Tag: breaking post

  • ෆේස්බුක් තහනම් කරයි

    ෆේස්බුක් තහනම් කරයි

    ව්‍යාජ ගිණුම්, අසභ්‍ය ජයාරූප සහ ව්‍යාජ පුවත් පලකරන පුද්ගලයින් හදුනා ගැනීම සදහා වන ක්‍රමවේදයක් ඇති කිරීම උදෙසා ලොව ප්‍රකට “ෆේස්බුක්” සමාජ ජාල වෙබ් අඩවිය මාසයක කාලයක් සදහා තහනම් කිරීමට පැපුවා නිව් ගිනීයානු රාජ්‍ය තීරණය කර ඇත.දිනෙන් දින ඉහල යන මෙවැනි සිදුවීම් වහාම පාලනය කල යුතු බවට එරට ජනමාධ්‍ය අමාත්‍ය සෑම් බැසිල් මාධ්‍යවේදීන් වෙත සිය නව තීරණය දැනුම් දෙමින් කියා සිටි බවයි විදෙස් මාධ්‍ය සදහන් කරයි.

    පැපුවා නිව් ගිනියාවේ දැනට අන්තර්ජාල පහසුකම් ඇත්තේ එරට ජනගහනයෙන් 10% කට පමණක් වුවත් ඉදිරියේදී එය තවත් වැඩිවිය හැකි බැවින් අන්තර්ජාලය හරහා අසභ්‍ය දර්ශන හුවමාරුවීම්, අසත්‍ය ප්‍රවෘත්ති පැතිරීම වැළැක්වීම ආදිය පිලිබදව එරට රජය දැන් සිටම පියවර ගනිමින් සිටින අතර 2016 වසරේදී හදුන්වා දුන් සයිබර් අපරාධ නිතිය යටතේ එම නීති කඩකළ පුද්ගලයින් කවුරුන්ද යන්න ගැන මෙම මාසය තුලදී තොරතුරු සොයා බලා එම වැරදිකරුවන්ට එරෙහිව නිතිය ක්‍රියාත්මක කිරීමට පැපුවා නිව් ගිනීයා රජය පියවර ගෙන ඇත.

    එමෙන්ම ඉදිරියේදී පැපුවා නිව් ගිනීයා වැසියන්ට සිය අන්තර්ජාල ක්‍රියාකාරකම් පහසුකම් ඇති කරවීම සදහා ඔවුන්ගේම සමාජ මාධ්‍ය ජාලා වෙබ් අඩවියක් ඇති කිරීම සදහා තම රජයේ අවධානය යොමු වී ඇති බවටද මෙහිදී ජනමාධ්‍ය අමාත්‍ය සෑම් බැසිල් වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.

  • මහින්දගේ ප්‍රධානත්වයෙන් ඒකාබද්ධයේ විශේෂ හමුවක් හෙට

    මහින්දගේ ප්‍රධානත්වයෙන් ඒකාබද්ධයේ විශේෂ හමුවක් හෙට

    ආණ්ඩුවෙන් ඉවත් වූ ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් 16 දෙනා හා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතර පැවැති සාකච්ඡාවේදී මතු වූ දේශපාලන කරුණු පිළිබඳ ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයන් දැනුවත් කිරීම සඳහා ඒකාබද්ධ විපක්ෂයේ විශේෂ හමුවක් හෙට (29) හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹදී පැවැත්වෙන බව ඒකාබද්ධ විපක්ෂයේ ‍‍‍ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරයකු ප්‍රකාශ කර ඇත.
    මෙම හමුවේදී ආණ්ඩුවෙන් ඉවත් වූ ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් ඉදිරිපත් කළ කරුණු සම්බන්ධයෙන් මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කිරීමට නියමිත බවත්ඒකාබද්ධ විපක්ෂය හා ශ්‍රී ලංකා ‍පොදුජන පෙරමුණ එක්ව දිවයින පුරා පැවැත්වීමට නියමිත උද්ඝෝෂණ මාලාව සම්බන්ධයෙන්ද සාකච්ඡා කිරීමට නියමිත බවත් ඔහු විසින් පුකාශ කල අතර ආණ්ඩුවෙන් ඉවත් වූ ශ්‍රීලනිප මන්ත්‍රීවරු සංවිධානය කරන රැස්වීම් මාලාවක් දිවයින පුරා පැවැත්වෙන අතර ඊට ඒකාබද්ධ විපක්ෂයටද ආරාධනා කර ඇති බැවින් එම ආරාධනාව අනුව කටයුතු කළ යුත්තේ කෙසේද යන්නත් මෙම හමුවේදී සාකච්ඡා කෙරෙන බවද එම මන්ත්‍රීවරයා වැඩිදුරටත් කියා සිටියේය.
  • දකුණේ තවත් කිරිකැටියන් දෙදෙනෙකු මරු තුරුලට..!රජයේ වියදමින් පුද්ගලික රෝහල්වල දැඩිසත්කාර ඒකක ලබා දෙන්න නියෝග..

    දකුණේ තවත් කිරිකැටියන් දෙදෙනෙකු මරු තුරුලට..!රජයේ වියදමින් පුද්ගලික රෝහල්වල දැඩිසත්කාර ඒකක ලබා දෙන්න නියෝග..

    මේ වන විට දකුණු පළාත පුරා පැතිර යන ඉන්ෆ්ලූඑන්සා රෝග තත්වය හේතුකරගෙන මියගිය දරුවන්ගේ සංඛ්‍යාව 11ක් දක්‌වා ඉහළ ගොස්‌ ඇති බව කරාපිටිය ශික්‌ෂණ රෝහලේ අධ්‍යක්‌ෂ වෛද්‍ය ජයම්පති සේනානායක පවසනවා.

    කෙසේ වෙතත් මේ වන විට කරාපිටිය ශික්ෂණ රෝහලතුල පවතින අඩුපාඩුකම් හේතුවෙන් අසාධ්‍ය තත්වයේ පසුවන රෝගීන්ට රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුලත් වීමට නොහැකි තත්ත්වයක්ද පවතින බවයි වාර්තා වෙන්නේ. මේ හේතුවෙන් රෝගීන් වෙනත් රෝහල්වලට මාරුකර යැවීමටද කටයුතු කර තිබෙනවා.

    කෙසේ වෙතත් ඇති වී තිබෙන මෙම තත්වයට විසඳුම් ලබා දී ඇති පැවසූ   විෂයභාර අමාත්‍ය රාජිත සේනාරත්න  ‘‘දැනට මම සෞඛ්‍ය ලේකම් වරයාට නියෝග කරා වහාම දකුණු පළාතේ තියෙන  පුද්ගලික රෝහල් වල තිබෙන දැඩිසත්කාර ඒකකක රජයේ වියදමින් ඒ දරුවන්ට ලබා දෙන්න කියලා. ඒ වගේම අපි කොළඹ ළමා රෝහලටත් ඒ දරුවන් ගෙන එන්න කටයුතු කලා‘‘ යනුවෙන් ප්‍රකාශ කල අතර වෛද්‍ය පර්යේෂණ ආයතනයේ වාර්තාවලට අනුව මෙම රෝග තත්ත්වයට වෛරස්‌ ඛාණ්‌ඩ 4 ක්‌ හේතු වන බව සඳහන්. මෙහි රෝග කාරකය ලෙස නියුමොකොකල් වෛරසය, ඇඩිනො වෛරසය ,රෙස්‌පිරේටරි සින්සිටියල්  සහ ඉන්ෆ්ලූඑන්සා  වෛරසය හඳුනා ගෙන තිබෙනවා. 

    කෙසේ වෙතත් මෙම රෝග තත්වය පැතිරෙන ආකාරය පිළිබඳව අවබෝධය ලබා ගනිමින් ප්‍රවේශම් වීම ඉතාමත් වැදගත් වනවා. මෙම රෝගය පැතිරීම  පුද්ගලයකුගෙන් වෙනත් පුද්ගලයකුට කිවිසුම් මගින්, කැස්‌සෙන් හෝ ස්‌පර්ශ කිරීමෙන් සිදුවිය හැකියි. එමනිසා කැස්‌ස හෝ කිවිසුම් යැම ඇතිවිට පිරිසිදු ලේන්සුවක්‌ හෝ මුඛ ආවරණයක්‌ භාවිතා කිරීම, රෝගියෙකු ස්‌පර්ශ කළ පසු සබන් හෝ විෂබීජ නාශකයක්‌ යොදා අත් සේදීම වැනි සෞඛ්‍ය පුරුදු ඇතිකර ගැනීම තුළින් මෙම රෝගය පැතිරී යැම වළක්‌වාගැනීමට හැකි අතර විශේෂයෙන්ම කුඩා දරුවන්, ගර්භණී මව්වරුන්, කිරිදෙන මව්වරුන්, වයස්‌ගත උදවිය, පිළිකා සහ වකුගඩු රෝගී තත්ත්වයන් ඇති රෝගීන් , දියවැඩියා රෝගීන් සහ හෘදයාබාධ රෝගීන් , වඩාත් පහසුවෙන් මෙම රෝගයට ගොදුරු විය හැකි අතර අවුරුදු 5-18 දක්‌වා වයස කාණ්‌ඩයේ සිටින අය සඳහා මෙම රෝගයට වැඩි වශයෙන් ගොදුරු වීමේ හැකියාව පවතිනවා.

    මෙම රෝගයේ රෝග ලක්‌ෂණ එක්‌වරම මතුවන අතර තද සීතල සහ ඇඟ වෙව්ලීම සමග උණ හට ගැනීම, හිසරදය, වියළි කැස්‌ස , පපු පෙදෙසෙහි වේදනාව, උගුරේ ආසාදනයන් ඇති වීම නිසා වීම නිසා ගිලීමේ අපහසුතාවයන් කුඩා දරුවන්ට ඇතිවීමේ හැකියාවක්ද පවතිනවා. කුඩා දරුවන් සහ වයස්‌ගත වැඩිහිටියන්ට හුස්‌ම ගැනීමේ අපහසුතාවයන්ද ඇති වන අතර  අධික මහන්සිය, තෙහෙට්‌ටුව සහ නින්ද නොයැම වැනි රෝග ලක්‌ෂණද ඇති වේ.

    එසේම අද (28දා) සෞඛ්‍ය අංශ සිදුකිරීමට නියමිත සාකච්ඡාවකින් පසුව ඉන්ෆ්ලුවන්සා ප්‍රතිශක්තිකරණ එන්නත ලබාදීමටද කටයුතු කරන බව දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය ජී. විජේසූරිය සඳහන් කරන ලදී.

    මෙහිදී වැඩිම බලපෑමක් ඇති රෝහල් කාර්ය මණ්ඩල සහ වැඩි වශයෙන් මෙම රෝගය ව්‍යාප්ත වී ඇති පෙදෙස්වලට එම එන්නත ලබාදීම සම්බන්ධයෙන් එහිදී තීරණයක් ගන්නා බවයි අධ්‍යක්ෂවරයා එහිදී වැඩිදුරටත් සඳහන් කරන ලදී.

  • රෝහිතට එරෙහි නඩුව කල් යයි

    රෝහිතට එරෙහි නඩුව කල් යයි

    රුපියල් මිලියන හතළිහකට අධික වත්කම් සහ දේපළ නීති විරෝධී ආකාරයට අත්පත් කරගත් බවට චෝදනා එල්ල වී සිටින හිටපු නියෝජ්‍ය අමාත්‍ය සහ ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතාට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනු කර තිබෙන නඩුව විභාග කිරීම ජුලි මස 6 වනදා දක්වා කල් තැබීමට කොළඹ මහාධිකරණය අද(28) නියෝග කළේය.

    එම නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු ඒ. ඒ. ආර් හෙයියන්තුඩුව මහතා ඉදිරියේ කැඳවනු ලැබූ අතර මෙම නඩුව දෛනිකව විභාග කරන කොළඹ මහාධිකරණ විනිසුරු සම්පත් විජයරත්න මහතා රාජකාරි නිවාඩු ලබා සිටීම හේතුවෙන්  නඩු විභාගය ජුලි මස 06 වනදා දක්වා කල් තබන බව විනිසුරු හෙයියන්තුඩුව මහතා නියම කළේය.

    නඩුව කැඳවූ අවස්ථාවේදී විත්තිකාර රෝහිත අබේගුණවර්ධන මන්ත්‍රීවරයා අධිකරණය හමුවේ පෙනී නොසිටි අතර ඔහුගේ නීතිඥවරයා අධිකරණයට වෛද්‍ය සහතිකයක් ඉදිරිපත් කරමින් දන්වා සිටියේ තම සේවාදායකයා අසනීපයෙන් පසුවන බවයි.ඒ අනුව විත්තිකරුට මීළඟ දින අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි නියම කළ විනිසුරුවරයා සාක්ෂිකරුවන්ට ද මීළඟ දින අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි අවවාද කළේය.

    2004 වසර සහ  2006 වසර දක්වා කාලසීමාව තුළ අමාත්‍යවරයෙකු ලෙස කටයුතු කරමින් සිය නීත්‍යානුකූල ආදායම ඉක්මවා නීති විරෝධී ආකාරයට රුපියල් මිලියන 40.1 ක් වටිනා වත්කම් සහ මුදල් උපයා ගත් බවට චෝදනා කරමින් අල්ලස් කොමිසම  රෝහිත අබේගුණවර්ධන මන්ත්‍රීවරයාට එරෙහිව මෙම නඩුව පවරා තිබේ.

  • අගමැති අද උතුරුකරය බලා යයි

    අගමැති අද උතුරුකරය බලා යයි

    උතුරු පළාතේ ක්‍රියාත්මක කර ඇති සංවර්ධන ව්‍යාපෘතිවල ප්‍රගතිය සොයා බැලීම සදහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (28) යාපනය සහ කිලිනොච්චිය යන  දිස්ත්‍රික්කවල සංචාරයක නිරත වීමට නියමිතය.
    වත්මන් රජය බලයට පත්විමෙන් අනතුරුව උතුරු පළාත කේන්ද්‍ර කර ගනිමින් නැවත පදිංචි කිරිම්, නිවාස ඉදිකිරිම්, ඉඩම් මුදාහැරීම්, රැකියා සහ යටිතල පහසුකම් සැපයීම් ඇතුළු සංවර්ධන ව්‍යාපෘති රැසක් ආරම්භ කර ඇති අතර එම සංවර්ධන ව්‍යාපෘතිවල ප්‍රගතිය සොයා බැලීම සහ ඒවායේ පවතින අඩුපාඩු සමාලෝචනයට භාජනය කිරිම් අග්‍රාමාත්‍යවරයාගේ මෙම සංචාරයේ අරමුණයි.
    ඒ අනුව අද පෙරවරුවේ  යාපනය ප්‍රදේශයේ සංචාරයක නිරත වන අග්‍රාමාත්‍යවරයා යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවැත්වෙන සාකච්ඡාවකට ද සහභාගී වීමෙන් පසු අද පස්වරුවේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කිලිනොච්චිය ප්‍රදේශයේ සිදු කරන සංවර්ධන ව්‍යාපෘතිවල ප්‍රගතිය නිරික්ෂණය කරන අතර පසුව කිලිනොච්චිය  දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවැතිවෙන සාකච්ඡාවකට එක්විමට නියමිතය.
    මෙම සාකච්ඡා සඳහා මධ්‍යම ආණ්ඩුවේ මැති ඇමතිවරුන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, පළාත් සභා මන්ත්‍රීවරුන්, රජයේ නියෝජිතයින් සහ රාජ්‍ය නිළධාරින් එක්වීමට නියමිතය.
  • දකුණේ වෛරස් උණ අනෙක් පළාත් වලටද පැතිර යාමේ අවදානමක්

    දකුණේ වෛරස් උණ අනෙක් පළාත් වලටද පැතිර යාමේ අවදානමක්

    දකුණු පළාතේ පැතිර යන වෛරස් උණ රෝගය අනෙකුත් පළාත් වලට ද පැතිර යාමේ අවදානමක් පවතින බව සෞඛ්‍ය අංශ පවසයි.එහි වසංගත රෝග විද්‍යා ඒකකයේ වෛද්‍ය අනිල් දිසානායක මහතා ප්‍රකාශ කළේ, මේ වනවිට දකුණු පළාතේ වයස අවුරුදු 2ට අඩු දරුවන් 11 දෙනෙකු මියගොස් ඇති බව ය.වෛරස් උණ සමග ඇතිවූ සංකුලතා හේතුවෙන් එම මරණ සිදුව ඇති බව ද වෛද්‍ය අනිල් දිසානායක මහතා ප්‍රකාශ කළේය.
  • කඩුවෙල රාජසිංහ පාලමේ අවදානම බලධාරීන්ට පෙන්නුවත් පිළියම් යෙදුවේ නෑ

    කඩුවෙල රාජසිංහ පාලමේ අවදානම බලධාරීන්ට පෙන්නුවත් පිළියම් යෙදුවේ නෑ

    අයහපත් කාලගුණ තත්ත්වය සමග කඩුවෙල බියගම නගර යා කෙරෙන ප්‍රධාන පාලම මේ වනවිට දැඩි අවදානමකට ලක්ව තිබෙන බවත්, මෙවැනි අවදානමක් සිදුවිය හැකි බව පෙන්වා දෙමින් අවස්ථා කිහිපයකදී අදාළ බලධාරීන් දැනුවත් කර  තිබුණද   එයට ප්‍රතිකර්මයක් ලබා දීමට ඔවුන් කටයුතු නොකළ බවත් කැලණි මිටියාවත සුරැකීමේ සංවිධානයේ සභාපති, ජනතා විමුක්ති පෙරමුණේ පළාත් සභා මන්ත්‍රී අශෝක රන්වල මහතා පැවැසයි.
    කැලණි ගඟ ජල මට්ටම ඉහළ යාමත් සමග ඉවුරු ඛාදනය වීමෙන් මෙම පාලමේ එක් පැත්තක් මේ වනවිට ගිලා බැසීමට ලක්ව තිබෙන බවත් මෙම අවදානම්කාරී තත්ත්වය පිළිබඳව වසර 10කට ආසන්න කාලයක් පුරා තමන් ප්‍රාදේශීය සභාවේ සහ පළාත් සභාවේ සිටියදී අදාළ බලධාරීන්  දැනුවත් කිරීමට කටයුතු කරනු ලැබූ බවටත් එසේම ප්‍රදේශවාසීන් එක්ව මෙම ඉවුරු ඛාදනයට පිළියම් යොදන ලෙසට ඉල්ලා සිටිමින් විවිධ ඉල්ලීම් කරනු ලැබුවද කිසිදු විසඳුමක් ලබා දීමට ඔවුන් කටයුතු නොකළ බවටත් ඔහු චෝදනා කළේය.
  • ඔළු ගෙඩි ටිකක් එහාට මෙහාට වුණාට වැඩක් නැහැ… එ.ජා.ප. නායකත්වයේ වෙනසක් අනිවාර්යයෙන්ම සිදුවිය යුතුයි

    ඔළු ගෙඩි ටිකක් එහාට මෙහාට වුණාට වැඩක් නැහැ… එ.ජා.ප. නායකත්වයේ වෙනසක් අනිවාර්යයෙන්ම සිදුවිය යුතුයි

    එක්සත් ජාතික පක්ෂ නායකත්වයේ වෙනසක් අනිවාර්යයෙන්ම සිදුවිය යුතු බවට පාක්ෂිකයා බලා‍පොරොත්තු වන්නේ යැයි මහනුවර දිස්ත්‍රික් එ.ජා.ප. මන්ත්‍රී මයන්ත දිසානායක මහතා ඊයේ (23) ප්‍රකාශ කළේය.
    ලබන සැප්තැම්බර් මාසයේදී කොළඹදී පැවැත්වීමට නියමිත ඇගැයීම් සම්මන්ත්‍රණය පිළිබඳ පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවැති මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින්  මයන්ත දිසානායක මහතා මේ බව සඳහන් කළ අතර පක්ෂයේ ප්‍රතිසංවිධානය ගැන විශාල බලා‍පොරොත්තු ඇති බවත් මීට වඩා වෙනසක් ඇති කරයි කියලා පාක්ෂිකයා බලිපොරොත්තු වූ බවත් මන්ත්‍රීවරයා එහිදී ප්‍රකාශ කලේය.
    බලා‍පොරොත්තු වූ වෙනස සිදුවුණේ නැහැ. ඔළු ගෙඩි ටිකක් එහාට මෙහාට වුණාට වැඩක් නැහැ. කනගාටුයි යනුවෙන්ද පැවැසූ මන්ත්‍රීවරයා එක්සත් ජාතික පක්ෂයේ විජයග්‍රාහී ගමනක් සඳහා ගෙන යා හැකි වෙනසක් සිදුවුණේ නැතැයි ප්‍රකාශ කළේය.
    එක්සත් ජාතික පක්ෂයේ වෙනසක් සඳහා අප ගෙන ගිය අරගලය අවසන් වී නොමැති බව එහිදී මයන්ත දිසානායක මහතා වැඩිදුරටත් සඳහන් කළේය. 
  • ගංවතුර පාලනය කිරීම සඳහා කඩිනම් ව්‍යාපෘතියක් ඕන

    ගංවතුර පාලනය කිරීම සඳහා කඩිනම් ව්‍යාපෘතියක් ඕන

    ගංවතුර පාලනය කිරීම සඳහා කඩිනම් ව්‍යාපෘතියක අවශ්‍යතාව පවතින බව කොළඹ පැවැති මාධ්‍ය හමුවකදී පාඨලී චම්පික රණවක අමාත්‍යවරයා පවසයි.
    කැළණි සහ කළු ගඟ මෙන්ම අත්තනගලු ඔය ඒකාබද්ධව මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කළ යුතු බව අමාත්‍යවරයා සඳහන් කළේය.
  • අධික වර්ෂාව නිසා ආපදාවට ලක්වූවන්ගේ ආහාර සඳහා මිලියන 27ක්

    අධික වර්ෂාව නිසා ආපදාවට ලක්වූවන්ගේ ආහාර සඳහා මිලියන 27ක්

    දිවයිනට බලපෑ ඇති නිරිත දිග මෝසම් තත්ත්වය නිසා ඇති ව ඇති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක 10ක පවුල් 9817ක් විපතට පත්ව ඇති බවත් විපතට පත් ජනතාව සඳහා පිසූ ආහාර හා වියළි ආහාර ලබාදීම වෙනුවෙන් ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය වෙතින් රුපියල් මිලියන 27ක් වෙන් කොට ඇති බවත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය අමල්නාදන් මහතා ප්‍රකාශ කලේය.
     
    වැඩි වශයෙන් බලපෑමට ලක්ව ඇති දිස්ත්‍රික්ක 06යෙහි ආපදා සහන සේවා කටයුතු වෙනුවෙන් ත්‍රිවිධ හමුදා සමාජිකයින් 5000ක් පමණ යොදවා ඇති අතර පුද්ගලයින් 6000ක් පමණ ආරක්ෂික ස්ථාන 80ක රඳවා ඇති බව පෙන්වාදුන් අධ්‍යක්ෂ ජනරාල්වරයා ආපදා තත්ත්වය හේතුවෙන් පුද්ගලයින් 08දෙනෙකු මරණයට පත්ව ඇතැයි ද ප්‍රකාශ කලේය.
     
    ක්ෂණික දුරකථන අංක 117 අමතා ආපදා තත්ත්වයන් පිළිබඳ ව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය වෙත ගැටලු ඉදිරිපත් කළ හැකි බවත් පසුගිය දින කිහිපය තුළ ඇමැතුම් 4000ක් පමණ ලැබුණු අතර එම සියලු ගැටළු එම අවස්ථාවන්හිදිම විසඳීමට කටයුතු කළ බවත් මීට අමතර ව හදිසි මෙහෙයුම් මැදිරියට 0112 136 136, 0779 117 117, 0702 117 117 ඇමතීමෙන් ම ගැටලු ඉදිරිපත් කළ හැකි බවත් ඒ මහතා වැඩිදුරටත් පෙන්වා කියා සිටියේය.
  • තවත් අජාසත්ත දරුවන් පිරිසක් සිය මහළු මව කුටියක සිරකරයි

    තවත් අජාසත්ත දරුවන් පිරිසක් සිය මහළු මව කුටියක සිරකරයි

    මහලු මවක් කූඩුවක රඳවා තබා ඇති බවට ගල්කිස්ස පොලීසියේ ළමා හා කාන්තා කාර්යංශයට ලැබුණු තොරතුරකට අනුව එම කාර්යංශයේ නිලධාරීන් විසින් ඊයේ(22) වැටලීමක් දියත් කර තිබේ.

    දෙහිවල මෙම ස්ථානයට යන විටත් නිවසකට යාබඳව පිටතින් ඉදිකළ අඩි 04ක් පමණ පළල , අඩි 05ක පමන දිගින් යුත් ලෑලි හා සිමෙන්ති ගල් යොදා ඉදිකළ කුඩා කුටියක බිම මෙම මහලු මව වැතිර සිටින ආකාරය දක්නට ලැබී ඇත.86 වියැති මෙම කාන්තාවට දියණියන් තිදෙනෙකුගේ හා එක් පුතෙකු සිටින අතර ඇය මෙලෙස රඳවා සිට ඇත්තේ ඇගේම දියණියකගේ නිවසට යාබඳව පිටතින් පිහිටි කාමරයක වේ.

    තමා හැදූ වැදූ මව මෙලෙස රඳවා තැබුවේ ඇයි දැයි විමසූ විට එම දියණිය  පවසා සිටියේ රැකවරණය සැලසීමේ දුෂ්කරතාව මෙලෙස මව වෙනම කුටියක රැදවූ බවයි. අවසානයේ මහලු මව කළුබෝවිල රෝහලට යොමුකෙරුනු අතර දියණිය පොලිස් බාරයට ගැණුනි.

  • තව අවුරුදු දෙකක් යනකල් බස් ගාස්තු වැඩි වෙන්නෙ නෑ

    තව අවුරුදු දෙකක් යනකල් බස් ගාස්තු වැඩි වෙන්නෙ නෑ

    බස් ගාස්තු සියයට 12.5% කින් ඉහළ දැමීමට ඊයේ(22) උදැසන රැස් වූ කැබිනට් මණ්ඩලයේද අනුමැතිය හිමි වූ අතර ඊයේ (22) මධ්‍යම රාති‍්‍රයේ සිට මෙම වැඩි වීම ක්‍රියාත්මක වේ. මෙහිදී කැබිනට් මණ්ඩලය තීරණය කර ඇත්තේ ඉදිරි වසර 02 ක කාලයක් සදහා යලි බස් ගාස්තු සංශෝධනයක් කිරීමට අවසර ලබා නොදීමේ පදනම මත බස් ගාස්තු සංශෝධනය සදහා අවසර ලබා දීමට බව ප‍්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය අශෝක අබේසිංහ සදහන් කලේය.

    අධිවේගී මාර්ගවල බස් ගාස්තුද ඊයේ මධ්‍යම රාති‍්‍රයේ සිට ඉහළ යන අතර  මහරගම සිට මාතර දක්වා නව ගාස්තුව රුපියල් 560 ක් ද මහරගම සිට ගාල්ල දක්වා බස් ගාස්තුව රුපියල් 450 ක් ද  කඩවත සිට ගාල්ලට නව බස් ගාස්තුව රුපියල් 490 ක් ද  කඩවත සිට මාතරට වන නව ගාස්තුව රුපියල් 600 ක් ද කඩුවෙල – මාතර නව බස් ගාස්තුව රුපියල් 580 ක් ද වහයෙන් ඉහළ නංවා ඇත.

  • වැසි සහිත කාලගුණයෙන් සිදු වීමට තිබූ විනාශයන් බොහෝමයක් වළක්වා ගැනීමට හැකි වුනේ පෙර සූදානමින් සිටි නිසයි

    වැසි සහිත කාලගුණයෙන් සිදු වීමට තිබූ විනාශයන් බොහෝමයක් වළක්වා ගැනීමට හැකි වුනේ පෙර සූදානමින් සිටි නිසයි

    ආපදා අංශවල පෙර සූදානම හේතුවෙන් වැසි සහිත කාලගුණයෙන් සිදු වීමට තිබූ විනාශයන් බොහෝමයක් වළක්වා ගැනීමට හැකි වූ බව වාරිමාර්ග, ජල කළමනාකරණ හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා ඇති වී තිබෙන ආපදා තත්ත්වය හා ඉදිරි කි‍්‍රයාමාර්ග සම්බන්ධයෙන් දැනුම්වත් කිරීම වෙනුවෙන් ඊයේ (22) මාදම්පේ ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදී පවසයි.

     අමාත්‍යංශ නිලධාරීන් ආපදා අංශ මෙන්ම ග‍්‍රාමසේවා නිලධාරීවරයා දක්වා වූ රාජ්‍ය යාන්ත‍්‍රණය මඟින් මෙන්ම පොලීසිය, ති‍්‍රවිධ හමුදාව මෙන්ම මාධ්‍ය ආයතනවලින් ලැබුණු දායකත්වය ඉතා අගය කරන බව එහිදී අමාත්‍යවරයා සඳහන් කල අතර ආපදා තත්ත්වය තුළ මරණ 08 ක් මේ වන විට වාර්තා වී ඇතත් ඒවා නොසැළකිල්ල හා ආපදා අංශ විසින් ලබා දෙන උපදෙස් නිසි ලෙස පිළිනොපැදීම හේතුවෙන් සිදුව ඇති මරණ බවට තහවුරු වී ඇතිබව අමාත්‍යවරයා සඳහන් කළේය. 

  • ගත වූ පැය 24 තුළ රම්බොඩට මිලිමීටර් 112ක වර්ෂාපතනයක්: දිස්ත්‍රික්ක 5කට පැනවූ නාය යාමේ රතු නිවේදන තවදුරටත්

    ගත වූ පැය 24 තුළ රම්බොඩට මිලිමීටර් 112ක වර්ෂාපතනයක්: දිස්ත්‍රික්ක 5කට පැනවූ නාය යාමේ රතු නිවේදන තවදුරටත්

    හදිසි ආපදා තත්ත්වයකදී ජනතාවට සහන සැලසීම සඳහා අතිරේක හමුදා සාමාජිකයින් 1850ක් සීරුවෙන් තබා ඇතැයි ආරක්ෂක අංශ පවසයි.
    හමුදා ප්‍රකාශක බ්‍රිගේඩියර් සුමිත් අතපත්තු මහතා පැවසුවේ යුද හමුදා සාමාජිකයින් දහසක්, නාවික හමුදා සාමාජිකයින් 600 ක්, ගුවන් හමුදා සාමාජිකයින් 250ක් ඊට ඇතුළත් බව ය.
    පවතින ආපදා තත්ත්වය හමුවේ ජනතාවට සහන සැලසීම සඳහා හමුදා සාමාජිකයින් 170ක් ස්ථානගත කර තිබේ.
    ඔහු පැවසුවේ, ඊයේ රාත්‍රියේ පැවති වර්ෂාව හේතුවෙන් රත්නපුර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසක් සඳහා හමුදා සාමාජිකයින් බෝට්ටු සමග පිටත් කර හැරි බව ය.
    මේ අතර ඉදිරි දින කිහිපය තුළදීත් නිරිත දිග කොටසේ පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය තවදුරටත් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
    එහි කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ බුද්ධික බන්දුරත්න මහතා පැවසුවේ, අද දිනයේත් සබරගමුව, දකුණ බස්නාහිර හා වයඹ පළාත්වලත් ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවලත් මිලිමීටර් 75 ඉක්ම වූ වැසි ඇති විය හැකි බව ය.
    ගිගුරුම් සහිත වැසි ඇති වන විට දිවයින ආශ්‍රිත මුහුදේ සුළඟේ වේගය පැයට කිලෝමීටර් 70 හෝ 80 දක්වා ඉහළ යා හැකි බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.
    පුද්ගලයින් 1500කට ආසන්න පිරිසක් කඳවුරු 30කට අධික සංඛ්‍යාවක රඳවා සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
    එහි සහකාර අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා සඳහන් කළේ රත්නපුර, කළුතර සහ නුවරඑළිය ආශ්‍රිතව එම කඳවුරු පිහිටුවා ඇති බව ය.
    ජල ගැලීම් හා නාය යාම් අවදානම් හේතුවෙන් මෙම පිරිස් අවතැන්ව සිටිති.
    මේ වන විට අයහපත් කාලගුණයෙන් පීඩාවට පත්ව ඇති පුද්ගලයින් සංඛ්‍යාව 20000කට අධික ය.
    මේ අතර පවතින වැසි සමග රත්නපුර, කෑගල්ල, ගාල්ල, කළුතර සහ මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 15ක් සඳහා පැනවූ නාය යාමේ රතු නිවේදනය තවදුරටත් ක්‍රියාත්මක වේ.
    ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ ජ්‍යේෂ්ඨ භූ විද්‍යාඥ ගාමිණි ජයතිස්ස මහතා සඳහන් කළේ, මේ වන විට දිස්ත්‍රික්ක 11කට නාය යාමේ අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කර ඇති බව ය.
    පවතින අයහපත් කාලගුණයත් සමග මහනුවර දවුලගල පොලීසිය අසල නාය යාමක් සිදුව තිබේ.
    එලෙස නාය යාමට ලක්ව ඇත්තේ, දවුලගල වටදෙණිය ප්‍රතිසංස්කරණය කරමින් පවතින මාර්ගයේ ඉහළ කොටස යි.
    අද අලුයම වන විට වැඩි ම වර්ෂාපතනය රම්බොඩ ප්‍රදේශයෙන් වාර්තා වන බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.
    එම සංවිධානයේ වර්ෂාමානයන්ට අනුව එම අගය මිලිමීටර් 112කි.
    කුරුණෑගල උඳුගොඩින් මිලිමීටර් 91ක්, පොල්ගොල්ල ප්‍රදේශයෙන් මිලිමීටර් 84ක් හා කාසල්රි ප්‍රදේශයෙන් මිලිමීටර් 76ක වර්ෂාපතනයක් ලැබී ඇතැයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.
    මේ අතර කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ වර්ෂාමානයන්ට අනුව වැඩි ම වර්ෂාපතනයක් ලැබී ඇත්තේ, කටුනායක ප්‍රදේශයට ය.
    එම අගය මිලිමීටර් 74.9කි.
    කුරුණෑගලට මිලිමීටර් 56 ක ද නුවරඑළියට මිලිමීටර් 49.3ක ද වර්ෂාපතනයක් ලැබී ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවේ ය.

    (under the courtesy of newsfirst.lk web)

  • පාර්ලිමේන්තු කාරක සභා මේ සතිය තුළ පිහිටුවීමට පියවර

    පාර්ලිමේන්තු කාරක සභා මේ සතිය තුළ පිහිටුවීමට පියවර

    කෝප් කාරක සභාව, රාජ්‍ය ගිණුම් කාරක සභාව, රාජ්‍ය මුදල් කාරක සභාව සහ තවත් කාරක සභා කිහිපයක් මේ සතිය තුල පිහිටු වීමට කටයුතු කරන බව පාර්ලිමේන්තු නියෝජ්‍ය මහ ලේකම් නීල් ඉද්දවල මහතා සඳහන් කරයි.
    ඒ සඳහා තේරීම් කාරක සභාව රැස්වීමට නියමිතව තිබෙන බව ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේ ය.
  • එවරස්ට් තරණය කළ මෙරට ඉතිහාසයට එක්වූ දෙවැන්නා – යොහාන් පීරිස්

    එවරස්ට් තරණය කළ මෙරට ඉතිහාසයට එක්වූ දෙවැන්නා – යොහාන් පීරිස්

    එවරස්ට් තරණය කළ දෙවන ශ්‍රී ලාංකිකයා ලෙස යොහාන් පීරිස් මෙරට ඉතිහාසයට එක්වෙයි.
    නේපාල වේලාවෙන් අද උදෑසන 5.55ට පමණ ඔහු මෙලෙස සාර්ථකව එවරස්ට් තරණය කර ඇති අතර එවරස්ට් තරණය කළ ප්‍රථම ලාංකිකයා වන්නේ 2016 වසරේදී එවරස්ට් තරණය කළ ජයන්ති කුරුඋතුම්පාල යි.
    යොහාන් පීරිස් 2016 වසරේ එවරස්ට් තරණය කිරීමට ගත් උත්සහය අසාර්ථක වූයේ ඔහු රැගෙන ගිය ඔක්සිජන් ටැංකියේ දෝෂයක් හේතුවෙන් වුවත් මේවර සාර්ථකව එවරස්ට් තරණය කළ ඔහු මේ වන විට කඳු මුදුනේ සිට පහතට බසිමින් සිටියි.