Blog

  • අධිවේගී මාර්ගයේ පැවැත්වෙන පාපැදි ධාවන තරගාවලිය ලබන 14වැනිදා

    අධිවේගී මාර්ගයේ පැවැත්වෙන පාපැදි ධාවන තරගාවලිය ලබන 14වැනිදා

    මධ්‍යම අධිවේගී මාර්ගයේ මීරිගම – කුරුණෑගල කොටස විවෘත කිරීමට පෙර දින (14) තරුණ හා ක්‍රීඩා අමාත්‍යාංශය සහ මහා මාර්ග අමාත්‍යාංශය එක්ව ශ්‍රී ලංකා පාපැදි සම්මේලනයේ පූර්ණ අධීක්ෂණය යටතේ කාණ්ඩ තුනකින් සමන්විත පාපැදි තරගාවලියක් පැවැත්වීමට කටයුතු සංවිධානය කර තිබේ.

    රටේ සංවර්ධන ක්‍රියාවලියට සමඟාමීව ක්‍රීඩාවේ ජවය යාවත්කාලීන කිරීමේ  අරමුණ ඇතිව අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ සංකල්පයකට අනුව මෙම පාපැදි ශූරතාවලිය පැවැත්වේ.

    ජාතික හා අන්තර්ජාතික තරග නීති රීතිවලට සහ කොවිඩ් මාර්ගෝපදේශවලට යටත්ව පැවැත්වෙන මෙම පාපැදි තරගාවලිය මෙරට කාන්තා හා පිරිමි පාපැදි තරගකරුවන්ට ලැබෙන සුවිශේෂී අත්දැකීමක් වනු ඇත.

    මෙම තරගාවලියේ මුඵ දුර ප්‍රමාණය කි.මි. 80කි. සුපිරි සහ 23න් පහළ  පිරිමි කාණ්ඩය, කණිෂ්ඨ පිරිමි කාණ්ඩය සහ සුපිරි කාන්තා තරගය ලෙස කාණ්ඩ කිහිපයක් යටතේ තරගාවලිය පැවැත්වේ.

    ත්‍රිවිධ හමුදාව, වරාය අධිකාරිය, දෙහිවල ගල්කිස්ස නගර සභාව, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව ඇතුළු පාපැදි ක්‍රීඩා සමාජ 30ක් පමණ මෙම තරගාවලිය නියෝජනය කරයි.

    ශ්‍රී ලංකා පාපැදි සම්මේලනයේ බලපත්‍රලාභී පාපැදි ක්‍රීඩකයන් 125 දෙනෙකුට අධික පිරිසක් ඊට තරග කිරීමට නියමිතව ඇත.

    සුපිරි සහ 23න් පහළ පිරිමි කාණ්ඩයේ තරගය පෙ.ව.8.30ටත් කණිෂ්ඨ පිරිමි කාණ්ඩය සහ සුපිරි කාන්තා තරගය පෙ.ව.8.40ටත් අධිවේගී මාර්ගයේ මීරිගම අන්තර් හුවමාරුව අසලින් ආරම්භ වන අතර අධිවේගී මාර්ගය ඔස්සේ යග්ගපිටිය අන්තර් හුවමාරු මධ්‍යස්ථානය දක්වා ගොස් එතනින් හරවා නැවතත් එම මාර්ගය ඔස්සේ මීරිගම අන්තර් හුවමාරුව අසලින් තරග නිමාව සනිටුහන් කිරීමට නියමිතය.

    මෙම පාපැදි තරගාවලියේ ජයග්‍රාහකයින් සඳහා මුදලින් ත්‍යාග පිරිනැමීමට සංවිධායක මණ්ඩලය තීරණය කර තිබේ. එහි තොරතුරු පහත පරිදි වේ.

    ස්ථානය සුපිරි සහ 23න් පහළ පිරිමි කාණ්ඩය කණිෂ්ඨ පිරිමි කාණ්ඩය සුපිරි කාන්තා කාණ්ඩය
    01 100,000/- 50,000/- 50,000/-
    02 75,000/- 40,000/- 40,000/-
    03 50,000/- 30,000/- 30,000/-
    04 40,000/- 27,500/- 25,000/-
    05 35,000/- 22,500/- 20,000/-
    06 30,000/- 20,000/-
    07 25,000/- 17,500/-
    08 20,000/- 15,000/-
    09 15,000/- 12,500/-
    10 10,000/- 7,500/-

    අන්තර්ජාතික මට්ටමේ පා පැදි තරග පසුබිමක් අනුව යන මෙම තරගාවලියේ දී  දුර ප්‍රමාණය,  ධාවන මාර්ගය ආදිය මැනවින් ප්‍රයෝජනයට ගනිමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් සිය හොඳම කාල වේගය වාර්තා කොට සුපිරි දක්ෂතා දක්වනු ඇති බවට ක්‍රීඩා විශ්ලේෂකයෝ විශ්වාසය පළ කරති.

    කොවිඩ් වසංගතය තත්ත්වය හේතුවෙන් බලපෑමට ලක්වූ පාපැදි ක්‍රීඩාවට මෙම තරගාවලිය නව ආරම්භයකි.

    මේ සම්බන්ධයෙන් පැවති මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා මෙසේ පැවසීය.

    ‘’අද මම විශේෂයෙන්ම ස්තූතිවන්ත වෙනවා නාමල් රාජපක්ෂ ක්‍රීඩා අමාත්‍යතුමාට. එතුමන් විසින් කර කරන ලද ඉල්ලීමකට අනුව පාපැදි සම්මේලනය මේ සඳහා අවසර ලබා දී තිබෙනවා.

    අධිවේගී මාර්ගය එදා විවෘත කරන අවස්ථාවේදී එවකට සිටි විධායක ජනාධිපති වර්තමාන අග්‍රාමාත්‍ය අතිගරු මහින්ද රාජපක්ෂ මැතිතුමා අධිවේගී මාර්ගය විවෘත කිරීමට පෙර එම ප්‍රදේශවල සිටි සාමාන්‍ය ජනතාවට එය නැරඹීමට දින කිහිපයක් විවෘත කර තබමින් අවස්ථාව සලසා දුන්නා.

    ඒ වගේම අද නාමල් රාජපක්ෂ අමාත්‍යතුමා අධිවේගී මාර්ගය විවෘත කිරීමත් සමග පාපැදි තරගාවලියක් පවත්වා ඒ අවස්ථාව ජනතාවට ලබාදීමට කටයුතු සලසා දෙන ලෙස ඉල්ලීමක් කළා.

    මේ සම්බන්ධයෙන් සියලු සම්බන්ධීකරණ කටයුතු සිදුකර මෙම පාපැදි තරගාවලිය සාර්ථක කරගැනීමට අවශ්‍ය පහසුකම් සලසා දීම සම්බන්ධව එතුමාට මා මේ අවස්ථාවේදී විශේෂයෙන් ස්තූතිවන්ත වෙනවා.

    අධිවේගී මාර්ගයක පාපැදි ක්‍රීඩා කර ජාත්‍යන්තර අත්දැකීමක් ලබාගැනීමට හැකිවීම පාපැදි ශූරීන්ට ලැබෙන අනගි අවස්ථාවක් ලෙස මා දකිනවා.

    අධිවේගී මාර්ගය මේ මස 15 වැනිදා සවස 4 ට අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සහ ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ සහභාගිත්වයෙන් මෙය විවෘත කිරීමට නියමිත යැයි අමාත්‍යවරයා පැවසීය.

    මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රිනි කෝකිලා ගුණවර්ධන මහත්මිය, මහා මාර්ග අමාත්‍යාංශයේ ලේකම් ආර්.ඩබ්ලිව්.ආර්.පේමසිරි,  ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අමල් එදිරිසූරිය, ශ්‍රී ලංකා පාපැදි සම්මේලනයේ සභාපති එච්.එල්.ක්‍රිෂාන්ත, ශ්‍රී ලංකා පාපැදි සම්මේලනයේ ලේකම් නලින් අධිකාරිආරච්චිගේ යන මහත්වරු ඇතුළු නිලධාරීහු පිරිසක් එක්ව සිටියහ.

  • දඹුල්ලෙන් මාට්ටු වුණ කුණු ළුැණු ජාවාරමේ අලුත්ම කතාව

    දඹුල්ලෙන් මාට්ටු වුණ කුණු ළුැණු ජාවාරමේ අලුත්ම කතාව

    ඉන්දියාවේ සිට මෙරටටට ගෙන්වූ ලොකු ළූණු කිලෝ 5000කට අධික ප්‍රමාණයක් විනාශ කිරීමට සූදානම් කිරීමේ අරුම පුදුම පුවතක් දඹුල්ල ඉබ්බන්කටුව ප්‍රදේශයේ හුදෙකලා ගබඩාවකින් ඊයේ වාර්තා විය.

    දඹුල්ල ඉබ්බන්කටුව ප්‍රදේශයේ ජනාවාස වලින් තොර ස්ථානයක පවත්වාගෙන යන මහා පරිමාණ ගබඩා සංකීර්ණයක විදේශ රට වලින් ගෙන්වූ  මිනිස් පරිභෝජනයට නුසුදුසු ලොකු ළුණු  තොගයක් කාන්තාවන්  යොදා හොඳ ළුණු වලට කලවම් කොට වෙඳපොළ යැවීමේ ජාවාරමක් ක්‍රියාත්මක වන බව දඹුල්ල නගරාධිපති ජාලිය ඕපාත මහතා ට ලද  තොරතුරක් මත එය සොයා බැලීම සඳහා නගරාධිපතිවරයා සෞඛ්‍ය අංශ නිලධාරීන් මෙන්ම මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු ද එම ස්ථානයට පැමිණියහ.

    මෙම ගබඩාව සම්පූර්ණයෙන්ම වටකොට ඇතුළත නොපෙනෙන ආකාරයට ආවරණය කොට ප්‍රධාන ගේට්ටු ද වසා දමා තිබිණි. පසුව එහි සේවකයන් කැඳවා ගේට්ටු විවෘත කොට නගරාධිපතිවරයා ඇතුළු කණ්ඩායම මෙම ගබඩාවට ගොස් පරික්ෂා කිරීමේදී කාන්තාවන් කිහිප දෙනෙකු එහි ළුණු තෝරන ආකාරයත් විශාල විදුලි පංකා යොදාගෙන ලොකු ළුණු වියලන ආකාරයක් නිරීක්ෂණය විය.

    ඉන්දියාවේ සිට මෙරටට ගෙන්වා  තිබූ ළුණු තොගය දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ ආසන්නයේ පිහිටා ඇති අතරමැදි ‍ වෙළෙන්දෙකුට අයත් බව ප්‍රශ්න කිරීම්වලදී හෙළි වී තිබේ.

    ගබඩාව තුළ එක් පසෙක කිලෝ 5000 කට අධික ළුණු  ගෝනි   එහි කට  විවෘත කොට තිබෙණු දැක ඒවා  පරික්ෂා කිරීමේදී එහි පරිභෝජනයට සුදුසු සහ නුසුදුසු ළුණු ඇති බව නිරීක්ෂණය විය.

    නගරාධිපතිවරයා එහි සේවකයින් ගෙන්  එම ළුණු ගැන විමසීමේ දී ඔවුන් කියා සිටියේ ඒවා තෝරා අවසන් ඉවත් කිරීමට ගොඩ ගසා තිබෙන බවය. ඉතා පිළිවෙළකට ඇසුරුම් කොට තිබෙන නිසාත් එම ගෝනි ඇතුළත පරික්ෂා කර බැලීමේදී මිනිස් පරිභෝජනයට සුදුසු ළුණු පවතින නිසාත් නැවත නැවත සේවකයාගෙන් විමසීමේදී ඔහු කිවේ එම තොගයම මිනිස් පරිභෝජනයට නුසුදුසු බැවින් ඉවත් කිරීම් සඳහා  සූදානම් කොට ඇති ඒවා බවය.

    එම ප්‍රකාශය අදහා ගැනීමට පවා නොහැකි නිසා නගරාධිපති ජාලිය ඕපාත මහතා අවස්ථා කිහිපයක්ම පුනපුනා ඔහුගෙන් තොගය පිළිබඳව විමසීමේ දී නැවත නැවත ගබඩා සේවකයා කියා සිටියේ ඒවා  සියල්ල ඉවත් කිරීම්ට ඇති ළුණු බවය.

    පසුව නගරාධිපති ජාලිය ඕපාත මහතා නගර සභාවේ සෞඛ්‍ය අංශ නිලධාරීන්ට උපදෙස් ලබා දී කියා සිටියේ ළුණු තොග නගර සභාවේ වාහන යොදාගෙන කසළ  අංගනයට රැගෙන යෑමට අවශ්‍ය  පියවර ගන්නා ලෙසය.

    නැවතත් නගරාධිපති ජාලිය ඕපාත මහතා මේවා පරීක්ෂා කොට බැලීමෙන් අනතුරුව සඳහන් කළේ මෙවැනි සිද්ධියක් තම ධූර කාලයේ හෝ ජීවිතයේ අත්දැකීමක් නොමැති බවය.

    මේ දකින විට තමන්ට තනි ඇහැට ඇඩෙන බව පැවසු නගරාධිපතිවරයා මෙම ලොකු ළුණු බැලූ බැල්මට පරිභෝජනයට සුදුසු ඒවා බව පෙනෙන බවත් මෙවැනි ගබඩා තමන් මීට පෙර දැක නැති බවය.

    කෙසේ වෙතත් ආහාර අර්බුදයක් රටේ පවතින අවස්ථාවක මේ ආකාරයෙන් විදේශ රටවලින් ගෙන්වා ඇති ආහාර විනාශ කිරීම් අපරාධයක් බව ඔහු පෙන්වා දුන්නේය.

    මේ පිළිබඳව විමතිය පළ කරන බවද සඳහන් කරමින් නගරාධිපතිවරයා කියා සිටියේ  ව්‍යාපාරිකයා විසින් ඉවත් කිරීම්ට ඇති ඒවා නිසා නගර සභාවට රැගෙන ගොස්  මහජන  සෞඛ්‍ය නිලධාරීන්ට පෙන්වා වාර්තාවක් ලබාගෙන එහි මිනිස් පරිභෝජනයට සුදුසු ළුණු ඇත්නම් ඒවා අසරණ ජනතාවට බෙදා දීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසය.

    සටහන සහ ඡායාරූප – කාංචන කුමාර ආරියදාස

  • ලොව ප්‍රථම වරට ජාන වෙනස් කළ ඌරු හදවතක් මිනිසකුට බද්ධ කෙරේ

    ලොව ප්‍රථම වරට ජාන වෙනස් කළ ඌරු හදවතක් මිනිසකුට බද්ධ කෙරේ

    ජානමය වශයෙන් වෙනස් කරන ලද ඌරෙකුගේ හදවතක් බද්ධ කරනු ලැබූ ලොව ප්‍රථම පුද්ගලයා බවට එක්සත් ජනපද ජාතිකයෙකු පත්ව තිබේ. බල්ටිමෝර් නගරයේ දී, පැය හතක අත්හදා බැලීමේ ශල්‍යකර්මයකට බඳුන්වූ 57 හැවිරිදි ඩේවිඩ් බෙනට්, දින තුනක් ගතවූ පසුව ද හොඳ සෞඛ්‍ය මට්ටමක පසුවන බව වෛද්‍යවරු පවසති.

    බෙනට්ගේ ජීවිතය රැක ගැනීමේ අවසාන බලාපොරොත්තුව ලෙස මෙම බද්ධ කිරීම සිදුකෙරුණු නමුත්, එහි දිගුකාලීන බලපෑම කෙසේ වනු ඇති ද යන්න තවමත් පැහැදිලි නැත.

    “එක්කෝ බද්ධ කරගන්න වෙනවා, නැත්නම් මැරෙන්න වෙනවා,” ශල්‍යකර්මයට දිනකට පෙර බෙනට් පැවසීය.

    “මේක හරියන්න හෝ වරදින්න පුළුවන්. ඒත් මේක තමයි මගේ අන්තිම තුරුම්පුව,” ඔහු කියා සිටියේ ය.

    මෙම ක්‍රියා පටිපාටිය සිදු කිරීම සඳහා, එක්සත් ජනපද වෛද්‍ය නියාමකවරයා විසින් මේරිලන්ඩ් විශ්ව විද්‍යාල වෛද්‍ය පීඨයේ වෛද්‍යවරුන්ට විශේෂ අවසරයක් ලබා දෙන ලද්දේ, එසේ නොවුවහොත් බෙනට් මියයනු ඇති බැවිනි.

    ඔහු මිනිස් හෘදයක් ලැබීම සඳහා නුසුදුස්සෙකු ලෙස සැලකුණු අතර, රෝගියා ඉතා දුර්වල සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන විට වෛද්‍යවරුන් මෙවන් තීරණ ගනු ලබයි.

    බද්ධ කිරීම සිදු කළ වෛද්‍ය කණ්ඩායම වසර ගණනාවක් පුරාවට කළ පර්යේෂණවල අග්‍රඵලය සනිටුහන් කරන මෙම ශල්‍යකර්මය, ලොව පුරා ජීවිත රැසකට නව බලාපොරොත්තු ගෙන දෙන්නකි.

    මේරිලන්ඩ් විශ්ව විද්‍යාල වෛද්‍ය පීඨය නිකුත් කළ නිවේදනයක් හරහා ශල්‍ය වෛද්‍ය බාර්ට්ලි ග්‍රිෆිත් කියා සිටියේ මෙම සැත්කම ලෝකයේ, “අවයව හිඟතා අර්බුදය විසඳීමට ඉදිරි පියවරක් වනු ඇති” බව යි. එක්සත් ජනපදය තුළ දිනකට පුද්ගලයින් 17 දෙනෙකු අවයව බද්ධ කිරීම් බලාපොරොත්තුවෙන් සිට මියයන අතර, 100,000කට වැඩි පිරිසක් පොරොත්තු ලේඛනයේ සිටින බව වාර්තා වේ.

    විවිධ විශේෂවල ජීවීන් අතර අවයව හෝ පටක බද්ධ කිරීමේ ක්‍රියාවලිය හෙවත් ‘විශේෂාන්තර පටකබද්ධය’ හරහා, දැනට අවයව සඳහා ලොව ඇති ඉල්ලුම සපුරාලීමට මිනිසාට සත්ත්ව අවයව බද්ධ කිරීමේ හැකියාව සම්බන්ධයෙන් දිගු කලක් පර්යේෂණ කටයුතු සිදුවූ අතර, ඌරු හෘත් කපාට මිනිසුන්ට බද්ධ කිරීම දැනටමත් සිදු කෙරේ.

    2021 ඔක්තෝම්බර් මාසයේ දී නිව් යෝර්ක්හි ශල්‍ය වෛද්‍යවරුන් කණ්ඩායමක්, ඌරෙකුගේ වකුගඩුවක් මිනිසකුට සාර්ථකව බද්ධ කළ බව ප්‍රකාශ කළහ. එම සැත්කම මෙතෙක් ශල්‍ය වෛද්‍ය ක්ෂේත්‍රයේ කෙරුණු දියුණුම අත්හදා බැලීම විය.

    කෙසේ වෙතත්, එම අවස්ථාවේ දී අවයවය ලැබූ තැනැත්තා මොළය මියගොස් සිටි අයෙකු විය.

    surgeons performing the surgery
    මේරිලන්ඩ් හි බැල්ටිමෝර් නගරයේ දී සිදු කරන ලද සැත්කම නිම කිරීමට පැය හතකට වැඩි කාලයක් ගතවිය

    කෙසේ වෙතත්, බෙනට් බලාපොරොත්තු වන්නේ මෙම බද්ධ කිරීම ඔහුගේ ජීවිතය අඛණ්ඩව පවත්වාගෙන යාමට සහාය වනු ඇති බව යි. ශල්‍යකර්මයට පෙර සති හයක් ඔහු රෝගාතුරව සිටි අතර, මාරාන්තික හෘද රෝගයක් ඇති බව හඳුනාගැනීමෙන් පසු ඔහු ජීවත් වූයේ යන්ත්‍රයක ආධාරයෙනි.

    “මම බලාගෙන ඉන්නේ ලෙඩේ හොඳවෙලා, ඇඳෙන් බහින්න යි,” ඔහු පසුගිය සතියේ පැවසීය.

    වෛද්‍ය නිරීක්ෂණය යටතේ සිටි බෙනට් ඉකුත් සඳුදා තනිවම හුස්ම ගැනීමට පටන්ගත් බවට වාර්තා විය.

    නමුත් ඊළඟට කුමක් සිදුවේ ද යන්න නිශ්චිත නැත. AFP පුවත් සේවය වාර්තා කරන්නේ බෙනට්ගේ ශරීරය විසින් අවයවය ප්‍රතික්ෂේප කිරීමට හේතුවිය හැකි ජාන කිහිපයක් ඉවත් වන පරිදි අදාල ඌරා ජානමය වශයෙන් වෙනස්කම්වලට භාජනයකොට තිබූ බව යි.

    ශල්‍ය වෛද්‍ය ග්‍රිෆිත්, තම කණ්ඩායම බෙනට් ඉතා හොඳින් නිරීක්ෂණය කරනු ලබන බව ප්‍රකාශ කළ අතර, අවයවලාභී බෙනට්ගේ පුත්‍රයා වන කණිෂ්ඨ ඩේවිඩ් බෙනට් ඇසෝෂියේටඩ් ප්‍රෙස් පුවත් සේවය වෙත පැවසුවේ පවුලේ සාමාජිකයන් ඉදිරිය පිළිබඳ අවිනිශ්චිතතාවයෙන් පසුවන බව ය.

    “සැත්කමේ බරපතලකම වගේම වැදගත්කමත් එයා දන්නවා,” ඔහු වැඩි දුරටත් පැවසුවේ ය.

    “අපි මෙහෙම දෙයක් කවදාවත් මනුස්සයෙක් යොදාගෙන කරලා නැහැ. ප්‍රතිකාර දිගටම කරගෙන යනවාට වඩා හොඳ විකල්පයක් අපි ඔහුට දුන්නා කියලා හිතන්නයි මම කැමති,” ශල්‍ය වෛද්‍ය ග්‍රිෆිත් පැවසීය. “ඒත් ඔහු [ජීවත් වෙන්නේ] දවසක් ද සතියක් ද මාසයක් ද අවුරුද්දක් ද කියන්න නම් මම දන්නේ නැහැ.”

    bbc sandasa

  • කෘෂිකර්මාන්තය මේ වනවිට ඇත්තේ මරණ මංචකයේ

    කෘෂිකර්මාන්තය මේ වනවිට ඇත්තේ මරණ මංචකයේ

    මෙරට කෘෂිකර්මාන්තය මේ වනවිට ඇත්තේ මරණ මංචකයේ බව පසුගියදා (10) පොළොන්නරුව පුලතිසි බුද්ධි මණ්ඩපයේ පැවැති  ගොවි ජාතික සමුළුවේදී ගොවි නායකයෝ කියා සිටියහ. 

    දිවයිනේ ගොවි ව්‍යාපාර 26ක් පමණ නියෝජනය කරමින් ගොවි නියෝජිතයින් ඇතුළු ගොවි ජනතාව මෙම සමුළුවට සහභාගීවී සිටීම ඉමහත් සතුටට කරුණක් බව සමුළුව  ඇමතූ එහි සංවිධායකවරයෙකු වන පොළොන්නරුව පරාක්‍රම සමුද්‍රය මහ ගොවිජනපද ව්‍යාපාරයට අයත් අලුත්වැව නැඟෙනහිර ගොවිසංවිධානයේ සභාපති පී.කේ.ඩී.විජේරත්න මහතා පැවැසීය.

    මෙම සමුළුවට ඉදිරිපත් කෙරෙන ප්‍රධාන යෝජනා 07 වන්නේ,

    1. ආණ්ඩුව විසින් නිර්මාණය කළ පොහොර අර්බුදය හේතුවෙන් මෙවර මාස් කන්නයේ අඩුවන වී අස්වැන්නට සාධාරණ අයුරින් වන්දි ලබාදීම,
    2. ඉදිරි යල කන්නයේ සිට වී වගාවට සුදුසු ගුණාත්මක තත්වයේ පොහොර ගොවියාට ලබාදීම,
    3. වගා ණය සඳහා දැනට අයකරනු ලබන අධික පොලිය වෙනුවට සහන පොලියට ගොවියාට ණය ලබාදීම.
    4. කෘෂි උපකරණ ගෙන්වීමේදී දැනට පනවා ඇති බද්ද ඉවත් කරන ලෙස ඉල්ලීිම,
    5. කෘෂිකර්මාන්තය වෙනුවෙන් දැනට සිදු කෙරෙන සමාගම් මැදිහත්වීමෙන් තොරව රජය මැදිහත්වීම,
    6. කෘෂිකර්මයට අදාල තීරණ තීන්දු ගැනීම කෘෂි විද්‍යඥයින්,ගොවි නියෝජිතයින්ගෙන් සැදුම්ලත් ජාතික සභාවක් පිහිටුවීම.
    7. ගොවිතැනේදී භාවිත කෙරෙන භූගත ජලයට මීටර් සවිකිරීමට ගෙන ඇති කැබිනට් තීරණය හකුලා ගන්නා ලෙස රජයට බල කිරීම
  • මෛත්‍රී හෙළි කළ සුපිරි රහස සහ අනැවකිය

    මෛත්‍රී හෙළි කළ සුපිරි රහස සහ අනැවකිය

    ජනමත විචාරණයකින් ජනතා අනුමැතිය ලබාගෙන වත්මන් ආණ්ඩුවේ කාලය දීර්ඝ කිරීම කිසිවකුට සිතීම යථාර්ථවාදී නොවන බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.

    ආණ්ඩුව විවේචනය කරන සහ තම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රතිසංස්කරණය කිරීමේ ව්‍යායාමයක යෙදී සිටින හිටපු ජනපතිවරයා මීළඟ පාර්ලිමේන්තු මැතිවරණය ප්‍රථමයෙන් පැමිණෙනු ඇතැයි තමන් විශ්වාස කරන බව පැවසීය.

    “අපේ පක්ෂය රට පුරා සිටින අපගේ නියෝජිතයින් දැනුවත් කිරීමට පටන් ගෙන තිබෙනවා. ආණ්ඩුවේ පසුපෙළ අපව විවේචනය කරනවා. ඔවුන්ට ඡන්ද ලක්ෂ 69ක් ලැබුණේ ශ්‍රීලනිපයේ ක්‍රියාකාරී දායකත්වය නිසා බව ඔවුන් දන්නේ නැහැ. එය ඔවුන්ට අවබෝධ කර දීම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකයින්ගේ යුතුකමයි,”

    “රටම අවුල්. මේ ලෝකෙ දෙයක් දන්නේ නැති අය කියනවා මැතිනියගේ කාලේ වගේලු දැනුත් කන්න නෑ පෝලිම් කියලා. මම මැතිනියගේ කාලේ සතොසෙන් බඩු බෙදාහැරිය සැපයීම් නිලධාරියෙක්. මෙහෙම අහේනියක් තිබුණේ නෑ. මෙහෙම පෝලිම්වල කවුරුත් කුණුහරුප කිව්වේ නෑ. තනියෙන් රටක් කරන්න පුළුවන් කියලා හිතන්න එපා. හොඳ කණ්ඩායමක් ඉන්න ඕනේ. අවුරුදු 5ක් මම තනියම ආණ්ඩු කරපු කෙනෙක්. මං වෙනුවෙන් කතා කරන්න පාර්ලිමේන්තුවේ මන්ත්‍රිවරයෙක් හිටියේ නෑ. ආණ්ඩුවෙත් නෑ. විපක්ෂයෙත් නෑ. එහෙම අගමැති, ඇමති මණ්ඩලයක් නැතුවත් මම අද තියෙන අර්බුදයට රට දැම්මේ නෑ.

    2015ටත් වඩා අඩුවෙන් බඩු මිල තිබුණේ අපේ කාලේ. අමාරුවෙන් රුපියල් 2කින් තෙල් මිල වැඩි කළාම පොහොට්ටුවේ නායකයෝ බයිසිකල් පැද්දා. ඒ අතර දන්නවානේ පොල් බෑය, ලූනු ගෙඩිය පෙන්නලා අහපුවා. දැන් සනීපද.. සැපද.. ඇහුවා. දැන් රටම අසනීපයි. ජනාධිපති ඡන්දයට කලින් ශ්‍රීලනිපය ගැන පුදුම වටිනාකමක් තිබ්බේ. පොදු ජන පෙරමුණේ ඉහළම නායකයෝ මාව කී සැරයක් හමුවුණා ද. වන්, ටූ, ත්‍රී තුන්දෙනා වෙනවෙනම මාව හමුවුණා. ශ්‍රීලනිපය නැතිව දිනන්න බෑ කියපු අය ඡන්දෙන් පසු පළමු සතියේම සන්ධාන ගිවිසුම කඩකළා. ගිවිසුමේ කිසිම කාරණයක් අද වෙනකල් ඉටු කරලා නෑ. කරපිංචා වගේ අරගෙන විසි කෙරුවා. ජනාධිපති ඡන්දයක් ළඟදි එන්නේ නෑ. ජාතික මැතිවරණයකට එන්නේ පාර්ලිමේන්තු මැතිවරණය. සමහරු කියනවා ජනමත විචාරණයක් ගැන. ජනමත විචාරණ තියලා කල් දික් කරගන්න ලෑස්ති වෙන්න එපා. ඒක කවදාවත් කෙරෙන්නේ නැති වැඩක්”

    වංචාව, දූෂණය, පාදඩකම්, දූෂිත දේශපාලනය නිසා රට අර්බුදයකට ලක්වෙලා. නිදහසින් පසු මේ දක්වා කිසිම දූෂිත දේශපාලකයෙක් හිරේ ගියේ නැහැ. චීනය, සිංගප්පූරුව වැනි රටවල මාස තුනකට නොවැඩි කාලයක් තුළ නඩු අවසන් කර පොදු දේපළ සොරකම් කිරීමේ තත්ත්වය නොසලකා දඬුවම් ලබා දෙනවා.

    ශ්‍රී ලංකාවේ පිහිටුවා ඇති ආණ්ඩු දෙකක් හැර අනෙක් සියල්ල දේශපාලන සන්ධාන වන අතර රට නඟා සිටුවීමේ නව වැඩපිළිවෙළක් සමඟින් පිහිටුවන මීළඟ ආණ්ඩුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රධාන සන්ධානයක් ලෙස පත් කරන බවද ඔහු වැඩිදුරටත් පැවසීය.

    ශ්‍රීලනිප මාතර දිස්ත්‍රික් නායක හේමාල් ගුණසේකර මහතා ඇතුළු ශ්‍රීලනිප ආසන සංවිධායකවරු මෙම රැස්වීම සංවිධානය කළහ. එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් මහින්ද අමරවීර, ශ්‍රීලනිප ජාතික සංවිධායක දුමින්ද දිසානායක, ප්‍රචාරක ලේකම් ශාන්ත බණ්ඩාර, මහලේකම් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර, පාර්ලිමේන්තු මන්ත්‍රී ෂාන් විජයලාල් ද සිල්වා, හිටපු ප්‍රධාන අමාත්‍ය එච්.ජී.සිරිසේන, දෙවිනුවර ආසන සංවිධායක නිලංග හෙන්දාවිතාරණ යන මහත්වරු මෙම රැස්වීමට සහභාගි වූහ.

  • ආණ්ඩුවේ ජනප්‍රියත්වය ගැන ‘නාමල් කළ සුපිරි හෙළිදරව්ව‘

    ආණ්ඩුවේ ජනප්‍රියත්වය ගැන ‘නාමල් කළ සුපිරි හෙළිදරව්ව‘

    රසායනික පොහොර භාවිතය තහනම් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ගත් තීරණය ප්‍රබල තීරණයක් බවත් එහෙත් විෂය භාර නිලධාරීන් එය සාර්ථකව ක්‍රියාත්මක නොකළ බවත් ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසයි.

    ඩේලි මිරර් සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් නාමල් රාජපක්ෂ මහතා කියා සිටියේ 2019 ජනාධිපති ධුරයට පත් වූ වහාම රසායනික නොවන පොහොරවලට මාරුවීමට තීරණය කළ බව ජනාධිපති රාජපක්ෂ ප්‍රකාශ කළ නමුත් නිලධාරීන් ඒ සම්බන්ධයෙන් ඉදිරියට නොයෑම නිසා එය අසාර්ථක වූ බවයි.

    “රසායනික පොහොරවලට මාරුවීමේ ක්‍රියාවලියක් තිබෙන බව ඇත්ත. එය වසර 10ක් ව්‍යුහගත කළ යුතුව තිබුණත් අපි දන්නා පරිදි ජනාධිපතිතුමාගේ පැත්තෙන් ඒ විෂයට රාජ්‍ය ඇමැතිවරයෙක් පත් කළා. ඔහු පත්කර මාස හයක් ගතවී තිබෙනවා. විෂය අමාත්‍යවරයා ඇතුළු නිලධාරීන් මේ සම්බන්ධයෙන් කටයුතු කළේ නැහැ. අවසානයේ ජනාධිපතිවරයාට දැඩි තීරණයක් ගැනීමට සිදු වුණා. නායකයින් තම ජාතියේ අභිවෘද්ධිය සඳහා මෙය කළ යුතුයි” නාමල් රාජපක්ෂ මහතා පැවසීය.

    තවද, දැනට රට තුළ පවතින දැවෙන අර්බුද හමුවේ, රාජපක්ෂ පාලනයේ වත්මන් ජනප්‍රියත්වය අඩු වී ඇති බව පිළිගත් නාමල් රාජපක්ෂ මහතා මෙය තාවකාලික බවත්, මේ වසරේ ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමේ සැලසුම් ක්‍රියාත්මක වෙමින් පවතින බවත් ප්‍රකාශ කළේය.

  • විදුලිය කැපුවොත් ‘එය කරන හැටි‘ ලංවිම කියයි

    විදුලිය කැපුවොත් ‘එය කරන හැටි‘ ලංවිම කියයි

    විදුලි අර්බුදය හේතුවෙන් විදුලිය කප්පාදු කිරීමට සිදු වුවහොත් දිවයිනපුරා විදුලිය විසන්ධි කරන කාලසටහන ලංකා විදුලිබල මණ්ඩලය විසින් අද (10) පස්වරුවේ ලංවීම නිල වෙබ් අඩවියේ පළ කර තිබේ.

    එම වාර්තාවේ මෙසේ සදහන් වේ. පස්වරු 5.30 – 6.30 ත් අත පස්වරු 6.30 – 7.30 අතර පස්වරු 7.30 – 8.30ත් අතර සහ පස්වරු 8.30 – 9.30ත් අතර වශයෙන්  කලාප හතරට විදුලි කප්පාදු කරන අතර සතියේ සඳුදා සිට සෙනසුරාදා දක්වා දින හයේ රාත්‍රී කාලයේ විදුලිය පැයක පමණ කාලයක් කප්පාදු කිරීමට නියමිත අතර ඉරිදා දිනයේ විදුලිය කප්පාදු නොකරන බව ද එහි සඳහන් වේ.

  • ඖෂධ වර්ග 80ක පමණ හිගයක් ඇතිවීමේ අවදානමක්

    ඖෂධ වර්ග 80ක පමණ හිගයක් ඇතිවීමේ අවදානමක්

    2022 වර්ෂයට අදාල වාර්ෂික ඖෂධ ඇස්තමේන්තු වලට අදාල ඖෂධ මිල දී ගැනීම සදහා අවශ්‍ය ණයවර ලිපි නිකුත් නොකිරීම හේතුවෙන් ඖෂධ වර්ග 80ක් පමණ මිලදී ගැනීමට නොහැකිවන තත්වයක් ඇතිව තිබෙන බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවි කුමුදේශ් මහතා කියයි.

    මේ සම්බන්ධයෙන් වැඩි දුරටත් කරුණු පැහැදිලි කළ කුමුදේශ් මහතා,

    ‘ සාමාන්‍යයෙන් ඉදිරි වර්ෂය සඳහා ඖෂධ ඇස්තමේන්තු සකස් කරනු ලබන්නේ කලින් වසරේ ජනවාරි මාසයේ සිට වන අතර, නියමිත ටෙන්ඩර් පටිපාටිය අවසන් කර මිලදී ගැනීම ආරම්භ වන්නේ අගෝස්තු මාසයේ සිටය. ඒ සදහා තෝරාගත් සමාගම් සදහා ණයවර ලිපි නිකුත් කල පසු මාස හතරක පමණ කාලයක් ඖෂධ ගෙන්වීම සදහා වැයවන බැවින් ජනවාරි මාසය වනවිට ඖෂධ රට තුලට පැමිණීම, ගබඩා කිරීම සිදු වේ.

    නමුත් 2022 වර්ෂය සදහා අවශ්‍ය ණයවර ලිපි මේ වන තුරුත් නිකුත් වී නොමැතිවීම හේතුවෙන් අත්‍යාවශ්‍ය ඖෂධ ඇනවුම් කිරීමේ ක්‍රියාවලිය දැනටමත් මාස 4ක පමණ ප්‍රමාදයකට ලක්ව තිබේ. කොවිඩ් වසංගතය හේතුවෙන් අනපේක්ෂිත ලෙස අතිරික්ත වූ ඖෂධ නොවන්නට මේ වන විටත් රට තුල බරපතල ඖෂධ හිඟයක් ඇති වී තිබිය යුතු නමුත්, ඉදිරිය පිළිබද නිවැරදි කළමණාකරණයක් සිදු නොවුණහොත් තව මාසයකින් පමණ රට තුල උග්‍ර ඖෂධ හිගයක් ඇතිවීම නොවැලැක්විය හැකිය.

    සෞඛ්‍ය අමාත්‍යාංශය සහ රාජ්‍ය අමාත්‍යාංශය ඉදිරිපත් කරනු ලබන දත්ත හා සැලසුම් පිළිබදව විමසීමේදී, මෙම අර්බුධකාරී තත්වය පිළිබදව නිසි අවබෝධයකින් කරයුතු කරමින් සිටින්නේද යන්න පිළිබදව අවිස්වාසයක් පවතින් අතර, නිවැරදි සංඛ්‍යලේඛණ ඉදිරිපත් කිරීමට කිසියම් බියක් දක්වන්නේද යන්න පිළිබදව සැකයක් මතුවේ.

    අවම වශයෙන් ඩොලර් මිලියන 40ක පමණ මුදලක් අවශ්‍ය වන මෙම ගැටලුව විසදා ගැනීම සදහා රජය ලබාදීමට එකගව ඇති ඩොලර් මිලියන 5ක මුදල එක ඖෂධයකටත් ප්‍රමාණවත් නොවන තත්වයක් තිබියදී, එමගින් ගැටලුව විසදාගත හැකි බව ප්‍රකාශ කිරීමට තරම් රාජ්‍ය අමාත්‍යාංශය ඉක්මන් වී තිබීම පුදුමයට කරුණකි. කෙසේ නමුත් ඉදිරියේදී කල් ඉකුත් වූ වීමට නියමිත ශ්‍රී ලංකා සංවර්ධන මණ්ඩලයේ බොන්ඩ්ස් මඟින් ඉපයෙන ආදායම මගින් මෙම ණයවර ලිපි නිකුත් කල හැකි බවට, වන මුදල් අමාත්‍යාංශය පොරොන්දුව සෞඛ්‍ය අමාත්‍යවරයාගේ විශ්වාසයට ලක්ව තිබීම මඟින්ද  ගැටළුවේ සැබෑ ස්වරූපය මෙතෙක් හඳුනාගෙන නොමැති බව තේරුම් ගැනීමට ඇති හොඳ නිදසුනකි.

    එබැවින් මාස හතරකට පෙර සිදු කලයුතු සැලසුම් තව දුරටත් ප්‍රමාද නොකර, ගැටළුවේ යථා ස්වරූපය අවබෝධ කර ගනිමින්,  ඖෂධ හිඟියක් ඇතිවීම වැලක්වීම සදහා යථාර්ථවාදීව මැදිහත්වීම මේ මොහොතේ රජයේ ප්‍රමුඛ වගකීමකි.
    පිළිකා ඖෂධ, වකුගඩු රෝග, හදවත් රෝග, ළමා රෝග සදහා අවශ්‍ය ඖෂධ, ප්‍රතිජීවක ඖෂධ වැනි ඖෂධ වර්ග ගණනාවක් මේ යටතේ හිඟිවීමට නියමිතව ඇත.

  • විදුලි කප්පාදුව ගැන ජනපති සහ විදුලි ප්‍රධානීන් අතර තීරණාත්මක සාකච්ඡාවක්

    විදුලි කප්පාදුව ගැන ජනපති සහ විදුලි ප්‍රධානීන් අතර තීරණාත්මක සාකච්ඡාවක්

    ජන ජීවිතයට බාධාවක් නොවන අයුරින් විදුලි අර්බුදයට විසඳුම් සෙවීමට කටයුතු කළ යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කරයි.

    විදුලි කප්පාදුවක් පිළිබඳව පැනනැගී ඇති තත්ත්වය සම්බන්ධයෙන් විදුලිබල හා බලශක්ති ක්ෂේත්‍රයේ ප්‍රධානීන් සමග අද (10) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේ දී ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.

    ගල්අඟුරු සහ පොසිල ඉන්ධන භාවිතයෙන් විදුලි උත්පාදනයේ දී පැනනැගී ඇති ගැටලු කිහිපයක් හේතුවෙන් මෙම තත්ත්වය උද්ගතව ඇති බව නිලධාරීහු පෙන්වා දුන්හ.

    ශ්‍රී ලංකාව සතු ගල්අඟුරු සංචිත  විදුලි අර්බුදයකට ඉඩ නොදී කළමනාකරණය කරගැනීමට ප්‍රමාණවත් වේ. ඉන්ධන භාවිතයෙන් කෙරෙන විදුලි උත්පාදනය කළමනාකරණය කිරීමෙන් විදුලි කප්පාදුවකට යෑමෙන් වැළකිය හැකි බව ද නිලධාරීහු පවසති.

    පවතින තත්ත්වය කළමනාකරණය කරගනිමින් ජන ජීවිතය පවත්වා ගෙන යාමට සියලු පියවර ගෙන ඇතැයි ද විදුලිබල හා බලශක්ති අමාත්‍යවරු සඳහන් කළහ.

    අමාත්‍ය ගාමිණී ලොකුගේ, උදය ගම්මන්පිල, මහ බැංකුවේ අධිපති අජිත් නිවාඩ් කබ්රාල්, රාජ්‍ය අමාත්‍ය  දුමින්ද දිසානායක, ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර, මුදල් ලේකම් එස්.ආර්. ආටිගල යන මහත්වරු විදුලිබල, බලශක්ති අමාත්‍යාංශවල ලේකම්වරු සහ අදාළ රේඛීය ආයතනවල ප්‍රධානීහු මෙම අවස්ථාවට එක්ව සිටියහ

  • නිව්යෝර්ක් නිවාස සංකීර්ණයක ගින්නකින් පුද්ගලයින් 19 දෙනෙකු මරුට

    නිව්යෝර්ක් නිවාස සංකීර්ණයක ගින්නකින් පුද්ගලයින් 19 දෙනෙකු මරුට

    අමෙරිකාවේ නිව්යොර්ක් හි පිහිටි මහල් නිවාස ගොඩනැගිල්ලක ඇතිවු ගින්නකින් ළමුන් 09 දෙනෙකු ඇතුළු පුද්ගලයින් 19 දෙනෙකු මියගොස් තිබේ.

    ගින්නෙන් තවත් පුද්ගලයින් පනහකට ආසන්න පිරිසක් තුවාල ලබා ඇති බවත් ඉන් 13 දෙනෙකුගේ තත්වය බරපතළ බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මහල් 19කින් යුත් ගොඩනැගිල්ලක දෙවන සහ තෙවන මහල්වල එම ගින්න හටගෙන ඇති අතර සෑම මහලකටම දුමාරය පැතිරගොස් ඇති බවත් මිය ගිය බොහෝ පිරිසක් අධික දුම ආග්‍රාණය වීමෙන් මරණයට පත්ව ඇති බවත් පැවසේ.

    ගින්නට හේතුව විදුලි හීටරයක් බවට පොලිසිය සැක කරයි. මෙම ගොඩනැගිලි සංකීර්ණයේ අනතුරු ඇඟවීමේ සංඥ නිරතුරුව නාද වන බැවින් ගින්න හටගත් අවස්ථාවේදී නිකුත් වූ අනතුරු ඇඟවීමේ සංඥා කෙරෙහි අවධානය යොමුව නැතැයි පැවසේ. වසර 30කට පසුව අමෙරිකාවේ නිව්යෝර්ක් හි සිදුවු දරුණුතම අනතුර එය ලෙස සැළකේ.

  • ඉන්දීය ඩයස්පෝරාව ගැන ඉන්දීය විදේශ ඇමැති කළ හෙළිදරව්ව

    ඉන්දීය ඩයස්පෝරාව ගැන ඉන්දීය විදේශ ඇමැති කළ හෙළිදරව්ව

    ඩයස්පෝරාව සමඟ සම්බන්ධ වීම සඳහා පුළුල් සහ විකාශනය වන ප්‍රතිපත්ති රාමුවක් ඇති රටවල් කිහිපය අතර ඉන්දියාව ද සිටින බව ඉන්දීය විදේශ කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය වී මුරලිදන් ඉරිදා පැවසීය.

    ලොව පුරා සිටින ඉන්දීය ඩයස්පෝරාව සමඟ සදාකාලික සබඳතා ගොඩනඟා ගැනීම රජයේ ප්‍රමුඛතාවය බව ඔහු පැවසීය.

    ඔහු තවදුරටත් මෙසේ පැවසීය: “අගමැතිවරයාගේ නායකත්වය යටතේ, ඩයස්පෝරාව වෙත අපගේ ව්‍යාප්තිය, නව මානයන් ගෙන ඇති අතර, අපි ‘ගෝලීය ඉන්දියානු’ සංකල්පය වෙත ගමන් කරමින් සිටින ආකාරයෙන් පරිණාමය වී ඇත.”

    ඩයස්පෝරාව රට හා සම්බන්ධ කිරීම සම්බන්ධයෙන් ගෙන ඇති විවිධ මුලපිරීම් පිළිබඳව මුරලිදරන් අවධාරණය කළේය. මෙම සන්දර්භය තුළ, ඔහු ඉන්දියාවේ පර්යේෂණ සහ සංවර්ධන පරිසර පද්ධතියට ජාත්‍යන්තර මානයක් ගෙන ඒම සඳහා 2017 දී ප්‍රවාසි භාරතීය දිවාස් අතරතුර දියත් කරන ලද ‘වජ්රා පීඨ යෝජනා ක්‍රමය’ ගැන කතා කළේය.

    “එය අනේවාසික ඉන්දියානුවන් සහ ඉන්දියානු සම්භවයක් ඇති පුද්ගලයින්/ ඉන්දියාවේ එතෙර පුරවැසියන් ඇතුළු ජාත්‍යන්තර පීඨයේ / විද්‍යාඥයින් / තාක්‍ෂණවේදීන්ගේ ප්‍රවීණත්වය ඉහළ තරඟකාරී පර්යේෂණ සහ සංවර්ධන ක්ෂේත්‍රවල ඔවුන්ට ඉන්දියානු ආයතන / විශ්ව විද්‍යාලවල අතිරේක / පැමිණෙන පීඨ තනතුරු පිරිනමමින්” ඔහු පැවසීය.

    “අනේවාසික ඉන්දියානුවන් / න්දියානු සම්භවයක් ඇති පුද්ගලයින්/ ඉන්දියාවේ එතෙර පුරවැසියන් ජාතික පර්යේෂණ සහ සංවර්ධන වැඩසටහන් සඳහා සම්බන්ධ කර ගැනීම කෙරෙහි විශේෂ අවධානයක් යොමු කර ඇත. යනුවෙන් ඉන්දීය විදේශ කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

    තවත් ප්‍රධාන මුලපිරීමක් ලෙස ‘ප්‍රභාස්’ නම් කර ඇත: “ප්‍රවාසි භාරතීය ශාස්ත්‍රීය හා විද්‍යාත්මක සම්බන්ධතා – ඉන්දියානු ඩයස්පෝරාව මාතෘ භූමිය සමඟ ඒකාබද්ධ කිරීම” යනු ඉන්දියානුවන් ඇමතීමට ගෝලීය ඉන්දියානු විද්‍යාව සහ තාක්ෂණ ප්‍රජාව වෙත ගෙන ඒම සඳහා දත්ත සමුදායක් සහ අතථ්‍ය වේදිකාවක් සංවර්ධනය කිරීමේ මුලපිරීමකි. ඔහු කියා සිටියේය.

    “ප්‍රභාස්’ හි ප්‍රධාන අරමුණ වන්නේ ඉන්දියානු ඩයස්පෝරාවට ඉදිරියට එන ලෙස ආරාධනා කිරීම සහ දිරිමත් කිරීම සහ ඉන්දියානු ජනතාව මුහුණ දෙන අභියෝග විසඳීමට සහය වීමට ඉන්දියාව සමඟ අත්වැල් බැඳ ගැනීම හා එමඟින් සමාජයට විශාල බලපෑමක් ඇති කිරීමයි,” අමාත්‍යවරයා දැනුම් දුන්නේය.

    අගමැති නරේන්ද්‍ර මෝදි, 2020 ඔක්තෝම්බර් 2 වන දින ගාන්ධි ජයන්තියේදී විදේශීය සහ නේවාසික ඉන්දියානු පර්යේෂකයන් සහ විද්වතුන්ගේ ගෝලීය අතථ්‍ය සමුළුවක් වන වෛශ්වික් භාරතීය වෛඥානික (VAIBHAV) සමුළුව ආරම්භ කළේය.

    විදේශගත ඉන්දියානුවන් 2600 ක් පමණ අන්තර්ජාලය හරහා සමුළුව සඳහා ලියාපදිංචි වූහ. මෙම මසක් පුරා පැවති වෙබ්නාර් මාලාවට ඉන්දියාවෙන් සහ විදේශයන්හි සිට 3200 ක් පමණ පැනලිස්ට්වරුන් සහ 22,500 ක් පමණ විද්වතුන් සහ විද්‍යාඥයින් සහභාගී විය. මෙම සාකච්ඡා ජාතික ඉලක්ක සහ ඉන්දියාවේ පර්යේෂණවල ප්‍රමුඛතා සමඟ සමපාත වූ බව අමාත්‍යවරයා පැවසීය.

    ගෝලීය මට්ටමින් නවෝත්පාදන සහ නව තාක්‍ෂණයන්හිදී මෙන්ම ඉන්දියාවේ දේශීය ගැටලු සඳහා නව්‍ය විසඳුම් සැකසීමේදී ඉන්දීය ඩයස්පෝරා තරුණ තරුණියන් අත්‍යවශ්‍ය කාර්යභාරයක් ඉටු කරන බව ද ඔහු දැනුම් දුන්නේය.

    indianewsnetwork

  • ශ්‍රී ලංකාවේ දුම්රිය සේවාවට ඉන්දියානු ණය සහනය යටතේ දුම්රිය මැදිරි එක් වේ

    ශ්‍රී ලංකාවේ දුම්රිය සේවාවට ඉන්දියානු ණය සහනය යටතේ දුම්රිය මැදිරි එක් වේ

    ඉන්දීය-ශ්‍රී ලංකා සබඳතාවලට තවත් පරිච්ඡේදයක් එක් කරමින් ඉන්දියාණු ණය සහනය යටතේ ශ්‍රී ලංකාවට සපයන ලද වායු සමනය කළ ඩීසල් බහු ඒකකය (DMU) භාවිතයෙන් ශ්‍රී ලංකාව දුම්රිය සේවාවකට එක් කරන ලදී. මෙය ගල්කිස්සේ සිට කන්කසන්තුරය දක්වා දුම්රිය ධාවනයට යොදවන ලදී.

    ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය කියා සිටියේ උතුරු පළාතේ දියත් කරන ලද දුම්රිය සේවාව ශ්‍රී ලංකාව සමඟ ඉන්දියාවේ සංවර්ධන හවුල්කාරිත්වයේ ප්‍රධාන කුළුණු 2 ක් ඉස්මතු කරන බවයි.

    “ශ්‍රී ලංකා දුම්රිය යටිතල පහසුකම් ඉදිරියට බලගැන්වීම, උතුරු පළාතට අද දියත් කරන ලද දුම්රිය සේවාව # සමග ඉන්දියාවේ සංවර්ධන හවුල්කාරිත්වයේ ප්‍රධාන කුළුණු 2 ක් ඉස්මතු කරයි – යටිතල පහසුකම් සංවර්ධනය සහ රට පුරා අවධානය යොමු කරයි, ”එහි සඳහන් වේ.

    පසුගිය වසර 15 තුළ ඉන්දියාවේ අපනයන ආනයන බැංකුව විසින් ශ්‍රී ලංකාවට ණය සහන කිහිපයක් ලබා දී ඇති බව ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ වෙබ් අඩවිය පවසයි.

    ව්‍යාපෘතිය ක්‍රියාත්මක වෙමින් පවතින වැදගත් ක්ෂේත්‍ර, මෙම ණය සහනය යටතේ ඇතුළත් වන්නේ: දුම්රිය, ප්‍රවාහන, සම්බන්ධතා, ආරක්ෂක සහ සූර්ය බලශක්තිය,සඳහායි.

    නිම කරන ලද සමහර වැදගත් ව්‍යාපෘති නම්: ආරක්ෂක උපකරණ සැපයීම; කොළඹ සිට මාතර දක්වා දුම්රිය මාර්ගය වැඩිදියුණු කිරීම; ඕමන්ත-පලෙයි අංශයේ සීමාසහිත ඉන්දීය දුම්රිය ඉදිකිරීම් සමාගම විසින් මාර්ගය ඉදිකිරීම, මඩු පල්ලිය-තලෙයිමන්නාරම, මැදවච්චිය-මඩු දුම්රිය මාර්ගය සහ පලෙයි-කන්කසන්තුරේ දුම්රිය මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීම ආදීය වේ

    එයට සංඥා සහ විදුලි සංදේශ පද්ධතිය ද ඇතුළත් ය; බස් රථ, ඩීසල් දුම්රිය එන්ජින්, වායු සමනය කළ ඩීසල් බහු ඒකකය, වාහක සහ ඉන්ධන ටැංකි සඳහා එන්ජින් කට්ටල සැපයීම, වෙබ් අඩවිය සදහන් කරයි.

    මීට පෙර පසුගිය වසරේ මාර්තු සහ සැප්තැම්බර් මාසවලදී, රිට්ස් ලිමිටඩ් විසින් ඉන්දීය ණය සහනය හරහා ශ්‍රී ලංකා දුම්රිය සේවයට සැපයීමට දුම්රිය මැදිරි 160න් කොටසක් ලෙස නවීනතම දුම්රිය මගී මැදිරි 20ක් සපයා තිබුණි.

    මගී පුහුණුකරුවන්ට අමතරව, ඉන්දියාව, වායු සමනය කළ ඩීසල් බහු ඒකක හයක්, දුම්රිය එන්ජින් 10 ක්, බහාලුම් වාහක වැගන් 20 ක් සහ ඉන්ධන ටැංකි 30 ක් ශ්‍රී ලංකාවට සැපයීමට නියමිතය.

    indianewsnetwork

  • දිනකට පැය 2 1/2ක ‘විදුලිය කප්පාදුවක්‘ ගැන ඉගි

    දිනකට පැය 2 1/2ක ‘විදුලිය කප්පාදුවක්‘ ගැන ඉගි

    ඉදිරියේදී දිනකට පැය දෙකහමාරක පමණ විදුලි කප්පාදුවක් කිරීමට සිදුවනු ඇතැයි ලංකා විදුලිබල මණ්ඩලය විදුලිබල අමාත්‍යංශයට දැනුම් දී ඇතැයි ලංවිම ප්‍රකාශකයෙක්  කීය.

    දහවල් කාලයේදී පැය දෙකක පමණ කාලයක් සහ අධික විදුලිය ඉල්ලුමක් පවතින පස්වරු 6.00 ත් 9.00 ත් අතර කාලයේදී පැය බාගයක් පමණ කාලයකුත් ආදී වශයෙන් මෙම විදුලි කප්පාදුව කිරීමට සිදුවනු ඇතැයි ඔහු සදහන් කළේය.

    ඩොලර් හිගය සහ ණයවර ලිපි නිකුත් නොකිරීම නිසා ගල්අගුරු ආනයනයට බාධා පැමිණෙන බවද එසේ වුවහොත් නොරොච්චෝල බලාගාරයේ ජනන කටයුතු බිදවැටෙන බවද ඔහු කීවේය.

    මේ අතර දෛනිකව විදුලිය කප්පාදුවට මහජන උපයෝගීතා කොමිෂන් සභාව විසින් විදුලිබල මණ්ඩලයට අවසර ලබා දුන් බව එහි සභාපතිවරයා අද මාධ්‍ය හමුවේ ප්‍රකාශ කළේය.

  • 2021දී මත්පැන් බලපත්‍ර 150ක් දීලා

    2021දී මත්පැන් බලපත්‍ර 150ක් දීලා

    පසුගිය 2021 වසරේ මත්පැන් බලපත්‍ර 150ක් නිකුත් කර ඇති අතර ඉන් බලපත්‍ර 81ක් සංචාරක මණ්ඩලයේ අනුමත හෝටල් සහ ආපනශාලා සඳහා නිකුත් කර ඇති බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි. එමෙන්ම සුපිරි වෙළඳසැල් සඳහා බලපත්‍ර 69ක් නිකුත් කර තිබේ. කෙසේ වෙතත්, සුරාබදු දෙපාර්තමේන්තුව පැවසුවේ 2015 වසරේ සිට නගරවල සාමාන්‍ය මත්පැන් අලෙවිසැල් සඳහා එකදු බලපත්‍රයක් හෝ නිකුත් කර නොමැති බවයි.

  • දිනපතා විදුලිය කපන්න ලංවිමට අවසර

    දිනපතා විදුලිය කපන්න ලංවිමට අවසර

    දිනපතා විදුලිය කප්පාදුවක් කිරීමට ලංවීමට අවසර දුන් බව ශ්‍රීලංකා මහජන අපයෝගීතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක මහතා පවසයි.

    නොරොච්චෝල බලාගාරයේ ජනක යන්ත්‍රයක් නඩත්තුව සඳහා නතර කිරීම සහ කැලණිතිස්ස බලාගාරය ක්‍රියාවිරහිතවීම ආදී කරුණු සලකා ලබා මෙම අවසර ලබාදුන් බවයි රත්නායක මහතා පැවසුවේ.

    විදුලිය කප්පාදු කිරීමට නම් ලංවීම මහජන උපයෝගීතා කොමිෂන් සභාවෙන් අනිවාර්යෙන්ම අවසර ලබගත යුතු බව ද මහජන උපයෝගීතා කොමිෂමේ සභාපතිවරයා පැවසුවේය.

  • දඹුල්ල ආර්ථිකේ ‘ගොවියා ගසා කන්නේ මෙහෙමයි‘

    දඹුල්ල ආර්ථිකේ ‘ගොවියා ගසා කන්නේ මෙහෙමයි‘

    දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට දිවයිනේ විවිධ පළාත් වලින් එළවළු තොග විශාල වශයෙන් ලැබී තිබුණ ද පැයෙන් පැය විනාඩියෙන් විනාඩිය  මිල වෙනස් කොට අලෙවි කිරීම් සිදුවන බව ආර්ථර්ථික මධ්‍යස්ථානයට එළවළු මිලදී ගැනීමට පැමිණෙන වෙළෙන්දෝ පවසති.

    අතරමැදි වෙළඳ කණ්ඩායම් ඉතා සන්විධාත්මකව හිසඑසවීම නිසා එළවළු මිලෙහි අඩුවීමේ  වාසිය මෙතෙක් පාරිභෝගික ජනතාවට ලබා ගැනීමට නොහැකි තත්ත්වයකට පත්ව ඇතැයි ඔවුහු වැඩිදුරටත් පෙන්වා දෙති.

    ඇතැම් කණ්ඩායම් සහ වෙළඳසැල් ගොවීන්ගේ එළවළු ගොවියා සමඟ සාකච්ඡා කොට සාධාරණ මිලකට අලෙවි කිරීම ආර්ථික මධ්‍යස්ථානයේ සිදුවෙද්දී ගොවීන් රැගෙන එන එළවළු අතරමැදි කණ්ඩායම් ලවා ගොවීන්ගෙන් මිලදී ගෙන ආර්ථික මධ්‍යස්ථානයේ වෙනත් වෙළඳස සැල්වල සහ එළියේ  තබාගෙන ඒවා කොටස් කොට නැවත නැවත අවස්ථා කීපයකදීම අලෙවි කිරීම නිසා මේ ආකාරයෙන් මිල ඉහළ යන බව මිලදී ගැනීම් සඳහා එන වෙළෙඳුන් වැඩිදුරටත් පෙන්වා දෙති.

    එමෙන්ම  ගොවීන්ගෙන් එළවළු ලබාගෙන අලෙවි කිරීම් සඳහා ආර්ථික මධ්‍යස්ථානට පැමිණෙන අතරමැදි කණ්ඩායම් ද මිලදී ගන්නා අයට එක මිලක් එමෙන්ම ජනමාධ්‍යවේදීන් විමසීමේදී තවත් මිලක් සහ අලෙවි කිරීමේ දී තවත් මිලක් නියම කරති. මෙම හේතුව නිසා එළවළු මිල යම් මට්ටමකින් ස්ථාවරව පවත්වාගෙන යෑම සඳහා ඔවුහු මෙම උපක්‍රමශීලී ක්‍රමවේදය උපයෝගී කරන බව ද ඔවුහු වැඩිදුරටත් පෙන්වා දෙති.

    මේ සම්බන්ධයෙන් අප කළ විමසීමේදී එම අතරමැදි කණ්ඩායම් කියා සිටියේ දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට ආවේණික අතරමැදි වෙළඳ කණ්ඩායම් නිසා ආර්ථික මධ්‍යස්ථානයේ මිල ඉහළ යෑම සිදුව ගොවියාට සාධාරණයක් සිදුවන බවයි.

    කෙසේ වෙතත් තමන් සහ වෙළෙන්දන් අතර උණුසුම් තත්වයත්වයන්ද විටින් විට ඇතිවෙන බව ඔවුහු පවසති. එවැනි උණුසුම් වූ අවස්ථාවක් අද (09) දීන උදෑසන ද අපට දැක ගැනීමට හැකි විය.

    එළවළු තොග ලබාගෙන සිල්ලරට අලෙවිකරණ වෙළෙන්දෙකු කියා සිටියේ ආර්ථික මධ්‍යස්ථානය තුළ අතරමැදි වෙළඳ කණ්ඩායම් ක්‍රියාත්මක වීම නිසා මෙම බරපතළ තත්ත්වය උදාවී තිබෙන බවය.

    එම කණ්ඩායම “නාඩි “කණ්ඩායම නමින් හදුන්වන බව කියති.

    එමෙන්ම කාබනික පොහොර යොදා ගෙන එලවළු වගා කිරීමට හැකි බවත් එක්තරා දේශපාලන පක්ෂයක නියෝජිතයන් ඉතා සූක්ෂම ලෙස ගොවිපළ වලටත් වෙළඳපළටත් රිංගා  ආරවුලක් ඇති කරන බව ද ඔවුන්   පෙන්වා දීම විශේෂත්වයකි.

    ඇතැම්   අතරමැදි වෙළඳ කණ්ඩායම්  දේශපාලනඥයන්ගේ අවශ්‍යතා ඉටු කරමින් මිල උස් පහත් කිරීමෙන් ගොවියා කුපිත කිරීම් ආදී  සිදුකරන බවට ද මෙම  ව්‍යාපාරිකයා දැඩිව චෝදනා කරන්නට විය‍.

    මෙම අතරමැදි වෙළඳුන් සහ මැහි වෙළඳුන් අතර උණුසුම් තත්ත්වයක් ද ආර්ථික මධ්‍යස්ථානය තුළ දී දැක ගැනීමට හැකිවිය. ආර්ථික මධ්‍යස්ථාන වෙළෙඳ සංගමයේ කාරක සභාවේ සිටින  ව්‍යාපාරිකයන්යෙකු වූ සි. එස්. සිරිවර්ධන මහතාගෙන් අප මෙම ගැටළුව පිළිබඳව විමසීමේදී ඔහු කියා සිටියේ වෙළඳපළ හැසිරීම් ඉල්ලීම් සහ සැපයුම් අනුව සිදුවන බවය. කෙසේ වෙතත් අතරමැදි  කණ්ඩායම් සෑම වෙළදපළකම සිටින බවද ඒ මහතා සඳහන් කළේය.

    කෙසේ වෙතත් රජයේ ගිවිසුම් ප්‍රකාරව ආර්ථික මධ්‍යස්ථානය තුළ සිටිය හැක්කේ අතරමැදියන් ගෙන් තොරව ගොවියාට නිසි සාධාරණ මිලක් ලබාදීම සඳහා නොවේ දැයි අප ප්‍රශ්න කිරීමේ දී හෙතෙම සඳහන් කළේ මේ වන විට ආර්ථික  මධ්‍යස්ථානය තුළ එවැන්නක් ක්‍රියාත්මක නොවන බවය.

    දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය තුළ අද දින එළවලළු මිල යම් මට්ටමකින් ඉහළ ගොස් පැවති අතර පෙර දින එළවළු අලෙවි නොවීම නිසා එම පාඩුව මෙදින අල්ලා අලෙවි කිරීමට සිදුවන කරන බව මෙම අතරමැදි වෙළෙන්දෝ පවසති.

    ආර්ථික මධ්‍යස්ථානය වෙළඳ සංගමය හෝ ව්‍යාපාරික ප්‍රජාව නියෝජනයක්  කළමණාකරන භාරයේ  කණ්ඩායම් වෙළඳපොළේ නිතර සිටීම අතරමැදි වෙනත් කණ්ඩායමක් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ වෙළෙඳපොළ හසුරවීමට හේතු වී තිබේ .

    සටහන සහ ඡායාරූප – කාංචන කුමාර ආරියදාස – දඹුල්ල