ජනාධිපති බලතල රටට අවශ්‍යයයි – මහ නාහිමිවරු ජනපතිට ලියති…

Spread the love

දැනට අර්බුදයක් නිර්මාණය වි අැති උතුරු නැගෙනහිරට දේශපාලන විසඳුමක් සෙවීමට නම් ජනාධිපති බලතල තවදුරටත් ආරක්ෂා විය යුතු යැයි සියම් නිකායේ මල්වතු අස්ගිරි දෙපාර්ශ්වය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට ලිඛිතව දන්වා තිබේ. 

උභය මහාවිහාරයන්හි ලේඛකාධිකාරී ස්වාමින් වහන්සේලාගේ අස්සනින් යුතුව සැකැසූ මෙම ලියැවිල්ල ඉදිරිපත් කර ඇත්තේ ජනාධිපතිවරයා හදිසියේම අද පෙරවරුවේ මහනුවරට පැමිණ ජනාධිපති නිල නිවෙසේදී ජ්‍යෙෂ්ඨ කාරක සංඝ සභික හිමිවරුන් හමු වූ අවස්ථාවේදීය. 

මල්වතු අස්ගිරි මහා නාහිමිවරුන්ගේ උපදෙස් පරිදි ආචාර්ය මැදගම ශ්‍රී ධම්මානන්ද අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ ලේඛකාධිකාරි හිමියන්ගේ හා ආචාර්ය පහමුණේ ශ්‍රී සුමංගල අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ වැඩබලන ලේඛකාධිකාරී හිමියන්ගේ අස්සන් යුතුව නිකුත් කර ඇති මේ ලියැවිල්ල රටේ පවතින සමාජ, ආර්ථික හා දේශපාලනික වශයෙන් වැදගත් කරුණු 21 කට අදාළව යෝජනාවලියක් ලෙස සකස් කර ඇත.

[rns_reactions]