පොල් ගෙඩියක් රුපියල් 4000කට වෙන්දේසි වෙයි..!

පොල් ගෙඩියක් රුපියල් 4000කට වෙන්දේසි වෙයි..!
Spread the love

යාපනය තරුණයින් පිරිසක් විසින් වාර්ෂිකව සිදුකරනු ලබන පොර පොල් තරඟයක් වෙනුවෙන් ක්‍රීඩා කිරීම සඳහා පොල් ගෙඩි කිහිපයක් වෙන්දේසි කිරීමේදී එක් පොල් ගෙඩියක් රුපියල් 4000 ක මිලකට වෙන්දේසි වීම විශේෂත්වයක් විය.

සංගානෙයි හින්දු තරුණ සංසදය විසින් මෙම පොර පොල් තරඟය සහ පොල් වෙන්දේසිය සංවිධානය කොට තිබුණි.

එහිදී පොර පොල් තරඟය වෙනුවෙන් විශේෂිත වූ පොල් ගෙඩි කිහිපයක් තෝරාගෙන එම පොල් තරඟකරුවන් වෙනුවෙන් වෙන්දේසි කිරීමට සංවිධයකයින් පියවර ගෙන තිබුණි.

කෙසේ වෙතත් තෝරාගෙන තිබූ අනෙකුත් සියලු පොල් එක් ගෙඩියක් රුපියල් දහසකට අධික මුදලකට වෙන්දේසි වූ අතර ඒ අතරින් එක් ගෙඩියක් තරඟකරුවන් කිහිප දෙනෙකු ලබාගැනීමට ගත් උත්සහයකදී මෙලෙස රුපියල් 4000 ක මුදලකට වෙන්දේසි විය.

පරම්පරික්ව එන පොර පොල් තරඟය යාපනය ජනතාවගෙන් අමතක නොවීම උදෙසා සංගානෙයි හින්දු තරුණ සංසදය විසින් වාර්ෂිකව මෙලෙස පොර පොල් තරඟයක් පවත්වනු ලබයි.

– වන්නි රොමේෂ් මධූෂංඛ

Post Comment