Tag: breaking post

  • මේ ආණ්ඩුව උසස් අධ්‍යාපන ක්‍රමය විකෘති කරනවා

    මේ ආණ්ඩුව උසස් අධ්‍යාපන ක්‍රමය විකෘති කරනවා

    කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය සම්බන්ධයෙන් වන පනත ආණ්ඩුව විසින් පාර්ලිමේන්තුවේදී සංශෝධනය කර නැවත පෞද්ගලික විශ්වවිද්‍යාල ස්ථාපිත කිරීමේ උත්සාහයක නිරත වන බව රජයේ වෛද්‍ය  පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුවේ කැඳවුම්කරු රයන් ජයලත් පවසයි.

    වත්මන් ආණ්ඩුව විසින් සයිටම් ගැටලුවට විසදුම් සෙවීම වෙනුවට උසස් අධ්‍යාපන ක්‍රමය විකෘති කරන බව ඔහු විසින් වැඩිදුරටත් කියා සිටී.

  • සිය දේශපාලන අරමුණු උදෙසා රණවිරුවන් භාවිතා කිරීම සදාචාරාත්මක නෑ

    සිය දේශපාලන අරමුණු උදෙසා රණවිරුවන් භාවිතා කිරීම සදාචාරාත්මක නෑ

    කිසියම් දේශපාලන පක්ෂයක් සිය දේශපාලන අරමුණු මුදුන්පත් කර ගැනීම සඳහා රණවිරුවන් භාවිත කිරීම සදාචාරාත්මක නොවන බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පවසන අතර ජනාධිපතිවරයා වැඩිදුරටත්‍ෙ කියා සිටියේ රණවිරුවන්ට ජාතියේ උපහාර පුද කරමින් ඔවුන්ගේ වරප‍්‍රසාද දිනා දීමට කටයුතු කරනවා මිස කිසිදු අවස්ථාවක ඔවුන් අවතක්සේරුවට ලක් කිරීමට වත්මන් රජය කටයුතු නොකළ බවයි.

    ‘‘ වයඹ රණ අභිමන්’’ රණවිරු ස්මාරකය විවෘත කිරීමේ අවස්ථාවට ඊයේ පස්වරුවේ එක්වෙමින් ජනාධිපතිවරයා මෙම අදහස් පළකෙලේය. කුරුණෑගල – දඹුල්ල මාර්ගය සංවර්ධනය කිරීමේ දී තාවකාලිකව ඉවත් කෙරුණු රණවිරු ස්මාරකය වෙනුවට මෙම නව රණවිරු ස්මාරකය කුරුණෑගල මාලිගාපිටිය ක‍්‍රීඩාංගණය අසල ඉදිකර ඇත.  

    මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා කියා සිටියේ රණවිරු දඩයමක් පිළිබඳ ඇතැමුන් රජයට චෝදනා කළද සැබෑ ලෙසම රණවිරු දඩයම සිදු කළේ පසුගිය රජය බවයි. වත්මන් රජය අන්තර්ජාතික සහයෝගීතාව තුළ රණවිරුවන්ගේ අභිමානය සුරැකීමට උපරිම අයුරින් කටයුතු කළ බවද ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළහ.

  • ක්‍රිකට් නිලවරණය 31 වෙනිදාට කල් යයි

    ක්‍රිකට් නිලවරණය 31 වෙනිදාට කල් යයි

    ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තෆා මහතාගේ දැනුම් දීමකට අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මහා සභා රැස්වීම හා නිලවරණය මැයි මස 31 වැනිදා පවත්වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී. 
    ක්‍රිකට් නිලවරණය හා මහ සභා රැස්වීම මැයි 19 වැනිදා පැවැත්වීමට නියමිතව තිබුණද එහි ඇතිවූ නීතිමය ගැටලු කිහිපයක් හේතුවෙන් නිලවරණය මෙසේ කල් දැමීමට සිදුව ඇත.
  • තෙල් කුමාරට වෙඩි තියයි

    තෙල් කුමාරට වෙඩි තියයි

    අද (11) අලුයම 6.00ට පමණ ත්‍රිකුණාමලය පොලිස් වසමේ සිරිමාපුර ප්‍රදේශයේදී කාර් රථයකින් පැමිණි පුද්ගලයින් තිදෙනෙකු විසින් නවතා තිබූ ලොරි රථයක සිටි පුද්ගලයකුට වෙඩි තබා පළා ගොස් ඇති අතර තුවාලකරු රෝහල් ගත කිරීමේ දී මියගොස් ඇති බව පොලිසිය සඳහන් කරයි.
    ඝාතනයට ලක්ව ඇත්තේ අවුරුදු 45ක් වූ අදාළ ප්‍රදේශයේම පදිංචි හෙන්දා විතාරණ සෙලින් කුමාර නොහොත් තෙල් කුමාර නැමැති අය වන අතර සිද්ධියට හේතුව මෙතෙක් අනාවරණව වී නොමැත.
  • විගණන පනත් විවාදය තවදුරටත් කල් යයි

    විගණන පනත් විවාදය තවදුරටත් කල් යයි

    ජාතික විගණන පනත පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීම තවදුරටත් කල් යයි. 
     එම පනත අද පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීමට නියමිතව තිබුණ ද එම විවාදය කල් දමා ඇති බව පාර්ලිමේන්තු මහ ලේකම් ධම්මික දසනායක මහතා ප්‍රකාශ කළේය.
    පෙරේදා රැස්වූ පක්ෂ නායක රැස්වීමේදී එම තීරණය ගෙන ඇති බවත් ජාතික විගණන පනත කඩිනමින් විවාදයට ගන්නැයි කථානායක කරු ජයසූරිය මහතා ද ඉල්ලීමක් කර ඇති පසුබිමකදී බවත් ඔහු සඳහන් කළේ ය.
    ජාතික විගණන පනතේ ඇතැම් වගන්ති සංශෝධනය විය යුතු බවට රාජ්‍ය නිලධාරීන්ගෙන් ඉල්ලීමක් ඇති බැවින් ඔවුන්ගේ ඉල්ලීම අනුව එම විවාදය කල් දැමූ බව අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසුවේ ය.
  • කබීර් සහ කිරිඇල්ල නකල්ස් රක්ෂිතයේ අක්කර 21000ක් කොල්ලකයි

    කබීර් සහ කිරිඇල්ල නකල්ස් රක්ෂිතයේ අක්කර 21000ක් කොල්ලකයි

    දුම්බර අඩවිය හෙවත් නකල්ස් කදුකරයේ පිහිටි අක්කර 21,000 ක පමණ වතු ඉඩම් විවිධ ව්‍යාපෘති කි‍්‍රයාත්මක කිරීම සදහා රාජ්‍ය ව්‍යවසාය හා මහනුවර සංවර්ධන අමාත්‍යංශයේ හිටපු අමාත්‍ය කබීර් හෂීම් හා වත්මන් අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල යන මහත්වරුන් විසින් ඔවුන්ගේ හිතවතුන් හා ඥාතීන් වෙත පවරා දී තිබේ. මෙලෙස විවිධ පුද්ගලයින්ට පැවරීම සිදු කර ඇත්තේ රාජ්‍ය වැවිලි සංස්ථාව හා ඇල්කඩුව වැවිලි සමාගම ම`ගින් කළමනාකරණය කරනු ලබන වතු ඉඩම් ය

    නකල්ස් සංරක්ෂිත වනාන්තරය මායිමේ පිහිටි අලකොළේ, කොටගල, ගල්පිහිල්ල, ගෝමරේ, හග්ගල්ල, හෙයාර් පාර්ක්, හුන්නස්ගිරිය, කැළෑබොක්ක, මැදවත්ත, නිකොලොය, රංගල හා ඕපල්ගල යන රාජ්‍ය වැවිලි සංස්ථාවට අයත් හෙක්ටයාර 9675 ක් වන වතු ඉඩම් වලින් හෙක්ටයාර 6192 ක් සහ ඇල්කඩුව වැවිලි සමාගමට අයත් බණ්ඩරපොළ, ඇල්කඩුව, හුණුගල, පිටකන්ද, රත්වත්ත, සැලගම, හපුගස්පිටිය, මිල්ලවාන හා නාලන්දා වතු ඉඩම් වලට අයත් හෙක්ටයාර 3693 න් හෙක්ටයාර 2363 ක් වශයෙන් විවිධ පුද්ගලයින් හා සමාගම් වලට හෙක්ටයාර 8555 ක් නැතහොත් අක්කර 21,400 ක වතු ඉඩම් පැවරීම සිදු කර ඇත. මෙම පැවරීම සිදු කර ඇත්තේ අක්කරයකට වාර්ෂික ව රුපියල් 2857 ක මුදලකට තිස්පස් අවුරුදු බදු පදනම යටතේ ය.

    නකල්ස් සංරක්ෂිත වනාන්තරය මායිමේ පිහිටි හෙයාර් පාර්ක් වත්තේ අක්කර 900 ක් පමණ මේ ආකාරයෙන් මහ පරිමාණ කුකුළු ගොවිපොළක් ස`දහා කි‍්‍රස්බ්‍රෝ සමාගමට ලබා දී තිබේ. සංරක්ෂිත වනාන්තරය මායිමේ පිහිටි රත්වත්ත වතු යාය රෝස තිරුවානා ඛණිජ කැණීම ස`දහා ලබා දී ඇති අතර මේ වන විට මහ පරිමාණයෙන් නීති විරෝධී ලෙස මෙම ඛණිජ කැණීම් කටයුතු සිදු කෙරේ. මැදවත්ත වතු යායේ අක්කර 35 ක් මහ පරිමාණ හෝටල් ව්‍යාපෘතියක් ස`දහා ලබා දී තිබේ. මේ සියල්ල මේ වන විට සිදු වන්නේ ජාතික පාරිසරික පනත උල්ලංඝනය කරමින් නීති විරෝධී ලෙස ය.

    කි‍්‍රස්බ්‍රෝ සමාගම දිගින් දිගට ම මේ ආකාරයෙන් සංවේදී පරිසර පද්ධති ආක‍්‍රමණය කරමින් සිටී. 2007 වසරේ දී මහවැලි ‘‘සී’’ කලාපයට අයත් ඇළකොටලිය හෙවත් මහපිටිය අලිමංකඬේ අක්කර 150 ක තෘණ භූමි පවරාගෙන කුකුළු ආහාර ලෙස භාවිතයට ගැනීමට බඩ ඉරිගු වගා කිරීම ඇරැුඹින. මෙම ව්‍යාපෘතිය ස`දහා එවකට මධ්‍යම පරිසර අධිකාරියේ හිටපු සභාපති උදය ගම්මන්පිල මහතා විසින් අවසර ලබා දීම සිදු කෙරින. මේ ආකාරයෙන් ම කි‍්‍රස්බ්‍රෝ සමාගම දුම්බර අඩවියේ ඉතා සංවේදී ඉඩම් අත්පත් කර ගෙන මහ පරිමාණ කුකුළු ගොවිපොළවල් සැකැසීමට සූදානම් වේ.

    දුම්බර අඩවිය යනු සුවිශේෂී ජෛව කලාපයකි. දේශගුණික විවිධත්වය, මහවැලි ගෙ`ග් ප‍්‍රධාන ජල පෝෂකයක් වීම නිසා මෙහි ඇති වටිනාකම ඉතා අධික මට්ටමක පවතී. මේ සියල්ල දුම්බර අඩවියේ ඉඩම් අවභාවිතාව හේතුවෙන් විනාශ වී යාමට ඉඩදිය යුතු නැත.

    සමස්ත දුම්බර කඳුකරය ම ලංකාවේ දිග ම ගංගාව වන මහවැලි ගෙඟ් ප‍්‍රධානතම ජල පෝෂක ප‍්‍රදේශය යි. මහවැලි ජල පෝෂක ප‍්‍රදේශ අතුරින් 30%ක් පමණ ආවරණය වන්නේ දුම්බර කඳුකරයෙනි. හෙක්ටයාර 21,000 ක් පමණ ප‍්‍රදේශයක් පුරා ව්‍යාප්ත ව ඇති දුම්බර කඳුකරයෙන් ලංකාවේ මුළු භූමි ප‍්‍රමාණයෙන් 0.32‍්‍ර ක් පමණ ආවරණය වී ඇත. මධ්‍යම පළාතේ මහනුවර දිස්තී‍්‍රක්කයේ මිණිපේ, උඩදුම්බර, පාතදුම්බර හා පන්විල යන ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාස හතරේ සහ මාතලේ දිස්තී‍්‍රක්කයේ උකුවෙල. රත්තොට, ලග්ගල, පල්ලේගම හා විල්ගම යන ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශ පහේ දුම්බර කඳුකරය ව්‍යාප්ත ව තිබේ. 2009 අංක 65 දරන පනතින් සංශෝධිත 1907 අංක 16 දරන වන සංරක්ෂණ ආඥා පනතේ 3අ(1* වැනි උප වගන්තිය යටතේ 2000 මැයි මස 05 වන දින අංක 1130/22 දරන ගැසට් නිවේදනය මඟින් දුම්බර කඳුකරයේ රජයට අයත් වනාන්තර හෙක්ටයාර 17825 ක් පමණ වන භූමි ප‍්‍රමාණයක් ලංකාවේ ප‍්‍රථම සංරක්ෂණ වනාන්තරය ලෙස ප‍්‍රකාශයට පත් කර තිබේ. සංරක්ෂණ වනාන්තරය ලෙස ප‍්‍රකාශයට පත් කළ භූමියේ පෞද්ගලික ඉඩම් හා වෙනත් රජයේ ඉඩම් හෙක්ටයාර 2000 ක් පමණ වේ. එ්වා මේ වන විට ක‍්‍රමාණුකූල ව වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතට පවරා ගැනීමේ කටයුතු සිදු වෙමින් පවතී. එහෙත් එහි මන්දගාමි ස්වරූපය හා වන්දි ගෙවීම්වල ප‍්‍රමාද වීම් හේතුවෙන් මේ වනාන්තර ඉඩම් පවරා ගැනීමේ කටයුතු ව්‍යාකූල තත්ත්වයට පත් ව තිබෙන අතරතුර එම ඉඩම් විවිධ සමාගම් වලට හා ව්‍යාපාරිකයන්ට පැවරීමේ කටයුතු සිදු කෙරෙමින් පවතී.

    මෙම ඉඩම් පවරා ගැනීම කඩිනම් කිරීමට අවශ්‍යවන ඉතා වැදගත් වන අමාත්‍ය මණ්ඩල තීරණයක් 2004 වසරේ දී ගැනිණ. එහෙත් එය අද වන තෙක් නිසි පරිදි කි‍්‍රයාත්මක නො වේ. අංක පීඑස්/සිපී/26/2004 හා 2004 ජූලි 22 වන දින දරන අමාත්‍යමණ්ඩල සංදේශයට අනුව නකල්ස් සංරක්ෂණ වනාන්තරයට යාව හෝ ඉන් කිලෝමීටර් බාගයක් ඇතුළත පිහිටි සියලූ ම ඉඩම් ප‍්‍රතිසංස්කරණ කොමිෂන් සභාවට අයත් වනාන්තර, 1972 අංක 01 දරන ඉඩම් ප‍්‍රතිසංස්කරණ නීතියේ 22(1*ඊ සහ 44(එ්* වගන්ති ප‍්‍රකාරව වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට පැවරීම සඳහා නිර්දේශ ලැබී තිබේ. එහෙත් මේ සම්බන්ධයෙන් පරිසර අමාත්‍යංශය හා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව ඉදිරි කටයුතු කඩිනමින් සැලැසුම් කිරීම හෝ ඉඩම් පවරා ගැනීමට අවශ්‍ය කි‍්‍රයාමාර්ග ගැනීම හෝ මේ වන තුරු අවසන් කර නොමැත.

    මේ කි‍්‍රයාමාර්ගයන්ට එළැඹීම පැහැර හරින සෑම දිනයක් පාසා ම ඒ වනාන්තර බිම් වෙනත් සංවර්ධන කටයුතු ස`දහා ක‍්‍රමක‍්‍රමයෙන් යොදා ගැනේ. මේ නිසා අවසානයේ ඉතිරි වන්නේ හුදෙකලා වූ නකල්ස් සංරක්ෂණ වනාන්තර කුට්ටි කිහිපයක් පමණි. මේ තත්ත්වය පාලනය කිරීම සඳහා පළමු ව සිදු කළ යුතු වන්නේ නකල්ස් සංරක්ෂණ වනාන්තරය ලෙස ප‍්‍රකාශයට පත් කළ භූමි ප‍්‍රදේශය තුළ පිහිටි පෞද්ගලික වනාන්තර බිම් විධිමත් ව වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතට පවරා ගැනීමේ කටයුතු කඩිනමින් සිදු කිරීම යි. ඊට අමතර ව මේ ප‍්‍රදේශයේ පිහිටි ඉඩම් ප‍්‍රතිසංස්කරණ කොමිෂන් සභාවට අයත් හා වැවිලි සංස්ථාවට අයත් වනාන්තර බිම් නකල්ස් සංරක්ෂණ වනාන්තරයට පවරා ගැනීම සිදු කළ යුතු ය. ඉන් පසු ව නකල්ස් සංරක්ෂණ වනාන්තරය වටා කිලෝමීටරයක් පමණ ප‍්‍රදේශයක් ජාතික පාරිසරික පනත යටතේ නකල්ස් හෝ දුම්බර පරිසර ආරක්ෂක ප‍්‍රදේශය ලෙස ප‍්‍රකාශයට පත් කර ඒ ප‍්‍රදේශය තුළ සංවර්ධන කටයුතු පාලනය කළ යුතු ය. මෙමඟින් දුම්බර අඩවියේ සුරක්ෂිතතාව තහවුරු කළ හැකි ය. නමුත් සිදු වන්නේ මේ සුවිශේෂී ජෛව කලාපය වැනසීම ස`දහා වන කි‍්‍රයාවලීන් කි‍්‍රයාත්මක කිරීම ය.

    දුම්බර කඳුකරයේ වනාන්තරයන්ට පළමු ව ආරක්ෂාව ලබා දෙන ලද්දේ ඉංගී‍්‍රසින් විසිනි. එ් 1873 දී දුම්බර කඳුකරයේ මීටර 1500 ට වඩා ඉහළ (අඩි 5000 ට වඩා ඉහළ* වළාකුළු වනාන්තර ප‍්‍රදේශ දේශගුණික රක්ෂිතයක් ලෙස ප‍්‍රකාශයට පත් කරමිනි. ඉන් වසර 127ක ට පසුව 2000 වසරේ දී වන සංරක්ෂණ ආඥා පනත යටතේ සංරක්ෂණ වනාන්තරයක් ලෙස ප‍්‍රකාශයට පත් කෙරින. පසුව 2007 වසරේ දී ජාතික පාරිසරික පනත යටතේ පරිසර ආරක්ෂණ ප‍්‍රදේශයක් ලෙසත් 2008 වසරේ දී පස සංරක්ෂණ පනත යටතේ පස සංරක්ෂණ ප‍්‍රදේශයක් ලෙසත් ප‍්‍රකාශයට පත් කර ඇත. මෙවන් වූ නීතිමය ආවරණයන් ගණනාවක් දුම්බර අඩවියට ලබා දී ඇත්තේ එහි ඇති මිල කළ නොහැකි භූ විද්‍යාත්මක, ජෛව විද්‍යාත්මක හා සාම්ප‍්‍රදායික ජන උරුමයේ වටිනාකම නිසා ය. ඒ හේතුවෙන් ම 2010 වසරේ දී ලංකාවේ ඉහළ කඳුකරයට අයත් දුම්බර අඩවිය ලෝක උරුම ප‍්‍රදේශයක් ලෙස එක්සත් ජාතීන්ගේ යුනෙස්කෝ ආයතනය මඟින් ප‍්‍රකාශයට පත් කරනු ලැබ තිබේ.

    මෙවන් වූ සුවිශේෂී නීතිමය ආවරණයක් සහිත භූමි ප‍්‍රදේශයක පිහිටි ඉඩම් දේශපාලකයන්ට වුවමනා පරිදි විවිධ පුද්ගලයින්ට හෝ සමාගම් වලට පැවරිය නොහැකි ය. 2000 අංක 53 දරන පනතින් අවසන් වරට සංශෝධිත 1980 අංක 47 දරන ජාතික පාරිසරික පනතේ 24ඇ සහ 24ඈ වගන්ති වලට අනුව 2007 ජූලි 23 වන දින අංක 1507/9 දරන ගැසට් නිවේදනය යටතේ නකල්ස් පාරිසරික ආරක්ෂක ප‍්‍රදේශයක් ලෙස ප‍්‍රකාශයට පත් කර ඇති භූමියක ඉඩම් සංවර්ධන කාර්යයන් ස`දහා නිදහස් කළ නොහැකි ය. මෙම ගැසට් නිවේදනයට අනුව නකල්ස් සංරක්ෂිත වනාන්තරයට අයත් රජයේ ඉඩම් හැර ඉතිරි රජයේ ඉඩම් හා පෞද්ගලික ඉඩම් සියල්ල ආවරණය වන පරිදි මෙම පාරිසරික ආරක්ෂක ප‍්‍රදේශය ප‍්‍රකාශයට පත් කර තිබේ. මෙම ප‍්‍රදේශය කළමනාකරණය ස`දහා රාජ්‍ය හා රාජ්‍ය නොවන සංවිධානවල නියෝජිතයින්ගෙන් සැදුම්ලත් නකල්ස් පාරිසරික ආරක්ෂක ප‍්‍රදේශ කළමනාකරණ කමිටුවක් පිහිටුවා තිබේ. එම කමිටු නිර්දේශ වලින් පරිබාහිර ව කිසිදු සංවර්ධන කාර්යයක් මෙම කලාපය තුළ සිදු කළ නොහැකි ය. නමුත් දැනට මෙම ඉඩම් විවිධ පුද්ගලයින්ට බදු පදනම මත ලබා දී ඇත්තේ එවන් කිසිදු අනුමැතියකින් තොරව ය.

  • නව සැසි වාරය ආරම්භ කරද්දී ආණ්ඩුවේ 15ක් හා වික්ෂයේ 12ක් පාර්ලිමේන්තුවේ නෑ

    නව සැසි වාරය ආරම්භ කරද්දී ආණ්ඩුවේ 15ක් හා වික්ෂයේ 12ක් පාර්ලිමේන්තුවේ නෑ

    ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේ නව සැසිවාරය විවෘත කරන අවස්‌ථාවේ ආණ්‌ඩු පක්‌ෂයේ මන්ත්‍රීවරු 15 ක්‌ සහ විපක්‌ෂයේ මන්ත්‍රීවරු 12 ක්‌ සභා ගැබෙහි නොසිටියහ.
     
     ආණ්‌ඩුවේ මන්ත්‍රීවරුන් වන අතුරලියේ රතන හිමි, ඇමැති  කබීර් හෂීම්, රාජ්‍ය ඇමැති වරුන් වන වසන්ත සේනානායක, සුජීව සේනසිංහ, දිලිප් වෙද ආරච්චි, ආචාර්ය හර්ෂද සිල්වා, නියෝජ්‍ය ඇමැති රන්ජන් රාමනායක, මන්ත්‍රීවරුන් වන රවී කරුණානායක, මයන්ත දිසානායක, සිරිනාල් ද මැල්, එම් වේලුකුමාර්, මහාචාර්ය ආශු මාරසිංහ, චමින්ද විඡේසිරි, චතුර සේනාරත්න සහ සන්දිප් සමරසිංහ යන මහත්වරු මෙම අවස්‌ථාවේදී සභා ගැබෙහි සිටියේ නැත.
     
     විපක්‌ෂයේ මන්ත්‍රීවරුන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්‌ෂ, හිටපු කථානායක චමල් රාජපක්‌ෂ, නාමල් රාජපක්‌ෂ, විමල් වීරවංශ, සාලින්ද දිසානායක, පවිත්‍රා වන්නිආරච්චි, ඩලස්‌ අහලප්පේරුම කෙහෙලිය රඹුක්‌වැල්ල, ප්‍රේමලාල් ජයසේකර, වෛද්‍ය රමේෂ් පතිරණ, ලොහාන් රත්වත්ත සහ නිහාල් ගලප්පත්ති යන මහත්ම මහත්මීන්ද පැමිණ සිටියේ නැත.

  • සමෘද්ධි බැංකුවත් ඉවරයි

    සමෘද්ධි බැංකුවත් ඉවරයි

    සමෘද්ධි බැංකුවේ මුදල් අවභාවිතා වී ඇතැයි සඳහන් කරමින්  වත්මන් රජය සමෘද්ධි බැංකුවත් දේශපාලනීකරණය කිරීමට සූදානම් වන බව ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කරයි.
    2017 වර්ෂයේදී සමෘද්ධි ලාභීන් දහතුන් ලක්ෂ අසු අට දහස් දෙසිය හතලිස් දෙකක් සාමාජිකත්වය ලබා සිටින මෙම බැංකුව හරහා එජාපය තම ඡන්ද පදනම සකස් කර ගැනීමේ උත්සාහයක නිරත වන බවද ඔහු සඳහන් කළේ ඊයේ (08) කොළඹදී පැවැති ඒකාබද්ධ විපක්ෂයේ මාධ්‍ය හමුවකට සහභාගි වෙමිනි. 
    මම එස්.බි. දිසානායක මහතාගෙන් විමසීමක් කළා. රජය සමෘද්ධි බැංකුවේ මුදල් අවභාවිතාවක් ගැන සඳහන් කරන නිසා එහි තොරතුරු දැන ගන්න. පසුගිය කා‍ලේ සමෘද්ධි අමාත්‍යාංශය බාරව හිටියේ එස්.බි. දිසානායක ඇමැතිතුමයි. එතුමා කියන්නේ සමෘද්ධි අමාත්‍යාංශයේ රුපියල් දහසක හෝ මුදල් අවභාවිතාවක් සිදුව තිබෙනවා නම් ඕනෑම පරීක්ෂණයකට එතුමා සූදානම් කියලයි. මේ රජය බොරු චෝදනා එල්ල කරමින් මේ හදන්නේ සමෘද්ධි බැංකුවේ දැනට ඉතිරිව ඇති රුපියල් බිලියන ගණනක මුදල්  ජනතාවට බෙදා දී එජාප  ඡන්ද පදනම ගොඩ නඟා ගැනීමටයි. යැයිද ගුණවර්ධන මහතා කීවේය.
  • මාස එකහමාරක් ඇතුළතදී නඩුවක් අවසන් කොට තීන්දුව ලබාදිය හැකි අධිකරණ සංවිධාන සංශෝධන පනත් කෙටුම්පත අද පාර්ලිමේන්තුවට

    මාස එකහමාරක් ඇතුළතදී නඩුවක් අවසන් කොට තීන්දුව ලබාදිය හැකි අධිකරණ සංවිධාන සංශෝධන පනත් කෙටුම්පත අද පාර්ලිමේන්තුවට

    සති හතරක් හෝ සති හයක් ඇතුළතදී නඩුවක් අවසන් කොට තීන්දුව ලබාදිය හැකි අධිකරණ සංවිධාන සංශෝධන පනත් කෙටුම්පත අද (9) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය නීතිඥ තලතා අතුකෝරළ මහත්මිය ඊයේ (8) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවකට සහභාගි වෙමින් පැවැසුවාය.
    මෙම අධිකරණයේ විනිශ්චයකාරවරු පත්කිරීමේ අයිතිය සම්පූර්ණයෙන්ම අග්‍රවිනිශ්චයකාරවරයාට පැවැරී ඇත. මෙම අධිකරණය පිහිටුවීමේ අරමුණ දූෂණ, වංචා සම්බන්ධයෙන් පවරන නඩු සම්බන්ධයෙන් ඉක්මනින් තීන්දු තීරණ ගෙන දඬුවම් දීම හා අදාළ මුදල් අයකර ගැනීම බව අමාත්‍යවරිය කියා සිටියේය. නීතියේ ගැටලුවක් නොවන්නේ නම් මෙම අධිකරණය හරහා එක දිගට නඩුව විමසා මාසයක් ඇතුළත වුවද නඩුව අවසන් කොට තීන්දු තීරණ ගැනීමට හැකියාව ඇත. රටේ පවතින නීතියට එකඟව තීන්දු තීරණ ගන්නා මෙම අධිකරණ පද්ධතියට කිසිදු ආකාරයකට දේශපාලන අධිකාරිය මැදිහත් නොවන බව තලතා අතුකෝරළ අමාත්‍යවරිය පැවැසුවාය.
    කුමන නඩුව ප්‍රථමයෙන් විමසනවාද යන්න සම්බන්ධයෙන් දේශපාලන අධිකාරිය මැදිහත් නොවන බවද ඇය කියා සිටියාය. ස්වාධීන අධිකරණ පද්ධතියක් තුළ ක්‍රියාත්මක වන මෙම නව අධිකරණය තුළ විමසන ප්‍රථම නඩුව බැඳුම්කර සම්බන්ධ නඩුව විය හැකි බවද අමාත්‍යවරිය වැඩිදුරටත් සඳහන් කළේය.
  • 2020 ජනාධිපති අපේක්ෂකයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කරනවාමයි

    2020 ජනාධිපති අපේක්ෂකයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කරනවාමයි

     ඉකුත් ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට ජනාධිපති අපේක්ෂක ලෙස ඉදිරිපත් වන ලෙස තමන් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායකයා ලෙස ඉල්ලීමක් කළ බවත් එහෙත් ඒ අවස්ථාවේදී නිවැරදි තීරණයක් නොගත් බවත්, එලෙස වැරදි තීරණයක් ගැනීමේ ප්‍රතිඵල අද භුක්ති විඳිමින් සිටින බවත්ආණ්ඩුවේ ගෞරවය රැකගැනීමට නොහැකිව අද ළතැවීමට සිදුවී ඇත්තේ එදා ගත් වැරදී තීන්දුව නිසා බවත් ප්‍රාදේශීය සංවර්ධන තිරසර සංවර්ධන හා වනජිවී අමාත්‍ය සරත් ෆොන්සේකා මහතා ඊයේ (06) සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ ඊයේ පැවැති එක්සත් ජාතික පක්ෂ මැයි දිනයේදී පැවැසීය.
    එබැවින් 2020 ජනාධිපතිවරණයේදී ඒ වැරැද්ද නිවැරදි කර ගැනීම සඳහා රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරයා බවට පත් කිරීමට  කටයුතු කළ යුතු බවත්, පෞද්ගලික න්‍යාය පත්‍ර පසෙකලා සියලු දෙනා ඒ වෙනුවෙන් කැපවිය යුතු බවත් ඒ මහතා පැවැසීය. එසේ නොවුණහොත් සිදුවන්නේ නැවතත් අපි ගැන අපිටම ලැජ්ජා වීමට බවද අමාත්‍ය සරත් ෆොන්සේකා මහතා කීය. 
  • සමෘද්ධියත් මහබැංකුව යටතට ගන්නවා

    සමෘද්ධියත් මහබැංකුව යටතට ගන්නවා

    අනෙක් සියලු බැංකු මහබැංකුව යටතේ පාලනය වන බැවින් සමෘද්ධි සහනාධාර සහ ණය පහසුකම් ඉතුරුම්වලට අදාළ සමෘද්ධි බැංකුවද ඉදිරියේදී මහබැංකුවේ පාලනය යටතට පත් කිරීමට කටයුතු කරන බව කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ ඊයේ (06) පැවැති එක්සත් ජාතික පක්ෂ මැයි රැලියේදී අගමැති එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය.
     
    සේවක අර්ථසාධක අරමුදල, සේවක  භාරකාර අරමුදල, ආදී සියල්ල මුදල් අමාත්‍යාංශයේ රෙගුලාසී මත පාලනය වන නමුත් සමෘද්ධි අරමුදල් හෝ සමෘද්ධි බැංකුව එලෙස කිසිදු රෙගුලාසියකට අනුව පාලනය නොවන බව පෙනී ගොස් ඇති බැවින්  එයට ඉදිරියේදී මුදල් අමාත්‍යාංශ රෙගුලාසිවලට යටත් වන නව ක්‍රමවේදයක් සකස් කරන ලෙස මුදල් අමාත්‍යවරයාට උපදෙස් ලබා දී තිබෙන බවද රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී පැවැසීය. 
    සමෘද්ධි අමාත්‍යාංශය වර්තමානයේ එක්සත් ජාතික පක්ෂය යටතේ පවතින අමාත්‍යාංශයක් බැවින් සමෘද්ධි සහනාධාර ලබාදීමේදී ඉකුත් කාලයේ සිදුවූ අඩුපාඩු මගහරවා ගැනීමට කටයුතු කරන බවත් සමෘද්ධිය වෙනුවෙන් මුළු වර්ෂයම සඳහා වෙන් කර ඇති මුදලින් මුල් මාස තුන ඇතුළත පමණක් 52% වියදම් කර අවසන් බවත් මුල් මාස තුන තුළ වියදම් කළ යුත්තේ 25 පමණක් වන බවත් මෙලෙස 52 වියදම් කර අවසන් වූයේ කෙසේ දැයි සොයා බලන ලෙසත් උපදෙස් දී ඇතැයිද අගමැති රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය. 
  • හෙට රෑ 12න් පසු යකඩ යක්කු වර්ජනයක

    හෙට රෑ 12න් පසු යකඩ යක්කු වර්ජනයක

    හෙට මධ්‍යම රාත්‍රියේ සිට සියලු දුම්රිය වෘත්තීය සමිති ඒකාබද්ධ කර ගනිමින් වර්ජනයක් ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බව දුම්රිය නියාමකවරුන්ගේ සංගමය පවසයි.

    වැටුප් ගැටළුව මුල්කර ගනිමින් මෙම වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයේ නිරතවීමට සැලසුම් කර ඇති බව එම සංගමය සඳහන් කළේය.

  • පෑලියගොඩ පාතාල මංජුගේ ගෝලයා පොලිස් වෙඩි පහරින් මරුට

    පෑලියගොඩ පාතාල මංජුගේ ගෝලයා පොලිස් වෙඩි පහරින් මරුට

    පෑලියගොඩ ප්‍රදේශයේ ප්‍රධාන පාතාල නායකයාව සිටි පාතාල නායක මංජුගේ ප්‍රධාන ගෝලයා වන මනුෂ්‍ය ඝාතන, හෙරොයින් ජාවාරම් ඇතුළු අපරාධ රැසකට සම්බන්ධ පාතාල සාමාජිකයෙක්  දිලීප පොලිස්‌ විශේෂ කාර්ය බළකා නිලධාරීන්ට වෙඩිතබා පලායැමට උත්සහ කළ අවස්‌ථාවේ පොලිස්‌ විශේෂ කාර්ය බළකාය එල්ල කළ ප්‍රතිප්‍රහාරයකදී මරුමුවට පත්වී ඇත.

    සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්‌ඨාසයට සහ පොලිස්‌ විශේෂ කාර්ය බළකායට අවශ්‍යව සිටි සංවිධානාත්මක අපරාධකරුවකු මහනුවර තලාතුඔය ප්‍රදේශයේ සිටින බවට ලැබුණු තොරතුරක්‌ මත පොලිස්‌ විශේෂ කාර්ය බළකා නිලධාරීන් කණ්‌ඩායමක්‌ එම ප්‍රදේශයට ගොස්‌ ඇති අතර එහිදී සැකකරු පාතමයිලපිටිය ප්‍රදේශයේ නිවසක සිටින බව තහවුරු කර ගැනීමෙන් පසු ඔහු අත්අඩංගුවට ගැනීමට පොලිස්‌ විශේෂ කාර්ය බළකා නිලධාරීන් එම නිවස වටලා ඇත.

    මේ අවස්තාවේදි මෙම පුද්ගලයා පිස්‌තෝලයකින් පොලිස්‌ විශේෂ කාර්ය බළකා නිලධාරීන්ට වෙඩි තබා පලා යැමට උත්සහ කළ අවස්‌ථාවේ විශේෂ කාර්ය බළකාය සැකකරුට වෙඩි ප්‍රහාරයක්‌ එල්ල කර ඇත. සැකකරු බරපතළ තුවාල ලබා මහනුවර රෝහලට රැගෙන යන අවස්‌ථාවේ මියගොස්‌ ඇත. මෙම අවස්‌ථාවේ සැකකරු සමග සිටි කාන්තාවක පොලිසිය අත්අඩංගුවට ගෙන ඇත. සැකකරු විසින් පොලිස්‌ විශේෂ කාර්ය බළකා නිලධාරීන්ට වෙඩි තැබීමට යොදාගත් මිලිමීටර් නවයේ ගිනි අවියද බිම වැටී තිබියදී පොලිසියට හමුවී ඇත.

    මෙම පාතාල සාමාජිකයාගේ ප්‍රධානියාවූ ඩී. මංජු නමැත්තා මීට මාස කිහිපයකට පෙර වත්තල ප්‍රදේශයේදී පොලිස්‌ විශේෂ කාර්ය බළකාය සමග ඇතිකරගත් ගැටුමකින් මියගොස්‌ තිබූ අතර ඔහු මියයැමෙන් පසු මත්ද්‍රව්‍ය ජාවාරම ඇතුළු අපරාධ මෙහෙයවා ඇත්තේ මෙම මියගිය පාතාල සාමාජිකයා බවට ආරක්‍ෂක අංශ හඳුනාගෙන තිබිණි.

    මීට දින කිහිපයකට පෙර වත්තල ප්‍රදේශයේදී සංවිධානාත්මක අපරාධකරුවන් කණ්‌ඩායමක්‌ පොලිස්‌ විශේෂ කාර්ය බළකා නිලධාරීන් කිහිපදෙනකු අත්අඩංගුවට ගැනීමට උත්සහ කිරීමේදී එම මැර පිරිස විසින් පොලිස්‌ විශේෂ කාර්ය බළකා නිලධාරීන්ට පහරදී පලාගොස්‌ තිබිණි. එහිදී තුවාල ලැබු නිලධාරීන් කිහිපදෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබා තිබු අතර එම ප්‍රහාරය සිදුකර තිබුණේ මෙම මියගිය පාතාල සාමාජිකයා බවට විමර්ශනවලදී හෙළි වී ඇත.

  • රණමයුර සම්මානය සමග අවමඟුලට ආ ප්‍රභල දේශපාලනඥයකුගේ පසුම්බියටත් විදලා

    රණමයුර සම්මානය සමග අවමඟුලට ආ ප්‍රභල දේශපාලනඥයකුගේ පසුම්බියටත් විදලා

    පසුගියදා රටම හඩවමින් අප අතරින් වියො වූ ඒ අසහාය මිනාසා ලෙස්‌ටර් ඡේම්ස්‌ පීරිස්‌ මහතාගේ නිවසින් සොරාගත් රණමයුර සම්මානය පිළිබදව පසුගිය දිනවල දැඩි කතාබහක් ඇති වූ අතර මෙම සිදුවීම මාධ්‍ය මගින් ප්‍රසිද්ධියට පත් වීමත් සමග කඩුවෙල කොල්ලුපිටිය  177 සුඛෝපභෝගි පෞද්ගලික බස්‌ රථයක දමාගොස්‌ තිබියදී මෙම සම්මානය හමුවූ බවද වාර්තා විය.

    මෙම සම්මානය සොරා ගත් ගැට කපන්නන් සිව්දෙනකු කොල්ලුපිටිය පොලිසිය අත්අඩංගුවට ගෙන ඇත. ප්‍රශ්න කිරීමේදී සැකකරුවන් පවසා ඇත්තේ මෙම සම්මානය සොරා ගැනීම පිළිබඳව මාධ්‍ය ඔස්‌සේ විශාල ප්‍රචාරයක්‌ ලැබීම නිසා තමන් දැඩිලෙස බියට පත්වු බැවින් සම්මානය බස්‌ රථයක දමා ගිය බවයි.

    සමිමානයට අමතරව ලෙස්‌ටර් ඡේම්ස්‌ පීරිස්‌ මහතාගේ නිවසින් ඇපල් වර්ගයේ ජංගම දුරකථනය සොරාගෙන ඇත්තේද මෙම සැකකරුවන් විසින් බවට විමර්ශනවලදී හෙළිවී ඇත. එම ජංගම දුරකථනය අලෙවි කර තිබූ අතර ඊයේ (06 ) රාත්‍රිය වන විට එය පොලිසිය භාරයට ගත් අතර එම ජංගම දුරකථනයද ආපසු පීරිස්‌ මහතාගේ නිවසට ගෙනවිත් දැමීමට තමන් සූදානමින් සිටි බව සැකකරුවන් වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.

    පොලීසිය විසින් තවත් විශේෂ කරුණක් අනාවරනය කර ගෙන ඇත.එනම් ලෙස්‌ටර් ඡේම්ස්‌ පීරිස්‌ මහතාගේ අවමංගල්‍යයට පැමිණි ප්‍රබල දේශපාලනඥයකුගේ මුදල් පසුම්බියකුත් මෙම සැකකරුවන් විසින් අවමංගල්‍යය උත්සවයේ තදබද අවස්‌ථාවකදී සොරාගෙන ඇති බවයි. තම මුදල් පසුම්බිය සොරාගැනීම සම්බන්ධයෙන් දේශපාලනඥයා පොලිසියට පැමිණිල්ලක්‌ කර නොතිබිණි.

    ධනවත් පුද්ගලයන්ගේ අවමඟුල් උත්සවලට පැමිණ කලබල අවස්‌ථාවල නිවෙස්‌වල ඇති වටිනා දේපළ සොරා ගැනීම මොවුන් වෘත්තිය ලෙස කරගෙන ගොස්‌ ඇත. සුගතදාස ක්‍රීඩාංගණයේ ඊයේ (06 දා) පැවති එක්‌සත් ජාතික පක්‍ෂ මැයි රැලියට සහභාගි වන ධනවත් පුද්ගලයින්ගේ මුදල් පසුම්බි සොරාගැනීමට තමන් සැලසුම් කරගෙන සිටි බවද අත්අඩංගුවට ගත් සැකකරුවන් පොලිස්‌ ප්‍රශ්න කිරීම් හමුවේ ප්‍රකාශ කර ඇත.

    මෙම සැකකරුවෝ සිව්දෙනා කඩුවෙල, මතුගම, නාවලපිටිය ප්‍රදේශවල පදිංචිකරුවන් බව කියවේ. මොවුන් දීර්ඝ කාලයක සිට ගැට කැපීම සිය වෘත්තිය ලෙස කරගෙන ගොස්‌ ඇති බව පොලිස් ප්‍රශ්නකිරීම් හමුවේ අනාවරණය වී ඇත.

  • 2020 ගෝඨාගේ පිල්ලිය වූ සජිත්ගේ කෙරුවාව

    2020 ගෝඨාගේ පිල්ලිය වූ සජිත්ගේ කෙරුවාව

    පසුගිය ජනාදිපති වරණයට එපිට මහමැතිවරණයේදී සිය මව(හේමා ප්‍රේමදාස එවකට ජනපතිව සිටි මහින්ද රාජපක්ෂ වෙත යවා ඔහු සමග එක්වීමට සිතූවත් සජිත්ගේ එම සිහිනය බොද වූයේ මහින්ද විසින් තව ටිකක් ඔහොම යනගම්න් පක්ෂෙ ඇතුලෙ බලය අල්ලගන්න ඊට පස්සෙ බලමු කියා හේමාට කිවූ නිසාය.ඉන් පසුබට නොවූ සජිත් තමා සමග සමීප තරුණ මන්ත්‍රී වරැ කිහිප දෙනෙක්ගේ මොල හෝදා සිරිකොත තුල කැරැල්ලක් ඇති කරේය.

    දිගින් දිගටම ලබන පරාජයන් හමුවේ බලය පේන තෙක් මානයේ නොමැතිව සිටි අනෙක් මන්ත්‍රී ගොල්ලන්ද මේ අයුරින් සජිත්ව ගොනා කරගෙන මහින්ද ගැසූ ගැටයේ පැටලුණි.බලය තණතුරු තානන්තර මිල මුදල් පසුපස නොයන ශ්‍රේෂ්ට පුද්ගලයින් කිහිප දෙනෙකුගේ සක්‍රීය මැදිහත් වීමෙන් එම කුමන්ත්‍රනය පරදවා එජාපය යලි ස්ථාවර නොකලෙ නම් 2015 එජාපයට අත්වන ඉරණම ගැන අමුතුවෙන් කියන්නට දෙයක් නැත.

    අලු යට ගිනි තවම නිවී නැත.මේ දින වල එජාපය තුල හොල්මන් කරන්නේ එම අදුරු සෙවනැලිමය.ඒ 2020 දී ගෝඨා දිනවීම සදහා වන බව අමුතුවෙන් කියනන්ට දෙයක් නැත.

    එක්සත් ජතික පක්ෂ හිටපු ජනාධිපති දිවංගත රණසිංහ ප්‍රේමදාසයන්ගේ පුත්‍ර රත්නය වූ පමණින් සජිත් පොරක් නම් විමුක්තිලා නාමල්ලා ද පොරවල්ය.නිවාස දෙනවා දෙනවා යයි මොරගා කීවත් හම්බන්තොට පැත්තේ ගිහින් ඇසුවෝතින් ඒ මිනිසුන්ට දුන් නිවස ගැන කන පිරෙන්න අසාගත හැක.
    පොරක් වෙන්න නම් වැඩ පෙන්නිය යුතුය.
    එසේ නොමැතිව කැලේ ගිහින් ෆන් එකට අලි මරා හරියන්නේ නැත.

    උගත් බුද්ධිමත් එජාප පක්ෂිකයිනි මේ ඔබව පක්ෂයට සහ රටට අවශ්‍යම මොහොතයි….. කුමන්ත්‍රන වලට හසු නොවී දේශපාලනයේ පරිනතයින් සමග ඉදිරියට යමු.

  • අර්තාපල් සහ ලොකු ළුණු සඳහා බදු ඉහළට

    අර්තාපල් සහ ලොකු ළුණු සඳහා බදු ඉහළට

    ඊයේ (03) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලොකු ළූණු සහ අර්තාපල් සඳහා පනවා ඇති ආනයනික බද්ද රුපියල් 40 දක්වා ඉහළ දමා ඇත.