ජනපතිගේ ‘සුභ ආරංචිය‘ ගැන ‘මනූෂ‘ කළ සුපිරි හෙළිදරව්ව

ජනපතිගේ ‘සුභ ආරංචිය‘ ගැන ‘මනූෂ‘ කළ සුපිරි හෙළිදරව්ව
Spread the love

‘රටට සුබ ආරංචියක් එනවය කියන්නේ ජනතාවට සුබකළ දසාවක් උදාවනවයි කියන එකයි. රටේ මිනිස්සුන්ට සුබ කාලයක් උදාවනවාට අකමැති අය කවුද කියල මේ දවස් දෙක තුනේ තහවුරු වුණා’ යයි අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පවසයි.

කොළඹදී පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් නානායක්කාර මහතා මේ බව සඳහන් කළේය.

රටට සුබ ආරංචියක් ලැබෙන පණිවිඩය දැක්ක ගමන් ස.ජ.බ ය හා මාලිමාව භූමිතෙල් වැඳුණු ගැරඬි වගේ කලබල වෙලා. හතර පෝයටම සිල්ගන්නව වගේ පෙන්වන දේශපාලකයන් විපක්ෂය හැමදාමත් කළේ කුහක දේශපාලනයේ යෙදෙන එකයි. රටට සුබ ආරංචියක් එනවාය කියන පණිවිඩයට ඔවුන් එතරම් කළබල වුණේ ඒකයි.

රටට සුබ ආරංචියක් එනවය කියන්නේ ජනතාවට සුබකළ දසාවක් උදාවනවයි කියන එකයි.රටේ මිනිස්සුන්ට සුබ කාලයක් උදාවනවාට අකමැති අය කවුද කියල මේ දවස් දෙක තුනේ තහවුරු වුණා.

කොරියාව මේ වගේ ආර්ථික අර්බුදයයකට මුහුණ දීපු වෙලාවෙදි ඒ රටේ මිනිස්සු රට ගොඩගන්න රජයට සහය දුන්නා. ඊශ්‍රායලයේ ජනතාව ස්ථාවර ආණ්ඩුවක් පිහිටුවා ගන්න නෙදන්යාහුට සහය දුන්නා.වර්තමානයේදී රුසියාව,යුක්රේනය වගේ රටවල ජනතාව අර්බුධයෙන් ගොඩ එන්න පවතින රජයට සහය දෙනවා. ලෝකයේ තවත් රටවලින් එහෙම උදාහරණ රාශියක් තියෙනවා. නමුත් අපේ රට අමාරුවේ වැටුණු හැම වෙලාවකදි විපක්ෂය ඒ අර්බුදය තවත් වැඩි කරන්න කටයුතු කළා.

තනි මන්ත්‍රීධූරයක් තියාගෙන රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ධූරය භාර ගත්තා. පසුව ඔහු ජනාධිපති තනතුර භාර ගත්තා. ඒ වෙලාවේ පාර්ලිමේන්තුව ගිණි තියන්න සමහරු උත්සාහ ගත්තා.ඒ රටේ ස්ථාවරත්වයක් ඇතිවීම වළක්වන්නයි.

88/89 දි ගුරුවරුන්ට පණිවිඩය යවල පාසල් වහල,ළමයි පාරට බැස්සුව ඉතිහාසය අපිට මතකයි.හරි පැත්තට යන රට අපසු හරවන්නයි විපක්ෂය අදත් ගුරුවරුන් පාරට බැස්සුවේ. රටේ දරුවන්ට කිරිපිටි, රෝහල්වලට බේත්ටික නැති වෙලාවෙදි රටට ඩොලර් එවන්න එපා කියල කිව්වෙත් මේ අයම තමයි. සුනිල් හඳුන්නෙත්ති, ටිල්වින් සිල්වා පිටරට ඉන්න අපේ අයට කිව්වා රටට ‍ඩොලර් එවන්න එපා කියලා. ජනධිපතිතුමා රට භාර ගත්තු වෙලාවේ ඉඳල මේ කණ්ඩායම් උත්සාහ ගත්තේ රට වට්ටවන්නමයි. ඔවුන් අදත් මේ උත්සාහ ගන්නේ ඒක කරන්නයි.

2023 මාර්තු 15 වැනිදා ජනතා විමුක්ති පෙරමුණ හා ස.ජ.ය එකට එකතු වෙලා වෘත්තිය සමිති 40ක් පාරට බැස්සුවා. ඒ මාසේ 22 වැනිදා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ණය සහනය ලබාදෙනන ගිවිසුම අත්සන්කළාම අර උද්ඝෝෂණ, වැඩ වර්ජන නතර වුණා. මිනිස්සු අලුත් හුස්මක් අරගෙන නැගිට්ටොත් තමන්ට අමාරුයි කියල විපක්ෂය දන්නවා. ඒ නිසා බො‍රු තොරතුරු, බොරු ප්‍රවෘත්ති සමාජගත කරලා රට වට්ටවන්න රට වට්ටවන්න විපක්ෂය හරි ට්‍රයි කරනවා. මේ රටට සාපය කුහක විපක්ෂයයි.

ලෝකයේ ඉන්න ඉතා ධනවත් පුද්ගලයන්, ව්‍යවසායකන් ආර්ථික ඝාතකයන් විදියට තමයි මාලිමාව හඳුන්වන්නේ. ඒ නිසා තමයි හඳුන්නෙත්ති ඊලෝන් මාස්ක්ව ආර්ථික ඝාතකයෙක් විදියට හඳුන්වන්නේ.

මේ කණ්ඩායමට අවශ්‍ය නැවත මේ රට පෝලිම් යුගයට දක්වන්නයි. අපි අර්බුධයෙන් දේශපාලනය කරන එක නවත්තමු. අපි දියුණු රටක, දියුණු ආර්ථිකයකය අලුත් දේශපාලනය කරමු. ඒ සඳහා එකතු වෙන්න කියල මම විපක්ෂයට ආරාධනා කරනවා.

– Media unit