Tag: breaking post

  • 2020 ජනපති අපේක්ෂක ගෝඨා බව ඉංදීය මාධ්‍ය ස්ථිර කරයි

    2020 ජනපති අපේක්ෂක ගෝඨා බව ඉංදීය මාධ්‍ය ස්ථිර කරයි

    මහින්ද රාජපක්‍ෂ මහතා දෙවතාවක්‌ ජනපති ධුරයට පත්ව ඇති නිසා ඊළඟ ජනපති අපේක්‍ෂකයා වන්නේ ගෝඨාභය රාජපක්‍ෂ මහතා බව ඉන්දියන් එක්‌ස්‌ප්‍රස්‌ පුවත්පත කියයි. 2010 වසරට පසුව මෙම පුවත්පත පසුගියදා රාජපක්‍ෂ මහතා සමඟ සම්මුඛ සාකච්ඡාවක්‌ පවත්වා ඇති අතර එහිදී ගෝඨාභය රාජපක්‍ෂ මහතා ප්‍රකාශ කර ඇත්තේ මෝදි ආණ්‌ඩුව ලංකාව දෙස වපරැසින් බැලූ බවයි. 

    කෙසේ නමුත් කොංග්‍රස්‌ ආණ්‌ඩුව ලංකාව සමඟ හොඳ සබඳතාවයක්‌ තිබූ බව රාජපක්‍ෂ මහතා ඉන්දීය මාධ්‍යවේදී අරුන් ජනවර්ධන් සමඟ ප්‍රකාශ කර ඇත.

     

  • නාත්තණ්ඩිය ප්‍රාදේහීය සභාවට පාසල් සිසුවියක් තේරිලා

    නාත්තණ්ඩිය ප්‍රාදේහීය සභාවට පාසල් සිසුවියක් තේරිලා

    පසුගියදා පවත්වන ලද පළාත් පාලන මැතිවරනයේ ප්‍රතිඵල අනුව එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් පාසල් සිසුවියක් ප්‍රාදේශීය සභාව සඳහා තේරී පත්ව ඇත.
    ඇය නාත්තණ්ඩිය කුඩාවැව පදිංචි චන්දි සුභා තෙන්නකෝන් සිසුවියයි. මේ වන විට 18 වැනි වියේ පසුවන ඇය නාත්තණ්ඩිය ධම්මිස්සර ජාතික පාසලෙහි විද්‍යා විෂය ධාරාවෙන් උසස් පෙළ අධ්‍යාපනය ලබන අතර මේ  අගෝස්තු මස පැවැත්වෙන උසස් පෙළ විභාගයට මුහුණ දීමට සූදානමින් පසුවෙයි.
  • මොරටු විශ්වවිද්‍යාලය ඉදිරිපිට නිවසක මල්පොච්චියේ අඩි 5 1/2 ක ගංජ ගහක්

    මොරටු විශ්වවිද්‍යාලය ඉදිරිපිට නිවසක මල්පොච්චියේ අඩි 5 1/2 ක ගංජ ගහක්

     මොරටුව කටුබැද්ද විශ්වවිද්‍යාලය ඉදිරිපිට සිරිබරපුර මාවතේ නිවසක මල් පෝච්චියක්‌ රහසිගතව වවා තිබූ අඩි පහමාරක්‌ පමණ උස ගංජා ගසක්‌ සමඟ නිවසේ හිමිකරු ගල්කිස්‌ස දූෂණ මර්දන ඒකකය මගින් අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. මෙම ගංජා පැළය ඔහුගේ පෞද්ගලික පාවිච්චිය සඳහා සාදාගෙන ඇති බවත් අවශ්‍ය විටදි එහි පත්‍ර වියළා සුරුට්‌ටු ඔතා පානය කරන බවත්, සැකකරු පවසා ඇතැයි පොලිසිය පැවසීය.
     

  • ලක්ෂ 130ක රත්තරං රේගුවේදී අත්අඩංගුවට

    ලක්ෂ 130ක රත්තරං රේගුවේදී අත්අඩංගුවට

    රුපියල් එක්කෝටි  තිස් ලක්ෂයක් වටිනා  ස්වර්ණාභරණ  තම ගමන් මල්ලක සඟවාගෙන  සිංගප්පුරුවේ සිට පැමිණි  ලාංකික ගුවන් මගියෙක් අද ( 23) අළුයම අත්අඩංගුවට ගත් බව කටුනායක  ගුවන්තොටුපොළ රේගුව කියයි. එහි බර  ප්‍රමාණය  කිලෝ ග්‍රෑම් 02.366 කි.

     සැකකරු ග්‍රීන් චැනල් හරහා  ගුවන්තොටුපොළින් පිටවීමට උත්සහ කළ රේගු නිළධාරින් විසින් අත්අඩංගුවට ගෙන ඇත. සැකකරු මඩකලපුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

  • ග්ලයිෆොසේට්‌ තහනම ඉවත් කළොත් ගිය ආණ්‌ඩුව මෙන්ම මේ ආණ්‌ඩුවත් ගෙදර යැවීමට කටයුතු කරනවා

    ග්ලයිෆොසේට්‌ තහනම ඉවත් කළොත් ගිය ආණ්‌ඩුව මෙන්ම මේ ආණ්‌ඩුවත් ගෙදර යැවීමට කටයුතු කරනවා

    විෂ කෘෂි රසායන භාවිතයට ගෙන ගොවි ජනතාව මරා දැමීම ලෝකයේ අලුත්ම මිනී මරණ විධි ක්‍රමය වී ඇතැයි ද, එයට එරෙහිව යමින් ග්ලයිෆොසේට්‌නමැති පූර්ණ වල් නාශකය තහනම් කිරීම නිසා ජාත්‍යන්තර වශයෙන් ශ්‍රී ලංකාවට කීර්තියක්‌ අත්වූ නමුත් රජය ග්ලයිෙෆොසෙට්‌ තහනම ඉවත් කරන්නට කටයුතු කළහොත් කලින් පැවැති රජයට සිදු කළාක්‌ මෙන් මෙම රජයද ගෙදර යවන්නට කටයුතු කරන බවකන්තලේදී පැවැති වස විෂ නැති ගොවි සමුළුව අමතමින් පූජ්‍ය අතුරලියේ රතන හිමියෝ ප්‍රකාශ කළහ.

    “වස විෂ නැති රටක්‌” ජාතික කෘෂිකාර්මික වැඩසටහන යටතේ මෙවර ත්‍රිකුණාමල දිස්‌ත්‍රික්‌කයේ වගා කරන ලද වස විෂ නැති කුඹුරුවල අස්‌වනු සමීක්‍ෂණයද මෙදිනට යෙදී තිබුණු අතර එහිදී වැඩිදුරටත් ගොවි සමුළුව අමතමින් රතන හිමියෝ මෙසේද පැවැසූහ.

    “මේ රජය යටතේ අපි ක්‍රියාත්මක වෙලා වැදගත් ක්‍රියා මාර්ග දෙකක්‌ ගත්තා. එකක්‌ පොහොර සහනාධාරය ගොවි සහනාධාරයක්‌ බවට පත් කරල ගොවීන්ගේ අතට පොහොර සඳහා මුදල් ලබාදීම. එයින් වස විෂ නැති පොහොර මිලදී ගන්න හෝ හදාගන්න අපි ගොවීන්ට අවස්‌ථාව ලබා දුන්නා. අනෙක්‌ කාරණය උග්‍ර විෂ පූර්ණ වල් නාශකයක්‌ වන ග්ලයිෆොසේට්‌තහනම් කිරීම.

    මේ දෙආකාරයෙන්ම අපි සිදුකළේ කෘෂි රසායන සමාගම්වල ගොදුරක්‌ බවට පත්වුණු ගොවියා ඉන් බේරාගෙන වස විෂ නැති ධාර්මික ගොවිතැන යළිත් මේ රටේ ඇතිකරන්න. අවුරුදු දෙකක්‌ තුළ මේ වස විෂ නැති කෘෂිකාර්මික විප්ලවය අපි පොළොවේ ජයගත්තා. ඒකේ සාර්ථක ප්‍රතිඵල ලබන මොහොතේ සමහරු දැන් මගේ කෘෂිකර්ම උපාධිය හොයනවා. ඒ විතරක්‌ නෙමේ කොම්පැණිකාරයන්ගේ වුවමනාව පිට ආයිමත් ග්ලයිෙෆොසෙට්‌ ගෙන්නන්න මේ රජය කටයුතු කරනවා නම් පැවැති ජඩ පාලනයට සිදුකළ දෙයම මේ රජයටත් කරන්න අපි පසුබට වෙන්නේ නෑ.අපි ග්ලයිෙෆොසෙට්‌ තහනම් කළාට මොන්සැන්ටෝ සමාගම වැහෙන්නේ නෑ. නමුත් අපේ ආදර්ශය අරන් ඉන්දියාව වගේ රටක්‌ මේ තීරණය ගත්තොත් ඒක ඒ සමාගමට බලපානවා. ඒ නිසා අද ඒ සමාගම විතරක්‌ නෙමේ ඒ සමාගම්වල දේශීය ඒජන්තවරුද කලබලවෙලා”

  • මාස 4ක් ඇතුලත නල්ලතන්නියේ සිට ඉඳිකටුපාන දක්‌වා ශ්‍රීපාද රක්‌ෂිතයේ  නොදිරන ප්ලාස්ටික් බෝතල් ලක්ෂ 12ක්

    මාස 4ක් ඇතුලත නල්ලතන්නියේ සිට ඉඳිකටුපාන දක්‌වා ශ්‍රීපාද රක්‌ෂිතයේ නොදිරන ප්ලාස්ටික් බෝතල් ලක්ෂ 12ක්

    ලෝක උරුමයක්‌ ලෙස නම්කර ඇති අතිශය වැදගත් ජල පෝෂක මෙන්ම හරිත වනාන්තරයක් වන ශ්‍රී පාද රක්ෂිතයේ මෙවර ශ්‍රීපාද වන්දනා සමය ආරම්භ වී මාස 04 කට ආසන්න කාලය තුළ වන්දනාව සඳහා පැමිණි වන්දනාකරුවන් විසින් නල්ලතන්නිය – ශ්‍රීපාද මාර්ගයේ නල්ලතන්නියේ සිට ඉඳිකටුපාන දක්‌වා දෙපස ශ්‍රීපාද රක්‌ෂිතයට හා පරිසරයට දිරා නොයන හිස්‌ ප්ලාස්‌ටික්‌ බෝතල් ලක්‌ෂ 12 කට ආසන්න ප්‍රමාණයක්‌ මුදාහැර ඇති බව අඹගමුව ප්‍රාදේශීය සභාවේ, නල්ලතන්නිය කසළ ප්‍රතිචක්‍රීයකරණ මධ්‍යස්‌ථානයේ ස්‌ථාන භාර නිලධාරි ඒ.ඩබ්. හේමන්ත මහතා පැවසීය.

    මෙම රක්‍ෂිතයට දිරා නොයන ඝන අපද්‍රව්‍ය රැගෙන ඒම සපුරා තහනම් කර ඇත. එහෙත් රක්‌ෂිතයට එම ඝන අපද්‍රව්‍ය මුදා හැරීමෙන් වැළකී ශ්‍රී පාදස්‌ථානය වන්දනාමාන කරන ලෙස වන්දනා සමය ආරම්භයේදීම මුද්‍රිත හා විද්යුත් මාධ්‍ය මගින් වන්දනාකරුවන් දැනුම්වත් කර ඇතත් එම උපදෙස්‌ පිළිනොපැද ඉතා අකාරුණික ලෙස ප්ලාස්‌ටික්‌ පානීය ජල හා පැණි බීම හිස්‌ බෝතල් මෙසේ බැහැර කර ඇත.

  • රුසියාවෙ ඉදල ඇමරිකාවට යන ගුවන්යානයට නාමල් බේබිව නග්ගගෙන නෑ

    රුසියාවෙ ඉදල ඇමරිකාවට යන ගුවන්යානයට නාමල් බේබිව නග්ගගෙන නෑ

    රුසියාවේ ජනපතිවරණයට ස්වාධීන නිරීක්ෂකයෙක් ලෙස එක්ව සිටි නාමල් රාජපක්ෂ මහතාව මොස්කව් සිට හූස්ටන් බලා යන ගුවන් යානයට  ඇමෙරිකානු නිලධාරීන්ගේ දැනුම් දීම මත ගුවන් යානා කාර්ය මණ්ඩලය විසින්  එක් කරගෙන නොමැත. එම ගුවන් යානය ඩුබායි හරහා ඇමෙරිකාවට ගමන් කිරීමට නියමිතව තිබණත් ඩුබායි සිට ඇමෙරිකාවට ගමන් කිරීමට මන්ත්‍රිවරයාට අවස්ථාව ලබාදී නොමැත.

    කෙසේ වෙතත් මේ සඳහා හේතුව කුමක්දැයි නොදන්නා නමුත් එය තමාගේ නමේ ප්‍රශ්නයක් විය නොහැකි බවත් මන්ත්‍රීවරයා සිය ට්විටර් ගිණුමෙන් පවසන අතර ශ්‍රී ලංකාවේ විපක්ෂ මන්ත්‍රීවරයෙක් වීම හෝ තමන් රුසියාවේ සිට ගමන් කිරීම මේ සඳහා හේතුව විය හැකි බවත් මන්ත්‍රීවරයා සඳහන් කරයි.

    Capture

  • හිටපු කොටියා දීල තියෙන්නෙ බොරු තොරතුක් – මුල්ලිවයික්කාල් රත්තරං සෙවීමේ මෙහෙයුම අසාර්ථකයි

    හිටපු කොටියා දීල තියෙන්නෙ බොරු තොරතුක් – මුල්ලිවයික්කාල් රත්තරං සෙවීමේ මෙහෙයුම අසාර්ථකයි

    මුලතිව් පුදුකුඩිඉරිප්පු පොලිසියට පුනරුත්ථාපනය වූ හිටපු එල්. ටී. ටී. ඊ. සාමාජිකයකු ලබාදුන් තොරතුරක සඳහන්ව ඇත්තේ මුලතිව් මුල්ලිවයික්‌කාල් ප්‍රදේශයේ තැනක එල්. ටී. ටී. ඊ. සංවිධානය විසින් වළලන ලද රත්‍රං තොගයක්‌ ඇති බවයි.

    පොලිසිය සෙසු ආරක්‌ෂක අංශ මේ පිළිබඳව දැනුවත් කොට මුලතිව් දිසා විනිසුරු එස්‌. ලෙනින් කුමාර් මහතාගෙන් ලබා ගත් අධිකරණ නියෝගයක්‌ මත විනිසුරුවරයා ඉදිරියේ මෙම රත්‍රං සෙවීමේ කැණීම් කටයුතු බැකෝ යන්ත්‍රයක ආධාරයෙන් සිදු කළත් විශාල වළක්‌ මිස රත්තරන් හමු වී නැති අතර එබැවින් කැණීම් කටයුතු නතර කරන ලදී.

    පුනරුත්ථාපනය වූ එල්. ටී. ටී. ඊ. සාමාජිකයන් විසින් මීට පෙර අවස්‌ථා දහයකදී පමණ වළලන ලද රත්‍රං ඇති බව කියන ස්‌ථාන ආරක්‌ෂක අංශවලට පෙන්වා දෙන ලද නමුත් ඒ කිසිදු ස්‌ථානයකින් රත්‍රං හමුවී නැත.

  • ඇමති ජෝන් අමරතුංගගේ  ආරක්ෂක නිළධාරියා කුරුඳුවත්ත පොලීසියට හොරෙන් කුණුගෙනත් දාද්දි මාට්ටු

    ඇමති ජෝන් අමරතුංගගේ ආරක්ෂක නිළධාරියා කුරුඳුවත්ත පොලීසියට හොරෙන් කුණුගෙනත් දාද්දි මාට්ටු

    ඇමැති ජෝන් අමරතුංග මහතාගේ ආරක්‍ෂක නිලධාරියා ලෙස කටයුතු කරමින් සිටින පොලිස් එස්.අයි වරයෙකු කොළඹ කුරුඳුවත්ත පොලිසිය භූමිය වෙත කසළ බැහැර කරමින් සිටියදී  පෙරේදා (20) රාත්‍රියේ අත්අඩංගුවට ගෙන ඇත.

    අත්අඩංගුවට ගත් උ.පො.ප. වරයා පසුව පොලිස්‌ ඇපමත මුදාහැර ඇති අතර ප්‍රසිද්ධ ස්‌ථානයකට කසළ බැහැර කිරීමේ චෝදනාව මත ඔහුට එරෙහිව අධිකරණයේ නඩු පැවරූ බව කුරුඳුවත්ත පොලිසිය කියා සිටියේය.

    පොලිස්‌ භූමියට හොරෙන් කසළ දමන පුද්ගලයන් අල්ලා ගැනීම සඳහා පොලිසිය කළ මෙහෙයුමකදී මෙම නිලධාරියා කොටුකර ගැනීමට හැකිවූ බව කුරුඳුවත්ත පොලිස්‌ ස්‌ථානාධිපති සමන්තිලක වැලිවිට මහතා පවසූ අතර “කුරුඳුවත්ත පොලිසිය පිටුපස පොලිස්‌ නිවාස 50 ක්‌ තිබෙනවා. මේ අය කාලයක්‌ තිස්‌සේ කුණු බැහැර කළේ කුරුඳුවත්ත පොලිසිය භූමියට.පොලිස්‌ භූමියට කුණු නොදමන ලෙස පොලිසිය අවස්‌ථා කීපයකම මේ නිවාසවල පදිංචි පොලිස්‌ නිලධාරීන් දැනුවත් කළා.ඒත් ඒ අය හොර රහසේ මේ වැඩේ දිගටම කරගෙන ගියා. දවසකට කුණු ට්‍රැක්‌ටර් දෙකක විතර ප්‍රමාණයක්‌ පොලිසිය භූමියට මේ අය බැහැර කරනවා.මේක නතර කරන්න බැරි තැන අපි මෙහෙයුමක්‌ ක්‍රියාත්මක කළා. කසළ දමන පුද්ගලයන් අත්අඩංගුවට ගත්තා.සැකකාර නිලධාරියා සම්බන්ධයෙන් පොලිස්‌පතිවරයාට, ඇමැති ආරක්‍ෂක අංශයේ අධ්‍යක්‍ෂවරයාට මෙන්ම ඉහළ නිලධාරීන්ටද වාර්තාවක්‌ ලබා දුන්නා.” යැයි එ් මහතා වැඩිදුරටත් කියා සිටියේය.

  • හොරණ තරුණයක් වෙඩි නොවදින “විෂ්ණු ක්‍රාන්තී තෛලය” නිපවයි

    හොරණ තරුණයක් වෙඩි නොවදින “විෂ්ණු ක්‍රාන්තී තෛලය” නිපවයි

    හොරණ උතුරු උඩුව ප්‍රදේශයේ තරුණයකු වෙඩි නොවදින තෙලක්‌ නිපදවා ඇති පුවතක් ලැබී ඇත.වසර ගණනාවක්‌ පිළිවෙත් පුරා මෙම කාර්යයේ යෙදුණ බවත් පැරණි ගුරුවරුන්ගෙන් ලද යන්ත්‍ර මන්ත්‍ර මේ සඳහා යොදා ගත් බවද ඔහු පවසයි.

    උතුරු උඩුව කරව්හේන ප්‍රදේශයේදී මෙම තෙල් කුප්පියට වෙඩි තබා පරීක්ෂා කර ඇත. ප්‍රදේශයේ දක්‌ෂ වෙඩික්‌කරුවකු ගෙන්වා වෙඩි ප්‍රහාර දෙකක්‌ තෙල් කුප්පියට එල්ල කළ ද වෙඩි උණ්‌ඩ තෙල් කුප්පියට නොවැදී ඉහළට ගිය බව පසුව වෙඩික්‌කරුගෙන් කළ විමසීමකදී ඔහු පැවසා ඇත.

    “විෂ්ණු ක්‍රාන්තී තෛලය” නමින් හඳුන්වන මෙම තෙල් කුප්පියට කිසිවෙකුට වෙඩි තැබිය නොහැකි බවත් කිසිම ලාභ අපේක්‌ෂාවකින් තොරව තමන් මේ දේ කළ බවත් නීත්‍යානුකූලව සිදු කෙරෙන දෙයකට මෙය යොදා ගත හැකි වෙතැයි ඔහු අපේක්‌ෂා කරන බවත් මෙම තෙල නිපදවූ තරුණයා පවසයි.

  • නියෝජ්‍ය අමාත්‍ය තෙවරප්පෙරුම ඉල්ලා අස්වෙයි

    නියෝජ්‍ය අමාත්‍ය තෙවරප්පෙරුම ඉල්ලා අස්වෙයි

    තමන් බුලත්සිංහල ජනතාවට පසුගිය කාලය තුළ ජීවිත පරිත්‍යාගයෙන් උදව් කළ ද පසුගිය පළාත් පාලන මැතිවරණයෙන් බුලත්සිංහල සහ මදුරාවල යන ප්‍රාදේශීය සභා පරාජයට පත්වීම සහ සිය පාක්‌ෂිකයකු වෙනුවෙන් බුලත්සිංහල පොලිසියට ගොස්‌ පැමිණිල්ලක්‌ දැමීමට පැය තුනකට අධික කාලයක්‌ බලා සිටීමට සිදු වූ බැවින් තවදුරටත් බුලත්සිංහල ආසන සංවිධායක ලෙස කටයුතු කිරීමට නොහැකි නිසා තමා එම ආසන සංවිධායක ධුරයෙන් ඉල්ලා අස්‌ වන බවත්  අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ගෙනැවිත් තිබෙන විශ්වාසභංග යෝජනාව පරාජය කිරීමට සිය සහයෝගය ලබාදෙන බවත් පාලිත තෙවරප්පෙරුම මහතා යෝජ්‍ය ඇමැති පාලිත තෙවරප්පෙරුම මහතා ප්‍රකාශ කර ඇත.

    හෙතෙම තම ඉල්ලා අස්‌වීමේ ලිපිය ඊයේ (21) අගමැති රනිල් වික්‍රමසිංහ මහතා වෙත භාරදී ඇත.

  • කබීර් ගේ යහපාලනයෙන් මස්සිනාට කෙළ වෙයි.

    කබීර් ගේ යහපාලනයෙන් මස්සිනාට කෙළ වෙයි.

    Image result for kabir hashim

    තලවතුගොඩ අනතුරට පත් මෝටර් රථය පැද වූ අමාත්‍ය කබීර් හෂීම් ගේ මස්සිනා කඩුවෙල අධිකරණයෙන් දින හතකට රිමාන්ඩ් භාරයට පත් කළේය.එම තීන්දුව දින හතක් නොව 14 ක් කරන්නට කොස්වත්ත පොලීසියට ඕනෑ වූයේ එය සමාජයේ විශාල අවධානයක් යොමු වූ කාරණයක් වූ බැවිනි.එමෙන්ම පොලිසිය දැනුවත්ව ලක්ෂ අනූවක මුදලක් ද එම රිය අනතුරේදී හානි වූ අනිත් රිය දෙකට ගෙවන්නට කබීර්ගේ මස්සිනා කැමති කරවා ගෙන සිටියත් විනිසුරුවරයා එම අසාධාරණ එකඟවීම වළක්වා හානියේ නිවැරදි වටිනාකම ගෙවන්නට නියෝග කළේය.

    මේ සිදුවීම සම්බන්ධයෙන් කබීර් හෂීම් ගේ හැසිරීම ඔහු නියෝජනය කරන දේශපාලනයට අනුව සිදු විය.මේ සම්බන්ධයෙන් වෙනත් දේශපාලනඥයන්ගේ නම් ඈදෙන විට ඒ සමහරක් ඇමති කබීර් ගේ සම්බන්ධය කියන්නට උත්සාහ කළ ද,කබීර් කළේ වෙනත් කිසිවෙකු එයින් අපහාස විඳින්නට හෝ අපහසුවට පත් නොවිය යුතු බව කියමින් තමන්ම මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් අනතුරට පත් රිය පැද වූයේ තමාගේ ඥාතියෙකු බව කීමය.

    ඒ තරම් විනිවිදභාවයෙන් අමාත්‍ය කබීර් කටයුතු කිරීමේ ප්‍රතිපලය වූයේ තලංගම පොලීසිය සාමාන්‍ය රිය අනතුර සමාජ කැළඹීමක් ඇති බව කියමින්,එම සිදුවීමට අදාළව ඇප ලබා දීම ප්‍රතික්ෂේප කරමින් කබීර් ගේ මස්සිනා උපරිමයට හිර කිරීමය.එපමණක් නොව අධිකරණ තීන්දුව මත එම මෝටර් රථය ලබා ගැනීමට කොස්වත්ත පොලිසියට ගිය කබීර් ගේ මස්සිනාගේ ඥාතීන්ට එම රිය ලබා දෙන්නට එන්නට යැයි පවසා පැය තුනකට ආසන්න කාලයක් රස්තියාදු කොට,ඔවුන් රැගෙන ආ වාහනය ලියාපදිංචිය සම්බන්ධ කරුණු ආදිය ස්ථානාධිපතිවරයා විසින්ම මාධ්‍යයට දැණුම් දී අවසානයේ හිමිකරුගේ ලිපියක් නැති බව පවසා ප්‍රතික්ෂේප කිරීමය.

    ඇමති කබීර් නීතියට බලපෑමක් නොකර,නිහතමානීව කටයුතු කිරීම කොස්වත්ත පොලිසිය යොදාගත් ආකාරය තැලෙන යකඩය දුටු විට ආචාරියා උඩ පැන පැන තලනවායන කියමණෙන් හැදින්වීම සාධාරණය.අනෙකුත් පොලිස් නිලධාරීන් කෙළින් යන්නට උත්සාහ කළ ද අමාත්‍යවරයාගේ මේ හැසිරීම සමඟ එම නිලධාරීන්ට නීත්‍යාණුකූලව හැසිරීමේ අවස්ථාව අහිමි කරමින් ස්ථානාධිපතිවරයා අනවශ්‍යය ලෙස මෙම සිදුවීම මාධ්‍ය සංදර්ශනයක් බවට පත් කරන්නට මාධ්‍යය සොයා ගොස් තොරතුරු ලබා දෙමින් සාමාන්‍යයෙන් එවැනි වරදක් කළ පුද්ගලයෙකු සම්බන්ධයෙන් ක්‍රියා කළ යුතු ආකාරය ඉක්මවා කටයුතු කිරීම පිළිකුල් සහගතය.රටේ බොහෝ ප්‍රභූන් හැසිරෙන ආකාරයෙන් බැහැරව සිය ඥාතියාට සාමාන්‍ය පුද්ගලයෙකු ලෙස සළකා නීතිය ක්‍රියාත්මක කරන්නට ආශිර්වාදය සහ අනුමැතිය දුන් කබීර් අමාත්‍යවරයාට පොලීසීය සැළකුවේ ඔහුගේ මස්සිනා කළ වරද දෙගුණ,තෙගුණ කර අධිකරණයට කරුණු ඉදිරිපත් කරමින් සාමාන්‍යයෙන් ඇප ලබා දිය හැකි වරදකට ඔහුව රිමාන්ඩ් භාරයට යැවීමෙන්ය.

    නමුත් යහපාලනය පැමිණෙන්නට පෙර පොලිසියේ හැසිරීම් අපි දැක ඇත්තෙමු.ඔවුන් ඉහළ දේශපාලනඥයන්ගේ පමණක් නොව ඔවුන්ගේ බිරින්දෑවරුන්ගේ සහ වෙනත් නෑ හිතුමිතුරන්ගේ ද නියෝග එන විට නැට්ට පස්සේ ගහගෙන ඒවා ක්‍රියාත්මක කළ යුතු සුනඛයන් තරමට හීලෑ වී සිටියේය.අද තාජුඩීන් ඝාතනය,ලසන්ත ඝාතනය වැනි සිදුවීම් හරහා මතුවන පොලිස් නාටකවලදී ඔවුන් දේශපාලක නූල්වල එල්ලා තැබූ රූකඩ ලෙස හසුරුවා ඇති ආකාරය හෙළිදරව් වෙමින් පවතින්නේය.තවමත් ඒ මඟ යමින් අනතුරක් සිදු කිරීමෙන් නොනැවතී,සිය ප්‍රතිමල්ලවයන්ට පහර දුන් රමිත රඹුක්වැල්ලට අධිකරණයෙන් ලැබුණ දඩුවම හැරෙන්නට පොලිසිය ඔහුව අපරාධකාරයෙක් කරන්නට හෝ සමාජ කැළඹීමක් ඇතිවන බව කියමින් හිර කරන්නට උත්සාහ නොකළේය.ඒ පෙර වැරදි දුසිමක් පමණ තිබියදී ය.

    නමුත් නීතියට යුක්තියට ගරු කරන හිස නමන පිරිසට නොව නීතිය තවමත් නැමෙන්නේ අයුක්ති සහගතව තමන් පෙළන දරදඩු දේශපාලන උවමනාවන්ට ද යන්න,තලංගම පොලීසියේ හැසිරීම සමග මතුවන හිරිකිත සැකය මේ රජයේ ක්‍රමවේදයට පෙරට යන්නට බැරි බරපතල කාරාණාවක් ලෙස ඉදිරියේදී තව දුරටත් රජයේ යහපාලන දේශපාලන ප්‍රතිපත්තිවලට එරෙහිව නැඟී සිටීමේ දැඩි අවධානමක් මේ සිදුවීමෙන් මතුවන්නේය.

  • ලෝකයේ දූෂිතම රටවල් 4න් එකක් ලෙස ශ්‍රී ලංකාව කිරුළු පළඳියි

    ලෝකයේ දූෂිතම රටවල් 4න් එකක් ලෙස ශ්‍රී ලංකාව කිරුළු පළඳියි

    ලෝකයේ අති දූෂිතම රටවල් 4න් එකක් බවට ලංකාව පත්වී ඇති බව සමාජ සුබසාධන නියෝජ්‍ය ඇමැති රන්ජන් රාමනායක මහතා පවසයි.

    “ලෝකයේ අති දූෂිතම රටවල් හතරෙන් එකක්‌ බවට ශ්‍රී ලංකාව පත්වෙලා අවසන්. මේවාට සම්බන්ධ හොර ජාවාරම්කාරයෝ තමන්ගේ රාජකාරිය හොඳට කරලා තිබෙනවා. ඒවට නඩු භාණ්‌ඩත් තිබෙනවා. දැන් මල්වානේ ගෙදර තිබෙනවා. තාජුඩීන්ගේ මළමිනිය තිබෙනවා. ඒත් මේ නඩු භාණ්‌ඩ සියල්ල තිබෙද්දී ඒ අපරාධකරුවන්ව නීතිය ඉදිරියට ගෙනඒම හා දඬුවම් දීම සිදුකෙරිලා නෑ. මහ බැංකු වංචාකාරයොත් ඉන්නවා. ඒ හොරු අල්ලන්නැත්තේ ඇයි.

    මේ හොරුන්ව ආරක්‌ෂා කරන්නේ අධිකරණය, නීතිඥයන්, පූජකයන්, පාලකයන්, ජනතාව අපේ රට විනාශ වෙලා තිබෙන්නේ හරි කෙලින් වැඩකරන අධිකරණයක්‌ නැති නිසයි. මේවා එළියේ කිව්වහම මට නඩු වැටෙනවා. ඒත් මේවා කියන්න ඕන. මහ හොරු රකින්න දූෂිත නීතිඥයෙක්‌ ඉන්නවා. ඒ හොරුන්ව රකින්න සුදු හුණු ගාන නීතිඥයන් දැක්‌කහම ලැජ්ජා හිතෙනවා.

    ගෝඨාභය රාජපක්‌ෂ අධිකරණයට යන්න බයයි. අත්අඩංගුවට ගන්න එපා කියනවා. අද අපි එක්‌ක ඉන්න 75% ක්‌ම හොරු මාත් එක්‌ක වාදයකට ආවොත් ඒ ගැන කියන්නම්. හැම කෙනාගෙම පයිල් මම ළඟ තිබෙනවා. මේ පක්‌ෂ දෙකේම හොරු ඉන්නවා. ෙජ්වීපී ය සුපිරිසිදු පක්‌ෂයක්‌ කියනවා ඒත් මුලින්ම බැංකු කැඩුවේ කවුද? පක්‌ෂ බේදයක්‌ නැතුව හොරු අල්ලන්න අපි කවුරුත් එකතු වුණොත් මේ රට හදන්න පුළුවන්. ඒ වගේම කොන්ද කෙළින් තියාගෙන තීන්දු දුන්නොත් විනිසුරුවරුන්ට මේ රට සුරපුරයක්‌ කරන්න පුළුවන්.”

  • ගිය ආණ්ඩු සමයේ පැහැර ගැනීම් සිද්ධි පමණක් පරිගණක ගත කළ පිටු 04 ක ලේඛණයක

    ගිය ආණ්ඩු සමයේ පැහැර ගැනීම් සිද්ධි පමණක් පරිගණක ගත කළ පිටු 04 ක ලේඛණයක

    පසුගිය රාජපක්ෂ පාළන සමය තුල සිදු වූ පැහැර ගැනීම්,ඝාතන,දූෂණ වංචා පිළිබද ලේඛණයක් ඉදිරියේ දී රටට හෙළි කරන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.

    පසුගිය රජය සමයේ දුෂණ වංචා සහ මනුෂ්‍ය ඝාතන රැසක් සිදුව තිබෙන අතර පැහැර ගැනීම් පමණක් පරිගණක ගත කළ පිටු 04 ක් තිබෙන බවත් එම තොරතුරු ලේඛණය ඉදිරියේ දී ප්‍රකාශයට පත් කරන බවත් අමාත්‍ය රාජිත සේනාරත්න මහතා  කෑගල්ලේ පැවති උත්සවයකදී ප්‍රකාශ කර ඇත.

    අද දිනය වන විට පැහැරගැනීම් කිසිවක් සිදු වන්නේ නැති බවත් ජනතාවට නිදහස ලබා දී තිබෙන බවත් ඔහු විසන් එහිදී වැඩිචුරටත් ප්‍රකාශ කර ඇත.

     

  • බැංකු නිළධාරිනිය බියවද්දා මහදවල් ලක්ෂ 9.5ක් කොල්ලකයි

    බැංකු නිළධාරිනිය බියවද්දා මහදවල් ලක්ෂ 9.5ක් කොල්ලකයි

    ඊයේ (20) කිරිබත්ගොඩ නගර මධ්‍යයේ පෞද්ගලික බැංකුවක් වෙත යතුරුපැදියකින් පැමිණි පුද්ගලයෙක් තියුණු අවියක් පෙන්වා නිළධරිණියක් බියවද්දා රුපියල් නම ලක්ෂ පනස්දහසක මුදලක් පැහැරගෙන ඇතැයි වාර්තා වේ.

    සැකකරු මෙතෙක් අත්අඩංගවට ගෙන නැති අතර මේ සම්බන්ධයෙන් කිරිබත්ගොඩ පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.

  • ජාතික පොලිස් කොමිෂන් සභාවේ ලේකම්ව වහාම ක්‍රියාත්මක වන පරිදි එම ධුරයෙන් ඉවත් කරයි

    ජාතික පොලිස් කොමිෂන් සභාවේ ලේකම්ව වහාම ක්‍රියාත්මක වන පරිදි එම ධුරයෙන් ඉවත් කරයි

    ජාතික පොලිස් කොමිෂන් සභාවේ ලේකම් ආරියදාස කුරේ මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි එම ධුරයෙන් ඉවත් කර ඇත. පොලිස් කොමිෂන් සභාවේ සාමාජිකයන් රැස්වී ගත් තීන්දුවක් ලෙස කොමිෂන් සභා ලේකම්වරයාගේ සේවය අවසන් කර ඇති අතර මේ සම්බන්ධව ලේකම්වරයාට ලිපියක් මගින් දැනුම් දී ඇත.

    වයස අවුරුදු 60 ඉක්මවූ පුද්ගලයන් සේවයේ යොදා නොගන්නා ලෙස ගත් තීන්දුවක් මත මෙම තීරණය ගෙන ඇති බව වාර්තා වෙයි.