විරෝධතා ගොනු කිරීමට ඇති කාලය අද අවසන්…! මැකෝගෙන් විශේෂ නිවේදනයක්

විරෝධතා ගොනු කිරීමට ඇති කාලය අද අවසන්…! මැකෝගෙන් විශේෂ නිවේදනයක්
Spread the love

2024 ඡන්ද හිමි නාම ලේඛනය සම්බන්ධයෙන් හිමිකම් සහ විරෝධතා ගොනු කිරීමට දී තිබූ කාලය අද (06) අවසන් වන බව ජාතික මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල්.රත්නායක මහතා පැවසීය.

එය නැවත දීර්ඝ කිරීමක් නොකරන බව සභාපතිවරයා පැවසීය.

ඒ අනුව ග්‍රාම නිලධාරීවරුන් හරහා ඒ සඳහා අයැදුම්පත් ඉදිරිපත් කළ හැකිය. ඊට අමතරව ජාතික මැතිවරණ කොමිෂන් සභාවේ වෙබ් අඩවිය හරහා ද ඒ සඳහා අයැදුම් කළ හැකිය.

මේ අතර ජාතික මැතිවරණ කොමිෂන් සභාව ලබන අඟහරුවාදා (07) රැස්වීමට නියමිත බව සභාපතිවරයා පැවසීය.

එහිදී කොමිසමේ ඉදිරි කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිත බව සභාපතිවරයා වැඩිදුරටත් පැවසීය.