති දේශපන්දු තෙන්නකෝන් පොලිස් පරිගණක අපරාධ කොට්ඨාසයට උපදෙස් දී තිබේ.

    එවැනි අපරාධ සම්බන්ධයෙන් මහජනතාවට දුරකථන අංක 0112300637,,ෆැක්ස් 0112381045 සහ විද්‍යුත් තැපෑලෙන් ccid.religious@police.gov.lk ඔස්සේ වාර්තා කළ හැකි බව දැනුම් දී තිබේ.

  • ශ්‍රි ලංගමයෙන් විප්ලවයක්..! 2024දී විදුලියෙන් දුවන බස් ලංකාවට..! ඇමති බන්දුලගෙන් ප්‍රකාශයක්..!

    ශ්‍රි ලංගමයෙන් විප්ලවයක්..! 2024දී විදුලියෙන් දුවන බස් ලංකාවට..! ඇමති බන්දුලගෙන් ප්‍රකාශයක්..!

    එළඹෙන වසර ලංගම ඉතිහාසයේ විශාල වෙනස්කම් රාශියක් සිදුවන වසරක් බවට පත්වනු ඇති බව ප්‍රවාහන මහා මාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

    ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ ක්‍රීඩා පාලක සභාව මගින් මෙහෙයවන ලද 2023 වර්ණ ප්‍රදානෝත්සවය අමතමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.

    ජාතික හා ජාත්‍යන්තර මට්ටමේ තරග ඉසව්වලදී ලංකා ගමනාගමන මණ්ඩලය වෙත ජයග්‍රහණ හිමිකර දුන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් අගයමින් 165 දෙනෙකු සඳහා තිළිණ සහ සහතික පත්‍ර ප්‍රදානය මෙහිදී සිදු විය.

    මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,

    “එළඹෙන වසරේ ලංකා ගමනාගමන මණ්ඩලය අනිවාර්යෙන් ලාභ ලබන තත්ත්වයට ලඟා විය යුතුයි. පුද්ගලිකකරණයෙන් තොරව ආයතනයක් වශයෙන් පවත්වාගෙන යෑම සඳහා එම ඉලක්කයට ළඟා වීම අත්‍යවශ්‍යයි. සේවකයින් 23000ක්‌ සේවය කරන තැපැල් දෙපාර්තමේන්තුව අපේ අමාත්‍යංශ විෂය පථය යටතේ ක්‍රියාත්මක වනවා. රජයේ ප්‍රතිපත්ති ඒ අයට වෙනස් කිරීමේ හැකියාවක් නැහැ. ඔවුන් විසින් වැටුප් වැඩි කිරීමක් ඉල්ලා සිටියත් මේ අවස්ථාවේ එය සිදුකිරීමට හැකියාවක් නැහැ. රාජ්‍ය සේවක වැටුප් සහ විශ්‍රාම වැටුප්, සමෘද්ධි ඇතුළු සහනාධාර ගෙවීමෙන් අනතුරුව භාණ්ඩාගාරයේ වෙනත් කිසිදු අමතර මුදලක් ඉතිරි වන්නේ නැහැ. රජයේ අනෙකුත් සියලු කටයුතු සිදු කර තිබෙන්නේ විදේශීය සහ දේශීය වශයෙන් ණය ලබා ගැනීමෙන්.

    ලබාගත් ණය නොගෙවීම මත මේ වන විට තවත් ණය ලබා ගැනීමේ හැකියාවක් රටට නැහැ. මීට පෙර පැවති රජයන් සිදුකළ ආකාරයට මුදල් මුද්‍රණය කිරීමේ නීතිමය හැකියාවක්ද මේ වන විට නැහැ.

    එම නිසා ලංකා ගමනාගමන මණ්ඩලයද තම ආයතනය උපයා ගන්නා ආදායමෙන් වැටුප් ගෙවීමේ තත්ත්වයට පත්වීම මූලික අවශ්‍යතාවයක්. නව සභාපතිවරයා පත්වීමට පෙර ලංකාවේ ඩිපෝ 107ක්‌ අතරින් තිස් නවයකට වැටුප් ගෙවා ගැනීමට හැකියාවක් පැවතුණේ නැහැ.

    මේ වන විට එම ඩිපෝ ප්‍රමාණය නවයක් දක්වා අවම වී තිබෙනවා. ඉතාමත් කාර්යක්ෂමව කටයුතු කරමින් හොඳින් ලාභ ලබන ඩිපෝ විශාල ප්‍රමාණයක් පවතිනවා. පොදු ප්‍රවාහන සේවාවන් සැපයීම තුළින් පුද්ගලික අංශයට ලාභ ලැබීමේ හැකියාවක් පවතිනවා නම් රාජ්‍ය අනුග්‍රහයක් සහිතව ක්‍රියාත්මක වන ආයතනවලටද ලාභ ලැබීමට හැකියාවක් පවතිනවා.

    රියදුරන්, කොන්දොස්තරවරුන් ඇතුළු ඇතැම් පිරිස් සිදු කරන මූල්‍ය අක්‍රමිකතා වළක්වා ගත හැකිනම් ආයතනයේ ආදායම තවත් 50%කින් පමණ ඉහළ නැංවීමේ හැකියාව පවතිනවා. මෙම තත්ත්වය වෙනස් කිරීම සඳහා එළඹෙන වසරේ ප්‍රවේශපත්‍ර නිකුත් කිරීම ඩිජිටල් ක්‍රමවේදයකට අනුව සිදු කිරීමට අවශ්‍ය පියවර ගැනීමට අප කටයුතු කරනවා.QR ක්‍රමවේදයකට අනුව හෝ කාඩ්පත් මගින් ගෙවීමේ ක්‍රමවේදයක් සැකසීම තුළින් මුදල් භාවිතයකින් තොරව අවශ්‍ය ගනුදෙනු කිරීම තුළින් බොහෝ අක්‍රමිකතා වැළැක්විය හැකියි.

    පවතින ක්‍රමයට පොසිල ඉන්ධන භාවිතය වෙනුවට එළඹෙන වසරේදී විදුලි බස් රථ ලංගම මගින් ධාවනයට එක් කිරීමට අප කටයුතු කරනවා. චීනය කොරියාව ඇතුළු ලෝකයේ බොහෝ දියුණු රටවල් මේ වනවිටත් විදුලි බස් රථ ධාවනය සිදුකරනවා.2030 වන විට සමස්ත ලෝකයේම පොසිල ඉන්ධන භාවිතය අවම කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වෙමින් පවතිනවා. එම නිසා එළඹෙන වසර ලංකා ගමන මණ්ඩලයේ 66 වසරක ඉතිහාසයේ විශාල වෙනස්කම් රාශියක් සිදුවන වසරක් බවට පත්වනු ඇති. ඒ වෙනුවෙන් කාර්ය මණ්ඩලයද කැපවී කටයුතු කරනු ඇති බව මා විශ්වාස කරනවා.

    මේ වන විට තැපැල් දෙපාර්තමේන්තුවේ අසනීප නිවාඩු වාර්තා කිරීමේ ක්‍රියාමාර්ගයක් ක්‍රියාත්මක වන බවත් එම නිසා කැබිනට් මණ්ඩලය විසින් උපදෙස් ලබා දුන් පරිදි විශ්‍රාම වැටුප් ඇතුළු අනෙකුත් ගෙවීම් කටයුතු තැපැල් කාර්යාල මගින් සිදු කිරීම වෙනුවට කෙලින්ම ගිණුමට බැර කරන තාක්ෂනික ක්‍රමවේදයක් ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බවත් අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය.

    ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති ඉංජිනේරු ලලිත් ද අල්විස් මහතා, නියෝජ්‍ය සමාන්‍යාධිකාරී (ධාවන )පණ්ඩුක ස්වර්ණ හංස මහතා ඇතුළු නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරුන්, වර්ණ ලාභීන් ඇතුළු ලංකා ගමනා ගමන මණ්ඩලයේ නිලධාරින් පිරිසක් මෙම අවස්ථාව සඳහා එක්ව සිටියහ.

    – Media unit

  • ශ‍්‍රී ලන්කන් යානයක උඩ ගුවනේදී ලාංකික දැරියකට ඉන්දියානුවෙක් සෙල්ලම් පෙන්නලා..!

    ශ‍්‍රී ලන්කන් යානයක උඩ ගුවනේදී ලාංකික දැරියකට ඉන්දියානුවෙක් සෙල්ලම් පෙන්නලා..!

    සෞදි අරාබියේ රියාද් සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණෙමින් තිබූ ශ්‍රී ලන්කන් ගුවන් යානය තුළ ගමන් ගත් ශ්‍රී ලාංකික කුඩා දැරියක් ලිංගික අතරවරයකට ලක් වීමෙන් පසු, එය සිදු කළ ඉන්දීය ජාතික ගුවන් මගියා ගුවන් යානා කාර්යය මණ්ඩලය විසින් අත් අඩංගුවට ගෙන කටුනායක ගුවන් තොටුපොළ පොලිසිය වෙත භාර දී තිබේ.

    අද උදෑසන 07.20 ට සෞදි අරාබියේ රියාද් නුවර සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 266 දරන ගුවන් යානය තුළ මෙම ලිංගික අතවරය සිදු කර තිබේ.

    මොහු 49 හැවිරිදි ඉන්දීය ජාතික වඩු කාර්මික ශිල්පියෙකි. ඔහු මෙම ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ යළිත් ඉන්දියාව වෙත වෙනත් ගුවන් යානයකින් පිටත්ව යාම සදහා පැමිණෙමින් සිටි සංක්‍රමණික ගුවන් මගියෙකි.

    සෞදි අරාබියේ රැකියාවක නිරත තම පියා බැලීමට ගොස් ආපසු පැමිණෙමින් සිටි අවිස්සාවේල්ල , ගැටහැත්ත ප්‍රදේශයේ පදිංචි මවක සහ ඇයගේ කුඩා දැරියන් දෙදෙනා ද මෙම ගුවන් යානයේ ගමන් ගනිමින් සිටියහ.

    ඔවුන් අතරින් අවුරුදු 08 යි මාස 10 ක් වයසැති කුඩා දැරිය මෙසේ මෙම ඉන්දීය ජාතිකයා විසින් ලිංගික අතවරයකට ලක් කර තිබූ අතර , ඒ පිළිබඳව ගුවන් යානා කාර්යය මණ්ඩලය වෙත පැමිණිළි කිරීමට මෙම මව පියවර ගෙන තිබුණි.

    ඒ අනුව මෙම ගුවන් යානය කටුනායක ගුවන් තොටුපොළ වෙත ගොඩ බැස්සවීමෙන් අනතුරුව මෙම ඉන්දීය ජාතිකයා අත්අඩංගුවට ගෙන ගුවන් තොටුපොළ පොලිසිය වෙත භාර දීමට ගුවන් යානා කාර්යය මණ්ඩලය පියවර ගෙන තිබුණි.

    මේ වනවිට අතවරයට පත් ශ්‍රී ලාංකික දැරිය සහ ඉන්දීය ජාතිකයා මීගමුව මහ රෝහල වෙත වෛද්‍ය පරීක්ෂණ සදහා කටුනායක ගුවන් තොටුපොළ පොලිසිය විසින් යොමු කර තිබේ.

    ඉන් අනතුරුව මෙම ඉන්දීය ජාතිකයා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව ගුවන් තොටුපොළ පොලිසියේ ප්‍රකාශකවරයෙකු පැවසීය .

    මෙම අත් අඩංගුවට ගැනීම සහ මේ පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු කටුනායක ගුවන් තොටුපොළ පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක මැල්කම් පේත් මහතාගේ උපදෙස් සහ අධීක්ෂණය මත උප පොලිස් පරීක්ෂක චන්දන , පොලිස් සැරයන් 38220 දිසානායක සහ කාන්තා පොලිස් කොස්තාපල් 12168 සෙව්වන්දි යන නිලධාරීන් විසින් සිදු කරමින් සිටිති .

    – ADA

  • උසස් පෙල ජනවාරිය පුරාම..!

    උසස් පෙල ජනවාරිය පුරාම..!

    අ.පො.ස උසස් පෙළ 2023 විභාගය 2024 ජනවාරි 4 දින ආරම්භ කර ජනවාරි 31 තෙක් පවත්වන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

    මෙම විභාගයට පෙනී සිටීමේ ප්‍රවේශ පත්‍රය හා කාල සටහන පාසල් අයදුම්කරුවන් සඳහා සිය පාසල් ප්‍රධානීන් වෙතද පුද්ගලික අයදුම්කරුවන් සඳහා සිය පුද්ගලික ලිපිනයන් වෙතද තැපැල් කල බවද විභාග දෙපාර්තමේන්තුව මේ සම්බන්ධව නිකුත් කල නිවේදනයේ සඳහන් කරයි.

    ප්‍රවේශ පත්‍ර තැපැල් මගින් නොලද අයදුම්කරුවන්ට විභාග දෙපාර්තමේන්තුවේ w.w.w.doenets.lk නිල වෙබ් අඩවියට පිවිස බාගත කර ගැනීමට හැකිබවද ප්‍රවේශපත්වල සංශෝධන සිදුකර ගැනීම සඳහා මෙම දෙසැම්බර් මස 19 දා රාත්‍රි 12.00 දක්වා එක් වරක් පමනක් http://onlineexams.gov.lk/eic වෙබ් අඩවියට පිවිස සිදුකර ගත හැකිබවද විභාග දෙපාර්තමේන්තුව අයදුම්කරුවන් වෙත දන්වා සිටී.

    එමෙන්ම රජයේ පාසලක ඉගෙනුම ලබමින් සිටින සිසුන් පුද්ගලික අයදුම්කරුවන් ලෙස විභාගයට පෙනී සිටීම විභාග නීති රීති අනුව දඬුවම් ලැබිය හැකි වරදක් බවද විභාග දෙපාර්තමේන්තුව අවධාරණය කරයි.

    – ජයරත්න ඉඳුරුවගේ

  • මට අවශ්‍ය කොන්දේසි දාලා මුල්‍ය අරමුදල සමග ගිවිසුමක් ගහනවා..! රටම සිනා සයුරේ ගිල්වමින් සජිත් කියයි..!

    මට අවශ්‍ය කොන්දේසි දාලා මුල්‍ය අරමුදල සමග ගිවිසුමක් ගහනවා..! රටම සිනා සයුරේ ගිල්වමින් සජිත් කියයි..!

    ශ්‍රී ලංකා රජය සහ ජාත්‍යන්තර මුල්‍ය අරමුදල අතර ඇති එකඟතාව තම රජයක් යටතේ නැවත සාකච්ඡා කර තමන්ට අවශ්‍ය පරිදි කොන්දේසි ඇතුලත් කර නව ගිවිසුමකට ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග එළඹෙන බවද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරයි.

    ඒ මහතා මේ බව කියා සිටියේ අයවැය විවාදයේ අවසන් දිනයේදී මුදල් රාජ්‍ය ඇමැති ෂෙහාන් සේමසිංහ මහතා කළ ප්‍රකාශයකට ප්‍රතිචාර දක්වමිනි.

  • දෙසැම්බරයේ මුල් දින 10ට සංචාරකයන් 57000ක් ලංකාවට..!

    දෙසැම්බරයේ මුල් දින 10ට සංචාරකයන් 57000ක් ලංකාවට..!

    දෙසැම්බර් මාසයේ පළමු දින 10 තුළ 50,000කට අධික සංචාරකයින් පිරිසක් දිවයිනට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.

    එම අධිකාරිය පෙන්වා දෙන්නේ, අදාළ කාලය තුළ සංචාරකයින් 57,394 දෙනෙකු දිවයිනට පැමිණ ඇති බවයි.

    ඉන් වැඩිම සංචාරකයින් පිරිසක් ඉන්දියාවෙන් පැමිණ ඇති අතර, එම සංඛ්‍යාව 11,442කි.

    රුසියාවෙන් සංචාරකයින් 8,004 දෙනෙකු ද බ්‍රිතාන්‍යයෙන් 5,991 දෙනෙකු ද ජර්මනියෙන් 5,336 දෙනෙකු ද චීනයෙන් 2,894 දෙනෙකු ද දෙසැම්බර් මාසයේ පළමු දින 10 තුළ දිවයිනට පැමිණ ඇති බව සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කර ඇත.

    ඒ අනුව මේ වසරේ ගත වූ කාලය තුළ සංචාරකයින් දහතුන් ලක්ෂ තිස් හතර දහස් තුන්සිය හතළිස් පස් දෙනෙකු දිවයිනට පැමිණ තිබේ.

  • ජනපති නියමයෙන් රජයෙන් අභ්‍යාස පොතට සහනයක්..!

    ජනපති නියමයෙන් රජයෙන් අභ්‍යාස පොතට සහනයක්..!

    පාසල් දරුවන්ට අභ්‍යාස පොත් රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවෙන්  සහන මිල ගණන් යටතේ ලබාදීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බව ජනමාධ්‍ය රාජ්‍ය මාධ්‍ය ශාන්ත බණ්ඩාර මහතා පාර්ලිමේන්තුවේදී අද (13) පැවසීය.

    පාසල්වල විදුහල්පතිවරුන්ට එම ඇණවුම්  ඉදිරිපත් කළ හැකි බවද ඔහු සඳහන් කළේය. රාජ්‍ය අමාත්‍යවරයා මෙසේ පැවසුවේ මුලසුනේ අවසර ඇතිව ප්‍රකාශයක් කරමිනි.

  • අභියෝග මතින් ශ්‍රි ලංකාව ගොඩනගන ඔබට මගේ සහය..! සිංගප්පූරු අගමැතිගෙන් ජනපති රනිල්ට ලිපියක්..!

    අභියෝග මතින් ශ්‍රි ලංකාව ගොඩනගන ඔබට මගේ සහය..! සිංගප්පූරු අගමැතිගෙන් ජනපති රනිල්ට ලිපියක්..!

    සිංගප්පූරුව සහ ශ්‍රී ලංකාව අතර පවතින දේශපාලන, ආර්ථික සහ සමාජීය සබඳතා ශක්තිමත් කර ගැනීමට තමා කැපවී සිටින බව සිංගප්පූරු අග්‍රාමාත්‍ය ලී සියෙන් ලොන්ග් මහතා (Lee Hsien Loong) සඳහන් කරයි.

    පසුගිය අගෝස්තු මාසයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් සිංගප්පූරුවේ කළ නිල සංචාරය අතරතුර පැවැත්වූ ද්විපාර්ශ්වික සාකච්ඡා අගය කරමින් ජනාධිපතිවරයා වෙත විශේෂ ලිපියක් යොමු කරමින් සිංගප්පූරු අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කර තිබේ.

    දෙරට අතර පැවති ඵලදායී සාකච්ඡා වල සාධනීය ප්‍රතිඵල පිළිබඳව සිය අවංක කෘතඥතාව පළ කර ඇති අග්‍රාමාත්‍ය ලී සියෙන් ලොන්ග් මහතා දෙරට අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා අඛණ්ඩව පවත්වාගෙන යාමට ඇති කැපවීම තවදුරටත් සහතික කරමින් නුදුරේදීම ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත වීමට අපේක්ෂා කරන බව ද සිය ලිපියේ වැඩිදුරටත් සඳහන් කර ඇත.

  • විපක්ෂයට ජීවිකාව අහිමිවෙයි..! කුමන්ත්‍රණ පරාදයි..! ජනපති රනිල්ගේ නායකත්වයෙන් ලංකාව දෙවැනි කඩඉමත් පනී..! මුල්‍ය අරමුදලේ දෙවැනි වාරිකයත් නිදහස් කරයි..!

    විපක්ෂයට ජීවිකාව අහිමිවෙයි..! කුමන්ත්‍රණ පරාදයි..! ජනපති රනිල්ගේ නායකත්වයෙන් ලංකාව දෙවැනි කඩඉමත් පනී..! මුල්‍ය අරමුදලේ දෙවැනි වාරිකයත් නිදහස් කරයි..!

    ශ්‍රී ලංකාවට ලබාදීමට නියමිත ණය මුදලේ දෙවැනි වාරිකය වහාම නිදහස් කිරීමට ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ විධායක කමිටුව තීරණය කර තිබේ.

    ඊයේ පැවති එම අරමුදලේ විධායක කමිටුව විසින් මෙන්ම අනුමැතිය ලබා දී ඇත.

    එය අනුව ඇමරිකානු ඩොලර් මිලියන 337ක මුදලක් ශ්‍රී ලංකාවට නිදහස් කිරීමට කිරීමට නියමිතව තිබේ.

    ඊයේ දිනයේ පැව.ි විධායක කමිටුවේදී ‍අරමුදල විසින් ශ්‍රී ලංකාවට ලබා දී ඇති ආධාර වැඩසටහන ක්‍රියාත්මක කිරීමේදී අත්කරගෙන ඇති ප්‍රගතිය සමාලෝචනය කිරීම සිදුවිය.

    ශ්‍රී ලංකාව ලබා ගෙන ඇති ප්‍රගතිය පිළිබඳ සෑහීමකට පත් වන බවත් ඒ හේතුවෙන් දෙවැනි වාරිකය ලබාදීමට අනුමැතිය ලබාදෙන බවත් කමිටුව සඳහන් කර තිබේ.

    මේ අතර ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ දෙවැනි වාරිකය ශ්‍රි ලංකාවට අනුමත වීමත් සමගින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා තම ජීවිකාව ලෙස සිදු කරන පරදේෂක්කාර පිරිස් වල උවමනාව මත රට අරාජික කර ඒ හරහා අරමුදල් සහ බලය ලබාගැනීමේ කුමන්ත්‍රණ සිදුකිරීමේ ක්‍රියාවලියට මරු පහරක් එල්ල වී ඇති බව අපට වාර්තා වේ.

    ඉරිදා දිනයේ පාර්ලිමේන්තුව කඩාකප්පල් කරමින් එදින සම්මත කිරීමට තිබූ පනත කල් දමමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දෙවෙනි වාරිකය ශ්‍රී ලංකාවට ලබා ගැනීමට තිබූ අවස්ථාව අවහිර කිරීමට පටු දේශපාලන වාසි ලබා ගැනීමට මාන දරන විපක්ෂයේ බලවේග දැරූ සියලු උත්සාහයන් පරාජය කරමින් වර්තමාන ජනාධිපති රන් වික්‍රමසිංහ මහතා ගෙනයන වැඩපිළිවෙළ අනුමත කරමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ගත් තීන්දුවත් සමඟ විපක්ෂයට තම ජීවිකාව අහිමි වී ඇති බව දේශපාලන විශ්ලේෂකයෝ සඳහන් කරති.

  • අහසට ගිය මිල බස්සන්න ඉන්දීය බිත්තර ලක්‍ෂ 60ක් අද සිට වෙළෙඳපොලට..!

    අහසට ගිය මිල බස්සන්න ඉන්දීය බිත්තර ලක්‍ෂ 60ක් අද සිට වෙළෙඳපොලට..!

    බිත්තර මිල ඉහළ යෑම පාලනය කිරීම සඳහා රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව ඉන්දියාවෙන් ආනයන කළ බිත්තර ලක්‍ෂ 60 ක් පමණ අද (12) සිට වෙළෙඳපොළට නිකුත් කරන බව වෙළෙඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා අද (12) පැවසීය.

    එම බිත්තරයක් රුපියල් 35 බැගින් සතොසෙන් මිලදී ගතහැකි බවත් අමාත්‍යවරයා කීය.
    ජාඇල නගර සභා පිටියේදී හෙට ආරම්භ වන මහපොළ ප්‍රදර්ශනයේ කටයුතු නිරීක්‍ෂණය කිරීමට පැමිණි අවස්ථාවේදී මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් කරමින් අමාත්‍යවරයා අද (12) පස්වරුවේ එසේ පැවසීය.

  • විශ්වවිද්‍යාල අධ්‍යාපනය සහ වෘත්තීය පුහුණු අධ්‍යාපනය රටේ දියුණුවට යොදා ගැනීමේ වැඩපිළිවෙළ ලබන වසරේ ආරම්භ කරනවා..! ජනපති රනිල්ගෙන් ප්‍රකාශයක්..!

    විශ්වවිද්‍යාල අධ්‍යාපනය සහ වෘත්තීය පුහුණු අධ්‍යාපනය රටේ දියුණුවට යොදා ගැනීමේ වැඩපිළිවෙළ ලබන වසරේ ආරම්භ කරනවා..! ජනපති රනිල්ගෙන් ප්‍රකාශයක්..!

    විශ්වවිද්‍යාල අධ්‍යාපනය සහ වෘත්තීය පුහුණු අධ්‍යාපනය රටේ දියුණුවට යොදා ගැනීමේ වැඩපිළිවෙළ ලබන වසරේ ආරම්භ කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

    රට දියුණුව කරා ගෙන යාමට නම් දැනුම ඇති මානව සම්පතක් අවශ්‍ය බව පැවසු ජනාධිපතිවරයා එහි වගකීම මෙරට විශ්වවිද්‍යාල ක්ෂේත්‍රයට සහ වෘත්තීය පුහුණු ක්ෂේත්‍රයට පැවරෙන බව ද සඳහන් කළේය.

    වෘත්තීය පුහුණු අධ්‍යාපන ක්ෂේත්‍රයේ නව පරිවර්තනයක් වෙනුවෙන් පෞද්ගලික අංශයේ සහාය මේ වන විට පළවි තිබෙන බවත් මෙරට සමස්ත අධ්‍යාපන ක්‍රමය ප්‍රතිසංවිධානයට අවශ්‍ය නීති කඩිනමින් ගෙන එන බවත් ජනාධිපතිවරයා පැවසීය.

    ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ ජාතික ව්‍යාපාර අධ්‍යයන විද්‍යායතනයේ (NSBM හරිත සරසවිය) 2023 උපාධි ප්‍රදානෝත්සවයට (11) එක් වෙමිනි.

    සිසුන් 176 දෙනෙකු මෙහිදී උපාධි ලබාගත් අතර විශිෂ්ඨ කුසලතා දැක්වූ සිසුන් 06 දෙනකු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතින් සම්මාන ලැබීය.

    NSBM හරිත සරසවියේ උපකුලපති ඊ. ඒ වීරසිංහ මහතා විසින් සැමරුම් තිළිණයක් ලෙස ජනාධිපතිවරයා වෙත වටිනා පොත් කට්ටලයක් ද පිරිනැමීය.

    මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද පැවසීය.

    විශ්වවිද්‍යාලවලින් පිටවන සියලු දෙනාට රැකියා ලබාගත හැකි ආකාරයට අප විශ්වවිද්‍යාල අධ්‍යාපනය පරිවර්තනය කළ යුතුව තිබෙනවා. අද රජයේ විශ්වවිද්‍යාලවලට ඇතුළත් කර ගන්නා සිසුන් ප්‍රමාණය සීමා කර තිබෙනවා. ඒ ප්‍රතිපාදන සපයා ගැනීමේ ගැටළුව නිසයි. නමුත් අනෙක් රටවල් මෙම ප්‍රශ්නයට මුහුණ දී සාර්ථකව තිබෙනවා. “සෑම අයෙකුටම අධ්‍යාපනයට ප්‍රවේශ වීමේ අයිතිය ලබාදිය යුතු බවට” එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් ප්‍රකාශනයේ ද සඳහන් වෙනවා. ඒ අනුව මේ වෙනුවෙන් සෑම රටකම රජයේ සහ පුද්ගලික විශ්වවිද්‍යාල ඇති කර තිබෙනවා. ශ්‍රී ලංකාව ලෙස අපත් දැන් සූදානම්ව සිටින්නේ එම වැඩකටයුත්ත සඳහා යොමු වීමටයි.

    ඒ අනුව මෙරට විශ්වවිද්‍යාල සංඛ්‍යාව දෙගුණයකින්, තුන් ගුණයකින් ඉහළ නංවා ගැනීමට අප බලපොරොත්තු වෙනවා. ඒ සමඟම නව තාක්ෂණය සමඟ මෙරට සිට විදේශීය විශ්වවිද්‍යාලවලින් උපාධිය ලබාගැනීමට සිසුන්ට අවස්ථාව හිමි වෙනවා.

    ශ්‍රී ලංකාව විශ්වවිද්‍යාල කේන්ද්‍රස්ථානයක් බවට පත්කළ යුතුයි. ඒ වගේම පාසල් සිසුන්ට සහ විශ්වවිද්‍යාල සිසුන්ට ඉංග්‍රීසි දැනුම ලබාදීමේ වැඩකටයුතු 2030 වන විට සම්පූර්ණ කිරීමට අප බලාපොරොත්තු වෙනවා. ඒ වගේම අනෙක් භාෂා දැනුමෙන්ද මෙරට සිසු පරපුර සවිබල ගැන්විය යුතුයි.

    ඒ වගේම වෘත්තීය පුහුණු ආයතන ඒකාබද්ධ කර වෘත්තීය පුහුණු විද්‍යාල ඇති කිරීමට අප සැලසුම් කර තිබෙන අතර එම පාඨමාලා සඳහා රැකියා ඉලක්ක කර ගත් නව විෂය මාලා හඳුන්වාදීමට පියවර ගන්නවා. මෙම කටයුතු සඳහා පුද්ගලික අංශයේ වෙළෙඳ මණ්ඩල සහාය ලබාදෙන බවට අපට දැනුම් දී තිබෙන නිසා මෙම වැඩසටහනත් ලබන වසර වන විට ක්‍රියාත්මක කිරීමට හැකියාව ලැබෙනවා.

    ඉන් පසුව මෙරට සමස්ත අධ්‍යාපන ක්‍රමය ප්‍රතිසංවිධානය කිරීමට අවශ්‍ය නීති ගෙන ඒම අපේ අපේක්ෂාවයි. මේ අනුව විශ්වවිද්‍යාල අධ්‍යාපනය සහ වෘත්තීය පුහුණු අධ්‍යාපනය මේ රටේ දියුණුව වෙනුවෙන් යොදා ගැනීමේ වැඩපිළිවෙළ ලබන වසරේ සිට ආරම්භ කිරීම අපේ අරමුණ බව කිව යුතුයි. මොකද රට දියුණු කිරීමට දැනුම අවශ්‍යයි. ඒ සඳහා නව අධ්‍යාපන ක්‍රමයක් ඇති කළ යුතුයි.

    අප දැනට මධ්‍යම ආදායම් ලබන රටක් ලෙස කටයුතු කළ යුතුයි. අප හැමදාම මෙම තත්ත්වයේ සිටිනවාද, නැත්නම් ඉහළ ආදායම් ලබන ආර්ථිකයක් බවට පත්වෙනවාද කියා තීරණය කළයුතුයි. අපි සියලුදෙනාට අවශ්‍ය එම ගමන යාමටයි. එසේනම් ඒ සඳහා අවශ්‍ය මානව සම්පත ගොඩනැගීම අධ්‍යාපනයට භාර දෙමු.

    අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් නිහාල් රණසිංහ , NSBM හරිත සරසවියේ උපකුලපති ඊ. ඒ වීරසිංහ, නියෝජ්‍ය උප කුලපති මහාචාර්ය චමින්ද රත්නායක යන මහත්වරුන් ද, පීඨාධිපතිවරු සහ අධ්‍යයන කාර්ය මණ්ඩලය හා උපාධිධාරී සිසුන්ගේ දෙමව්පියන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වූහ.

  • උත්සව සමයේ වැට් බද්දත් සමගින් සහල්,බිත්තර,කුකුළු මස්,ගෑස් මිල අහසට..!

    උත්සව සමයේ වැට් බද්දත් සමගින් සහල්,බිත්තර,කුකුළු මස්,ගෑස් මිල අහසට..!

    වෙළඳපළේ කුකුළු මස් කිලෝවක මිල අද දිනයේ සිට ඉහළ දැමීමට කුකුළුමස් තොග වෙළඳුන් තීරණය කර ඇත.

    ඒ අනුව රුපියල් 30-50 අතර මුදලකින් කුකුළු මස් කිලෝවක් ඉහළ දැමීමට නියමිතව ඇත.

    බොහෝ ගොවිපළ හිමියන් ඊයේ දිනයේදීම මෙම මුදල ඉහළ දමා ඇති බවද වෙලදුන් කියා සිටිති.

    කිලෝවක් රුපියල් 1200ක මිලකට අලෙවි වූ කුකුල් මස් කිලෝවක තොග මිල නව මිල ගණන් යටතේ අද සිට රුපියල් 1250ක් දක්වා ඉහළ යනු ඇත.

    මේ අතර බිත්තරයක මිලද රුපියල් 60 දක්වා ඉහළ දැමීමට කටයුතු කර තිබේ.

    ඉල්ලුමට සරිලන සැපයුමක් නොලැබීම මත බිත්තර ඉහළමින් තිබෙන බවද වෙළදුන් කියා සිටිති.

    මීළඟ ගෑස් මිල සංශෝධනයේදී විශාල මිල ඉහළ යෑමක් සිදුවුණු ඇති බව වාර්තාවේ.

    පාර්ලිමේන්තුවේ සම්මත කරන ලද වැට් බදු සංශෝධන පනත හේතුවෙන් මෙසේ ගෑස් මිල ඉහළ යාමට නියමිතව තිබේ.

    මෙතෙක් ගෑස් සඳහා වැට් බද්ද අදාළ නොවුණද ඊයේ දිනයේ සිට ගෑස් සඳහා වැට් බද්ද අදාළ කර තිබේ.

    ඒ අනුව ගෑස් සඳහා උපරිම 18%ක මිල වැඩිවීමක් අපේක්ෂා කළ හැකිය.

    වෙළඳපළේ සම්බා සහල් කිලෝවක මිල රුපියල් තිහකින් වැඩි කිරීමට ව්‍යාපාරිකයන් කටයුතු කර ඇති බවට චෝදනා එල්ල වෙයි.

    මෙතෙක් රුපියල් 230කට පැවති සම්බා සහල් කිලෝවක් මේ දිනවල රුපියල් 250 දක්වා මිල ඉහළ දමා ඇතැයි පාරිභෝගිකයන් කියා සිටිති.

    මෙරට ප‍්‍රධාන සහල් සමාගමක් ද තම සහල් සම්බා සහල් කිලෝව 260 දක්වා මිල ඉහල දමා ඇති අතර තවත් සමාගමක් කිලෝවක් රුපියල් 245 දක්වාත් ඉහළ දමා ඇති බවද පවසති.

    උත්සව සමය වන විට සම්බා සහල් කිලෝවක් රුපියල් 300කට ආසන්න වනු ඇති බවද පාරිභෝගිකයන් කියති.

  • පොහොට්ටු ව්‍යවස්ථාව වෙනස් වෙයි..!

    පොහොට්ටු ව්‍යවස්ථාව වෙනස් වෙයි..!

    පොදුජන පෙරමුණේ සම්මේලනයේදී පක්ෂ ව්‍යස්ථාවේ යම් වෙනසක් කරන නමුත් පක්ෂයේ ප්‍රධන පරිපාලන තනතුරු වල වෙනසක් නොවන බව හම්බන්තොට දිස්ත්‍රික් මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසීය.

    කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ දී ලබන 15 වැනිදා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දෙවන සම්මේලනය පැවැත්වෙන බව රාජපක්ෂ මහතා කීය.

    පොදුජන පෙරමුණේ නිලධාරී මණ්ඩලය වෙත පක්ෂයේ පරිපාලන කටයුතු පැවරෙද්දී ගම් මට්ටමින් පක්ෂය යළි ගොඩනැගීමේ කටයුතු වෙනම යාන්ත්‍රයක් ඔස්සේ ආසන මට්ටමින් ක්‍රියාත්මක කරන බව ද නාමල් රාජපක්ෂ මහතා පැවසීය.

    තමාද වැඩි අවධානයක් යොමුකර ඇත්තේ එම ප්‍රතිසංවිධාන සඳහා යැයි ද රාජපක්ෂ මහතා කීය. ලබන වසර මැතිවරණ වර්ෂයක් හෙයින් එම මැතිවරණ වලට මුහුණ දීම සඳහා පක්‍ෂය වඩාත් ශක්තිමත් කළ යුතු යැයිද පක්ෂයේ විධායක කමිටුවට ද නව සාමාජිකයන් පත් කිරීමට නියමිත බවද මන්ත්‍රීවරයා කීය.

  • පිරිසිදු මට හොරා කියමින් පොහොට්ටුවෙන් මඩගහනවා..! සජිත්ගෙන් අදෝනාවක්..!

    පිරිසිදු මට හොරා කියමින් පොහොට්ටුවෙන් මඩගහනවා..! සජිත්ගෙන් අදෝනාවක්..!

    ගොඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා පත්වූ දිනයේ සිට⁣ බොරුව මිත්‍යාව අසත්‍ය පදනම් කර ගෙන තමාගේ චරිකය ඝාතනය කිරීමේ වැඩපිළිවෙළක් දියත් වූ බවත් ඒ යටතේ සංස්කෘතික අරමුදලේ මුදල් ගසා කැවා යයි පවසා මහින්ද රාජපක්ෂ අගමැතිවරයා විසින් කමිටුවක් පත් කළ බවත් එම කමිටුවට පත් කළ හරිගුප්තා රෝහණධීර යන අය ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ හිතවතකු මෙන්ම නීති උපදේශක ලෙසත් 2010 දී පො.ජ.පෙරමුණෙන් මහා මැතිවරණ අපේක්ෂයකු ලෙස ඉදිරිපත් වූ අයකු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

  • රවීගේ මැදිහත්වීමෙන් තහනම් කටු පොල් වගාවට යළි අවසර…!

    රවීගේ මැදිහත්වීමෙන් තහනම් කටු පොල් වගාවට යළි අවසර…!

    හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සමයේ තහනමට ලක් කළ කටුපොල් වගාව යළි ආරම්භ කිරීම සඳහා ක්‍රියාමාර්ග ගනිමින් සිටින බව හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පවසනවා.

    හිටපු අමාත්‍යවරයා එම අදහස් පළ කලේ කටුපොල් වගාකරුවන් සමග පැවති සාකච්ඡාවකින් අනතුරුවයි.

    කටුපොල් වගා කරන ගොවීන් මුහුණ දී ඇති ගැටලු පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා හිටපු අමාත්‍යවරයා මතුගම බදුරලිය ප්‍රදේශයේ නිරීක්ෂණ චාරිකාවකට එක් වුණා. එය සංවිධානය කර තිබුණේ හරිත දෙරණ කුඩා හා මධ්‍ය පරිමාණ වැවිලිකරුවන්ගේ සංගමය විසින්. එහිදී එම ගොවීන් පෙන්වා දුන්නේ කටු පොල් වගාව තහනම් කිරීම නිසා පවුල් විශාල ප්‍රමාණයක් ආර්ථික ගැටළු රැසකට මුහුණ දී සිටින බවයි. අපනයන භෝගයක් ලෙස දියුණු කරන්න පුළුවන් මෙම කටුපොල් වගාව යළි ස්ථාපිත කර දෙන ලෙස හිටපු අමාත්‍යවරයාගෙන් ඔවුන් ඉල්ලා සිටියා. තම ඉඩම්වල වගේම රජයේ ඉඩම්වල වගා කිරීමට අවසර ලබා දුන්නොත් තේ රබර් වලට වඩා වැඩි විදේශ විනිමයක් රටට ලබාගත හැකි බවද ගොවීන් මෙහිදී පෙන්වා දුන්නා. අක්කර එක වගාවක් මගින් මසකට රුපියල් 75000ක ශුද්ධ ආදායමක්උපයා ගත හැකි බවද ගොවීන් මෙහිදී පෙන්වා දුන්නා. ඇතැම් පුද්ගලයින්ගේ දුර්මත නිසා මෙම භෝග වගාව තහනමට ලක්කර ඇති බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

    මැලේසියාව, ඉඳුනීසියාව වැඩි රටවල ප්‍රධාන අපනයන බෝගයක් ලෙස මෙය ව්‍යාප්ත කර තිබෙනවා. මේ හේතුවෙන් මෙම කටුපොල් වගාව ලංකාව පුරා ව්‍යාප්ත කිරීම මගින් රටට හොඳ ආදායමක් ලබාගත හැකි බව ගොවීන් පෙන්වා දුන්නා.

    මෙහිදී අදහස් දක්වමින් හිටපු අමාත්‍ය රවී කරනවා මහතා සඳහන් කර සිටියේ මේ සම්බන්ධයෙන් පවතින දුරුමත ඉවත් කරගෙන කටු පොල් වගාව පිළිබඳව විශේෂඥ දැනුම් ඇති පුද්ගලයින් පිළිබඳව සාකච්ඡා කර යළි වගා කරවීම සඳහා අවසර ලබාදීමට කටයුතු කරන බවයි.

    මෙහිදී එම ගොවින්ට හිටපු අමාත්වරයා පොරොන්දු උනේ මේ පිළිබඳව ජනාධිපතිවරයා සමග සාකච්ඡා කර ලබන ජනවාරි මාසය වන විට පවතින තහනම ඉවත් කිරීම සඳහා කටයුතු සලසා දෙන බවයි.

    ඒ අනුව ඉදිරියේදී සියලු දෙනාගේ සහයෝගය ඇතිව රජයේ සහ මාධ්‍යයේ සහයද ලබාගෙන වාණිජ භෝගයක් ලෙස කටුපොල් වගාව ව්‍යාප්ත කිරීම සඳහා පියවර ගන්නා බවයි හිටපු අමාත්‍යවරයා මෙහිදී පවසා සිටියේ.

    මේ අතර රටේ පවතින දේශපාලන තත්ත්වයන් සහ කාලීන වශයෙන් වැදගත් වන කරුණු කිහිපයක් සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් විමසන ලද ප්‍රශ්න කිහිපයකටම හිටපු අමාත්‍යවරයා මෙලෙස උත්තර ලබා දුන්නා.i

    දේශපාලන වේදිකාවේ සිදු කරන වචනවලින් පමණක් රට ගොඩනැගිය නොහැකි බව හිටපු අමාත්‍යවරයා අදහස් පල කර සිටියා.

    බංකොලොත් නැතිව තිබුණු රටක් ජනතාවගේ ඉල්ලීම පරිදි එය වෙනස් කරලා ලැබුණු ප්‍රතිවිපාකයට තමයි අපි මුහුණ දීල හිටියේ, ඊට පස්සේ යන මාර්ගය නැති වුණා ආදායම මදි වුණා වියදම වැඩි වුණා. රට බංකොලොත් උනා. බංකොලොත් කරපු කට්ටියට නෙමෙයි එයින් එළියට ගන්න සිද්ධ වෙලා තියෙන්නේ දැන් ඉතින් හැමකෙනාටම බැන බැන පරිපාලනයක් ගෙනයන්න බැරි කට්ටිය ඒකට උත්තර දෙන්න හදනවා. අභියෝගය බාරගත්ත වික්‍රමසිංහ ජනාධිපතිතුමා මේකට අවශ්‍ය උත්තර සපයාගෙන ඉදිරියට ගමන් කරමින් යන මොහොතක්, ජීවන වියදම ලේසි නෑ අපි නිකං බොරු කියලා වැඩක් නෑ. පුළුවන් තරම් ආදායමාර්ග ඇති කරලා ජන ජීවිත යථාවත් කරන්න තමයි අවශ්‍ය වන්නේ. මේක මේ දේශපාලන පොරපිටියේ නිකන් වචන වලින් රටක් හදන්න බෑ.

    තව මාස කිහිපයකින් විදුලිබිල අඩුවෙනවා. මම විදුලි බල ඇමති ඉන්න කාලෙ ඉඳලා පුනර්ජනනීය බලශක්තිය වැඩ පිළිවෙල් වලට සියලු බදු අයින් කරලා තියෙන්නේ. කිසිම බද්දක් ගෙවන්න