ඩිලන්ත මාලගමුව අනතුරකට ලක්වෙයි

ඩිලන්ත මාලගමුව කියන්නේ ලංකාවේ නාමය ලෝකය ඉදිරියේ බබලවන කවුරුත් ආදරය කරන කෙනෙක්.ඩිලන්තට හැමෝම ආදරය කරන්නේ ඔහුගේ දක්ෂකම්වලට විතරක්ම නෙවෙයි. ඔහුට තියෙන නිහතමානී ගුණයට. කෙසේවෙතත් ඩිලන්ත එංගලන්තයේ තරඟයකට සහභාගී වී සිටින අතරතුර නොසිතූ අනතුරකට ලක්වෙලා තියෙනවා.ඒ එංගලන්තයේ lamborghini Super Trofeo 2018…
ඒකාබද්ධ විපක්ෂ අද කථානායකගෙන් විශේෂ විවාදයක් ඉල්ලයි

පවතින ආපදා තත්ත්වය පිළිබඳව සහ ජීවන වියදම ඉහළ යාම සම්බන්ධයෙන් අද(22) දිනයේ පාර්ලිමේන්තුවේ විශේෂ විවාදයක් පවත්වන ලෙස ඒකාබද්ධ විපක්ෂය කථානායකවරයාගෙන් ඉල්ලීමක් කර ඇත. ඊයේ(21) කථානායකවරයාගෙන් ලිඛිතව අදාළ ඉල්ලීම සිදුකළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා සඳහන් කළ අතර අද පස්වරුවේ පාර්ලිමේන්තුව…
යෝජිත බස් ගාස්තු සංශෝධනය අද කැබිනෙට්ටුවට

යෝජිත බස් ගාස්තු සංශෝධනය අද(22) දිනයේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.ඉන්ධන මිල ඉහළ දැමීමත් සමඟ සියයට හයයි දශම පහක බස් ගාස්තු වැඩිවීමක් ලබාදීමට පසුගියදා කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබා දී තිබූ නමුත් අදාළ බස් ගාස්තු වැඩි වීම ප්‍රමාණවත් නොවන බව පවසමින්…
ඩෙංගු රකුසා නැවතත් හිස ඔසවයි

දිවයින පුරා ඩෙංගු රෝගීන් 18586 ක් මේ වන විට වාර්තා වී ඇති අතර නිරිත දිග මෝසම් සක්‍රිය වීමත් සමග ඩෙංගු මදුරු ග්‍රහණය ඉහළ යා හැකි බැවින් මහජනතාව ඒ පිළිබඳ විශේෂ අවධානයක් යොමු කළ යුතු බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.…
දකුණේ හඳුනා නොගත් උණෙන් 600ක් රෝහල්වල 13ක් මරුට

දකුණු පළාතේ පැතිර යන වෛරසයට ගොදුරු වූ රෝගීන් 600 දෙනෙකු මේ වන විට පළාත් රෝහල්වල ප්‍රතිකාර ලබන බව දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය සඳහන් කරයි. ඒ අනුව ගාල්ල කරාපිටිය, මාතර මහ රෝහල, ඇල්පිටිය, කඹුරුපිටිය, තංගල්ල සහ වලස්මුල්ල යන රෝහල්වලින්…
නිල්වලා, ගිං, කළු, කැලණි යන ප්‍රධාන ගංඟා සහ අත්තනගලුඔය සහ මාඔය පිටාර ගලන බැවින් ඒ අවට ජනයාට අවධානයෙන් සිටින ලෙස දැණුම් දෙයි

පවතින අධික වර්ෂාපතනය හමුවේ ප්‍රධාන ගංඟා වල ජල මට්ටම් ඇතැම් ස්ථාන වල ගංවතුර මට්ටමට ළඟා වී ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි. නිල්වලා, ගිං, කළු, කැලණි යන ප්‍රධාන ගංඟා සහ අත්තනගලුඔය සහ මාඔය  ස්ථාන කිහිපයකින් පිටාර ගොස් ඇති බව ඔවුන් පෙන්වා…
“බිග් බෑඩ් වුල්ෆ්” පොත් ප්‍රදර්ශනය ජුනි 28දා සිට

ශ්‍රී ලංකිකයන් අතර අතිජනප්‍රියත්වයට පත්වූ “බිග් බෑඩ් වුල්ෆ්” ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය පැවැත්වෙන දිනය මේ වන විට නිවේදනය කර තිබේ. “බිග් බෑඩ් වුල්ෆ්” නිල ෆේස්බුක් පිටුවේ දැක්වෙන පරිදි මෙම ප්‍රදර්ශනය ජුනි 28 දා සිට ආරම්භ වීමට නියමිතය.
සතොස තොග ගබඩාවක් තුළින් මිනිස් ඇටසැකිළි

මන්නාරමේ සතොස තොග ගබඩාවේ ස්ථානයකින් පසුගිය 16 වැනිදා මිනිස් ඇටසැකිළිවල කොටස් කීපයක් හමුවීමෙන් පසුව පොලීසිය කළ කැණීම්වලදී තවත් ඇටසැකිළි කොටස් හමුවීම නිසා මන්නාරමේ සතොස තොග ගබඩාව තුළ සමූහ මිනීවළක් ඇති බවට ආරක්ෂක අංශවලට සැකයක් පහල වී ඇත. මේ පිළිබඳව මන්නාරම දිසා…
මිලේච්ඡ කොටි ත්‍රස්තවාදීන් පරදවා අදට වසර 9යි

රටේ සැබෑ නිදහස සුරක්ෂිත කරමින් වීරෝදාර රණවිරුවන් කුරිරු එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය පරදවා වසර 09 ක් අද(18) දිනට  සපිරෙන බැවින් ජාතික රණවිරු අනුස්මරණ දින සැමරුම් උත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට පාර්ලිමේන්තු ක්‍රීඩාංගනයේ රණවිරු ස්මාරකය අභියසදී කටයුතු සූදානම් කොට ඇත. ඊට සමගාමීව…
කෝට්ටේ නාගරික මන්ත්‍රී නීතිවේදී විරාජ් වික්‍රමනායක අනතුරකට ලක්වේ

නීතිවේදියෙකු සහ කෝට්ටේ නාගරික මන්ත්‍රීවරයෙකු වන විරාජ් වික්‍රමනායක අනතුරකට ලක්ව ඇත. ඔහු පැමිණි කාර් රථය මංසන්දියකදී ලොරියක ගැටී ඇති අතර ජනප්‍රිය ව්‍යාපාරිකයෙකු ද වන ඔහු Mr කොත්තු සහ Colombo fresh fruits pvt ltd යන ආයතනවල හිමිකරුවා ද වේ. මෙම අනතුර…
අනුරුද්ධ පොල්ගම්පොල අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට

උතුරු දුම්රිය මාර්ගය ඉදිකිරීමේදී රුපියල් මිලියන 8ක වංචාවක් සිදුකිරීම සම්බන්ධයෙන් රාජ්‍ය දැව සංස්ථාවේ හිටපු සභාපති අනුරුද්ධ පොල්ගම්පොල අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන තිබේ. අනුරුද්ධ පොල්ගම්පොලව රාජ්‍ය දැව සංස්ථාවේ සභාපති ලෙස පත්කිරීමෙන් අනතුරුව එම පත්කිරීමට දැඩි ලෙස විවේචන එල්ලවීමෙන් පසුව දින කිහිපයක්…
පරාජය දරාගන්න බැරිවුන කින්ග්ස්වුඩ්ලා ඉසිපතනෙට ගුටි දෙයි

කොළඹ ඉසිපතන විද්‍යාලය හා මහනුවර කිංග්ස්වුඩ් කණ්ඩායම් අතර ඊයේ මහනුවර පැවති රගර් තරගයේදී මහනුවර කිංග්ස්වුඩ් කණ්ඩායමට සහය පල කිරීමට පැමිණි ප්‍රේක්ෂකයන්ගෙන් දැක ගත හැකි වුයේ ප්‍රචණ්ඩකාරී හැසිරීමක්. තරගය අවසානයේදී ඔවුන් ඉසිපතන ප්‍රේක්ෂකයන් වෙත පහර දීමක් සිදු කල අතර ඉසිපතන ක්‍රීඩකයින්ගේ දෙමව්පියන්,…
රනිල් එලවන්න කැසිනෝ රවී එක්ක සජිත් දාන අලුත් ඩීල් එක ඩබල් බ්ලැක් එකක් නිසා එළිවෙයි

ඊයේ (13) රාත්‍රියේ එජාප ප්‍රභල ඇමති වරු දෙදෙනෙක් සහ මෛත්‍රී වරුන් 4 දෙනෙක් සමග සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙන් රහසිගත හමුවක් තිබී ඇත.අගමැති රනිල් වික්‍රමසිංහව එම තනතුරින් පහ කිරීමටත් එජාප පක්ෂ නායකත්වය සජිත්ට ලබා ගැනීමේ ඊලඟ කුමන්ත්‍රනය මෙසේ ඇරඹුන බව මෙම කුමන්ත්‍රනය…
ශ්‍රීමත් ජෝන් කොතලාවල මහතාගේ අන්තිම කැමති පත‍්‍රය කුණු කූඩෙට දාල

පසුගිය සිකුරාදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ ජෝන් කොතලාවල ජාතික ආරක්ෂක විශ්වවිද්‍යාල ගැසට් පත‍්‍රය මේ රටේ නිදහස් අධ්‍යාපනය වැනසීම සඳහා 1981 ඉදිරිපත් කළ ධවල පත්‍රිකාවට වඩා දරුණු එකක් බව අවධානය කරන බව ජනතා විමුක්ති පෙරමුණේ ජාතික සංවිධායක බිමල් රත්නායක මහතා ඊයේ(13) පැවති…
බස් ගාස්තු සංශෝධන විද්වත් කමිටුව අද රැස්වෙයි

ඉන්ධන මිල ඉහළ යාමට සාපේක්ෂව කොපමන සංඛ්‍යාවකින් බස් ගාස්තු ඉහළ නැංවිය යුතු ද යන්න සාකච්ඡා කිරීම සඳහා බස් ගාස්තු සංශෝධනය සඳහා වූ විද්වත් කමිටුව අද දිනයේ රැස්වන බව ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය අශෝක අබේසිංහ මහතා පවසයි. බස් ගාස්තු සංශෝධනය සඳහා එම කමිටුව…
අපේක්ෂා රෝහලේ හා ජාතික රෝහලේ පෙට් ස්කෑනර් දෙකෙන්ම වැඩක් ගන්නෙ නෑ

අතිවිශාල මුදලක් වැය කරමින් මහරගම අපේක්ෂා රෝහල වෙත ලබා දී ඇති පෙට් ස්කෑන් යන්ත්‍රය සඳහා අවශ්‍ය විශේෂ රසායනික වර්ණක ආනයනය කර රෝහල් වෙත ලබා නොදීම හේතුවෙන් රෝගීන් වෙනුවෙන් භාවිතයට ගැනීමට නොහැකි වී ඇති බව වාර්තා වේ. කොළඹ ජාතික රෝහල වෙතද මීට…