“බෙල්ලන්විල රජ මහා විහාරයේ විහාරාධිපති විසින් ඉල්ලීමක් කරලා තිබුණා, මේ ප්‍රදේශයේ පෙරහැර කාලයට පමණක් තාවකාලික විදුලි ආලෝකකරණයක් නැතිව ස්ථිරසාර වැඩපිළිවෙලක් කරන්න කියලා. ඒ ඉල්ලීම ලංවිම සමඟ එක් වී අපි මාස 2කට කලින් සිදු කළා. මේ අද දකින්න තියෙන්නේ එහි ප්‍රතිඵලය තමයි. ” යැයි විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා අවධාරණය කරයි.
අමාත්‍යවරයා මේ බව සදහන් කළේ, ඊයේ (22) බෙල්ලන්විල රජ මහා විහාරයේ පැවති වාර්ෂික පෙරහැර මංගල්‍යයට සහභාගී වෙමිනි.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍ය කරුණානායක මහතා,
අපි පළාත් සභා මැතිවරණයට කලින් ජනාධිපතිවරණය පවත්වනවා. අපේක්ෂකත්වය පිළිබඳ යම් යම් අයට ප්‍රශ්ණ තිබුණත් අපිට ප්‍රශ්ණයක් නැහැ. අපි හරි වේලාවට ජයග්‍රහණයට සුදුසු පුද්ගලයෙක් පත් කරනවා. අපි ගියවර ඉදිරිපත් කළ මැතිවරණ ප්‍රකාශයෙන් 99%ක් ඉවර කරලා තියෙනවා. අපිට කරන්න බැරි වුණේ විධායක ජනාධිපතිවරණය අහෝසි කරන එක විතරයි.
මාධ්‍ය විසින් ‘ජනතාව ඔබලාගේ කර්තව්‍යයන් පිළිබඳ තෘප්තිමත් නැතැයි‘ යනුවෙන් විමසු අවස්ථාවේදී,
ඒ ඔබ මාධ්‍ය විසින් ප්‍රකාශ කරන විදියට තමයි. ඔබලා ඒ කාලේ වැරදි කළොත් සුදු වෑන් වලින් ගෙනියනවා. ජීවතුන් අතරත් නැහැ. දැන් ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය දීලා තියෙන නිසා වෙලා තියෙන දේ හරියට පෙන්නනනේ නැහැ. “යැයි අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.