කලාකරුවකු විසින් පළමුවරට තම ජාත්‍යන්තර නිර්මාණයක් දේශපාලඥයෙකු වෙනුවෙන් ප්‍රතිනිර්මාණය කරයි (Video)

කලාකරුවකු විසින් පළමුවරට තම ජාත්‍යන්තර නිර්මාණයක් දේශපාලඥයෙකු වෙනුවෙන් ප්‍රතිනිර්මාණය කරයි (Video)
Spread the love

ප්‍රතිභා පූර්ණ කලාකරුවෙකුට, සංගීතඥයෙකුට ඔහුගේ නිර්මාණ තරම් තවත් වටිනා දෙයක් නොමැති බව අපි හොඳින්ම දනිමු. එසේම ජනතාව විසින් අතිශය ආදරයෙන් වැළඳගත්, ජාත්‍යන්තර භාවපූර්ණ නිර්මාණයක් සම්බන්ධයෙන් ඇති වටිනාකම අප ඔබට අමුතුවෙන් කිව යුතු නොවේ.

රවී රොයිස්ටර් නම් ඒ අද්විතීය කලාකරුවාගේ “හමාර බණවර” නම් හදවත් සසල කරන අතිශය සංවේදී නිර්මාණය දෙස් විදෙස් ලොකු කුඩා සංගීතයට ඇනුම් කරන නොකරන්න බොහෝ දෙනා අතිශය ආදරයෙන් වැලදගත් නිර්මාණයක් බව සැවොම දනිමු. එවැනි ජාත්‍යන්තර තලයේ නිර්මාණයක් දේශපාලනඥයකුගේ අවසන් කැමැත්තක් වෙනුවෙන් වෙනස් කිරීම සිතාගන්නටවත් බැරි තරම් අපූර්ව දෙයකි.

එහෙත් ම එවැනි සිතා ගන්නට බැරි තරම් දෙයක් රවී රොයිස්ටර් නම් කලාකරුවා විසින් සිදු කරන්නට ඇත්තේ පාලිත තෙවරප්පෙරුම නම් මේ මහපොළොවේ මහජනතාව සමඟ ින් පොළොවේ පය ගසා ජීවත් වූ හොරකු නොවූ මානව හිතවාදී දේශපාලන මිනිසකු නිසා වන්නට ඇත. රවී රොයිස්ටර් නම් කලාකරුවනි, ඒ ජනතාවාදී මිනිසාගේ අවසන් කැමැත්ත වූ ඒ අහිංසක සංවේදී ම ඉල්ලීම ඉටු කිරීම වෙනුවෙන් අප ඔබට කෘතඥ වෙමු..!

Post Comment