ජාතික පාසල් අහෝසියි..! සියළු පාසල් පළාත් සභාවලට…!

ජාතික පාසල් අහෝසියි..! සියළු පාසල් පළාත් සභාවලට…!
Spread the love

මෙරට සියලුම පාසල් පළාත් සභා යටතේ පමණක් පවත්වාගෙන යාමට අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අනුව යෝජනා වී ඇති බව අධ්‍යාපනය පිළිබඳ ව ආංශික අධීක්ෂණ කාරක සභා සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වී රාධක්‍රිෂ්ණන් මහතා සඳහන් කරයි.

එ් අනුව ඉදිරියට ජාතික හා පළාත් යනුවෙන් පාසල් දෙවර්ගයක් පවත්වාගෙන නොයාමටත් අධ්‍යාපන අමාත්‍යංශයේ සිදුකළ පාසැල් අධීක්ෂණ හා පරිපාලන කටයුතු පළාත් සභාවට පැවැටීමත් යෝජනා ඉදිරිපත් වී ඇතැයි ද සභාපතිවරයා පැවසීය.

පළාත් සභාවෙන් පළාත් සභාවට වෙනස් නොවන පරිපාලන ක්‍රමවේදයක් යටතේ සියලු පාසල් පවත්වාගෙන යා යුතු බවටද යෝජනා වී තිබේ.

උසස් පෙළ විභාගය 12 ශ්‍රේණියටද, සාමාන්‍ය විභාගය 10 ශ්‍රේණියටද ගෙන ඒමටද ප්‍රධාන පාසලක් වටා පිහිටි පාසල් අටක් පෝෂණය කරමින් පවත්වාගෙන යාමටද නියමිතය.

ප‍්‍රාථමික, හය-නවය, සහ උසස් පෙළ වශයෙන් කාණ්ඩ තුනක් යටතේ පාසල් පවත්වාගෙන යාමට ද මෙම වැඩපිළිවෙල යාවත්කාලීන කිරීමටද යෝජනා කර ඇත.