Blog

  • දැඩි බලපෑම් හමුවේ එජාපය ශ්‍රීලනිපයට යටත්වෙයි….

    සිය දැඩි බලපෑම හමුවේ එක්සත් ජාතික පක්ෂය කැබිනට් සංශෝධනය පිළිබඳ තම ස්ථාවරය වෙනස් කරගත් බව ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ බස්නාහිර පළාත් ප‍්‍රධාන අමාත්‍ය ඉසුර දේවප‍්‍රිය ප්‍රකාශ කරයි.

    එහිදී ඔහු සඳහන් කළේ “රටේ නීතිය කරවන පාර්ශ්ව පිළිබඳව අපිට ගැටලු තිබෙනවා. අපි මේ ගැන පොලිස්පතිතුමාටත් මතක් කරන්න ඔනේ. විශේෂයෙන් බැඳුම්කර සිද්ධියේදි එහි විනිසුරු සහ සාක්ෂිකරුවන් ආරක්ෂාව ඉල්ලා යැවූ ලිපියට ප්‍රතිචාර නොදැක්වීම සම්බන්ධයෙන් ලොකු සැකයක් තිබෙනවා.” යනුවෙනි.

    ඉකුත් දා ජනාධිපතිවරයා සහ පළාත් මහ ඇමතිවරුන් අතර පැවති සාකච්ඡාවේදී ඉදිරි පළාත් පාලන මැතිවරණ සම්බන්ධයෙන් ද දීර්ඝ ලෙස සාකච්ඡා කෙරුණු බව ද මෙහි දී ප‍්‍රකාශ කෙරුණා. 

  • රණවිරුවෙකු විත්තිකරුවෙක් කිරීමට කිසිදු ඉඩක් නෑ – ජනපති මෛත්‍රී අවධාරණය කරයි…

    පසුගිය යුධ සමයේ සිදුවූවායැයි පැවසෙන මානව හිමිකම් කඩවීම් සහ වෙනත් කරුණු සම්බන්ධයෙන් රජයට සහ ආරක්ෂක හමුදාවන්ට එල්ල වී ඇති චෝදනා සහ යෝජනාවලදී මේ රටේ කිසිදු රණවිරුවෙකු විත්තිකරුවෙකු කිරීමට තමා සූදානම් නොමැති බව ජනාධිපතිතුමා පවසයි.ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මේ බව ප‍්‍රකාශ කළේ කුරුණෑගල ආරක්ෂක සේවා විද්‍යාලයේ නව තෙමහල් ගොඩනැගිල්ල සිසු අයිතියට පවරාදීමේ සහ විරුසර වරප‍්‍රසාද කාඞ්පත් රණවිරුවන් වෙත ප‍්‍රදානය කිරීමේ උත්සවයට අද (29) පෙරවරුවේ එක්වෙමිනි.

    මාතෘ භූමිය වෙනුවෙන් සටන් වැදුණු විරෝධාර රණවිරුවන් ආරක්ෂා කිරීම රජයේ වගකීම සහ යුතුකම බව මෙහිදී පෙන්වා දුන් ජනාධිපතිතුමා රටේ ජනාධිපතිවරයා ලෙස මෙන්ම ආරක්ෂක අමාත්‍යවරයා ලෙස වීරෝධාර රණවිරුවන් පිළිබද තමා සෑම අවස්ථාවකම වගකීමෙන් කටයුතු කරන බව ද ප‍්‍රකාශ කළේය. මීට පෙර කිසිදා නොවූ විරූ ජාත්‍යන්තර විශ්වාසයක් සහ සහයෝගයක් මෙම යුගයේ දී ශී‍්‍ර ලංකා මාතෘ භූමියට හිමිව තිබෙන අතර එයින් ගන්නා වූ ප‍්‍රයෝජනය කුමක්දැයි ඇතැමුන් ප‍්‍රශ්න කරන බව මෙහිදී පැවසූ ජනාධිපතිතුමා කියා සිටියේ මෙම ජාත්‍යන්තර සහය සහ මිත‍්‍රශීලිත්වය තමා භාවිතා කරන්නේ රටේ, ජනතාවගේ මෙන්ම විරෝධාර රණවිරුවන්ගේ ගෞරවය ආරක්ෂා කිරීම සහ ඔවුන්ගේ සුරක්ෂිතතාවය වෙනුවෙන් බවයි.

    ශී‍්‍ර ලංකාවේ නිදහස, ප‍්‍රජාතන්ත‍්‍රවාදය ආරක්ෂා කිරීමට මෙන්ම රණවිරුවන් පිළිබද මතුවන ගැටලූසහගත තත්ත්වයන්වලදී තමන් ඝෘජුවම ශී‍්‍ර ලංකාව සමග සිටින බවට ලෝකයේ ප‍්‍රබලම රාජ්‍ය නායකයින් තමාට මේ වන විට පෞද්ගලිකවම සහතික වී තිබෙන බව ද ජනාධිපතිතුමා කියා සිටියේය. යුද්ධය පැවති කාලයේ එල්.ටී.ටී.ඊ ත‍්‍රස්තවාදීන්ට විරුද්ධව සටන්කළ හමුදා නිලධාරින්, කාර්ය මණ්ඩල සහ රණවිරුවන් පිළිබද මතුවන ඕනෑම ගැටලූවක් වෙනුවෙන් තමා වගකියන බව සියලූදෙනා හමුවේ පැහැදිළිව ප‍්‍රකාශ කරන බව ද ජනාධිපතිතුමා වැඩිදුරටත් සදහන් කළේය.එසේම ජාතික ආරක්ෂාවට අදාළ නොවූ කරුණුවලදී එනම් මාධ්‍යවේදීන්, කී‍්‍රඩකයින් ඝාතනය කිරීම්, පහරදීම් වැනි සිදුවීම්වලට අදාළව සිදු කරන පරික්ෂණවලදී යමෙක් වැරදිකරුවෙක් වේ නම් ඔහු කුමන තරාතිරමකට අයත් වුවද එම පුද්ගලයින් ආරක්ෂා කිරීමට තමාට හැකියාවක් නොමැති බව ද ජනාධිපතිතුමා කියා සිටියේය.

    අද පෙරවරුවේ කුරුණෑගල ආරක්ෂක සේවා විද්‍යාලය වෙත ගිය ජනාධිපතිතුමා එම සිසු දරුවන් විසින් මහත් සෙනෙහසින් යුතුව පිළිගනු ලැබීය.සමරු ඵලකය නිරාවරණය කර අභිනව ගොඩනැගිල්ල සිසු අයිතියට පවරාදුන් ජනාධිපතිතුමා එහි නිරික්ෂණ චාරිකාවක ද නිරත විය.
    විද්‍යාලයේ 05 වසර ශිෂ්‍යත්ව විභාගයෙන් දක්ෂතා දැක්වූ සිසුන්ට සම්මාන හා තිළිණ ප‍්‍රදානය කිරීම ද ජනාධිපතිතුමා අතින් සිදු විය. කී‍්‍රඩා කුසලතා දැක්වූ සිසුන් වෙනුවෙන් ද තිළිණ ප‍්‍රදානය කෙරිණි.විශ්ව විද්‍යාල සුදුසුකම් ලැබූ සිසුන්ට ශිෂ්‍යත්වය ලබා දීම, ඉංගී‍්‍රසි අධ්‍යාපනය සහ ස්වයං රැුකියා පාඨමාලා සදහා ශිෂ්‍යත්ව ලබාදීම ඇතුළු වැඩසටහන් රැුසක් ද කි‍්‍රයාත්මක කෙරිණි.

  • ඌරෙකුගේ පහරදීමෙන් ගොවියෙක් මරුට.(video)

    උඩුනුවර වෙලම්බඩ වෙරවිල ගම්මානයේ පුද්ගලයෙක් වල් ඌරෙකුගෙ ප්‍රහාරයකට ලක් වූ අතර එම අවස්ථාවේ බියට පත් එක් අයෙකු සිය දිවි බේරා ගැනිමට අසළ ඇති ගහකට නැග ගත් අතර අනෙක් අය වල් ඌරාගේ ප්‍රහාරයෙන් තුවාලකරු ගලවා ගැනීමට උත්සහ කර ඇත. සිදුවීමෙන් බරපතල තුවාල ලැබු වයස අවුරුදු 67ක් වු එම ගොවි මහතා බරදෙණිය මුලීක රෝහලට ඇතුලත් කර ඇති අතර රෝහල් ගත කරන විටත් තුවාලකරු මිය ගොස් ඇත. සිදුවීමෙන් පසු ගම්වාසීන් විසින් එම වල් ඌරා මරා දමා ඇති බවද අනාවරණය වෙනවා…

  • තිරසර ලංකා ජාතික මංගල්‍යය BMICH හිදී ආරම්භයට සියල්ල සුදානම්…

    ගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ සංකල්පයක් අනුව ක්‍රියාත්මක වන වස විස නැති රටක් තුන්අවුරුදු සැලැස්මට සහ එක්සත් ජාතීන්ගේ විසින් තිරසර සංවර්ධනය සඳහා ප්‍රකාශයට පත් කර ඇති තිරසර සංවර්ධන ඉලක්ක වලට සමගාමීව පැවැත්වෙන තිරසර ලංකා – ජාතික මංගල්‍යය 2017 මාර්තු 31 සිට අප්‍රේල් 01 02 03 04 දිනයන්හි පෙරවරු 9.00 සිට රාත්‍රි 10.00 දක්වා බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා භූමියේදි පැවැත්වීමට නියමිතයි.

    2015 වසරේ සැප්තැම්බර් මාසයේ පැවති එක්සත් ජාතීන්ගේ තිරසර සංවර්ධනය පිළිබඳ මහ සමුළුවේදී ප්‍රකාශයටපත්කෙරුණු තිරසර සංවර්ධන ඉලක්ක වන දුප්පත්කම, ගොවිතැන, සෞඛ්‍ය, අධ්‍යාපනය, කාන්තාවන්ට සැලකීම,ජලය, බලශක්තිය, රැකියා, කර්මාන්ත, ඇති නැති පරතරය, ජනාවාස, පරිභෝජනය, දේශගුණික විපර්යාසය, සාගර,ජෛව විවිධත්වය, සාමය සහ පොදු වැඩපිළිවෙලක් සැකසීම යන ක්ෂේත්‍ර ආවරණය වන පරිදි තිරසර ලංකා ජාතිකමංගල්‍යය පැවැත්වීමට නියමිතය. එක් එක් අමාත්‍යංශ සහ විවිධ ආයතන විසින් ඉහත සඳහන් එම ඉලක්ක සඳහා වන සිය ක්‍රියාවලිය විදහා දැක්වෙන ආකාරයට ප්‍රදර්ශණ කුටි සැකසීමට නියමිතව ඇත.

    ප්‍රදර්ශනයේ දින 5 එක්සත් ජාතින්ගේ තිරසර සංවර්ධන ඉලක්ක වලට වෙන් කර ඇති අතර ඒ එක් එක්දිනය සඳහාවෙන්වූ තේමාවන් ද විවිධ වෙයි. මේ අනුව පළමු දිනය “යහපත් දිවියක්” යන තේමාව යටතේ පැවැත්වෙන අතර ඊටඅයත් වන්නේ නිරෝගී ජනතාවක්, ගැහැණු පිරිමි භේදයක් නැහැ සහ සකසුරුවම් පුරවැසියෙක් යන එක්සත්ජාතීන්ගේ තිරසර සංවර්ධන ඉලක්කයන් ය. මෙහි දෙවන “තිරසර ජීවනෝපායක්” යන තේමාව යටතේ පැවැත්වෙනඅතර , දුප්පතුන් නැති ලෝකයක්, හරිත රැකියා සහ තිරසර කර්මාන්ත යන තිරසර සංවර්ධන ඉලක්ක සඳහා එදිනප්‍රමුඛත්වය ලබාදෙයි.

    තිරසර ලංකා – ජාතික මංගල්‍යය පිළිබඳ මාධ්‍ය දැනුවත් කිරීම සහ එහි නිල වෙබ් අඩවිය වනwww.thirasaralanka.com වෙබ් අඩවිය ජනගත කර ඇත.

     

     

    https://www.youtube.com/watch?v=VPFt0miTF8k

     

  • විමල්ගේ සහ ෆොන්සේකාගේ සිරගත ජීවිත ගැන ඔබ මෙතෙක් නොඇසූ කථාවක්

    පුරා සතියක් පුරා ඔබ අප විරවංශ නාටකය හොදින් නරඹමින් එහි දුක්මුසු රසමුසු කතා විවේචනය කරමින් කාලය ගතකරමින් සිටි. එකල විරවංශ කියා සිටියේ හිරගෙවල් සීයක දැම්මත් රට වෙනුවෙන් කරන සටන අතහරින්නේ නැතැයි යනුවෙනි. නමුත් අද වන විට ඔහුගේ සටන් පාටය වෙනස් වී ඇත. ඔහු කියා සිටින්නේ තමන් පමණක් නොව ආශු මාරසිංහ ඇතුළු අනෙකුත් නම් ගිය පුද්ගලයන්ද තමන් සමග හොරකම්කර ඇති බැවින් තමාට දී ඇති දඩුවම ඔවුනටද හිමිවිය යුතු බවයි.

    රාජපක්ෂ සාමය තුල සරත් ෆොන්සේකාට අත් වූ ඉරණම අප ඔබට කිසි සේත් අමතක කල නොහැක. අප මේ කීමට උත්සහා ගන්නේ විරවංශ සහ සරත් ෆොන්සේකා සිරගෙයි සිටින විට කටයුතු කල ආකාරය පිළිබඳවයි.

    ——විමල් විරවංශ——-

    මහජන දේපල අවභාවිතා කොට සිරගත වන විමල් ඇප ලබා ගැනීම සඳහා විවිධ කුඨ උපායන් පාවිච්චි කළේය. අවසානයේදී ආහාර නොගෙන උපවාසයක් ආරම්බකළේය. තමාගේ හොර තක්කඩිකම් සඳහා  විමල් දරු දෙදෙනා සහා බිරිඳ ඉතාමත් පහත් ලෙස යොදාගනිමින් සිටි. මාධ්‍ය ඉදිරියට පැමිණ ඔවුන්ද පියාගේ කීමට සුපුරුදු රංගනයක නිරත වෙයි. වේදිකාවට නැග සිංහයකු සේ ගෝරනාද දෙන විමල් තම බිරිඳ හා දරුවන්ගේ කදුළු මතින් ගොඩ යාමට මාන බලා සිටි.

    කියවන්න ….විමල්ගේ දියණියගේ වයස හදිසියේම අවුරුදු 12ට වඩා අඩු වෙයි.

    ——ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා—–

    සරත් ෆොන්සේකා සිරගතකොට ඇති අවස්ථාවේ මහින්ද රාජපක්ෂ කියා සිටියේ කල වරදට සමාව ගන්නේ නම් ඔහු නිදහස් කල හැකි බවයි. එයට අවනත නොවන බව දැනගත් මහින්ද රාජපක්ෂ මහතා දෙවනුව කලේ සරත් ෆොන්සේකා මහතාගේ පවුලේ කවුරු හෝ සමාව ගන්නේ නම් ඔහුට හිරෙන් නිදහස් විය හැකි බවයි.  

    වරෙක ඔහුගේ දියණියන් දෙදෙනා වන අප්සරා ෆොන්සේකා සහ අපර්ණා ෆොන්සේකා වෙත ඔවුන්ගේ ලගම හිතවතෙකු ගොස් පවසා ඇත්තේ “තාත්තා වෙනුවෙන් සමාව අපි ගනිමු” යනුවෙනි. මේ පිළිබඳව දැනගත් සරත් ෆොන්සේකා කියා ඇත්තේ “මගෙන් පළිගන්න උන්ට මං වෙනුවෙන් මගේ දරු දෙන්නා කිසි ලෙසකින්වත් පළිහක් කරගන්න මම ඉඩ තියන්නේ නැහැ. මම නොකළ වරදකට මං වෙනුවෙන් ඔය ඕකුන්ගෙන් සමාව ගත්තොත් ආයේ මට තාත්තා කියලා කථා කරන්න එන්න එහෙම එපා.” යනුවෙනි.

    වීරවංශට අවවාදයක් ලෙස අපට කියන්න තියෙන්නේ තමන්ගේ හොර තක්කඩි වැඩ සඳහා දරුවන් ගාවා ගැනීමෙන් වළකින ලෙසයි. එමෙන්ම 9 වන ශ්‍රේණියෙන් ඉහලට අධ්‍යාපනයක් ලබා ගැනීමටත් නොහැකි වී, සීගිරිය නැරඹීමටත් නොහැකි වී, පත්තරකාරයෙක් වීමටත් නොහැකි වී, තමන්ගේ වයසට සරිලන නිකැලැල් තරුණියක හා විවාහ වීමටත් නොහැකි වී, ගෞරවනීය දේශපාලකයෙකු වීමටත් නොහැකි වී තමන් විනාශ වූවා මදිවාට දරුවන්ගේ ජීවිතත් විනාශ නොකර අනාගත යථාර්තයට පිරිමියෙකු ලෙස මුහුණ දීමට උත්සහා ගන්න ලෙසයි.

  • බුකිය කැළඹු හිරුණිකාගේ නවතම ඡායාරූප පෙළ මෙන්න.. (PHOTOS)

    මේ දිනවල සිය කුළුඳුල් දරු ප්‍රසූතිය සඳහා සූදානමින් සිටින පාර්ලිමේන්තු මන්ත්‍රිනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර සිය සමාජ ජාල ගිණුම් වෙත නවතම ඡායාරූප පෙළක් එක් කර තිබෙන අතර ඇයගේ මෙම ඡායාරූප සමාජ ජාල මාධ්‍ය තුළ දැකීමෙන් ඒ පිළිබඳව විවිධ අදහස් රැසක් පළ වෙමින් තිබෙනවා

    (එම ඡායාරූප පහතින් දැක්වෙයි)

  • වික්ටර් කට් එක ත්‍රිකුණාමලයටත් – අලුත්ම තත්වය මෙන්න….

    යොවුන් පුරය අද පස්වරුවේ ආරම්භ වීමට නියමිතව තිබෙන අතර ඊට එක්වන තරුණ තරුණියන් මේ වන විට යොවුන් පුරය පැවැත්වෙන ත්‍රිකුණාමල මැක්හෙයිෂර් ක්‍රීඩාංගනයට  පැමිණෙමින්  සිටිනවා.

    ඒ සඳහා පැමිණෙන තරුණ තරුණියන් අතරමග පැමිණෙද්දී වික්ටර් රත්නායක ශුරින් සම්බන්ධ කරුණුද ඔවුන් බස් රථවල අලවා තිබුණු අතර වික්ටර්ගේ කට්එක ගැනත් එහිදී සඳහන් කර තිබුණා.

     

  • ඩි.එස් සිසුන් බිලිගත් කොටුවේ බෝම්බයට අනුබල දුන් වරදකරු විසි වසරක් ඇතුලට

    2008 වසරේ කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ දී කොළඹ ඞී.එස්.සේනානායක විද්‍යාලයේ බේස්බෝල් ක‍්‍රීඩකයින් අට දෙනෙකු ඇතුළු පුද්ගලයින් 16 දෙනෙකු ජීවිතක්ෂයට පත්කල මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රහාරයට අනුබල දුන් පුද්ගලායට අද (29) බරපතල වැඩ සහිතව වසර 20 ක සිර දඩුවම් නියම වු බව අපට වාර්තා වේ. අදාළ නඩු තීන්දුව අද ප‍්‍රකාශයට පත් කළේ කොළඹ මහාධිකරණය විසින්. මෙලෙස මරාගෙන මැරෙන බෝම්බකාරියට ආධාර අනුබල ලබා දුන් බවට වරදකරු වූයේ කනගසබේ දේවදාසන් නොහොත් නාදන් නැමැත්තායි.

    ඔහුට එරෙහිව ත‍්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ නීතිපතිවරයා විසින් අධිචෝදනා ගොනුකර තිබුණා.

     

  • යහ පාලනය ජිනීවා සමලුවට කල වියදම මෙන්න.

    පෙබරවාරි 27 වැනිදා සිට මාර්තු 24 වැනිදා දක්වා ස්විට්සර්ලන්තයේ ජීනිවා නුවර පැවැති එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 34 වැනි සැසිවාරයට සහභාගී වීමේදී විදේශ කටයුතු අමාත්‍යාංශයට දැරීමට සිදුවූයේ රුපියල් මිලියන හයකට ආසන්න මුදලක් පමණක් යැයි විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතා ඊයේ (28) පැවැසීය. 

    ජිනීවා නුවර පැවැති මානව හිමිකම් කවුන්සිලයේ සැසිවාරයේ සම්පූර්ණ වියදම් සහිත ගිණුම් තවමත් සකසා අවසන් වී නැතැයි ද ගිණුම් සකසා අවසන් කළ පසු ඕනෑම අයකුට තොරතුරු දැනගැනීමේ පනත යටතේ අදාළ ගිණුම් වාර්තා ලබාගත හැකි යැයි ද විදේශ කටයුතු අමාත්‍යවරයා එහිදි කීවේය. 

    මහින්ද රාජපක්ෂ සමය තුල ඔවුන් තම ගමන් බිමන් ගිය හැටි මතක්කර දීමටද මංගල සමරවීර මහතා අමතක කලේ නැත. ඔහු කියා සිටියේ  මහින්ද රාජපක්ෂ මහතා රුසියා සංචාරයට විශේෂ ගුවන් යානාවක් මිලදී ගත්තා. එය නිල සංචාරයක් නෙමෙයි. එම සංචාරයේදී ගුවන් යානයට පමණක් මිලියන 39 ක් වියදම් වුණා. යුක්රේනයට ගියා. එහි වියදම මිලියන 40 ක්. මේවා සම්පූර්ණ වියදම් නෙමෙයි. විදේශ අමාත්‍යාංශයේ සටහන්වලට අනුව 69 දෙනෙක් එම සංචාරයට සහභාගී වී තිබෙනවා‘‘ යනුවෙනි.

  • සා/පෙළ සමගින් බුකිය ඇවිලෙයි – ඔබ නොදුටු පෝස්ටු මෙන්න….

    2016 අපොස සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල  නිකුත් කෙරුණු අතර මේ ගැන නිර්මාණය වුණු නිර්මාණාත්මක අදහස් කිහිපයක් මුහුණු පොතේ අපට දැකගන්නට ලැබුණා.

    මේ ඒවායින් කිහිපයක්.

  • කැළණි සරසවියේ නවක වදය ගැන නිළි යශෝධාගෙන් හෙළිදරවුවක් කරලියට….

    හැමෝගෙම ආදරය දිනාගත්  රංගන ශිල්පිනි යශෝදා විමලධර්ම  සිය ජීවිතය සහ සරසවිය පිළිබඳ ෆේස්බුක් එකේ සංවේදී සටහනක් සඳහන් කරලා තිබෙන බව අපට වාර්තා වේ.

    ඇයගේ පියා විශ්ව විද්‍යාල මහාචාර්යවරයෙකු වීම නිසාම ඇයට කැළණිය විශ්ව විද්‍යාලයේදී අමානුෂික ලෙස හිංසනයට ලක්වීමට සිදුවූ ඇති අතර පසුගියදා එම විශ්ව විද්‍යාලයෙන්ම ඇයට ශාස්ත්‍ර ගෞරව සම්මානයක්ද හිමිවුණා.

  • ආබාධ මධ්‍යයයේ සා/පෙළ ජයගත් මාතර අපේ දිරිය දියණිය….

    මාතර සුගතපාල ගොඩවත්ත කනිෂ්ඨ විද්‍යාලයෙන් මෙවර සාමාන්‍ය පෙළ විභාගයට ඉදිරිපත් වූ දරුවන් තිදෙනාම ඉහළ සාමාර්ථ ලබා විභාගයෙන් සමත් වී තිබෙනවා. මේ දරුවන් අතර ශ්‍රවණ ආබාධයකින් පෙළෙන නෙත්මි දේශානි හංසිකා නම් දැරිය A සාමාර්ථ 08ක් සහ B සාමාර්ථයක් ඇතිව ඉතා ඉහළින් විභාගය සමත්ව තිබීම විශේෂත්වයක්.

    ඇයට ඉගැන්වූ ගුරුවරුන් කියා ඇත්තේ ඇය විෂය කරුණු ඉගෙන ගත්තේ ගුරුවරුන්ගේ කට චලනය වන ආකාරය දෙස බලාගෙන බවයි. ඇයගේ සිහිනය වෛද්‍යවරියක් වීම නමුත් ශ්‍රවණ ආබාධය නිසා ඇයට එම සිහිනය සැබෑ කරගත නොහැකි බවත් පවසා තිබෙනවා.

    මේ නිසා යම් වෛද්‍යවරයෙකුගේ සහය ලැබෙන්නේ නම් ඇයට තමන්ගේ සිහිනය සැබෑ කරගත හැකි බවයි ඇය වැඩිදුරටත් පවසා ඇත්තේ.

  • විමල්ගේ තත්වය බරපතලයි.

    අහාර වර්ජනය කරමින් අකණ්ඩව ගෙන යන උපවාසය නිසා විමල් වීරවංශ  මහතාගේ සෞඛ්‍ය තත්වය අයහපත් තත්වයට පත්ව ඇති බැවින්  මේ වන විට ඔහු බන්ධනාගාර රෝහලේ සිට කොළඹ ජාතික රෝහල වෙත මාරු කර යවා ඇති බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක තුෂාර උපුල්දෙණිය මහතා සඳහන් කලා.

  • ඉදිරි සියවස ජයගැනීමේ අභියෝගය දරුවන් හමුවේ ඇති බව ජනපති පවසයි….

    අතීත අත්දැකීම් පදනම් කර ගනිමින් ඉදිරි සියවස ජාතික හා ජාත්‍යන්තර වශයෙන් ජයග‍්‍රහණය කිරීමේ වගකීම පාසැල් දරුවන් හමුවේ ඇති බව ජනපති පවසයි.

    රත්නපුර ෆර්ගර්සන් උසස් විද්‍යාලයට වසර සියයක් සපිරීම නිමිත්තෙන් එම විද්‍යාලයේ  පැවති සැමරුම් උත්සවයේ ප‍්‍රධාන ආරාධිතයා ලෙස එක්වෙමින් ජනාධිපති ගරු මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා මේ බව කියා සිටියේය.

    රටක ඉතිහාසය සහ ජීවිතයක ඉතිහාසය, ඒ රටේ සහ ජීවිතයේ අනාගතය කෙසේ වන්නේ ද යන්නට සාක්ෂි දරන බව සඳහන් කළ ජනාධිපතිතුමා මුදල් මත සියලු දේ තීරණය වන වත්මන් සමාජයේ විභාග සේම ජීවිතය සමත්වීමේ අභියෝගය අප විසින් තේරුම්ගත යුතු බව ද වැඩි දුරටත් කියා සිටියේය.

    ලංකාවේ පාසැල් දරුවන් විභාග සමත්වීමේදී ඉදිරියෙන් සිටියත්, ඔවුන්ගේ විනය පිළිබඳ සතුටුවිය නොහැකි බව සඳහන් කළ ජනාධිපතිතුමා දරුවන්ගේ විනය පිළිබඳ වැඩිහිටියන්ගේ අවධානය යොමුකිරීමේ වැදගත්කම රටට කියා දෙන පසුගිය දින කිහිපයේ වූ සිදුවීම් රැසක් උදාහරණ වශයෙන් ගෙනහැර දැක්වීය.

    ෆර්ගසන් උසස් විද්‍යාලයේ සියවස් සමරුව වෙනුවෙන් සමරු මුද්දරයක් නිකුත් කෙරුණු අතර පාසැලේ විශිෂ්ට දක්ෂතා දැක්වූ ශිෂ්‍යාවන් වෙත ත්‍යාග ප‍්‍රදානය කිරීමට ද ජනාධිපතිතුමා එක්විය. විද්‍යාලය වෙනුවෙන් ඉදිකෙරුණු ගෘහස්ථ ක‍්‍රීඩාගාරය ද ජනාධිපතිතුමා අතින් විවෘත කෙරිණි.

    අනතුරුව සියවස් සැමරුම වෙනුවෙන් සංවිධානය කළ ප‍්‍රදර්ශන කුටි නැරඹීමට ද ජනාධිපතිතුමා එක්විය.

    තිරසර පාසැල් වැඩසටහන යටතේ පළතුරු පැළ 4000 ක් සිටුවීමේ ව්‍යාපෘතිය සංකේතවත් කරමින් පළතුරු පැළයක් විදුහල්පතිනි එම්. ගලගම මහත්මියට ලබාදීම ජනාධිපතිතුමා අතින් සිදුවූ අතර පරිසර සුරක්ෂිතතාවය වෙනුවෙන් දිවයිනේ සෑම පාසැලකම ප‍්‍රදර්ශනය කිරීමට පරිසර අමාත්‍යාංශය විසින් සකසා ඇති දැන්වීම, පාසැල් වලට ලබාදීම සංකේතවත් කරමින් ප‍්‍රථම දැන්වීම විදුහල්පතිනියට ලබාදීම ද සිදුවූයේ ජනාධිපතිතුමා අතිනි.

    එම පාසැල විසින් සකස්කළ පරිසර හිතකාමී ගමන් මල්ලක් පාසැලේ දැරියන් දෙදෙනෙකු විසින් මෙහිදී ජනාධිපතිතුමාට පිළිගැන්වූ අතර, මෙම අවස්ථාව සිහිපත් කරමින් විදුහල්පතිනි එම්. ගලගම මහත්මිය විසින් ජනාධිපතිතුමාට සමරු තිළිණයක් ද පිළිගැන්වීය.

    1917 වසරේදී ඉංග‍්‍රීසි මාධ්‍යයෙන් ඉගැන්වීමි කෙරෙන බැප්ටිස්ට් මිෂනාරි පාසැලක් ලෙස ආරම්භ කෙරුණු මෙම පාසැලෙන් ලෝකයේ ප‍්‍රථම අග‍්‍රාමාත්‍යවරිය වන සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය, ශ‍්‍රී ලංකාවේ ප‍්‍රථම මහේස්ත‍්‍රාත්වරිය වන සුදර්මා ධර්මදාස, ප‍්‍රථම වාරිමාර්ග අධ්‍යක්ෂ ජනරාල්වරිය වන භද්‍රා කමලදාස, ප‍්‍රථම ගුවන්භට නිලධාරිනී යමුනා බටංගල, ප‍්‍රවීණ ලේඛිකා සුනේත‍්‍රා රාජකරුණානායක, අමාත්‍ය තලතා අතුකෝරාල, ලෝක විවාහක රූ රැජින රෝසි සේනානායක යන මහත්මීන් ඇතුළු සමාජයේ ඉහළ නිල හොබවන කාන්තාවන් රැසක් අධ්‍යාපනය ලබා ඇත.

  • දිනෙන් දින උග්‍රවන ලාබයි බාලයි මාෆියාවේ නුදුටු පැත්ත…

    විදේශයන්ගෙන් ශ්‍රී ලංකාවට ගෙන එනු ලබන බාල පාරිභෝගික භාණ්ඩ රට තුළට වැද්ද නොගැනීමේ ප්‍රතිපත්තියක් අනුගමනය කිරීමට ආණ්ඩුවේ වගකිවයුතු අංශ දැන් අවධානය යොමු කර තිබේ. මේ බාල බඩු වසංගතය රටක දේශීය නිෂ්පාදනය අඩාල කරන අතරම බලවත් පාරිසරික ව්‍යසනයකට ද මඟ පාදයි.

    රටතුළට බාල පාරිභෝගික භාණ්ඩ ගලා ඒම නැවැත්වීම සඳහා විවිධ රටවල් විවිධ නීති රීති හා තත්ත්ව පරීක්ෂණ රෙගුලාසි පනවා ඇතත්, මේ ව්‍යසනයෙන් මිදීම ලේසි පහසු කටයුත්තක් නොවන බව නැගෙනහිර අප්‍රිකානු රටවලින් පැහැදිලි වේ.

    බුරුන්ඩි, කෙන්යා, රුවන්ඩා, ටැන්සානියා සහ උගන්ඩා යන රටවල් පහ මේ සඳහා දැන් ඒකාබද්ධ වැඩපිළිවෙළක් අරඹා තිබේ. ඔවුනගේ උත්සාහය බාල රෙදිපිළි, පරණ ඇඟලුම්, ඉලැක්ට්‍රොනික් උපකරණ, පාවහන් ආදිය තම රටවලින් 2019 වනවිට සහමුලින්ම තුරන් කර දැමීමය. එහෙත් රටවල් පහේ දේශපාලන නායකත්වය ඍජු පිළිවෙතක පිහිටා කටයුතු කරන්නේද යන්න දැන් මතුව ඇති ප්‍රශ්නයයි.

    මෑතක දී උගන්ඩා පරිසර අධිකාරිය වාර්තා කෙළේ වාර්ෂිකව විවිධ ඉලැක්ට්‍රොනික් උපකරණ, රූපවාහිනි ආදි දෑ මෙට්‍රික් ටොන් දසලක්ෂ 50ක් පමණ කැළිකසළ ලෙස බැහැර කෙරෙන බවත්, ඒවා බොහොමයක් අප්‍රිකාවේ නොදියුණු රටවලට විවිධ මාර්ගවලින් ගලා එන බවත්ය. මේවා ප්‍රතිචක්‍රීකරණයට ලක්කිරීම ඉතා වියදම් අධික කටයුත්තකැයි ද එම උගන්ඩා වාර්තාව කියයි.

    අප්‍රිකාව පමණක් නොවේ. ඉන්දියාව ද මේ ප්‍රශ්නයට මුහුණ දෙයි. ටයිම්ස් ඔෆ් ඉන්ඩියා පුවත්පත 2016 අප්‍රියෙල් 26 වනදා ඉන්දියාවට බාල චීන භාණ්ඩ ගලාඒම ගැන ලිපියක් පළ කළේය.

    ලෝක වෙළෙඳ සංවිධානයේ (WTO) නීති අනුව රටක භාණ්ඩ සඳහා තහනමක් ක්‍රියාත්මක කිරීම අසීරු බව ‍එම ලිපියේ දී පෙන්නා දී තිබේ. මේ බව ඉන්දියා වානිජ ඇමැතිනි නිර්මලා සීතා රාම් මහත්මිය ද ලෝක් සභාවේ දී ප්‍රකාශ කර ඇත.

    එහෙත් ඉන්දියාවට එරට කර්මාන්ත, පරිසරය, ගහ කොළ සහ සතා සිව්පාවා රැක ගැනීමට අයිතියක් ඇතැයි ද එතුමිය පවසා තිබේ. සමහර ජංගම දුරකතන සහ ලෝහ නිෂ්පාදන රටතුළට ගලා ඒම නවත්වා ඇති බවද සීතාරාම් මහත්මිය අවධානය කර තිබේ.

    ඔස්ට්‍රේලියාව නිෂ්පාදන ආරක්ෂාව නම් ප්‍රතිපත්තියක් අනුගමනය කරයි. බොහෝ රටවල මෙවැනි නීතිරීති පනවා ඇති අතර කුඩා ළමයින් සඳහා වන ක්‍රීඩා භාණ්ඩ පිළිබඳව ඉතා සැලකිලිමත් වන රටවල් ද තිබේ. බාල ක්‍රීඩා භාණ්ඩ ළමා සෞඛ්‍යයට ද තර්ජනයකි.

    ශ්‍රී ලංකාවේ තත්ත්වය දෙස බලන කල නිසි ප්‍රමිතියකින් තොර භාණ්ඩ වෙළෙඳ පොළට පිටාර ගලමින් තිබෙන බව පෙනේ. රුපියල් 50 – 100 අතර මිල ගණන්වලට අත් ඔර්ලෝසු ද, රුපියල් 1000ට පාවහන් ද ඒ හා සමාන මිලට ජංගම දුරකතන ද කොළඹ දී මිලට ගැන්මට පිළිවන. එසේම මෝටර් රථ අමතර කොටස්, ව්‍යාජ තීන්ත, ව්‍යාජ ඉලැක්ට්‍රොනික් පරිපථ, ව්‍යාජ බල්බ් පමණක් නොව ව්‍යාජ ලේබල් සහිත රටබීම හා දුම්වැටි ද බහුල ලෙස රටතුළ සංසරණය වේ.

    පරිගණක ‍ක්ෂේත්‍රයට සම්බන්ධ අංශයන්ගෙන් දැනගැනීමට ලැබුණ අන්දමට නිසි ප්‍රමිතියට නැති පරිගණක හා පරිගණක උපාංග රට පුරා භාවිතා වේ. මෙවැනි බාල උපාංග නිසා පරිගණක මෙවලම් අක්‍රියවීමට ඉඩ තිබේ.

    පරිගණක මිලට ගන්නාගේ දැනීම අඩුකම නිසා මෙවැනි උපකරණ හා උපාංග අලෙවි කිරීම ලේසි පහසු කටයුත්තකි. මෘදුකාංග මෙන්ම දෘඪ(හාඩ්වෙයාර්) අංශයේ අධ්‍යාපනය ද පුළුල් කළ යුතුව තිබේ.

    එසේම ජංගම දුරකතන නිසා ශ්‍රවණාබාධ, මොළයට හානි පමණක් නොව හෘදයාබාධ ද ඇතිවිය හැකි බව දැන් සොයා ගෙන ඇත. විශේෂයෙන් මේ අවදානම පවතින්නේ කුඩා දරුවනට යැයි මහින්ද රාමනායක මහතා කියයි. ජාත්‍යන්තර මට්ටමේ අගනා නීති පද්ධතියක් ශ්‍රී ලංකාව තුළ නියාමනය වන නමුත් තත්ත්වයෙන් බාල සන්නිවේදන උපකරණ හා ජංගම දුරකතන රට තුළ සංසරණය වන බව ඔහු කියයි.

    උසස් තත්ත්වයේ සන්නාම සහිත ව්‍යාජ උපකරණ භාවිතාව දක්නට ලැබෙන බව කියන ඔහු බාල උපකරණවල ආයුෂ කාලය අඩු නිසා පාරිභෝගිකයා පාඩු විඳින බවද උසස් නිෂ්පාදනය සහ ව්‍යාජ නිෂ්පාදනය හඳුනා ගැනීමට පාරිභෝගිකයා දැනුවත් කිරීම් කළ යුතු බවද කියයි.

    අප්‍රිකාව පසුගිය දසකය තුළ ඍජු විදේශ ආයෝජන උකහාගැන්ම මධ්‍යම පරිමාණ කර්මාන්ත ඇදගැනීම නිසා පිබිදෙන ආර්ථිකයක් සහිත මහාද්වීපයකි. විශේෂයෙන් නයිජීරියාව, දකුණු අප්‍රිකාව පරාජය කරමින් 2016 අග කාර්තුවේ විශිෂ්ට සංවර්ධනයක් අත්කර ගත් රාජ්‍යයකි. ඉන්දියාව, චීනය, බ්‍රසීලය,මලයාසියාව සහ තුර්කිය යන රටවල ආයෝජන සහිත නයිජීරියාව ඉලැක්ට්‍රොනික් විප්ලවයට පිවිසීම සමග ඉලැක්ට්‍රොනික් සුනාමියට ද ගොදුරුව සිටී.

    බාල උපාංග, නීති විරෝධි ජංගම දුරකතන ආදියෙන් දැන් ශ්‍රී ලංකාව විඳින පීඩාවට සමාන වේදනාවක් අප්‍රිකාවේ පිබිදෙන රටවල ද දක්නට ලැබේ. ඒ ඒ රටවල විදුලි සංදේශ නියාමන දැඩි අයුරින් නීති රීති ක්‍රියාත්මක කළ ද උවදුර අඩුව නැත.‍

    ඉන්දියාව 2016 අප්‍රියෙල් මාසයේ දී සිය රටේ කුඩා හා මධ්‍යම පරිමාණ කර්මාන්තකරුවනගේ අභිවෘද්ධියට හානිදායක නිෂ්පාදන ලෙස සලකා විදේශීය නිෂ්පාදන රාශියක් සිය රටට ගෙන්වීම තහනම් කළේය. ඒ භාණ්ඩ අතර ජංගම දුරකතන වර්ග කීපයක් ද වේ.

    රටවල් 140කින් භාණ්ඩ වර්ග 6000 ක් සිය රටට ගෙන්වන ඉන්දියාව ඒ සඳහා වාර්ෂිකව ඇමෙරිකානු ඩොලර් බිලියන 390 ක් වැය කරන රටකි. 2015 මැයි මාසයේ දී ඉලැක්ට්‍රොනික් භාණ්ඩ ආනයනය සඳහා ඉන්දියාව එක්සත් ජනපද ඩොලර් බිලියන 2.85ක් වැය කළ අතර එම වසරේ සැප්තැම්බරය වනවිට බිලියන 4 දක්වා එය වැඩිවිය. එහෙයින් ඉන්දියාවේ පියවර සිය වත්කම් රඳවා තබා ගැනීම යැයි ද කිව හැකිය. මෙය අප රටට ද ආදර්ශයකි.

    මේ වනවිට ශ්‍රී ලංකාව ද එබඳු ‘ආරක්ෂණවාදි’ ක්‍රියා පිළිවෙතකට අවතීර්ණවීමේ නැඹුරුවක් අවශ්‍ය වන්නේ විදේශ ආයෝජනය සහිත සමාගම් ඉදිරියේ දී සිය නිෂ්පාදන දේශීය වෙළෙඳ පොළට ද යම් ප්‍රතිශතයකින් මුදා හරින බැවිනි. එම මුදා හැරීම් සඳහා ඉදිරිපත් වන දේශීය පාරිභෝගිකයා විදේශීය බාල භාණ්ඩ වෙනුවෙන් කරන වියදමට සරිලන උසස් නිෂ්පාදනයක් ඔහුට ලබාදීම නිෂ්පාදකයාට මෙන්ම පාරිභෝගිකයාට ද වාසියකි.

    විදේශීය භාණ්ඩ රටතුළට ගෙන එන සංවිධානය වූ මාෆියාවක් ලොව පුරාම ක්‍රියාත්මකය. මේ ව්‍යාපාරය මොනතරම් බලවත් ද කිවහොත් ටැන්සානියා වරායවලින් අතුරුදන් වූ කන්ටේනර් සංඛ්‍යාව එක් වසරකදී 20000 – 27000 අතර ප්‍රමාණයකි. යුරෝපය කැනඩාව සහ මහා බ්‍රිතාන්‍යයේ විවිධ සමාජ සේවා සංවිධාන මගින් කරන පරිත්‍යාග පවා ඔවුනගේ කන්ටේනර් වල අසුරා තිබුණු බව හෙළිවිය. පරණ ඇඳුම් හා පාවිච්චි කළ විවිධ භාණ්ඩ අප්‍රිකාවට විකිණීම ජාත්‍යන්තර වෙළෙඳාමකි. අප්‍රිකාවේ දේශීය ඇඟලුම් ව්‍යාපාරයට ඇති ලොකුම බාධාව මේ පරණ ඇඳුම් ජාවාරමයි.

    මේ අයුරින්ම ශ්‍රී ලංකාවද පාවහන් මාෆියාවකට සහ නීති විරෝධී දුම්වැටි මාෆියාවකට ගොදුරුව සිටී.

    නැ‍ඟෙනහිර අප්‍රිකානු රටවල දියුණු පශු කර්මාන්තයක් තිබේ. එහෙත් ඔවුනට එම පශු කර්මාන්තය ආශ්‍රිත යම් කර්මාන්තය දියුණු කර ගත නොහැකිව තිබේ. හේතුව ව්‍යාජ සම්භාණ්ඩ ගලාඒමය. එම නිසා සාමුහික ව්‍යාපාරික පිළිවෙතක් අනුගමනය කරන මෙන් දැන් නැගෙනහිර අප්‍රිකානු රටවල් අප්‍රිකානු සංගමයෙන් ඉල්ලීමක් ද කර තිබේ.

    ශ්‍රී ලංකාවේ ද දියුණු පාවහන් කර්මාන්තයක් තිබේ. අපනයනයට පවා සම්බන්ධ මහා පරිමාණ පාවහන් කර්මාන්ත ශාලා 10ක් ද සුළු හා මධ්‍යම පරිමාණ කර්මාන්තශාලා 30 ක් ද ගෘහස්ත කර්මාන්ත විශාල ප්‍රමාණයක් ද පාවහන් නිෂ්පාදනයට සම්බන්ධය. ලක්ෂ 2ක් පමණ එමගින් යැපෙති.

    එහෙත් කොරියාව, තායිලන්තය, පාකිස්ථානය යන රටවලින් වෙනවෙනම පාවහන් කොටස් ගෙන්වා මෙරට දී සපත්තු සෙරෙප්පු එකලස් කිරීමක් සහ ඒවා අඩුමිලට වෙළෙඳ පොළට ඉදිරිපත් කිරීමක් උත්සව කාලයට දක්නට ලැබේ. මේ ඇතැම් නිෂ්පාදන ජාත්‍යන්තර නිෂ්පාදන සන්නාම සහිත ඒවා බවද කරන ලද සමීක්ෂණයන්හිදී හෙළි වී තිබේ.

    ශ්‍රී ලංකාවේ සම්භාණ්ඩ සහ පාවහන් ඉතාලිය, එක්සත් ජනපදය, ප්‍රංශය යන ප්‍රධාන අපනයන වෙළෙඳ පොළ ඉලක්ක කර ඇත. එහි ධාරිතාව වසරකට නිෂ්පාදන යුගල (පාවහන්) දසලක්ෂ 15කි. මෙතරම් දැවැන්ත කර්මාන්තයක් අප සතු වුවද, බාල නිෂ්පාදන සමග තරග කිරීමට සිදුවීම ගැන සිතා බලන විට ආරක්ෂණවාදි වැඩපිළිවෙළකින් එය වඩාත් ශක්තිමත් කිරීම අවශ්‍ය වේ.

    අයවැය යෝජනා සඳහා ‘තම තමන්ගේ අදහස් විමසන අවස්ථාවේ දී පවා දේශීය පාවහන් කර්මාන්තය මුහුණ දෙන මේ ගැටලුවට විසැඳුම් ඉල්ලා තිබුණි. එහෙත් ගැටලුව තවම හරිහැටි විසැඳී නැති බව පෙනෙන්නේ මේ දිනවල කොළඹ නගරයට පිටාර ගලා ඇති “විදේශීය” පාවහන් සුනාමියේ තරම දුටුවිටය.

    සම්භාණ්ඩ හා පාවහන් කර්මාන්තය ශ්‍රී ලංකාවේ රැකියා ප්‍රශ්නයට නිසි විසඳුමකි. විශාල කර්මාන්ත ශාලා මගින් කොන්ත්‍රාත් පදනමට ඇණවුම් ලබාගෙන පාවහන් නිෂ්පාදනය කරන උප කොන්ත්‍රාත් ක්‍රමයක් ශ්‍රී ලංකාවේ දක්නට ලැබේ.

    දේශීය විශාල සමාගම් විදේශීය බාල නිෂ්පාදන සමග තරගයක යෙදී සිටින අතර මේ බාල ව්‍යාජ නිෂ්පාදන වගකිවයුතු අංශවල ඇසට වැලි ගසමින් හොර පාරෙන් වෙළෙඳ පොළ ආක්‍රමණය කර අඩුමිලට භාණ්ඩ අලෙවි කරයි. මේ නිසා දේශීය සමාගම්වල ව්‍යාපාරික අංශ දුර්වල වේ. අලෙවිය ද අඩුවේ.

    මේ නිසා විශාල සමාගම් මෙන්ම කුඩා පරිමාණ කොන්ත්‍රාත්කරුවෝ ද අමාරුවේ වැටී සිටිති. කුඩා කොන්ත්‍රාත්කරුවන් 500ක් පමණ මේ කර්මාන්තයේ රැඳී සිටි නමුත් දැන් ඒ සංඛ්‍යාව හරි අඩකටත් වඩා අඩුව ඇතැයි ක්ෂේත්‍රයේ කතාබහක් පැතිර තිබේ. මේ හැම උප කොන්ත්‍රාත් ආයතනයකම අඩු වශයෙන් සේවකයෝ පස්දෙනෙක්වත් රැකියාව කළහ.

    ශ්‍රී ලංකාව දේශීය පාවහන් අවශ්‍යතාවෙන් සියයට 70ක්ම සපුරයි. අපනයනය කිරීම් මගින් විශාල ආදායමක් ද උපයයි. එසේ තිබියදී රටරටවලින් පාවහන් කොටස් ආනයනය කර දේශීයව පාවහන් එකලස් කර නිමිභාණ්ඩ ලෙස වෙළෙඳ පොළට ඉදිරිපත් කිරීමට එරෙහිව නිසි ප්‍රමාණවත් පියවර ගැනීම තවත් ප්‍රමාද නොකළ යුතු යැයි දේශීය නිෂ්පාදකයෝ මෑතකදී යළිත් ඉල්ලා සිටියහ.

    රටට බාල භාණ්ඩ ගෙන එන මාෆියාව දැන් ව්‍යාජ දුම්වැටි දෙසට හැරී තිබේ.

    පසුගිය පෙබරවාරි 09 වැනි දින දුම්වැටි පෙට්ටි 5000ක් රැගෙන මත්තල ගුවන් තොටුපළෙන් රටට ඇතුල්වීමට තැත් කළ කාන්තාවන් දෙදෙනකු අත්අඩංගුවට ගත් අතර නොවැම්බර් මස අගභාගයේ කටුනායකින් මෙරටට ඒමට තැත් කළ දුම්වැටි 36,000ක් අත්අඩංගුවට ගන්නා ලදී.

    පසුගිය නොවැම්බරයේ පමණක් අත්අඩංගුවට ගත් ව්‍යාජ දුම්වැටි ප්‍රමාණයේ වටිනාකම රුපියල් දස ලක්ෂ 150 කැයි රේගුව සඳහන් කර ඇත. මේ අයුරින්ම රටතුළට ජංගම දුරකතන හොරෙන් රැගෙන ඒමේ සිද්ධි රාශියක් ද වාර්තා වේ.

  • බීමත් රියදුරන්ට වැඩවරදින ලකුණු – හඳුනා ගැනීමට නව උපකරණයක් කරලියට

    බීමත් රියදුරන් ඉතා ඉක්මනින් හා නිවැරදිව හඳුනාගැනීමේ නව උපකරණයක් ප්‍රථම වතාවට රථවාහන පොලීසියට හඳුන්වා දීමට කටයුතු සූදානම් කර තිබේ.

    පොලිස් මූලස්ථානය සඳහන් කලේ මෙම නව බ්‍රෙතලයිසර් උපකරණය මගින් බීමත්ව රිය පදවන රියදුරන්ගේ ප්‍රශ්වාස විශ්ලේෂණය තුළින් කාර්යක්ෂමව ඔවුන් හඳුනාගත හැකි බවයි.