පුත්තලම් නිශාන්තගේ වාහනයක අනතුරක..! රියදුරුට නිශාන්තට ගම් ගුටි..!

පුත්තලම් නිශාන්තගේ වාහනයක අනතුරක..! රියදුරුට නිශාන්තට ගම් ගුටි..!
Spread the love

රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාගේ මෝටර් රථය තවත් මෝටර් රථයක ගැටී අද මාරවිල මොදරවැල්ල ප්‍රදේශයේදී අනතුරක් සිදුව තිබේ.

එම අවස්ථාවේ රාජ්‍ය අමාත්‍යවරයාද ජීප් රථය තුළ සිට ඇත.

අනතුර සිදුවීමෙන් පසු මෝටර් රථයේ රිදුරා විසින් ජීප් රථයටත් එහි සිටි ඇමැති ආරක්ෂක අංශයේ නිලධාරියකුටත් පහර දී ඇත.

පහර කෑමට ලක් වූ පොලිස් නිලධාරියා මාරවිල රෝහලට ඇතුළත් කර තිබේ.

අනතුර සම්බන්ධයෙන් වාහන දෙකේම රියදුරන් පොලිස් අත්අඩංගුවට ගෙන ඇත.